යෙදුමෙන් කියවන්න

1. ඛෙත‍්තූපමපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

1. ඛෙත‍්තූපමපෙතවත්‍ථුවණ‍්ණනා

1. ඛෙත්තූපම ප්‍රේතවස්තු වර්ණනාව

තං පනෙතං වත්‍ථුං භගවා රාජගහෙ විහරන‍්තො වෙළුවනෙ කලන්‍දකනිවාපෙ අඤ‍්ඤතරං සෙට‍්ඨිපුත‍්තපෙතං ආරබ‍්භ කථෙසි. රාජගහෙ කිර අඤ‍්ඤතරො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො පහූතවිත‍්තූපකරණො අනෙකකොටිධනසන‍්නිචයො සෙට‍්ඨි අහොසි. තස‍්ස මහාධනසම‍්පන‍්නතාය “මහාධනසෙට‍්ඨි”ත්‍වෙව සමඤ‍්ඤා අහොසි. එකොව පුත‍්තො අහොසි, පියො මනාපො. තස‍්මිං විඤ‍්ඤුතං පත‍්තෙ මාතාපිතරො එවං චින‍්තෙසුං – “අම‍්හාකං පුත‍්තස‍්ස දිවසෙ දිවසෙ සහස‍්සං සහස‍්සං පරිබ‍්බයං කරොන‍්තස‍්ස වස‍්සසතෙනාපි අයං ධනසන‍්නිචයො පරික‍්ඛයං න ගමිස‍්සති, කිං ඉමස‍්ස සිප‍්පුග‍්ගහණපරිස‍්සමෙන, අකිලන‍්තකායචිත‍්තො යථාසුඛං භොගෙ පරිභුඤ‍්ජතූ”ති සිප‍්පං න සික‍්ඛාපෙසුං. වයප‍්පත‍්තෙ පන කුලරූපයොබ‍්බනවිලාසසම‍්පන‍්නං කාමාභිමුඛං ධම‍්මසඤ‍්ඤාවිමුඛං කඤ‍්ඤං ආනෙසුං. සො තාය සද‍්ධිං අභිරමන‍්තො ධම‍්මෙ චිත‍්තමත‍්තම‍්පි අනුප‍්පාදෙත්‍වා, සමණබ්‍රාහ‍්මණගුරුජනෙසු අනාදරො හුත්‍වා, ධුත‍්තජනපරිවුතො රජ‍්ජමානො පඤ‍්චකාමගුණෙ රතො ගිද‍්ධො මොහෙන අන්‍ධො හුත්‍වා කාලං වීතිනාමෙත්‍වා, මාතාපිතූසු කාලකතෙසු නටනාටකගායකාදීනං යථිච‍්ඡිතං දෙන‍්තො ධනං විනාසෙත්‍වා නචිරස‍්සෙව පාරිජුඤ‍්ඤප‍්පත‍්තො හුත්‍වා, ඉණං ගහෙත්‍වා ජීවිකං කප‍්පෙන‍්තො පුන ඉණම‍්පි අලභිත්‍වා ඉණායිකෙහි චොදියමානො තෙසං අත‍්තනො ඛෙත‍්තවත්‍ථුඝරාදීනි දත්‍වා, කපාලහත්‍ථො භික‍්ඛං චරිත්‍වා භුඤ‍්ජන‍්තො තස‍්මිංයෙව නගරෙ අනාථසාලායං වසති.

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරු කරමින්, ලෙහෙනුන්ට බත් වැටුප් දුන් බැවින් කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වසන කල්හි එක්තරා සිටු පුතෙකු අරභයා මේ ඛෙත්තූපම ප්‍රේත වස්තුව දේශනා කළ සේක. රජගහනුවර ධන සම්පත්තියෙන් ආඪ්‍ය වූ, මහත් ධන ඇති, මහා සම්පත් ඇති, නොයෙක් වස්තු හා උපකරණ ඇති, රැසේකරන ලද කෝටි ගණන් ධනය ඇති, එක්තරා සිටුවරයෙක් සිටියේය. ඔහුගේ මහා ධන සම්භාරය නිසා ඔහු මහාධන සිටාණෝ යයි නම් ලදහ. ඔහුට එක් පුතෙක් විය. ඔහු ප්‍රිය මනාපය. ඒ පුත්‍රයා නුවණැති බවට පත් කල්හි දෙමාපියෝ මෙසේ සිතූහ. අපේ පුතා දිනපතා දහස බැගින් වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ ධනය අවසන් නොවේ. ඒ නිසා ශිල්ප ශාස්ත්‍ර උගැන්වීමෙන් අර්ථයක් නැත. ක්ලාන්ත නුවූ කයින් හා සිතින් යුතුව සුවසේ මේ සම්පත්වලින් සැප විඳීවායි සිතා කිසිවක් නො ඉගැන්නුවේය. වයසට පැමිණිකල ඔහුට කුලයෙන් ද රූපයෙන් ද, යෞවන විලාසයෙන් ද සම්පූර්ණ වූ පඤ්චකාම රසාස්වාදයටම සිත නැමුණු. ධර්මය පිළිබඳ නො සිතන කාන්තාවක් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග අභිරමණය කරන්නේ කුසල ධර්මයන් පිළිබඳව කල්පනා නොකළේය. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හා ගුරු දෙමව්පියන් කෙරෙහි ආදර ගෞරව රහිතව, සුරා සොඬුන් ආදීන් ඇසුරු කරමින් තුටු පහටු වෙමින් පසේකම් සැප විඳීමෙහිම ඇලෙමින් මෝහයෙන් අන්ධ වී කල් යවා, දෙමාපියන් මිය ගිය කල්හි නළු නිළි ගායක ගායිකාවන්ට කැමති පරිදි දෙමින් ධනය විනාශ කොට, කෙටිකලකින්ම වස්තුව පිරිහී ණයට ගෙන ජීවත්වන්නේ, පසුව ණය ද නො ලබා, හිමියන්ට තමන් සතු ඉඩකඩම් ගෙවල් දොරවල් දී කබල් ගත් අත් ඇතිව හිඟා කමින්, එම නුවර අනාථ ශාලාවක ජීවත් වේ.

