යෙදුමෙන් කියවන්න

5. තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

5. තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා

5. තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු වර්ණනාව

තිරොකුට‍්ටෙසු තිට‍්ඨන‍්තීති ඉදං සත්‍ථා රාජගහෙ විහරන‍්තො සම‍්බහුලෙ පෙතෙ ආරබ‍්භ කථෙසි.

“තිරො කුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී මෙම ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරමින් සිටිය දී, බොහෝ වූ ප්‍රේතයන් අරභයා දේශනා කළ සේක.

තත්‍රායං විත්‍ථාරකථා – ඉතො ද‍්වානවුතිකප‍්පෙ කාසි නාම නගරං අහොසි. තත්‍ථ ජයසෙනො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස සිරිමා නාම දෙවී. තස‍්සා කුච‍්ඡියං ඵුස‍්සො නාම බොධිසත‍්තො නිබ‍්බත‍්තිත්‍වා අනුපුබ‍්බෙන සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣි. ජයසෙනො රාජා “මම පුත‍්තො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා බුද‍්ධො ජාතො, මය‍්හමෙව බුද‍්ධො, මය‍්හං ධම‍්මො, මය‍්හං සඞ‍්ඝො”ති මමත‍්තං උප‍්පාදෙත්‍වා සබ‍්බකාලං සයමෙව උපට‍්ඨහති, න අඤ‍්ඤෙසං ඔකාසං දෙති.

මේ එහි විස්තර කථාවයි. මෙයින් දෙයානූවන කල්පයෙහි කාසිපුර නම් නුවරක් විය. එහි ජයසේන නම් රජු රාජ්‍යය කරවීය. ඔහුගේ දේවිය සිරිමා නම් ඇගේ කුසෙහි “ඵුස්ස” නම් බෝසත්තුමා පිළිසිඳ ඉපදී, අනුපිළිවෙළින් සම්මා සම්බුද්ධත්වයට පත්විය. ජයසේන රජු, මගේ පුතා මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මී, බුදු වුයේය. බුද්ධරත්නය මගේය. ධර්මරත්නය මගේය. සංඝ රත්නය මගේ යයි මමත්වය උපදවා සියලු කල්හි තමාම උපස්ථාන කරයි. අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි

භගවතො කනිට‍්ඨභාතරො වෙමාතිකා තයො භාතරො චින‍්තෙසුං – “බුද‍්ධා නාම සබ‍්බලොක හිතත්‍ථාය උප‍්පජ‍්ජන‍්ති, න එකස‍්සෙව අත්‍ථාය. අම‍්හාකඤ‍්ච පිතා අඤ‍්ඤෙසං ඔකාසං න දෙති. කථං නු ඛො මයං ලභෙය්‍යාම භගවන‍්තං උපට‍්ඨාතුං භික‍්ඛුසඞ‍්ඝඤ‍්චා”ති? තෙසං එතදහොසි – “හන්‍ද මයං කිඤ‍්චි උපායං කරොමා”ති. තෙ පච‍්චන‍්තං කුපිතං විය කාරාපෙසුං. තතො රාජා “පච‍්චන‍්තො කුපිතො”ති සුත්‍වා තයොපි පුත‍්තෙ පච‍්චන‍්තං වූපසමෙතුං පෙසෙසි. තෙ ගන‍්ත්‍වා වූපසමෙත්‍වා ආගතා. රාජා තුට‍්ඨො වරං අදාසි “යං ඉච‍්ඡථ, තං ගණ‍්හථා”ති. තෙ “මයං භගවන‍්තං උපට‍්ඨාතුං ඉච‍්ඡාමා”ති ආහංසු. රාජා “එතං ඨපෙත්‍වා අඤ‍්ඤං ගණ‍්හථා”ති ආහ. තෙ “මයං අඤ‍්ඤෙන අනත්‍ථිකා”ති ආහංසු. තෙන හි පරිච‍්ඡෙදං කත්‍වා ගණ‍්හථාති. තෙ සත‍්ත වස‍්සානි යාචිංසු. රාජා න අදාසි. එවං “ඡ, පඤ‍්ච, චත‍්තාරි, තීණි, ද‍්වෙ, එකං, සත‍්ත මාසෙ, ඡ, පඤ‍්ච, චත‍්තාරො”ති වත්‍වා යාව තෙමාසං යාචිංසු. තදා රාජා “ගණ‍්හථා”ති අදාසි.

භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ, සුළු මවගේ පුතුන් තිදෙනා සිතූහ. බුදුවරයෝ නම් සියළු ලෝවැස්සන්ට හිතසුව පිණිසම උපදනාහුය. එක් අයෙකුගේම හිත සුව පිණිස නූපදී, අපගේ පියා අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට හා සඞ්ඝයාට උපස්ථාන කරන්නට කෙසේ හෝ ඉඩ ප්‍රස්ථා ලබමියි, සිතූහ. ඒකාන්තයෙන් අපි කිසියම් උපායක් කරමුයි සිතු ඔවුහු, එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් (කුපිත කිරිමක්) ඇති කළහ. ඉක්බිතිවැ රජතෙම ප්‍රත්‍යන්ත දේශය කුපිතවී යයි අසා, පුතුන් තිදෙනා එම කැරැල්ල මැඩ පැවැත්වීම සදහා, සන්සුන් කිරීම සදහා පිටත්කර යැවූහ. ඔවුන් ගොස් ජනපදය සන්සිඳුවා ආවහුය. රජතුමා තුටු වී ඔවුන්ට වරයක් දුන්නේය. යමක් කැමති නම් එය ගනුවයි කීය. ඔහු අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු. (ඒ වරය අපට ලැබේවා) රජු එය හැර වෙනත් දෙයක් ගනුවයි කීහ. ඔව්හු අපට වෙනත් කිසිවක් එපා යයි කීහ. අනිත් දෙයකින් ප්‍රයෝජන නැතැයි කීහ. එසේ නම් “කාල සීමාවක් කොට ගණුවයි” කීහ. ඔව්හු සත් වසක් ඉල්ලූහ. රජු නුදුන්හ. මෙසේ සය වසක්, පස්වසක්, සතර වසක්, තුන් වසක්, දෙවසක්, වසක්, සත් මසක්, සය මසක්, පස් මසක්, සිව්මසක්, තුන් මසක් ඉල්ලූහ. එකල්හි රජු ගණුවයි දුන්නේය.

තෙ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ආහංසු – “ඉච‍්ඡාම මයං, භන‍්තෙ, භගවන‍්තං තෙමාසං උපට‍්ඨාතුං, අධිවාසෙතු නො, භන‍්තෙ, භගවා ඉමං තෙමාසං වස‍්සාවාස”න‍්ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. තෙ තයො අත‍්තනො ජනපදෙ නියුත‍්තකපුරිසස‍්ස ලෙඛං පෙසෙසුං “ඉමං තෙමාසං අම‍්හෙහි භගවා උපට‍්ඨාතබ‍්බො, විහාරං ආදිං කත්‍වා සබ‍්බං භගවතො උපට‍්ඨානසම‍්භාරං සම‍්පාදෙහී”ති. සො සබ‍්බං සම‍්පාදෙත්‍වා පටිපෙසෙසි. තෙ කාසායවත්‍ථනිවත්‍ථා හුත්‍වා පුරිසසහස‍්සෙහි වෙය්‍යාවච‍්චකරෙහි භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච සක‍්කච‍්චං උපට‍්ඨහමානා ජනපදං නෙත්‍වා විහාරං නිය්‍යාතෙත්‍වා වස‍්සං වසාපෙසුං.

ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙසේ කීහ. අපි භාග්‍යවතුන් වහන්සේට තුන් මසක් උපස්ථාන කිරීමට කැමැත්තෙමු. භාග්‍යවතුන් වහසේ ඉවසාවා! ස්වාමීන් මේ තෙමස වස් වසවයි ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය ඉවසීය. පිළිගත්හ. ඒ තිදෙන තමාගේ ජනපදයන්හි නියුතු පිරිසට ලිපියක් යැවූහ. මේ තෙමස අප විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ විහාර ආරාමාදිය කොට සියලු උපස්ථාන කිරීමට අවශ්‍ය දේ සම්පදනය කරව” ඔහු සියල්ල සකසා පිළිතුරු එවීය. ඔව්හු කසාවත් වස්ත්‍ර හැඳ වතාවත් කරන්නා වූ දහස සමග භාග්‍යවතුන් වහන්සේ හා මහා සඞ්ඝයාට උපස්ථාන කරමින්, ජනපදයට වැඩමවා විහාරය පවරා වස් වැස්සවූහ.

තෙසං භණ‍්ඩාගාරිකො එකො ගහපතිපුත‍්තො සපජාපතිකො සද‍්ධො අහොසි පසන‍්නො. සො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානවත‍්තං සක‍්කච‍්චං අදාසි. ජනපදෙ නියුත‍්තකපුරිසො තං ගහෙත්‍වා ජානපදෙහි එකාදසමත‍්තෙහි පුරිසසහස‍්සෙහි සද‍්ධිං සක‍්කච‍්චමෙව දානං පවත‍්තාපෙසි. තත්‍ථ කෙචි ජානපදා පටිහතචිත‍්තා අහෙසුං. තෙ දානස‍්ස අන‍්තරායං කත්‍වා දෙය්‍යධම‍්මං අත‍්තනා ඛාදිංසු, භත‍්තසාලඤ‍්ච අග‍්ගිනා දහිංසු. පවාරිතා රාජපුත‍්තා භගවතො සක‍්කාරං කත්‍වා භගවන‍්තං පුරක‍්ඛත්‍වා පිතු සන‍්තිකමෙව පච‍්චාගමිංසු. තත්‍ථ ගන‍්ත්‍වා භගවා පරිනිබ‍්බායි. රාජපුත‍්තා ච ජනපදෙ නියුත‍්තකපුරිසො ච භණ‍්ඩාගාරිකො ච අනුපුබ‍්බෙන කාලං කත්‍වා සද‍්ධිං පරිසාය සග‍්ගෙ උප‍්පජ‍්ජිංසු, පටිහතචිත‍්තා ජනා නිරයෙ උප‍්පජ‍්ජිංසු. එවං තෙසං උභයෙසං ජනානං සග‍්ගතො සග‍්ගං නිරයතො නිරයං උපපජ‍්ජන‍්තානං ද‍්වානවුතිකප‍්පා වීතිවත‍්තා.

