6. පඤ්චපුත්තඛාදකපෙතිවත්ථුවණ්ණනා අට්ඨකථා
6. පඤ්චපුත්තඛාදකපෙතිවත්ථුවණ්ණනා
6. පඤ්චපුත්‍රඛාදක ප්‍රේතවස්තු වර්ණනාව
නග්ගා දුබ්බණ්ණරූපාසීති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ පඤ්චපුත්තඛාදකපෙතිං ආරබ්භ වුත්තං.
“නග්ගා දුබ්බණ්ණ රූපා” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ඇසුරු කරමින් වැඩ වසන කල්හි පුතුන් පස්දෙනෙකු කන ප්‍රේතියක් අරබයා වදාළ සේක.
සාවත්ථියා කිර අවිදූරෙ ගාමකෙ අඤ්ඤතරස්ස කුටුම්බිකස්ස භරියා වඤ්ඣා අහොසි. තස්ස ඤාතකා එතදවොචුං – “තව පජාපති වඤ්ඣා, අඤ්ඤං තෙ කඤ්ඤං ආනෙමා”ති. සො තස්සො භරියාය සිනෙහෙන න ඉච්ඡි. අථස්ස භරියා තං පවත්තිං සුත්වා සාමිකං එවමාහ – “සාමි, අහං වඤ්ඣා, අඤ්ඤා කඤ්ඤා ආනෙතබ්බා, මා තෙ කුලවංසො උපච්ඡිජ්ජී”ති. සො තාය නිප්පීළියමානො අඤ්ඤං කඤ්ඤං ආනෙසි. සා අපරෙන සමයෙන ගබ්භිනී අහොසි. වඤ්ඣිත්ථී – “අයං පුත්තං ලභිත්වා ඉමස්ස ගෙහස්ස ඉස්සරා භවිස්සතී”ති ඉස්සාපකතා තස්සා ගබ්භපාතනූපායං පරියෙසන්තී අඤ්ඤතරං පරිබ්බාජිකං අන්නපානාදීහි සඞ්ගණ්හිත්වා තාය තස්සා ගබ්භපාතනං දාපෙසි. සා ගබ්භෙ පතිතෙ අත්තනො මාතුයා ආරොචෙසි, මාතා අත්තනො ඤාතකෙ සමොධානෙත්වා තමත්ථං නිවෙදෙසි. තෙ වඤ්ඣිත්ථිං එතදවොචුං – “තයා ඉමිස්සා ගබ්භො පාතිතො”ති? “නාහං පාතෙමී”ති. “සචෙ තයා ගබ්භො න පාතිතො, සපථං කරොහී”ති . “සචෙ මයා ගබ්භො පාතිතො, දුග්ගතිපරායණා ඛුප්පිපාසාභිභූතා සායං පාතං පඤ්ච පඤ්ච පුත්තෙ විජායිත්වා ඛාදිත්වා තිත්තිං න ගච්ඡෙය්යං, නිච්චං දුග්ගන්ධා මක්ඛිකාපරිකිණ්ණා ච භවෙය්ය”න්ති මුසා වත්වා සපථං අකාසි. සා නචිරස්සෙව කාලං කත්වා තස්සෙව ගාමස්ස අවිදූරෙ දුබ්බණ්ණරූපා පෙතී හුත්වා නිබ්බත්ති.
සැවැත් නුවරට නුදුරු සමීප ගමක එක් ගෘහපතියකුගේ බිරිද වඳ වූවාය. ඔහුට නැදෑයෝ මෙසේ කීහු. ඔබගේ බිරිඳ වඳය. අනෙක් කාන්තාවක් කැඳවාගෙන එමු. ඒ ගෘහපතියා තම බිරිඳට ඇති ස්නේහය නිසා එයට කැමති නොවීය. ඉක්බිතිව ඒ බිරිඳ මේ කතාබහ අසා ස්වාමීයාට මෙසේ කීය. ස්වාමීනි! මම වඳ වූයෙමි. නුඹ වෙනත් කන්‍යාවක් කැඳවා ගෙන අවුත් නුඹ වහන්සේගේ කුලවංශය ගෙන යා යුතුය. හෙතෙම ඇගේ පෙළඹවීම උඩ අනෙක් බිරිඳක් ගෙන ආවේ ය. ඕ තොමෝ මෑත කලෙකින් ගැබිනියක් වූවාය. වඳ ස්ත්‍රිය මෝ තොමෝ පුතෙක් ලබා මේ ගෙදර ඉසුරු වන්නේය. (බල පුළුවන්කාරිය) යයි සිතා ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව ඇගේ දරු ගැබ හෙලීමට උපායක් සොයන්නී, එක්තරා පරිබ්රාජිකාවක් ආහාර පානාදියෙන් සතප්වා ඈ ලවා දරුගැබ වැටෙන බෙහෙත් දෙවීය. ඈ දරු ගැබ වැටුණු කල්හි තමාගේ මවට කීවාය. මව් තොමෝ තමන්ගේ නෑයින් කැඳවා මේ කරුණු කීවාය. ඔව්හු, වඳ ස්ත්‍රියගෙන් තී විසින් මේ තැනැත්තියගේ දරු ගැබ හෙළන ලද්දේනේ දැයි විචාළහ. එවිට මම දරුගැබ නොහෙළුවෙමියි ඈ කීවාය. ඉදින් තී විසින් දරුගැබ නො හෙළන ලද්දේ නම් දිවිරීමක් කරවයි ඔව්හු කීහ. එවිට වඳ ස්ත්‍රිය “ඉදින් මා විසින් දරු ගැබ හෙළන ලද්දේ නම් දුගති පරායණව සා පිපාසා දෙකින් යුතුව සවස් කාලයේ ද උදය කාලයේ ද දරුවන් පස් පස් දෙනා බැගින් වදා, ඒ වැදූ දරුවන් තෙමේම කා සෑහීමකට නොපැමිණෙන්නෙමියි, නිතර දුර්ගන්ධ වූ නිලමැස්සන්ගෙන් ගැවසී ගන්නා වූ ශරීර ඇත්තියක් ද වන්නේ මැයි” බොරු කියා දිවිරීමක් කළාය. ඒ ගැහැණි තොමෝ නොබෝ කලකින්ම කළුරිය කොට එම ගමට සමීපයේම දුර්වර්ණ ස්වරූප ඇති ප්‍රේතියක්ව උපන්නීය.
තදා ජනපදෙ වුත්ථවස්සා අට්ඨ ථෙරා සත්ථු දස්සනත්ථං සාවත්ථිං ආගච්ඡන්තා තස්ස ගාමස්ස අවිදූරෙ ඡායූදකසම්පන්නෙ අරඤ්ඤට්ඨානෙ වාසං උපගච්ඡිංසු. අථ සා පෙතී ථෙරානං අත්තානං දස්සෙසි. තෙසු සඞ්ඝත්ථෙරො තං පෙතිං –
එකල්හි එම ජනපදයෙහි වස් විසූ භික්ෂූන් අට නමක් බුදුන් දක්නා පිණිස සැවැත් නුවරට වඩින්නාහු එගමට නුදුරු තැනක සිහිල් සෙවණින් හා ජලයෙන් යුත් වනයක විසීමට පැමිණියහ. ඉක්බිති ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේලාට තමා දැක්වීය. ඒ තෙරුන් අතරින් සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ ප්‍රේතියගෙන් විචාරන්නාහු මේ ගාථාවෙන් විචාළේය.
“නග්ගා දුබ්බණ්ණරූපාසි, දුග්ගන්ධා පූති වායසි; මක්ඛිකාහි පරිකිණ්ණා, කා නු ත්වං ඉධ තිට්ඨසී”ති. –
27. නිර්වස්ත්‍ර වූ ඉතාම බියකරු රූපයෙන් යුතුය. ශරීරයෙන් කුණු ගඳ ගසමින් හාත්පසින් නිලමැස්සන් ගැවසී ගත්තා වූ තී කවුද? කිනම් ඇත්තීද? කුමක් නිසා මෙතැන සිටින්නෙහිද?
ගාථාය පටිපුච්ඡි. තත්ථ නග්ගාති නිච්චොළා. දුබ්බණ්ණරූපාසීති ණවිරූපා අතිවිය බීභච්ඡරූපෙන සමන්නාගතා අසි. දුග්ගන්ධාති අනිට්ඨගන්ධා. පූති වායසීති සරීරතො කුණපගන්ධං වායසි. මක්ඛිකාහි පරිකිණ්ණාති නීලමක්ඛිකාහි සමන්තතො ආකිණ්ණා. කා නු ත්වං ඉධ තිට්ඨසීති කා නාම එවරූපා ඉමස්මිං ඨානෙ තිට්ඨසි, ඉතො චිතො ච විචරසීති අත්ථො.
එහි නග්ගා - වස්ත්‍ර රහිත, දුබ්බණ්ණරූපාසි - වීරූපී වූ අතිශයින් බිය උපදවන්නා වූ, රූපයෙන් සම්පුර්ණ වූවාය. දුග්ගන්ධො - ඉතා පිළිකුල් වූ ගඳ ඇත්තීය. පුති වායසි, ශරීරයෙන් කුණු ගඳ හමයි. මක්ඛිකා පරිතාණ්ණාවා නිලමැස්සන් විසින් හාත්පසින් පිරිවරා ගෙන ඇත. (නිල මැස්සෝ හාත්පස ගැවසී ගත්තේය) කානු ත්වං ඉධ තිට්ඨසී, මෙබඳු වූ රූප ඇති කවරෙක් නම් ඔබ මොබ හැසිරෙන්නේ ද යන අර්ථයි.
අථ සා පෙතී මහාථෙරෙන එවං පුට්ඨා අත්තානං පකාසෙන්තී සත්තානං සංවෙගං ජනෙන්තී –
ඉක්බිති තෙරුන් විසින් විචාරන ලදුව, ඒ ප්‍රේතිය සත්ත්වයන්ගේ සන්තානයන්හි සංවේගය උපදවමින්, තමන්ගේ ආත්ම කථාව කීවාය.
“අහං භදන්තෙ පෙතීම්හි, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා.
28. ස්වාමීනි! මම යම ලෝකය නම් වූ ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ දුකට පැමිණියා වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි.
“කාලෙන පඤ්ච පුත්තානි, සායං පඤ්ච පුනාපරෙ; විජායිත්වාන ඛාදාමි, තෙපි නා හොන්ති මෙ අලං.
29. උදය කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද, සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද වදමි. ඒ වැදූ දරුවන් මමම කමි. ඒ දරුවන් දස දෙනාම මගේ කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේ.
“පරිඩය්හති ධූමායති, ඛුදාය හදයං මම; පානීයං න ලභෙ පාතුං, පස්ස මං බ්යසනං ගත”න්ති. –
30. මගේ හෘදය උදරාග්නියෙන් හාත්පස දැවෙයි. දුම් දාන්නේ වෙයි. (ඒ දැවිල්ල නිවාගැනීමට) පිය යුතු පැන් මට බීමට නො ලැබේ. විපතට පත් වූ මා දෙස බලනු මැනවියි
ඉමා තිස්සො ගාථා අභාසි.
මේ ගාථාතුන කීවාය.
තත්ථ භදන්තෙති ථෙරං ගාරවෙන ආලපති. දුග්ගතාති දුග්ගතිං ගතා. යමලොකිකාති “යමලොකො”ති ලද්ධනාමෙ පෙතලොකෙ තත්ථ පරියාපන්නභාවෙන විදිතා. ඉතො ගතාති ඉතො මනුස්සලොකතො පෙතලොකං උපපජ්ජනවසෙන ගතා, උපපන්නාති අත්ථො.
මෙහි භන්තෙ - ස්ථවිරයන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමයි. දුග්ගතා දුගතියට ගියාය. යමලොකිකා - යම ලොව යයි ලද නාමයෙන් ප්‍රේත ලෝකය කියයි. එහි එය යමලොවටම අන්තර්ගත හෙයින් මෙසේ කියන ලදී. ඉතො ගතා - මෙම මනුෂ්‍ය ලෝකයෙන් ප්‍රේත ලොවෙහි ඉපදීම් වශයෙන් උත්පත්ති වශයෙන් ගියාය.
