6. කණ්හපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
6. කණ්හපෙතවත්ථුවණ්ණනා
6. කෘෂ්ණ ප්‍රෙතවස්තු වර්ණනාව
උට්ඨෙහි කණ්හ කිං සෙසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං මතපුත්තං උපාසකං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර අඤ්ඤතරස්ස උපාසකස්ස පුත්තො කාලමකාසි. සො තෙන සොකසල්ලසමප්පිතො න න්හායති, න භුඤ්ජති, න කම්මන්තෙ විචාරෙති, න බුද්ධුපට්ඨානං ගච්ඡති, කෙවලං, “තාත පියපුත්තක, මං ඔහාය කහං පඨමතරං ගතොසී”තිආදීනි වදන්තො විප්පලපති. සත්ථා පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො තස්ස සොතාපත්තිඵලූපනිස්සයං දිස්වා පුනදිවසෙ භික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො භික්ඛූ උය්යොජෙත්වා ආනන්දත්ථෙරෙන පච්ඡාසමණෙන තස්ස ඝරද්වාරං අගමාසි. සත්ථු ආගතභාවං උපාසකස්ස ආරොචෙසුං. අථස්ස ගෙහජනො ගෙහද්වාරෙ ආසනං පඤ්ඤාපෙත්වා සත්ථාරං නිසීදාපෙත්වා උපාසකං පරිග්ගහෙත්වා සත්ථු සන්තිකං උපනෙසි. එකමන්තං නිසින්නං තං දිස්වා “කිං, උපාසක, සොචසී”ති වත්වා “ආම, භන්තෙ”ති වුත්තෙ, “උපාසක, පොරාණකපණ්ඩිතා පණ්ඩිතානං කථං සුත්වා මතපුත්තං නානුසොචිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“උට්ඨෙහි කණ්හ කිං සෙසි” - මේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන්නේ එක්තරා පුතෙකු මළ උපාසකයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වැසි එක්තරා උපාසකයකුගේ පුතෙක් කාලක්‍රියා කළහ. හෙතෙම එම ශෝකයෙන් මඩනා ලද්දේ ස්නානය නොකරයි. ආහාර නොගනියි. රැකියාවෙහි නොයෙදේ. බුද්ධෝපස්ථානය සඳහා නොයයි. හුදෙක් දරුව! පිය පුත්‍රය මා හැර කොහි ගියේ ද කියමින් වැළපේ. ශාස්තෲන් වහන්සේ උදැසන කාලයේ ලොව දෙස බලන්නේ ඔහුට සෝවාන් ඵල ලැබීමට ඇති හේතු වාසනා දැක, දෙවන දවසේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සැවැත්පුර පිඬු පිණිස හැසිර, කරන ලද බත් කිස ඇත්තේ භික්ෂූන් පිටත් කර යවා ආනන්ද තෙරුන් දෙවැනි කොට ගෙන ඒ උපාසකයාගේ ගෙදරට වැඩම වූහ. බුදුන් පැමිණි බව උපාසකයාට කීය. ඉක්බිති ගෙදර මිනිස්සු ගේ තුළ ආසන පනවා ශාස්තෲන් වහන්සේ වඩා හිදුවා උපාසකයා අල්වාගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ආහ. එකත් පසෙක හුන් උපාසකයා දෙස බලා උපාසකය! පැරණි නුවණැත්තෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළ දරුවා ගැන ශෝක නො කළාහු යයි වදාරා ඔහු විසින් අයදින ලදුව අතීත කථාව ගෙන හැර දැක්වීය.
අතීතෙ ද්වාරවතීනගරෙ දස භාතිකරාජානො අහෙසුං – වාසුදෙවො බලදෙවො චන්දදෙවා සූරියදෙවො අග්ගිදෙවො වරුණදෙවො අජ්ජුනො පජ්ජුනො ඝටපණ්ඩිතො අඞ්කුරො චාති. තෙසු වාසුදෙවමහාරාජස්ස පියපුත්තො කාලමකාසි. තෙන රාජා සොකපරෙතො සබ්බකිච්චානි පහාය මඤ්චස්ස අටනිං පරිග්ගහෙත්වා විප්පලපන්තො නිපජ්ජි. තස්මිං කාලෙ ඝටපණ්ඩිතො චින්තෙසි – “ඨපෙත්වා මං අඤ්ඤො කොචි මම භාතු සොකං පරිහරිතුං සමත්ථො නාම නත්ථි, උපායෙනස්ස සොකං හරිස්සාමී”ති. සො උම්මත්තකවෙසං ගහෙත්වා “සසං මෙ දෙථ, සසං මෙ දෙථා”ති ආකාසං ඔලොකෙන්තො සකලනගරං විචරි. “ඝටපණ්ඩිතො උම්මත්තකො ජාතො”ති සකලනගරං සඞ්ඛුභි.