අථ නං එකදිවසං චොරා සමාගතා එවමාහංසු – “අම‍්භො පුරිස, කිං තුය‍්හං ඉමිනා දුජ‍්ජීවිතෙන, තරුණො ත්‍වමසි ථාමජවබලසම‍්පන‍්නො, කස‍්මා හත්‍ථපාදවිකලො විය අච‍්ඡසි? එහි අම‍්හෙහි සහ චොරිකාය පරෙසං සන‍්තකං ගහෙත්‍වා සුඛෙන ජීවිකං කප‍්පෙහී”ති. සො “නාහං චොරිකං කාතුං ජානාමී”ති ආහ. චොරා “මයං තං සික‍්ඛාපෙම, කෙවලං ත්‍වං අම‍්හාකං වචනං කරොහී”ති ආහංසු. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තෙහි සද‍්ධිං අගමාසි. අථ තෙ චොරා තස‍්ස හත්‍ථෙ මහන‍්තං මුග‍්ගරං දත්‍වා සන්‍ධිං ඡින්‍දිත්‍වා ඝරං පවිසන‍්තො තං සන්‍ධිමුඛෙ ඨපෙත්‍වා ආහංසු – “සචෙ ඉධ අඤ‍්ඤො කොචි ආගච‍්ඡති, තං ඉමිනා මුග‍්ගරෙන පහරිත්‍වා එකප‍්පහාරෙනෙව මාරෙහී”ති. සො අන්‍ධබාලො හිතාහිතං අජානන‍්තො පරෙසං ආගමනමෙව ඔලොකෙන‍්තො තත්‍ථ අට‍්ඨාසි . චොරා පන ඝරං පවිසිත්‍වා ගය‍්හූපගං භණ‍්ඩං ගහෙත්‍වා ඝරමනුස‍්සෙහි ඤාතමත‍්තාව ඉතො චිතො ච පලායිංසු. ඝරමනුස‍්සා උට‍්ඨහිත්‍වා සීඝං සීඝං ධාවන‍්තා ඉතො චිතො ච ඔලොකෙන‍්තා තං පුරිසං සන්‍ධිද‍්වාරෙ ඨිතං දිස‍්වා “හරෙ දුට‍්ඨචොරා”ති ගහෙත්‍වා හත්‍ථපාදෙ මුග‍්ගරාදීහි පොථෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං – “අයං, දෙව, චොරො සන්‍ධිසුඛෙ ගහිතො”ති. රාජා “ඉමස‍්ස සීසං ඡින්‍දාපෙහී”ති නගරගුත‍්තිකං ආණාපෙසි. “සාධු, දෙවා”ති නගරගුත‍්තිකො තං ගාහාපෙත්‍වා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධාපෙත්‍වා රත‍්තවණ‍්ණවිරළමාලාබන්‍ධකණ‍්ඨං ඉට‍්ඨකචුණ‍්ණමක‍්ඛිතසීසං වජ‍්ඣපහටභෙරිදෙසිතමග‍්ගං රථිකාය රථිකං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං විචරාපෙත්‍වා කසාහි තාළෙන‍්තො ආඝාතනාභිමුඛං නෙති. “අයං ඉමස‍්මිං නගරෙ විලුම‍්පමානකචොරො ගහිතො”ති කොලාහලං අහොසි.

එකල්හි එක් දවසක් සොරුන් පිරිසක් පැමිණ ඔහුට මෙසේ කීය. එම්බල පුරුෂය! ඔබ තවම තරුණය, අත් පාවල ශක්තිය හොඳට තිබේ. අත් පා විකල වුවෙකු මෙන් මේ අන්දමට දුක් ජීවිතයක් ගත කරන්නේ ඇයි? අපත් සමග එකතු වී අප සමග අනුන්ගේ ධන සම්පත් සොරකම් කොට සුවසේ ජීවත් වෙමුයි කීහ. හෙතෙම මම සොරකම් කරන්න නොදනිමියි කීයේය. සොරු අපි ඔබට උගන්වන්නෙමු. හුදෙක් අප කියන දේ පමණක් කරවයි කීහ. හෙතෙම මැනවැයි පිළිගෙන ඔවුන් සමග ගියේය. අනතුරුව සොරු ඔහුගේ අතට පොල්ලක් දී, ගෘහ සන්ධි බිඳිමින් ගෙට ඇතුල් වෙමින්, ඔහුව ගේ බිඳි කපොල්ල ලඟ සිටුවා ඉදින් යම් කෙනෙක් මෙහි ආයේ නම් ඔහු මේ මුගුරෙන් ගසා එක පහරින්ම මරවයි කීයේය. අඳ බාල වූ හෙතෙම කිසිවක් නො දන්නේ අනුන්ගේ පැමිණීමම බලමින් එහි සිටියේය. සොරු ගෙට පිවිස ගත යුතු දේ ගෙන, ගෙදර මිනිසුන් දැනගත් කල්හිම එහෙන් මෙහෙන් පලාගියහ. ගෙදර මිනිස්සු නැගිට වහ වහා දුව ගොස් එහෙ මෙහෙ බලන්නේ ගේ බිඳි තැන සිටි ඒ පුරුෂයා දැක, එම්බා දුෂ්ට හොරා යයි කියා අල්ලා ගෙන පොලුවලින් ගසා අත් පා ආදීය බැඳ මුගුරු ආදියෙන් තලා මහරජ මෙතෙම අපේ ගෙවල් බිඳි මහ සොරාය. ගෘහසන්ධියෙහි සිට අල්ලා ගත්තේ යයි කියා රජුට භාර දුන්නේය. එවිට රජතුමා මේ සොරාගේ හිස කපා දමවයි නගරගුත්තිකට පැවරීය. අණ කළේය. නගර ගුත්තිකයා ද යහපති දේවයිනියි කියා ඔහු ගෙන්වාගෙන පිටිතල හයා දැඩිකොට බැඳ රත් පැහැ මල්දම් බෙල්ලේ දමා, ගඩොල් සුණු ගල්වන ලද හිස් ඇතිව වධය සඳහා ගසන බෙරහඬින් යුතුව වීදියෙන් වීදියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙනයමින් කසවලින් ගසමින්, වධකස්ථානයට ගෙනගියේය. මේ නගරයෙහි දේපල පැහැරගත් සොරා අප විසින් අල්ලා ගන්නා ලදැයි නගරයේ හැම තැන පැතිර ගියේය.

