1. චිත්තලතාවිමානවණ්ණනා අට්ඨකථා
1. චිත්තලතාවිමානවණ්ණනා
1. චිත්‍රලතාවිමාන වර්ණනා
යථා වනං චිත්තලතං පභාසතීති චිත්තලතාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථියං අඤ්ඤතරො උපාසකො දලිද්දො අප්පභොගො පරෙසං කම්මං කත්වා ජීවති. සො සද්ධො පසන්නො ජිණ්ණෙ වුඩ්ඪෙ මාතාපිතරො පොසෙන්තො “ඉත්ථියො නාම පතිකුලෙ ඨිතා ඉස්සරියං කරොන්ති, සස්සුසසුරානං මනාපචාරිනියො දුල්ලභා”ති මාතාපිතූනං චිත්තදුක්ඛං පරිහරන්තො දාරපරිග්ගහං අකත්වා සයමෙව නෙ උපට්ඨහති, සීලානි රක්ඛති, උපොසථං උපවසති , යථාවිභවං දානානි දෙති. සො අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු ද්වාදසයොජනිකෙ විමානෙ නිබ්බත්ති. තං ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන ගන්ත්වා කතකම්මං ඉමාහි ගාථාහි පටිපුච්ඡි –
යථා වනං චිත්තලතං පභාසති ආදී ගාථාවෙන් දැක්වෙනුයේ චිත්තලතා විමාන වස්තු විස්තරයයි. එහි උත්පත්ති කතාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වසති. ඒ කාලයෙහි සැවැත්නුවර එක්තරා උපාසක කෙනෙක් දිළිඳු වූයේ භෝග සම්පත් හීන වූයේ අනුන්ට බැළ මෙහෙවර කොට ජීවත් වෙති. හෙතෙම ශ්‍රද්ධාවන්තය. තුණුරුවන් කෙරෙහි ප්‍රසන්නය. වියපත් වූ මව්පියන් පෝෂණය කරන්නේ, ‘ස්ත්‍රීහු නම් පතිකුලයෙහි පිහිටියාට පසු ඉසුරු සම්පත් බොහෝසෙයින් බලාපොරොත්තු වෙති. වැඩිහිටි නැදි මයිලන්ට හෝ ස්වාමියාට නිසි සේ සත්කාර නොකරති. යහපත් ගති පැවතුම් ඇති ස්ත්‍රීන් නම් දුර්ලභමය.’ එබැවින් මව්පියන්ගේ සිත් සතන් පිනවමින් දුක් සන්සිඳුවමින් විවාහයක් කර නොගෙන තමන්ම දෙමාපියන් රැකබලා ගනිමින් උවටැන් කරයි. සිල් රකියි. පෙහෙවස් සමාදන් වෙයි. තම සම්පත් අනුව දන් දෙයි. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් පමණ වූ දිව්‍ය විමානයක ඉපදුනේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙයට පෙර කථාවල කී ආකාරයෙන්ම දෙව්ලෝ චාරිකාවල යෙදෙමින් මේ දිව්‍ය පුත්‍රයා වෙත ගොස් ඔහු විසින් පෙර කරන ලද කර්මයන් ගැන මෙම ගාථා මගින් විමසූහ.
“යථා වනං චිත්තලතං පභාසති, උය්යානසෙට්ඨං තිදසානමුත්තමං; තථූපමං තුය්හමිදං විමානං, ඔභාසයං තිට්ඨති අන්තලික්ඛෙ.
පින්වත් දේවතාව, ඉතා දීප්තිමත්ව බබළන්නා වූ චිත්‍රලතා වනය යම්සේද එපරිද්දෙන් තව්තිසා දෙවියන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ උයනකින් යුක්තව, එසේ නොයෙක් දිව්‍යාලංකාරයෙන් යුක්ත වූ තොපගේ මේ විමානය මහත් ආලෝකයෙන් බබළමින් ආකාශයේ සිටී.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
දිව්‍ය ඍද්ධියට පත් මහානුභාව සම්පන්න දේවිය, මේ වැනි ප්‍රභා සතියක් හා ඡවි වර්ණයක් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්යකර්ම කවරේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේව පුත්‍රයා තමාගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කළ කර්මයන් හා එහි විපාකයන් පැහැදිලි කරන්නේ,
“අහං මනුස්සෙසු මනුස්සභූතො, දලිද්දො අතාණො කපණො කම්මකරො අහොසිං; ජිණ්ණෙ ච මාතාපිතරො අභාරිං, පියා ච මෙ සීලවන්තො අහෙසුං; අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං.
මම මිනිස්ලොව මිනිසකු වී සිටියදී ඉතා දිළින්දෙක් වීමි. ආරක්ෂාවක් නැති කෙනෙක් වීමි. කම්කරුවෙක් වීමි. දුගියෙක් වූ මම වයෝවෘද්ධ වූ මව්පියන් දෙදෙනා රැකබලා ගත්තෙමි. එමෙන්ම මම සීලවන්තයෙක් ද වීමි. ආහාරපාන මනාව සකස්කොට කම්පල අදහා දන් දුනිමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කුශල කර්මයන්ගේ විපාක වශයෙන් මේ අන්දමේ දිව්‍ය සම්පත්තී ද ඡවි වර්ණයක් ද සියළු දිසා බබළවන ප්රභාවක් ද ලද්දෙමි.
සොපි තස්ස බ්යාකාසි. සෙසං වුත්තනයමෙව.
හෙතෙමේ මේ අන්දමින් විස්තර කීවේය. සෙස්ස පළමු ප්‍රකාශ කළ පරිද්දෙන්මය.
චිත්තලතාවිමානවණ්ණනා නිට්ඨිතා.
චිත්තලතා විමාන වර්ණනාව නිමියේ ය.
2. නන්දනවිමානවණ්ණනා
2. නන්දනවිමාන වර්ණනා
යථා වනං නන්දනං පභාසතීති නන්දනවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථියං අඤ්ඤතරො උපාසකොතිආදි සබ්බං අනන්තරවිමානසදිසං. අයං පන දාරපරිග්ගහං කත්වා මාතාපිතරො පොසෙසීති අයමෙව විසෙසො.
යථාවනං නන්දනං චිත්තලතං පභාසති ආදී වශයෙන් ආරම්භ වන්නේ නන්ද විමාන කථා වස්තුවයි. එය කවරෙකු වෙනුවෙන් උපන්නේ ද යන පිළිවෙළ කථාව මෙසේය. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසති. ඒ සමයෙහි සැවැත්නුවර එක්තරා උපාසකයෙක් වූයේය. ඒ උපාසකයාගේ විස්තරය මෙයට පෙර සඳහන් කරන ලද චිත්තලතා කථා වස්තුව හා සමානය. මෙතෙම වනාහි අඹුදරුවන් පෝෂණය කරමින්ම මව්පියන්ට උපස්ථාන කරමින් රැකබලා ගත්හ. ඒ අඹුදරුවන් පෝෂණය කිරීමම වෙනසයි.
යථා වනං නන්දනං පභාසති, උය්යානසෙට්ඨං තිදසානමුත්තමං; තථූපමං තුය්හමිදං විමානං, ඔභාසයං තිට්ඨති අන්තලික්ඛෙ.
තව්තිසා දෙව්ලොව ශ්‍රේෂ්ඨ වූ නන්දන වනය හා සමානව චිත්‍රලතා වනය බබළයි. එවැනි උයනකින් යුක්තව නොයෙක් දිව්‍යාලංකාරයෙන් යුක්ත වූ තොපගේ මේ විමානය මහත් ආලෝකයෙන් බබළමින් අහසේ සිටී.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො…පෙ…වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
මහත් වූ උදාරතර සම්පත් අනුභව කරන දෙවියා ඔබ මේ සා සම්පත් ලබන්නට මීට පෙර මිනිසත් භවක දී කවර කුශල කර්මයක් කළේද, කවර කුසලයකින් මේ සිද්ධිය හා දිව්‍යානුභාවය ලැබුවේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා තමන්ගෙන් විචාරන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන්ගේ කුශල කර්මයන් විස්තර කරන්නේ,
“අහං මනුස්සෙසු මනුස්සභූතො, දලිද්දො අතාණො කපණො කම්මකරො අහොසිං; ජිණ්ණෙ ච මාතාපිතරො අභාරිං, පියා ච මෙ සීලවන්තො අහෙසුං; අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං.