ඔවුන්ගේ භාණ්ඩාගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් බිරිඳ සමගම තුනුරුවන් කෙරෙහි පැහැදී ශ්‍රද්ධා සම්පන්න විය. හෙතෙම බුදුන් මුල් කොට ඇති මහා භික්ෂු සංඝයාට සකස් කොට දාන වස්තුව දුන්නේය. ජනපදයෙහි නියුක්ත පුරුෂයා හෙවත් ජනපදාධිපතියා ජනපදයෙහි එකොළොස් දහසක් පමණ මිනිසුන් සමග සකස් කොට දාන වස්තුව යැවීය. ඔවුන් අතුරෙන් සමහර ජනපද වැස්සෝ ශ්‍රද්ධා නැත්තෝ වූහ. ඒ සැදැහැ නැති අය දාන වස්තුවට අන්තරාය කොට දාන වස්තුව තුමූම කෑහ. දන් සැලද ගිනිලූහ. පිරිවර සහිත වූ ඒ රාජ පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කොට, භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට පිය රජු සමීපයට නැවත ගියහ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ පිරිනිවන් පෑ සේක. රාජ පුත්‍රයෝ ද, ජනපදයෙහි නියුක්ත පුරුෂයෝ ද, භාණ්ඩාගාරික ද, පිළිවෙලින් කළුරිය කොට පිරිස සමග දෙව්ලොව උපන්හ. සැදැහැසිත් නැති (දන්කෑ) ජනයෝ නිරයෙහි උපන්හ. මෙසේ දෙපිරිස ස්වර්ගයෙන් ස්වර්ගයෙහි, නිරයෙන් නිරයෙහි උපදිමින් දෙයානූ කපක් ඉක්මවීය.

අථ ඉමස‍්මිං භද‍්දකප‍්පෙ කස‍්සපස‍්ස භගවතො කාලෙ තෙ පටිහතචිත‍්තා ජනා පෙතෙසු උප‍්පන‍්නා. තදා මනුස‍්සා අත‍්තනො අත‍්තනො ඤාතකානං පෙතානං අත්‍ථාය දානං දත්‍වා උද‍්දිසන‍්ති “ඉදං නො ඤාතීනං හොතූ”ති, තෙ සම‍්පත‍්තිං ලභන‍්ති. අථ ඉමෙපි පෙතා තං දිස‍්වා කස‍්සපං සම‍්මාසම‍්බුද‍්ධං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිංසු – “කිං නු ඛො, භන‍්තෙ, මයම‍්පි එවරූපං සම‍්පත‍්තිං ලභෙය්‍යාමා”ති? භගවා ආහ – “ඉදානි න ලභථ, අනාගතෙ පන ගොතමො නාම සම‍්මාසම‍්බුද‍්ධො භවිස‍්සති, තස‍්ස භගවතො කාලෙ බිම‍්බිසාරො නාම රාජා භවිස‍්සති, සො තුම‍්හාකං ඉතො ද‍්වානවුතිකප‍්පෙ ඤාති අහොසි, සො බුද‍්ධස‍්ස දානං දත්‍වා තුම‍්හාකං උද‍්දිසිස‍්සති, තදා ලභිස‍්සථා”ති. එවං වුත‍්තෙ කිර තෙසං පෙතානං තං වචනං “ස‍්වෙ ලභිස‍්සථා”ති වුත‍්තං විය අහොසි.

ඉක්බිති මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුන් දවස ඒ ශ්‍රද්ධා නැති (දන්කෑ) පිරිස ප්‍රේතයන්ව ප්‍රේත අපායේ ඉපදුනහ. එකල්හි මිනිස්සු තම තමන්ගේ ඤාති ප්‍රේතයන්ට හිත වැඩ පිණිස දන් දී, “ඉදං නො ඤාතීනං හොතුති” පින් අනුමෝදන් කළහ. ඔවුහු සම්පත් ලබත්, එකල්හි මේ ප්‍රේතයෝ ද එය දැක කාශ්‍යප සම්බුදුන් වෙත පැමිණ ස්වාමීනි! කුමක් හෙයින් අපිත් මෙබඳු සම්පත් ලබන්නමෝදැයි විචාළහ. භාග්‍යවතුන් වහන්සේ දැන් නොලබයි. මතු කාලයෙහි ගෞතම නමින් සම්බුදුවරයෙක් පහළ වන්නේය. එකල්හි බිම්බිසාර නම් රජෙකු වන්නේය. හෙතෙම මෙයින් දෙයානුකපකට පෙර තොපගේ ඤාතියෙකි. හෙතෙම බුදුනට දන් දී තොපට පින් අනුමෝදන් කරන්නේය. එදා තොපට සම්පත් ලැබෙන්නේ යයි වදාළහ. එසේ වදාළ කල්හි ඒ වචනය ප්‍රේතයන්ට සෙට දවසෙහි තොප සම්පත් ලබන්නහු යයි කීවාක් මෙන් වූයේය.

තතො එකස‍්මිං බුද‍්ධන‍්තරෙ වීතිවත‍්තෙ අම‍්හාකං භගවා උප‍්පජ‍්ජි. තෙපි තයො රාජපුත‍්තා පුරිසසහස‍්සෙන සද‍්ධිං දෙවලොකතො චවිත්‍වා මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ උප‍්පජ‍්ජිත්‍වා අනුපුබ‍්බෙන තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ගයාසීසෙ තයො ජටිලා අහෙසුං, ජනපදෙ නියුත‍්තකපුරිසො රාජා බිම‍්බිසාරො අහොසි, භණ‍්ඩාගාරිකො ගහපතිපුත‍්තො විසාඛො නාම සෙට‍්ඨි අහොසි, තස‍්ස පජාපති ධම‍්මදින‍්නා නාම සෙට‍්ඨිධීතා අහොසි, අවසෙසා පන පරිසා රඤ‍්ඤො එව පරිවාරා හුත්‍වා නිබ‍්බත‍්තිංසු.

එයින් පසු එක් බුද්ධාන්තරයක් ඉක්මගිය කල්හි අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල ඉහත කී රජපුත් තිදෙන පුරුෂයන් දහසක් සමග දෙව්ලොව වැඩ එයින් චුතව මගධ රට බ්‍රාහ්මණ කුලයක ඉපිද පිළිවෙලින් තවුස් පැවිද්දෙන් පැවිදිව ගයා ශීර්ෂයෙහි තුන් බෑ ජටිලයෝ වූහ. ජනපද නියුක්තක පුද්ගලයා බිම්බිසාර රජු විය. භාණ්ඩාගාරික ගෘහපති පුත්‍රයා විශාඛ නම් සිටුවරයා වූයේය. ඔහුගේ බිරිද ධම්මදින්නා නමින් සිටු දියණිය වූවාය. සෙසු ජනයා රජ පිරිස වසයෙන් උපන්හ.

අම‍්හාකම‍්පි භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා සත‍්තසත‍්තාහං අතික‍්කමිත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං ආගම‍්ම ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා පඤ‍්චවග‍්ගියෙ ආදිං කත්‍වා යාව සහස‍්සපරිවාරෙ තයො ජටිලෙ විනෙත්‍වා රාජගහං අගමාසි. තත්‍ථ ච තදහුපසඞ‍්කමන‍්තංයෙව රාජානං බිම‍්බිසාරං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි සද‍්ධිං එකාදසනහුතෙහි අඞ‍්ගමගධවාසීහි බ්‍රාහ‍්මණගහපතිකෙහි. අථ රඤ‍්ඤා ස‍්වාතනාය භත‍්තෙන නිමන‍්තිතො අධිවාසෙත්‍වා දුතියදිවසෙ මාණවකවණ‍්ණෙන සක‍්කෙන දෙවානමින්‍දෙන පුරතො ගච‍්ඡන‍්තෙන –

අපගේ භාග්‍යවතුන් වහන්සේ සත් සතියක් ගෙවා පිළිවෙලින් බරණැසට පැමිණ ධම්සක් පවත්වා පස්වග මහණුන් ආදිකොට ඇති දහසක් පිරිවර ඇතිව තුන් බෑ ජටිලයන් දමනය කොට රජගහ නුවරට වැඩමවිය. එදින එහි පැමිණ බිම්බිසාර රජු සෝවාන් පෙළෙහි පිහිටුවා, ඒ සමග අඞ්ග මගධවාසී එකොළොස් නහුතයන් බ්‍රාහ්මණ ගෘහපතියන්ට ද ධර්මාභිසමය උදාකළේය. ඉක්බිති රජු හෙට දවසට බතින් ආරාධනා කළෙන් එය ඉවසා වදාරා දෙවන දවස්හි, මාණවකයකු වශයෙන් වෙස්ගත් ශක්‍ර දේවේන්ද්‍රයා පෙරටුව යමින්.

“දන‍්තො දන‍්තෙහි සහ පුරාණජටිලෙහි, විප‍්පමුත‍්තො විප‍්පමුත‍්තෙහි; සිඞ‍්ගීනික‍්ඛසවණ‍්ණො, රාජගහං පාවිසි භගවා”ති. (මහාව· 58) –

“දැමුණු ඉඳුරන් ඇති වාසනා සහිත වූ සියලු කෙළෙසුන්ගෙන් මිදුණු රන්වන් වූ බුදු බඳ ඇති භාග්‍යවතුන් වහන්සේ, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුණු, සසරින් මිදුණු පුරාණ ජටිලයන් සමග රජගහ නුවරට වැඩි සේකැයි”

එවමාදීහි ගාථාහි අභිත්‍ථවියමානො රාජගහං පවිසිත්‍වා රඤ‍්ඤො නිවෙසනෙ මහාදානං සම‍්පටිච‍්ඡි. තෙ පන පෙතා “ඉදානි රාජා දානං අම‍්හාකං උද‍්දිසිස‍්සති, ඉදානි උද‍්දිසිස‍්සතී”ති ආසාය සම‍්පරිවාරෙත්‍වා අට‍්ඨංසු.

තුති ගී ගයද්දී, රජගහ නුවරට වැඩ බිම්බිසාර රජුගේ මාළිගයෙහි දී මහදන් පිළිගත්තේය. යට කියන ලද (දන්කෑ) ප්‍රේතයෝ දැන් රජු දන් දී අපට පින් පමුණුවනු ඇතැයි සිතා මාලිගය පිරිවරා සිටියාහුය.

රාජා දානං දත්‍වා “කත්‍ථ නු ඛො භගවා විහරෙය්‍යා”ති භගවතො විහාරට‍්ඨානමෙව චින‍්තෙසි, න තං දානං කස‍්සචි උද‍්දිසි.

රජතෙම දන් දී භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩ සිටින්නේදැයි. උන්වහන්සේගේ විහාර පහසුව පිණිසම සිතීය. කිසිවෙකුටත් පින් අනුමෝදන් නොකළේය.

