8. අනෙක වණ්ණ විමානවණ්ණනා අට්ඨකථා
8. අනෙක වණ්ණ විමානවණ්ණනා
8. අනේකවණ්ණ විමාන වර්ණනා
අනෙකවණ්ණං දරසොකනාසනන්ති අනෙකවණ්ණවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙන දෙවචාරිකං චරන්තො තාවතිංසභවනං අගමාසි. අථ නං අනෙකවණ්ණො දෙවපුත්තො දිස්වා සඤ්ජාතගාරවබහුමානො උපසඞ්කමිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. ථෙරො –
අනෙක වණ්ණං දර සොක නාසනං යනුවෙන් අනෙක වරණ විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් විහාරයේ වැඩවාසය කරන කල්හි ආයුෂ්මත් මහ මුගලන් හිමියෝ පෙර සඳහන් කළ අයුරින්ම දිව්‍යලෝක චාරිකාව කරමින් තව්තිසා දෙව්ලොවට වැඩි අවස්ථාවේ අනේකවර්ණ නම් දිව්‍යපුත්‍රයා උන්වහන්සේ දැක සමීපයට පැමිණ ඇඳිලි බැඳ සිටියේය. එම දෙවියන් ලවාම ඔහුගේ සම්පත් කියවාගනු පිණිස ඔහු විසින් කරන ලද පුණ්‍යකර්මයන් පිළිබඳ විස්තර විචාළහ.
“අනෙකවණ්ණං දරසොකනාසනං, විමානමාරුය්හ අනෙකචිත්තං; පරිවාරිතො අච්ඡරාසඞ්ගණෙන, සුනිම්මිතො භූතපතීව මොදසි.
අනෙක වණ්ණං දර සොක නාසනං විමාන මාරුය්හ අනෙක විත්තං පරිවාරිතො අච්ඡරා සංගණෙන සුනිම්මිතො භූතපතීච මොදසි
බොහෝ වර්ණ ඇති සිත් සෝක පරිළාහ නසන බෙහෙවින් විචිත්‍ර වූ විමානයට ඇතුල් වී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව, මනාව පිළියෙළ වූ, දෙව්රජෙකු මෙන් සතුටු වන්නෙහිය.
“සමස්සමො නත්ථි කුතො පනුත්තරො, යසෙන පුඤ්ඤෙන ච ඉද්ධියා ච;
සමස්සමො නත්ථි කුතො පනුත්තරො, යසෙන පුඤ්ඤෙනච ඉද්ධියාච
යසසින් ද පිනෙන් ද, ඍද්ධියෙන් ද ඔබට සම වූවෙක් නැත. එබැවින් ඔබට වැඩි වූවෙක් කොයින්ද?
සබ්බෙ ච දෙවා තිදසගණා සමෙච්ච, තං තං නමස්සන්ති සසිංව දෙවා; ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො, නච්චන්ති ගායන්ති පමොදයන්ති.
සබ්බෙව දෙවා තිදසගණා සමෙච්ච තන්තං නමස්සන්ති සසිංච දෙවා ඉමා ච තෙ අච්ඡරායො සමන්ත තො නච්චන්ති ගායන්ති පමොදයන්ති
තිදසපුරේ වැසි සියලු දේව සමූහයා එක්ව එබඳු ඔබ චන්ද්‍ර දේවතාවාට මෙන් නමස්කාර කරයි. ඔබගේ අප්සරාවෝ ද හාත්පසින් නටත්. ගයත්. වයත්. ඔබ ප්රමෝදයට පත් කරත්.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො, මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
ඔබ දිව්‍යමය සෘද්ධියට පැමිණියේය. මහානුභාව ඇත්තේය. ඔබේ ශරීර වර්ණය ද සියලු දිසාවන් ආලෝකමත් කරයි. මේ සමාපත්තීන් ලබන්නට ඔබ මනුස්ස ලෝකයේ දී කවර නම් පින්කම් කළේද? මේ කවරනම් පින්වල විපාක වශයෙන් මෙම සම්පත් ලැබුවේද?