කාලෙනාති රත්තියා විභාතකාලෙ. භුම්මත්ථෙ හි එතං කරණවචනං. පඤ්ච පුත්තානීති පඤ්ච පුත්තෙ. ලිඞ්ගවිපල්ලාසෙන හෙතං වුත්තං. සායං පඤ්ච පුනාපරෙති සායන්හකාලෙ පුන අපරෙ පඤ්ච පුත්තෙ ඛාදාමීති යොජනා. විජායිත්වානාති දිවසෙ දිවසෙ දස දස පුත්තෙ විජායිත්වා. තෙපි නා හොන්ති මෙ අලන්ති තෙපි දසපුත්තා එකදිවසං මය්හං ඛුදාය පටිඝාතාය අහං පරියත්තා න හොන්ති. ගාථාසුඛත්ථඤ්හෙත්ථ නා-ඉති දීඝං කත්වා වුත්තං.
කාලෙන - යනු රාත්‍රියේ අලුයම කාලයෙහි - මෙය භූම්යර්ථයෙහි කරණ වචනයි. පඤ්චපුත්තානි පුතුන් පස් දෙනෙක් ලිඞ්ග විපර්යාස වශයෙන් මෙසේ කියන ලදී. සායං පඤ්චපුත්තා පරෙ යනු සවස් කාලයෙහි නැවත තවත් පුතුන් පස්දෙනෙකු කමි යන යෙදීමයි. විජායිත්වා - දවස දවස පුතුන් දහය බැගින් වදා තෙපි නාහොන්ති මෙ අලං - මේ පුතුන් දසදෙනාම එක දවසක් මගේ කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. දීර්ඝ කොට කීමෙන් කවර වැඩක්ද?
පරිඩය්හති ධූමායති ඛුදාය හදයං මමාති ඛුදාය ජිඝච්ඡාය බාධියමානාය මම හදයපදෙසො උදරග්ගිනා පරිසමන්තතො ඣායති ධූමායති සන්තප්පති. පානීයං න ලභෙ පාතුන්ති පිපාසාභිභූතා තත්ථ තත්ථ විචරන්තී පානීයම්පි පාතුං න ලභාමි. පස්ස මං බ්යසනං ගතන්ති පෙතූපපත්තියා සාධාරණං අසාධාරණඤ්ච ඉමං ඊදිසං බ්යසනං උපගතං මං පස්ස, භන්තෙති අත්තනා අනුභවියමානං දුක්ඛං ථෙරස්ස පවෙදෙසි.
පරිඩය්හති ධූමායති ඛුදාය හදයං මමා - ඛඛ ගින්නෙන් කනු කැමති වීමෙන් පෙළෙන්නා වූ මගේ හෘද ප්‍රදේශය උදරාග්නියෙන් හාත්පස (තැවෙයි) දුම් දමයි. තැවෙයි. පානීය න ලභෙ පාතුං යනු පිපාසාවෙන් මඩනා ලදුව, තැන් තැන්වල හැසිරෙන්නේ බීමට පැන් නො ලබමි. පස්ස මං ඛ්යසනං ගතං ස්වාමීනි! ප්රේතෝත්පත්තියෙන් සාධාරණ වූ ද, අසාධාරණ වු ද, මෙබඳු දුකකට විපතකට පැමිණියා වූ මා දෙස (අනුකම්පාවෙන්) බලනු මැනැවි යනුවෙන් තමන් විදින්නා වු දුක ඒ ස්ථවිරයන්ට පැවසීය.
තං සුත්වා ථෙරො තාය කතකම්මං පුච්ඡන්තො –
එය අසා තෙරුන් වහන්සේ ඇය විසින් තී විසින් කරන ලද කර්මය විචාරන්නේ,
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්ස කම්මවිපාකෙන, පුත්තමංසානි ඛාදසී”ති. –
31. කායද්වාරයෙන් ද, වචී ද්වාරයෙන් ද, මනෝ ද්වාරයෙන් ද, කිනම් දුශ්චරිතයක් තී විසින් කරන ලද්දේ ද? කිනම් අකුශල කර්ම විපාකයකින් දරු මස් කන්නේ ද? යන ගාථාව කීහ.
ගාථමාහ. තත්ථ දුක්කටන්ති දුච්චරිතං. කිස්ස කම්මවිපාකෙනාති කීදිසස්ස කම්මස්ස විපාකෙන, කිං පාණාතිපාතස්ස, උදාහු අදින්නාදානාදීසු අඤ්ඤතරස්සාති අත්ථො. “කෙන කම්මවිපාකෙනා”ති කෙචි පඨන්ති.
එහි දුක්කටං යනු දුශ්චරිතයි. කිස්ස කම්ම විපාකෙන - කවරාකාර වූ කර්මයක විපාකයෙන් කුමක් ද ප්‍රාණඝාත නැතිනම් අදත්තාදාන අකුසලයක් ද එසේත් නැත්නම් වෙනත් අකුසලයක් ද යන අර්ථයි. කවර කර්ම විපාකයක් ද?
අථ සා පෙතී අත්තනා කතකම්මං ථෙරස්ස කථෙන්තී –
ඉක්බිති ඒ ප්‍රේතිය තමන් විසින් කරන ලද කර්ම තෙරුන්ට කියන්නේ මේ ගාථාවෝ කීහ.
“සපතී මෙ ගබ්භිනී ආසි, තස්සා පාපං අචෙතයිං; සාහං පදුට්ඨමනසා, අකරිං ගබ්භපාතනං.
32. මාගේ සමාන ස්වාමියා ඇති ගර්භනී ස්ත්‍රියක් වූවාය. ඈ කෙරෙහි රෞද්‍ර වූ ක්‍රියාවක් කිරීමට සිතිමි. ඒ මම (දුහිත) ඊර්ෂ්‍යා සහගත සිතින් ඇගේ දරුගැබ හෙලීම කළෙමි.
“තස්ස ද්වෙමාසිකො ගබ්භො, ලොහිතඤ්ඤෙව පග්ඝරි; තදස්සා මාතා කුපිතා, මය්හං ඤාතී සමානයි; සපථඤ්ච මං අකාරෙසි, පරිභාසාපයී ච මං.
33. ඇගේ හටගෙන දෙමසක් වූ දරුගැබ ලේ වසයෙන්ම වැගිරුණේය. එකල ඇගේ මව මට කිපී නෑයින් රැස් කරවීය. (ඇගේ මව) මා ලවා දිවිරීමක් කරවීය.
“සාහං ඝොරඤ්ච සපථං, මුසාවාදං අභාසිසං; ‘පුත්තමංසානි ඛාදාමි, සචෙ තං පකතං මයා’.
34. මම බියෙන් තැති ගැන්වී, දරුණුම වූ දිවිරීමක් කොට බොරුවක්ව කීවෙමි. ‘ඉදින් මම ඒ පුත්‍ර ගර්භය ඝාතනය කළේ නම්, මගේම දූ දරුවන් කන්නියක් වෙමි’යි
“තස්ස කම්මස්ස විපාකෙන, මුසාවාදස්ස චූභයං; පුත්තමංසානි ඛාදාමි, පුබ්බලොහිතමක්ඛිතා”ති. – ගාථායො අභාසි;
35. ඒ ගැබ හෙළීමේ ප්‍රාණඝාත කර්මයාගේ ද, මුසාවාද අකුසල කර්මයාගේ ද, විපාක දෙකම කරණ කොට ගෙන, පූයාවෙන් හා ලෙයින් වැකුණු සිරුරු ඇතිව, දරු මස් අනුභව කරමි.
තත්ථ සපතීති සමානපතිකා ඉත්ථී වුච්චති. තස්සා පාපං අචෙතයින්ති තස්ස සපතියා පාපං ලුද්දකං කම්මං අචෙතයිං. පදුට්ඨමනසාති පදුට්ඨචිත්තා, පදුට්ඨෙන වා මනසා. ද්වෙමාසිකොති ද්වෙමාසජාතො පතිට්ඨිතො හුත්වා ද්වෙමාසිකා. ලොහිතඤ්ඤෙව පග්ඝරීති විපජ්ජමානො රුහිරඤ්ඤෙව හුත්වා විස්සන්දි. තදස්සා මාතා කුපිතා, මය්හං ඤාතී සමානයීති තදා අස්සා සපතියා මාතා මය්හං කුපිතා අත්තනො ඤාතකෙ සමොධානෙසි. “තතස්සා”ති වා පාඨො, තතො අස්සාති පදවිභාගො.
එහි සපත්නී - සමාන ස්වාමියා ඇති ස්ත්‍රීය කියයි. තස්සා පාපං අචෙතයී - සමාන ස්වාමීයා ඇති ඒ ස්ත්‍රිය කෙරෙහි රෞද්‍ර වූ කර්කශ වූ පාප ක්‍රියාවක් සිතුවෙමි. පදුට්ඨ මනසා - දූෂීත වූ සිතින්, අතිශයින් දුෂ්ට වූ මනසින්, ද්වෙ මාසිකො - ගැබ පිහිටා දෙමාසයක් ගත වූ කල්හි, ලොභිතඤ්ඤෙව පග්ඝරී - විසිරීයාමෙන් ලේ වසයෙන්ම (විසිරී ගියේය) ගලා ගියේය. තදස්සා මාතා කුපිතා මය්හං ඤාති සමානයී - එම සපත්නී වූ මෑගේ මව, මට කිපී තමාගේ ඤාතීන් කැදවීය. “තතස්සා” යනු ද පාඨයකි. තතො අස්සා - යනු පද බෙදීමය.
සපථන්ති සපනං. පරිභාසාපයීති භයෙන තජ්ජාපෙසි. සපථං මුසාවාදං අභාසිසන්ති “සචෙ තං මයා කතං, ඊදිසී භවෙය්ය”න්ති කතමෙව පාපං අකතං කත්වා දස්සෙන්තී මුසාවාදං අභූතං සපථං අභාසිං. මුත්තමංසානි ඛාදාමි, සචෙතං පකතං මයාති ඉදං තදා සපථස්ස කතාකාරදස්සනං. යදි එතං ගබ්භපාතනපාපං මයා කතං, ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියං මය්හං පුත්තමංසානියෙව ඛාදෙය්යන්ති අත්ථො. තස්ස කම්මස්සාති තස්ස ගබ්භපාතනවසෙන පකතස්ස පාණාතිපාතකම්මස්ස. මුසාවාදස්ස චාති මුසාවාදකම්මස්ස ච. උභයන්ති උභයස්සපි කම්මස්ස උභයෙන විපාකෙන. කරණත්ථෙ හි ඉදං පච්චත්තවචනං. පුබ්බලොහිතමක්ඛිතාති පසවනවසෙන පරිභිජ්ජනවසෙන ච පුබ්බෙන ච ලොහිතෙන ච මක්ඛිතා හුත්වා පුත්තමංසානි ඛාදාමීති යොජනා.
සපථං - යනු දිව්රවීය. පරිභාසයිත්වා - බියෙන් තැතිගැන්වීය. “සපථං මුසාවාදං අභාසි” ඉදින් මා විසින් කරන ලද්දාවූ, මෙවැනි වූ පාපකර්මය, නොකළෙමි යයි ම දක්වමින් බොරුවට අභූත ලෙස සපථ කෙරුවෙමි. දිව්රුවෙමි. “පුත්තමංසාති ඛාදාමි සචෙ තෙ පකතං මයා” එදා දිව්රීම් කල ආකාරය දක්වයි. යම් ලෙසකින් මා විසින් මේ ගැබ හෙලීම කරන ලද්දේ නම්, අනාගතයේ පුනර්භවයෙක උපන් අවස්ථාවන්හි දී මගේම දරුවන්ගේ මස් මමම අනුභව කරන්නෙමි යන අර්ථයි. තස්ස කම්මස්සා - ඒ ගැබ හෙලීම වසයෙන් පැවැති ප්‍රාණඝාත අකුසලයෙන්, මුසාවාදස්ස චා - මුසාවාද අකුසල කර්මයෙන්, උභයං - කර්ම ද්වයාගේ කර්ම දෙකේම විපාක වශයෙන් මෙය කරණාර්ථයෙහි පචචත්ත වචනයි. පුබ්බ ලොහිත මක්ඛිතානි - ප්රසවන වසයෙන් ද, අනුභව කිරීම් වසයෙන් ද, සැරව වලින් ද ලේ වලින් ද, තවරණ ලද දරුවන්ගේ මස් කමි - යන යෙදීමයි.