තථා තං දානං අලභන‍්තා පෙතා ඡින‍්නාසා හුත්‍වා රත‍්තියං රඤ‍්ඤො නිවෙසනෙ අතිවිය භිංසනකං විස‍්සරමකංසු. රාජා භයසන‍්තාසසංවෙගං ආපජ‍්ජිත්‍වා විභාතාය රත‍්තියා භගවතො ආරොචෙහි – “එවරූපං සද‍්දං අස‍්සොසිං, කිං නු ඛො මෙ, භන‍්තෙ, භවිස‍්සතී”ති? භගවා “මා භායි, මහාරාජ, න තෙ කිඤ‍්චි පාපකං භවිස‍්සති, අපිච ඛො සන‍්ති තෙ පුරාණඤාතකා පෙතෙසු උප‍්පන‍්නා. තෙ එකං බුද‍්ධන‍්තරං තමෙව පච‍්චාසීසන‍්තා ‘බුද‍්ධස‍්ස දානං දත්‍වා අම‍්හාකං උද‍්දිසිස‍්සතී’ති විචරන‍්තා තයා හිය්‍යො දානං දත්‍වා න උද‍්දිසිතත‍්තා ඡින‍්නාසා හුත්‍වා තථාරූපං විස‍්සරමකංසූ”ති ආහ. “කිං ඉදානිපි, භන‍්තෙ, දින‍්නෙ තෙ ලභෙය්‍යු”න‍්ති? “ආම, මහාරාජා”ති. “තෙන හි, භන‍්තෙ, අධිවාසෙතු මෙ භගවා අජ‍්ජතනාය දානං, තෙසං උද‍්දිසිස‍්සාමී”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

එසේ ඒ දන් දීමෙන් කිසිදු පිනක් නොලත්. ඒ ප්‍රේතයෝ සිඳුණු ආශා ඇතිව රාත්‍රි කාලයේ රජ මාලිගය වටකොට ඉතා බියකරු ලෙස ශබ්ද නැගූහ. රජු භයට ද, සන්ත්‍රාසයට ද සංවේගයට ද පැමිණ රැය පහන් වූ කල්හිම ගොස් බුදුරදුන්ට එපවත් කීය. වහන්ස මම මෙබඳු වූ බියකරු ශබ්ද ඇසුවෙමි. මට කුමක් වන්නේද? එවිට භාග්‍යවතුන් වහන්සේ “මහරජ බිය නොවෙව තොපට මෙයින් කිසි නපුරෙක් නැත. තොපට යහපතක් වන්නේය. ඔබගේ පුරාණ ඤාතීහු ලෝකයෙහි උපන්නෝ වෙති. ඒ ප්‍රේතයෝ එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ඔබවම පතමින් ආහ. ඔව්හු ඔබ බුදුන්ට දන් දී අපට පින් දෙන්නේය’යි සිතමින් ඔව්හු හැසිරුණෝය. එහෙත් තොප විසින් ඊයේ දන් දී පින් නුදුන් බැවින් සුන් වූ බලාපොරොත්තු ඇතිව එබඳු වූ භයානක ශබ්ද කළෝ යයි වදාළහ. කිමෙක් ද ස්වාමීනි දැන් පින් දුන් කල්හි ඔවුන් සම්පත් ලබාවිදැයි විචාළේය. එසේය මහරජ! එසේනම් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ අද දවසේ මගේ දානය ඉවසාවා ඒ ප්‍රේතයන්ට පින් දෙමැයි කීහ. භාග්‍යවතුන් නිශ්ශබ්දභාවයෙන් එය ඉවසා වදාළ සේක.

රාජා නිවෙසනං ගන‍්ත්‍වා මහාදානං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි . භගවා රාජන‍්තෙපුරං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. තෙ පෙතා “අපි නාම අජ‍්ජ ලභෙය්‍යාමා”ති ගන‍්ත්‍වා තිරොකුට‍්ටාදීසු අට‍්ඨංසු. භගවා තථා අකාසි, යථා තෙ සබ‍්බෙව රඤ‍්ඤො ආපාථං ගතා අහෙසුං. රාජා දක‍්ඛිණොදකං දෙන‍්තො “ඉදං මෙ ඤාතීනං හොතූ”ති උද‍්දිසි. තාවදෙව පෙතානං කමලකුවලයසඤ‍්ඡන‍්නා පොක‍්ඛරණියො නිබ‍්බත‍්තිංසු. තෙ තත්‍ථ න‍්හත්‍වා ච පිවිත්‍වා ච පටිප‍්පස‍්සද‍්ධදරථකිලමථපිපාසා සුවණ‍්ණවණ‍්ණා අහෙසුං. රාජා යාගුඛජ‍්ජභොජ‍්ජානි දත්‍වා උද‍්දිසි. තෙසං තඞ‍්ඛණඤ‍්ඤෙව දිබ‍්බයාගුඛජ‍්ජභොජ‍්ජානි නිබ‍්බත‍්තිංසු. තෙ තානි පරිභුඤ‍්ජිත්‍වා පීණින්‍ද්‍රියා අහෙසුං. අථ වත්‍ථසෙනාසනානි දත්‍වා උද‍්දිසි. තෙසං දිබ‍්බවත්‍ථපාසාදපච‍්චත්‍ථරණසෙය්‍යාදිඅලඞ‍්කාරවිධයො නිබ‍්බත‍්තිංසු. සා ච තෙසං සම‍්පත‍්ති සබ‍්බාපි යථා රඤ‍්ඤො පාකටා හොති, තථා භගවා අධිට‍්ඨාසි. රාජා තං දිස‍්වා අතිවිය අත‍්තමනො අහොසි. තතො භගවා භුත‍්තාවී පවාරිතො රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස අනුමොදනත්‍ථං තිරොකුට‍්ටපෙතවත්‍ථුං අභාසි –

රජු මාළිගාවට ගොස් මහා දන් පිළියෙළ කරවා බුදුන් වහන්සේට කල් දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා සමග රජගෙදරට වැඩමවා පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඒ ප්‍රේතයෝ ද “අද අපි සැප ලබන්නෙමු යයි සිතා ගොස් බිත්ති ප්‍රාකාර ආදියෙන් පිටත උන්නාහ. යම්සේ ඒ ප්‍රේතයින් සියල්ලන්ම, භාග්‍යවතුන් වහන්සේ විසින් රජුගේ ඇස් හමුවට දක්වන ලද සේක. රජු දානය සඳහා පැන් පිළිගන්වමින් “මාගේ ඤාති ප්‍රේතයින්ට මේ පින ලැබේවා”යි උදෙසුවේය. එකෙණෙහිම ප්‍රේතයින්ට නෙළුම් උපුල් ආදියෙන් ගැවසී ගත් සිසිල් සෙවණ ඇති පොකුණු පහළවූහ. ඒ ප්‍රේතයෝ ඒ පොකුණුවලට බැස දිය නා වතුර බී සිරුරු දාහය වළක්වා රන්වන් ශරීර ඇත්තෝ වූහ. රජතෙම කැඳ බත් කැවිලි පෙවිලි පිරිනමා එහි පින් උදෙසුවේය. එකෙණෙහිම ඔව්හු දිව්‍යමය වූ කැඳ බත් කැවිලි පෙවිලි ලදහ. ඔහු ඒවා භුක්තිවිඳ පිණ වූ ඉඳුරන් ඇත්තෝ වූහ. අනතුරුව රෙදි පිළි හා සෙනසුන් පුදා ඒ පින් උදෙසූහ. ඔවුන්ට දිව්‍ය වස්ත්‍ර ප්‍රාසාද පසතුරුණු. සෙනසුන් ආදී විසිතුරු දේවල් පහළවිය. ඔවුන් ලත් මේ සියළු සම්පත් රජුට ප්‍රකට වේවායි භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කළහ. රජු එය දැක ඉතා සතුටු සිත් ඇත්තේ විය. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ දන් වළදා පවාරණය කොට බිම්බිසාර රජුට අනුමෝදනා කරමින් තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව වදාළහ.

“තිරොකුට‍්ටෙසු තිට‍්ඨන‍්ති, සන්‍ධිසිඞ‍්ඝාටකෙසු ච; ද‍්වාරබාහාසු තිට‍්ඨන‍්ති, ආගන‍්ත්‍වාන සකං ඝරං.

14. තමන්ගේ ඤාති ප්‍රේතයෝ ගෙවල්, තාප්ප, බිත්ති වලට පිටත් තන්හි ද සතර මං සන්ධි, තුංමං සන්ධි, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි වල ද, නගරයන්හි හා ගෙවල් වල දොර බාවන්හි ද, තමන් විසූ ගෘහයට විසූ ගෘහයට ද අවුත් සිටිති.

“පහූතෙ අන‍්නපානම‍්හි, ඛජ‍්ජභොජ‍්ජෙ උපට‍්ඨිතෙ; න තෙසං කොචි සරති, සත‍්තානං කම‍්මපච‍්චයා.

15. බොහෝ වූ ආහාර පාන ද කන බොන දේවල් ද පිළියෙළ කළ කල්හි ඒ (ප්‍රේත) සත්ත්වයන්ගේ කර්ම හේතුවෙන්, තද මසුරු බවින් කිසිවෙක් ඔවුන් සිහි නොකරයි.

“එවං දදන‍්ති ඤාතීනං, යෙ හොන‍්ති අනුකම‍්පකා; සුචිං පණීතං කාලෙන, කප‍්පියං පානභොජනං.

16. නෑයන් අතුරෙන් අනුකම්පා කරන්නා වූ හිතවත් වූ යම් කිසි පුත්‍රාදී කෙනෙක් ඇද්ද? ප්‍රණීත වූ උදාර වූ කැප වූ ආහාර පාන වර්ග, සුදුසු කාලයෙහි දක්ෂිණාර්හයන්ට පරිනමා,

“ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො; තෙ ච තත්‍ථ සමාගන‍්ත්‍වා, ඤාතිපෙතා සමාගතා; පහූතෙ අන‍්නපානම‍්හි, සක‍්කච‍්චං අනුමොදරෙ.

17. මේ පින අපගේ ඤාති ප්‍රේතයන්ට වේවා. අපගේ ඤාති ප්‍රේතයෝ සුවපත් වෙත්වා! යි පින්දෙත් ද? ඒ ඤාති ප්‍රේතයෝ ඒ දන් දෙන තැනට අවුත් එක් රැස්ව, බොහෝ වු ආහාර පාන වර්ග (දුන්කල්හි) එකඟ සිත් ඇතිව අනුමෝදන් වෙත්

“චිරං ජීවන‍්තු නො ඤාතී, යෙසං හෙතු ලභාමසෙ; අම‍්හාකඤ‍්ච කතා පූජා, දායකා ච අනිප‍්ඵලා.

18. යම් අය නිසා මෙවැනි සම්පත් ලබමෝ ද? ඒ අපගේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා. අපටත් පුජා කරන ලද්දීය. දායකයෝත් ප්‍රතිඵල සහිතයෝ වෙත්,

“න හි තත්‍ථ කසි අත්‍ථි, ගොරක‍්ඛෙත්‍ථ න විජ‍්ජති; වණිජ‍්ජා තාදිසී නත්‍ථි, හිරඤ‍්ඤෙන කයාකයං; ඉතො දින‍්නෙන යාපෙන‍්ති, පෙතා කාලගතා තහිං.

19. ඒ ප්‍රේත විෂයෙහි ගොවිතැන් බත් නැත්තේය. ගෙරි සරක් රැකීමක් ද නැත්තේය. 20. එබඳු වෙළඳාමකුත් නැත. රන් රිදී කහවණු ආදියෙන් ගනුදෙනුවක් ද නැත. කළුරිය කරන ලද ප්‍රේතයෝ ඒ ප්‍රේත අපායෙහි මෙලොවින් දෙන පිනින් පමණක්ම යැපෙති.

