10. ඛල්ලාටියපෙතිවත්ථුවණ්ණනා අට්ඨකථා
10. ඛල්ලාටියපෙතිවත්ථුවණ්ණනා
10. ඛල්ලාටිය ප්‍රේතවස්තු වර්ණනාව
කා නු අන්තොවිමානස්මින්ති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ අඤ්ඤතරං ඛල්ලාටියපෙතිං ආරබ්භ වුත්තං. අතීතෙ කිර බාරාණසියං අඤ්ඤතරා රූපූපජීවිනී ඉත්ථී අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා අතිමනොහරකෙසකලාපී අහොසි. තස්සා හි කෙසා නීලා දීඝා තනූ මුදූ සිනිද්ධා වෙල්ලිතග්ගා ද්විහත්ථගය්හා විසට්ඨා යාව මෙඛලා කලාපා ඔලම්බන්ති. තං තස්සා කෙසසොභං දිස්වා තරුණජනො යෙභුය්යෙන තස්සං පටිබද්ධචිත්තො අහොසි. අථස්සා තං කෙසසොභං අසහමානා ඉස්සාපකතා කතිපයා ඉත්ථියො මන්තෙත්වා තස්සා එව පරිචාරිකදාසිං ආමිසෙන උපලාපෙත්වා තාය තස්සා කෙසූපපාතනං භෙසජ්ජං දාපෙසුං. සා කිර දාසී තං භෙසජ්ජං න්හානියචුණ්ණෙන සද්ධිං පයොජෙත්වා ගඞ්ගාය නදියා න්හානකාලෙ තස්සා අදාසි . සා තෙන කෙසමූලෙසු තෙමෙත්වා උදකෙ නිමුජ්ජි , නිමුජ්ජනමත්තෙයෙව කෙසා සමූලා පරිපතිංසු, සීසං චස්සා තිත්තකලාබුසදිසං අහොසි. අථ සා සබ්බසො විලූනකෙසා ලුඤ්චිතමත්ථකා කපොතී විය විරූපා හුත්වා ලජ්ජාය අන්තොනගරං පවිසිතුං අසක්කොන්තී වත්ථෙන සීසං වෙඨෙත්වා බහිනගරෙ අඤ්ඤතරස්මිං පදෙසෙ වාසං කප්පෙන්තී කතිපාහච්චයෙන අපගතලජ්ජා තතො නිවත්තෙත්වා තිලානි පීළෙත්වා තෙලවණිජ්ජං සුරාවණිජ්ජඤ්ච කරොන්තී ජීවිකං කප්පෙසි. සා එකදිවසං ද්වීසු තීසු මනුස්සෙසු සුරාමත්තෙසු මහානිද්දං ඔක්කමන්තෙසු සිථිලභූතානි තෙසං නිවත්ථවත්ථානි අවහරි.
“කානු අන්තො විමානස්මිං” යනාදී ධර්ම දේශනාව සැවැත්නුවර ගොදුරුගම් කොට වසන්නේ එක්තරා මුඩුහිසක් ඇති - (බල්ලාටිය) ප්‍රේතියක් අරභයා කියන ලදී. අතීතයෙහි බරණැස් නුවර එක්තරා විශිෂ්ඨ රූ ඇත්තා වූ, දැකුම්කළු වූ, ප්රසාදජනක වූ වර්ණසෞන්දර්යෙන් යුත් අතිමනෝහර කෙස් කළඹක් ඇති රූප සම්පත්තිය නිසා ජීවත් වූ එක්තරා වෛශ්‍ය ස්ත්‍රියක් ජීවත් වූවාය. ඇගේ නිල් වූ දික් වූ, තුනී මොලොක් වූ සිනිඳු වූ වෙළන ලද අග ඇති දෙ අතින් ගතයුතු වූ කේශ කලාපය නොවිසිරි මෙවුල් කලාපය දක්වා එල්බෙත් ඇගේ ඒ කේශකලාපය දැක බොහෝසෙයින් තරුණයෝ ඇය පිළිබඳව සිත් ඇත්තෝ වූහ. එකල්හි ඇගේ ඒ කේශ ශෝභාව නො ඉවසමින් ඊර්ෂ්‍යාවෙන් මැඩුණු ස්ත්‍රීන් කීප දෙනෙක් කතිකාකොට ඇගේම මෙහෙවර කරන්නා වූ එක් දාසියකට මුදල් දී පොළඹවා ඒ දාසිය ලවා ඇගේ හිසකේ වැටෙන බෙහෙතක් දෙව්වාහුය. ඒ දාසිය ඒ බෙහෙත නහනසුණු සමග යොදා ගඞ්ඟා නදියේ නානවිට ඒ වෙසඟනට දුන්නීය. ඒ ස්ත්‍රී තොමෝ ඒ බෙහෙතින් මුල් සහිත හිසකේ තෙමා දියේ ගිලුණාය. ගිලුණු ඇසිල්ලෙහිම සියලුම කේශයෝ සහ මුලින් ඉදිරි වැටුණේය. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් මෙන් විය. එකල්හි ඕ තොමෝ ඉදුරුණු කෙස් ඇතිව සිඳින ලද මුදුන ඇති පරෙවි ධේනුවක් මෙන් අවලස්සනව ලජ්ජාවෙන් ඇතුළු නගරයට යා නොහැක්කේ වස්ත්‍රයකින් හිස වෙලාගෙන නගරයෙන් පිටත වෙනත් තැනෙක වාසය කළාය. කිහිප දවසක් ගිය විට පහ වූ ලජ්ජා ඇතිව තල මිරිකා තෙල් වෙළදාම ද, සුරා වෙළදාම ද කරමින් ජීවත් වූවාය. ඕ තොමෝ එක් දවසක් සුරා මතින් මත් වූ මිනිසුන් දෙතුන් දෙනෙකු නිදා ගත් කල්හි ඔවුන්ගේ හැදිවත් සොරා ගත්තේය.
