යෙදුමෙන් කියවන්න

2. සාරිපුත‍්තත්‍ථෙරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

2. සාරිපුත‍්තත්‍ථෙරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා

2. ශාරිපුත්‍රස්ථවිරමාතෘ ප්‍රෙතවස්තු වර්ණනාව

නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසීති ඉදං සත්‍ථරි වෙළුවනෙ විහරන‍්තෙ ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ඉතො පඤ‍්චමාය ජාතියා මාතුභූතං පෙතිං ආරබ‍්භ වුත‍්තං. එකදිවසං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච කප‍්පිනො රාජගහස‍්ස අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤායතනෙ විහරන‍්ති. තෙන ච සමයෙන බාරාණසියං අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකවනිබ‍්බකයාචකානං ඔපානභූතො අන‍්නපානවත්‍ථසයනාදීනි දෙති. දෙන‍්තො ච ආගතාගතානං යථාකාලං යථාරහඤ‍්ච පාදොදකපාදබ‍්භඤ‍්ජනාදිදානානුපුබ‍්බකං සබ‍්බාභිදෙය්‍යං පටිපන‍්නො හොති, පුරෙභත‍්තං භික‍්ඛූ අන‍්නපානාදිනා සක‍්කච‍්චං පරිවිසති. සො දෙසන‍්තරං ගච‍්ඡන‍්තො භරියං ආහ – “භොති, යථාපඤ‍්ඤත‍්තං ඉමං දානවිධිං අපරිහාපෙන‍්තී සක‍්කච‍්චං අනුපතිට‍්ඨාහී”ති. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තස‍්මිං පක‍්කන‍්තෙ එව තාව භික‍්ඛූනං පඤ‍්ඤත‍්තං දානවිධිං පච‍්ඡින්‍දි, අද‍්ධිකානං පන නිවාසත්‍ථාය උපගතානං ගෙහපිට‍්ඨිතො ඡඩ‍්ඩිතං ජරසාලං දස‍්සෙසි “එත්‍ථ වසථා”ති. අන‍්නපානාදීනං අත්‍ථාය තත්‍ථ අද‍්ධිකෙසු ආගතෙසු “ගූථං ඛාදථ, මුත‍්තං පිවථ, ලොහිතං පිවථ , තුම‍්හාකං මාතු මත්‍ථලුඞ‍්ගං ඛාදථා”ති යං යං අසුචි ජෙගුච‍්ඡං, තස‍්ස තස‍්ස නාමං ගහෙත්‍වා නිට‍්ඨුරං වදති.

“නග්ගා දුබ්බණ්ණ රූපා සී” - මේ ධර්මදේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙයින් ආත්ම පහකට පෙර මව වූ එක්තරා ප්‍රේතියක් අරභයා වදාළ සේක. එක් දවසක් ආයුෂ්මත් සාරිපුත්‍ර, ආයුෂ්මත් මොග්ගල්ලාන, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් කප්පින යන තෙරවරුන් රජගහ නුවරට නුදුරු, එක්තරා ආරණ්‍යයක වාසය කරති. ඒ සමයෙහි බරණැස් නුවර ආඪ්‍ය වූ මහාධනවත් වූ, සම්පත් බහුල වූ, බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට හා දුගී මගී, යාචක හා බැගෑපත් උදවියට ද පුලන්නන්ට ද මහා පැන් පොකුණක් සමානව ආහාර පාන, වස්ත්‍ර සයනාසන ආදිය දෙයි. එසේ දෙන්නේ ද පැමිණි පැමිණි අයට කාලයට සුදුසු පරිදි පා දෝනා පැන්, පා ගල්වා බෙහෙත් ආදිය දීමෙන් පිළිවෙළින් සියල්ල දීමෙහි යෙදුනේ වෙයි. පෙර බත් කාලයෙහි භික්ෂූන්ට ආහාර පානාදිය සකස්කොට පිරිනමයි. හෙතෙමේ විදේශයකට යන්නේ සිය බිරිඳට මෙසේ කීහ. පින්වතිය, යම්කිසි ආකාරයකින් මේ දානවිධිය පවත්වා ගෙන ආයේ ද ඒ පිළිවෙළ නො ඉක්මවා සකස් කොට පවත්වාගෙන යවයි, කීයේය. ඕ තොමෝ මැනවැයි පිළිගෙන ඔහු ගිය කල්හි පළමුකොට භික්ෂූන්ට දෙන ලද දන්වැට නැවැත්වීය. වාසය පිණිස පැමිනි මගීන්ට ගේ පිටිපස හැරදමන ලද දිරාපත් වූ ශාලාව පෙන්වා එහි නිදාගනිවූ යයි කීවාය. ආහාර පානාදිය සදහා මගීන් ආ කල්හි අසූචි කා පියව්, මුත්‍ර බීපියව්, ලේ බීපියවූ, තොපගේ මව්වරුන්ගේ මොළ කාපියව්, යම් යම් පිළිකුල් සහගත දෙයක් ඇද්ද ඒ ඒ දේ වල නම් කියා රළු වචන කියයි.

