2. සූකරමුඛපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
2. සූකරමුඛපෙතවත්ථුවණ්ණනා
2. සූකරමුඛ ප්‍රේතවස්තු වර්ණනාව
කායො තෙ සබ්බසොවණ්ණොති ඉදං සත්ථරි රාජගහං උපනිස්සාය වෙළුවනෙ කලන්දකනිවාපෙ විහරන්තෙ අඤ්ඤතරං සූකරමුඛපෙතං ආරබ්භ වුත්තං. අතීතෙ කිර කස්සපස්ස භගවතො සාසනෙ එකො භික්ඛු කායෙන සඤ්ඤතො අහොසි, වාචාය අසඤ්ඤතො, භික්ඛූ අක්කොසති පරිභාසති. සො කාලං කත්වා නිරයෙ නිබ්බත්තො, එකං බුද්ධන්තරං තත්ථ පච්චිත්වා තතො චවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහසමීපෙ ගිජ්ඣකූටපබ්බතපාදෙ තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඛුප්පිපාසාභිභූතො පෙතො හුත්වා නිබ්බත්ති. තස්ස කායො සුවණ්ණවණ්ණො අහොසි, මුඛං සූකරමුඛසදිසං. අථායස්මා නාරදො ගිජ්ඣකූටෙ පබ්බතෙ වසන්තො පාතොව සරීරපටිජග්ගනං කත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ තං පෙතං දිස්වා තෙන කතකම්මං පුච්ඡන්තො –
කායො තෙ සබ්බ සා වණ්ණෙ - මෙම ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහනුවර ඇසුරු කොට ලෙහෙනුන්ට බත් වැටුප් දුන් තැන වූ වේළුවනාරාමයෙහි කලන්දක නිවාපයෙහි වැඩ වසන්නේ එක්තරා ඌරු මුවක් ඇති ප්‍රේතයකු අරභයා දේශනා කළ සේක. ඈත අතීතයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි එක් භික්ෂුනමක් කායද්වාරයෙන් හික්මීම ඇත්තේ විය. වාක් ද්වාරයෙන් හික්මීම නැත්තේ විය. භික්ෂූන්ට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. ඒ භික්ෂුව කළුරිය කොට නිරයෙහි උපන්නේ, එක් බුද්ධාන්තරයක් මුළුල්ලේම ඒ නරකයෙහි පැසී, එයින් චුතව මේ බුද්ධෝත්පාදයෙහි දී රජගහ නුවර සමීපයෙහි ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තයෙහි, ඔහුගේම කර්මයේ විපාක වසයෙන් දුකෙන් හා පිපාසයෙන් මඩනා ලදුව ප්‍රේතයකු වී උපන්නේ ය. ඔහුගේ ශරීරය රන්වන් පැහැ විය. මුහුණ ඌරු මුවක් වැනිය. එක් දිනක් ආයුෂ්මත් නාරද භික්ෂුව පර්වතයෙහි වසන්නේ උදේට ශරීරය පිළිදැගුම් කොට පා සිවුරු රැගෙන රජගහ නුවරට පිඬු පිණිස වඩින්නේ අතරමග දී ඒ ප්‍රේතයා දැක ඔහු විසින් කරන ලද කර්මය විමසන්නේ.
“කායො තෙ සබ්බසොවණ්ණො, සබ්බා ඔභාසතෙ දිසා; මුඛං තෙ සූකරස්සෙව, කිං කම්මමකරී පුරෙ”ති. –
4. ඔබගේ ශරීරය සියල්ල රන්වන්ය. සියළු දිශාවන් බබළන ශරීර ප්‍රභාවෙන් බබළයි. එහෙත් තොපගේ මුඛය වනාහි සූකරයකුගේ බඳුය. පෙර ජාතියෙහි කෙබඳු කර්මයක් කළේ ද.
ගාථමාහ. තත්ථ කායො තෙ සබ්බසොවණ්ණොති තව කායො දෙහො සබ්බො සුවණ්ණවණ්ණො උත්තත්තකනකසන්නිභො. සබ්බා ඔභාසතෙ දිසාති තස්ස පභාය සබ්බාපි දිසා සමන්තන්තො ඔභාසති විජ්ජොතති. ඔභාසතෙති වා අන්තොගධහොතුඅත්ථමිදං පදන්ති “තෙ කායො සබ්බසොවණ්ණො සබ්බා දිසා ඔභාසෙති විජ්ජොතෙතී”ති අත්ථො දට්ඨබ්බො. මුඛං තෙ සූකරස්සෙවාති මුඛං පන තෙ සූකරස්ස විය, සූකරමුඛසදිසං තව මුඛන්ති අත්ථො. කිං කම්මමකරී පුරෙති “ත්වං පුබ්බෙ අතීතජාතියං කීදිසං කම්මං අකාසී”ති පුච්ඡති.
එහි කායො තෙ සබ්බ සොවණ්ණෙ - ඔබගේ ශරීරය දේහය සියල්ල ස්වර්ණ වර්ණය. රත් වී දිලිසෙන රත්රන් සමානය. සබ්බාදිසා - තොපගේ ප්‍රභාවෙන් හාත්පස සියලු දිසා ප්‍රභාශ්වර වී බබළයි - ආලෝකමත් වෙයි. අන්තර්ගත හේතු එහි අරුත්ය. ඔහුගේ ශරීරය මුළුමනින් රන්වන් වී සියලු දිසා බබළයි, සියලු දිසා ආලෝක වෙයි. විදුලියක් සේ දිලෙයි. මුඛන්තෙ සුකරස්සෙවා - මුඛය වනාහි ඌරකුගේ මෙනි. ඔබගේ මුහුණ ඌරකුගේ මුහුණ හා සමානය. අර්ථයි. පෙර අතීත ආත්ම භාවයන්හි දී කවර ආකාරයේ අකුසල කර්මයක් කරන ලදදැයි විචාළේය.
එවං ථෙරෙන සො පෙතො කතකම්මං පුට්ඨො ගාථාය විස්සජ්ජෙන්තො –
තෙරුන් විසින් කරන ලද කර්මය විචාරණ ලදුව ඒ ප්‍රේතයා එයට පිළිතුරු දෙමින් මේ ගාථාව කීහ.
“කායෙන සඤ්ඤතො ආසිං, වාචායාසිමසඤ්ඤතො; තෙන මෙතාදිසො වණ්ණො, යථා පස්සසි නාරදා”ති. –
5. කාය ද්වාරික වූ සංවරයෙන් කාය සංවර ඇත්තෙක් වීම්. වාග් ද්වාරයෙන් වචනයෙන් අසංවරයෙන් යුක්ත වීම්. පින්වත් නාරදයන් වහන්ස ඔබ වහන්සේ යම් සේ පැහැදිලි වසයෙන් මා දුටුවේද? මම එබඳු වූ ශරිර වීම්යි කීය.
ආහ . තත්ථ කායෙන සඤ්ඤතො ආසින්ති කායිකෙන සංයමෙන සංයතො කායද්වාරිකෙන සංවරෙන සංවුතො අහොසිං. වාචායාසිමසඤ්ඤතොති වාචාය අසඤ්ඤතො වාචසිකෙන අසංවරෙන සමන්නාගතො අහොසිං. තෙනාති තෙන උභයෙන සංයමෙන අසංයමෙන ච. මෙති මය්හං. එතාදිසො වණ්ණොති එදිසො. යථා ත්වං, නාරද, පච්චක්ඛතො පස්සසි, එවරූපො, කායෙන මනුස්සසණ්ඨානො සුවණ්ණවණ්ණො, මුඛෙන සූකරසදිසො ආසින්ති යොජනා. වණ්ණසද්දො හි ඉධ ඡවියං සණ්ඨානෙ ච දට්ඨබ්බො.