මිනිස් ලොව මිනිසකුව සිටියදී මම ඉතා දිළින්දෙක් වීමි. දුප්පතෙක් වීමි. කම්කරුවෙක් වීමි. බැලමෙහෙ කරන දුගියෙක් වීමි. එසේ සිටි මම වයෝවෘද්ධ වූ මගේ දෙමාපියන් පෝෂණය කළෙමි. ඔවුන්ට දුකක් නොදී රැකබලා ගතිමි. අඹුදරුවන් පෝෂණය කළෙමි. සිල්වත්ව ජීවත්වීමි. මගේ සම්පත් අනුව පුළුවන් හැමවිටකදීම පහන් සිතින් ආහාරපාන ආදිය සකස්කොට භික්ෂූන් වහන්සේලා වෙත දන් දුනිමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. –
ඒ කුසලානිශංසයන් නිසා මෙවැනි ඡවි වර්ණයත්, සියලු දිසා බබුළුවන ප්රභාශ්වරයක් හා මේ සම්පත් ද මට උපන්නේය
ගාථාහි බ්යාකාසි. තත්ථ ගාථාසුපි අපුබ්බං නත්ථි.
ආදිය ප්‍රකාශ කළහ. මේ ගාථාවල නොඇසූ විරූ යමක් නැත.
නන්දනවිමානවණ්ණනා නිට්ඨිතා.
නන්ද විමාන වර්ණනාව නිමියේ ය.
3. මණිථූණවිමානවණ්ණනා
3. මණිථුණවිමාන වර්ණනා
උච්චමිදං මණිථූණං විමානන්ති මණිථූණවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ අරඤ්ඤායතනෙ විහරන්ති. තෙසං ගාමං පිණ්ඩාය ගමනමග්ගෙ එකො උපාසකො විසමං සමං කරොති, කණ්ටකෙ නීහරති, ගච්ඡගුම්බෙ අපනෙති, උදකකාලෙ මාතිකාසු සෙතුං බන්ධති, විවනට්ඨානෙසු ඡායාරුක්ඛෙ රොපෙති, ජලාසයෙසු මත්තිකං උද්ධරිත්වා තෙ පුථුලගම්භීරෙ කරොති, තිත්ථෙ සම්පාදෙති, යථාවිභවං දානං දෙති, සීලං රක්ඛති. සො අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු ද්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්ති. තං ආයස්මා මහාමොග්ගල්ලානත්ථෙරො උපසඞ්කමිත්වා ඉමාහි ගාථාහි පටිපුච්ඡි –
උච්චමිදං මණිථූනං විමානං ආදි වශයෙන් විස්තර කරන්නේ මණිථූන විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන මහා විහාරයේ වැඩ වසති. ඒ භික්ෂූන් වහන්සේලා පිඬු පිණිස ගමට වැඩමවන ගමන්මග මංමාවත් එක් උපාසකයෙක් පිළිසකර කරති. විසම තැන් සම කරති. කටු කොහොල් පහ කරයි. වනලැහැබ් කපා දමා හෙළි කරයි. වැහි කාලයේ දිය පහරවල් ඇලවල්වල ඒදඬු පාලම් සාදවයි. හිරු රැස් තදින් වැසෙන පාරවල සෙවණ සඳහා ගස් සිටුවයි. නාන ජලාශයන්හි මැටි උගුල්වා පුළුල් හා ගැඹුරු කෙරෙයි. දිය නාන හා වතුර බොන තොටුපළවල් සකස් කරයි. ශක්ති පමණින් දන් දෙයි. සිල් රකියි. මෙසේ පින්කම් කරමින් සිටියදී කාලානුරූපව මියගිය ඔහු තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් වපසරියක් ඇති රන් විමානයක උපන්නේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ඔහු වෙත එළඹ මෙම ගාථාවලින් ඔහුගෙන් කරුණු විචාළහ.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදස යොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
හාත්පසින් උස්ව නැංගා වූ පද්මරාග මාණික්‍යමය කුළුණු ඇති උදාර වූ සත්සියයක් පමණ රන්වන් කුළුගෙවල් ඇති වෛධූර්ය මිණිමය ගබඩාවලින් යුක්ත දොළොස් යොදුන් පමණ වූ රන් විමනකි.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණච්ඡන්නා.
ඒ රන් විමනේ දිව්‍ය රස භෝජනයෙන් හා සියුම් මොළොක් සුවපහස් ඇති යහන් ද වෙති. නොයෙක් අලංකාරයෙන් සැරසුණු දෙවඟනෝ මධුර නාද පවත්වති. මියුරු ගී සිංදු කියති. දිව බෙර වීණා ආදී වාද්යයන්ගෙන් ද ඒ වාද්‍ය තලයන්ට අනුව පා තබමින් රන්වන් පහන්සිළු මෙන් නටන්නා වූ නාට්යංගනාවෝ වෙති. පංචකාම සම්පත්තියෙන් අඩුවක් නැති.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මේ අන්දමේ සැප සම්පත් ද, සියලු දිසා බබුළුවන ප්‍රභවයක් ද, දුටුවන් සිත් ගන්නා ඡවි වර්ණයක් ද ඇතුළු මේ සියලු සම්පත් කවර කුශල කර්මයක් හේතුකොට ගෙන ඔබ ලැබුවේද? මේ කවර කුශල කර්මයක ආනිශංසද? (විචාළහ.)
සොපි තස්ස ගාථාහි බ්යාකාසි –
ඒ දිව්‍ය පුත්‍රයා තමාගෙන් විමසන ලද ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ ගාථා කීහ.
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
“අහං මනුස්සෙසු මනුස්සභූතො, විවනෙ පථෙ සඞ්කමනං අකාසිං; ආරාමරුක්ඛානි ච රොපයිස්සං, පියා ච මෙ සීලවන්තො අහෙසුං; අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං.
මම මිනිස්ලොව මිනිසකුව ඉපදී සිටින කාලයෙහි වනලැහැබ් පිරිසිදු කළෙමි. සෙවන සඳහා ගස් වැවීමි. පාර තොට මං මාවත් හෙළි පෙහෙළි කළෙමි. එමෙන්ම ඒදඬු පාලම් තැනීම් සිල්වතෙක්ව ජීවත් වෙමින් පිරිසිදු ආහාර පාන, කර්මපල අදහන්නා වූ සිතින් මනාව සකස් කොට බහුල වශයෙන් දන් දුනිමි.
“තෙන මෙතාදිසො වණ්ණො…පෙ…වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
ඒ කුශල කර්මයන්ගේ විපාකයෙන් මේ අයුරු සම්පත් මෙවැනි වර්ණයක් සියලු දිසා ඔපකරවන ප්‍රභා සම්පත්තියක් ලදුයෙමි.
තත්ථ විවනෙති අරඤ්ඤෙ. ආරාමරුක්ඛානි චා ආරාමභූතෙ රුක්ඛෙ, ආරාමං කත්වා තත්ථ රුක්ඛෙ රොපෙසින්ති අත්ථො. සෙසං සබ්බං වුත්තනයමෙව.
විවනෙ ආරණ්‍යයෙහි. ආරාම රුක්ඛානිවාති ආරාම වටා රුක් රෝපණය කළෙමි යන අර්ථයයි. ඉතිරි ශේෂය පෙර කියන ලද පරිදිය.
මණිථූණවිමානවණ්ණනා නිට්ඨිතා.
මණිථූන විමාන වර්ණනාව නිමියේ ය.
4. සුවණ්ණවිමානවණ්ණනා
4. සුවණ්ණවිමාන වර්ණනා
සොවණ්ණමයෙ පබ්බතස්මින්ති සුවණ්ණවිමානං. තස්ස කා උප්පත්ති? භගවා අන්ධකවින්දෙ විහරති. තෙන සමයෙන අඤ්ඤතරො උපාසකො සද්ධො පසන්නො විභවසම්පන්නො තස්ස ගාමස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං මුණ්ඩකපබ්බතෙ සබ‍්බාකාරසම‍්පන‍්නං භගවතො වසනානුච්ඡවිකං ගන්ධකුටිං කාරෙත්වා තත්ථ භගවන්තං වසාපෙන්තො සක්කච්චං උපට්ඨහි, සයඤ්ච නිච්චසීලෙ පතිට්ඨිතො සුවිසුද්ධසීලසංවරො හුත්වා කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති. තස්ස කම්මානුභාවසංසූචකං නානාරතනරංසිජාලසමුජ්ජලං විචිත්තවෙදිකාපරික්ඛිත්තං විවිධවිපුලාලඞ්කාරොපසොභිතං සුවිභත්තභිත්තිත්ථම්භසොපානං ආරාමරමණීයකං කඤ්චනපබ්බතමුද්ධනි විමානං උප්පජ්ජි. තං ආයස්මා මහාමොග්ගල්ලානො දෙවචාරිකං චරන්තො දිස්වා ඉමාහි ගාථාහි පටිපුච්ඡි –
සොවණ්ණමයෙ පබ්බතස්මිං යනුවෙන් සුවණ්ණ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ අන්ධක විනයෙහි වාසය කරන සේක. එසමයෙහි ශ්රද්ධාවන්ත වූ පැහැදුණා වූ භෝග සම්පත්තියෙන් යුක්ත වූ එක්තරා උපාසකවරයෙක් ඒ ගමට නුදුරෙහි මුඩු බිමක් වූ එක්තරා පර්වතයෙහි සර්වාකාරයෙන්ම සම්පූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේට වාසයට යෝග්‍ය වූ ගඳකිළියක් කරවා එහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරවමින් සකසා උවටැන් කළේය. තමා ද නිත්‍ය සීලයෙහි පිහිටියේ පිරිසිදු සීල සංවරයෙන් යුක්ත වී සිට කලුරිය කොට තව්තිසා භවනයෙහි උපන්නේය. ඔහුගේ කර්මානුභාවය දක්වන්නා වූ නා නා රත්නයන්ගේ රශ්මීන් සමූහයෙන් බබලන්නා වූ විසිතුරු වේදිකාවකින් වට වූ නන්වැදෑරුම් මහත් අලංකාරයන්ගෙන් හොබනා වූ මනාව බෙදා වෙන් කළ බිත්ති කුළුණු හා සෝපාත (පඩිපෙළවල්) සහිත වූ වනරොදින් රමණිය වූ විමනක් රත්තරන් පර්වතය මුදුනෙහි පහළ විය. දිව්‍යාලෝක චාරිකාවේ යෙදෙන මහ මුගලන් තෙරණුවෝ එය දැක මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළහ.
