9. මට්ටකුණ්ඩලී විමානවණ්ණනා අට්ඨකථා
9. මට්ටකුණ්ඩලී විමානවණ්ණනා
9. මට්ටකුණ්ඩලී විමාන වර්ණනා
අලඞ්කතො මට්ඨකුණ්ඩලීති මට්ඨකුණ්ඩලීවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන සාවත්ථිවාසී එකො බ්රාහ්මණො අද්ධො මහද්ධනො මහාභොගො අස්සද්ධො අප්පසන්නො මිච්ඡාදිට්ඨිකො කස්සචි කිඤ්චි න දෙති, අදානතො එව “අදින්නපුබ්බකො”ති පඤ්ඤායිත්ථ. සො මිච්ඡාදිට්ඨිභාවෙන ච ලුද්ධභාවෙන ච තථාගතං වා තථාගතසාවකං වා දට්ඨුම්පි න ඉච්ඡති. මට්ඨකුණ්ඩලං නාම අත්තනො පුත්තඤ්ච සික්ඛාපෙසි “තාත , තයා සමණො ගොතමො තස්ස සාවකා ච න උපසඞ්කමිතබ්බා න දට්ඨබ්බා”ති. සොපි තථා අකාසි. අථස්ස පුත්තො ගිලානො අහොසි, බ්රාහ්මණො ධනක්ඛයභයෙන භෙසජ්ජං න කාරෙසි, රොගෙ පන වඩ්ඪිතෙව වෙජ්ජෙ පක්කොසිත්‍වා දස්සෙසි. වෙජ්ජා තස්ස සරීරං ඔලොකෙත්වා “අතෙකිච්ඡො”ති තං ඤත්වා අපක්කමිංසු. බ්රාහ්මණො “පුත්තෙ අබ්භන්තරෙ මතෙ නීහරණං දුක්ඛ”න්ති පුත්තං බහිද්වාරකොට්ඨකෙ නිපජ්ජාපෙසි.
අලංකතො මට්ට කුණ්ඩලී යනුවෙන් මට්ටකුණ්ඩලී විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි ආඪ්‍ය වූ, මහත් සම්පත් ඇති, ධනවත්, සැදැහැ නැති, පැහැදීමක් නැති, මිථ්‍යාදෘෂ්ටි ගති ඇති කිසිවෙකුට කිසිවක් නොදෙන බ්‍රාහ්මණයෙක් සැවැත්නුවර සිටියේය. හේ කිසිවකුට කිසිවක් නොදෙන බැවින්ද නො දුන් බැවින් ද, අදින්න පුබ්බක නමින් හැඳින්වීය. හෙතෙම මිථ්‍යාදෘෂ්ටික බැවින්ද ලෝභී බැවින් ද, තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා දකින්නටවත් නො කැමැතියේය. තමන්ගේ පුත් මට්ටකුණ්ඩලීට ද මේ උපදෙස්ම දුන්නේය. පුත්‍රය, ඔබ විසින් තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් හෝ නො හමුවිය යුතුය. ඔවුන් වෙත ඔබ නොයා යුතුය. හෙතෙමේ ද එසේම කළේය. ඉක්බිත්තෙන් ඒ පුත්‍රයා එක් දවසක් අසනීප විය. බ්‍රාහ්මණ පියා මුදල් වියදම් වන්නේය යන බියෙන් පුතාට වෛද්‍යවරයකු ලවා වෙදකම් නො කළේය. රෝගය අසාධ්‍ය වූ විට වෙදෙකු ගෙන්වා රෝගියා පෙන්වීය. වෛද්‍යවරයා රෝගියා පරික්ෂාකොට අසාධ්‍ය වූ රෝගියාට දැන් කළයුතු පිළියමක් වෙදකමක් නැතැයි ආපසු ගියේය. පුතා ගේ තුළ මියගිය විට බැහැර කිරීම දුකක් වන්නේ යයි ද, අවමඟුලට එන උදවිය තමන්ගේ ධනය දකීවියි ද සිතු බමුණා ලෙඩ වූ තම පුතා බිහිදොර කොටුවෙහි හොවා තැබීය.
භගවා රත්තියා පච්චූසසමයෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො අද්දස මට්ඨකුණ්ඩලීමාණවං ඛීණායුකං තදහෙව චවනධම්මං, නිරයසංවත්තනිකඤ්චස්ස කම්මං කතොකාසං. “සචෙ පනාහං තත්ථ ගමිස්සාමි, සො මයි චිත්තං පසාදෙත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා පිතරං ආළාහනෙ රොදමානං උපගන්ත්වා සංවෙජෙස්සති, එවං සො ච තස්ස පිතා ච මම සන්තිකං ආගමිස්සති, මහාජනකායො සන්නිපතිස්සති තත්ථ මයා ධම්මෙ දෙසිතෙ මහාධම්මාභිසමයො භවිස්සතී”ති එවං පන ඤත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං සාවත්ථිං පිණ්ඩාය පවිට්ඨො මට්ඨකුණ්ඩලීමාණවස්ස පිතු ගෙහසමීපෙ ඨත්වා ඡබ්බණ්ණබුද්ධරංසියො විස්සජ්ජෙසි. තා දිස්වා මාණවො “කිමෙත”න්ති ඉතො චිතො ච විලොකෙන්තො අද්දස භගවන්තං දන්තං ගුත්තං සන්තින්ද්රියං ද්වත්තිංසාය මහාපුරිසලක්ඛණෙහි අසීතියා අනුබ්යඤ්ජනෙහි බ්යාමප්පභාය කෙතුමාලාය ච විජ්ජොතමානං අනුපමාය බුද්ධසිරියා අචින්තෙය්යෙන බුද්ධානුභාවෙන විරොචමානං. දිස්වා තස්ස එතදහොසි “බුද්ධො නු ඛො භගවා ඉධානුප්පත්තො, යස්සායං රූපසම්පදා අත්තනො තෙජසා සූරියම්පි අභිභවති, කන්තභාවෙන චන්දිමං, උපසන්තභාවෙන සබ්බෙපි සමණබ්රාහ්මණෙ, උපසමෙන නාම එත්ථෙව භවිතබ්බං, අයමෙව ච මඤ්ඤෙ ඉමස්මිං ලොකෙ අග්ගපුග්ගලො, මමෙව ච අනුකම්පාය ඉධානුප්පත්තො”ති බුද්ධාරම්මණාය පීතියා නිරන්තරං ඵුටසරීරො අනප්පකං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තො පසන්නචිත්තො අඤ්ජලිං පග්ගය්හ නිපජ්ජි. තං දිස්වා භගවා “අලං ඉමස්ස එත්තකෙන සග්ගූපපත්තියා”ති පක්කාමි.
භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රිය ඉක්ම වූ අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලද්දී මට්ටකුණ්ඩලී මාණවකයා ආයුෂ අවසන් වී සිටින බව ද, මරණ දොරටුවේ සිටින බව ද ඔහුට නිරයට වැටීමට ඉඩ ලැබෙන බව ද දුටු සේක. සර්වඥයන් වහන්සේ ඉදින් මම එහි යන්නෙම් නම් ඒ මට්ටකුණ්ඩලී මා වෙත සිත පහදවා දෙව්ලොව උපදී. ආදාහන ස්ථානයේ හඬන පියා වෙතට පැමිණ ඔහු සංවේගයට පමුණුවන්නේය. මෙසේ ඔහු ද ඔහුගේ පියා ද මා වෙතට පැමිණෙත්. මහජනයා ද රැස්වෙති. එහි දී මා දහම් දෙසූ කල්හි මහත්ම ධර්මාවබෝධය වන්නේ යයි මෙසේ දැන පෙරවරුයෙහි හැඳ පෙරවා පා සිවුරු ගෙන බොහෝ වූ භික්ෂු සංඝයා සමග සැවැත් නුවර පිඬු පිණිස පිවිස මට්ටකුණ්ඩලී මානවකයාගේ පියාගේ නිවස අසල සිට සවණක් බුදුරැස් විහිදුවීය. මානවක තෙමේ එය දැක මේ කිමෙක්දැයි ඔබමොබ බලන්නේ දමනය වූ රක්නා ලද ඉඳුරන් ඇති දෙතිස්මහ පුරුෂ ලකුණෙන් හෙබි අසූ අනූ ව්‍යඤ්ජනයන්ගෙන් යුත් බඹයක් පමණ වූ දුර ප්‍රභාවය ඇතිකරන කේතුමාලායෙන් ද බබළන අනුපම බුද්ධශ්‍රීයෙන් ද නොමිනිය හැකි බුද්ධානුභාවයෙන් ද, බබළන සර්වඥයන් වහන්සේ දුටුවේය. බුදුරදුන් දුටු ඔහුට මෙසේ සිතිණ. මෙහි මේ පැමිණ සිටින්නේ බුදුන් වහන්සේ නොවේද, යමෙකුට මේ රූප සම්පත්තිය වේද, හෙතෙමේ තමාගේ තේජසින් සූර්යයා ද කාන්තියෙන් චන්ද්‍රයා ද උපශාන්ත භාවයෙන් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ද අභිභවනය කරයි. සන්සිඳීම් වශයෙන් මෙසේ සිදුවිය හැකිය. මෙලොව අග්‍ර පුද්ගලයාට මුන්වහන්සේ යයි සිතමි. මටම අනුකම්පාවෙන් මෙහි පැමිණියා වන්නේය යනුවෙන් බුදුන් වහන්සේ කෙරෙහි හටගත් ප්‍රීතියෙන් අතරක් නැතිව පැතිරුණු ශරීර ඇත්තේ අනල්ප වූ ප්‍රීති සොම්නස් වින්දනය කරමින් පහන් සිත් ඇතිව, ඇඳිලි බැඳ වැඳහොත්තේය. එය දැක භාග්‍යවතුන් වහන්සේ මොහුට ස්වර්ගයට පැමිණීම සඳහා මෙපමණක්ම සෑහේ යයි දැන ඉවත්ව වැඩියහ.
සොපි තං පීතිසොමනස්සං අවිජහන්තොව කාලං කත්වා තාවතිංසෙසු ද්වාදසයොජනිකෙ විමානෙ නිබ්බත්ති. පිතා පනස්ස සරීරසක්කාරං කරිත්වා දුතියදිවසෙ පච්චූසවෙලායං ආළාහනං ගන්ත්වා “හා හා මට්ඨකුණ්ඩලි, හා හා මට්ඨකුණ්ඩලී”ති පරිදෙවමානො ආළාහනං අනුපරික්කමන්තො රොදති. දෙවපුත්තො අත්තනො විභවසම්පත්තිං ඔලොකෙත්වා “කුතො නු ඛො අහං ඉධාගතො කිඤ්ච කම්මං කත්වා”ති උපධාරෙන්තො අත්තනො පුරිමත්තභාවං ඤත්වා තත්ථ ච මරණකාලෙ භගවති පවත්තිතං චිත්තප්පසාදං මනොහරං අඤ්ජලිකරණමත්තං දිස්වා “අහො මහානුභාවා බුද්ධා භගවන්තො”ති සාතිසයං තථාගතෙ සඤ්ජාතප්පසාදබහුමානො “අදින්නපුබ්බකබ්රාහ්මණො නු ඛො කිං කරොතී”ති උපධාරෙන්තො ආළාහනෙ රොදමානං දිස්වා “අයං මය්හං පුබ්බෙ භෙසජ්ජමත්තම්පි අකත්වා ඉදානි නිරත්ථකං ආළාහනෙ රොදති, හන්ද නං සංවෙජෙත්වා කුසලෙ පතිට්ඨාපෙස්සාමී”ති දෙවලොකතො ආගන්ත්වා මට්ඨකුණ්ඩලීරූපෙන රොදමානො “හා හා චන්ද, හා හා සූරියා”ති බාහා පග්ගය්හ කන්දන්තො පිතු සමීපෙ අට්ඨාසි. අථ නං බ්රාහ්මණො “අයං මට්ඨකුණ්ඩලී ආගතො”ති චින්තෙත්වා ගාථාය අජ්ඣභාසි –
මට්ටකුණ්ඩලී තෙමේ ද සතුට සොම්නස් පහන් සිත අත් නොහැරම කළුරියකොට තව්තිසාවෙහි දොළොස් යොදුන් විමනෙක උත්පත්තිය ලදහ. ඔහුගේ පියා මළ සිරුරට කළයුතු සත්කාර කොට අහෝ මට්ටකුණ්ඩලී, අනේ මට්ටකුණ්ඩලී කියමින් වැළපෙමින් ආදාහන ස්ථානය වටා හඬමින් වැළපෙමින් ඇවිදියි. දිව්‍ය පුත්‍ර තෙමේ තමාගේ වස්තු සම්පත්තිය බලා මම කිනම් පුණ්‍යකර්මයකින් කොතැනක සිට මෙහි පැමිණියේ දැයි බලන්නේ තමන්ගේ පූර්වාත්මභාවය දැක එහි දී මරණ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවති චිත්ත ප්‍රසාදය ඇඳිලි බැඳ වැඳීම ආදිය දැක අහෝ භාග්‍යවත් බුදුන් වහන්සේලා මහානුභාව ඇත්තාහු යයි තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදීම් හා බුහුමන් උපදවා ගත්තේය. තවද අදින්න පුබ්බක නම් බමුණා කුමක් කරන්නේ දැයි සලකනුයේ, ඔහු ආදාහන මළුවෙන් හඬනු දැක මෙ තෙමේ පෙර මා හට බෙහෙත් පවා නොකොට දැන් ප්‍රයෝජනයක් නැතිව හඬයි. ඔහු සංවේගයට පමුණුවා කුසලයෙහි පිහිටුවන්නේ නම් යහපතැයි සිතා දෙව්ලොවින් අවුත් මට්ටකුණ්ඩලී රූපයෙන් යුතුව හඬමින් අහෝ සඳ! අහෝ හිරු! යයි කියමින් අත් උඩට ඔසවා හඬමින් පියා සමීපයේ සිටියේය. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ මේ මට්ටකුණ්ඩලි පැමිණියේ වනැයි සිතා, ගාථාවකින් ඔහුට මෙසේ කීය.