සා අපරෙන සමයෙන කාලං කත්‍වා කම‍්මානුභාවුක‍්ඛිත‍්තා පෙතයොනියං නිබ‍්බත‍්තිත්‍වා අත‍්තනො වචීදුච‍්චරිතානුරූපං දුක‍්ඛං අනුභවන‍්තී පුරිමජාතිසම‍්බන්‍ධං අනුස‍්සරිත්‍වා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමිතුකාමා තස‍්ස විහාරද‍්වාරං සම‍්පාපුණි, තස‍්ස විහාරද‍්වාරදෙවතායො විහාරප‍්පවෙසනං නිවාරෙසුං. සා කිර ඉතො පඤ‍්චමාය ජාතියා ථෙරස‍්ස මාතුභූතපුබ‍්බා, තස‍්මා එවමාහ – “අහං අය්‍යස‍්ස සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ඉතො පඤ‍්චමාය ජාතීයා මාතා, දෙථ මෙ ද‍්වාරප‍්පවෙසනං ථෙරං දට‍්ඨු”න‍්ති. තං සුත්‍වා දෙවතා තස‍්සා පවෙසනං අනුජානිංසු. සා පවිසිත්‍වා චඞ‍්කමනකොටියං ඨත්‍වා ථෙරස‍්ස අත‍්තානං දස‍්සෙසි. ථෙරො තං දිස‍්වා කරුණාය සඤ‍්චොදිතමානසො හුත්‍වා –

ඕ තොමෝ කෙටි කලකට පසුව කළුරිය කොට අකුශල කර්මානුභාවයෙන් ඔසවාදමන ලදුව ප්‍රේත යෝනියෙහි ඉපිද, තමාගේ වාග්දුශ්චරිතයට අනුරූපව දුක් අනුභව කරත්, පෙර ආත්මභාවය සමරා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එළඹීමට කැමැත්තේ ඒ විහාරයට පැමිණියාය. එවිට විහාරයට අධිගෘහිත දේවතාවෝ ඇයට විහාරයට ඇතුල්වීම වැළැක්වූහ. ඕ තොමෝ වනාහි මෙයින් (පෙර) පස්වැනි ආත්ම භාවයෙහි සැරියුත් තෙරුන්ගේ මව වූවාය. එහෙයින් මෙසේ කීහ. “මම ආර්ය වූ සැරියුත් තෙරුන්ගේ පස් වැනි ජාතියෙහි ආත්මභාවයෙහි මව වූයෙමි. තෙරුන් දකින්නට විහාර දොරටුවෙන් ඇතුල් වීමට මට ඉඩ හරිවු” යයි කීවාය. ඒ ඇසූ දෙවියෝ ඇයට ඇතුල්වීමට අවසර දුන්හ. ඕ පිවිස සක්මන කෙළවර සිට තෙරුන් වහන්සේට තමන් දැක්වීය. ස්ථවිරයන් වහන්සේ දැක කරුණාවෙන් චෝදනා කරන ලද සිත් ඇතිව

“නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාසි, කිසා ධමනිසන්‍ථතා; උප‍්ඵාසුලිකෙ කිසිකෙ, කා නු ත්‍වං ඉධ තිට‍්ඨසී”ති. –

22. උස්ව නැගුණු ඉළ ඇට ඇතිව, කෘශ වූ තැනැත්තිය, විලි වැස්මක් නැතිව, දුර්වර්ණ ස්වභාව ඇතිව, ඉල්පී ගිය නහර වැල් ඇතිව, මෙහි සිටින්නා වූ තී කවරෙක් ද?

ගාථාය පුච‍්ඡි. සා ථෙරෙන පුට‍්ඨා පටිවචනං දෙන‍්තී –

යී ඇසීය. ස්ථවිරයන්ගේ විමසිමට පිළිතුරු දෙන්නේ,

“අහං තෙ සකියා මාතා, පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතීසු; උපපන‍්නා පෙත‍්තිවිසයං, ඛුප‍්පිපාසසමප‍්පිතා.

23. මම මින් පෙර වෙනත් ජාතියක දී ඔබගේ මව වීමි. ප්‍රේත ලෝකයෙහි උපන්නී සා පිපාසා දෙකින් මඩනා ලද්දෙමි.

“ඡඩ‍්ඩිතං ඛිපිතං ඛෙළං, සිඞ‍්ඝාණිකං සිලෙසුමං; වසඤ‍්ච ඩය‍්හමානානං, විජාතානඤ‍්ච ලොහිතං.

24. වමනය ද, මුව මල ද, කෙල ද, සොටු ද, සෑයෙහි දවනු ලැබු මෘත ශරීරයන්හි වුරුණු තෙල ද, වැදූ ස්ත්‍රීන්ගේ ලේ හා ගැබ් මල ද,

“වණිකානඤ‍්ච යං ඝාන-සීසච‍්ඡින‍්නාන ලොහිතං; ඛුදාපරෙතා භුඤ‍්ජාමි, ඉච‍්ඡිපුරිසනිස‍්සිතං.

25. වණ ඇත්තවුන්ගේ හා හිස හා නාසය කැපුවන්ගේ ලේ ද, ස්ත්‍රී පුරුෂ ශරිරයන් අසුරු දේ ද, සා ගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.

“පුබ‍්බලොහිතං භක‍්ඛාමි, පසූනං මානුසාන ච; අලෙණා අනගාරා ච, නීලමඤ‍්චපරායණා.

26. ගෙරින්ගේ ද මිනිසුන්ගේ ද, සැරව හා ලේ අනුභව කරන්නී වෙමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී, සොහොන් අලු හා අඟුරු බහුල වූ සොහොන් බිමම සයනය කරන්නේ වෙමි.

“දෙහි පුත‍්තක මෙ දානං, දත්‍වා අන්‍වාදිසාහි මෙ; අප‍්පෙව නාම මුච‍්චෙය්‍යං, පුබ‍්බලොහිතභොජනා”ති. – පඤ‍්චගාථා අභාසි;

27. පුත්‍රයාණනි! මා උදෙසා දානයක් දුන මැනවි. එහි පින් මට උදෙසනු මැනවි. ලේ සැරව බුදීමෙන් මුදන්නේ නම් ඉතාමත් යෙහෙකි. මේ ගාථා පහ කීය.

තත්‍ථ අහං තෙ සකියා මාතාති අහං තුය‍්හං ජනනිභාවතො සකියා මාතා. පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතීසූති මාතා හොන‍්තීපි න ඉමිස‍්සං ජාතියං, අථ ඛො පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතීසු, ඉතො පඤ‍්චමියන‍්ති දට‍්ඨබ‍්බං. උපපන‍්නා පෙත‍්තිවිසයන‍්ති පටිසන්‍ධිවසෙන පෙතලොකං උපගතා. ඛුප‍්පිපාසසමප‍්පිතාති ඛුදාය ච පිපාසාය ච අභිභූතා, නිරන‍්තරං ජිඝච‍්ඡාපිපාසාහි අභිභුය්‍යමානාති අත්‍ථො.