“සොවණ්ණමයෙ පබ්බතස්මිං, විමානං සබ්බතොපභං; හෙමජාලපටිච්ඡන්නං, කිඞ්කිණිජාලකප්පිතං.
ස්වර්ණමය පර්වතයෙහි හැම අයුරින්ම බබලන විමානය රන්දැලකින් ආවරණය වූයේ ද කිකිණි දැලකින් සුන්දර වූයේ ද විය.
“අට්ඨංසා සුකතා ථම්භා, සබ්බෙ වෙළුරියාමයා; එකමෙකාය අංසියා, රතනා සත්ත නිම්මිතා.
වෛධූර්ය මැණික්වලින් ද රත්රනින් ද පලිඟු හා රිදීයෙන් ද මැසිරිගල් නම් වූ මැණික්වලින් ද රතුමැණික්වලින් ද (එම විමානය සැදී ඇත.)
“වෙළූරියසුවණ්ණස්ස, ඵලිකා රූපියස්ස ච; මසාරගල්ලමුත්තාහි, ලොහිතඞ්ගමණීහි ච.
විසිතුරු වූ මනරම් වූ විමාන භූමියෙහි දූවිලි මද නොවේ. කහ පැහැයෙන් යුත් ගොනැස් නම් පරාලවලින් දරාගෙන සිටිනා ලෙස වහලවල්හි මුදුන් නිර්මාණය වී ඇත.
“චිත්‍රා මනොරමා භූමි, න තත්ථුද්ධංසතී රජො; ගොපානසීගණා පීතා, කූටං දාරෙන්ති නිම්මිතා.
සිවු දෙසින් නිර්මාණය කර ඇති හිණිපෙළ සතර නිසා සැදුන විවිධ රත්නයන්ගෙන් යුත් කාමර සහිත විමානය සූර්යයා මෙන් බබලයි.
“සොපානානි ච චත්තාරි, නිම්මිතා චතුරො දිසා; නානාරතනගබ්භෙහි, ආදිච්චොව විරොචති.
එහි වෙන්කොට බෙදා ඇතිව වේදිකා සතර හාත්පසින් සතර දෙසින් දීප්තිමත් වෙමින් බබලයි.
“වෙදියා චතස්සො තත්ථ, විභත්තා භාගසො මිතා; දද්දල්ලමානා ආභන්ති, සමන්තා චතුරො දිසා.
“තස්මිං විමානෙ පවරෙ, දෙවපුත්තො මහප්පභො; අතිරොචසි වණ්ණෙන, උදයන්තොව භාණුමා.
ඒ උතුම් විමානයෙහි මහත් ප්‍රභාවයෙන් යුත් දිව්‍යපුත්‍රයා උදාවන්නා වූ සූර්යයා මෙන් වර්ණයෙන් අතිශයින් බබලයි.
“දානස්ස තෙ ඉදං ඵලං, අථො සීලස්ස වා පන; අථො අඤ්ජලිකම්මස්ස, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
ඔබගේ එම (පුණ්‍ය) ඵලය දන්දීමක හෝ නොයෙක් සිල් රැකීමකින් හෝ එසේත් නැතහොත් වන්දනා කිරීමක ඵලයක් ද යන බව මා විසින් ප්‍රශ්න කරනු ලබන ඔබ මට කියන්න.
සොපිස්ස ඉමාහි ගාථාහි බ්යාකාසි –
ඒ දිව්‍යපුත්‍ර තෙමේ උන්වහන්සේට මේ ගාථාවලින් පිළිතුර ප්‍රකාශ කළේය.
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ප්‍රීතියට පත් වූ මුගලන් මහ තෙරණුවන් විසින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ මෙය කවරනම් (පුණ්‍ය) කර්මයේ ඵලයක් ද යන බව ප්‍රකාශ කළේය.
“අහං අන්ධකවින්දස්මිං, බුද්ධස්සාදිච්චබන්ධුනො; විහාරං සත්ථු කාරෙසිං, පසන්නො සෙහි පාණිභි.
එම අන්ධක වින්දයෙහි සූර්ය බන්ධු වූ ශාස්තෲ වූ බුදුන්වහන්සේට ප්‍රසන්න සිතින් යුතුව සියතින්ම විහාරයක් කරවීමි.
“තත්ථ ගන්ධඤ්ච මාලඤ්ච, පච්චයඤ්ච විලෙපනං; විහාරං සත්ථු අදාසිං, විප්පසන්නෙන චෙතසා; තෙන මය්හං ඉදං ලද්ධං, වසං වත්තෙමි නන්දනෙ.
සුවඳ ද්‍රව්‍ය ද මල් ද ප්‍රත්‍යයන් ද විලේපනයන් ද ප්‍රසන්න වූ සිතින් යුතුව එහි වූ ශාස්තෲන් වහන්සේ පිදුවේය. ඒ පින්කමින් මා විසින් ලබන ලද මේ පුණ්‍ය ඵලය සතුටින් යුතුව පරිභෝග කරමි.
“නන්දනෙ ච වනෙ රම්මෙ, නානාදිජගණායුතෙ; රමාමි නච්චගීතෙහි, අච්ඡරාහි පුරක්ඛතො”ති.
නොයෙක් ශක්ති සමූහයෙන් යුතු වූ රම්‍ය වූ නන්දන නම් වූ උතුම් උයනෙහි අප්සරාවන් විසින් පෙරටු කරනු ලබමින් නෘත්‍ය ගීත ආදියෙන් සතුටින් වෙසෙමි.
තත්ථ සබ්බතොපභන්ති සබ්බභාගෙහි පභාසන්තං පභාමුඤ්චනකං. කිඞ්කිණිජාලකප්පිතන්ති කප්පිතකිඞ්කිණිකජාලං.
එහි විස්තර සබ්බතොපභං හැම අයුරින්ම බබළන්නා වූ, ප්‍රභාවය, විහිදවන්නා වූ. කිංකිණිජාල කප්පිතං සරසන ලද කිකිණිදැල් ඇති.
සබ්බෙ වෙළුරියාමයාති සබ්බෙ ථම්භා වෙළුරියමණිමයා. තත්ථ පන එකමෙකාය අංසියාති අට්ඨංසෙසු ථම්භෙසු එකමෙකස්මිං අංසභාගෙ. රතනා සත්ත නිම්මිතාති සත්තරතනකම්මනිම්මිතා, එකෙකො අංසො සත්තරතනමයොති අත්ථො.
සබ්බෙ වෙළුරියාමයා වෛදූර්ය මාණික්‍යයෙන් කළ සියළු කුළුණු එහි වනාහි එකමෙකාය අංසියා පැති අටක් බැගින් ඇති කුළුණුවල එක් අංශයෙක්හි බැගින් රතනාසත්ත නිම්මිතා සත්රුවනින් කළ (සැරසිලි) කම්වලින් නිම වූ එක් එක් අංශය සත්රුවනින් කරන ලද්දේය යන අර්ථයයි.
“වෙළූරියසුවණ්ණස්සා”තිආදිනා නානාරතනානි දස්සෙති. තත්ථ වෙළූරියසුවණ්ණස්සාති වෙළුරියෙන ච සුවණ්ණෙන ච නිම්මිතා, චිත්රාති වා යොජනා. කරණත්ථෙ හි ඉදං සාමිවචනං. ඵලිකා රූපියස්ස චාති එත්ථාපි එසෙව නයො. මසාරගල්ලමුත්තාහීති කබරමණීහි. ලොහිතඞ්ගමණීහි චාති රත්තමණීහි.
