යෙදුමෙන් කියවන්න

3. මත‍්තාපෙතිවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

3. මත‍්තාපෙතිවත්‍ථුවණ‍්ණනා

3. තුන්වැනි මත්තා ප්‍රේතවස්තු වර්ණනාව

නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසීති ඉදං සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ මත‍්තං නාම පෙතිං ආරබ‍්භ වුත‍්තං. සාවත්‍ථියං කිර අඤ‍්ඤතරො කුටුම‍්බිකො සද‍්ධො පසන‍්නො අහොසි. තස‍්ස භරියා අස‍්සද‍්ධා අප‍්පසන‍්නා කොධනා වඤ‍්ඣා ච අහොසි නාමෙන මත‍්තා නාම. අථ සො කුටුම‍්බිකො කුලවංසූපච‍්ඡෙදනභයෙන සදිසකුලතො තිස‍්සං නාම අඤ‍්ඤං කඤ‍්ඤං ආනෙසි. සා අහොසි සද‍්ධා පසන‍්නා සාමිනො ච පියා මනාපා, සා නචිරස‍්සෙව ගබ‍්භිනී හුත්‍වා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි, “භූතො”තිස‍්ස නාමං අහොසි. සා ගෙහස‍්සාමිනී හුත්‍වා චත‍්තාරො භික‍්ඛූ සක‍්කච‍්චං උපට‍්ඨහි, වඤ‍්ඣා පන තං උසූයති.

“නග්ගා දුබ්බණ්ණ රූපා” - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නේ මත්තා නම් ප්‍රේතියක් අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර ශ්‍රද්ධාවන්ත වූ තුණුරුවන් කෙරෙහි පැහැදුණු එක්තරා කෙළෙඹියෙක් වාසය කළේය. ඔහුගේ බිරිඳ ශ්‍රද්ධා නැත්තීය. අප්‍රසන්නයහ, ක්‍රෝධ බහුලය. දරුවන් නැත්තියක් ද වුවා. නමින් මත්තා නම් විය. ඉක්බිති ඒ කෙළඹියා කුලවංශය නසී යයි බියෙන් සමාන කුලයකින් තිස්ස නම් වූ අනෙක් කන්‍යාවක් ගෙන ආයේය. ඕ තොමෝ සැදැහැ ඇත්තීය. ප්‍රසන්නයහ. ස්වාමීයාට ප්‍රියය. මනාපය වැඩිකල් නොගොස්ම ඇය ගැබිනියක වී දසමස් ඇවෑමෙන් පුතෙකු වැදීය. ඔහුට භුත තිස්ස යයි නම් කළේය. ඕතොමෝ ගෙට ස්වාමි දුවක් වී භික්ෂූන් සිව් නමකට මනාව උපස්ථාන කළාය. වඳ තැනැත්තිය ඇයට ඊර්ෂ්‍යා කළාය.

තා උභොපි එකස‍්මිං දිවසෙ සීසං න‍්හත්‍වා අල‍්ලකෙසා අට‍්ඨංසු, කුටුම‍්බිකො ගුණවසෙන තිස‍්සාය ආබද‍්ධසිනෙහො මනුඤ‍්ඤෙන හදයෙන තාය සද‍්ධිං බහුං සල‍්ලපන‍්තො අට‍්ඨාසි. තං අසහමානා මත‍්තා ඉස‍්සාපකතා ගෙහෙ සම‍්මජ‍්ජිත්‍වා ඨපිතං සඞ‍්කාරං තිස‍්සාය මත්‍ථකෙ ඔකිරි. සා අපරෙන සමයෙන කාලං කත්‍වා පෙතයොනියං නිබ‍්බත‍්තිත්‍වා අත‍්තනො කම‍්මබලෙන පඤ‍්චවිධං දුක‍්ඛං අනුභවති. තං පන දුක‍්ඛං පාළිතො එව විඤ‍්ඤායති. අථෙකදිවසං සා පෙතී සඤ‍්ඣාය වීතිවත‍්තාය ගෙහස‍්ස පිට‍්ඨිපස‍්සෙ න‍්හායන‍්තියා තිස‍්සාය අත‍්තානං දස‍්සෙසි. තං දිස‍්වා තිස‍්සා –

ඔව්හු දෙදෙනම එක් දවසක් හිස නා තෙත් කෙසින් යුතුව සිටියාහුය. කෙළෙඹි තෙමේ ගුණධර්ම වශයෙන් තිස්ස නම් ස්ත්‍රිය කෙරෙහි බැඳුනු සිතින් හද බැදි සිතින් ඈ සමග බොහෝ කොට කථා කරමින් සිටියේය. එය නො ඉවසන්නා වූ මිත්තා ඊර්ෂ්‍යාව ප්‍රකෘති කොට ඇතිව ගෙය හැම ද එකතු කර තිබුණු කසල තිස්සා නම් ස්ත්‍රියගේ හිස මත්තෙහි බහාලීය. ඕ තොමෝ ටික කලකින් කළුරිය කොට ප්‍රේත යෝනියෙහි ඉපදී, තමන්ගේ අකුසල කර්ම බලයෙන් පස් වැදෑරුම් දුක් අනුභව කරයි. ඒ පස් වැදෑරුම් දුක් වනාහී දේශනා පෙලෙන්ම ප්‍රකාශ වේ. එක් දවසක් ඒ ප්‍රේතිය සැන්දා කාලය ඉක්ම ගිය කල්හි ගෙයි පිටිපස නහමින් සිටි තිස්සා නම් ස්ත්‍රියට තමන් දැක්වීය. ඒ ප්‍රේතිය දැක තිස්ස නම් ස්ත්‍රිය -

“නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසි, කිසා ධමනිසන්‍ථතා; උප‍්ඵාසුලිකෙ කිසිකෙ, කා නු ත්‍වං ඉධ තිට‍්ඨසී”ති. –

35. නිර්වස්ත්‍ර වූ විරූප වූ ඉතා බියකරු දැකුම් ඇති රූපයකින් යුතුව දුගඳ වූ, කුණුගඳ හමන ශරීරයකින් යුතුව, හාත්පස නිල මැස්සගෙන් ගැවසි ගති, මෙතැන සිටින්නා වූ තී කවරී ද?