එවං සා පෙතී අත්තනො කම්මවිපාකං පවෙදෙත්වා පුන ථෙරෙ එවමාහ – “අහං, භන්තෙ, ඉමස්මිංයෙව ගාමෙ අසුකස්ස කුටුම්බිකස්ස භරියා ඉස්සාපකතා හුත්වා පාපකම්මං කත්වා එවං පෙතයොනියං නිබ්බත්තා. සාධු, භන්තෙ, තස්ස කුටුම්බිකස්ස ගෙහං ගච්ඡථ, සො තුම්හාකං දානං දස්සති, තං දක්ඛිණං මය්හං උද්දිසාපෙය්යාථ, එවං මෙ ඉතො පෙතලොකතො මුත්ති භවිස්සතී”ති. ථෙරා තං සුත්වා තං අනුකම්පමානා උල්ලුම්පනසභාවසණ්ඨිතා තස්ස කුටුම්බිකස්ස ගෙහං පිණ්ඩාය පවිසිංසු. කුටම්බිකො ථෙරෙ දිස්වා සඤ්ජාතප්පසාදො පච්චුග්ගන්ත්වා පත්තානි ගහෙත්වා ථෙරෙ ආසනෙසු නිසීදාපෙත්වා පණීතෙන ආහාරෙන භොජෙතුං ආරභි. ථෙරා තං පවත්තිං කුටුම්බිකස්ස ආරොචෙත්වා තං දානං තස්සා පෙතියා උද්දිසාපෙසුං. තඞ්ඛණඤ්ඤෙව ච සා පෙතී තතො දුක්ඛතො අපෙතා උළාරසම්පත්තිං පටිලභිත්වා රත්තියං කුටුම්බිකස්ස අත්තානං දස්සෙසි.
මෙසේ ඒ ප්‍රේතී තොමෝ තමාගේ කර්මය හා විපාකය හෙළිදරව් කොට නැවත ස්ථවිරයන්ට මෙසේ කීය. ස්වාමීනි! මම මේ ගමේම අසවල් ගෘහපතියාගේ භාර්යාව වී ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව පාපකර්මයක් කොට මෙසේ ප්‍රේත යෝනියෙහි උපනිමි. ස්වාමීනි! ආයාචනා කරමි. ඒ කෙළඹියාගේ ගෙට වඩිනු මැනව, එවිට ඒ ගෘහපතියා ඔබ වහන්සේලාට දන් දෙන්නේය. ඒ දක්ෂිණාව (දානමය පින) මට දෙනු මැනව, එසේ කළ කල්හි මේ ප්‍රේත ලෝකයෙන් මාගේ මිදීම වන්නේ යයි කීවාය. ස්ථවීරයන් වහන්සේ එය අසා අනුකම්පා උපදවා, දුකින් මුදවන භාවයේ පිහිටියේ ඒ කෙළඹියාගේ ගෙදරට පිඬු පිණිස වැඩියහ. ගෘහපතියා තෙරුන් වහන්සේලා දැක හටගත් පැහැදීම ඇතිව, පෙර ගමන් කොට පාත්‍රය ගෙන තෙරුන් වහන්සේලා අසුන්හි වඩා හිදුවා ප්‍රණීත ආහාර වළදවන්නට ආරම්භ කළේය. තෙරුන් වහන්සේ (ප්‍රේතියගේ) ඒ ප්‍රවෘත්තිය කෙළෙඹි පුත්‍රයාට දැනුම් දී ඒ දානානිසංසය ප්‍රේතිය උදෙසා දෙවු සේක. එකෙණෙහි ඒ ප්‍රේතිය ඒ ප්‍රේත දුකින් මිදී මහත් සම්පත් ලබා රාත්‍රි කාලයේ කෙළෙඹියා තමන් දැක්වීය.
අථ ථෙරා අනුක්කමෙන සාවත්ථිං ගන්ත්වා භගවතො තමත්ථං ආරොචෙසුං. භගවා ච තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. දෙසනාවසානෙ මහාජනො පටිලද්ධසංවෙගො ඉස්සාමච්ඡෙරතො පටිවිරමි. එවං සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
අනතුරුව තෙරුන් වහන්සේලා පිළිවෙලින් සැවැත් නුවරට වැඩ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට පැමිණි පිරිසට දහම් දෙසූ සේක. මහා ජනයා ලද සංවේග ඇතිව ඊර්ෂ්‍යා මාත්සර්ය ආදී අකුසලයන්ගෙන් වැළකුණාහුය. මෙපරිද්දෙන් ඒ ධර්ම දේශනාව මහජනයාට සාර්ථක විය.
පඤ්චපුත්තඛාදකපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
පංචපුත්ර ඛාදක ප්‍රේත වස්තුව නිමියේය.
7. සත්තපුත්තඛාදකපෙතිවත්ථුවණ්ණනා
7. සත්තපුත්‍රඛාදක ප්‍රේතවස්තු වර්ණනාව
නග්ගා දුබ්බණ්ණරූපාසීති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ සත්තපුත්තඛාදකපෙතිං ආරබ්භ වුත්තං.
“නග්ගා දුබ්බණ්ණ රූපා - ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල්හි දරු සත්දෙනෙකුන් කන ප්‍රේතියක් අරභයා දෙසු සේක.
සාවත්ථියා කිර අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකෙ අඤ්ඤතරස්ස උපාසකස්ස ද්වෙ පුත්තා අහෙසුං – පඨමවයෙ ඨිතා රූපසම්පන්නා සීලාචාරෙන සමන්නාගතා. තෙසං මාතා “පුත්තවතී අහ”න්ති පුත්තබලෙන භත්තාරං අතිමඤ්ඤති. සො භරියාය අවමානිතො නිබ්බින්නමානසො අඤ්ඤං කඤ්ඤං ආනෙසි. සා නචිරස්සෙව ගබ්භිනී අහොසි. අථස්ස ජෙට්ඨභරියා ඉස්සාපකතා අඤ්ඤතරං වෙජ්ජං ආමිසෙන උපලාපෙත්වා තෙන තස්සා තෙමාසිකං ගබ්භං පාතෙසි. අථ සා ඤාතීහි ච භත්තාරා ච “තයා ඉමිස්සා ගබ්භො පාතිතො”ති පුට්ඨා “නාහං පාතෙමී”ති මුසා වත්වා තෙහි අසද්දහන්තෙහි “සපථං කරොහී”ති වුත්තා “සායං පාතං සත්ත සත්ත පුත්තෙ විජායිත්වා පුත්තමංසානි ඛාදාමි, නිච්චං දුග්ගන්ධා ච මක්ඛිකාපරිකිණ්ණා ච භවෙය්ය”න්ති සපථං අකාසි.
සැවැත් නුවර සමීපයේ එක්තරා ගමක උපාසකයකු හට පුත්තු දෙදෙනෙක් වූහ. ඔව්හු ප්‍රථම වයසෙහි සිටියාහු රූප සම්පත්තියෙන් සමෘද්ධ වූ, ශීලාචාර ගුණසම්පන්නයෝ වූහ. ඒ පුතුන්ගේ මව් මම පුත්‍රයන් ඇත්තියක් වෙමියි, පුත්‍රයාගේ මහන්තත්වය හිතට ගෙන (අහංකාර උපදවා) ස්වාමි පුත්‍රයාට අවමන් කෙරෙයි. (මෙසේ) බිරිඳ විසින් අවමන් කරන ලද ඒ පුරුෂයා කලකිරුණු සිතින් අනෙක් ස්ත්‍රීයක් ගෙන ආයේය. ඕ තොමෝ ටික කලකින් ගර්භනී වූවාය. එකල්හි ජ්‍යෙෂ්ඨ භාර්යාව (පළමු බිරින්ද) ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව එක්තරා වෙදෙකුට මුදල් දී ඔහු ලවා ඇගේ තෙමස් වූ දරුගැබ හෙළීය. එවිට ඇගේ ඤාතීන් විසින් ද ස්වාමියා විසින් ද “තී විසින් මෑගේ දරුගැබ හෙළවන” ලද්දේ දැයි විචාරණ ලද්දාහු තමන් විසින් ගැබ් හෙලීම නොකෙරෙව්වෙමියි බොරු කියා එය නො අදහන්නා වූ ඔවුන් විසින් “දිව්රුම් කරව”යි කියන ලදුව උදේ හා සවස දරුවන් සත් සත් දෙනා බැගින් වදා දරු මස් කන්නියක් වෙමියි ද, නිතර දුගඳව නිල මැස්සන්ගෙන් පිරිවරන ලද තැනැත්තියක් වන්නෙමි යයි කියා දිවුළාය.
සා අපරෙන සමයෙන කාලං කත්වා තස්ස ගබ්භපාතනස්ස මුසාවාදස්ස ච ඵලෙනෙව පෙතයොනියං නිබ්බත්තිත්වා පුත්තනයෙන පුත්තමංසානි ඛාදන්තී තස්සෙව ගාමස්ස අවිදූරෙ විචරති. තෙන ච සමයෙන සම්බහුලා ථෙරා ගාමකාවාසෙ වුත්ථවස්සා භගවන්තං දස්සනාය සාවත්ථිං ආගච්ඡන්තා තස්ස ගාමස්ස අවිදූරෙ එකස්මිං පදෙසෙ රත්තියං වාසං කප්පෙසුං. අථ සා පෙතී තෙසං ථෙරානං අත්තානං දස්සෙසි. තං මහාථෙරො ගාථාය පුච්ඡි –
මෝ තොමෝ මෑත කාලයක කළුරිය කොට, ගැබ හෙළීමේ හා බොරු කීමේ විපාක වසයෙන් ප්‍රේත යෝනියෙහි ඉපදී කියන ලද ක්‍රමයෙන්ම දරුමස් කමින්, එම ගමට සමීප තන්හි හැසිරෙයි. එසමයෙහි බොහෝ තෙරුන් වහන්සේලා ගම් පෙදෙසක වස් වැස වස් පවරා බුදුන් වහන්සේ දක්වා පිණිස සැවැත් නුවරට එන්නාහු ගමට නුදුරු එක් තැනක රාත්‍රියෙහි නවාතැන් ගත්හ. එකල්හි ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේලාට තමන් දැක්වීය.
“නග්ගා දුබ්බණ්ණරූපාසි, දුග්ගන්ධා පූති වායසි; මක්ඛිකාහි පරිකිණ්ණා, කා නු ත්වං ඉධ තිට්ඨසී”ති.
36. නග්නව විරූප වූ බියකරු රූපයෙන් යුතුව, දුගඳ වූ කුණු ගඳ හමන්නා වූ හාත්පස නිල මැස්සන්ගෙන් පිරිවරන ලදුව, මෙහි සිටින තී කවරී දැයි විචාළේය.
සා ථෙරෙන පුට්ඨා තීහි ගාථාහි පටිවචනං අදාසි –
තෙරුන් විසින් එසේ විමසන ලදුව, ප්‍රේතිය ගාථා තුනකින් උත්තර දුන්නාය.
“අහං භදන්තෙ පෙතීම්හි, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා.
37. ස්වාමීනි! මම යම ලොව යයි කියන ලද නම් ඇති, ප්‍රේත ලෝකයෙහි උපන්නාවූ දුකට පත් වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට, මිනිස් ලොවින් (චුතව) ඉපදීම් වශයෙන් ප්‍රේතලෝකයට පැමිණියේ වෙමි.
“කාලෙන සත්ත පුත්තානි, සායං සත්ත පුනාපරෙ; විජායිත්වාන ඛාදාමි, තෙපි නා හොන්ති මෙ අලං.
38. උදය කාලයේ පුතුන් සත් දෙනෙකු ද, සවස් කාලයේ පුතුන් සත් දෙනකු ද, වදමි එසේ වැදූ දරුවන් මමම කමි. මේ තුදුස් දෙනාම නමුදු මගේ කුසගින්නට ප්‍රමාණවත් නොවේ. (බඩ නො පිරේ)
“පරිඩය්හති ධූමායති, ඛුදාය හදයං මම; නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪාව ආතපෙ”ති.
