1. සංසාරමොචකපෙතිවත්ථුවණ්ණනා අට්ඨකථා
1. සංසාරමොචකපෙතිවත්ථුවණ්ණනා
1. සංසාරමොචක ප්‍රෙතවස්තු වර්ණනාව
නග්ගා දුබ්බණ්ණරූපාසීති ඉදං සත්ථරි වෙළුවනෙ විහරන්තෙ මගධරට්ඨෙ ඉට්ඨකවතීනාමකෙ ගාමෙ අඤ්ඤතරං පෙතිං ආරබ්භ වුත්තං. මගධරට්ඨෙ කිර ඉට්ඨකවතී ච දීඝරාජි චාති ද්වෙ ගාමකා අහෙසුං, තත්ථ බහූ සංසාරමොචකා මිච්ඡාදිට්ඨිකා පටිවසන්ති. අතීතෙ ච කාලෙ පඤ්චන්නං වස්සසතානං මත්ථකෙ අඤ්ඤතරා ඉත්ථී තත්ථෙව ඉට්ඨකවතියං අඤ්ඤතරස්මිං සංසාරමොචකකුලෙ නිබ්බත්තිත්වා මිච්ඡාදිට්ඨිවසෙන බහූ කීටපටඞ්ගෙ ජීවිතා වොරොපෙත්වා පෙතෙසු නිබ්බත්ති.
“නග්ගා දුබ්බණ්ණ රූ පාසී” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වැඩ වාසය කරන කල්හි මගධ රට ඉට්ඨකාවතී නම් එක්තරා ප්‍රේතියක අරබයා වදාළ සේක. මගධ රට ඉට්ඨකාවතී ද දීඝරාජී ද කියා ගම් දෙකක් වූහ. එහි සංසාර මෝචක කුලයෙහි මිථ්‍යාදෘෂ්ටිකයෝ බොහෝදෙනෙක් වසති - අතීතකාලයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්‍රියක් ඒ ඉට්ඨකාවතී නම් ගමෙහි එක්තරා සංසාර මෝචක කුලයෙහි ඉපිද, මිථ්‍යාදෘෂ්ටි වශයෙන් බොහෝ පණුවන් හා පලගැටියන් මරා ප්‍රේතයන් අතර උපන්හ.
සා පඤ්ච වස්සසතානි ඛුප්පිපාසාදිදුක්ඛං අනුභවිත්වා අම්හාකං භගවති ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුක්කමෙන රාජගහං උපනිස්සාය වෙළුවනෙ විහරන්තෙ පුනපි ඉට්ඨකවතියංයෙව අඤ්ඤතරස්මිං සංසාරමොචකකුලෙයෙව නිබ්බත්තිත්වා යදා සත්තට්ඨවස්සුද්දෙසිකකාලෙ අඤ්ඤාහි දාරිකාහි සද්ධිං රථිකාය කීළනසමත්ථා අහොසි, තදා ආයස්මා සාරිපුත්තත්ථෙරො තමෙව ගාමං උපනිස්සාය අරුණවතීවිහාරෙ විහරන්තො එකදිවසං ද්වාදසහි භික්ඛූහි සද්ධිං තස්ස ගාමස්ස ද්වාරසමීපෙන මග්ගෙන අතික්කමති. තස්මිං ඛණෙ බහූ ගාමදාරිකා ගාමතො නික්ඛමිත්වා ද්වාරසමීපෙ කීළන්තියො පසන්නමානසා මාතාපිතූනං පටිපත්තිදස්සනෙන වෙගෙනාගන්ත්වා ථෙරං අඤ්ඤෙ ච භික්ඛූ පඤ්චපතිට්ඨිතෙන වන්දිංසු. සා පනෙසා අස්සද්ධකුලස්ස ධීතා චිරකාලං අපරිචිතකුසලතාය සාධුජනාචාරවිරහිතා අනාදරා අලක්ඛිකා විය අට්ඨාසි. ථෙරො තස්සා පුබ්බචරිතං ඉදානි ච සංසාරමොචකකුලෙ නිබ්බත්තනං ආයතිඤ්ච නිරයෙ නිබ්බත්තනාරහතං දිස්වා “සචායං මං වන්දිස්සති, නිරයෙ න උප්පජ්ජිස්සති, පෙතෙසු නිබ්බත්තිත්වාපි මමංයෙව නිස්සාය සම්පත්තිං පටිලභිස්සතී”ති ඤත්වා කරුණාසඤ්චොදිතමානසො තා දාරිකායො ආහ – “තුම්හෙ භික්ඛූ වන්දථ, අයං පන දාරිකා අලක්ඛිකා විය ඨිතා”ති. අථ නං තා දාරිකා හත්ථෙසු පරිග්ගහෙත්වා ආකඩ්ඪිත්වා බලක්කාරෙන ථෙරස්ස පාදෙ වන්දාපෙසුං.
ඒ ප්‍රේතිය වසර පන්සියයක් මුළුල්ලේ සා පිපාසාදී දුක් අනුභව කොට, අපගේ බුදුන් ලොව පහළ වී පවත්වන ලද උතුම් දම්සක් ඇතිව, පිළිවෙළින් රජගහනුවර ඇසුරු කොට වේළුවනාරාමයෙහි වැඩ වසන කල්හි, නැවතත් ඉට්ඨකාවතී නුවර සංසාරමෝචක කුලයකම ඉපිද සත් අට හැවිරිදි වයස් කාලයේ අනෙක් දැරියන් සමග පාර තොටේ සෙල්ලම් කිරිමට සමත් වී ද? එකල්හි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ඒ ගමම ඇසුරු කොට අරුනවතී විහාරයෙහි වාසය කරන සේක, එක් දවසක් දොළොස් නමක් භික්ෂූන් සමග, ඒ ගම්දොර සමීපයෙන් වඩින සේක. එකෙණෙහි බොහෝ ගම්දැරියෝ ගමින් නික්ම ගම්දොර සමීපයෙහි ක්‍රීඩා කරන්නේ ප්‍රසන්න මනසින් යුතුව මව්පියන්ගේ පිළිවෙත් දැකීමෙන් යුහුව ගොස් සැරියුත් තෙරුන් හා අනෙක් භික්ෂූන් පසඟ පිහිටුවා වැන්දාහුය. සැදැහැනැති කුලයෙහි උපන් ළමයා බොහෝ කලක් කුසල් පුරුදු නො කළ බැවින් ද, යහපත් ජනයාගේ සිරිත් විරිත් නැති බැවින් ද, ආදර රහිතව, නො හික්මුණු තැනැත්තියක් මෙන් සිටියාය. තෙරුන් වහන්සේ ඇගේ පූර්ව චරිතය ද දැන් සංසාර මෝචක කුලයෙහි ඉපදීම ද නැවත මතු කාලයෙහි අපායෙහි උපදින්නට සුදුසු තැනැත්තියක් බව ද, දැක, ඉදින් ඕ ද මා වඳින්නේ නම් නිරයෙහි නූපදින බව ද, ප්‍රේතියක වසයෙන් ඉපදුනත් තමන් නිසාම සම්පත් ලබන්නේ යයි දැන, කරුණා පෙරදැරි සිතින් ඒ ළදැරියන්ට මෙසේ වදාළහ. “තෙපි භික්ෂූන් වදිව්. මේ දැරිය වනාහි නො හික්මුණු දැරියක් සේ සිටියායයි කීහු. එවිට අනෙක් දැරිවියෝ ඈ අතින් අල්වා ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් තෙරුන්ගේ පා වැන්දවුහ.
සා අපරෙන සමයෙන වයප්පත්තා දීඝරාජියං සංසාරමොචකකුලෙ අඤ්ඤතරස්ස කුමාරස්ස දින්නා පරිපුණ්ණගබ්භා හුත්වා කාලකතා පෙතෙසු උප්පජ්ජිත්වා නග්ගා දුබ්බණ්ණරූපා ඛුප්පිපාසාභිභූතා අතිවිය බීභච්ඡදස්සනා විචරන්තී රත්තියං ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස අත්තානං දස්සෙත්වා එකමන්තං අට්ඨාසි. තං දිස්වා ථෙරො –
ඕතොමෝ වැඩිවිය පැමිණ දීඝ රාජි නම් සංසාරමෝචක කුලයේ එක්තරා කුමාරයකුට විවාහ කොට දෙන ලදුව, පිරුණු ගැබ ඇතිව කළුරිය කරන ලදී, ප්‍රේත යෝනියේ ඉපදී නග්නව දුර්වර්ණව, සා පිපාසා දෙකින් මඩනා ඉතා බියකරු දැකුමෙන් යුතුව ඇවිදින්නී, රාත්‍රි කාලයෙහි ආයුෂ්මත් ශාරි පුත්‍ර ස්ථවිරයන්ට පෙනෙන සේ එකත්පස්ව සිටියාය. සැරියුත් හාමුදුරුවන් වහන්සේ ඒ ප්‍රේතිය දැක ගාථාවකින් මෙසේ ඇසීය.
