සෙරිස‍්සකවිමානං
7. 10.
7. 10.
1230. සුණොථ යක‍්ඛස‍්ස ච වාණිජාන ච සමාගමො යත්‍ථ තදා අහොසි යථා කථං ඉතරීතරෙන චාපි සුභාසිතං තඤ‍්ච සුණාථ සබ‍්බෙ.
1230. (සේරිස්සක නම්) දේවපුත්‍රයාගේ ද වෙළඳුන්ගේ ද ඒ ගමන කාලයෙහි යම් වැලිකතරක දී එක්වීමෙක් වී ද, එය අසවු. එකල්හි ඔවුනොවුන් විසින් කරන ලද සුභාෂිත වචනය යම් සේ වේ ද, තොප හැම දෙන එය ද අසවු.
1231. යො සො අහූ රාජා පායාසි නාමො භුම‍්මානං සහව්‍යගතො යසස‍්සී සො මොදමානොව සකෙ විමානෙ අමානුසො මානුසෙ අජ‍්ඣභාසීති.
1231. (සේතව්‍ය නුවරැ) පායාසි නම් යම් ඒ රජෙක් වී ද, බූමාටු දෙවියන් ගේ සහභාවයට පැමිණි පිරිවර ඇති ඒ දෙව්පුත් තෙමේ සිය විමන්හි සතුටු වෙමින් මිනිසුන්ට (මෙසේ) කීයේ ය.
1232. වඞ‍්කෙ අරඤ‍්ඤෙ අමනුස‍්සට‍්ඨානෙ කන‍්තාරෙ අප‍්පොදකෙ අප‍්පභක‍්ඛෙ සුදුග‍්ගමෙ වණ‍්ණුපථස‍්ස මජ‍්ඣෙ වඞ‍්කං භයං නට‍්ඨමනා මනුස‍්සා.
1232. අමනුෂ්‍යයන්ට වාසස්ථාන වූ සැක සහිත වූ වනයෙහි නිරුදක වූ අහර නැති දුකසේ යායුතු වූ මේ වනාන්තරයෙහි වැලිකතර මැද සැකයෙන් බියට පත් ව මංමුළා වූ මිනිසුනි,
1233. නයිධ ඵලා මූනමයා ච සන‍්ති උපාදානං නත්‍ථි කුතො ඉධ භක‍්ඛො අඤ‍්ඤත්‍ර පංසූහි ච වාලුකාහි ච තත‍්තාහි උණ‍්හාහි ච දාරුණාහි ච.
1233. මේ වැලිකතරෙහි ඵල ද අල ද නැත්තේය. ගිනි එළවන දර ද නැත. රළු වූ තැවුණා වූ උණුවැලි හා පස් හැර අහරෙක් නම් මෙහි කොයින් ලැබේ ද,
1234. උජ‍්ජඞ‍්ගලං තත‍්තමිවං කපාලං අනායසං පරලොකෙන තුල්‍යං ලුද‍්දානමාවාසමිදං පුරාණං භූමිප‍්පදෙසො අභිසත‍්තරූපො.
1234. රළු වූ තද පස් ඇති රත් කබලක් වැනි සැපතක් නැති නරකය බඳු වූ බොහෝ කල් පටන් පිශාව (ලුද්දක) යන්ට වාසස්ථාන වූ මේ ප්‍රදේශය ඍෂින් විසින් ශාපකරන ලද්දක් බඳු වූයේ ය.
1235. අථ තුම‍්හෙ කෙන වණ‍්ණෙන කිමාසමානා ඉමං පදෙසං හි අනුප‍්පවිට‍්ඨා සහසා සමෙච‍්ච ලොභා භයා අථවා සම‍්පමූළ‍්හාති.
1235. තවද, තෙපි කුමක් නිසා කවරක් බලාපෙරොත්තුවෙන් නො විමසා එකතු ව මේ පෙදෙසට පිවිසියාහු ද? ලෝභයෙන් පැමිණියාහු ද? නොහොත් බියෙකින් පැමිණියාහු ද? නැතහොත් මං මුළාවූවාහු ද?
1236. මගධෙසු අඞ‍්ගෙසු ච සත්‍ථවාහා ආරොපයිත්‍වා පණියං පුථුත‍්තං තෙ යාමසෙ සින්‍ධුසොවීරභූමිං ධනත්‍ථිකා උද‍්දයං පත්‍ථයානා.
