යෙදුමෙන් කියවන්න

12. උරගපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

12. උරගපෙතවත්‍ථුවණ‍්ණනා

12. උරග ප්‍රේතවස්තු වර්ණනාව

උරගොව තචං ජිණ‍්ණන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං උපාසකං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර අඤ‍්ඤතරස‍්ස උපාසකස‍්ස පුත‍්තො කාලමකාසි. සො පුත‍්තමරණහෙතු පරිදෙවසොකසමාපන‍්නො බහි නික‍්ඛමිත්‍වා කිඤ‍්චි කම‍්මං කාතුං අසක‍්කොන‍්තො ගෙහෙයෙව අට‍්ඨාසි. අථ සත්‍ථා පච‍්චූසවෙලායං මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො තං උපාසකං දිස‍්වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය තස‍්ස ගෙහං ගන‍්ත්‍වා ද‍්වාරෙ අට‍්ඨාසි. උපාසකො ච සත්‍ථු ආගතභාවං සුත්‍වා සීඝං උට‍්ඨාය ගන‍්ත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා ගෙහං පවෙසෙත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. උපාසකොපි භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. තං භගවා “කිං, උපාසක, සොකපරෙතො විය දිස‍්සතී”ති ආහ. “ආම, භගවා, පියො මෙ පුත‍්තො කාලකතො, තෙනාහං සොචාමී”ති. අථස‍්ස භගවා සොකවිනොදනං කරොන‍්තො උරගජාතකං (ජා· 1.5.19 ආදයො) කථෙසි.

“උරගො ව තචං ජිණ්ණං” ආදී ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන කල්හි එක්තරා උපාසකයකු අරභයා දේශනා කරන ලදී. සැවැත්නුවර එක්තරා උපාසකයකුගේ පුතෙක් කාලක්‍රියා කළේය. හේ පුතාගේ මරණය හේතුවෙන් හැඬීම් වැළපීම් වශයෙන් ශෝකයට පැමිණියේ, පිටත ගොස් කිසිදු කර්මාන්තයක් නො කරන්නේ ගෙයිම සිටියේය. ශාස්තෲන් වහන්සේ අළුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලෝකය දෙස බලන්නේ ඒ උපාසකයා දැක පෙරවරු කාලයෙහි පා සිවුරු ගෙන ඔහුගේ ගෙදරට ගොස් දොරකඩ සිටියේය. උපාසක තෙමේ ශාස්තෲන් වහන්සේ වැඩම වූ බව අසා වහා නැගිට ගොස් පෙරගමන් කොට අතින් පා සිවුරු ගෙන ගෙට වැඩමවා ආසනයක් පනවා දුන්නේය. පනවන ලද ආසනයෙහි බුදුන් වහන්සේ අසුන්ගත් පසුව උපාසකයා භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ, ඇයිද උපාසකය ශෝකයෙන් පිඩිත වී වාගේ පෙනේ යයි කීහ. එසේය ස්වාමීනි! මාගේ ප්‍රිය මනාප වූ පුතා කළුරිය කළේය. ඒ ශෝකයෙන් පීඩිත වී සිටිමියි උපාසකයා කීහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ශෝකය දුරුකරමින් උරග ජාතකය වදාළහ.

අතීතෙ කිර කාසිරට‍්ඨෙ බාරාණසියං ධම‍්මපාලං නාම බ්‍රාහ‍්මණකුලං අහොසි. තත්‍ථ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණී පුත‍්තො ධීතා සුණිසා දාසීති ඉමෙ සබ‍්බෙපි මරණානුස‍්සතිභාවනාභිරතා අහෙසුං. තෙසු යො ගෙහතො නික‍්ඛමති, සො සෙසජනෙ ඔවදිත්‍වා නිරපෙක‍්ඛොව නික‍්ඛමති. අථෙකදිවසං බ්‍රාහ‍්මණො පුත‍්තෙන සද‍්ධිං ඝරතො නික‍්ඛමිත්‍වා ඛෙත‍්තං ගන‍්ත්‍වා කසති. පුත‍්තො සුක‍්ඛතිණපණ‍්ණකට‍්ඨානි ආලිම‍්පෙති. තත්‍ථෙකො කණ‍්හසප‍්පො ඩාහභයෙන රුක‍්ඛසුසිරතො නික‍්ඛමිත්‍වා ඉමං බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තං ඩංසි. සො විසවෙගෙන මුච‍්ඡිතො තත්‍ථෙව පරිපතිත්‍වා කාලකතො, සක‍්කො දෙවරාජා හුත්‍වා නිබ‍්බත‍්ති. බ්‍රාහ‍්මණො පුත‍්තං මතං දිස‍්වා කම‍්මන‍්තසමීපෙන ගච‍්ඡන‍්තං එකං පුරිසං එවමාහ – “සම‍්ම, මම ඝරං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණිං එවං වදෙහි ‘න‍්හායිත්‍වා සුද‍්ධවත්‍ථනිවත්‍ථා එකස‍්ස භත‍්තං මාලාගන්‍ධාදීනි ච ගහෙත්‍වා තුරිතං ආගච‍්ඡතූ’ති”. සො තත්‍ථ ගන‍්ත්‍වා තථා ආරොචෙසි, ගෙහජනොපි තථා අකාසි. බ්‍රාහ‍්මණො න‍්හත්‍වා භුඤ‍්ජිත්‍වා විලිම‍්පිත්‍වා පරිජනපරිවුතො පුත‍්තස‍්ස සරීරං චිතකං ආරොපෙත්‍වා අග‍්ගිං දත්‍වා දාරුක‍්ඛන්‍ධං ඩහන‍්තො විය නිස‍්සොකො නිස‍්සන‍්තාපො අනිච‍්චසඤ‍්ඤං මනසි කරොන‍්තො අට‍්ඨාසි.