තෙන ච සමයෙන තස‍්මිං නගරෙ සුලසා නාම නගරසොභිනී පාසාදෙ ඨිතා වාතපානන‍්තරෙන ඔලොකෙන‍්තී තං තථා නීයමානං දිස‍්වා පුබ‍්බෙ තෙන කතපරිචයා “අයං පුරිසො ඉමස‍්මිංයෙව නගරෙ මහතිං සම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉදානි එවරූපං අනත්‍ථං අනයබ්‍යසනං පත‍්තො”ති තස‍්ස කාරුඤ‍්ඤං උප‍්පාදෙත්‍වා චත‍්තාරො මොදකෙ පානීයඤ‍්ච පෙසෙසි. නගරගුත‍්තිකස‍්ස ච ආරොචාපෙසි – “තාව අය්‍යො ආගමෙතු, යාවායං පුරිසො ඉමෙ මොදකෙ ඛාදිත්‍වා පානීයං පිවිස‍්සතී”ති.

එකල්හි එම නගරයෙහි සුලසා නම් වූ නගරසෝභිනිය ප්‍රාසාදයෙහි සිට කවුළුවෙන් බලන්නේ, එසේ වධයට ගෙන යන ඒ පුද්ගලයා දැක, පෙර ඔහු සමග වාසය කර පුරුදු ඇත්තී, මේ පුරුෂයා මේ නගරයෙහිම මහත් සම්පත් විද දැන් මෙබඳු වූ අනතුරකට විපතකට පැමිණියේයයි ඔහු පිළිබඳව කරුණාව උපදවා අග්ගලා සතරක් හා පියයුතු පැන් ද මෙහෙකරුවකු අත යැවීය. මේ පුරුෂයා මේ අග්ගලා කා පැන් බොනතුරු ස්වාමි තෙමේ බලාපොරොත්තු වේවායි කියා නගර ගුත්තික ඇමතියාට ආයාචනයන් ද යැවීය.

අථෙතස‍්මිං අන‍්තරෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො දිබ‍්බෙන චක‍්ඛුනා ඔලොකෙන‍්තො තස‍්ස බ්‍යසනප‍්පත‍්තිං දිස‍්වා කරුණාය සඤ‍්චොදිතමානසො – “අයං පුරිසො අකතපුඤ‍්ඤො කතපාපො, තෙනායං නිරයෙ නිබ‍්බත‍්තිස‍්සති, මයි පන ගතෙ මොදකෙ ච පානීයඤ‍්ච දත්‍වා භුම‍්මදෙවෙසු උප‍්පජ‍්ජිස‍්සති, යංනූනාහං ඉමස‍්ස අවස‍්සයො භවෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා පානීයමොදකෙසු උපනීයමානෙසු තස‍්ස පුරිසස‍්ස පුරතො පාතුරහොසි. සො ථෙරං දිස‍්වා පසන‍්නමානසො “කිං මෙ ඉදානෙව ඉමෙහි මාරියමානස‍්ස මොදකෙහි ඛාදිතෙහි, ඉදං පන පරලොකං ගච‍්ඡන‍්තස‍්ස පාථෙය්‍යං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා මොදකෙ ච පානීයඤ‍්ච ථෙරස‍්ස දාපෙසි. ථෙරො තස‍්ස පසාදසංවඩ‍්ඪනත්‍ථං තස‍්ස පස‍්සන‍්තස‍්සෙව තථාරූපෙ ඨානෙ නිසීදිත්‍වා මොදකෙ පරිභුඤ‍්ජිත්‍වා පානීයඤ‍්ච පිවිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. සො පන පුරිසො චොරඝාතකෙහි ආඝාතනං නෙත්‍වා සීසච‍්ඡෙදං පාපිතො අනුත‍්තරෙ පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙ කතෙන පුඤ‍්ඤෙන උළාරෙ දෙවලොකෙ නිබ‍්බත‍්තනාරහොපි යස‍්මා “සුලසං ආගම‍්ම මයා අයං දෙය්‍යධම‍්මො ලද‍්ධො”ති සුලසාය ගතෙන සිනෙහෙන මරණකාලෙ චිත‍්තං උපක‍්කිලිට‍්ඨං අහොසි. තස‍්මා හීනකායං උපපජ‍්ජන‍්තො පබ‍්බතගහනසම‍්භූතෙ සන්‍දච‍්ඡායෙ මහානිග්‍රොධරුක‍්ඛෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති.

මේ අතර මහා මුගලන් ස්ථවීරයන් වහන්සේ දිවැසින් බලන්නේ ඔහු ව්‍යසනයට පැමිණි බව දැක, කරුණා පෙරදැරිව. මේ පුරුසයා පින් නොකළ කෙනෙක. පව් කළ කෙනෙක, ඒ හේතුවෙන් මොහු නරකයෙහි උපදින්නේය. මා එහි ගිය කල්හි අග්ගලා හා පැන් මට දී භූමාටු දෙවියෙක් වී උපදින්නේය. එබැවින් මේ තැනැත්තාට පිහිට වන්නේ නම් මැනවයි සිතා පැන් හා අග්ගලා ගෙනෙන මෙහොතෙහි ඒ පුරුෂයා ඉදිරියේ පහළ වූ සේක. ඒ විපතට පත් පුරුෂයා මුගලන් මහ තෙරුන් වහන්සේ දැක පහන්සිත් ඇතිව, තව මොහොතකින් මේ වධකයෝ මා මරා දමති. අග්ගලා කෑමෙන් මට කවර ප්‍රයෝජනද, මෙය පරලොව යන්නා වූ මට මග වියදම් වන්නේ යයි සිතා අග්ගලා සහ පැන් තෙරුන් වහන්සේට පුජා කළේය. ස්ථවිරයන් වහන්සේ ද ඔහුගේ ප්‍රසාදය වර්ධනය කිරීම පිණිස ඔහු බලා සිටිය දී ම සුදුසු තැනෙක වැඩ හිඳ, අග්ගලා වළදා, පැන් බී, හුනස්නෙන් නැගිට වැඩියේය. ඒ පුරුෂයා චෝර ඝාතකයන් විසින් වධකස්ථානයට පමුණවා හිස කපා මරණයට පත්කරන ලදී. අනුත්තර වූ පින්කෙත් වූ මුගලන් හිමියන් කෙරෙහි කරන ලද පින්කර්ම හේතුවෙන් මහත් සම්පත් ඇති දිව්‍ය ලෝකයෙහි ඉපදීමට සුදුසුකම් පැවැතියත්, සුලසාව නිසා මා විසින් දානමය පින්කම කරන ලද්දේ යයි සුලසාව පිළිබඳව ඇතිකර ගත් ස්නේහය නිසා මරණ මොහොතෙහි සිත කිලුටුවුයෙන්, හීනාත්මයක් ලදුයේ පර්වතයෙන් ගැවසීගත් පෙදෙසක ගන සෙවණ ඇති මහා නුග රුකෙක රුක් දෙවියකු වී උපන්නේය.