අථෙකදිවසං සා එකං ඛීණාසවත්ථෙරං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නචිත්තා අත්තනො ඝරං නෙත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදාපෙත්වා තෙලසංසට්ඨං දොණිනිම්මජ්ජනිං පිඤ්ඤාකමදාසි. සො තස්සා අනුකම්පාය තං පටිග්ගහෙත්වා පරිභුඤ්ජි. සා පසන්නමානසා උපරි ඡත්තං ධාරයමානා අට්ඨාසි. සො ච ථෙරො තස්සා චිත්තං පහංසෙන්තො අනුමොදනං කත්වා පක්කාමි. සා ච ඉත්ථී අනුමොදනකාලෙයෙව “මය්හං කෙසා දීඝා තනූ සිනිද්ධා මුදූ වෙල්ලිතග්ගා හොන්තූ”ති පත්ථනමකාසි.
ඉක්බිති එක් දවසක් එක් රහතන් වහන්සේ නමක් පිඬු පිණිස හැසිරෙනු දැක පහන් සිත් ඇතිව, තම ගෙට වැඩමවා පණවන ලද අසුනෙහි වඩා හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන තෙල් ඇති තල කැරලි දන් දුන්නේය. ඒ රහත් තෙරහු ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. ඈද පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්ලාගෙන සිටියාය. ඒ තෙරුන් වහන්සේ ද ඇගේ සිත සතුටු කරමින් අනුමෝදනා බණ වදාරණ කල්හිම මගේ හිසකේ තුනී සිනිඳු මොලොක් නැමුණු අග ඇති වෙත්වායි ප්‍රාර්ථනා කලාය.
සා අපරෙන සමයෙන කාලං කත්වා මිස්සකකම්මස්ස ඵලෙන සමුද්දමජ්ඣෙ කනකවිමානෙ එකිකා හුත්වා නිබ්බත්ති. තස්සා කෙසා පත්ථිතාකාරායෙව සම්පජ්ජිංසු. මනුස්සානං සාටකාවහරණෙන පන නග්ගා අහොසි. සා තස්මිං කනකවිමානෙ පුනප්පුනං උප්පජ්ජිත්වා එකං බුද්ධන්තරං නග්ගාව හුත්වා වීතිනාමෙසි. අථ අම්හාකං භගවති ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුපුබ්බෙන සාවත්ථියං විහරන්තෙ සාවත්ථිවාසිනො සත්තසතා වාණිජා සුවණ්ණභූමිං උද්දිස්ස නාවාය මහාසමුද්දං ඔතරිංසු. තෙහි ආරුළ්හා නාවා විසමවාතවෙගුක්ඛිත්තා ඉතො චිතො ච පරිබ්භමන්තී තං පදෙසං අගමාසි. අථ සා විමානපෙතී සහ විමානෙන තෙසං අත්තානං දස්සෙසි. තං දිස්වා ජෙට්ඨවාණිජො පුච්ඡන්තො –
ඕ තොමෝ මෑත කාලයෙහි කළුරිය කොට (පින් පව්) කුශලා කුශල කර්මයන්ගේ විපාකයෙන් මුහුද මැද රන් විමනෙක හුදෙකලාවම උපන්නීය. ඇගේ කේශයෝ ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබළීමෙන් පිහිටියාහුය. මිනිසුන්ගේ හැඳිවත් සොරකම් කිරීම නිසා අකුශලයෙන් නග්න විය. ඕ ඒ රන්විමනෙහි නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහිම නිර්වස්ත්‍රවම කල් යැවීය. අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ පිළිවෙළින් වැඩමවා සැවැත් නුවර වසන සමයෙහි සැවැත්නුවර වැසි සියයක් පමණ වෙළෙන්දෝ වෙළදාම් පිණිස ස්වර්ණ භූමියට යන නැවකින් මහා සමුද්‍රයට සේන්දු වූහ. ඔවුන් නැගී නැව සුළග සැඩ වීමෙන් ගසා ගෙන යන ලදුව ඔබ මොබ කරකැවෙමින් ඒ විමාන ප්‍රේතිය වසන පෙදෙසට පැමිණියේය. එකල්හි ඒ විමාන ප්‍රේතිය විමානය සමගම තමන් ඒ වෙළදුන්ට දැක්වීය. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසීය.
“කා නු අන්තොවිමානස්මිං, තිට්ඨන්තී නූපනික්ඛමි; උපනික්ඛමස්සු භද්දෙ, පස්සාම තං බහිට්ඨිත”න්ති. –
59. මේ විමන තුළ සිටින තී කවර ස්ත්‍රීයක් ද? විමනෙන් නො නික්මෙයි. සොඳුර මහත් (ඍද්ධි) සම්පත් ඇති ඔබ දකිනු කැමැත්තෙමු විමනින් එළියට එනු මැනවි.
ගාථමාහ . තත්ථ කා නු අන්තොවිමානස්මිං තිට්ඨන්තීති විමානස්ස අන්තො අබ්භන්තරෙ තිට්ඨන්තී කා නු ත්වං, කිං මනුස්සිත්ථී, උදාහු අමනුස්සිත්ථීති පුච්ඡති. නූපනික්ඛමීති විමානතො න නික්ඛමි. උපනික්ඛමස්සු, භද්දෙ, පස්සාම තං බහිට්ඨිතන්ති, භද්දෙ, තං මයං බහි ඨිතං පස්සාම දට්ඨුකාමම්හා, තස්මා විමානතො නික්ඛමස්සු. “උපනික්ඛමස්සු භද්දන්තෙ”ති වා පාඨො, භද්දං තෙ අත්ථූති අත්ථො.
