සාරිපුත‍්තත්‍ථෙරස‍්ස මාතුපෙතවත්‍ථු දුතියං
2. 2.
2. 2.
(සැරියුත් තෙරහු ප්‍රේතියගෙන් මෙසේ විචාරති:)
116. නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසි කිසා ධමනිසන්‍ථතා, උප‍්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්‍වං ඉධ තිට‍්ඨසී’ති.
116. තෝ නග්න යැ. දුර්වර්‍ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇතියාව, ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි ද?
(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
117. අහං තෙ සකියා මාතා පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු, උප‍්පන‍්නා පෙත‍්තිවිසයං ඛුප‍්පිපාසසම‍්පපිතා.
117-119. මම මින් පෙර ජාතිවල (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ (ස්වකීය) වැදූ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණා වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළසොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූස්ත්‍රන්ගේ ලේ ද, වණ ඇත්තවුන්ගේ, නාසය … හිස කැපූවන්ගේ යම් ලෙයක් වේ නම් එය ද ස්ත්‍රී … පුරුෂ ශරීර ආශ්‍රිත දේ ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
118. ඡඩ‍්ඩිතං ඛිපිතං ඛෙළං සිඞ‍්ඝාණිකං සිලෙසුමං, වසඤ‍්ච ඩය‍්හමානානං විජාතානඤ‍්ච ලොහිතං.
119. වණිතානඤ‍්ච යං ඝානසීසච‍්ඡින‍්නාන ලොහිතං ඛුදාපරෙතා භුඤ‍්ජාමි ඉත්‍ථිපුරිසනිස‍්සිතං.
120. පුබ‍්බලොහිතභක‍්ඛාස‍්මි පසූනං මානුසාන ච, අලෙනා අනගාරා ච නීලමඤ‍්ච පරායනා.
120. සිවුපාවුන්ගේ ද මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිහිටක් නැති ව වාසස්ථානයක් නැති ව සොහොන්යහන ම පිහිට කොට වෙසෙමි.
121. දෙහි පුත‍්තක මෙ දානං දත්‍වාන උද‍්දිසාහි මෙ, අප‍්පෙව නාම මුඤ‍්චෙය්‍යං පුබ‍්බලොහිතභොජනා.
121. පුතණුවනි, මා සඳහා දනක් දුන මැනවි, දන් දී මට පින් දුන මැනවි. ලේ සැරව බිදීමෙන් මිදෙන්නෙම් නම් ඉතා යෙහෙක.
122. මාතුයා වචනං සුත්‍වා උපතිස‍්සොනුකම‍්පකො, ආමන‍්තයී මොග‍්ගල‍්ලානං අනුරුද‍්ධඤ‍්ච කප‍්පිනං.
122. කාරුණික වූ උපතිස් තෙරහු මවගේ වචන අසා මොග්ගල්ලාන අනුරුද්ධ … කප්පින යන තෙරවරුන් ඇමතූහ. (නිමන්ත්‍රණය කළහ)
123. චතස‍්සො කුටියො කත්‍වා සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා, කුටියො අන‍්නපානඤ‍්ච මාතු දක‍්ඛිණමාදිසි.
123. සිවුකිළියක් කොට සිවුදිගින් වඩනා සඟනට ඒ කිළි ද ආහාර පාන ද දුන්හ. මවට දක්‍ෂිණාව (පින්) දුන්හ.
124. සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ විපාකො උදපජ‍්ජථ, භොජනං පානීයං වත්‍ථං දක‍්ඛිණාය ඉදං ඵලං.
124. පින්දීමට අනතුරු ව මැ එහි විපාකය උපන. දිව්‍යමය ආහාරපාන හා වස්ත්‍ර පහළ විය. මේ දක්‍ෂිණායෙහි ඵලය යි.
125. තතො සුද‍්ධා සුචිවසනා කාසිකුත‍්තමධාරිණී, විචිත‍්තවත්‍ථාභරණා කොලිතං උපසඞ‍්කමි.
125. ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති වැ උතුම් කසීසළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළැඹියා ය.
(මුගලන් තෙරහු මෙසේ විචාරති:)
126. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්ති දිසා සබ‍්බා ඔසධී විය තාරකා.
126.දෙව්දුව, යම්බඳු තෝ ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටිහි.
127. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
127. කවර හේතුවකින් තීගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිතඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ තිට උපදිත්.
128. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං: කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසති.
128. මහත් අනුභාව ඇති දෙව්දුව, තීගෙන් විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලිසෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
129. සාරිපුත‍්තස‍්සහං මාතා පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු, උප‍්පන‍්නා පෙත‍්තිවිසයං ඛුප‍්පිපාසසමප‍්පිතා.
129. මම මින් පෙර අනෙක් පස්වන ජාතියෙහි සැරියුත් තෙරුන්ගේ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණි වෙමි.
130. ඡඩ‍්ඩිතං ඛිපිතං ඛෙළං සිඞ‍්ඝාණිකං සිලෙසුමං, වසඤ‍්ච ඩය‍්හමානානං විජාතානඤ‍්ච ලොහිතං.
130. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළ - සොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූ ස්ත්‍රීන්ගේ ලෙය ද
131. වණිතානඤ‍්ච යං ඝානසීසච‍්ඡින‍්නාන ලොහිතං, ඛුදාපරෙතා භුඤ‍්ජාමි ඉත්‍ථිපුරිසනිස‍්සිතං.
131. වණ ඇත්තවුන්ගේ, කැපූ නාස හා හිස් ඇත්තවුන්ගේ යම් ලෙයෙක් වී නම් එය ද, ස්ත්‍රී පුරුෂ ශරීර ආශ්‍රිත දෙය ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
132. පුබ‍්බලොහිතභක‍්ඛාස‍්මි පසූනං මානුසාන ච, අලෙනා අනගාරා ච නීලමඤ‍්ච පරායනා.
132. සිවුපාවුන්ගේ ද, මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිළිසරණක් නැති වැ වාසස්ථානයක් නැති වැ සොහොන් යහන ම පිහිට කොට වෙසෙමි.
133. සාරිපුත‍්තස‍්ස දානෙන මොදාමි අකුතොභයා, මුනිං කාරුණිකං ලොකෙ භන‍්තෙ වන්‍දිතුමාගතා’ති.
133. සැරියුත් තෙරුන්ගේ දානය නිසා සතුටු වෙමි. ස්වාමීනි කෙලෙසිනුත් බිය නැති මම ලෝකයෙහි කාරුණික වූ ඔබ වැඳීමට මෙහි පැමිණියා වෙමි.