සො කිර සචෙ පඨමවයෙ කුලවංසට‍්ඨපනෙ උස‍්සුක‍්කං අකරිස‍්ස, තස‍්මිංයෙව නගරෙ සෙට‍්ඨීනං අග‍්ගො අභවිස‍්ස, මජ‍්ඣිමවයෙ මජ‍්ඣිමො, පච‍්ඡිමවයෙ පච‍්ඡිමො. සචෙ පන පඨමවයෙ පබ‍්බජිතො අභවිස‍්ස, අරහා අභවිස‍්ස, මජ‍්ඣිමවයෙ සකදාගාමී අනාගාමී වා අභවිස‍්ස, පච‍්ඡිමවයෙ සොතාපන‍්නො අභවිස‍්ස. පාපමිත‍්තසංසග‍්ගෙන පන ඉත්‍ථිධුත‍්තො සුරාධුත‍්තො දුච‍්චරිතනිරතො අනාදරිකො හුත්‍වා අනුක‍්කමෙන සබ‍්බසම‍්පත‍්තිතො පරිහායිත්‍වා මහාබ්‍යසනං පත‍්තොති වදන‍්ති.

හෙතෙම වනාහි ප්‍රථම වයසේ කුලවංශය ආරක්ෂා කළේ නම් මධ්‍යම සිටු කෙනෙක් වෙයි. පැසුළු වියෙහිදී උත්සාහ කළේ නම් සුළු සිටුවරයෙක් වෙයි. ප්‍රථම වියෙහි දී පැවිදි වූයේ නම් රහත් වන්නේය. මැදි වියේදී පැවිදි වූයේ නම් සකෘදාගාමී හෝ අනාගාමී වේ. පැසුළු වියේදී පැවිදි වූයේ නම් සෝවාන් වන්නේය. පවිටු මිතුරන් ඇසුරෙන් ස්ත්‍රී ධූර්ත වූයේ සුරා ධූර්ත වූයේ දුශ්චරිත වූයේ ශ්‍රමණ බමුණන් කෙරෙහි අනාදර වූයේ වී අනුක්‍රමයෙන් සියලු සම්පත් පිරිහී මහා විපතකට පත්වූයේ යයි කියත්.

අථ සො අපරෙන සමයෙන සුලසං උය්‍යානගතං දිස‍්වා සඤ‍්ජාතකාමරාගො අන්‍ධකාරං මාපෙත්‍වා තං අත‍්තනො භවනං නෙත්‍වා සත‍්තාහං තාය සද‍්ධිං සංවාසං කප‍්පෙසි, අත‍්තානඤ‍්චස‍්සා ආරොචෙසි. තස‍්සා මාතා තං අපස‍්සන‍්තී රොදමානා ඉතො චිතො ච පරිබ‍්භමති. තං දිස‍්වා මහාජනො “අය්‍යො මහාමොග‍්ගල‍්ලානො මහිද‍්ධිකො මහානුභාවො තස‍්සා ගතිං ජානෙය්‍ය, තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍යාසී”ති ආහ. සා “සාධු අය්‍යො”ති ථෙරං උපසඞ‍්කමිත්‍වා තමත්‍ථං පුච‍්ඡි. ථෙරො “ඉතො සත‍්තමෙ දිවසෙ වෙළුවනමහාවිහාරෙ භගවති ධම‍්මං දෙසෙන‍්තෙ පරිසපරියන‍්තෙ පස‍්සිස‍්සසී”ති ආහ. අථ සුලසා තං දෙවපුත‍්තං අවොච – “අයුත‍්තං මය‍්හං තව භවනෙ වසන‍්තියා, අජ‍්ජ සත‍්තමො දිවසො, මම මාතා මං අපස‍්සන‍්තී පරිදෙවසොකසමාපන‍්නා භවිස‍්සති, සාධු මං, දෙව, තත්‍ථෙව නෙහී”ති. සො තං නෙත්‍වා වෙළුවනෙ භගවති ධම‍්මං දෙසෙන‍්තෙ පරිසපරියන‍්තෙ ඨපෙන‍්ත්‍වා අදිස‍්සමානරූපො අට‍්ඨාසි.

ඊට පසු දවසක උයනට ගොස් සිටි සුලසාවන් දැක, හටගත් කාමරාග ඇත්තේ අඳුරක් මවා සුලසාව ඔහුගේ භවන යට ගෙන ගොස් සත්දිනක් ඇය සමග සංවාස කළේය. තමන්ගේ තොරතුරු ද කීය. සුලසාවගේ මව සුලසා නොදන්ගේ හඬා වැළපෙමින් ඔබ මොබ ඇවිදියි. මහාජනයා ඈ දැක කියන්නේ ආර්ය වූ මහ මුගලන් තෙරුන් වහන්සේ මහා ඍද්ධි ඇති මහානුභාව ඇති කෙනෙකි. උන්වහන්සේ ඇගේ ස්වභාවය දන්නාහ. උන්වහන්සේ වෙත පැමිණ විචාරවයි කීහ. ඕ තෙරුන් වහන්සේ වෙත පැමිණ ඒ කාරණය විචාළාය. මෙයින් සත්වන දිනයෙහි වේළුවනයෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන කල්හි පිරිස් කෙළවර දී ඇය දැක්ක හැකිවන්නේ යයි තෙරණුවෝ වදාළහ. අනතුරුව සුලසා ඒ දේව පුත්‍රයාට මෙසේ කීය. පින්වත් දෙවිය! නුඹගේ භවනයෙහි වසන්නා වූ මට අද සත්වන දවස ගතවිය. මෙය සුදුසු නොවේ. මගේ මව මා නොදැක විලාපයට හා ශෝකයට පත්වන්නීය. එබැවින් මා එහිම පමුණුවන්නේ නම් මැනැවී” (යයි කීය.) ඒ දිව්‍ය පුත්‍රයා ඈ ගෙන ගොස්, භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයෙහි ධර්ම දේශනා කරන වේලේ පිරිස් කෙළවර නවතා තමන් අදෘශ්‍යමානව සිටියේය.