යටගිය දවස ද්වාරතී නගරයේ දස බෑ රජ කෙනෙක් වූහ. වාසුදේව, බලදේව, චන්ද දේව, සුරිය දේව, අග්ගිදේව, වරුනදේව, අජ්ජුන, පජ්ජුන, ඝත පණ්ඩිත - අඞ්කුර යන මොව්හු වූහ. ඔවුන් අතුරෙන් වාසුදේව මහරජුගේ පුතා කළුරිය කළේය. ඒ හේතුවෙන් රජු ශෝකයෙහි ගිලුනේ සියලු කාර්යයන් අත්හැර ඇඳක ඇඳිලි බැඳගෙන විලාප කියමින් හොත්තේය. එකල ඝත පණ්ඩිත තෙමේ මෙසේ සිතීය. මා හැර වෙන කිසිවෙක් මගේ සහෝදරයාගේ ශෝකය අත්හරවන්නට සමර්ථ නොවේ. උපායකින් ශෝකය දුරු කරන්නෙමියි, හෙතෙම උමතු වෙසක් ගෙන සාවෙකු මට දෙව සාවෙකු මට දෙවයි කියමින් අහස බලාගෙන මුළු නුවර හැසුරුණේය. ඝත පණ්ඩිත තෙමේ උමතු වූයේ යයි සියලු නුවර කැළඹින.
තස්මිං කාලෙ රොහිණෙය්යො නාම අමච්චො වාසුදෙවරඤ්ඤො සන්තිකං ගන්ත්වා තෙන සද්ධිං කථං සමුට්ඨාපෙන්තො –
එකල රෝහණෙය්‍ය නම් ඇමතියා වාසුදේව රජු සමීපයට ගොස් ඔහු සමග කථාව ආරම්භ කරමින් මේ ගාථාව කීය.
“උට්ඨෙහි කණ්හ කිං සෙසි, කො අත්ථො සුපනෙන තෙ; යො ච තුය්හං සකො භාතා, හදයං චක්ඛු ච දක්ඛිණං; තස්ස වාතා බලීයන්ති, සසං ජප්පති කෙසවා”ති. – ඉමං ගාථමාහ;
කෘෂ්ණ ගෝත්‍ර ඇති වාසුදේව රජතුමනි! නැගිටිනු මැනවි. ඔබ නිදීමෙන් කවර (වැඩක් ද) අර්ථයක් ද? නුඹගේ හදවත වැනි වූ දකුණැස බඳු වූ ස්වකීය සහෝදර වූ ඝත පණ්ඩිතයන්ගේ වාතය බලවත් වී සාවෙකු ඉල්ලමින් විලාප කියයි. කේශව නම් වාසුදේවය නැගිට බලණු මැනවි මේ ගාථාව කීහ.
තත්ථ කණ්හාති වාසුදෙවං ගොත්තෙනාලපති. කො අත්ථො සුපනෙන තෙති සුපනෙන තුය්හං කා නාම වඩ්ඪි. සකො භාතාති සොදරියො භාතා. හදයං චක්ඛු ච දක්ඛිණන්ති හදයෙන චෙව දක්ඛිණචක්ඛුනා ච සදිසොති අත්ථො. තස්ස වාතා බලීයන්තීති තස්ස අපරාපරං උප්පජ්ජමානා උම්මාදවාතා බලවන්තො හොන්ති වඩ්ඪන්ති අභිභවන්ති. සසං ජප්පතීති “සසං මෙ දෙථා”ති විප්පලපති. කෙසවාති සො කිර කෙසානං සොභනානං අත්ථිතාය “කෙසවො”ති වොහරීයති. තෙන නං නාමෙන ආලපති.
එහි කණ්හා - වාසුදේවයන්ගේ ගෝත්‍ර නාමයෙන් අමතයි. කො අත්ථො සුපිනෙන - නිදීමෙන් තොපට කවර නම් වෘද්ධියක් වේ ද? සකො භාතා - එක කුස උපන් සහෝදරයා - හදයං චක්ඛුඤ්ච දක්ඛිණං - හදවතට ද දකුණු ඇසට ද සමාන වේ යන අර්ථයි. කස්ස වාතා බලී යන්ති - ඔහුගේ වරින් වර උපදින්නා වූ උම්මාද වාතය බලවත් වී ඇත්තේ වැඩෙත්, ඔහු මැඩ පවත්වත් සසං ජප්පති - හාවෙකු මට දියව් යයි විලාප නගති. කෙසවො සෝභන කෙසේ ඇති බැවින් කේශව යයි ව්‍යවහාර කෙරේ, ඔහුගේ ඒ නමින් අමතයි.
තස්ස වචනං සුත්වා සයනතො උට්ඨිතභාවං දීපෙන්තො සත්ථා අභිසම්බුද්ධො හුත්වා –
ඔහුගේ වචනය අසා යහනින් නැගිටින බව දක්වමින්, සම්බුද්ධ වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාව වදාළහ.
