යෙදුමෙන් කියවන්න

7. කන්‍ථක විමානවණ‍්ණනා අට‍්ඨකථා

7. කන්‍ථක විමානවණ‍්ණනා

7. කන්ථක විමාන වර්ණනා

පුණ‍්ණමාසෙ යථා චන්‍දොති කණ‍්ඩකවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ. තෙන ච සමයෙන ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දෙවචාරිකං චරන‍්තො තාවතිංසභවනං ගතො. තස‍්මිං ඛණෙ කණ‍්ඩකො දෙවපුත‍්තො සකභවනතො නික‍්ඛමිත්‍වා දිබ‍්බයානං අභිරුහිත්‍වා මහන‍්තෙන පරිවාරෙන මහතියා දෙවිද‍්ධියා උය්‍යානං ගච‍්ඡන‍්තො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං දිස‍්වා සඤ‍්ජාතගාරවබහුමානො සහසා යානතො ඔරුය‍්හ ථෙරං උපසඞ‍්කමිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා සිරස‍්මිං අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. අථ නං ථෙරො –

පුණ්ණමාසෙ යථා චන්‍දො යනුවෙන් කන්‍ථක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙර යට කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ හැසිරෙන්නේ තව්තිසා භවනට වැඩියහ. එකෙණෙහි කන්ථක දේවපුත්‍රයා සිය භවනයෙන් නික්ම දිව්‍ය යානාවට නැගී මහත් පිරිවරින් මහත් සෘද්ධියෙන් යුක්තව උයනට යද්දී ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් දැක ගරු බුහුමන් ඇතිව වහාම යානයෙන් බැස තෙරුන් වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ හිසෙහි, ඇඳිලි බැඳ සිටියේය. ඉක්බිති තෙරණුවෝ ඔහු විසින් ලබන ලද සම්පත් ඔහු ලවාම කියවන්නෙමියි සිතා ඔහු විසින් කරන ලද පුණ්‍ය කර්මය විචාළේය.

“පුණ‍්ණමාසෙ යථා චන්‍දො, නක‍්ඛත‍්තපරිවාරිතො; සමන‍්තා අනුපරියාති, තාරකාධිපතී සසී.

පසළොස්වක පොහෝදා තරු පිරිවරා ගත් පුන්සඳ යම්සේද ඒ තරුවලට අධිපති වූ සඳ ගමන් කරමින් සිටී.

“තථූපමං ඉදං බ්‍යම‍්හං, දිබ‍්බං දෙවපුරම‍්හි ච; අතිරොචති වණ‍්ණෙන, උදයන‍්තොව රංසිමා.

එසේ උපමා කළ හැකි මේ දිව්‍යමය විමානය දෙව්ලොවදී ද උදාවන සූර්යයා මෙන් වර්ණයෙන් අතිශයින් බබළයි.

“වෙළූරියසුවණ‍්ණස‍්ස, ඵලිකා රූපියස‍්ස ච; මසාරගල‍්ලමුත‍්තාහි, ලොහිතඞ‍්ගමණීහි ච.

වෛධූර්ය මැණික්වලින් ද, රත්රනින් ද පළිඟුවලින් ද, රිදීයෙන්ද මැසිරිගල් නම් වූ මැණික්වලින් ද, මුතුවලින් ද, රතු මැණික්වලින් ද යුක්ත වේ.

“චිත්‍රා මනොරමා භූමි, වෙළූරියස‍්ස සන්‍ථතා; කූටාගාරා සුභා රම‍්මා, පාසාදො තෙ සුමාපිතො.

විසිතුරු වූ මනරම් වූ භූමිය වෛධූර්ය මැණික්වලින් විසිරී ඇත. යහපත් වූ රමණීය වූ කුටාගාර සහිත වූ ප්‍රසාදයක් බවට ඔබට ඇත.

“රම‍්මා ච තෙ පොක‍්ඛරණී, පුථුලොමනිසෙවිතා; අච‍්ඡොදකා විප‍්පසන‍්නා, සොණ‍්ණවාලුකසන්‍ථතා.

ඔබේ රමණීය වූ පොකුණ මසුන්ගෙන් ගැවසී ගත්තේය. දියෙන් පිරී ඇත. ඉතා ප්‍රසන්නය. රන්වන් වැල්ලෙන් විසිරී ඇත.

“නානාපදුමසඤ‍්ඡන‍්නා, පුණ‍්ඩරීකසමොතතා; සුරභිං සම‍්පවායන‍්ති, මනුඤ‍්ඤා මාතුතෙරිතා.

ඔබේ පොකුණ නොයෙක් පියුම් වර්ගවලින් වැසී ඇත. එහි සුදු නෙළුම්, විසිරී පවතී. සුවඳවත් වූ මනෝඥ වූ වාතය හමාගෙන යයි.

“තස‍්සා තෙ උභතො පස‍්සෙ, වනගුම‍්බා සුමාපිතා; උපෙතා පුප‍්ඵරුක‍්ඛෙහි, ඵලරුක‍්ඛෙහි චූභයං.

ඒ පොකුණ දෙපස මනාව වඩන ලද වනගොමු ඇත. මල් හටගන්නා රුක්වලින් ද ඵල හටගන්නා රුක්වලින් ද දෙපස සෑදී ඇත.

“සොවණ‍්ණපාදෙ පල‍්ලඞ‍්කෙ, මුදුකෙ ගොනකත්‍ථතෙ; නිසින‍්නං දෙවරාජංව, උපතිට‍්ඨන‍්ති අච‍්ඡරා.

