යෙදුමෙන් කියවන්න

මත‍්තාපෙතවත්‍ථු තතියං

2. 3.

2. 3.

(ප්‍රේතිය දුටු තිස්සාවෝ විචාරති:)

134. නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසි කිසා ධමනි සන්‍ථතා, උප‍්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්‍වං ඉධ තිට‍්ඨසි?.

134. තෝ නග්න යැ, විවරණ රූ ඇත්තීය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇත්තී ය. ඉල්පුණු ඉළ ඇටින් හා සිහින් සිරුරින් යුතු වැ මෙහි සිටින තෝ කවර යැ?

(ප්‍රෙතිය පිළිවදන් දෙයි:)

135. අහං මත‍්තා තුවං තිස‍්සා සපත‍්ති තෙ පුරෙ අහුං, පාපකම‍්මං කරිත්‍වාන පෙතලොකමිතො ගතාති.

135. මම මත්තා ය, ඔබ තිස්සා යැ, පෙර මම ඔබ හා එක ම හිමියකු ඇති ව (සපත්නී ව) සිටියමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමු.

(තිස්සාවෝ පුළුවුස්නී:)

136. කින‍්නු කායෙන වාචාය මනසා දුක‍්කටං කතං, කිස‍්ස කම‍්මවිපාකෙන පෙතලොකමිතො ගතා?.

136. කා විසි මුනි තිදොරින් තී කළ පව කුමක් ද? කිනම් පවක විපාකයෙන් මෙලොවින් ප්‍රේතලෝකයට ගියවු ද?

(ප්‍රෙතිය:)

137. චණ‍්ඩී ච ඵරුසා චාසිං ඉස‍්සුකී මච‍්ඡරී සඨා, තාහං දුරුත‍්තං වත්‍වාන පෙතලොකමිතො ගතා.

137. මම ක්‍රෝධ කරන, පරුෂ බස් තෙපලන, ඊර්‍ෂ්‍යා කරන, මසුරු සිත් ඇති, කෛරාටික ගති ඇත්තියක් වූමු. මම ඒ නපුරු වචන කථාකොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.

(තිස්සාවෝ:)

138. සබ‍්බං අහම‍්පි ජානාමි යථා ත්‍වං චණ‍්ඩිකා අහු, අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි කෙනාසි පංසුකුණ‍්ඨිතා.

138. යම්සේ තෝ කිපෙන්නියක් වූ ද, ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අන් කරුණක් විචාරමි. කවර පව්කමෙකින් පසින් ගැවසුණු සිරුරු ඇති වූ ද?

(ප්‍රෙතිය:)

139. සීසං නහාතා ත්‍වං ආසි සුචිවත්‍ථා අලඞ‍්කතා, අහඤ‍්ච ඛො තං අධිමත‍්තං සමලඞ‍්කතතරා තයා.

139. තෝ හිස් සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ සැරසුණි යැ. මම ද තිට වඩා ඉතා වැඩියෙන් සැරසුණුමු.

140. තස‍්සා මෙ පෙක‍්ඛමානාය සාමිකෙන සමන‍්තයි, තතො මෙ ඉස‍්සා විපුලා කොධො මෙ සමජායථ.

140. ඒ මා බලා සිටිය දී ම තෝ ස්වාමියා සමග කථා කළහු යැ. ඒ හේතුයෙන් මාගේ ඊර්‍ෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධ උපන.

141. තතො පංසුං ගහෙත්‍වාන පංසුනා තං හි ඔකිරිං, තස‍්ස කම‍්මවිපාකෙන තෙනම‍්හි පංසුකුණ‍්ඨිතා.

141. එහෙයින් මම පස් ගෙන එයින් තිට දමාගැසූමු. ඒ පව්කම්හි විපාකය නිසා පසින් ගැවසුණු සිරුරු ඇති වූමු.

(තිස්සාවෝ:)

142. සබ‍්බං අහම‍්පි ජානාමි පංසුනා මං ත්‍වමොකිරි, අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි කෙන ඛජ‍්ජසි කච‍්ඡුයා.