“තස්ස තං වචනං සුත්වා, රොහිණෙය්යස්ස කෙසවො; තරමානරූපො වුට්ඨාසි, භාතු සොකෙන අට්ටිතො”ති. – ඉමං ගාථමාහ;
කේශව නම් වූ වාසුදේව රජු ඒ රෝහිණෙය්ය ඇමතියාගේ වචනය අසා සහෝදර කැක්කුමෙන් පෙළන ලදුව වෙවුලමින් නැගී සිටියේය.
රාජා උට්ඨාය සීඝං පාසාදා ඔතරිත්වා ඝටපණ්ඩිතස්ස සන්තිකං ගන්ත්වා උභොසු හත්ථෙසු නං දළ්හං ගහෙත්වා තෙන සද්ධිං සල්ලපන්තො –
රජු නැගිට වහා පහයෙන් බැස ඝත පණ්ඩිතයා ළගට ගොස් දෙ අතින් ඔහු දැඩිකොට අල්ලා ගෙන, ඔහු සමග කථා කරන්නේ මේ ගාථා තුන කීහ.
“කිං නු උම්මත්තරූපොව, කෙවලං ද්වාරකං ඉමං; සසො සසොති ලපසි, කීදිසං සසමිච්ඡසි.
කිමෙක් ද? උමතු වූවෙකු මෙන් මේ මුළු ද්වාරවතී නුවර සාවා සාවා යයි කියමින් යයි ද විලාප දෙයි ද කෙබඳු සාවකු කැමති වන්නේ ද?
“සොවණ්ණමයං මණිමයං, ලොහමයං අථ රූපියමයං; සඞ්ඛසිලාපවාළමයං, කාරයිස්සාමි තෙ සසං.
රනින් කළා වූ මිනියෙන් කළා වූ, ලෝහයෙන් කළා වූ, රිදියෙන් කළා වූ සක් සිළා පබළුවෙන් කළා වූ සාවෙකු නුඹට කරවන්නෙමි.
“සන්ති අඤ්ඤෙපි සසකා, අරඤ්ඤවනගොචරා; තෙපි තෙ ආනයිස්සාමි, කීදිසං සසමිච්ඡසී”ති. –
වනය ගොදුරු කොට වෙනත් සාවෝ කැලයෙහි වසති. එවුනුන් නුඹට ගෙනෙන්නෙමි. කෙබඳු සාවෙකු කැමති වෙයි ද?
තිස්සො ගාථායො අභාසි.
තත්ථ උම්මත්තරූපොවාති උම්මත්තකො විය. කෙවලන්ති සකලං. ද්වාරකන්ති ද්වාරවතීනගරං විචරන්තො. සසො සසොති ලපසීති සසො සසොති විලපසි. සොවණ්ණමයන්ති සුවණ්ණමයං. ලොහමයන්ති තම්බලොහමයං. රූපියමයන්ති රජතමයං. යං ඉච්ඡසි තං වදෙහි, අථ කෙන සොචසි. අඤ්ඤෙපි අරඤ්ඤෙ වනගොචරා සසකා අත්ථි, තෙ තෙ ආනයිස්සාමි, වද, භද්රමුඛ , කීදිසං සසමිච්ඡසීති ඝටපණ්ඩිතං “සසෙන අත්ථිකො”ති අධිප්පායෙන සසෙන නිමන්තෙසි. තං සුත්වා ඝටපණ්ඩිතො –
මෙහි උම්මත්ත රූපොවා - පිස්සකු මෙන්, කෙවලං - සියලු, ද්වාරකං - ද්වාරවතී නගරයෙහි හැසිරෙන්නේ, සසො සසො ති ලපසි - සාවා සාවා කියා වැළපෙයි. ලොහමයං - තඹ ආදී ලෝහවලින් නිම වූ, රූපියාමයං - රිදීයෙන් නිමකළ - යමක් කැමැත්තේ නම් කියව! කුමක් සඳහා ශෝක වෙයි ද? වෙනස් වූ කැලෑවෙහි වනය ගොදුරුකොට ඇති සාවෝ සිටිත් ඔවුන් ගෙන එම් ද? යහපත් මුව ඇත්ත. කැමති දෙයක් කියව! (ආදි වශයෙන්) හාවෙකුගෙන් ප්‍රයෝජන ඇතැයි යන අදහසින් සාවෙකු ගෙන ඒමට පැවරුවේය. එය අසා ඝත පණ්ඩිත තෙමේ, මේ අදහස කීය.
“නාහමෙතෙ සසෙ ඉච්ඡෙ, යෙ සසා පථවිස්සිතා; චන්දතො සසමිච්ඡාමි, තං මෙ ඔහර කෙසවා”ති. –
කේශව නම් වාසු දේවය! පොළව ඇසුරු කොට ඇති යම් සාවෝ සිටිත් ද ඒ සාවුන් මම නො කැමැත්තෙමි. සඳමඬලෙන් සාවෙකු කැමති වෙමි. ඒ සාවා මට ගෙන දෙව!