“අලඞ්කතො මට්ඨකුණ්ඩලී, මාලධාරී හරිචන්දනුස්සදො; බාහා පග්ගය්හ කන්දසි, වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුව”න්ති.
අලංකතො මට්ටකුණ්ඩලී - මාලාධාරී හරි චන්දනුස්සදො බාහා පග්ගාය්හ කන්දසී - වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවං
අලංකාර ලෙස සැරසී මල් මාලා දරමින් සිරුරෙහි රත්සඳුන් ආලේප කළ මට්ටකුණ්ඩලියෙනි, අත් උඩට ඔසවා වන මැද හිඳගෙන කුමකට අඬන්නෙහි ද, කුමක් නිසා දක්වන්නෙහිද?
තත්ථ අලඞ්කතොති විභූසිතො. මට්ඨකුණ්ඩලීති සරීරප්පදෙසස්ස අඝංසනත්ථං මාලාලතාදයො අදස්සෙත්වා මට්ඨාකාරෙනෙව කතකුණ්ඩලො. අථ වා මට්ඨකුණ්ඩලීති විසුද්ධකුණ්ඩලො, තාපෙත්වා ජාතිහිඞ්ගුලිකාය මජ්ජිත්වා ධොවිත්වා සූකරලොමෙන මජ්ජිතකුණ්ඩලොති අත්ථො . මාලධාරීති මාලං ධාරෙන්තො, පිළන්ධිතමාලොති අත්ථො. හරිචන්දනුස්සදොති රත්තචන්දනෙන සබ්බසො අනුලිත්තගත්තො. කින්ති පුච්ඡාවචනං. දුක්ඛිතොති දුක්ඛප්පත්තො. කිංදුක්ඛිතොති වා එකමෙව පදං, කෙන දුක්ඛෙන දුක්ඛිතොති අත්ථො.
අලංකතෙ සැරසුණා වූ, මට්ටකුණ්ඩලී ශරීරයේ නො ගැටෙන ලෙස මල් මාලා මල්වල් ආදිය නො පෙන්වා, තැලීමෙන් මට්ටම්කොට කරන ලද කුණ්ඩලාභරණ එසේ නැතහොත් රත්කොට රත්සිරියෙල්වලින් පිරිමැද සෝදා හූසා ලොම්වලින් මදින ලද කුණ්ඩලාභරණය යන අර්ථයි. මාලාධාරී මල් මාලයක් දරණ, මල්මාලා පැළඳ සිටින තැනැත්තා. හරිචන්දනුස්සද රත්සඳුන් සුණුවලින් හැම අයුරින්ම ආලේප කළ සිරුර, කිං ප්‍රශ්න කිරීමයි. දුක්ඛිතො දුකට පත් තැනැත්තා කිං දුක්ඛිතො යනු එකම පදයක් විය හැකිය. කවරනම් දුකකින් දුකට පැමිණියේ ද යන අර්ථයි.
අථ නං දෙවපුත්තො ආහ –
“සොවණ්ණමයො පභස්සරො, උප්පන්නො රථපඤ්ජරො මම; තස්ස චක්කයුගං න වින්දාමි, තෙන දුක්ඛෙන ජහාමි ජීවිත”න්ති.
සොවණ්ණමයො පභස්සරො - උප්පන්නො රථපඤ්ජරො මම තස්ස චක්කයුගං නවිනුම් - තෙන දුක්ඛෙන ජහිස්සං ජීවිතං
රත්තරනින් කරන ලද ප්‍රභාවයෙන් යුත් රියමැදිරියක් මට තිබේ. එයට රෝද දෙකක් නැත ඒ දුකින් ජීවිතය අත්හරිමි.
අථ නං බ්රාහ්මණො ආහ –
ඉක්බිති බ්‍රාහ්මණයා ඔහුට මෙසේ කීය.
“සොවණ්ණමයං මණිමයං, ලොහිතකමයං අථ රූපියමයං; ආචික්ඛ මෙ භද්දමාණව, චක්කයුගං පටිපාදයාමි තෙ”ති.
සොවණ්ණමයං මණිමයං - ලොහිතංකමයං අථරූපියාමයං ආචික්ඛ මෙ භද්ද මාණව - චක්කයුගං පටිලාභියා මි තෙ
සොඳුරු මාණවකය, මට කියන්න. රත්තරනින්, මැණික්වලින්, පද්මරාගවලින් හෝ රිදීයෙන් තනන ලද ඕනෑම විධියේ රෝද දෙකක් ඔබට දෙන්නෙමි.
