10. සෙරිස්සකවිමානවණ්ණනා අට්ඨකථා
10. සෙරිස්සකවිමානවණ්ණනා
10. සේරිස්සක විමාන වර්ණනා
සුණොථ යක්ඛස්ස ච වාණිජාන චාති සෙරීසකවිමානං. තස්ස කා උප්පත්ති? භගවති පරිනිබ්බුතෙ ආයස්මා කුමාරකස්සපො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං සෙතබ්යනගරං සම්පත්තො. තත්ථ පායාසිරාජඤ්ඤං අත්තනො සන්තිකං උපගතං විපරීතග්ගාහතො විවෙචෙත්වා සම්මාදස්සනෙ පතිට්ඨාපෙසි. සො තතො පට්ඨාය පුඤ්ඤපසුතො හුත්වා සමණබ්රාහ්මණානං දානං දෙන්තො තත්ථ අකතපරිචයතාය අසක්කච්චං දානං දත්වා අපරභාගෙ කාලං කත්වා චාතුමහාරාජිකභවනෙ සුඤ්ඤෙ සෙරීසකෙ විමානෙ නිබ්බත්ති.
සුණොථ යක්ඛස්ස ච වාණිජාන ච යනුවෙන් ඇරඹෙන සේරිස්සක විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පන්සියයක් භික්ෂූන් සමග සෙතව්‍ය නගරයට පැමිණි කුමාර කාශ්‍යප රහතන් වහන්සේ එහිදී තමා වෙත පැමිණි පායාසි නම් රාජවංශිකයා ඔහුගේ විපරීත තත්ත්වයෙන් වෙන් කරවා සම්‍යග් දර්ශනයෙහි පිහිටුවාලූහ. එතැන් පටන් පින් කරන්නෙක් වී ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දන්දෙන්නා වූ හෙතෙම පුරුදු නැති බැවින් සකස් නොකොට (මනා පිළිවෙළින් තොරව) දන් දී පසුකල්හි කළුරියකොට චාතුර්මහාරාජික භවනයෙහි ශුන්‍යය වූ සෙරිස්සක (මහරි) නම් වූ විමානයෙහි උපන්නේය.
අතීතෙ කිර කස්සපස්ස භගවතො කාලෙ එකො ඛීණාසවත්ථෙරො අඤ්ඤතරස්මිං ගාමෙ පිණ්ඩාය චරිත්වා බහිගාමෙ දෙවසිකං එකස්මිං පදෙසෙ භත්තකිච්චං අකාසි. තං දිස්වා එකො ගොපාලකො “අය්යො සූරියාතපෙන කිලමතී”ති පසන්නචිත්තො චතූහි සිරීසථම්භෙහි සාඛාමණ්ඩපං කත්වා අදාසි, මණ්ඩපස්ස සමීපෙ සිරීසරුක්ඛං රොපෙසීති ච වදන්ති. සො කාලං කත්වා තෙනෙව පුඤ්ඤකම්මෙන චාතුමහාරාජිකෙසු නිබ්බත්ති, තස්ස පුරිමකම්මස්ස සූචකං විමානද්වාරෙ සිරීසවනං නිබ්බත්ති වණ්ණගන්ධසම්පන්නෙහි පුප්ඵෙහි සබ්බකාලං උපසොභමානං, තෙන තං විමානං “සෙරීසක”න්ති පඤ්ඤායිත්ථ. සො ච දෙවපුත්තො එකං බුද්ධන්තරං දෙවෙසු චෙව මනුස්සෙසු ච සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ යසත්ථෙරස්ස චතූසු විමලාදීසු ගිහිසහායෙසු ගවම්පති නාම හුත්වා භගවතො ධම්මදෙසනාය අරහත්තෙ පතිට්ඨිතො පුබ්බාචිණ්ණවසෙන තං සුඤ්ඤවිමානං දිස්වා අභිණ්හං දිවාවිහාරං ගච්ඡති.
අතීතයෙහි කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි එක් රහත් තෙරුන් වහන්සේ නමක් එක්තරා ගමක පිඬු පිණිස හැසිර ගමෙන් බැහැර එක් පෙදෙසක දිනපතා ආහාර කිස කළහ. එය දුටු එක් ගව පාලකයෙක් ආර්යයන් වහන්සේ හිරු රැසින් වඩා විඳිතියි පහන් සිත් ඇතිව මහරි තණ සතරකින් අතු මඩුවක් තනා දුන්නෝය. මඩුව අසලමහරි ගස් රෝපණය කළේ යයි ද කියත්. හෙතෙම කළුරියකොට ඒ පින්කමෙන්ම චාතුර්මහා රාජිකයෙහි උපන්නේය. ඔහුගේ පූර්ව පුණ්‍යකර්මය හෙළි කරමින් විමානයේ දොරටුවෙහි වර්ණයෙන් සුවඳින් යුත් මල්වලින් සියලු කල්හිම ශෝභමාන වන්නා වූ මහරි ගස් උයනක් පහළ විය. ඒ නිසා ඒ විමානය සෙරිස්සක (මහරි විමානය) යයි හැඳින්වූහ. ඒ දිව්‍යපුත්‍ර තෙමේද එක් බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද සැරිසරනුයේ මේ බුද්ධෝත්පාදයෙහි ‘යස’ තෙරුන්ගේ විමල ආදී ගිහි මිතුරන් සිවුදෙනා අතුරෙහි ගවම්පති නමින් ඉපදී භාග්‍යවතුන්ගේ දහම් දෙසුමෙන් අර්හත් ඵලයෙහි පිහිටියේ පෙර පුරුදු බව නිසා ඒ හිස් විමන දැක නිතර දිවා විහරණය සඳහා යන්නේය.
සො අපරභාගෙ පායාසිදෙවපුත්තං තත්ථ දිස්වා “කොසි ත්වං, ආවුසො”ති පුච්ඡිත්වා තෙන “අහං, භන්තෙ, පායාසිරාජඤ්ඤො ඉධූපපන්නො”ති වුත්තෙ “නනු ත්වං මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො කථමිධූපපන්නො”ති ආහ. අථ නං පායාසිදෙවපුත්තො “අය්යෙනම්හි කුමාරකස්සපත්ථෙරෙන මිච්ඡාදස්සනතො විවෙචිතො, පුඤ්ඤකිරියානං අසක්කච්චකාරිතාය පන සුඤ්ඤෙ විමානෙ නිබ්බත්තො. සාධු, භන්තෙ, මනුස්සලොකං ගතකාලෙ මම පරිජනස්ස ආරොචෙථ ‘පායාසිරාජඤ්ඤො අසක්කච්චං දානං දත්වා සුඤ්ඤං සෙරීසකවිමානං උපපන්නො, තුම්හෙ පන සක්කච්චං පුඤ්ඤානි කත්වා තත්රූපපත්තියා චිත්තං පණිදහථා”ති. ථෙරො තස්සානුකම්පාය තථා අකාසි. තෙපි ථෙරස්ස වචනං සුත්වා තථා චිත්තං පණිධාය පුඤ්ඤානි කත්වා සෙරීසකෙ විමානෙ නිබ්බත්තිංසු. සෙරීසකදෙවපුත්තං පන වෙස්සවණමහාරාජා මරුභූමියං ඡායූදකරහිතෙ මග්ගෙ මග්ගපටිපන්නානං මනුස්සානං අමනුස්සපරිපන්ථ මොචනත්ථං මග්ගරක්ඛකං ඨපෙසි.
ඒ තෙරණුවෝ පසුකලෙක එහි පායාසි නම් දිව්‍යපුත්‍රයා දැක ‘ඇවැත්නි, ඔබ කවරෙක්දැ’යි විචාරා ඔහු විසින් ‘ස්වාමීනි, මට පායාසි නම් රාජ ඥාතිවරයා මෙහි උපනිමියි කියන ලද කල්හි ඔබ මිථ්‍යාදෘෂ්ටික වූවා නොවේද? වූයේ විපරීත දර්ශන සහිත වූයේ නොවේද? කෙසේ නම් එහි උපන්නෙහිදැයි ඇසූහ. ඉක්බිති පායාසි දේවපුත්‍රයා උන්වහන්සේට මෙසේ කියා ආර්ය වූ කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් මිථ්‍යාදෘෂ්ටියෙන් වෙනස් කරගන්නා ලද්දෙමි. පින් කිරීමේදී එය මනාව නොකිරීමේ හේතුවෙන් හිස් වූ විමානයෙක උපනිමි. ස්වාමීනි, ඔබවහන්සේ මිනිස් ලොවට ගිය කල්හි පායාසි රාජ්‍යයා නොමනා ලෙස දන් දී (එහි ඵලය වශයෙන්) හිස් වූ (මහරී) සෙරිස්සක විමානයෙක්හි උපන්නෝ යයි ද ඔබ මනාලෙස පින්කොට එහි ඉපදීමට ප්‍රාර්ථනා කරන්න යයි ද මාගේ පිරිවර ජනයාට කියන්න යයි ඉල්ලා සිටියේය. තෙරණුවෝ ඔහුට අනුකම්පාවෙන් එසේ කළහ. ඔව්හු ද තෙරුන්ගේ වචනය අසා ඒ අයුරින් සිත යොදවා පින්කොට සෙරිස්සක (මහරි) විමානයෙහි උපන්හ. වෛශ්‍රවණ මහරජ තෙමේ වැලිකතරෙහි සෙවණ හා ජලය රහිත මාර්ගයෙහි මගට පිළිපන් මිනිසුන් අමනුෂ්‍ය උපද්‍රවවලින් මුදාගැනීම පිණිස සෙරිස්සක දේවපුත්‍රයා (මහරි දේවපුත්‍රයා) මාර්ගාරක්ෂකයෙකු ලෙස පිහිටුවිය.
අථ අපරෙන සමයෙන අඞ්ගමගධවාසිනො වාණිජා සකටසහස්සං භණ්ඩස්ස පූරෙත්වා සින්ධුසොවීරදෙසං ගච්ඡන්තා මරුකන්තාරෙ දිවා උණ්හභයෙන මග්ගං අප්පටිපජ්ජිත්වා රත්තිං නක්ඛත්තසඤ්ඤාය මග්ගං පටිපජ්ජිංසු. තෙ මග්ගමූළ්හා හුත්වා අඤ්ඤං දිසං අගමංසු. තෙසං අන්තරෙ එකො උපාසකො අහොසි සද්ධො පසන්නො සීලසම්පන්නො අරහත්තප්පත්තියා උපනිස්සයසම්පන්නො මාතාපිතූනං උපට්ඨානත්ථං වණිජ්ජාය ගතො. තං අනුග්ගණ්හන්තො සෙරීසකදෙවපුත්තො සහ විමානෙන අත්තානං දස්සෙසි. දස්සෙත්වා ච පන “කස්මා තුම්හෙ ඉමං ඡායූදකරහිතං වාලුකාකන්තාරං පටිපන්නා”ති පුච්ඡි. තෙ චස්ස තත්ථ අත්තනො ආගතප්පකාරං කථෙසුං, තදත්ථදීපනා දෙවපුත්තස්ස වාණිජානඤ්ච වචනපටිවචනගාථා හොන්ති. ආදිතො පන ද්වෙ ගාථා තාසං සම්බන්ධදස්සනත්ථං ධම්මසඞ්ගාහකෙහි ඨපිතා –
ඉක්බිති පසුකලෙක අංග මගධ දේශයන්හි වැසි වෙළෙන්දෝ ගැල් දහසක් භාණ්ඩවලින් පුරවා සින්දු සෙන්විර දේශයට යන්නාහු වැලිකතරෙහි දහවල්හි උෂ්ණයට බියෙන් මගට නොබැස රාත්‍රියෙහි තරු සලකුණෙන් මගට පිළිපන්හ. ඔවුහු මංමුළා වී අන් දේශයකට ගියහ. ඔවුන් අතරෙහි ශ්රද්ධාවන්ත වූ තෙරුවනෙහි පැහැදුණා වූ සිල්වත් වූ රහත් බවට පැමිණීමට හේතුසම්පත් ඇත්තා වූ මව්පියන් හට උවටැන් කරනු පිණිස වෙළඳාමට ගියා වූ එක් උපාසකවරයෙක් විය. ඔහුට අනුග්‍රහ පිණිස සෙරිස්සක (මහරි) දිව්‍යපුත්‍රයා විමානය සමගම තමා දක්වා සිටියේය. දක්වා නුඹලා කුමක් හෙයින් සෙවන හා ජලය නැති මෙම වැලිකතරට පිළිපන්නහුදැයි විමසීය. ඔව්හු වනාහි එහි තමා පැමිණි සැටි කීහ. ඒ විස්තර දැක්වීම දේව පුත්‍රයාගේ ද වෙළෙඳුන්ගේ ද වචන හා ප්‍රතිවචන ගාථාවන් ද වේ. මුල් ගාථා දෙක වනාහි ඔවුන්ගේ සම්බන්ධය දැක්වීම පිණිස ධර්ම සංගායනා කාරකයන් වහන්සේලා විසින් කරන ලදි.
“සුණොථ යක්ඛස්ස ච වාණිජාන ච, සමාගමො යත්ථ තදා අහොසි; යථා කථං ඉතරිතරෙන චාපි, සුභාසිතං තඤ්ච සුණාථ සබ්බෙ.
සුණොථ යක්ඛස්ස ච වාණිජාන ච සමාගමො යත්ථ තදා අහොසි යථා තථං ඉතරිතරෙන වා පි සුභාසිතං තඤ්ච සුණොථ සබ්බෙ
ඒ ගමනෙහි යෙදෙන කල්හි යම් ස්ථානයකදී (සෙරිස්සක නම්) දිව්‍යපුත්‍රයා හා වෙළඳුන්ගේ හමුවීමක් වී නම් එය අසන්න. එකල්හි ඔවුනොවුන් අතර යම්කිසි යහපත් වූ සාකච්ඡාවක් වී නම් ඔබ සියලු දෙනාම එය ද අසන්න.
“යො සො අහු රාජා පායාසි නාම, භුම්මානං සහබ්යගතො යසස්සී; සො මොදමානොව සකෙ විමානෙ, අමානුසො මානුසෙ අජ්ඣභාසී”ති.
යො සො අහු රාජා පායාසි නාමො භුම්මානං සහව්යගතො යස්සසී සො මොදමානොව සකෙ විමානෙ අමානුසො මානුසෙ අජ්ඣභාසී’ති
පායාසි නම් වූ යම්බඳු ඒ රජකෙනෙක් වූයේද භූම්‍යස්ථ දෙවියන් හා එක්වීමට ගියා වූ පරිවාර සම්පත්තියෙන් යුක්ත වූ ඒ දෙව්තෙර ස්වකීය ස්ථානයෙහි සතුටු වෙමින්ම මනුෂ්‍යයන් හට මෙසේ කීවේය.
