11. සුනික්ඛිත්තවිමානවණ්ණනා අට්ඨකථා
11. සුනික්ඛිත්තවිමානවණ්ණනා
11. සුනික්ඛිත්ත විමාන වර්ණනා
උච්චමිදං මණිථූණං විමානන්ති සුනික්ඛිත්තවිමානං. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො හෙට්ඨා වුත්තනයෙනෙව දෙවචාරිකං චරන්තො තාවතිංසභවනං උපගතො. තස්මිඤ්ච ඛණෙ අඤ්ඤතරො දෙවපුත්තො අත්තනො විමානද්වාරෙ ඨිතො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දිස්වා සඤ්ජාතගාරවබහුමානො උපසඞ්කමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි.
උච්චමිදං මණිථූන විමානං ආදි වශයෙන් සුනික්ඛිත්ත විමාන වස්තුව දැක්වේ. එහි උත්පත්ති කථාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන විහාරයේ වැඩවාසය කරති. එසමයෙහි මහා මුගලන් තෙරණුවෝ ඉහත සඳහන් පරිද්දෙන් දෙව්ලෝ චාරිකාවන්හි යෙදෙමින් තව්තිසා දෙව්ලොවට වැඩමවූහ. එකෙණෙහිම එක්තරා දේව පුත්‍රයෙක් තමන්ගේ විමාන දොරකඩ සිටියේ ආයුෂ්මත් මුගලන් ස්ථවිරයන් දැක හටගත්තා වූ බහුමාන පුරස්සරව උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය.
සො කිර අතීතෙ කස්සපසම්මාසම්බුද්ධෙ පරිනිබ්බුතෙ තස්ස සරීරධාතුයො පක්ඛිපිත්වා යොජනිකෙ කනකථූපෙ ච කතෙ චතස්සො පරිසා කාලෙන කාලං උපසඞ්කමිත්වා ගන්ධපුප්ඵධූපාදීහි චෙතියෙ පූජං කරොන්ති, තත්ථ අඤ්ඤතරො උපාසකො අඤ්ඤෙසු පුප්ඵපූජං කත්වා ගතෙසු තෙහි පූජිතට්ඨානෙ දුන්නික්ඛිත්තානි පුප්ඵානි දිස්වා තත්ථෙව තානි සම්මදෙව ඨපෙන්තො සන්නිවෙසවසෙන දස්සනීයං පාසාදිකං විභත්තිවිසෙසයුත්තං පුප්ඵපූජං අකාසි. කත්වා ච පන එතං ආරම්මණං ගණ්හන්තො සත්ථු ගුණෙ අනුස්සරිත්වා පසන්නචිත්තො තං පුඤ්ඤං හදයෙ ඨපෙසි.
හෙතෙම වනාහි අතීතයේ කස්සප බුදුරදුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කොට ඉදිකරන ලද යොදුනක් පමණ වූ රන්මය ස්ථූපයක් ඉදිරියේ සිව් පිරිස් කලින් කළ පැමිණ මල් සුවඳ දුම් ආදිය චෛත්‍යයට පූජා කරති. එසේ පුද පූජා පවත්වා ඔවුන් ගිය කල්හි ඉහත සඳහන් උපාසකයා එහි පැමිණ මල් පිදූ තැන්වල එම මල් විසිරී අපිළිවෙලින් තිබෙනු දැක එම මල් ගෙන මනාකොට මලසුන සරසා මල් පිළිවෙළින් දැකුම්කළු ලෙස මනාව විසිතුරු ලෙස තබා පූජා කොට යයි. එසේ කරන ඔහු එම පින්කම අරමුණු කරගනිමින් භාග්‍යවතුන් වහන්සේ නව අරහාදී බුදුගුණ සිහි කරමින් ප්‍රසන්න වූ සිතින් යුතුව ඒ පිංකම හදවතේ තැන්පත් කරගනී.
