4. නන්‍දාපෙතිවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා
4. නන්‍දාපෙතිවත්‍ථුවණ‍්ණනා
4. නන්දා ප්‍රේතවස්තු වර්ණනාව
කාළී දුබ‍්බණ‍්ණරූපාසීති ඉදං සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ නන්‍දං නාම පෙතිං ආරබ‍්භ වුත‍්තං. සාවත්‍ථියා කිර අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං ගාමකෙ නන්‍දිසෙනො නාම උපාසකො අහොසි සද‍්ධො පසන‍්නො. භරියා පනස‍්ස නන්‍දා නාම අස‍්සද‍්ධා අප‍්පසන‍්නා මච‍්ඡරිනී චණ‍්ඩී ඵරුසවචනා සාමිකෙ අගාරවා අග‍්ගතිස‍්සා සස‍්සුං චොරිවාදෙන අක‍්කොසති පරිභාසති. සා අපරෙන සමයෙන කාලං කත්‍වා පෙතයොනියං නිබ‍්බත‍්තිත්‍වා තස‍්සෙව ගාමස‍්ස අවිදූරෙ විචරන‍්තී එකදිවසං නන්‍දිසෙනස‍්ස උපාසකස‍්ස ගාමතො නික‍්ඛමන‍්තස‍්ස අවිදූරෙ අත‍්තානං දස‍්සෙසි. සො තං දිස‍්වා –
“කාළි දුබ්බණ්ණ රූපා” යන මේ ප්‍රේතවස්තු දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ, “නන්දා” නම් ප්‍රේතියක් අරබයා දේශනා කළ සේක. සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක නන්දසේන නම් උපාසකයෙක් විසීය. හේ ශ්‍රද්ධාවත්හ, ප්‍රසන්නයහ, ඔහුගේ භාර්යාව නන්දා නමි. ඈ සැදැහැයෙන් තොරය. අප්‍රසන්න පැවතුම් ඇත්තීය. මැසිරිය, සැඩය, ඵරුස වචන කියයි. ස්වාමියාට අගෞරව කරන්නීය. නැන්දනියට සෙරිය කියා ආක්‍රෝශ කරන්නීය. පරිභව කරන්නීය. ඕ කෙටි කලකින් මිය ගොස් ඒ ගමට නුදුරෙහි හැසිරෙන ප්‍රේතියක් වී ප්‍රේත යෝනියෙහි උපන්නීය. එක් දවසක් නන්දසේන උපාසකයා ගමින් නික්ම යද්දී නුදුරෙහි දී ම ලඟම වූ තැනක සිට තමන් දැක්වූවාය. හෙතෙම ඇය දැක,
“කාළී දුබ‍්බණ‍්ණරූපාසි, ඵරුසා භීරුදස‍්සනා; පිඞ‍්ගලාසි කළාරාසි, න තං මඤ‍්ඤාමි මානුසි”න‍්ති. –
කළු වූ දුර්වර්ණ වූ ශරීර ඇති, රළු දේහයක් ඇති, පිඟුවන් ඇස් ඇති, කළු දත් ඇති, තී මනුෂ්‍ය ස්ත්‍රීයක් යයි මම නො සිතමි.