“උන‍්නමෙ උදකං වුට‍්ඨං, යථා නින‍්නං පවත‍්තති; එවමෙව ඉතො දින‍්නං, පෙතානං උපකප‍්පති.

21. උස් ප්‍රදේශයේ වැස්සෙන් වසින ජලය යම්සේ පහත් තැන කරා යයි ද එපරිද්දෙන් මේ මිනිස්ලොව සිටින නෑ මිතුරන් විසින් දෙන ලද පින් ප්‍රේතයන් වෙත පැමිණේ.

“යථා වාරිවහා පූරා, පරිපූරෙන‍්ති සාගරං; එවමෙව ඉතො දින‍්නං, පෙතානං උපකප‍්පති.

22. යම්සේ මහා නදීහු වැස්සෙන් පිරී මහ සයුර පුරවන්නේද? එසේම මෙලොවින් දෙන ලද පින් ප්‍රේතයන්ට ලැබේ.

“අදාසි මෙ අකාසි මෙ, ඤාතිමිත‍්තා සඛා ච මෙ; පෙතානං දක‍්ඛිණං දජ‍්ජා, පුබ‍්බෙ කතමනුස‍්සරං.

23. මේ මගේ ඤාතියෙකි. මොහු විසින් මට මේ දේ දෙන ලදි. මගේ මේ කාර්යය කළේය. මගේ යහළුවෙක, සභායයෙක ඔවුන් විසින් පෙර කරන ලද උපකාර සිහි කිරිමෙන් ප්‍රේතයන්ට පින් දිය යුතුය.

“න හි රුණ‍්ණං වා සොකො වා, යා චඤ‍්ඤා පරිදෙවනා; න තං පෙතානමත්‍ථාය, එවං තිට‍්ඨන‍්ති ඤාතයො.

24. හැඬීම හෝ ශෝක කිරීම හෝ විලාප කීම නොකටයුතුය. ඒ ශෝක කිරීම් හැඬීම් විලාප කීම් ආදියෙන් ප්‍රේතයන්ට (මළගියවුන්ට) වැඩක් නොවේ

“අයඤ‍්ච ඛො දක‍්ඛිණා දින‍්නා, සඞ‍්ඝම‍්හි සුප‍්පතිට‍්ඨිතා; දීඝරත‍්තං හිතායස‍්ස, ඨානසො උපකප‍්පති.

25. සඞ්ඝයා විෂයෙහි දෙන ලද දක්ෂිණාව, බොහෝ කාලයක් ඒ ප්‍රේතයන්ට හිත සුව පිණිස පවතින්නේමය.

“සො ඤාතිධම‍්මො ච අයං නිදස‍්සිතො, පෙතාන පූජා ච කතා උළාරා; බලඤ‍්ච භික‍්ඛූනමනුප‍්පදින‍්නං, තුම‍්හෙහි පුඤ‍්ඤං පහුතං අනප‍්පක”න‍්ති.

26. ඒ දක්වන ලද්දේ ඤාති ධර්මයයි. නෑයන්ට නෑයන් විසින් කළයුතු දේයි. ප්‍රියන්ට මහත් වූ උපකාරයක් කරන ලදී. භික්ෂුන්ට කාය බලය ද දෙන ලද නිසා තොප ද පින් රැස් කර ගත්තාහු වෙති.

තත්‍ථ තිරොකුට‍්ටෙසූති කුට‍්ටානං පරභාගෙසු. තිට‍්ඨන‍්තීති නිසජ‍්ජාදිපටික‍්ඛෙපතො ඨානකප‍්පනවචනමෙතං, ගෙහපාකාරකුට‍්ටානං ද‍්වාරතො බහි එව තිට‍්ඨන‍්තීති අත්‍ථො. සන්‍ධිසිඞ‍්ඝාටකෙසු චාති සන්‍ධීසු ච සිඞ‍්ඝාටකෙසු ච. සන්‍ධීති චතුක‍්කොණරච‍්ඡා, ඝරසන්‍ධිභිත‍්තිසන්‍ධිආලොකසන්‍ධියොපි වුච‍්චන‍්ති. සිඞ‍්ඝාටකාති තිකොණරච‍්ඡා. ද‍්වාරබාහාසු තිට‍්ඨන‍්තීති නගරද‍්වාරඝරද‍්වාරානං බාහා නිස‍්සාය තිට‍්ඨන‍්ති. ආගන‍්ත්‍වාන සකං ඝරන‍්ති සකඝරං නාම පුබ‍්බඤාතිඝරම‍්පි අත‍්තනා සාමිභාවෙන අජ‍්ඣාවුත්‍ථඝරම‍්පි, තදුභයම‍්පි තෙ යස‍්මා සකඝරසඤ‍්ඤාය ආගච‍්ඡන‍්ති, තස‍්මා “ආගන‍්ත්‍වාන සකං ඝර”න‍්ති ආහ.

එහි තිරොකුඩ්ඩෙසු- බිත්ති පිටුපස, තිට්ඨන්ති - හිදීම් නිදාගැනීම් ආදිය ප්‍රතික්ෂේප කොට සිටීමට පමණක්, ගෘහයෙහි තාප්ප, බිත්ති, දොරකොටු ආදියට පිටින් සිටී යන අර්ථයි. සන්‍ධිසඞ්ඝාට කෙසුච - සන්ධි ද, කුරුසයක් වැනි තැන් ද සන්ධි යන්නෙන් ගැනේ. සතරමං සන්ධි, ගෙවල් අතර ඇති සන්ධි, බිත්ති සන්ධි, ජනේල වාකවුළු ආදිය කියයි “සිඞ්සාටකං” සතරමංසන්ධි - තුන්මංසන්ධි, ද්වාර බාහාසු තිට්ඨන්ති - නගර දොරටු - ගෙයි දොරටු පිටුපස (මුළුවල) ඇසුරකරගෙන සිටිත් - ආගනත්‍වාන සකං ඝරං - ස්වකීය. ගෘහය නම් පෙර ඥාතීන්ගේ ගෙය ද, තමන් ස්වාමී භාවයෙන් ගෘහමුලික වශයෙන් සිටි ගෙය ද වේ. මේ දෙකම ඔහු තමන්ගේය යන හැඟීමෙන් ඒ ගෙවලට පැමිණෙති එහෙයින් සිය ගෙදරට ආවේ යයි කීය.

එවං භගවා පුබ‍්බෙ අනජ‍්ඣාවුත්‍ථපුබ‍්බම‍්පි පුබ‍්බඤාතිඝරත‍්තා බිම‍්බිසාරනිවෙසනං සකඝරසඤ‍්ඤාය ආගන‍්ත්‍වා තිරොකුට‍්ටාදීසු ඨිතෙ ඉස‍්සාමච‍්ඡරියඵලං අනුභවන‍්තෙ අතිවිය දුද‍්දසිකවිරූපභයානකදස‍්සනෙ බහූ පෙතෙ රඤ‍්ඤො දස‍්සෙන‍්තො “තිරොකුට‍්ටෙසු තිට‍්ඨන‍්තී”ති ගාථං වත්‍වා පුන තෙහි කතස‍්ස කම‍්මස‍්ස දාරුණභාවං දස‍්සෙන‍්තො “පහූතෙ අන‍්නපානම‍්හී”ති දුතියගාථමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ (එකී ප්‍රේතයන්) පෙර නොවිසූ නමුත්, අතීතයේ නෑයෙකුගේ ගෙයක් බැවින් බිම්බිසාර රජුගේ මාලිගාවට තමන්ගේ ගෙයය යන හැඟීමෙන් අවුත්, බිත්ති ආදියෙන් පිටත සිටියා වූ ඊර්ෂ්‍යාව තණ්හාව මසුරු බව, යන අකුසලයන්ගේ විපාක විඳින්නා වූ අතිශයින් දැක්ක නොහැකි වූ විරූපව වූ, බියකරු වූ දැකුම් ඇත්තා වූ ප්‍රේතයන් රජුට දක්වමින් “තිරො කුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී ගාථාව වදාරා, නැවත ඔවුන් විසින් කළ අකුශලයන්ගේ දරුණු බව දක්වමින් “පහූතෙ අන්නපානම්හි” යන දෙවෙනි ගාථාව වදාළහ.

තත්‍ථ පහූතෙති අනප‍්පකෙ බහුම‍්හි, යාවදත්‍ථෙති අත්‍ථො . බ-කාරස‍්ස හි ප-කාරො ලබ‍්භති “පහු සන‍්තො න භරතී”තිආදීසු (සු· නි· 98) විය. කෙචි පන “බහුකෙ”ති පඨන‍්ති, සො පන පමාදපාඨො. අන‍්නපානම‍්හීති අන‍්නෙ ච පානෙ ච. ඛජ‍්ජභොජ‍්ජෙති ඛජ‍්ජෙ ච භොජ‍්ජෙ ච. එතෙන අසිතපීතඛායිතසායිතවසෙන චතුබ‍්බිධම‍්පි ආහාරං දස‍්සෙති. උපට‍්ඨිතෙති උපගම‍්ම ඨිතෙ සජ‍්ජිතෙ, පටියත‍්තෙති අත්‍ථො. න තෙසං කොචි සරති සත‍්තානන‍්ති තෙසං පෙත‍්තිවිසයෙ උප‍්පන‍්නානං සත‍්තානං කොචි මාතා වා පිතා වා පුත‍්තො වා නත‍්තා වා න සරති. කිං කාරණා? කම‍්මපච‍්චයාති, අත‍්තනා කතස‍්ස අදානදානපටිසෙධනාදිභෙදස‍්ස කදරියකම‍්මස‍්ස කාරණභාවතො. තඤ‍්හි කම‍්මං තෙසං ඤාතීනං සරිතුං න දෙති.

එහි පහූතෙ - ආහාර හා බීම වර්ග බොහොමයක්, යම්තාක් යන අර්ථය ‘බ’ කාරය වෙනුවට ‘ප’ කාරය ලබයි. “පහුසන්තො නහරති” ආදියෙහි මෙනි. සමහර තැනක “බහුක” යයි පාඨයන් එයි. එය වනාහි වරද සහිත යෙදුමකි. අන්නපානම්හි - කන බොන දේ, බජ්ජ භොජ්ජෙ - ඛාද්‍ය භෝදය, වළදන ද්‍රව්‍ය, කැද ආදී බොන ද්‍රව්‍ය, පිටි කැවුම් ආදී කෑලි කඩා කන ද්‍රව්‍ය, මී පැණි වැනි බොන ද්‍රව්‍ය, යන සතරාකාර ආහාර දක්වයි. උපට්ඨිතෙ - පැමිණි සිටි කල්හි, සුදානම්ව සිටි කල්හි, පිළියෙළ කළ අවස්ථාවේ යන අර්ථයි. න තෙසං සරති සත්තා නං - යනු, මෙසේ ප්‍රේත යෝනියෙහි උපන් සත්ත්වයන් මව් හෝ පියා හෝ, දූ දරුවන් හෝ මුණුබුරු මිණිබිරියන් හෝ සිහි නොකරයි. කවර හෙයින් ද? කම්ම පච්චයා - තමන් විසින් කරන ලද, දන්නොදී, දෙන දන වැළැක්වීම, තද මසුරුකම, ආදී කර්මයන්ගේ හේතුවෙනි. ඒ කර්මයන් නිසා මළ ගියවුන් සිහි කිරීමට ඤාතීන්ට අවකාශ නොදෙණි.