වෙළුරිය සුවණ්ණස්ස යන ආදියෙන් විවිධ රත්නයන් දැක්වේ. වෙළුරියා සුවණ්ණස්සා වෛදූර්ය මැණික්වලින් හා රත්රනින් නිම්මිතා විසිතුරු කරන ලද්දේය යන අදහසයි. මෙය (සුවණ්ණ+ස්ස යන්න) කරණ අරුතෙහි සම්බන්ධ විභක්ති වචනයකි. එලිකා රුපියස්සච මෙහිදී එම පිළිතුරුම වේ. මසාරගල්ලමුත්තාහි මිශ්‍ර වර්ණයෙන් යුත් මැණික් වර්ගයකින් ද ලොහිතංගමණිහිච රතු මැණික්වලින් ද (යුක්ත වූ)
න තත්ථුද්ධංසතී රජොති මණිමයභූමිකත්තා න තස්මිං විමානෙ රජො උග්ගච්ඡති. ගොපානසීගණාති ගොපානසීසමූහා. පීතාති පීතවණ්ණා, සුවණ්ණමයා චෙව ඵුස්සරාගාදිමණිමයා චාති අත්ථො. කූටං ධාරෙන්තීති සත්තරතනමයං කණ්ණිකං ධාරෙන්ති.
න තත්ථුද්ධංසතී රජො මාණික්‍යමය භූමියක් වන බැවින් එම විමානයෙහි දූවිලි මද නොවේ. ගොපානසිගණාති වක්රාකාර වූ යටලී සමූහයා පීතා කහපාට සහිත රනින් කරන ලද්දා වූ ද පුෂ්පරාගී ආදී මැණික්වලින් කරන ලද්දා වූ ද යන අර්ථයයි. කුටං ධාරෙන්ති සත්රුවනින් සැදු කැණිමඬල (වහලක් නැති උන් මුදුන) දරාගෙන සිටිත්.
නානාරතනගබ්භෙහීති නානාරතනමයෙහි ඔවරකෙහි. වෙදියාති වෙදිකා. චතස්සොති චතූසු දිසාසු චතස්සො. තෙනාහ “සමන්තා චතුරො දිසා”ති.
නානාරතන ගබ්භෙහි විවිධ රත්නයන්ගෙන් සාදන ලද කාමරවලින් වෙදියා වේදිකාව. චතස්සො සතර දිශාවන්හි යන අරුතින් චතස්සොයි යෙදේ. එහෙයින් සමන්තා චතුරො දිසා යයි කියන ලදී.
මහප්පභොති මහාජුතිකො. උදයන්තොති උග්ගච්ඡන්තො. භාණුමාති ආදිච්චො.
මහප්පභො මහත් දීප්තියක් ඇති. උදයන්තො මතුවෙන්නා වූ. භානුමා සූර්යයා.
සෙහි පාණිභීති කායසාරං පුඤ්ඤං පසවන්තො අත්තනො පාණීහි තං තං කිච්චං කරොන්තො විහාරං සත්ථු කාරෙසින්ති යොජනා. අථ වා සෙහි පාණිභීති තත්ථ අන්ධකවින්දස්මිං ගන්ධඤ්ච මාලඤ්ච පච්චයඤ්ච විලෙපනඤ්ච පූජාවසෙන. යථා කථං? විහාරඤ්ච විප්පසන්නෙන චෙතසා සත්ථුනො අදාසිං පූජෙසිං නිය්යාදෙසිං චාති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා.
සෙහි පාණිහි කය යොදාගෙනම කරන බැවින් හරවත් පිනක් සිදුකරනුයේ තමාගේ අත්වලින් ඒ ඒ කාර්යය කරනුයේ (ඒ නිසා) විහාරං සත්ථු කාරෙසිං ශාස්තෲන් වහන්සේට විහාරයක් කළෙමි යයි කියන ලදී. එසේ නැතහොත් සෙහි පාණිහී යනු තත්ථ අන්ධකවින්දස්මිං ගන්ධඤ්ච මාලඤ්ච පච්චයඤ්ච විලෙපනඤ්ච ඒ අන්ධක වින්දයෙහි සුවඳ ද මල් ද ප්‍රත්‍යය ද විලවුන් ද පූජා කිරීම වශයෙන් කෙසේද යත්, විහාරඤ්ච විප්පසන්නෙන චෙතසා සත්ථුනො අදාසිං පූජා කෙළෙමි. භාර කෙළෙමි යනුවෙන් මෙසේ මෙහි දී අදහස් කෙරේ යයි දතයුතුය.
තෙනාති තෙන යථාවුත්තෙන පුඤ්ඤකම්මෙන කාරණභූතෙන. මය්හන්ති මයා. ඉදන්ති ඉදං පුඤ්ඤඵලං, ඉදං වා දිබ්බං ආධිපතෙය්යං. තෙනාහ “වසං වත්තෙමී”ති.
තෙන කියන ලද පරිදි හේතුකාරණා වූ එම පුණ්‍ය කර්මයෙන් මය්හං මා විසින්. ඉදං මේ පුණ්‍ය ඵලය නොහොත් මේ දිව්‍යමය ආධිපත්‍යය ඒ නිසා වසං වත්තෙමි වසඟයෙහි පවත්වමි යයි කියන ලදී.
නන්දනෙති නන්දියා දිබ්බසමිද්ධියා උප්පජ්ජනට්ඨානෙ ඉමස්මිං දෙවලොකෙ, තත්ථාපි විසෙසතො නන්දනෙ වනෙ රම්මෙ, එවං රමණීයෙ ඉමස්මිං නන්දනෙ වනෙ රමාමීති යොජනා. සෙසං වුත්තනයමෙව.
නන්දතො ප්‍රියජනක වූ දිව්‍යමය සමෘද්ධිය උපදින ස්ථානය වූ මෙම දිව්‍ය ලෝකයෙහි, එහිද විශේෂ වශයෙන් නන්දනෙ වනෙ රම්මෙ මෙසේ රමණිය වූ මෙම නන්දන නම් උයනෙහි ප්‍රීති වෙමි යන අදහසයි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
එවං දෙවතාය අත්තනො පුඤ්ඤකම්මෙ ආවිකතෙ ථෙරො සපරිවාරස්ස තස්ස දෙවපුත්තස්ස ධම්මං දෙසෙත්වා භගවතො තමත්ථං නිවෙදෙසි. භගවා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ දේවතාවා විසින් තමාගේ පින්කම පැහැදිලි කර කියූ කල්හි තෙරණුවෝ පිරිවර සහිත වූ ඒ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසා අවුත් භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ අර්ථෝත්පත්ති කොට පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් වූයේය.
සුවණ්ණවිමානවණ්ණනා නිට්ඨිතා.
සුවණ්ණ විමාන වර්ණනාව නිමියේ ය.
5. අම්බවිමානවණ්ණනා
5. අම්බවිමාන වර්ණනා
උච්චමිදං මණිථූණන්ති අම්බවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහෙ අඤ්ඤතරො දුග්ගතපුරිසො පරෙසං භත්තවෙතනභතො හුත්වා අම්බවනං රක්ඛති. සො එකදිවසං ආයස්මන්තං සාරිපුත්තං ගිම්හසමයෙ සූරියාතපසන්තත්තෙ උණ්හවාලිකානිප්පීළිතෙ විප්ඵන්දමානමරීචිජාලවිත්ථතෙ භූමිප්පදෙසෙ තස්ස අම්බාරාමස්ස අවිදූරෙන මග්ගෙන සෙදාගතෙන ගත්තෙන ගච්ඡන්තං දිස්වා සඤ්ජාතගාරවබහුමානො උපසඞ්කමිත්වා එවමාහ “මහා අයං, භන්තෙ, ඝම්මපරිළාහො, අතිවිය පරිස්සන්තරූපො විය දිස්සති, සාධු, භන්තෙ, අය්යො ඉමං අම්බාරාමං පවිසිත්වා මුහුත්තං විස්සමිත්වා අද්ධානපරිස්සමං පටිවිනොදෙත්වා ගච්ඡථ අනුකම්පං උපාදායා”ති. ථෙරො විසෙසතො තස්ස චිත්තප්පසාදං පරිබ්රූහෙතුකාමො තං ආරාමං පවිසිත්වා අඤ්ඤතරස්ස අම්බරුක්ඛස්ස මූලෙ නිසීදි.