39. බඩගින්නෙන් (පෙළෙන්නා වූ) මගේ හෘදය හාත්පස දැවෙයි. දුම් නගින්නේ වෙයි. අධික රෂ්ණය සහිත අව්ව ඇති කල්හි, ගින්නෙන් දැවුණු තැනැත්තියක මෙන් සා පිපාසා දුක සන්සිඳීමකට නො පැමිණෙමි.
තත්ථ නිබ්බුතින්ති ඛුප්පිපාසාදුක්ඛස්ස වූපසමං. නාධිගච්ඡාමීති න ලභාමි. අග්ගිදඩ්ඪාව ආතපෙති අතිඋණ්හආතපෙ අග්ගිනා ඩය්හමානා විය නිබ්බුතිං නාධිගච්ඡාමීති යොජනා.
මෙහි නිබ්බුතන්ති - සා පිපා සා දුක නැති කිරිමට, නාධිගච්ඡාමි, ඉඩක් නො ලබමි, අග්ගිදඩ්ඩාව ආපතෙ - යනු අධික උෂ්ණ වූ අව්ව ඇති කල්හි ගින්නෙන් දැවෙන්නියක මෙන් නිවීමකට නොපැමිණියේ වෙමි යන යෙදිමය.
තං සුත්වා මහාථෙරො තාය කතකම්මං පුච්ඡන්තො –
ඒ අසා මහ තෙරුන් වහන්සේ ඇය විසින් කරන ලද පාප කර්මය විමසන්නේ මේ ගාථාව කීහ.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පුත්තමංසානි ඛාදසී”ති. – ගාථමාහ;
40. තිගේ කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් කිනම් දුශ්චරිතයක් කරන ලද්දේ ද? කවර අකුශල කර්මයක විපාකයෙන් දරුමස් කන්නේ ද?
අථ සා පෙතී අත්තනො පෙතලොකූපපත්තිඤ්ච පුත්තමංසඛාදනකාරණඤ්ච කථෙන්තී –
එයට පිළිතුරු දෙමින් ප්‍රේතිය මේ ගාථා කීවාය.
“අහූ මය්හං දුවෙ පුත්තා, උභො සම්පත්තයොබ්බනා; සාහං පුත්තබලූපෙතා, සාමිකං අතිමඤ්ඤිසං.
41. සමෘද්ධ වූ යොවුන් වයස් ඇති පුත්තු දෙදෙනෙක් මට වූහ. ඒ පුතුන්ගේ බලයෙන් යුක්ත වූ (ඉදිමුණු) මම මගේ ස්වාමි පුත්‍රයා අතික්‍රමණය කොට විසුවෙමි.
“තතො මෙ සාමිකො කුද්ධො, සපතිං මය්හමානයි; සා ච ගබ්භං අලභිත්ථ, තස්සා පාපං අචෙතයිං.
42. ඒ හේතුවෙන් මගේ සැමියා මා කෙරෙහි කිපුණේ සෙවෙතක්, අන් ස්ත්‍රියක ගෙන ආවේය. ඕ තොමෝ දරු ගැබක් ලැබීය. ඈ කෙරෙහි පාප කර්මයක් සිතුවෙමි.
“සාහං පදුට්ඨමනසා, අකරිං ගබ්භපාතනං; තස්ස තෙමාසිකො ගබ්භො, පූතිලොහිතකො පති.
43. ඒ මම දූෂිත වූ සිතින් ඇගේ ගැබ හෙළීම කළෙමි. ඇගේ තෙමස් වූ ගැබ කුණු ලේ වී වැටුණේය.
“තදස්සා මාතා කුපිතා, මය්හං ඤාතී සමානයි; සපථඤ්ච මං කාරෙසි, පරිභාසාපයී ච මං.
44. එවිට ඇගේ මව කිපී ඤාතීන් රැස් කරවීය. රැස්වී මා ලවා දිවුරවීය. බියෙන් තැතිගත් මා දරුණුම දිව්රීමෙන් දිවිරූවෙමි.
“සාහං ඝොරඤ්ච සපථං, මුසාවාදං අභාසිසං; ‘පුත්තමංසානි ඛාදාමි, සචෙ තං පකතං මයා’.
45. ඒ මම දරණුම දිවුරුමින් දිව්රා බොරු බස් කීම් මා විසින් ඒ දරු ගැබ හෙලන ලද්දෙන් දරුමස් කමි.
“තස්ස කම්මස්ස විපාකෙන, මුසාවාදස්ස චූභයං; පුත්තමංසානි ඛාදාමි, පුබ්බලොහිතමක්ඛිතා”ති. – ඉමා ගාථා අභාසි;
46. ඒ ගැබ හෙළීමේ කර්මය ද, මුසාවාද කර්මය ද යන උභය කර්මයන් හේතුවෙන් දරුමස් කමි. පුයාවෙන් හා ලෙයින් වැඩුණු සිරුරු ඇත්තියක් වීමි.
තත්ථ පුත්තබලූපෙතාති පුත්තබලෙන උපෙතා, පුත්තානං වසෙන ලද්ධබලා. අතිමඤ්ඤිසන්ති අතික්කමිත්වා මඤ්ඤිං අවමඤ්ඤිං. පූතිලොහිතකො පතීති කුණපලොහිතං හුත්වා ගබ්භො පරිපති. සෙසං සබ්බං අනන්තරසදිසමෙව. තත්ථ අට්ඨ ථෙරා, ඉධ සම්බහුලා. තත්ථ පඤ්ච පුත්තා, ඉධ සත්තාති අයමෙව විසෙසොති.
එහි පුත්ත බලු පෙතා - දරුවන්ගේ බලයෙන් යුක්ත වූ, දරුවන්ගේ වසයෙන් ලද බලය. අතිමඤ්ඤිසං - ඉක්මවා සිතුවෙමි. මැඩ පවත්වා සිතුවෙමි. පූති ලොහිතකො පති- කුණු ලේ සහිතව ගැබ වැටුනේය. සෙසු සියල්ල යටගිය කථාව මෙනි. එහි තෙරුන් අට දෙනෙකි. මෙහි බොහෝ තෙරණුවෝ වෙති. එහි පුතුන් පස් දෙනෙකි. එය පමණක් වෙනස් වේ.
මෙසේ ඒ ප්‍රේති තොමෝ තමාගේ කර්මය පවසා නැවත මහ තෙරුන්ට මෙසේ කීවාය.
ස්වාමීනි! මම මෙම ගමෙහි අසවල් ගෘහපතියාගේ භාර්යාව වී ඊර්ෂ්‍යාවෙන් වැඩී පව්කම් කොට මෙසේ ප්‍රේත යෝනියෙහි උපන්මි. වහන්ස කරුණා පෙරදැරිව ඒ ගෘහපතියාගේ ගෙට වඩිනු මැනැව. ඔහු ඔබ වහන්සේලාට දන් දෙන්නේය. ඒ දක්ෂිණාවේ පින් මා කෙරෙහි උදෙසා වදාළ මැනව. මේ ප්‍රේත ලොවින් මිදෙන්නෙමියි කීවාය.
තෙරුන් වහන්සේ එය අසා අනුකම්පා පෙරදැරිව ඈ ප්‍රේත දුකින් මුදවන ස්වභාවයෙහි පිහිටා ඒ ගෘහපතියාගේ නිවසට පිඬු පිණිස වැඩම කළහ. ගෘහපතියා ද තෙරුවන් වහන්සේ දැක හටගත් පැහැදීමෙන් යුක්තව පෙරගමන් කොට වඩමවා තෙරුන් වහන්සේලා අසුන්හි වඩා හිඳුවා ප්රණිත වූ බොජුන් වළඳවන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේලා ඒ කථා ප්‍රවෘත්තිය ගෘහපතියාට කියා ඒ දානය එම ප්‍රේතියට උදෙසෙව්වාහ. එකෙණෙහිම එම ප්‍රේතිය දුකින් මිදී මහත් සම්පත් ලබා කෙළඹියා හට තමා දැක්වීය. නැවත තෙරුන් වහන්සේලා පිළිවෙලින් සැවැත් නුවරට වැඩමවා ඒ පුවත බුදුරජාණන් වහන්සේට සැළකළාහුය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි පිරිසට ධර්මය දේශනා කළ වදාළහ. දේශනාව මහා ජනයාට ප්‍රයෝජනවත් විය.
සත්තපුත්තඛාදකපෙතිවත්ථුවණ්ණානා නිට්ඨිතා.
පුතුන් සත්දෙනා බැගින් කෑ ප්‍රේතියගේ කථා වස්තුව නිමියේය.
8. ගොණපෙතවත්ථුවණ්ණනා
8. ගෝණ ප්‍රේතවස්තු වර්ණනාව
කිං නු උම්මත්තරූපො වාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං මතපිතිකං කුටුම්බිකං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර අඤ්ඤතරස්ස කුටුම්බිකස්ස පිතා කාලමකාසි. සො පිතු මරණෙන සොකසන්තත්තහදයො රොදමානො උම්මත්තකො පිය විචරන්තො යං යං පස්සති, තං තං පුච්ඡති – “අපි මෙ පිතරං පස්සිත්ථා”ති? න කොචි තස්ස සොකං විනොදෙතුං අසක්ඛි. තස්ස පන හදයෙ ඝටෙ පදීපො විය සොතාපත්තිඵලස්ස උපනිස්සයො පජ්ජලති.
“කින්නු උම්මත්තරූපො වා” මේ ආදී ධර්මදේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන්නේ, පියා මළා වූ එක්තරා කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක්තරා කෙළෙඹියකුගේ පියා කළුරිය කළේය. හෙතෙම පියාගේ මරණය නිසා ශෝකයෙන් තැවෙන සිත් ඇතිව විලාප කියමින් හඬමින් උමතු වුවකු මෙන් ඇවිදිමින් යම් යම් කෙනෙක් දකී ද? ඒ ඒ අයගෙන් “කිමෙක් ද මගේ පියා දුටු වේ දැයි” අසයි. ඒ කෙළඹියාගේ ශෝකය දුරුකරන්නට කිසිවෙකුට නොහැකි විය. ඒ කෙළඹියාගේ හෘදයෙහි කළයක් තුළ දැණු පහනක් මෙන් සෝවාන් ඵලයට හේතු සම්පත් දැල්වෙයි.
සත්ථා පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො තස්ස සොතාපත්තිඵලස්ස උපනිස්සයං දිස්වා “ඉමස්ස අතීතකාරණං ආහරිත්වා සොකං වූපසමෙත්වා සොතාපත්තිඵලං දාතුං වට්ටතී”ති චින්තෙත්වා පුනදිවසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පච්ඡාසමණං අනාදාය තස්ස ඝරද්වාරං අගමාසි. සො “සත්ථා ආගතො”ති සුත්වා පච්චුග්ගන්ත්වා සත්ථාරං ගෙහං පවෙසෙත්වා සත්ථරි පඤ්ඤත්තෙ ආසනෙ නිසින්නෙ සයං භගවන්තං වන්දිත්වා එකමන්තං නිසින්නො “කිං, භන්තෙ, මය්හං පිතු ගතට්ඨානං ජානාථා”ති ආහ. අථ නං සත්ථා, “උපාසක, කිං ඉමස්මිං අත්තභාවෙ පිතරං පුච්ඡසි, උදාහු අතීතෙ”ති ආහ. සො තං වචනං සුත්වා “බහූ කිර මය්හං පිතරො”ති තනුභූතසොකො ථොකං මජ්ඣත්තතං පටිලභි. අථස්ස සත්ථා සොකවිනොදනං ධම්මකථං කත්වා අපගතසොකං කල්ලචිත්තං විදිත්වා සාමුක්කංසිකාය ධම්මදෙසනාය සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා විහාරං අගමාසි.
ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ අළුයම් කාලයෙහි ලොව බලා වදාරන්නේ ඔහුගේ සෝවාන් ඵල ලැබීමට ඇති හේතු සම්පත් දැක, මොහුට අතීත කාරණය පැහැදිලි කොට ශෝකය නිවා, සෝවාන් ඵලය ලබා දීමට වටනේය යයි සිතා දෙවන දවසේ බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැනි ශ්‍රමණයෙකු ද සමග ඔහුගේ ගෙදොර වෙත වැඩි සේක. හෙතෙම ශාස්තෲන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන් කල්හි තෙමේම භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටිමින්, කිමෙක් ද ස්වාමීනි! මගේ පියා ගියතැන නුඹ වහන්සේ දන්නේ දැයි ඇසීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ කිමෙක් ද උපාසකය! නුඹ මේ අත්බැව්හී පියා විචාරන්නේ ද? නැතිනම් අතීතභවයේ පියා විචාරන්නේ දැයි ඇසීය. ඒ කෙළඹියා ඒ වචනය අසා “මට පියවරු බොහෝ වෙත්ල”යි සිතා තුනී වූ ශෝක ඇතිව, ස්වල්පයක් මැදිහත් බවට පැමිණියේය. එකල්හි ශාස්තෲන් වහන්සේ ඔහුගේ ශෝකය දුරු කිරිම පිණිස, ධාර්මික කතාවක් කොට, පහ වූ ශෝක ඇතිව සිත මෘදු වූ බව දැන, සිව්සස් ඇතුළත් වූ සාමුක්කංසික ධර්ම දේශනාවෙන් සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයට වැඩම කළ සේක.
අථ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “පස්සථ, ආවුසො, බුද්ධානුභාවං, තථා සොකපරිදෙවසමාපන්නො උපාසකො ඛණෙනෙව භගවතා සොතාපත්තිඵලෙ විනීතො”ති. සත්ථා තත්ථ ගන්ත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි. භික්ඛූ තමත්ථං භගවතො ආරොචෙසුං. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව මයා ඉමස්ස සොකො අපනීතො, පුබ්බෙපි අපනීතොයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
ඉක්බිතිව භික්ෂුන් වහන්සේලා ධර්ම සභාවට රැස්ව “ඇවැත්නි බුද්ධානුභාවය බලනු මැනවි. (පියා මළ) ශෝකයෙන් පීඩිත වූ, අතිශයින් ශෝක කළා වූ උපාසකයා, භාග්‍යවතුන් වහන්සේ ඇසිල්ලකින් සෝවාන් ඵලයෙහි පිහිටුවන ලද්දේ යයි කථාව ඉපිද වූහ. ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා පනවන ලද උතුම් ධර්මාසනයෙහි වැඩ හිඳ මහණෙනි! දැන් කවර කථාවකින් යුක්තව තෙපි උන්නාහු දැයි විචාළ කල්හි භික්ෂූහු එපවත් බුදුන්ට සැළකළාහුය. එකල බුදුරජාණන් වහන්සේ වදාරණ සේක් “මහණෙනි! මා විසින් මොහුගේ ශෝකය පහකරන ලද්දේ දැන් පමණක් නොවේ. අතීතයේ ද ශෝකය පහකරන ලද්දේම යයි” වදාරා ඒ භික්ෂූන් විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතෙ බාරාණසියං අඤ්ඤතරස්ස ගහපතිකස්ස පිතා කාලමකාසි. සො පිතු මරණෙන සොකපරිදෙවසමාපන්නො අස්සුමුඛො රත්තක්ඛො කන්දන්තො චිතකං පදක්ඛිණං කරොති. තස්ස පුත්තො සුජාතො නාම කුමාරො පණ්ඩිතො බ්යත්තො බුද්ධිසම්පන්නො පිතුසොකවිනයනූපායං චින්තෙන්තො එකදිවසං බහිනගරෙ එකං මතගොණං දිස්වා තිණඤ්ච පානීයඤ්ච ආහරිත්වා තස්ස පුරතො ඨපෙත්වා “ඛාද, ඛාද, පිව, පිවා”ති වදන්තො අට්ඨාසි. ආගතාගතා තං දිස්වා “සම්ම සුජාත, කිං උම්මත්තකොසි, යො ත්වං මතස්ස ගොණස්ස තිණොදකං උපනෙසී”ති වදන්ති? සො න කිඤ්චි පටිවදති. මනුස්සා තස්ස පිතු සන්තිකං ගන්ත්වා “පුත්තො තෙ උම්මත්තකො ජාතො, මතගොණස්ස තිණොදකං දෙතී”ති ආහංසු. තං සුත්වා ච කුටුම්බිකස්ස පිතරං ආරබ්භ ඨිතො සොකො අපගතො. සො “මය්හං කිර පුත්තො උම්මත්තකො ජාතො”ති සංවෙගප්පත්තො වෙගෙන ගන්ත්වා “නනු ත්වං, තාත සුජාත, පණ්ඩිතො බ්යත්තො බුද්ධිසම්පන්නො, කස්මා මතගොණස්ස තිණොදකං දෙසී”ති චොදෙන්තො –
යටගිය දවස බරණැස් නුවර එක්තරා ගෘහපතියකුගේ පියා කළුරිය කලේය. හෙතෙම පියාගේ මරණයෙන් ශෝකයට හා විලාප කීමට පැමිණියේ කඳුළු පිරි මුහුණින් යුතුව ළෙහි අත් ගසා හඬමින් ඔහුගේ චිතකය ප්රදක්ෂිණා කරයි. එවිට ඔහුගේ පුත්‍ර වූ නුවණැති වූ ව්‍යක්ත වූ, බුද්ධි සම්පන්න වූ, සුජාත නම් වූ, දරුවා පියාණන්ගේ ශෝකය පහකිරිමට සිතමින්, එක්දවසක් නගරයෙන් පිටත මළ ගොනෙකු දැක තණ කොළ ද, වතුර ද ගෙන වුත් ඒ (මළ) ගොනුගේ ඉදිරියේ තබා, ටික ටික දෙමින් ජීවත්ව සිටින කෙනකුට මෙන් කාපිය කාපිය බීපිය බීපිය ආදිය කියමින් අණ කරමින් සිටියේය. එතැනට පැමිණි පැමිණි අය ඒ ක්‍රියාව දැක යහළු සුජාතය නුඹ මියගිය ගොනකුට තණකොළ හා දිය ගෙනවුත් දෙන්නේ නුඹ පිස්සෙක් වූයේ ද? යනුවෙන් කියත්. හෙතෙම කිසිත් නොකියයි. මිනිස්සු ඔහුගේ පියා හමුවට ගොස්, “නුඹේ පුතා උමතු වූයේද මළ ගොනෙකුට තණ හා වතුර දේ යයි කීහ. ඒ අසා කෙළඹියාට තම පියා අරමුණු කොට තිබු ශෝකය පහව ගියේය මාගේ පුත්‍රයා උමතු වූයේය යන ශෝකයෙන් තැවුණු සිතින් වේගයෙන් පුතා වෙත ගොස් “සුජාතය, නුඹ ඤාණවන්ත, ව්‍යක්ත, බුද්ධි සම්පන්න කෙනෙක් නොවේ ද? කුමක් හෙයින් මේ මියගිය ගොනාට තණ හා වතුර දෙන්නෙහි ද? චෝදනා කරමින්,
“කිං නු උම්මත්තරූපොව, ලායිත්වා හරිතං තිණං; ඛාද ඛාදාති ලපසි, ගතසත්තං ජරග්ගවං.
කිමෙක් ද? උමතු බවට පැමිණියකු මෙන් නිල් තණ කපා ගෙනැවිත් (මිය ගිය) දිවි පහ වූ, මහලු ගොනෙකුට කාපිය කාපිය කියන්නෙහි ද
“න හි අන්නෙන පානෙන, මතො ගොණො සමුට්ඨහෙ; ත්වංසි බාලො ච දුම්මෙධො, යථා තඤ්ඤොව දුම්මතී”ති. –
දෙන ලද ආහාර වූ නිල් තණ වලින් ද, වතුරෙන් ද මිය ගිය ගොනා නැගිටුවීමට නො හැක්කේමය. වෙනත් උමතු වූ අයෙකු මෙන් නුඹත් අනුවණ බාලයෙන් වූයේ ද?
ගාථාද්වයමාහ. තත්ථ කිං නූති පුච්ඡාවචනං. උම්මත්තරූපොවාති උම්මත්තකසභාවො විය චිත්තක්ඛෙපං පත්තො විය. ලායිත්වාති ලවිත්වා. හරිතං තිණන්ති අල්ලතිණං. ලපසි විලපසි. ගතසත්තන්ති විගතජීවිතං. ජරග්ගවන්ති බලිබද්දං ජිණ්ණගොණං. අන්නෙන පානෙනාති තයා දින්නෙන හරිතතිණෙන වා පානීයෙන වා. මතො ගොණො සමුට්ඨහෙති කාලකතො ගොණො ලද්ධජීවිතො හුත්වා න හි සමුට්ඨහෙය්ය. ත්වංසි බාලො ච දුම්මෙධොති ත්වං බාල්යයොගතො බාලො, මෙධාසඞ්ඛාතාය පඤ්ඤාය අභාවතො දුම්මෙධො අසි. යථා තඤ්ඤොව දුම්මතීති යථා තං අඤ්ඤොපි නිප්පඤ්ඤො විප්පලපෙය්ය, එවං ත්වං නිරත්ථකං විප්පලපසීති අත්ථො. යථා තන්ති නිපාතමත්තං.
යන ගාථා දෙක කීහ. එහි අර්ථය ඉමස්ස ගොනස්ස මේ සතර පාද ඇත්තහුගේ, මේ බෙරයක් හා සමාන වූ හිස, සහ වලිගය පවතී වලිගය සහිත වූ මේ කය, මේ නේත්‍රයෝ යම්සේ මරණයට පෙර තිබුනේ ද දැනුත් එසේම තිබේ. අයං ගොණෙ සමුට්ඨහෙ එහි කිනනු ති - විචාළ වචනයයි. උම්මත්ත රූපො වා- උමතු ස්වභාවයට පත් චිත්ත වික්ෂෝපයට පත් වූවාක් මෙන් ලායිත්වා - කපා හරිතං තිණං - හරිතවර්ණ තෙත් (අලුත්) තණ කොළ - ලපසි - විලාප කියයි - වැළපෙයි. ගතසත්තං පහ වූ දිවි ඇති - මළාවූ සත්ත්වයා - ජරග්ගවං - ගොනා මහළු ගොනා, අන්නපානෙනා - තොප විසින් දෙන ලද කොල පැහැ තණවලින් හෝ ජලයෙන්, මතො ගොණෙ න සමුට්ඨහි - මියගිය ගොනා නැවත දිවි ලැබ නො නැගිටින්නේය. ත්වංසි බාලොව දුම්මෙධො - තෝ බාලබවෙහි යෙදුනේද? මෝඩයෙක් වීද? නුවණ සංඛ්‍යාත ප්‍රඥාව අභාවයට ගොස්, අඥානයෙක් වුයෙහි. යථා තඤ්ඤොව දුම්මති - යම් පරිද්දෙකින් ඔබත්, අනෙක් අඥානයන් මෙන්, විකාර දොඩවයි ද කරයි ද එය අරුත් සුන් වූ විකාරයකි යන අර්ථයි. යථාතං - යනු නිපාත මාත්‍රයකි. අඤ්ඤො වා දුම්මතී - ඔබ ප්‍රඥාවන්තයෙකි. අනෙක් උම්මත්තක පුද්ගලයන් මෙන් ඔබ ද උමතු වී විකාර දොඩවයි යන අර්ථය.
තං සුත්වා සුජාතො පිතරං සඤ්ඤාපෙතුං අත්තනො අධිප්පායං පකාසෙන්තො –
ඒ අසා සුජාත තෙමේ පියාට දැන්වීමට හැඟවීමට තමාගේ අදහස ප්‍රකාශ කරමින් මේ ගාථා දෙක කීහ.
“ඉමෙ පාදා ඉදං සීසං, අයං කායො සවාලධි; නෙත්තා තථෙව තිට්ඨන්ති, අයං ගොණො සමුට්ඨහෙ.