අධිගතසම්පත්තිකිත්තනමුඛෙන කතකම්මං පුච්ඡි. තං දස්සෙතුං –
මේ අන්දමට සම්පත් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්‍යකර්මයන් කවරේද?
“සො දෙවපුත්තො අත්තමනො…පෙ…යස්ස කම්මස්සිදං ඵල”න්ති. –
ඒ දේවපුත්‍රයා මුගලන් හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම් වශයෙන්,
වුත්තං. සොපි –
“අහං භදන්තෙ අහුවාසි පුබ්බෙ, සුමෙධනාමස්ස ජිනස්ස සාවකො; පුථුජ්ජනො අනනුබොධොහමස්මි, සො සත්ත වස්සානි පරිබ්බජිස්සහං.
ස්වාමීනි! මම පෙර සුමේධ බුදුන් දවස උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමි. මම සත්‍යය අවබෝධ නොකොට පෘථග්ජනයෙක්ව සත් වසක් පැවිද්දෙක් පමණක් වීමි.
“සොහං සුමෙධස්ස ජිනස්ස සත්ථුනො, පරිනිබ්බුතස්සොඝතිණ්ණස්ස තාදිනො; රතනුච්චයං හෙමජාලෙන ඡන්නං, වන්දිත්වා ථූපස්මිං මනං පසාදයිං.
කෙලෙස්වලින් එතෙර වූ රහත් වූ, ශාස්තෲ වූ සුමේධ සර්වඥයන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේ වෙනුවෙන් නිමා වූ රන්දැලකින් ආවරණය කර තිබූ ධාතු චෛත්‍යයෙහි සිත පහදවා ගතිමි.
“න මාසි දානං න ච මත්ථි දාතුං, පරෙ ච ඛො තත්ථ සමාදපෙසිං; පූජෙථ නං පූජනීයස්ස ධාතුං, එවං කිර සග්ගමිතො ගමිස්සථ.
මා විසින් දන් නොදෙන ලදී. දන් දීමට යමක් මා වෙත නොතිබිණ. පූජනීය වූ ඒ ධාතු පුදන්නකු වී මෙසේ කොට මෙලොවින් ස්වර්ගයට යන්නැයි අනුන්ද පෙළඹවීමි.
“තදෙව කම්මං කුසලං කතං මයා, සුඛඤ්ච දිබ්බං අනුභොමි අත්තනා; මොදාමහං තිදසගණස්ස මජ්ඣෙ, න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣග”න්ති. – කථෙසි;
මා විසින් කරන ලද කුශල කර්මය මෙය වෙයි. මම දැන් දෙව්සැප විඳිමි. තිදසපුරේ දිව්‍ය සමූහයා මැද මම සතුටින් වෙසෙමි.
ඉතො කිර තිංසකප්පසහස්සෙ සුමෙධො නාම සම්මාසම්බුද්ධො ලොකෙ උප්පජ්ජිත්වා සදෙවකං ලොකං එකොභාසං කත්වා කතබුද්ධකිච්චො පරිනිබ්බුතො, මනුස්සෙහි ච භගවතො ධාතුං ගහෙත්වා රතනචෙතියෙ කතෙ අඤ්ඤතරො පුරිසො සත්ථු සාසනෙ පබ්බජිත්වා සත්ත වස්සානි බ්රහ්මචරියං චරිත්වා අනවට්ඨිතචිත්තතාය කුක්කුච්චකො හුත්වා උප්පබ්බජි. උප්පබ්බජිතො ච සංවෙගබහුලතාය ධම්මච්ඡන්දවන්තතාය ච චෙතියඞ්ගණෙ සම්මජ්ජනපරිභණ්ඩාදීනි කරොන්තො නිච්චසීලඋපොසථසීලානි රක්ඛන්තො ධම්මං සුණන්තො අඤ්ඤෙ ච පුඤ්ඤකිරියාය සමාදපෙන්තො විචරි. සො ආයුපරියොසානෙ කාලකතො තාවතිංසෙසු නිබ්බත්ති. සො පුඤ්ඤකම්මස්ස උළාරභාවෙන මහෙසක්ඛො මහානුභාවො සක්කාදීහි දෙවතාහි සක්කතපූජිතො හුත්වා තත්ථ යාවතායුකං ඨත්වා තතො චුතො අපරාපරං දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන තාවතිංසභවනෙ නිබ්බත්ති, “අනෙකවණ්ණො”ති නං දෙවතා සඤ්ජානිංසු. තං සන්ධාය වුත්තං “අථ නං අනෙකවණ්ණො දෙවපුත්තො…පෙ… න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගන්ති කථෙසී”ති.