එහි කායෙන සඤ්ඤතො ආසී කායද්වාරයෙන් සංවරවීම හික්මීමෙන් යුක්තවීම්. කායද්වාරයෙන් සංවර වීමෙන් යුක්ත වූයේ වෙමි. වාචායාසිං අසඤ්ඤතො වචනයෙන් කථා කිරීමෙන් අසංවර වීම්. නොහික්මීම්. තෙන - මේ දෙක්හි සංයමයෙන් අසංයම වීම්, නොහික් මීම්. මේ - මගේ තාදිසො වණ්ණෙ - මේ හා සමාන වූ (ප්රත්යක්ෂ වන්නා වූ, පෙනෙන්නා වූ ) ඔබ වහන්සේ විසින් ප්රත්යක්ෂ වශයෙන් දකින්නා වූ මෙබඳු වූ ශරීරයකින් මිනිසකු වශයෙන් පිහිටියේ, ස්වර්ණ වර්ණ විය. මුහුණින් ඌරෙකු සමාන විය. වර්ණ ශබ්දයෙන් මෙහි සිවිය හම අදහස් කරන්නේ යයි දත යුතු.
එවං පෙතො ථෙරෙන පුච්ඡිතො තමත්ථං විස්සජ්ජෙත්වා තමෙව කාරණං කත්වා ථෙරස්ස ඔවාදං දෙන්තො –
මෙසේ ප්‍රේත තෙමේ තෙරුන් විසින් විමසන ලද ප්‍රශ්නයට, තමන් විසින් විසඳුම් දී, තමාගේ කාරණයම උදාහරණයට ගෙන තෙරුන්ට අවවාද දෙන්නේ මේ ගාථාව කීය.
“තං ත්යාහං නාරද බ්රූමි, සාමං දිට්ඨමිදං තයා; මාකාසි මුඛසා පාපං, මා ඛො සූකරමුඛො අහූ”ති. –
6. පින්වත් නාරදයන් වහන්ස! නුඹ වහන්සේ විසින් තෙමේම මාගේ ශරීරය දක්නා ලද්දේය. එහෙයින් නුඹ වහන්සේට මම (අවවාද වශයෙන්) කියමි. මුකයෙන් හෙවත් වාග් ද්වාරයෙන් පව්කම් නොකරනු මැනවි. ඌරු මුව ඇතෙක් නොවේවා!
ගාථමාහ. තත්ථ තන්ති තස්මා. ත්යාහන්ති තෙ අහං. නාරදාති ථෙරං ආලපති. බ්රූමීති කථෙමි. සාමන්ති සයමෙව. ඉදන්ති අත්තනො සරීරං සන්ධාය වදති. අයඤ්හෙත්ථ අත්ථො – යස්මා, භන්තෙ නාරද, ඉදං මම සරීරං ගලතො පට්ඨාය හෙට්ඨා මනුස්සසණ්ඨානං, උපරි සූකරසණ්ඨානං, තයා පච්චක්ඛතොව දිට්ඨං, තස්මා තෙ අහං ඔවාදවසෙන වදාමීති. කින්ති චෙති ආහ “මාකාසි මුඛසා පාපං, මා ඛො සූකරමුඛො අහූ”ති. තත්ථ මාති පටිසෙධෙ නිපාතො. මුඛසාති මුඛෙන. ඛොති අවධාරණෙ, වාචාය පාපකම්මං මාකාසි මා කරොහි. මා ඛො සූකරමුඛො අහූති අහං විය සූකරමුඛො මා අහොසියෙව. සචෙ පන ත්වං මුඛරො හුත්වා වාචාය පාපං කරෙය්යාසි, එකංසෙන සූකරමුඛො භවෙය්‍යාසි, තස්මා මාකාසි මුඛසා පාපන්ති ඵලපටිසෙධනමුඛෙනපි හෙතුමෙව පටිසෙධෙති.
අර එහි - ‘ත’ යනු එහෙයින්, ත්යාහ යනු ඒ මම, නාරද ස්ථවිරයන් අමතයි. බ්රෑමි, කීවෙමි. සාම - යනු තමාම, ඉදං යනු තමාගේ ශරීරය සඳහා කියන ලදි. මේ එහි අර්ථයයි. ස්වාමීනි, යම් හෙයකින් නාරද වූ ඔබ වහන්සේ මේ මගේ ශරීරයේ ගෙල පටන් මිනිස් සටහන් ඇත්තේ, ඔබ වහන්සේ විසින් ප්රත්යක්ෂයෙන්ම දක්නා ලද්දේය. එහෙයින් අවවාද වසයෙන් කියමියි ප්‍රේතයා කීහ. “මාකාසි මුඛතොපාපං මා ඛො සුකර මුඛො අහු” මෙහි ‘මා’ යනු පටිසෙධාර්ථයෙහි නිපාතයි. “මුඛසා” යනු කටින් මුඛයෙන්, “ඛො” යන වචනයෙන් පාපකර්ම නො කළ යුතු යයි අවධාරණය කරයි. “මාඛො සූකරමුඛො අහු” මා මෙන්ම ඌරු මුව ඇත්තෙක් වන්නේය. යම්කිසි හෙයකින් ඔබගේ මුඛය මෙහෙයවා වචනයෙන් පව්කම් කෙරේද? අනිවාර්යයෙන්ම, සූකර මුව ඇත්තෙක් වන්නෙහිය. එහෙයින් එය නොකළ මැනවි. ඔබ වහන්සේ දොඩමළුව වචනයෙන් පව්කම් කරන්නාහු නම් එහි විපාක වශයෙන් ඒකාන්තයෙන්, මුඛයෙන් කරන පව් මුඛයෙන්ම ප්‍රතිවිපාක දීමට හේතු වන්නේමය.
අථායස්මා නාරදො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුපරිසමජ්ඣෙ නිසින්නස්ස සත්ථුනො තමත්ථං ආරොචෙසි. සත්ථා, “නාරද, පුබ්බෙව මයා සො සත්ථො දිට්ඨො”ති වත්වා අනෙකාකාරවොකාරං වචීදුච්චරිතසන්නිස්සිතං ආදීනවං, වචීසුචරිතපටිසංයුත්තඤ්ච ආනිසංසං පකාසෙන්තො ධම්මං දෙසෙසි. සා දෙසනා සම්පත්තපරිසාය සාත්ථිකා අහොසීති.
ඉක්බිති ආයුෂ්මත් නාරද ස්ථවීරයන් වහන්සේ රජගහනුවර පිඬු සිඟා වැඩ බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ (පෙරළා පැමිණ) සිව්පිරිස මැද වැඩහුන් ශාස්තෲන් වහන්සේට මේ කථා පුවත දැන්වීය. ශාස්තෲන් වහන්සේ නාරදය! පෙර ද මා විසින් ඒ සත්ත්වයා දක්නා ලද්දෙම් යි වදාරා, නොයෙක් ආකාර වාග් දුශ්චරිතයන්හි ආදීනව විපාක පෙන්නා, වාක් සුචරිතයන් ඇසුරෙන් ආනිසංස ප්‍රකාශ කරමින් ධර්මය දේශනා කළ සේක. එම දේශනාව එතැන්හි පැමිණි පිරිසට සාර්ථක විය.
සූකරමුඛපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
“ඌරු මුව” ප්‍රේත වස්තු වර්ණනාව නිමිය.