ගාථමාහ. තත්ථ ඔහරාති ඔහාරෙහි. තං සුත්වා රාජා “නිස්සංසයං මෙ භාතා උම්මත්තකො ජාතො”ති දොමනස්සප්පත්තො –
එහි - ඔහරා - පහතට ගනුව: ඒ අසා රජු නිසැකයෙන්ම, අනිවාර්යයෙන්ම සහෝදරයා උම්මත්තකු වී යයි දොම්නසට පැමිණියේ,
“සො නූන මධුරං ඤාති, ජීවිතං විජහිස්සසි; අපත්ථියං පත්ථයසි, චන්දතො සසමිච්ඡසී”ති. –
ප්‍රිය මළණුවනි සඳමඬලෙහි සාවා කැමැත්තෙහිය. නො පැතිය යුත්තක් පතයි. ඉතා මිහිරි ජීවිතය හරින්නෙහිය
ගාථමාහ. තත්ථ ඤාතීති කනිට්ඨං ආලපති. අයමෙත්ථ අත්ථො – මය්හං පියඤාති යං අතිමධුරං අත්තනො ජීවිතං, තං විජහිස්සසි මඤ්ඤෙ, යො අපත්ථයිතබ්බං පත්ථෙසීති.
යන ගාථාව කීහ. එහි ඤාතිං - බාල සහෝදරයාට අමතයි, මෙය ද අර්ථයකි. මගේ ප්‍රිය (සහෝදරයා) ඤාතියා යම් ඉතා මිහිරි වූ තමන්ගේ ජීවිතය ඔහු විසින්ම අත්හරියි සිතමි. කිසියම් නො පැතිය යුතු දෙයක් පතයි.
ඝටපණ්ඩිතො රඤ්ඤො වචනං සුත්වා නිච්චලොව ඨත්වා “භාතික, ත්වං චන්දතො සසං පත්ථෙන්තස්ස තං අලභිත්වා ජීවිතක්ඛයො භවිස්සතීති ජානන්තො කස්මා මතං පුත්තං අලභිත්වා අනුසොචසී”ති ඉමමත්ථං දීපෙන්තො –
ඝත පණ්ඩිත තෙමේ ද රජුගේ කථාව අසා නිසසලව සිට, ඔබ සඳේ සාවා ඉල්ලා එය නො ලැබුනේ නම් මරණයට පත්වන්නේ යයි දනියි. කවර හෙයකින් මියගිය පුතා වෙනුවෙන් ශෝක කරයි. මෙහි අර්ථය නො වැටහෙන්නේ ද?
“එවං චෙ කණ්හ ජානාසි, යථඤ්ඤමනුසාසසි; කස්මා පුරෙ මතං පුත්තං, අජ්ජාපි මනුසොචසී”ති. –
කෘෂ්ණ ගෝත්රවන් මහරජ යම්සේ අනුන්ට අවවාද කෙරෙයි ද? මෙසේ දන්නෙහි නම් කවර හෙයකින් පෙර මළ පුතු සඳහා අදත් සෝකවන්නේ මන්ද?
ගාථමාහ. තත්ථ එවං චෙ, කණ්හ, ජානාසීති, භාතික, කණ්හනාමක මහාරාජ, “අලබ්භනෙය්යවත්ථු නාම න පත්ථෙතබ්බ”න්ති යදි එවං ජානාසි. යථඤ්ඤන්ති එවං ජානන්තොව යථා අඤ්ඤං අනුසාසසි, තථා අකත්වා. කස්මා පුරෙ මතං පුත්තන්ති අථ කස්මා ඉතො චතුමාසමත්ථකෙ මතං පුත්තං අජ්ජාපි අනුසොචසීති.
එහි එවඤ්චෙ කණ්හ ජානාසී - කෘෂ්ණ නම් සහෝදර මහරජ තුමනි! නො ලැබිය හැකි වස්තුවක් නම් නො පැතිය යුතුයි යන්න දන්නෙහි නම්, යථඤ්ඤං - මෙසේ දන්නේ නම් තමන් එය නො පිළිපදිමින් අනුන්ට අවවාද දෙන්නෙහි ද? කස්මා පුරෙ ඔතං පුත්තං - කවර හෙයකින් මෙයින් සාර මසකට පෙර මියගියා පුතකු සිහිකරමින් ශෝක වන්නේය යන අර්ථයි.
එවං සො අන්තරවීථියං ඨිතකොව “අහං තාව එවං පඤ්ඤායමානං පත්ථෙමි, ත්වං පන අපඤ්ඤායමානස්සත්ථාය සොචසී”ති වත්වා තස්ස ධම්මං දෙසෙන්තො –
මෙසේ මම ඇතුල් වීථියෙහි සිටිමින් ඇසට පෙනෙන දෙයක් පැතුවෙමි. එසේ තිබියදී ඔබ නො පෙනෙන දෙයක් පතමින් ශෝක කරයි කියා ඔහුට ධර්ම දේශනා කරන්නේ,
“න යං ලබ්භා මනුස්සෙන, අමනුස්සෙන වා පන; ජාතො මෙ මා මරි පුත්තො, කුතො ලබ්භා අලබ්භියං.
