11. නාගපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
11. නාගපෙතවත්ථුවණ්ණනා
11. නාග ප්‍රේතවස්තු වර්ණනාව
පුරතොව සෙතෙන පලෙති හත්ථිනාති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ ද්වෙ බ්රාහ්මණපෙතෙ ආරම්භ වුත්තං. ආයස්මා කිර සංකිච්චො සත්තවස්සිකො ඛුරග්ගෙයෙව අරහත්තං පත්වා සාමණෙරභූමියං ඨිතො තිංසමත්තෙහි භික්ඛූහි සද්ධිං අරඤ්ඤායතනෙ වසන්තො තෙසං භික්ඛූනං පඤ්චන්නං චොරසතානං හත්ථතො ආගතං මරණම්පි බාහිත්වා තෙ ච චොරෙ දමෙත්වා පබ්බාජෙත්වා සත්ථු සන්තිකං අගමාසි. සත්ථා තෙසං භික්ඛූනං ධම්මං දෙසෙසි, දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තං පාපුණිංසු. අථායස්මා සංකිච්චො පරිපුණ්ණවස්සො ලද්ධූපසම්පදො තෙහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං බාරාණසිං ගන්ත්වා ඉසිපතනෙ විහාසි. මනුස්සා ථෙරස්ස සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පසන්නමානසා වීථිපටිපාටියා වග්ගවග්ගා හුත්වා ආගන්තුකදානං අදංසු. තත්ථ අඤ්ඤතරො උපාසකො මනුස්සෙ නිච්චභත්තෙ සමාදපෙසි, තෙ යථාබලං නිච්චභත්තං පට්ඨපෙසුං.
“පුරතො ව සෙතෙන පලෙති හත්ථිනා” මෙම ධර්ම දේශනා කථාවස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි බ්‍රාහ්මණ ප්‍රේතයන් දෙදෙනකු නිසා වදාරන ලදහ. ආයුෂ්මත් සංකිච්ච සාමණේරයන් වහන්සේ සත්වැනි වියේ දී කරගෙහි දී ම (හිසමුඩු කරද්දීම) අර්හත්වයට පැමිණ සාමණේර තත්ත්වයේම සිටියේ තිස්නමක් පමණ වූ භික්ෂූන් සමග ආරණ්‍යයෙහි වසන්නේ. පන්සියයක් සොරුන්ගෙන් භික්ෂූන්ට පැමිණි මරණ තර්ජන වලක්වා ඒ සොරුන් දමනය කොට පැවිදි කරවා, ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩියේය. ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂු පිරිසට ධර්මය දේශනා කළ සේක. දේශනාවසානයෙහි ඒ භික්ෂූහු රහත් බවට පැමිණියහ. ඉක්බිති සංකිච්ච තෙරණුවෝ පිරිපුන් වයස් ඇත්තේ උපසම්පදාලාභීව, පළමු කී භික්ෂූන් පන්සියයක් සමග, බරණැසට ගොස්, ඉසිපතනයෙහි වාසය කළහ. මහජනයා තෙරුන් සමීපයට ගොස් බණ අසා පහන්සිත් ඇතිව වීථි පිළිවෙළින් කණ්ඩායම් වශයෙන් එකතුව ආගන්තුක දානය දුන්හ. මෙහිදී එක්තරා උපාසකයෙක් නිති බත් දීමෙහි මිනිසුන් සුදානම් කරවීය. ඔව්හු ශක්ති පමණින් නිතිබත් පිහිටවූහ.
තෙන ච සමයෙන බාරාණසියං අඤ්ඤතරස්ස මිච්ඡාදිට්ඨිකස්ස බ්රාහ්මණස්ස ද්වෙ පුත්තා එකා ච ධීතා අහෙසුං. තෙසු ජෙට්ඨපුත්තො තස්ස උපාසකස්ස මිත්තො අහොසි. සො තං ගහෙත්වා ආයස්මතො සංකිච්චස්ස සන්තිකං අගමාසි. ආයස්මා සංකිච්චො තස්ස ධම්මං දෙසෙසි. සො මුදුචිත්තො අහොසි. අථ නං සො උපාසකො ආහ – “ත්වං එකස්ස භික්ඛුනො නිච්චභත්තං දෙහී”ති . “අනාචිණ්ණං අම්හාකං බ්රාහ්මණානං සමණානං සක්යපුත්තියානං නිච්චභත්තදානං, තස්මා නාහං දස්සාමී”ති. “කිං මය්හම්පි භත්තං න දස්සසී”ති? “කථං න දස්සාමී”ති ආහ. “යදි එවං යං මය්හං දෙසි, තං එකස්ස භික්ඛුස්ස දෙහී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා දුතියදිවසෙ පාතොව විහාරං ගන්ත්වා එකං භික්ඛුං ආනෙත්වා භොජෙසි.
එ සමයෙහි බරණැස් නුවර එක්තරා මිථ්‍යාදෘෂ්ටික බමුණෙකුට පුතුන් දෙදෙනෙකු හා එක දුවක් සිටියහ. ඔවුන් අතුරෙන් වැඩිමල් පුතා ඒ බ්‍රාහ්මණයාගේ මිත්‍රයෙක් විය. ඒ උපාසකයා තම මිත්‍රයා කැඳවාගෙන ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වෙත ගියේය. සංකිච්ච හාමුදුරුවෝ ඔහුට බණ කීහ. හෙතෙම මෘදු සිත් ඇත්තෙක් විය. ඉක්බිති උපාසකයා ඔහුට මෙසේ කීය. ඔබ එක් භික්ෂුවකට නිතිබත් දෙවයි කීය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට නිතිබතක් දීම අප විසින් පුරුදු නො කරන ලද්දේය. එ නිසා මම නො දෙමියි කීය. හොඳයි මට වත් බතක් දෙන්නේ ද නො දෙන්නේ දැයි බ්‍රාහ්මණයා ඇසීය. කෙසේ නම් නුඹට නො දෙම් ද දෙමියි කීය. එසේ නම් මට යමක් දෙන්නේ නම්, එය එක භික්ෂුවකට දෙවයි උපාසකයා බමුණාට කීය. හෙතෙම මැනවැයි පිළිගෙන දෙවෙනි දවසේ උදැසනම විහාරයට ගොස් එක භික්ෂු නමක් කැඳවා ආහාර වැළදවීය.