ගාථාය පටිපුච‍්ඡි. ඉතරා –

“අහං මත‍්තා තුවං තිස‍්සා, සපත‍්තී තෙ පුරෙ අහුං; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා”ති. –

36. පෙර ජන්මයේ මම මත්තා නම් වීම්. ඔබ තිස්ස නම් වූවාය. ඔබගේ සම හිමියා ඇත්තේ වීම්. පව්කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි.

ගාථාය පටිවචනං අදාසි. තත්‍ථ අහං මත‍්තා තුවං තිස‍්සාති අහං මත‍්තා නාම, තුවං තිස‍්සා නාම. පුරෙති පුරිමත‍්තභාවෙ. තෙති තුය‍්හං සපත‍්තී අහුං, අහොසින‍්ති අත්‍ථො. පුන තිස‍්සා –

එහි අහං මත්තා තුවං තිස්සා - මම මත්තා නම් වීම් ඔබ තිස්සාය. පුරෙ - පෙර ආත්ම භාවයෙහි - තෙ - යනු ඔබගේ ස්වාමියාගේ සම බිරිඳ (සපත්නී) වූයෙමි යන අර්ථයි. නැවත තිස්ස විචාළාය.

“කිං නු කායෙන වාචාය, මනසා දුක‍්කටං කතං; කිස‍්සකම‍්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතා”ති. –

37. කයින් වචනයෙන් සිතින් කවර අකුසල කර්මයක් කළේ ද? කවර නම් කවර නම් කර්මය විපාකයක් හේතුවෙන් ප්‍රේත ලෝකයට ගියේ ද?

ගාථාය කතකම‍්මං පුච‍්ඡි. පුන ඉතරා –

යන ගාථාවෙන් කරන ලද කර්මය විචාළාය. නැවත මිත්තා -

“චණ‍්ඩී ච ඵරුසා චාසිං, ඉස‍්සුකී මච‍්ඡරී සඨා; තාහං දුරුත‍්තං වත්‍වාන, පෙතලොකං ඉතො ගතා”ති. –

38. ක්‍රෝධ ඇත්තියක්ව ද, ඵරුස බස් කියන්නියක්ව ද, ඊර්ෂ්‍යා කරන්නියක්ව ද මසුරු තැනැත්තියක්ව ද, කෛරාටික පැවතුම් ඇත්තියක්ව ද විසුයෙමි. මම නිරර්ථක වචන කියා ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමි.

ගාථාය අත‍්තනා කතකම‍්මං ආචික‍්ඛි. තත්‍ථ චණ‍්ඩීති කොධනා. ඵරුසාති ඵරුසවචනා. ආසින‍්ති අහොසිං. තාහන‍්ති තං අහං. දුරුත‍්තන‍්ති දුබ‍්භාසිතං නිරත්‍ථකවචනං. ඉතො පරම‍්පි තාසං වචනපටිවචනවසෙනෙව ගාථා පවත‍්තා –

එහි චණ්ඩී - ක්‍රෝධ ඇතී, ඵරුසා - ඵරුස වචන - ආසිං - කියන්නියක් වූයෙමි. තාහං ඒ මම. දුබ්භාසිතං - නරක වචන - නිරර්ථක වචන, මෙයින් මතු වචන හා ප්‍රතිවචන වශයෙන් ගාථා පැවැත්වීය.

“සබ‍්බං අහම‍්පි ජානාමි, යථා ත්‍වං චණ‍්ඩිකා අහු; අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි, කෙනාසි පංසුකුන්‍ථිතා.

39. යම්සේ තී ක්‍රෝධ කරන්නියක් වී ද? ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අනිකක් විචාරමි. කවර කර්මයක් හේතු කොට ගෙන කසල පස්වලින් සිරුර ගැවසුනේ වේ ද?

“සීසංන‍්හාතා තුවං ආසි, සුචිවත්‍ථා අලඞ‍්කතා; අහඤ‍්ච ඛො අධිමත‍්තං, සමලඞ‍්කතතරා තයා.

40. තී ඉස් සෝදා නහා පිරිසිදු ඇඳුම් ඇඳ ලස්සණට සැරසුනාය. මම ද ඔබට වඩා වැඩියෙන් අලංකාර ඉතා (ලස්සනට සැරසුනේ වෙමි.)

“තස‍්සා මෙ පෙක‍්ඛමානාය, සාමිකෙන සමන‍්තයි; තතො මෙ ඉස‍්සා විපුලා, කොධො මෙ සමජායථ.

41. මා බලා සිටිය දී ම ස්වාමියා සමග කථාකළාය. ඒ දුටු මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පරිපීඩිත ක්‍රෝධය උපන්නේය.

“තතො පංසුං ගහෙත්‍වාන, පංසුනා තඤ‍්හි ඔකිරිං; තස‍්සකම‍්මවිපාකෙන, තෙනම‍්හි පංසුකුන්‍ථිතා.

42. එහෙයින් කුණු පස් ගෙන තිට පිටුපසින් සිට තිගේ ඔළුවේ සිට දැමීමි. ඒ අකුසල කර්ම විපාකයෙන් කසළ පස්වලින් ගැවසුණු ශරීර ඇත්තියක් වීමි.

“සබ‍්බං අහම‍්පි ජානාමි, පංසුනා මං ත්‍වමොකිරි; අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි, කෙන ඛජ‍්ජසි කච‍්ඡුයා.

43. ඒ සියල්ල මම දනිමි. තිගෙන් අනිකක් විචාරමි. කවර හේතුවක් නිසා කැසිම් රෝගයකින් පෙළෙන්නේද?

“භෙසජ‍්ජහාරී උභයො, වනන‍්තං අගමිම‍්හසෙ; ත්‍වඤ‍්ච භෙසජ‍්ජමාහරි, අහඤ‍්ච කපිකච‍්ඡුනො.

44. බෙහෙත් ගෙනෙන්නට අපි දෙදෙන වනයට ගියෙමු. ඒ බෙහෙත් රැගෙන ආවෙහිය. මම කසඹිලියා ගෙඩි ගෙනයෙමි.

“තස‍්සා ත්‍යාජානමානාය, සෙය්‍යං ත්‍යාහං සමොකිරිං; තස‍්සකම‍්මවිපාකෙන, තෙන ඛජ‍්ජාමි කච‍්ඡුයා.