තං සුත්වා මාණවො “අයං පුත්තස්ස භෙසජ්ජං අකත්වා පුත්තපතිරූපකං මං දිස්වා රොදන්තො ‘සුවණ්ණාදිමයං රථචක්කං කරොමී’ති වදති, හොතු නිග්ගණ්හිස්සාමි න”න්ති චින්තෙත්වා “කීව මහන්තං මෙ චක්කයුගං කරිස්සසී”ති වත්වා “යාව මහන්තං ආකඞ්ඛසී”ති වුත්තෙ “චන්දිමසූරියෙහි මෙ අත්ථො, තෙ මෙ දෙහී”ති යාචන්තො –
ඒ අසා මාණවකයා ‘මේ තෙමේ පුතාට පිළියම් නොකොට පුතා ලෙස පෙනී සිටින මා දැක හඬමින් රත්තරන් ආදියෙන් රථ චක්‍ර දෙකක් තනන්නෙමියි කියයි. ඔහුට නිග්‍රහයක් කරන්නෙමියි සිතා කොපමණ විශාල වූ රෝද දෙකක් මා හට තනන්නෙහිදැයි කියා, උවමනා විශාලත්වය කියන්නැයි කියූ කල්හි ‘සඳ හිරු දෙකින් ප්‍රයෝජන ඇත. මට ඒවා දෙන්නැයි’ ඉල්ලන්නේ.
“සො මාණවො තස්ස පාවදි, චන්දසූරියා උභයෙත්ථ දිස්සරෙ; සොවණ්ණමයො රථො මම, තෙන චක්කයුගෙන සොභතී”ති.
ඒ මානවක තෙමේ ඔහුට මෙසේ කීය. සඳ හිරු දෙදෙනා මෙහි දක්නට ඇත. මගේ ස්වර්ණමය රථයට ඒ සඳ හිරු දෙකම අවශ්‍ය වන්නේය. ඒ සඳ හිරු දෙක රෝද වශයෙන් යෙදීමෙන් රථයේ ශෝභාව ඇති වන්නේය.
අථ නං බ්රාහ්මණො ආහ –
ඉක්බිති බ්‍රාහ්මණයා ඔහුට මෙසේ කීය.
“බාලො ඛො ත්වං අසි මාණව, යො ත්වං පත්ථයසෙ අපත්ථියං; මඤ්ඤාමි තුවං මරිස්සසි, න හි ත්වං ලච්ඡසි චන්දසූරියෙ”ති.
මානවකය, ඔබ නො පැතිය යුත්තක් පතන්නෙහිය. ඒ හේතුවෙන් ඔබ නුවණ නැත්තෙක් වන්නෙහිය. ඔබ සඳ හිරු දෙදෙන නො ලබන්නෙහිමය. එහෙයින් ඔබ මිය යනු ඇතැයි මම සිතමි.
අථ නං මාණවො “කිං පන පඤ්ඤායමානස්සත්ථාය රොදන්තො බාලො හොති, උදාහු අපඤ්ඤායමානස්සා”ති වත්වා –
ඉක්බිති මානවකයා ඔහුට, ඇයි ද, පෙනෙන දෙයක් සඳහා අඬන්නෙක් මෝඩයා වේ ද, නො පෙනෙන්නක් නිසා හඬන්නා මෝඩයෙක් වේද, (ඇසීය.)
“ගමනාගමනම්පි දිස්සති, වණ්ණධාතු උභයත්ථ වීථියා; පෙතො කාලකතො න දිස්සති, කො නිධ කන්දතං බාල්යතරො”ති.
යව එන මාර්ගය දක්නට ඇත. දෙපස වීථින්හි පැහැයද පෙනෙයි. ඉර සඳ දෙක පෙනෙන්නට තිබේ. ඒ සඳහා අඬන්නා මෝඩයෙක් ද මියගිය පුද්ගලයා පෙනෙන්නට නැත. එසේ නො පෙනෙන දෙයක් සඳහා අඬන්නා මෝඩයෙක් ද, මෙහි හඬන්නන් දෙදෙනාගෙන් වඩා මෝඩයා කවරෙක් ද?
තං සුත්වා බ්රාහ්මණො “යුත්තං එස වදතී”ති සල්ලක්ඛෙත්වා –
ඒ අසා බ්‍රාහ්මණයා මෙ තෙමේ සුදුස්සක්ම කියන්නේ යයි සලකා මෙසේ කීය.
“සච්චං ඛො වදෙසි මාණව, අහමෙව කන්දතං බාල්යතරො; චන්දං විය දාරකො රුදං, පෙතං කාලකතාභිපත්ථයි”න්ති. –
මානවකය, ඔබ ඇත්තක්ම කියන්නේය. හඬන්නන්ගෙන් මමම වඩා මෝඩ වන්නෙමි. කුමක් නිසාද, සඳ හිරු ඉල්ලා හඬන දරුවෙකු මෙන්, කළුරියකොට පරලොව ගිය අයෙකු ලබාගැනීම ප්‍රාර්ථනා කරමි. එබැවිනි.
වත්වා තස්ස කථාය නිස්සොකො හුත්වා මාණවස්ස ථුතිං කරොන්තො ඉමා ගාථා අභාසි –
මෙසේ කියා ඔහුගේ කථාවෙන් ශෝක රහිත වී මානවකයාට ස්තුති කරමින් මෙසේ කීය.
“ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං; වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
ගිනිගත්තකු මෙන් වූ මා සන්සුන් කරන ලදී. ගින්න ගිතෙල් දමා නිවුවාක් මෙන් විය. ජලය ඉසීමෙන් නිවන්නාක් මෙන් සියලු සාහයන් නිවන ලදී.
“අබ්බහී වත මෙ සල්ලං, සොකං හදයනිස්සිතං; යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
මාගේ හදවත ඇසුරෙහි තුබූ ශෝක නමැති හුල ගලවා දැමුවෙහිය. යමෙක් ශෝකාග්නියෙන් පීඩිත වූ මාගේ පුත්‍ර ශෝකය ඉවත් කළේද, එසේ කළ ඔබ කවරෙක්ද?
“ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි, සීතිභූතොස්මි නිබ්බුතො; න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණවා”ති.
මානවකය, ඔබගේ කීම අසා ඒ මම ගැල වූ ශෝක උල් ඇත්තේ වෙමි. සිසිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. ශෝක නො කරමි. නොහඬමි.
තත්ථ රථපඤ්ජරොති රථූපත්ථං. න වින්දාමීති න ලභාමි. භද්දමාණවාති ආලපනං. පටිපාදයාමීති සම්පාදෙත්වා දදාමි, මා චක්කයුගාභාවෙන ජීවිතං ජහීති අධිප්පායො. උභයෙත්ථ දිස්සරෙති උභොපි එත්ථ චන්දසූරියා ආකාසෙ දිස්සන්ති. ය-කාරො පදසන්ධිකරො, උභයෙ එත්ථාති වා පදවිභාගො.