1236. (එම්බා දේවපුත්‍රය) අඟු මගද දෙරට සාර්‍ත්‍ථවාහක වූ ඒ අපි ගැල්හි බොහෝ විකිණියයුතු බඩු පුරාගෙන ලාභාපේක්‍ෂා ඇති ව වැඩි ධනාශා ඇති ව සින්‍ධුසෝවීර දේශයට යම්හ.
1237. දිවා පිපාසං නධිවාසයන‍්තා යොග‍්ගානුකම‍්පඤ‍්ච සමෙක‍්ඛමානා එතෙන වෙගෙන ආයාම සබ‍්බෙ රත‍්තිං මග‍්ගං පටිපන‍්නා විකාලෙ.
1237. දවල් පවස නො ඉවසිය හැකි ව ගොනුන්ට හා මිනිසුන්ට ඵාසු බලන්නමෝ මේ වේගයෙන් පැමිණියම්හ. ඒ අපි සියලු දෙන රෑ නොකල්හි මාර්‍ගයට පිළිපන්නමෝ වෙමු.
1238. තෙ දුප‍්පයාතා අපරද‍්ධමග‍්ගා අන්‍ධාකුලා විප‍්පනට‍්ඨා අරඤ‍්ඤෙ සුදුග‍්ගමෙ වණ‍්ණුපථස‍්ස මජ‍්ඣෙ දිසං න ජානාම පමූළහචිත‍්තා.
1238. නො මග පැමිණියා වූ වැරැදැ ගිය මඟ ඇත්තා වූ අන්‍ධයන් මෙන් ආකුල වූ නැසුණා වූ වනයෙහි අතිශයින් මුළා වූ සිත් ඇති ඒ අපි මේ දුර්‍ගම වූ වැලිකතර මැද යායුතු දිශාව නො දනුම්හ.
1239. ඉදඤ‍්ච දිස‍්වාන අදිට‍්ඨපුබ‍්බං විමානසෙට‍්ඨඤ‍්ච තවඤ‍්ච යක‍්ඛ තතුත‍්තරිං ජීවිතමාසමානා දිස‍්වා පතීතා සුමනා උදග‍්ගාති.
1239. (එම්බා) දේවපුත්‍රය, පෙරැ නො දුටු විරූ මේ උතුම් විමන ද තා ද දැක මෙතැන් පටන් දිවි ලබම්හ යි සිතා ප්‍රීති වූවමෝ සොම්නස් සිතැත්තමෝ ඔද වැඩි සිතැත්තමෝ වෙමු.
1240. පාරං සමුද‍්දස‍්ස ඉදඤ‍්ච වණ‍්ණුං වෙත‍්තාචරං සඞ‍්කුපථඤ‍්ච මග‍්ගං නදියො පන පබ‍්බතානඤ‍්ච දුග‍්ගා පුථුද‍්දිසා ගච‍්ඡථ භොගහෙතු.
1240. (එම්බා පින්වත්නි,) මුහුදෙන් එතෙර ද මෙබඳු වැලිකතරෙහි ද වේවැල් බැඳ යායුතු මාර්‍ගවල ද කණු සිටුවා යායුතු මාර්‍ගවල ද නදී පර්‍වතාදී දුර්‍ගම ප්‍රදේශවල ද වස්තු හේතුවෙන් තෙපි නොයෙක් දිගට යන්නහු ය.
1241. පක‍්ඛන්‍දියාන විජිතං පරෙසං වෙරජ‍්ජකෙ මානුසෙ පෙක‍්ඛමානා යං වො සුතං වා අථවාපි දිට‍්ඨං අච‍්ඡෙරකං තං වො සුණොම තාතාති.
1241. අන් රජවරුන්ගේ විජිතයන්ට පැමිණ නොයෙක් රටවල මිනිසුන් දකිමින් තොප විසින් යමක් අසන ලද්දේ ද, තවද යමක් දක්නා ලද ද දරුවෙනි, ඒ ආශ්චර්‍ය්‍යය තොප වෙතික් අසම්හ.
1242. ඉතොපි අච‍්ඡෙරතරං කුමාර න නො සුතං වා අථවාපි දිට‍්ඨං අතීතමානුස‍්සකමෙව සබ‍්බං දිස‍්වා න තප‍්පාම අනොමවණ‍්ණං
1242. (එම්බා) දේවකුමාරය, මානුෂික වූ සියලු ඉසුරු සම්පත් ඉක්ම ගිය මේ සැපතට වඩා අතිශය ආශ්චර්‍ය්‍ය වූවක් අප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙයි. තවද, ඒ අලාමක වර්‍ණය දැක තෘප්තියට නො පැමිණියම්හ.