3. පූතිමුඛපෙතවත්ථුවණ්ණනා
3. පූතිමුඛ ප්‍රේතවස්තු වර්ණනාව
දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුන්ති ඉදං සත්ථරි වෙළුවනෙ විහරන්තෙ කලන්දකනිවාපෙ අඤ්ඤතරං පූතිමුඛපෙතං ආරබ්භ වුත්තං. අතීතෙ කිර කස්සපස්ස භගවතො කාලෙ ද්වෙ කුලපුත්තා තස්ස සාසනෙ පබ්බජිත්වා සීලාචාරසම්පන්නා සල්ලෙඛවුත්තිනො අඤ්ඤතරස්මිං ගාමකාවාසෙ සමග්ගවාසං වසිංසු. අථ අඤ්ඤතරො පාපජ්ඣාසයො පෙසුඤ්ඤාභිරතො භික්ඛු තෙසං වසනට්ඨානං උපගඤ්ඡි. ථෙරා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා වසනට්ඨානං දත්වා දුතියදිවසෙ තං ගහෙත්වා ගාමං පිණ්ඩාය පවිසිංසු. මනුස්සා තෙ දිස්වා තෙසු ථෙරෙසු අතිවිය පරමනිපච්චකාරං කත්වා යාගුභත්තාදීහි පටිමානෙසුං. සො විහාරං පවිසිත්වා චින්තෙසි – “සුන්දරො වතායං ගොචරගාමො, මනුස්සා ච සද්ධා පසන්නා, පණීතපණීතං පිණ්ඩපාතං දෙන්ති, අයඤ්ච විහාරො ඡායූදකසම්පන්නො, සක්කා මෙ ඉධ සුඛෙන වසිතුං. ඉමෙසු පන භික්ඛූසු ඉධ වසන්තෙසු මය්හං ඵාසුවිහාරො න භවිස්සති, අන්තෙවාසිකවාසො විය භවිස්සති. හන්දාහං ඉමෙ අඤ්ඤමඤ්ඤං භින්දිත්වා යථා න පුන ඉධ වසිස්සන්ති, තථා කරිස්සාමී”ති.
දිබ්බං සභං ධාරෙසි වණ්ණ ධාතු - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි ලෙහෙනුන්ට අභය දුන් තැන වැඩ වසන්නේ එක්තරා “පූතිමුඛ” ප්‍රේතයකු අරබයා වදාළ සේක. අතීතයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්ගේ කාලයෙහි උන්වහන්සේගේ සසුනෙහි කුල කුල දරුවන් දෙදෙනෙකු පැවිදි වී සීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව, එක්තරා ගමක ආවාසයක සමගිව විසූහ. ඉක්බිති එක්තරා පාපී අදහස් ඇති, කේලාම් කීමෙහි ඇලුණු භික්ෂුවක් ඔවුන් වසන තැනට පැමිණියේය. තෙරුන් වහන්සේලා දෙනම පිළිසඳර කථාකොට වසන තැන් දක්වා, දෙවන දිනයෙහි ඔහු ද සමගින් ගමට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු ඒ තෙරුන් දැක ඉතා යටහත් පහත් බවින් වත් පිළිවෙත් කොට කැඳ බත් ආදියෙන් පූජා කළහ. එසේ විහාරයට පැමිණි ආගන්තුක භික්ෂුව මෙසේ සීතීය. මේ ගොදුරුගම ඉතා යහපත්ය. මිනිස්සු ද ඉතා ශ්‍රද්ධා සම්පන්නයෝය. ප්‍රණීත ප්‍රණීත වූ පිණ්ඩපාතය දෙති. මේ විහාරය ද ආවාසයද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් යුක්තය. මෙහිම සුවසේ වසන්නට හැකිය. මේ භික්ෂු දෙනම මෙහිම සිටිද්දී මට පහසු විහරණයක් නොවන්නේය. අතවැසිව විසීමක් මෙන් වේ. එහෙයින් මේ තෙරණුවන් දෙදෙන ඔවුනොවුන් බිඳවා, යම්සේ ඔවුන් මෙහි නොවසන්නෝද එසේ කරමියි කල්පනා කළේය.
අථෙකදිවසං මහාථෙරෙ ද්වින්නම්පි ඔවාදං දත්වා අත්තනො වසනට්ඨානං පවිට්ඨෙ පෙසුණිකො භික්ඛු ථොකං කාලං වීතිනාමෙත්වා මහාථෙරං උපසඞ්කමිත්වා වන්දිත්වා ථෙරෙන “කිං, ආවුසො, විකාලෙ ආගතොසී”ති ච වුත්තෙ, “ආම, භන්තෙ කිඤ්චි වත්තබ්බං අත්ථී”ති වත්වා “කථෙහි, ආවුසො”ති ථෙරෙන අනුඤ්ඤාතො ආහ – “එසො, භන්තෙ, තුම්හාකං සහායකත්ථෙරො සම්මුඛා මිත්තො විය අත්තානං දස්සෙත්වා පරම්මුඛා සපත්තො විය උපවදතී”ති. “කිං කථෙතී”ති පුච්ඡිතො “සුණාථ, භන්තෙ, ‘එසො මහාථෙරො සඨො මායාවී කුහකො මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙතී’ති තුම්හාකං අගුණං කථෙතී”ති ආහ. “මා, ආවුසො, එවං භණි, න සො භික්ඛු එවං මං උපවදිස්සති, ගිහිකාලතො පට්ඨාය මම සභාවං ජානාති ‘පෙසලො කල්යාණසීලො’”ති. “සචෙ, භන්තෙ, තුම්හෙ අත්තනො විසුද්ධචිත්තතාය එවං චින්තෙථ, තං තුම්හාකංයෙව අනුච්ඡවිකං, මය්හං පන තෙන සද්ධිං වෙරං නත්ථි, කස්මා අහං තෙන අවුත්තං ‘වුත්ත’න්ති වදාමි. හොතු, කාලන්තරෙන සයමෙව ජානිස්සථා”ති ආහ. ථෙරොපි පුථුජ්ජනභාවදොසෙන ද්වෙළ්හකචිත්තො “එවම්පි සියා”ති සාසඞ්කහදයො හුත්වා ථොකං සිථිලවිස්සාසො අහොසි. සො බාලො පඨමං මහාථෙරං පරිභින්දිත්වා ඉතරම්පි ථෙනං වුත්තනයෙනෙව පරිභින්දි. අථ තෙ උභොපි ථෙරා දුතියදිවසෙ අඤ්ඤමඤ්ඤං අනාලපිත්වා පත්තචීවරමාදාය ගාමෙ පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතමාදාය අත්තනො වසනට්ඨානෙයෙව පරිභුඤ්ජිත්වා සාමීචිමත්තම්පි අකත්වා තං දිවසං තත්ථෙව වසිත්වා විභාතාය ච රත්තියා අඤ්ඤමඤ්ඤං අනාරොචෙත්වාව යථාඵාසුකට්ඨානං අගමංසු.
එක් දවසක් මහා ස්ථවිරයන් වහන්සේ අනෙක් දෙනමට අවවාද දී, තමන් වසන තැනට පිවිසියේය. කේලාම් කියන ආගන්තුක භික්ෂුව, ටික වේලාවක් ගෙවා මහ තෙරුන් වෙත එළඹ වැඳ (සිටියේය) මහතෙරුන් වහන්සේ ආයුෂ්මතින් කුමක් හෙයින් මේ නොකල්හි පැමිනියේදැයි විමසීය. එසේය ස්වාමීනි කිවයුතු කිසිවක් ඇතැයි කියා, ආයුෂ්මත්නි කියවයි, තෙරුන්ගේ අනුදැක්මෙන් මෙසේ කීය. ස්වාමීනි! ඔබගේ සහායක ස්ථවිරයෝ ඔබ හමුයෙහි මිතුරෙකු මෙන් තමන් පෙනී සිට, අනභි මුඛයෙහි (නැති තැන) සතුරෙකු මෙන් නුගුණ කියයි කීය. කුමක් කීයේ දැයි විචාළ කල්හි “මේ මහා ස්ථවිරයෝ කපටියෙක, කළ වරද සඟවන මායා ඇත්තෙක. (නැති ගුණ පෙන්වන) කුහකයෙක මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව කරන්නෙක ආදී වශයෙන් ඔබගේ අගුණ කීවේ යයි කීහ. ඇවැත්නි එසේ නොකියව ඒ භික්ෂුව මා පිළිබඳව එසේ නො කියත් ගිහි කාලයේ පටන් මගේ ස්වභාව දනියි. පුපේශලය යහපත් සිල් ඇත්තේය. ස්වාමීනි ඔබ වහන්සේ පිරිසිදු සිත් ඇති බැවින් මෙසේ සිතන්නේය. එසේ සලකන්නේය. ඒ තෙරුන් සමග මගේ වෛරයක් නැත. කුමක් හෙයින් ඔවුන් විසින් නොකියන ලද්දක් මම ඔබ වහන්සේට කියන්නෙමි ද? එය එසේ වේවා! කල් යාමකින් තමන් විසින්ම දැනගනු ලබත්වා යයි කීය. මහ තෙරුන් වහන්සේ ද පෘථග්ජන බැවින් දෙගිඩියා සිත් ඇතිව මෙසේ වන්නට පුළුවන් යයි, සැක සහිත හදවතින් යුතුව විශ්වාසය මදක් ලිහිල්ව ගියේය. ඒ බාල භික්ෂුව පළමුව මහතෙරුන් බිඳවා අනෙත් භික්ෂුවද මේ ආකාරයෙන්ම බිඳවන ලදි. ඉක්බිති මේ තෙරුන් දෙදෙන, දෙවෙනි දවසෙහි ඔවුනොවුන් කථා නොකොට පාසිවුරු ගෙන ගමෙහි පිඬු පිණිස හැසිර, පිණ්ඩාහාරය ගෙන තම තමන් වසන තැන්වලටම ගොස් වළඳා කථා මාත්‍රයකුදු නොකොට ඒ දවස එසේම වැස පහන් වූ කල්හි ඔවුනොවුන් නොදන්වාම පහසු තැන් සොයා වැඩියහ.