එවං භගවා අනප‍්පකෙපි අන‍්නපානාදිම‍්හි විජ‍්ජමානෙ ඤාතීනං පච‍්චාසීසන‍්තානං පෙතානං කම‍්මඵලෙන ඤාතකානං අනුස‍්සරණමත‍්තස‍්සාපි අභාවං දස‍්සෙත්‍වා ඉදානි පෙත‍්තිවිසයුපපන‍්නෙ ඤාතකෙ උද‍්දිස‍්ස රඤ‍්ඤා දින‍්නදානං පසංසන‍්තො “එවං දදන‍්ති ඤාතීන”න‍්ති තතියගාථමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ වූ ආහාර පාන ඇති කල්හි ද, ඤාතීන් බලාපොරොත්තුවන ප්‍රේතයන්ගේ පාප කර්ම නිසා නෑයන්ට සිහි කිරිම් පමණටවත් අවස්ථාවක් නො දක්වා, ප්‍රේත විෂයෙහි උපන්නා වූ මේ නෑදෑයන් උදෙසා රජු විසින් දෙන ලද දානය ප්‍රශංසා කරමින් “එව දදන්ති ඤාතී නං” යන ගාථා වදාළහ.

තත්‍ථ එවන‍්ති උපමාවචනං. තස‍්ස ද‍්විධා සම‍්බන්‍ධො – තෙසං සත‍්තානං කම‍්මපච‍්චයා අසරන‍්තෙසුපි කෙසුචි කෙචි දදන‍්ති ඤාතීනං, යෙ එවං අනුකම‍්පකා හොන‍්තීති ච, මහාරාජ, යථා තයා දින‍්නං, එවං සුචිං පණීතං කාලෙන කප‍්පියං පානභොජනං දදන‍්ති ඤාතීනං, යෙ හොන‍්ති අනුකම‍්පකාති ච. තත්‍ථ දදන‍්තීති දෙන‍්ති උද‍්දිසන‍්ති නිය්‍යාතෙන‍්ති. ඤාතීනන‍්ති මාතිතො ච පිතිතො ච සම‍්බන්‍ධානං. යෙති යෙ කෙචි පුත‍්තාදයො. හොන‍්තීති භවන‍්ති. අනුකම‍්පකාති අත්‍ථකාමා හිතෙසිනො. සුචින‍්ති සුද‍්ධං මනොහරං ධම‍්මිකඤ‍්ච. පණීතන‍්ති උළාරං. කාලෙනාති දක‍්ඛිණෙය්‍යානං පරිභොගයොග‍්ගකාලෙන, ඤාතිපෙතානං වා තිරොකුට‍්ටාදීසු ආගන‍්ත්‍වා ඨිතකාලෙන. කප‍්පියන‍්ති අනුච‍්ඡවිකං පතිරූපං අරියානං පරිභොගාරහං. පානභොජනන‍්ති පානඤ‍්ච භොජනඤ‍්ච, තදුපදෙසෙන චෙත්‍ථ සබ‍්බං දෙය්‍යධම‍්මං වදති.

එහි එවං යනු උපමා වචනයි - එය දෙපරිද්දෙකින් සම්බන්ධ වේ. ඒ ප්‍රේත සත්ත්වයන්ගේ අකුශල කර්ම හේතුවෙන් ඔවුන් සිහි නො කරන කල්හි ද, යම්කිසි කෙනෙක් ඒ ඤාතීන්ට අනුකම් පා කරන්නේ වේද? මහරජතුමනි! යම් පරිද්දෙකින් ඔබ විසින් දෙන ලද මේ පිරිසිදු වූ ප්‍රණීත වූ, දක්ෂිණර්භයන්ට සුදුසු වූ කාලයෙහි, ආර්යයන්ගේ පරිභෝගයට කැප වූ, ආහාර පාන දන් දුන්නේ, ඒ ඤාති ප්‍රේතයන්ට අනුකම්පාවෙන්මය. එහි දදන්ති උදෙසා දෙනු ලබයි. ඤාතීනං මව් පිය දෙපාර්ශවයෙන්ම සම්බන්ධ වූයේ කිසියම් පුත්‍රාදී කෙනෙක් හොන්ති වෙත්, අනුකම්පකා යනු හිත වැඩ පිණිස පවත්නා හිතවත් බව සුථිං - පිරිසිදු මනහර වූ, සිත් පිනවන්නා වූ, පණීතං - මහත් වූ, මිහිරි වූ, කාලෙනා, දක්ෂිණාර්හයන්ගේ පරිභෝගයට සුදුසු කාලයෙහි, ඤාති ප්‍රේතයින් බිත්ති ප්‍රාකාර සමීපයට පැමිණ සිටි කල්හි, කප්පියං - යනු සුදුසු වූ, යෝග්‍ය වූ, ආර්යයන්ගේ පරිභෝගයට උචිත වූ රුචිකර වූ, පාන භොජනං - යනු - පියයුතු වූ ද, කෑ යුතු වූ ද, ඒ ප්‍රදේශයේ ඇති සියලු දිය යුතු වස්තු - කියයි.

ඉදානි යෙන පකාරෙන තෙසං පෙතානං දින‍්නං නාම හොති, තං දස‍්සෙන‍්තො “ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො”ති චතුත්‍ථගාථාය පුබ‍්බඩ‍්ඪං ආහ. තං තතියගාථාය පුබ‍්බඩ‍්ඪෙන සම‍්බන්‍ධිතබ‍්බං –

මේ අයුරින් දක්ෂිණාර්හයන්ට දන් දීම, ඒ ප්‍රේතයන්ට දුන්නා නම් වේ. එය දක්වන්නේ “ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” ආදිය පූර්වයෙහි කියන ලදී. එහි තෙවැනි ගාථාව පූර්වාර්ධයට සම්බන්ධ කටයුතුයි.

“එවං දදන‍්ති ඤාතීනං, යෙ හොන‍්ති අනුකම‍්පකා; ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො”ති.

තෙන “ඉදං වො ඤාතීනං හොතූති එවං පකාරෙන දදන‍්ති, නො අඤ‍්ඤථා”ති ආකාරත්‍ථෙන එවංසද‍්දෙන දාතබ‍්බාකාරනිදස‍්සනං කතං හොති.

යම්කිසි කෙනෙක් අනුකම්පා පූර්වකව මෙසේ ඤාතීන්ට පින් දෙන්නේ ද, “ඉදං තො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො” එහෙයින් ‘ඉදංවා ඤාතීනං හොතුති’, මේ අයුරින්

තත්‍ථ ඉදන‍්ති දෙය්‍යධම‍්මනිදස‍්සනං. වොති නිපාතමත‍්තං “යෙහි වො අරියා”තිආදීසු (ම· නි· 1.36) විය. ඤාතීනං හොතූති පෙත‍්තිවිසයෙ උප‍්පන‍්නානං ඤාතකානං හොතු. “නො ඤාතීන”න‍්ති ච පඨන‍්ති, අම‍්හාකං ඤාතීනන‍්ති අත්‍ථො. සුඛිතා හොන‍්තු ඤාතයොති තෙ පෙත‍්තිවිසයූපපන‍්නා ඤාතයො ඉදං ඵලං පච‍්චනුභවන‍්තා සුඛිතා සුඛප‍්පත‍්තා හොන‍්තු.

එහි ඉදං යනු දියයුතු දාන වස්තුව දක්වයි. වො - යනු නිපාත මාත්‍රයකි, යෙහි වො අරියාති ආදියෙහි මෙනි, ඤාතීනං හොතු - ප්‍රේත යෝනියෙහි උපන්නා වූ ඤාතීන්ට වේවා. නො ඤාතීනං යනු ද පාඨයකි. අපගේ නෑයින් යන අර්ථයයි. සුඛිතා හොන්තු ඤාතයො - ඒ ප්‍රේත යෝනියෙහි උපන්නා වූ ඤාතීහු, මෙහි ඵල විපාක විදිමින් සුවපත් වෙත්වා. සැපයට පැමිණෙත්වා

යස‍්මා “ඉදං වො ඤාතීනං හොතූ”ති වුත‍්තෙපි අඤ‍්ඤෙන කතකම‍්මං න අඤ‍්ඤස‍්ස ඵලදං හොති , කෙවලං පන තථා උද‍්දිස‍්ස දීයමානං තං වත්‍ථු ඤාතිපෙතානං කුසලකම‍්මස‍්ස පච‍්චයො හොති, තස‍්මා යථා තෙසං තස‍්මිං වත්‍ථුස‍්මිං තස‍්මිංයෙව ඛණෙ ඵලනිබ‍්බත‍්තකං කුසලකම‍්මං හොති, තං දස‍්සෙන‍්තො “තෙ ච තත්‍ථො”තිආදිමාහ.

යම්හෙයකින් මේ පින් ඤාතීන්ට වේවායි කී කල්හිදු අනිකෙකු විසින් කළ කර්මය අනිකු හට විපාක දෙන්නේ නො වේද? හුදෙක් වනාහි එසේ උදෙසා දෙනු ලබන්නා වූ ඒ දාන වස්තුව ඤාති ප්‍රේතයින්ට කුශල කර්මයට ප්‍රත්‍යය වේද? එකෙණෙහිම විපාක උපදින්නා වූ කුශල කර්මයක් වේ. එය දක්වමින් තෙචතත්‍ථ ආදිය කීය.

තත්‍ථ තෙති ඤාතිපෙතා. තත්‍ථාති යත්‍ථ දානං දීයති, තත්‍ථ. සමාගන‍්ත්‍වාති “ඉමෙ නො ඤාතයො අම‍්හාකං අත්‍ථාය දානං උද‍්දිසන‍්තී”ති අනුමොදනත්‍ථං තත්‍ථ සමාගතා හුත්‍වා. පහූතෙ අන‍්නපානම‍්හීති අත‍්තනො උද‍්දිස‍්ස දීයමානෙ තස‍්මිං වත්‍ථුස‍්මිං. සක‍්කච‍්චං අනුමොදරෙති කම‍්මඵලං අභිසද‍්දහන‍්තා චිත‍්තීකාරං අවිජහන‍්තා අවික‍්ඛිත‍්තචිත‍්තා හුත්‍වා “ඉදං නො දානං හිතාය සුඛාය හොතූ”ති මොදන‍්ති අනුමොදන‍්ති පීතිසොමනස‍්සජාතා හොන‍්ති.

