සංසාරමොචකපෙතවත්ථු පඨමං
2. 1.
2. 1.
(සැරියුත් තෙරහු සංසාර මෝචක ප්‍රේතියගෙන් මෙසේ පුළුවුස්ති:)
95. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනිසන්ථතා, උප්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්වං ඉධ තිට්ඨසී’?ති.
95. තෝ නග්න වෙහි, දුර්වර්ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇත්තෙහි යැ. ඉල්පුණු ඉළ ඇටින් සහ සිහින් සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි?
(ප්‍රෙතිය මෙසේ කියයි:)
96. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා’ති.
96. ස්වාමීනි මම දුකට පත්, යමලොව උපන් ප්රේතියක්මු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
(තෙරහු විචාරති:)
97. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා?’ති.
97. කය, වචන, සිත යන තිදොරින් තී විසින් කුමන පවක් කරන ලද ද? කිනම් කර්මයක විපාකයෙන් හෝ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙහි ද?
(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
98. අනුකම්පකා මය්හං නාහෙසුං භන්තෙ පිතා ච මාතා අථවාපි ඤාතකා, යෙ මං නියොජෙය්යුං දදාහි දානං පසන්නචිත්තා සමණබ්රාහ්මණානං.
98. ස්වාමීනි යම් කෙනෙක් පහන්සිතින් යුතු ව මහණබමුණනට “දන් දෙව”යි කියා මා මෙහෙයවත් නම් එබඳු වූ මට හිතැති පියෙක් හෝ මවක් හෝ අනෙක් නෑ කෙනෙක් හෝ මට නො වූහ.
99. ඉතො අහං වස්ස සතානි පඤ්ච යං එවරූපා විචරාමි නග්ගා, ඛුදාය තණ්හාය ච ඛජ්ජමානා පාපස්ස කම්මස්ස ඵලං මමෙදං.
99. එසේ පින් නො කළ හෙයින් මෙබඳු වූ ප්‍රෙතියක් වැ එතැන් පටන් නග්න වැ සාපිපාසායෙන් පෙළෙමින් අවුරුදු පන්සියයක් හැසිරෙමි. මාගේ පාපකර්මයෙහි මේ විපාකය වෙයි.
100. වන්දාමි තං අය්ය පසන්නචිත්තා අනුකම්ප මං ධීර මහානුභාව, දත්වා ච මෙ ආදිස්ස යං හි කිඤ්චි මොචෙහි මං දුග්ගතියා භදන්තෙති.
100. ආර්‍ය්‍යයන් වහන්ස, මම පහන්සිත් ඇති වැ ඔබ වඳිමි. මහත් අනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම් කිසිවක් දන් දී එහි පින් මට දෙන සේක්වා, වහන්ස, මා මේ දුගතියෙන් මුදන සේක්වා.
101. සාධූති සො පටිස්සුත්වා සාරිපුත්තොනුකම්පකො, භික්ඛූනං ආලොපං දත්වා පාණිමත්තඤ්ච චෙලකං: ථාලකස්ස ච පානීයං තස්සා දක්ඛිණමාදිසි.
101. කාරුණික වූ ඒ සැරියුත් තෙරහු ‘මැනවැ’යි කියා ඇයට පිළිවදන් දී බත්පිඬක් ද රියනක පමණ පිළීකඩක් ද, එක පැන්තලියක් ද මහණක්හට දන්දී ඇයට ප්රාප්තිදානය කළහ.
102. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං.
102. ඒ පින්දීමට අනතුරු ව ම ඒ දානයෙහි විපාක උපන. එනම්: පිණිබොජුන් ද මනහරපිළී ද නන්වැදෑරුම් පානවර්ග ද ලැබිණි. මේ ප්රාප්තිදානයෙහි විපාක යි.
103. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, විචිත්තවත්ථාභරණා සාරිපුත්තමුපසඞ්කමී’ති.
103. ඉක්බිති ස්නානයෙන් පිරිසිදු සිරුරු ඇති හන් සුදුපිළී ඇති කසීසළුවලට ද වඩා උතුම් වස්ත්‍ර ධරන විසිතුරු වස්ත්රාභරණ ඇති ඕ තොමෝ සැරියුත්තෙරුන් කරා එළැඹියා ය.
104. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
104. දෙව්දුව, යම්බඳු තෝ මනහර වූ ශරීරවර්ණයෙන් දවහත් තරුව මෙන් දසදිගුන් බබුළුවමින් මෙහි සිටිහි ද?
105. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා?.
105. කවර හේතුවකින් තීගේ එවැනි වර්ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිත ඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තිට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?
106. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’?ති
106. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළවු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
(ඕ මෙසේ පිළිතුරු දෙයි)
107. උප්පණ්ඩුකිං කිසං ඡාතං නග්ගං ආපතිතච්ඡවිං මුනි කාරුණිකො ලොකෙ තං මමද්දක්ඛි දුක්ඛිතං.
107. ලොවැ කුළුණුගුණයුත් සැරියුත්තෙරහු පඬුවන් වූ කෘශ වූ බඩසයින් පෙළුණු, නග්න වූ, සුන්බුන්සිරුරුසිවි ඇති, දුගතියැ උපන් මා දුටහ.
108. භික්ඛූනං ආලොපං දත්වා පාණිමත්තඤ්ච චොළකං, ථාලකස්සච පානීයං මම දක්ඛිණමාදිසි.
108. පිඬක් පමණ අහර ද, රියනක් පමණ පිළී ද, තලියක් පමණ පැන් ද මහණුන්ට දන් දී (ඒ තෙරහු) එහි පින මට දුන්හ.
109. ආලොපස්ස ඵලං පස්ස භත්තං වස්සසතං දස, භුඤ්ජාමි කාමකාමිනී අනෙකරසබ්යඤ්ජනං
109. බත්පිඬුයෙහි විපාකය බලව, අනුන් විසින් පවා කැමති විය යුතු වූ කම්සැපතින් යුතු වැ දහසක් හවුරුදු මුළුල්ලෙහි නොයෙක් රසමසවුළෙන් යුත් බත් වළඳමි.
110. පාණිමත්තස්ස චොලස්ස විපාකං පස්ස යාදිසං, යාවතා නන්දරාජස්ස විජිතස්මිං පටීච්ඡදා.
110. රියනක් පමණ පිළීයෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලනු මැන. නන්දරජුගේ විජිතයෙහි යම් පමණ පිළී වේ නම්,
111. තතො බහුතරා භන්තෙ වත්ථානච්ඡාදනානි මෙ, කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච,
111. වහන්ස,මට කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද, කොමුපිළී හා කපුපිළී ද යන හඳනා පොරෝනා පිළී එයට වඩා බොහෝ අධික ය.
112. විපුලා ච මහග්ඝා ච තෙපාකාසෙව ලම්බරෙ, සාහං තං පරිදහාමි යං යං හි මනසො පියං,
112. මහත් වූ ද මාහැඟි වූ ද ඒ පිළී අහසෙහි ම එල්බෙයි. ඒ මම යම් යම් පිළී මගේ සිතට ප්‍රිය නම් එය ම හැඳ පෙරෙවැ ගනිමි.
113. ථාලකස්ස ච පානීයං විපාකං පස්ස යාදිසං, ගම්භීරා චතුරස්සා ච පොක්ඛරඤ්ඤො සුනිම්මිතා.
113. පැන්තලියෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලව. ගැඹුරු සතරැස් පොකුණු (එනිසා) මැවිණි.
114. සාතොදකා සුප්පතිත්ථා සීතා අප්පටිගන්ධියා, පදුමුප්පලසඤ්ඡන්නා වාරිකිඤ්ජක්ඛපූරිතා.
114. එය පහන්දියෙන් හා වැල්ලෙන් ගැවසීගත්තේ ය. යහපත් තොටින් හා සිහිල්දියෙන් යුක්ත යැ. සුවඳැති රත්පියුමින් හා හෙළ පියුමින් ගැවසී පවතී. මල් රේණුයෙන් යුත් දියෙන් පිරුණේය.
115. සාහං රමාමි කීළාමි මොදාමි අකුතොභයා, මුනිං කාරුණිකං ලොකෙ භන්තෙ වන්දිතුමාගතා’ති.
115. ඕ මම කිසිවකිනුත් බිය නැත්තී රමණය කරමි, ක්‍රීඩා කරමි, සතුටු වෙමි. ලොවැ කුළුණැති මුනිවරයකු වූ ඔබ වැඳීමට මෙහි ආමි.