ගාථාය අජ‍්ඣභාසි. තත්‍ථ කාළීති කාළවණ‍්ණා, ඣාමඞ‍්ගාරසදිසො හිස‍්සා වණ‍්ණො අහොසි. ඵරුසාති ඛරගත‍්තා. භීරුදස‍්සනාති භයානකදස‍්සනා සප‍්පටිභයාකාරා. “භාරුදස‍්සනා”ති වා පාඨො, භාරියදස‍්සනා, දුබ‍්බණ‍්ණතාදිනා දුද‍්දසිකාති අත්‍ථො. පිඞ‍්ගලාති පිඞ‍්ගලලොචනා. කළාරාති කළාරදන‍්තා. න තං මඤ‍්ඤාමි මානුසින‍්ති අහං තං මානුසින‍්ති න මඤ‍්ඤාමි, පෙතිමෙව ච තං මඤ‍්ඤාමීති අධිප‍්පායො. තං සුත්‍වා පෙතී අත‍්තානං පකාසෙන‍්තී –
යන ගථාව කීහ. එහි කාලී - කළු පැහැය. දැවුණු අඟුරක් සේ වර්ණ වූයේය, ඵරුසා - ගොරෝසු ශරීර ඇති, භීරු දස්සනා බිය උපදවන දැකුම් ඇති, සර්පයකු සේ බියකරු භීරුදස්සකා - යනු ද පාඨයකි. දුර්වර්ණ වූ දැකුම් ඇත්තී, නපුරු දැකීම් ඇති, දැකීමට නුසුදුසු යන අර්ථයි. පිඞ්ගලා - ගිනිදළු පැහැ ඇස් ඇත්තී, කළාරා - කළු පැහැ ගැන්වූ දත් ඇති, න තම්මඤ්ඤාමි මානුසී - මම ඔබ මිනිසකු යයි නො හඟිමි. ප්‍රේතියක් යයි සිතමි යන අදහසයි. එය අසා ප්‍රේතිය තමන් ගැන පවසන්නේ, මේ ගාථාව කීවාය.
“අහං නන්‍දා නන්‍දිසෙන, භරියා තෙ පුරෙ අහුං; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා”ති. –
නන්දසේනය, මම පෙර ජාතියෙහි නුඹේ භාර්යාව වූ නන්දා වෙමි. පව්කම් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
ගාථමාහ . තත්‍ථ අහං නන්‍දා නන්‍දිසෙනාති සාමි නන්‍දිසෙන අහං නන්‍දා නාම. භරියා තෙ පුරෙ අහුන‍්ති පුරිමජාතියං තුය‍්හං භරියා අහොසිං. ඉතො පරං –
එහි, අහං නන්‍දානන්‍දසෙනා - ස්වාමී වූ නන්දසේනය: මම නන්දා වෙමි, භරියා තෙ පුරෙ අහුං - (මගේ) පෙර ජාතියෙහි ඔබගේ භාර්යාව වීම්. එයින් මතු
“කිං නු කායෙන වාචාය, මනසා දුක‍්කටං කතං; කිස‍්ස කම‍්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතා”ති. –
ඔබ කයින්, වචනයෙන්, මනසින්, කිනම් අකුසලයක් කළේ ද? කවර නම් කර්මයක විපාකයෙන් මෙසේ ප්‍රේත ලෝකයෙහි උපන්නේ ද?
තස‍්ස උපාසකස‍්ස පුච‍්ඡා. අථස‍්ස සා –
එම උපාසකයාගේ විචාරීමට ඕ මේ ගාථාවලින් පිළිතුරු දුන්නාය.
“චණ‍්ඩී ච ඵරුසා චාසිං, තයි චාපි අගාරවා; තාහං දුරුත‍්තං වත්‍වාන, පෙතලොකං ඉතො ගතා”ති. –
මම ක්‍රෝධයෙන් යුක්ත වීමි. රළු බස් කියන්නියක් වීම්. නුඹ කෙරෙහි ගරු නොකරන්නියක් වීම්, මම ඒ නිරර්ථක ක්‍රියාවන් නිසා මිනිස් ලොවින් ප්‍රේත අපායට පැමිණියෙමි.
විස‍්සජ‍්ජෙසි. පුන සො –
නැවත ඒ උපාසකයා කියන්නේ
“හන්‍දුත‍්තරීයං දදාමි තෙ, ඉමං දුස‍්සං නිවාසය; ඉමං දුස‍්සං නිවාසෙත්‍වා, එහි නෙස‍්සාමි තං ඝරං.
එබැවින් පිට උතුරු සළුව දෙමි. මේ වස්ත්‍රය හැඳ ගනුව, මේ වස්ත්‍රය හැඳගෙන එව, තී ගෙදරට පමුණු වන්නෙමි.