එහි අහං තෙ සකියා මාතා - මම ඔබගේ ජනනී වසයෙන් ස්වකීය මව් වෙමි. පෙර වෙනත් ආත්මයක මව් වෙමි - මේ ආත්මයෙහි නොවේ. මෙයින් ආත්ම පහකට පෙර අනෙක් ජාතියක යනු දක්වන ලදී. උප්පන්නා පෙත්ති විසයං - ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රේත ලෝකයට පැමිණියෙමි. ඛුප්පිපාසා සමප්පිතා - බඩගින්නෙන් ද පිපාසාවෙන් ද, යුක්ත වූයේ වෙමි. නිරන්තරයෙන් බඩසයින් පිපාසයෙන් පෙළෙන්නේ වෙමි යන අර්ථයි.

ඡඩ‍්ඩිතන‍්ති උච‍්ඡිට‍්ඨකං, වන‍්තන‍්ති අත්‍ථො. ඛිපිතන‍්ති ඛිපිතෙන සද‍්ධිං මුඛතො නික‍්ඛන‍්තමලං. ඛෙළන‍්ති නිට‍්ඨුභං. සිඞ‍්ඝාණිකන‍්ති මත්‍ථලුඞ‍්ගතො විස‍්සන්‍දිත්‍වා නාසිකාය නික‍්ඛන‍්තමලං. සිලෙසුමන‍්ති සෙම‍්හං. වසඤ‍්ච ඩය‍්හමානානන‍්ති චිතකස‍්මිං ඩය‍්හමානානං කළෙවරානං වසාතෙලඤ‍්ච. විජාතානඤ‍්ච ලොහිතන‍්ති පසූතානං ඉත්‍ථීනං ලොහිතං, ගබ‍්භමලං ච-සද‍්දෙන සඞ‍්ගණ‍්හාති. වණිකානන‍්ති සඤ‍්ජාතවණානං. යන‍්ති යං ලොහිතන‍්ති සම‍්බන්‍ධො. ඝානසීසච‍්ඡින‍්නානන‍්ති ඝානච‍්ඡින‍්නානං සීසච‍්ඡින‍්නානඤ‍්ච යං ලොහිතං, තං භුඤ‍්ජාමීති යොජනා. දෙසනාසීසමෙතං “ඝානසීසච‍්ඡින‍්නාන”න‍්ති, යස‍්මා හත්‍ථපාදාදිච‍්ඡින‍්නානම‍්පි ලොහිතං භුඤ‍්ජාමියෙව. තථා “වණිකාන”න‍්ති ඉමිනා තෙසම‍්පි ලොහිතං සඞ‍්ගහිතන‍්ති දට‍්ඨබ‍්බං. ඛුදාපරෙතාති ජිඝච‍්ඡාභිභූතා හුත්‍වා. ඉත්‍ථිපුරිසනිස‍්සිතන‍්ති ඉත්‍ථිපුරිසසරීරනිස‍්සිතං යථාවුත‍්තං අඤ‍්ඤඤ‍්ච චම‍්මමංසන‍්හාරුපුබ‍්බාදිකං පරිභුඤ‍්ජාමීති දස‍්සෙති.

