7. ධනපාලසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
7. ධනපාලසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා
7. ධනපාල ප්‍රේතවස්තු වර්ණනාව
නග්ගො දුබ්බණ්ණරූපොසීති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ ධනපාලපෙතං ආරබ්භ වුත්තං. අනුප්පන්නෙ කිර බුද්ධෙ පණ්ණරට්ඨෙ එරකච්ඡනගරෙ ධනපාලකො නාම සෙට්ඨි අහොසි අස්සද්ධො අප්පසන්නො කදරියො නත්ථිකදිට්ඨිකො. තස්ස කිරියා පාළිතො එව විඤ්ඤායති. සො කාලං කත්වා මරුකන්තාරෙ පෙතො හුත්වා නිබ්බත්ති. තස්ස තාලක්ඛන්ධප්පමාණො කායො අහොසි, සමුට්ඨිතච්ඡවි ඵරුසො, විරූපකෙසො, භයානකො, දුබ්බණ්ණො අතිවිය විරූපො බීභච්ඡදස්සනො. සො පඤ්චපණ්ණාස වස්සානි භත්තසිත්ථං වා උදකබින්දුං වා අලභන්තො විසුක්ඛකණ්ඨොට්ඨජිව්හො ජිඝච්ඡාපිපාසාභිභූතො ඉතො චිතො ච පරිබ්භමති.
“නග්ගො දුබ්බණ්ණ රූපො” - යන මේ කථා වස්තුව “ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන සමයේ ධනපාල නම් ප්‍රේතයා අරභයා වදාරණ ලදී. බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ නුවූ කල්හි, දසන්න රට ඒරකච්ඡ නම් නගරයේ ධනපාල නම් සිටුවරයෙක් සිටියේය. හේ ශ්‍රද්ධා නැත්තේය. පැහැදීමක් නැත්තේය. තද මසුරෙකි. කර්මයන්හි විපාක නැතැයි කියන නාස්තික දෘෂ්ටි වාදියෙකි. ඔහුගේ ක්‍රියා පිළිවෙළ දේශනා පාලියෙන්ම ප්‍රකට වේ. හෙතෙම කළුරිය කොට මරු කතරක ප්‍රේතයකු වී උපන්නේය. ඔහුගේ ශරීරය තල් කඳක් පමණ විය. ඉල්පීගිය සම රළුය. අවුල් වූ, විරූප වූ හිස කෙස්ය. බියකරු දැකුම් ඇත්තේය. දුර්වර්ණය, අතිශයින් විරූප වූයේ භයානක දැකීම් ඇත්තේය. ඔහු පනස් පස් වසරක් මුළුල්ලෙහි බත් ඇටයක් හෝ දියබිඳක් නො ලබාම, වියලුණු උගුර තොල් දිව ඇතිව සා පවසින් යුතුව ඔබ මොබ හැසිරෙයි.
අථ අම්හාකං භගවති ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුක්කමෙන සාවත්ථියං විහරන්තෙ සාවත්ථිවාසිනො වාණිජා පඤ්චමත්තානි සකටසතානි භණ්ඩස්ස පූරෙත්වා උත්තරාපථං ගන්ත්වා භණ්ඩං වික්කිණිත්වා පටිලද්ධභණ්ඩං සකටෙසු ආරොපෙත්වා පටිනිවත්තමානා සායන්හසමයෙ අඤ්ඤතරං සුක්ඛනදිං පාපුණිත්වා තත්ථ යානං මුඤ්චිත්වා රත්තියං වාසං කප්පෙසුං. අථ සො පෙතො පිපාසාභිභූතො පානීයස්සත්ථාය ආගන්ත්වා තත්ථ බින්දුමත්තම්පි පානීයං අලභිත්වා විගතාසො ඡින්නමූලො විය තාලො ඡින්නපාදො පති. තං දිස්වා වාණිජා –
අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී, පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ, පිළිවෙළින් සැවැත් නුවරට වැඩමවා වසන්නේ, සැවත් නුවරවාසී වෙළෙන්දෝ පන්සියයක් පමණ ගැල බඩු පුරවාගෙන උත්තරාපථයට ගොස් ඒ භාණ්ඩ අලෙවිකොට, එහෙන් ගත් බඩු ගැල්වල අසුරා ආපසු එනවිට සවස් යාමයේ එක්තරා දිය වියලී ගිය ගඟක් ලඟට පැමිණ ගොනුන් ලිහා රාත්‍රිය නවාතැන් ගත්හ. එහිදී මේ ප්‍රේතයා පිපාසයෙන් පෙළුනේ පැන් සඳහා පැමිණ එහිදී වතුර බින්දුවක් වත් නො ලැබ, පැන් ආශාව සිඳී කපා දැමු තල් ගසක් මෙන් වැටුණේය. ඔහු දුටු වෙළෙන්දෝ.