ගාථාවල විස්තර - රථපඤ්ජරො රිය මැදිරිය, න වින්නුමි. නො ලබමි. භද්ද මාණව සොඳුරු මානවකයා යන ඇමතීමයි. පටිපාදයාමි සපයා දෙමි. රෝද දෙකක් නැති හේතුවෙන් දිවි අත් නො හරින්න යන අදහසයි. උභයත්ථ දිස්සෙර මෙහි සඳ හිරු යන දෙකම අහසෙහි පෙනෙන්ට තිබේ. ‘ය’ කාරය පද සන්ධි කිරීම සඳහාය. උභයෙ එත්ථ යයි ද පද විසන්ධි කළ හැක.
ගමනාගමනන්ති දිවසෙ දිවසෙ ඔගමනුග්ගමනවසෙන චන්දසූරියානං ගමනං ආගමනඤ්ච දිස්සති. “ගමනොගමන”න්තිපි පාළි, උග්ගමනං ඔගමනඤ්චාති අත්ථො. වණ්ණධාතූති සීතිභාවවිසිට්ඨා කන්තභාවභාසුරා, උණ්හභාවවිසිට්ඨා තික්ඛභාවභාසුරා ච වණ්ණනිභා. උභයත්ථාති චන්දෙ සූරියෙ චාති ද්වීසුපි වණ්ණධාතු දිස්සතීති යොජෙතබ්බං. වීථියාති පවත්තනවීථියං ආකාසෙ, නාගවීථියාදිවීථියං වා. “උභයෙත්ථා”තිපි පාඨො, උභයෙ එත්ථාති පදවිසන්ධි. බාල්යතරොති බාලතරො අතිසයෙන බාලො.
ගමනාගමනං දවසක් දවසක් පාසා බැස යාම සහ නැගී ඒම වශයෙන් සඳ හිරු දෙදෙනාගේ යාම ඊම දැක්වේ. ගමනො ගමනං’ යනු ද පාලියට අනුකූල වේ. ඉහලට සහ පහලට යාම ඊම යන අර්ථ ඇත්තේය. වණ්ණධාතු සිසිල් බවෙන් විශිෂ්ඨ වූ සිත් ගන්නා ස්වභාවයෙන් බබළන්නා වූ, උභයත්ථ සඳ හිරු යන දෙකෙහි ද වර්ණයන් දැක්වේ යයි යන අදහස යෙදිය යුතුය. වීථියං පවත්නා වීථියෙහි අහසෙහි නාග වීථි ආදියෙහි හෝ යන අදහස් ඇති පාඨයන් දෙකම මෙහි යෙදීම සුදුසු වේ. උභයො+එති යනු උභයෙත්ථ යන්නෙහි පද විසන්ධියයි. බාල්යතරො වඩා අනුවණ, අතිශයින් මෝඩ.
ඉමං පන කථං සුත්වා “අලබ්භනීයවත්ථුං වතාහං පත්ථෙත්වා කෙවලං සොකග්ගිනා ඩය්හාමි, කිං මෙ නිරත්ථකෙන අනයබ්යසනෙනා”ති පටිසඞ්ඛානෙ අට්ඨාසි. අථ දෙවපුත්තො මට්ඨකුණ්ඩලීරූපං පටිසංහරිත්වා අත්තනො දිබ්බරූපෙනෙව අට්ඨාසි. බ්රාහ්මණො පන තං අනොලොකෙත්වා මාණවවොහාරෙනෙව වොහරන්තො “සච්චං ඛො වදෙසි මාණවා”තිආදිමාහ. තත්ථ චන්දං විය දාරකො රුදන්ති චන්දං අභිපත්ථයං රුදන්තො දාරකො වියාති අත්ථො. කාලකතාභිපත්ථයින්ති කාලකතං අභිපත්ථයිං. “අභිපත්ථය”න්තිපි පාඨො.
දිව්‍ය පුත්‍රයාගේ මෙම කථාව අසා අදින්න පුබ්බක බමුණා මා නොලැබෙන්නක් පතා මෙසේ දුක්ගිනි පමණක් ලබාගෙන තැවෙමි. නිරර්ථක වූ අනවශ්‍ය විපත්වලින් මට කවර ඵලයක්ද, යයි සලකා බලන තත්ත්වයට පත්ව සිටියේය. ඉක්බිති දිව්‍යපුත්‍රයා මට්ටකුණ්ඩලී වේශය අත්හැර තමාගේ දිව්‍යාත්මභාව වේශයෙන්ම පෙනී සිටියේය. බමුණාද ඔහු දෙස නොබලාම මාණවකය, යනුවෙන් ව්‍යවහාර කරමින් ‘සච්චං ඛො වදති මාණව’ යනාදිය කීය. එහි චන්දං විය දාරකො රුදං සඳ ලබාගැනීමේ අදහසින් කුඩා දරුවකු මෙන් යන අර්ථයයි. කුල කතාහි පත්ථයන්ති මළ ගිය අයකු ලබාගැනීමට ප්‍රාර්ථනා කරයි. අභි වියායං යි ද පාඨයක් ඒ.
ආදිත්තන්ති සොකග්ගිනා ආදිත්තං. නිබ්බාපයෙ දරන්ති නිබ්බාපයි දරථං සොකපරිළාහං. අබ්බහීති උද්ධරි.
ආදිත්තට ශෝක නමැති ගින්නෙන් තැවෙන, නිබ්බාපයෙ දරං පීඩාව ශෝකය නැතිව නිවා දැමීම, අබ්බහී උදුරා දැමීම.
අථ බ්රාහ්මණො සොකං විනොදෙත්වා අත්තනො උපදෙසදායකං දිබ්බරූපෙන ඨිතං දිස්වා “කො නාම ත්ව”න්ති පුච්ඡන්තො –
ඉක්බිති බ්‍රාහ්මණයා ශෝකය පහකොට තමන්ට උපදෙස් දෙන තැනැත්තා දිව්‍යමය වේශයෙන් සිටිනු දැක ඔබ කවරෙක්දැයි විමසනුයේ මෙසේ කීය.