එහි කානු අන්තො විමානස්මිං තිට්ඨන්ති - විමානය ඇතුළෙහි සිටින ඔබ කවරීද මනුෂ්‍ය ස්ත්‍රීයක් ද? නැතිනම් අමනුෂ්‍ය ස්ත්‍රියක් ද? විචාළේය. නුපනික්ඛමි - විමානයෙන් නො නික්මෙයි. උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං මහිද්ධිකං - සොඳුර මහත් සම්පත් ඇති ඔබ දකිනු කැමැත්තම්හ. එහෙයින් විමානයෙන් නික්මෙනු මැනවි. උපනික්ඛමංසු භද්දං තෙ යනු ද පාඨයි.
අථස්ස සා අත්තනො බහි නික්ඛමිසුං අසක්කුණෙය්යතං පකාසෙන්තී –
ඉක්බිති තමාට එළියට පිවිසීමට නොහැකි බව පවසමින් මේ ගාථාව කීහ
“අට්ටීයාමි හරායාමි, නග්ගා නික්ඛමිතුං බහි; කෙසෙහම්හි පටිච්ඡන්නා, පුඤ්ඤං මෙ අප්පකං කත”න්ති. –
60. මම නග්න වෙමි. පිටතට නික්මීමට පිළිකුල් ඇත්තේ වෙමි. දුක් ඇති වෙමි. ලජ්ජා ඇතිවෙමි. හිසකේවලින් පිළිසන් සිරුර ඇත්තියක් වෙමි. මා විසින් මද පිනක් කරන ලදී.
ගාථමාහ. තත්ථ අට්ටීයාමීති නග්ගා හුත්වා බහි නික්ඛමිතුං අට්ටිකා දුක්ඛිතා අම්හි. හරායාමීති ලජ්ජාමි. කෙසෙහම්හි පටිච්ඡන්නාති කෙසෙහි අම්හි අහං පටිච්ඡාදිතා පාරුතසරීරා. පුඤ්ඤං මෙ අප්පකං කතන්ති අප්පකං පරිත්තං මයා කුසලකම්මං කතං, පිඤ්ඤාකදානමත්තන්ති අධිප්පායො.
එහි අට්ටියාමි - නග්නව සිටින බැවින් පිටත නික්මීමට දුක් ඇත්තේ වෙමි. හරායාමි ලැජ්ජා ඇත්තේ වෙමි. කෙසෙහම්හි පටිච්ඡන්නන්තා - මම මගේ කේශයන්ගෙන් වසන ලද පොරවන ලද සිරුර ඇත්තේ වෙමි. මා විසින් සුළු කුශල කර්මයක් පමණක් කරන ලදී. තලමුරුවට තල කැරලි දුන් දානය පමණක් යන අදහසයි.
අථස්සා වාණිජො අත්තනො උත්තරිසාටකං දාතුකාමො –-
ඉක්බිති වෙළෙන්දා තමාගේ උතුරු සළුව දෙනු කැමැත්තෙන්,
“හන්දුත්තරීයං දදාමි තෙ, ඉදං දුස්සං නිවාසය; ඉදං දුස්සං නිවාසෙත්වා, එහි නික්ඛම සොභනෙ; උපනික්ඛමස්සු භද්දෙ, පස්සාම තං බහිට්ඨිත”න්ති. –
එබැවින් තිට මගේ උතුරු සළුව හැඳගන්න. සුන්දරිය. මේ උතුරු සළුව හැඳගෙන විමානයෙන් පිටතට එන්න. සොඳුර! බිහිදොර සිටියා වූ ඔබ දකින්නට කැමැත්තම්හ. තී පිටතට නික්මෙව,
ගාථමාහ . තත්ථ හන්දාති ගණ්හ. උත්තරීයන්ති උපසංබ්යානං උත්තරිසාටකන්ති අත්ථො. දදාමි තෙති තුය්හං දදාමි. ඉදං දුස්සං නිවාසයාති ඉදං මම උත්තරිසාටකං ත්වං නිවාසෙහි. සොභනෙති සුන්දරරූපෙ.
එහි හන්දා යනු බලන්න ගන්නා උත්තරියං, මත්තෙහි හෙළන උතුරු සළුව යන අර්ථයි. දදාමි තෙ. ඔබට දෙමි. ඉමං දුස්සං නිවාසයා - මේ මගේ උතුරු සළුව ගෙන හැඳ පෙරව! සොභනෙ - දැකුම් කළු රූපය.
එවඤ්ච පන වත්වා අත්තනො උත්තරිසාටකං තස්සා උපනෙසි, සා තථා දිය්යමානස්ස අත්තනො අනුපකප්පනීයතඤ්ච, යථා දිය්යමානං උපකප්පති, තඤ්ච දස්සෙන්තී –
මෙසේද කියා (වෙළෙන්දා) තමාගේ උතුරු සළුව ඇයට දුන්නේය. ඕතොමෝ එසේ දෙන ලද්ද තමන්ට නො ලැබෙන බවත්, යමක් දෙනු කැමැත්තේ නම් ඒ පිළිවෙළත් දක්වමින් මේ ගාථා දෙක කීහ.
“හත්ථෙන හත්ථෙ තෙ දින්නං, න මය්හං උපකප්පති; එසෙත්ථුපාසකො සද්ධො, සම්මාසම්බුද්ධසාවකො.