45. තොපට නො පෙනෙන්නට ඒ කහඹිලියා ගෙඩි තිගේ ඇඳේ හාත්පස විසුරුවා දැමීම ඒ අකුසල කර්මයෙන් විපාක හේතුවෙන් කැසීම් රෝගයෙන් පෙළෙමි.

“සබ‍්බං අහම‍්පි ජානාමි, සෙය්‍යං මෙ ත්‍වං සමොකිරි; අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි, කෙනාසි නග‍්ගියා තුවං.

46. ඒ සියල්ල මම දනිමි. අනෙක් කරුණක් අසමි. ඔබ නග්න වූයේ, නිර්වස්ත්‍ර වූයේ කවර අකුශල කර්මයකින් ද,

“සහායානං සමයො ආසි, ඤාතීනං සමිතී අහු; ත්‍වඤ‍්ච ආමන‍්තිතා ආසි, සසාමිනී නො ච ඛොහං.

47. ඤාතීන්ගේ මිත්‍රයන්ගේ සමාගමක් විය. සැමියා සමග තී එහි යන්ට සැරසුනාය. මට එහි ආරාධනාවක් නොවීය.

“තස‍්සා ත්‍යාජානමානාය, දුස‍්සං ත්‍යාහං අපානුදිං; තස‍්සකම‍්මවිපාකෙන, තෙනම‍්හි නග‍්ගියා අහං.

48. ඒ උත්සවයට තිට ඇඳන් යාමට තිබු වස්ත්‍රයක් තී නොදැනුවත්ම මම සොරා ගතිමි. ඒ අකුසල කර්මයාගේ විපාකයෙන් මම නිර්වස්ත්‍ර වූයෙමි.

“සබ‍්බං අහම‍්පි ජානාමි, දුස‍්සං මෙ ත්‍වං අපානුදි; අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි, කෙනාසි ගූථගන්‍ධිනී.

49. තී මගේ වස්ත්‍රයක් සොයාගත් බව ආදී සියල්ල මම දනිමි. වෙනත් කරුණක් විචාරමි. තී දුගඳ හමන්නී කිනම් අකුසල කර්මයකින් ද?

“තව ගන්‍ධඤ‍්ච මාලඤ‍්ච, පච‍්චග‍්ඝඤ‍්ච විලෙපනං; ගූථකූපෙ අතාරෙසිං, තං පාපං පකතං මයා; තස‍්සකම‍්මවිපාකෙන, තෙනම‍්හි ගූථගන්‍ධිනී.

50. තීගේ සුවඳ ද්‍රව්‍යයන් ද, මා හැඟි වූ මල් මාලාවක් ද, තිගේ සුවඳ විලෙවුන් ද අශුචි වලෙක මම දැමුවෙමි. ඒ පාප කර්මය මා විසින් කරන ලදී. 51. ඒ අකුසල කර්මය හේතු කොට ගෙන දුගඳ හමන සිරුරක් ඇත්තියක් වීම්

“සබ‍්බං අහම‍්පි ජානාමි, තං පාපං පකතං තයා; අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමි, කෙනාසි දුග‍්ගතා තුවං.

52. අනිකක් ද තිගෙන් විචාරමි. කවර හේතුවකින් දුප්පත් වූයේ ද?

“උභින‍්නං සමකං ආසි, යං ගෙහෙ විජ‍්ජතෙ ධනං; සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු, දීපං නාකාසිමත‍්තනො; තස‍්සකම‍්මවිපාකෙන, තෙනම‍්හි දුග‍්ගතා අහං.

53. මේ ගෙයි යම් ධනයක් තිබුනේ නම් එය අප දෙදෙනාට සමාන විය. දාන වස්තුව (ධනය) ගෙදර ඇති කල්හි තමන්ට පිහිට පිණිස පිනක් නො කළේය. ඒ කර්ම විපාකයෙන් මම දුප්පත් වීමි.

“තදෙව මං ත්‍වං අවච, පාපකම‍්මං නිසෙවසි; න හි පාපෙහි කම‍්මෙහි, සුලභා හොති සුග‍්ගති.

54. එකල්හිම තී මට ඒ දවස්වලට මෙසේ කීය. පව්කම් සේවනය කිරීමෙන් සුගතියකට යාම ලෙහෙසි නොවේ.

“වාමතො මං ත්‍වං පච‍්චෙසි, අථොපි මං උසූයසි; පස‍්ස පාපානං කම‍්මානං, විපාකො හොති යාදිසො.

55. තී මා නො මගින් නොවැළකුවෙහිය. මට ඊර්ෂ්‍ය කළාය. වෙනස්කම් කළාය. ළාමක වූ පාප කර්මයන්ගේ දරුණු වූ විපාකයක් වේ ද එය දැන් බලව.

“තෙ ඝරා තා ච දාසියො, තානෙවාභරණානිමෙ; තෙ අඤ‍්ඤෙ පරිචාරෙන‍්ති, න භොගා හොන‍්ති සස‍්සතා.

56. තිගේ වැඩකාරියන් ආභරණ වූයේ ද ඒ ආභරණත් මෙහෙකාරියෝත් දැන් වෙනත් අය පරිභෝග කෙරෙති. සම්පත් වූ කලි සදාකාලික නොවේ.

“ඉදානි භූතස‍්ස පිතා, ආපණා ගෙහමෙහිති; අප‍්පෙව තෙ දදෙ කිඤ‍්චි, මා සු තාව ඉතො අගා.

57. දැන් පුතාගේ පියා සල්පිලෙන් ගෙදර එන්නේය. තිට කිසිවක් දෙන්නේ නම් යෙහෙක ඔහු ගෙදර එන තෙක් කොහේවත් නො ගොස් රැදී සිටින්න.

“නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාම‍්හි, කිසා ධමනිසන්‍ථතා; කොපීනමෙතං ඉත්‍ථීනං, මා මං භූතපිතාද‍්දස.

58. මම නිර්වස්ත්‍ර වූ, විරූපී වූ, ඉල්පීගිය නහර වැල් ඇති, අයෙක් වෙමි. මෙය ස්ත්‍රීන්ට ලජ්ජාවට කාරණයෙකි. එ නිසා දරුවාගේ පියා මා නො දකීවා.