1243. වෙහාසයං පොක‍්ඛරඤ‍්ඤො භවන‍්ති පහූතමාල්‍යා බහු පුණ‍්ඩරීකා දුමා චිමෙ නිච‍්චඵලූපපන‍්නා අතීව ගන්‍ධා සුරභිං පවායන‍්ති.
1243. බොහෝ වූ හෙළ පියුම් ඈ මලින් ගැවසීගත් පොකුණු අහසෙහි ගලාබසිත්. ඵලයෙන් ගැවසීගත් අතිශය සුවඳවත් වූ මේ වෘක්‍ෂයෝ ද සුවඳ වහනය කෙරෙත්.
1244. වෙළුරියත්‍ථම‍්භා සතමුස‍්සිතාසෙ සිලාපවාළස‍්ස ච ආයතංසා මසාරගල‍්ලා සහලොහිතඞ‍්කා ථම‍්හා චිමෙ ජොතිරසාමයාසෙ.
1244. සියක් රියන් පමණ උස් වූ දීර්‍ඝායු ඇති වෙරළුමිණියෙන් පබළුයෙන් කළ ස්තම්භයෝ ද මැසිරිගලින් හා රතුමිණියෙන් කළ ස්තම්භයෝ ද යන මොහු ජ්‍යොතිෂ්මත් වූවාහු ය.
1245. සහස‍්සත්‍ථම‍්භං අතුලානුභාවං තෙසූපරි සාධුමිදං විමානං රතනන‍්තරං කඤ‍්චනවෙදිමිස‍්සං තපනීයපට‍්ටෙහි ච සාධු ඡන‍්නං.
1245. දහස් ගණන් ටැම් ඇති අතුල්‍ය වූ අනුභාව ඇති රනින් ගැවසුණු කසුන්මුවා වේදිකාවෙන් යුත් රන්පටින් මනාව වසන ලද තාගේ මේ සුන්‍දර විමානය ඒ ස්තම්භමස්තකයෙහි පිහිටියේ වෙයි.
1246. ජම‍්බොනදුත‍්තත‍්තමිදං සුමට‍්ඨො පාසාදසොපාන ඵලූපපන‍්නො දළ‍්හො ච වග‍්ගු සුමුඛො සුසංගතො අතීව නිජ‍්ඣානඛමො මනුඤ‍්ඤො.
1246. මේ විමන අතිශයින් ඔප් නැගූ දඹරනින් බබළන්නේ ය. එහි සුමට වූ ප්‍රාසාද සෝපාන ඵලකයෙන් යුත් ස්ථිර වූ මනෝඥ වූ මනාව සංගත වූ ප්‍රසාද අවයව තෙමේ ඉතා දැකුම්කලු වූයේ මනරම් වේ.
1247. රතනන‍්තරස‍්මිං බහු අන‍්නපානං පරිවාරිතො අච‍්ඡරාසංගණෙන මුරජ‍්ජ ආළම‍්බර තුරියඝුට‍්ඨො අභිවන්‍දිතොසි ථුතිවන්‍දනාය.
1247. මේ රුවන් විමන ඇතුළත බොහෝ ආහාරපාන ඇත්තේ ය. දිව්‍යාප්සරා සමූහයා විසින් පිරිවරන ලද්දෙහි. මිහිඟු බෙර පනාබෙර තූර්‍ය්‍යනාදයෙන් නිති පැවති ඝෝෂ ඇත්තෙහි. ස්තුතිගීතිකායෙන් අභිවාදන කරන ලදුයෙහි.
1248. සො මොදසි නාරිගණප‍්පබොධතො විමානපාසාදවරෙ මනොරමෙ අචින‍්තියො සබ‍්බගුණූපපන‍්නො රාජා යථා වෙස‍්සවණො නලින්‍යා
1248. ඒ වෙසවුණු රජ තෙමේ නලිනී නම් ක්‍රීඩාස්ථානයෙහි යම්සේ ද, එසේ ඒ තෝ ද නාරිගණයා විසින් ප්‍රබෝධිත වූයෙහි. නො සිතිය හැකි අනුභාව ඇතියෙහි, සියලු ගුණයෙන් යුක්ත වූයෙහි. මනරම් වූ ඒ උතුම් විමන් පහයෙහි සතුටු වෙහි.
1249. දෙවො නු ආසි උදවාසි යක‍්ඛො උදාහු දෙවින්‍දො මනුස‍්සභූතො පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා ආචික‍්ඛ කො නාම තුවංසි යක‍්ඛාති.