පෙසුණිකං පන භික්ඛුං පරිපුණ්ණමනොරථං ගාමං පිණ්ඩාය පවිට්ඨං මනුස්සා දිස්වා ආහංසු – “භන්තෙ, ථෙරා කුහිං ගතා”ති? සො ආහ – “සබ්බරත්තිං අඤ්ඤමඤ්ඤං කලහං කත්වා මයා ‘මා කලහං කරොථ, සමග්ගා හොථ, කලහො නාම අනත්ථාවහො ආයතිදුක්ඛුප්පාදකො අකුසලසංවත්තනිකො, පුරිමකාපි කලහෙන මහතා හිතා පරිභට්ඨා’තිආදීනි වුච්චමානාපි මම වචනං අනාදියිත්වා පක්කන්තා”ති. තතො මනුස්සා “ථෙරා තාව ගච්ඡන්තු, තුම්හෙ පන අම්හාකං අනුකම්පාය ඉධෙව අනුක්කණ්ඨිත්වා වසථා”ති යාචිංසු. සො “සාධූ”ති පටිස්සුණිත්වා තත්ථෙව වසන්තො කතිපාහෙන චින්තෙසි – “මයා සීලවන්තො කල්යාණධම්මා භික්ඛූ ආවාසලොභෙන පරිභින්නා, බහුං වත මයා පාපකම්මං පසුත”න්ති බලවවිප්පටිසාරාභිභූතො සොකවෙගෙන ගිලානො හුත්වා නචිරෙනෙව කාලං කත්වා අවීචිම්හි නිබ්බත්ති.
කේලාම් කීමෙහි යෙදුන මහණ ඉටු වූ බලාපොරොත්තු ඇතිව ගමට පිඬු පිණිස වැඩියේය. මිනිස්සු ඔහු දැක ඇසූහ. ස්වාමීනි! අනෙක් තෙරවරු දෙනම කොහේ වැඩියහුද? සැමදා රාත්‍රියෙහි ඔවුනොවුන් දබර කොට, මා විසින් දබර නොකරව්, සමගි වව්, දබරය අනර්ථකාරී යයි, මතු භවයෙහිත් දුක් උපදවන්නේ යයි, පෙර දබර කෙරුවෝ විනාශයට පත් වූහයි මා විසින් කියන ලද්දේ නමුදු, මගේ අවවාද නො පිළිගෙන කොහේද ගියාහුයයි කේලාම් කී භික්ෂුව කීහ. ඉක්බිති මිනිස්සු “ඒ තෙරුන් වහන්සේ කැමති තැනකට වඩිත්වා! නුඹ වහන්සේ අපට අනුකම්පා පිණිස මෙම ආවාසයෙහි නො කළකිරී වසත්වා”යි අයැද සිටියහ. හෙතෙමේ මැනැවැයි පිළිගෙන දින කීපයකින් මෙසේ සිතීය. සීලවන්ත වූ ද, යහපත් පැවැතුම් ඇත්තාවූ ද ඒ භික්ෂුන් වහන්සේලා දෙනම මා විසින් ආවාසය පිළිබඳ ලෝභකමින් බිඳුවන ලද්දේය. මා විසින් බොහෝ වූ ළාමක පාප කර්මයක් කරන ලද්දේ යයි බලවත් විපිලිසර භාවයෙන් මඩනා ලද්දේ ශෝක වේශයෙන් ගිලන් වී නොබෝ කලකින්ම කළුරිය කොට අවීචි මහා නරකයෙහි උපන්නේය.
ඉතරෙ ද්වෙ සහායකත්ථෙරා ජනපදචාරිකං චරන්තා අඤ්ඤතරස්මිං ආවාසෙ සමාගන්ත්වා අඤ්ඤමඤ්ඤං සම්මොදිත්වා තෙන භික්ඛුනා වුත්තං භෙදවචනං අඤ්ඤමඤ්ඤස්ස ආරොචෙත්වා තස්ස අභූතභාවං ඤත්වා සමග්ගා හුත්වා අනුක්කමෙන තමෙව ආවාසං පච්චාගමිංසු. මනුස්සා ද්වෙ ථෙරෙ දිස්වා හට්ඨතුට්ඨා සඤ්ජාතසොමනස්සා හුත්වා චතූහි පච්චයෙහි උපට්ඨහිංසු. ථෙරා ච තත්ථෙව වසන්තා සප්පායආහාරලාභෙන සමාහිතචිත්තා විපස්සනං වඩ්ඪෙත්වා නචිරෙනෙව අරහත්තං පාපුණිංසු.
අනෙක් සහායක භික්ෂුහු දෙනම ජනපදයන්හි සැරිසරා එක්තරා ආවාසයක දී මුණගැසී ඔවුනොවුන් සතුටු වී ඒ කේලාම් කී මහණ විසින් කියන ලද භේදකාරි වචන අන්‍යෝන්‍යයන්ට සැළකොට, ඒවායේ හිස් බොරු බව දැනගෙන සමගි වී හිටපු ආරාමයට වැඩමවූහ. මිනිස්සු ඒ තෙරුන් වහන්සේලා දෙනම දැක තුටු පහටු සිත් ඇත්තාහු, හටගත් සොම්නසින් යුතුව, සිව්පසයෙන් උපස්ථාන කළහ. තෙරුන් වහන්සේලා එහි වසමින් සත්ප්‍රාය වූ ආහාර ලැබීමෙන් එකඟ වු සිත් ඇත්තේ විදසුන් වඩා වැඩි කල් නොයවාම රහත් බවට පැමිණියහ.
පෙසුණිකො භික්ඛු එකං බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහස්ස අවිදූරෙ පූතිමුඛපෙතො හුත්වා නිබ්බත්ති. තස්ස කායො සුවණ්ණවණ්ණො අහොසි, මුඛතො පන පුළවකා නික්ඛමිත්වා ඉතො චිතො ච මුඛං ඛාදන්ති, තස්ස දූරම්පි ඔකාසං ඵරිත්වා දුග්ගන්ධං වායති. අථායස්මා නාරදො ගිජ්ඣකූටපබ්බතා ඔරොහන්තො තං දිස්වා –
කේලාම් කී භික්ෂුව එක් බුද්ධාන්තරයක් නිරයේ පැසී, මෙම බුද්ධොත්පාද කාලයෙහි, රජගහ නුවරට නුදුරින් “කුණු” වු කටක් ඇති ප්‍රේතයෙක්ව උපන්හ. ඔහුගේ ශරීරය රන්වන් විය. කටින් පණුවන් නික්මී ඔබමොබ යමින් කට කති. ඔහුගේ මුඛයෙන් ඉතා දුරවුවද අවකාශය පැතිර දුගඳ හමයි. නාරද ස්ථවිරයන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිද්දී ඔහු දැක,
“දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුං, වෙහායසං තිට්ඨසි අන්තලික්ඛෙ; මුඛඤ්ච තෙ කිමයො පූතිගන්ධං, ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙ”ති. –
7. දෙවියන්ගේ ශරීරයට බඳු වූ යහපත් වූ රන්වන් සමක් ඔබ දරන්නෙහිය. වේහාස යයි නම් ඇති අහසෙහි සිටින්නෙහිය. එසේ වුවත් කුණු ගඳ වූ ඔබේ මුඛය පණුවෝ කති. පෙර ජාතියෙහි කිනම් කර්මයක් කරන ලද්දේ ද?