සො අපරභාගෙ කාලං කත්වා තස්සෙව කම්මස්ස ආනුභාවෙන තාවතිංසභවනෙ ද්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්ති, මහානුභාවො මහා චස්ස පරිවාරො අහොසි. තං සන්ධාය වුත්තං “තස්මිඤ්ච ඛණෙ අඤ්ඤතරො දෙවපුත්තො…පෙ… අට්ඨාසී”ති. අථ නං ආයස්මා මහාමොග්ගල්ලානො යථාලද්ධසම්පත්තිකිත්තනමුඛෙන කතසුචරිතකම්මං ඉමාහි ගාථාහි පුච්ඡි –
හෙතෙම ඉන්පසු කලෙක කලුරිය කොට එම කුශල කර්මයාගේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනෙක උත්පත්තිය ලැබීය. ඔහුගේ පිරිවර බොහෝ මහානුභාව දෙවිවරුන්ගෙන් සමන්විත විය. ඒ කාරණය සඳහා - ‘තස්මිං ඛණෙ අඤ්ඤතරො දෙවපුත්තො අත්තනො විමාන ද්වාරෙ ඨිතො ආයස්මන්තං මහා මොග්ගල්ලානං දිස්වා සඤ්ජාතගාරව බහුමානො උපසංකමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හං අට්ඨාසි’ යන්න ප්‍රකාශ කළේය.
“උච්චමිදං මණිථූණං විමානං, සමන්තතො ද්වාදසයොජනානි; කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියථම්භා රුචකත්ථතා සුභා.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ඔහු ලද සම්පත් වර්ණනා කොට ඔහු විසින් කරන ලද සුචරිත කර්මයන් පිළිබඳ විමසීමක් මේ ගාථා මගින් විචාළහ.
“තත්ථච්ඡසි පිවසි ඛාදසි ච, දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං; දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච, නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
එම්බා දිව්‍ය පුත්‍රය, වෛධූර්ය මාණික්‍යමය කුළුණු සහිත වූ හාත්පසින් දොළොස් ගව්වක් පමණ විශාල වූ සත්සියයක් කුළුගෙවලින් යුත් නොයෙක් රත්නයන්ගෙන් කරන ලද දොරකවුළු බිත්ති ඇති තොපගේ විමානය ඉතා ශෝභාමත්ව දිළිසෙයි.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
ඔබගේ විමානයේ පරිවාර දේවතාවෝ බොහෝ වෙති. ඒ අය දිව්‍ය ඕජසින් යුත් ආහාරපාන වර්ගයක් කති. බොති. එසේම අනුන්ට සත්කාර කරති. පංචාංගික තූර්ය භාණ්ඩ ගත් දේවතාවෝ අත්‍යාලංකාර ලෙස සැරසී නටත්. ගී කියත්. පංචකාම සම්පත් විඳිමින් සතුටින් සිටිත්. දිව වෙණ මිහිරි ලෙස වාදනය කරති.
“පුච්ඡාමි තං දෙව මහානුභාව, මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවො, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
මේ වැනි ශරීර වර්ණයක් ද මෙවැනි සම්පත් ද මහත් සෘද්ධි අනුභාවයන් ද ලබන්නට ඔබ මිනිස් ලොව මිනිසකුව සිට කිනම් කුසල කර්මයක් කළේද කිනම් කුසලයකින් මෙවැනි ජෝතිමත් වර්ණයක් හා සියලු දිසා බබුළුවන ප්රභාවක් ලැබීද?
සොපි තස්ස අත්තනො කතකම්මං ඉමාහි ගාථාහි කථෙසි. තං දස්සෙන්තා සඞ්ගීතිකාරා ආහංසු –
මුගලන් තෙරුන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඒ දේවපුත්‍රයා මේ ගාථා කීහ. එය දක්වන්නා වූ සංගීති කාරකයා මෙසේ ප්‍රකාශ කළහ.
“සො දෙවපුත්තො අත්තමනො, මොග්ගල්ලානෙන පුච්ඡිතො; පඤ්හං පුට්ඨො වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
ඒ දේවපුත්‍රයා මුගලන් හිමි විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්න විසඳමින් තමන් විසින් කළ කර්ම මෙසේ ප්‍රකාශ කළේය.
“දුන්නික්ඛිත්තං මාලං සුනික්ඛිපිත්වා, පතිට්ඨපෙත්වා සුගතස්ස ථූපෙ; මහිද්ධිකො චම්හි මහානුභාවො, දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො.