තත්ථ සුණොථාති සවනාණත්තිකවචනං. යං මයං ඉදානි භණාම, තං සුණොථාති. යක්ඛස්සාති දෙවස්ස. දෙවො හි මනුස්සානං එකච්චානං දෙවානඤ්ච පූජනීයභාවතො “යක්ඛො”ති වුච්චති. අපිච සක්කොපි චත්තාරො මහාරාජානොපි වෙස්සවණපාරිසජ්ජාපි පුරිසොපි “යක්ඛො”ති වුච්චති. තථා හි “අතිබාළ්හං ඛො අයං යක්ඛො පමත්තො විහරති, යංනූනාහං ඉමං යක්ඛං සංවෙජෙය්ය”න්තිආදීසු (ම· නි· 1.393) සක්කො “යක්ඛො”ති වුත්තො. “චත්තාරො යක්ඛා ඛග්ගහත්ථා”තිආදීසු මහාරාජානො. “සන්ති හි, භන්තෙ, උළාරා යක්ඛා භගවතො අප්පසන්නා”තිආදීසු (දී· නි· 3.276) වෙස්සවණපාරිසජ්ජා. “එත්තාවතා යක්ඛස්ස සුද්ධී”තිආදීසු (සු· නි· 482) පුරිසො. ඉධ පන වෙස්සවණපාරිසජ්ජො අධිප්පෙතො. වාණිජාන චාති ගාථාබන්ධසුඛත්ථං අනුනාසිකලොපං කත්වා වුත්තං. සමාගමොති සමොධානං. යත්ථාති යස්මිං වණ්ණුපථෙ. තදාති තස්මිං මග්ගමූළ්හා හුත්වා ගමනකාලෙ. ඉතරිතරෙන චාපීති ඉතරීතරඤ්චාපි, ඉදං යථාති ඉමිනා යොජෙතබ්බං. අයඤ්හෙත්ථ අත්ථො – සෙරීසකදෙවපුත්තස්ස වාණිජානඤ්ච තදා යත්ථ සමාගමො අහොසි, තං සුණොථ, යථා වාපි තෙහි අඤ්ඤමඤ්ඤං සුභාසිතං සුලපිතං කථං පවත්තිතං, තඤ්ච සබ්බෙ ඔහිතචිත්තා සුණාථාති. භුම්මානන්ති භුම්මදෙවානං.
ගාථාවෙහි වචන විස්තර සුණොථ ශ්‍රවණය සඳහා අණ කිරීමේ වචනයකි. අපි දැන් යමක් කියන්නා මෙන් ද එය අසන්න. යක්ඛස්ස දෙවියාගේ දෙවියා වනාහි මිනිසුන්ගේ ද ඇතැම් දෙවිවරුන්ගේ ද පූජනීය ස්වභාවයෙන් යක්ඛ යයි කියනු ලැබේ. තවද ශක්‍රයා ද සතරවරම් දිව්‍යරාජයෝ ද වෛශ්රවණගේ පිරිසෙහි වූ පුරුෂයෙක් වුවද යක්ඛ යයි කියනු ලැබේ. එසේමය. “අතිබාළ්හං ඛො අයං යක්ඛෙ පමත්තො විහරති, යන්නුනාහං ඉමං යක්ඛං සංවෙජෙයය්යං” යන ආදි තැන්හි ශක්‍රයා ‘යක්ඛ’ යන පදයෙන් කියන ලදී. චත්තාරො යක්ඛා ඛග්ගහත්ථා යන ආදි තැන්හි සිව්වරම් දෙව් රජවරු කියන ලදහ. සන්ති හි භන්තෙ උළාරා යක්ඛා භගවතො අප්පසන්නා යන ආදි තැන්හි වෛශ්‍රවණයාගේ පිරිසෙහි වූවෝ කියන ලදහ. එත්තාවතා යක්ඛස්ස සුද්ධි යන ආදි තැන්හි පුද්ගලයෙකු ගැන කියන ලදී. මෙහිදී සුණොථ යක්ඛස්ස යන තැන වනාහි වෛශ්රවණගේ පිරිසෙහි වූ අයකු යයි අදහස් වේ. වාණිජානවා ගාථා බන්ධනයේ පහසුව තකා (න.ච අතරෙහි වූ) අනුසාසිකය (0 බින්දුව = 0) ලොප් කොට කියන ලදී. සමාගමො එක්වීම යත්ථ යම්කිසි වැලි පොළවක තදා ඔවුන් රෑ මුළා වී හා කල්හි ඉතරීතරෙනචාපි ඔවුනොවුනට පවා මෙය යථා යන මේ පදය සමග නොදිය යුතුයයි එහි අර්ථය මෙසේය. සෙරිස්සක දිව්‍ය පුත්‍රයාගේ ද වෙළඳුන්ගේ ද එකල්හි යම් සමාගමයක් අහොසි සිදුවී එය අසන්න. යථාවාපි ඔවුන් විසින් ඔවුනොවුන් සුභාසිතං මනාව කියන ලදී. කථං පවත්නා ලද්දේ ද, තඤ්ච සබ්බෙ යොමුකරන ලද සිත් ඇතිව අසන්න. භුම්මානං බිම සිටින දෙවිවරුන්ගේ
ඉදානි යක්ඛස්ස පුච්ඡාගාථායො හොන්ති –
දැන් යක්ඛස්ස (යක්ෂයාගේ දෙවියාගේ) ප්‍රශ්නකොට ගාථා දැක්වේ.
“වඞ්කෙ අරඤ්ඤෙ අමනුස්සට්ඨානෙ, කන්තාරෙ අප්පොදකෙ අප්පභක්ඛෙ; සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ, වඞ්කංභයා නට්ඨමනා මනුස්සා.
වංකෙ අරඤ්ඤෙ අමනුස්සට්ඨානෙ කන්තාරෙ අප්පොදකෙ අප්පභක්ඛෙ සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ වංකා භයා නට්ඨමනා මනුස්සා
අමනුෂ්‍යයන් වෙසෙන ශුභ නොවන වනාන්තරයෙහි ජලය හිඟ ආහාර හිඟ කාන්තාරයෙහි ද ගමනට අපහසු වැලිකතර මැද ද සැකයෙන් බියෙන් වැනසෙන මිනිසුනි,
“නයිධ ඵලා මූලමයා ච සන්ති, උපාදානං නත්ථි කුතොධ භක්ඛො; අඤ්ඤත්ර පංසූහි ච වාලුකාහි ච, තත්තාහි උණ්හාහි ච දාරුණාහි ච.
නයිධ ඵලා මූලමයා ච සන්ති උපාදානං නත්ථි කුතො ඉධ භක්ඛො අඤ්ඤත්ර පංසුහි ච වාලුකාහි ච තත්තාහි උණහාහි ච දාරුණාහි ච
මෙහි ගෙඩිද මුල් ද නැත. දැල්විය හැකි දෙයක් නැත. රත් වූ උණුසුම් වූ රළු වූ පස් වැලි හැර මෙහි කවර නම් ආහාරයක් වේද?
“උජ්ජඞ්ගලං තත්තමිවං කපාලං, අනායසං පරලොකෙන තුල්යං; ලුද්දානමාවාසමිදං පුරාණං, භූමිප්පදෙසො අභිසත්තරූපො.
උජ්ජංගලං තත්තමිවං කපාලං අනායසං පරලොකෙන තුල්යං ලුද්දාන මාවාසමිදං පුරාණං භූමිප්පදෙසො අබිසත්තරූපො
නපුරු කාන්තාරයක් වූ උණුසුම් කබලක් වූ යසසින් තොර නරලොව (හෙවත් අපායට සම වූ) වැද්දන් හට වාසභූමියක් වූ පරන බිමක් වූ එය ඍෂි සාපයට භාජනය වූවක් වෙති.
“අථ තුම්හෙ කෙන වණ්ණෙන, කිමාසමානා ඉමං පදෙසඤ්හි; අනුපවිට්ඨා සහසා සමෙච්ච, ලොභා භයා අථ වා සම්පමූළ්හා”ති.
අථ තුම්හෙ කෙන වණ්ණෙන කිමාසමානා ඉමං පදෙසං හි අනුප්පවිට්ඨා සහසා සමෙච්ච ලොභා භයා අථවා සම්පමුළ්හා
තවද නුඹලා කවර හේතුවකින් කුමක් බලාපොරොත්තුවකින් ඉක්මන් වී එකතු වී පැමිණියහුද, පැමිණියේ ලෝභයකින්ද, බියකින්ද, නැතහොත් මුළාවට පත්වීමකින්ද?
තත්ථ වඞ්කෙති සංසයට්ඨානෙ. යත්ථ පවිට්ඨානං “ජීවිස්සාම නු ඛො, මරිස්සාම නු ඛො”ති ජීවිතෙ සංසයො හොති, තාදිසෙ අරඤ්ඤෙ. අමනුස්සට්ඨානෙති අමනුස්සානං පිසාචාදීනං සඤ්චරණට්ඨානෙ, මනුස්සානං වා අගොචරට්ඨානෙ. කන්තාරෙති නිරුදකෙ ඉරිණෙ, කං තාරෙන්ති නයන්ති එත්ථාති හි කන්තාරො, උදකං ගහෙත්වා තරිතබ්බට්ඨානං. තෙනාහ “අප්පොදකෙ”ති. අප්ප-සද්දො හෙත්ථ අභාවත්ථො “අප්පිච්ඡො අප්පනිග්ඝොසො”තිආදීසු (අ· නි· 8.23; චූළව· 456) විය. වණ්ණුපථස්ස මජ්ඣෙති වාලුකාකන්තාරමජ්ඣෙති අත්ථො. වඞ්කංභයාති වඞ්කෙහි භීතා. වඞ්කෙහි භයං එතෙසන්ති “වඞ්කභයා”ති වත්තබ්බෙ ගාථාසුඛත්ථං සානුනාසිකං කත්වා “වඞ්කංභයා”ති වුත්තං. ඉදඤ්ච වාලුකාකන්තාරපවෙසනතො පුබ්බෙ තෙසං උප්පන්නභයං සන්ධාය වුත්තං. නට්ඨමනාති මග්ගසතිවිප්පවාසෙන නට්ඨමානසා, මග්ගමූළ්හාති අත්ථො. මනුස්සාති තෙසං ආලපනං.
ගාථාවන්හි වචන විස්තර වංකෙ සැක සහිත තැන යම්තැනකට පැමිණි අයට ජීවත්වෙමුද, නොහොත් මැරෙමුද යනුවෙන් ජීවිතයෙහි සැකයක් ඇතිවේද? එවැනි අරඤ්ඤෙ ආරණ්‍යයෙහි අමනුස්සට්ඨානෙ අමනුෂ්‍ය ආදීන් පිසාච ආදීන් හැසිරෙන ස්ථානයෙහි, මිනිසුනට නොසුදුසු තැන්ය. කනතාරෙ ජලය නැති නිසරු බිමෙහි මෙහි අපහසුවෙන් තරණය කරන්න. පැමිණෙත් යන අදහසින් කාන්තාර නම් වේ. ජලය රැගෙන තරණය කළයුතු තැනකි. එහෙයින් අප්පාදකෙ යයි කීහ. (ජලය හිඟ) මෙහි අප්ප ශබ්ද මෙහිදී අප්පිච්ඡ අප්පනිග්ඝො යන ආදියෙහි මෙන් වණ්ණුපථස්ස මජ්ඣෙ වැලිකතරේ මැද යන අරුතයි. වංකං භයා අශුභ නිසා බිය වූ වංක බව නිසා මේ අයට බිය ඇතැයි යන අරුතයි. වංක භයා යනුවෙන් කිවයුතු තැන්හි ගාථාවෙහි පහසුව තකා අනුනාසිකයක් යොදා වංක වංකං ගතා යනුවෙන් කියන ලදි. මෙයද වැලිකතරට පිවිසීමට පෙර ඔවුන්හට උපන් බිය සඳහා කියන ලදී. නට්ඨමනා මාර්ගය පිළිබඳ සිහිය වෙනස් වීමෙන් නැසුණ මගක් ඇති මංමුළා වූ යන අර්ථයයි. මනුස්සා ඔවුන්හට කරන ආමන්ත්රණයයි.
ඉධාති ඉමස්මිං මරුකන්තාරෙ. ඵලාති අම්බජම්බුතාලනාළිකෙරාදිඵලානි න සන්තීති යොජනා. මූලමයා චාති මූලානියෙව මූලමයා, වල්ලිකන්දාදීනි සන්ධාය වදති. උපාදානං නත්ථීති කිඤ්චාපි කිඤ්චි භක්ඛං නත්ථි, උපාදානං වා ඉන්ධනං, අග්ගිස්ස ඉන්ධනමත්තම්පි නත්ථි, කුතො කෙන කාරණෙන ඉධ මරුකන්තාරෙ භක්ඛො සියාති අත්ථො. යං පන අත්ථි තත්ථ, තං දස්සෙතුං “අඤ්ඤත්ර පංසූහී”තිආදි වුත්තං.
ඉධ මෙ වැලි කතරෙහි ඵලා අඹ දඹ තල් පොල් ආදී ඵල වර්ග වනයක් යන අදහස යෙදේ. මූලමයාච මූලයන්ම මූලම වේ. වැල් අල ආදිය සඳහා කියයි. උපාදානං නත්ථි කිසිසේත් කිසියම් ආහාරයක් නැත. දර හෝ උණුසුම් කාරකයක් හෝ ගින්නෙන් උණුසුමක් හෝ වැඩ ලැබීමට නැත. කුතො කවර කරුණකින් මෙහි වැලිකතරෙහි භක්ඛො (කෑ යුතු දෙයක් තිබේද යන අර්ථයයි. එහිදී එය දැක්වීම සඳහා යමක් වේ නම් එය දැක්වීම පිණිස අඤ්ඤත්ර පංසුහී යන ආදිය කියන ලදි.
උජ්ජඞ්ගලන්ති ජඞ්ගලං වුච්චති ලූඛධූසරො අනුදකො භූමිප්පදෙසො, තං පන ඨානං ජඞ්ගලතොපි උක්කංසෙන ජඞ්ගලන්ති ආහ “උජ්ජඞ්ගල”න්ති. තෙනාහ “තත්තමිවං කපාල”න්ති, තත්තං අයොකපාලසදිසන්ති අත්ථො. ගාථාසුඛත්ථඤ්චෙත්ථ සානුනාසිකං කත්වා වුත්තං, තත්තමිවඉච්චෙව දට්ඨබ්බං. අනායසන්ති නත්ථි එත්ථ ආයො සුඛන්ති අනායං, තතො එව ජීවිතං සීයති විනාසෙතීති අනායසං. අථ වා න ආයසන්ති අනායසං. පරලොකෙනාති නරකෙන තුල්යං. නරකඤ්හි සත්තානං එකන්තානත්ථතාය පරභූතො පටිසත්තුභූතො ලොකොති විසෙසතො “පරලොකො”ති වුච්චති, සමන්තතො අයොමයත්තා ආයසඤ්ච, ඉදං පන තදභාවතො අනායසං, මහතො දුක්ඛස්ස උප්පත්තිට්ඨානතාය පරලොකසදිසන්ති දස්සෙති, “අනස්සය”න්ති ච කෙචි පඨන්ති, සුඛස්ස අප්පතිට්ඨානභූතන්ති අත්ථො. ලුද්දානමාවාසමිදං පුරාණන්ති ඉදං ඨානං චිරකාලතො පට්ඨාය ලුද්දානං දාරුණානං පිසාචාදීනං ආවාසභූතං. අභිසත්තරූපොති “එවං ලූඛො ඝොරාකාරො හොතූ”ති පොරාණෙහි ඉසීහි සපිතසදිසො, දින්නසපො වියාති අත්ථො.