“හන්‍ද කිං වා ත්‍යාහං දම‍්මි, කිං වා තෙච කරොමහං; යෙන ත්‍වං සුඛිතා අස‍්ස, සබ‍්බකාමසමිද‍්ධිනී.

59. එසේ නම් යමක් හේතුකොට ගෙන ඒ දුකින් මිදී සමෘද්ධියට පත්වන්නී ද? සුවපත් වන්නී ද? එබඳු වූ කුමක් තොපට දෙම් ද? කිනම් උපකාරයක් කරන්නෙම්ද?

“චත‍්තාරො භික‍්ඛූ සඞ‍්ඝතො, චත‍්තාරො පන පුග‍්ගලෙ; අට‍්ඨ භික‍්ඛූ භොජයිත්‍වා, මම දක‍්ඛිණමාදිස; තදාහං සුඛිතා හෙස‍්සං, සබ‍්බකාමසමිද‍්ධිනී.

60. භික්ෂු සඞ්ඝයා වෙනුවෙන් සතර නමක් ද, පුද්ගලයන් හැටියට සතර නමක් ද, භික්ෂූන් වහන්සේලා අට නමක් සඳහා දානයක් දී ඒ පින් මට අනුමෝදන් කරනු මැනවි. එකල්හි මම දුකින් මිදී සමෘද්ධියට පත්වන්නෙමි. සියලු කාමයන්ගෙන් සම්පූර්ණ වන්නෙමි.

“සාධූති සා පටිස‍්සුත්‍වා, භොජයිත්‍වාට‍්ඨ භික‍්ඛවො; වත්‍ථෙහච‍්ඡාදයිත්‍වාන, තස‍්සා දක‍්ඛිණමාදිසී.

61. එය මැනැවැයි ඇය පිළිගෙන - භික්ෂූන් අට නමක් වඩමවා දානයක් දුන්නීය. වස්ත්‍රයක් රෙදිපිළි ද පූජා කොට ඇයට ඒ පින් අනුමෝදන් කළාය.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, විපාකො උදපජ‍්ජථ; භොජනච‍්ඡාදනපානීයං, දක‍්ඛිණාය ඉදං ඵලං.

62. ඒ පින් පෙත් එළ වූ කල්හිම විපාකයන් පහළ විය. මේ දක්ෂිණාවේ ප්‍රතිඵල වශයෙන් දිව්‍ය භෝජන සමාන වූ ආහාර ද පැන් ද, ඇයට පහළ විය.

“තතො සුද‍්ධා සුචිවසනා, කාසිකුත‍්තමධාරිනී; විචිත‍්තවත්‍ථාභරණා, සපත‍්තිං උපසඞ‍්කමි.

63. ඉන්පසුව ඈ පිරිසිදු වූවා උතුම් කසීසළු දරන්නියක් මෙන් දිව්‍ය වස්ත්‍ර හැඳ පෙරවුවාය. විසිතුරු වූ වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී. සපත්නී (තිස්සා) වෙත එළඹියාය.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

64. ඉතා විශිෂ්ඨ වූ ශරීර වර්ණයෙන් ප්‍රදේශය බබළවමින් සිටින්නීය. ඕසධී තාරකාව මෙන් සියලු දිසාවන් බබළවන මෙබදු ශරීරයක්

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

65. තිට කවර කුශල කර්මයකින් ලැබෙන්නේ ද? කවර හේතුවකින් ඔබට සියල්ල සමෘද්ධ වන්නේ ද? ප්‍රිය වූ යම් සම්පතක් වේ ද ඒ සියල්ල ඔබට පහළ වේ.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසී පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

66. මහානුභාව වූ දෙවඟන! ඔබෙන් මෙය විචාරමි. මෙපරිද්දෙන් දිලිසෙන, වර්ණවත් වූ ශරීරයක් ලබන්න මිනිසත් බවෙහි දී ඔබ කිනම් කුසල කර්මයක් කළෙහි ද? ඔබගේ වර්ණයෙන් සියළු දිසාවන් බැබළෙයි.

“අහං මත‍්තා තුවං තිස‍්සා, සපත‍්තී තෙ පුරෙ අහුං; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා.

67. එකම අයෙක් සැමියා කොට සිටි මම මත්තා ය. ඔබ තිස්සාය. පෙර කරන ලද අකුසල කර්ම නිසා මම ප්‍රේත ලෝකයේ උපන්නෙමි.

“තව දින‍්නෙන දානෙන, මොදාමි අකුතොභයා; චිරං ජීවාහි භගිනි, සහ සබ‍්බෙහි ඤාතිභි; අසොකං විරජං ඨානං, ආවාසං වසවත‍්තිනං.

68. නැගණිය තී විසින් දෙන ලද දානමය පින්කම හේතුකොට ගෙන, බිය නැතිව සතුටුවෙමි. සියලු නෑයන් සමගින් බොහෝ කාලයක් ජීවත් වෙව.

“ඉධ ධම‍්මං චරිත්‍වාන, දානං දත්‍වාන සොභනෙ; විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං, අනින්‍දිතා සග‍්ගමුපෙහි ඨාන”න‍්ති.

69. සුන්දරිය ලෝභ ද්වේෂ සහිත වූ මසුරු මලය දුරුකොට, මෙහිදී ධර්මයේ හැසිර දන් දී සෝක රහිත වූ, රජස් නැති, දිව්‍යස්ථානය වූ, වයසෙහි පවත්නවුන්ට වාසස්ථාන වූ, දෙව් ලොවට නින්දා නැතිව පැමිණෙව.

තත්‍ථ සබ‍්බං අහම‍්පි ජානාමි, යථා ත්‍වං චණ‍්ඩිකා අහූති “චණ‍්ඩී ච ඵරුසා චාසි”න‍්ති යං තයා වුත‍්තං, තං සබ‍්බං අහම‍්පි ජානාමි, යථා ත්‍වං චණ‍්ඩිකා කොධනා ඵරුසවචනා ඉස‍්සුකී මච‍්ඡරී සඨා ච අහොසි. අඤ‍්ඤඤ‍්ච ඛො තං පුච‍්ඡාමීති අඤ‍්ඤං පුන තං ඉදානි පුච‍්ඡාමි. කෙනාසි පංසුකුන්‍ථිතාති කෙන කම‍්මෙන සඞ‍්කාරපංසූති ඔගුණ‍්ඨිතා සබ‍්බසො ඔකිණ‍්ණසරීරා අහූති අත්‍ථො.

