යෙදුමෙන් කියවන්න

මට‍්ටකුණ‍්ඩලී විමානං

7. 9.

7. 9.

1209. අලඞ‍්කතො මට‍්ටකුණ‍්ඩලී මාලාධාරී හරිචන්‍දනුස‍්සදො බාහාපග‍්ගය‍්හ කන්‍දසි වනමජ‍්ඣෙ කිං දුක‍්ඛිතො තුවන‍්ති.

1209. අලඞ්කෘත වූයෙහි මටකොඬොල් ඇතියෙහි මල්බර ඇතියෙහි රන්වන් සඳුන් ඇතියෙහි වනමැද දෙ අත් බැඳගෙන හඬනෙහි. තෝ කුමක් හෙයින් දුකට පැමිණියෙහි ද?

1210. සොවණ‍්ණමයො පභස‍්සරො උප‍්පන‍්නො රථපඤ‍්ජරො මම තස‍්ස චක‍්කයුගං න වින්‍දාමි තෙන දුක‍්ඛෙන ජහිස‍්සංජීවිතන‍්ති.

1210. රන්මුවා වූ පැහැ විහිදෙන රිය මැදිරියෙක් මට උපන. එයට සක් යුවළක් නො ලබමි. ඒ දුකින් දිවි හරින්නෙමි.

1211. සොවණ‍්ණමයං මණිමයං ලොහිතඞ‍්කමයං අථ රූපියාමයං ආචික‍්ඛ මෙ භද‍්ද මාණව චක‍්කයුගං පටිලාභයාමි තෙති.

1211. සොඳුරු මාණවකය, මට කියව. රන්මුවා වූ හෝ මිණිමුවා වූ හෝ රන්මිණිමුවා වූ වැළි රිදීමුවා වූ හෝ සක් යුවළක් තට ලබාදෙමි.

1212. සො මාණවො තස‍්ස පාවදි චන්‍දසුරියා උභයෙත්‍ථ දිස‍්සරෙ සොවණ‍්ණමයො රථො මම තෙන චක‍්කයුගෙන සොභතීති.

1212. ඒ මාණවක තෙමේ ඔහුට මෙසේ කී ය. මෙහි සඳ හිරු දෙදෙන පැනෙත්, මාගේ රන්මුවා රිය ඒ සක් යුවළින් හොබී.

1213. බාලො ඛො ත්‍වමසි මාණව යො ත්‍වං පත්‍ථයසෙ අපත්‍ථියං මඤ‍්ඤාමි තුවං මරිස‍්සසි නහි ත්‍වං ලච‍්ඡසි චන්‍දසුරියෙති.

1213. මාණවකය, යම්බඳු වූ තෝ නො පැතියයුත්තක් පතනෙහි ද? ඒ තෝ බාලයෙක් ම වෙහි. තෝ මැරෙන්නෙහි යයි හඟිමි. තෝ සඳ හිරු දෙදෙනා නො මැ ලබන්නෙහි ය.

1214. ගමනාගමනම‍්පි දිස‍්සති වණ‍්ණධාතු උභයත්‍ථ වීථියා පෙතො පන කාලකතො න දිස‍්සති කොනිධ කන්‍දතං බාල්‍යතරොති.

1214. මේ අහසෙහි යාම් ඊම් පෙනෙයි. පැහැ සටහන් ද පෙනෙයි. උභය වීථිහු ද පෙනෙත්. කලුරිය කළ පරලොව ගිය පුද්ගලයා නො පෙනෙයි. මෙහි වලප්නවුන් අතුරෙන් කවරෙක් නම් ඉතා අඥාන වෙයි ද?

1215. සච‍්චං ඛො වදෙසි මාණව අහමෙව කන්‍දතං බාල්‍යතරො චන්‍දං විය දාරකො රුදං පෙතං කාලකතාභිපත්‍ථයන‍්ති.

1215. මාණවකය, සැබවක් ම කියහි. සඳ ඉල්ලා හඬන දරුවකු මෙන් කලුරිය කළ පරලොව ගිය තැනැත්තහු පතන මම් ම වලප්නවුන් අතුරෙන් ඉතා අඥාන වෙමි.

1216. ආදිත‍්තං වත මං සන‍්තං ඝතසිත‍්තංව පාවකං, වාරිනා විය ඔසිඤ‍්චං සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

1216. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ඇවිලගත්තකු වූ ම මා දියෙන් ඉසින්නක්හු මෙන් හැම කාය චිත්ත දරථ එකැතින් නිවුයෙහි ය.

1217. අබ‍්බහී වත මෙ සල‍්ලං සොකං හදයනිස‍්සිතං, යො මෙ සොකපරෙතස‍්ස පුත‍්තසොකං අපානුදි.

1217. යමෙක් සොවින් මඬනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද හෙතෙම මාගේ හෘදය ඇසුරු කළ ශෝක නැමැති හුල උපුළේ ය.

1218. ස‍්වාහං අබ‍්බූළ‍්හ සල‍්ලොස‍්මි සීතිභූතොස‍්මි නිබ‍්බුතො, න සොචාමි න රොදාමි තව සුත්‍වාන මාණවාති.

1218. මාණවකය, ඒ මම තාගේ අනුසසුන් අසා ඉදුරූ හුල් ඇතියෙම් වෙමි, සිහිල් වූයෙම් වෙමි, නිවියෙම් වෙමි, ශෝක නො කරමි, නො හඬමි.

1219. දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො කථං ජානෙමු තං මයන‍්ති.