ඈත අතීතයෙහි කසීරට බරණැස් නුවර ධර්මපාල නම් බමුණු පවුලක් විය. එහි බ්‍රාහ්මණයා හා බැමිණිය ද, පුත්‍රයා දුවණිය ද, ලේලිය හා දාසිය ද යන මේ සියල්ලෝ මරණානුස්මෘති භාවනාවෙහි ඇලුණේ වූහ. ඔවුන් අතුරෙන් යම් කෙනෙක් ගෙයින් පිටත යේ ද එතෙම සෙසු අයට අවවාද කොට ආලය නැතුවම නික්ම යයි. එකල්හි එක් දවසක් බ්‍රාහ්මණයා පුත්‍රයා සමග ගෙදරින් පිටත්ව කුඹුරට ගොස් සී සෑම කරයි. පුත්‍රයා වියලි තණකොළ ගිනි දල්වමින් සිටියේය. එතැන්හි ගසක සිටි නාගයෙක් දැවිල්ල නිසා ඇති වූ බියෙන් රුක් සිදුරෙන් නික්ම විත් මේ බ්‍රාහ්මණ පුත්‍රයා දෂ්ට කළේය. ඒ බමුණු කුමරා විෂ වේගයෙන් මුසපත්ව එතැනම වැටී කළුරිය කළේය. ඔහු ශක්‍ර දිව්‍ය රාජයා වී දෙව්ලොව උපන්නේය. බ්‍රාහ්මණයා පුතා මළ බැව් දැන, කුඹුර සමීපයෙන් යන මිනිසෙකුට කථාකොට මෙසේ කීය. යහළුව! මගේ ගෙදරට ගොස් බැමිණියට මෙසේ කියව ස්නානය කොට, පිරිසිදු ඇදුම් ඇඳ එකෙකුට බත් හා මල් මාලා සුවඳ ආදිය ගෙන එන්නැයි” කියව ඒ මගියා ද එහි ගොස් බැමිණියට එසේ කීයේය. ගෙදර පවුලේ උදවිය ද එසේ කළේය. බ්‍රාහ්මණයා දිය නා බත් කා, සුවඳ ගල්වා පිරිවර ජනයා විසින් පිරිවරන ලදුව පුතණුවන්ගේ මළ සිරුර දර සෑයට නංවා ගිනි දල්වා දර කඩක් දවන්නාක් මෙන්, ශෝක නැතිව සන්තාපයක් නැතිව අනිත්‍යය යන හැඟීම මෙනෙහි කරමින් සිටියේය.

අථ බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො සක‍්කො හුත්‍වා නිබ‍්බත‍්ති, සො ච අම‍්හාකං බොධිසත‍්තො අහොසි. සො අත‍්තනො පුරිමජාතිං කතපුඤ‍්ඤඤ‍්ච පච‍්චවෙක‍්ඛිත්‍වා පිතරං ඤාතකෙ ච අනුකම‍්පමානො බ්‍රාහ‍්මණවෙසෙන තත්‍ථ ආගන‍්ත්‍වා ඤාතකෙ අසොචන‍්තෙ දිස‍්වා “අම‍්භො, මිගං ඣාපෙථ, අම‍්හාකං මංසං දෙථ, ඡාතොම‍්හී”ති ආහ. “න මිගො, මනුස‍්සො බ්‍රාහ‍්මණා”ති ආහ. “කිං තුම‍්හාකං පච‍්චත්‍ථිකො එසො”ති? “න පච‍්චත්‍ථිකො, උරෙ ජාතො ඔරසො මහාගුණවන‍්තො තරුණපුත‍්තො”ති ආහ. “කිමත්‍ථං තුම‍්හෙ තථාරූපෙ ගුණවති තරුණපුත‍්තෙ මතෙ න සොචථා”ති? තං සුත්‍වා බ්‍රාහ‍්මණො අසොචනකාරණං කථෙන‍්තො –