එවං ගච්ඡන්තෙ කාලෙ භික්ඛූනං පටිපත්තිං දිස්වා ධම්මඤ්ච සුණිත්වා තස්ස කනිට්ඨභාතා ච භගිනී ච සාසනෙ අභිප්පසන්නා පුඤ්ඤකම්මරතා ච අහෙසුං. එවං තෙ තයො ජනා යථාවිභවං දානානි දෙන්තා සමණබ්රාහ්මණෙ සක්කරිංසු ගරුං කරිංසු මානෙසුං පූජෙසුං. මාතාපිතරො පන නෙසං අස්සද්ධා අප්පසන්නා සමණබ්රාහ්මණෙසු අගාරවා පුඤ්ඤකිරියාය අනාදරා අච්ඡන්දිකා අහෙසුං. තෙසං ධීතරං දාරිකං මාතුලපුත්තස්සත්ථාය ඤාතකා වාරෙසුං. සො ච ආයස්මතො සංකිච්චස්ස සන්තිකෙ ධම්මං සුත්වා සංවෙගජාතො පබ්බජිත්වා නිච්චං අත්තනො මාතු-ගෙහං භුඤ්ජිතුං ගච්ඡති. තං මාතා අත්තනො භාතු-ධීතාය දාරිකාය පලොභෙති. තෙන සො උක්කණ්ඨිතො හුත්වා උපජ්ඣායං උපසඞ්ගමිත්වා ආහ – “උප්පබ්බජිස්සාමහං, භන්තෙ, අනුජානාථ ම”න්ති. උපජ්ඣායො තස්ස උපනිස්සයසම්පත්තිං දිස්වා ආහ – “සාමණෙර, මාසමත්තං ආගමෙහී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා මාසෙ අතික්කන්තෙ තථෙව ආරොචෙසි. උපජ්ඣායො පුන “අඩ්ඪමාසං ආගමෙහී”ති ආහ. අඩ්ඪමාසෙ අතික්කන්තෙ තථෙව වුත්තෙ පුන “සත්තාහං ආගමෙහී”ති ආහ. සො “සාධූ”ති පටිස්සුණි. අථ තස්මිං අන්තොසත්තාහෙ සාමණෙරස්ස මාතුලානියා ගෙහං විනට්ඨච්ඡදනං ජිණ්ණං දුබ්බලකුට්ටං වාතවස්සාභිහතං පරිපති. තත්ථ බ්රාහ්මණො බ්රාහ්මණී ද්වෙ පුත්තා ඝීතා ච ගෙහෙන අජ්ඣොත්ථටා කාලමකංසු. තෙසු බ්රාහ්මණො බ්රාහ්මණී ච පෙතයොනියං නිබ්බත්තිංසු, ද්වෙ පුත්තා ධීතා ච භුම්මදෙවෙසු. තෙසු ජෙට්ඨපුත්තස්ස හත්ථියානං නිබ්බත්ති, කනිට්ඨස්ස අස්සතරීරථො, ධීතාය සුවණ්ණසිවිකා. බ්රාහ්මණො ච බ්රාහ්මණී ච මහන්තෙ මහන්තෙ අයොමුග්ගරෙ ගහෙත්වා අඤ්ඤමඤ්ඤං ආකොටෙන්ති, අභිහතට්ඨානෙසු මහන්තා මහන්තා ඝටප්පමාණා ගණ්ඩා උට්ඨහිත්වා මුහුත්තෙනෙව පචිත්වා පරිභෙදප්පත්තා හොන්ති. තෙ අඤ්ඤමඤ්ඤස්ස ගණ්ඩෙ ඵාලෙත්වා කොධාභිභූතා නික්කරුණා ඵරුසවචනෙහි තජ්ජෙන්තා පුබ්බලොහිතං පිවන්ති, න ච තිත්තිං පටිලභන්ති.
මෙසේ කාලය සෙමින් ගතවෙද්දී භික්ෂූන්ගේ ප්‍රතිපත්ති දැක, බණ අසා ඔහුගේ බාල සහෝදරයා ද, සහෝදරි ද, ශාසනයෙහි ප්‍රසන්න වූයේ, පින්කම් කිරිමෙහි කැමැත්ත ඇත්තෝ වූහ. මෙසේ ඒ තිදෙනාම සම්පත් පමණින් දන් දෙමින්, මහණ බමුණන්ට සත්කාර කළහ. ගරු කළහ. වැඳුම් පිදුම් කළහ. මව්පියන් වනාහි ශ්‍රද්ධා නැත්තේය. ශ්‍රමණ බ්‍රහ්මයන් කෙරෙහි අප්රසන්නයහ. ඔවුනට අගෞරව කරයි. පුණ්‍ය ක්‍රියාවන්හි කැමැත්ත නො දක්වයි ආදරයක් නැත්තේයි. ඔවුන්ගේ දියණියන් මයිලණුවන්ගේ පුතුට විවාහකොට දීමට දෙපස නෑයෝ කතිකා කර ගත්හ. ඒ පුතණුවෝ ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වෙතින් ධර්මය අසා සංවේගයට කළ කිරීමට පැමිණියේ පැවිදි වී නිතර තමන්ගේ ගෙදරට දානය සඳහා වඩියි. මව් තොමෝ දියණි වූ බැමිණි කුමරිය කෙරෙහි ඒ සාමණේරයන් පොළඹවයි. ඒ හේතුවෙන් හෙතෙම උකටලී වූයේ උපාධ්‍යයන් වහන්සේ වෙත එළඹ, “මම උපැවිදි වෙමි, සිවුරු හරිමි. මට අවසර දුන මැනවැයි කීහ. උපාධ්‍යායන් වහන්සේ ඔවුන්ගේ හේතු වාසනා දැක මෙසේ කීය. සාමණෙරය! මාසයක් බලාපොරොත්තු වෙව, ඒ හෙරණ තෙම මැනවැයි පිළිගෙන සිටියේය. මාසය ඉක්මගිය කල්හි නැවත එසේම කීය. උපාධ්‍යයයන් වහන්සේ තව අඩ මසක් බලාපොරොත්තු වේව යි කීය. අඩමස ඉකුත් වූ කල්හි එසේම