1219. දෙවියෙක් හෝ වෙහි ද? ගඳඹෙක් හෝ වෙහි ද? නොහොත් පුරින්‍දද නම් වූ සක්දෙව්රද වෙහි ද තෝ කවරෙක් හෝ වෙහි ද කවරකුගේ පුතෙක් හෝ වෙහි ද? අපි එ කරුණ කෙසේ දනුමෝ ද?

1220. යඤ‍්ච කන්‍දසි යඤ‍්ච රොදසි පුත‍්තං ආළාහනෙ සයං දහිත්‍වා ස‍්වාහං කුසලං කරිත්‍වා කම‍්මං තිදසානං සහව්‍යතං පත‍්තොති.

1220. තෙමේ පුතා සොහොනෙහි දවා යමකු සඳහා හඬනෙහි ද? යමකු සඳහා වලප්නෙහි ද? (තා පුත්) ඒ මම කුසල් කම් කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.

1221. අප‍්පං වා බහුං වා නාද‍්දසාම දානං දදන‍්තස‍්ස සකෙ අගාරෙ උපොසථකම‍්මං වා තාදිසං කෙන කම‍්මෙන ගතොසි දෙවලොකන‍්ති.

1221. සියගෙයි දී ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙනු නො දුටුම්හ. එබඳු පෙහෙවස් විසීමක් හෝ අන් පින් කමක් හෝ නො දුටුම්හ. කිනම් කර්‍මයෙකින් දෙව්ලොවට ගියෙහි ද?

1222. ආබාධිකොහං දුක‍්ඛිතො ගිලානො ආතුරරූපොම‍්හි සකෙ නිවෙසනෙ බුද‍්ධං විගතරජං විතිණ‍්ණකඞ‍්ඛං අද‍්දක‍්ඛිං සුගතං අනොමපඤ‍්ඤං.

1222. මම සිය නිවෙස්හි උපන්රෝග ඇතියෙම් දුකට පැමිණියෙම් දැඩිගිලන්බැව් ඇතියෙම් ආතුරස්වභාව ඇතියෙම් වෙමි. (එකල්හි) සිවුසස් දැනගත් පහවූ කෙලෙස් ඇති දුරු කළ සැක ඇති. අලාමක නුවණ ඇති සුගතයන් වහන්සේ දුටුවෙමි.

1223. ස‍්වාහං මුදිතමනො පසන‍්නචිත‍්තො අඤ‍්ජලිං අකරිං තථාගතස‍්ස තාහං කුසලං කරිත්‍වාන කම‍්මං තිදසානං සහව්‍යතං පත‍්තොති.

1223. ඒ මම සතුටු සිත් ඇතියෙම් පහන් සිත් ඇතියෙම් තථාගතයන්ට ඇඳිලි කෙළෙමි. මම එ කුශලකර්‍මය කොට දෙවියන්ගේ සහබවට පැමිණියෙමි.

1224. අච‍්ඡරියං වත අබ‍්භුතං අඤ‍්ජලිකම‍්මස‍්ස අයමීදිසො විපාකො අහම‍්පි මුදිතමනො පසන‍්නචිත‍්තො අජ‍්ජෙව බුද‍්ධං සරණං වජාමීති.

1224. අඤ්ජලිකර්‍මයාගේ මෙබඳු මේ විපාකය ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. ඒකාන්තයෙන් විස්මයෙකි. මමත් සතුටුසිත් ඇතියෙම් පහන්සිත් ඇතියෙම් අද ම බුදුන් සරණ යෙමි.

1225. අජ‍්ජෙව බුද‍්ධං සරණං වජාහි ධම‍්මඤ‍්ච සඞ‍්ඝඤ‍්ච පසන‍්නචිත‍්තො තථෙව සික‍්ඛාය පදානි පඤ‍්ච අඛණ‍්ඩඵුල‍්ලානි සමාදියස‍්සු.

1225. අද ම පහන් සිත් ඇතියෙහි බුදුන් ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යව. එසේ ම සිකපද පස ද නො කඩ කොට නො පලුදු කොට සමාදන් වෙව.

1226. පාණාතිපාතා විරමස‍්සු ඛිප‍්පං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයස‍්සු අමජ‍්ජපො මා ච මුසා භණාහි සකෙන දාරෙන ච හොහි තුට‍්ඨොති.

1226. පණිවායෙන් වහා වෙන් වෙව. ලොවැ (හිමියන්) නුදුන් දෙය දුරු කරව. රහමෙර නො බොන්නෙක් වෙව. බොරු නො කියව. සිය අඹු සමග තුටු වෙව.

1227. අත්‍ථකාමොසි මෙ යක‍්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය‍්හං වචනං ත්‍වංසි ආචරියො මමාති.

1227. යක්‍ෂය, තෝ මට වැඩ කැමැති වෙහි. දෙවිය, සුව කැමති වෙහි. තෝ මට ඇදුරු වෙහි. මම තාගේ වචනය කරමි.

1228. උපෙමි සරණං බුද‍්ධං ධම‍්මඤ‍්චාපි අනුත‍්තරං, සඞ‍්ඝඤ‍්ච නරදෙවස‍්ස ගච‍්ඡාමි සරණං අහං.

1228. මම අනුත්තර වූ බුදුන් සරණ කොට යෙමි. නරදෙවිහුගේ දහම් ද සඟුන් ද සරණ කොට යෙමි.

1229. පාණාතිපාතා විරමාමි ඛිප‍්පං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයාමි අමජ‍්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට‍්ඨොති.

1229. පණිවායෙන් වහා වෙන් වෙමි. ලොවැ නුදුන් දෙය දුරු කරමි. රහමෙර නො බොනුයෙම් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව සමග තුටු වෙමි.

මට‍්ටකුණ‍්ඩලී විමානං.

මට්ටකුණ්ඩලී විමාන යි.