ඉමාය ගාථාය කතකම්මං පුච්ඡි.
යනුවෙන් මෙම ගාථාවෙන් කරන ලද කාර්යය විචාළේය.
තත්ථ දිබ්බන්ති දිවි භවං දෙවත්තභාවපරියාපන්නං. ඉධ පන දිබ්බං වියාති දිබ්බං. සුභන්ති සොභනං, සුන්දරභාවං වා. වණ්ණධාතුන්ති ඡවිවණ්ණං. ධාරෙසීති වහසි . වෙහායසං තිට්ඨසි අන්තලික්ඛෙති වෙහායසසඤ්ඤිතෙ අන්තලික්ඛෙ තිට්ඨසි. කෙචි පන “විහායසං තිට්ඨසි අන්තලික්ඛෙ”ති පාඨං වත්වා විහායසං ඔභාසෙන්තො අන්තලික්ඛෙ තිට්ඨසීති වචනසෙසෙන අත්ථං වදන්ති. පූතිගන්ධන්ති කුණපගන්ධං, දුග්ගන්ධන්ති අත්ථො. කිං කම්මමකාසි පුබ්බෙති පරමදුග්ගන්ධං තෙ මුඛං කිමයො ඛාදන්ති, කායො ච සුවණ්ණවණ්ණො, කීදිසං නාම කම්මං එවරූපස්ස අත්තභාවස්ස කාරණභූතං පුබ්බෙ ත්වං අකාසීති පුච්ඡි.
එහි දිබ්බ නම් දෙවි බවයි. දිව්‍යාත්ම භාව පර්යාපන්න වූ, මෙහි දෙවියන් මෙන් වුයේ “දිබ්බං” සුභං - දැකුම්කළු, සුන්දර භාවය, යහපත් බව, මනොඥ බව, වණ්ණධාතුං හමේ පැහැය, ධාරෙසි - උසුලයි, දරයි. වෙහායසං තිට්ඨසි අන්තලික්ඛෙ - වෙහාස නම් සංඥා ඇති අහසෙභි සිටින්නෙහිය. සමහර කෙනෙක් “විභාසයං තිට්ඨසි අන්තලික්ඛෙ” යන පාඨය දක්වා අහස හාත්පස අලංකාර කරමින් අහසෙහි සිටි යන වසයෙන් අර්ථ කියත්. පූතිගන්ධං කුණු ගඳ, දුර්ගන්ධය යන අර්ථයි. කිං කම්මකාසි ප්රබ්බෙ, ඔබගෙන් ඉතාම දුගඳක් හමයි. මුඛය පණුවෝ කති. එහෙත් ශරීරය රන්වන්ය. මෙබඳු ආත්ම භාවයක් ලබන්නට ඔබ පූර්ව ජන්මයේ කරන ලද කර්මය පිළිබඳව විචාළේය.
එවං ථෙරෙන සො පෙතො අත්තනා කතකම්මං පුට්ඨො තමත්ථං විස්සජ්ජෙන්තො –
මෙසේ තෙරුන් විසින් ඒ ප්‍රේතයාගෙන් තමන් විසින් කරන ලද කර්මය විචාරණ ලද්දේ ඒ කාරණය පැහැදිලි කරමින්, මේ ගාථාව කීහ.
“සමණො අහං පාපොතිදුට්ඨවාචො, තපස්සිරූපො මුඛසා අසඤ්ඤතො; ලද්ධා ච මෙ තමසා වණ්ණධාතු, මුඛඤ්ච මෙ පෙසුණියෙන පූතී”ති. –
8. මම ශ්‍රමණ ප්රතිරූප වූ, වාග්ද්වාරයෙන් අසංවර වූ, දුෂ්ඨවචන හෙවත් බොරු කීම, කේලාම් කීම, හිස්වචන කීම ආදී වාග් දුශ්චරිතයෙන් යුත් වූ, පවිටු මහණෙක් වීම්. මා විසින් රකින ලද බ්‍රහ්මචරියාව නිසා එහි ගුණයෙන් ශරීර වර්ණය ලබන ලදී. කේලාම් කී අකුසලයෙන් මගේ කට කුණු විය.
ගාථමාහ. තත්ථ සමණො අහං පාපොති අහං ලාමකො සමණො පාපභික්ඛු අහොසිං. අතිදුට්ඨවාචොති අතිදුට්ඨවචනො, පරෙ අතික්කමිත්වා ලඞ්ඝිත්වා වත්තා, පරෙසං ගුණපරිධංසකවචනොති අත්ථො. “අතිදුක්ඛවාචො”ති වා පාඨො, අතිවිය ඵරුසවචනො මුසාවාදපෙසුඤ්ඤාදිවචීදුච්චරිතනිරතො. තපස්සිරූපොති සමණපතිරූපකො. මුඛසාති මුඛෙන. ලද්ධාති පටිලද්ධා. ච-කාරො සම්පිණ්ඩනත්ථො. මෙති මයා. තපසාති බ්රහ්මචරියෙන. පෙසුණියෙනාති පිසුණවාචාය. පුතීති පූතිගන්ධං.
එහි සමණො අහං පාපො - මම ලාමක වූ, පහත් වූ, නීච වූ, ශ්‍රමණයෙක්, පාපී භික්ෂුවක් වීම්. දුට්ඨවාචො - දුක් ගෙන දෙන වචන - මෙරමා ගුණ නසන, වචන ඇත්තෙක් වීම් යන අර්ථයි. අනුන්ගේ ගුණ ඉක්මවා නැති කරන පැවතුම් ඇත්තේ වීම්. ඉතා දුක් වචන, ඉතා ඵරුස වචන, බොරු කීම, කේලාම් කීම ආදී වූ වාග් දුශ්චරිතයෙන් ඇලුණු, තපස්සි රූපො - ශ්‍රමණ ප්‍රතිරූපකයෙක්, (ශ්‍රමණයෙක් සමාන හොරෙක්) මුඛ්යා - කටින්, ලද්ධා - ලබන ලදී ‘ච’ කාරය කෙටි කිරීමේ අර්ථයෙහි වැටේ. තපසා - බඹසර රැකීමේ අනුහසින්, පෙසුණියෙනා ප්‍රිය ශුන්‍ය වචන කීම, කේලාම් කීම, පූති - කුණු ගඳ
එවං සො පෙතො අත්තනා කතකම්මං ආචික්ඛිත්වා ඉදානි ථෙරස්ස ඔවාදං දෙන්තො –
මෙසේ ඒ ප්‍රේතයා තමන් විසින් කරන ලද කර්මය කියා, තෙරුන් වහන්සේට අවවාද දෙමින් අවසාන ගාථාව කීය.
“තයිදං තයා නාරද සාමං දිට්ඨං, අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං; මා පෙසුණං මා ච මුසා අභාණි, යක්ඛො තුවං හොහිසි කාමකාමී”ති. –
ආයුෂ්මත් නාරදයන් වහන්ස ! ඒ මාගේ රූපය ඔබ වහන්සේ විසින් තමන්ම දක්නා ලද්දේය. අනුකම්පාශීලි වූ, යම්බඳු වූ, පරහිත ප්රතිපත්තියෙහි දක්ෂ වූ, බුද්ධාදී උතුමෝ යමක් කීවහු ද? එයම කියමියි අදහසයි. කේලාම් නො කියනු බොරු තො කියනු, නුඹ කැමති පරිද්දෙන් ඉන්ද්රියයන් හැසිරවීමෙහි දක්ෂ වූ, යුක්ත වූ, දෙවියන් අතුරෙන් එක් අයෙක් වන්නෙහිය.