උජ්ජංගල ජංගල යනුවෙන් රළු වූ වියලි පැහැ (කහ පැහැ) ගත් ජලය රහිත බිම්පෙදෙසක් කියවේ. ඒ ස්ථාන වනාහි නිසරු බිමටත් වැඩියෙන් නිසරු බැවින් උජ්ජංගල යැයි යෙදේ. එබැවින් තත්තමිවං කපාල යයි කීහ. තත්තං යනු යකඩ කබලක් වැනි යන අර්ථය ඇත්තේය. ගාථාවෙහි පහසුව තකා මෙහිද අනුනාසිකයක් එකතුකොට කියන ලදී. තත්තංව යනුවෙන්ම දැක්විය යුතුය. අනායසං මෙහි ලැබීම් පිළිබඳ සැපයක් නැත යනුවෙන් අනායං යයි කියනු ලැබේ. ඒ නිසාම ජීවිතය නිසරු වේ. විනාසෙති යනුවෙන් ද අනායසං යි යෙදේ. නැතහොත් ආයුෂ නැත යන අරුතින් ද අනාසංයි යෙදේ. පරලොකෙන අපාය හා සමානය යන අරුතයි. අපාය වනාහි සත්ත්වයන් හට ඒකාන්ත අනර්ථය පිණිස පවතින සතුරු වූ ලෝකයක්ය යන අදහසින් විශේෂයෙන් පරලෝක යයි කියනු ලැබේ. හාත්පසින් යකඩවලින් කරන ලද්දේය යන අදහසින්ද ආයස යයි යෙදේ. මේ වනාහි එය නොවන බැවින් යන අරුතින් අනාසය වේ. මහත් වූ දුකකට උත්පත්ති ස්ථාන වන බැවින් පරලෝකං යන ස්ථානය දැක්වේ. ඇතැමෙක් අනස්සයං යයිද කියත්. සැපය නොනැවතීමට හේතු වූ යන අර්ථයි. ලුද්දානමාවාසමිදං පුරාණං මේ ස්ථානය දිගුකලක පටන් වැද්දන් හට, දරුණු අයට, පිසාච ආදීනට වාසස්ථානයක් වී අභිසත්තරූපො මෙසේ දෘඪ වූ සොර ආකාර ඇත්තා වූ තැනක් වේවයි පුරාණ සෘෂීන් විසින් සාපකරන ලද්දක් වැනි සාපයක් දෙන ලද වැනි හා අර්ථ ඇත්තේය.
කෙන වණ්ණෙනාති කෙන කාරණෙන. කිමාසමානාති කිං පච්චාසීසන්තා. හීති නිපාතමත්තං. “පදෙසම්පී”ති ච පඨන්ති, ඉමම්පි නාම පදෙසන්ති අත්ථො. සහසා සමෙච්චාති සහසා ආදීනවානිසංසෙ අවිචාරෙත්වා සමවායෙන අනුපවිට්ඨා සප්පවිට්ඨා. ලොභා භයා අථ වා කෙනචි අනත්ථකාමෙන පලොභිතා ලොභතො කෙනචි අමනුස්සාදිනා පරිපාතිතා භයා වා. අථ වා සම්පමූළ්හාති මග්ගවිප්පනට්ඨා ඉමං පදෙසං අනුපවිට්ඨාති යොජනා.
කෙන වණ්ණෙනාති කිනම් කරුණකින් කිමාසමානා කුමක් බලාපොරොත්තු වන්නහුද හී නිපාත මාත්‍රයකි. පදෙසංපි යි ද සමහරු කියති. මෙයද ප්‍රදේශ යන අර්ථය ඇතිවන්නකි. සහසා සමෙච්ච ඉක්මනින් ආදීනව ආනිසංසයන් නොවීමය. එකතුවීමෙන් අනපවිට්ඨා ඇතුළට පිවිසියහ. ලොභා භයා අථවා කිසියම් අනර්ථකාමියෙකු විසින් කරන ලද ලෝභ ත්රිභාවකින් කිසියම් අමනුෂ්‍යය ආදින් විසින් කරන ලද බියගැන්වීමකින් හෝ නැතහොත් සම්පමූළ්හා මංමුලාවීමකින් මේ පෙදෙසට පිවිසියාහුය යන අදහස යෙදේ.
ඉදානි වාණිජා ආහංසු –
මෙහිදී වෙළෙන්දෝ මෙසේ කීහ.
“මගධෙසු අඞ්ගෙසු ච සත්ථවාහා, ආරොපයිත්වා පණියං පුථුත්තං; තෙ යාමසෙ සින්ධුසොවීරභූමිං, ධනත්ථිකා උද්දයං පත්ථයානා.
අංග මගධ දෙරට වැඩුනා වූ සාර්ථ වාහකයෝ වෙමු. ගැල් වල බඩු පුරවාගෙන වැඩි ලාභ ලැබීම් සඳහා වස්තු ලෝභයෙන් සින්ධු සෝවීර දේශයට යමු.
“දිවා පිපාසංනධිවාසයන්තා, යොග්ගානුකම්පඤ්ච සමෙක්ඛමානා; එතෙන වෙගෙන ආයාම සබ්බෙ, රත්තිං මග්ගං පටිපන්නා විකාලෙ.
දහවල් කාලයේ උණය බලවත් බැවින් ග්‍රීෂ්මය ඉවසිය නොහී දිය පිපාසාවෙන්, මිනිසුන් හා ගොනුන් බලවත් පීඩාවට පත්වෙති. එනිසා දවල් කාලයේ තැනක වාසයකොට රාත්‍රියෙහි ගමන් කරමු.
“තෙ දුප්පයාතා අපරද්ධමග්ගා, අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ; සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ, දිසං න ජානාම පමූළ්හචිත්තා.
අවේලාවේ ගමන යහපත් නොවේ. යක්ෂාධිගෘහිත වාලුකා කාන්තාරය මැද අතරමං වූ බැවින් නොදැනුවත්කම නිසා විනාශයට පැමිණියෙමු.
“ඉදඤ්ච දිස්වාන අදිට්ඨපුබ්බං, විමානසෙට්ඨඤ්ච තවඤ්ච යක්ඛ; තතුත්තරිං ජීවිතමාසමානා, දිස්වා පතීතා සුමනා උදග්ගා”ති.
අප විසින් පෙර නොදක්නා ලද ඔබගේ මේ දිව්යප්රසාදය හා නුඹවහන්සේ හමුවීමෙන් මෙතැන් පටන් දිවි ලබයි ප්‍රීතියෙන් උතුම් වූයෙමු.
තත්ථ මගධෙසු අඞ්ගෙසු ච සත්ථවාහාති මගධරට්ඨෙ ච අඞ්ගරට්ඨෙ ච ජාතා සංවඩ්ඪා තංනිවාසිනො සත්ථෙ සත්ථස්ස ච වාහනකා සත්ථකා චෙව සත්ථසාමිකා ච. පණියන්ති භණ්ඩං. තෙති තෙ මයං. යාමසෙති ගච්ඡාම. සින්ධුසොවීරභූමින්ති සින්ධුදෙසං සොවීරදෙසඤ්ච. උද්දයන්ති ආනිසංසං අතිරෙකලාභං.
ගාථාවන්හි අර්ථ විස්තර : මගධෙසු අංගෙසු ච සත්ථවාහා මගධ රටෙහිද අංග රටෙහිද උසස් ධනවත්හු එහි නිවැසි වෙළෙන්දෝ වෙළඳුන්ගේ වාහන ද වෙළඳ බඩු රැගෙන යන පිරිසද වෙළඳ කාර්යයන්හි හිමියන් හා පිරිස පණියං භාණ්ඩ තෙ ඒ අපි යාමසෙ යන්නෙමු. සින්ධු සොවිරභූමිං සින්දු දේශය හා සෝවීර දේශය උද්දය ප්‍රතිඵලය අතිරේක ලාභය
අනධිවාසයන්තාති අධිවාසෙතුං අසක්කොන්තා. යොග්ගානුකම්පන්ති ගොණාදීනං සත්තානං අනුග්ගහං. එතෙන වෙගෙනාති ඉමිනා ජවෙන, යෙන තව දස්සනතො පුබ්බෙ ආයාම ආගතම්හ. රත්තිං මග්ගං පටිපන්නාති රත්තියං මග්ගං පටිපන්නා. විකාලෙති අකාලෙ අවෙලායං.
අනධිවාසයනතා ඉවසා සිටීමට නොහැකි අය. යොග්ගානුකම්පං ගව ආදි සතුන් හට අනුගත කිරීම එතෙන වෙගෙන මෙම ශක්තියෙන් යම් දෙයකින් ඔබගේ දැක්මට ආයාම පැමිණියෙමු. රත්තිං මග්ගං පටිපන්නාති රාත්‍රියෙහි මගට පිළිපන්නාහු විකාලේ නොසුදුසු කාලයේ අවේලාවෙහි
දුප්පයාතාති දුට්ඨු පයාතා අපථෙ ගතා, තතො එව අපරද්ධමග්ගා. අන්ධාකුලාති අන්ධා විය ආකුලා, මග්ගජානනසමත්ථස්ස පඤ්ඤාචක්ඛුනො අභාවෙන අන්ධා, තතො එව ආකුලා, විප්පනට්ඨා ච මග්ගසම්මූළ්හතාය. දිසන්ති ගන්තබ්බදිසං, යස්සං දිසායං සින්ධුසොවීරදෙසො, තං දිසං. පමූළ්හචිත්තාති දිසාසංසයසුමූළ්හචිත්තා.
දුප්පයාතානි වැරදි ලෙස ගියා වූ වැරදි මග ගියා වූ ඒ නිසාම අපරද්ධ මග්ගා අන්ධාකුලානි අන්ධයින්ගෙන් අවුල් වූ මාර්ගය දැක්වීමට සමත්වන ප්‍රඥා නමැති ඇස නැති බැවින් අන්ධ නම් වෙති. ඒ නිසාම අවුල් වූවාහ. විප්පනට්ඨා යනුද මාර්ගය පිළිබඳව මුලාවීමෙන් යන අරුතයි. දිසං යා යුතු දිසාව ඒ දිශාව යම් දිශාවක සින්දු හා සෝවිර යන දේශයක් වේද ඒ දිශාව පමූළ්හ චිත්තා දිශාව පිළිබඳ සැකයෙන් මුළා වූ සිත් ඇත්තාහ.
තවඤ්චාති තුවඤ්ච. යක්ඛාති ආලපනං. තතුත්තරිං ජීවිතමාසමානාති යො “ඉතො පරං අම්හාකං ජීවිතං නත්ථී”ති ජීවිතසංසයො උප්පන්නො, ඉදානි තතො උත්තරිම්පි ජීවිතං ආසීසන්තා. දිස්වාති දස්සනහෙතු. පතීතාති පහට්ඨා. සුමනාති සොමනස්සප්පත්තා. උදග්ගාති උදග්ගාය පීතියා උදග්ගචිත්තා.
තවඤ්ච ඔබගේද යක්ඛා යනුවෙන් ආමන්ත්‍රණය කෙරේ. තතුත්තරිං ජිවිතමා සමානා යමෙක් මෙයින් මතු අපට ජීවිතයක් නැතැයි ජීවිත සැකය උපන්නේ ද දැන් එයින් පසු ද ජීවිතයක් බලාපොරොත්තු වන්නාහු. දිස්වා දැකීමට හේතුව පතිතා සතුටු වූවාහ. සුමනා සොම්නසට පැමිණියාහු උදග්ගා උදම් වූ ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වූ සිත් ඇති.
එවං වාණිජෙහි අත්තනො පවත්තියා පකාසිතාය පුන දෙවපුත්තො ද්වීහි ගාථාහි පුච්ඡි –
මෙසේ වෙළඳුන් තමන්ගේ පැවැත්ම ප්‍රකාශ කරන කල්හි නැවත දිව්‍යපුත්‍රයා ගාථා දෙකකින් මෙසේ විචාළේය.
“පාරං සමුද්දස්ස ඉමඤ්ච වණ්ණුං, වෙත්තාචරං සඞ්කුපථඤ්ච මග්ගං; නදියො පන පබ්බතානඤ්ච දුග්ගා, පුථුද්දිසා ගච්ඡථ භොගහෙතු.
පාරං සමුද්දස්ස ඉදඤ්ච වණ්ණං - වෙත්තාචරං සංකුපථඤ්ච මග්ගං නදියො පන පබ්බතානඤ්ච දුග්ගා - පුථුද්දිසා ගච්ඡථ භොග හෙතු
“පක්ඛන්දියාන විජිතං පරෙසං, වෙරජ්ජකෙ මානුසෙ පෙක්ඛමානා; යං වො සුතං වා අථ වාපි දිට්ඨං, අච්ඡෙරකං තං වො සුණොම තාතා”ති.
පක්ඛන්දියාන විජිතං පරෙසං - වෙරජ්ජකෙ මානුසෙ පොක්ඛමානා යං වො සුතංවා අථවාපි දිට්ඨං - අච්ඡෙරකං තං වො සුණොමිතාත
එම්බා පින්වත්නි, මුහුදෙන් එතෙර ද මෙබඳු වැලිකතරෙහි ද වේවැල් බැඳ යා යුතු මාර්ගවල ද කණු සිටුවා යා යුතු මාර්ගවල ද, නදී පර්වතාදී දුර්ගම ප්‍රදේශවල ද වස්තු බලාපොරොත්තුව තෙපි නොයෙක් දිග යන්නාහු,
අනෙක් රජවරුන්ගේ විජිතයන්ට පැමිණ, නොයෙක් රටවල මිනිසුන් දකිමින් තොප විසින් යමක් අසන ලද්දේ ද, දක්නා ලද්දේ ද දරුවෙනි, ඒ ආශ්චර්යය තොප විසින් අසම්හ.