“නග්ගො දුබ්බණ්ණරූපොසි, කිසො ධමනිසන්ථතො; උප්ඵාසුලිකො කිසිකො, කො නු ත්වමසි මාරිසා”ති. –
නිර්වස්ත්‍ර විරූප වූ ඉතාම බියකරු දැකුම් ඇති ඉල්පී ගිය නහර වැල් ඇති උස් වූ ඉල ඇට ඇති ඉතාමත් කෘශ වූ තෝ කවරෙක් ද?
ඉමාය ගාථාය පුච්ඡිංසු. තතො පෙතො –
මෙසේ කරුණු විමසු විට ප්‍රේත තෙමේ,
“අහං භදන්තෙ පෙතොම්හි, දුග්ගතො යමලොකිකො; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතො”ති. –
පින්වතුනි මම යමලෝක යයි කියන ලද ප්‍රේතලෝකයේ ප්‍රේතයෙක්මි. පෙර පාපකර්මයන් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයට ගියේ වෙමි.
අත්තානං ආවිකත්වා පුන තෙහි –
නැවත වෙළඳුන් විසින්,
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතො”ති. –
ඔබ විසින් කය වචනය සිත යන තුන් දොරින් කුමන අකුශල කර්මයක් කළේ ද? කවර අකුශල කර්ම විපාකයකින් ප්‍රේත ලෝකයට ගියේ වේ ද? ප්‍රේත ලෝකයේ උපන්නේ ද?
කතකම්මං පුච්ඡිතො පුබ්බෙ නිබ්බත්තට්ඨානතො පට්ඨාය අතීතං පච්චුප්පන්නං අනාගතඤ්ච අත්තනො පවත්තිං දස්සෙන්තො තෙසඤ්ච ඔවාදං දෙන්තො –
[missing trans]
“නගරං අත්ථි පණ්ණානං, එරකච්ඡන්ති විස්සුතං; තත්ථ සෙට්ඨි පුරෙ ආසිං, ධනපාලොති මං විදූ.
දසන්න රට ඒරකච්ඡ යයි ප්‍රසිද්ධ වූ නගරයක් විය. ඒ නගරයෙහි පෙර ආත්ම භාවයක දී මම ධනපාල නමින් සිටුවරයෙක් වීමි. මහජනයා ඒ නමින් මා දනිත්.
“අසීති සකටවාහානං, හිරඤ්ඤස්ස අහොසි මෙ; පහූතං මෙ ජාතරූපං, මුත්තා වෙළුරියා බහූ.
මට අමු රන් පිරූ කරත්ත අසූවක් විය. මට රත්තරන් ද මුතු ද වෛඩූර්ය ආදී බොහෝ මැණික් ද තිබුණි.
“තාව මහද්ධනස්සාපි, න මෙ දාතුං පියං අහු; පිදහිත්වා ද්වාරං භුඤ්ජිං, මා මං යාචනකාද්දසුං.