ඔසානගාථමාහ. තත්ථ තයිදන්ති තං ඉදං මම රූපං. අනුකම්පකා යෙ කුසලා වදෙය්යුන්ති යෙ අනුකම්පනසීලා කාරුණිකා පරහිතපටිපත්තියං කුසලා නිපුණා බුද්ධාදයො යං වදෙය්යුං, තදෙව වදාමීති අධිප්පායො. ඉදානි තං ඔවාදං දස්සෙන්තො “මා පෙසුණං මා ච මුසා අභාණි, යක්ඛො තුවං හොහිසි කාමකාමී”ති ආහ.
එහි තයිදං ඒ මම මගේ රූපය, අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං - යම්කිසි අනුකම්පාසහගත වූ, කාරුණික වූ, අනුන් කෙරෙහි පෑ දයාවෙහි දක්ෂ වූ එසේ යෙදුනා වූ බුද්ධාදී මහෝත්තමයන් යමක් වදාරණ ලද ද? එයම කියමියි යන අදහසයි. දැන් අවවාද දක්වමින් මෙසේ කීහ. මා “පෙසුණං මාච මුසා, අභාණි - යක්ඛො තුවං භොගිසි කාම කාමි”
තස්සත්ථො – පෙසුණං පිසුණවචනං මුසා ච මා අභාණි මා කථෙහි. යදි හි ත්වං මුසාවාදං පිසුණවාචඤ්ච පහාය වාචාය සඤ්ඤතො භවෙය්‍යාසි, යක්ඛො වා දෙවො වා දෙවඤ්ඤතරො වා ත්වං භවිස්සසි, කාමං කාමිතබ්බං උළාරං දිබ්බසම්පත්තිං පටිලභිත්වා තත්ථ කාමනසීලො යථාසුඛං ඉන්ද්රියානං පරිචරණෙන අභිරමණසීලොති.
පෙසුණං - ප්‍රිය ශුන්‍ය වචන, කේලාම් කීම, බොරු කීම, නො කියව, ඉදින් ඔබ බොරුකීම, කේලාම් කීම දුරු කොට, වචනයෙන් සංයමයෙන් හැසිරෙන්නේ ද ඔබ දෙවියෙක් හෝ දෙවියන්ගෙන් අන්‍යතරයෙක් හෝ වන්නෙහිය. කැමති කැමති පරිද්දෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලබා, එහි සැප පරිදි ඉඳුරන් හැසිරවීමෙන්, අභිරමණශීලී වූ දෙවියෙක් හෝ යක්ෂයෙක් වන්නේය.
තං සුත්වා ථෙරො තතො රාජගහං ගන්ත්වා පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සත්ථු තමත්ථං ආරොචෙසි. සත්ථා තං අට්ඨුප්පත්තිං කත්වා ධම්මං දෙසෙසි. සා දෙසනා සම්පත්තපරිසාය සාත්ථිකා අහොසීති.
එය අසා තෙරුන් වහන්සේ රජගහ නුවරට ගොස් පිඬු පිණිස හැසිර පසු බත් වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ ශාස්තෲන් වහන්සේට එහි අර්ථය දැන්වීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන ධර්මය දේශනා කළේය. ඒ ධර්මදේශනා තොමෝ එහි පැමිණි සිටි පිරිසට සාර්ථක වුයේය.
පූතිමුඛපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
තුන්වන පූතිමුඛ ප්‍රේතවස්තුව නිමියේය.
4. පිට්ඨධීතලිකපෙතවත්ථුවණ්ණනා
4. පිට්ඨධීතලික ප්‍රේතවස්තු වර්ණනාව
යං කිඤ්චාරම්මණං කත්වාති ඉදං සත්ථා සාවත්ථියං ජෙතවනෙ විහරන්තො අනාථපිණ්ඩිකස්ස ගහපතිනො දානං ආරබ්භ කථෙසි. අනාථපිණ්ඩිකස්ස කිර ගහපතිනො ධීතු ධීතාය දාරිකාය ධාති පිට්ඨධීතලිකං අදාසි “අයං තෙ ධීතා, ඉමං ගහෙත්වා කීළස්සූ”ති. සා තත්ථ ධීතුසඤ්ඤං උප්පාදෙසි. අථස්සා එකදිවසං තං ගහෙත්වා කීළන්තියා පමාදෙන පතිත්වා භිජ්ජි. තතො දාරිකා “මම ධීතා මතා”ති පරොදි. තං රොදන්තිං කොචිපි ගෙහජනො සඤ්ඤාපෙතුං නාසක්ඛි. තස්මිඤ්ච සමයෙ සත්ථා අනාථපිණ්ඩිකස්ස ගහපතිනො ගෙහෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසින්නො හොති, මහාසෙට්ඨි ච භගවතො සමීපෙ නිසින්නො අහොසි. ධාති තං දාරිකං ගහෙත්වා සෙට්ඨිස්ස සන්තිකං අගමාසි. සෙට්ඨි තං දිස්වා “කිස්සායං දාරිකා රොදතී”ති ආහ. ධාති තං පවත්තිං සෙට්ඨිස්ස ආරොචෙසි. සෙට්ඨි තං දාරිකං අඞ්කෙ නිසීදාපෙත්වා “තව ධීතුදානං දස්සාමී”ති සඤ්ඤාපෙත්වා සත්ථු ආරොචෙසි – “භන්තෙ, මම නත්තුධීතරං පිට්ඨධීතලිකං උද්දිස්ස දානං දාතුකාමො, තං මෙ පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ස්වාතනාය අධිවාසෙථා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
“යං කිඤ්චාරම්මණං කත්වා” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන සමයෙහි අනේපිඬු සිටාණන්ගේ දානයක් අරභයා දේශනා කළ සේක. අනේපිඬු සිටු නම් ගෘහපතියාගේ මිනිබිරියක් වූ ළදැරියකට ඇගේ කිරිමව් තොමෝ පිටියෙන් තැනූ රුවක් දුන්නාය. මේ ඔබේ දුවය. මෙය ගෙන සෙල්ලම් කරන්නැයි කීවාය. ඇය එහි දුව යන හැඟීම ඇතිකර ගෙන ක්‍රීඩා කළාය. ඉක්බිති එක් දවසක් එය ගෙන ක්‍රීඩා කරන්නේ කිසියම් ප්‍රමාදයකින් එය බිම වැටී කැඩිණ. එ දැරිය මගේ දියණිය මියගියා යයි හැඬුවාය. ඇගේ හැඬීම ගෘහවාසී කිසිවකු විසින් සනසාලිය නොහැකිවිය. ඒ සමයෙහි ශාස්තෲන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ නිවසේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. මහා සිටුතුමා ද භාග්‍යවතුන් සමීපයෙහිම සිටියේය. කිරිමව ඒ ළදැරිය ගෙන සිටුතුමන් සමීපයට ගියාය. සිටුතුමා ඇය දැක කුමක් නිසා හඬන්නේදැයි ඇසීය. කිරිමව ඒ පුවත සිටුතුමන්ට කීවාය. සිටුතුමා ඒ දැරිය ඇකයෙහි හිඳුවා, නුඹේ දුව සඳහා දානයක් දෙන්නෙමුයි කියා ශාස්තෲන් වහන්සේට කීය. ස්වාමීනි! මගේ මිණිබිරියගේ “පිටි වලින් තැනූ දියණිය උදෙසා දානයක් දෙනු කැමැත්තෙමි. හෙට ඒ දානය සඳහා පන්සියයක් භික්ෂූන් සමග ඉවසා වදාරන සේක්වා! යි ආරාධනා කළේය. උන්වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ආරාධනය පිළිගත්හ.