“වත්‍ථඤ‍්ච අන‍්නපානඤ‍්ච, ලච‍්ඡසි ත්‍වං ඝරං ගතා; පුත‍්තෙ ච තෙ පස‍්සිස‍්සසි, සුණිසායො ච දක‍්ඛසී”ති. –
වස්ත්‍ර ද ආහාර පාන ද ගෙට ගිය පසු තිට ලැබේ. තිගේ පුතුන් ද, තිගේ යෙහෙළියන් ද දැකීමට පුළුවන.
අථස‍්ස සා –
එවිට ඈ -
“හත්‍ථෙන හත්‍ථෙ තෙ දින‍්නං, න මය‍්හං උපකප‍්පති; භික‍්ඛූ ච සීලසම‍්පන‍්නෙ, වීතරාගෙ බහුස‍්සුතෙ.
ඔබ විසින් අතින් අතට දෙන ලද්දක් මට නො ලැබෙයි. පහ වූ කෙලෙස් ඇති, බහුශ්‍රැත වූ සීල සම්පන්න වූ භික්ෂූන් වඩමවා.
“තප‍්පෙහි අන‍්නපානෙන, මම දක‍්ඛිණමාදිස; තදාහං සුඛිතා හෙස‍්සං, සබ‍්බකාමසමිද‍්ධිනී”ති. –
ආහාර පානාදියෙන් සන්තර්පනය කරව, (භික්ෂූන්ට පුජා කරව) එයින් ලැබෙන පින් මට අනුමෝදන් කරව, එකල්හි මම සියලු කාමයෙන් සමෘද්ධව සුවපත් වන්නෙමි.
ද‍්වෙ ගාථා අභාසි. තතො –
එයිනික්බිතිව,
“සාධූති සො පටිස‍්සුත්‍වා, දානං විපුලමාකිරි; අන‍්නං පානං ඛාදනීයං, වත්‍ථසෙනාසනානි ච; ඡත‍්තං ගන්‍ධඤ‍්ච මාලඤ‍්ච, විවිධා ච උපාහනා.
හෙතෙම මැනවැයි පිළිගෙන මහත් වූ දන් පැවැත්වීය. ආහාර පාන වර්ග ද යුතු දේ ද රෙදි පිළි ද සෙනසුනු ද ඡත්‍ර ද සුවඳ මල් මාලා ද, නන් වැදෑරුම් පාවහන් ද, පිළියෙළ කොට
“භික‍්ඛූ ච සීලසම‍්පන‍්නෙ, වීතරාගෙ බහුස‍්සුතෙ; තප‍්පෙත්‍වා අන‍්නපානෙන, තස‍්සා දක‍්ඛිණමාදිසී.
වීතරාගී වූ බහුශ්‍රැත වූ සුපේශල වූ සිල්වත් වූ, භික්ෂූන් වැඩමවා පූජාකොට භික්ෂූන් සතප්පවා ඒ කුශලයන් අනුමෝදන් කළේය.
“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ , විපාකො උදපජ‍්ජථ; භොජනච‍්ඡාදනපානීයං, දක‍්ඛිණාය ඉදං ඵලං.
එසේ පින් උදෙසූ විටම ඇයට විපාක ලැබිණ. ආහාර පාන ආදීය දන් දීමේ විපාක ඵලය මෙසේ වේ.
“තතො සුද‍්ධා සුචිවසනා, කාසිකුත‍්තමධාරිනී; විචිත‍්තවත්‍ථාභරණා, සාමිකං උපසඞ‍්කමී”ති. –
එයින් පසුව නැහැමෙන් පිරිසිදු වූ ශරීර ඇතිව, හඳනා ලද පිරිසිදු වස්ත්‍ර ඇතිව, කසී සළුවලටත් වඩා උතුම් වස්ත්‍ර හැඳ, සැමියා වෙත එළඹීයාය.
චතස‍්සො ගාථා සඞ‍්ගීතිකාරෙහි වුත‍්තා. තතො පරං –
සඞ්ගීති කාරකයන් විසින් ගාථා සතරක් කියන ලදී.