තව සතියක් ඉවසන්නැයි කීහ. සාමණේරයෝ එය මැනැවැයි පිළිගත්තේය. ඉක්බිති සති අන්තයේ සාමණේරයන්ගේ මාමණ්ඩියගේ ගෙය, නටුවාවු වහළ ඇත්තේ, දිරුණු දුබල බිත්ති සුළගින් හා වැස්සෙන් කඩා වැටුණේය. එහි බ්‍රාහ්මණයා ද, බ්‍රාහ්මණිය ද පුතුන් දෙදෙනා ද, දියණිය ද කඩා වැටුණු ගෙට යට වී මරණයට පත්වූහ. ඔවුන් අතුරෙන් බමුණා සහ බැමිණිය ප්‍රේත යෝනියෙහි උපත ලදහ. පුතුන් දෙදෙනා ද දියණිය ද භූමාටු දෙවියන්ව උපන්හ. ඔවුනතුරෙන් වැඩිමල් පුතුට හස්ති යානාවක් උපත කණිටු පුතුට අස් වෙළඹුන් යෙදූ රථයක් ද, දියණියට රන්සිවි ගෙයක් ද, පහළවුහ. බමුණා හා බැමිණි මහත් මහත් යකඩ පොලු ගෙන ඔවුනොවුන් කොටාගනිත්. පහර වැදුණු වැදුණු තැන්වල මහත් ගෙඩි හටගෙන මොහොතින් පැසී පැළෙත්, ඒ දෙදෙන ක්‍රෝධයෙන් මඩනා ලදුව එකිනෙකාගේ ගෙඩි පළා නිකරුණේ එරුෂ වචනයෙන් තර්ජනය කෙරෙමින් සැරව හා ලේ පානය කරමින් සතුටක් නො ලබති.
අථ සාමණෙරො උක්කණ්ඨාභිභූතො උපජ්ඣායං උපසඞ්කමිත්වා ආහ – “භන්තෙ, මයා පටිඤ්ඤාතදිවසා වීතිවත්තා, ගෙහං ගමිස්සාමි, අනුජානාථ ම”න්ති. අථ නං උපජ්ඣායො “අත්ථඞ්ගතෙ සූරියෙ කාලපක්ඛචාතුද්දසියා පවත්තමානාය එහී”ති වත්වා ඉසිපතනවිහාරස්ස පිට්ඨිපස්සෙන ථොකං ගන්ත්වා අට්ඨාසි. තෙන ච සමයෙන තෙ ද්වෙ දෙවපුත්තා සද්ධිං භගිනියා තෙනෙව මග්ගෙන යක්ඛසමාගමං සම්භාවෙතුං ගච්ඡන්ති, තෙසං පන මාතාපිතරො මුග්ගරහත්ථා ඵරුසවාචා කාළරූපා ආකුලාකුලලූඛපතිතකෙසභාරා අග්ගිදඩ්ඪතාලක්ඛන්ධසදිසා විගලිතපුබ්බලොහිතා වලිතගත්තා අතිවිය ජෙගුච්ඡබීභච්ඡදස්සනා තෙ අනුබන්‍ධන‍්ති.
පසුව සාමණේරයන් කළකිරීමෙන් මැඩුනේ උපාධ්‍යයන් වෙත එළඹ ස්වාමීනි! මා විසින් පිළිණ දුන් දවස් ඉකුත් විය. මම ගෙදර යන්නෙමි අනුදැන වදාළ මැනවයි කීය. ඉක්බිති එසේ කී කල්හි උපාධ්‍යයන් වහන්සේ හිරු අවරට ගිය කල්හි කළුවර පක්ෂයෙහි තුදුස්වක් දින (මාසෙපෝය දවස්වල) පවත්නා කල්හි, සාමණේරයන් ද කැඳවාගෙන, ඉසිපතනාරාමයේ පිටිපසින් ටික දුරක් ගොස් සාමණේරයන් සමගම සිටියහ. එවේලෙහි ඒ දේව පුත්‍රයන් දෙදෙනා සමගින් නැගණිය ද දේව සමාගමට බුහුමන් පිණිස යති. ඔවුන්ගේ දෙමව්පියෝ පොලු ඔසවා ගෙන, අතිශය ඵරුස වචන කියමින්, කළු පැහැ සිරුරින් යුතුව, අවුල්වැ ගිය කෙහෙ සහ රැවුල් ඇතිව, දැවුණු තල් කඳන් සමානව, වැගුරුණු ලේ සැරව ඇතිව, ඉතා පිළිකුල්ව, (ඉහත කී දෙවිවරුන්) ලුහුබැඳ යත්.
අථායස්මා සංකිච්චො යථා සො සාමණෙරො තෙ සබ්බෙ ගච්ඡන්තෙ පස්සති, තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සාමණෙරං ආහ – “පස්සසි ත්වං, සාමණෙර, ඉමෙ ගච්ඡන්තෙ”ති? “ආම, භන්තෙ, පස්සාමී”ති. “තෙන හි ඉමෙහි කතකම්මං පටිපුච්ඡා”ති. සො හත්ථියානාදීහි ගච්ඡන්තෙ අනුක්කමෙන පටිපුච්ඡි. තෙ ආහංසු – “යෙ පච්ඡතො පෙතා ආගච්ඡන්ති, තෙ පටිපුච්ඡා”ති. සාමණෙරො තෙ පෙතෙ ගාථාහි අජ්ඣභාසි –
එකල්හි ආයුෂ්මත් සංකිච්ච තෙරුන් වහන්සේ ඒ සියලුම දෙන පෙනෙන පරිද්දෙන් ඍද්ධ්යභිසංස්කාරයක් කොට, සාමණේරය! මේ යන්නවුන් තෙපි දක්නේද? ඇසීය එසේය දක්නෙමියි ඔහු කීහ. එසේනම් මොවුන් විසින් කළ කර්මයන් විමසනුයි නියම කළේය. තෙරණුන් ද ඇත් යානයෙන් යන්නවුන්ගේ පටන් සියලුදෙනාගෙන්ම පිළිවෙළින් විචාළේය. එසේ විචාරමින් මේ ගාථා කීහ.