රත්තරනින් කළ පාද ඇති මෘදු රෙදි අතුරා ඇති, අසුනෙහි හුන් දිව්‍යරාජයා ඉදිරිපිට අප්සරාවෝ හිඳිත්.

“සබ‍්බාභරණසඤ‍්ඡන‍්නා , නානාමාලාවිභූසිතා; රමෙන‍්ති තං මහිද‍්ධිකං, වසවත‍්තීව මොදසි.

සර්වාභරණයෙන් සැරසුණු නොයෙක් මල්වලින් අලංකාරවත් වූ අප්සරාවෝ ඔහු සතුටු කරවති. හේ වසවත් දෙව්රද මෙන් සතුටු වෙමින් සිටී.

“භෙරිසඞ‍්ඛමුදිඞ‍්ගාහි, වීණාහි පණවෙහි ච; රමසි රතිසම‍්පන‍්නො, නච‍්චගීතෙ සුවාදිතෙ.

බෙර සක් මිහිඟු බෙර ආදියෙන් ද වීණාවන්ගෙන් ද ඝණ වූ කුඩා බෙර විශේෂයන්ගෙන් ද මනාව වාදනය සිදුවන කල්හි, ප්‍රීතියෙන් යුක්තව, ඒ දේවපුත්‍ර තෙමේ කැමති සේ සැප විඳිති.

“දිබ‍්බා තෙ විවිධා රූපා, දිබ‍්බා සද‍්දා අථො රසා; ගන්‍ධා ච තෙ අධිප‍්පෙතා, ඵොට‍්ඨබ‍්බා ච මනොරමා.

දිව්‍යමය වූ විවිධ රූපයන් ද, දිව්‍යමය වූ ශබ්දයන් ද රසයන් ද ගන්ධයන් ද ස්පර්ශයන් ද මනරම් වේ.

“තස‍්මිං විමානෙ පවරෙ, දෙවපුත‍්ත මහප‍්පභො; අතිරොචසි වණ‍්ණෙන, උදයන‍්තොව භාණුමා.

උතුම් වූ එම වචනයෙහි මහත් වූ ප්‍රභාවයෙන් යුත් දිව්‍ය පුත්‍ර තෙමේ වර්ණයෙන් හිරු මෙන් අතිශයින් බබළයි.

“දානස‍්ස තෙ ඉදං ඵලං, අථො සීලස‍්ස වා පන; අථො අඤ‍්ජලිකම‍්මස‍්ස, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති. –

ඔබගේ මේ පුණ්‍යඵලය දානයක ද නැත්නම් ශීලයකද, එසේත් නැතහොත් වන්දනාවකද, විමසනු ලබන්නා වූ මේ කරුණ මට කියන්න.

අධිගතසම‍්පත‍්තිකිත‍්තනමුඛෙන කතකම‍්මං පුච‍්ඡි.

යනුවෙන් මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා විසින් ලබන ලද සම්පත්තිය කියවා ගැනීම සඳහා ඔහු පෙර කරන ලද කර්මය විමසූහ.

“සො දෙවපුත‍්තො අත‍්තමනො, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො; පඤ‍්හං පුට‍්ඨො වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

මුගලන් මහතෙරුන් විසින් විමසන ලද්දා වූ, සතුටු සිත් ඇත්තා වූ, ඒ දේවපුත්‍ර තෙමේ. මෙය කවරනම් ඵලයක්දැයි යන බව පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.

“අහං කපිලවත්‍ථුස‍්මිං, සාකියානං පුරුත‍්තමෙ; සුද‍්ධොදනස‍්ස පුත‍්තස‍්ස, කණ‍්ඩකො සහජො අහං.

මම ශාක්‍යයන්ගේ උතුම් පුරවරය වූ කපිල වස්තුවෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයා වූ සිද්ධාර්ථ කුමරු හා එක් දිනම උපන් කන්ථක නම් අශ්වයා වෙමි.

“යදා සො අඩ‍්ඪරත‍්තායං, බොධාය මභිනික‍්ඛමි; සො මං මුදූහි පාණීහි, ජාලිතම‍්බනඛෙහි ච.

යම් දිනක මැදි රැයෙහි හෙතෙමේ සම්බුද්ධත්ව සඳහා නික්මුණේද, මෘදු වූ අතුල්වලින් ද බබළන තඹ පැහැති නියවලින් ද යුතු වූ හෙතෙම මා සමග නික්මුණේය.

“සත්‍ථිං ආකොටයිත්‍වාන, වහ සම‍්මාති චබ්‍රවි; ‘අහං ලොකං තාරයිස‍්සං, පත‍්තො සම‍්බොධිමුත‍්තමං’.

පා වලින් මා තද කරගෙන මිත්‍රය, මා රැගෙන යන්න. මම උතුම් වූ සම්බෝධියට පැමිණි ලෝකයා තරණය කරවන්නෙමියි හෙතෙම මට කීය.

“තං මෙ ගිරං සුණන‍්තස‍්ස, හාසො මෙ විපුලො අහු; උදග‍්ගචිත‍්තො සුමනො, අභිසීසිං තදා අහං.

ඔහුගේ ඒ වචන අසන්නා වූ මගේ සතුට පැතිරුණේ විය. සිත ඉතා ප්‍රීතිමත් වූ මනාව යහපත් වූ මම අභිෂේක ලදුවෙක් මෙන් වීමි.