“නග්ගා දුබ්බණ්ණරූපාසි, කිසා ධමනිසන්ථතා; උප්ඵාසුලිකෙ කිසිකෙ, කා නු ත්වං ඉධ තිට්ඨසී”ති. –
1. උස්ව නැගුනු ඉල ඇට ඇතිව, කෘශ වූ තැනැත්තිය, නග්නව පිළිකුල් දනවන පැහැය ස්වභාව ඇතිව, ඉල්පී ගිය නහර වැල් ඇතිව, මෙහි සිටින තී කවරීද?
ගාථාය පුච්ඡි. තත්ථ ධමනිසන්ථතාති නිම්මංසලොහිතතාය සිරාජාලෙහි පත්ථතගත්තා. උප්ඵාසුලිකෙති උග්ගතඵාසුලිකෙ. කිසිකෙති කිසසරීරෙ. පුබ්බෙපි “කිසා”ති වත්වා පුන “කිසිකෙ”ති වචනං අට්ඨිචම්මන්හාරුමත්තසරීරතාය අතිවිය කිසභාවදස්සනත්ථං වුත්තං. තං සුත්වා පෙතී අත්තානං පවෙදෙන්තී –
එහි - ධමනිසන්ථතා - මස් ලේ නැති බැවින් නහර දැල් ප්රකටව පෙනෙන, උප්ඵාසුලිකෙ උස්ව නැගුණු ඉල ඇට, කිසිකෙ - කෙට්ටු වූ කෘශ වූ ශරීරය, පෙර “කිසා” යයි කියා නැවත “කිසිකෙ” යන වචනය - ඇට සම නහර පමණක් ඇති ශරීර ඇති බැවින් අතිශයින්ම කෙට්ටු බව දක්වන යන අර්ථය කියන ලදී. එය අසා ප්‍රේතිය තමාව හඳුන්වමින් ප්‍රකාශ කරන්නී.
“අහං භදන්තෙ පෙතීම්හි, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා”ති. –
2. ස්වාමීනි මම දුකට පැමිණියා වූ, යම ලෝකයයි කියන ලද ප්‍රේත අපායෙහි උපන්නා වූ, ප්‍රේත දුවක් වෙමි. පව්කම් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයට පැමිණියෙමි’යි
ගාථං වත්වා පුන ථෙරෙන –
කියා නැවත තෙරුන් වහන්සේ
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතා”ති. –
3. කයින් - සිතින් වචනින් කවර අකුශලයක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් ප්‍රේත ලෝකයේ ඉපදුනේ ද?
කතකම්මං පුට්ඨා “අදානසීලා මච්ඡරිනී හුත්වා පෙතයොනියං නිබ්බත්තිත්වා එවං මහාදුක්ඛං අනුභවාමී”ති දස්සෙන්තී තිස්සො ගාථා අභාසි –
කරන ලද කර්මය විචාරන ලදුව නො දෙන සුලුව, මසුරුකමින් යුක්ත වීම නිසා ප්‍රේත යෝනියෙහි ඉපිද මහත් දුක් අනුභව කරන බව දක්වන්නී.
“අනුකම්පකා මය්හං නාහෙසුං භන්තෙ, පිතා ච මාතා අථවාපි ඤාතකා; යෙ මං නියොජෙය්යුං දදාහි දානං, පසන්නචිත්තා සමණබ්රාහ්මණානං.
4. ස්වාමීනි පහන් සිත් ඇතිව මහණ බමුණන්ට දන් දෙවයි කියා අනුකම්පාවෙන් මට කියාදුන් මවක් හෝ පියෙක් හෝ නෑ කෙනෙක් හෝ වෙනත් අනුකම්පා කරන කෙනෙක් හෝ මට නො සිටියේය.
“ඉතො අහං වස්සසතානි පඤ්ච, යං එවරූපා විචරාමි නග්ගා; ඛුදාය තණ්හාය ච ඛජ්ජමානා, පාපස්ස කම්මස්ස ඵලං මමෙදං.
5. මෙබඳු වූ නග්නව බඩගින්නෙන් හා පිපාසයෙන් පෙළනු ලබමින්, මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුළුල්ලෙහි මම හැසිරෙම් ද? මාගේ පාපකර්මයාගේ විපාකය මෙය වේ.
“වන්දාමි තං අය්ය පසන්නචිත්තා, අනුකම්ප මං වීර මහානුභාව; දත්වා ච මෙ ආදිස යඤ්හි කිඤ්චි, මොචෙහි මං දුග්ගතියා භදන්තෙ”ති.
6. ආර්යයන් වහන්ස නුඹ වහන්සේ පහන් සිත් ඇතිව මම වඳිමි. මහත් ආනුභාව ඇති ධීරයන් වහන්ස මට අනුකම්පා කරනු මැනව. යම්කිසි දාන වස්තුවක් දී මට පින් දුන මැනව. ස්වාමීනි ගතියෙන් මා මුදනු මැනවි.
තත්ථ අනුකම්පකාති සම්පරායිකෙන අත්ථෙන අනුග්ගණ්හකා. භන්තෙති ථෙරං ආලපති. යෙ මං නියොජෙය්යුන්ති මාතා වා පිතා වා අථ වා ඤාතකා එදිසා පසන්නචිත්තා හුත්වා “සමණබ්රාහ්මණානං දදාහි දාන”න්ති යෙ මං නියොජෙය්යුං, තාදිසා අනුකම්පකා මය්හං නාහෙසුන්ති යොජනා.
එහි අනුකම්පකා- පරලොව දී ලැබෙන ඵලය සදහා උපකාර වුව මැනවි. භන්තෙ - තෙරුන් වහන්සේ ඇමතීමයි. යෙ මං නියොජෙය්යුං - මවක් හෝ පියෙක් හෝ - නැති නම් ඤාතියෙක් හෝ මෙබඳු පැහැදුණු සිතක් ඇතිව මහණ බමුණන්ට දන් දෙවයි, අනුකම්පාවෙන් මා යොදවන්නට කිසිවෙක් නො සිටියේය යන යෙදීමයි.
ඉතො අහං වස්සසතානි පඤ්ච, යං එවරූපා විචරාමි නග්ගාති ඉදං සා පෙතී ඉතො තතියාය ජාතියා අත්තනො පෙතත්තභාවං අනුස්සරිත්වා ඉදානිපි තථා පඤ්චවස්සසතානි විචරාමීති අධිප්පායෙනාහ. තත්ථ යන්ති යස්මා, දානාදීනං පුඤ්ඤානං අකතත්තා එවරූපා නග්ගා පෙතී හුත්වා ඉතො පට්ඨාය වස්සසතානි පඤ්ච විචරාමීති යොජනා. තණ්හායාති පිපාසාය. ඛජ්ජමානාති ඛාදියමානා, බාධියමානාති අත්ථො.
ඉතො අහං වස්සසතානි පඤ්ච යං එවරූපා විචරාමි නග්ගා මේ ප්‍රේතී තොමෝ මෙයින් තුන්වන ජාතියෙහි තමාගේ ප්‍රේත ආත්මභාවය සිහිකොට දැනුදු එසේම වසර පන්සීයයක් ගෙවන්ට වේදැයි යන සිතිවිල්ලෙන් ඇදහිල්ලෙන් සිටී. එහි - ය යනු යම් හෙයකින් දානාදී පිනක් නො කළ බැවින් මෙබඳු වූ නග්න වූ ස්ත්‍රියක්ව, මෙවක් පටන් වර්ෂ පන්සියයක් වසන්නට වේ දැයි විමසයි. තණහාසා - පිපාසය ඛජ්ජමානා - කනු කැමැත්තී බොනු කැමැත්තී යන අර්ථයි.
වන්දාමි තං අය්ය පසන්නචිත්තාති අය්ය, තමහං පසන්නචිත්තා හුත්වා වන්දාමි, එත්තකමෙව පුඤ්ඤං ඉදානි මයා කාතුං සක්කාති දස්සෙති. අනුකම්ප මන්ති අනුග්ගණ්හ මමං උද්දිස්ස අනුද්දයං කරොහි. දත්වා ච මෙ ආදිස යඤ්හි කිඤ්චීති කිඤ්චිදෙව දෙය්යධම්මං සමණබ්රාහ්මණානං දත්වා තං දක්ඛිණං මය්හං ආදිස, තෙන මෙ ඉතො පෙතයොනිතො මොක්ඛො භවිස්සතීති අධිප්පායෙන වදති. තෙනෙවාහ “මොචෙහි මං දුග්ගතියා භදන්තෙ”ති.