49. මේ පාද හතර ද, බෙරයක් බඳු වූ මේ හිස ද, වල්ගය සහිත වූ මේ ශරීර ය ද, ඇස් දෙක ද එසේම පවතිත්, මේ නිසා මේ ගොනා නැගිටින්නේය යනු මාගේ අදහසයි.
“නාය්යකස්ස හත්ථපාදා, කායො සීසඤ්ච දිස්සති; රුදං මත්තිකථූපස්මිං, නනු ත්වඤ්ඤෙව දුම්මතී”ති. –
50. මගේ සීයාගේ අත් පා හා ශරීරය ද, හිස ද දක්නට නො ලැබේ. ඇටකටු තැන්පත් කර මැටියෙන් කළ සෑය නිමිති කරගෙන හඬන්නා වූ නුඹම මෝඩයෙක් නොවන්නේ ද?
ගාථාද්වයං අභාසි. තස්සත්ථො – ඉමස්ස ගොණස්ස ඉමෙ චත්තාරො පාදා, ඉදං සීසං, සහ වාලධිනා වත්තතීති සවාලධි අයං කායො. ඉමානි ච නෙත්තා නයනානි යථා මරණතො පුබ්බෙ, තථෙව අභින්නසණ්ඨානානි තිට්ඨන්ති. අයං ගොණො සමුට්ඨහෙති ඉමස්මා කාරණා අයං ගොණො සමුට්ඨහෙය්ය සමුත්තිට්ඨෙය්යාති මම චිත්තං භවෙය්ය. “මඤ්ඤෙ ගොණො සමුට්ඨහෙ”ති කෙචි පඨන්ති, තෙන කාරණෙන අයං ගොණො සහසාපි කායං සමුට්ඨහෙය්යාති අහං මඤ්ඤෙය්යං, එවං මෙ මඤ්ඤනා සම්භවෙය්යාති අධිප්පායො. අය්යකස්ස පන මය්හං පිතාමහස්ස න හත්ථපාදා කායො සීසං දිස්සති, කෙවලං පන තස්ස අට්ඨිකානි පක්ඛිපිත්වා කතෙ මත්තිකාමයෙ ථූපෙ රුදන්තො සතගුණෙන සහස්සගුණෙන, තාත, ත්වඤ්ඤෙව දුම්මති නිප්පඤ්ඤො, භිජ්ජනධම්මා සඞ්ඛාරා භිජ්ජන්ති, තත්ථ විජානතං කා පරිදෙවනාති පිතු ධම්මං කථෙසි.
එහි තේරුම මේ ගොනාගේ පා සතර පෙනේ. බෙරයක් හා සමාන වූ හිස තිබේ. වලිගය ද පවතී. මේ කය ද නේත්‍රයෝ ද මරණයට පෙර තිබුණක් මෙන් පවතී. අයංගොණෙ - සමුට්ඨහෙ - මේ කරුණු වලින් මේ ගොනා නැගිටින්නේ යයි මට සිතේ. එය මගේ අදහස වන්නේය. මේ ගොනාගේ සියලු අගපසඟ පෙනෙන්නට තිබේ. ඒ කාරණයෙන් මේ ගොනා නො නැගිටින්නේ යයි කව්රු කියත් ද? මෙතෙමේ නැගිටින බව අදහස වන්නේය. මගේ සීයාගේ අත් පා හෝ ශරිරය හෝ හිස හෝ දක්නට නැත. හුදෙක් ඔහුගේ ඇටකටු බහා කළ මැටි ථූපය පමණක් දක්නට ඇත. ඒ මැටි ථූපය බලමින් හඬන්නා වූ වැළපෙන්නා වූ පියාණන් ඔබ මට වඩා සිය දහස් ගුණයකින් මෝඩයෙක් දුෂ්ප්‍රාඥයෙක් නො වන්නේද? බිදෙනසුළු වූ සංස්කාරයෝ බිදෙන්නාහුමය. එහි ඒ බව දන්නා වූ අය කුමකට විලාප නගත් ද ආදී වසයෙන් පියාට ධර්මය කීයේය.
තං සුත්වා බොධිසත්තස්ස පිතා “මම මුත්තො පණ්ඩිතො මං සඤ්ඤාපෙතුං ඉමං කම්මං අකාසී”ති චින්තෙත්වා “තාත සුජාත, ‘සබ්බෙපි සත්තා මරණධම්මා’ති අඤ්ඤාතමෙතං, ඉතො පට්ඨාය න සොචිස්සාමි, සොකහරණසමත්ථෙන නාම මෙධාවිනා තාදිසෙනෙව භවිතබ්බ”න්ති පුත්තං පසංසන්තො –
එය අසා බෝසතුන්ගේ පියා නුවණැති වූ මගේ පුතා මා සන්සිඳුවනු සදහාම මේ ක්‍රියාව කළේ යයි සිතා (පිළිගෙන) සුජාත දරුව සියළු සත්ත්වයෝ මරණ ධර්මය ස්වභාව කොට ඇත්තෝය යන මේ කාරණය දැන ගන්නා ලදී. මෙවක් පටන් ශෝක නො කරමි ශෝකය නිවීමට සුදුස්සා නම් නුඹ වැන්නකුම විය යුතුයයි කියා පුතණුවන් පසසමින් මේ ගාථා හතර කීයේය.
“ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං; වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
51. ශෝකාග්නියෙන් ගිනිගත්තා වූ (මගේ) සිත ජලය වත්කර ගින්න නිවන්නකු මෙන් ද, ගිතෙල් වත්කර (දාහය) සිසිල් කරන්නෙකු මෙන් ද (සිතේ දැවිල්ල) නිවුයේය.
“අබ්බහී වත මෙ සල්ලං, සොකං හදයනිස්සිතං; යො මෙ සොකපරෙතස්ස, පිතුසොකං අපානුදි.
52. මාගේ හදවත ඇසුරු කළ ශෝකය නැමැති හුල උදුරන ලද්දේය. යම් දරුවෙක් ශෝකයෙන් මඩනා ලද්දා වූ පියා අරභයා ඇති වූ ශෝකය පහ කළේ ද?
“ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි, සීතිභූතොස්මි නිබ්බුතො; න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණව.
53. මම ඉදුරුණු ශෝක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වුයේ වෙමි. නිවුණෝ වෙමි. ඔබගේ වචනය අසා ශෝක නො කරමි. නො හඬමි.
“එවං කරොන්ති සප්පඤ්ඤා, යෙ හොන්ති අනුකම්පකා; විනිවත්තයන්ති සොකම්හා, සුජාතො පිතරං යථා”ති. –
54. යම්සේ සුජාත නම් දරුවා පියා ශෝකයෙන් මුදාලූයේ ද? ප්‍රඥ සහිත වූ අනුකම්ප වූ යම් ජන කෙනෙක් වේද එසේ ශෝකයෙන් මුදත්.
චතස්සො ගාථා අභාසි. තත්ථ ආදිත්තන්ති සොකග්ගිනා ආදිත්තං ජලිතං. සන්තන්ති සමානං. පාවකන්ති අග්ගි. වාරිනා විය ඔසිඤ්චන්ති උදකෙන අවසිඤ්චන්තො විය. සබ්බං නිබ්බාපයෙ දරන්ති සබ්බං මෙ චිත්තදරථං නිබ්බාපෙසි. අබ්බහී වතාති නීහරි වත. සල්ලන්ති සොකසල්ලං. හදයනිස්සිතන්ති චිත්තසන්නිස්සිතසල්ලභූතං. සොකපරෙතස්සාති සොකෙන අභිභූතස්ස. පිතුසොකන්ති පිතරං ආරබ්භ උප්පන්නං සොකං. අපානුදීති අපනෙසි. තව සුත්වාන මාණවාති, කුමාර, තව වචනං සුත්වා ඉදානි පන න සොචාමි න රොදාමි. සුජාතො පිතරං යථාති යථා අයං සුජාතො අත්තනො පිතරං සොකතො විනිවත්තෙසි, එවං අඤ්ඤෙපි යෙ අනුකම්පකා අනුග්ගණ්හසීලා හොන්ති, තෙ සප්පඤ්ඤා එවං කරොන්ති පිතූනං අඤ්ඤෙසඤ්ච උපකාරං කරොන්තීති අත්ථො.
එහි - ආදිත්ත යනු ශෝකය නමැති ගින්නෙන් දිලුණු - සත්තං - සමාන වූ, පාවකං - ගින්න, වාරිනා විය මසිඤ්ං - දිය ඉසින්නක් මෙන්, සබ්බං නිබ්බාපයෙ දරං - සියලු චිත්ත දාහය නිවීය. අම්බුළ්හං වතා - බැහැර කරන ලදී. සල්ලං - ශෝක නමැති හුල හදය නිස්සිතං - හෘදය නිශ්රිත වූ ශෝක නමැති හුල, සොකපරෙතස්ස - ශෝකයෙන් මැඬුණු, පිතු සොකං- පියාගේ මරණයෙන් උපන් ශෝකය, අපානුදී - දුරු කළේය. තවසුත්වාන මාණවා - යනු දරුවා ඔබගේ වචනය අසා ශෝක නොකරමි. නො හඬමි. සුජාතො පිතරං යථා - යම්සේ සුජාත කුමාර තෙම තමන්ගේ පියා ශෝකයෙන් මිදෙව් වේද? එසේම අන්‍යවූ ද අනුකම්පා කරන, අනුග්රාහකසීලී වූ, යම් සත්පුරුෂයෝ වෙත්නම්, ඒ ප්‍රාඥයෝ ද එසේ කරත් පියවරුන්ට ද අනෙක් අයට ද, උපකාර කරත් යන අර්ථයි.
මාණවස්ස වචනං සුත්වා පිතා අපගතසොකො හුත්වා සීසං නහායිත්වා භුඤ්ජිත්වා කම්මන්තෙ පවත්තෙත්වා කාලං කත්වා සග්ගපරායණො අහොසි. සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා තෙසං භික්ඛූනං සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීසු පතිට්ඨහිංසු. තදා සුජාතො ලොකනාථො අහොසීති.
තරුණයාගේ වචනය අසා පියා පහවූ ශෝක ඇති ව, ජලස්නානය කොට ආහාර ගෙන කර්මාන්තයන් පවත්වා, කළුරිය කොට ස්වර්ගයේ උපත ලැබීය. ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ඒ භික්ෂූන්ට සිව්සස් වදාළ සේක. චතුස්සත්‍යයාගේ කෙළවර බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵලවල පිහිටියාහුය.
ගොණපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
ගෝන ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
9. මහාපෙසකාරපෙතිවත්ථුවණ්ණනා
9. මහාපෙසකාර ප්‍රේතවස්තු වර්ණනාව
ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බන්ති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ අඤ්ඤතරං පෙසකාරපෙතිං ආරබ්භ වුත්තං. ද්වාදසමත්තා කිර භික්ඛූ සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා වසනයොග්ගට්ඨානං වීමංසන්තා උපකට්ඨාය වස්සූපනායිකාය අඤ්ඤතරං ඡායූදකසම්පන්නං රමණීයං අරඤ්ඤායතනං තස්ස ච නාතිදූරෙ නාච්චාසන්නෙ ගොචරගාමං දිස්වා තත්ථ එකරත්තිං වසිත්වා දුතියදිවසෙ ගාමං පිණ්ඩාය පවිසිංසු. තත්ථ එකාදස පෙසකාරා පටිවසන්ති, තෙ තෙ භික්ඛූ දිස්වා සඤ්ජාතසොමනස්සා හුත්වා අත්තනො අත්තනො ගෙහං නෙත්වා පණීතෙන ආහාරෙන පරිවිසිත්වා ආහංසු “කුහිං, භන්තෙ, ගච්ඡථා”ති? “යත්ථ අම්හාකං ඵාසුකං, තත්ථ ගමිස්සාමා”ති. “යදි එවං, භන්තෙ, ඉධෙව වසිතබ්බ”න්ති වස්සූපගමනං යාචිංසු. භික්ඛූ සම්පටිච්ඡිංසු. උපාසකා තෙසං තත්ථ අරඤ්ඤකුටිකායො කාරෙත්වා අදංසු. භික්ඛූ තත්ථ වස්සං උපගච්ඡිංසු.