1249. තෝ දෙවියෙක් වෙහි ද? නොහොත් යක්‍ෂයෙක් වෙහි ද? නොහොත් සක්දෙවිඳු වෙහි ද? මිනිස් දෑ ඇතියෙහි ද? (එම්බා) දේවපුත්‍රය, තෝ කිනම් වෙහි දැ යි මේ සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ විචාරති. කියනු මැනැවි.
1250. සෙරිස‍්සකො නාම අහම‍්පි යක‍්ඛො කන‍්තාරියො වණ‍්ණුපථම‍්හි ගුත‍්තො ඉමං පදෙසං අභිපාලයාමි වාචඞ‍්කරො වෙස‍්සවණස‍්ස රඤ‍්ඤොති.
1250. (එම්බා වෙළඳුනි,) කතරෙහි නියුක්ත වූ වැලි කතරෙහි ආරක්‍ෂක වූ මම සේරිස්සක නම් යක්‍ෂයා වෙමි. වෙසවුණු රජුගේ වචනය කරන්නෙම් මේ ප්‍රදේශය පාලනය කරමි.
1251. අධිච‍්ච ලද‍්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින‍්නං පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා කථං තයා ලද‍්ධමිදං මනුඤ‍්ඤන‍්ති,
1251. (එම්බා දිව්‍යපුත්‍රය,) තාගේ සම්පත්තිය අහේතුක ව ලද ද? කාල පරිණාමයෙන් ලද ද? තමා විසින් ම නිපදවූවක් ද? නොහොත් දෙවියන් විසින් හෝ දෙන ලද්දක් ද, මනෝඥ වූ මේ සැපත තා විසින් කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ තා විචාරත්. එය කියනු මැනැවි.
1252. නාධිච‍්චලද‍්ධං න පරිණාමජං මෙ න සයං කතං න හි දෙවෙහි දින‍්නං සකෙහි කම‍්මෙහි අපාපකෙහි පුඤ‍්ඤෙහි මෙ ලද‍්ධමිදං මනුඤ‍්ඤන‍්ති.
1252. (වෙළඳුනි,) මාගේ මේ සැපත අහේතුක ව ලද්දක් නො වේ. කාල පරිණාමයෙන් ලද්දක් නො වේ. තමා විසින් නිපදවන ලද්දක් හෝ නො වෙයි. දෙවියන් විසින් දෙන ලද්දක් නො වේ මැ යි. අලාමක ස්වකීය පුණ්‍යකර්‍ම කරණ කොටගෙන මා විසින් මේ මනෝඥ සැපත ලබන ලදී.
1253. කිං තෙ වතං කිං පන බ්‍රහ‍්මචරියං කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා කථං තයා ලද‍්ධමිදං විමානන‍්ති.
1253. (එම්බා දේවපුත්‍රය,) (ඒ) තාගේ ව්‍රත සමාදානය කුමක් ද? (තාගේ) උතුම් හැසිරීම කුමක් ද? මේ විපාකය කවර නම් කුශල කර්‍මයක්හු ගේ ද? මේ විමන තා විසින් කෙසේ ලබන ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ ඔහු විචාරති.
1254. මම පායාසීති අහූ සමඤ‍්ඤා රජ‍්ජං යදා කාරයිං කොසලානං නත්‍ථිකදිට‍්ඨි කදරියො පාපධම‍්මො උච‍්ඡෙදවාදී ච තදා අහොසිං.
1254. යම් කලෙක කොසොල් රට රජය කරවීම් ද, (ඒ) මට පායාසිරාජඤ්ඤ යි නමෙක් විය. එකල්හි මම නාස්තිකදෘෂ්ටි ඇති තද මසුරු වූ ලමු සැහැවි ඇති උච්ඡේදවාදි යෙම් වීමි.
1255. සමණො ච ඛො ආසි කුමාරකස‍්සපො බහුස‍්සුතො චිත‍්තකථී උළාරො සො මෙ තදා ධම‍්මකථං අකාසි දිට‍්ඨීවිසූකානි විනොදයී මෙ.
1255. එකල්හි බහුශ්‍රුත වූ චිත්‍රකථික වූ උදාර වූ කුමාරකස්සප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ මට බණ වදාළ සේක. මාගේ දෘෂ්ටිහු ද දුරු කළ සේක.
1256. තාහං තස‍්ස ධම‍්මකථං සුණිත්‍වා උපාසකත‍්තං පටිවෙදයිස‍්සං පාණාතිපාතා විරතො අහොසිං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිස‍්සුං. අමජ‍්ජපො නො ච මුසා අභාණිං සකෙන දාරෙන ච අහොසිං තුට‍්ඨො.