62. අතින් අතට නුඹ විසින් දෙන ලද්ද මට නො ලැබේ. සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවක වූ, කර්මඵල විස්වාස කරන්නා වූ එක්තරා උපාසකයෙක් ඔබ අතර (ඇත්තේය)
“එතං අච්ඡාදයිත්වාන, මම දක්ඛිණමාදිස; තථාහං සුඛිතා හෙස්සං, සබ්බකාමසමිද්ධිනී”ති. –
63. ඒ උපාසකයා (ඔය වස්ත්‍රයෙන් හඳවා) ඒ ප්රාප්ති දානය මට දෙව, එසේ කළ කල්හි සියලු සැප සම්පතින් පිරී මම සුවපත් වන්නෙමි.
ගාථාද්වයමාහ . තත්ථ හත්ථෙන හත්ථෙ තෙ දින්නං, න මය්හං උපකප්පතීති, මාරිස, තව හත්ථෙන මම හත්ථෙ තයා දින්නං න මය්හං උපකප්පති න විනියුජ්ජති, උපභොගයොග්ගං න හොතීති අත්ථො. එසෙත්ථුපාසකො සද්ධොති එසො රතනත්තයං උද්දිස්ස සරණගමනෙන උපාසකො කම්මඵලසද්ධාය ච සමන්නාගතත්තා සද්ධො එත්ථ එතස්මිං ජනසමූහෙ අත්ථි. එතං අච්ඡාදයිත්වාන, මම දක්ඛිණමාදිසාති එතං උපාසකං මම දිය්යමානං සාටකං පරිදහාපෙත්වා තං දක්ඛිණං මය්හං ආදිස පත්තිදානං දෙහි. තථාහං සුඛිතා හෙස්සන්ති තථා කතෙ අහං සුඛිතා දිබ්බවත්ථනිවත්ථා සුඛප්පත්තා භවිස්සාමීති.
එහි හත්ථෙන හත්ථෙ තෙ දින්නං න මය්හං උපකප්පති. නිදුකාණනි! ඔබගේ අතින් මගෙ අතට ඔබ විසින් දෙන දෙයක් මට නො ලැබේ. නො යෙදේ උපභෝගයට සුදුසු නොවේ යන අර්ථයි. එසෙත්ථුපාසකො සද්ධො මෙතෙමේ තුණුරුවන් අදහා සරණගමනය වැළඳ ගත් උපාසකයෙකි. කර්මය හා කර්මඵලය ඇදහීමේ සැදැහැයෙන් යුක් එක් පුද්ගලයෙක් මෙහි ඔබේ පිරිවර සමුහයෙහි සිටී. එතං අච්ඡාදයිත්වාන මම දක්ඛිණ මාදිසා - මට දිය යුතු දෙනු කැමති සළුවෙන් ඒ උපාසකයා හඳවා ඒ දක්ෂිණාව ආනිසංසය ප්රාප්තිදානය මට දෙව! අථාහං සුඛිතො හෙස්ස - එසේ කළ කල්හි මම සියලු සැපත් ලබා දිව්‍ය වස්ත්‍ර හැඳ සුවපත් වෙමියි කීය.
තං සුත්වා වාණිජා තං උපාසකං න්හාපෙත්වා විලිම්පෙත්වා වත්ථයුගෙන අච්ඡාදෙසුං. තමත්ථං පකාසෙන්තා සඞ්ගීතිකාරා –
එය අසා වෙළෙන්දා ඒ උපාසකයා නාවා සුවඳ ගල්වා වස්ත්‍ර යුගලෙන් හැඳවුහ. එහි අර්ථය කියන්නා වූ සංගීති කාරකයෝ ගාථා තුනක් කීහු.
“තඤ්ච තෙ න්හාපයිත්වාන, විලිම්පෙත්වාන වාණිජා; වත්ථෙහච්ඡාදයිත්වාන, තස්සා දක්ඛිණමාදිසුං.
64. ඒ වෙළෙන්දා ඒ උපාසකයා නහවා උතුම් සුවඳ ගල්වා වස්ත්‍ර දෙකකින් හඳවා ඒ ප්‍රේතියට පින් අනුමෝදන් කළහ.
“සමනන්තරානුද්දිට්ඨෙ , විපාකො උදපජ්ජථ; භොජනච්ඡාදනපානීයං, දක්ඛිණාය ඉදං ඵලං.
65. දක්ෂිණාව උදෙසීමට අනතුරුවම විපාකය උපන්නේය. දිව්‍ය භෝජන ස්ථාන වූ නන් වැදෑරුම් භෝජන ද, දිව්‍ය වස්ත්‍ර සමාන වූ වස්ත්‍ර ද, නොයෙක් පාන වර්ග ද, දානයාගේ විපාක වසයෙන් ඇයට ලැබිණ.
“තතො සුද්ධා සුචිවසනා, කාසිකුත්තමධාරිනී; හසන්තී විමානා නික්ඛමි, දක්ඛිණාය ඉදං ඵල”න්ති. –
66. පසුව නෑමෙන් පිරිසිදුවූ ශරීර ඇතිව, හඳනා ලද පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සළුවලටත් වඩා උතුම් වස්ත්‍ර ධාරීව, සිනාසෙමින් විමානයෙන් නික්මුණාය. මේ දානයාගේ ප්‍රතිවිපාක වේ.
තිස්සො ගාථායො අවොචුං.
තත්ථ තන්ති තං උපාසකං. ච-සද්දො නිපාතමත්තං. තෙති තෙ වාණිජාති යොජනා. විලිම්පෙත්වානාති උත්තමෙන ගන්ධෙන විලිම්පෙත්වා. වත්ථෙහච්ඡාදයිත්වානාති වණ්ණගන්ධරසසම්පන්නං සබ්යඤ්ජනං භොජනං භොජෙත්වා නිවාසනං උත්තරීයන්ති ද්වීහි වත්ථෙහි අච්ඡාදෙසුං, ද්වෙ වත්ථානි අදංසූති අත්ථො. තස්සා දක්ඛිණමාදිසුන්ති තස්සා පෙතියා තං දක්ඛිණං ආදිසිංසු.