තස්සත්ථො – පාරං සමුද්දස්සාති සමුද්දස්ස පරතීරං, ඉමඤ්ච ඊදිසං, වණ්ණුං වණ්ණුපථං වෙත්තලතා බන්ධිත්වා ආචරිතබ්බතො වෙත්තාචරං මග්ගං, සඞ්කුකෙ ඛාණුකෙ කොට්ටෙත්වා ගන්තබ්බතො සඞ්කුපථං මග්ගං, නදියො පන චන්දභාගාදිකා, පබ්බතානඤ්ච විසමප්පදෙසාති එවං දුග්ගා පුථුද්දිසා භොගනිමිත්තං ගච්ඡථ, එවං ගච්ඡන්තා ච පක්ඛන්දියාන පක්ඛන්‍දිත්‍වා අනුපවිසිත්වා, පරෙසං රාජූනං විජිතං තත්ථ වෙරජ්ජකෙ විදෙසවාසිකෙ මනුස්සෙ පෙක්ඛමානා ගච්ඡථ, එවංභූතෙහි වො තුම්හෙහි යං සුතං වා අථ වා දිට්ඨං වා අච්ඡෙරකං අච්ඡරියං, තං වො සන්තිකෙ තාතා වාණිජා සුණොමාති අත්තනො විමානස්ස අච්ඡරියභාවං තෙහි කථාපෙතුකාමො පුච්ඡති.
විස්තර පාරං සමුද්දස්ස මුහුදින් එතෙර ඉදං මෙබඳු වූ වණ්ණුට වැලිකතර, වේවැල් බැඳ යායුතු හෙයින් වෙත්තාචරං යයි යෙදේ. උල් කණු සිටුවා යායුතු බැවින් සංකුපථ මග්ගං නදියොපන චන්ද්රභාශා දී ගංගා, පබ්බතානඤ්ච යාමට අපහසු කඳු සහිත ප්‍රදේශ, මෙවැනි දුග්ගා පුථුදිසා භොග නිමිත්තං ගච්ඡථ භෝග හේතුවෙන් මෙසේ යන්නහු ද, පක්ඛන්දියාන පැනගෙන ඇවිත් ඇතුළට පිවිස පරෙසං වෙනත් රජුන්ගේ විජිතං එහි වෙනත් රජුන් හට අයත් විදේශයන්හි වෙසෙන මිනිසුන් පෙක්ඛමානා ගච්ඡථ මෙසේ වූ වො ඔබ විසින් යං සුතංවා අථවා දිට්ඨංවා අච්ඡෙරකං ආශ්චර්යය තංඛො සමීපයෙහි තාතා වෙළෙන්දෝ, සුණොම තමන්ගේ විමානයේ අසිරිය ඔවුන් ලවා කියවනු කැමැත්තේ මෙසේ විමසයි.
එවං දෙවපුත්තෙන පුට්ඨා වාණිජා ආහංසු –
දිව්‍යපුත්‍රයා විසින් මෙසේ විමසනු ලැබුවා වූ වෙළෙන්දෝ මෙසේ කීහ.
“ඉතොපි අච්ඡෙරතරං කුමාර, න නො සුතං වා අථ වාපි දිට්ඨං; අතීතමානුසකමෙව සබ්බං, දිස්වා න තප්පාම අනොමවණ්ණං.
එම්බා දේව කුමාරය, මානුෂික වූ සියලු යසඉසුරු සම්පත් ඉක්මගිය මේ සැපතට වඩා අතිශයින් ආශ්චර්ය වූවක් අප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ නොවේ. තවද ඒ අලාමක වර්ණය දැක තෘප්තියට නො පැමිණියම්හ.
“වෙහායසං පොක්ඛරඤ්ඤො සවන්ති, පහූතමල්යා බහුපුණ්ඩරීකා; දුමා චිමෙ නිච්චඵලූපපන්නා, අතීව ගන්ධා සුරභිං පවායන්ති.
බොහෝ වූ හෙළ පියුම් ආදී මල්වලින් ගැවසී ගත් පොකුණු අහසෙහි ගලා බසිත්. ඵලයෙන් ගැවසී ගත් අතිශය සුවඳවත් වූ මේ වෘක්ෂයෝ සුවඳ වහනය කරත්.
“වෙළූරියථම්භා සතමුස්සිතාසෙ, සිලාපවාළස්ස ච ආයතංසා; මසාරගල්ලා සහලොහිතඞ්ගා, ථම්භා ඉමෙ ජොතිරසාමයාසෙ.
සියක් රියන් පමණ වූ උස් වූ බොහෝකල් පවත්නා වෙරළුමිණියෙන් පබළුයෙන් ඉදිකළ කුළුණු මසාරගල්ල හා රතු මැණික්වලින් කළ කුළුණු යන මොහු බැබළෙමින් සිටී.
“සහස්සථම්භං අතුලානුභාවං, තෙසූපරි සාධුමිදං විමානං; රතනන්තරං කඤ්චනවෙදිමිස්සං, තපනීයපට්ටෙහි ච සාධුඡන්නං.
දහස් ගණන් ටීම් ඇති අසමාන වූ ආනුභාව ඇති රනින් ගැවසුණු කසුන්මුවා වේදිකාවෙන් යුත් රන්පටින් මනාව වසන ලද ඔබගේ මේ සුන්දර විමානය මහා කුළුණු මත පිහිටියේ වෙයි.
“ජම්බොනදුත්තත්තමිදං සුමට්ඨො, පාසාදසොපානඵලූපපන්නො; දළ්හො ච වග්ගු ච සුසඞ්ගතො ච, අතීව නිජ්ඣානඛමො මනුඤ්ඤො.
මේ විමන අතිශයින් ඔප දැමූ දඹරනින් නිමියේය. බබළන්නේ ය. එහි සුමට වූ ප්‍රාසාද සෝපාන ඵලකයෙන් යුත්, ස්ථිර වූ මනෝඥ වූ මනාව සංගත වූ ප්‍රාසාදයේ කොටස් ඉතා දැකුම්කළුව මනරම්ව බබළයි.
“රතනන්තරස්මිං බහුඅන්නපානං, පරිවාරිතො අච්ඡරාසඞ්ගණෙන; මුරජආලම්බරතූරියඝුට්ඨො, අභිවන්දිතොසි ථුතිවන්දනාය.
මේ රුවන් විමන ඇතුළේ බොහෝ ආහාර පාන ඇත්තේය. දිව්‍යප්සරා සමූහයා විසින් පිරිවරන ලද්දෙහි ද, මිහිඟු බෙර පනාබෙර ආදී තූර්ය නාදයෝ පවතිත්. ස්තුති ගීතිකායෙන් අභිවාදනය කරන්නෝය.
“සො මොදසි නාරිගණප්පබොධනො, විමානපාසාදවරෙ මනොරමෙ; අචින්තියො සබ්බගුණූපපන්නො, රාජා යථා වෙස්සවණො නළින්යා.
වෙසවුණු රජ නලිනී නම් ක්‍රීඩා ස්ථානයෙහි සතුටු වන්නේ යම්සේද, ඔබ ද නාරිගණයා විසින් පිරිවරන ලදුව එසේම සතුටු වේ. නොසිතිය හැකි ඇත්තෙකි. සියලු ගුණයෙහි යුක්ත වූවෙහි මනරම් වූ ඒ විමාන ප්‍රාසාදයේ සතුටු වෙහි.
“දෙවො නු ආසි උදවාසි යක්ඛො, උදාහු දෙවින්දො මනුස්සභූතො; පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා, ආචික්ඛ කො නාම තුවංසි යක්ඛො”ති.
ඔබ දෙවියෙක් වෙයිද, නැතිනම් යක්ෂයෙක් වෙයි ද, එසේම සක්දෙවිඳු වෙහි ද මිනිසෙක් වෙහිද, ඔබ කිනම් වෙහිදැයි වෙළෙන්දෝ විචාරති.
තත්ථ කුමාරාති පඨමවයෙ ඨිතත්තා දෙවපුත්තං ආලපති. සබ්බන්ති දෙවපුත්තං තස්ස විමානපටිබද්ධඤ්ච සන්ධාය වදති. පොක්ඛරඤ්ඤොති පොක්ඛරණියො. සතමුස්සිතාසෙති සතරතනුබ්බෙධා. සිලාපවාළස්සාති සිලාය පවාළස්ස ච, සිලාමයා පවාළමයාති අත්ථො. ආයතංසාති දීඝංසා. අථ වා ආයතා හුත්වා අට්ඨසොළසද්වත්තිංසාදිඅංසවන්තො.
එහි කුමාරා මුල් වියෙහි සිටි බැවින් දිව්‍ය පුත්‍රයාට කුමාරා යයි අමතයි. සබ්බං දිව්‍යපුත්‍රයා ද ඔහුගේ විමානය හා සම්බන්ධ සියලු දේ ද, සඳහා කියයි. පොක්ඛරඤ්ඤො පොකුණු, සතමුස්සිතාසෙ, සියක් රියන් උස් වූ, සිලාපවාළස්ස මැණික් ගල්වලින් හා පබලුවලින් කළ පළිඟු ගලින් හා පළිඟුවලින් කළ යන අදහසයි. ආයතංසා දිගට පිහිටි අටක් සොළසක් දෙතිසක් ආදී පැතිවලින් යුත්,
තෙසූපරීති තෙසං ථම්භානං උපරි. සාධුමිදන්ති සුන්දරං ඉදං තව විමානං. රතනන්තරන්ති රතනන්තරවන්තං, භිත්තිථම්භසොපානාදීසු නානාවිධෙහි අඤ්ඤෙහි රතනෙහි යුත්තං. කඤ්චනවෙදිමිස්සන්ති සුවණ්ණමයාය වෙදිකාය සහිතං පරික්ඛිත්තං. තපනීයපට්ටෙහි ච සාධුඡන්නන්ති තපනීයමයෙහි අනෙකරතනමයෙහි ච ඡදනෙහි තත්ථ තත්ථ සුට්ඨු ඡාදිතං.
තෙසූපරි ඒ කණුවල මුදුනෙහි සාධුමිදං ඔබගේ සුන්දර වූ විමානය. රතනන්තරං විවිධ රත්නයන්ගෙන් යුත් නන්වැදෑරුම් විවිධ රත්නයන්ගෙන් යුත් බිත්ති ටැම් - හිණිපොළවල් ආදියෙන්, කඤ්චන වෙදි මිස්සං වටකරන ලද රන්මුවා වේදිකා සහිත වූ, තපනීය පට්ටෙහි ච සාධු ඡත්තං බබළන්නා වූ නොයෙක් රත්නයන්ගෙන් ද, ආවරණයන්ගෙන් ද, ඒ ඒ තන්හි මනාව ආවරණය කරන ලද, වසන ලද
ජම්බොනදුත්තත්තමිදන්ති ඉදං තව විමානං යෙභුය්යෙන උත්තත්තජම්බුනදභාසුරං. සුමට්ඨො පාසාදසොපානඵලූපපන්නොති තස්ස ච සො සො පදෙසො සුමට්ඨො සුට්ඨු මජ්ජිතො, තෙහි තෙහි අනන්තරපාසාදෙහි සොපානවිසෙසෙහි රමණීයෙහි ඵලකෙහි ච යුත්තො. දළ්හොති ථිරො. වග්ගූති අභිරූපො සමුග්ගතො. සුසඞ්ගතොති සුට්ඨු සඞ්ගතාවයවො අඤ්ඤමඤ්ඤානුරූපපාසාදාවයවො. අතීව නිජ්ඣානඛමොති පභස්සරභාවෙපි අතිවිය ඔලොකනක්ඛමො. මනුඤ්ඤොති මනොරමො.
ජම්බො නදුත්තන්තමිදං ඔබේ මෙම විමන වෙසෙසින් රත් වී දිලෙන දඹරනින් බබලන. සුමට්ඨො පාසාද සොපාන ඵලූපපන්නො ඒ විමානයෙහි ද ඒ ඒ ප්‍රදේශ සුමටය. මනාව මදින ලද්දේය. එකිනෙක ප්‍රාසාද මාලකයෙහි සෝපාන විශේෂයන්ගෙන් ද, රමණීය වූ ඵලකයන්ගෙන් ද යුක්ත වන්නේය. දළ්හෙ ස්ථිර, වග්ගු අලංකාරවත්, සුමුඛො සුසංගතො මනාව සකස් කළ කොටස් ඇත්තේ, එකිනෙක ගැළපෙන ප්‍රාසාද අවයව ඇත්තේ, අතීච නිජ්ඣානක්ඛමො පැහැසර බවෙහි ද අතිශයින් දැකුම්කළුය. මනුඤ්ඤෙ මනරම්ය.
රතනන්තරස්මින්ති රතනමයෙ, රතනභූතෙ වා සාරභූතෙ විමානස්ස අබ්භන්තරෙ. බහුඅන්නපානන්ති පෙසලං පහූතං අන්නඤ්ච පානඤ්ච විජ්ජති, උපලබ්භතීති අධිප්පායො. මුරජආලම්බරතූරියඝුට්ඨොති මුදිඞ්ගානං ආලම්බරානං අවසිට්ඨතූරියානඤ්ච සද්දෙහි නිච්චඝොසිතො. අභිවන්දිතොසීති නමස්සිතො, ථොමිතො වා අසි. තෙනාහ “ථූතිවන්දනායා”ති.
රතනත්තරස්මිං රන්මය වූ රනින් කළා වූ වටිනා විමානයක් ඇතුළත. බහු අන්නතානං පිනෙන් පහළ වූ බොහෝ වූ ආහාරපාන ඇත. ඒවා ලබාගත හැකිය යන අදහසයි. ධුරජ්ජ ආලම්බ ර තුරිය සුට්ඨො මිහිඟු බෙර හා ගැටබෙර ද වෙනත් තූර්ය භාණ්ඩයන්ගේ ද හඬින් නිතර ඝෝෂා රහිත වූ, අභිවන්දිතො මෙසේ කරනු ලැබුයේ හෝ අසනු ලැබුයේ හෝ වන්නෙහිය. එහෙයින් ථුතිවන්දනා යයි කීය.
අචින්තියොති අචින්තෙය්යානුභාවො. නළින්යාති එවංනාමකෙ කීළනට්ඨානෙ යථා වෙස්සවණො මහාරාජා, එවං ත්වං මොදසීති යොජනා.
අචින්තියො නො සිතිය හැකි තරම් නළින්යා එම නම ඇති ක්‍රීඩා පිටියේ, යථා වෙස්සවණො මහාරාජා වෛශ්‍රවණ නම් මහරජු මෙන් ඔබ සතුටු වන්නෙහිය.
ආසීති අසි භවසි. දෙවින්දොති සක්කො දෙවරාජා. මනුස්සභූතොති මනුස්සෙසු භූතො මනුස්සජාතිකො. යක්ඛොති දෙවාදිභාවං පුච්ඡිත්වාපි යක්ඛභාවං ආසඞ්කන්තා වදන්ති.
ආසී සිදුවන්නෙහිය. දෙවින්දො ශක්‍ර දිව්‍යරාජයා. මනුස්සභුතා මිනිසුන් අතර සිටියේ මනුෂ්‍යයෙක් වූයේ, යක්ඛො දිව්‍ය ආදී ස්වභාවය විමසීමෙන් සැක කරමින් මෙසේ කියත්.