මෙයින් කල්ප තිදහසකට පෙර සුමේධ නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වී දෙවියන් සහිත ලෝකයා එකසේ ආලෝකවත් කොට කරන ලද බුදුකිස ඇත්තේ, පිරිනිවි සේක. මිනිසුන් විසින් සර්වඥයන්ගේ ධාතූන් ගෙන රත්නමය චෛත්‍යයක් කරවන ලදී. මෙහි එක් පුරුෂයෙක් ශාස්තෲ ශාසනයෙහි පැවිදි වී සත්වසරක් මහණදම් පුරා චංචල වූ සිත් ඇතිව උපැවිදි වූයේය. උපැවිදි වූයේ නමුදු සංවේග බහුලභාවය ද ධර්මයට ඇති කැමැත්ත ද හේතුකොට ගෙන චෛත්‍ය අංගනය හැමදීම් පිරිසිදු කිරීම් පිරිබඩගෑම් ආදිය කරමින් නිත්‍ය සීලය උපෝසථ සීල ආදිය රකිමින් දහම් අසමින් අන් අයද පින්කම්හි සමාදන් කරවමින් කල්ගත කළේය. ආයු කෙළවර කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. ඔහුගේ පුණ්‍යකර්මයේ උදාරභාවය හේතුකොටගෙන මහේශාක්‍ය වූයේ මහානුභාව සම්පන්න වූයේ ශක්‍ර ආදී දෙවිවරුන් විසින් සකස්කොට පුදනු ලබන්නෙක් වී, එහි ආයු කෙළවර එයින් චුත වී මතු මත්තෙහි ද දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ මේ බුද්ධෝත්පාද කාලයේත් ඒ කුසල කර්මය ඉතිරිව තිබුණු බැවින් තව්තිසාවෙහි උපන්නේය. දේවතාවෝ ඔහු ‘අනේකවර්ණ’ යන නමින් හැඳින්වූහ. ඒ සඳහා මෙසේ කියන ලදී. ‘අථනං අනෙක වණ්ණෙ දෙවපුත්තො -පෙ- න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගන්ති කථෙසි’
තත්ථ අනෙකවණ්ණන්ති නීලපීතාදිවසෙන විවිධවණ්ණතාය අනන්තරවිමානාදීනං විවිධසණ්ඨානතාය ච නානාවිධවණ්ණං. දරසොකනාසනන්ති සීතලභාවෙන දරථපරිළාහානං විනොදනතො මනුඤ්ඤතාය දස්සනීයතාය ච සොකස්ස අනොකාසතො දරසොකනාසනං. අනෙකචිත්තන්ති නානාවිධචිත්තරූපං. සුනිම්මිතො භූතපතීවාති තාවතිංසකායිකොපි උළාරදිබ්බභොගතාය සුනිම්මිතදෙවරාජා විය මොදසි තුස්සසි අභිරමසි.