“පුරතොව සෙතෙන පලෙති හත්ථිනා, මජ්ඣෙ පන අස්සතරීරථෙන; පච්ඡා ච කඤ්ඤා සිවිකාය නීයති, ඔභාසයන්තී දස සබ්බසො දිසා.
74. සියල්ලන්ට පළමුව ධවල වූ ඇතු පිටින් එක් දෙවියෙක් යයි. අස් වෙළඹුන් යෙදූ රියකින් තව දෙවියෙක් මැදින් යයි. දස දිසාවන් සිය ප්‍රභායෙන් බබුළුවමින් දීප්තිමත් වූ දිව්‍ය කන්‍යාවක් සිවියහනකින් පසු පසින් ගෙනයයි.
“තුම්හෙ පන මුග්ගරහත්ථපාණිනො, රුදංමුඛා ඡින්නපභින්නගත්තා; මනුස්සභූතා කිමකත්ථ පාපං, යෙනඤ්ඤමඤ්ඤස්ස පිවාථ ලොහිත”න්ති.
75. පොලු මුගුරු ගත් අත් ඇතිව, හැඬු මුහුණින් යුක්තව, පොලු පහරවලින් තැනින් තැන තුවාල වුණු ශරීර ඇතිව, තොප දෙදෙනා එකිනෙකාගේ ලේ බොන්නහු ද? මිනිසුන් වශයෙන් සිටි තෙපි කුමන අකුශල කර්මයකින් මේ තත්ත්වයට පත්වුණේ ද?
තත්ථ පුරතොති සබ්බපඨමං. සෙතෙනාති පණ්ඩරෙන. පලෙතීති ගච්ඡති. මජ්ඣෙ පනාති හත්ථිං ආරුළ්හස්ස සිවිකං ආරුළ්හාය ච අන්තරෙ. අස්සතරීරථෙනාති අස්සතරීයුත්තෙන රථෙන පලෙතීති යොජනා. නීයතීති වහීයති. ඔභාසයන්තී දස සබ්බසො දිසාති සබ්බතො සමන්තතො සබ්බා දස දිසා අත්තනො සරීරප්පභාහි වත්ථාභරණාදිප්පභාහි ච විජ්ජොතයමානා. මුග්ගරහත්ථපාණිනොති මුග්ගරා හත්ථසඞ්ඛාතෙසු පාණීසු යෙසං තෙ මුග්ගරහත්ථපාණිනො, භූමිසණ්හකරණීයාදීසු පාණිවොහාරස්ස ලබ්භමානත්තා හත්ථසද්දෙන පාණි එව විසෙසිතො. ඡින්නපභින්නගත්තාති මුග්ගරප්පහාරෙන තත්ථ තත්ථ ඡින්නපභින්නසරීරා. පිවාථාති පිවථ.
එහි පුරතො සියල්ලන්ට පළමුව, පෙරටුව, සෙතෙනා - සුදු පැහැයෙන් යුතු පලෙති - යයි. මඣජ පනා - ඇතු පිටින් යන්නට ද සිවිකාවෙන් යන්නට ද අතරතුර මැදින්, අස්සතරී රථෙනා - සුදු අස් වෙළඹුන් යෙදූ රථයෙන් යයි යන යෙදුමයි. නීය්යති - උසුළාගෙන යයි - ඔභාසයන්ති දසදිසා - හැම පැත්තම, හාත්පසම සියලු දස දිසාවන් තමන්ගේ ශරීර ප්‍රභාවයෙන් ද, හැඳ පැළද ඇති වස්ත්‍රාභරණාදියෙන් ද, බබුළුවමින්, මුග්ගරහත්ථපාණීතො - තමන්ගේ අත්වලින් යමෙක් පොලු මුගුරු දරා ද, හේ මුග්ගරහත්ථපාණි නම් වේ. භින්න පභින්ත ගත්තා - පොලු පහරවලින් ඒ ඒ තැන කැඩුණු බිදුණු තුවාලවුණු ශරීර ඇතිව පිවාති - බොයි.
එවං සාමණෙරෙන පුට්ඨා තෙ පෙතා සබ්බං තං පවත්තිං චතූහි ගාථාහි පච්චභාසිංසු –
මෙසේ සාමණේරයන් විසින් ප්‍රශ්න විචාරණ ලදුව, ඒ ප්‍රේතයෝ ගාථා හතරකින් සියලු තොරතුරු කීහ.
“පුරතොව යො ගච්ඡති කුඤ්ජරෙන, සෙතෙන නාගෙන චතුක්කමෙන; අම්හාක පුත්තො අහු ජෙට්ඨකො සො, දානානි දත්වාන සුඛී පමොදති.
76. සාමණේරයන් වහන්ස! යම් දෙවි කෙනෙක් ඉදිරියෙන්ම, පා සතරක් ඇති නාග සඞ්ඛ්‍යාත ඇත් වාහනයෙන් යයි ද? ඒ අපගේ වැඩිමහල් පුතණුවන්ය. ඔහු දන් දී සුවපත් වී දැන් සතුටු වෙයි.
“යො යො මජ්ඣෙ අස්සතරීරථෙන, චතුබ්භි යුත්තෙන සුවග්ගිතෙන; අම්හාක පුත්තො අහු මජ්ඣිමො සො, අමච්ඡරී දානපතී විරොචති.