ඉදානි සො දෙවපුත්තො අත්තානං ජානාපෙන්තො –
[missing trans]
“සෙරීසකො නාම අහම්හි යක්ඛො, කන්තාරියො වණ්ණුපථම්හි ගුත්තො; ඉමං පදෙසං අභිපාලයාමි, වචනකරො වෙස්සවණස්ස රඤ්ඤො”ති. –
එම්බා වෙළඳුනි, කතරෙහි නියුක්ත වූ, වැලි කතරෙහි ආරක්ෂකයා වූ මම සේරිස්සක නම් යක්ෂයා වෙමි. වෙසමුණු රජුගේ වචනය කරන්නෙමි. මේ ප්‍රදේශය පාලනය කරමි.
ආහ. තත්ථ අහම්හී යක්ඛොති අහං යක්ඛො අම්හි. කන්තාරියොති ආරක්ඛණත්ථං කන්තාරෙ නියුත්තො. ගුත්තොති ගොපකො. තෙනාහ “අභිපාලයාමී”ති.
එහි අහම්පි යක්ඛො මම යක්ෂයෙක් වෙමි. කන්තාරියො ආරක්ෂාව සඳහා කාන්තාරයෙහි නියුක්ත වෙමි. ගුත්තො ආරක්ෂකයා. එහෙයින් ‘අභිපාලයාමි’ යයි කීය.
ඉදානි වාණිජා තස්ස කම්මාදීනි පුච්ඡන්තා ආහංසු –
දැන් වෙළෙන්දෝ ඔහුගේ කර්මය විමසූහ.
“අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං; පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා, කථං තයා ලද්ධමිදං මනුඤ්ඤ”න්ති.
එම්බා දිව්යපුත්රය, තාගේ මේ සම්පත් අහේතුකව ලදද, කාල පරිණාමයෙන් ලදද, තමන් විසින්ම නිපදවූවද, නැතිනම් දෙවියන් විසින් දෙන ලද්දක්ද, මනෝඥ වූ මේ සැපත තා විසින් කෙසේ ලදදැයි වෙළඳුන් විසින් විචාරනු ලැබිණි. එය කියනු මැනවි.
තත්ථ අධිච්චලද්ධන්ති අධිච්චසමුප්පත්තිකං, යදිච්ඡකං ලද්ධන්ති අත්ථො. පරිණාමජං තෙති නියතිසඞ්ගතිභාවපරිණතං, කාලපරිණතං වා. සයංකතන්ති තයා සයමෙව කතං, දෙවිද්ධියා තයා සයමෙව නිබ්බත්තිතන්ති අත්ථො. උදාහු දෙවෙහි දින්නන්ති තයා ආරාධිතෙහි දෙවෙහි පසාදවසෙන නිස්සට්ඨං.
එහි අධිච්චලද්ධං අහේතුකව ලැබුනේද, කැමති ලෙස ලැබුනේද යන්නයි. පරිණාම ජනෙත නියතියක් න්‍යාය ධර්මයක් වශයෙන් හෝ හේතු එක්වීමක් වශයෙන් හෝ, ස්වභාවික පරිණාමයක් වශයෙන් හෝ නැතිනම් කාලය අනුව සිදු වූ පරිණාමයක් වශයෙන්, සයංකතං ඔබ විසින්ම කරන ලද්දක්ද, දේව සිද්ධියෙන් ඔබ සඳහා ඔබ විසින්ම කරන ලද්දේ ද, උදාහු නොහොත් දෙවෙහි දින්නං දෙවියන් විසින් දෙන ලද්දක් ද,
ඉදානි දෙවපුත්තො චතුරොපි පකාරෙ පටික්ඛිපිත්වා පුඤ්ඤමෙව අපදිසන්තො –
දැන් දිව්‍යපුත්‍රයා සතර ආකාරයෙන්ම පරිණාමය ප්‍රතික්ෂේප කොට පුණ්‍යකර්මයම දක්වමින්
“නාධිච්චලද්ධං න පරිණාමජං මෙ, න සයංකතං න හි දෙවෙහි දින්නං; සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං මනුඤ්ඤ”න්ති. – ගාථමාහ.
වෙළඳුනි, මෙය අහේතුකව ලබන ලද්දක් නොවේ. කාල පරිණාමයෙන් ලද්දක් ද නොවේ. තමන් විසින් නිපදවන ලද්දක් ද නොවෙයි.
දෙවියන් විසින් දෙන ලද්දක් ද නොවෙයි. අලාමක ස්වකීය පුණ්‍යකර්මය කරණකොටගෙන මා විසින් මේ මනෝඥ සම්පත් ලබන ලද්දෙමි.
තං සුත්වා වාණිජා පුන “නාධිච්චලද්ධ”න්ති ගාථායං පුඤ්ඤාධිකමෙව තෙ චතුරො පකාරෙ ආරොපෙත්වා පුඤ්ඤස්ස ච සරූපං පුච්ඡිංසු –
ඒ අසා වෙළෙන්දෝ නැවත ‘නාධිච්චලද්ධං’ ගාථාවෙන් කියන ලද අධික පුණ්‍යකර්මය යට කී සතර ආකාරය වෙත ආරෝපණය කොට පුණ්‍යකර්මයේ ස්වරූපය විමසූහ.
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා, කථං තයා ලද්ධමිදං විමාන”න්ති.
එම්බා දේවපුත්‍රය, ඒ ඔබගේ ව්‍රත සමාදානය කුමක්ද, ඔබගේ උතුම් හැසිරීම කුමක්ද, මේ විපාකය කිනම් කුශල කර්මයක්හුගේ ද, මේ විමන ඔබ විසින් කෙසේ ලබන ලද්දේ ද?
තත්ථ වතන්ති වතසමාදානං. බ්රහ්මචරියන්ති සෙට්ඨචරියං.
[missing trans]
පුන දෙවපුත්තො තෙ පටික්ඛිපිත්වා අත්තානං යථූපචිතං පුඤ්ඤඤ්ච දස්සෙන්තො –
නැවත දේවතාවා ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට තමන් විසින් කරන ලද පින දක්වමින් මෙසේ කීය.
“මමං පායාසීති අහු සමඤ්ඤා, රජ්ජං යදා කාරයිං කොසලානං; නත්ථිකදිට්ඨි කදරියො පාපධම්මො, උච්ඡෙදවාදී ච තදා අහොසිං.
මම යම්කලෙක කොසොල් රට රජය කරවීම්ද, ඒ මට පායාසි රාජඤ්ඤ යයි නමක් විය. එකල්හි මම නාස්තික දෘෂ්ටි ඇති තද මසුරු වූ පාපධර්මයේ නියැලුණු උච්ඡේදවාදියෙක් වීමි.
“සමණො ච ඛො ආසි කුමාරකස්සපො, බහුස්සුතො චිත්තකථී උළාරො; සො මෙ තදා ධම්මකථං අභාසි, දිට්ඨිවිසූකානි විනොදයී මෙ.
එකල්හි බහුශ්‍රැත වූ චිත්‍රකථික වූ උදාර වූ කුමාර කස්සප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන්වහන්සේ බණ වදාළහ. මාගේ දෘෂ්ටීහු දුරුකළහ.
“තාහං තස්ස ධම්මකථං සුණිත්වා, උපාසකත්තං පටිවෙදයිස්සං; පාණාතිපාතා විරතො අහොසිං, ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං; අමජ්ජපො නො ච මුසා අභාණිං, සකෙන දාරෙන ච අහොසිං තුට්ඨො.
මම උන්වහන්සේගේ ඒ ධර්මකථාව අසා උපාසකයෙක් වූයෙමි. ප්‍රාණඝාතයෙන් දුරුවූයෙමි. නුදුන් දෙය ගැනීමෙන් දුරුවූයෙමි. රහමෙර නොබීවෙමි. මුසාබස් නො කීවෙමි. තම අඹුව සමග සතුටු වීමි.
“තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; තෙහෙව කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමාන”න්ති. –
ඒ මාගේ ව්‍රත සමාදානයයි. ඒ මාගේ උතුම් හැසිරීමයි. මේ ඒ කුශල කර්මයාගේ විපාකයි. ඒ අලාමක වූ කුශලකර්මයන් කරණ කොටගෙන මා විසින් මේ විමානය ලබන ලදී.
ආහ. තං සුවිඤ්ඤෙය්යමෙව.
අථ වාණිජා දෙවපුත්තං විමානඤ්චස්ස පච්චක්ඛතො දිස්වා කම්මඵලං සද්දහිත්වා අත්තනො කම්මඵලෙ සද්ධං පවෙදෙන්තා –
ඉක්බිති වෙළෙන්දෝ දිව්‍යපුත්‍රයා ද විමානය ද ප්රත්යක්ෂ වශයෙන් දැක කර්මඵල අදහාගෙන කර්මඵලයෙහි තත්ත්ව ශ්‍රද්ධාව දක්වන්නේ මේ ගාථා කීහ.
“සච්චං කිරාහංසු නරා සපඤ්ඤා, අනඤ්ඤථා වචනං පණ්ඩිතානං; යහිං යහිං ගච්ඡති පුඤ්ඤකම්මො, තහිං තහිං මොදති කාමකාමී.
කළ පින් ඇති පුද්ගලයා යම් යම් තැනක යේ නම් ඒ ඒ තන්හි කැමති සම්පත් ඇතිව සතුටු වේයයි නුවණැති මිනිස්සු සැබෑවක්ම කීවාහුය. වියතුන්ගේ වචනය වෙනස් නොවේ.
“යහිං යහිං සොකපරිද්දවො ච, වධො ච බන්ධො ච පරික්කිලෙසො; තහිං තහිං ගච්ඡති පාපකම්මො, න මුච්චති දුග්ගතියා කදාචී”ති. –
අකුසල් කළ පුද්ගලයා යම් යම් තැනක ඉපදීම් වශයෙන් යේද, හෙතෙමේ ඒ ඒ තන්හි සෝක වැළපීම් ඇත්තේ වද විඳුම් ඇතියේ අවැඩ දැන්වීම් ඇතියේ කිසිකලෙකත් දුගතියෙන් නොමිදේ.
ගාථාද්වයං අවොචුං. තත්ථ සොකපරිද්දවොති සොකො ච පරිදෙවො ච. පරික්කිලෙසොති වුත්තා අනත්ථුප්පත්ති.
එහි සොක පරිද්දවො ශෝකය හා වැළපීම. පරික්කිලෙ සො යන්නෙන් අනර්ථයන්ගේ උපත කියන ලදී.
එවං තෙසු කථෙන්තෙසුයෙව විමානද්වාරෙ සිරීසරුක්ඛතො පරිපාකෙන මුත්තබන්ධනා පරිපක්කා සිපාටිකා පති, තෙන දෙවපුත්තො සපරිජනො දොමනස්සප්පත්තො අහොසි. තං දිස්වා වාණිජා –
ඔවුන් මෙසේ කථා කරමින් සිටියදීම විමාන දොරටුවේ මහරි රුකෙන් මේරීම නිසා බැඳීම්වලින් ලිහිල් වී පැසුණා වූ මල්කොපුවක් වැටුනේය. එයින් පිරිවර ජනයා හා දිව්‍යපුත්‍රයා දෙසට පැමිණියේය. ඒ දුටු වෙළෙන්දෝ
“සම්මූළ්හරූපොව ජනො අහොසි, අස්මිං මුහුත්තෙ කලලීකතොව; ජනස්සිමස්ස තුය්හඤ්ච කුමාර, අප්පච්චයො කෙන නු ඛො අහොසී”ති. –
දෙව් පිරිස මේ වෙලාවේ කැළඹුණු අය මෙන්ද, හැමතින් මුළා වූ ස්වභාව ඇතියකු මෙන් ද විය. කුමාරය, මේ පිරිවර ජනයාගේ ද තාගේ ද මේ දොම්නස කුමක් නිසා වීද?
ගාථමාහංසු. තත්ථ සම්මූළ්හරූපොවාති සොකවසෙන සබ්බසො මූළ්හසභාවො විය. ජනොති දෙවජනො. අස්මිං මුහුත්තෙති ඉමස්මිං මුහුත්තමත්තෙ . කලලීකතොති කලලං විය කතො, කලලනිස්සිතඋදකීභූතො විය ආවිලොති අධිප්පායො. ජනස්සිමස්ස තුය්හඤ්චාති ඉමස්ස තව පරිජනස්ස තුය්හඤ්ච. අප්පච්චයොති දොමනස්සං.
එහි සම්මූළ්හරූපොවා සෝක කිරීම් වශයෙන් හැම අයුරකින්ම කැළඹීමට පත්වූහ. ජනො දිව්‍ය ජන සමූහයා, අස්මිං මුහුත්තො මේ මොහොතෙහි, කලලීකතො මඩ පිඩක් සේ කරන ලදී. මඩ කැළඹුණු ජලය සේ කැළඹුණු ස්වභාවයක් දැක්වීය. ජනස්සිමස්ස තුය්හඤ්ච ඔබේ මේ පිරිවර ජනයාටද ඔබට ද අප්පච්චයො දොම්නසකි.
තං සුත්වා දෙවපුත්තො –
එය අසා දේවපුත්‍රයා.
“ඉමෙ ච සිරීසවනා තාතා, දිබ්බා ගන්ධා සුරභී සම්පවන්ති; තෙ සම්පවායන්ති ඉමං විමානං, දිවා ච රත්තො ච තමං නිහන්ත්වා.
දරුවනි, මහරි රුක් වනයෙන් මේ දිව්‍ය සුවඳ හමා එයි. ඒ දිව ගඳහු රාත්‍රී අඳුර නසා මේ විමානයට හමත්.
“ඉමෙසඤ්ච ඛො වස්සසතච්චයෙන, සිපාටිකා ඵලති එකමෙකා; මානුස්සකං වස්සසතං අතීතං, යදග්ගෙ කායම්හි ඉධූපපන්නො.
මේ මහරි රුක්හි එක් එක් මල්පෙති අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් පැසී වැටෙයි. යම් දිනක පටන් මේ දිව්‍ය ආත්මයෙහි උපන්නෙම් වෙම්ද, එතැන් පටන් මිනිස් සියවසරක් ඉක්මිණි.
“දිස්වානහං වස්සසතානි පඤ්ච, අස්මිං විමානෙ ඨත්වාන තාතා; ආයුක්ඛයා පුඤ්ඤක්ඛයා චවිස්සං, තෙනෙව සොකෙන පමුච්ඡිතොස්මී”ති. – ආහ;
දරුවනි, මේ විමානයේ මම පන්සිය වසරක් සිට ආයු හා පින් පිරිහීමෙන් ච්‍යුත වන්නෙමියි දැක ඒ ශෝකයෙන් අතිශයින් මුසපත් වීමි.