එකල්හි (මියගිය) බ්‍රාහ්මණ පුත්‍රයා ශක්‍රයා වී උපන හෙතෙම අපගේ බෝධිසත්ත්වයන් විය. හෙතෙම තමන් විසින් පෙර ආත්ම භාවයෙහි කරන ලද පින් කවරේදැයි නුවණින් සිතා බලන්නේ, පියාට ද නෑයන්ට ද අනුකම්පා කොට බමුණකුගේ ස්වරූපයෙන් ඒ චිතකස්ථානයට ගොස් ශෝක නොකරන නෑයින් දැක, පින්වත්නි ඔබලා “මුවෙක් දවන්නේ ද” මම ද බඩගිනි ඇත්තෙක්මි මට ද මස් ටිකක් දෙන්න යයි කීය. බමුණ මේ මුවෙක් නොවේ, මනුෂ්‍යයෙකියි බ්‍රාහ්මණයා කීය. කිමෙක් ද මේ දවන තැනැත්තා ඔබලාගේ සතුරෙක් ද? නැත, සතුරෙක් නොවේ. අපගේ එකම ඖරස පුත්‍රයා වූ මහා ගුණවත් තරුණ පුතා යයි කීය. එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි නුඹලා කුමක් නිසා ශෝක නො කරව් දැයි විචාළේය. එය අසා බ්‍රාහ්මණයා ශෝක නො කිරීමට කරුණු කියමින්

“උරගොව තචං ජිණ‍්ණං, හිත්‍වා ගච‍්ඡති සං තනුං; එවං සරීරෙ නිබ‍්භොගෙ, පෙතෙ කාලකතෙ සති.

86. සර්පයා දිරුණා වූ තම සම (හැව) සිරුරෙන් හැර දමා යන්නේ ද? එපරිද්දෙන් ශරීරය නිරර්ථක වූ කල්හි, පහවූ කල්හි කළුරිය කළ කල්හි

“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස‍්මා එතං න රොදාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. –

87. දවන්නාවූ මළ සිරුර නෑයින්ගේ හැඬීම නො දනී. එහෙයින් මේ දරුවා නිමිති කොට නො හඬමි. හෙතෙම ඔහුගේ යම් ගමනක් කැමති වී ද? (කර්මානුරූපව) එයට පැමිණියේය

ද‍්වෙ ගාථා අභාසි.

යන ගාථා දෙක කීය.

තත්‍ථ උරගොති උරෙන ගච‍්ඡතීති උරගො. සප‍්පස‍්සෙතං අධිවචනං. තචං ජිණ‍්ණන‍්ති ජජ‍්ජරභාවෙන ජිණ‍්ණං පුරාණං අත‍්තනො තචං නිම‍්මොකං. හිත්‍වා ගච‍්ඡති සං තනුන‍්ති යථා උරගො අත‍්තනො ජිණ‍්ණතචං රුක‍්ඛන‍්තරෙ වා කට‍්ඨන‍්තරෙ වා මූලන‍්තරෙ වා පාසාණන‍්තරෙ වා කඤ‍්චුකං ඔමුඤ‍්චන‍්තො විය සරීරතො ඔමුඤ‍්චිත්‍වා පහාය ඡඩ‍්ඩෙත්‍වා යථාකාමං ගච‍්ඡති, එවමෙව සංසාරෙ පරිබ‍්භමන‍්තො සත‍්තො පොරාණස‍්ස කම‍්මස‍්ස පරික‍්ඛීණත‍්තා ජජ‍්ජරීභූතං සං තනුං අත‍්තනො සරීරං හිත්‍වා ගච‍්ඡති, යථාකම‍්මං ගච‍්ඡති, පුනබ‍්භවවසෙන උපපජ‍්ජතීති අත්‍ථො. එවන‍්ති ඩය‍්හමානං පුත‍්තස‍්ස සරීරං දස‍්සෙන‍්තො ආහ. සරීරෙ නිබ‍්භොගෙති අස‍්ස විය අඤ‍්ඤෙසම‍්පි කායෙ එවං භොගවිරහිතෙ නිරත්‍ථකෙ ජාතෙ. පෙතෙති ආයුඋස‍්මාවිඤ‍්ඤාණතො අපගතෙ. කාලකතෙ සතීති මතෙ ජාතෙ. තස‍්මාති යස‍්මා ඩය‍්හමානො කායො අපෙතවිඤ‍්ඤාණත‍්තා ඩාහදුක‍්ඛං විය ඤාතීනං රුදිතං පරිදෙවිතම‍්පි න ජානාති, තස‍්මා එතං මම පුත‍්තං නිමිත‍්තං කත්‍වා න රොදාමි. ගතො සො තස‍්ස යා ගතීති යදි මතසත‍්තා න උච‍්ඡිජ‍්ජන‍්ති, මතස‍්ස පන කතොකාසස‍්ස කම‍්මස‍්ස වසෙන යා ගති පාටිකඞ‍්ඛා, තං චුතිඅනන‍්තරමෙව ගතො, සො න පුරිමඤාතීනං රුදිතං පරිදෙවිතං වා පච‍්චාසීසති, නාපි යෙභුය්‍යෙන පුරිමඤාතීනං රුදිතෙන කාචි අත්‍ථසිද‍්ධීති අධිප‍්පායො.