තතො මහාජනො සුලසං දිස‍්වා එවමාහ – “අම‍්ම සුලසෙ, ත්‍වං එත‍්තකං දිවසං කුහිං ගතා? තව මාතා ත්‍වං අපස‍්සන‍්තී පරිදෙවසොකසමාපන‍්නා උම‍්මාදප‍්පත‍්තා විය ජාතා”ති. සා තං පවත‍්තිං මහාජනස‍්ස ආචික‍්ඛි. මහාජනෙන ච “කථං සො පුරිසො තථාපාපපසුතො අකතකුසලො දෙවූපපත‍්තිං පටිලභතී”ති වුත‍්තෙ සුලසා “මයා දාපිතෙ මොදකෙ පානීයඤ‍්ච අය්‍යස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස දත්‍වා තෙන පුඤ‍්ඤෙන දෙවූපපත‍්තිං පටිලභතී”ති ආහ. තං සුත්‍වා මහාජනො අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො අහොසි – “අරහන‍්තො නාම අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස, යෙසු අප‍්පකොපි කතො කාරො සත‍්තානං දෙවූපපත‍්තිං ආවහතී”ති උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. භික‍්ඛූ තමත්‍ථං භගවතො ආරොචෙසුං. තතො භගවා ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා –

එකල්හි සුලසාව දුටු මිනිස්සු ඇයට මෙසේ කීහ. සුලසා නැගනියනි! ඔබ මෙතෙක් දවස් කොහි ගියේ ද? ඔබ නොදැක ඔබේ විලාපකීමට හා ශෝක කිරීමට පැමිණියේ උමතුවූවාක් මෙන් විය. සුලසා යටගිය සියලු පුවත් මහජනයාට කීවේය. (එයසා) එසේ පව් රැසේකළා වූ පින් නොකළා වූ ඒ පුරුෂයා කෙසේ නම් දෙවියෙක් වී දැයි මිනිස්සු විචාළහ. එකල්හි මා විසින් මරණ මොහොතේ ඔහුට දෙන ලද අග්ගලා හා පැන් මුගලන් මහරහතන් වහන්සේට පුජා කොට ඒ පිනින් ඔහු දේවාත්මභාවයක් ලැබී යයි සුලසා පැහැදිලි කළාය. ඒ අසා මහජනයා පුදුමසහගත සිත් ඇත්තෝ වූහ. රහතන් වහන්සේ වනාහි ලෝවැස්සාට මහත් පින්කෙතකි. මෙබඳු රහතන් වහන්සේ විෂයෙහි කරන, ඉතා ස්වල්ප වූ ද සත්කාරය සත්ත්වයන්ට දිව්‍යොත්පත්තිය ගෙන දේ යයි මහත් වූ ප්‍රීති සොම්නසට පැමිණියහ. භික්ෂූන් වහන්සේ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ එම කරුණ අර්ථෝත්පත්ති කොට ගෙන, මේ ගාථාවෝ වදාළහ.

“ඛෙත‍්තූපමා අරහන‍්තො, දායකා කස‍්සකූපමා; බීජූපමං දෙය්‍යධම‍්මං, එත‍්තො නිබ‍්බත‍්තතෙ ඵලං.

1. ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ (ඵලදායී) ක්ෂේත්‍ර සමානය. දායකයෝ ගොවීන් හා සමාන වෙති. දියයුතු දානවස්තුව බිත්තර වී හා සමානය. මේ හේතුවෙන් (උදාරතර) විපාකය උපදී.

“එතං බීජං කසී ඛෙත‍්තං, පෙතානං දායකස‍්ස ච; තං පෙතා පරිභුඤ‍්ජන‍්ති, දාතා පුඤ‍්ඤෙන වඩ‍්ඪති.

2. කියන ලද පරිදි බීජය ද, කෘෂිකර්මය ද, කුඹුර ද, යන මෙම කරුණු තුන ප්‍රේතයන්ට ද දායකයන්ට ද (උපකාර පිණිස පවතී) ඒ දාන විපාකය ප්‍රේතයෝ විඳිති. දායකයෝ පින් බලයෙන් මහත්සේ වැඩේ.

“ඉධෙව කුසලං කත්‍වා, පෙතෙ ච පටිපූජිය; සග‍්ගඤ‍්ච කමතිට‍්ඨානං, කම‍්මං කත්‍වාන භද‍්දක”න‍්ති. – ඉමා ගාථා අභාසි;

3. කුසල් කොට මේ ආත්මයේදීම ප්‍රේතයන් ද අනුමෝදන් කරන්නේ, යහපත් වූ කුශල කර්ම කොට දෙව්ලොව ඉපදීමට ද පැමිණේ.

තත්‍ථ ඛෙත‍්තූපමාති ඛිත‍්තං වුත‍්තං බීජං තායති මහප‍්ඵලභාවකරණෙන රක‍්ඛතීති ඛෙත‍්තං, සාලිබීජාදීනං විරුහනට‍්ඨානං. තං උපමා එතෙසන‍්ති ඛෙත‍්තූපමා, කෙදාරසදිසාති අත්‍ථො. අරහන‍්තොති ඛීණාසවා. තෙ හි කිලෙසාරීනං සංසාරචක‍්කස‍්ස අරානඤ‍්ච හතත‍්තා, තතො එව ආරකත‍්තා, පච‍්චයාදීනං අරහත‍්තා, පාපකරණෙ රහාභාවා ච “අරහන‍්තො”ති වුච‍්චන‍්ති. තත්‍ථ යථා ඛෙතඤ‍්හි තිණාදිදොසරහිතං ස‍්වාභිසඞ‍්ඛතබීජම‍්හි වුත‍්තෙ උතුසලිලාදිපච‍්චයන‍්තරූපෙතං කස‍්සකස‍්ස මහප‍්ඵලං හොති, එවං ඛීණාසවසන‍්තානො ලොභාදිදොසරහිතො ස‍්වාභිසඞ‍්ඛතෙ දෙය්‍යධම‍්මබීජෙ වුත‍්තෙ කාලාදිපච‍්චයන‍්තරසහිතො දායකස‍්ස මහප‍්ඵලො හොති. තෙනාහ භගවා “ඛෙත‍්තූපමා අරහන‍්තො”ති. උක‍්කට‍්ඨනිද‍්දෙසො අයං තස‍්ස සෙඛාදීනම‍්පි ඛෙත‍්තභාවාපටික‍්ඛෙපතො.