1256. මම උන්වහන්සේ ගේ ඒ ධර්‍මකථාව අසා උපාසකත්‍වය ගිවිස්සෙමි. පණිවායෙන් දුරු වූයෙම් වීමි. ලොවැ නුදුන් දෙය දුරු කෙළෙමි. රහමෙර නො බොනුයෙම් වීමි. බොරු නො ද කීමි. සිය අඹුව හා තුටු වීමි.
1257. තං මෙ වතං තං පන බ්‍රහ‍්මචරියං තස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො තෙහෙව කම‍්මෙහි අපාපකෙහි පුඤ‍්ඤෙහි මෙ ලද‍්ධමිදං විමානන‍්ති.
1257. ඒ මාගේ ව්‍රතසමාදානය යි. ඒ (මාගේ) උතුම් හැසිරීම යි. මේ ඒ කුශලකර්‍මයාගේ විපාක යි. ඒ අලාමක වූ කුශලකර්‍මයන් කරණකොට ගෙන මා විසින් මේ විමානය ලබන ලදී.
1258. සච‍්චං කිරාහංසු නරා සපඤ‍්ඤා අනඤ‍්ඤථා වචනං පණ‍්ඩිතානං යහිං යහිං ගච‍්ඡති පුඤ‍්ඤකම‍්මො තහිං තහිං මොදති කාමකාමී.
1258. කළ පින් ඇති පුද්ගලයා යම් යම් තැනක යේ නම් ඒ ඒ තන්හි කැමැති සම්පත් ඇති ව සතුටු වේ යයි. නුවණැති මනුෂ්‍යයෝ සැබවක් ම කීවාහු ය. පණ්ඩිතයන්ගේ වචනය වෙනස් නො වේ.
1259. යහිං යහිං සොකපරිද‍්දවො ච වධො ච බන්‍ධො ච පරික‍්කිලෙසො තහිං තහිං ගච‍්ඡති පාපකම‍්මො න මුච‍්චති දුග‍්ගතියා කදාචීති.
1259. අකුසල් කළ පුද්ගල තෙමේ යම් යම් තැනෙක (ඉපදීම් වශයෙන්) යේ ද, (හෙ තෙමේ) ඒ ඒ තන්හි සෝ වැලැපුම් ඇතියේ වද විඳුම් ඇතියේ අවැඩ දැනවීම් ඇතියේ කිසිකලෙකත් දුගතියෙන් නො මිදෙයි.
1260. සම‍්මූළ‍්හරූපොව ජනො අහොසි අස‍්මිං මුහුත‍්තෙ කලලීකතොව ජනස‍්සිමස‍්ස තුය‍්හඤ‍්ච කුමාර අප‍්පච‍්චයො කෙන නු ඛො අහොසීති.
1260. දිව්‍යජන තෙමේ මේ මොහොතෙයි කැළඹුණකු මෙන් ද හැමතින් මුළා වූ සැහැවි ඇතියකු මෙන් ද විය. කුමාරය, මේ පිරිවර ජනයාගේ ද තාගේ ද මේ දොම්නස කුමක් නිසා වී ද?
1261. ඉමෙ සිරීසූපවනා ච තාතා දිබ‍්බා ගන්‍ධා සුරභිං සම‍්පවන‍්ති තෙ සම‍්පවායන‍්ති ඉමං විමානං දිවා ච රත‍්තො ච තමං නිහන‍්ත්‍වා.
1261. දරුවෙනි, මහරිරුක් වනයෙන් මේ දිවගඳහු හමති. ඒ දිවගඳහු දව රෑ අඳුර නසා මේ විමානයට හමත්.
1262. ඉමෙසං ච ඛො වස‍්සසතච‍්චයෙන සිපාටිකා ඵලති එකමෙකා මානුස‍්සකං වස‍්සසතා අතීතං යදග‍්ගෙ කායම‍්හි ඉධූපපන‍්නො.
1262. මේ මහරිරුක් එක් එක් මල් පෙති හවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් පැසී වැටෙ යි. යම් දිනක පටන් මේ දිව්‍ය ආත්මයෙහි උපන්නෙම් වෙම් ද? (එතැන් පටන්) මිනිස් සියවසරෙක් ඉක්මිණි.
1263. දිස‍්වානහං වස‍්සසතානි පඤ‍්ච අස‍්මිං විමානෙ ඨත්‍වාන තාතා ආයුක‍්ඛයා පුඤ‍්ඤඛයා චවිස‍්සං තෙනෙව සොකෙන පමුච‍්ඡිතොස‍්මීති.