ඡඩ්ඩිතං - වමනය කළ - වැමෑරූ යන අර්ථයි. ඛිපිතං - කිඹිසීමත් සමග මුඛයෙන් පිටවෙන මල ඛෙලං කෑරීම් කෙළගැසීම, සිඞ්ඝානිකං - හිස් මොළයෙන් ගලා බසින නාසයෙන් නික්මෙන්නා වූ මල සිලෙසුමං - සෙම, වසංව ඩය්හමානං - සෑයෙහි දවන ලද මෘත ශරිරයෙන් ගලන වසා තෙල් විජාතානංච ලොහිතං - ස්ත්‍රීන් දරුවන් ප්‍රසූත කිරීමේ දි වැගිරෙන ලේ හා ගැබ් මල, වණීතානං - හට ගත්තා වූ වණ (විශාල තුවාල) යං - ලේ වලට සම්බන්ධයි. ඝණ සීසච්ඡන්නා නං - නාසය, හිස කැපීමෙන් යම් දෙයක් ගලා නම් එය අනුභව කරමි. ඝාණසිසච්ඡින්නානං - යම්හෙයකිනි අත් පා ආදිය කැපීමෙන් ද, ගලන්නා වු ලේ බොන්නෙමියි එසේ වර්ණනා කරන ලද්දේ යයි, මෙයින් නැගුණු ලේ එක් වූයේය යනුයි දත යුතුයි. ඛුදා පරෙතා - බඩගින්නෙන් පෙළුණු, ඉත්‍ථිපුරිසනිස්සිතං - ස්ත්‍රී පුරුෂ ශරීර ඇසුරු කරගෙන පවතින්නා වූ අනෙක් සම් මස් නහර, ආදිය අනුභව කරන්නෙමියි දක්වයි.

පසූනන‍්ති අජගොමහිංසාදීනං. අලෙණාති අසරණා. අනගාරාති අනාවාසා. නීලමඤ‍්චපරායණාති සුසානෙ ඡඩ‍්ඩිතමලමඤ‍්චසයනා. අථ වා නීලාති ඡාරිකඞ‍්ගාරබහුලා සුසානභූමි අධිප‍්පෙතා, තංයෙව මඤ‍්චං විය අධිසයනාති අත්‍ථො. අන්‍වාදිසාහි මෙති යථා දින‍්නං දක‍්ඛිණං මය‍්හං උපකප‍්පති, තථා උද‍්දිස පත‍්තිදානං දෙහි. අප‍්පෙව නාම මුච‍්චෙය්‍යං, පුබ‍්බලොහිතභොජනාති තව උද‍්දිසනෙන එතස‍්මා පුබ‍්බලොහිතභොජනා පෙතජීවිකා අපි නාම මුච‍්චෙය්‍යං.

පසුනං - එළු - ගව ආදීන්, අලෙනා - අසරණ වූ, අනගාරා - නිවාස රහිත - නිල මඤ්චපරායනා - සොහොනෙහි දමන ලද මෘත දේහ නමැති ආසන - ගිනි අඟුරු බහුල අළු බහුල සොහොන් බිම අභිප්‍රේතයි. උද්දිසාභිමෙ - යම්සේ දෙන ලද දානයක දක්ෂිණාව (පිංපෙත්) මට උදෙසනු මැනව, මා උදෙසා පත්තිදානය දෙනු මැනව. අප්පෙවනාම මුඤ්චෙය්‍යං ප්‍රබ්බලොහිත භෝජන - ඔබගේ පින්දීම කරණකොට ගෙන පූයා සහිත ලේ ආහාර වශයෙන් ගන්නා වූ මේ ප්‍රේත ආත්මයෙන් මිදෙන්නෙමි.