එහි උරගො - බඩ ගා ගෙන යන්නේ නුයි උරග නම්, මේ සර්පයා යන වචනය තචං ජිණ්ණං - යනු ජරා බවට පැමිණි, දිරීම් බවට පැමිණි පරණ වූ තමාගේ භාවය. හිත්‍වා ගච්ඡති සං තනු - යම්සේ සර්පයා තමන්ගේ දිරාගිය සම දුක් උපදවන්නේ, රුක් අතරෙහි හෝ දර දඬු අතරෙහි හෝ, මුල් අතරෙහි හෝ, ගල් අතරෙහි හෝ, සැට්ටයක් ගලවා දමන්නාක් මෙන්, ශරීරයෙන් මුදා හැර, ඉවත දමා කැමති පරිද්දෙකින් යයි. මෙසේ මෙම සංසාරයෙහි සැරිසරන සත්ත්වයෝ, තමාගේ පැරණි කර්මයන් ගෙවී ගිය කල්හි ජරාවට පත්වූ තමාගේ සිරුර හැර යයි. කර්මානුරූපව ගමන් කරයි. පුනර්භව වශයෙන් උපදී යන අර්ථයි. එවං යනු දවනු ලබන්නා වූ පුතාගේ ශරිරය දක්වමින් කීහ. සරීරෙ නිබ්භොගෙ - මොහුගේ මෙන්ම අන්‍යයන්ගේ ද ශරිරයන් ද අයිතියක් නැති ව නිරර්ථක වූ කල්හි පෙතෙ- ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය, යන මේ තුන ශරීරයෙන් පහව ගිය කල්හි, කාලක තෙ සති මළ කල්හි, තස්මා යම් හෙයකින් දවන්නා වූ ශරීරයෙහි විඤ්ඤාණය පහව ගිය බැවින් දැවීමේ දුකක් හෝ, ප්‍රිය ඤාතීන් නැසීමක් වැළපීමක් හෝ නො දනියි. එහෙයින් මගේ පුත්‍රයා අරමුණු කොට නො හඬමි. ගතො සො තස්ස යා ගති යම් හෙයකින් කළුරිය කල පුද්ගලයා කරන ලද කර්මයන්ගේ අවකාශය පරිදි යම් ගතියක් යම් ගමනක් කැමති වී ද? චුති චිත්තයටම අනතුරුව එහි ගියේය. පෙර ඤාතීන්ගේ හැඬීමක් වැළපීමක් පසුතැවිල්ලක් හෝ නො දනී. පූර්ව ඤාතීන් බොහෝසෙයින් හැඬිමෙන් වැළපීමෙන් කවර අර්ථ සිද්ධියක් වේ ද යන අදහසයි.