එහි සබ්බං අහම්පි ජානාමි යථා ත්‍වං චණ්ඩිකා අහු - ඊර්ෂ්‍යාවෙන් ද, ඵරුස වචන කියමින් ද, සිටි ඔබ විසින් කියන ලද සියලු දේ මම දනිමි. ක්‍රෝධයෙන් ද, ඵරුස වචන කියමින් ද ඊර්ෂ්‍යාවෙන් ද, මසුරු බවින් ද, කෛරාටිකකමින් ද යුක්ත වූයේය. අඤ්ඤඤ්ච චො තං පුච්ඡාමි - අනෙක් කරුණක් ඔබගෙන් දැන් විමසමි. කෙනාසි පංඝු කුණ්ඨිතා - කවර කර්මයකින් කසළ පස්වලින් ආකීර්ණ වී සිටින්නේ ද? මුළු සිරුර පුරා පස් විසිරි ඇත යන අර්ථයි.

සීසංන‍්හාතාති සසීසං න‍්හාතා. අධිමත‍්තන‍්ති අධිකතරං. සමලඞ‍්කතතරාති සම‍්මා අතිසයෙන අලඞ‍්කතා. “අධිමත‍්තා”ති වා පාඨො, අතිවිය මත‍්තා මානමදමත‍්තා, මානනිස‍්සිතාති අත්‍ථො. තයාති භොතියා . සාමිකෙන සමන‍්තයීති සාමිකෙන සද‍්ධිං අල‍්ලොපසල‍්ලාපවසෙන කථෙසි.

සීසං නහාතා - හිස සහිත නහා - අධිමත්තං - අධිකතර සමලඞ්කත තරා - මනාකොට, වැඩියක්කොට අලඞ්කාරව සැරසුනි, අධිමත්තා යනු ද ඒ, අතිශයින් මත් වී, මානයෙන් මදයෙන් මත් වී, මාන්නයෙන් පෙළී යන අර්ථයි. තයා යුෂ්මතිය, සාමිකෙන සමන්තයී - ස්වාමියා සමග සුවදුක් ආගිය තොරතුරු ආදිය කථා කළාය.

ඛජ‍්ජසි කච‍්ඡුයාති කච‍්ඡුරොගෙන ඛාදීයසි, බාධීයසීති අත්‍ථො. භෙසජ‍්ජහාරීති භෙසජ‍්ජහාරිනියො ඔසධහාරිකායො. උභයොති දුවෙ, ත්‍වඤ‍්ච අහඤ‍්චාති අත්‍ථො. වනන‍්තන‍්ති වනං. ත්‍වඤ‍්ච භෙසජ‍්ජමාහරීති ත්‍වං වෙජ‍්ජෙහි වුත‍්තං අත‍්තනො උපකාරාවහං භෙසජ‍්ජං ආහරි. අහඤ‍්ච කපිකච‍්ඡුනොති අහං පන කපිකච‍්ඡුඵලානි දුඵස‍්සඵලානි ආහරිං. කපිකච‍්ඡූති වා සයංභූතා වුච‍්චති, තස‍්මා සයංභූතාය පත‍්තඵලානි ආහරින‍්ති අත්‍ථො. සෙය්‍යං ත්‍යාහං සමොකිරින‍්ති තව සෙය්‍යං අහං කපිකච‍්ඡුඵලපත‍්තෙහි සමන‍්තතො අවකිරිං.

ඛජ්ජසි කච්ඡුයා - කැසීම් රෝගයෙන් කසන්නේය අර්ථයි. භෙසජ්ජහාරී - බෙහෙත් සොයන්නේ ඖෂධ හාරන්නී, උභයො - දෙදෙනා ඔබ ද මා ද යන අර්ථයි. වනං යනු - කැලය ත්‍වංචභෙසජ්ජ මාහරි - ඔබ වෙදුන් විසින් කියන ලද පරිදි තමන්ට උපකාර වන්නාවූ බෙහෙත් ගෙන ආවාය. අහම්පි කපි කච්ඡුනො - මම වනාහි දුක් ස්පර්ශ ගෙන දෙන්නා වූ කහඹිලියා ගෙඩි ගෙනාවෙමි. කහඹිලියා තමන් සැඟවී යයි කියයි. එහෙයින් කහඹිලියා තමන් විසින්ම සඟවා ගෙන ආ බව කියයි. සෙය්‍ය ත්‍යාහං සමොකිරි - තෙපි නිදා ගන්නා වූ සයනයෙහි මම කහඹිලියා කොළ සහ ගෙඩි හැම තැන විසිරවීමි.

සහායානන‍්ති මිත‍්තානං. සමයොති සමාගමො. ඤාතීනන‍්ති බන්‍ධූනං. සමිතීති සන‍්නිපාතො. ආමන‍්තිතාති මඞ‍්ගලකිරියාවසෙන නිමන‍්තිතා. සසාමිනීති සභත‍්තිකා, සහ භත‍්තුනාති අත්‍ථො. නො ච ඛොහන‍්ති නො ච ඛො අහං ආමන‍්තිතා ආසින‍්ති යොජනා. දුස‍්සං ත්‍යාහන‍්ති දුස‍්සං තෙ අහං. අපානුදින‍්ති චොරිකාය අවහරිං අග‍්ගහොසිං.

සහායානං - මිත්‍රයන්ගේ සමයො - එක් රැස්වීම, ඤාතීනං - බන්ධු වරයින්ගේ නෑයින්ගේ, සමීති - රැස්වීම්, එකතුවීම, ආමන්තිතා - මල සම්මත වසයෙන් ආරාධනා කිරීම, සසාමීති - සපත්නිය සහ ස්වාමී පුරුෂයා නො ච ඛො අහං - මම ආරාධනාවක් නො ලද්දේ වෙමි. දුස්සන්ත්‍යාහං - මම තොපගේ සාරියක් - අනුපාදිං - සොර සිතින් ගෙන සැඟවීම්

පච‍්චග‍්ඝන‍්ති අභිනවං, මහග‍්ඝං වා. අතාරෙසින‍්ති ඛිපිං. ගූථගන්‍ධිනීති ගූථගන්‍ධගන්‍ධිනී කරීසවායිනී.

