යෙදුමෙන් කියවන්න

අනෙක වණ‍්ණ විමානං

7. 8.

7. 8.

1200. අනෙකවණ‍්ණං දරසොකනාසනං විමානමාරුය‍්හ අනෙකචිත‍්තං පරිවාරිතො අච‍්ඡරාසංගණෙන සුනිම‍්මිතො භූතපතීව මොදසි.

1200. නොයෙක් පැහැ ඇති පරිදාහයන් හා ශෝක නසන්නා වූ නොයෙක් ලෙසින් විසිතුරු වූ විමානයට නැඟී දිව්‍යප්සරා සමූහයා විසින් පිරිවරන ලදුයේ සුනිර්මිත දිව්‍යරාජයා මෙන් සතුටු වෙහි.

1201. සමස‍්සමො නත්‍ථි කුතොපනුත‍්තරො, යසෙන පුඤ‍්ඤෙන ච ඉද‍්ධියා ච.

1201. යසසින් පිනෙන් හා ඉදුහයෙන් ඔබ හා සමාන වූවෙක් නැත. ඔබට ශ්‍රේෂ්ඨ වූයෙක් කොයින් ද?

1202. සබ‍්බෙ ච දෙවා තිදසගණා සමෙච‍්ච තං තං නමස‍්සන‍්ති සසිංව දෙවා ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති.

1202. සියලු තිදස් වැසි දේවසමූහයෝ එක් ව දෙවි මිනිසුන් චන්‍ද්‍රයාට මෙන් ඒ ඔබට වඳිත්. තාගේ මේ දිව්‍යප්සරාවෝ ද හාත්පසින් නටති, ගයති, ප්‍රමුදිත වෙත්.

1203. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

1203. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?

1204. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

1204. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.

1205. අහං භදන‍්තෙ අහුවාසිං පුබ‍්බෙ සුමෙධනාමස‍්ස ජිනස‍්ස සාවකො පුථුජ‍්ජනො අනවබොධොහමස‍්මිං සො සත‍්තවස‍්සානි පරිබ‍්බජිස‍්සහං.

1205. වහන්ස, මම පෙරැ සුමේධ නම් වූ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූයෙමි. මම අධිගම රහිත වූ පෘථජ්ජනයෙක් වූයෙමි. ඒ මම සත් වසක් පැවිදි ගුණ මාත්‍රයෙන් හැසුරුණෙමි.

1206. ස‍්වාහං සුමෙධස‍්ස ජිනස‍්ස සත්‍ථුනො පරිනිබ‍්බුතස‍්සොඝතිණ‍්ණස‍්ස තාදිනො රතනුච‍්චයං හෙමජාලෙන ඡන‍්නං වන්‍දිත්‍වා ථූපස‍්මිං මනං පසාදයිං.

1206. ඒ මම පිරිනිවියා වූ චතුරෝඝය තරණය කළා වු තාදී ගුණ ඇති පස්මරුන් දිනූ සුමේධ නම් ශාස්තෲන් වහන්සේගේ හාත්පසින් කසුන් දැලින් වැසි රුවනින් කළ ධාතුචෛත්‍යයට වැඳ එහි සිත පැහැදවීමි.

1207. න මාසි දානං න ච මත්‍ථි දාතුං පරෙ ච ඛො තත්‍ථ සමාදපෙසිං පූජෙථ නං පූජනීයස‍්ස ධාතුං එවං කිර සග‍්ගමිතො ගමිස‍්සථ.

1207. මා විසින් දෙනලද දානයෙක් නම් නො වී ය. දෙන්නට මට දෙය්‍යවස්තුවෙකුදු නැත. පිදියයුත්තහුගේ ධාතූන් පුදවු. මෙසේ මෙලොවින් ච්‍යුත ව ස්වර්‍ගයට යන්නහු යයි එහි අනුන් සමාදන් කරවූයෙමි.

1208. තදෙව කම‍්මං කුසලං කතං මයා සුඛඤ‍්ච දිබ‍්බං අනුභොමි අත‍්තනා මොදාමහං තිදසගණස‍්ස මජ‍්ඣෙ න තස‍්ස පුඤ‍්ඤස‍්ස ඛයම‍්පි අජ‍්ඣගන‍්ති.

1208. මා විසින් ඒ කුසල කර්‍මය කරන ලදී. (එහි විපාක විසින්) මම දිව සැපත් අනුභව කරමි. තිදස් වැසි දේවගණයා මැද මම සතුටු වෙමි. ඒ පුණ්‍යයාගේ ක්‍ෂයට ද නො පැමිණියෙමි.

අනෙක වණ‍්ණ විමානං.

අනේකවණ්ණ විමාන යි.