එහි ‘ත’ යනු උපාසකයයි. ච ශබ්දය නිපායකි. තෙ යනු වෙළෙන්දා සඳහා කියන ලදී. විලිම්පෙත්වාන - උතුම් වූ සුවඳ ද්‍රව්‍යයන් ආලේප කොට, වත්ථෙහච්ඡා ද යිත්වාන යනු වර්ණ ගන්ධ රසයන්ගෙන් යුතු වූ වෑංජන සහිත වූ ආහාර වළදා යට හඳනා පිළි සහ උතුරු සළුද ඇතිවිය. වස්ත්‍ර දෙකක් පිදීමේ ආනිසංසයි. වස්ත්‍ර දෙකක් දුන්නාහු යන අර්ථයි. තස්සා දක්ඛිණා මාදිසු - ඒ ප්‍රේතිය වෙනුවෙන් දක්ෂිණාව දුන්නාහ.
සමනන්තරානුද්දිට්ඨෙති අනූ-ති නිපාතමත්තං, තස්සා දක්ඛිණාය උද්දිට්ඨසමනන්තරමෙව. විපාකො උදපජ්ජථාති තස්සා පෙතියා විපාකො දක්ඛිණාය ඵලං උප්පජ්ජි. කීදිසොති පෙතී ආහ භොජනච්ඡාදනපානීයන්ති. නානප්පකාරං දිබ්බභොජනසදිසං භොජනඤ්ච නානාවිරාගවණ්ණසමුජ්ජලං දිබ්බවත්ථසදිසං වත්ථඤ්ච අනෙකවිධං පානකඤ්ච දක්ඛිණාය ඉදං ඊදිසං ඵලං උදපජ්ජථාති යොජනා.
සමන්නතරා නුද්දිට්ඨෙ - අනු යනු නිපාත මාත්‍රයකි. ඈට දන් දීමේ කුසලය අනුමෝදන් කිරිමෙන් අනතුරුවම, විපාකො උප්පජ්ජථා - දක්ෂිණාවගේ ප්‍රතිඵලය විපාකය ඒ ප්‍රේතියට අත්වුනි කෙබඳු ද ප්‍රේතිය කීවාය. භොජනච්ඡාදන පානීය - නොයෙක් ආකාර දිව බොජුන් සමාන වූ ආහාර, නොයෙක් වර්ණයන්ගෙන් සැදුම්ලත් දිව්‍ය වස්ත්‍ර සමාන වූ, රෙදි පිළි ද, නොයෙක් ආකාර බීම වර්ග ද, දක්ෂිණාවගේ විපාක වශයෙන් උපන්නේය.
තතොති යථාවුත්තභොජනාදිපටිලාභතො පච්ඡා. සුද්ධාති න්හානෙන සුද්ධසරීරා. සුචිවසනාති සුවිසුද්ධවත්ථනිවත්ථා. කාසිකුත්තමධාරිනීති කාසිකවත්ථතොපි උත්තමවත්ථධාරිනී. හසන්තීති “පස්සථ තාව තුම්හාකං දක්ඛිණාය ඉදං ඵලවිසෙස”න්ති පකාසනවසෙන හසමානා විමානතො නික්ඛමි.
තතො - පෙර කියන ලද භෝජනාදිය ලැබීමෙන් පසුව, සුද්ධා - නෑමෙන් පිරිසිදු වූ ශරීරය, සුචිමසතා - ඉතා පිරිසිදු වූ වස්ත්‍ර හැද, කාසිකුත්තම ධාරිණී - කසී සළුවන් උතුම් වස්ත්‍ර දරා, හසන්තී - දරුව බලනු මැනවි, ඔබගේ දක්ෂිණාව නිසා මේ සා ඵලවිපාක ලද්දේ යයි ප්‍රකාශ කිරීම් වශයෙන් සිනහ සෙමින් විමානයෙන් නික්මියාය.
අථ තෙ වාණිජා එවං පච්චක්ඛතො පුඤ්ඤඵලං දිස්වා අච්ඡරියබ්භුතචිත්තජාතා තස්මිං උපාසකෙ සඤ්ජාතගාරවබහුමානා කතඤ්ජලී තං පයිරුපාසිංසු. සොපි තෙ ධම්මකථාය භිය්යොසොමත්තාය පසාදෙත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපෙසි. තෙ තාය විමානපෙතියා කතකම්මං –
ඉන්පසු ඒ වෙළෙන්දෝ මෙසේ ඇස් පනාපිටම පින්පල දැක, පුදුමයට පත් වූ සිත් ඇතිව, ඒ උපාසකයා කෙරෙහි හටගත් ගරුබුහුමන් ඇතිව කරන ලද ඇඳිලි ඇතිව, ඔහු ඇසුරු කළාහුය. ඒ උපාසකයා ද, ඒ වෙළඳ ජනයා බොහෝසෙයින් ධර්ම කථාවෙන් පහදවා, සරණයෙහි හා සීලයෙහි පිහිටුවීය. ඒ වෙළෙන්දා ඒ විමාන ප්‍රේතිය විසින් පෙර කරන ලද කර්මය කුමක්දැයි මේ ගාථාවලින් විචාළහ.
“සුචිත්තරූපං රුචිරං, විමානං තෙ පභාසති; දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල”න්ති. –
67. මොනවට කරන ලද විචිත්‍ර වූ සිතුවම ඇති, සිත්කළු වූ විමානය බබළයි. පින්වත් දෙවඟන! තීගේ කවර කුශල කර්මයක විපාක වසයෙන් මේ විපාක ලැබුවෙහිදැයි අපට කියව!