උච්චමිදං මණි ථූනං යනුවෙන් අම්බ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි වසන සේක. එසමයෙහි රජගහනුවර වැසි එක්තරා දුගී පුරුෂයෙක් බත් වැටුපෙන් රැකී අඹ වනය රකියි. හෙතෙමේ එක් දිනක් ග්‍රීෂ්මයෙහි සූර්ය තාපයෙන් රත් වූ, සුදු වැල්ලෙන් ගැවසී ගත්තා වූ, ඒ ඒ අත පෙනෙන මිරිඟු ජලයෙන් යුක්ත වූ භූමි භාග ඇති දුරුමගට පැමිණි දහඩියෙන් යුත් ශරීර ඇතිව ග්‍රීෂ්මයෙන් ක්ලාන්තව අඹ උයන සමීපයෙන් වැඩමවන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දැක හටගත් ගරු බුහුමන් ඇතිව සමීපයට එළඹ මෙසේ කීය. ස්වාමීනි, මේ මහත් වූ ග්‍රීෂ්ම දාහය ඉතාම වෙහෙසකර සේ පෙනේ. ස්වාමීනි, ආර්යයන් වහන්ස, අනුකම්පකොට මේ අඹ උයනට පිවිසි මොහොතක් විශ්‍රාම ගෙන ගමන් වෙහෙස දුරුකොට වඩිනු මැනවි. තෙරණුවෝ විශේෂයෙන් ඔහුගේ චිත්තුපසාදය වැඩිදියුණු කරනු කැමැත්තේ එම අඹ උයනට පිවිස එක්තරා රුකක් මුල වැඩ උන්හ.
පුන සො පුරිසො ආහ “සචෙ, භන්තෙ, න්හායිතුකාමත්ථ, අහං ඉතො කූපතො උදකං උද්ධරිත්වා තුම්හෙ න්හාපෙස්සාමි, පානීයඤ්ච දස්සාමී”ති. ථෙරොපි අධිවාසෙසි තුණ්හීභාවෙන. සො කූපතො උදකං උද්ධරිත්වා පරිස්සාවෙත්වා ථෙරං න්හාපෙසි, න්හාපෙත්වා ච හත්ථපාදෙ ධොවිත්වා නිසින්නස්ස පානීයං උපනෙසි. ථෙරො පානීයං පිවිත්වා පටිප්පස්සද්ධදරථො තස්ස පුරිසස්ස උදකදානෙ චෙව න්හාපනෙ ච අනුමොදනං වත්වා පක්කාමි. අථ සො පුරිසො “ඝම්මාභිතත්තස්ස වත ථෙරස්ස ඝම්මපරිළාහං පටිප්පස්සම්භෙසිං, බහුං වත මයා පුඤ්ඤං පසුත”න්ති උළාරපීතිසොමනස්සං පටිසංවෙදෙසි. සො අපරභාගෙ කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජි. තං ආයස්මා මහාමොග්ගල්ලානො උපසඞ්කමිත්වා ඉමාහි ගාථාහි කතපුඤ්ඤං පුච්ඡි.
නැවත ඒ පුරුෂයා ස්වාමීනි, ඉදින් දිය නහවනු කැමැත්තේ නම් මේ ළිඳෙන් ජලය ගෙන ඔබවහන්සේ නහවන්නෙමි. බීමට ද පැන් දෙන්නෙමියි කීය. තෙරණුවෝ ද නිශ්ශබ්දතාවයෙන් ඉවසූහ. හෙතෙම ළිඳෙන් ජලය ගෙන පෙර තෙරනුවන් නෑවීය. අත් පා දොවා නාවා හුන් තෙරණුවන් හට බීමට පැන් පිළිගැන්වීය. තෙරණුවෝ පැන් පානය කොට සන්සිඳුණු පිපාස ඇත්තේ, ඒ පුරුෂයාට නෑවීමෙහි ද, පැන් දීමෙහි ද පින් අනුමෝදන් කොට වැඩියහ. ඉක්බිති ඒ පුරුෂයා ග්‍රීෂ්මයෙන් තැවුණු තෙරුන්ගේ ග්‍රීෂ්ම ඩාහය සන්සිඳුවීමි යයි ද, පිපාසය සන්සිඳුවීම් යයි ද, එයින් බොහෝ පින් කරගත්තේ යයි උදාර වූ සතුට සොම්නස වින්දේය. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. මහ මුගලන් තෙරණුවෝ ඔහු වෙත එළඹ ඔහු විසින් කරන ලද පින් පිළිබඳව ප්‍රශ්න කළහ.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදස යොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
මැණික් කුළුණු මත පිහිටි මේ විමානය උස්ව පිහිටා ඇත. හාත්පසින් දොළොස් යොදුන් වේ. එහි වෙධූර්යමය කුළුණ රුචිය පතුරන ශෝසාන ගතියෙන් යුක්තය.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
ඔබ ඒ විමානයෙහි වෙසෙන්නෙහි, ආහාරපාන ගන්නෙහි, වාදකයෝ දිව්‍යමය වීණාවන් මිහිරි ලෙස වාදනය කෙරෙත්. මෙහි දිව්‍යමය පංචකාම ගුණ රසයන් පවතී. රත්රනින් සිරුරු වසාගත් දිව්‍ය ස්ත්‍රීහු නැටීමෙහි යෙදෙත්.
“කෙන තෙතාදිසො වණ්ණො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මෙවැනි ශරීර වර්ණයක්, සියලු දිසා බබළවන රූ සිරියක්, කවර කුසලයකින් ලැබුවේද,
“සො දෙවපුත්තො අත්තමනො…පෙ… යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේව පුත්‍රයා තමන් විසින් කරන කුසලය මෙසේ විස්තර කළේය.
“ගිම්හානං පච්ඡිමෙ මාසෙ, පතපන්තෙ දිවඞ්කරෙ; පරෙසං භතකො පොසො, අම්බාරාමමසිඤ්චති.
මම බත් වැටුප් පමණක් ලබමින් අනුන්ගේ අඹ උයනක් රැකබලා ගත්තෙමි. එසමයෙහි ග්‍රීෂ්ම සෘතුවෙහි පශ්චිම වූ ඇසළ මාසයේ හිරු රැස් තදින් පැතිරී තිබියදී,
“අථ තෙනාගමා භික්ඛු, සාරිපුත්තොති විස්සුතො; කිලන්තරූපො කායෙන, අකිලන්තොව චෙතසා.
සැරියුත් තෙරුන් වහන්සේ (ග්‍රීෂ්මය නිසා) අම පැමිණ ශරීරය ක්ලාන්ත වී ඒ අඹ වනය අසලට පැමිණියේය.
“තඤ්ච දිස්වාන ආයන්තං, අවොචං අම්බසිඤ්චකො; සාධු තං භන්තෙ න්හාපෙය්යං, යං මමස්ස සුඛාවහං.
එකල උන්වහන්සේ දැක නමස්කාර කොට අඹ ගස මුල වඩා හිඳුවා පැන් වළඳවා, යම් යහපතක් මට වේනම් එය සිදුවනු පිණිස ඔබවහන්සේ නාවන්නෙමියි මම කීවෙමි.
“තස්ස මෙ අනුකම්පාය, නික්ඛිපි පත්තචීවරං; නිසීදි රුක්ඛමූලස්මිං, ඡායාය එකචීවරො.
එසේ කී විට මට අනුකම්පා පිණිස පා සිවුරු තැබුවේය. එක් සිවුරකින් යුතුව ගහ මුල ඉඳ ගත්තේය.
“තඤ්ච අච්ඡෙන වාරිනා, පසන්නමානසො නරො; න්හාපයී රුක්ඛමූලස්මිං, ඡායාය එකචීවරං.
පැහැදුනු සිත් ඇතිව පිරිසිදු පැවැත්මෙන් රුක් මුල එක් සිවුරකින් සිටි උන්වහන්සේ මම නෑවීමි.
“අම්බො ච සිත්තො සමණො ච න්හාපිතො, මයා ච පුඤ්ඤං පසුතං අනප්පකං; ඉති සො පීතියා කායං, සබ්බං ඵරති අත්තනො.
මා විසින් ජලය ඉසින ලදී. තෙරුන් වහන්සේ නහවා අල්ප වූ පිනක් කරගන්නා ලදැයි ප්‍රීතිමත් විය.
“තදෙව එත්තකං කම්මං, අකාසිං තාය ජාතියා; පහාය මානුසං දෙහං, උපපන්නොම්හි නන්දනං.
ඒ මනුෂ්‍ය ජාතියෙහි ඒ එකර්ම පින්කම පමණක් සිදු කළෙමි. මිනිස් ලොවින් චුත වී නන්දන උයනෙහි උපනිමි.
“නන්දනෙ ච වනෙ රම්මෙ, නානාදිජගණායුතෙ; රමාමි නච්චගීතෙහි, අච්ඡරාහි පුරක්ඛතො”ති. –
විවිධ පක්ෂි සමූහයාගෙන් යුක්ත වූ රම්‍ය වූ උත්තම වූ නන්දන නම් උයනෙහි අප්සරාවන් පෙරටුකොට නැටුම් ගැයුම් බලමින් ප්‍රීති වෙමි.
සොපි තස්ස ඉමාහි ගාථාහි බ්යාකාසි.