“දෙවතා නුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො; කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මය”න්ති. –
දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො කොවාත්වං කස්සවා පුත්තො කථං ජානෙමු තං මයං
ඔබ දේවතාවෙක් ද, ගාන්ධර්වයෙක් ද, නොහොත් පුරින්දද නම් වූ ශක්‍රයා ද, කවරෙකුගේ පුතෙක් ද, කවරනම් අයෙක් ද, අපි ඔබ කවරෙකු යයි හැඳින ගන්නෙමුද?
ආහ. සොපි තස්ස –
ඒ දිව්‍ය පුත්‍රයා තමන් පිළිබඳ කථාපිළිවෙළ මෙසේ කීය.
“යඤ්ච කන්දසි යඤ්ච රොදසි, පුත්තං ආළාහනෙ සයං දහිත්වා; ස්වාහං කුසලං කරිත්වා කම්මං, තිදසානං සහබ්යතං ගතො”ති. –
ආදාහන මළුවේ තමාම තම පුතා ආදාහනය කොට යම් ඒ පුතකු වෙනුවෙන් හඬන්නේ ද වැළපෙන්නේ ද ඒ පුතා වන මම කුශල කර්මයක් කොට තිදස්පුර දෙවියන් හා එක්වීමට පැමිණියෙමි.
අත්තානං කථෙසි. තත්ථ යඤ්ච කන්දසි යඤ්ච රොදසීති යං තව පුත්තං මට්ඨකුණ්ඩලිං උද්දිස්ස රොදසි, අස්සූනි මුඤ්චසි.
යඤ්චකන්දසි යඤ්චරොදසි ඔබගේ පුතු වන යම් මට්ටකුණ්ඩලී නම් පුතු උදෙසා හඬන්නෙහි ද, කඳුළු හෙළන්නෙහි ද, ඒ පුතා මම වෙමි යන අදහසයි.
අථ නං බ්රාහ්මණො ආහ –
ඉක්බිති බ්‍රාහ්මණයා ඔහුට මෙසේ කීය.
“අප්පං වා බහුං වා නාද්දසාම, දානං දදන්තස්ස සකෙ අගාරෙ; උපොසථකම්මං වා තාදිසං, කෙන කම්මෙන ගතොසි දෙවලොක”න්ති.
තම නිවසේ දී සුළු වූ හෝ මහත් වූ හෝ දන්දීමක් ද, පෙහෙවස් සමාදන් වීමක් ද, නො දුටුවෙමි. එසේ වන කල්හි කවරනම් පුණ්‍යකර්මයකින් දෙව්ලොව ගියෙහිද?
තත්ථ “උපොසථකම්මං වා තාදිසං නාද්දසාමා”ති යොජනා.
එහි උපොසථ කම්මං වාතාදිසං නාද්දසාමා යයි ද යෙදිය යුතුය.
අථ නං මාණවො ආහ –
“ආබාධිකොහං දුක්ඛිතො ගිලානො, ආතුරරූපොම්හි සකෙ නිවෙසනෙ; බුද්ධං විගතරජං විතිණ්ණකඞ්ඛං, අද්දක්ඛිං සුගතං අනොමපඤ්ඤං.
ආබාධිතො දුක්ඛිතො ගිලානො ආතුර රූපොම්හි සකෙ නිවෙසනෙ බුද්ධං විගතරජං විකිණ්ණ කංඛං අදක්ඛිං සුගතං අනොප මඤ්ඤං
“ස්වාහං මුදිතමනො පසන්නචිත්තො, අඤ්ජලිං අකරිං තථාගතස්ස; තාහං කුසලං කරිත්වාන කම්මං, තිදසානං සහබ්යතං ගතො”ති.
ස්වාහං මුදිත මනො පසන්න චිත්තො අඤ්ජලිං අකරිං තථාගතස්ස තාහං කුසලං කරිත්වාන කම්මං තිදෙසානං සහව්යතං පත්තො
මම සිය නිවසෙහිදී ආබාධිත වී දුකට පත් වී, ගිලන් වී ආතුරයෙක් වී බරාදයේ සිටිද්දී බුද්ධත්වයට පත් වූ, කෙලෙසින් තොර වූ විචිකිච්ඡාවෙන් තොර වූ ප්‍රඥාවෙන් පිරිපුන් වූ සුගතයන් වහන්සේ දුටුවෙමි.
ඒ මම සතුටු සිත් ඇතිව පැහැදුණු සිත් ඇතිව, තථාගතයන් වහන්සේට වන්දනා කළෙමි. මගේ ඒ කුශල කර්මය හේතුකොට ගෙන මම තිදස්පුර දෙවියන් හා එකතුවට පැමිණියෙමි.
තත්ථ ආබාධිකොති ආබාධසමඞ්ගී. දුක්ඛිතොති තෙනෙව ආබාධිකභාවෙන ජාතදුක්ඛො. ගිලානොති ගිලායමානොති අත්ථො. ආතුරරූපොති දුක්ඛවෙදනාභිතුන්නකායො. විගතරජන්ති විගතරාගාදිරජං. විතිණ්ණකඞ්ඛන්ති සබ්බසො සංසයානං සමුච්ඡින්නත්තා තිණ්ණවිචිකිච්ඡං. අනොමපඤ්ඤන්ති පරිපුණ්ණපඤ්ඤං, සබ්බඤ්ඤුන්ති අත්ථො. අකරින්ති අකාසිං. තාහන්ති තං අහං.
ආබාධිතො ආබාධයෙන් යුක්ත වූයෙන් දුක්ඛිතො ඒ ආබාධය නිසා දුකට පත් වූයෙම් ගිලානො ගිලන්බවට පත්වූයෙම්. ආතුර රූපො දුක් වේදනාවන්ගෙන් මඩනා ලද ශරීරය ඇත්තෙම්, විගත රජං පහ වූ රාගාදී කෙලෙස් ඇති, විතිණ්ණකංඛං සැක තැන් සම්පූර්ණයෙන් බිඳ දැමූ බැවින් සැක ඉක්මවා සිටි. අනොම පඤ්ඤං සම්පූර්ණ වූ ප්‍රඥාව ඇති, සර්වඥ යන අරුතයි. අකරිං සිදු කෙළෙමි. තාහං+තංඅහං ඒ මම.