ඉමාය ගාථාය පුච්ඡිංසු. තත්ථ සුචිත්තරූපන්ති හත්ථිඅස්සඉත්ථිපුරිසාදිවසෙන චෙව මාලාකම්මලතාකම්මාදිවසෙන ච සුට්ඨු විහිතචිත්තරූපං. රුචිරන්ති රමණීයං දස්සනීයං. කිස්ස කම්මස්සිදං ඵලන්ති කීදිසස්ස කම්මස්ස, කිං දානමයස්ස උදාහු සීලමයස්ස ඉදං ඵලන්ති අත්ථො.
එහි සුචිත්තරූපං -ඇත්, අස්, ස්ත්‍රී පුරුෂ ආදී වසයෙන් වෙන් වූ, මල්කම් ලියකම් ආදී වසයෙන් ඉතා දැකුම් කළු වූ සිතුවම් රූ ඇති, රුචිරං, රමණීය, දැකුම්කළු, කිස්ස කම්මස්සදං ඵලං කෙබඳු වූ කර්මයක, කවර නම් වූ දානමය වූ හෝ සීලමය වූ පින්කමක විපාක ද යන අර්ථයි.
සා තෙහි එවං පුට්ඨා “මයා කතස්ස පරිත්තකස්ස කුසලකම්මස්ස තාව ඉදං ඵලං, අකුසලකම්මස්ස පන ආයතිං නිරයෙ එදිසං භවිස්සතී”ති තදුභයං ආචික්ඛන්තී –
මෙසේ (වෙළදුන් විසින්) විචාරණ ලදින් ඕ තොමෝ මා විසින් කරන ලද සුළු කුශලකර්‍මයාගේ මේ විපාකය වෙයි. අකුශල කර්මයාගේ වනාහි අවීචි මහා නරකයෙහි මෙබඳු විපාක වී යයි ඒ කර්ම දෙකම ප්‍රකාශකරමින් මේ ගාථා කීහ.
“භික්ඛුනො චරමානස්ස, දොණිනිම්මජ්ජනිං අහං; අදාසිං උජුභූතස්ස, විප්පසන්නෙන චෙතසා.
68. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ (කෙලෙස් දුරුකොට) සෘජුභාවයට පැමිණි භික්ෂුවක් හට මනා පහන් සිතින් යුතුව තෙල් මුසු තල මුරුවටක් දුනිමි.
“තස්ස කම්මස්ස කුසලස්ස, විපාකං දීඝමන්තරං; අනුභොමි විමානස්මිං, තඤ්ච දානි පරිත්තකං.
69. ඒ කුශල කර්මයාගේ විපාක වසයෙන් බොහෝ කලක් මුළුල්ලෙහි මෙම විමානයේ අනුභව කරමි. ඒ විපාකය දැන් අල්පාව ශේෂ විය.
“උද්ධං චතූහි මාසෙහි, කාලංකිරියා භවිස්සති; එකන්තකටුකං ඝොරං, නිරයං පපතිස්සහං.
70. මෙතැන් සිට සිව් මසකින් මගේ කළුරිය කිරීම සිදු වේ. මම ඒකාන්තයෙන් කටුක වූ දරුණු වූ භයානක වූ අවීචි මහා නිරයෙහි වැටෙන්නෙමි.
“චතුක්කණ්ණං චතුද්වාරං, විභත්තං භාගසො මිතං; අයොපාකාරපරියන්තං, අයසා පටිකුජ්ජිතං.
71. කොන් සතරක් ඇත්තේය. දොරවල් සතරක් ඇත්තේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලදුව මනාකොට හතරට බෙදන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද අතර යකඩ පියනකින් වසන ලද්දේය.
“තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා; සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා.
12. ඒ අවීචි මහා නරකයේ යකඩ වූ බිම දිලිසෙන්නේය. හාත්පස මහා ගිනි දැල්වලින් නිරන්තරයෙන් රත් වන්නේය. සෑම කල්හි යොදුන් සියයක් තැන මෙය පැතිර සිටී.
“තත්ථාහං දීඝමද්ධානං, දුක්ඛං වෙදිස්ස වෙදනං; ඵලඤ්ච පාපකම්මස්ස, තස්මා සොචාමහං භුස”න්ති. – ගාථායො අභාසි;
73. මම ඒ මහා නිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විදින්නෙමි. මා විසින් කරන ලද පාපකර්මයාගේ විපාකය හේතුවෙන් බොහෝ සෙයින් ශෝක කරමි.
තත්ථ භික්ඛුනො චරමානස්සාති අඤ්ඤතරස්ස භින්නකිලෙසස්ස භික්ඛුනො භික්ඛාය චරන්තස්ස. දොණිනිම්මජ්ජනින්ති විස්සන්දමානතෙලං පිඤ්ඤාකං. උජුභූතස්සාති චිත්තජිම්හවඞ්කකුටිලභාවකරානං කිලෙසානං අභාවෙන උජුභාවප්පත්තස්ස. විප්පසන්නෙන චෙතසාති කම්මඵලසද්ධාය සුට්ඨු පසන්නෙන චිත්තෙන.