“ගූථඤ්චඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරන්නේ එක්තරා පේශකාර ප්‍රේතියක අරභයා (මේ ප්‍රේත වස්තුව) වදාරණ ලදී. දොළොස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා බුදුන් සමීපයෙන් කමටහන් ගෙන, වාසයට සුදුසු තැනක් සොයමින්, වස්වසිමට කාලය ළංවූ හෙයින්, සිසිල් සෙවණක් යුතු ජල පහසුකම් ඇති - සිත්කළු වූ, එක්තරා අරණ්‍යයක් හා එයටම නුදුරින් ඉතා ළං නොවූ ගොදුරු ගම ද දැක එහි එක් රැයක් වැස දෙවෙනි දවසේ ගමට පිඬුසිඟා වැඩියහ. ඒ ගම ද පේශකර්මාන්තයෙහි නියුතු වූ එකොළොස් දෙනෙක් වාසය කරති. ඔව්හු ඒ භික්ෂුන් දැක හටගත් සොම්නසින් යුතුව තම තමන්ගේ ගෙවලට වඩවඩා ප්රණිත ආහාරයෙන් වළදවා, ස්වාමීනි! ඔබ වහන්සේලා කොහි වඩින්නහුද? ඇසූහ. යම්කිසි තැනක් අපට පහසු වන්නේ ද අපි එහි යන්නෙමුයි කීහ. එසේනම් මෙහිම වස් වසන්නැයි උන්වහන්සේලාට ගම්වැස්සෝ ආරාධනා කළාහුය. භික්ෂූන් වහන්සේලා ආරාධනාව පිළිගත්හ. උපාසකයෝ ඒ අරණ්‍යයෙහි භික්ෂූන්ට ආරාම තනවා දුන්හ. භික්ෂූහු එහි වස් විසුහ.
තත්ථ ජෙට්ඨකපෙසකාරො ද්වෙ භික්ඛූ චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨහි, ඉතරෙ එකෙකං භික්ඛුං උපට්ඨහිංසු. ජෙට්ඨකපෙසකාරස්ස භරියා අස්සද්ධා අප්පසන්නා මිච්ඡාදිට්ඨිකා මච්ඡරිනී භික්ඛූ න සක්කච්චං උපට්ඨාති. සො තං දිස්වා තස්සායෙව කනිට්ඨභගිනිං ආනෙත්වා අත්තනො ගෙහෙ ඉස්සරියං නිය්යාදෙසි. සා සද්ධා පසන්නා හුත්වා සක්කච්චං භික්ඛූ පටිජග්ගි. තෙ සබ්බෙ පෙසකාරො වස්සං වුත්ථානං භික්ඛූනං එකෙකස්ස එකෙකං සාටකමදංසු. තත්ථ මච්ඡරිනී ජෙට්ඨපෙසකාරස්ස භරියා පදුට්ඨචිත්තා අත්තනො සාමිකං පරිභාසි – “යං තයා සමණානං සක්යපුත්තියානං දානං දින්නං අන්නපානං, තං තෙ පරලොකෙ ගූථමුත්තං පුබ්බලොහිතඤ්ච හුත්වා නිබ්බත්තතු, සාටකා ච ජලිතා අයොමයපට්ටා හොන්තූ”ති.
එහි ජ්‍යෙෂ්ඨ පෙහෙකරු භික්ෂූන් දෙනමකට සිව්පසයෙන් උපස්ථාන කළේය. අනෙක් අය එක් එක් භික්ෂු නමකටම උපස්ථාන කළහ. එහි ජ්‍යෙෂ්ඨ පෙහෙකරුගේ භාර්යාව සැදැහැ නැත්තීය. අප්රසන්නයහ. මිසදිටු අදහස් ඇත්තීය, තෘෂ්ණා ඇත්තීය. මසුරු තැනැත්තියක ඕ භික්ෂූන්ට සකස්කොට උපස්ථාන නො කරයි. හෙතෙම එය දැක ඇගේම බාල සොහොයුරිය ගෙනැවිත් තම ගෙදර අධිපතිබව භාර දුන්නාය. ඕ ශ්‍රද්ධා සම්පන්න වූවා, සකස්කොට මනාව භික්ෂූන් පෝෂණය කළාය. ඒ සියලුම පේශකාරකයෝ වස් පැවරූ භික්ෂුන්ට එක් එක් භික්ෂුවට එක එක සළුව බැගින් දුන්හ. එහිදී ජ්‍යෙෂ්ඨ පේශකාරයාගේ මසුරු සිත් ඇති බිරිඳ දූෂිත වූ සිතින් තමන්ගේ හිමියාට පරිභව කළාය. නුඹ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දෙන ලද ආහාර පාන ආදී යම් දානයක් වේ නම් ඒ දානය නුඹට පරලොව දී මල මුත්රව ද, සැරව හා ලේ ද වී පහළ වේවා! වස්ත්‍ර දිලිසෙන අයෝමය වස්ත්‍ර වෙත්වා කීවාය.
තත්ථ ජෙට්ඨපෙසකාරො අපරෙන සමයෙන කාලං කත්වා විඤ්ඣාටවියං ආනුභාවසම්පන්නා රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තස්ස පන කදරියා භරියා කාලං කත්වා තස්සෙව වසනට්ඨානස්ස අවිදූරෙ පෙතී හුත්වා නිබ්බත්ති. සා නග්ගා දුබ්බණ්ණරූපා ජිඝච්ඡාපිපාසාභිභූතා තස්ස භූමදෙවස්ස සන්තිකං ගන්ත්වා ආහ – “අහං, සාමි, නිච්චොළා අතිවිය ජිඝච්ඡාපිපාසාභිභූතා විචරාමි, දෙහි මෙ වත්ථං අන්නපානඤ්චා”ති. සො තස්සා දිබ්බං උළාරං අන්නපානං උපනෙසි. තං තාය ගහිතමත්තමෙව ගූථමුත්තං පුබ්බලොහිතඤ්ච සම්පජ්ජති, සාටකඤ්ච දින්නං තාය පරිදහිතං පජ්ජලිතං අයොමයපට්ටං හොති. සා මහාදුක්ඛං අනුභවන්තී තං ඡඩ්ඩෙත්වා කන්දන්තී විචරති.
එගම විසූ ජ්‍යෙෂ්ඨ පේශකාර්මිකයා පසුකලක කළුරියකොට වින්ධ්‍යා පර්වතස්ථානයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක්ව උපන්නේය. ඒ ප්‍රධාන පේශකාරයාගේ මසුරු බිරිඳ කළුරිය කොට රුක් දෙවියා වසන තැනට නුදුරුව ප්‍රේත දුවක්ව උපන්නේය. ඒ ප්‍රේතිය නග්නව දුර්වර්ණව සාපිපාසයෙන් මඬනා ලදුව ඒ බූමාටු දෙවියන් වෙතට ගොස් ස්වාමීනි මම වස්ත්‍ර නැතිව සාපිපාසාවෙන් මඬනා ලදුව ඇවිදිමි. මට වස්ත්‍ර හා ආහාර පාන දුන මැනැවියි කීය. එවිට ඒ දෙවිතෙම ඒ ප්‍රේතියට දිව්‍ය ආහාර පාන දුන්හ. ඒ ආහාර පාන වර්ග ඒ ප්‍රේතිය ගත් ඇසිල්ලෙහිම මල මුත්‍ර බවට හා පූයා ලේ බවට පෙරළෙති. දෙන ලද සළුව ද ඇය විසින් ඇදගත්කළ දිලිසෙන යපට වෙයි. ඒ ප්‍රේතිය මහත් දුක් විඳිමින් වස්ත්‍රය හැරදමා හඬමින් ඇවිදින්නේය.
තෙන ච සමයෙන අඤ්ඤතරො භික්ඛු වුත්ථවස්සො සත්ථාරං වන්දිතුං ගච්ඡන්තො මහතා සත්ථෙන සද්ධිං විඤ්ඣාටවිං පටිපජ්ජි. සත්ථිකා රත්තිං මග්ගං ගන්ත්වා දිවා වනෙ සන්දච්ඡායූදකසම්පන්නං පදෙසං දිස්වා යානානි මුඤ්චිත්වා මුහුත්තං විස්සමිංසු. භික්ඛු පන විවෙකකාමතාය ථොකං අපක්කමිත්වා අඤ්ඤතරස්ස සන්දච්ඡායස්ස වනගහනපටිච්ඡන්නස්ස රුක්ඛස්ස මූලෙ සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා නිපන්නො රත්තියං මග්ගගමනපරිස්සමෙන කිලන්තකායො නිද්දං උපගඤ්ඡි. සත්ථිකා විස්සමිත්වා මග්ගං පටිපජ්ජිංසු, සො භික්ඛු න පටිබුජ්ඣි. අථ සායන්හසමයෙ උට්ඨහිත්වා තෙ අපස්සන්තො අඤ්ඤතරං කුම්මග්ගං පටිපජ්ජිත්වා අනුක්කමෙන තස්සා දෙවතාය වසනට්ඨානං සම්පාපුණි. අථ නං සො දෙවපුත්තො දිස්වා මනුස්සරූපෙන උපගන්ත්වා පටිසන්ථාරං කත්වා අත්තනො විමානං පවෙසෙත්වා පාදබ්භඤ්ජනාදීනි දත්වා පයිරුපාසන්තො නිසීදි. තස්මිඤ්ච සමයෙ සා පෙතී ආගන්ත්වා “දෙහි මෙ, සාමි, අන්නපානං සාටකඤ්චා”ති ආහ. සො තස්සා තානි අදාසි. තානි ච තාය ගහිතමත්තානි ගූථමුත්තපුබ්බලොහිතපජ්ජලිතඅයොපට්ටායෙව අහෙසුං. සො භික්ඛු තං දිස්වා සඤ්ජාතසංවෙගො තං දෙවපුත්තං –
එකල්හි එක්තරා භික්ෂුවක් වස්වැස පවරා බුදුන් වැඳීමට යන්නේ මහත් ගැල් සමුහයක් සමග වින්ධ්‍යා අඩවියට පැමිණියේය. ගැල්කරුවෝ රාත්‍රියෙහි මග ගෙවා ගොස් දවල් කාලයෙහි වනයෙහි ඝන සෙවණින් හා ජලයෙන් යුත් ප්‍රදේශයක් දැක ගොනුන් මුදා මද වේලාවක් ගිමන් හැරියහ. ඒ භික්ෂුව විවේක කැමති බැවින් මදක් ඉවත්ව ඝන සෙවණින් යුත් වනයේ සෙවණ ඇති ගහක් යට සඟල සිවුර පනවා හුන්නේ රාත්‍රි ගමන් වෙහෙස නිසා ක්ලාන්ත වූයේ නින්දට පැමිණියේය. ගැල් පදවන්නෝ විඩා සන්සිදුවා ගෙන මගට පිළිපන්හ. ඒ භික්ෂුතෙම නො පිබිදියේය. පසුව සවස් කාලයෙහි නැගී සිට ගැල් පදවන්නන් නො දක්නේ එක්තරා වැරදි මගකට වැටී පිළිවෙලින් ඒ දෙවියා වසන තැනට පැමිණියේය. එකල්හි ඒ දෙව්පුත් තෙම මිනිස් වෙසින් ලඟට පැමිණ පිළිසඳර කථා කොට, තම විමනට වැඩමවා පයගානා අඳුන් ආදිය දී ළංව හුන්නේය. එකල්හි ද ප්‍රේතිය ඇවිත් ස්වාමීනි මට ආහාර පාන වස්ත්‍ර දාන මැනවැයි කීය. දිව්‍ය පුත්‍රයා ඇයට ආහාර පානාදිය දුන්නේය. ඒවා ඈ ගත් ඇසිල්ලකින්ම මළ මුත්‍ර පූයා ලේ ද, දිලිසෙන අයෝමය වස්ත්‍ර ද වූහ. ඒ භික්ෂුව ඒ දැක උපන් සංවේග ඇතිව ඒ දෙවියන්ගෙන් විචාරන්නේ,
“ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං, පරිභුඤ්ජති කිස්ස අයං විපාකො; අයං නු කිං කම්මමකාසි නාරී, යා සබ්බදා ලොහිතපුබ්බභක්ඛා.