“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.
පින්වත් දෙව්දුව! යම් බඳු වූ තී බැබලෙන්නා වූ ශරීර වර්ණයෙන් ඕසධී තරුව මෙන් සියළු දිසාවන් බබුළුවමින් සිටින්නෙහිය.
“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
කවර හේතුවකින් තීගේ මෙබඳු වූ ශරීර වර්ණයක් ඇති වී ද? කවර කුශලා නිසංශයකින් මෙබඳු යහපත් පල ඇතිවීද? තිගේ සිත් පිනවන මේ භෝග සම්පත් කෙසේ උපදී ද?
“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.
මහානුභාව දේවිය! තිගෙන් විචාරමි. මිනිස් ජීවිතයේ දී කිනම් පිනක් කරන ලද්දේ ද කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තී ද? තිගේ ශරීර වර්ණය සියළු දිසාවන් බබුළුවයි.
“අහං නන්‍දා නන්‍දිසෙන, භරියා තෙ පුරෙ අහුං; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා.
නන්දසේනය! (මගේ) පූර්ව ජාතියෙහි ඔබගේ බිරිඳ වූ නන්දා මම වෙමි. පාප කර්මයන් කොට ප්‍රේත ලෝකයට ආවෙමි.
“තව දින‍්නෙන දානෙන, මොදාමි අකුතොභයා; චිරං ජීව ගහපති, සහ සබ‍්බෙහි ඤාතිභි; අසොකං විරජං ඛෙමං, ආවාසං වසවත‍්තිනං.
ඔබ විසින් දෙන ලද දානයෙන් දුන් කුසල් අනුමෝදන්ව බිය නැත්තෙක් වීමි. ගෘහපතිය ඔබ සියළු ඤාතීන් සමග බොහෝ කාලයක් ජීවත් වේවා!
“ඉධ ධම‍්මං චරිත්‍වාන, දානං දත්‍වා ගහපති; විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං, අනින්‍දිතො සග‍්ගමුපෙහි ඨාන”න‍්ති. –
ගෘහපතිය! ලෝහ ද්වේශ ආදී මසුරු මල දුරුකොට මෙහිදී ධර්මයෙහි හැසිර දන් දී ශෝක රහිත වූ රජස් නැත්තා වූ, තමා වසයෙහි පවත්නවුන්ට වාසස්ථාන වූ, ස්වර්ග යයි කියන ලද දෙව්ලොවට නින්දා නැතිව පැමිණෙව.
උපාසකස‍්ස ච පෙතියා ච වචනපටිවචනගාථා.
උපාසකයාට ප්‍රේතිය විසින් කියන ලද පිළිතුරු ගාථාය.
තත්‍ථ දානං විපුලමාකිරීති උක‍්ඛිණෙය්‍යඛෙත‍්තෙ දෙය්‍යධම‍්මබීජං විප‍්පකිරන‍්තො විය මහාදානං පවත‍්තෙසි. සෙසං අනන‍්තරවත්‍ථුසදිසමෙව.
එහි දානංවිපුල මාකිරි - දක්ෂිණාර්භයන් නමැති ක්ෂේත්‍රයේ, දෙය්‍ය ධර්ම නමැති බීජ වපුරන්නාක් මෙන් මහා දන් පැවැත්වීය. ඉතිරිය අනෙක් වස්තු සමානය,
එවං සා අත‍්තනො දිබ‍්බසම‍්පත‍්තිං තස‍්සා ච කාරණං නන්‍දිසෙනස‍්ස විභාවෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතා. උපාසකො තං පවත‍්තිං භික‍්ඛූනං ආරොචෙසි , භික‍්ඛූ භගවතො ආරොචෙසුං. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.
මෙසේ ඕ තොමෝ තමන්ගේ දිව්‍ය සම්පත්තිය හා එයට අදාළ කරුණු නන්දසේනට පහදා දී තමන් වසන තැනටම ගියාය. උපාසක තෙමේ ඒ ප්‍රවෘත්තිය භික්ෂූන්ට දැන්වීය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
නන්‍දාපෙතිවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.