උපන්නා වූ මගේ පුත්‍රයා නොමැරේවා යන යමක් මිනිසෙකු විසින් හෝ අමනුස්සයෙකු විසින් හෝ නො ලැබිය හැකි වේද? ඒ නො ලැබිය හැකි දේ කවර හේතුවකින් ලැබේ ද?
“න මන්තා මූලභෙසජ්ජා, ඔසධෙහි ධනෙන වා; සක්කා ආනයිතුං කණ්හ, යං පෙතමනුසොචසී”ති. – ගාථාද්වයමාහ;
97. කෘෂ්ණය පරලොවට ගිය පුතෙකු සඳහා ශෝක කරයි ද? ඔහු නැවත පමුණුවා ගැනීමට මන්ත්‍ර ප්‍රයෝගයකින් හෝ, මූල බෙහෙත් බලයකින් හෝ, නානා විධ ඖෂධ වර්ගවලින් හෝ කෝටි සංඛ්‍යාත ධනයකින් හෝ නුපුළුවන් වන්නේමය යන ගාථා දෙ කීහ.
තත්ථ යන්ති, භාතික, යං “එවං ජාතො මෙ පුත්තො මා මරී”ති මනුස්සෙන වා දෙවෙන වා පන න ලබ්භා න සක්කා ලද්ධුං, තං ත්වං පත්ථෙසි, තං පනෙතං කුතො ලබ්භා, කෙන කාරණෙන ලද්ධුං සක්කා. යස්මා අලබ්භියං අලබ්භනෙය්යවත්ථු නාමෙතන්ති අත්ථො.
එහි “යං” යනු සහෝදරය! මෙසේ උපන්නා වූ මගේ පුත්‍රයා නො මැරේවා යන්න මනුෂ්‍යයකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, නො ලැබිය හැකිය. නුඹ නො ලැබිය හැකි දෙයක් පතයි. නො ලැබිය හැකි දෙය වනාහී නුඹ කොහෙන් ලබන්න ද? යන අදහසයි.
මන්තාති මන්තප්පයොගෙන. මූලභෙසජ්ජාති මූලභෙසජ්ජෙන. ඔසධෙහීති නානාවිධෙහි ඔසධෙහි. ධනෙන වාති කොටිසතසඞ්ඛෙන ධනෙන වාපි. ඉදං වුත්තං හොති – යං පෙතමනුසොචසි, තං එතෙහි මන්තප්පයොගාදීහිපි ආනෙතුං න සක්කාති.
මන්තා යන්ත්‍ර මන්ත්‍රා දී ගුරුකම්වලින් හෝ මූල භෙසජ්ජා - මූල බෙහෙත් වර්ගයකින්, ඔසධෙ නානාවිධ ඖෂධ යෝගවලින් ධනෙන වා කෙළ සියගණනක් ධනයෙන් හෝ, මෙසේ මැරුණු යම් කෙනෙකු සදහා ශෝක කරයි ද ඔහු මේ කිසිම දේකින් නැවත පමුණුවා ගත නොහැක්කේය.
පුන ඝටපණ්ඩිතො “භාතික, ඉදං මරණං නාම ධනෙන වා ජාතියා වා විජ්ජාය වා සීලෙන වා භාවනාය වා න සක්කා පටිබාහිතු”න්ති දස්සෙන්තො –
තව ද ඝත පණ්ඩිතයෝ සහෝදරය! මේ මරණය නම් ධනය හේතුකොට ගෙන හෝ ජාතිය හේතුකොට ගෙන හෝ, වලක්වාලිය නො හැක්කේමය.
“මහද්ධනා මහාභොගා, රට්ඨවන්තොපි ඛත්තියා; පහූතධනධඤ්ඤාසෙ, තෙපි නො අජරාමරා.
බොහෝ ධන ඇත්තා වූ ද, මහත් භෝග සම්පත් ඇත්තා වූ ද, සියලු රට ඇත්තා වූ, කෙළවරක් නැති ධන ධාන්‍ය ඇත්තා වූ යම් රජ කෙනෙක් වෙත් ද ඔහු ජාතිය නිමිත්තකොට ජරාමරණ රහිතයෝ නො වූහ.
“ඛත්තියා බ්රාහ්මණා වෙස්සා, සුද්දා චණ්ඩාලපුක්කුස්සා; එතෙ චඤ්ඤෙ ච ජාතියා, තෙපි නො අජරාමරා.
ක්ෂත්‍රියයෝය. බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, සැඩොල් පුස්වඩු ආදීහු ද, මෙයින් අන්‍යයෝ ද, ඔවුන් සියල්ලෝත් ජාතිය නිමිතිකොට අජරාමරණ වූවෝ නො වෙති.