තත්ථ සිරීසවනාති සිරීසවිපිනතො. තාතාති වාණිජෙ ආලපති. ඉමෙ තුම්හාකං මය්හඤ්ච පච්චක්ඛභූතා දිබ්බා ගන්ධා සුරභී අතිවිය සුගන්ධායෙව සමන්තතො පවන්ති පවායන්ති. තෙ දිබ්බා ගන්ධා එවං වායන්තා ඉමං විමානං සම්පවායන්ති සම්මදෙව ගන්ධං ගාහාපෙන්ති, න කෙවලං සම්පවායනමෙව, අථ ඛො අත්තනො පභාය තමම්පි නිහන්ති. තෙනාහ “දිවා ච රත්තො ච තමං නිහන්ත්වා”ති.
එහි සිරිසූපවනා මහරි උයනෙන්, තාත යනුවෙන් වෙළඳුන් අමතයි. ඉමෙ නුඹලාට ද මට ද ප්රත්යක්ෂ වූ, දිබ්බා ගන්ධා සුරංභි බොහෝ වූ සුවඳ හාත්පසින්ම පවන්ති හමා යයි. ඒ වාතය දිව්‍යමය සුවඳ වහනය කරමින් ඉමං විමානං සම්පචායං මනා ලෙසම සුවඳ ගෙන්වත්. හුදෙක් හමාගෙන යන්නක් පමණක් නොවේ. තමාගේ ආලෝකයෙන් අඳුරද බැහැර කරයි. ඒ නිසා දිවා ච රත්තොච තමං නිහත්තා යයි කීය.
ඉමෙසන්ති සිරීසානං. සිපාටිකාති ඵලකුට්ඨිලිකා. ඵලතීති පච්චිත්වා වණ්ටතො මුච්චති, පුටභෙදං වා පත්වා සිස්සති. මානුස්සකං වස්සසතං අතීතන්ති යස්මා වස්සසතස්ස අච්චයෙන ඉමස්ස සිරීසස්ස සිපාටිකා ඵලති, අයඤ්ච ඵලිතා, තස්මා මය්හං මානුස්සකං වස්සසතං අතීතං. යදග්ගෙ යතො පට්ඨාය, කායම්හි ඉධ ඉමස්මිං දෙවනිකායෙ උපපන්නො නිබ්බත්තො. මය්හඤ්ච දෙවගණනාය පඤ්ච වස්සසතානි ආයු, තස්මා ඛීයති මෙ ආයූති සොකවසෙන සම්පමූළ්හොති දස්සෙති. තෙනාහ “දිස්වානහං වස්සසතානි පඤ්ච…පෙ… තෙනෙව සොකෙන පමුච්ඡිතොස්මී”ති.
ඉමෙසං මහරි වෘක්ෂයන්ගේ සිප්පාටිකා මල්පෙති හෝ ගෙඩිවල පොතු. ඵලති පැසී නටුවෙන් මිදෙයි. පෙති හෝ ලිහිල් වී වියැළේ. මානුස්සකං වස්සසතං අතීතං යම් හෙයකින් වර්ෂ සියයක්හුගේ ඇවෑමෙන් මේ මහරි ගසේ මල්පෙති වියලී මෙයද වියැළිණි. එහෙයින් මාගේ මිනිස් වර්ෂ සියයක් ඉක්මිණි. යදග්ගෙ යම් අවස්ථාවක පටන් කායම්හි මෙහි මේ දේව නිකායෙහි උප්පන්නො ඉපදුනේ ද, මගේ ද දෙව් පිරිසගේ ද පන්සිය වසක් ආයුෂ ඇත. එහෙයින් මගේ ආයුෂ පිරිහේ යයි ශෝක කිරීම් වශයෙන් සිහි මුළා වූයේ යයි දක්වයි. එනිසා ‘දිස්වාහං පෙ පමුච්ඡිසෙසමි’ යයි කීය.
අථ නං වාණිජා සමස්සාසෙන්තො –
ඉක්බිති වෙළෙන්දෝ ඔහු සනසන්නාහු මේ ගාථාව කීහ.
“කථං නු සොචෙය්ය තථාවිධො සො, ලද්ධා විමානං අතුලං චිරාය; යෙ චාපි ඛො ඉත්තරමුපපන්නා, තෙ නූන සොචෙය්යුං පරිත්තපුඤ්ඤා”ති. –
එම්බා දේව පුත්‍රය, චීරායුෂ්ක වූ අතුල්‍ය වූ මේ විමානය ලැබූ එබඳු වූ ඔබ කෙසේ නම් ශෝක කරන්නේ ද, මද ආයු ඇතිව මද පින් ඇතිව උපන් කෙනෙක් වේනම් ඔහු ශෝක කළයුතුය.
ආහංසු. තත්ථ යාදිසෙහි අප්පායුකෙහි මරණං පටිච්ච සොචිතබ්බං සියා, තාදිසො පන එවං දිබ්බානුභාවසම්පන්නො නවුතිවස්සසතසහස්සායුකො කථං නු සොචෙය්ය, න සොචිතබ්බමෙවාති අධිප්පායො.
යම්කිසි අල්පායුෂ්කයකු මරණයේ හේතුවෙන් ශෝක කළයුතු වේද, එබඳුම වූ දිව්යනුභාව සම්පත් හිමි අයෙක්, අවුරුදු අනූදහසක් ආයු ඇත්තේ වී කෙනෙක් කෙසේ නම් ශෝක නොකරන්නේ ද, ශෝක නොකළ යුතුමය යන අදහසයි.
දෙවපුත්තො තත්තකෙනෙව සමස්සාසෙත්‍වා තෙසං වචනං සම්පටිච්ඡන්තො තෙසඤ්ච උපදෙසං දෙන්තො –
දිව්‍යපුත්‍රයා එපමණකින්ම සනසවා ඔවුන්ගේ වචන පිළිගනිමින් ඔවුන් හට උපදෙස් දෙමින් මෙසේ කීහ.
“අනුච්ඡවිං ඔවදියඤ්ච මෙතං, යං මං තුම්හෙ පෙය්යවාචං වදෙථ; තුම්හෙ ච ඛො තාතා මයානුගුත්තා, යෙහිච්ඡකං තෙන පලෙථ සොත්ථි”න්ති. –
එම්බා දරුවෙනි, මා පිළිබඳව ඒ මට සුදුසු ප්‍රිය වූ අවවාද වචනයක් යම් හෙයකින් මට කියහුද, ඒ තෙව්ද මා විසින් රක්ෂිත වූවාහු යම් ඒ කැමති තැනකට සැපසේ යව්.
ගාථමාහ. තත්ථ අනුච්ඡවින්ති අනුච්ඡවිකං, තුම්හාකමෙව තං යුත්තරූපං. ඔවදියඤ්ච මෙතන්ති මෙ මය්හං තුම්හෙහි ඔවදියං ඔවාදවසෙන වත්තබ්බමෙතං. යං යස්මා, මං මය්හං, තුම්හෙ “කථං නු සොචෙය්ය”න්තිආදිනා පෙය්යවාචං පියවචනං වදෙථ. යං වා පෙය්යවාචාය වදනං කථනං, තං තුම්හාකමෙව අනුච්ඡවිකන්ති යොජනා. අථ වා යං යස්මා තුම්හෙ පෙය්යවාචං වදෙථ, තස්මා අනුච්ඡවිකං ඔවදියඤ්ච ඔවදිතබ්බං ඔවාදානුරූපං කාතබ්බඤ්ච මෙ මයා කතං, කිං පන තන්ති ආහ “තුම්හෙ ච ඛො තාතා”තිආදි. තත්ථ මයානුගුත්තාති ඉමස්මිං අමනුස්සපරිග්ගහෙ මරුකන්තාරෙ යාව කන්තාරාතික්කමා මයා අනුගුත්තා රක්ඛිතා, යෙනිච්ඡකං යථාරුචිතෙන, සොත්ථිං ඛෙමෙන, පලෙථ ගච්ඡථාති අත්ථො.
එහි අනුජවිං සුදුසු වේ. ඔබටම සුදුසු රූපයකි. ඔවදියඤ්ච මෙතං මෙ මා හට ඔබ විසින් අවවාද වශයෙන් මෙය කිව යුතුය. යං යම් හෙයකින් මං මට තුම්හෙ කථන්නු සොචෙය්ය යනාදියෙන්, පෙය්යවාචං ප්‍රියවචන කියන්න. යම්කිසි වදනක් ප්‍රිය වචනයක් කීමක් සිදු වේද, ඔබටම සුදුසුය යන අදහසයි. නැතහොත් යං යම්හෙයකින් තුම්හෙ පෙය්‍ය වාචං වදෙය්ය එහෙයින් සුදුසු අවවාදයක් දිය යුතුයයි ද, අවවාදයට අනුව කළයුතු ක්‍රියාවන් ද මා විසින් කරන ලදී. එය නම් කුමක්ද යත්, තුම්හෙ ච ඛො තාතා යනාදිය කීහ. එහි මයානුගුත්තා අමනුෂ්‍ය ග්රහණයෙන් යුතු මෙම වැලිකතරෙහි කාන්තාරය ඉක්මවන තෙක් මා විසින් ආරක්ෂා කරනු ලැබේ. යෙනිච්ඡකං කැමති වූ පරිද්දෙන් සොත්ථිං ආරක්ෂා සහිතව, පලෙථ ගමන් කරවු යන අර්ථයි.
අථ වාණිජා කතඤ්ඤුභාවං පකාසෙන්තා –
ඉක්බිති වෙළෙන්දෝ තමන්ගේ කෘතඥතාවය පළ කරමින්,
“ගන්ත්වා මයං සින්ධුසොවීරභූමිං, ධනත්ථිකා උද්දයං පත්ථයානා; යථාපයොගා පරිපුණ්ණචාගා, කාහාම සෙරීසමහං උළාරන්ති. –
ධනය බලාපොරොත්තුවෙන් හා එහි වැඩීම බලාපොරොත්තුවෙන් සෝවීර දේශයට යන අපි එහි ගොස් ප්‍රතිඥා වූ පරිදි පිරිපුන් ත්‍යාග ඇත්තාහු උදාර වූ සේරිස්සක පූජාවක් කරන්නෙමු.
ගාථමාහංසු. තත්ථ යථාපයොගාති ඉදානි කතපටිඤ්ඤානුරූපපයොගා. පරිපුණ්ණචාගාති සමත්තචාගා, උළාරස්ස මහස්ස පරියත්තපරිච්චාගා. මහන්ති උස්සවපූජං.
[missing trans]
පුන දෙවපුත්තො මහකරණං පටික්ඛිපන්තො කත්තබ්බෙසු ච තෙ නියොජෙන්තො –
නැවත දේවපුත්‍රයා දේව පූජාව ප්‍රතික්ෂේප කරමින් කළයුතු කාර්යයන්හි යොදවමින් මෙසේ කීය.
“මා චෙව සෙරීසමහං අකත්ථ, සබ්බඤ්ච වො භවිස්සති යං වදෙථ; පාපානි කම්මානි විවජ්ජයාථ, ධම්මානුයොගඤ්ච අධිට්ඨහාථා”ති. –
සේරිස්සක පූජා නොකරවු. යමක් තෙපි කියවුද ඒ සියල්ල ඉටුවන්නේය. පව්කම් හරිවු. දහම් අනුව හැසිරීම ඉටා ගනිවු.
ගාථමාහ. තත්ථ යං වදෙථාති යං තුම්හෙ ඛෙමෙන සින්ධුසොවීරදෙසපත්තිං තත්ථ ච විපුලං උද්දයං ලාභං පච්චාසීසන්තා “ගන්ත්වා මය”න්තිආදීනි වදථ. සබ්බං තං වො තුම්හාකං තථෙව භවිස්සති, තත්ථ නික්කඞ්ඛා හොථ, තුම්හෙ පන ඉතො පට්ඨාය පාපානි කම්මානි පාණාතිපාතාදීනි විවජ්ජයාථ පරිවජ්ජෙථ. ධම්මානුයොගන්ති දානාදිකුසලධම්මස්ස අනුයුඤ්ජනං. අධිට්ඨහාථාති අනුසික්ඛථ ඉදං සෙරීසකමහන්ති දස්සෙති.
එහි යංවදෙථ යම්සේ මම ආරක්ෂා සහිතව සින්ධු දේශයට පිවිසීමද, එහිදී විශාල ලාභයක් බලාපොරොත්තු වන්නහුද එසේ හෙයින් ‘ගනත්වා මයං’ ආදිය කියන්නේ ද. සබ්බං ඒ සියල්ල. වො තොපට. තථෙව සිතු පරිද්දෙන්ම, සිදුවන්නේය. එහෙයින් ගමන් අරඹවු තෙපි වනාහි මෙතැන් පටන් පාපානි කම්මානි ප්‍රාණඝාත ආදිය නොකරව්. විවජ්ජයාථ අත් හරිවු. ධම්මානුයොගන්ති දානාදී කුසල ධර්මයන්හි යෙදෙව්. අධිට්ඨහාතා අනුව පිළිපදිව්. මෙය සෙරිස්සක හෙවත් මහරි රුක් පූජාව වේ.
යං පන උපාසකං අනුග්ගණ්හන්තො තෙසං රක්ඛාවරණං කාතුකාමො අහොසි, තස්ස ගුණං කිත්තෙත්වා තං තෙසං උද්දිසන්තො ඉමා ගාථායො ආහ –
යම් උපාසකයකුට අනුග්‍රහ කරන්නේ ද, ඔවුන් හට රැකවරණය දෙනු කැමැත්තෙමි. ඔහුගේ ගුණ කියා එය ඔවුන් හට දක්වමින් මෙසේ කීහු. ගාථාවන්ගෙන් කියන ලදී.
“උපාසකො අත්ථි ඉමම්හි සඞ්ඝෙ, බහුස්සුතො සීලවතූපපන්නො; සද්ධො ච චාගී ච සුපෙසලො ච, විචක්ඛණො සන්තුසිතො මුතීමා.
මේ සත්ත්ව සමූහයා අතරෙහි බහුශ්‍රැත වූ ශීලයෙන් යුතු වූ සැදැහැවත් ත්‍යාගවත් සුපේශල වූ විචක්ෂණ වූ ප්‍රීතිමත් වූ කම්පල දැනීමේ නුවණ ඇති, උපාසකයෙක් ඇත.
“සඤ්ජානමානො න මුසා භණෙය්ය, පරූපඝාතාය න චෙතයෙය්ය; වෙභූතිකං පෙසුණං නො කරෙය්ය, සණ්හඤ්ච වාචං සඛිලං භණෙය්ය.
දැන දැන බොරු නො කියන්නේ ය. පර පණ නැසීම පිණිස නො සිතන්නේ ය. සමගි වූවන් වෙන් කරුණු සඳහා පිසුණු බස් නොකියන්නේ ය. සියුම් මෙළෙක් බස් කියන්නේ ය.
“සගාරවො සප්පතිස්සො විනීතො, අපාපකො අධිසීලෙ විසුද්ධො; සො මාතරං පිතරඤ්චාපි ජන්තු, ධම්මෙන පොසෙති අරියවුත්ති.