1263. දරුවෙනි, මේ විමන්හි මම පන්සිය වසරක් සිට ආයු හා පින් පිරිහීමෙන් ච්‍යුත වන්නෙමි යි දැක ඒ ශෝකයෙන් ම අතිශයින් මුසපත් වීමි.
1264. කථං නු සොචෙය්‍ය තථාවිධො සො ලද‍්ධා විමානං අතුලං චිරාය යෙ චාපි ඛො ඉත‍්තරමුපපන‍්නා තෙ නූන සොවෙය්‍යුං පරිත‍්තපුඤ‍්ඤාති.
1264. (එම්බා දේවපුත්‍රය,) චිරායුෂ්ක වූ අතුල්‍ය වූ මේ විමානය ලැබූ එබඳු වූ තෝ කෙසේ නම් ශෝක කරන්නෙහි ද? මඳ ආයු ඇති ව උපන් මඳ පිනැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු ය.
1265. අනුච‍්ඡවිං ඔවදියඤ‍්ච මෙතං යං මං තුම‍්හෙ පෙය්‍යවාචං වදෙථ තුම‍්හෙ ච ඛො තාතා මයානුගුත‍්තා යෙනිච‍්ඡකං තෙන පලෙථ සොත්‍ථින‍්ති.
1265. (එම්බා) දරුවෙනි, මා පිළිබැඳි ඒ සුදුසු ප්‍රිය වූ අවවාද වචනයක් යම් හෙයෙකින් මට කියහු ද? ඒ තෙපි ද මා විසින් රක්‍ෂිත වූවාහු යම් ඒ කැමැති තැනකට සැපසේ යවු.
1266. ගන‍්ත්‍වා මයං සින්‍ධු සොවීරභූමිං ධනත්‍ථිකා උද‍්දයං පත්‍ථයානා යථා පයොගා පරිපුණ‍්ණචාගා කාහාම සෙරිස‍්සමහං උළාරන‍්ති.
1266. ධනය බලාපෙරොත්තු වූ එහි වැඩීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ අපි සින්‍ධු සෝවීර භූමිප්‍රදේශයට ගොස් ප්‍රතිඥා පරිදි වූවාහු පිරිපුන් ත්‍යාග ඇත්තාහු උදාර වූ සේරිස්සක පූජාවක් කරන්නෙමු.
1267. මා චෙව සෙරිස‍්සමහං අකත්‍ථ සබ‍්බඤ‍්ච වො භවිස‍්සති යං වදෙථ පාපානි කම‍්මානි විවජ‍්ජයාථ ධම‍්මානුයොගඤ‍්ච අධිට‍්ඨාහාථාති.
1267. සෙරිස්සකපූජා නො කරවු. යමක් තෙපි කියවු ද? (ඒ) සියල්ල එසේ ම වන්නේ ය. පව්කම් හරිවු. දහම් අනුව හැසිරීම ඉටා ගනිවු. (මේ සේරිස්සක පූජා යි).
1268. උපාසකො අත්‍ථි ඉමම‍්හි සඞ‍්ඝෙ බහුස‍්සුතො සීලවතූපපන‍්නො සද‍්ධො ච චාගී ච සුපෙසලො ච විචක‍්ඛණො සන‍්තුසිතො මුතීමා.
1268. මේ සත්ත්‍ව සමූහයා අතුරෙහි බහුශ්‍රුත වූ ශීලව්‍රතයෙන් යුක්ත වූ සැදැහැති ත්‍යාගවත් සුපේසල වූ විචක්‍ෂණ වූ ප්‍රීතිමත් වූ කම්පල දැනීමේ නුවණ ඇති උපාසකයෙක් ඇත.
1269. සඤ‍්ජානමානො න මුසා භණෙය්‍ය පරූපඝාතාය න චෙතයෙය්‍ය වෙභූතිකං පෙසුනං නො කරෙය්‍ය සණ‍්හඤ‍්ච වාචං සඛිලං භණෙය්‍ය.
1269. දැන දැන බොරු නො කියන්නේ ය. පරපණ නැසීම පිණිස නො සිතන්නේ ය. සමගි වූවන් වෙන් කරන පිසුනු බස් නො කියන්නේ ය. සියුම් මෙළෙක් බස් කියන්නේ ය.
1270. සගාරවො සප‍්පතිස‍්සො විනීතො අපාපකො අධිසීලෙ විසුද‍්ධො සො මාතරං පිතරං චාපි ජන‍්තු ධම‍්මෙන පොසෙති අරියවුත‍්ති.
