නාගපෙතවත්ථු එකාදසමං
1. 11.
1. 11.
(තෙරණුවෝ ප්‍රෙතයන් ගෙන් මෙසේ පිළිවිසිති.)
73. පුරතොව සෙතෙන පලෙති හත්ථිනා මජ්ඣෙ පන අස්සතරීරථෙන, පච්ඡා ච කඤ්ඤා සිවිකාය නිය්යති ඔභාසයන්ති දස සබ්බසො දිසා.
73. පෙරටුව සුදු ඇත්වාහනයෙන් එක් දෙව්පුතෙක් යයි. යළි මධ්‍යයෙහි වෙළඹුන් යෙදූ රියෙන් අන් දෙවියෙක් යයි. පසුපස දිව්‍ය කන්‍යාවක් හාත්පස දසදිගුන් බබළවමින් සිවිකාවකින් ගෙන යනු ලබයි.
74. තුම්හෙ පන මුග්ගරහත්ථපාණිනො රුදම්මුඛා භින්නපභින්නගත්තා, මනුස්සභූතා කිමකත්ථ පාපං යෙනඤ්ඤ මඤ්ඤස්ස පිවාථ ලොහිත’න්ති.
74. තෙපි වනාහි මුගුරුගත් අත් ඇති ව, හඬන මුහුණු ඇති ව, බිඳුණු වෙසෙසින් බිඳුණු සිරුරු ඇති ව යන්නවු ය. යම් පව්කමෙකින් උනුන් ගේ ලේ බොන්නවූ නම් (තෙපි) මිනිස් වූවාහු කවර පව්කමක් කළහු ද?
(ප්‍රෙතයෝ පිළිතුරු දෙති.)
75. පුරතොව යො ගච්ඡති කුඤ්ජරෙන සෙතෙන නාගෙන චතුක්කමෙන, අම්හාක පුත්තො අහු ජෙට්ඨකො සො දානානි දත්වාන සුඛී පමොදති.
75. යමෙක් ඉදිරියෙහි ම සිවුපා ඇති සුදු ඇත්වාහනයෙකින් යේ ද, හේ අපගේ දෙටු පුතා වීය. දන් දී සුවපත් වැ සතුටු වෙයි.
76. යො සො මජ්ඣෙ අස්සතරී රථෙන චතුබ්භි යුත්තෙන සුවග්ගිතෙන, අම්හාක පුත්තො අහු මජ්ඣිමො සො අමච්ඡරී දානපතී විරොචති.
76. යම් දෙවියෙක් මධ්‍යයෙහි සොඳුරු ගමන් ඇති වෙළඹුන් සිවුදෙනකුන් යෙදූ අස්රියෙකින් ගමන් කෙරේ ද, හේ අපගේ මැදුම් පුතා විය. නොමසුරු දානපතියෙක් වූ හේ දැන් බබළයි.
77. යා සා ච පච්ඡා සිවිකා යනිය්යති නාරී සපඤ්ඤා මිගමන්දලොචනා, අම්හාක ධීතා අහු සා කනිට්ඨා භාගඩ්ඪභාගෙන සුඛී පමොදති.
77. මුවැත්තියක මෙන් මඳලස බැලුම් ඇති පැනවත් වූ යම් දෙවඟනක් හැමට ම පසු වැ සිවි ගෙයෙකින් ගෙනයනු ලබා ද, ඕ අපගේ කනිටු දියැණි වූ. තමා ලද කොටසින් අඩක් දී සුඛිත ව සතුටු වෙයි.
78. එතෙ ච දානානි අදංසු පුබ්බෙ පසන්නචිත්තා සමණබ්රාහ්මණානං, මයම්පන මච්ඡරිනො අහුම්හා පරිභාසකා සමණබ්රාහ්මණානං. එතෙ පදත්වා පරිචාරයන්ති මයඤ්ච සුස්සාම නළොව ඛිත්තො’ති.