එහි භික්ඛු නො චරමාන - ක්ලේශයන් බිඳහල එක්තරා භික්ෂුවක් පිඬු සිඟා හැසිරෙද්දී, දොණි නිම්මජ්ජන යනු උතුරා යන තෙලට දමා තෙලෙන් බදින ලද, උජුභූතස්ස, වංක කුටිල ආදී වූ වක් වූ කිසිවක් සිතෙහි නැති, කෙලෙස් පිසදැමීමෙන් ඍජුභාවයට පත්වූවකුහට විප්පසන්නෙන චෙතසා - කර්මඵල ඇදහීම් සංඛ්‍යාත ශ්‍රද්ධාවෙන් මනාව පිහිටි ප්‍රසන්න වූ සිතින්,
දීඝමන්තරන්ති ම-කාරො පදසන්ධිකරො, දීඝඅන්තරං දීඝකාලන්ති අත්ථො. තඤ්ච දානි පරිත්තකන්ති තඤ්ච පුඤ්ඤඵලං විපක්කවිපාකත්තා කම්මස්ස ඉදානි පරිත්තකං අප්පාවසෙසං, න චිරෙනෙව ඉතො චවිස්සාමීති අත්ථො. තෙනාහ “උද්ධං චතූහි මාසෙහි, කාලංකිරියා භවිස්සතී”ති චතූහි මාසෙහි උද්ධං චතුන්නං මාසානං උපරි පඤ්චමෙ මාසෙ මම කාලංකිරියා භවිස්සතීති දස්සෙති. එකන්තකටුකන්ති එකන්තෙනෙව අනිට්ඨඡඵස්සායතනිකභාවතො එකන්තදුක්ඛන්ති අත්ථො. ඝොරන්ති දාරුණං. නිරයන්ති නත්ථි එත්ථ අයො සුඛන්ති කත්වා “නිරය”න්ති ලද්ධනාමං නරකං. පපතිස්සහන්ති පපහිස්සාමි අහං.
දීඝ මන්තරං - මකාරය පද සන්ධිය සදහාය. දිගු කලක් යන අර්ථය තඤ්චෙදානි පරත්තකං - යනු ඒ පින් ඵලයෙන් මුහුකුරාගිය විපාක කර්මය, දැන් අවසාන වන කාලයයි. තව ඉතිරිව ඇත්තේ කෙටි කලකි, නොබෝ කලකින්ම මෙතැනින් චුතවෙමි යන අදහසයි. එහෙයින් උද්ධං චතුහි මාසෙහි කාලකිරියා භවිස්සති, තව සිව් මසකින් උපරිම වසයෙන් පස් මසක් ඇතුළත මගේ කළුරිය කිරීම සිදුවන්නේ යයි දක්වයි. එකන්තං කටු කං - මේ ප්‍රේත යෝනි බවින් මිදී (යන තැන) ඒකාන්තයෙන්ම කටුකය ඒකාන්තයෙන්ම දුක්ය. සොරං - දරුණුය. නිරයං පපතිස්ස හන්ති - එහි සුවයක් නම් නැත්තේමය. නිරය නම් වූ නම් ලද නරකයට වැටෙන්නෙමි.
“නිරය”න්ති චෙත්ථ අවීචිමහානිරයස්ස අධිප්පෙතත්තා තං සරූපතො දස්සෙතුං “චතුක්කණ්ණ”න්තිආදිමාහ. තත්ථ චතුක්කණ්ණන්ති චතුක්කොණං. චතුද්වාරන්ති චතූසු දිසාසු චතූහි ද්වාරෙහි යුත්තං. විභත්තන්ති සුට්ඨු විභත්තං.
මෙහු නිරය නමින් දක්වන්නේ අවීචි මහා නරකය අදහස් කරයි. එහි ස්වභාවය දක්වමින් ‘චතුක්කණ්ණන්ති’ ආදිය කීහ. එහි චතුක්කණ්ණන්ති - සිව් කොන්ය. චතුද්චාරංති, දොරටු සතරක් සතර දිසාවෙහි වෙති. විභත්තං - මනාව බෙදා ඇත,
භාගසොති භාගතො. මිතන්ති තුලිතං. අයොපාකාරපරියන්තන්ති අයොමයෙන පාකාරෙන පරික්ඛිත්තං. අයසා පටිකුජ්ජිතන්ති අයොපටලෙනෙව උපරි පිහිතං.
භාගසො කොටස් වසයෙන්, මිතං, සමාන වූ, අයොපාකාර පරියත්තං - යකඩින් කරන ලද තාප්පවලින් වටකරනු ඇත. අයසා පටිකුජ්ජිතං - යකඩ තහඩුවකින් උඩ (කට) වසයි.
තෙජසා යුතාති සමන්තතො සමුට්ඨිතජාලෙන මහතා අග්ගිනා නිරන්තරං සමායුතජාලා. සමන්තා යොජනසතන්ති එවං පන සමන්තා බහි සබ්බදිසාසු යොජනසතං යොජනානං සතං. සබ්බදාති සබ්බකාලං. ඵරිත්වා තිට්ඨතීති බ්යාපෙත්වා තිට්ඨති. තත්ථාති තස්මිං මහානිරයෙ. වෙදිස්සන්ති වෙදිස්සාමි අනුභවිස්සාමි. ඵලඤ්ච පාපකම්මස්සාති ඉදං ඊදිසං දුක්ඛානුභවනං මහා එවං කතස්ස පාපස්ස කම්මස්ස ඵලන්ති අත්ථො.
තෙජසා යුතං - හාත්පස නිතරම දැල්වෙන මහත් වූ ගින්න නිරන්තරයෙන් ගිනිදැල් නගී. සමන්තා යෝජන සතං හාත්පස දිග පළල යොදුන් සියයක් වේ. සබ්බදා හැමකල්හි, ඵරිත්වා තිට්ඨති පැතිරී සිටී. තත්ථ - ඒ මහා නිරයෙහි (දුක) වෙදිස්සන විදින්නෙමි. අනුභව කරන්නෙමි. ඵලඤ්ච පාප කම්මස්සා - මෙබඳු වූ මේ දුක් විදීම මා විසින් කරන ලද අකුශල කර්මයාගේ විපාකයම වන්නේය යන අර්ථය.