77. වේගවත් ගමන් ඇති වෙළඹුන් සිව්දෙනකුන් යෙදුවා වූ, අශ්ව රථයේ යම් දෙවි කෙනෙක් දෙවෙනිව (මැදින්) ගමන් කරයි ද? ඒ අපේ බාල පුත්‍රයාය. ඔහු මසුරු නොවී දන් දී දැන් මෙසේ බබළයි.
“යා සා ච පච්ඡා සිවිකාය නීයති, නාරී සපඤ්ඤා මිගමන්දලොචනා; අම්හාක ධීතා අහු සා කනිට්ඨිකා, භාගඩ්ඪභාගෙන සුඛී පමොදති.
78. නුවණැති වූ මුව දෙනකට බඳු ඇස් ඇති යම් දෙවඟනක් රන්සිව් ගෙයකින් තුන්වැනිව යන්නී ද? ඕ තොමෝ අපගේ බාල දියණියයි. ඇය තමා ලත් කොටසින් භාගයක් දන් දී ඒ පිණින් සුවපත් වී සතුටු වේය.
“එතෙ ච දානානි අදංසු පුබ්බෙ, පසන්නචිත්තා සමණබ්රාහ්මණානං; මයං පන මච්ඡරීනො අහුම්හ, පරිභාසකා සමණබ්රාහ්මණානං; එතෙ ච දත්වා පරිචාරයන්ති, මයඤ්ච සුස්සාම නළොව ඡින්නො”ති.
79. මොවුහු පෙර මිනිසත් බැව්හි දී, තුණුරුවන් කෙරෙහි පහන් සිත්ඇතිව, මහණ බමුණන්ට දන් දුන්නාහු වෙති. අපි මසුරු සිත් ඇතිව, මහණ බමුණන්ට අගෞරව කළෙමු. පරිභව කළෙමු. අපේ දරුවන් දන් දී දැන් දිව සැප විඳිති. අපි අව්වේ දමන ලද බට ගසක් මෙන් පිපාසාවෙන් පෙළෙමින් ද එකිනෙකා පොලු මුගුරුවලින් තලා ගනිමින්ද වියලුණේ වෙමු.
තත්ථ පුරතොව යො ගච්ඡතීති ඉමෙසං ගච්ඡන්තානං යො පුරතො ගච්ඡති. “යොසො පුරතො ගච්ඡතී”ති වා පාඨො, තස්ස යො එසො පුරතො ගච්ඡතීති අත්ථො. කුඤ්ජරෙනාති කුං පථවිං ජීරයති, කුඤ්ජෙසු වා රමති චරතීති “කුඤ්ජරො”ති ලද්ධනාමෙන හත්ථිනා. නාගෙනාති, නාස්ස අගමනීයං අනභිභවනීයං අත්ථීති නාගා, තෙන නාගෙන. චතුක්කමෙනාති චතුප්පදෙන. ජෙට්ඨකොති පුබ්බජො.
එහි පුරතො ව යො ගච්ඡති - මේ යන්නවුන් අතුරෙන් යමෙක් පෙරටුව යන්නේ ද ඔහු යො සො පුරතො ගච්ඡතීපි යනු ද පෙළයි. යම්කිසිවෙක් පෙරටුව යන්නේ ද හෙතෙමේ, යන අදහසයි. කුඤ්ජරෙන - පුලිල ගස් මයිලගස් ආදියෙන් හා වැල් වලින් ආවරණය වූ තැන්වල රමණය කෙරෙයි හැසිරෙයි යන අරුතින් කුඤ්ජර වේ. ඒ කුඤ්ජර යන නම ඇති මොහුගේ ස්වභාවය මැඩ පැවැත්වීය නො හැක්කේනුයි නාග නම් වේ. ඔහු විසින් යනු ‘නාගෙන’ නමි. චතුක්කමෙනා - සිව් පාදයෙන්, සතර පයින්, ජෙට්ඨො - හැමට පළමු උපන් තැනැත්තා -
චතුබ්භීති චතූහි අස්සතරීහි. සුවග්ගිතෙනාති සුන්දරගමනෙන චාතුරගමනෙන. මිගමන්දලොචනාති මිගී විය මන්දක්ඛිකා. භාගඩ්ඪභාගෙනාති භාගස්ස අඩ්ඪභාගෙන, අත්තනා ලද්ධකොට්ඨාසතො අඩ්ඪභාගදානෙන හෙතුභූතෙන. සුඛීති සුඛිනී. ලිඞ්ගවිපල්ලාසෙන හෙතං වුත්තං.
චතුබ්හි වෙළඹුන් සතර දෙනෙක්, සුවග්ගි තෙනා - යහපත් වූ දැකුම්කළු ගමනිනි, වේගවත් ගමනින්, මිගමන්දලොචනා - මුව දෙනකගේ මෙන් අහිංසක ඇස් ඇති, භාගඩ්ඪභාගෙන - කොටසින් කොටසක් තමා ලද කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන, සුඛී - සුවපත්වූවා ලිංග විපර්යාසයෙන් මෙසේ කියන ලදී.
පරිභාසකාති අක්කොසකා. පරිචාරයන්තීති දිබ්බෙසු කාමගුණෙසු අත්තනො ඉන්ද්රියානි ඉතො චිතො ච යථාසුඛං චාරෙන්ති, පරිජනෙහි වා අත්තනො පුඤ්ඤානුභාවනිස්සන්දෙන පරිචරියං කාරෙන්ති. මයඤ්ච සුස්සාම නළොව ඡින්නොති මයං පන ඡින්නො ආතපෙ ඛිත්තො නළො විය සුස්සාම, ඛුප්පිපාසාහි අඤ්ඤමඤ්ඤං දණ්ඩාභිඝාතෙහි ච සුක්ඛා විසුක්ඛා භවාමාති.