මෙහි ඛෙත්තූපමා - බහන ලද වපුරණ ලද බීජ ආරක්ෂා කරයි. බොහෝ අස්වැන්න ගෙන දීමෙන් රකියි, යන අර්ථයෙන් වී බීජ ආදිය විසුරුවන ස්ථානය, ඉහින ස්ථානය කෙත නම වේ. එම උපමාව මෙහි රැඳේනුයි ඛෙත්තූපම වේ. කුඹුර හා සමාන වේ යන අර්ථයි. අරහන්තො - ආශ්‍රවයන් ක්ෂය කළ තැනැත්තා රාග ද්වේෂ ආදී ක්ලේශයන්ගේ හා සංසාර වෘත්තය නමැති රෝදයේ ගරාදි නැසූ හෙයින්, ද එසේ නැසූ හෙයින් චීවරාදි සිව්පසය පිළිගැනීමට සුදුසු හෙයින් ද, පව් කිරිමේ රහසක් නැති හෙයින් ද (රහසින් වත් පව් නොකරන හෙයින් ද) අර්හත් යයි කියනු ලැබේ. යම්සේ තණ වල් පැළෑටි ආදී දෝෂ විරහිතව, මනා කොට සකස් කළ කෙතෙහි බීජ වැපිරූ කල්හි, සුදුසු කල්හි ජලය සැපයීම් ආදියෙන් යුක්ත වූ ගොවීන්ට බොහෝ අස්වැන්න ලැබේ ද? එසේම ලෝභ ද්වේෂ ආදී ක්ලේශ රහිත වූ යහපත් ලෙස සකස් කරන ලද රහතුන්ගේ සන්තානයෙහි දාන වස්තු නමැති බීජ වපුල කල්හි, ප්‍රත්‍යන්තර සහිත වූයේ දායකයා මහත් ප්‍රතිවිපාක ලබන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ “ඛෙත්තුපමා අරහන්තො” යයි දැක්වූ සේක. එය උසස් වූ නිර්දේශයකි. ශෛක්ෂයන් ද, ක්ෂේත්‍ර ද සමානත්වයේ පිහිටුවන ලදී,

දායකාති චීවරාදීනං පච‍්චයානං දාතාරො පරිච‍්චජනකා, තෙසං පරිච‍්චාගෙන අත‍්තනො සන‍්තානෙ ලොභාදීනං පරිච‍්චජනකා ඡෙදනකා, තතො වා අත‍්තනො සන‍්තානස‍්ස සොධකා, රක‍්ඛකා චාති අත්‍ථො. කස‍්සකූපමාති කස‍්සකසදිසා. යථා කස‍්සකො සාලිඛෙත‍්තාදීනි කසිත්‍වා යථාකාලඤ‍්ච වුත‍්තුදකදානනීහරණනිධානරක‍්ඛණාදීහි අප‍්පමජ‍්ජන‍්තො උළාරං විපුලඤ‍්ච සස‍්සඵලං පටිලභති, එවං දායකොපි අරහන‍්තෙසු දෙය්‍යධම‍්මපරිච‍්චාගෙන පාරිචරියාය ච අප‍්පමජ‍්ජන‍්තො උළාරං විපුලඤ‍්ච දානඵලං පටිලභති. තෙන වුත‍්තං “දායකා කස‍්සකූපමා”ති.

දායක - චීවරාදී සිව්පසයන් දෙන තැනැත්තා, පරිත්‍යාග කරන ජනයා මේ සිව්පස පරිත්‍යාගයෙන් තමන්ගේ සිතෙහි පවතින ලෝභාදී අකුසල ධර්ම සිඳ දමයි. විනාශකරයි. එයින් තමන්ගේ සන්තානය පිරිසිදු කරයි. (ක්ලේශයන්ගෙන්) ආරක්ෂා කරයි යන අර්ථයි කස්සකූපමා - ගොවියෙක් සමාන වේ. ගොවියා යම්සේ හැල්කෙත් ආදිය සා සුදුසු කාලයේ දී, වැස්ස ලැබීම, දිය ලබා දීම, වැඩි ජලය පහකිරීම, ගවමහීෂාදීන්ගේ රැකීම. ආදී (කෘෂිකාර්මික වෘත්තීයෙහි) අප්‍රමාදී වූයේ මහත් වූ සක්‍රීය වූ අස්වැන්නක් ලබයි. මෙසේ දායකයාද රහතුන් කෙරෙහි දීමට සුදුසු දාන වස්තු පරිත්‍යාග කිරීමෙහි උපස්ථාන කිරීමෙහි අප්‍රමාදී වූයේ මහත් වූ විපුල වූ මහත් වූ දාන විපාක ලබයි. දායක කස්ස කුපමා යනු එහෙයින් කියන ලදී.

බීජූපමං දෙය්‍යධම‍්මන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, බීජසදිසො දෙය්‍යධම‍්මොති අත්‍ථො. අන‍්නපානාදිකස‍්ස හි දසවිධස‍්ස දාතබ‍්බවත්‍ථුනො එතං නාමං. එත‍්තො නිබ‍්බත‍්තතෙ ඵලන‍්ති එතස‍්මා දායකපටිග‍්ගාහකදෙය්‍යධම‍්මපරිච‍්චාගතො දානඵලං නිබ‍්බත‍්තති චෙව උප‍්පජ‍්ජති ච, චිරතරපබන්‍ධවසෙන පවත‍්තති චාති අත්‍ථො. එත්‍ථ ච යස‍්මා පරිච‍්චාගචෙතනාභිසඞ‍්ඛතස‍්ස අන‍්නපානාදිවත්‍ථුනො භාවො, න ඉතරස‍්ස, තස‍්මා “බීජූපමං දෙය්‍යධම‍්ම”න‍්ති දෙය්‍යධම‍්මග‍්ගහණං කතං. තෙන දෙය්‍යධම‍්මාපදෙසෙන දෙය්‍යධම‍්මවත්‍ථුවිසයාය පරිච‍්චාගචෙතනායයෙව බීජභාවො දට‍්ඨබ‍්බො. සා හි පටිසන්‍ධිආදිප‍්පභෙදස‍්ස තස‍්ස නිස‍්සයාරම‍්මණප‍්පභෙදස‍්ස ච ඵලස‍්ස නිප‍්ඵාදිකා, න දෙය්‍යධම‍්මොති.