තං සුත්‍වා ආයස‍්මා සාරිපුත‍්තත්‍ථෙරො දුතියදිවසෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරාදිකෙ තයො ථෙරෙ ආමන‍්තෙත්‍වා තෙහි සද‍්ධිං රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තො රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස නිවෙසනං අගමාසි. රාජා ථෙරෙ දිස‍්වා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, ආගතත්‍ථා”ති ආගමනකාරණං පුච‍්ඡි. ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අඤ‍්ඤාතං, භන‍්තෙ”ති වත්‍වා ථෙරෙ විස‍්සජ‍්ජෙත්‍වා සබ‍්බකම‍්මිකං අමච‍්චං පක‍්කොසාපෙත්‍වා ආණාපෙසි “නගරස‍්ස අවිදූරෙ විවිත‍්තෙ ඡායූදකසම‍්පන‍්නෙ ඨානෙ චතස‍්සො කුටියො කාරෙහී”ති. අන‍්තෙපුරෙ ච පහොනකවිසෙසවසෙන තිධා විභජිත්‍වා චතස‍්සො කුටියො පටිච‍්ඡාපෙසි, සයඤ‍්ච තත්‍ථ ගන‍්ත්‍වා කාතබ‍්බයුත‍්තකං අකාසි. නිට‍්ඨිතාසු කුටිකාසු සබ‍්බං බලිකරණං සජ‍්ජාපෙත්‍වා අන‍්නපානවත්‍ථාදීනි බුද‍්ධප‍්පමුඛස‍්ස චාතුද‍්දිසස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස අනුච‍්ඡවිකෙ සබ‍්බපරික‍්ඛාරෙ ච උපට‍්ඨාපෙත්‍වා ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස තං සබ‍්බං නිය්‍යාදෙසි. අථ ථෙරො තං පෙතිං උද‍්දිස‍්ස තං සබ‍්බං බුද‍්ධප‍්පමුඛස‍්ස චාතුද‍්දිසස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදාසි. සා පෙතී තං අනුමොදිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා සබ‍්බකාමසමිද‍්ධා ච හුත්‍වා අපරදිවසෙ ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස සන‍්තිකං උපගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. තං ථෙරො පටිපුච‍්ඡි, සා අත‍්තනො පෙතූපපත‍්තිං පුන දෙවූපපත‍්තිඤ‍්ච විත්‍ථාරතො කථෙසි. තෙන වුත‍්තං –

මෙය අසා සැරියුත් තෙරුන් වහන්සේ දෙවන දවස්හි මහමුගලන් ආදී ස්ථවිරවරුන් තිදෙන ආරාධනා කොට ඔවුන් සමග රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නේ බිම්බිසාර රජුගේ මාලිගාවට වැඩම වූහ. රජු තෙරුන් දැක වැද ස්වාමිනී, කවර කරුණක් නිසා වැඩියේදැයි පැමිණි කාරණය විචාළේය. ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයෝ මේ ප්‍රවෘත්තිය රජුට විස්තර කර දුන්නේය. රජු ස්වාමීනි අවබෝධ කර ගතිමියි කියා තෙරුන්ගේ ප්‍රශ්නය විසඳා සර්ව කාර්මික ඇමතියා කැඳවීය. නුවරට නුදුරුව සෙවනින් හා ජලයෙන් යුක්ත වූ වනයෙහි කුටි සතරක් කරවාළවයි ඔහුට අණ කළේය. ඇතුල නුවර ද සුදුසු තැනෙක විශේෂ වශයෙන් තුනට බෙදා කුටි හතරක් කරවීය. තෙමේත් එහි ගොස් කටයුතු දේ කළහ. කුටිවල සියලු කටයුතු නිමා වූ කල්හි පුජාකර්ම සියල්ල සලස්වා ආහාර පාන වස්ත්‍රාදිය හා බුදුපාමොක් බික්සඟනට සුදුසු දේ ද පිරිකර ද එළවා තබා ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට සියල්ල භාර දුන්නේය. එකල්හි තෙරුන්වහන්සේ ඒ ප්‍රේතිය උදෙසා සියල්ල බුද්ධ ප්‍රමුඛ සිව්දිග වසන භික්ෂු සංඝයාට පිදූ සේක. ඒ ප්‍රේති තොමෝ ඒ පින් අනුමෝදන් වී සියළු කාම සම්පත්තියෙන් සමෘද්ධව දෙවැනි දිනයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවන් වෙත පැමිණ වැඳ සිටියේය. ඇගෙන් තෙරුන් වහන්සේ කරුණු විචාළහ. ඕ තොමෝ තමන්ගේ ප්‍රේතෝතපත්තිය හා දෙව්ලොව ඉපදීමත් විස්තර වශයෙන් කීවාය.

“මාතුයා වචනං සුත්‍වා, උපතිස‍්සොනුකම‍්පකො; ආමන‍්තයි මොග‍්ගල‍්ලානං, අනුරුද‍්ධඤ‍්ච කප‍්පිනං.

