ගන්ථාරම්භකථා අට්ඨකථා
ගන්ථාරම්භකථා
ග්රන්ථ ආරම්භ කථා
මහාකාරුණිකං නාථං, ඤෙය්යසාගරපාරගුං; වන්දෙ නිපුණගම්භීර-විචිත්රනයදෙසනං.
1. සියලු ලෝක සත්ත්වයන් වෙත පතල මහා කරුණා ඇති, දතයුතු සියළු දේ නමැති (දැනුම නමැති) සාගරයේ පරතෙරට පැමිණි, විවිධන්යායන්හි හා විචිත්‍ර ධර්ම දේශනා වෙහි ගැඹුරු නුවණැති දක්ෂවූ, සකල ලෝකයාට ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නමස්කාර කරමි.
විජ්ජාචරණසම්පන්නා, යෙන නිය්යන්ති ලොකතො; වන්දෙ තමුත්තමං ධම්මං, සම්මාසම්බුද්ධපූජිතං.
2. අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ, සම්මා සම්බුදු රජුන් විසින් පුදන ලද, ලෝක සත්ත්වයා නිවන්පුරට පමුණුවන්නා වූ උත්තම ශ්‍රී ධර්මරත්නය වඳිමි.
සීලාදිගුණසම්පන්නො, ඨිතො මග්ගඵලෙසු යො; වන්දෙ අරියසඞ්ඝං තං, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
3. ශීල - සමාධී -ප්‍රඥා ආදී නිමල ගුණයෙන් යුක්තවූ, සතර සතර ඵලයන්ට පැමිණියාවූ අනුත්තර වූ පින් කෙතක් වන් මහා සංඝයා වඳිමි.
වන්දනාජනිතං පුඤ්ඤං, ඉති යං රතනත්තයෙ; හතන්තරායො සබ්බත්ථ, හුත්වාහං තස්ස තෙජසා.
4. මෙසේ රත්නත්‍රයට වැඳීමෙන් අත්කර ගන්නාවූ පින් බලයෙන් ද, රත්නත්‍රයේ තේජසින් ද සියලු කරදර අතුරු ආන්තරා දුරු වේවා.!
පෙතෙහි ච කතං කම්මං, යං යං පුරිමජාතිසු; පෙතභාවාවහං තං තං, තෙසඤ්හි ඵලභෙදතො.
5. මියගිය අය විසින් ඒ ඒ අයගේ පූර්ව ජන්මයන්හිදී, කරන ලද කර්මයන් නිසා, ලබාගත් ප්‍රේත ආත්මභාවයන්හි විවිධ ස්වරූපයන් විවිධ ආකාරයෙන්,
පකාසයන්තී බුද්ධානං, දෙසනා යා විසෙසතො; සංවෙගජනනී කම්ම-ඵලපච්චක්ඛකාරිනී.
6. බුද්ධාදී උත්තමයන් විසින් වර්ණනා කරන ලද විස්තර කරන ලද, සංවේගය උපදවන්නාවූ කර්ම හා කර්ම විපාකයන් හෙළිකරන්නා වූ ධර්ම දේශනයක් වන
පෙතවත්ථූති නාමෙන, සුපරිඤ්ඤාතවත්ථුකා; යං ඛුද්දකනිකායස්මිං, සඞ්ගායිංසු මහෙසයො.
7. ත්‍රිපිටකය සංගායනා කරන ලද මහාස්ථවිරයන් වහන්සේලා විසින්, ඛුද්දක නිකායෙහි ඇතුළත් “ප්‍රේතවත්ථු” නම් වූ කරන ලද, විශේෂයෙන් දතයුතු කථාවස්තුන්ගෙන් පිරි “ප්‍රේතවත්ථු” නම් ග්‍රන්ථය.
තස්ස සම්මාවලම්බිත්වා, පොරාණට්ඨකථානයං; තත්ථ තත්ථ නිදානානි, විභාවෙන්තො විසෙසතො.
8. ඒ ඒ කථාවන්හි නිදානය, විස්තරාර්ථ, විශේෂයෙන් සඳහන් කරමින්, පුරාණ අර්ථ කථාචාර්යවරුන්ගේ විස්තර කිරීම් අනුවම.,
සුවිසුද්ධං අසංකිණ්ණං, නිපුණත්ථවිනිච්ඡයං; මහාවිහාරවාසීනං, සමයං අවිලොමයං.
9. සුපිරිසිදු වූ, අසඞ්කීර්‍ණ වූ, දක්ෂයන් විසින් විනිශ්චය කරන ලද්දා වූ, එම ප්‍රකරණය. මහා විහාර වාසීන්ගේ නය ක්‍රමය නො ඉක්මවා,
යථාබලං කරිස්සාමි, අත්ථසංවණ්ණනං සුභං; සක්කච්චං භාසතො තං මෙ, නිසාමයථ සාධවොති.
10. මගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රේත වත්ථුවේ අර්ථ වර්ණනාව කරන්නෙමි. සකස්කොට මැනවින් එය කියවන්නේ, යහපත් සේ සාවධානව ඇසිය යුතු.
තත්ථ පෙතවත්ථූති සෙට්ඨිපුත්තාදිකස්ස තස්ස තස්ස සත්තස්ස පෙතභාවහෙතුභූතං කම්මං, තස්ස පන පකාසනවසෙන පවත්තො “ඛෙත්තූපමා අරහන්තො”තිආදිකා පරියත්තිධම්මො ඉධ “පෙතවත්ථූ”ති අධිප්පෙතො.
එහි ප්‍රේතවත්ථු - සිටු ප්රත්රාදී වූ ඒ ඒ සත්ත්වයන්, ප්‍රේතව ඉපදීමට හේතු වූ යම් අකුසල කර්මයක් වේද? ඒ අකුසල කර්ම ප්‍රකාශ කිරීම් වශයෙන් පැවති “ඛෙත්තූපමා අරහන්තො” යනාදි වූ පර්යාප්ති ධර්මය පේතවත්ථු යන්නෙන් ගැනේ.
තයිදං පෙතවත්ථු කෙන භාසිතං, කත්ථ භාසිතං, කදා භාසිතං, කස්මා ච භාසිතන්ති? වුච්චතෙ – ඉදඤ්හි පෙතවත්ථු දුවිධෙන පවත්තං අට්ඨුප්පත්තිවසෙන, පුච්ඡාවිස්සජ්ජනවසෙන ච. තත්ථ යං අට්ඨුප්පත්තිවසෙන පවත්තං, තං භගවතා භාසිතං, ඉතරං නාරදත්ථෙරාදීහි පුච්ඡිතං තෙහි තෙහි පෙතෙහි භාසිතං. සත්ථා පන යස්මා නාරදත්ථෙරාදීහි තස්මිං තස්මිං පුච්ඡාවිස්සජ්ජනෙ ආරොචිතෙ තං තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි, තස්මා සබ්බම්පෙතං පෙතවත්ථු සත්ථාරා භාසිතමෙව නාම ජාතං.
ඒ ප්‍රේතවස්තු දේශනාව කවරෙකු විසින් කියන ලද්දේ ද? කොතැන්හිදී කියන ලද්දේ ද? කිනම් හේතුවක් නිසා පවසන ලද්දේ ද? යන්න විස්තර මතු කියනු ලැබේ. මේ ප්‍රේතවස්තු වනාහි දෙපරිදිව පැවතේ. අර්ථෝත්පත්ති වශයෙන්ද , ප්‍රශ්න විසදීම් වශයෙන් ද වේ. යම් ප්‍රේත වස්තුවක් අර්ථෝත්පත්ති වශයෙන් පැවැත්තේද එය භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදි. ප්‍රශ්න විසදීම් නම් වූ අනේක නාරද ස්ථවිරයන් ආදීන් විසින් ඒ ඒ ප්‍රේතයන්ගෙන් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඒ ඒ ප්‍රේතයින් විසින් කියන ලදී. නාරද ස්ථවිර ආදීන් විසින් ඒ ඒ ප්‍රශ්න විචාරණ ලදුව, ඒ ඒ ප්‍රේතයන් විසින් කියන ලද ගාථා යම් හෙයකින් නාරද ආදී ශ්‍රාවකයන් විසින් ඒ ඒ අවස්ථාවන්හි දී ශාස්තෲන් වහන්සේට ඉදිරිපත් කරන ලදුව, එය විසඳන මෙන් ආරාධනා කිරීමෙන්, ශාස්තෲන් වහන්සේ අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි සිව් පිරිසට ධර්මය දේශනා කරයි. එහෙයින් සියලු ප්‍රේතවස්තු ශාස්තෲන් වහන්සේ විසින්ම දේශිතයයි දතයුතුය.
පවත්තිතවරධම්මචක්කෙ හි සත්ථරි තත්ථ තත්ථ රාජගහාදීසු විහරන්තෙ යෙභුය්යෙන තාය තාය අට්ඨුප්පත්තියා පුච්ඡාවිස්සජ්ජනවසෙන සත්තානං කම්මඵලපච්චක්ඛකරණාය තං තං පෙතවත්ථු දෙසනාරුළ්හන්ති අයං තාවෙත්ථ “කෙන භාසිත”න්තිආදීනං පදානං සාධාරණතො විස්සජ්ජනා. අසාධාරණතො පන තස්ස තස්ස වත්ථුස්ස අත්ථවණ්ණනායමෙව ආගමිස්සති.