එවං බ්‍රාහ‍්මණෙන අත‍්තනො අසොචනකාරණෙ කථිතෙ පරියායමනසිකාරකොසල‍්ලෙ පකාසිතෙ බ්‍රාහ‍්මණරූපො සක‍්කො බ්‍රාහ‍්මණිං ආහ – “අම‍්ම, තුය‍්හං සො මතො කිං හොතී”ති? “දස මාසෙ කුච‍්ඡිනා පරිහරිත්‍වා ථඤ‍්ඤං පායෙත්‍වා හත්‍ථපාදෙ සණ‍්ඨපෙත්‍වා සංවඩ‍්ඪිතො පුත‍්තො මෙ, සාමී”ති. “යදි එවං පිතා තාව පුරිසභාවෙන මා රොදතු, මාතු නාම හදයං මුදුකං, ත්‍වං කස‍්මා න රොදසී”ති? තං සුත්‍වා සා අරොදනකාරණං කථෙන‍්තී –

මෙසේ බමුණා විසින් තමන්ගේ සිහි නුවණින් කල්පනා කිරීමේ දක්ෂතාව ප්‍රකාශ කළ කල්හි, බමුණු වෙස් ගත් ශක්‍රයා බැමිණියගෙන් මෙසේ ඇසීය. මෑණියනි ඒ මළ තැනැත්තා නුඹගේ කවරෙක් ද? දසමසක් කුසෙහි හොවා පරිහරණය කොට (ප්‍රසූතකොට) කිරි පොවා අත් පා හදා ලොකු මහත් කරන ලද මගේ පුතා යයි කීවාය. යම්කිසි හෙයින් පියා පුරුෂභාවයෙන් නො හඬනා වියහැකියි මවගේ හදවත මෘදුය. උණුවෙන සුළුය. කවර හෙයින් ඔබ නො හඬන්නි ද? එය අසා තමන් නො හඬනා කාරණ කියන්නී,

“අනබ‍්භිතො තතො ආගා, නානුඤ‍්ඤාතො ඉතො ගතො; යථාගතො තථා ගතො, තත්‍ථ කා පරිදෙවනා.

88. (පුර්ව ජන්මයෙහි සිටි) ඒ තැනින් නො කැදවන ලදුවම ආයේය. මෙලොවින් අනු නො දන්නා ලදුවම ගියේය. යම් ආකාරයකින් කර්මයකින් ආවේ ද? එපරිද්දෙන්ම ගියේය. එහිදී හැඬීමෙන් කවර අර්ථයක්ද?

“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස‍්මා එතං න රොදාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. –

89. දවන්නා වූ ශරීරය ඤාතීන්ගේ හැඬීමක් වැළපීමක් නො දනී. එහෙයින් පුතා නිමිතිකොට නො හඬමි. හෙතෙම යම් ගමනක් කැමති වී ද? ඒ ගමන ගියේය යන ගාථා දෙක කීහ.

ගාථාද‍්වයමාහ. තත්‍ථ අනබ‍්භිතොති අනව‍්හාතො, “එහි මය‍්හං පුත‍්තභාවං උපගච‍්ඡා”ති එවං අපක‍්කොසිතො. තතොති යත්‍ථ පුබ‍්බෙ ඨිතො, තතො පරලොකතො. ආගාති ආගඤ‍්ඡි. නානුඤ‍්ඤාතොති අනනුමතො, “ගච‍්ඡ, තාත, පරලොක”න‍්ති එවං අම‍්හෙහි අවිස‍්සට‍්ඨො. ඉතොති ඉධලොකතො. ගතොති අපගතො. යථාගතොති යෙනාකාරෙන ආගතො, අම‍්හෙහි අනබ‍්භිතො එව ආගතොති අත්‍ථො. තථා ගතොති තෙනෙවාකාරෙන ගතො. යථා සකෙනෙව කම‍්මුනා ආගතො, තථා සකෙනෙව කම‍්මුනා ගතොති. එතෙන කම‍්මස‍්සකතං දස‍්සෙති. තත්‍ථ කා පරිදෙවනාති එවං අවසවත‍්තිකෙ සංසාරපවත‍්තෙ මරණං පටිච‍්ච කා නාම පරිදෙවනා, අයුත‍්තා සා පඤ‍්ඤවතා අකරණීයාති දස‍්සෙති.

එහි අන්වහාතො නො කැඳවන ලදුව, එම මගේ පුතා බවට පැමිණේවයි අප විසින් නො කැඳවන ලදී. තතො ඔහු පෙර සිටි පරලොවින් මෙහි පැමිණියේය. ආගා ආයේය. අනනුඤ්ඤාතො - පුත තෝ පරලොව යවයි අප විසින් අනුමත නොකරන ලදී. ඉතො මේ ලෝකයෙන්, ගතො - වෙන්ව ගියේය, යථාගතො - යම් හේතුවකින් ආයේ ද? අප විසින් මෙහි එන්නැයි නො කියන ලද්දේම යන අර්ථය. තථාගතො - ඒ ආකාරයෙන්ම ගියේය. යම් සේ තමාගේම කර්මයෙන් ආවේ ද? එසේ ස්වකීය කර්මයෙන්ම ගියේය. මෙහි කර්මය තමා අයත් යයි දක්වත් තත්‍ථ කා පරිදෙවනා මෙසේ තමන් වසයෙහි නො පවත්නා වූ සංසාර ප්‍රවෘත්තියෙහි මරණය සඳහා කවර නම් විලාපයක් ද? නුවණැත්තන් විසින් එය නො කටයුතු අයුක්ති ධර්මයක් බව දක්වයි.