එපමණ මහා ධනයක් තිබුනු මට දන් දීමට කැමැත්තක් නොවීය. යාචක ජනයෝ මා නො දකිත්වායි ගෙයි දොර කවුළු වසාගෙන තනිවම අනුභව කරමි.
“අස්සද්ධො මච්ඡරී චාසිං, කදරියො පරිභාසකො; දදන්තානං කරොන්තානං, වාරයිස්සං බහූ ජනෙ.
ශ්‍රද්ධා නැත්තේ, මසුරෙක් තද මසුරෙක් වශයෙන් පරිභාසයට ලක්වීමි. දන් දෙන්නා වූ පින් කරන්නා වූ බොහෝ ජනයා ඒවායින් වැලැක්වීමි.
“විපාකො නත්ථි දානස්ස, සංයමස්ස කුතො ඵලං; පොක්ඛරඤ්ඤොදපානානි, ආරාමානි ච රොපිතෙ; පපායො ච විනාසෙසිං, දුග්ගෙ සඞ්කමනානි ච.
දන්දීමේ විපාක නැත. සීලයෙන් කවර ප්‍රතිඵලයක් ලැබේ ද? පැන් පොකුණු හා ළිං ද තනන ලද ආරාම උයන් වතු පැන් හල්, යන එන තන්හි ඒ දඬු වනසාලීම්.
“ස්වාහං අකතකල්යාණො, කතපාපො තතො චුතො; උපපන්නො පෙත්තිවිසයං, ඛුප්පිපාසසමප්පිතො.
මම නො කළ කුසල් ඇතිව, කරන ලද අකුසල් ඇතිව, ඒ අත්බවින් චුත වූයේ. (වෙමි) ප්‍රේත යෝනියෙහි ඉපදී, සා පිපාසාවෙන් වඩනා ලද්දේ වෙමි.
“පඤ්චපණ්ණාස වස්සානි, යතො කාලඞ්කතො අහං; නාභිජානාමි භුත්තං වා, පීතං වා පන පානියං.
යම් දිනක මා කළුරිය කළේ ද පනස් පස් අවුරුද්දක් මුළුල්ලෙහි ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නො දනිමි.
“යො සංයමො සො විනාසො, යො විනාසො සො සංයමො; පෙතා හි කිර ජානන්ති, යො සංයමො සො විනාසො.
(කිසිවකුට කිසිවක් නොදීම යන) සංයමයක් වීද? එය සැනසීමක් වෙයි. එය නොදීම යන සංයමයයි. යම් පරිත්‍යාගයක් නො කිරීමක් වේ ද එය වැනසීමකැයි ප්‍රේතයෝම දනිත්.
“අහං පුරෙ සංයමිස්සං, නාදාසිං බහුකෙ ධනෙ; සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකාසිමත්තනො; ස්වාහං පච්ඡානුතප්පාමි, අත්තකම්මඵලූපගො.
මම පෙර බොහෝ ධනය තිබීයදීත් දන් නුදුන්නෙමි. පින් කිරීමෙන් වැළකුනෙමි. දාන වස්තු ඇති කල්හි තමන්ට පිනක් නො කෙළෙමි. ස්වකීය කර්ම විපාකයට පැමිණියා වූ මම දැන් පසුතැවෙමි.
“උද්ධං චතූහි මාසෙහි, කාලකිරියා භවිස්සති; එකන්තකටුකං ඝොරං, නිරයං පපතිස්සහං.
සිව් මසකින් මතු (පස්වන මස) කාලක්‍රියාව වන්නේය. මම ඒකාන්තයෙන් කටුක වූ දරුණු වූ අවීචි මහා නිරයෙහි වැටෙන්නෙමි.
“චතුක්කණ්ණං චතුද්වාරං, විභත්තං භාගසො මිතං; අයොපාකාරපරියන්තං, අයසා පටිකුජ්ජිතං.
කොත් සතරක් ඇත්තේය. දොරවල් සතරක් ඇත්තේය. කොටස් වසයෙන් ප්‍රමාණ කරන ලදුව, මනාකොට බෙදන ලදී. යකඩ පවුරකින් වටකරන ලදුව යකඩ පියනකින් වසන ලද්දේය.
“තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා; සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා.
ඒ අවීචි මහා නරකයේ යකඩ භූමිය නිරන්තරයෙන් ගිනි දැලින් ගැවසුනේය. දිලිසුණේය. එය යොදුන් සියයක් තැන පැතිර සිටියේය.
“තත්ථාහං දීඝමද්ධානං, දුක්ඛං වෙදිස්ස වෙදනං; ඵලං පාපස්ස කම්මස්ස, තස්මා සොචාමහං භුසං.
මම ඒ මහා නිරයෙහි බොහෝ කලක් දුක් වින්දෙමි. මා විසින් කළ පාප කර්මයාගේ විපාකය හේතුවෙන් මම බොහෝ ශෝක කරමි.
“තං වා වදාමි භද්දං වො, යාවන්තෙත්ථ සමාගතා; මාකත්ථ පාපකං කම්මං, ආවි වා යදි වා රහො.
එහෙයින් තොපට කියමි. ඔබලාට යහපතක් වේවා. මෙතැන්හි යම් පමණ දෙනෙක් රැස් වී සිටිත් ද? ප්‍රකට වශයෙන් හෝ රහසිගතව හෝ ලාමක වූ අකුශල කර්මයන් නො කරවු.
“සචෙ තං පාපකං කම්මං, කරිස්සථ කරොථ වා; න වො දුක්ඛා පමුත්යත්ථි, උප්පච්චාපි පලායතං.
යම්කිසිවකු විසින් ළාමක හෝ පාප කර්මයක් කරන්නේ නම්, අහසට නැගීමත් ඒ අකුශලයේ දුකින් මිදීමක් නැත.
“මත්තෙය්යා හොථ පෙත්තෙය්යා, කුලෙ ජෙට්ඨාපචායිකා; සාමඤ්ඤා හොථ බ්රහ්මඤ්ඤා, එවං සග්ගං ගමිස්සථා”ති. –
මව්ට ආදරය ඇත්තෝ වව්, මට උපස්ථාන කරන්නේ මව්, පියාට ගරු සත්කාර කරන්නේ වව්. කුල දෙටුවන් පුදන්නේ මහණ බමුණන් පුදන්නෝ වව්, මෙසේ කොට ස්වර්ග ලෝකයට පැමිණෙනු මැනවි.
ඉමා ගාථා අභාසි.
තත්ථ පණ්ණානන්ති පණ්ණානාමරට්ඨස්ස එවංනාමකානං රාජූනං. එරකච්ඡන්ති තස්ස නගරස්ස නාමං. තත්ථාති තස්මිං නගරෙ. පුරෙති පුබ්බෙ අතීතත්තභාවෙ . ධනපාලොති මං විදූති “ධනපාලසෙට්ඨී”ති මං ජානන්ති. තයිදං නාමං තදා මය්හං අත්ථානුගතමෙවාති දස්සෙන්තො “අසීතී”ති ගාථමාහ. තත්ථ අසීති සකටවාහානන්ති වීසතිඛාරිකො වාහො, යො සකටන්ති වුච්චති. තෙසං සකටවාහානං අසීති හිරඤ්ඤස්ස තථා කහාපණස්ස ච මෙ අහොසීති යොජනා. පහූතං මෙ ජාතරූපන්ති සුවණ්ණම්පි පහූතං අනෙකභාරපරිමාණං අහොසීති සම්බන්ධො.