ගෞරව සහිත වූ කීකරු සැහැවි ඇති හික්මුණු පව් නො කරන්නා වූ අධිශීලයෙහි පිරිසිදු වූ නිදොස් පැවතුම් ඇති. ඒ සත්ත්ව තෙමේ මව ද පියා ද දැහැමෙන් පෝෂණය කරයි.
“මඤ්ඤෙ සො මාතාපිතූනං කාරණා, භොගානි පරියෙසති න අත්තහෙතු; මාතාපිතූනඤ්ච යො අච්චයෙන, නෙක්ඛම්මපොණො චරිස්සති බ්රහ්මචරියං.
නිවනට නැමුණු යමෙක් මවුපියන්ගේ ඇවෑමෙන් ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ ද හෙතෙමේ මව්පියන් නිසා භෝග සොයයි. තමන් පිණිස නො සොයතියි සිතමි.
“උජූ අවඞ්කො අසඨො අමායො, න ලෙසකප්පෙන ච වොහරෙය්ය; සො තාදිසො සුකතකම්මකාරී, ධම්මෙ ඨිතො කින්ති ලභෙථ දුක්ඛං.
ඍජු වූ අවංක වූ අසඨ වූ අමායාවී වූ හෙතෙමේ මායා සාඨෙය්‍ය වශයෙන් වචන නො කියන්නේය. එබඳු යහපත් කර්ම කරන ධර්මයෙහි පිහිටි පුද්ගල තෙමේ කෙසේ නම් දුකක් ලබන්නේ ද,
“තංකාරණා පාතුකතොම්හි අත්තනා, තස්මා ධම්මං පස්සථ වාණිජාසෙ; අඤ්ඤත්ර තෙනිහ භස්මී භවෙථ, අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ; තං ඛිප්පමානෙන ලහුං පරෙන, සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමො”ති.
ඒ උපාසකයා හේතුකොටගෙන තොප ඉදිරියෙහි තෙමේම පහළ වූයෙමි. එහෙයින් වෙළඳුනි, ධර්මය දකිවු. ඒ උපාසකයා හැර මෙහි ආවාහු නම් තෙපි අන්‍යයන් විසින් පීඩා කිරීම් කරණකොට මේ මරු කතර අන්ධයන් මෙන් ආකූල වූවාහු විනාශයට පත් වූවාහු වහාම අළු වන්නාහුය. ඒකාන්තයෙන් සත්පුරුෂ සමාගමය සැපවත් වේ මැයි.
තත්ථ සඞ්ඝෙති සත්තසමූහෙ. විචක්ඛණොති තත්ථ තත්ථ කත්තබ්බතාය කුසලො. සන්තුසිතොති සන්තුට්ඨො. මුතීමාති කම්මස්සකතඤාණාදිනා ඉධලොකපරලොකහිතානං මුනනතො මුතිමා.
එහි සංඝෙ සත්ත්ව සමූහයා කෙරෙහි විචක්ඛණො ඒ ඒ තැන්හි කළයුතු කාර්යයෙහි දක්ෂ වූ, සන්තුසිතො සතුටු වූ මුතිමා කර්මය අයිති කොට ඇති ඤාණය ආදියෙන්, මෙලොව පරලොව හිතවත් කරුණු දන්නා බැවින් මුතිමායි යෙදේ.
සඤ්ජානමානො න මුසා භණෙය්යාති සම්පජානමුසා න භාසෙය්ය. වෙභූතිකන්ති සහිතානං විනාභාවකරණතො “වෙභූතික”න්ති ලද්ධනාමං පිසුණං, නො කරෙය්ය න වදෙය්ය.
සඤ්ජාතමානො න මුසා භණෙය්ය දැන දැන මුසාබස් නොකියන්නේය. වෙභූතිකං සත්යභාවයන් වෙනස් කිරීමේ හේතුවෙන් ‘වෙභූතිකං’ යයි ලැබුණ නම් ඇති කේලම් කීමක් නොකරන්නෝය, නො කියන්නෝය.
සප්පතිස්සොති පතිස්සයො ගරුට්ඨානියෙසු නිවාතවුත්තිකත්තා සොරච්චං, සහ පතිස්සෙනාති සප්පතිස්සො. අධිසීලෙති උපාසකෙන රක්ඛිතබ්බඅධිසීලසික්ඛාය. අරියවුත්තීති පරිසුද්ධවුත්ති.
සප්පතිස්සො විනීත වූ තැනැත්තා ගෞරවණීය ලෙස සැලකිය යුතු වූ අය කෙරෙහි යටහත් ලෙස පැතුම් ඇති බැවින් සොරච්චං (කීකරු බව) යයි යෙදේ. ‘සහපතිස්සෙන’ යනු සපතිස්ස වේ. අධිසීලේ උවසුවා විසින් රැකිය යුතු අධිසීල ශික්ෂාවෙහි (උසස් ශීලයෙහි) අරියවුත්ති පිරිසිදු පැවැත්ම.
නෙක්ඛම්මපොණොති නිබ්බානනින්නො. චරිස්සති බ්රහ්මචරියන්ති පබ්බජ්ජං සාසනබ්රහ්මචරියං චරිස්සති.
නෙක්ඛම්මපොනො නිවන වෙත යොමු වූ චරිස්සති බ්රහ්මචරියං පැවිද්ද ශාසන බ්‍රහ්මචරියාව හැසිරෙන්නෝය.
ලෙසකප්පෙනාති කප්පියලෙසෙන. න ච වොහරෙය්යාති මායාසාඨෙය්යවසෙන වචනං න නිච්ඡාරෙය්ය. ධම්මෙ ඨිතො කින්ති ලභෙථ දුක්ඛන්ති එවං වුත්තනයෙන ධම්මෙ ඨිතො ධම්මචාරී සමචාරී කින්ති කෙන පකාරෙන දුක්ඛං ලභෙථ පාපුණෙය්ය.
ලෙසකප්පෙනාති සුලු වූ හෝ කපටි බවකින් න ච වොහරෙය්ය රවටන කපටි ස්වභාවයෙන් වචන පිට නොකරන්නේය. ධම්මෙ ඨිතො කිත්ති ලභෙථ දුක්ඛං මෙසේ කියන ලද පිළිවෙළින් ධර්මයෙහි හැසිරෙන යහපත්ව හැසිරෙන තැනැත්තා කුමක් නිසා කවර ආකාරයකින් දුක් ලබන්නේද, දුක පැමිණෙන්නේ ද, (දුකට නොපැමිණ යන අදහසයි.)
තංකාරණාති තන්නිමිත්තං තස්ස උපාසකස්ස හෙතු. පාතුකතොම්හි අත්තනාති සයමෙව තුම්හාකං අහං පාතුරහොසිං. “අත්තාන”න්තිපි පාඨො, මම අත්තානං තුම්හාකං පාත්වාකාසින්ති අත්ථො. තස්මාති යස්මා අහං ධම්මං අපචායමානො තං රක්ඛන්තො තුම්හෙපි රක්ඛාමි, තස්මා ධම්මං පස්සථ ධම්මමෙව චරිතබ්බං කත්වා ඔලොකෙථ. අඤ්ඤත්ර තෙනිහ භස්මී භවෙථාති තෙන උපාසකෙන විනා චෙ ආගතා, ඉමස්මිං මරුකන්තාරෙ අනාථා අප්පටිසරණා භස්මභාවං ගච්ඡෙය්යාථ. ඛිප්පමානෙනාති එවං ඛිප්පන්තෙන වම්භන්තෙන පීළන්තෙන. ලහුන්ති සුකරං. පරෙනාති අධිකං, අඤ්ඤෙන වා. තස්මා සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමොති. සො හි ඛන්තිසොරච්චෙ නිවිට්ඨො කෙනචි කිඤ්චි වුත්තොපි න පටිප්ඵරතීති අධිප්පායො.
තං කාරණා ඒ කාරණය ඒ උවසුවා හේතුකොටගෙන පාතු කොතම්හි අත්තනා ඔබ වෙතට මම තමාම පහල වූයෙමි. අත්තානං යිද පාඨ දැක්වේ. ඔබ ඉදිරියෙහි මාගේ පහළ වීම සිදු කළෙමි යන අරුතයි. යම්හෙයකින් මම ධර්මයෙහි හැසිරෙමින් එය රකිමින් ඔබ ද රකින්නෙම්ද, එසේ හෙයින් ධර්මය දකින්න. ධර්මයෙහි හැසිරීම සිදුකොට බලන්න. අඤ්ඤත්ර තෙනීහ භස්මි භවෙථ ඉදින් ඒ උපාසකයා හැර ඔබ එහි පැමිණියේ නම් මේ වාලුකා කාන්තාරයෙහි අනාථව පිළිසරණ රහිතව අලු බවට පැමිණෙන්නාහුය. ඛිප්පමානෙනා මෙසේ ඉක්මන්කාරී වූ අනුන් පහත්කොට සලකන්නා වූ, අනුන් පීඩාවට පත්කරන්නා වූ ලහුං පහසු පිරෙන වැඩි වශයෙන් අනුන් විසින්ම හෝ එහෙයින් සුඛො භවෙ සප්පුරිසෙන සංගමො හේ තෙමේ වනාහි ඉවසීමෙහිද කීකරු බවෙහි ද පිහිටියේ කවරකු විසින් හෝ කුමක් හෝ කියන ලද්දේ නමුදු එරෙහි නොවේ යන අදහසයි.
එවං සාමඤ්ඤතො කිත්තිතං සරූපතො ඤාතුකාමා වාණිජා –
මෙසේ ශ්‍රමණයන්ගෙන් කියවුණ කරුණ නියම ස්වභාවයෙන්ම දැනගනු කැමති වූ වෙළෙන්දෝ මේ ගාථාව කීහ.
“කිං නාම සො කිඤ්ච කරොති කම්මං, කිං නාමධෙය්යං කිං පන තස්ස ගොත්තං;
කිං නාම සො කිඤ්ච කරොති කම්මං සං නාමධෙය්යං කිං පහ තස්ස ගොත්තං
මයම්පි නං දට්ඨුකාමම්හ යක්ඛ, යස්සානුකම්පාය ඉධාගතොසි; ලාභා හි තස්ස යස්ස තුවං පිහෙසී”ති. –
මයම්පි නං දට්ඨුකාමම්හ යක්ඛ යස්සානුකම්පාය ඉධාගතොසි ලාභ හි තස්ස යස්ස තුවං පීහෙසි
එම්බා දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේද, කිනම් කර්ම කරයිද, (මවුපියන් විසින් ඔහුට) තැබූ නම කුමක්ද? ඔහුගේ ගෝත්‍රය කුමක්ද? අපිදු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේමැයි. තො යමෙකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහිද, යමෙකුට ප්‍රිය කෙරෙහිද, ඔහුගේ පැමිණීම ලාභයෙක්මැයි.
ගාථමාහංසු. තත්ථ කිං නාම සොති නාමතො සො ජන්තු සත්තො කො නාම. කිඤ්ච කරොති කම්මන්ති කසිවණිජ්ජාදීසු කීදිසං කම්මං කරොති. කිං නාමධෙය්යන්ති මාතාපිතූහි කතං පන “තිස්සො ඵුස්සො”තිආදීසු තස්ස කිං නාමධෙය්යං, “භග්ගවො භාරද්වාජො”තිආදීසු කිං වා තස්ස ගොත්තං. යස්ස තුවං පිහෙසීති යං තුවං පියායසි.
ගාථාවෙහි කිං නාම සො නම වශයෙන් එම පුද්ගලයා තැනැත්තා කවරෙක් නම් වේද, කිඤ්චි කරොති කම්මං කෘෂි කර්මය, වෙළඳාම ආදියෙන් කෙබඳු කර්මාන්තයක් කරණ සේක්ද, කිං නාමධ්යෙයං ඔහුට මවුපියන් විසින් තිස්ස ඵුස්ස ආදි වශයෙන් කවර නම් නම් තැබීමක් කරන ලද්දේ ද? භග්ගව භාරද්වාජ යන ආදියෝ ඔහුගේ ගොත්තං ගෝත්‍රය කුමක්ද? යස්ස තුවං පිහෙසි ඔබ යමකට ප්‍රිය කරන්නෙහි ද? එයයි.
ඉදානි දෙවපුත්තො තං නාමගොත්තාදිවසෙන දස්සෙන්තො –
දැන් මීළඟට දිව්‍යපුත්‍රයා ඔහු නාම ගෝත්‍ර ආදී වශයෙන් දක්වමින් මෙසේ කීය.
“යො කප්පකො සම්භවනාමධෙය්යො, උපාසකො කොච්ඡඵලූපජීවී; ජානාථ නං තුම්හාකං පෙසියො සො, මා ඛො නං හීළිත්ථ සුපෙසලො සො”ති. –
යො කප්පතො සම්භවනා මංධය්යො උපාසකො කොච්ඡඵලුපජීවි ජානාථ තං තුම්හාකං පෙසියො සො මා ඛො නං හීළිත්ථ සුපෙසලො සො
කොස්සෙන් හා පනාවෙන් ජීවත්වන සුලු වූ තොපගේ ඒ සේවක වූ සුපේසල උපාසක වූ ප්‍රසිද්ධ වූ සම්භව නම් කරණවෑමියෙක් වේද ඔහු දනිමු. ඔහු පහත්කොට නොසිතවු.
ආහ. තත්ථ කප්පකොති න්හාපිතො. සම්භවනාමධෙය්යොති සම්භවොති එවංනාමො. කොච්ඡඵලූපජීවීති කොච්ඡඤ්ච ඵලඤ්ච උපනිස්සාය ජීවනකො. තත්ථ කොච්ඡං නාම ආළකාදිසණ්ඨාපනත්ථං කෙසාදීනං උල්ලිඛනසාධනං. පෙසියො පෙසනකාරකො වෙය්යාවච්චකරො.
ගාථාවෙහි කප්පකො කරණවෑමියා සම්භව නාම ධෙය්යො සම්භව යන නමක් ඇත්තා වූ කොච්ඡඵලූපජීවි පනාව ද දැලිපිහිය ද හේතු කොටගෙන ජීවත්වන තැනැත්තා එහි කොච්ඡ යනු යම් සටහන් ආදිය සිටින සේ කෙස් පීරීම සිදුකරන දේ පෙසියෙනං මෙහෙ කරන්නා වතාවත් කරන්නා
ඉදානි වාණිජා තං සඤ්ජානිත්වා ආහංසු –
දැන් වෙළෙන්දෝ ඔහු හැඳිනගෙන මෙසේ කීහ.
“ජානාමසෙ යං ත්වං පවදෙසි යක්ඛ, න ඛො නං ජානාම ස එදිසොති; මයම්පි නං පූජයිස්සාම යක්ඛ, සුත්වාන තුය්හං වචනං උළාර”න්ති.