එහි අනෙකවණ්ණං නීල පීත ආදී වශයෙන් විවිධ වර්ණ ඇති බැවින් ද ආසන්නයේ ඇති විමානයේ විවිධ සටහන් හා විවිධ වර්ණ ඇති බැවින් ද, නානාවිධ වර්ණ - දර සොක නාසනං සීතලභාවය නිසා විඩාව ඩාහය දුරුකිරීමෙන් සිතේ සතුට ඇති බැවින් ද විඩාව ශෝකය නැති කිරීම සිදුවේ. අනෝමා චිත්තං නොයෙක් ආකාරයේ චිත්ත රූප. සුනිම්මතො භූතපතීච තව්තිසාවේ වෙසෙසින්ම උදාර වූ දිව්‍ය සම්පත් නිසා මනාව පිළියෙළ වූ දිව්‍යරාජයා මෙන්, මොදසි සතුටු වන්නෙහි ප්‍රීති වන්නෙහි.
සමස්සමොති සමො එව හුත්වා සමො, නිබ්බරියායෙන සදිසො තෙ තුය්හං නත්ථි, කුතො පන කෙන කාරණෙන උත්තරි අධිකො කො නාම සියා. කෙන පන සමතා උත්තරිතරතා චාති ආහ “යසෙන පුඤ්ඤෙන ච ඉද්ධියා චා”ති. තත්ථ යසෙනාති පරිවාරෙන. ඉද්ධියාති ආනුභාවෙන. යසෙනාති වා ඉස්සරියෙන, ඉද්ධියාති දෙවිද්ධියා. යසෙනාති වා විභවසම්පත්තියා, ඉද්ධියාති යථිච්ඡි තස්ස කාමගුණස්ස ඉජ්ඣනෙන. යසෙනාති වා කිත්තිඝොසෙන, ඉද්ධියාති සමිද්ධියා. පුඤ්ඤෙනාති තත්ථ තත්ථ වුත්තාවසිට්ඨපුඤ්ඤඵලෙන, පුඤ්ඤකම්මෙනෙව වා.
සමස්සමො සමාන තත්ත්වයටම පත් වී, ඔවුහු ඔබට සමාන නොවෙති යන අදහසයි. කුතොපන කිනම් කරුණකින් උසස් වූයේද, කවරෙක් නම් වන්නේද, කවරනම් කරුණකින් සමාන වෙත්ද, උත්තරීතර වන්නේදැයි ඇසීය. යසෙන පුඤ්ඤෙන ච ඉද්ධියා යසෙන පිරිවරින් ඉද්ධියා ආනුභාවයෙන්, යසෙන යනු සම්පත්තියෙන් ද, ඉද්ධියා යනු දිව්‍යමය ඍද්ධියෙන් ද, දිව්‍යමය ආනුභාවයෙන් ද යනුවෙන් ද අරුත් දැක්විය හැක. යසෙන යනු වස්තු සම්පත්තියෙන් ද, ඉද්ධියා යන්නෙන් තමන් කැමති දිව්‍යමය කාම සම්පත්තිය යනුවෙන් ද අරුත් දැක්වීමටද පුළුවන. යසෙන යනු කීති ඝෝෂාවන් යයි ද, ඉද්ධියා යනු සමෘද්ධියෙන් යනුවෙන් යයි ද අරුත් දැක්විය හැක. පුඤ්ඤෙන ඒ ඒ තන්හි විඳිනු ලැබීමෙන් ඉතිරි වූ පින් ඵලයෙන්.
“සබ්බෙ ච දෙවා”ති සාමඤ්ඤතො ගහිතමත්ථං “තිදසගණා”ති ඉමිනා විසෙසෙත්වා වුත්තං. එකච්චස්ස පච්චෙකං නිපච්චකාරං කරොන්තාපි පමුදිතා න කරොන්ති , න එවමෙතස්ස . එතස්ස පන පමුදිතාපි කරොන්තියෙවාති දස්සෙතුං “සමෙච්චා”ති වුත්තං. තං තන්ති තං ත්වං. සසිංව දෙවාති යථා නාම සුක්කපක්ඛපාටිපදියං දිස්සමානං සසිං චන්දං මනුස්සා දෙවා ච ආදරජාතා නමස්සන්ති, එවං තං සබ්බෙපි තිදසගණා නමස්සන්තීති අත්ථො.