අථ භගවා දුතියදිවසෙ පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං සෙට්ඨිස්ස ඝරං ගන්ත්වා භත්තකිච්චං කත්වා අනුමොදනං කරොන්තො –
දෙවන දවසෙහි පන්සියයක් භික්ෂුන් සමග සිටුතුමාගේ ගෙදරට වැඩ දානය වළදා අවසන්හි, අනුමෙවෙනි බණ කියන්නේ මේ ගාථාව වදාළහ.
“යං කිඤ්චාරම්මණං කත්වා, දජ්ජා දානං අමච්ඡරී; පුබ්බපෙතෙ ච ආරබ්භ, අථ වා වත්ථුදෙවතා.
10. නො මසුරු තැනැත්තේ යම් කිසි අරමුණක් කොට, පෙර කළුරිය කළවුන් ද, ගෘහවස්තු ආදීන්හි අධිගෘහිත දේවතාවන් ද, නැතිනම් අනෙක් දෙව් මිනිසුන් අරභයා දානය දෙන්නේය.
“චත්තාරො ච මහාරාජෙ, ලොකපාලෙ යසස්සිනෙ; කුවෙරං ධතරට්ඨඤ්ච, විරූපක්ඛං විරූළ්හකං; තෙ චෙව පූජිතා හොන්ති, දායකා ච අනිප්ඵලා.
11. කුවේර, ධ්‍රතරාෂ්ට, විරූපාක්ෂ, විරූළ්හ යන යසස් ඇත්තා වූ ලෝක පාලක සිව්වරම් මහරජුන් (අරභයා දන් දෙයි). ඔවුහු ද දායකයා විසින් පුදන ලද්දාහු වෙත්. දායකයෝ ද නිෂ්ඵල නොවන්නෝ වෙති.
“න හි රුණ්ණං වා සොකො වා, යා චඤ්ඤා පරිදෙවනා; න තං පෙතස්ස අත්ථාය, එවං තිට්ඨන්ති ඤාතයො.
12. මියගිය අය වෙනුවෙන් හැඬිම හෝ ශෝක වීම හෝ, විලාපකීම, නොකළයුතුය. මියගිය අයට ඒ හැඬීම විලාප කීම් ප්‍රයෝජන නොවේ. අනුවණ ඤාතීහු මෙසේ සිටිත්.
“අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා; දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පතී”ති. – ඉමා ගාථා අභාසි;
13. දෙන ලද මෙම දානය වූ කලි සඞ්ඝයා විෂයෙහි මොනවට පිහිටියාය. මේ ප්‍රේතයා හට බොහෝ කලක් මුළුල්ලෙහි හිත සුව පිණිස එවේලෙහිම පැමිණේ.
තත්ථ යං කිඤ්චාරම්මණං කත්වාති මඞ්ගලාදීසු අඤ්ඤතරං යං කිඤ්චි ආරබ්භ උද්දිස්ස. දජ්ජාති දදෙය්ය. අමච්ඡරීති අත්තනො සම්පත්තියා පරෙහි සාධාරණභාවාසහනලක්ඛණස්ස මච්ඡෙරස්ස අභාවතො අමච්ඡරී, පරිච්චාගසීලො මච්ඡරියලොභාදිචිත්තමලං දූරතො කත්වා දානං දදෙය්යාති අධිප්පායො. පුබ්බපෙතෙ ච ආරබ්භාති පුබ්බකෙපි පෙතෙ උද්දිස්ස. වත්ථුදෙවතාති ඝරවත්ථුආදීසු අධිවත්ථා දෙවතා ආරබ්භාති යොජනා. අථ වාති ඉමිනා අඤ්ඤෙපි දෙවමනුස්සාදිකෙ යෙ කෙචි ආරබ්භ දානං දදෙය්යාති දස්සෙති.
එහි යං කිඤ්චාරම්මණං කත්වා මඞ්ගලා දී කිසියම් එක්තරා කරුණක් අරමුණු කරගෙන, උදෙසා දජ්ජා දෙන්නේ ද, අමච්ඡරී - තමාගේ සම්පත්තියෙන් අනුන් හා සාධාරණභාවය, නොඉවසීම ලක්ෂණ කොට ඇති මසුරුකම නො මැත්තේ “අමච්ඡරී” පරිත්‍යාගශීලි බව, සිතෙහි ඇතිවන්නා වූ ලෝභාදී මසුරු මල දුරුකොට දන් දෙන්නේය යන අදහසයි. ප්රබ්බ පෙතෙච ආරබ්හා - පෙර මිය ගියාවූ (කිසියම්) මව්පියාදීන් උදෙසා, වත්ථුදෙවතා ගෘහ වස්තු ආදීන්හි අධිගෘහිත දෙවි දේවතාවුන් අරභයා යන යෙදීමයි. අථවා මොවුන්ගෙන් අන්‍ය වූ දෙව්මිනිස් ආදී යම්කිසි කෙනෙක් උදෙසා දන් දීම දක්වයි.
තත්ථ දෙවෙසු තාව එකච්චෙ පාකටෙ දෙවෙ දස්සෙන්තො “චත්තාරො ච මහාරාජෙ”ති වත්වා පුන තෙ නාමතො ගණ්හන්තො “කුවෙර”න්තිආදිමාහ. තත්ථ කුවෙරන්ති වෙස්සවණං. ධතරට්ඨන්තිආදීනි සෙසානං තිණ්ණං ලොකපාලානං නාමානි. තෙ චෙව පූජිතා හොන්තීති තෙ ච මහාරාජානො පුබ්බපෙතවත්ථුදෙවතායො ච උද්දිසනකිරියාය පටිමානිකා හොන්ති. දායකා ච අනිප්ඵලාති යෙ දානං දෙන්ති, තෙ දායකා ච පරෙසං උද්දිසනමත්තෙන න නිප්ඵලා, අත්තනො දානඵලස්ස භාගිනො එව හොන්ති.
එහි දෙවියන් අතුරෙන් ප්‍රකට වූ සමහර දෙවි කෙනෙක් දක්වන්නේ සතරවරම් මහ දෙව්රජවරු කියා, නැවත ඔවුන් නම්වලින් දක්වන්නේ කුවෙර - ධතරට්ඨං - ආදිය කීහ. කුවේර නම් වෛශ්‍රවණය, ධෘතරාෂ්ට්‍ර ආදී අනෙක් තිදෙන ලෝක පාලක නම්. තෙ චෙව පූජිතා හොන්ති - මේ මහරජවරුන් ද, පෙර මියගිය අයද, වත්තු දේවතා ආදීන් ද, උදෙසා කරන කාර්යයක් වශයෙන් ගෞරව කිරීම් වෙත්, දායකා ච අනිප්ඵලා - යමෙක් දන් දෙත් ද ඔවුහු දායකයෝය. අනුන් උදෙසා දෙන පමණින් එය නිෂ්ඵල නොවේ. තමන්ගේ දාන ඵලයේ විපාකය තමන්ට ලැබෙන්නේය.
ඉදානි “යෙ අත්තනො ඤාතීනං මරණෙන රොදන්ති පරිදෙවන්ති සොචන්ති, තෙසං තං නිරත්ථකං, අත්තපරිතාපනමත්තමෙවා”ති දස්සෙතුං “න හි රුණ්ණං වා”ති ගාථමාහ. තත්ථ රුණ්ණන්ති රුදිතං අස්සුමොචනං න හි කාතබ්බන්ති වචනසෙසො. සොකොති සොචනං චිත්තසන්තාපො, අන්තොනිජ්ඣානන්ති අත්ථො. යා චඤ්ඤා පරිදෙවනාති යා ච රුණ්ණසොකතො අඤ්ඤා පරිදෙවනා, “කහං එකපුත්තකා”තිආදිවාචාවිප්පලාපො, සොපි න කාතබ්බොති අත්ථො. සබ්බත්ථ වා-සද්දො විකප්පනත්ථො . න තං පෙතස්ස අත්ථායාති යස්මා රුණ්ණං වා සොකො වා පරිදෙවනා වාති සබ්බම්පි තං පෙතස්ස කාලකතස්ස අත්ථාය උපකාරාය න හොති, තස්මා න හි තං කාතබ්බං, තථාපි එවං තිට්ඨන්ති ඤාතයො අවිද්දසුනොති අධිප්පායො.