එහි - දසන්නානං - මේ නම් ඇති රජුන්ගේ රට, එරකච්ඡන්ති - ඒ නගරයේ නමයි. තත්ථ - ඒ නගරයෙහි පුබ්බෙ - පෙර අතීත භවයෙහි. ධනපාලොති මං විදුං - ධනපාල සිටුවරයා යයි මා දනිත්, එම නම එදා මට අර්ථානුගත (අන්වර්ථ) නම විය. අසීති ගාථා කීහ. එහි අසීති සකට වාහනං - කුරුණි විස්සක් බර උසුලන (වාහනය) (සකට) කරත්තය යයි කියයි. එවැනි කරත්ත අසූවක්, අමුරන්වලින් පිරී තිබුනි. එසේම කහවණු ද, මට තිබුනේය යන යෙදුමයි. පහුතම්මෙ ජාතරූපං - රන්ම පහුත වේ, ඉතා විශාල ප්‍රමාණයක් තිබුණේය යන සම්බන්ධයයි.
න මෙ දාතුං පියං අහූති දානං දාතුං මය්හං පියං නාහොසි. මා මං යාචනකාද්දසුන්ති “යාචකා මා මං පස්සිංසූ”ති පිදහිත්වා ගෙහද්වාරං භුඤ්ජාමි. කදරියොති ථද්ධමච්ඡරී. පරිභාසකොති දානං දෙන්තෙ දිස්වා භයෙන සන්තජ්ජකො. දදන්තානං කරොන්තානන්ති උපයොගත්ථෙ සාමිවචනං, දානානි දදන්තෙ පුඤ්ඤානි කරොන්තෙ. බහූ ජනෙති බහූ සත්තෙ. දදන්තානං වා කරොන්තානං වා සමුදායභූතං බහුං ජනං පුඤ්ඤකම්මතො වාරයිස්සං නිවාරෙසිං.
නමෙ දාතුං පියං අහො - දන් දීමට ප්රයත්නයක් නොවීය. මාමං යාචන කාද්දසු - යාචකයෝ මා දකිත් යන හැඟීමෙන් ගෙදර දොර ජනෙල් වසා අනුභව කළෙමි. කදරියො තද මසුරු බව, පරිභාසකො - දන් දෙන අය දැන භයෙන් තැතිගත්තේය. දදනතානං කරොන්තානං - උපයෝගාර්ථයෙහි සාමි වචනයි. දන් දෙන්නේ පින්කම් කරන්නේ, බහුජ්ජනං - බොහෝ සත්ත්වයන් කෙරෙහි දෙන්නාවූ ද, කරන්නාවූ ද, පිරිසක් එක් රැස් වී බහු ජන පුණ්‍ය කර්මයක් කරන්නා වූ එයින් වැලැක් වීම්. විපාකො නසිදානස්සා - දන් දීම් ආදිය නිවාරණය කිරීම දක්වයි.
විපාකො නත්ථි දානස්සාතිආදි දානාදීනං නිවාරණෙ කාරණදස්සනං. තත්ථ විපාකො නත්ථි දානස්සාති දානකම්මස්ස ඵලං නාම නත්ථි, කෙවලං පුඤ්ඤං පුඤ්ඤන්ති ධනවිනාසො එවාති දීපෙති. සංයමස්සාති සීලසංයමස්ස. කුතො ඵලන්ති කුතො නාම ඵලං ලබ්භති, නිරත්ථකමෙව සීලරක්ඛණන්ති අධිප්පායො. ආරාමානීති ආරාමූපවනානීති අත්ථො. පපායොති පානීයසාලා. දුග්ගෙති උදකචික්ඛල්ලානං වසෙන දුග්ගමට්ඨානානි. සඞ්කමනානීති සෙතුයො. තතො චුතොති තතො මනුස්සලොකතො චුතො. පඤ්චපණ්ණාසාති පඤ්චපඤ්ඤාස. යතො කාලඞ්කතො අහන්ති යදා කාලකතා අහං, තතො පට්ඨාය. නාභිජානාමීති එත්තකං කාලං භුත්තං වා පීතං වා කිඤ්චි න ජානාමි.