බීජූපමං දෙය්‍ය ධම්මං - ලිඞ්ග විපර්යාසයෙන් කියන ලදී. බීජ සමාන වූ දාන වස්තුව යන අර්ථයි. ආහාර පානාදී වූ දියයුතු දශවිධ දාන වස්තුව මෙයින් කීහ. එත්තතො නිබ්බත්තකෙ ඵලං - දායක, ප්‍රතිග්‍රාහක, පරිත්‍යාග කළයුතු දෙය්‍ය ධර්මය දාන ඵලය උපදවන්නේමය. එසේ උපදින ඵලය බොහෝ විපාක දෙමින් බොහෝ කලක් පවතී යන අර්ථය. මෙහි යම්හෙයකින් පරිත්‍යාගී චේතනාවට සම්බන්ධ වූ ආහාර පාන ආදී වස්තු හා අනෙක් උපස්ථාන ආදිය, දෙය්‍යධර්ම වස්තුව බිජුවට උපමාවෙයි.

එතං බීජං කසී ඛෙත‍්තන‍්ති යථාවුත‍්තං බීජං, යථාවුත‍්තඤ‍්ච ඛෙත‍්තං, තස‍්ස බීජස‍්ස තස‍්මිං ඛෙත‍්තෙ වපනපයොගසඞ‍්ඛාතා කසි චාති අත්‍ථො. එතං තයං කෙසං ඉච‍්ඡිතබ‍්බන‍්ති ආහ “පෙතානං දායකස‍්ස චා”ති. යදි දායකො පෙතෙ උද‍්දිස‍්ස දානං දෙති, පෙතානඤ‍්ච දායකස‍්ස ච, යදි න පෙතෙ උද‍්දිස‍්ස දානං දෙති, දායකස‍්සෙව එතං බීජං එසා කසි එතං ඛෙත‍්තං උපකාරාය හොතීති අධිප‍්පායො. ඉදානි තං උපකාරං දස‍්සෙතුං “තං පෙතා පරිභුඤ‍්ජන‍්ති, දාතා පුඤ‍්ඤෙන වඩ‍්ඪතී”ති වුත‍්තං. තත්‍ථ තං පෙතා පරිභුඤ‍්ජන‍්තීති දායකෙන පෙතෙ උද‍්දිස‍්ස දානෙ දින‍්නෙ යථාවුත‍්තඛෙත‍්තකසිබීජසම‍්පත‍්තියා අනුමොදනාය ච යං පෙතානං උපකප‍්පති, තං දානඵලං පෙතා පරිභුඤ‍්ජන‍්ති. දාතා පුඤ‍්ඤෙන වඩ‍්ඪතීති දාතා පන අත‍්තනො දානමයපුඤ‍්ඤනිමිත‍්තං දෙවමනුස‍්සෙසු භොගසම‍්පත‍්තිආදිනා පුඤ‍්ඤඵලෙන අභිවඩ‍්ඪති. පුඤ‍්ඤඵලම‍්පි හි “කුසලානං, භික‍්ඛවෙ, ධම‍්මානං සමාදානහෙතු එවමිදං පුඤ‍්ඤං පවඩ‍්ඪතී”තිආදීසු (දී· නි· 3.80) පුඤ‍්ඤන‍්ති වුච‍්චති.

එතං බීජං කසී ඛෙත්තං - සුදුසු පරිදි සැකසු බීජය, යම්සේ කියන ලද කෙත, එම බීජ එම කෙතෙහි වපුරන ක්‍රියාව කරන ගොවියා යන අර්ථය. වැපිරීම් සංඛ්‍යාත කෘෂිකර්මය ද, රහතන් නමැති කෙත ද, බිජුවට නම් වූ දාන වස්තුව ද යන කරුණු තුන ප්‍රේතයාටත් දායකයාටත් උපකාර පිණිස පවතී. යම් කිසි දායකයෙක් ප්‍රේතයන් උදෙසා දන් දෙයි ද, ප්‍රේතයාට ද දායකයාට ද, එය උපකාර වේ. ඉක්බිති ප්‍රේතයන් නො උදෙසා දන් දෙයි ද එය දායකයාටම පිහිටවේ. මේ බීජය, ගොවියා, මේ කෙත, ඔවුනොවුන්ට උපකාරක වේ යන අදහසයි. දැන් ඒ උපකාරය දැක්වීමට “ඒ ප්‍රේතයෝ භුක්ති නොවිඳිත් ද දෙන්නාගේම දායකයාගේම පින වැඩේ. එහි “තං පෙතා පරිභුඤ්ජන්ති” දායකයා විසින් ප්‍රේතයන් උදෙසා දන් දුන් කල්හි, (යම් පරිද්දෙකින් කියන ලද කෙතෙහි ගොවියා බීජ සම්පත්) ඒ පින් අනුමෝදන් කරන්නේ ද? ප්‍රේතයෝ ද ඒ දාන විපාකය අනුමෝදන්ව පරිභෝග කරයි. දාතා පුඤ්ඤෙන වඩ්ඪති දෙන තැනැත්තා වනාහි තමන්ගේ දානමය පින්කමෙහි හේතුවෙන් දෙව්මිනිස් සුව, භව භෝග සම්පත් ආදිය පින්පලයෙන් වර්ධනය කරයි. පුඤ්ඤ ඵලම්පිහී පින්ඵල වනාහී “කුසලානං භික්‍ඛවෙ ධම්මානං සමාදාන හෙතු යවමිදං පුඤ්ඤං වඩ්ඪති” ආදී වශයෙන් පිනා යයි කියයි.