නන්දා ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
5. මට‍්ඨකුණ‍්ඩලීපෙතවත්‍ථුවණ‍්ණනා
5. මට්ටකුණ්ඩලී ප්‍රෙතවස්තු වර්ණනාව
අලඞ‍්කතො මට‍්ඨකුණ‍්ඩලීති ඉදං සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ මට‍්ඨකුණ‍්ඩලිදෙවපුත‍්තං ආරබ‍්භ වුත‍්තං. තත්‍ථ යං වත‍්තබ‍්බං, තං පරමත්‍ථදීපනියං විමානවත්‍ථුවණ‍්ණනායං මට‍්ඨකුණ‍්ඩලීවිමානවත්‍ථුවණ‍්ණනාය (වි· ව· අට‍්ඨ· 1206 මට‍්ඨකුණ‍්ඩලීවිමානවණ‍්ණනා) වුත‍්තමෙව, තස‍්මා තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.
“අලඞ්කතො මට්ටකුණ්ඩලී” මෙම කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මට්ටකුණ්ඩලී දේවපුත්‍රයා අරභයා වදාළ සේක. එහි කිවයුතු යමක් වේ නම් එය පරමත්‍ථ දීපනී නම් වූ විමාන වත්‍ථු වර්ණනාවේ කියන ලද්දේමය. එහෙයින් එහි කියන ලද ආකාරයෙන් දත යුතු
එත්‍ථ ච මට‍්ඨකුණ‍්ඩලීදෙවපුත‍්තස‍්ස විමානදෙවතාභාවතො තස‍්ස වත්‍ථු යදිපි විමානවත්‍ථුපාළියං සඞ‍්ගහං ආරොපිතං, යස‍්මා පන සො දෙවපුත‍්තො අදින‍්නපුබ‍්බකබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තසොකෙන සුසානං ගන‍්ත්‍වා ආළාහනං අනුපරියායිත්‍වා රොදන‍්තස‍්ස සොකහරණත්‍ථං අත‍්තනො දෙවරූපං පටිසංහරිත්‍වා හරිචන්‍දනුස‍්සදො බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තො දුක‍්ඛාභිභූතාකාරෙන පෙතො විය අත‍්තානං දස‍්සෙසි. මනුස‍්සත‍්තභාවතො අපෙතත‍්තා පෙතපරියායොපි ලබ‍්භති එවාති තස‍්ස වත්‍ථු පෙතවත්‍ථුපාළියම‍්පි සඞ‍්ගහං ආරොපිතන‍්ති දට‍්ඨබ‍්බං.
මෙහිද මට්ටකුණ්ඩලී දේව පුත්‍රයාගේ විමාන දේවතා භාවය ආදිය ද විමාන වස්තු පාළියෙහි සඞ්ග්‍රහ වීය. යම්හෙයකින් ඒ දේව පුත්‍රයා අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ පුත්‍ර ශෝකය උපයෝගී කොටගෙන සොහොනට ගොස්, ආදාහන කල තැනට කැටුව ගොස්, හඬන්නහුගේ ශෝකය පහකිරීම සඳහා තමන්ගේ දේවරූපය ප්‍රදර්ශනය කරවා, රත් සදුනෙන් ආලේප කළ ගාත්‍රා ඇතිව දෙ අත් පිටුපසට බැදගෙන හඬන දුකින් මැඩුණු ප්‍රේතයකු මෙන් තමන් දැක්වීය. මනුෂ්‍යාත්ම භාවයෙන් පහවී ප්‍රේත ආත්ම භාවයක් ලැබීයයි ඒ කථාව ප්‍රේත වස්තු පාලියෙහි ද සංග්‍රහ කර දක්වන ලද්දේ යයි දත යුතුයි.
මට‍්ඨකුණ‍්ඩලීපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.
මට කොඩොල් ප්‍රේත වත්‍ථු වර්ණනාව නිමියේය.