පරිභාසකා - ආක්‍රොශ කිරීම - බැණීම, නින්දා කිරීම, පරිචාරයන්ති දිව්‍යමය වූ කාමගුණයන්ගෙන් තමන්ගේ ඉන්ද්රියයන් සුවසේ පරිහරණය කිරීම, තමන්ගේ ප්රණ්යානුභාවයන් ගලා යන්නාක් මෙන් පිරිවර ජනයා සේවය කිරීම, මයංච සුස්සාම නළොව ඛිත්තො - අපි වනාහි අව්වේ දමන ලද බට දණ්ඩක් මෙන් සා පිපාසාවෙන් පෙළෙන්නෙමු. අප එකිනෙකා දඬු ගෙන පහර දී ගනිමින් ශුෂ්ක වූ බවට පත්වීමු.
එවං අත්තනො පාපං සම්පවෙදෙත්වා “මයං තුය්හං මාතුලමාතුලානියො”ති ආචික්ඛිංසු. තං සුත්වා සාමණෙරො සඤ්ජාතසංවෙගො “එවරූපානං කිබ්බිසකාරීනං කථං නු ඛො භොජනානි සිජ්ඣන්තී”ති පුච්ඡන්තො –
මෙසේ ඒ ප්‍රේතයෝ දෙදෙන තමන්ගේ පාපකර්මයන් පවසා, අපි ඔබ වහන්සේගේ නැන්දා සහ මාමා වූයෙමු යයි පැවසුහ. එය ඇසු හෙරණ තෙමේ හටගත් සංවේග ඇතිව මෙබඳු වූ පව්කම් කළවුන්ට කෙසේ නම් ආහාර ලැබෙත් දැයි විචාරන්නේ
“කිං තුම්හාකං භොජනං කිං සයානං, කථඤ්ච යාපෙථ සුපාපධම්මිනො; පහූතභොගෙසු අනප්පකෙසු, සුඛං විරාධාය දුක්ඛජ්ජ පත්තා”ති. –
80. තොපගේ ආහාරය කෙබඳු ද? නිදා ගැනීම කෙබඳු ද? ඉතා ලාමක ස්වභාව ඇත්තා වූ තෙපි කවර ආකාරයකින් යැපෙන්නහු ද? ස්වල්ප නු වූ ආහාර භෝග සම්පත් ඇති කල්හි පින් නො කිරිමෙන් සැපය වරදවාගෙන මේ දුකට පැමිණියාහුය.
ඉමං ගාථමාහ. තත්ථ කිං තුම්හාකං භොජනන්ති කීදිසං තුම්හාකං භොජනං? කිං සයානන්ති කීදිසං සයනං? “කිං සයානා”ති කෙචි පඨන්ති, කීදිසා සයනා, කීදිසෙ සයනෙ සයථාති අත්ථො. කථඤ්ච යාපෙථාති කෙන පකාරෙන යාපෙථ, “කථං වො යාපෙථා”තිපි පාඨො, කථං තුම්හෙ යාපෙථාති අත්ථො. සුපාපධම්මිනොති සුට්ඨු අතිවිය පාපධම්මා. පහූතභොගෙසූති අපරියන්තෙසු උළාරෙසු භොගෙසු සන්තෙසු. අනප්පකෙසූති න අප්පකෙසු බහූසු. සුඛං විරාධායාති සුඛහෙතුනො පුඤ්ඤස්ස අකරණෙන සුඛං විරජ්ඣිත්වා විරාධෙත්වා. “සුඛස්ස විරාධෙනා”ති කෙචි පඨන්ති. දුක්ඛජ්ජ පත්තාති අජ්ජ ඉදානි ඉදං පෙතයොනිපරියාපන්නං දුක්ඛං අනුප්පත්තාති.
එහි කිං තුම්හාකං භොජනං, කවාකාර භෝජනයක් කෙසේ ලබන්නේ ද? කිං සයනං නිදීම කවරාකාර වේද? කිස්ස යානා - කිසිවක් කියයි ද? කෙබඳු නිදීමක් ද? කෙබඳු සයනාසන ද? කථංසු යාපෙථා - කවර ආකාරයකින් යැපෙන්නහු ද? සුපාපධම්මිනො - ඉතා බරපතල පව්කම් පහුත භොගෙසු - සීමාරහිත මහත් වූ සම්පත් ඇති කල්හි. අනප්පකෙසු - ස්වල්ප නූ වූ, බොහෝ වූ, සුඛං විරාධාය - සුවය බලාපොරොත්තුවෙන් පින්කම් නො කිරීම නිසා සැපය වරද්දාගෙන - සුඛස්ස විරාධෙනා යයි සමහරු කියයි. දුක්ඛජ්ජ පත්තා - අද දැන් ප්‍රේත යෝනිය පිවිස දුක්ම අනුභව කරයි, දුකටම පත්වෙයි.
එවං සාමණෙරෙන පුට්ඨා පෙතා තෙන පුච්ඡිතමත්ථං විස්සජ්ජෙන්තා –
මෙසේ සාමණේරයන් විසින් විමසන ලද්දෙන්, ප්‍රේතයෝ ඔහු විසින් අසන ලද කරුණු සදහා මෙසේ පිළිතුරු දුන්හ.
“අඤ්ඤමඤ්ඤං වධිත්වාන, පිවාම පුබ්බලොහිතං; බහුං විත්වා න ධාතා හොම, නච්ඡාදිම්හසෙ මයං.
81. අපි එක එකා තළාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ කොට පානය කරත් සෑහීමකට පත් නොවන්නෙමු. රුචි නොවෙමු. අපි අපේ කැමැත්තෙන් එය නො බොන්නෙමු.
“ඉච්චෙව මච්චා පරිදෙවයන්ති, අදායකා පෙච්ච යමස්ස ඨායිනො; යෙ තෙ විදිච්ච අධිගම්ම භොගෙ, න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤං.
82. මෙසේම අප මෙන් නො දෙන්නා වූ අනෙක් මිනිස්සු, පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින්ම විලාප කියත්. යම් මිනිසෙක් භෝග සම්පත් ලබාගෙන තමනුත් අනුභව නො කරන්නේ ද? පිනකුත් නො කරන්නේද?