“අභිරූළ‍්හඤ‍්ච මං ඤත්‍වා, සක්‍යපුත‍්තං මහායසං; උදග‍්ගචිත‍්තො මුදිතො, වහිස‍්සං පුරිසුත‍්තමං.

ශාක්‍යපුත්‍ර වූ මහතාණන් මා පිට නැග ගත් බව දැනගෙන ප්‍රීතිමත් සිත් ඇත්තේ ඒ උතුම් පුරුෂයා උසුලාගෙන ගියෙමි.

“පරෙසං විජිතං ගන‍්ත්‍වා, උග‍්ගතස‍්මිං දිවාකරෙ; මමං ඡන‍්නඤ‍්ච ඔහාය, අනපෙක‍්ඛො සො අපක‍්කමි.

හිරු උදාවන කල්හි වෙනත් රජෙකුගේ රටකට ගොස් හෙතෙමේ මා ද ඡන්න ද අත්හැර අප කෙරෙහි ආරක්ෂා රහිතව බැහැර වී ගියේය.

“තස‍්ස තම‍්බනඛෙ පාදෙ, ජිව‍්හාය පරිලෙහිසං; ගච‍්ඡන‍්තඤ‍්ච මහාවීරං, රුදමානො උදික‍්ඛිසං.

ඔහුගේ පාදයන්හි තඹ පැහැ නියපොතු මම දිවෙන් ලෙවකෑවෙමි. පිටවී යන්නා වූ එම මහා වීරයන් දෙස කඳුළු සලමින් බලා සිටියෙමි.

“අදස‍්සනෙනහං තස‍්ස, සක්‍යපුත‍්තස‍්ස සිරීමතො; අලත්‍ථං ගරුකාබාධං, ඛිප‍්පං මෙ මරණං අහු.

ශ්‍රීමත් ශාක්‍යපුත්‍ර කුමාරයන් නොපෙනී යාම සිදු වූ අවසානයේ රෝගයකින් තොරවම වහාම මගේ මරණය සිදුවිය.

“තස‍්සෙව ආනුභාවෙන, විමානං ආවසාමිදං; සබ‍්බකාමගුණොපෙතං, දෙවො දෙවපුරම‍්හිව.

එතුමාගේ ආනුභාවයෙන් දිව්‍යපුරයෙහි කැමති වන සියලු ගුණයන්ගෙන් යුක්ත වූ මෙම දිව්‍ය සම්පත්තිය විඳිමින් සිටිමි.

“යඤ‍්ච මෙ අහුවා හාසො, සද‍්දං සුත්‍වාන බොධියා; තෙනෙව කුසලමූලෙන, ඵුසිස‍්සං ආසවක‍්ඛයං.

බෝධි මූලයෙහි ශබ්ද අසා මට යම් සතුටක් ඇතිවීද, ඒ කුසල මූලය හේතුකොටගෙන කෙලෙස් නැසීම සිදු කළෙමි.

“සචෙ හි භන‍්තෙ ගච‍්ඡෙය්‍යාසි, සත්‍ථු බුද‍්ධස‍්ස සන‍්තිකෙ; මමාපි නං වචනෙන, සිරසා වජ‍්ජාසි වන්‍දනං.

ස්වාමීනි, ඉදින් ශාස්තෲ වූ බුදුන්වහන්සේ සමීපයට යන්නේ නම් මාගේ වචනයෙන් හිස නමා උන්වහසේට වඳින්න.

“අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං, ජිනං අප‍්පටිපුග‍්ගලං; දුල‍්ලභං දස‍්සනං හොති, ලොකනාථාන තාදින”න‍්ති. –

මම ද අසමාන පුද්ගල ජීනයන් වහන්සේ දැකීමට යන්නෙමි. එබඳු ලෝකනාථයන් වහන්සේලාගේ දර්ශනය දුර්ලභ වන්නේය.

සොපි අත‍්තනා කතකම‍්මං කථෙසි. අයඤ‍්හි අනන‍්තරෙ අත‍්තභාවෙ අම‍්හාකං බොධිසත‍්තෙන සහජාතො කණ‍්ඩකො අස‍්සරාජා අහොසි. සො අභිනික‍්ඛමනසමයෙ අභිරුළ‍්හො තෙනෙව රත‍්තාවසෙසෙන තීණි රජ‍්ජානි මහාපුරිසං අතික‍්කමාපෙත්‍වා අනොමානදීතීරං සම‍්පාපෙසි. අථ සො මහාසත‍්තෙන සූරියෙ උග‍්ගතෙ ඝටිකාරමහාබ්‍රහ‍්මුනා උපනීතානි පත‍්තචීවරානි ගහෙත්‍වා පබ‍්බජිත්‍වා ඡන‍්නෙන සද‍්ධිං කපිලවත්‍ථුං උද‍්දිස‍්ස විස‍්සජ‍්ජිතො. සිනෙහභාරිකෙන හදයෙන මහාපුරිසස‍්ස පාදෙ අත‍්තනො ජිව‍්හාය ලෙහිත්‍වා පසාදසොම‍්මානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා යාව දස‍්සනපථා ඔලොකෙන‍්තො දස‍්සනූපචාරං පන අතික‍්කන‍්තෙ ලොකනාථෙ “එවංවිධං නාම ලොකග‍්ගනායකං මහාපුරිසං අහං වහිං, සඵලං වත මෙ සරීරං අහොසී”ති පසන‍්නමානසො හුත්‍වා පුන චිරකාලං සඞ‍්ගතස‍්ස පෙමස‍්ස වසෙන වියොගදුක‍්ඛං අසහන‍්තො භාවිනියා දිබ‍්බසම‍්පත‍්තියා වසෙන ධම‍්මතාය චොදියමානො කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. තං සන්‍ධාය වුත‍්තං “පුණ‍්ණමාසෙ යථා චන්‍දො…පෙ… අහං කපිලවත්‍ථුස‍්මි”න‍්තිආදි.