55. මේ ස්ත්‍රීය අසූචි ද මුත්‍ර ද ලේ ද, සැරව ද, අනුභව කරයි. මේ කවර කර්මයක විපාකයක් ද? යම්බදු ප්‍රේතියක් හැම කල්හි ලේ හා සැරව අනුභව කරන්නීද? මේ ස්ත්‍රී තොමෝ කවර අකුසල කර්මයක් කළේද?
“නවානි වත්ථානි සුභානි චෙව, මුදූනි සුද්ධානි ච ලොමසානි; දින්නානි මිස්සා කිතකා භවන්ති, අයං නු කිං කම්මමකාසි නාරී”ති. –
56. මෑට දෙන ලද යහපත් වූ ද, මෘදු වූ ද, පිරිසිදු වූ ද, සුව පහසු ගෙන දෙන්නා වූ ද අළුත් වස්ත්‍ර ලෝහ වස්ත්‍ර සමාන වෙත් මේ ස්ත්‍රීය කවර නම් අකුශල කර්මයක් කරන ලද්දී ද?
ද්වීහි ගාථාහි පටිපුච්ඡි. තත්ථ කිස්ස අයං විපාකොති කීදිසස්ස කම්මස්ස අයං විපාකො, යං එසා ඉදානි පච්චනුභවතීති. අයං නු කිං කම්මමකාසි නාරීති අයං ඉත්ථී කිං නු ඛො කම්මං පුබ්බෙ අකාසි. යා සබ්බදා ලොහිතපුබ්බභක්ඛාති යා සබ්බකාලං රුහිරපුබ්බමෙව භක්ඛති පරිභුඤ්ජති. නවානීති පච්චග්ඝානි තාවදෙව පාතුභූතානි. සුභානීති සුන්දරානි දස්සනීයානි. මුදූනීති සුඛසම්ඵස්සානි. සුද්ධානීති පරිසුද්ධවණ්ණානි. ලොමසානීති සලොමකානි සුඛසම්ඵස්සානි , සුන්දරානීති අත්ථො. දින්නානි මිස්සා කිතකා භවන්තීති කිතකකණ්ටකසදිසානි ලොහපට්ටසදිසානි භවන්ති. “කීටකා භවන්තී”ති වා පාඨො, ඛාදකපාණකවණ්ණානි භවන්තීති අත්ථො.
එහි කස්ස අයං විපාකො - මේ කෙබඳු වූ කර්ම විපාකයක් ද? ඕ තොමෝ දැන් විඳිනු ලබයි. අයන්නු කිං කම්ම කාසි නාරී - මේ ස්ත්‍රීය කවර ආකාරයේ කර්මයක් පෙර කරන ලද්දේ ද? යා සබ්බදා ලොහිත පුබ්බ භක්ඛා තැනැත්තියක් හැමකල්හිම ලේ සැරව කයි. පරිභෝග කරයි. නවානි - අලුත් වස්ත්‍ර එකෙණෙහිම පහළ වෙයි සුභානි - සුන්දර වූ ද දැකුම්කළු වූ ද, මුදුන් සුව පහසු එළවන, පිරිසිදු වර්ණ ඇති, ලොමසානි - සුවපහසු ස්පර්ශය ගෙන දෙන්නා වූ, යහපත් වූ - දින්නාති මිස්සා කිතකා භවන්ති - ගොරෝසු වූ කටුසහිත වූ යකඩ පට්ටයක් බඳු වේ යන අර්ථය.
එවං සො දෙවපුත්තො තෙන භික්ඛුනා පුට්ඨො තාය පුරිමජාතියා කතකම්මං පකාසෙන්තො –
ඒ භික්ෂුව විසින් විමසන ලදු ව එයට පිළිතුරු වශයෙන් ඒ දේව පුත්‍රයා පූර්ව ජාතියෙහි ඇය විසින් කරන ලද කර්මය ප්‍රකාශ කරමින් ගාථා දෙක කීහ.
“භරියා මමෙසා අහු භදන්තෙ, අදායිකා මච්ඡරිනී කදරියා; සා මං දදන්තං සමණබ්රාහ්මණානං, අක්කොසති ච පරිභාසති ච.
57. ස්වාමීන් වහන්ස! මෝතොමෝ (පෙර අත්බවෙහි) මගේ භාර්යාව වූවාය. මෝතොමෝ කිසිවෙකුට කිසිවක් නො දෙන සුළු වූ, මසුරු වූ, තද මසුරු සිත් ඇත්තී, වුවාය. ඕ තොමෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නා වූ මට ආක්‍රෝශ කළාය. පරිභව කළාය.
“ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං, පරිභුඤ්ජ ත්වං අසුචිං සබ්බකාලං; එතං තෙ පරලොකස්මිං හොතු, වත්ථා ච තෙ කිතකසමා භවන්තු; එතාදිසං දුච්චරිතං චරිත්වා, ඉධාගතා චිරරත්තාය ඛාදතී”ති. –
58. මේ දානය දී නුඹට පරලොව දී මළ ද, මුත්‍ර ද, ලේ ද, සැරව ද, වේවා ! වස්ත්‍ර ද තොපට (දිලිසෙන) යකඩ පත්‍රයක් වේවා, නුඹ හැම කල්හිම අසුචි අනුභව කරන්න. මෙබඳු වූ වාක්දුශ්චරිතාදිය කොට මේ ප්‍රේත ආත්ම භාවයට පැමිණියාය. බොහෝ කලක් මුළුල්ලෙහි ගුථාදීය අනුභව කරයි.
ද්වෙ ගාථා අභාසි. තත්ථ අදායිකාති කස්සචි කිඤ්චිපි අදානසීලා. මච්ඡරිනී කදරියාති පඨමං මච්ඡෙරමලස්ස සභාවෙන මච්ඡරිනී, තාය ච පුනප්පුනං ආසෙවනතාය ථද්ධමච්ඡරිනී, තාය කදරියා අහූති යොජනා. ඉදානි තස්සා තමෙව කදරියතං දස්සෙන්තො “සා මං දදන්ත”න්තිආදිමාහ. තත්ථ එතාදිසන්ති එවරූපං යථාවුත්තවචීදුච්චරිතාදිං චරිත්වා. ඉධාගතාති ඉමං පෙතලොකං ආගතා, පෙතත්තභාවං උපගතා. චිරරත්තාය ඛාදතීති චිරකාලං ගූථාදිමෙව ඛාදති. තස්සා හි යෙනාකාරෙන අක්කුට්ඨං, තෙනෙවාකාරෙන පවත්තමානම්පි ඵලං. යං උද්දිස්ස අක්කුට්ඨං, තතො අඤ්ඤත්ථ පථවියං කමන්තකසඞ්ඛාතෙ මත්ථකෙ අසනිපාතො විය අත්තනො උපරි පතති.
එහි අදායිකා - කිසිවක් කිසිවකුට නො දෙනසුළු වුවාය. මච්ඡරීනි කදරියා - ස්වභාවයෙන්ම (යමක් නොදීම) මසුරු තැනැත්තිය, නැවත නැවත තද මසුරුකම දක්වමින් මං දදන්ති ආදීය කීහ. එහි එකාදිසං - යම්සේ මෙබඳු වූ වාග් දුෂ්චරිතයෙහි හැසිර, ඉධාගතා - මෙම ප්‍රේත ලෝකයට අවුත් ප්‍රේතාත්ම භාවයට පැමිණියාය. චීර රත්තාය ඛාදති බොහෝ කලක් ගුථාදියම කයි. යම් ආකාරයකින් ඇගේ නො කැමැත්තෙන්ම පවතින්නා වූ විපාකය වනාහී යම් දානයක් උදෙසා අමනාප වී ද, ඒ අමනාප වීම හේතුවෙන් ඒ අත්බැවින් චුතව අන්තැනක උපන් කල්හි පොළව මතුපිට හෙන වැටීමෙන් තමන් මතුයෙහිම වැටේ.
එවං සො දෙවපුත්තො තාය පුබ්බෙ කතකම්මං කථෙත්වා පුන තං භික්ඛුං ආහ – “අත්ථි පන, භන්තෙ, කොචි උපායො ඉමං පෙතලොකතො මොචෙතු”න්ති ? “අත්ථී”ති ච වුත්තෙ “කථෙථ, භන්තෙ”ති. යදි භගවතො අරියසඞ්ඝස්ස ච එකස්සෙව වා භික්ඛුනො දානං දත්වා ඉමිස්සා උද්දිසියති, අයඤ්ච තං අනුමොදති, එවමෙතිස්සා ඉතො දුක්ඛතො මුත්ති භවිස්සතීති. තං සුත්වා දෙවපුත්තො තස්ස භික්ඛුනො පණීතං අන්නපානං දත්වා තං දක්ඛිණං තස්සා පෙතියා ආදිසි. තාවදෙව සා පෙතී සුහිතා පීණින්ද්රියා දිබ්බාහාරස්ස තිත්තා අහොසි. පුන තස්සෙව භික්ඛුනො හත්ථෙ දිබ්බසාටකයුගං භගවන්තං උද්දිස්ස දත්වා තඤ්ච දක්ඛිණං පෙතියා ආදිසි. තාවදෙව ච සා දිබ්බවත්ථනිවත්ථා දිබ්බාලඞ්කාරවිභූසිතා සබ්බකාමසමිද්ධා දෙවච්ඡරාපටිභාගා අහොසි. සො ච භික්ඛු තස්ස දෙවපුත්තස්ස ඉද්ධියා තදහෙව සාවත්ථිං පත්වා ජෙතවනං පවිසිත්වා භගවතො සන්තිකං උපගන්ත්වා වන්දිත්වා තං සාටකයුගං දත්වා තං පවත්තිං ආරොචෙසි. භගවාපි තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ ඒ දේව පුත්‍රයා විසින් පෙර කරන ලද අකුසල කර්මය කියා නැවත, ස්වාමීනි! මෑ ප්‍රේත ලෝකයෙන් මිදවීමට යම්කිසි උපායක් වේ දැයි ඒ භික්ෂුවගෙන් ඇසීය. භික්ෂුව ඇතැයි කී කල්හි, ස්වාමීනි එය කියනු මැනැව,යි දෙවිපුත් අයැදියෙන් “ඉදින් භාග්‍යවතුන් වහන්සේට, හෝ ආර්ය මහා සඝයාට හෝ එක් භික්ෂුවකට හෝ දන් දී මැයට අනුමෝදන් කරනු ලැබේනම්, මේ ප්‍රේතියත් අනුමෝදන් වී නම් එසේ ඇති වූ කල්හි මේ ප්‍රේත දුකින් මැගේ මිදීම වන්නේ යයි වදාළහ. එය අසා දේවපුත්‍රයා ඒ භික්ෂුන් වහන්සේට ප්‍රණීත වූ දිව්‍යමය වූ ආහාර පාන දන් දී එයින් ජනිත පින් ඒ ප්‍රේතියට අනුමෝදන් කළාය. එක්කෙණෙහිම ඒ ප්‍රේතිය සුවපත් වූවා පිනාගිය ඉඳුරන් ඇතිව දිව්‍ය ආහාරයෙන් සතුට විය. නැවත ඒ භික්ෂුන් වහන්සේ අතට දිවසළු දෙකක් බුද්ධපුජා වශයෙන් ද, ඒ දක්ෂිණාව ද ප්‍රේතියට දුනි. එකෙණෙහිම, ඕ තොමෝ දිව්‍ය වස්ත්‍ර හැඳ දිව්‍යාලංකාරයෙන් සැරසුණා වූ සකල කාම සම්පත්තියෙන් සමෘද්ධ වී දෙවඟනක් හා සමාන විය. ඒ භික්ෂුව ද දිව්‍ය පුත්‍රයාගේ ඍද්ධි බලයෙන් සැවැත් නුවරට පැමිණ ජේතවනාරාමයට පිවිස භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ වස්ත්‍ර යුගලය පුජාකොට එපවත් සැළ කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මදේශනා තොමෝ මහා ජනයාට සාර්ථක විය.
මහාපෙසකාරපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
මහා පේසකාර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.