වන්දාමි තං අය්යපසන්න චිත්තා - ආර්යයන් වහන්ස සැදැහැ සිතින් මම ඔබ වඳින්නෙමි. මට දැන් කළහැකි එකම පුණ්‍යකර්මය එය පමණක් බව දක්වයි. අනුකම්පමං - අනුග්‍රහය දැක්වීම. මා උදෙසා දයාවෙන් කරුණාව දක්වනු මැනව. දත්වාචමෙ ආදිස්සයංහි කිඤ්චි - දීමට සුදුසු වූ කිසියම් දෙය්ය ධර්මයක් මහණ බමුණන්ට දී, ඒ දක්ෂිණාවේ, පින් මා සඳහා උදෙසන්න. ඒ පිණින් මේ ප්‍රේත ආත්මභාවයෙන් මිදී නිදහස් වන්නේය යන බලාපොරොත්තුව කියයි. එහෙයින් කීය. මොචෙහි මං දුග්ගතියා භවන්තෙ -
එවං පෙතියා වුත්තෙ යථා සො ථෙරො පටිපජ්ජි, තං දස්සෙතුං සඞ්ගීතිකාරෙහි තිස්සො ගාථා වුත්තා –
ප්‍රේතිය විසින් මෙසේ කී කල්හි සැරියුත් තෙරුන් වහන්සේ යම්සේ පිළිපැද්දේ ද එය දැක්වීම සංගීතිකාරකයෝ ගාථා තුනක් කීහ.
“සාධූති සො පටිස්සුත්වා, සාරිපුත්තොනුකම්පකො; භික්ඛූනං ආලොපං දත්වා, පාණිමත්තඤ්ච චොළකං; ථාලකස්ස ච පානීයං, තස්සා දක්ඛිණමාදිසි.
7. අනුකම්පා සිත් ඇති සාරිපුත්‍ර ස්ථවිරයෝ ඇගේ කීම මැනවැයි පිළිගෙන භික්ෂු නමකට එක්බත් පිඬක් ද, එක් රියනක් පමණ රෙදිකඩක් ද, එක් පැන් තැටියක් ද දී, ප්‍රේතියට දක්ෂිණාව දුන්නේය.
“සමනන්තරානුද්දිට්ඨෙ , විපාකො උදපජ්ජථ; භොජනච්ඡාදනපානීයං, දක්ඛිණාය ඉදං ඵලං.
8. ඇයට පින් පැමිණවීමෙන් අනතුරුවම දානයාගේ විපාක උපන්නේය. කෙබඳු විපාකයක් ද යත් නන් වැදෑරුම් දිව බොජුන්, සමාන භෝජන ද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍ර ද, නන් වර්ග පානවර්ග ද උපන්නේය.
“තතො සුද්ධා සුචිවසනා, කාසිකුත්තමධාරිනී; විචිත්තවත්ථාභරණා, සාරිපුත්තං උපසඞ්කමී”ති.
9. දිව්‍ය භෝජනාදිය ලැබුණු පසුව පිරිසිදු ශරීර ඇතිව, හඳිනා ලද පිරිසිදු වස්ත්‍ර ඇතිව, කසීසළුවලටත් වඩා උසස් සළු පැළඳ, සැරියුත් තෙරුන් වෙත එළඹි
තත්ථ භික්ඛූනන්ති භික්ඛුනො, වචනවිපල්ලාසෙන හෙතං වුත්තං. “ආලොපං භික්ඛුනො දත්වා”ති කෙචි පඨන්ති. ආලොපන්ති කබළං, එකාලොපමත්තං භොජනන්ති අත්ථො. පාණිමත්තඤ්ච චොළකන්ති එකහත්ථප්පමාණං චොළඛණ්ඩන්ති අත්ථො. ථාලකස්ස ච පානීයන්ති එකථාලකපූරණමත්තං උදකං. සෙසං ඛල්ලාටියපෙතවත්ථුස්මිං වුත්තනයමෙව.
භික්ඛූනං - භික්ෂුන් වහන්සේලා - වචන වෙනස්වීම් වසයෙන් කියන ලදී - ආලොපං භික්ඛුනො දත්වා - සමහර තැනක පාඨය ආලොපා - බත් පිඬක්, එක බත් ගුලියක් පාණි ම තතඤ්ච චොළකං - එක්රියනක් පමණ රෙදිකඩක් යන අර්ථයි. ඵාලකස්ස ච පානියං එක තැලියක් පිරෙන පමණක් පැන්, ඉතිරි කොටස “ඛල්ලාටිය ප්‍රේත වස්තුවේ” දැක්වූ පරිදිය.
අථායස්මා සාරිපුත්තො තං පෙතිං පීණින්ද්‍රියං පරිසුද්ධඡවිවණ්ණං දිබ්බවත්ථාභරණාලඞ්කාරං සමන්තතො අත්තනො පභාය ඔභාසෙන්තිං අත්තනො සන්තිකං උපගන්ත්වා ඨිතං දිස්වා පච්චක්ඛතො කම්මඵලං තාය විභාවෙතුකාමො හුත්වා තිස්සො ගාථා අභාසි –
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, පිනාගිය ඉඳුරන් ඇතිව පිරිසිදු ශරීර වර්ණයෙන් යුක්තව දිව්‍ය වස්ත්‍රවලින් සැරසී තමන්ගේ ශරීර වර්ණයෙන් හාත්පස බබුළවමින් තමන් වෙත පැමිණි ප්‍රේතිය දැක ඈ ලවා ප්රත්යක්ෂ වශයෙන් කර්ම ඵලය වර්ණනා කරනු කැමැත්තේ,
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
10. පින්වත් දෙවිදුව! යම්බඳු වූ ඒ විශිෂ්ට වූ ශරීර වර්ණයෙන් ඕසධී තරුව මෙන් සියළු දිසා බබුළුවමින් සිටින්නෙහිය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
11. කවර හේතුවකින් ඔබගේ මෙබඳු වර්ණයක් ඇති වී ද? කවර කුශල විපාකයකින් මේ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ද? සිත් පිනවන වස්තූපකරණ කෙසේ උපදිත් ද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
12. මහත් ආනුභාව ඇත්තිය! තිගෙන් විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කරන ලද්දී ද? කවර හේතුවකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තේ වී ද? තිගේ ශරීර වර්ණය දස දෙස බබුළුවයි.
තත්ථ අභික්කන්තෙනාති අතිමනාපෙන, අභිරූපෙනාති අත්ථො. වණ්ණෙනාති ඡවිවණ්ණෙන. ඔභාසෙන්තී දිසා සබ්බාති සබ්බාපි දස දිසා ජොතෙන්තී එකාලොකං කරොන්තී. යථා කින්ති ආහ “ඔසධී විය තාරකා”ති. උස්සන්නා පභා එතාය ධීයති, ඔසධානං වා අනුබලප්පදායිකාති කත්වා “ඔසධී”ති ලද්ධනාමා තාරකා යථා සමන්තතො ආලොකං කුරුමානා තිට්ඨති, එවමෙව ත්වං සබ්බදිසා ඔභාසෙන්තීති අත්ථො.
එහි අභික්කන්තෙන - ඉතා මනවඩන විශිෂ්ට රූපයක් යන අර්ථයි. වණ්ණෙන - සමෙහි වර්ණයෙන්, ඔභාසෙති දිසා සබ්බා - මුළු දස දිසාවම බබුළුවත් ඒකාලෝක කරයි. ඔසධී විය තාරකා ඉතා උසස් ප්රභාවත් ආලෝකයක් මොහුට ඇත්තේනුයි. මොහු දරනු ලැබේනුයි - ඖෂධයන් (සෙවීමට) අනුබල උපකාර දෙන නිසා ඕසධී නම්ලද තරුව යම්සේ හාත්පස ආලෝක කරමින් සිටී ද? එසේම ඔබ ද සියලු දස දිසාවන් බබළවත් යන අර්ථයි.
කෙනාති කිං-සද්දො පුච්ඡායං. හෙතුඅත්ථෙ චෙතං කරණවචනං, කෙන හෙතුනාති අත්ථො. තෙති තව. එතාදිසොති එදිසො, එතරහි යථාදිස්සමානොති වුත්තං හොති. කෙන තෙ ඉධ මිජ්ඣතීති කෙන පුඤ්ඤවිසෙසෙන ඉධ ඉමස්මිං ඨානෙ ඉදානි තයා ලබ්භමානං සුචරිතඵලං ඉජ්ඣති නිප්ඵජ්ජති. උප්පජ්ජන්තීති නිබ්බත්තන්ති. භොගාති පරිභුඤ්ජිතබ්බට්ඨෙන “භොගා”ති ලද්ධනාමා වත්ථාභරණාදිවිත්තූපකරණවිසෙසා. යෙ කෙචීති භොගෙ අනවසෙසතො බ්යාපෙත්වා සඞ්ගණ්හාති . අනවසෙසබ්යාපකො හි අයං නිද්දෙසො යථා “යෙ කෙචි සඞ්ඛාරා”ති. මනසො පියාති මනසා පියායිතබ්බා, මනාපියාති අත්ථො.