සබ්බෙව දෙවා යන්නෙන් සාමාන්‍ය ස්වභාවයෙන් ගන්නා ලද තිදස ගණා තිදස්පුර දේව සමූහයා - එය මෙයින් විශේෂකොට කියන ලදී. ඇතැමෙකුට වෙන් වෙන්ව ගෞරව කිරීම් කරන්නේ නමුදු සතුටකින් එසේ නොකරති. එහෙත් මේ දිව්‍යපුත්‍රයාට එසේ නොවේ. මොහුට වනාහි සතුටකින්ම එසේ කරන්නේ යයි දක්වයි. සමෙච්ච එක්වී යනුවෙන් කියන ලද්දේය. තං තං ඒ ඔබ සසිංව දෙවා යම්සේ පූර්ව පක්ෂයේ පළමු දිනයේ පෙනෙන හාවාගේ සලකුණු සහිත චන්ද්‍රයාට මිනිස්සු ද දෙවියෝ ද ආදරයෙන් නමස්සති නමස්කාර කරන්නේද, එසේම මේ දේවතාවාට සියලුම, තිදසගණා නමස්සන්ති දෙවියෝ නමස්කාර කරත්.
භදන්තෙති ථෙරං ගාරවබහුමානෙන සමුදාචරති. අහුවාසින්ති අහොසිං. පුබ්බෙති පුරිමජාතියං. සුමෙධනාමස්ස ජිනස්ස සාවකොති සුමෙධොති එවං පාකටනාමස්ස සම්මාසම්බුද්දස්ස සාසනෙ පබ්බජිතභාවෙන සාවකො. පුථූජ්ජනොති අනරියො. තත්ථාපි සච්චානං අනුබොධමත්තස්සාපි අභාවෙන අනනුබොධො. සො සත්ත වස්සානි පරිබ්බජිස්සහන්ති සො අහං සත්ත සංවච්ඡරානි පබ්බජ්ජාගුණමත්තෙන විචරිං, උත්තරිමනුස්සධම්මං නාධිගච්ඡින්ති අධිප්පායො.
භදන්තෙ තෙරණුවන් පිළිබඳව ගරුබුහුමනින් යුතුව සඳහන් කර අහුවාසිං වූයෙමි. පුබ්බෙ පෙර භවයෙහි. සුමෙධ නාමස්ස ජිනස්ස සාවකො සුමේධ නමින් ප්‍රසිද්ධ වූ සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පැවිදි වූ බැවින් ශ්‍රාවකයෙක් යයි කියවේ. පුථුජ්ජනො ආර්ය භාවයට නො පැමිණි - එහිදී සත්‍යයන් අවබෝධ කිරීමේ මාත්‍රයක් නොමැති වීම නිසා අනනුබෝධ යයි දැක්වේ. සො සත්තවස්සානි පරිබ්බජිස්සනං ඒ මම අවුරුදු හතක් පැවිදි ගුණ පමණකින් වාසය කළෙමි. උතුරු මිනිස්දම්වලට නොපැමිණියෙමි.
රතනුච්චයන්ති මණිකනකාදිරතනෙහි උච්චිතං උස්සිතරතනචෙතියං. හෙමජාලෙන ඡන්නන්ති සමන්තතො උපරි ච කඤ්චනජාලෙන පටිච්ඡාදිතං. වන්දිත්වාති පඤ්චපතිට්ඨිතෙන තත්ථ තත්ථ පණාමං කත්වා. ථූපස්මිං මනං පසාදයින්ති “සබ්බඤ්ඤුගුණාධිට්ඨානාය වත ධාතුයා අයං ථූපො”ති ථූපස්මිං චිත්තං පසාදෙසිං.