මේ අයුරින් ඔහු තමන් විසින් කරන ලද කර්මය කීයේය. මෙතෙමේ වනාහී පෙර ආත්ම භාවයෙහි දී අපගේ බෝසතුන් සමග එකදා උපන් කන්ථක නම් අශ්වරාජයා වූයේය. ඒ අශ්වයා මහබිනික්මන් වේලෙහි බෝසතුන් තමා පිට නංවා ඒ රාත්‍රියේ අවසානයෙහිම රාජ්‍යයන් තුනක් ඉක්මවා අනෝමා ගංතෙරට පැමිණවීය. ඉක්බිති හිරු උදාවන කල්හි ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලද පා සිවුරු ගෙන පැවිදිව, බෝසතුන් විසින් ඡන්න ඇමති සමග කපිලවස්තු පුරය දෙසට යොමුකරන ලද ඒ අශ්වයා සෙනෙහසින් බර වූ හදවතින් මහා පුරුෂයාගේ පා තබන්නේ දිවෙන් ලෙව කා ප්‍රසාදයෙන් සෞම්‍ය වූ ඇස් විවරකොට පෙනෙන තෙක් මානය ඉක්මවා ගිය කල්හි, මම මෙබඳු ලෝකාග්‍ර නායක මහා පුරුෂයකු උසුලාගෙන සිටියෙමි. මාගේ ශරීරය ඵල සහිත වී යයි ප්‍රසන්න සිත් ඇතිව නැවත බොහෝකල් එක්ව විසූ ප්‍රේමයේ හේතුවෙන් වියෝදුක නො ඉවසිය හැකි වූයේ ලැබිය හැකි ඇති දිව්‍ය සම්පත්තිය උදෙසා ධර්මතාවය විසින් මෙහෙයවනු ලැබ කළුරියකොට තව්තිසා භවනෙහි උපන්නේ ය. ඒ සඳහා ‘පුණ්ණමාසෙ යථා චන්‍දො සො අහං කපිලවත්‍ථුස්මිං’ යන ආදිය කියන ලදී.

තත්‍ථ පුණ‍්ණමාසෙති පුණ‍්ණමාසියං සුක‍්කපක‍්ඛෙ පන‍්නරසියං. තාරකාධිපතීති තාරකානං අධිපති. සසීති සසලඤ‍්ඡනවා. “තාරකාධිප දිස‍්සතී”ති කෙචි පඨන‍්ති, තෙසං තාරකාධිපාති අවිභත‍්තිකනිද‍්දෙසො, තාරකානං අධිපො හුත්‍වා දිස‍්සති අනුපරියාති චාති යොජනා කාතබ‍්බා.

එහි පුණ්ණමාසෙ පසළොස්වක, පුරපස පසළොස්වක්හි, තාරකාධිපති - තාරකාවන්ට අධිපති, සසි සාවකුගේ සලකුණ ඇති, ‘තාරකාධිප දිස්සති’ යනුවෙන් සමහරු කියයි. ‘තෙසං තාරකාධිපා’ යනු විභක්ති රහිත බව දැක්වීමකි. ‘තාරකානං අධිපො හුත්‍වා දිස්සති’ යනු විභක්ති සහිතව වැකිය පැවැති ආකාරයයි. අනුපරියාති යනුවෙන් ද යෙදිය හැකි වේ.

දිබ‍්බං දෙවපුරම‍්හි චාති දෙවපුරස‍්මිම‍්පි දිබ‍්බං. යථා මනුස‍්සානං ඨානතො දෙවපුරං උත‍්තමං, එවං දෙවපුරතො චාපි ඉදං තව විමානං උත‍්තමන‍්ති දස‍්සෙති. තෙනාහ “අතිරොචති වණ‍්ණෙන, උදයන‍්තොව රංසිමා”ති, උග‍්ගච‍්ඡන‍්තො සූරියො වියාති අත්‍ථො.

දිබ්බං දෙව පුරම්හි ච දේව පුරයට යනු ද දිබ්බං යන අදහසම දරයි. යම්සේ මිනිසුන්ගේ ස්ථානයේ සිට බලනවිට දෙවපුරං යනු උතුම් තැනක් වේද, එසේම දෙව්පුරයක් හා සමද, ඉදං මෙම ඔබේ විමන බලනවිට උතුම් යයි දැක්වේ. ඒ නිසා අතිරොචති වණ්ණෙන උදයනෙතාව රංසිමා කීය. මතුවී එන සූර්යයා හා සමානය යන අර්ථයි.

වෙළූරියසුවණ‍්ණස‍්සාති වෙළුරියෙන සුවණ‍්ණෙන ච ඉදං බ්‍යම‍්හං නිම‍්මිතන‍්ති වචනසෙසෙන යොජනා. ඵලිකාති ඵලිකමණිනා.