ඉධෙව කුසලං කත්‍වාති අනවජ‍්ජසුඛවිපාකට‍්ඨෙන කුසලං පෙතානං උද‍්දිසනවසෙන දානමයං පුඤ‍්ඤං උපචිනිත්‍වා ඉධෙව ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. පෙතෙ ච පටිපූජියාති පෙතෙ උද‍්දිස‍්ස දානෙන සම‍්මානෙත්‍වා අනුභුය්‍යමානදුක‍්ඛතො තෙ මොචෙත්‍වා. පෙතෙ හි උද‍්දිස‍්ස දිය්‍යමානං දානං තෙසං පූජා නාම හොති. තෙනාහ – “අම‍්හාකඤ‍්ච කතා පූජා”ති (පෙ· ව· 18), “පෙතානං පූජා ච කතා උළාරා”ති (පෙ· ව· 25) ච. “පෙතෙ චා”ති ච-සද‍්දෙන “පියො ච හොති මනාපො, අභිගමනීයො ච හොති විස‍්සාසනීයො, භාවනීයො ච හොති ගරුකාතබ‍්බො, පාසංසො ච හොති කිත‍්තනීයො විඤ‍්ඤූන”න‍්ති එවමාදිකෙ දිට‍්ඨධම‍්මිකෙ දානානිසංසෙ සඞ‍්ගණ‍්හාති. සග‍්ගඤ‍්ච කමති ඨානං, කම‍්මං කත්‍වාන භද‍්දකන‍්ති කල්‍යාණං කුසලකම‍්මං කත්‍වා දිබ‍්බෙහි ආයුආදීහි දසහි ඨානෙහි සුට‍්ඨු අග‍්ගත‍්තා “සග‍්ග”න‍්ති ලද‍්ධනාමං කතපුඤ‍්ඤානං නිබ‍්බත‍්තනට‍්ඨානං දෙවලොකං කමති උපපජ‍්ජනවසෙන උපගච‍්ඡති.

ඉධෙව කුසලං කත්‍වා - මෙම ආත්ම භාවයෙහිදීම, නිවැරදි සැප විපාක සඳහා, ප්‍රේතයන් උදෙසා දානමය පුණ්‍ය කර්මයන් රැස් කොට, පෙතෙව පටිපූජයන්ති - දායකයන් විසින් ප්‍රේතයන් උදෙසා දන් පුදා ඔවුන් විඳින්නාවූ දුක්වලින් මුදා ප්‍රේතයන් උදෙසා දෙනු ලබන දානය ඔවුනට කරන පූජා නම් වේ. සත්කාරය නම් වේ. එහෙයින් අම්හාකඤ්ච කතං යනාදිය කීහ. ප්‍රේතයන්ට පින්දීම් වශයෙන් යහපත් කුශල ක්‍රියා කරන දායකයා මේ ආත්මයේම, ලෝකයාට ප්‍රිය මනාප කෙනෙක් වේ. නුවණැත්තන් විසින් එළඹිය යුත්තෙක් වේ. විශ්වාස කටයුත්තෙක් වේ. සැළකිය යුත්තෙක් වේ. ගරුකළ යුත්තෙක් ප්‍රශංසා කළ යුත්තෙක් වේ. වර්ණනා කළයුත්තෙක් වේ. මෙවැනි දිට්ඨ ධම්ම විපාක දානානි සංසයන් ලැබේ. සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්‍වාන භද්දකං - යහපත් වූ කල්‍යණ වූ කුශල කර්මයන් කොට දිව්‍යමය වූ ආයුෂ ආදී දස කරුණකින් යුත්තව සුට්ඨු අග්‍ර හෙයින් ස්වර්ග යයි ලද නම් ඇති පින් කළවුන් උපදින්නාවූ දෙව්ලොව උපදී. අනන්තරජාති වශයෙන් උපදී.

එත්‍ථ ච “කුසලං කත්‍වා”ති වත්‍වා පුන “කම‍්මං කත්‍වාන භද‍්දක”න‍්ති වචනං “දෙය්‍යධම‍්මපරිච‍්චාගො විය පත‍්තිදානවසෙන දානධම‍්මපරිච‍්චාගොපි දානමයකුසලකම‍්මමෙවා”ති දස‍්සනත්‍ථන‍්ති දට‍්ඨබ‍්බං. කෙචි පනෙත්‍ථ “පෙතාති අරහන‍්තො අධිප‍්පෙතා”ති වදන‍්ති, තං තෙසං මතිමත‍්තං “පෙතා”ති ඛීණාසවානං ආගතට‍්ඨානස‍්සෙව අභාවතො, බීජාදිභාවස‍්ස ච දායකස‍්ස විය තෙසං අයුජ‍්ජමානත‍්තා, පෙතයොනිකානං යුජ‍්ජමානත‍්තා ච. දෙසනාපරියොසානෙ දෙවපුත‍්තං සුලසඤ‍්ච ආදිං කත්‍වා චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසීති.

මෙහිද “කුසලං කත්‍වා” යයි කියා නැවත කුසල් කොට දෙය්‍ය ධර්ම පරිත්‍යගය මෙන්, ප්‍රාප්ති දාන වශයෙන් දාන ධර්ම පරිත්‍යාගය ද දානමය කුසල කරිමය මැයි දක්වනු සඳහා යයි දතයුතු. සමහර කෙනෙක් “පේත” යන්නෙන් රහතුන් ද අදහස් කරයි. ඒ ඔවුන්ගේ මති මාත්‍රයකි. “පේත” කියන නමක් ක්ෂීණාශ්‍රවයන්ට ආ තැනක් නැති බැවිනි. බීජාදි භාවයගේ හා දායකයාගේ මෙන් ඒ රහතුන් නොයෙදෙන බැවින් හා ප්‍රේතයෝනික සත්ත්වයන් පිළිබඳවම යෙදෙන බැවින්ය. දේසනාවසානයේ දේවපුත්‍රයා හා සුලසාවන් ආදිකොට ඇති සුවාසු දහසක් සත්ත්වයන්ට ධර්මාභිසමය වූයේය.

ඛෙත‍්තූපමපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථ දීපනී නම් වූ පේතවත්‍ථු වර්ණනාවෙහි ඛෙත්තූපමා ප්‍රේත වස්තුව නිමියේය.