“තෙ ඛුප්පිපාසූපගතා පරත්ථ, පච්ඡා චිරං ඣායරෙ ඩය්හමානා; කම්මානි කත්වාන දුඛුද්රානි, අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානි.
83. ඒ සත්ත්වයෝ දුක්විපාක ගෙන දෙන පව්කම් කොට පරලොවෙහි දී සා පිපාසාවෙන් මඩනා ලදුව ප්රේතයෝව බොහෝ කලක් මුළුල්ලෙහි දුක් ගිනිවලින් දැවෙමින් දැවෙත්, අනිෂ්ට විපාක වූ පව්කම් කොට දුක අනුභව කරත්.
“ඉත්තරඤ්හි ධනං ධඤ්ඤං, ඉත්තරං ඉධ ජීවිතං; ඉත්තරං ඉත්තරතො ඤත්වා, දීපං කයිරාථ පණ්ඩිතො.
84. ධනධාන්‍ය වෙනස්වන සුළුය, විනාසවන සුළුය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතයත් කෙටි කාලිනය. නුවණැත්තේ ධනධාන්‍ය අනිත්‍යයයි දැන යහපත් දේ ම කරන්නේය.
“යෙ තෙ එවං පජානන්ති, නරා ධම්මස්ස කොවිදා; තෙ දානෙ නප්පමජ්ජන්ති, සුත්වා අරහතං වචො”ති. –
85. ධර්මයෙහි දක්ෂ වූ යම් මිනිසෙක් මේ කරුණු දනිත් ද? ඒ මිනිස්සු අර්හත් වූ බුද්ධාදීන්ගේ වචනය අසා දන් දීමෙහි පමා නො වෙත්.
පඤ්ච ගාථා අභාසිංසු.
තත්ථ න ධාතා හොමාති ධාතා සුහිතා තිත්තා න හොම. නච්ඡාදිම්හසෙති න රුච්චාම, න රුචිං උප්පාදෙම, න තං මයං අත්තනො රුචියා පිවිස්සාමාති අත්ථො. ඉච්චෙවාති එවමෙව. මච්චා පරිදෙවයන්තීති මයං විය අඤ්ඤෙපි මනුස්සා කතකිබ්බිසා පරිදෙවන්ති කන්දන්ති. අදායකාති අදානසීලා මච්ඡරිනො. යමස්ස ඨායිනොති යමලොකසඤ්ඤිතෙ යමස්ස ඨානෙ පෙත්තිවිසයෙ ඨානසීලා . යෙ තෙ විදිච්ච අධිගම්මභොගෙති යෙ තෙ සම්පති ආයතිඤ්ච සුඛවිසෙසවිධායකෙ භොගෙ වින්දිත්වා පටිලභිත්වා. න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤන්ති අම්හෙ විය සයම්පි න භුඤ්ජන්ති, පරෙසං දෙන්තා දානමයං පුඤ්ඤම්පි න කරොන්ති.
මෙහි න ධාතා හොමා - කා බී සම්පුර්ණයෙන් තෘප්තියට නො පැමිණෙන්නෙමු. නච්ඡා දිම්හ සෙ - රුචිකර නොවේ - අපේ රුචියෙන් අපි නො බොන්නෙමු. ඉච්චෙ වා - එසේම මච්චා පරිදෙවයන්ති - අපි වගේ අනෙක් මිනිස්සු කළ යුතු දේ නො කිරීමෙන් වැළපෙත් හඬත් අදායකා - නොදෙන පුද්ගලයා - මසුරු තැනැත්තා - යමස්ස ඨායිනො - ප්‍රේත ලෝකය පිළිබඳ හැඟීමෙන් ප්‍රේත විෂයෙහි, සිටින සුළු වූ, යෙ තෙ විදිත්වා අධිගම්ම භො ගෙ - යමෙක් දැන් මේ අත්බවෙහි විශේෂ සුවදායක භවභෝග සම්පත් ලැබේ, න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤං අප මෙන් තමනුත් භුක්ති නො විද, අනුන්ටත් නොදී, දානාදී පින්කම් ද නො කරන්නේ
තෙ ඛුප්පිපාසූපගතා පරත්ථාති තෙ සත්තා පරත්ථ පරලොකෙ පෙත්තිවිසයෙ ජිඝච්ඡාපිපාසාභිභූතා හුත්වා. චිරං ඣායරෙ ඩය්හමානාති ඛුදාදිහෙතුකෙන දුක්ඛග්ගිනා “අකතං වත අම්හෙහි කුසලං, කතං පාප”න්තිආදිනා වත්තමානෙන විප්පටිසාරග්ගිනා පරිඩය්හමානා ඣායන්ති, අනුත්ථුනන්තීති අත්ථො. දුඛුද්රානීති දුක්ඛවිපාකානි. අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානීති අනිට්ඨඵලානි පාපකම්මානි කත්වා චිරකාලං දුක්ඛං ආපායිකදුක්ඛං අනුභවන්ති.
තෙ ඛුප්පිපාසුපගතා පරත්ථා ඒ සත්ත්වයෝ පරලොව ප්‍රේත නිකායෙහි ඉපිද බඩසයින් හා දිය පිපාසයෙන් පීඩිත වී සිටිමින්, චිරං ඣායරෙ ඩය්හමානා - සාගිනි ආදී හේතුවෙන් දුක්ගිනි ඇවිලී අප විසින් කුසල් නො කරන ලදී, පව්කම් කරන ලදී ආදිය කියමින් පසුතැවිලි වෙමින් දැවෙමින් හඬත් ශෝකාතුර වචන කියමින් හඬත් යන අර්ථයි. දුඛුද්රයානි දුක් විපාක, අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානී අනිටු විපාක දෙන පාපකර්ම කොට බොහෝ කාලයක් අපාදුක් විදියි.