වෙළුරිය සුවණ්ණස්ස වෛධූර්ය මැණික්වලින්ද රත්තරනින් ද, ඉදං ව්‍යම්හං නිර්මිත කරන ලද වචනය නොයොදා ශේෂ වී ඇතැයි සඳහන් වේ. ඵලිකා පළිඟු මැණික්

පොක‍්ඛරණීති පොක‍්ඛරණියො.

පොක්‍ඛරණී පොකුණු

තස‍්සාති තස‍්සා පොක‍්ඛරණියා. වනගුම‍්බාති උය්‍යානෙ සුපුප‍්ඵගච‍්ඡෙ සන්‍ධාය වදති. දෙවරාජංවාති සක‍්කං විය. උපතිට‍්ඨන‍්තීති උපට‍්ඨානං කරොන‍්ති.

තස්සා ඒ පොකුණෙන්. වනගුම්බා උයනෙහි මනාව වැඩුණු ගස් ගැන යයි. දෙවරාජං වා යනු ශක්‍රයා මෙන්, උපතිට්ඨන්ති උවටැන් කරත්.

සබ‍්බාභරණසඤ‍්ඡන‍්නාති සබ‍්බෙහි ඉත්‍ථාලඞ‍්කාරෙහි පටිච‍්ඡාදිතා, සබ‍්බසො විභූසිතසරීරාති අත්‍ථො. වසවත‍්තීවාති වසවත‍්තිදෙවරාජා විය.

සබ්බාභරණ සඤ්ඡන්නා සියලු ස්ත්‍රී ආභරණයන්ගෙන් ආවරණය වූ, හැම අයුරකින්ම අලංකාරවත් වූ සිරුර යන අදහසයි. වසවත්ති වාතී වසවර්ති දිව්‍යරාජයා මෙන්.

භෙරිසඞ‍්ඛමුදිඞ‍්ගාහීති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, භෙරීහි ච සඞ‍්ඛෙහි ච මුදිඞ‍්ගෙහි චාති යොජනා. රතිසම‍්පන‍්නොති දිබ‍්බාය රතියා සමඞ‍්ගීභූතො. නච‍්චගීතෙ සුවාදිතෙති නච‍්චෙ ච ගීතෙ ච සුන්‍දරෙ වාදිතෙ ච, නච‍්චනෙ ච ගායනෙ ච සුන්‍දරෙ වාදිතෙ ච හෙතුභූතෙ. නිමිත‍්තත්‍ථෙ හි එතං භුම‍්මං, පවත‍්තිතෙති වා වචනසෙසො.

භෙරිසංඛ මුදිංගාහි (නාම පදයන්ගේ ලිංග විපර්යාසයක් මෙහි කියන ලදී. භෙරිහි, සංඛෙහි, ඉදංගෙහි බෙරවලින් සක්ගෙඩිවලින්, මිහිඟු බෙරවලින් යන අදහසයි. රතිසම්පන්නො දිව්‍යමය ආශාවෙන් යුක්ත වූයේ නච්ච ගීතෙ සුවාදිතෙ නැටුමෙහි ද ගීතයෙහි ද, සොඳුරු වාදනයෙහි ද හේතු වූ කරුණෙහි නිමිත්ත යන අර්ථයෙහි මෙය හේතු වේ. ‘පවත්තිතෙ’ යන වචනය ද යෙදිය හැකියි.

දිබ‍්බා තෙ විවිධා රූපාති දෙවලොකපරියාපන‍්නා නානප‍්පකාරා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා තුය‍්හං අධිප‍්පෙතා යථාධිප‍්පෙතා මනොරමා විජ‍්ජන‍්තීති කිරියාපදං ආනෙත්‍වා යොජෙතබ‍්බං. දිබ‍්බා සද‍්දාතිආදීසුපි එසෙව නයො.

දිබ්බා තෙ විවිධා රූපා දෙව්ලොව ඇතුළත් නානාප්‍රකාර වූ ඔබේ ඇසට යොමුවන රූප අදහස් වේ. කෙසේ අදහස් වේදැයි දැක්වීමට මෙසේ කියන ලදී. මනොරමා විජ්ජන්ති යන ක්‍රියා පදය බැහැරින් ගෙන යෙදිය යුතුයි. දිබ්බා සද්දා ආදියෙහි ද මෙසේමැයි. (දිව්‍ය ශබ්ද)

කණ‍්ඩකො සහජො අහන‍්ති එත්‍ථ අහන‍්ති නිපාතමත‍්තං. “අහූ”ති කෙචි පට‍්ඨන‍්ති, කණ‍්ඩකො නාම අස‍්සරාජා මහාසත‍්තෙන සහ එකස‍්මිංයෙව දිවසෙ ජාතත‍්තා සහජො අහොසින‍්ති අත්‍ථො.

කන්‍ථකො සහජො අහං මෙහි ‘අහං’ යනු නිපාත මාත්‍රයකි. ‘අහු’ යයි ඇතැමෙක් කියති. කන්ථක නම් අශ්වරාජයා මහ බෝසතුන් සමග එකම දිනයෙහි උපන් බැවින් සහජ නම් වූයේය.