පච්චග්ඝං - අළුත් වටිනා වූ (මහාර්ග වූ) අතාරෙසිං - බහාලීම්, ගූථගන්‍ධිනී - අසුචි ගඳ හමන්නේය.

යං ගෙහෙ විජ‍්ජතෙ ධනන‍්ති යං ගෙහෙ ධනං උපලබ‍්භති, තං තුය‍්හං මය‍්හඤ‍්චාති අම‍්හාකං උභින‍්න සමකං තුල්‍යමෙව ආසි. සන‍්තෙසූති විජ‍්ජමානෙසු. දීපන‍්ති පතිට‍්ඨං, පුඤ‍්ඤකම‍්මං සන්‍ධාය වදති.

යං ගෙහෙවිජ්ජතෙ ධනං - මේ ගෙදරට යම්කිසි ධනයක් ලැබී ද එය ඔබට ද මට ද දෙදෙනාටම සමාන විය. සමසේ බෙදීම් වූයේය. සන්තෙසු - දකින්නාවූම දීපං - පිහිටියේය. පින්කම් සඳහා කියයි.

එවං සා පෙතී තිස‍්සාය පුච‍්ඡිතමත්‍ථං කත්‍ථෙත්‍වා පුන පුබ‍්බෙ තස‍්සා වචනං අකත්‍වා අත‍්තනා කතං අපරාධං පකාසෙන‍්තී “තදෙව මං ත්‍ව”න‍්තිආදිමාහ. තත්‍ථ තදෙවාති තදා එව, මය‍්හං මනුස‍්සත‍්තභාවෙ ඨිතකාලෙයෙව. තථෙවාති වා පාඨො, යථා එතරහි ජාතං, තං තථා එවාති අත්‍ථො. මන‍්ති අත‍්තානං නිද‍්දිසති, ත්‍වන‍්ති තිස‍්සං. අවචාති අභණි. යථා පන අවච, තං දස‍්සෙතුං “පාපකම‍්ම”න‍්තිආදි වුත‍්තං. “පාපකම‍්මානී”ති පාළි. “ත්‍වං පාපකම‍්මානියෙව කරොසි, පාපෙහි පන කම‍්මෙහි සුගති සුලභා න හොති, අථ ඛො දුග‍්ගති එව සුලභා”ති යථා මං ත්‍වං පුබ‍්බෙ අවච ඔවදි, තං තථෙවාති වදති.

මෙසේ ඒ ප්‍රේතී තොමෝ තිස්සා විසින් විචාරණ ලද අර්ථය ප්‍රකාශ කරත් තදෙවමං න්‍වන්ති ආදිය කීයේය. එහි තදෙව යනු එකල්හි මම මනුෂ්‍යාත්මභාවයේ සිටි කාලයෙහිම, තථෙවා කියා ද පාඨයකි. යම්සේ මේ කාලයෙහි මෙසේ උපන්නෙමි යන අර්ථයි. මං තමන් දක්වයි. ත්‍වං - යනු තිස්සා දක්වයි. අවච - කීවාය. යම් සේ එය දැක්විමට කීවේ ද? පාපකම්මං - අතීතය කියන ලදී. පාප කම්මානි - ඔබ පාප කර්මයන්ම කළෙහිය. පව්කම්වලින් වනාහි යහපත් ප්‍රතිවිපාක නො ලබයි. ඉක්බිති අයහපත් ප්‍රති විපාකම ලැබෙයි. යම් සේ මම පෙර මෙසේ කීවේ ද? අවවාද දුන්නේ ද එය එසේම කියයි. එය අසා තිස්සා වාමතො මං ත්‍වං පච්චෙසි” ආදී වශයෙන් ගාථා කීහ.

තං සුත්‍වා තිස‍්සා “වාමතො මං ත්‍වං පච‍්චෙසී”තිආදිනා තිස‍්සො ගාථා ආහ. තත්‍ථ වාමතො මං ත්‍වං පච‍්චෙසීති විලොමතො මං ත්‍වං අධිගච‍්ඡසි, තුය‍්හං හිතෙසිම‍්පි විපච‍්චනීකකාරිනිං කත්‍වා මං ගණ‍්හාසි. මං උසූයසීති මය‍්හං උසූයසි, මයි ඉස‍්සං කරොසි. පස‍්ස පාපානං කම‍්මානං, විපාකො හොති යාදිසොති පාපකානං නාම කම‍්මානං විපාකො යාදිසො යථා ඝොරතරො, තං පච‍්චක‍්ඛතො පස‍්සාති වදති.

එහි වාම තො මං ත්‍වං පච්චෙසි - විරුද්ධ වසයෙන් ඔබ මා අවබෝධ කළෙහි. ඔබ හිතෛෂීව කී දේ පැසසිය යුතු කරුණක් කොට නොගත්තෙහි. මං උසුයසි. මට ඊර්ෂ්‍යා කළාය. මා නො ඉවසුවාය. පස්ස පාපාත කම්මානං විපාකො හොති යාදිසො - පාප කර්මයන්ගේ විපාකය යම් සේ භයානක වේ ද? එය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිමියි කියයි.

තෙ අඤ‍්ඤෙ පරිචාරෙන‍්තීති තෙ ඝරෙ දාසියො ආභරණානි ච ඉමානි තයා පුබ‍්බෙ පරිග‍්ගහිතානි ඉදානි අඤ‍්ඤෙ පරිචාරෙන‍්ති පරිභුඤ‍්ජන‍්ති. “ඉමෙ”ති හි ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං. න භොගා හොන‍්ති සස‍්සතාති භොගා නාමෙතෙ න සස‍්සතා අනවට‍්ඨිතා තාවකාලිකා මහායගමනීයා, තස‍්මා තදත්‍ථං ඉස‍්සාමච‍්ඡරියාදීනි න කත‍්තබ‍්බානීති අධිප‍්පායො.