තත්ථ ගිම්හානං පච්ඡිමෙ මාසෙති ආසාළ්හිමාසෙ. පතපන්තෙති අතිවිය දිප්පන්තෙ, සබ්බසො උණ්හං විස්සජ්ජෙන්තෙති අත්ථො. දිවඞ්කරෙති දිවාකරෙ, අයමෙව වා පාඨො. අසිඤ්චතීති සිඤ්චති, -කාරො නිපාතමත්තං, සිඤ්චති අම්බරුක්ඛමූලෙසු ධුවං ජලසෙකං කරොතීති අත්ථො. “අසිඤ්චථා”ති ච පාඨො, සිඤ්චිත්ථාති අත්ථො. “අසිඤ්චහ”න්ති ච පඨන්ති, පරෙසං භතකො පොසො හුත්වා තදා අම්බාරාමං අසිඤ්චිං අහන්ති අත්ථො.
ගිම්හාන පච්ඡිමෙ මාසෙ ඇසළ මස පතපන්නෙ අතිශයින් හිරු රසින් බබළන කල්හි, හැම අයුරින්ම උෂ්ණය ඇති වන කල්හි, දිවංකරො සූර්යයා, දිවාකර යනු ද පාඨයකි. අසිඤ්චතී ජලය ඉසියි. ‘අ කාරය නිපාත මාත්‍රයකි. සිඤ්චති යනු අඹ රුක්මුලට ගෙනැවිත් වතුර වත්කරති යන්නයි. පරෙසං භතකො පොසො එකල එම අඹ උයනට ජලය වත්කරමින් සිටියෙමි යන අර්ථයි.
තෙනාති යෙන දිසාභාගෙන සො අම්බාරාමො, තෙන අගමා අගඤ්ඡි. අකිලන්තොව චෙතසාති චෙතොදුක්ඛස්ස මග්ගෙනෙව පහීනත්තා චෙතසා අකිලන්තොපි සමානො කිලන්තුරූපො කායෙන තෙන මග්ගෙන අගමාති යොජනා.
තෙනා ඒ අඹ උයන යම් තැනකද, එහි අගමා ගියේය. අකිලනෙතාව චෙතසා සිතේ දුක අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ කළ බැවින් සිතින් වෙහෙසට පත් නොවන්නේම වේ. කය එසේ නොවෙයි යන අදහසයි.
අවොචං අහං තදා අම්බසිඤ්චකො හුත්වාති යොජනා. එකචීවරොති න්හායිතුකාමොති අධිප්පායො.
අවොචං මම එකල්හි, අම්බසිඤ්චකො දිය ඉසින්නෙක් වී යන අදහසයි. එකචීවරො නහනු කැමැත්තේ, මෙසේ කීය.
ඉතීති එවං “අම්බො ච සිත්තො, සමණො ච න්හාපිතො, මයා ච පුඤ්ඤං පසුතං අනප්පකං, එකෙනෙව පයොගෙන තිවිධොපි අත්ථො සාධිතො”ති ඉමිනාකාරෙන පවත්තාය පීතියා සො පුරිසො අත්තනො සබ්බං කායං ඵරති, නිරන්තරං ඵුටං කරොතීති යොජනා. අතීතත්ථෙ චෙතං වත්තමානවචනං, ඵරීති අත්ථො.
අම්බො ච සිත්තො - සමණොච නහාපිතො; මයා ච පුඤ්ඤං - පසුතං අනප්පකං මා විසින් ජලය ඉසින ලදී. තෙරුන් වහන්සේ ද නාවනු ලැබූහ. අල්ප නොවන පිනක් කර ගත්තෙමි. එකම ක්‍රියාවකින් ප්‍රයෝජන තුනක් ලබාගන්නා ලදී. පීතියා සො ප්‍රීතියෙන් යුතු වූ ඒ පුරුෂයා සබ්බං කායං එරති නිරතුරුවම පතුරුවා හැරීම කරයි යන අදහසයි. අතීතාර්‍ථයෙහි එන එරති යන වර්තමාන කාලීන වචනයකි.
තදෙව එත්තකං කම්මන්ති තං එත්තකං එවං පානීයදානමත්තකං කම්මං අකාසිං, තාය තස්සං ජාතියං අඤ්ඤං නානුස්සරාමීති අධිප්පායො. තෙසං වුත්තනයමෙව.
තදෙව එත්තකං කම්මං යන එහි එත්තකං මෙසේ මේ පින පමණක්, කම්මං අකාසි තාය තාය යන්න තෙ කප්ප යනු වෙනුවට යෙදී ඇත. ජාතියං අන්‍ය වූ ජාතිය සිහිපත් නොවේ. සෙස්ස යට කියන ලද පරිදිමය.
අම්බවිමානවණ්ණනා නිට්ඨිතා.
අම්බ විමාන වර්ණනාව නිමියේ ය.
6. ගොපාල විමානවණ්ණනා
6. ගෝපාලවිමාන වර්ණනා
දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූති ගොපාලවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ. තෙන සමයෙන රාජගහවාසී අඤ්ඤතරො ගොපාලකො පාතරාසත්ථාය පිලොතිකාය පුටබද්ධං කුම්මාසං ගහෙත්වා නගරතො නික්ඛමිත්වා ගාවීනං චරණට්ඨානභූතං ගොචරභූමිං සම්පාපුණි. තං ආයස්මා මහාමොග්ගල්ලානො “අයං ඉදානෙව කාලං කරිස්සති, මය්හඤ්ච කුම්මාසං දත්වා තාවතිංසෙසු උප්පජ්ජිස්සතී”ති ච ඤත්වා තස්ස සමීපං අගමාසි. සො වෙලං ඔලොකෙත්වා ථෙරස්ස කුම්මාසං දාතුකාමො අහොසි. තෙන ච සමයෙන ගාවියො මාසක්ඛෙත්තං පවිසන්ති. අථ සො ගොපාලො චින්තෙසි “කිං නු ඛො ථෙරස්ස කුම්මාසං දදෙය්යං, උදාහු ගාවියො මාසක්ඛෙත්තතො නීහරෙය්ය”න්ති. අථස්ස එතදහොසි “මාසසාමිකා මං යං ඉච්ඡන්ති, තං කරොන්තු, ථෙරෙ පන ගතෙ කුම්මාසදානන්තරායො මෙ සියා, හන්දාහං පඨමං අය්යස්ස කුම්මාසං දස්සාමී”ති තං ථෙරස්ස උපනෙසි. පටිග්ගහෙසි ථෙරො අනුකම්පං උපාදාය.
දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ යනුවෙන් ගෝපාල විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක. එකල්හි රජගහ නුවර එක්තරා ගොපල්ලෙක් උදේ ආහාර සඳහා රෙදිකඩක බැඳගත් පිට්ටුවක් ගෙන නුවරින් නික්ම ගව දෙනුන් හැසිරෙන ගොදුරුබිමට පැමිණියේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, මේ ගොපල්ලා දැන්ම කළුරිය කරන්නේය. මා එහි වැඩියොත් පිට්ටුව මා වෙත පුදා මොහු තව්තිසාවේ උපදින්නේ යයි දැන ඔහුගේ සමීපයට ගියහ. හෙතෙම වේලාව බලා දන් වළඳන වේලාව බව දැන තෙරණුවන්ට පිටුව දන් දෙන්නට අදහස් කළේය. ඒ වෙලහි ගව දෙන්නු ධාන්‍ය කෙතට පිවිසෙමින් සිටිති. ඉක්බිති ඒ ගොපල්ලාට ‘කිම්ද, තෙරණුවන්ට පිට්ටුව පළමුව දන් දෙන්නේ ද, නැතිනම් ගව දෙනුන් ධාන්‍ය කෙතෙන් පළමුව බැහැර කරන්නේ දැයි විමතියක් ඇති විය. කෙත් හිමියෝ මට යමක් කරනු කැමැත්තේ ද එය කරත්වා. තෙරුන් ගිය කල්හි මාගේ පිට්ටු දන් දීමට බාධාවක් ඇති වේ. එබැවින් මම පළමුල්කොට ආර්යයන් වහන්සේට පිට්ටු දානය දෙමියි සිතා එය තෙරණුවන් හට පිළිගැන්වීය. තෙරණුවෝ අනුකම්පා පූර්වකව පිළිගත්හ.