කෙනා - කිං ශබ්දය විචාරීමෙහිය. හේතු අර්ථයෙහි කරණ වචනයි. කවර හේතුවකින් ද යන අර්ථයි. තෙ - ඔබ එතාදිසො - මේ ආකාරයෙන් යම් සේ දක්නා ලැබේදැයි කියන ලදී. කෙන තෙ ඉධ මිජ්ඣති - කවර පුණ්‍ය විශේෂයකින් මෙහි ස්ථානයෙහි දැන් තී විසින් ලබන ලද යහපත් ප්‍රතිඵල සමෘද්ධ වී ද? නිපදවී ද? උප්පජ්ජන්තී - උපදිත් භොගා - පරිභෝග කටයුතු යන අර්ථයෙන් භෝග යයි නම් ලද සිත් පිනවන සියළු වස්ත්රාභරණ ආදිය යෙ කෙවි - යම් කිසිවක් යනු භෝගයන් ඉතිරි නොකොට වැයකොට සංග්‍රහණය කෙරේ යනුයි. කිසිවක් ඉතිරි නොකොට වැය කිරීම වනාහි මෙහි නිර්දේශිතයි. යම්සේ මේ සංස්කාරයෝ යනුයි. යෙකෙවි මනසො පියා - සිතින් ප්‍රිය කරන ලද දේ මනාපිය නම් වේ යන අර්ථයි.
පුච්ඡාමීති පුච්ඡං කරොමි, ඤාතුං ඉච්ඡාමීති අත්ථො. තන්ති ත්වං. දෙවීති දිබ්බානභාවසමඞ්ගිතාය, දෙවි. තෙනාහ “මහානුභාවෙ”ති. මනුස්සභූතාති මනුස්සෙසු ජාතා මනුස්සභාවං පත්තා. ඉදං යෙභුය්යෙන සත්තා මනුස්සත්තභාවෙ ඨිතා පුඤ්ඤානි කරොන්තීති කත්වා වුත්තං. අයමෙතායං ගාථානං සඞ්ඛෙපතො අත්ථො, විත්ථාරතො පන පරමත්ථදීපනියං විමානවත්ථුඅට්ඨකථායං වුත්තනයෙනෙව වෙදිතබ්බො.
පුච්ඡාමි - ප්‍රශ්න කරමි. දැන ගැනීමට කැමැත්තෙමි තං යනු ඔබ, දෙවී දිව්යනුභාවයෙන් යුක්ත වූයේ දෙවී - මහානුභාවයයි එහෙයින් කියන ලදී. මනුස්සභුතා මිනිසත් බව පතා මනුෂ්‍ය ලෝකයෙහි මිනිසුන් අතර ඉපදීම, මෙය බොහෝසයින් සත්ත්වයෝ මනුෂ්යත්මභාවයෙහි සිට පින් කරන්නේය යයි දැක්වීමට කියන ලදී. මේ වූ කලී ඒ ගාථාවන්ගේ සංක්ෂේප අර්ථයයි. විස්තර වශයෙන් පරමත්ථදීපනී නම් වූ විමානවත්ථු අට්ඨකථාවෙහි කියන ලද පරිද්දෙන් දත යුත්තේය.
එවං පුන ථෙරෙන පුට්ඨා පෙතී තස්සා සම්පත්තියා ලද්ධකාරණං පකාසෙන්තී සෙසගාථා අභාසි –
මෙ පරිද්දෙන් සැරියුත් තෙරුන් විසින් විමසන ලදුව ඒ ප්‍රේතී තොමෝ තමාගේ සම්පත්ති ලාභය පිණිස කාරණය ප්‍රකාශ කරමින් සෙසු ගාථා කියන ලදී.
“උප්පණ්ඩුකිං කිසං ඡාතං, නග්ගං සම්පතිතච්ඡවිං; මුනි කාරුණිකො ලොකෙ, තං මං අද්දක්ඛි දුග්ගතං.
13. ලෝකයෙහි කරුණා සම්පන්න වූ ස්ථවිරයන් වහන්සේ පඬුවන් වූ, කාශ වූ බඩසයින් පීඩිත වූ, නග්න වූ, සුන්බුන් සිරුරු සිවිය ඇති දුප්පත් වූ මා දුටුවේය.
“භික්ඛූනං ආලොපං දත්වා, පාණිමත්තඤ්ච චොළකං; ථාලකස්ස ච පානීයං, මම දක්ඛිණමාදිසි.
14. භික්ෂුන් වහන්සේ නමකට බත් පිඬක් ද, රියනක් පමණ රෙදිකඩක් ද, පැන්තලියක් ද දී මට පින් අනුමෝදන් කළේය.
“ආලොපස්ස ඵලං පස්ස, භත්තං වස්සසතං දස; භුඤ්ජාමි කාමකාමිනී, අනෙකරසබ්යඤ්ජනං.
15. බත් පිඬෙහි විපාකය බලනු මැනවි. කැමති විය යුතු වූ කාම සම්පතින් යුතුව, දහසක් අවුරුදු මුළුල්ලේ නොයෙක් රස මසවුලෙන් යුත්, දිව බොජුන් වළදමි.
“පාණිමත්තස්ස චොළස්ස, විපාකං පස්ස යාදිසං; යාවතා නන්දරාජස්ස, විජිතස්මිං පටිච්ඡදා.
16. රියනක් පමණ වූ රෙදි කඩෙහි විපාකය බලනු මැනවි. නන්ද රජුගේ රටෙහි යම් පමණ වස්ත්‍රයෝ වෙත් ද?
“තතො බහුතරා භන්තෙ, වත්ථානච්ඡාදනානි මෙ; කොසෙය්යකම්බලීයානි, ඛොමකප්පාසිකානි ච.
17. ස්වාමිනී! මට මේ කෝසෙය්‍ය වස්ත්‍ර හා කම්බිලි ද, කොමු පිළි හා කපු පිළි ද යන හඳනා පොරෝනා වස්ත්‍රයෝ, ඊට වඩා බොහෝ වෙති.
“විපුලා ච මහග්ඝා ච, තෙපාකාසෙවලම්බරෙ; සාහං තං පරිදහාමි, යං යඤ්හි මනසො පියං.
18. මහත් වූ ද මා හැඟි වූ ද, ඒ වස්ත්‍රයෝ අහසෙහිම එල්බෙත් ද ඒ මම යම් කිසි වස්ත්‍රයක් සිතට ප්‍රිය වේ නම් එය පරිභෝග කරමි.
“ථාලකස්ස ච පානීයං, විපාකං පස්ස යාදිසං; ගම්භීරා චතුරස්සා ච, පොක්ඛරඤ්ඤො සුනිම්මිතා.
19. පැන්තලියගේ විපාකය යම්බඳු ද? බලනු මැනවි ගැඹුරු වූ ද සතරැස් වූ ද, පොකුණු මනාව පහළ වූහ.
“සෙතොදකා සුප්පතිත්ථා, සීතා අප්පටිගන්ධියා; පදුමුප්පලසඤ්ඡන්නා, වාරිකිඤ්ජක්ඛපූරිතා.
20. සුදු වැල්ලෙන් ගැවසි ගත්තා වූ. යහපත් තොටුපල ඇති, සිහිල් ජලය ඇති, සුවඳ ඇති හෙළ පියුමෙන් ගැවසීගත් මල් රේණු වලින් ගැවසුණු ජලයෙන් පිරුණහ.
“සාහං රමාමි කීළාමි, මොදාමි අකුතොභයා; මුනිං කාරුණිකං ලොකෙ, භන්තෙ වන්දිතුමාගතා”ති.
21. මම එහි ඇළෙමි. ඉඳුරන් හසුරුවමි. සතුටුවෙමි. කිසිවකින් බිය නැත්තී වෙමි. ස්වාමීනි! ලෝකයෙහි කරුණාන්විත වූ භික්ෂු වූ ඔබ වහන්සේ වඳින්නට පැමිණියේ වෙමි.
තත්ථ උප්පණ්ඩුකින්ති උප්පණ්ඩුකජාතං. ඡාතන්ති බුභුක්ඛිතං ඛුදාය අභිභූතං. සම්පතිතච්ඡවින්ති ඡින්නභින්නසරීරච්ඡවිං. ලොකෙති ඉදං “කාරුණිකො”ති එත්ථ වුත්තකරුණාය විසයදස්සනං. තං මන්ති තාදිසං මමං, වුත්තනයෙන එකන්තතො කරුණට්ඨානියං මං. දුග්ගතන්ති දුග්ගතිං ගතං.
එහි උප්පණ්ඩුකී - පඬුවන් පැහැය ගත්, ජාතං - පරිභෝගයෙහි - බඩගින්න මැඩපවත්වා - අයපති තච්ඡචිං - සුණු විසුණු වූ ශරීර නම, ලොකෙ - මෙසේ කාරුණික වූ, කරුණා විශේෂය දැක්වීම පිණිස කියන ලදී. තං මං - එබදු වූ මම, කියන ලද පරිද්දෙන් මා කෙරෙහි කරුණාව උපදවා - දුග්ගතං නිරයට ගිය,
භික්ඛූනං ආලොපං දත්වාතිආදි ථෙරෙන අත්තනො කරුණාය කතාකාරදස්සනං. තත්ථ භත්තන්ති ඔදනං, දිබ්බභොජනන්ති අත්ථො. වස්සසතං දසාති දස වස්සසතානි, වස්සසහස්සන්ති වුත්තං හොති. අච්චන්තසංයොගෙ චෙතං උපයොගවචනං. භුඤ්ජාමි කාමකාමිනී, අනෙකරසබ්යඤ්ජනන්ති අඤ්ඤෙහිපි කාමෙතබ්බකාමෙහි සමන්නාගතා අනෙකරසබ්යඤ්ජනං භත්තං භුඤ්ජාමීති යොජනා.
