යෙදුමෙන් කියවන්න

සුනික‍්ඛිත‍්තවිමානං

7. 11.

7. 11.

1284. උච‍්චමිදං මණිථූණං විමානං සමන‍්තතො ද‍්වාදස යොජනානි කූටාගාරා සත‍්තසතා උළාරා වෙළුරියත්‍ථම‍්හා රුචකත්‍ථතා සුභා

1284. (එම්බා දේවපුත්‍රය) ඉතා උස් වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළු මිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල් සත් සියයෙක් වෙයි.

1285. තත්‍ථච‍්ඡසි පිවසි ඛාදසි ච දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං දිබ‍්බා රසා කාමගුණෙත්‍ථ පඤ‍්ච නාරියො ච නච‍්චන‍්ති සුවණ‍්ණඡන‍්නා.

1285. එහි තෝ සිටිනෙහි ය. පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය. දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.

1286. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා

1286. කවර හේතුවකින් තාගේ එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද?

1287. පුච‍්ඡාමි තං දෙව මහානුභාව මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

1287. මහත් අනුභාව ඇති දේවපුත්‍රය, තා විචාරමි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි.

1288. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

1288. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලදුයේ (මෙසේ) පැවසී ය.

1289. දුන‍්නීක‍්ඛිත‍්තං මාලං සුනික‍්ඛිපිත්‍වා පතිට‍්ඨපෙත්‍වා සුගතස‍්ස ථූපෙ මහිද‍්ධිකො චම‍්හි මහානුභාවො දිබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතො.

1289. (වහන්ස) මම කසුප් බුදුන්ගේ ධාතුචෛත්‍යයෙහි මැනැවින් නොතබන ලද මල් සකසා දැකුම්කලු කොට තබා බුදුගුණ සිත්හි පිහිටුවීමෙන් මහත් ඍද්ධි ඇත්තෙම් මහත් ආනුභාව ඇත්තෙම් දිව්‍යමය වූ කාමගුණයෙන් යුක්ත වූයෙම් වෙමි.

1290. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

1290. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙහි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙහි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

1291. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතො යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවො වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

1291. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මම මනුෂ්‍ය වූයෙම් යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. ඒ පිනෙන් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

සුනික‍්ඛිත‍්තවිමානං.

සුනික්ඛිත්ත විමාන යි.

සුනික‍්ඛිත‍්තවග‍්ගො සත‍්තමො.

සතරවෙනි බණවර යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ දළිද‍්දා ද‍්වෙ විහාරා භතකො ගොපාලකන්‍ථකා අනෙකවණ‍්ණා මට‍්ටකුණ‍්ඩලී සෙරිස‍්සකො සුනික‍්ඛිත‍්තං පුරිසානං තතියො වග‍්ගොති.

දළිද්ද (චිත්තලතා යැ නන්දන යැ යි) දෙක යැ, විහාර (මණිථූණ යැ සුවණ්ණ යැ යි) දෙක යැ භතක (අම්බවිමාන) ගොපල යැ කන්ථක යැ අනෙක වණ්ණ යැ මට්ටකුණ්ඩලී යැ සේරිස්සක යැ සුනික්ඛිත්ත යැ යි පුරුෂ විමාන පිළිබඳ තුන්වැනි වර්‍ග යි

භාණවාරං චතුත්‍ථං.

සතරවෙනි බණවර යි.

විමානවත්‍ථු නිට‍්ඨිතං

විමාන වස්තු නිමියේ යි.