“යෙ මන්තං පරිවත්තෙන්ති, ඡළඞ්ගං බ්රහ්මචින්තිතං; එතෙ චඤ්ඤෙ ච විජ්ජාය, තෙපි නො අජරාමරා.
බ්‍රහ්මයා විසින් කියන ලද හෝ සිතන ලද, සයාකාර වූ, වේදය හදාරත් ද කියවත් ද, හෝම පුජා ආදිය කරත් ද, ජප කෙරෙද්ද, විද්‍යාඥානයෙන් යුක්ත වූ අය ද සෙස්සෝ ද අජරාමර නුවූහ.
“ඉසයො වාපි යෙ සන්තා, සඤ්ඤතත්තා තපස්සිනො; සරීරං තෙපි කාලෙන, විජහන්ති තපස්සිනො.
සන්සුන් ස්වභාව ඇති, සංයම සිත් ඇති, තපෝගුණ ඇති, හික්මුණු, යම් සෘෂීහු වෙත් ද? රාගා දී පව් තවන්නා වූ යමෙක් වේ ද? ඔව්හු ද සුදුසු කාලයෙහි මේ ශරීරය හැර දමත්.
“භාවිතත්තා අරහන්තො, කතකිච්චා අනාසවා; නික්ඛිපන්ති ඉමං දෙහං, පුඤ්ඤපාපපරික්ඛයා”ති. –
භාවනාවෙන් මඩනා ලද සිත් ඇතිව වාසය කරන්නා වූ කරන ලද නිම වූ කටයුතු ඇති, ආශ්‍රව රහිත වූවෝ ද කුශල කර්ම ක්ෂය කිරීමෙන් මේ ශරීරය හැර දමත්,
පඤ්චහි ගාථාහි රඤ්ඤො ධම්මං දෙසෙසි.
මේ ගාථා පහකින් රජුට ධර්මය දේශනා කළේය.
තත්ථ මහද්ධනාති නිධානගතස්සෙව මහතො ධනස්ස අත්ථිතාය බහුධනා. මහාභොගාති දෙවභොගසදිසාය මහතියා භොගසම්පත්තියා සමන්නාගතා. රට්ඨවන්තොති සකලරට්ඨවන්තො. පහූතධනධඤ්ඤාසෙති තිණ්ණං චතුන්නං වා සංවච්ඡරානං අත්ථාය නිදහිත්වා ඨපෙතබ්බස්ස නිච්චපරිබ්බයභූතස්ස ධනධඤ්ඤස්ස වසෙන අපරියන්තධනධඤ්ඤා. තෙපි නො අජරාමරාති තෙපි එවං මහාවිභවා මන්ධාතුමහාසුදස්සනාදයො ඛත්තියා අජරාමරා නාහෙසුං, අඤ්ඤදත්ථු මරණමුඛමෙව අනුපවිට්ඨාති අත්ථො.
එහි මහද්ධනා - නිධන්ගත කරන ලද මහා ධනස්කන්ධයක් ඇති බැවින් බහුධන නම් වේ. මහාභොගා දිව්‍ය සම්පත් සමාන වූ මහත් වූ භව භෝග සම්පත්තීන්ගෙන් අනුන වූ, රට්ඨවන්තො - මුළු රටට ප්‍රධානියා වූ, (රජ වූ) පහුතධන ධඤ්ඤා යෙ - තුන් හතර අවුරුද්දකට ප්‍රයෝජන ගත හැකි පිණිස තැන්පත් කළ තැබිය යුතු වූ නිතර වැය වන ධන ධාන්යයාගේ කෙළවරක් නැති ධන ධාන්‍ය ඇති. තෙපි නො අජරාමරා - මෙසේ ඔව්හු ද මහා සම්පත් ඇති මහා මන්ධාතු මහා සුදස්සන ආදී ක්ෂත්රිය රජවරු ද අජරාමර නුවූහ. අන් අය ද ඒකාන්තයෙන් මරණයට පත් වේ යන අර්ථයි.
එතෙති යථාවුත්තඛත්තියාදයො. අඤ්ඤෙති අඤ්ඤතරා එවංභූතා අම්බට්ඨාදයො. ජාතියාති අත්තනො ජාතිනිමිත්තං අජරාමරා නාහෙසුන්ති අත්ථො.
එතෙ - පෙර කියන ලද ක්ෂත්රිය රජවරු ද, අඤ්ඤෙ අතරක් නැතිව මෙසේ වර්ණනා භූත වූ “අම්බස්ථා” දී හුද ජාතියා - තමන්ගේ ජාතිය නිමිතිකොට අජරාමර නුවූහ යන අර්ථයි.