එවං බ්‍රාහ‍්මණියා වචනං සුත්‍වා තස‍්ස භගිනිං පුච‍්ඡි – “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “භාතා මෙ, සාමී”ති. “අම‍්ම, භගිනියො නාම භාතූසු සිනෙහා, ත්‍වං කස‍්මා න රොදසී”ති? සාපි අරොදනකාරණං කථෙන‍්තී –

මෙසේ බැමිණියගේ වචනය අසා ඔහුගේ සහෝදරියගෙන් විචාළේය. නැගණියනි! මේ මළ තැනැත්තා ඔබගේ කවරෙක් ද? ස්වාමීනී මගේ සහෝදරයාය. නැගණිය සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහුය. කවර හෙයින් ඔබ නො හඬන්නී ද

“සචෙ රොදෙ කිස‍්ස අස‍්සං, තත්‍ථ මෙ කිං ඵලං සියා; ඤාතිමිත‍්තසුහජ‍්ජානං, භිය්‍යො නො අරතී සියා.

90. මම හඬන්නේ නම් කෘශ වූ සරීර වෙමි. ඒ හැඩීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? නෑ මිතුරු සුහද පුද්ගලයන් කෙරෙහි ඇලීමම දුක් වන්නේය.

“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස‍්මා එතං න රොදාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. –

91. අදහස යට කියන ලදී.

ගාථාද‍්වයමාහ. තත්‍ථ සචෙ රොදෙ කිසා අස‍්සන‍්ති යදි අහං රොදෙය්‍යං, කිසා පරිසුක‍්ඛසරීරා භවෙය්‍යං. තත්‍ථ මෙ කිං ඵලං සියාති තස‍්මිං මය‍්හං භාතු මරණනිමිත‍්තෙ රොදනෙ කිං නාම ඵලං, කො ආනිසංසො භවෙය්‍ය? න තෙන මය‍්හං භාතිකො ආගච‍්ඡෙය්‍ය, නාපි සො තෙන සුගතිං ගච‍්ඡෙය්‍යාති අධිප‍්පායො. ඤාතිමිත‍්තසුහජ‍්ජානං, භිය්‍යො නො අරතී සියාති අම‍්හාකං ඤාතීනං මිත‍්තානං සුහදයානඤ‍්ච මම සොචනෙන භාතුමරණදුක‍්ඛතො භිය්‍යොපි අරති දුක‍්ඛමෙව සියාති.

එහි සචෙරොදෙ කිසා අස්ස - ඉදින් මම හඬන්නේ නම් වියළුණු කෘශ වූ ශරිර ඇති වන්නෙමි. තත්‍ථ මෙ කිං ඵලං සියා එහි මගේ සහෝදරයාගේ මරණය නිමිත්තෙන් හැඬිමෙන් කවර ඵලයෙක් ද? කවර යහපතක් ද? මගේ හැඬීමෙන් නැවත ඔහු නො එන්නේය. ඒ හේතුවෙන් ඔහු සුගතියට ද නො පැමිණෙන්නේය යන අදහසයි. ඤාති මිත්ත සුභජ්ජානං භීය්‍යො නො අරතී සියා - අපගේ නෑ මිතු සහෘදයන්ට ද, මගේ ශෝක කිරිමෙන් සොහොයුරාගේ මරණ දුකෙන් බොහෝසෙයින් කළකිරීමේ දුක්ම ඇති වන්නේය.

එවං භගිනියා වචනං සුත්‍වා තස‍්ස භරියං පුච‍්ඡි – “තුය‍්හං සො කිං හොතී”ති? “භත‍්තා මෙ, සාමී”ති. “භද‍්දෙ, ඉත්‍ථියො නාම භත‍්තරි සිනෙහා හොන‍්ති, තස‍්මිඤ‍්ච මතෙ විධවා අනාථා හොන‍්ති, කස‍්මා ත්‍වං න රොදසී”ති? සාපි අත‍්තනො අරොදනකාරණං කථෙන‍්තී –

මෙසේ නැගණියගේ වචනය අසා ඔහුගේ භාර්යාවගෙන් විමසීය. මියගිය තැනැත්තා ඔබගේ කවරෙක් ද? ස්වාමීනි මගේ සැමියාය. සොහොයුරිය ස්ත්‍රීන් නම් ස්වාමී පුත්‍රයා කෙරෙහි ස්නේහ, ඇත්තෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නීය. අනාථ වන්නීය. එසේ තිබියදී කවර හෙයකින් ඔබ නො හඬන්නී ද? එය අසා ඇය තමන් නො හඬන කරුණ කියන්නේ ගාථාවක් කීහ.