අථ නං ගාවියො නිවත්තෙතුං පරිස්සයං අනොලොකෙත්වා වෙගෙන උපධාවන්තං පාදෙන ඵුට්ඨො ආසීවිසො ඩංසි. ථෙරොපි තං අනුකම්පමානො තං කුම්මාසං පරිභුඤ්ජිතුං ආරභි. ගොපාලකොපි ගාවියො නිවත්තෙත්වා ආගතො ථෙරං කුම්මාසං පරිභුඤ්ජන්තං දිස්වා පසන්නචිත්තො උළාරං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තො නිසීදි. තාවදෙවස්ස සකලසරීරං විසං අජ්ඣොත්ථරි. මුහුත්තමෙව වෙගෙ මුද්ධපත්තෙ කාලමකාසි, කාලකතො ච තාවතිංසෙසු ද්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්ති. තං ආයස්මා මහාමොග්ගල්ලානො දිස්වා ඉමාහි ගාථාහි පටිපුච්ඡි –
ඉන්පසු ඔහු වෙහෙස නොබලා ගවදෙනුන් නැවැත්වීම සඳහා ඔවුන් පසුපස දුවන්නා වූ ඔහුගේ කකුළේ ගැටුණු සර්පයෙක් ඔහුට දෂ්ට කළේය. තෙරණුවෝ ද ඔහුට අනුකම්පා කරන්නාහු පිට්ටුව වැළඳීමට පටන් ගත්හ. ගව දෙනුන් නවතා පැමිණි ගොපල්ලා පිට්ටු වළඳනා තෙරුන් වහන්සේ දැක ප්‍රසන්න වූ සිත් ඇත්තේ උදාර වූ ප්‍රීති සොම්නස විඳ ගනිමින් හිඳ ගත්තේය. එවිට විෂ වේදනා ශරීරය පුරා පැතිර සිටියේය. විෂ වේදනා ක්‍රමයෙන් හිස් මුදුනට පැමිණි කල්හි හෝ කළුරිය කළේය. කළුරිය කළ හෙතෙම තව්තිසාවේ දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ පසුදිනක ඔහු දැක මේ කරුණු විමසූහ.
“දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛු, උච්චෙ විමානම්හි චිරට්ඨිතිකෙ; ආමුත්තහත්ථාභරණං යසස්සිං, දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා.
දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ උචෙච විමානම්හි චිරට්ඨිතී කෙ ආමුත්ත හත්ථාභරණං යසස්සිං දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
උසස් වූ විමානයෙහි බොහෝකල් වාසය කරන්නා වූ හස්තාභරණ පැළඳ ගත්, යසස් ඇත්තා වූ, දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා වැනි වූ ඒ දෙවියන් දැක භික්ෂූන් වහන්සේ (මුගලන් තෙරුන්) ප්‍රශ්න කළහ.
“අලඞ්කතො මල්යධරො සුවත්ථො, සුකුණ්ඩලී කප්පිතකෙසමස්සු; ආමුත්තහත්ථාභරණො යසස්සී, දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා.
අලංකතො මාලාභාරී සුවත්ථො සුකුණ්ඩලී කප්පිත කෙස මස්සු ආමුත්ත හත්ථා භරණො යසස්සී දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
අලංකාරවත් වූ මල් මාලා බර දරන්නා වූ සකස් කළ කෙහෙ රවුල් ඇත්තා වූ, මනා වස්ත්‍ර හැඳ ගත්තා වූ, කුණ්ඩලාභරණ දරන්නා වූ හස්තාභරණ පැළඳ ගත්, යසස් ඇත්තා වූ දිව්‍ය විමානයේ චන්ද්‍රයා වැනි වූ,
“දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා; දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා, නච්චන්ති ගායන්ති පමොදයන්ති.
දිබ්බා ච වීණා පවදන්ති වග්ගු අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසවරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
පුහුණු වූ මනා රූ ඇති තිදස් පුරයෙහි උදාර වූ, දිව්‍ය කන්‍යාවන් අට දෙනා බැගින් මිහිරි ලෙස දිව්‍යමය වීණාවන් වාදනය කරත්. නැටීමෙහි යෙදෙත්. ගායනා කරත්. ඔබ ප්රමෝදයට පත් කරත්.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො…පෙ… වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
සොපි තස්ස බ්යාකාසි –
මෙසේ විචාළ විට ඒ දේව පුත්‍රයා තමන් විසින් කරන ලද කුසල කර්මය ප්‍රකාශ කරන්නේ.
“සො දෙවපුත්තො අත්තමනො…පෙ…යස්ස කම්මස්සිදං ඵලං”.
“අහං මනුස්සෙසු මනුස්සභූතො, සඞ්ගම්ම රක්ඛිස්සං පරෙසං ධෙනුයො; තතො ච ආගා සමණො මමන්තිකෙ, ගාවො ච මාසෙ අගමංසු ඛාදිතුං.
මිනිස්ලොව මිනිසෙක් වූ මම, අනුන්ගේ ගව දෙනුන් රැස්කොට රැක බලා ගතිමි. එකල්හි ශ්රමණයන් වහන්සේ මා වෙතට පැමිණියහ. ගව දෙනු ධාන්‍ය කෑමට ගියහ.
“ද්වයජ්ජ කිච්චං උභයඤ්ච කාරියං, ඉච්චෙවහං භන්තෙ තදා විචින්තයිං; තතො ච සඤ්ඤං පටිලද්ධ යොනිසො, ‘දදාමි භන්තෙ’ති ඛිපිං අනන්තකං.
ස්වාමීනි, දැන් කළ යුතු කාර්යයන් දෙකකි යනුවෙන් එදා මම සිතුවෙමි. ඉක්බිති සිහියෙන් යුතුව ‘දෙන්නෙමි ස්වාමීනි’ යන සංඥාව ඇතිව පිට්ටු ඔතා තිබූ රෙදිකඩ අතෙහි තැබුවෙමි.
“සො මාසඛෙත්තං තුරිතො අවාසරිං, පුරා අයං භඤ්ජති යස්සිදං ධනං; තතො ච කණ්හො උරගො මහාවිසො, අඩංසි පාදෙ තුරිතස්ස මෙ සතො.
මේ ගව දෙනුන් යමෙකුගේ කා විනාශ කරත්ද, ඊට පෙර ධාන්‍ය කෙතට මම වහ වහා ගියෙමි. එකල්හි මහා විෂ සහිත වූ කලු සර්පයෙක් ඉක්මන් වූ මගේ පා දෂ්ට කළේය.
“ස්වාහං අට්ටොම්හි දුක්ඛෙන පීළිතො, භික්ඛු ච තං සාමං මුඤ්චිත්වානන්තකං; අහාසි කුම්මාසං මමානුකම්පයා, තතො චුතො කාලකතොම්හි දෙවතා.
ඒ මම පීඩිත වීමි. දැන් මම යහපත් වූ කර්මඵලය අනුභව කරමි. ස්වාමීනි, ඔබවහන්සේ විසින් බෙහෙවින් අනුකම්පා කරනු ලැබූවෙමි. කෘතඥතාවයෙන් යුතුව ඔබවහන්සේ වඳින්නෙමි.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා; තයා හි භන්තෙ අනුකම්පිතො භුසං, කතඤ්ඤුතාය අභිවාදයාමි තං.
[missing trans]
“සදෙවකෙ ලොකෙ සමාරකෙ ච, අඤ්ඤො මුනි නත්ථි තයානුකම්පකො; තයා හි භන්තෙ අනුකම්පිතො භුසං, කතඤ්ඤුතාය අභිවාදයාමි තං.
දෙවියන් මරුන් සහිත වූ ලෝකයේ ඔබවහන්සේ වැනි අනුකම්පා සහගත වූ අන් පැවිදි කෙනෙක් නැත. ස්වාමීනි, ඔබවහන්සේ විසින් මම බෙහෙවින් අනුකම්පා කරනු ලැබුවෙමි. කෘතඥතා පූර්වකව ඔබවහන්සේ වඳින්නෙමි.
“ඉමස්මිං ලොකෙ පරස්මිං වා පන, අඤ්ඤො මුනී නත්ථි තයානුකම්පකො; තයා හි භන්තෙ අනුකම්පිතො භුසං, කතඤ්ඤුතාය අභිවාදයාමි ත”න්ති.
මෙලොව හෝ පරලොව ඔබවහන්සේ වැනි අනුකම්පා සහගත අන් පැවිදි කෙනෙක් නැත. ඔබවහන්සේ විසින් මම වෙසෙසින් අනුකම්පා ලැබුවෙමි. කෘතඥතාවයෙන් යුතුව ඔබවහන්සේ වඳින්නෙමි.
අථායස්මා මහාමොග්ගල්ලානො අත්තනා ච දෙවතාය ච කථිතනියාමෙනෙව තං භගවතො ආරොචෙසි. සත්ථා තමත්ථං පච්චනුභාසිත්වා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙතුං “දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ”තිආදිමාහ.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, තමන් විසින් ද දේවතාවා විසින් ද කියන ලද පිළිවෙළින්ම ඒ පුවත බුදුන් වහන්සේට සැළ කළහ. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගනිමින් පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ සඳහා ‘දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ’ යනාදිය වදාළහ.