තෙචඤ්ඤෙ පරිවාරෙන්ති ඔබගේ ගෙදර දාසියෝ, (ඔබ විසින් පෙර පරිහරණය කරන ලද ආභරණයෝ ද), ආභරණ ද, ඔබ විසින් පෙර පරිහරණය කරන ලද අනෙක් දේ වෙනත් පිරිවර ජනයා ද පරිභෝග කරත්. මෙහි ලිඞ්ග විපර්යාසය කියන ලදී. න භොගා හොන්ති සස්සතා - වස්තු සම්පත් ස්ථිර නො වන්නේය. අනිස්තිරය - එක් තැනක නො පිහිටයි - මියයන විට හැරදමා යයි. එහෙයින් ඒ පිළිබඳව ඊර්ෂ්‍යාව මසුරුවීම ආදිය නො කළයුතුය.

ඉදානි භූතස‍්ස පිතාති ඉදානෙව භූතස‍්ස මය‍්හං පුත‍්තස‍්ස පිතා කුටුම‍්බිකො. ආපණාති ආපණතො ඉමං ගෙහං එහිති ආගමිස‍්සති. අප‍්පෙව තෙ දදෙ කිඤ‍්චීති ගෙහං ආගතො කුටුම‍්බිකො තුය‍්හං දාතබ‍්බයුත‍්තකං කිඤ‍්චි දෙය්‍යධම‍්මං අපි නාම දදෙය්‍ය. මා සු තාව ඉතො අගාති ඉතො ගෙහස‍්ස පච‍්ඡා වත්‍ථුතො මා තාව අගමාසීති තං අනුකම‍්පමානා ආහ.

ඉදානි භූතස්ස පිතා - දැන් භුතයාගේ, මගේ පුතාගේ පියා කෙළෙඹියා, ආපණා - වෙළදසැලින් ගෙදර එන්නේය. අප්පෙව තෙ දදෙකිඤ්චි - කෙළෙඹියා, ගෙට ආවායින් පසුව නුඹට දිය යුතු යම් වස්තුවක් දෙනු ඇත. මාසු තාව ඉතො අගා - මේ ගෙදර පිටුපසින් ඉවතට නො යන්නැයි අනුකම්පාවෙන් කීවාය.

තං සුත්‍වා පෙතී අත‍්තනො අජ‍්ඣාසයං පකාසෙන‍්තී “නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාම‍්හී”ති ගාථමාහ. තත්‍ථ කොපීනමෙතං ඉත්‍ථීනන‍්ති එතං නග‍්ගදුබ‍්බණ‍්ණතාදිකං පටිච‍්ඡාදෙතබ‍්බතාය ඉත්‍ථීනං කොපීනං රුන්‍ධනීයං. මා මං භූතපිතාද‍්දසාති තස‍්මා භූතස‍්ස පිතා කුටුම‍්බිකො මං මා අද‍්දක‍්ඛීති ලජ‍්ජමානා වදති.

එය අසා ප්‍රේතිය තමාගේ අදහස ප්‍රකාශ කරමින් “නග්ගා දුබ්බණ්ණ රූපාම්හි” ආදී ගාථාව කීහ. එහි කොපීන මෙතං ඉත්‍ථං මේ නග්න වූ දුර්වර්ණ වූ කෘශ වූ රූපාදියෙන් යුක්ත වූ ස්ත්‍රීන්ගේ නග්න බව සිටීම වළක්වයි. මාං භූතා පිතාද්දසා එහෙයින් භුතයාගේ පියා කෙළඹියා මා නොදකීවා. ලජ්ජාවෙන් යුක්තව කීය.

තං සුත්‍වා තිස‍්සා සඤ‍්ජාතනුද‍්දයා “හන්‍ද කිං වා ත්‍යාහං දම‍්මී”ති ගාථමාහ. තත්‍ථ හන්‍දාති චොදනත්‍ථෙ නිපාතො. කිං වා ත්‍යාහං දම‍්මීති කිං තෙ අහං දම‍්මි, කිං වත්‍ථං දස‍්සාමි, උදාහු භත‍්තන‍්ති. කිං වා තෙධ කරොමහන‍්ති කිං වා අඤ‍්ඤං තෙ ඉධ ඉමස‍්මිං කාලෙ උපකාරං කරිස‍්සාමි.

එය අසා හටගත් අනුකම්පාව දයාව ඇතිව හන්‍දකිං තාහං දම්මී - යන ගාථාව කීය. හන්‍දා - උද්‍යොගාත්‍ථියෙහි නිපාතයි. කින්තාහං දම්මි - මම ඔබට කුමක් දෙම් ද, වස්ත්‍ර ද නැත්නම් ආහාර ද, කිං වා තෙධ කරොම්‍යහ මේ කාලයෙහි කුමක් හෝ අන්‍ය වූ උපකාරයක් කරන්නෙමි.

තං සුත්‍වා පෙතී “චත‍්තාරො භික‍්ඛූ සඞ‍්ඝතො”ති ගාථමාහ. තත්‍ථ චත‍්තාරො භික‍්ඛූ සඞ‍්ඝතො, චත‍්තාරො පන පුග‍්ගලෙති භික‍්ඛුසඞ‍්ඝතො සඞ‍්ඝවසෙන චත‍්තාරො භික‍්ඛූ, පුග‍්ගලවසෙන චත‍්තාරො භික‍්ඛූති එවං අට‍්ඨ භික‍්ඛූ යථාරුචිං භොජෙත්‍වා තං දක‍්ඛිණං මම ආදිස, මය‍්හං පත‍්තිදානං දෙහි. තදාහං සුඛිතා හෙස‍්සන‍්ති යදා ත්‍වං දක‍්ඛිණං මම උද‍්දිසිස‍්සසි, තදා අහං සුඛිතා සුඛප‍්පත‍්තා සබ‍්බකාමසමිද‍්ධිනී භවිස‍්සාමීති අත්‍ථො.