මම මිනිස් ලොව සිටියදී කාශ්‍යප බුදුන්ගේ ධාතු නිදන් කරන ලද දාගැබක් සමීපයට ගොස් අපිළිවෙළට තිබූ මල් පිළිවෙළට තබා සුගතයන් වහන්සේගේ බුදුගුණ සිහිකරමින් මහත් සතුටක් වින්දෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
එම කුශලය හේතුවෙන් මේ සා සම්පත් ද, මෙවැනි වර්ණයක් ද මෙවැනි ප්‍රභාවයක් ද ලදිමි.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතො යමහං අකාසිං; තෙනම්හි එවං ජලිතානුභාවො, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
තත්ථ දුන්නික්ඛිත්තං මාලන්ති චෙතියෙ පූජාකරණට්ඨානෙ නිරන්තරට්ඨපනාදිනා රචනාවිසෙසෙන අට්ඨපෙත්වා යථානික්ඛිත්තතාය න සුට්ඨු නික්ඛිත්තං, වාතෙන වා පහරිත්වා දුන්නික්ඛිත්තං පුප්ඵං. සුනික්ඛිපිත්වාති සුට්ඨු නික්ඛිපිත්වා රචනාවිසෙසෙන දස්සනීයං පාසාදිකං කත්වා නික්ඛිපිය. පතිට්ඨපෙත්වාති විභත්තිවිසෙසාදිවසෙන පුප්ඵං පතිට්ඨාපෙත්වා. තං වා පුප්ඵං නික්ඛිපන්තො සත්ථු චෙතියං උද්දිස්ස මම සන්තානෙ කුසලධම්මං පතිට්ඨාපෙත්වාති එවං එත්ථ අත්ථො දට්ඨබ්බො. සෙසං වුත්තනයමෙව.
එහි දුන්නික්ඛිත්තං මාලං චෛත්‍යයේ මල් පූජා කරන තන්හි නිතර නිතර පූජා කරන මල් සුළඟින් එහා මෙහි විසිරී බිම වැටී තිබෙන මල් සුනික්ඛිපිත්වා මනාව සකස්කොට විශේෂයෙන් දර්ශනීය ලෙස පැහැ එලවන ලෙස තැන්පත් කළේය. පතිට්ඨපෙත්වා භක්ති ප්රණාම පූර්වකව විශේෂයෙන් මල් පිහිටුවා ඒ මල් පිදුවා වූ චෛත්‍යය පිළිබඳව මගේ සන්තානයේ කුසල ධර්ම පිහිටුවා මෙසේ මෙහි අර්ථ දැක්විය යුතු සෙස්ස පෙර සඳහන් පරිදිය.
එවං දෙවපුත්තෙන අත්තනො සුචරිතකම්මෙ පකාසිතෙ ථෙරො තස්ස ධම්මං දෙසෙත්වා ආගන්ත්වා භගවතො තමත්ථං නිවෙදෙසි. භගවා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තමහාජනස්ස ධම්මං දෙසෙසි. දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ දේව පුත්‍රයා තමන්ගේ සුචරිත කර්මයන් ප්‍රකාශ කිරීමෙන් පසු තෙරණුවෝ ඔහුට ධර්ම දේශනා කළහ. ඉන්පසුව පැමිණ භාග්‍යවතුන් වැඳ මේ ප්‍රවෘත්තිය දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එය අරබයා පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළහ. එම දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් වූයේය.
සුනික්ඛිත්තවිමානවණ්ණනා නිට්ඨිතා.
සුනික්ඛිත්ත විමාන වස්තු වර්ණනාව නිමියේ ය.
ඉති පරමත්ථදීපනියා ඛුද්දක-අට්ඨකථාය විමානවත්ථුස්මිං එකාදසවත්ථුපටිමණ්ඩිතස්ස සත්තමස්ස සුනික්ඛිත්තවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
සත්වෙනි වර්ගයේ වර්ණනාව සමාප්තයි.
නිට්ඨිතා ච පුරිසවිමානවණ්ණනා.
පුරිස විමාන වර්ණනාව නිමි.
නිගමනකථා
නිගමන කථා
එත්තාවතා ච –
දෙවතානං විමානාදි-සම්පත්තිං තස්ස කාරණං; පකාසයන්තී සත්තානං, සබ්බලොකහිතාවහා.
දෙවිවරුන්ගේ විමාන ආදී සම්පත් ද ඒ සම්බන්ධව හේතු වූ කරුණු ද සත්ත්වයන් හට ප්‍රකාශ කරමින්,
අප්පකානම්පි කාරානං, යා විභාවෙති දෙසනා; උළාරඵලතං චිත්ත-ඛෙත්තසම්පත්තියොගතො.