එවං තාය අත්තනා කතකම්මඵලෙ ආයතිං නෙරයිකභයෙ ච පකාසිතෙ සො උපාසකො කරුණාසඤ්චොදිතමානසො “හන්දස්සාහං පතිට්ඨා භවෙය්ය”න්ති චින්තෙත්වා ආහ – “දෙවතෙ, ත්වං මය්හං එකස්ස දානවසෙන සබ්බකාමසමිද්ධා උට්ඨාරසම්පත්තියුත්තා ජාතා, ඉදානි පන ඉමෙසං උපාසකානං දානං දත්වා සත්ථු ච ගුණෙ අනුස්සරිත්වා නිරයූපපත්තිතො මුච්චිස්සසී”ති. සා පෙතී හට්ඨතුට්ඨා “සාධූ”ති වත්වා තෙ දිබ්බෙන අන්නපානෙන සන්තප්පෙත්වා දිබ්බානි වත්ථානි නානාවිධානි රතනානි ච අදාසි, භගවන්තඤ්ච උද්දිස්ස දිබ්බං දුස්සයුගං තෙසං හත්ථෙ දත්වා “අඤ්ඤතරා, භන්තෙ, විමානපෙතී භගවතො පාදෙ සිරසා වන්දතීති සාවත්ථිං ගන්ත්වා සත්ථාරං මම වචනෙන වන්දථා”ති වන්දනඤ්ච පෙසෙසි, තඤ්ච නාවං අත්තනො ඉද්ධානුභාවෙන තෙහි ඉච්ඡිතපට්ටනං තං දිවසමෙව උපනෙසි.
මෙසේ ඒ දෙවඟන තමන් විසින් කරන ලද, කර්ම ඵලය හා මත්තෙහි නිරයෙහි උපදින බව ප්‍රකාශ කළ කල්හි ඒ උපාසක තෙමේ කරුණාවෙන් පිරි මෙහෙයවන ලද සිත් ඇතිව, එසේ වේ නම් මා ඇයට පිහිට වන්නෙමි යයි සිතා මෙසේ කීය. පින්වත් දෙවඟන හුදෙකලාව මට දන්දීම් වශයෙන් සියලු කාමයන් සමෘද්ධ වූ මහා සම්පත් ඔබ ලැබුවාය. දැන් මේ උපාසකයන්ට දන් දී බුදු ගුණ සිහිපත් කොට නිරයෙහි උත්පත්තියෙන් මුදන්නෙහිය. ඕ තොමෝ තුටු පහටු වූ සිත් ඇතිව මැනවැයි කියා දිව්‍ය ආහාර පානයෙන් සතප්වා දිව්‍ය වස්ත්‍ර ද නොයෙක් රත්න ජාති ද දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිව්‍යමය වූ වස්ත්‍ර ක්‍රමයක් ඔවුන්ගේ අත්වලට දී ස්වාමීනි එක්තරා විමාන ප්‍රේතියක් භාග්‍යවතුන් වහන්සේ දෙපා සිරසින් වඳී යයි කියා, ශාස්තෲන් වහන්සේට මගේ වචනයෙන් සැවැත් නුවරට ගොස් වඳීවායි කියා වැඳීම ද යැවීය. ඒ නැව ද තමන්ගේ ඍද්ධ්යනු භාවයෙන් ඔවුන් විසින් පැතු ආකාරයෙන් එදිනම (සැවැත් නුවරට) සේන්දු කරවීය.
අථ තෙ වාණිජා තතො පට්ටනතො අනුක්කමෙන සාවත්ථිං පත්වා ජෙතවනං පවිසිත්වා සත්ථු තං දුස්සයුගං දත්වා වන්දනඤ්ච නිවෙදෙත්වා ආදිතො පට්ඨාය තං පවත්තිං භගවතො ආරොචෙසුං. සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය විත්ථාරෙන ධම්මං දෙසෙසි, සා දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතා. තෙ පන උපාසකා දුතියදිවසෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා තස්සා දක්ඛිණමාදිසිංසු. සා ච තතො පෙතලොකතො චවිත්වා විවිධරතනවිජ්ජොතිතෙ තාවතිංසභවනෙ කනකවිමානෙ අච්ඡරාසහස්සපරිවාරා නිබ්බත්තීති.
ඉක්බිති ඒ වෙළෙදෝ ඒ පටුනේ පටන් සැවැත්නුවරට ගොස් ජේතවනයට පිවිස ඒ පිළි සඟල ශාස්තෲන් වහන්සේට පුදා, නමස්කාර පූර්වක වැදීම ද දන්වා, ආදියේ පටන් සියලු විස්තර භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි කීහ. ශාස්තෲන් වහන්සේ ඒ අර්ථය අර්ථොත්පත්ති කොට ගෙන, පැමිණි සිටි පිරිසට විස්තර වශයෙන් ධර්මය දේශනා කළ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථකව අවබෝධ විය. ඒ උපාසකයෝ දෙවන දවසෙහි බුදුන් ප්රමුඛ මහා සංඝයාට දන් දී ඒ දෙවඟනට පින් අනුමෝදන් කළහ. ඕ තොමෝ ප්‍රේත ලෝකයන් චුතව විවිධ රුවනින් බබළන තව්තිසා දෙව්ලොව රන් විමනෙක දහසක් අප්සරාවන් පිරිවරා උපන්නේය.
ඛල්ලාටියපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
ඛල්ලාටිය ප්‍රේතවස්තු වර්ණනාව නිමියේය.