භික්ඛුනං ආලොපං දත්වාප - ආදී වසයෙන් ස්ථවිරයන් වහන්සේ මා වෙනුවෙන් කරුණාව ඉපිද වූ ආකාරය, කටයුතු කළ ආකාරය දැක්වීමයි. එහි භත්තං - යනු ආහාරයි. දිව්‍ය භෝජන යන අර්ථයි. වස්ස සතං දසා දස වර්ෂ සියයක්, වර්ෂ දහසක් කියන ලද්දේ වේ. මෙය අත්‍යන්ත සංයෝගයේදී මේ වචනයි. කාම කාමීනී අනෙක රසඛ්යඤ්ජනං - අන්‍යයන් විසින් ද කැමති කැමති වූ පරිද්දෙන් සමන්විත වූ නොයෙක් රස මසු වලින් යුත් බත් අනුභව කරමි යන යෙදීමයි.
චොළස්සාති දෙය්යධම්මසීසෙන තබ්බිසයං දානමයං පුඤ්ඤමෙව දස්සෙති. විපාකං පස්ස යාදිසන්ති තස්ස චොළදානස්ස විපාකසඞ්ඛාතං ඵලං පස්ස, භන්තෙ. තං පන යාදිසං යථාරූපං, කින්ති චෙති ආහ “යාවතා නන්දරාජස්සා”තිආදි.
චොලස්සා - දියයුතු සුදුසු දාන වස්තුව වසයෙන් ගොදුරු කොට ඇති දානමය පුණ්‍යකර්මය දක්වයි. විපාකං පස්ස සාදිසං - ස්වාමීනි රියනක් පමණ වූ ඒ රෙදි දන් දීමෙන් ලත් විපාක සංඛ්‍යාත ඵලය බලනු මැනැවි. යම් බඳු වූ (දිවසළු හැද පෙර වූ රූපය දක්වා ප්‍රේතිය කීවාය. යාවතානන්දරා ජස්ස - ආදිය කීහ.
තත්ථ කොයං නන්දරාජා නාම? අතීතෙ කිර දසවස්සසහස්සායුකෙසු මනුස්සෙසු බාරාණසිවාසී එකො කුටුම්බිකො අරඤ්ඤෙ ජඞ්ඝාවිහාරං විචරන්තො අරඤ්ඤට්ඨානෙ අඤ්ඤතරං පච්චෙකබුද්ධං අද්දස. සො පච්චෙකබුද්ධො තත්ථ චීවරකම්මං කරොන්තො අනුවාතෙ අප්පහොන්තෙ සංහරිත්වාව ඨපෙතුං ආරද්ධො. සො කුටුම්බිකො තං දිස්වා, “භන්තෙ, කිං කරොථා”ති වත්වා තෙන අප්පිච්ඡතාය කිඤ්චි අවුත්තෙපි “චීවරදුස්සං නප්පහොතී”ති ඤත්වා අත්තනො උත්තරාසඞ්ගං පච්චෙකබුද්ධස්ස පාදමූලෙ ඨපෙත්වා අගමාසි. පච්චෙකබුද්ධො තං ගහෙත්වා අනුවාතං ආරොපෙන්තො චීවරං කත්වා පාරුපි. සො කුටුම්බිකා ජීවිතපරියොසානෙ කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්තිත්වා තත්ථ යාවතායුකං දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චවිත්වා බාරාණසිතො යොජනමත්තෙ ඨානෙ අඤ්ඤතරස්මිං ගාමෙ අමච්චකුලෙ නිබ්බත්ති.
එහි මේ නන්දරාජ යනු කවරෙක් ද? යටගිය දවස වනාහි අවුරුදු දස දහසක් ආයු ඇති මිනිසුන් අතරෙහි බරණැස්වාසී වූ එක් කෙළඹි පුත්‍රයෙක්, අරණ්‍යයෙහි ශරීර සුවය සඳහා ඇවිදින්නේ, අරණ්යස්ථානයේ එක්තරා පසේ බුදුන් වහන්සේ නමක් දුටුවේය. ඒ පසේ බුදුන් වහන්සේ එහි සිවුර මැසීමෙහි සිටින්නේ නුවාව නො මසාම හකුළා තබන්නට සුදානම් විය. ඒ කෙළඹියා එකල්හි එකරුණ දැක, ස්වමීනි කුමක් කරන්නේ දැයි අසා ඒ පසේ බුදුන් සැහැල්ලු පැවතුම් ඇති බැවින් කිසිවක් නො කීයේය. සිවුරට රෙදි අඩු බව දත් කෙළඹියා තමන්ගේ උතුරු සළුව පසේ බුදුන් පාමුල තබා ගියේය. පසේ බුදුන් වහන්සේ එය ගෙන නුවාව මසා සිව්ර පෙරවීය. ඒ කෙළෙඹියා ආයුෂ කෙළවර කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඉපිද එහි ආයු ප්‍රමාණය දිව්‍ය සම්පත් අනුභව කොට, එයින් චුතව, බරණැසට යොදුනක් පමණ දුරින් එක් ගමක ඇමති කුලයෙක උපන්හ.
තස්ස වයප්පත්තකාලෙ තස්මිං ගාමෙ නක්ඛත්තං සඞ්ඝුට්ඨං අහොසි. සො මාතරං ආහ – “අම්ම, සාටකං මෙ දෙහි, නක්ඛත්තං කීළිස්සාමී”ති. සා සුධොතවත්ථං නීහරිත්වා අදාසි. “අම්ම, ථූලං ඉද”න්ති. අඤ්ඤං නීහරිත්වා අදාසි, තම්පි පටික්ඛිපි. අථ නං මාතා ආහ – “තාත, යාදිසෙ ගෙහෙ මයං ජාතා, නත්ථි නො ඉතො සුඛුමතරස්ස වත්ථස්ස පටිලාභාය පුඤ්ඤ”න්ති. “ලභනට්ඨානං ගච්ඡාමි, අම්මා”ති. “ගච්ඡ, පුත්ත, අහං අජ්ජෙව තුය්හං බාරාණසිනගරෙ රජ්ජපටිලාභං ඉච්ඡාමී”ති. සො “සාධු, අම්මා”ති මාතරං වන්දිත්වා පදක්ඛිණං කත්වා ආහ – “ගච්ඡාමි, අම්මා”ති. “ගච්ඡ, තාතා”ති. එවං කිරස්සා චිත්තං අහොසි – “කහං ගමිස්සති, ඉධ වා එත්ථ වා ගෙහෙ නිසීදිස්සතී”ති. සො පන පුඤ්ඤනියාමෙන චොදියමානො ගාමතො නික්ඛමිත්වා බාරාණසිං ගන්ත්වා මඞ්ගලසිලාපට්ටෙ සසීසං පාරුපිත්වා නිපජ්ජි. සො ච බාරාණසිරඤ්ඤො කාලකතස්ස සත්තමො දිවසො හොති.
ඔහු තරුණ වයසට පැමිණි කල්හි, එම ගමෙහි නැකැත් කෙළි ඝෝෂා කරන ලදී. හෙතෙම මෑණියනි මට නැකැත් කෙළි ක්‍රීඩාවට වස්ත්‍රයක් දෙන්නැයි ඉල්ලීය. මව ඔහුට සෝදන ලද වස්ත්‍රයක් දුන්නේය. මෑණියනි මෙය ගොරෝසු යයි කීය. ඕ අනෙක් වස්ත්‍රයක් ගෙන දුන්නාය. ඒ වත ද ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට මව මෙසේ කීවාය. දරුව යම්කිසි ගෙයක අපි උපන්නෙමු ද? ඒ ගෙයි මීට වඩා සියුම් වූ වස්ත්‍රයක් ලබන්නට අපට පින් නැතැයි ඕ කීවාය. මෑණියනි! ලබන තැනකට මම යමි. යන්න පුත! අදම ඔබට බරණැස් නුවර රජකම ලැබේ නම් මම කැමැත්තෙමි, ඇය කීවාය. හෙතෙම මෑණියනි යහපතියි මවට වැඳ පැදකුණු කොට කීය. අම්මේ මම යමි, පුත්‍රය යන්න! මවට මෙසේ සිතිණ, ඔහු කොහේ යන්න ද? ගෙයි මෙතැන හෝ එතැන හෝ හිඳිනු ඇත. හෙතෙමේ වනාහි පින් බලයෙන් චෝදනා කරන ලද ගමෙන් නික්ම බරණැස් නුවරට ගොස් මඟුල් ගල්තලාවෙහි හිස පටන් වසා පොරවා හොත්තේය. ඒ බරණැස් රජු කළුරිය කොට සත්වැනි දවස විය.