අඩ‍්ඪරත‍්තායන‍්ති අඩ‍්ඪරත‍්තියං, මජ‍්ඣිමයාමසමයෙති අත්‍ථො. බොධාය මභිනික‍්ඛමීති ම-කාරො පදසන්‍ධිකරො, අභිසම‍්බොධිඅත්‍ථං මහාභිනික‍්ඛමනං නික‍්ඛමීති අත්‍ථො. මුදූහි පාණීහීති මුදුහත්‍ථතං මහාපුරිසලක‍්ඛණං වදති. ජාලිතම‍්බනඛෙහීති ජාලවන‍්තෙහි අභිලොහිතනඛෙහි. තෙන ජාලහත්‍ථතං මහාපුරිසලක‍්ඛණං තම‍්බනඛතං අනුබ්‍යඤ‍්ජනඤ‍්ච දස‍්සෙති.

අඩ්ඪ රත්තායං අඩ රැයෙහි මධ්‍යම යාමයෙහි යන අර්ථයයි. බොධාය මහනික්‍ඛමී ‘ම’ කාරය පද සම්බන්ධීකරණය සඳහාය. අභිසම්බෝධිය සඳහා මහබිනික්මන් කළේය. මුදුහි පාණිහි මෘදු අත්ල ඇති බව මහා පුරුෂ ලක්‍ෂණයකැයි කියයි. ජාලතම්බනඛෙහි ගිනිදැල් වැනි වර්ණයෙන් යුත් තද රතු නියවලින්, ගිනිදැල් වැනි වර්ණයෙන් යුත් අත්ල, මහා පුරුෂ ලක්‍ෂණය. තඹවන් නියපොතු ඇතිවීම අනුව්‍යඤ්ජන ලක්‍ෂණ යැයි දැක්වේ.

සත්‍ථි නාම ජඞ‍්ඝා, ඉධ පන සත්‍ථිනො ආසන‍්නට‍්ඨානභූතො ඌරුප‍්පදෙසො “සත්‍ථී”ති වුත‍්තො. ආකොටයිත්‍වානාති අප‍්පොඨෙත්‍වා. “වහ සම‍්මා”ති චබ්‍රවීති “සම‍්ම කණ‍්ඩක, අජ‍්ජෙකරත‍්තිං මං වහ, මය‍්හං ඔපවුය‍්හං හොහී”ති ච කථෙසි. වහනෙ පන පයොජනං තදා මහාසත‍්තෙන දස‍්සිතං වදන‍්තො “අහං ලොකං තාරයිස‍්සං, පත‍්තො සම‍්බොධිමුත‍්තම”න‍්ති ආහ. තෙන “අහං උත‍්තමං අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං පත‍්තො අධිගතො හුත්‍වා සදෙවකං ලොකං සංසාරමහොඝතො තාරයිස‍්සාමි, තස‍්මා නයිදං ගමනං යංකිඤ‍්චීති චින‍්තෙය්‍යාසී”ති ගමනෙ පයොජනස‍්ස අනුත‍්තරභාවං දස‍්සෙති.

සත්‍ථි කෙණ්ඩා. මෙහි වනාහි කෙණ්ඩාවල ආසන්න ස්ථානය වන කලවා ප්‍රදේශ සඳහා සත්‍ථි කියන ලදී. ආකොටයිත්‍වාන අත්පොළසන් දී, වහ සම්මාති ච බ්‍රෑවී මිතුරු කන්ථකයෙහි අද එක රැයකට මා උසුලාගෙන යන්න මට උපකාරී වන්න යයි කීය. ඉසිලීමෙහි ප්‍රයෝජනය වනාහි එදා මහබෝසතුන් විසින් දක්වන ලද්දේ යයි කියන්නේ අහං ලොකං තාරයිස්සං පත්තො සම්බොධි මුත්තමං යයි කීය. ඒ හේතුවෙන් මම උත්තම වූ අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණෙන්නෙමි. දෙවියන් සහිත ලොව සසර නමැති මහ දිය පහර තරණය කරන්නෙමි. එහෙයින් මෙය යම්කිසි ගමනක් යනු පමණක් නොවේ යයි සිතන්න යනුවෙන් සිය ගමනේ උතුම් බව දක්වයි.

හාසොති තුට‍්ඨි. විපුලොති මහාඋළාරො. අභිසීසින‍්ති ආසිසිං ඉච‍්ඡිං සම‍්පටිච‍්ඡිං . අභිරූළ‍්හඤ‍්ච මං ඤත්‍වා, සක්‍යපුත‍්තං මහායසන‍්ති පත්‍ථටවිපුලයසං සක්‍යරාජපුත‍්තං මහාසත‍්තං මං අභිරුය‍්හ නිසින‍්නං ජානිත්‍වා. වහිස‍්සන‍්ති නෙසිං.

භාසො සතුට, විපුලො මහත් වූ උදාර වූ. අභිසිං සි ආසිරි පැතූයෙමි. කැමැති වූයෙමි. පිළිගතිමි. අභිරූළ්හඤ්ච ම ඤත්‍වා සක්ක පුත්තං මහායසං පැතිරුණු මහත් යසස් ඇති ශාක්‍ය රාජපුත්‍ර වූ මහබෝසතුන් මාගේ පිට මත නැගී සිටින බව දැන වහිස්සං උසුලාගෙන ගියෙමි. පැමිණවීමි.

පරෙසන‍්ති පරරාජූනං. විජිතන‍්ති දෙසං පරරජ‍්ජං. ඔහායාති විස‍්සජ‍්ජිත්‍වා. අපක‍්කමීති අපක‍්කමිතුං ආරභි. “පරිබ‍්බජී”ති ච පඨන‍්ති. පරිලෙහිසන‍්ති පරිතො ලෙහිං. උදික‍්ඛිසන‍්ති ඔලොකෙසිං.