මන්තන්ති වෙදං. පරිවත්තෙන්තීති සජ්ඣායන්ති වාචෙන්ති ච. අථ වා පරිවත්තෙන්තීති වෙදං අනුපරිවත්තෙන්තා හොමං කරොන්තා ජපන්ති. ඡළඞ්ගන්ති සික්ඛාකප්පනිරුත්තිබ්යාකරණජොතිසත්ථඡන්දොවිචිතිසඞ්ඛාතෙහි ඡහි අඞ්ගෙහි යුත්තං. බ්රහ්මචින්තිතන්ති බ්රාහ්මණානමත්ථාය බ්රහ්මනා චින්තිතං කථිතං. විජ්ජායාති බ්රහ්මසදිසවිජ්ජාය සමන්නාගතා, තෙපි නො අජරාමරාති අත්ථො.
මත්තං දැනීම, පරිවත්තෙන්ති - අනුව පෙරළමින් හෝම කරමින් ජපකරත්, ජළඞ්ගං - ශික්ෂා කල්ප නිරුක්ති ව්‍යාකරන, ජ්යොතිය, ඡන්දස් යන අංග සයෙන් යුත්ත වූ, බ්රහ්මවින්තිතං බමුණන්ගේ ප්‍රයෝජනය සඳහා බ්‍රහ්මයා විසින් කියන ලද හෝ සිතන ලද, විජ්ජායා - බ්‍රහ්මයා සමාන විද්‍යාවෙන් සමන්විත වූවාහු, ඔව්හු ද අජරාමර නුවුයේය යන අර්ථයි.
ඉසයොති යමනියමාදීනං පටිකූලසඤ්ඤාදීනඤ්ච එසනට්ඨෙන ඉසයො. සන්තාති කායවාචාහි සන්තසභාවා. සඤ්ඤතත්තාති රාගාදීනං සංයමෙන සංයතචිත්තා. කායතපනසඞ්ඛාතො තපො එතෙසං අත්ථීති තපස්සිනො. පුන තපස්සිනොති සංවරකා. තෙන එවං තපනිස්සිතකා හුත්වා සරීරෙන ච විමොක්ඛං පත්තුකාමාපි සංවරකා සරීරං විජහන්ති එවාති දස්සෙති. අථ වා ඉසයොති අධිසීලසික්ඛාදීනං එසනට්ඨෙන ඉසයො, තදත්ථං තප්පටිපක්ඛානං පාපධම්මානං වූපසමෙන සන්තා, එකාරම්මණෙ චිත්තස්ස සංයමෙන සඤ්ඤතත්තා, සම්මප්පධානයොගතො වීරියතාපෙන තපස්සිනො, සප්පයොගා රාගාදීනං සන්තපනෙන තපස්සිනොති යොජෙතබ්බං. භාවිතත්තාති චතුසච්චකම්මට්ඨානභාවනාය භාවිතචිත්තා.
ඉසයො යාම නියාම හා පිළිකුල් හැඟීම් උපදවන සංෂීහූ - සන්තා - කය වචනයන්හි ශාන්ත ස්වභාව ඇති, සඤ්ඤතත්තා - රාග ද්වේෂ මෝහාදීන්ගෙන් සංයත වූ සිත් ඇති, කය තැවීම් ආදියෙන් තපස මොවුන්ට ඇත්තේනුයි තපස් වී වරු - නැවත තපස්සිතො - සංචාරකයෝ, මෙසේ තපස්කම්හි නියැළී ශරීරයෙන් විමෝක්ෂය ප්‍රාර්ථනා කරනු කැමැත්තෝ. නොහොත් - ඉසයො - අධිශීල ශික්ෂාදිය සොයන්නේ යන අර්ථයෙන් සෘෂි වූ, එම අර්ථයෙන් පාපධර්මයෙන් මුළුමනින් නැති කිරීමෙන් ශාන්ත වූ, එක් අරමුණක සිත පිහිටුවා ගැනීමෙන් සංයමයට පැමිණි, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කෙලෙස් තැවූ තපස් වී වූ, හටගන්නා වූ රාගාදී කෙළෙස් මර්දනය කළ බැවින් තපස් වී යයි කියන ලදි. භාවිතත්තා - චතුසත්‍ය කර්මස්ථානයන්ගේ වඩන ලද සිත් ඇති.
එවං ඝටපණ්ඩිතෙන ධම්මෙ කථිතෙ තං සුත්වා රාජා අපගතසොකසල්ලො පසන්නමානසො ඝටපණ්ඩිතං පසංසන්තො –
මෙසේ ඝත පණ්ඩිතයන් විසින් ධර්මය දේශනා කළ කල්හි එය අසා පහවගිය සෝක නමැති හුල් ඇති, ප්‍රසන්න වූ සිත් ඇති මහරජු ඝත පණ්ඩිතයන් පසසමින් ඉතිරි ගාථා කීවේය.
“ආදිත්තං වත මං සන්තං, ඝටසිත්තංව පාවකං; වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
පුත්‍ර ශෝකයෙන් ආද්ර වූ මගේ සිත, ගින්නකට ගිතෙල් ඉසින කලක් මෙන් ද, දිය ඉස ගින්නක් නිවන්නාක් මෙන්ද මගේ සියලුම විඩාව නිවූයේය.