තෙනුච්චයං මැණික් රත්රන් ආදී රත්නයන්ගෙන් උසස්කොට සාදන ලද උස් වූ රත්න චෛත්‍යය, හෙම ජාලෙන ඡන්නං අවටින් ද හාත්පසින්ද රන්දැලකින් වසන ලද. වන්දිත්වා වැඳ ඒ ඒ තන්හි දී පසඟ පිහිටුවා වැඳ, ථූපස්මිං මනං පසාදයිං මේ ස්තූපය සර්වඥයන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම් වශයෙන් කරන ලද්දේ යයි චෛත්‍ය කෙරෙහි සිත පහදවා ගතිමි.
න මාසි දානන්ති මෙ මයා කතං දානං නාසි නාහොසි. කස්මා පන? න ච මෙත්ථි දාතුන්ති මෙ මම පරිග්ගහභූතං දානං දාතුං න අත්ථි, න කිඤ්චි දෙය්යවත්ථු විජ්ජති, පරෙ ච ඛො සත්තෙ තත්ථ දානෙ සමාදපෙසිං. “පරෙසඤ්ච තත්ථ සමාදපෙසි”න්ති ච පඨන්ති, තත්ථ පරෙසන්ති උපයොගත්ථෙ සාමිවචනං දට්ඨබ්බං . පූජෙථ නන්තිආදි සමාදපනාකාරදස්සනං, තං ධාතුන්ති යොජනා. එවං කිරාති කිර-සද්දො අනුස්සවත්ථො.
සමාසිදානං මා විසින් කරන ලද දන් දීමක් නැත. ඒ කුමක් නිසාද යත්, නචමත්ථ දාතුං දන් වශයෙන් දීමට යමක් නොතිබුණු නිසා. පරෙච ඛො අනෙක් සත්ත්වයන්, තත්ථ එම දානයෙහි සමාදපෙසිං සමාදන් කරවීමි. ‘පරෙසඤ්ච තත්ථ සමාදපෙ’ යනුවෙන් ද පාඨයකි. එහි ‘පරෙසං’ යනු උපයෝග වචනයෙහි සම්බන්ධ විභක්ති වචනයි. පූජෙථ නං ආදිය සමාදන් කරවන ආකාරය දැක්වීම පිණිස කියන ලදී. එයට ධාතුං යයි යෙදිය යුතුය. එවං කිරා කිර ශබ්දය බැහැරින් අසන්නට ලැබෙන්නකි.
න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගන්ති තස්ස තදා සුමෙධං භගවන්තං උද්දිස්ස කතස්ස පුඤ්ඤකම්මස්ස පරික්ඛයං නාධිගච්ඡිං, තස්සෙව කම්මස්ස විපාකාවසෙසං පච්චනුභොමීති දස්සෙති. යං පනෙත්ථ න වුත්තං, තං හෙට්ඨා වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙවාති දට්ඨබ්බං.
නතස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගං එකල්හි සුමේධ බුදුන් උදෙසා එම පින් කිරීමේ නිමවීමකට නොපැමිණියෙමි. ඒ පුණ්‍යකර්මයේ ඉතිරි වූ විපාක විඳගනිමියි දැක්වේ. මෙහි යමක් කියන ලද්දේ ද එය පෙර කියන ලද පරිදිම දතයුත්තේය. මනාව දැකිය හැකි වන්නේය.
මෙසේ තෙරණුවෝ ඒ දිව්‍යපුත්‍රයා විසින් තමාගේ පෙර පින්කම් දක්වන ලද කල්හි පිරිස සහිත වූ ඔහුට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට කීහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පුවත අර්ථෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව දෙවියන් සහිත ලෝකයාට ප්‍රයෝජනවත් විය.
අනෙකවණ්ණවිමානවණ්ණනා නිට්ඨිතා.
අනෙක වණ්ණ විමාන වර්ණනාව නිමියේ ය.