එය අසා ප්‍රේතිය, චත්තාරො භික්‍ඛු සඞ්ඝතො ආදී ගාථා කීහ. එහි චත්තාරො භික්‍ඛු සඞ්ඝතො චත්තාරො පුන පුග්ගලා - භික්ෂුන් වහන්සේලා සඞ්ඝයා වසයෙන් සතර නමක් ද පුද්ගලයන් වසයෙන් සතර නමක් ද මෙසේ භික්ෂූන් අට නමක් ගෙන්වා කැමති පරිද්දෙන් වළඳවා - මා උදෙසා මට පින් පෙත් දෙනු මැනවි. තදාහං සුඛිතං හෙස්සං - යම් කලෙක ඒ දක්ෂිණාව මට උදෙසයිද? එකල්හි මම සුවපත් වී සියළු කාමයන්ගෙන් සමෘද්ධ වන්නෙමි.

තං සුත්‍වා තිස‍්සා තමත්‍ථං අත‍්තනො සාමිකස‍්ස ආරොචෙත්‍වා දුතියදිවසෙ අට‍්ඨ භික‍්ඛූ භොජෙත්‍වා තස‍්සා දක‍්ඛිණමාදිසි, සා තාවදෙව පටිලද‍්ධදිබ‍්බසම‍්පත‍්තිකා පුන තිස‍්සාය සන‍්තිකං උපසඞ‍්කමි. තමත්‍ථං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරෙහි “සාධූති සා පටිස‍්සුත්‍වා”තිආදිකා තිස‍්සො ගාථා ඨපිතා.

ඒ අසා “තිස්සා” ඒ කාරණය තමන්ගේ ස්වාමීයාට කියා, දෙවන දවසෙහි භික්ෂූන් අට නමක් වළදවා, ඇයට පිං අනුමෝදන් කළහ. ඕ තොමෝ එකෙණෙහිම දිව්‍ය සම්පත් ලැබ නැවත තිස්සා වෙත එළඹියාය. එහි අර්ථය දැක්වීමට සංගීති කාරකයෝ සාධුතිසා පටිස්සුත්‍වා ආදී ගාථා කීහ.

උපසඞ‍්කමිත්‍වා ඨිතං පන නං තිස‍්සා “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදීහි තීහි ගාථාහි පටිපුච‍්ඡි. ඉතරා “අහං මත‍්තා”ති ගාථාය අත‍්තානං ආචික‍්ඛිත්‍වා “චිරං ජීවාහී”ති ගාථාය තස‍්සා අනුමොදනං දත්‍වා “ඉධ ධම‍්මං චරිත්‍වානා”ති ගාථාය ඔවාදං අදාසි. තත්‍ථ තව දින‍්නෙනාති තයා දින‍්නෙන. අසොකං විරජං ඨානන‍්ති සොකාභාවෙන අසොකං, සෙදජල‍්ලිකානං පන අභාවෙන විරජං දිබ‍්බට‍්ඨානං, සබ‍්බමෙතං දෙවලොකං සන්‍ධාය වදති. ආවාසන‍්ති ඨානං. වසවත‍්තිනන‍්ති දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන අත‍්තනො වසං වත‍්තෙන‍්තානං. සමූලන‍්ති සලොභදොසං. ලොභදොසා හි මච‍්ඡරියස‍්ස මූලං නාම. අනින්‍දිතාති අගරහිතා පාසංසා, සග‍්ගමුපෙහි ඨානන‍්ති රූපාදීහි විසයෙහි සුට‍්ඨු අග‍්ගත‍්තා “සග‍්ග”න‍්ති ලද‍්ධනාමං දිබ‍්බට‍්ඨානං උපෙහි, සුගතිපරායණා හොහීති අත්‍ථො. සෙසං උත‍්තානමෙව.

“තිස්සා” වෙත එළඹ සිටියේම තිස්සා නැවත, අභික්කන්තෙ න වණ්ණෙන ආදී ගාථා තුනකින් විචාළහ. අහම්මත්තානි - ආදී ගාථා තමන්ට කියා චිරංජීවාහි ආදී ගාථාවලින් ඇයට අනුමෙවෙනි කතා කොට, ඉධ ධම්මං චරිත්‍වා - ආදී ගාථාවලින් අවවාද දුන්නීය. එහි තව දින්නො - ඔබ විසින් දෙන ලද, අසොකං විරජංමානං සෝකභාවයෝ නිශ්ශෝක වී, සෝක රහිත වූ වහවැලි (දහඩිය) නැති බැවින් රජස් සහිත වූ දෙව්ලොව, මේ සියල්ල දිව්‍ය ලෝකය සඳහා කියන ලදී. ආවාසං නිවාස ස්ථානය. වසවත්තීනං - දිව්‍යමය ආධිපත්‍යයෙන් තමා වශයෙහි පවත්වන්නන්ට වාසභූමි වූ, සමූලං - ලෝභ ද්වේෂ, සහිත මසුරු බව මූල නම් වේ. අනින්‍දිතා නින්දා නොකොට පැසසීය. ප්‍රසංසා කටයුතු - සග්ගමුපෙහි ඨානං - රූපාදී පඤ්චකාම සම්පත්තියෙන් අග්‍රහෙයින් ස්වර්ග යයි නම් ලද, දෙව්ලොව පැමිණේව, සුගතියට අරමුණු කොට යවයි. (ස්වර්ග පරායන) යන අර්ථය. සෙස්ස කියන ලද්දේමය.

අථ තිස‍්සා තං පවත‍්තිං කුටුම‍්බිකස‍්ස ආරොචෙසි, කුටුම‍්බිකො භික‍්ඛූනං ආරොචෙසි, භික‍්ඛූ භගවතො ආරොචෙසුං. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි, තං සුත්‍වා මහාජනො පටිලද‍්ධසංවෙගො විනෙය්‍ය මච‍්ඡෙරාදිමලං දානසීලාදිරතො සුගතිපරායණො අහොසීති.

ඉක්බිති තිස්සා මේ ප්‍රවෘත්තිය කෙළෙඹියාට කියන ලදී. කෙළෙඹියා භික්ෂූන්ට කීහ. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට කීහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි පිරිසට මේ ධර්මය දේශනා කළ සේක. එය ඇසු මහාජනයා සංවේගයට පත්ව මසුරුමල හැරපියා දාන ශීලාදියෙහි නිරත වී සුගතියට ගමන් ඇරඹීය.

මත‍්තාපෙතිවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

මත්තා පෙත වත්‍ථු වර්ණනාව නිමියේය.