“යථාපි දාරකො චන්‍දං, ගච‍්ඡන‍්තමනුරොදති; එවංසම‍්පදමෙවෙතං, යො පෙතමනුසොචති.

92. යම්සේ ළදරුවෙක් අහසින් යන්නා වූ සඳ මඬල දැක හඬයි ද? යමෙක් කළුරිය කරන ලද කෙනෙකු වෙනුවෙන් ශෝක කරයි ද මේ දෙකම එක සමානය.

“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස‍්මා එතං න රොදාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. – ගාථාද‍්වයමාහ;

93. අදහස යට කියන ලදී.

තත්‍ථ දාරකොති බාලදාරකො. චන්‍දන‍්ති චන්‍දමණ‍්ඩලං. ගච‍්ඡන‍්තන‍්ති නභං අබ‍්භුස‍්සුක‍්කමානං. අනුරොදතීති “මය‍්හං රථචක‍්කං ගහෙත්‍වා දෙහී”ති අනුරොදති. එවංසම‍්පදමෙවෙතන‍්ති යො පෙතං මතං අනුසොචති, තස‍්සෙතං අනුසොචනං එවංසම‍්පදං එවරූපං, ආකාසෙන ගච‍්ඡන‍්තස‍්ස චන්‍දස‍්ස ගහෙතුකාමතාසදිසං අලබ‍්භනෙය්‍යවත්‍ථුස‍්මිං ඉච‍්ඡාභාවතොති අධිප‍්පායො.

එහි දාරකො - බාල දරුවෝ චන්‍දං - සඳමඩඬල, ගච්ඡන්තං - අහසෙහි ගමන් ගන්නා වූ අනුරොදති - මට කරත්තයක රෝදයක් සඳහා ගෙන දෙවයි හඬයි. එවං සම්පද මෙ වෙතං යම්කිසි කෙනෙක් මියගිය අය වෙනුවෙන් සෝක කරන්නේද? යමෙක් අහසෙහි ගමන් කරන්නා වූ සඳමඬල රිය සකකට ඉල්ලා හඬන්නේ ද ඒ දෙකම එක ස්ථානය (දෙදෙනම බාලයෝය) නො ලැබිය හැකි වස්තුන් පිළිබඳ ආශාව ඇති හෙයිනි.

එවං තස‍්ස භරියාය වචනං සුත්‍වා දාසිං පුච‍්ඡි – “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “අය්‍යො මෙ, සාමී”ති. “යදි එවං තෙන ත්‍වං පොථෙත්‍වා වෙය්‍යාවච‍්චං කාරිතා භවිස‍්සසි, තස‍්මා මඤ‍්ඤෙ ‘සුමුත‍්තාහං තෙනා’ති න රොදසී”ති? “සාමි, මා මං එවං අවච, න චෙතං අනුච‍්ඡවිකං , අතිවිය ඛන‍්තිමෙත‍්තානුද‍්දයාසම‍්පන‍්නො යුත‍්තවාදී මය‍්හං අය්‍යපුත‍්තො උරෙ සංවඩ‍්ඪපුත‍්තො විය අහොසී”ති. අථ “කස‍්මා න රොදසී”ති? සාපි අත‍්තනො අරොදනකාරණං කථෙන‍්තී –

මේ අන්දමට බිරිඳගේ වචන අසා දාසියගෙන් විචාළේය. නැගණියනි මියගිය තැනැත්තා ඔබගේ කවරෙක්ද? බමුණ ඔහු මගේ අයිතිකරුය (ස්වාමීනි) එසේනම් ඔහු මට දඬුවම් කළේය. මා ඔහුට වතාවත් කළේය. දැන් ඒ දෙකින්ම නිදහස් නිසා ගැළවීම නිසා ඔබ නො හඬන්නී ද? එසේ නො කියනු මැනවි. මගේ ස්වාමිපුත්‍රයා ඉවසීමෙන් ද මෛත්‍රියෙන් ද, දයාවෙන් ද යුත් අයෙකි. (ළෙහි වැඩුණු පුතකු වැනි විය) එසේ නම් ඔබ නො හඬන්නේ ඇයි? ඕ ද තමන් නො හඬන කාරණය පැහැදිලි කරමින් ගාථාවක් කීය.