එවං තස්මිං කථෙන්තෙයෙව බ්රාහ්මණස්ස සකලසරීරං පීතියා පරිපූරි. සො තං පීතිං පවෙදෙන්තො –
ඔහු මෙසේ කියමින් සිටින කල්හිම බ්‍රාහ්මණයාගේ සකල ශරීරයම සතුටින් ඉපිලී ගියේය. ප්‍රීතියෙන් පිරී ගියේය. හෙතෙම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරන්නේ,
“අච්ඡරියං වත අබ්භුතං වත, අඤ්ජලිකම්මස්ස අයමීදිසො විපාකො; අහම්පි මුදිතමනො පසන්නචිත්තො, අජ්ජෙව බුද්ධං සරණං වජාමී”ති. – ආහ;
වැඳීම් පමණකින් මෙබඳු විපාකයක් ඇතැයි යන්න ආශ්චර්යය. අද්භූත සහිතය. මම ද සතුටු සිතින් යුතුව පැහැදුණු සිත් ඇතිව අදම බුදුන් සරණ යන්නෙමි.
තත්ථ අනභිණ්හප්පවත්තිතාය අච්ඡරං පහරිතුං යොග්ගන්ති අච්ඡරියං, අභූතපුබ්බතාය අබ්භුතං. උභයෙනපි විම්හයාවහතංයෙව දස්සෙත්වා “අහම්පි මුදිතමනො පසන්නචිත්තො, අජ්ජෙව බුද්ධං සරණං වජාමී”ති ආහ.
නිතර සිදුනොවන දෙයක් බැවින් අසුර ගැසීමට සුදුසුය යන අදහසින් අච්ඡරියං යයි යෙදේ. පෙර කල සිදු නොවූ දෙයක් බැවින් අබ්භූත යයි යෙදේ. මේ පද දෙකින්ම විස්මය ගෙන දෙන බව දන්වා අහම්පි මුදිතමනො පසන්න චිත්තො අජ්ජෙව බුද්ධ සරණං වජාමී මමද සතුටු සිතින් පැහැදුණු සිතින් අදම බුදුන් සරණ යෙමියි කීය.
අථ නං දෙවපුත්තො සරණගමනෙ සීලසමාදානෙ ච නියොජෙන්තො –
ඉක්බිති දේවපුත්‍රයා ඔහු සරණාගමනයෙහි ද සීල සමාදානයෙහි ද යොදවමින් මෙසේ කීහ.
“අජ්ජෙව බුද්ධං සරණං වජාහි, ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො; තථෙව සික්ඛාය පදානි පඤ්ච, අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු.
අජ්ජෙව බුද්ධ සරණං වජාහි - ධම්මඤ්ච සංඝඤ්ච පසන්න චිත්තො තථෙව සික්ඛාය පදානි පඤ්ච - අඛණ්ඩ ඵුල්ලානි සමාදියස්සු
“පාණාතිපාතා විරමස්සු ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු; අමජ්ජපො මා ච මුසා භණාහි, සකෙන දාරෙන ච හොහි තුට්ඨො”ති. – ගාථාද්වයමාහ.
පාණිතිපාතා විරමස්සු චිත්තං - ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු අමජ්ජපො මා ව මුසා භණති - සකෙනදාරෙහි ච හොති තුට්ඨො
පහන් සිත් ඇතිව බුදුන් ද, ධර්මයා ද සංඝයා ද සරණ යන්න. එසේම නොකඩවා සම්පූර්ණ පන්සිල් ද සමාදන් වන්න.
පරපණ නැසීමෙන් වහාම වෙන්වන්න. ලොව තමාට නුදුන් දේ ගැනීම අත්හරින්න. මත්පැනින් වළකින්න. මුසාවාදයෙන් වළකින්න. තම සහායිකාවගෙන්ම සතුටුවන්න.
තත්ථ තථෙවාති යථා පසන්නචිත්තො “සම්මාසම්බුද්ධො භගවා”ති බුද්ධං සරණං වජෙසි, තථෙව “ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති පසන්නචිත්තො ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං වජාහි. යථා වා පසන්නචිත්තො රතනත්තයං සරණං වජෙසි, තථෙව “අයං එකංසතො දිට්ඨෙව ධම්මෙ අභිසම්පරායඤ්ච හිතසුඛාවහො”ති පසන්නචිත්තො සික්ඛාය අධිසීලසික්ඛාය පදානි කොට්ඨාසභූතානි අධිචිත්තඅධිපඤ්ඤාසික්ඛාය වා උපායභූතානි පඤ්චසීලානි අවිකොපනතො ච අසංකිලිස්සනතො ච අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු, සමාදාය වත්තස්සූති අත්ථො.
තථෙව පැහැදුනු සිතින් යුතුව ‘සම්මා සම්බුද්ධො භගවා’ යනුවෙන් බුදුන් සරණ යන්න. එසේම ස්වාක්ඛාතො ධම්මො, සුපටිපන්නො සංඝො යනුවෙන් දහම් හා සඟුන් සරණ යන්න. යම්සේ පහන් සිතින් යුතුව තෙරුවන් සරණ යන්නෙහි ද, පහන් සිතින් කරන මේ සරණ යාම ඒකාන්ත වශයෙන්ම මෙලොවද පරලොවද හිතසුව පිණිසම වෙයි. සික්ඛාය අධිශීල ශික්ෂාවෙහි පදානානි ශික්ෂා පදයන් කොටස් කරන ලද අධිචිත්ත අධිපඤ්ඤා (සමාධි පඤ්ඤා) යන ශික්ෂාවන්ගෙන් ද, පිළිපැදිය යුතු මාර්ගය වූ පන්සිල් කඩ නොකිරීමෙන් ද කිලිටි නොකිරීමෙන් ද අඛණ්ඩ ථුල්ලානි සමාදි යනු සමාදන් වී පිළිපදින්න යන අදහසයි.
එවං දෙවපුත්තෙන සරණගමනෙ සීලසමාදානෙ ච නියොජිතො බ්රාහ්මණො තස්ස වචනං සිරසා සම්පටිච්ඡන්තො –
මෙසේ දිව්‍යපුත්‍රයා සරණාගමනයෙහි ද සීල සමාදානයෙහි ද යොදවනු ලැබූ බ්‍රාහ්මණ තෙමේ ඔහුගේ වචනය හිස්මුදුනෙන් පිළිගනිමින් මෙම ගාථාව කීය.