අමච්චා ච පුරොහිතො ච රඤ්ඤො සරීරකිච්චං කත්වා රාජඞ්ගණෙ නිසීදිත්වා මන්තයිංසු – “රඤ්ඤො එකා ධීතා අත්ථි, පුත්තො නත්ථි, අරාජකං රජ්ජං න තිට්ඨති, ඵුස්සරථං විස්සජ්ජෙමා”ති. තෙ කුමුදවණ්ණෙ චත්තාරො සින්ධවෙ යොජෙත්වා සෙතච්ඡත්තප්පමුඛං පඤ්චවිධං රාජකකුධභණ්ඩං රථස්මිංයෙව ඨපෙත්වා රථං විස්සජ්ජෙත්වා පච්ඡතො තූරියානි පග්ගණ්හාපෙසුං. රථො පාචීනද්වාරෙන නික්ඛමිත්වා උය්යානාභිමුක්ඛො අහොසි. “පරිචයෙන උය්යානාභිමුඛො ගච්ඡති , නිවත්තෙමා”ති කෙචි ආහංසු. පුරොහිතො “මා නිවත්තයිත්ථා”ති ආහ. රථො කුමාරං පදක්ඛිණං කත්වා ආරොහනසජ්ජො හුත්වා අට්ඨාසි, පුරොහිතො පාරුපනකණ්ණං අපනෙත්වා පාදතලානි ඔලොකෙන්තො “තිට්ඨතු අයං දීපො, ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු එකරජ්ජං කාරෙතුං යුත්තො”ති වත්වා “තූරියානි පග්ගණ්හථ, පුනපි පග්ගණ්හථා”ති තික්ඛත්තුං තූරියානි පග්ගණ්හාපෙසි.
ඇමතියෝ ද පුරෝහිතයා ද රජුගේ ආදාහන කටයුතු කොට, රාජංගනයෙහි හිඳ සාකච්ඡා කළහ. රජුට එක දුවක් සිටී. පුතුන් නැත. අරාජක වූ රාජ්‍යය නො පවතී ඵුස්සරථය යොදවමු. ඔවුහු කුමුදු පැහැ (අශ්වයින්) සෛන්ධවයන් සතර දෙනෙකු යොදා ශ්වේතච්ඡත්රය පෙරමුණේ තබා පස්වැදෑරූම් රාජ කකුධ භාණ්ඩයන් රථයෙහිම තබා, රථය විහිදුවා පසුපස තූර්යනාද පැවැත්වූහ. රථය පෙරදිගින් ගමන් අරඹා උයනට අභිමුඛව සිටියේය. පළපුරුද්ද වශයෙන් රථය උයනට යයි එය නවත්වනු යයි සමහරු කීහ. පුරෝහිතයා නො නවත්වන්නැයි කීහ. රථය කුමාරයා පැදකුණු කොට නැගීමට සැරසී සිටියේය. පෙරෙවි බමුණා පොරවා සිටි රෙදිකොණ ඉවත්කොට පාද තලයන් බලමින්, “මේ දීපය පමණක් නොව, දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතරමහ දිවයින්හි එකම රජ බව කරන්නට සුදුස්සෙකුයි” කියා තූර්ය නාද පවත්වව් යයි කීහ. තුන්වරක් තූර්යනාද පැවත් වූහ.
අථ කුමාරො මුඛං විවරිත්වා ඔලොකෙත්වා “කෙන කම්මෙන ආගතත්ථ, තාතා”ති ආහ. “දෙව, තුම්හාකං රජ්ජං පාපුණාතී”ති. “තුම්හාකං රාජා කහ”න්ති? “දිවඞ්ගතො, සාමී”ති. “කති දිවසා අතික්කන්තා”ති? “අජ්ජ සත්තමො දිවසො”ති. “පුත්තො වා ධීතා වා නත්ථී”ති? “ධීතා අත්ථි, දෙව, පුත්තො නත්ථී”ති. “තෙන හි කරිස්සාමි රජ්ජ”න්ති. තෙ තාවදෙව අභිසෙකමණ්ඩපං කත්වා රාජධීතරං සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා උය්යානං ආනෙත්වා කුමාරස්ස අභිසෙකං අකංසු.
එකල්හි කුමාරයා මුහුණ විවර කොට බලා දරුවෙනි කුමන කරුණක් නිසා ඔබලා මෙහි ආවහු දැයි ඇසීය. ස්වාමීනි නුඹ වහන්සේට රාජ්‍යය පැමිණියේ යයි කීහ. තොපගේ රජ කොහිදැයි ඇසීය. ස්වාමීනි ස්වර්ගස්ථ විය. කෙතෙක් දවස් ඉක්ම ගියාහුද? අද සත්වෙනි දවසය. පුත්‍රයෙකු දියණියක නැත්තේ ද? දේවයිනි දියණියක් සිටී. පුත්‍රයෙක් නැත. එසේ නම් රාජ්‍යය කරවන්නෙම්යි කී කල්හි ඔව්හු එකෙණෙහිම අභිෂේක මණ්ඩපයක් කොට, රජ දියණිය සර්වාලංකාරයෙන් අලංකාර කොට, උයනට පමුණුවා කුමාරයාණන් හට අභිෂේක කළාහුය.
අථස්ස කතාභිසෙකස්ස සතසහස්සග්ඝනිකං වත්ථං උපනෙසුං. සො “කිමිදං, තාතා”ති ආහ. “නිවාසනවත්ථං, දෙවා”ති. “නනු, තාතා, ථූල”න්ති? “මනුස්සානං පරිභොගවත්ථෙසු ඉතො සුඛුමතරං නත්ථි, දෙවා”ති. “තුම්හාකං රාජා එවරූපං නිවාසෙසී”ති? “ආම, දෙවා”ති. “න මඤ්ඤෙ පුඤ්ඤවා තුම්හාකං රාජා (අ· නි· අට්ඨ· 1.1.191) සුවණ්ණභිඞ්කාරං ආහරථ, ලභිස්සාමි වත්ථ”න්ති. සුවණ්ණභිඞ්කාරං ආහරිංසු. සො උට්ඨාය හත්ථෙ ධොවිත්වා මුඛං වික්ඛාලෙත්වා හත්ථෙන උදකං ආදාය පුරත්ථිමදිසායං අබ්භුක්කිරි. තදා ඝනපථවිං භින්දිත්වා අට්ඨ කප්පරුක්ඛා උට්ඨහිංසු. පුන උදකං ගහෙත්වා දක්ඛිණාය පච්ඡිමාය උත්තරායාති එවං චතූසු දිසාසු අබ්භුක්කිරි. සබ්බදිසාසු අට්ඨ අට්ඨ කත්වා ද්වත්තිංස කප්පරුක්ඛා උට්ඨහිංසු. එකෙකාය දිසාය සොළස සොළස කත්වා චතුසට්ඨි කම්මරුක්ඛාති කෙචි වදන්ති. සො එකං දිබ්බදුස්සං නිවාසෙත්වා එකං පාරුපිත්වා “නන්දරඤ්ඤො විජිතෙ සුත්තකන්තිකා ඉත්ථියො මා සුත්තං කන්තිංසූති භෙරිං චරාපෙථා”ති වත්වා ඡත්තං උස්සාපෙත්වා අලඞ්කතපටියත්තො හත්ථික්ඛන්ධවරගතො නගරං පවිසිත්වා පාසාදං ආරුය්හ මහාසම්පත්තිං අනුභවි.
ඉක්බිතිව කරන ලද අභිෂේක ඇති ඔහුට ලක්ෂයක් අගනා වස්ත්‍රයක් එළවූහ. හෙතෙම දරුවනි! මේ කුමක්දැයි ඇසීය. දේවයින් හදනා සළුව යයි කීහ. දරුවෙනි දළ නො වේදැයි ඇසීය. දේවයන් වහන්ස මනුෂ්‍යයන් පරිභෝග කරන වස්ත්‍ර අතුරෙන් මීට වඩා සියුම් වස්ත්‍ර නැතැයි කීහ. යුෂ්මතුන්ගේ රජ මෙබඳු වස්ත්‍ර හැන්දේදැයි ඇසීය. දේවයිනි එසේය. තොපගේ රජ පින් ඇත්තෙකැයි නො සිතමි. රන් කෙණ්ඩිය ගෙන එව වස්ත්‍ර ලබමියි කීහ. රන්කෙණ්ඩිය ගෙන ආහ. හෙතෙම හුනස්නෙන් නැගී අත් සෝදා මුව සෝදා දකුණතින් පැන් ගෙන පෙර දිගට ඉස්සේය. එකල්හි ඝන පොළව පලාගෙන කප්රුක් අටක් පැන නැංගාහ. නැවත පැන් ගෙන පැදුම් දෙසට, දකුණු දෙසට හා උතුරු දිගට පැන් ඉසිය. සියලු දිසාවන්හි අට අට බැගින් කප්රැක් තිස් දෙකක් පහළ වූහ. එක් එක් දිසාවන්හි දහසය දහසය බැගින් කප්රුක් හැටහතරක් පහළ වූහයි සමහරු කියති. හෙතෙම එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ එකක් පොරවා නන්ද රජුගේ නුවර නූල් කටින ස්ත්‍රීහු නූල් නො කටිත්වායි අණබෙර ලව්වයි කියා සේසත් නංවා අලංකාරයෙන් සරසන ලද ඇත් කඳට නැගී නුවරට පැමිණ, රාජ මාලිගාවට නැගී මහත් සම්පත් අනුභව කළේය.