78. තුලුහු පෙර පහන්සිත් ඇති වැ මහණ බමුණනට දන් දුන්හ. අපි වනාහි මහණබමුණනට පිරිහෙළා කථාකරන මසුරෝ වූම්හ. තුලුහු දන් දී දිවසිරින් ඉඳුරන් පිනවත්. අපි වැලිත් ආතපයෙහි ලූ බටගසක් මෙන් (සයින්) වියළෙම්හ.
79. කිං තුම්හාකං භොජනං කිං සයනං කථංසු යාපෙථ සුපාපධම්මිනො, පහූතභොගෙසු අනප්පකෙසු සුඛං විරාධාය දුඛජ්ජ පත්තා’ති.
79. තොපගේ ආහාරය කුමක් ද? තොපගේ ශයනය කෙබඳු ද? අතිශය පාපධර්ම ඇති තෙපි කෙසේ යැපෙහු ද? අනල්ප වූ මහත් භෝග ඇති කල්හි සැප වරදවා ගෙන අද දුකට පැමිණියහු ය.
(ප්‍රේතයෝ පිළිතුරු දෙති:)
80. අඤ්ඤමඤ්ඤං වධිත්වාන පිවාම පුබ්බලොහිතං බහුං පීත්වා න ධාතා හොම නච්ඡාදිම්භසෙ මයං.
80. අපි ඔවුනොවුනට හිංසා කොටගෙන ලෙහෙ සැරව පානය කරම්හ. බොහෝ පානය කොටත් තෘප්ත නො වම්හ. නොරුස්නමෝ වම්හ.
81. ඉච්චෙව වච්චා පරිදෙවයන්ති අදායකා පෙච්ච යමස්ස ඨායිනො, යෙ තෙ විදිත්වා අධිගම්ම භොගෙ න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤං.
81. මෙපරිද්දෙන් ම නොදෙනසුලු මනුෂ්‍යයෝ පරලොව ප්‍රේතලෝකයෙහි සිටින්නාහ, වැලපෙත්. යම් මනුෂ්‍ය කෙනෙක් “භෝගයෙන් මතු සැපත් සැලසෙති”යි දැන භෝගයන් ලැබ අප මෙන් ම නොවළඳා සිටිත්, නො ද පින් කෙරෙත්.
82. තෙ ඛුප්පිපාසූපගතා පරත්ථ පෙතා චිරං ඣායරෙ ඩය්හමානා, කම්මානි කත්වාන දුඛුද්රයානි අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානි.
82. ඒ ප්‍රේතයෝ දුක් එළවන කටුකඵල ඇති පව්කම් කොට පරලොව්හි සාපිපාසායෙන් මඩනා ලද්දාහු (දුකින්) දැවෙමින් බොහෝ කලක් තැවෙත්. දුක් අනුභව කෙරෙත්.
83. ඉත්තරං හි ධනං ධඤ්ඤං ඉත්තරං ඉධ ජීවිතං, ඉත්තරං ඉත්තරතො ඤත්වා දීපං කයිරාථ පණ්ඩිතො.
83. ධන, ධාන්‍ය ක්ෂණික ය. මෙලොව ජීවිතය ද ක්ෂණික ය. වැඩිකල් නොපවතින දේ ක්ෂණික යි නුවණින් දැනැත් නුවණැත්තේ තමහට ප්‍රතිෂ්ඨාව කරන්නේ ය.
84. යෙ තෙ එවං පජානන්ති නරා ධම්මස්ස කොවිදා තෙ දානෙ නප්පමජ්ජන්ති සුත්වා අරහතං වචො’ති.
84. ධර්මයෙහි දක්ෂ වූ යම් මනුෂ්‍ය කෙනෙක් මේ මෙසේ දනිත් ද, ඔහු රහතුන්ගේ වචන අසා දන් දීමෙහි නො පමා වෙත්.