එහි තෙ යනු ඤාති ප්‍රේතයෝ වෙති. තත්‍ථා යම් දානයක් දෙනු ලැබුවේද? එයයි සමාගනත්‍වා යනු මේ අපගේ ඤාතීහූ අප වෙනුවෙන් දන් දී උදෙසන්නේ යයි අනුමෝදන් වීම සඳහා එහි එක් රැස්වී, පහූතෙ අන්නපානම්හි තමන් උදෙසා දෙන ලද එම වස්තුවෙහි සක්කච්චං අනුමොදරෙ - (එකඟ සිත් ඇතිව අනුමෝදන් වෙත්) කර්මඵල විශ්වාස කරමින්, ගෞරව කරමින් (සිතෙන අයුරින්) අදහමින්, සන්සුන් සිතින් යුතුව මේ දානය අපට හිත සුව පිණිස වේවායි අනුමෝදන් වෙති. අනුමෝදන් වී ප්‍රීතියට ද සොම්නසට ද පත්වෙති.

චිරං ජීවන‍්තූති චිරං ජීවිනො දීඝායුකා හොන‍්තු. නො ඤාතීති අම‍්හාකං ඤාතකා. යෙසං හෙතූති යෙසං කාරණා යෙ නිස‍්සාය. ලභාමසෙති ඊදිසං සම‍්පත‍්තිං පටිලභාම. ඉදඤ‍්හි උද‍්දිසනෙන ලද‍්ධසම‍්පත‍්තිං අනුභවන‍්තානං පෙතානං අත‍්තනො ඤාතීනං ථොමනාකාරදස‍්සනං. පෙතානඤ‍්හි අත‍්තනො අනුමොදනෙන, දායකානං උද‍්දිසනෙන, උක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තියා චාති තීහි අඞ‍්ගෙහි දක‍්ඛිණා තඞ‍්ඛණඤ‍්ඤෙව ඵලනිබ‍්බත‍්තිකා හොති. තත්‍ථ දායකා විසෙසහෙතු. තෙනාහ “යෙසං හෙතු ලභාමසෙ”ති. අම‍්හාකඤ‍්ච කතා පූජාති “ඉදං වො ඤාතීනං හොතූ”ති එවං උද‍්දිසන‍්තෙහි දායකෙහි අම‍්හාකඤ‍්ච පූජා කතා, තෙ දායකා ච අනිප‍්ඵලා යස‍්මිං සන‍්තානෙ පරිච‍්චාගමයං කම‍්මං නිබ‍්බත‍්තං තස‍්ස තත්‍ථෙව ඵලදානතො.

චිරං ජීවන්තු - චිරාත් කාලයක් බොහෝ කාලයක් ජීවත් වෙත්වා - දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත්වා - දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත්වා. නො ඤාතීහි, අපගේ නැදෑයෝ යෙසං හෙතු - යම් කරුණක් හේතුවෙන්, යමක් නිසා, ලභාමසෙ - මෙවැනි සම්පත් ලැබුවෙමු. දැන් උදෙසන ලද පිණින් ලත් සම්පත් භුක්තිවිදිමින්, තමන්ගේ ඤාතීන්ට ස්තූති කරන අයුරු දක්වයි. තමන්ගේ අනුමෝදනයෙන් ද, දායකයන්ගේ උදෙසීමෙන් ද, දක්ෂීණර්භ සම්පත්තියෙන්ද, යන තුන් අයුරින් දක්ෂිණාව ඒ ක්ෂණයෙම විපාක උපදවන්නේ වේ. එහි දායකයෝ විශේෂ හේතුවයි. යෙසං හොතු ලභාමසෙ යන්න එහෙයින් කියන ලදී. අම්හාකඤ්ච කතා පූජා - ඉදං මෙ ඤාතීනං හොතු යනුවෙන් උදෙසන්නා වූ දායකයන් විසින් අපටත් පුජාවක් කරන ලදී. දායකාච අනිප්ඵලා - යම් කෙනෙකුගේ සිත්හි පරිත්‍යාගමය කර්මය උපන්නේ ද? එහි ඵල විපාක දෙන හෙයින්,

එත්‍ථාහ – “කිං පන පෙත‍්තිවිසයූපපන‍්නා එව ඤාතී හෙතුසම‍්පත‍්තියො ලභන‍්ති, උදාහු අඤ‍්ඤෙපී”ති? න චෙත්‍ථ අම‍්හෙහි වත‍්තබ‍්බං, අත්‍ථි භගවතා එවං බ්‍යාකතත‍්තා. වුත‍්තඤ‍්හෙතං –-

එහි ප්‍රේත විෂයෙහි උපන් අය පමණක්ම, ඤාතීන් විසින් දෙන සම්පත් ලබත්ද? නොහොත් අන්‍යයෝත් ලබත්ද? මෙහි අප විසින් කිවයුත්තේ නැත. භාග්‍යවතුන් වහන්සේ විසින්ම එය කියන ලද හෙයිනි.

“මයමස‍්සු, භො ගොතම, බ්‍රාහ‍්මණා නාම දානානි දෙම, පුඤ‍්ඤානි කරොම ‘ඉදං දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප‍්පතු, ඉදං දානං පෙතා ඤාතිසාලොහිතා පරිභුඤ‍්ජන‍්තූ’ති. කච‍්චි තං, භො ගොතම, දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප‍්පති , කච‍්චි තෙ පෙතා ඤාතිසාලොහිතා තං දානං පරිභුඤ‍්ජන‍්තීති? ඨානෙ ඛො, බ්‍රාහ‍්මණ, උපකප‍්පති, නො අට‍්ඨානෙති.

භගවත් ගෞතමයෙනි! අපි බ්‍රාහ්මණයෝ නම් වෙමු. දන් දෙමු. පින් කරමු. මේ දානය අපේ සහලේ ඤාතීන් වූ ප්‍රේතයන්ට ලැබේවා. මේ දානය අපේ සහලේ ඤාතීන් වූ ප්‍රේතයෝ භුක්ති විදීවා. කෙසේද? පින්වත් ගෞතමයන් වහන්ස ඔවුන්ට ඒ දානය ලැබේ ද? ඔවුන් ඒ දානය පරිභෝග කරන්නහුද? ස්ථානයෙහිම ලැබේ. අස්ථානයේ නොලැබේ.

“කතමං පන, භො ගොතම, ඨානං, කතමං අට‍්ඨානන‍්ති? ඉධ, බ්‍රාහ‍්මණ, එකච‍්චො පාණාතිපාතී හොති…පෙ… මිච‍්ඡාදිට‍්ඨිකො හොති, සො කායස‍්ස භෙදා පරං මරණා නිරයං උපපජ‍්ජති. යො නෙරයිකානං සත‍්තානං ආහාරො, තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදං ඛො, බ්‍රාහ‍්මණ, අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

ගෞතමයන් වහන්ස! ස්ථානය කුමක් ද? අස්ථානය කුමක් ද? බ්‍රාහ්මණය මෙහි එකෙක් ප්‍රාණඝාතාදී අකුසල කර්ම කෙරේ ද මිථ්‍යාදෘෂ්ටික වේ ද? ඔවුහු කය බිදීමෙන් මරණයට පත්ව මතු නිරයෙහි උපදිත්. නිරයෙහි උපන් සතුන්ට යම් ආහාරයක් වේ ද එය එහි දී ලැබෙයි. එයින් යැපෙයි. ඒ ආකාරයෙන් ඔහු එහි සිටියි. බමුණ! මේ වනාහි අස්ථානයයි.

“ඉධ පන, බ්‍රාහ‍්මණ, එකච‍්චො පාණාතිපාතී හොති…පෙ… මිච‍්ඡාදිට‍්ඨිකො හොති, සො කායස‍්ස භෙදා පරං මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජති. යො තිරච‍්ඡානයොනිකානං සත‍්තානං ආහාරො, තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය සමහර කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසල් කෙරේද? මිථ්‍යාදෘෂ්ටි වූයේද? ඔහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද? හෙතෙම තිරිසන් යෝනියට සුදුසු වූ ආහාර ලබයි. ඔහු ඒ අතරින් යැපෙයි. එහි සිටී. බමුණ! මේ අස්ථානයයි. එහි සිටියහුට මේ දානය නො ලැබෙයි.

“ඉධ පන, බ්‍රාහ‍්මණ, එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති…පෙ… සම‍්මාදිට‍්ඨිකො හොති, සො කායස‍්ස භෙදා පරං මරණා මනුස‍්සානං සහබ්‍යතං උපපජ‍්ජති…පෙ… දෙවානං සහබ්‍යතං උපපජ‍්ජති. යො දෙවානං ආහාරො, තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, අට‍්ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං න උපකප‍්පති.

බ්‍රාහ්මණය! මෙහි සමහර කෙනෙක් ප්‍රණඝාත ආදියෙන් වෙන් වූයේ වේ ද? සම්‍යක් දෘෂ්ටික වේ ද? හෙතෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු මිනිසුන් භාවයට පැමිණියේ මිනිස් ලොව උපදී. දෙවියන් හා සමභාවයං පැමිණියේ දෙව්ලොව උපදී. හෙතෙම දෙවියන්ට සුදුසු වූ ආහාර ගෙන එහි යැපෙයි. එහි සිටියි. බමුණ මේ වනාහි අස්ථානයයි. එහි සිටින්නා වූ ඔහුට මේ දානය නොපැමිණෙයි.

“ඉධ පන, බ්‍රාහ‍්මණ, එකච‍්චො පාණාතිපාතී හොති…පෙ… මිච‍්ඡාදිට‍්ඨිකො හොති, සො කායස‍්ස භෙදා පරං මරණා පෙත‍්තිවිසයං උපපජ‍්ජති. යො පෙත‍්තිවිසයිකානං සත‍්තානං ආහාරො, තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. යං වා පනස‍්ස ඉතො අනුපවෙච‍්ඡෙන‍්ති මිත‍්තාමච‍්චා වා ඤාතිසාලොහිතා වා, තෙන සො තත්‍ථ යාපෙති, තෙන සො තත්‍ථ තිට‍්ඨති. ඉදං ඛො, බ්‍රාහ‍්මණ, ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං උපකප‍්පතී”ති.

බ්‍රාහ්මණය මෙහි සමහර කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසල් කරයි ද, මිථ්‍යාදෘෂ්ටික වෙයි ද ඔහු කායයාගේ බිදීමෙන් මරණයට පත් වේ. ඔහු මරණින් මතු ප්‍රේත විෂයෙහි ප්‍රේත ආත්ම භාවයේ උපදියි. ප්‍රේත විෂයෙහි උපන් සත්ත්වයින්ට යමක් ආහාර වේ නම් එයින් ඒ සත්ත්වයා එහි යැපෙයි. එයින් එම ප්‍රේතයා එහි ජීවත්වෙයි. මිතුරෝ හෝ සහලේ නෑයෝ හෝ ඒ ප්‍රේතයාට යම් පිනක් පමුණුවත් ද එයින් ඔව්හු එහි යැපෙත්. එයින් ඒ ප්‍රේතයා එහි සිටී. බමුණ යම්තැනක සිටියාහට ඒ දානය පැමිණේ නම් මෙම ප්‍රේත යෝනිය ස්ථානය වේ.