තත්ථ දෙවන්ති ගොපාලදෙවපුත්තං. භික්ඛූති ආයස්මන්තං මහාමොග්ගල්ලානං සන්ධාය සත්ථා වදති. සො හි සබ්බසො භින්නකිලෙසතාය භික්ඛු. විමානස්ස බහුකාලාවට්ඨායිතාය කප්පට්ඨිතිකතාය එව වා “චිරට්ඨිතිකෙ”ති වුත්තං, “චිරට්ඨිතික”න්තිපි කෙචි පඨන්ති. තඤ්හි “දෙව”න්ති ඉමිනා සම්බන්ධිතබ්බං. සොපි හි සට්ඨිසතසහස්සාධිකා තිස්සො වස්සකොටියො තත්ථ අවට්ඨානතො “චිරට්ඨිතිකෙ”ති වත්තබ්බතං ලභති. යථාපි චන්දිමාති යථා චන්දිමා දෙවපුත්තො කන්තසීතලමනොහරකිරණජාලසමුජ්ජලෙ අත්තනො දිබ්බෙ විමානම්හි විරොචති, එවං විරොචමානන්ති වචනසෙසා.
ගාථාවන්හි විස්තර. දෙවං ගෝපාල දිව්‍ය පුත්‍රයා භික්ඛූ ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් සඳහා ශාස්තෲන් වහන්සේ මෙසේ කියති. ඒ වචනය වනාහි මෙසේ අරුත් දැක්විය යුතුය. හැම අයුරින්ම බිඳුණු කෙලෙස් ඇති බැවින් භික්ඛූ නම් වේ. විමානයේ බොහෝ කල් සිටීම සිදුවන බැවින් ‘චිරට්ඨිතිකෙ’ යයි කියන ලදී. චිරට්ඨිතිකං යයි ද සමහරු කියත්. ‘දෙවං’ යනු මේ හා සම්බන්ධ විය යුතුයි. ඔහු වනාහි වර්ෂ තිස්කෝටි හැටලක්ෂයක් එහි වෙසෙනු ඇති බැවින්. ‘චිරට්ඨිතිකෙ’ යයි කියති. යථාපි චන්දිමා යම්සේ චන්ද්‍ර දිව්‍යපුත්‍රයා පියකර වූ සිසිල් වූ මනහර වූ රශ්මි ජාලාවකින් බබළන තමාගේ, දිබ්බවිමානම්හි දිව්‍ය විමානයෙහි බබළන්නේ වෙයිද, එසේම ‘විරොචනං’ යනු යෙදිය යුතු ඉතිරි වචනය වේ.
අලඞ්කතොතිආදි තස්ස දෙවපුත්තස්ස ථෙරෙන පුච්ඡිතාකාරදස්සනං, තං හෙට්ඨා වුත්තත්ථමෙව.
අලංකතො යනාදිය ඒ දිව්‍ය පුත්‍රයාගෙන් තෙරණුවන් විසින් ප්‍රශ්න කරන ලද ආකාරය දැක්වීම සඳහා වෙයි. එය යට කියන ලද අර්ථ ඇත්තේ වේ.
සඞ්ගම්මාති සඞ්ගමෙත්වා, සඞ්ගම්මාති වා සඞ්ගහෙත්වා. හෙත්වත්ථොපි හි ඉධ අන්තොනීතො, බහූ එකතො හුත්වාති අත්ථො. ආගාති ආගඤ්ඡි. මාසෙති මාසසස්සානි.
සංගම්ම එකතු වී, හේතු අර්ථය ද මෙහි ඇතුළත් වේ. බොහෝදෙනා එකතුකොට යන අර්ථයි. ආගා පැමිණියේය.
ද්වයජ්ජාති ද්වයං අජ්ජ එතරහි කිච්චං කාතබ්බං. උභයඤ්ච කාරියන්ති වුත්තස්සෙවත්ථස්ස පරියායවචනං. සඤ්ඤන්ති ධම්මසඤ්ඤං. තෙනාහ “යොනිසො”ති පටිලද්ධාති පටිලභිත්වා. ඛිපින්ති පනිග්ගාහාපනවසෙන හත්ථෙ ඛිපිං. අනන්තකන්ති නන්තකං කුම්මාසං පක්ඛිපිත්වා බන්ධිත්වා ඨපිතං පිලොතිකං. අ-කාරො චෙත්ථ නිපාතමත්තං.
ද්වයජ්ජානි අද මේ වේලෙහි කරුණු දෙකක්, කිච්චං කළ යුත්ත උභයඤ්ච කාරියං කලින් කියූ කරුණට පරියාය වචනයකි. සඤ්ඤං ධර්ම සංඥාව, එහෙයින් යොනිසො යයි කියන ලදී. පටිලද්ධා ලබා ගන්න, ඛිපිං පිළිගැන්වීම් වශයෙන් අතෙහි තැබුවෙමි. අනන්තකං රෙදිකඩක පිට්ටු තබා බැඳ තබන ලද රෙදි කැබැල්ල මුල ඇති ආකාරය නිපාත මාත්‍රයකි.
සොති සො අහං. තුරිතොති තුරිතො සම්භමන්තො. අවාසරින්ති උපගච්ඡි, පාවිසිං වා. පුරා අයං භඤ්ජති යස්සිදං ධනන්ති යස්ස ඛෙත්තසාමිකස්ස ඉදං මාසසස්සං ධනං, තං අයං ගොගණො භඤ්ජති පුරා තස්ස භඤ්ජනතො, ආමද්දනතො පුරෙතරමෙවාති අත්ථො. තතොති තත්ථ. තුරිතස්ස මෙ සතොති සම්භමන්තස්ස මෙ සමානස්ස, සහසා ගමනෙන මග්ගෙ කණ්හසප්පං අනොලොකෙත්වා ගතස්සාති අධිප්පායො.
සො ඒ මම තුරිතො ඉක්මණින් එකතු වූයේ, අවාසරිං පැමිණියෙමි. ‘පාවිසිං’ යන වචනය ද තිබිය හැකිය. පුරා අයං භඤ්ජති යස්සිදං ධනං යම්කිසි කෙත් හිමියකුට මාස් වර්ගයේ ශස්‍යය ධනය වේද, එය මේ ගවරැළ කා දමයි. එය කා දැමීමට පාගා දැමීමට පෙර, ම යන අර්ථයයි. තතො එහි තුරිතස්ස මෙ සතො කැරකෙන්නා වූ මට සමාන වූ වහා ගමන් කිරීමෙන් මාර්ගයෙහි කලු සර්පයකු නොදැක ගමන් කළ යන අදහසයි.
අට්ටොම්හි දුක්ඛෙන පීළිතොති තෙන ආසීවිසඩංසනෙන අට්ටො අට්ටිතො උපද්දුතො මරණදුක්ඛෙන බාධිතො භවාමි. අහාසීති අජ්ඣොහරි, පරිභුඤ්ජීති අත්ථො. තතො චුතො කාලකතොම්හි දෙවතාති තතො මනුස්සත්තභාවතො චුතො මරණකාලප්පත්තියා, තත්ථ වා ආයුසඞ්ඛාරස්ස ඛෙපනසඞ්ඛාතස්ස කාලස්ස කතත්තා කාලකතො, තදනන්තරමෙව ච අම්හි දෙවතා දෙවත්තභාවප්පත්තියා දෙවතා හොමීති අත්ථො.
අට්ටොම්හි දුක්ඛෙන පීළිතො ඒ සර්පයා විසින් දෂ්ට කරනු ලැබීම නිසා හිංසාවට උවදුරට පත්වූයේ මරණ දුකින් පෙළුණේ වෙමි. අභාසි පරිභෝග කළේය යන අර්ථයි. තතො චුතො කාලකතොම්හ දෙවතා ඒ මනුෂ්‍යාත්ම භාවයෙන් චුත වූයෙම් මැරෙන කාලයට පැමිණියෙමි. එහි ආයු සංස්කාරය ගෙවා දැමීම නම් වූ කාලය කරන ලද බැවින් යන අර්ථයෙන් ‘කාලකතො’ යන පදය සෑදේ. ඊට අනතුරුව දේවතාවෙක් වීමි. දේවාත්ම භාවයට පැමිණීමෙන් දෙවියෙක් වෙමි’ යන අර්ථයයි.
තයාති තයා සදිසො අඤ්ඤො මුනි මොනෙය්යගුණයුත්තො ඉසි නත්ථි. තයාති වා නිස්සක්කෙ ඉදං කරණවචනං. සෙසං වුත්තනයමෙව.
තයා ඔබ වැනි අඤ්ඤො මුනි උසස් හික්මීම් ගුණයෙන් යුතු වූ ඉසිවරයෙක් නත්ථි නැත. තයා යන මෙය නිස්සක්ක අර්ථයෙහි කරණ විභක්ති වචනයකි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
ගොපාලවිමානවණ්ණනා නිට්ඨිතා.
ගෝපාල විමාන වර්ණනාව නිමියේ ය.