1270. ගෞරව සහිත වූ කීකරු සැහැවි ඇති හික්මුණු පව් නොකරන්නා වූ (උපාසකයන් විසින් රැකියයුතු) අධිශීලයෙහි පිරිසිදු වූ නිදොස් පැවතුම් ඇති ඒ සත්ත්‍ව තෙමේ මව ද පියා ද දැහැමෙන් පෝෂණය කරයි.
1271. මඤ‍්ඤෙ සො මාතාපිතුන‍්නං කාරණා භොගානි පරියෙසති න අත‍්තහෙතු මාතාපිතුන‍්නඤ‍්ච යො අච‍්චයෙන නෙක‍්ඛම‍්මපොණො චරිස‍්සති බ්‍රහ‍්මචරියං.
1271. නිවනට නැමුණු යමෙක් මවු පියන්ගේ ඇවෑමෙන් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේ ද, හෙතෙමේ මවුපියන් නිසා භොග සොයයි. තමා පිණිස නො සොයතී සිතමි.
1272. උජු අවඞ‍්කො අසඨො අමායො න ලෙසකප‍්පෙන ච වොහරෙය්‍ය සො තාදිසො සුක‍්කතකම‍්මකාරී ධම‍්මෙ ඨිතො කින‍්ති ලභෙථ දුක‍්ඛං.
1272. ඍජු වූ අවංක වූ අසඨ වූ අමායාවී වූ හෙතෙමේ කප්පිය ලෙසයෙන් (මායා සාඨෙය්‍ය විසින්) වචන නො කියන්නේ ය. එබඳු යහපත් කර්‍ම කරන ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ කෙසේ නම් දුකක් ලබන්නේ ද?
1273. තං කාරණා පාතුකතොම‍්හි අත‍්තනා තස‍්මා ධම‍්මං පස‍්සථ වාණිජාසෙ අඤ‍්ඤත්‍ර තෙනීහ භස‍්මි භවෙථ අන්‍ධාකුලා විප‍්පනට‍්ඨා අරඤ‍්ඤෙ තං ඛිප‍්පමානෙන ලහුං පරෙන සුඛො භවෙ සප‍්පුරිසෙන සඞ‍්ගමොති.
1273. ඒ උපාසකයා හේතුකොට (තොප ඉදිරියෙහි) මම තෙමේ ම පහළ වූයෙමි. එහෙයින් වෙළෙඳුනි, ධර්‍මය දකිවු. ඒ උපාසකයා හැර මෙහි (ආවාහු නම්) තෙපි අන්‍යයා විසින් පීඩා කිරීම කරණ කොට මේ මරු කතරැ අන්‍ධයන් මෙන් ආකූල වූවාහු විනාශයට පත් වූවාහු වහා අළු වන්නාහු ය. ඒකාන්තයෙන් සත්පුරුෂ සඞ්ගමය සැප වේ.
1274. කිං නාම සො කිඤ‍්චි කරොති කම‍්මං කිං නාමධෙය්‍යං කිං පන තස‍්ස ගොත‍්තං මයම‍්පි නං දට‍්ඨුකාමම‍්හ යක‍්ඛ යස‍්සානුකම‍්පාය ඉධාගතොසි ලාභා හි තස‍්ස යස‍්ස තුවං පිහෙසීති.
1274. (එම්බා) දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේ ද? කිනම් කර්‍ම කරයි ද? (මවුපියන් විසින් ඔහුට) තිබූ නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය කුමක් ද? අපි දු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේ මැ යි. තෝ යමකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහි ද, යමෙකුට ප්‍රිය කෙරෙහි ද? ඔහුගේ (පැමිණීම) ලාභයෙක් මැ යි.
1275. යො කප‍්පකො සම‍්භව නාමධෙය්‍යො උපාසකො කොච‍්ඡඵලූපජීවී ජානාථ නං තුම‍්හාකං පෙසියො සො මා ඛො නං හීළිත්‍ථ සුපෙසලො සොති.
1275. කොස්සෙන් හා පනාවෙන් ජීවත්වනසුලු වූ තොපගේ ඒ සේවක වූ සුපේසල උපාසක වූ ප්‍රසිද්ධ වූ සම්භව නම් කරනවෑමියෙක් වේ ද, ඔහු දනිවු. ඔහු පහත් කොට නො සිතවු.
1276. ජානමසෙ යං ත්‍වං වදෙසි යක‍්ඛ න ඛො නං ජානාම ස ඊදිසොති මයම‍්පි තං පූජයිස‍්සාම යක‍්ඛ සුත්‍වා තුය‍්හං වචනං උළාරන‍්ති.