“සචෙ පන, භො ගොතම, සො පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන‍්නො හොති, කො තං දානං පරිභුඤ‍්ජතී”ති ? “අඤ‍්ඤෙපිස‍්ස, බ්‍රාහ‍්මණ, පෙතා ඤාතිසාලොහිතා තං ඨානං උපපන‍්නා හොන‍්ති, තෙ තං දානං පරිභුඤ‍්ජන‍්තී”ති.

භවත් ගෞතමයන් වහන්ස! ඉදින් සහලේ නෑයෙක් වූ ඒ ප්‍රේතයා දන් දෙන තැනට නො ආවේ නම් කවරෙක් ඒ දානය අනුභව කරන්නේද? විචාළේය. බ්‍රාහ්මණය! ඒ දායකයාගේ සහලේ නෑයින් වූ අනෙක් ප්‍රේතයෝ වෙත්ද ඔව්හු ඒ දානය අනුභව කරත් යයි වදාළහ.

“සචෙ පන, භො ගොතම, සො චෙව පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන‍්නො හොති, අඤ‍්ඤෙපිස‍්ස පෙතා ඤාතිසාලොහිතා තං ඨානං අනුපපන‍්නා හොන‍්ති, කො තං දානං පරිභුඤ‍්ජතී”ති? “අට‍්ඨානං ඛො එතං, බ්‍රාහ‍්මණ, අනවකාසො, යං තං ඨානං විවිත‍්තං අස‍්ස ඉමිනා දීඝෙන අද‍්ධුනා යදිදං පෙතෙහි ඤාතිසාලොහිතෙහි, අපිච, බ්‍රාහ‍්මණ, දායකොපි අනිප‍්ඵලො”ති (අ· නි· 10.177).

භවත් ගෞතමයන් වහන්ස! ඉදින් සහලේ නෑ වූ ප්‍රේතයාත්, අනෙක් සහලේ නෑයින් වූ ප්‍රේතයෝත් ඒ දන් දෙන තැනට නො පැමිනියෝ නම් ඒ දානය කවරෙක් වළදයි ද? එහි අස්ථාන වීමට ඉඩක් නැත්තේය. එහි හිස්බවක් ඇති නො වන්නේය. මේ දිර්ඝ වූ සසර ගමනේ හැසිරෙන සත්ත්වයන් අතුරෙන් යම්කිසි සහලේ ඤාති ප්‍රේතයකුගෙන් ඒ දන් දෙන ස්ථානය හිස් නො වන්නේය. එසේ වුවත් දායකයෝ ඵල සහිතව වෙත්.

ඉදානි පෙත‍්තිවිසයූපපන‍්නානං තත්‍ථ අඤ‍්ඤස‍්ස කසිගොරක‍්ඛාදිනො සම‍්පත‍්තිපටිලාභකාරණස‍්ස අභාවං ඉතො දින‍්නෙන යාපනඤ‍්ච දස‍්සෙතුං “න හී”තිආදි වුත‍්තං.

ප්‍රේත ලෝකයෙහි උපන් සතුන්ට, කෘෂිකර්ම - ගෙරි සරක් රැකීම ආදී අනෙක් සම්පත් ලඟාකර දෙන්නා වූ අනෙක් කාර්යයක් නැත්තේය. මෙයින් දෙන ලද දානමය පින්කම්වලින්ම යැපෙන බව දැක්වීමට “නහි” ආදිය වදාළහ.

තත්‍ථ න හි තත්‍ථ කසි අත්‍ථීති තස‍්මිං පෙත‍්තිවිසයෙ කසි න හි අත්‍ථි, යං නිස‍්සාය පෙතා සුඛෙන ජීවෙය්‍යුං. ගොරක‍්ඛෙත්‍ථ න විජ‍්ජතීති එත්‍ථ පෙත‍්තිවිසයෙ න කෙවලං කසියෙව නත්‍ථි, අථ ඛො ගොරක‍්ඛාපි න විජ‍්ජති, යං නිස‍්සාය තෙ සුඛෙන ජීවෙය්‍යුං. වණිජ‍්ජා තාදිසී නත්‍ථීති වණිජ‍්ජාපි තාදිසී නත්‍ථි, යා තෙසං සම‍්පත‍්තිපටිලාභහෙතු භවෙය්‍ය. හිරඤ‍්ඤෙන කයාකයන‍්ති හිරඤ‍්ඤෙන කයවික‍්කයම‍්පි තත්‍ථ තාදිසං නත්‍ථි, යං තෙසං සම‍්පත‍්තිපටිලාභහෙතු භවෙය්‍ය. ඉතෙ දින‍්නෙන යාපෙන‍්ති, පෙතා කාලගතා තහින‍්ති කෙවලං පන ඉතො ඤාතීහි වා මිත‍්තාමච‍්චෙහි වා දින‍්නෙන යාපෙන‍්ති, අත‍්තභාවං පවත‍්තෙන‍්ති. පෙතාති පෙත‍්තිවිසයූපපන‍්නා සත‍්තා. කාලගතාති අත‍්තනො මරණකාලෙන ගතා. “කාලකතා”ති වා පාඨො, කතකාලා කතමරණා මරණං සම‍්පත‍්තා. තහින‍්ති තස‍්මිං පෙත‍්තිවිසයෙ.

එහි “නහි තත්‍ථකසි අත්‍ථි” එම ප්‍රේත ලෝකයෙහි ගොවිතැන් ආදී කිසිවක් නැත. යමක් නිසා ප්‍රේතයෝ සුවසේ ජීවත් වන්නහු ද? ගොරකෙඛත්‍ථ නවිජ්ජති ඒ සඳහා වූ ගොවිතැන් කිරීමක් ප්‍රේත ලෝකයෙහි නැත. තවද ගව මහීෂාදීන් රැකීමක් ද නොපෙනේ. යමක් නිසා සැපසේ ජීවත් වන්නාහුද? වණිජ්ජා තාදිසු නත්‍ථි වෙළහෙළදාම් කිරීමක් ද නැත. යම්කිසි සම්පත් ප්‍රතිලාභයට හේතුවන්නා වූ හිරඤ්ඤෙකයක්කය රන් රිදී ගනුදෙනුවක් ද නැත්තේය. ඔවුන්ගේ සම්පත් ප්‍රතිලාභයට යමක් හේතු වන්නේ නම්, “ඉතො දින්නෙත යාපෙන්ති පෙතා කාලකතා තහිං” “හුදෙක් මෙහි සිටින ඤාති මිත්‍රාදීන් විසින් දෙන ලද දාන සම්පතින්ම යැපෙති. ආත්මභාව පවත්වත්. පෙතං ප්‍රේත විෂයෙහි උපන්නාහු “කාලකතා” තමන්ගේ මරණ කාලයෙහි යාම, කාලගතා යයි ද පාඨයකි. කරන ලද කළුරිය කිරීම, පැමිණෙන ලද මරණය - තහිං - එම ප්‍රේත විෂයෙහි,

ඉදානි යථාවුත‍්තමත්‍ථං උපමාහි පකාසෙතුං “උන‍්නමෙ උදකං වුට‍්ඨ”න‍්ති ගාථාද‍්වයමාහ. තස‍්සත්‍ථො – යථා උන‍්නමෙ ථලෙ උන‍්නතප‍්පදෙසෙ මෙඝෙහි අභිවුට‍්ඨං උදකං යථා නින‍්නං පවත‍්තති, යො භූමිභාගො නින‍්නො ඔණතො, තං උපගච‍්ඡති; එවමෙව ඉතො දින‍්නං දානං පෙතානං උපකප‍්පති , ඵලුප‍්පත‍්තියා විනියුජ‍්ජති. නින‍්නමිව හි උදකප‍්පවත‍්තියා ඨානං පෙතලොකො දානූපකප‍්පනාය. යථාහ – “ඉදං ඛො, බ්‍රාහ‍්මණ, ඨානං, යත්‍ථ ඨිතස‍්ස තං දානං උපකප‍්පතී”ති (අ· නි· 10.177). යථා ච කන්‍දරපදරසාඛපසාඛකුසොබ‍්භමහාසොබ‍්භෙ හි ඔගලිතෙන උදකෙන වාරිවහා මහානජ‍්ජො පූරා හුත්‍වා සාගරං පරිපූරෙන‍්ති, එවං ඉතො දින‍්නදානං පුබ‍්බෙ වුත‍්තනයෙන පෙතානං උපකප‍්පතීති.

දැන් යට කියන ලද කාරණය උපමාවකින් පැහැදිලි කරන්නට උන්නමෙ උදකං වට්ටං ආදී ගාථා දෙක වදාළහ. උන්නත ප්‍රදේශයෙහි උස් තැනෙකින් වර්ෂාවෙන් උපදවන ලද ජලය යම් සේ පහත් තැන කරා, යම් භූමි භාගයක පහත් තැනක් වේද එහි පැමිණෙන්නේ ද එසේම මේ මිනිස් ලොව සිට දෙන ලද දානය ප්‍රේතයන්ට පැමිණේ ඵලෝත්පත්තිය පිණිස යෙදෙයි. දියෙහි පැවැත්මට පහත් තැනම උපයෝගී වන්නා සේ දානයෙන් පින් පැමිණවීමට ප්‍රේත ලෝකයම සුදුසු වේ. බමුණ! යම් තැනක සිටියහුට ඒ දානය පැමිණේ නම් ඒ මේ ස්ථානයයි. (ප්‍රේත ලෝකයයි) වදාළහ. යම් සේ කඳුරැළි, විවර, ඇළ දොළ, වළ මහා වළවල් වලින් ගලා බසින ජලයෙන් මහා ගංගා පිරි සාගරය පුරවත් ද, මෙසේ දෙන ලද දානයෙන් පෙර කියන ලද ආකාරයෙන් ප්‍රේතයන්ට ලැබෙයි.

යස‍්මා පෙතා “ඉතො කිඤ‍්චි ලභාමා”ති ආසාභිභූතා ඤාතිඝරං ආගන‍්ත්‍වාපි “ඉදං නාම නො දෙථා”ති යාචිතුං න සක‍්කොන‍්ති, තස‍්මා තෙසං ඉමානි අනුස‍්සරණවත්‍ථූනි අනුස‍්සරන‍්තො කුලපුත‍්තො දක‍්ඛිණං දජ‍්ජාති දස‍්සෙන‍්තො “අදාසි මෙ”ති ගාථමාහ.

යම් හෙයකින් ප්‍රේතයෝ මේ මිනිස්ලොවින් කිසිවක් ලබමුයි ආශාවෙන් මඩනා ලදුව නෑ ගෙවල්වලට පැමිණ, මේ මේ දේ අපට දෙනු මැනවැයි ඉල්වන්නට නොහැක්කේ ද එහෙයින් මේ කියන සිහිකටයුතු කරුණු, සිහි කරන්නා වූ කුලපුත්‍රයා දක්ෂිණාවන් දෙන්නේ අදාසි මෙ ආදි ගාථා කීහ.