“අත්ථකාමොසි මෙ යක්ඛ, හිතකාමොසි දෙවතෙ; කරොමි තුය්හං වචනං, ත්වංසි ආචරියො මමා”ති. –
දේවතාවාණනි, ඔබ මගේ යහපත කැමති වන්නෙහිය. ශුභසිද්ධිය කැමති වන්නෙහිය. ඔබේ වචනය ඉටු කරමි. ඔබ මගේ ගුරුවරයෙක් වන්නෙහිය.
ගාථං වත්වා තත්ථ පතිට්ඨහන්තො –
එහි පිහිටමින් මෙසේ ද කීය.
“උපෙමි සරණං බුද්ධං, ධම්මඤ්චාපි අනුත්තරං; සඞ්ඝඤ්ච නරදෙවස්ස, ගච්ඡාමි සරණං අහං.
මම බුදුන් සරණ යමි. උතුම් වූ දහම් සරණ යමි. සඟුන් සරණ යමි.
“පාණාතිපාතා විරමාමි ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයාමි; අමජ්ජපො නො ච මුසා භණාමි, සකෙන දාරෙන ච හොමි තුට්ඨො”ති. –
ප්‍රාණඝාතයෙන් වහා වෙන් වෙමි. ලොව නොදුන් දෙය ගැනීමෙන් වැළකෙමි. මත්පැන් නොබොමි. මුසාබස් නොකියමි. තම සහායිකාවගෙන්ම සතුටු වෙමි.
ගාථාද්වයමාහ. තම්පි සුවිඤ්ඤෙය්යමෙව.
තතො දෙවපුත්තො “කතං මයා බ්රාහ්මණස්ස කත්තබ්බයුත්තකං, ඉදානි සයමෙව භගවන්තං උපසඞ්කමිස්සතී”ති තත්ථෙව අන්තරධායි. බ්රාහ්මණොපි ඛො භගවති සඤ්ජාතපසාදබහුමානො දෙවතාය ච චොදියමානො “සමණං ගොතමං උපසඞ්කමිස්සාමී”ති විහාරාභිමුඛො ගච්ඡති. තං දිස්වා මහාජනො “අයං බ්රාහ්මණො එත්තකං කාලං තථාගතං අනුපසඞ්කමිත්වා අජ්ජ පුත්තසොකෙන උපසඞ්කමති, කීදිසී නු ඛො ධම්මදෙසනා භවිස්සතී”ති තං අනුබන්ධි.
ඉක්බිති දීපුත්ර තෙමේ බ්‍රාහ්මණයාට කළයුතු යුතුකම් මා විසින් කරන ලදී. දැන් තමාම භාග්‍යවතුන් වහන්සේ වෙත යන්නෙමි යයි එහිදී අතුරුදහන් විය. බ්‍රාහ්මණයා වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවාගත් ප්‍රසාද බහුමාන පුරස්සරව දේවතාවා විසින් ද මෙහෙයවනු ලද්දේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත එළඹෙන්නෙමියි විහාරය දෙසට පියවර නැගූයේය. ඔහු දැක මහජනයාද මේ බමුණා මෙතෙක් කල් තථාගතයන් වහන්සේ වෙත නොගොස් අද පුත්‍ර ශෝකයෙන් උන්වහන්සේ වෙත යයි. කෙබඳු නම් ධර්ම දේශනාවක් සිදුවන්නේදැයි සිතා ඔහු අනුව ගියහ.
බ්රාහ්මණො භගවන්තං උපසඞ්කමිත්වා පටිසන්ථාරං කත්වා එවමාහ “සක්කා නු ඛො භො ගොතම කිඤ්චි දානං අදත්වා සීලං වා අරක්ඛිත්වා කෙවලං තුම්හෙසු පසාදමත්තෙන සග්ගෙ නිබ්බත්තිතු”න්ති. “නනු, බ්‍රාහ්මණ, අජ්ජ පච්චූසවෙලායං මට්ඨකුණ්ඩලිනා දෙවපුත්තෙන අත්තනො දෙවලොකූපපත්තිකාරණං තුය්හං කථික”න්ති භගවා අවොච. තස්මිං ඛණෙ මට්ඨකුණ්ඩලීදෙවපුත්තො සහ විමානෙන ආගන්ත්වා දිස්සමානරූපො විමානතො ඔරුය්හ භගවන්තං අභිවාදෙත්වා අඤ්ජලිං පග්ගය්හ එකමන්තං අට්ඨාසි. අථ භගවා තස්සං පරිසති තෙන දෙවපුත්තෙන කතසුචරිතං කථෙත්වා පරිසාය චිත්තකල්ලතං ඤත්වා සාමුක්කංසිකං ධම්මදෙසනං අකාසි. දෙසනාපරියොසානෙ දෙවපුත්තො ච බ්රාහ්මණො ච සන්නිපතිතපරිසා චාති චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසීති.
බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කථාකොට මෙසේ කීය. ‘භවත් ගෞතමයෙනි, කිසියම් දානයක් නොදී සිල් නො රැක හුදෙක් ඔබ කෙරෙහි පැහැදීමකින් පමණක් ස්වර්ගයෙහි ඉපදීමට හැකි වන්නේද? බ්‍රාහ්මණය, අද උදෑසන මට්ටකුණ්ඩලී දිව්‍යපුත්‍රයා විසින් තමා දිව්‍යලෝකයේ ඉපදීමට හේතු වූ කරුණු ඔබට කියන ලද්දේ නොවේද? භාග්‍යවතුන් වහන්සේ ඇසීය. එකෙණෙහිම මට්ටකුණ්ඩලී දිව්යපුත්රයාද විමානය සමග පැමිණ පෙනෙමින්ම විමානයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලි බැඳගෙනම එකත්පස්ව සිටියේය. ඉක්බිති බුදුහු ඒ පිරිස ඉදිරියෙහිම ඒ දෙව්පුතුන් විසින් කරන ලද යහපත් ක්‍රියාව වදාරා පිරිසගේ චිත්ත යෝග්‍යතාව දැන සාමුක්කංසික ධර්ම දේශනාව කළහ. දේශනාව අවසානයේ දිව්යපුත්රයාද බ්‍රාහ්මණයා ද, රැස් වූ පිරිසද අසූහාර දහසක් දෙනාට ධර්මාවබෝධය විය.
මට්ඨකුණ්ඩලීවිමානවණ්ණනා නිට්ඨිතා.
මට්ටකුණ්ඩලී විමාන වර්ණනාව නිමියේය.