එවං ගච්ඡන්තෙ කාලෙ එකදිවසං දෙවී රඤ්ඤො සම්පත්තිං දිස්වා “අහො තපස්සී”ති කාරුඤ්ඤාකාරං දස්සෙසි. “කිමිදං, දෙවී”ති ච පුට්ඨා “අතිමහතී තෙ, දෙව, සම්පත්ති. අතීතෙ අද්ධනි කල්‍යාණං අකත්ථ, ඉදානි අනාගතස්ස අත්ථාය කුසලං න කරොථා”ති ආහ. “කස්ස දෙම? සීලවන්තො නත්ථී”ති. “අසුඤ්ඤො, දෙව, ජම්බුදීපො අරහන්තෙහි, තුම්හෙ දානමෙව සජ්ජෙථ, අහං අරහන්තෙ ලච්ඡාමී”ති ආහ. පුනදිවසෙ රාජා මහාරහං දානං සජ්ජාපෙසි. දෙවී “සචෙ ඉමිස්සාය දිසාය අරහන්තො අත්ථි, ඉධාගන්ත්වා අම්හාකං භික්ඛං ගණ්හන්තූ”ති අධිට්ඨහිත්වා උත්තරදිසාභිමුඛා උරෙන නිපජ්ජි. නිපන්නමත්තාය එව දෙවියා හිමවන්තෙ වසන්තානං පදුමවතියා පුත්තානං පඤ්චසතානං පච්චෙකබුද්ධානං ජෙට්ඨකො මහාපදුමපච්චෙකබුද්ධො භාතිකෙ ආමන්තෙසි – “මාරිසා නන්දරාජා තුම්හෙ නිමන්තෙති, අධිවාසෙථ තස්සා”ති. තෙ අධිවාසෙත්වා තාවදෙව ආකාසෙනාගන්ත්වා උත්තරද්වාරෙ ඔතරිංසු. මනුස්සා “පඤ්චසතා, දෙව, පච්චෙකබුද්ධා ආගතා”ති රඤ්ඤො ආරොචෙසුං. රාජා සද්ධිං දෙවියා ආගන්ත්වා වන්දිත්වා පත්තං ගහෙත්වා පච්චෙකබුද්ධෙ පාසාදං ආරොපෙත්වා තත්ථ තෙසං දානං දත්වා භත්තකිච්චාවසානෙ රාජා සඞ්ඝත්ථෙරස්ස, දෙවී සඞ්ඝනවකස්ස පාදමූලෙ නිපජ්ජිත්වා “අය්යා, පච්චයෙහි න කිලමිස්සන්ති, මයං පුඤ්ඤෙන න හායිස්සාම, අම්හාකං ඉධ නිවාසාය පටිඤ්ඤං දෙථා”ති පටිඤ්ඤං කාරෙත්වා උය්යානෙ නිවාසට්ඨානානි කාරෙත්වා යාවජීවං පච්චෙකබුද්ධෙ උපට්ඨහිත්වා තෙසු පරිනිබ්බුතෙසු සාධුකීළිතං කාරෙත්වා ගන්ධදාරුආදීහි සරීරකිච්චං කාරෙත්වා ධාතුයො ගහෙත්වා චෙතියං පතිට්ඨාපෙත්වා “එවරූපානම්පි නාම මහානුභාවානං මහෙසීනං මරණං භවිස්සති, කිමඞ්ගං පන මාදිසාන”න්ති සංවෙගජාතො ජෙට්ඨපුත්තං රජ්ජෙ පතිට්ඨාපෙත්වා සයං තාපසපබ්බජ්ජං පබ්බජි. දෙවීපි “රඤ්ඤෙ පබ්බජිතෙ අහං කිං කරිස්සාමී”ති පබ්බජි. ද්වෙපි උය්යානෙ වසන්තා ඣානානි නිබ්බත්තෙත්වා ඣානසුඛෙන වීතිනාමෙත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකෙ නිබ්බත්තිංසු. සො කිර නන්දරාජා අම්හාකං සත්ථු මහාසාවකො මහාකස්සපත්ථෙරො අහොසී, තස්ස අග්ගමහෙසී භද්දා කාපිලානී නාම.
මෙසේ කල් ගත කරද්දී එක් දවසක් රාජ දේවිය රජුගේ සම්පත් දැක තපස්වීන් වහන්ස ආශ්චර්යයකි කියා කාරුණිකව මෙසේ දැක්වීය. දේවිය කුමක්දැයි රජු විසින් විමසන ලදුව, දේවයන් වහන්ස! නුඹ වහන්සේගේ සම්පත් අති මහත්ය. නුඹ වහන්සේ සසර අතීතයේ දී මහත් කුසල් කර ඇත. දැන් මතු කාලය සදහා කුසල් නො කරන්නාහු යයි කීවාය. කවරෙකුට දන් දෙමු ද සිල්වතුන් නැතයි කීය. දේවයන් වහන්ස ජම්බුද්වීපය රහතුන්ගෙන් හිස් නොවේ. නුඹ වහන්සේ දානය සකස් කරවනු මැනවි. මම රහතුන් වහන්සේ ලබන්නෙමි කීවාය. දෙවෙනි දවසේ රජු මහත් අනගිදන් සකස් කරවීය. දේවී තොමෝ ඉදින් මේ දිශාවෙහි රහතුන් වහන්සේලා ඇත්නම් මෙහි වැඩමවා අපගේ භික්ෂාව පිළිගනිත්වා! යි අධිෂ්ඨාන කොට උතුරු දිගට මුහුණ ලා ළපැත්ත යට කරගෙන වැද හොත්තේය. දේවිය එසේ වැදහොත් වේලේ, හිමවතෙහි වසන්නා වූ පද්මාවතියගේ පුත්‍ර වූ පසේ බුදුවරුන්ට ජ්‍යෙෂ්ඨ වූ පදුම පසේ බුදුන් වහන්සේ සහෝදර පසේ බුදුන් ආමන්ත්‍රණය කළ සේක. නිදුක්වරුනි! නන්ද රජු තොපට ආරාධනා කරති. ඔවුන්ගේ ආරාධනාව ඉවසනු මැනවි. උන්වහන්සේලා ආරාධනාව පිළිගෙන එකෙණෙහිම අහසින් වැඩමවා උතුරු දිග දොරටුව ළග බැස්සාහුය. රටවැසියෝ දේවයන් වහන්ස පන්සියයක් රහතන් වහන්සේලා වැඩියාහු යයි රජුට සැළ කළහ. රජු දේවිය සමග ගොස් වැඳ පාත්‍ර ගෙන පසේ බුදුවරුන් කෙරෙහි ප්‍රාසාදයට වැඩමවා එහි දී උන් වහන්සේලාට දන් පිරිනමා, බත්කිස අවසන් වූ කල්හි රජු සඞ්ඝ ස්ථවිරයන් වහන්සේගේ ද, දේවිය දෙවන ස්ථවිර වහන්සේ මුල වැද වැටී ආර්යයන් වහන්සේලා ප්‍රත්‍යය පිළිබඳව නො වෙහෙසුන මැනැව. අපි පිනෙන් නො පිරිහෙන්නෙමු. මෙහි වැසීමට අපට ප්‍රතිඥා දුන මැනවියි ප්‍රතිඥා ලබාගෙන රජ උයනෙහි නිවාසස්ථාන කරවා ජීවිතාන්තය දක්වා පසේ බුදුවරුන්ට උපස්ථාන කොට උන්වහන්සේ පිරිනිවි කල්හි උත්සව පවත්වා අඟිල් සඳුන් ආදී දරවලින් ශරීර ආදාහන කෘත්‍යය කරවා ධාතුත් ගෙන චෛත්‍යයක් බඳවා, මෙබඳු මහානුභාව සම්පන්න මහාර්ෂීවරුන්ටත් මරණය වන්නේ නම් අප වැන්නන්ට කියනුම කවරේදැයි උපන් සංවේග ඇතිව, ජ්‍යෙෂ්ට පුත්‍රයාට රජකම පවරා රාජ්‍යයෙහි පිහිටුවා රජු ශ්‍රමණ ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවිය. දේවිය රජතුමා පැවිදි වූ කල්හි මම කුමක් කරන්නදැයි සිතා ඕ තොමෝ පැවිදි වූවාය. දෙදෙනම උයනෙහි වෙසෙමින් ධ්‍යාන සැපයෙන් කල්යවා ආයු කෙළවර බඹලොව උපන්හ. එ නන්දරාජ වනාහි අප බුදුන්ගේ ශාසනයෙහි මහා ශ්‍රාවක වූ මහා කාශ්‍යප තෙරුණුවෝය. දේවිය භද්රකාපලානී නම් වූවාය.