“අබ්බහී වත මෙ සල්ලං, සොකං හදයනිස්සිතං; යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
මගේ හෘදය නිඃශ්‍රිත වූ සෝක නමැති හුල උදුරා දැම්මේය, මගේ ශෝකය යමෙක් දුරු කළේ ද පුත්‍ර ශෝකය නැවත නූපදී.
“ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි, සීතිභූතොස්මි නිබ්බුතො; න සොචාමි න රොදාමි, තව සුත්වාන භාතික.
හෘදයෙහි තිබු ශෝක නමැති හුල උදුරා දැමු ඒ මම ඔබගේ බස් අසා සිතින් නිවුනේ වෙමි. නැවතත් ඒ පුත්‍රයා වෙනුවෙන් ශෝක නො වෙමි. නො හඬමි.
“එවං කරොන්ති සප්පඤ්ඤා, යෙ හොන්ති අනුකම්පකා; නිවත්තයන්ති සොකම්හා, ඝටො ජෙට්ඨංව භාතරං.
ඝත පණ්ඩිත තෙම තම වැඩිමල් සහෝදරයා පුත්‍ර ශෝකයෙන් සන්සිඳ වූවා සේ ප්‍රඥා සහිත වූ අනුකම්පකාරී වූ යම් කෙනෙක් වෙත් ද මෙසේම කරත්.
“යස්ස එතාදිසා හොන්ති, අමච්චා පරිචාරකා; සුභාසිතෙන අන්වෙන්ති, ඝටො ජෙට්ඨංව භාතර”න්ති. – සෙසගාථා අභාසි;
ඝත පණ්ඩිතයා සිය වැඩිමහල් සොහොයුරා යහපත් වචනයෙන් ශෝක රහිත කලාක් මෙන් යමෙකුට මෙබඳු වූ ඇමතියෝ සේවකයෝ වෙත් ද, ඔවුන්ට ශෝකයක් නො වේ මැයි.
තත්ථ ඝටො ජෙට්ඨංව භාතරන්ති යථා ඝටපණ්ඩිතො අත්තනො ජෙට්ඨභාතරං මතපුත්තසොකාභිභූතං අත්තනො උපායකොසල්ලෙන චෙව ධම්මකථාය ච තතො පුත්තසොකතො විනිවත්තයි, එවං අඤ්ඤෙපි සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්පකා, තෙ ඤාතීනං උපකාරං කරොන්තීති අත්ථො.
එහි ඝතො ජෙට්ඨංව භාතරං - යම්සේ ඝත පණ්ඩිත තෙමේ තමාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා මියගිය පුතා නිසා සෝකයෙන් මඬින ලද්දේ ද? තමාගේ උපාය දක්ෂතාවයෙන්, මෙම ධර්ම කථාවෙන් පුත්‍ර ශෝකයෙන් මිදවීය. මෙසේ අනෙක් නුවණැත්තෝ ද, තම ඤාතීන්ට උපකාර කළ යුතුය යන අර්ථයි
යස්ස එතාදිසා හොන්තීති අයං අභිසම්බුද්ධගාථා. තස්සත්ථො – යථා යෙන කාරණෙන පුත්තසොකපරෙතං රාජානං වාසුදෙවං ඝටපණ්ඩිතො සොකහරණත්ථාය සුභාසිතෙන අන්වෙසි අනුඑසි, යස්ස අඤ්ඤස්සාපි එතාදිසා පණ්ඩිතා අමච්චා පටිලද්ධා අස්සු, තස්ස කුතො සොකොති! සෙසගාථා හෙට්ඨා වුත්තත්ථා එවාති.
යස්ස එතා දිසා හොන්ති - මේ අභිසම්බුද්ධ ගාථායි. එහි අර්ථය පුත්‍ර ශෝකයෙන් මැඩුනා වූ වාසුදේව මහරජු, යම් ආකාරයකින් සත පණ්ඩිතයන් විසින් ශෝකය දුරුකරනු පිණිස යහපත ධර්මයක් වචනයක් කීයේ ද? යම් බඳු වූ අන්‍යයන්ටත් මෙබඳු ඇමතිවරු, ඤාතිවරු හිතවත්හු වේවා! ඔහුගේ ශෝකය මේ ගාථාවලින් දුරු වී ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, උපාසක, පොරාණකපණ්ඩිතා පණ්ඩිතානං කථං සුත්වා පුත්තසොකං හරිංසූ”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි. සච්චපරියොසානෙ උපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහීති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා උපාසකය! මෙසේ පැරණි පණ්ඩිතවරු පණ්ඩිතයන්ගේ කථා අසා පුත්‍ර ශෝකය නිවාගන්නයි කියා සිව්සස් වදාරා දේශනාව සමාප්ත කළ සේක. දේශනාවන්ගේ අවසානයේ උපාසක තෙමේ සෝවාන් පෙළෙහි පිහිටියේය.
කණ්හපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
කණ්හ ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.