සිත නමැති කෙතෙහි සම්පත් යෙදීමෙන් සුළු වූ හෝ ක්‍රියාවන්ගේ උදාර ඵල ලබන මුළු ලොවටම යහපත සලසන යම් දේශනාවක් ප්‍රකට වෙමින් පවතීද,
යං කථාවත්ථුකුසලා, සුපරිඤ්ඤාතවත්ථුකා; විමානවත්ථුඉච්චෙව, සඞ්ගායිංසු මහෙසයො.
යහපත් අවබෝධයට හේතුවන කුසලතා දක්වන යම් කථාවස්තු සංග්‍රහයක් වේ නම්, ඒවා මහා සෘෂිවරු විමානවත්ථු යනුවෙන් සංග්‍රහ කළහ.
තස්ස අත්ථං පකාසෙතුං, පොරාණට්ඨකථානයං; සන්නිස්සාය සමාරද්ධා, අත්ථසංවණ්ණනා මයා.
ඒ විමාන වත්ථුවේ අර්ථය ප්‍රකාශ කිරීම පිණිස පුරාණ අර්ථ කථා අටුවා න්‍යාය ඇසුරුකොට අර්ථ වර්ණනාවක් මා විසින් ආරම්භ කරන ලදී.
යා තත්ථ පරමත්ථානං, තත්ථ තත්ථ යථාරහං; පකාසනා පරමත්ථ-දීපනී නාම නාමතො.
ඒ විමාන වත්ථුවේ පරමාර්ථවලට ඒ ඒ සියලු තන්හි සුදුසු වන සේ පරමත්ථ දීපනී යන නමින් යම් අර්ථ ප්රකාශනයක් නිරවුල් විනිශ්චයෙන් යුතුව සතළොස් බණවරකින් පාලියෙන් රචිත වීද එය අවසානයට පැමිණියේය.
සම්පත්තා පරිනිට්ඨානං, අනාකුලවිනිච්ඡයා; සා සත්තරසමත්තාය, පාළියා භාණවාරතො.
ඉති තං සඞ්ඛරොන්තෙන, යං තං අධිගතං මයා; පුඤ්ඤං තස්සානුභාවෙන, ලොකනාථස්ස සාසනං.
එසේ එම අර්ථ වර්ණනාව කරන්නා වූ මා විසින් යම් ඒ පිනක් ලබන ලද්දේ ද, ඒ පිනේ ආනුභාවයෙන් ලෝකනාථ ස්වාමීන් වහන්සේගේ ශාසනයට බැස, පිරිසිදු වූ ශීලාදී ප්‍රතිපත්තියෙන් යුක්ත වී සියලු සත්ත්වයෝ විමුක්ති රසයෙහි කොටස්කරුවෝ වෙත්වා.
ඔගාහෙත්වා විසුද්ධාය, සීලාදිපටිපත්තියා; සබ්බෙපි දෙහිනො හොන්තු, විමුත්තිරසභාගිනො.
චිරං තිට්ඨතු ලොකස්මිං, සම්මාසම්බුද්ධසාසනං; තස්මිං සගාරවා නිච්චං, හොන්තු සබ්බෙපි පාණිනො.
ලෝකයෙහි සම්මා සම්බුද්ධ ශාසනය දිගුකල් පවතීවා. නිරන්තරයෙන් සියලු ප්‍රාණීහු ඒ ශාසනයෙහි නිතර ගෞරව සහිත වූවෝ වෙත්වා.
සම්මා වස්සතු කාලෙන, දෙවොපි ජගතීපති; සද්ධම්මනිරතො ලොකං, ධම්මෙනෙව පසාසතූති.
කලට වැසි වසීවා. භූමිපලක රජ තෙමේ සද්ධර්මයෙහි නිරත වී ධර්මයෙන්ම ලෝකය පාලනය කෙරේවා.
ඉති බදරතිත්ථවිහාරවාසිනා ආචරියධම්මපාලෙන කතාය පරමත්ථදීපනියා ඛුද්දක-අට්ඨකථාය විමානවත්ථුඅත්ථවණ්ණනා නිට්ඨිතා.
මෙසේ ඛදිරතිත්ථ විහාරවාසී ආචාර්ය ධම්මපාල ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද පරමත්ථදීපනි නම් වූ ඛුද්දක අට්ඨකථාවෙහි විමානවත්ථු අර්ථ වර්ණනාව නිමියේය.
විමානවත්ථු-අට්ඨකථා සමත්තා.