අයං පන නන්දරාජා දස වස්සසහස්සානි සයං දිබ්බවත්ථානි පරිදහන්තො සබ්බමෙව අත්තනො විජිතං උත්තරකුරුසදිසං කරොන්තො ආගතාගතානං මනුස්සානං දිබ්බදුස්සානි අදාසි. තයිදං දිබ්බවත්ථසමිද්ධිං සන්ධාය සා පෙතී ආහ “යාවතා නන්දරාජස්ස, විජිතස්මිං පටිච්ඡදා”ති. තත්ථ විජිතස්මින්ති රට්ඨෙ. පටිච්ඡදාති වත්ථානි. තානි හි පටිච්ඡාදෙන්ති එතෙහීති “පටිච්ඡදා”ති වුච්චන්ති.
මේ නන්ද රජතෙම වනාහි දස දහසක් හවුරුදු මුලුල්ලෙහි දිව්‍ය වස්ත්‍රම පරිභෝග කරමින්, තම රට උතුරු කුරු දිවයින මෙන් සමෘද්ධ කරමින් පැමිණි මිනිසුන්ට දිවසළු දෙමින් ජීවත් විය. ඒ මේ දිව්‍ය වස්ත්‍ර සමෘද්ධිය සදහා මේ ප්‍රේතී තොමෝ “යාවතා නන්දරාජස්ස විජිතසමිං පටිච්ඡදා” යනාදිය කීහ. එහි විජිතස්මිං - රටෙහි, පටිච්ඡදා - වස්ත්‍ර, ඒවා සංවරණයෙහි වැසීමෙහි නියුතු වේ යයි. ‘පටිච්ඡදා’ වස්ත්‍ර යයි කියයි.
ඉදානි සා පෙතී “නන්දරාජසමිද්ධිතොපි එතරහි මය්හං සමිද්ධි විපුලතරා”ති දස්සෙන්තී “තතො බහුතරා, භන්තෙ, වත්ථානච්ඡාදනානි මෙ”තිආදිමාහ. තත්ථ තතොති නන්දරාජස්ස පරිග්ගහභූතවත්ථතොපි බහුතරානි මය්හං වත්ථච්ඡාදනානීති අත්ථො. වත්ථානච්ඡාදනානීති නිවාසනවත්ථානි චෙව පාරුපනවත්ථානි ච . කොසෙය්යකම්බලීයානීති කොසෙය්යානි චෙව කම්බලානි ච. ඛොමකප්පාසිකානීති ඛොමවත්ථානි චෙව කප්පාසමයවත්ථානි ච.
මේ ප්‍රේතිය නන්ද රජුගේ සමෘද්ධිය මෙන් මගේ සමෘද්ධිය ද මහත් යයි දැක්වීමට “තතො බහුතරා භන්තෙ වත්ථානච්ඡාදානාති මෙති” ආදිය කීය. එහි තතො නන්ද රජුගේ පරිග්රහණයට සුදුසු වූ බහුතර වස්ත්‍ර මෙන්, මට ද වස්ත්‍ර ඇත්තේය යන අර්ථය වත්ථානච්ඡාදනානි - හඳින වස්ත්‍ර මෙන්ම පොරවන වස්ත්‍ර ද, කොසෙය්ය කම්බලියානි - කෝසෙය්‍ය වස්ත්‍ර ද කම්බිලි ද, ඛොම කප්පාසිකානි - කොමු පිළි හා කපු පිළි
විපුලාති ආයාමතො ච විත්ථාරතො ච විපුලා. මහග්ඝාති මහග්ඝවසෙන මහන්තා මහාරහා. ආකාසෙවලම්බරෙති ආකාසෙයෙව ඔලම්බමානා තිට්ඨන්ති. යං යඤ්හි මනසො පියන්ති යං යං මය්හං මනසො පියං, තං තං ගහෙත්වා පරිදහාමි පාරුපාමි චාති යොජනා.
විපුලා දිගින් ද පළලින් ද පුළුල් වූ මහත් වූ, මහග්ඝා - වටිනාකම් වසයෙන් මහත් වූ, මහාර්ඝ වූ, ආකාසෙව ලම්බරෙ - අහසෙහිම එල්බගෙන සිටිත්. යංයංහි මහාසො පියං - යම් යම් පරිද්දෙකින් මගේ මනස පිය වඩන්නේ ද ඒ ඒ දෙය ගෙන පරිහරණය කරමි. පොරවමි.
ථාලකස්ස ච පානීයං, විපාකං පස්ස යාදිසන්ති ථාලකපූරණමත්තං පානීයං දින්නං අනුමොදිතං , තස්ස පන විපාකං යාදිසං යාව මහන්තං පස්සාති දස්සෙන්තී “ගම්භීරා චතුරස්සා චා”තිආදිමාහ. තත්ථ ගම්භීරාති අගාධා. චතුරස්සාති චතුරස්සසණ්ඨානා. පොක්ඛරඤ්ඤොති පොක්ඛරණියො. සුනිම්මිතාති කම්මානුභාවෙනෙව සුට්ඨු නිම්මිතා.
ථාලකස්සව පානීය විපාකං පස්සයාදිසං තලියක් පමණ ප්‍රමාණයෙන් පැන් දීමෙන් අනුමෝදන් කළේය. එහි විපාකය වනාහි මහත් කොට විශාල කොට දක්වමින් ගම්භීරා චතුරසා ච, ආදිය කීහ. එහි ගමභීරා ඉතා ගැඹුරු චතුරස්සා - කොන් සතරක් ඇති - පොක්ඛරඤ්ඤො - පොකුණු - සුනිම්මිතා කුසලානුභාවයෙන් මනාව පිහිටි.
සෙතොදකාති සෙතඋදකා සෙතවාලුකසම්පරිකිණ්ණා. සුප්පතිත්ථාති සුන්දරතිත්ථා. සීතාති සීතලොදකා. අප්පටිගන්ධියාති පටිකූලගන්ධරහිතා සුරභිගන්ධා. වාරිකිඤ්ජක්ඛපූරිතාති කමලකුවලයාදීනං කෙසරසඤ්ඡන්නෙන වාරිනා පරිපුණ්ණා.
සෙතොදකා - සුදු ජලය සුදු වැල්ලෙන් ගැවසී ගත්තේය. සීතා සිසිල් ජලය - අප්පටිගන්ධා - පිළිකුල් රහිත, මනාසුවඳ ඇති - වාරිකිඤ්ජක්ඛ පූරිතා - පියුම් හෙළ පියුම්, ආදී මල් රේණුවලින් සංයුක්ත වූ පිරුණු වතුර,
සාහන්ති සා අහං. රමාමීති රතිං වින්දාමි. කීළාමීති ඉන්ද්රියානි පරිචාරෙමි. මොදාමීති භොගසම්පත්තියා පමුදිතා හොමි. අකුතොභයාති කුතොචිපි අසඤ්ජාතභයා, සෙරී සුඛවිහාරිනී හොමි . භන්තෙ, වන්දිතුමාගතාති, භන්තෙ, ඉමිස්සා දිබ්බසම්පත්තියා පටිලාභස්ස කාරණභූතං ත්වං වන්දිතුං ආගතා උපගතාති අත්ථො. යං පනෙත්ථ අත්ථතො අවිභත්තං, තං තත්ථ තත්ථ වුත්තමෙව.
සහං - ඒ මම, රමාමි - ඇලීමෙන් විදිමි. කිලාමි - ඉඳුරන් හසුරුවමි - මො දාමි - භෝග සම්පත්තියෙන් ප්‍රමුදිත වීමි. අකුතො භයා - කිසිවක කෙරෙන් භටගත් බියක් නැතිව සුවසේ වෙසෙමි හන්තෙ වදිතමාගමා - ස්වාමීනි! මේ දිව්‍ය සම්පත් ලැබීමට හේතු කාරණා වූ ඔබ වහන්සේට නමස්කාර කීරීමට පැමිණියේ වෙමි. [missing trans]
එවං තාය පෙතියා වුත්තෙ ආයස්මා සාරිපුත්තො ඉට්ඨකවතියං දීඝරාජියන්ති ගාමද්වයවාසිකෙසු අත්තනො සන්තිකං උපගතෙසු මනුස්සෙසු ඉමමත්ථං විත්ථාරතො කථෙන්තො සංවෙජෙත්වා සංසාරමොචනපාපකම්මතො මොචෙත්වා උපාසකභාවෙ පතිට්ඨාපෙසි. සා පවත්ති භික්ඛූසු පාකටා ජාතා. තං භික්ඛූ භගවතො ආරොචෙසුං. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි, සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
ඒ දුව විසින් මෙසේ කී කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඉට්ඨකාවතිය, දිඝරාජීය යන දෙගම්වැසි මිනිසුන් තමන් වෙත පැමිණි කල්හි මේ කථා වස්තුව විස්තර වසයෙන් වදාරමින්, සංවේග උපදවා සංසාර මෝචක පාප කර්මයෙන් මුදවා උපාසක භාවයෙහි පිහිට වූහ. එපවත් භික්ෂූන් අතර ප්‍රකට විය. භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි පිරිසට ධර්ම දේශනා කළ සේක. දේශනා තොමෝ මහාජනයාට සාර්ථක විය.
සංසාරමොචකපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
සංසාර මෝචක ප්‍රේතවස්තු වර්ණනාව නිමාවිය.