තස‍්සත්‍ථො – ඉදං නාම මෙ ධනං වා ධඤ‍්ඤං වා අදාසි, ඉදං නාම මෙ කිච‍්චං අත‍්තනායෙව යොගං ආපජ‍්ජන‍්තො අකාසි, “අසුකො මෙ මාතිතො වා පිතිතො වා සම‍්බන්‍ධත‍්තා ඤාති, සිනෙහවසෙන තාණසමත්‍ථතාය මිත‍්තො, අසුකො මෙ සහපංසුකීළකසහායො සඛා”ති ච එතං සබ‍්බමනුස‍්සරන‍්තො පෙතානං දක‍්ඛිණං දජ‍්ජා දානං නිය්‍යාතෙය්‍ය. “දක‍්ඛිණා දජ‍්ජා”ති වා පාඨො, පෙතානං දක‍්ඛිණා දාතබ‍්බා, තෙන “අදාසි මෙ”තිආදිනා නයෙන පුබ‍්බෙ කතමනුස‍්සරං අනුස‍්සරතාති වුත‍්තං හොති. කරණත්‍ථෙ හි ඉදං පච‍්චත‍්තවචනං.

එහි අර්ථය - මේ තැනැත්තා මට ධනය හෝ ධාන්‍ය හෝ දුන්නේය. මගේ මේ අසවල් කාර්යය අවසන් කර දුන්නේය. අසවලා මගේ මව් පාර්ශවයෙන් හෝ පිය පාර්ශවයෙන් හෝ ඤාතියෙකි. ස්නේහ වසයෙන් සංරක්ෂණයෙහි සමර්ථ බැවින් මිත්‍රයෝය. අසවලා වැලි කෙළියෙහි පටන් මගේ සහායයෙක. මේ ආදී වසයෙන් කරන ලද සියලු ගුණ සිහි කරමින් මළගිය අය වෙනුවෙන් ඤාතීන් විසින් පින් දිය යුතු වන්නේය. “දක්‍ඛිණ දජ්ජාති” යනු පෙළයි. ප්‍රේතයන් වෙනුවෙන් දක්ෂිණා දිය යුතුය. ඔවුන් විසින් මෙසේ දෙන ලදී. මෙසේ කරන ලදී ආදී වශයෙන් පෙර කරන ලද උපකාර සිහිකළ යුතුයයි කියන ලදී. මේ කරණාර්ථයෙහි ප්‍රත්‍යාර්ථ වචනයි.

යෙ පන සත‍්තා ඤාතිමරණෙන රුණ‍්ණසොකාදිපරා එව හුත්‍වා තිට‍්ඨන‍්ති, න තෙසං අත්‍ථාය කිඤ‍්චි දෙන‍්ති, තෙසං තං රුණ‍්ණසොකාදි කෙවලං අත‍්තපරිතාපනමත‍්තමෙව හොති, තං න පෙතානං කඤ‍්චි අත්‍ථං සාධෙතීති දස‍්සෙන‍්තො “න හි රුණ‍්ණං වා”ති ගාථං වත්‍වා පුන මගධරාජෙන දින‍්නදක‍්ඛිණාය සාත්‍ථකභාවං දස‍්සෙතුං “අයඤ‍්ච ඛො”ති ගාථමාහ. තෙසං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

යම් කිසි සත්ත්වයෙක් නෑයකුගේ මරණයෙන් හැඬීම හෝ ශෝක කිරීමෙහිම නියැලී සිටිති. එයින් කිසි ප්‍රයෝජනයක් ගෙන නොදේ. එහෙයින් ඒ හැඬීම් ශෝක කිරීම් ආදිය හුදෙක් ආත්මය තැවීමක් පමණක්ම වේ. එයින් මළගිය වුන්ට කිසි ප්‍රයෝජනයක් අත් නොවන්නේ යයි දක්වමින්, නහිරුණ්ණංවා යන ගාථාව කියා, නැවත මගධ රජු විසින් දෙන ලද දානයෙහි සාර්ථකභාවය දැක්වීමට අයඤ්ච ඛො යන ගාථාව වදාළහ ඒ ගාථාවල තේරුම යට කියන ලද්දේය.

ඉදානි යස‍්මා ඉමං දක‍්ඛිණං දෙන‍්තෙන රඤ‍්ඤා ඤාතීනං ඤාතීහි කත‍්තබ‍්බකිච‍්චකරණෙන ඤාතිධම‍්මො නිදස‍්සිතො, බහුජනස‍්ස පාකටො කතො, නිදස‍්සනං පාකටං කතං “තුම‍්හෙහිපි එවමෙව ඤාතීසු ඤාතිධම‍්මො පරිපූරෙතබ‍්බො”ති. තෙ ච පෙතෙ දිබ‍්බසම‍්පත‍්තිං අධිගමෙන‍්තෙන පෙතානං පූජා කතා උළාරා , බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං අන‍්නපානාදීහි සන‍්තප‍්පෙන‍්තෙන භික‍්ඛූනං බලං අනුප‍්පදින‍්නං, අනුකම‍්පාදිගුණපරිවාරඤ‍්ච චාගචෙතනං නිබ‍්බත‍්තෙන‍්තෙන අනප‍්පකං පුඤ‍්ඤං පසුතං, තස‍්මා භගවා ඉමෙහි යථාභුච‍්චගුණෙහි රාජානං සම‍්පහංසෙන‍්තො “සො ඤාතිධම‍්මො”ති ඔසානගාථමාහ.

දැන් යම් හෙයකින් මේ දක්ෂිණාව පිරිනැමූ රජු විසින්, නෑයන් වෙනුවෙන් කළ යුතු කාර්යයක් ඉටුකළ බැවින් ඤාති ධර්මය දක්වන ලද්දේ ද? බොහෝ ජනයා ඉදිරියේ එය කළයුතු දෙයක් යයි නිදර්ශනයක් වශයෙන් ප්‍රකට කරන ලද්දේය. බොහෝ ජනයා ඉදිරියේ එය කළයුතු දෙයක් යයි නිදර්ශනයක් වශයෙන් ප්‍රකට කරන ලද්දේය. තෙපි (අනෙක් අය ද) විසින් ද මේ ඤාති ධර්මය මෙපරිද්දෙන්ම ඉටුකළ යුතු යයි (දක්වන ලද්දේය) ඒ ප්‍රේතයන් දිව්‍ය සම්පත්තියට පැමිණවීමෙන් ප්‍රේතයන්ට මහත් පුජාවක් (පරිත්‍යාගයක්) කරන ලද්දේය. කාය බලය ශරීර ශක්තිය දෙන ලද්දේය. අනුකම්පාදී ගුණ පිරිවර කොට ඇති ත්‍යාග චේතනාව ඉපදවීමෙන් අනල්ප වූ සිත් රැස් කරන ලද්දේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මේ විද්‍යාමාන වූ සත්‍ය වූ ගුණවලින් රජුට ප්‍රශංසා කරමින් “සො ඤාති ධම්මො” යන අවසන් ගාථාව වදාළහ.

තත්‍ථ ඤාතිධම‍්මොති ඤාතීහි ඤාතීනං කත‍්තබ‍්බකරණං. උළාරාති ඵීතා සමිද‍්ධා. බලන‍්ති කායබලං. පසුතන‍්ති උපචිතං. එත්‍ථ ච “සො ඤාතිධම‍්මො ච අයං නිදස‍්සිතො”ති එතෙන භගවා රාජානං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. ඤාතිධම‍්මදස‍්සනඤ‍්හෙත්‍ථ සන්‍දස‍්සනං. “පෙතාන පූජා ච කතා උළාරා”ති ඉමිනා සමාදපෙසි. “උළාරා”ති පසංසනඤ‍්හෙත්‍ථ පුනප‍්පුනං පූජාකරණෙ සමාදපනං. “බලඤ‍්ච භික‍්ඛූනමනුප‍්පදින‍්න”න‍්ති ඉමිනා සමුත‍්තෙජෙසි. භික‍්ඛූනං බලානුප‍්පදානඤ‍්හෙත්‍ථ එවංවිධානං බලානුප‍්පදානෙ උස‍්සාහවඩ‍්ඪනෙන සමුත‍්තෙජනං. “තුම‍්හෙහි පුඤ‍්ඤං පසුතං අනප‍්පක”න‍්ති ඉමිනා සම‍්පහංසෙසි. පුඤ‍්ඤපසවනකිත‍්තනඤ‍්හෙත්‍ථ තස‍්ස යථාභුච‍්චගුණසංවණ‍්ණනභාවෙන සම‍්පහංසනන‍්ති එවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

එහි ඤාති ධම්මො - ඤාතීන් උදෙසා කරන ලද කාර්ය, උළාරා - කාර්ය සිද්ධියට පැමිණීමට, බලං - ශරීර ශක්තිය, කායබලය, පසුතං - රැස්කළ, මෙහිද සො ඤාති ධම්මොච අයං නිදස්සිතො - මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඤාති ධර්මය පිළිබඳව කරුණු දැක්වීමෙන්, හේතු දැක්වීමෙන් රජුට ධාර්මික කථාවෙන් (කරුණු දැක්වීය) පෙතාන පූජා ච කතා උළාරා - මේ කාරණයෙහි නැවත නැවත පූජා කරණයෙහි සමාදන් කරවීය. බලඤ්ච භික්‍ඛුන මනුප්පදින්නං - මෙයින් උත්සාහවත් කරවීය. භික්ෂූන්ට කාය බලය ලබා දීමට එබඳු බලය ලබා දීමෙහිම උත්සාහ කරවීය. තුම්හෙ හි පුඤ්ඤං පසුතෙහි අනප්පකං - මෙයින් ප්‍රශංසා කළ සේක. පින් රැස් කිරීම වර්ණනා කිරීම රජුගේ ගුණ සංවර්ණන භාවයෙන් සතුටු කරවයි. මෙසේ මෙහි යෙදීම දත යුතුයි.

දෙසනාපරියොසානෙ ච පෙත‍්තිවිසයූපපත‍්තිආදීනවසංවණ‍්ණනෙන සංවිග‍්ගහදයානං යොනිසො පදහතං චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. දුතියදිවසෙපි දෙවමනුස‍්සානං ඉදමෙව තිරොකුට‍්ටදෙසනං දෙසෙසි. එවං යාව සත‍්ත දිවසා තාදිසොව ධම‍්මාභිසමයො අහොසීති.

දේශනාවගේ කෙළවර ප්‍රේත විෂයෙහි ඉපදීමේ ආදීනව වර්ණනාවෙන් කළකිරුණු සිත් ඇතිව නුවණින් වීර්යය කළ අසුහාරදහක් ප්‍රාණීන්ට ධර්මාභිසමය විය. දෙවන දිනයේ ද මෙසේ තිරෝකුඩ්ඩ දේශනාව කළ සේක. සත්දිනම එබඳු වූම ධර්මාවබෝධය වූයේය.

තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

තිරොකුඩ්ඩ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.