142. තෝ මට පසින් දමාගැසූ යැ. ඒ සියල්ල මම ද දනිමි. මම අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් නිසා කැසීම් රෝගයකින් පෙළෙවු ද?

(ප්‍රෙතිය:)

143. භෙසජ‍්ජහාරි උභයො වනන‍්තං අගමිම‍්හසෙ, ත්‍වඤ‍්ච භෙසජ‍්ජමාහරි අහඤ‍්ච කපිකච‍්ඡුනො.

143. අපි දෙදෙන ම බෙහෙත් ගෙනෙන්නමෝ වනයට ගියම්හ. තෝ බෙහෙත් ගෙන ආවහු යැ. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙන ආමු.

144. තස‍්සා ත්‍යාජානමානාය සෙය්‍යං ත්‍යාහං සමොකිරිං, තස‍්ස කම‍්මවිපාකෙන තෙන ඛජ‍්ජාමි කච‍්ඡුයා.

144. ඒ තී නො දන්නා කල මැ තිගේ ඇඳෙහි මම කසඹිලියා ගෙඩි විසිරුවා හළමු. ඒ පව්කම්හි විපාකයෙන් කැසීම් රෝගයෙන් පීඩිත වූමු.

(තිස්සාවෝ:)

145. සබ‍්බං අහම‍්පි ජානාමි සෙය්‍යං මෙ ත්‍වං සමොකිරි, අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි කෙනාසි නග‍්ගියා තුවං.

145. තෝ මගේ ඇඳෙහි එය විසුළහු නම් ඒ සියල්ල මම දනිමි. අනික් කරුණක් ද තීගෙන් විචාරමි. කවර කරුණෙකින් තෝ නග්න වූවහු ද?

(ප්‍රෙතිය:)

146. සහායානං සමයො ආසි ඤාතිනං සමිතී අහු, ත්‍වඤ‍්ච ආමන‍්තිතා ආසි සසාමිනී නො ච ඛො අහං.

146. (එකල) මිත්‍රයන්ගේ සමාගමයෙක් විය. නෑයන්ගේ රැස්වීමෙක් විය. සැමියා සහිත වූ තෝ ද කැඳවන ලදහු යැ. මම වනාහි නො කැඳවන ලදුමු.

147. තස‍්සා ත්‍යාජානමානාය දුස‍්සන‍්ත්‍යාහං අපානුදිං, තස‍්ස කම‍්මවිපාකෙන තෙනම‍්හි නග‍්ගියා අහං.

147. ඒ තී නො දන්නා කල ම (නො දැනුවත්ව ම) තීගේ වස්ත්‍රයක් මම සොරා ගතුමු. ඒ අකුශල කර්‍ම විපාකයෙන් මම නග්න වූමු.

(තිස්සාවෝ:)

148. සබ‍්බං අහම‍්පි ජානාමි දුස‍්සං මෙ ත්‍වං අපානුදි, අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි කෙනාසි ගූථගන්‍ධිනී.

148. තෝ මාගේ වස්ත්‍රයක් සොරාගතු නම් ඒ සියල්ල මම ද දනිමි. අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් හෙයින් (තෝ) අසූචි ගඳ ඇතියහු ද?

(ප්‍රෙතිය:)

149. තව ගන්‍ධඤ‍්ච මාලඤ‍්ච පච‍්චග‍්ඝඤ‍්ච විලෙපනං. ගූථකූපෙ අතාරෙසිං තං පාපං පකතං මයා: තස‍්ස කම‍්මවිපාකෙන තෙනම‍්හි ගූථගන්‍ධිනි.

149. තීගේ සුවඳවර්‍ග ද, මල්මාලාවක් ද, මාහැඟි විලෙවුන් ද අසූචිවළෙක දැමූමු. මා විසින් ඒ පව කරන ලද. ඒ පවුකම්හි විපාකයෙන් අසුචි ගඳැති සිරුරු ඇති වෙමි.