ධර්මචක්ර සුත්‍ර දේශනාව පැවැත්වීමෙන් පසුව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර ආදී ඒ ඒ තැන්වල වැඩවසමින් බොහෝ සෙයින් අර්ථෝත්පත්ති වශයෙන් එළබ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සත්ත්වයන්ට කර්මඵල කර්මවිපාක ප්රත්යක්ෂ කිරීම සඳහා ඒ ඒ ප්‍රේත වස්තු දේශනාකොට ඇත. මෙහි පළමුකොට “කවරෙකු විසින් කියන ලද්දේ ද ආදී පදයන්ට සාධාරණ විසඳුමයි. අසාධාරණ විසදීම් වනාහි ඒ ඒ වස්තූන් සම්බන්ධ අර්ථවර්ණනාවන්හිම එන්නේය.
තං පනෙතං පෙතවත්ථු විනයපිටකං සුත්තන්තපිටකං අභිධම්මපිටකන්ති තීසු පිටකෙසු සුත්තන්තපිටකපරියාපන්නං, දීඝනිකායො මජ්ඣිමනිකායො සංයුත්තනිකායො අඞ්ගුත්තරනිකායො ඛුද්දකනිකායොති පඤ්චසු නිකායෙසු ඛුද්දකනිකායපරියාපන්නං, සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලන්ති නවසු සාසනඞ්ගෙසු ගාථාසඞ්ගහං.
මේ ප්‍රේතවස්තු දේශනාව, විනය, සුත්‍ර, අභිධර්ම තුන් පිටකය අතුරෙන් සූත්‍ර පිටකයෙහිම ඇතුළත් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අඞ්ගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකාය පහෙන් ඛුද්දක නිකායෙහිම ඇතුළත් වන්නේය. සුත්ත, ගෙය්ය, වෙය්යකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුත ධම්ම, වේදල්ල, යන නවාංග ශාස්තෲ ශාසනයේ ගාථාඞ්ගයට ඇතුළත් වන්නේය.
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො; චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති. (ථෙරගා· 1027) –
සුවාසූ දහසක් ධර්මසේකන්ධයන්ගෙන් ද අසූ දහසක් සම්මා සම්බුදුන් වහන්සේ වෙතින් ද, දෙදහසක් සැරියුත් මුගලන් ආදී ශ්‍රාවක සඞ්ඝයා වෙතින් ද අවබෝධ කරගත්මි’යි
එවං ධම්මභණ්ඩාගාරිකෙන පටිඤ්ඤාතෙසු චතුරාසීතියා ධම්මක්ඛන්ධසහස්සෙසු කතිපයධම්මක්ඛන්ධසඞ්ගහං, භාණවාරතො චතුභාණවාරමත්තං, වග්ගතො – උරගවග්ගො උබ්බරිවග්ගො චූළවග්ගො මහාවග්ගොති චතුවග්ගසඞ්ගහං. තෙසු පඨමවග්ගෙ ද්වාදස වත්ථූනි, දුතියවග්ගෙ තෙරස වත්ථූනි, තතියවග්ගෙ දස වත්ථූනි, චතුත්ථවග්ගෙ සොළස වත්ථූනීති වත්ථුතො එකපඤ්ඤාසවත්ථුපටිමණ්ඩිතං. තස්ස වග්ගෙසු උරගවග්ගො ආදි, වත්ථූසු ඛෙත්තූපමපෙතවත්ථු ආදි, තස්සාපි “ඛෙත්තූපමා අරහන්තො”ති අයං ගාථා ආදි.
ධර්ම භාණ්ඩාගාරික (ආනන්ද) ස්ථවීරයන් විසින් ප්‍රතිඥා දෙන ලදී. ඒ අසූහාර දහසක් ධර්මසේකන්ධය ධර්මසේකන්ධ කිහිපයකින් සමන්විතය. බණවර වසයෙන් බණවර සතරක්, වර්ග වශයෙන් උරග වර්ගය, උබ්බරී වරිගය, චූල වර්ගය මහා වර්ගය යන වර්ග සතරකින් සමන්විතය. එහි පළමුවන වර්ගයේ කථාවස්තු දොළසකි. දෙවෙනි වර්ගයෙහි කථා වස්තු දහතුනකි. තුන්වෙනි වර්ගයෙහි කථා දහයෙකි. හතර වෙනි වර්ගයෙහි කථා දහසයෙකි. යනුවෙන් එක් පණස් කථා වලින් සරසන ලදීය. එහි වස්තු අතුරෙන් උරග වර්ගයට ඇතුළත් ඛෙත්තූපම ප්‍රේත වස්තුව මුල් වේ. ඒ වස්තුවෙන් ද “ඛෙත්තූපමා අරහන්තො” ආදී ගාථාව පළමුවම දැක්වේ.