පරෙසං වෙනත් රජුන්ගේ, විජිතං ප්‍රදේශ, වෙනත් රාජ්‍යයක් ඔහාය අත්හැර, අපක්කමී ඉවත්වීමට ආරම්භ කළේය. ‘පරිබ්බජි’ යයි ද කියත්. පරිලෙහිසං හාත්පසින් ලෙවකෑවෙමි. උදික්‍ඛිතං බැලුවෙමි.

ගරුකාබාධන‍්ති ගරුකං බාළ‍්හං ආබාධං, මරණන‍්තිකං දුක‍්ඛන‍්ති අත්‍ථො. තෙනාහ “ඛිප‍්පං මෙ මරණං අහූ”ති. සො හි අනෙකාසු ජාතීසු මහාසත‍්තෙන දළ‍්හභත‍්තිකො හුත්‍වා ආගතො, තස‍්මා වියොගදුක‍්ඛං සහිතුං නාසක‍්ඛි, “සම‍්මාසම‍්බොධිං අධිගන‍්තුං නික‍්ඛන‍්තො”ති පන සුත්‍වා නිරාමිසං උළාරං පීතිසොමනස‍්සඤ‍්ච උප‍්පජ‍්ජි, තෙන මරණානන‍්තරං තාවතිංසෙසු නිබ‍්බත‍්ති, උළාරා චස‍්ස දිබ‍්බසම‍්පත‍්තියො පාතුරහෙසුං. තෙන වුත‍්තං “තස‍්සෙව ආනුභාවෙනා”ති, ඨානගතස‍්ස පසාදමයපුඤ‍්ඤස‍්ස බලෙන. දෙවො දෙවපුරම‍්හිවාති තාවතිංසභවනෙ සක‍්කො දෙවරාජා විය.

ගරුකා බාධ බරපතළ වූ දරුණු වූ ආබාධයක්, මරණාන්තික දුකක්, එහෙයින් ඛිප්පං මෙ මරණං අහූ එහිදීම මගේ මරණය සිදුවී යයි කීය. ඒ අශ්වයා වනාහී නොයෙක් ජාතීන්හි මහබෝසතුන් සමග දැඩි භක්තියක් ඇතිව පැමිණෙන්නේයි. එහෙයින් වියෝ දුක ඉවසීමට නොහැකි විය. සම්‍යක් සම්බෝධිය ලබාගැනීමට නික්මුණේය අසා නිරාමිස වූ උදාර වූ, ප්‍රීති සොම්නසක් ද උපන්නේ ය. එහෙයින් මරණින් පසු තව්තිසාවෙහි උපන්නේය. ඔහුට උදාර වූ දිව්‍යසැප පහළ විය. එහෙයින් ආනුභාවෙන යයි කියන ලදී. ස්ථානගත වූ ප්‍රසාදමය පුණ්‍ය බලයෙන් දෙවො දෙව පුරම්හි තව්තිසා භවනයෙහි සක්දෙව් රජ මෙන්,

යඤ‍්ච මෙ අහුවා හාසො, සද‍්දං සුත්‍වාන බොධියාති “පත‍්තො සම‍්බොධිමුත‍්තම”න‍්ති පඨමතරං බොධිසද‍්දං සුත්‍වා තදා මය‍්හං හාසො අහු, යං හාසස‍්ස භවනං සුස‍්සනං, තෙනෙව කුසලමූලෙන තෙනෙව කුසලබීජෙන ඵුසිස‍්සන‍්ති ඵුසිස‍්සාමි පාපුණිස‍්සාමි.

යඤ්ච මෙ අහුවා - භාසො සද්දං සුත්‍වාන බොධියා පත්තො සම්බොධි මුත්තමං’ උතුම් සම්මා සම්බුද්ධත්වයට පැමිණියහ. බුදුවීම පිළිබඳව පළමුවම දැනගන්නට ලැබී සතුටු වීමි. ප්‍රීතිය ඇතිවීම සතුට යන යමක් වේනම් තෙනෙව කුසල මූලෙන එම කුසල මූලය හේතුවෙන් ඵුසිස්සං ස්පර්ශ කරන්නෙමි. පැමිණෙන්නෙමි.

එවං දෙවපුත‍්තො යථාධිගතාය අනාගතාය භවසම‍්පත‍්තියා කාරණභූතං අත‍්තනො කුසලකම‍්මං කථෙන‍්තො ඉදානි අත‍්තනා භගවතො සන‍්තිකං ගන‍්තුකාමොපි පුරෙතරං ථෙරෙන සත්‍ථු වන්‍දනං පෙසෙන‍්තො “සචෙ”ති ගාථමාහ. තත්‍ථ සචෙ ගච‍්ඡෙය්‍යාසීති යදි ගමිස‍්සසි. “සචෙ ගච‍්ඡසී”ති කෙචි පඨන‍්ති, සො එවත්‍ථො. මමාපි නං වචනෙනාති න කෙවලං තව සභාවෙනෙව, අථ ඛො මමාපි වචනෙන භගවන‍්තං. වජ‍්ජාසීති වදෙය්‍යාසි, මමාපි සිරසා වන්‍දනන‍්ති යොජනා.