ඉත්තරන්ති න චිරකාලට්ඨායී, අනිච්චං විපරිණාමධම්මං. ඉත්තරං ඉධ ජීවිතන්ති ඉධ මනුස්සලොකෙ සත්තානං ජීවිතම්පි ඉත්තරං පරිත්තං අප්පකං. තෙනාහ භගවා – “යො චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො”ති (දී· නි· 2.91; සං· නි· 1.145; අ· නි· 7.74). ඉත්තරං ඉත්තරතො ඤත්වාති ධනධඤ්ඤාදිඋපකරණං මනුස්සානං ජීවිතඤ්ච ඉත්තරං පරිත්තං ඛණිකං න චිරස්සන්ති පඤ්ඤාය උපපරික්ඛිත්වා. දීපං කයිරාථ පණ්ඩිතොති සපඤ්ඤො පුරිසො දීපං අත්තනො පතිට්ඨං පරලොකෙ හිතසුඛාධිට්ඨානං කරෙය්ය. යෙ තෙ එවං පජානන්තීති යෙ තෙ මනුස්සා මනුස්සානං භොගානං ජීවිතස්ස ච ඉත්තරභාවං යාථාවතො ජානන්ති, තෙ දානෙ සබ්බකාලං නප්පමජ්ජන්ති. සුත්වා අරහතං වචොති අරහතං බුද්ධාදීනං අරියානං වචනං සුත්වා, සුතත්තාති අත්ථො. සෙසං පාකටමෙව.
ඉත්තරං බොහෝ කල් අනිත්‍ය වූ විපරිනාම ධර්ම, ඉත්තරං ඉධ ජීවන්ති - මෙහි මිනිස්ලොව සත්ත්වයන්ගේ ජීවිත ද ස්වල්ප කාලයක් පවතියි. ටික කලක් පවතියි. ඉතා කෙටි කලක් පවතී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන ලදී. යමෙක් බොහෝ කාලයක් ජීවත් වෙයිද ඒ අවුරුදු සියයක් වේ. එය ඉතා ටික කලකි. ඉත්තරං ඉතරොති ඤත්වා - ධන ධාන්‍ය දී උපකරණ ද, මිනිසුන්ගේ ජීවිත ද බොහෝ කලක් නො වන්නේය. සුළු කලක්, කෙටි කලක්, පවතී යයි ප්‍රඥාවෙන් සලකා බලා දීපං කයිරාථ පණ්ඩිතො ප්‍රඥාවන්ත පුද්ගලයා පරලොව ඇති සුව පිණිස වූ කුසල් කොට තමාම තමාට පිහිට කොට ගන්නේය. යෙ තෙ එවං පජානන්ති - යම්කිසි පුද්ගයෙක් තම ජීවිත කාලය ඉතා කෙටියයි යථා පරිද්දෙන් දැන ගන්නේ ද ඔහු සැම කල්හිම දන් දීම් ආදියෙහි අප්‍රමාදීවම කටයුතු කරයි. සුත්වා අරහතං වචො - අර්හත් වූ බුද්ධාදී ආර්යයන්ගේ වචන අසා යන අදහසයි. ඉතිරිය ප්රකටමැයි.
එවං තෙ පෙතා සාමණෙරෙන පුට්ඨා තමත්ථං ආචික්ඛිත්වා “මයං තුය්හං මාතුලමාතුලානියො”ති පවෙදෙසුං. තං සුත්වා සාමණෙරො සඤ්ජාතසංවෙගො උක්කණ්ඨං පටිවිනොදෙත්වා උපජ්ඣායස්ස පාදෙසු සිරසා නිපතිත්වා එවමාහ – “යං, භන්තෙ, අනුකම්පකෙන කරණීයං අනුකම්පං උපාදාය, තං මෙ තුම්හෙහි කතං, මහතා වතම්හි අනත්ථපාතතො රක්ඛිතො, න දානි මෙ ඝරාවාසෙන අත්ථො, අභිරමිස්සාමි බ්රහ්මචරියවාසෙ”ති. අථායස්මා සංකිච්චො තස්ස අජ්ඣාසයානුරූපං කම්මට්ඨානං ආචික්ඛි. සො කම්මට්ඨානං අනුයුඤ්ජන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. ආයස්මා පන සංකිච්චො තං පවත්තිං භගවතො ආරොචෙසි. සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය විත්ථාරෙන ධම්මං දෙසෙසි, සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ සමණේරයන් විසින් විචාරණ ලද ඒ ප්‍රේතයෝ මේ සියලු පවත් කියා “අපි ඔබ වහන්සේගේ නැන්දා හා මාමාවරුන් වෙමු”යි කීහ. එපවත් අසා සාමණේර තෙම උපන් සංවේග ඇතිව, කළකිරීම් පහකොට උපාධ්‍යායයන් වහසේගේ දෙපතුල් හිසින් වැඳ වැටී මෙසේ කීය. ස්වාමීනි! නුඹ වහන්සේ විසින් යම් අනුකම්පාවක් කළ යුතු වී ද? ඒ අනුකම්පාව නුඹ වහන්සේ විසින් කරුණාවෙන් මට කරන ලදි. ඒකාන්තයෙන් මහත් අනතුරකට වැටීමට සිටි මා එම දුකින් මුදවා රක්ෂා කරන ලද්දේ වෙමි. දැන් මට ගිහිගෙයින් ප්‍රයෝජන නැත. ශාසන බ්‍රහ්ම චරියාවෙහි මැනැවින් ඇලෙන්නෙමියි කීයේය. එකල්හි ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වහන්සේ ඔහුගේ අදහසට ගැලපෙන කර්මස්ථානයක් දෙසීය. හෙතෙම ඒ කර්මස්ථාන අනුව හැසිරෙන්නේ කමටහන් වඩන්නේ, නොබෝ කලකින්ම රහත් බවට පැමිණුනි. එම ප්‍රවෘත්තිය සංකිච්ච තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ ඒ කථාව අර්ථොත්පත්ති කොට පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. එම දේශනාව මහජනයාට සාර්ථක දේශනාවක් වූයේය.
නාගපෙතවත්ථුවණණනා නිට්ඨිතා.
නාගපේත වස්තු වර්ණනාව නිමියේය.