ජානාමසෙ යං ත්වං වදෙසි යක්ඛ න ඛො නං ජානාම ස ඊදිසොති මයම්පි නං පූජයිස්සාම යක්ඛ සුත්වාන තුය්හං වචනං උළාරං
(එම්බා) දේවපුත්‍රය, යමෙකු සඳහා තෙපි කියවුද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණ වශයෙන් මෙබඳු යැයි ඔහු නො දනුම්හ. දේවපුත්‍රය, තාගේ උදාර වූ වචනය අසා අපි ඔහු පුදන්නෙමු.
තත්ථ ජානාමසෙති යං ත්වං වදෙසි, තං මයං සරූපතො ජානාම. එදිසොති ගුණතො පන යථා තයා කිත්තිතං, එවං එදිසොති තං න ඛො ජානාම, යථා තං අවිද්දසුනොති අධිප්පායො.
ගාථාවෙහි ජානාමසෙ ඔබ යමක් කියන්නෙහිද, අපි එය නියම ස්වභාවයෙන්ම දනිමු. ඊදිසොං ගුණයෙන් වනාහි ඔබ විසින් යම්සේ කියන ලද්දේ ද, එය එසේ යයි නොදනිමු. එය නොදන්නෙමු යන අදහසයි.
ඉදානි දෙවපුත්තො තෙ අත්තනො විමානං ආරොපෙත්වා අනුසාසනත්ථං –
දැන් ඔහු තමන්ගේ විමනට නැග අනුශාසනා පිණිස මේ ගාථාව කීහ.
“යෙ කෙචි ඉමස්මිං සත්ථෙ මනුස්සා, දහරා මහන්තා අථවාපි මජ්ඣිමා; සබ්බෙව තෙ ආලම්බන්තු විමානං, පස්සන්තු පුඤ්ඤානං ඵලං කදරියා”ති. –
යෙ කෙචි ඉස්මිං සත්ථෙ මනුස්සා දහරා මහන්තා අථවාපි මජ්ඣිමා සබ්බෙ ව තෙ ආලම්බන්තු විමානං පස්සන්තු පුඤ්ඤාන ඵලං කදරියා
මේ වෙළඳ මුලෙහි හෙවත් තවලමෙහි තරුණ වූ මහලු වූ තවද මැදුම් වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත්ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පින්පල බලත්වා.
ගාථමාහ. තත්ථ මහන්තාති වුඩ්ඪා. ආලම්බන්තූති ආරොහන්තු. කදරියාති මච්ඡරිනො අදානසීලා.
ගාථාවෙහි මහන්තා වැඩිහිටියෝ. ආලම්බන්තු නැග ගනිත්වා. කදරියා මසුරු වූ නොදෙන ස්වභාවය ඇත්තා වූ
ඉදානි පරියොසානෙ ඡ ගාථා ධම්මසඞ්ගාහකෙහි වුත්තා –
දැන් අවසානයෙහි ධර්ම සංගායනා කාරකයන් වහන්සේලා විසින් ගාථා සයක් කියන ලදී.
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, තං කප්පකං තත්ථ පුරක්ඛත්වා; සබ්බෙව තෙ ආලම්බිංසු විමානං, මසක්කසාරං විය වාසවස්ස.
එහි ඒ සියලු දෙනාම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’යි එහි ඒ කරණවෑමියා පෙරටුකොට (උත්සාහවත් වූහ) ඒ සියල්ලෝම තව්තිසා භවනයට මෙන් ඒ විමානයට නැග්ගාහුය.
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, උපාසකත්තං පටිවෙදයිංසු; පාණාතිපාතා විරතා අහෙසුං, ලොකෙ අදින්නං පරිවජ්ජයිංසු; අමජ්ජපා නො ච මුසා භණිංසු, සකෙන දාරෙන ච අහෙසුං තුට්ඨා.
එහි ඒ සියලු දෙනම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’යි උත්සාහවත් වෙමින් උපාසක බව පිළිගත්තාහුය. ප්‍රාණඝාතයෙන් දුරු වූහ. සොරකම් නොකළහ. මත්පැන් නොබීහ. බොරු නොකීහ. සිය අඹුව හා තුටු වූහ.
“තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති, උපාසකත්තං පටිවෙදයිත්වා; පක්කාමි සත්ථො අනුමොදමානො, යක්ඛිද්ධියා අනුමතො පුනප්පුනං.
එහි ඒ සියළු දෙනම මම පෙරටු වෙමි. මම පෙරටු වෙමියි උපාසක බව ගිවිස්වා ඒ වෙළඳ පිරිස එම දිව්‍යපුත්‍රයා විසින් අනුමත කරන ලද්දේ දිව්‍ය ඍද්ධියෙන් නැවත නැවත අනුමෝදන් වූයේ කැමති තැනට ගියේය.
“ගන්ත්වාන තෙ සින්ධුසොවීරභූමිං, ධනත්ථිකා උද්දයං පත්ථයානා; යථාපයොගා පරිපුණ්ණලාභා, පච්චාගමුං පාටලිපුත්තමක්ඛතං.
ධන ආශාවෙන් හා අධික ලාභය බලාපොරොත්තුවෙන් ඔවුහු සින්ධු සෝවීර දේශයට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට සම්පූර්ණ ලාභ ඇත්තේ නැවත නිරුපද්‍රිතව පැළලුප් නුවරට ආහ.
“ගන්ත්වාන තෙ සඞ්ඝරං සොත්ථිවන්තො, පුත්තෙහි දාරෙහි සමඞ්ගිභූතා; ආනන්දී විත්තා සුමනා පතීතා, අකංසු සෙරීසමහං උළාරං; සෙරීසකං තෙ පරිවෙණං මාපයිංසු.
ඔවුහු බිය රහිත වූවාහුය. ගෙවලට ගොස් අඹුදරුවන් හා එක්ව සතුටට පත්වූහ. අධික සොම්නස ඇති ඔවුහු මහත් වූ සෙරිස්සක නම් වූ උත්සව පූජාවක් කළහ.
“එතාදිසා සප්පුරිසාන සෙවනා, මහත්ථිකා ධම්මගුණාන සෙවනා; එකස්ස අත්ථාය උපාසකස්ස, සබ්බෙව සත්තා සුඛිතා අහෙසු”න්ති.
ඔව්හු සේරිස්සක නම් පිරිවෙනක් ද තැනූහ. හෙතෙම උපාසකයකු නිසා මෙසේ සියලු සත්ත්වයෝ සුවපත් වූවාහුය. සත්පුරුෂයන්ගේ සේවනය නිමවිය. ධර්මධර ගුණවතුන්ගේ සේවනය මෙබඳු මහත් වැඩ ඇත්තේය.
තත්ථ අහං පුරෙති අහං පුරිමං අහං පුරිමන්ති අහමහංකරාති අත්ථො. “තෙ තත්ථ සබ්බෙවා”ති වත්වා පුන “සබ්බෙව තෙ”ති වචනං “සබ්බෙව තෙ යථා විමානස්ස ආරුහනෙ උස්සුක්කජාතා අහෙසුං, තථා සබ්බෙව තං ආරුහිංසු, න කස්සචි ආරුහනෙ අන්තරායො අහොසී”ති දස්සනත්ථං වුත්තං. මසක්කසාරං විය වාසවස්සාති “මසක්කසාර”න්ති ච තාවතිංසභවනං වුච්චති, සබ්බං වා දෙවභවනං, ඉධ පන සක්කභවනං වෙදිතබ්බං. තෙනාහ “මසක්කසාරං විය වාසවස්සා”ති.
එහි අහංපුරෙ මම පළමුව මම පළමුව පෙරටු කරගෙන යන අර්ථයයි. තෙත්ථ සබ්බෙවා යැයි කියා නැවත සබ්බෙවතෙ යන වචනය යොදා ඇත. ඒ සියල්ලෝම විමානයට නැගීමෙහි යම්සේ උනන්දු වූවාහුද එසේ සියල්ලෝම නැග ගත්හ. නැග ගැනීමේදී කිසිවකුට අනතුරක් නොවීයැයි දැක්වීම සඳහා කියන ලදී. මසක්කසාරං විය වාස වස්සා මසක්ක සාර යනු තව්තිසාවට නමකි. සියල් දිව්‍ය ලෝකයෝ ඉන් කියවේ. මෙහි වනාහි ශක්‍ර භවනය යැයි ගතයුතුය. එහෙයින් “මසක්ක සාරං විය වාස වස්සා” යැයි කියන ලදී.
අථ තෙ වාණිජා විමානං පස්සිත්වා පසන්නචිත්තා තස්ස දෙවපුත්තස්ස ඔවාදෙ ඨත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාය තස්ස ආනුභාවෙන සොත්ථිනා ඉච්ඡිතං දෙසං අගමංසු. තෙන වුත්තං “තෙ තත්ථ සබ්බෙවා”තිආදි. තත්ථ අනුමතො පක්කාමි සත්ථො යක්ඛිද්ධියා පුනප්පුනං අනුමොදමානොති යොජනා. කෙන පන අනුමතොති? යක්ඛෙනාති පාකටොයමත්ථො.
ඉක්බිති ඒ වෙළෙන්දෝ විමානය දැක පහන් සිත් ඇත්තාහු ඒ දිව්‍ය පුත්‍රයාගේ අවවාදයේ සිට සරණයෙහි ද ශීලයන්හි ද පිහිටා ඔහුගේම අනුභාවයෙන් කැමති තැනට ගියාහුය. එහෙයින් තෙ තත්ථ සබ්බෙව යන්න කීහ. එහි අනුමතො පක්කාමි ශාස්තෲන් වහන්සේගේ යක්ඛිද්ධියා පුනප්පුනං අනුමොදමානො යයි පද පිළිවෙල යෙදේ. කවරකු විසින් අනුමත කරන ලද්දේ ද යක්ෂයා දෙවියා විසින් යැයි යනු ප්‍රකට අර්ථයයි.
යථාපයොගාති යථාඅජ්ඣාසයං කතපයොගා. පරිපුණ්ණලාභාති සමිද්ධලාභා. අක්ඛතන්ති අනුපද්දුතං පාටලිපුත්තං. අක්ඛතන්ති වා අනාබාධං අනුප්පීළං, අනන්තරායෙනාති අත්ථො.
යථා පයොගා අදහස පරිදි කරන ලද යෙදුම් ඇත්තේ පරිපුණ්ණ ලාභා සමෘද්ධිමත් වූ ලාභ ඇති අක්ඛතන උවදුරු නැති අවවාද රහිත පීඩාකාරී නොවන පාටලිපුත්තං පැළලුප් නුවර.
සඞ්ඝරන්ති සකං ගෙහං. සොත්ථිවන්තොති සොත්ථිභාවෙන යුත්තා ඛෙමිනො. ආනන්දීතිආදීහි චතූහි පදෙහි සොමනස්සිතභාවමෙව වදති. සෙරීසකං තෙ පරිවෙණං මාපයිංසූති කතඤ්ඤුතාය ඨත්වා පටිස්සවමොචනත්ථඤ්ච දෙවපුත්තස්ස නාමෙන සෙරීසකං නාම පරිච්ඡෙදවසෙන වෙණියතො පෙක්ඛිතබ්බතො පරිවෙණං පාසාදකූටාගාරරත්තිට්ඨානාදිසම්පන්නං පාකාරපරික්ඛිත්තං ද්වාරකොට්ඨකයුත්තං ආවාසං අකංසු.
සංසරං තමන්ගේ ගෙදර. සොත්ථිවන්තො සොම්නස් බවින් යුතු වූ ආරක්ෂිත වූ සුවපත් වූ. ආනන්දි යන ආදි පද සතරෙන්ම සතුටු වූවෝම කියයි. සෙරිස්සන්තො පරිවෙණං මාපයිංසු කෘතඥභාවයෙහි පිහිටා පොරොන්දුවෙන් නිදහස් වීම සඳහා දිව්‍ය පුත්‍රයාගේ නාමයෙන් කොටස් වශයෙන් ද කාණ්ඩ වශයෙන් ද බැලිය යුතු වූ ප්‍රාසාද කූටාගාර රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ආදියෙන් සම්පූර්ණ ප්‍රාකාරයෙන් වටකර දොරටු කොටුවකින් ද යුත් ආවාසයක් කළහ.
එතාදිසාති එදිසී, එවං අනත්ථපටිබාහිනී අත්ථසාධිකා ච. මහත්ථිකාති මහාපයොජනා මහානිසංසා. ධම්මගුණානන්ති අවිපරීතගුණානං. එකස්ස සත්තස්ස හිතත්ථං සබ්බෙව සත්තා සබ්බෙ එව තෙ සත්ථපරියාපන්නා සත්තා, සුඛිතා සුඛප්පත්තා ඛෙමප්පත්තා අහෙසුං.
එතාදිසා මෙබඳු වූ අනර්ථය බැහැර කරන යහපත සඳහා මහත්ථිකා මහත් වූ ප්‍රයෝජන ඇති මහ ආනිසංස ඇති ධම්මගුණානං වෙනස් නොවන ගුණයන්ගේ එකස්ස සත්වගට හිත පිණිස සබ්බෙව සත්තා ඒ වෙළඳ තවලමට අයත් සියළු සත්ත්වයෝ සුවපත් ද ආරක්ෂිත ද වූහ.
සම්භවො පන උපාසකො පායාසිස්ස දෙවපුත්තස්ස තෙසඤ්ච වාණිජානං වචනපටිවචනවසෙන පවත්තං ගාථාබන්ධං සුතනියාමෙනෙව උග්ගහෙත්වා ථෙරානං ආරොචෙසි. පායාසිදෙවපුත්තො ආයස්මතො සම්භවත්ථෙරස්ස කථෙසීති අපරෙ. තං යසත්ථෙරප්පමුඛා මහාථෙරා දුතියසඞ්ගීතියං සඞ්ගහං ආරොපෙසුං. සම්භවො පන උපාසකො මාතාපිතූනං අච්චයෙන පබ්බජිත්වා අරහත්තෙ පතිට්ඨාසි.
සම්භව නම් උපාසක තෙමෙ පායාසි දිව්‍ය පුත්‍රයාගේ ද එම වෙළදුන්ගේ ද වචන හා ප්‍රතිවචන තොගෙන ඒ ඇසූ පිළිවෙළින්ම තෙරුන් වහන්සේලාට දැන්වූහ. පායාසි දිව්‍යපුත්‍රයා සම්භව තෙරුන් හට කීවේ යැයි සමහරු කියති. යස තෙරුන් ප්රමුඛ මහතෙරවරු දෙවෙනි සංගායනාවේ දී සංගායනාවට නැංවූහ. සම්භව නම් උපාසක තෙමේ මවුපියන්ගේ අභාවයෙන් පැවිදි වී රහත් බැව්හි පිහිටියේය.
සෙරීසකවිමානවණ්ණනා නිට්ඨිතා.
සේරිස්සක විමාන වර්ණනාව නිමියේ ය.