මෙසේ ඒ දේවපුත්‍ර තෙමේ අවබෝධ කරගත් පරිදි අනාගත භව සම්පත්තියට හේතුව තමන්ගේ කුශල කර්මය කියමින්, දැන් තමන් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යනු කැමැත්තේ මමද පළමුව තෙරණුවන් මගින් ශාස්තෲන් වහන්සේ වන්දනා කිරීම පිළිබඳව පණිවුඩ යවනු ලබන්නේ සචෙ යනාදිය කීය. එහි සචෙ ගච්ඡෙය්‍ය ඉදින් යන්නෙහි නම් සචෙගච්ඡසී යයි ඇතැම් අය කියත්. ඒ අර්ථයමය. ‘මමා පි නං වචනෙන හුදෙක් මම ඔබ වෙනුවෙන් පමණක් නොවේ. වැළිදු මගේ වචනයෙන් ද භාග්‍යවතුන් වහන්සේට වඳින්න. වජ්ජාසි කියන්න. මමාපි සිරසා වන්‍දනං මගේ ද හිස නමා වන්දනා කිරීම යන අදහය.

යදිපි දානි වන්‍දනඤ‍්ච පෙසෙමි, පෙසෙත්‍වා එව පන න තිට‍්ඨාමීති දස‍්සෙන‍්තො ආහ “අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං, ජිනං අප‍්පටිපුග‍්ගල”න‍්ති. ගමනෙ පන දළ‍්හතරං කාරණං දස‍්සෙතුං “දුල‍්ලභං දස‍්සනං හොති, ලොකනාථාන තාදින”න‍්ති ආහ.

ඉදින් දැන් වන්දනාව යවම්ද, එය යථා පමණක් නො සිටිමියි දක්වමින් අහම්පි දට්ඨුං ගච්ඡිස්සං ජිනං අප්පථ පුග්ගලං අප්‍රති පුද්ගල වූ බුදුන්වහන්සේ දැකීමට මම ද යන්නෙමි යි කීය. ගමනෙහි දැඩි බව දැක්වීම පිණිස ‘දුල්ලභං දස්සනං හොති ලොක නාථාන තාදිනං’ යනාදිය කීහ.

“සො කතඤ‍්ඤූ කතවෙදී, සත්‍ථාරං උපසඞ‍්කමි; සුත්‍වා ගිරං චක‍්ඛුමතො, ධම‍්මචක‍්ඛුං විසොධයි.

කෘතඥතාවයෙන් යුතු වූ කෘතවේදී වූ හේ තෙමේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹියේය. බුදු වදන් අසා දහම් ඇස පිරිසිදු කරගත්තේය.

“විසොධෙත්‍වා දිට‍්ඨිගතං, විචිකිච‍්ඡං වතානි ච; වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ, තත්‍ථෙවන‍්තරධායථා”ති. –

දෘෂ්ටිගතව තිබූ විචිකිච්ඡාව ද ව්‍රතයන් ද පිරිසිදු කොට ශාස්තෲන් වහන්සේගේ පා වැඳ එහිම අතුරුදහන් වූයේය.

ඉමා ද‍්වෙ ගාථා සඞ‍්ගීතිකාරෙහි ඨපිතා.

මේ ගාථා දෙක සංගීති කාරක තෙරුන් විසින් රචනා කර ඇත.

තත්‍ථ සුත්‍වා ගිරං චක‍්ඛුමතොති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වචනං සුත්‍වා. ධම‍්මචක‍්ඛුන‍්ති සොතාපත‍්තිමග‍්ගං. විසොධයීති අධිගච‍්ඡි. අධිගමොයෙව හි තස‍්ස විසොධනං.

සුත්‍වා ගිරං චක්‍ඛුමතො පස්වදෑරුම් නෙත්වලින් යුක්ත වූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනය අසා - ධම්මචක්‍ඛුං සෝවාන් මාර්ගය විසොධයී අවබෝධ කළේය. අවබෝධ කිරීමට එහි විසෝධන යනුවෙන් අදහස් වේ.

විසොධෙත්‍වා දිට‍්ඨිගතන‍්ති දිට‍්ඨිගතං සමුග‍්ඝාතෙත්‍වා. විචිකිච‍්ඡං වතානි චාති සොළසවත්‍ථුකං අට‍්ඨවත්‍ථුකඤ‍්ච විචිකිච‍්ඡඤ‍්ච “සීලබ‍්බතෙහි සුද‍්ධී”ති පවත‍්තනකසීලබ‍්බතපරාමාසෙ ච විසොධයීති යොජනා. තත්‍ථ හි සහ පරියායෙහි තථා පවත‍්තා පරාමාසා “වතානී”ති වුත‍්තං. සෙසං වුත‍්තනයමෙව.

විසොධෙත්‍වා දිට්ඨිගතං දෘෂ්ටිගතව තිබූ අදහස් උගුළුවා දමා විචිකිච්ඡං වතානි සොළසක් වූද, අලුත් වූද විචිකිච්ඡා සීලව්‍රතයන් මගින් පිරිසිදු වේය යන අදහසින් පවත්වන ශීල ව්‍රතයන් තදින් අල්ලාගෙන සිටීම් ද සෝදා හළේය යන අදහසයි. එහිදී වනාහි සහ පරියාය යන වචනයෙන් එසේ අල්වාගැනීම් හා ව්‍රතයන් කියන ලදී. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.

කණ‍්ඩකවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

කන්‍ථක විමාන වර්ණනාව නිමියේ ය.