දැන් යමෙක් තමන්ගේ ඤාතීන් මළ කල්හි හඬත් ද, ශෝක කරත් ද වැළපෙත් ද ඒ සියල්ල අරුත් රහිතය. නිරර්ථකය. තමන්ම තැවෙන්නේම යයි දැක්වීමට - නහිරුණ්ණං වා ආදී ගාථාව කීහ. එහි රුණ්ණං හැඬිම, කඳුළු හෙළීම, සොකො - සොව, හිතේ තැවිල්ල, අවබෝධය නැතිවීම යන අර්ථයි. යාචඤ්ඤා පරිදෙවනා හැඬීමේ ශෝකයෙන් වෙනස් වූ විලාපකීම. අහෝ එකම පුතා ආදී වශයෙන් (අනන් මනන්) දෙඩවීම. පරස්පර විරුද්ධ අර්ථ ඇති කථාව - එය ද නො කළ යුතුය යන අර්ථයි. සියළු ශබ්දයන්හි විකල්පාර්ථයි. න තං පෙතස්ස අත්ථායා - හැඬීම, දුක්වීම, ශෝකය, වැළපීම, ආදී මේ සියල්ලගෙන්ම කළුරිය කළ තැනැත්තාට පිළිසරණක් උපකාරයක් අර්ථයක් නැත. එබැවින් ඒවා නො කළ යුතුය. එසේ වුවත් (විද්‍යාවෙන්) නුවණින් තොර වූ ඤාතීහු එසේ කරති යන අදහසයි.
එවං රුණ්ණාදීනං නිරත්ථකභාවං දස්සෙත්වා ඉදානි යා පුබ්බපෙතාදිකෙ ආරබ්භ දායකෙන සඞ්ඝස්ස දක්ඛිණා දින්නා, තස්සා සාත්ථකභාවං දස්සෙන්තො “අයඤ්ච ඛො දක්ඛිණා”ති ගාථමාහ.
මෙසේ හැඬීම්, විලාපදීම් ආදියෙහි නිරර්ථක බව දක්වා දැන් පෙර මියගිය ඤාතීන් ආදීන් (වෙනුවෙන්) උදෙසා දායකයන් විසින් සංඝයාට දානය දෙන ලදි. එහි සාර්ථකභාවය දක්වමින්, “අයඤ්ච ඛො දක්ඛිණා - පෙ ඨානසො උපකප්පති” ආදි ගාථා කීහ.
තත්ථ අයන්ති දායකෙන තං දින්නං දානං පච්චක්ඛතො දස්සෙන්තො වදති. ච-සද්දො බ්යතිරෙකත්ථො, තෙන යථා රුණ්ණාදි පෙතස්ස න කස්සචි අත්ථාය හොති, න එවමයං, අයං පන දක්ඛිණා දීඝරත්තං හිතායස්ස හොතීති වක්ඛමානමෙව විසෙසං ජොතෙති. ඛොති අවධාරණෙ. දක්ඛිණාති දානං. සඞ්ඝම්හි සුප්පතිට්ඨිතාති අනුත්තරෙ පුඤ්ඤක්ඛෙත්තෙ සඞ්ඝෙ සුට්ඨු පතිට්ඨිතා. දීඝරත්තං හිතායස්සාති අස්ස පෙතස්ස චිරකාලං හිතාය අත්ථාය. ඨානසො උපකප්පතීති තඞ්ඛණඤ්ඤෙව නිප්ඵජ්ජති, න කාලන්තරෙති අත්ථො. අයඤ්හි තත්ථ ධම්මතා – යං පෙතෙ උද්දිස්ස දානෙ දින්නෙ පෙතා චෙ අනුමොදන්ති, තාවදෙව තස්ස ඵලෙන පෙතා පරිමුච්චන්තීති.
එහි අයං - දායකයන් විසින් දෙන ලද දානය ප්‍රත්‍ය වශයෙන් දක්වමින් කීය. ‘ච’ ශබ්දය අතිරේකය. එහෙයින් යම් සේ හැඬීම් ආදී යමක් කියන ලද ද, ඒ කිසිවකින් ප්‍රතිඵල නැතිබව දක්වයි. එය එසේ දක්වමින්, මේ සඞ්ඝ දක්ෂිණාව වනාහි දිගු කලක් හිතසුව පිණිස පවතින්නේම යයි ද, එකෙනෙහිම විශේෂයෙන් බබළයි. ඛො - යනු අවධාරණයෙහි නිපාතයි. දක්ඛිණා - දාන වස්තුව. සඞ්ගමති සුප්පතිට්ඨිත - අනුත්තර වූ, පුණ්‍ය ක්ෂේත්‍ර වූ, මනාව සුපසන්ව පිහිටි සඞ්ඝයා කෙරෙහි, දීඝරත්තං හිතායස්සා මෙය ප්‍රේතයන් බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේය. ඨානසො උපකප්පති ඒ ක්ෂණයකින්ම ප්‍රතිඵල (විපාක) උදාවේ. කල්යාමක් නැත්තේය. මේ එහි ධර්මතාවයයි. යම් ප්‍රේතයෙක් උදෙසා දානයක් දෙන ලද්දේ ද? ඒකාන්තයෙන් ඒ ප්‍රේතයා අනුමෝදන් වේ. එහි විපාකයෙන් ප්‍රේතයා ප්‍රේත දුකින් මිදෙත්.
එවං භගවා ධම්මං දෙසෙත්වා මහාජනං පෙතෙ උද්දිස්ස දානාභිරතමානසං කත්වා උට්ඨායාසනා පක්කාමි. පුනදිවසෙ සෙට්ඨිභරියා අවසෙසා ච ඤාතකා සෙට්ඨිං අනුවත්තන්තා එවං තෙමාසමත්තං මහාදානං පවත්තෙසුං. අථ රාජා පසෙනදි කොසලො භගවන්තං උපසඞ්කමිත්වා “කස්මා, භන්තෙ, භික්ඛූ මාසමත්තං මම ඝරං නාගමිංසූ”ති පුච්ඡි. සත්ථාරා තස්මිං කාරණෙ කථිතෙ රාජාපි සෙට්ඨිං අනුවත්තන්තො බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං පවත්තෙසි, තං දිස්වා නාගරා රාජානං අනුවත්තන්තා මාසමත්තං මහාදානං පවත්තෙසුං. එවං මාසද්වයං පිට්ඨධීතලිකමූලකං මහාදානං පවත්තෙසුන්ති.
දෙවන දවස්හි සිටු බිරිඳ හා සෙසු ඤාතීහු සිටුවරයා අනුව යමින් මෙසේ මාසයක් පමණ මහා දන් පැවැත් වුහ. අනතුරුව ප්‍රසේනජිත් කොසොල් මහරජු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, කවර හෙයකින් මාසයක් පමණ භික්ෂුන් වහන්සේලා මගේ ගෙදරට නො වැඩියේ මන්දැයි ඇසීය. ශාස්තෲන් වහන්සේ අදාළ කරුණ වදාළ කල්හි රජතුමා ද සිටුවරයා අනුව පවතිමින් බුදුන් ප්රමුඛ මහා සංඝයාට මහදන් පැවැත්වීය. ඒ දැක නගර වැස්සෝ ද රජු අනුව යමින් මාසයක් පමණ මහදන් පැවැත්වූහ. මෙසේ මාස දෙකක් (පිට්ඨි ධීතලිකාව) පිටිවලින් තැනු දියණිය මුල් කරගෙන මහා දන් පැවැත්වූහ.
පිට්ඨධීතලිකපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
“පිට්ඨි ධීතලිකා” ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.