“යථාපි බ්‍රහ‍්මෙ උදකුම‍්භො, භින‍්නො අප‍්පටිසන්‍ධියො; එවංසම‍්පදමෙවෙතං, යො පෙතමනුසොචති.

පින්වත් බමුණ. යම්සේ දිය කළයක් බිඳුණු විට එය නැවත නො සෑදිය හැකිය. එමෙන්ම යමෙක් කළුරිය කළ කෙනෙකු සදහා ශෝක කිරීම ද එසේමය.

“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස‍්මා එතං න රොදාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. –

[missing trans]

ගාථාද‍්වයමාහ. තත්‍ථ යථාපි බ්‍රහ‍්මෙ උදකුබ‍්භො, භින‍්නො අප‍්පටිසන්‍ධියොති බ්‍රාහ‍්මණ සෙය්‍යථාපි උදකඝටො මුග‍්ගරප‍්පහාරාදිනා භින‍්නො අප‍්පටිසන්‍ධියො පුන පාකතිකො න හොති. සෙසමෙත්‍ථ වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව.

එහි යථාපි බ්‍රහ්මෙ උදකුම්භො භින්නො අප්පටි සන්‍ධියො - බ්‍රාහ්මණය, පොල්ලකින් ගසා බිඳින ලද දිය කළයක් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කීරීමට නො හැකිවන්නේ යම්සේ ද? පරලොව ගිය කෙනෙකු වෙනුවෙන් හැඬීමෙන් ඔහු යළි නො ඒම ද එසේය. එය නිෂ්ඵලය.

සක‍්කො තෙසං කථං සුත්‍වා පසන‍්නමානසො “සම‍්මදෙව තුම‍්හෙහි මරණස‍්සති භාවිතා, ඉතො පට‍්ඨාය න තුම‍්හෙහි කසිආදිකරණකිච‍්චං අත්‍ථී”ති තෙසං ගෙහං සත‍්තරතනභරිතං කත්‍වා “අප‍්පමත‍්තා දානං දෙථ, සීලං රක‍්ඛථ, උපොසථකම‍්මං කරොථා”ති ඔවදිත්‍වා අත‍්තානඤ‍්ච තෙසං නිවෙදෙත්‍වා සකට‍්ඨානමෙව ගතො. තෙපි බ්‍රාහ‍්මණාදයො දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්තා යාවතායුකං ඨත්‍වා දෙවලොකෙ උප‍්පජ‍්ජිංසු.

ශක්‍රයා ඔවුන්ගේ ධර්ම කථා අසා පැහැදුණු සිත් ඇත්තේ, මිත්‍රවරුනි ඔබලා මරණානුස්මෘතිය මැනවින් පුහුණු කරන ලද්දාහුය. මෙතැන් පටන් ඔබලා විසින් කෘෂිකර්මා දී කිසිවක් නො කළ යුතුය කියා ඔවුන් ගෙය සත්රුවනින් පුරවා, ප්‍රමාද නොවී දන් දෙව්, සිල් රකිවු. පෙහෙවස් සමාදන්ව රකිව් යයි අවවාද කොට, තමන් කවුදැයි ඔවුන්ට හඳුන්වා දී සිය ශක්‍රබවණටම ගියේය. ඒ බ්‍රාහ්මණාදීහු ද දානාදී පින්කම් කොට ආයු ඇති පමණ සිට දෙව්ලොව උපන්නාහුය.

සත්‍ථා ඉමං ජාතකං ආහරිත්‍වා තස‍්ස උපාසකස‍්ස සොකසල‍්ලං සමුද‍්ධරිත්‍වා උපරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහීති.

ශාස්තෲන් වහන්සේ මේ කථාව ගෙන හැර දක්වා, උපාසකයාගේ ශෝක නමැති හුල සහමුලින් උදුරා දමා, චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. සිව්සස් දේශනාවගේ අවසානයෙහි උපාසක තෙම සෝවාන් පෙළෙහි පිහිටියේය.

උරගපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

උරග ජාතක වස්තු වර්ණනාව නිමියේය.

ඉති ඛුද‍්දක-අට‍්ඨකථාය පෙතවත්‍ථුස‍්මිං ද‍්වාදසවත්‍ථුපටිමණ‍්ඩිතස‍්ස පඨමස‍්ස උරගවග‍්ගස‍්ස අත්‍ථසංවණ‍්ණනා නිට‍්ඨිතා.

කතා වත්‍ථු දොළසකින් යුත් උරග වර්ගයේ අර්ථ වර්ණනාව නිමියේය.