28. දයාවන්ත වූ ශාරීපුත්‍ර ස්ථවිරයෝ මවගේ වචනය අසා, මුගලන් තෙරුන් ද, අනුරුද්ධ තෙරුන් ද, කප්පින තෙරුන් ද ඇමතුවේය.

“චතස‍්සො කුටියො කත්‍වා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා; කුටියො අන‍්නපානඤ‍්ච, මාතු දක‍්ඛිණමාදිසී.

29. කුටි හතරක් කොට සිවු දික්හි වූ සංඝයාට ද කුටි ද ආහාර පාන වර්ග ද දුනි. මවට දක්ෂිණාව දුන්නේය.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, විපාකො උදපජ‍්ජථ; භොජනං පානීයං වත්‍ථං, දක‍්ඛිණාය ඉදං ඵලං.

30. ඇයට පින් පැමිණවීමෙන් අනතුරුවම විපාකය උපන්නේය. නානාප්‍රකාර භෝජන ද විවිධ වර්ණ සහිත වූ දිව්‍ය වස්ත්‍ර වැනි වස්ත්‍ර ද, අනේකවිධ පාන වර්ග ද උපන මේ දානයගේ විපාක වෙයි.

“තතො සුද‍්ධා සුචිවසනා, කාසිකුත‍්තමධාරිනී; විචිත‍්තවත්‍ථාභරණා, කොලිකං උපසඞ‍්කමී”ති.

31. ඒ භෝජනාදී විපාකයන්ට පසුව) නැහැමෙන් පිරිසිදු වූ ශරීර ඇතිව, හඳනා ලද පිරිසිදු වස්ත්‍ර ඇතිව කසී සළුවලටත් වඩා අගනා වස්ත්‍ර ධාරීව, (කෝලිත) මුගලන් හිමිවෙත පැමිණියාය.

තත්‍ථ සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදාති චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්ස අදාසි, නිය්‍යාදෙසීති අත්‍ථො. සෙසං වුත‍්තත්‍ථමෙව.

එහි සංඝෙ චාතුද්දිසෙ අදා - සිව් දිගින් වඩින මහා සංඝයාට දුන්නේය. පමුණුවා පවරා දුන්නේය. ඉතිරිය කියන ලද අයුරුමය.

අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පෙතිං –

එකල්හි ආයුෂ්මත් මුගලන් ස්ථවිරයෝ ප්‍රේතියගෙන් මෙසේ විචාළහ.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

32. පින්වත් දෙව්දුව! යම්බදු වූ තී විශිෂ්ඨ වූ ශරීර වර්ණයෙන් ඕසධී තාරකාව මෙන් සියලු දිසාවන් බබළවමින් සිටින්නෙහිය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, තෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

33. කවර හේතුවකින් තිට මෙබඳු වූ ශරිර වර්ණ ඇති වී ද? කවර කුශල විශේෂයකින් සිට මේ යහපත් ඵල උපදී ද? සිත් පිනවන වස්තූපකරණ කෙසේ ලබන්නී ද?

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – පුච‍්ඡි;

34. මහත් ආනුභාව ඇති දේවිය! තිගෙන් විචාරමි. තී මනුෂ්‍යයකු වී කිනම් පින්කමක් කළෙහි ද? කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇති වී ද? තිගේ ශරීර වර්ණය දසදිසා බබුළුවයි.

අථ සා “සාරිපුත‍්තස‍්සාහං මාතා”තිආදිනා විස‍්සජ‍්ජෙසි. සෙසං වුත‍්තත්‍ථමෙව. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පවත‍්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි, සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

ඉක්බිති ඕ තොමෝ මම ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මව වෙමි, ආදී විස්තර කීවාය. ඉක්බිති මහා මුගලන් තෙරහු ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන රැස් වූ පිරිසට ධර්මය දේශනා කළ සේක. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක දේශනාවක් වූයේය.

සාරිපුත‍්තත්‍ථෙරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

සැරියුත් තෙරුන්ගේ මව් ප්‍රේතවස්තුව නිමියේය.