(තිස්සාවෝ:)

150. සබ‍්බං අහම‍්පි ජානාමි නං පාපං පකතං තයා, අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි කෙනාසි දුග‍්ගතා තුවං.

150. තී විසින් කරන ලද ඒ සියලු පාපය මම ද දනිමි. අනිකක් ද තීගෙන් අසමි. කුමන කර්‍මයෙකින් තෝ දුගී වූහු ද?

(ප්‍රෙතිය:)

151. උභින‍්නං සමකං ආසි යං ගෙහෙ විජ‍්ජතෙ ධනං, සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු දීපං නාකාසිමත‍්තනො, තස‍්ස කම‍්මවිපාකෙන තෙනම‍්හි දුග‍්ගතා අහං.

151. ගෙහි යම් ධනයක් වේ ද, එය අප දෙදෙනාට සමාන විය. මෙසේ දානවස්තු ඇති කල්හිත්, තමහට පිහිට වූ පිනක් නො කළමු. ඒ කර්‍මවිපාකයෙන් මම දුගී වූමු.

152. තදෙව මං ත්‍වං අවච පාපකම‍්මං නිසෙවසි න හි පාපෙහි කම‍්මෙහි සුලභා හොති සුග‍්ගති.

152. ඒ කාලයෙහි ම තෝ මට මෙසේ කීහු. තෝ පව්කම් ම කරහි. පව්කමින් සුගතිය සුලභ නො වේ ම ය.

(තිස්සා:)

153. වාමතො ත්‍වං මං පච‍්චෙසි අථොපි මං උසුය්‍යසි පස‍්ස පාපානං කම‍්මානං විපාකො හොති යාදිසො.

153. තෝ මා විරුද්ධකාරියක වශයෙන් සැලැකූහු. වැළිත් තෝ මට ඊර්‍ෂ්‍යා කළහු. පව්කම්වල යම්බඳු විපාකයක් වේ නම් එය බලව.

154. තෙ ඝරදාසියො ආසුං තානෙවාහරණානි මෙ, තෙ චඤ‍්ඤෙ පරිවාරෙන‍්තී න භොගා හොන‍්ති සස‍්සතා.

154. තීගේ ගෙයි දාසියෝ ද ඒ ආභරණයෝ ද වූහ. (තී විසින් පෙර පරිභෝග කරන ලද) ඔවුන් (දැන්) අන්‍යයෝ පරිභෝග කෙරෙත්. සම්පත් වූකලී ශාශ්වත නො ම වෙත්.

155. ඉදානි භූතස‍්ස පිතා ආපණා ගෙහමෙහීති, අප‍්පෙව තෙ දදෙ කිඤ‍්චි මා සු තාව ඉතො අගා.

155. දැන් භූත නම් වූ මපුතුගේ පියා (මා සැමියා) සල්පිළින් ගෙදර එයි. තිට කිසිවක් දෙන්නේ නම් මැනැවි. ඒ තාක් මෙතැනින් නො යව.

(ප්‍රෙතිය:)

156. නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාම‍්හි කිසා ධමනිසන්‍ථතා, කොපීනමෙතං ඉත්‍ථීනං මා මං භූතපිතාද‍්දස,

156. මම නග්න වූ, දුර්වර්‍ණ වූ කෘශ වූ ඉල්පුණු නහර ඇති වෙමි. මෙය ස්ත්‍රීනට ලජ්ජාවට කරුණෙකි. භූතගේ පියා මා නො දකීවා.

(තිස්සා:)

157. හන්‍ද කිං තාහං දම‍්මි කිං වා ච තෙ කරොම්‍යහං, යෙන ත්‍වං සුඛිතා අස‍්ස සබ‍්බකාමසමිද‍්ධිනී.

157. එසේ වී නම් යමෙකින් තෝ සියලු කම්සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙහි ද එබඳු කුමක් මම තිට දෙම් ද? මම තිට කිනම් උපකාරයක් කරම් ද?