1276. (එම්බා) දේව පුත්‍රය, යමකු සඳහා තෙපි කියවු ද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණවශයෙන් මෙබඳු යයි ඔහු නො දනුම්හ. දේවපුත්‍රය තාගේ උදාර වූ වචනය අසා අපි දු ඔහු පුදන්නෙමු.
1277. යෙ කෙචිමස‍්මිං සත්‍ථෙ මනුස‍්සා දහරා මහන‍්තා අථවාපි මජ‍්ඣිමා සබ‍්බෙව තෙ ආලම‍්බන‍්තු විමානං පස‍්සන‍්තු පුඤ‍්ඤාන ඵලං කදරීයාති.
1277. මේ වෙළඳමුළෙහි හෙවත් තවලමෙහි තරුණ වූ මහලු වූ තවද මැදුම් වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත් ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පින්පල බලත්වා.
1278. තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති තං කප‍්පකං තත්‍ථ පුරක‍්ඛිපිත්‍වා සබ‍්බෙව තෙ ආලම‍්බිංසු විමානං මසක‍්කසාරං විය වාසවස‍්ස.
1278. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි, මම පෙරටු වෙමි’ යි එහි ඒ කරනෑවෑමියා පෙරටු කොට (උත්සාහවත් වූහ.) ඒ සියල්ලෝ ම තව්තිසා භවනයට මෙන් ඒ විමානයට නැංගාහු ය.
1279. තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති උපාසකත‍්තං පටිවෙදයිංසු පාණාතිපාතා විරතා අහෙසුං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිංසු.
1279. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක වෙමින් උවසු බව ගිවිස්සාහු ය. පණිවායෙන් දුරු වූහ. ලොව නුදුන් දෑ ගැන්ම දුරු කළාහු ය.
1280. අමජ‍්ජා නො ච මුසා භණිංසු සකෙන දාරෙන ච අහෙසුං තුට‍්ඨා තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති උපාසකත‍්තං පටිවෙදයිත්‍වා පක‍්කාමි සත්‍ථො අනුමොදමානො යක‍්ඛිද‍්ධියා අනුමතො පුනප‍්පුනං.
1280. මත්පැන් නො පූහ. බොරු නො බිණූහ. සිය අඹුව හා තුටු වූහ. එහි සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක ව උවසු බව ගිවිස්වා ඒ වෙළඳමුළ ඒ දෙව්පුත් විසින් අනුමත වූයේ දිව්‍යර්ද්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වනුයේ කැමැති තැනට ගියේ ය.
1281. ගන‍්ත්‍වාන තෙ සින්‍ධුසොවීරභූමිං ධනත්‍ථිකා උද‍්දයං පත්‍ථයානා යථා පයොගා පරිපුණ‍්ණලාභා පච‍්චාගමුං පාටලිපුත‍්තමක‍්ඛතං.
1281. ධනාර්ත්‍ථීවූ අධික ලාභාශා ඇත්තා වූ ඔවුහු සින්‍ධු සෝවීර භූමියට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට පිරිපුන් ලාභ ඇත්තෝ යළි නිරුපද්‍රැත වැ පැළලුප් නුවරට ආවාහු ය.
1282. ගන‍්ත්‍වාන තෙ සඞ‍්ඝරං සොත්‍ථිවන‍්තො පුත‍්තෙහි දාරෙහි සමඞ‍්ගිභූතා ආනන්‍දි චිත‍්තා සුමනා පතීතා අකංසු සෙරිස‍්සමහං උළාරං.
1282. ඔවුහු නිර්‍භය වූවාහු සිය ගෙවලට ගොස් අඹුදරුවන් හා එක් වූවාහු මුදිත වූවාහු තුටු වූවාහු සොම්නස් වූවාහු අධික සොම්නස් ඇත්තාහු උදාර වූ සේරිස්සක නම් උත්සව පූජාවක් කළහ.
1283. සෙරීස‍්සකා තෙ පරිවෙණං මාපයිංසු එතාදිසා සප‍්පුරිසාන සෙවනා මහත්‍ථිකා ධම‍්මගුණාන සෙවනා එකස‍්ස අත්‍ථාය උපාසකස‍්ස සබ‍්බෙව සත‍්තා සුඛිතා අහෙසුන‍්ති.
1283. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක් ද තැනූහ. එක ම උපාසකයකු නිසා සියලු සත්ත්‍වයෝ සුවපත් වූවාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු ය. ධර්‍මධර ගුණවතුන්ගේ සේවනය මෙබඳු මහත් වැඩ ඇත්තේ යි.