යෙදුමෙන් කියවන්න

උරගපෙතවත්‍ථු ද‍්වාදසමං

1. 12.

1. 12.

(බමුණා මළපුතු වෙනුවෙන් ශෝක නො කිරීමේ හේතු දක්වයි:)

85. උරගොව තචං ජිණ‍්ණං හිත්‍වා ගච‍්ඡති සංතනුං, එවං සරීරෙ නිබ‍්භොගෙ පෙතෙ කාලකතෙ සති.

85. යම්සේ සර්‍පයා දිරූ සැව සියසිරුරින් හැර පියා යේ ද, එසේ ම ශරීරය නිෂ්ප්‍රයෝජන ව ආයුෂාදිය පහ වැ කලුරිය කළ කල්හි සත්ත්‍වයා සිය සිරුර හැරපියා යෙයි.

86. ඩය‍්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං තස‍්මා එතං න රොදාමි ගතො සො තස‍්ස යා ගතී’ති.

86. දවනු ලබන සිරුර නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මළ පුතු නිමිති කොට නො හඬමි. ඔහුගේ යම් ගමනෙක් වී ද, හේ ඒ ගමන ගියේ ය.

(බැමිණි ද මළපුතු වෙනුවෙන් නො හඬන කරුණ කියයි:)

87. අනවහිතො තතො ආග නානුඤ‍්ඤතො ඉතො ගතො, යථාගතො තථාගතො කා තත්‍ථ පරිදෙවනා.

87. හේ නො කැඳවන ලද්දේ පරලොවින් මෙහි ආයේ යැ. නො අනුදන්නා ලද්දේ මෙලොවින් ගියේ ය. යම්සේ ආයේ ද එසේ ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?

88. ඩය‍්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං, තස‍්මා එතං න රොදාමි ගතො සො තස‍්ස යා ගතී’ති.

88. දැවෙන මළසිරුර නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් තෙල පුතු ගැන නො හඬමි. ඔහුට කර්‍මානුරූප යම් ගතියක් වී ද, හේ ඒ ගමන ගියේ ය.

(මළහුගේ නැගෙණියෝ ද මෙසේ කියති:)

89. සචෙ රොදෙ කිසා අස‍්සං තත්‍ථ මෙ කිං ඵලං සියා, ඤාතිමිත‍්තසුහජ‍්ජානං භිය්‍යො නො අරතී සියා.

89. ඉදින් මම හඬනෙම් නම් කෘශ වෙමි. ඒ හැඬීමෙහි මට කවර ඵලයක් වේ ද, අපගේ ඥාති මිත්‍රසුහෘදයනට බෙහෙවින් නො ඇල්ම වන්නේ ය.

90. ඩය‍්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං තස‍්මා එතං න රොදාමි ගතො සො තස‍්ස යා ගතී’ති.

90. දැවෙන සිරුර නෑයන්ගේ හැඬීම නො දනි. එහෙයින් මම මොහු ගැන නො හඬමි. ඔහුගේ කර්‍මය පරිදි යම් ගතියක් වී නම් හේ ඒ ගමන ගියේ ය.

(ඔහුගේ බිරිඳ ද මෙසේ කියයි:)

91. යථාපි දාරකො චන්‍දං ගච‍්ඡන‍්තමනුරොදති, එවං සම‍්පදමෙවෙතං යො පෙතමනුසොචති.

91. යම්සේ බාල දරුවෙක් අහස්හි ගමන් කරන සඳට අඬා ද යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණ මෙබඳු ම ය.

92. ඩය‍්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං, තස‍්මා එතං න රොදාමි ගතො සො තස‍්ස යා ගතී’ති.

92. දැවෙන්නේ නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේය.

(දාසිය ද මෙසේ කියයි:)

93. යථාපි බ්‍රහ‍්මෙ උදකුම‍්භො භින‍්නො අප‍්පටිසන්‍ධියො, එවං සම‍්පදමෙවෙතං යො පෙතමනුසොචති.

93. පින්වත් බමුණ, යම්සේ බිඳුණු දිය කළය නැවත සන්‍ධි කළ නො හැකි වේ ද, යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණත් මෙබඳු ම යැ.

94. ඩය‍්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස‍්මා එතං න රොදාමි ගතො සො තස‍්ස යා ගතී’ති.

94. දැවෙන්නේ නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.

උරගපෙතවත්‍ථු ද‍්වාදසමං.

උරග ප්‍රේතවස්තු යි.

උරගවග‍්ගො පඨමො නිට‍්ඨිතො.

උරගවර්‍ගය නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ඛෙත‍්තඤ‍්ච සූකරං පූති පිට‍්ඨඤ‍්චාපි තිරොකුඩ‍්ඩං, පඤ‍්චාපි සත‍්තපුත‍්තඤ‍්ච ගොණඤ‍්ච පෙසකාරකං, තථා ඛල‍්ලාටියං නාගං උරගඤ‍්චෙව ද‍්වාදසාති.

ඛෙත්තූපම ප්‍රේතවස්තු යැ, සූකරමුඛ ප්‍රේතවස්තු යැ, පූතිමුඛ ප්‍රේතවස්තු යැ, පිට්ඨධීතලික ප්‍රේතවස්තු යැ, තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යැ, පඤ්චපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, සත්තපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, ගෝණ ප්‍රේතවස්තු යැ, මහාපෙසකාර ප්‍රේතවස්තු යැ, ඛල්ලාටිය ප්‍රේතවස්තු යැ, නාග ප්‍රේතවස්තු යැ, උරග ප්‍රේතවස්තු යැ යි උරගවර්‍ගයෙහි ප්‍රේතවස්තු දොළසෙකි.