(ප්‍රෙතිය:)

158. චත‍්තාරො භික‍්ඛු සඞ‍්ඝතො චත‍්තාරො පුන පුග‍්ගලා. අට‍්ඨ භික‍්ඛූ භොජයිත්‍වා මම දක‍්ඛිණමාදිස, තදාහං සුඛිතා හෙස‍්සං සබ‍්බකාමසමිද‍්ධිනී.

158. භික්‍ෂු සංඝයා කෙරෙන් සංඝ වශයෙන් සිවුනමක් ද නැවත පුද්ගල වශයෙන් භික්‍ෂූහු සතරනමක් දැ යි මෙසේ භික්‍ෂූන් අටනමක් වළඳවා මට පින් දෙව. එකල මම සියලු කැමති සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙමි.

159. සාධූති සා පටිස‍්සුත්‍වා භොජයිත්‍වාට‍්ඨ භික‍්ඛවො, වත්‍ථෙහච‍්ඡාදයිත්‍වාන තස‍්සා දක‍්ඛිණමාදිසි.

159. ඕ (තිස්සා) තොමෝ යහපතැයි පිළිවදන් දි භික්‍ෂූන් අට නමක් වළඳවා වස්ත්‍ර වලින් හඳවා (පූජාකොට) ඈට පින් දුන.

160. සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ විපාකො උදපජ‍්ජථ, භොජනච‍්ඡාදනපානීයං දක‍්ඛිණායා ඉදං ඵලං

160. පින්පෙත් දීමෙන් අනතුරු ව ම (එහි) විපාකය උපන. දිව බොජුන් පිළී සහ පැන් ද උපන. මේ දක්‍ෂිණාවේ (පින්දීමේ) ඵලයි.

161. තතො සුද‍්ධා සුචිවසනා කාසිකුත‍්තමධාරිණී, විචිත‍්තවත්‍ථාභරණා සපත‍්තිං උපසඞ‍්කමි.

161. ඉක්බිති ඕ විසිතුරු සුදු පිළි ඇති ව උතුම් කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී සපත්නිය වූ තිස්සාවන් වෙත එළැඹුණු.

(තිස්සා:)

162. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

162. දෙව්දුව, යම්බඳු තෙපි ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටුහු.

163. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

163. කවර හේතුවකින් තොපගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් මෙහි තොපගේ සුචරිතඵල සමෘද්ධිය වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තොපට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?

164. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී?ති.

164. මහත් අනුභාව ඇති දෙව්දුව, තොප විචාරමි. මිනිස් වූ (කල) තෙපි කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇතියවු ද? තොපගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවා දැයි.

(දෙව්දුව:)

165. අහං මත‍්තා තුවං තිස‍්සා සපත‍්තී තෙ පුරෙ අහුං, පාපකම‍්මං කරිත්‍වාන පෙතලොකමිතො ගතා.

165. මම මත්තා නමු. තෙපි තිස්සා නම් වූවහු. පෙර මම තොපගේ සපත්නී වූමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියා වෙමි.

166. තව දානෙන දින‍්නෙන මොදාමි අකුතො භයා, චිරං ජීවාහි භගිනි සහ සබ‍්බෙහි ඤාතිභි.

166. තොප දුන් දානයෙන් කිසිවකිනුත් බිය නැති වැ සතුටු වෙමි. නැගණියනි, සියලු නෑයන් සමග බොහෝ කලක් ජීවත්වෙව.

167. අසොකං විරජං ඨානං ආවාසං වසවත‍්තිනං, ඉධ ධම‍්මං චරිත්‍වාන දානං දත්‍වාන සොභනෙ. විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං, අනින්‍දිතා සග‍්ගමුපෙහි ඨානන‍්ති.

167. ශෝභන තැනැත්තියෙනි, මුල් සහිත මසුරු මල දුරුකොට මෙලොව දී ධර්‍මයෙහි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්‍යස්ථානය වූ තමා වසයෙහි පවත්නවුනට නිවාස වූ දෙව්ලොවට අගර්හිත වූවා පැමිණෙව.

මත‍්තාපෙතවත්‍ථු තතියං.

තුන්වැනි මත්තා ප්‍රේතවස්තු යි.