එහි විපාකො නත්ථි දානස්ස - දන්දීමෙහි කර්ම ඵලයක් නැත. හුදෙක් පින්කම් කිරීමෙන් ධන විනාසය පමණක් වේ යයි දක්වයි. සංයමස්ස - සීලසංයමය - කුතොඵලං කවර නම් ඵලයක් ලබයි ද? සිල් රැකීමේ අදහස නිරර්ථක ම ය ආරාධා - විහාරාරාම හා වනපෙත් පපායො - පානීය ශාලා පැන්හල් දුග්ගෙ - ජලය අපහසු වීමෙන් දුර්ගම වූ තැන් සඞ්කමනාති - ඒ දඬු තතොචුතො - ඒ මිනිස් ලොවින් චුතවූයේ - පඤ්චපණ්ණා සා පනස් පහ - යතොකාලකතො අහං මම කළුරිය කළ දවසේ පටන්, නාභිජානාමි - මෙතෙක් කල් කෑමක් හෝ බීමක් නො දනිමි.
යො සංයමො සො විනාසොති ලොභාදිවසෙන යං සංයමනං කස්සචි අදානං, සො ඉමෙසං සත්තානං විනාසො නාම පෙතයොනියං නිබ්බත්තපෙතානං මහාබ්යසනස්ස හෙතුභාවතො. “යො විනාසො සො සංයමො”ති ඉමිනා යථාවුත්තස්ස අත්ථස්ස එකන්තිකභාවං වදති. පෙතා හි කිර ජානන්තීති එත්ථ හි-සද්දො අවධාරණෙ, කිර-සද්දො අරුචිසූචනෙ. “සංයමො දෙය්යධම්මස්ස අපරිච්චාගො විනාසහෙතූ”ති ඉමමත්ථං පෙතා එව කිර ජානන්ති පච්චක්ඛතො අනුභුය්යමානත්තා, න මනුස්සාති. නයිදං යුත්තං මනුස්සානම්පි පෙතානං විය ඛුප්පිපාසාදීහි අභිභුය්යමානානං දිස්සමානත්තා. පෙතා පන පුරිමත්තභාවෙ කතකම්මස්ස පාකටභාවතො තමත්ථං සුට්ඨුතරං ජානන්ති. තෙනාහ – “අහං පුරෙ සංයමිස්ස”න්තිආදි. තත්ථ සංයමිස්සන්ති සයම්පි දානාදිපුඤ්ඤකිරියතො සංයමනං සඞ්කොචං අකාසිං. බහුකෙ ධනෙති මහන්තෙ ධනෙ විජ්ජමානෙ.
යො සංයමො සො විනාසො - ලෝභාදී වශයෙන් කිසියම් නො දීම ආදී පිළිවෙතක් වී ද? එම සිතිවිල්ලක් වී ද විනාසයට එය හේතුවිය. ප්‍රේත යෝනියෙහි උපන් ප්‍රේතයන්ට මහා ව්‍යසනයට හේතුවක් වේ. යො විනාසො සො සංයමො මෙසේ යම් පරිදි කියන ලද අර්ථයාගේ ඒකාන්තකභාවය කියයි. පෙතාහි කිර ජානන්ති මෙහි “හි” ශබ්දය අවධාරණයෙහිය “කිර” ශබ්දය අනුශ්රවණයෙහිය. සංයමය, පිළිවෙත දියයුතු වස්තු තිබියදීත් පරිත්‍යග නො කිරීම විනාසයට හේතුවීය යන අර්ථයි. දාන වස්තුව නො දීම විනාශයට හේතුවක්ය යන කාරණය විපාක විඳින ප්‍රේතයෝම, ප්රත්යක්ෂ වශයෙන් දනිතී. මිනිසුන් නො දනිත් යයි මෙයින් අදහස් නොවේ. ප්‍රේතයන් මෙන් සා පිපාසාදියෙන් වැඩුනා වූ මනුෂ්‍යයන් දක්නා ලැබෙන හෙයිනි. ප්‍රේතයෝ වනාහි පළමු අත් බැවෙහිම කරන ලද කර්මය ප්‍රකට හෙයින්ම එහි අර්ථය මනා කොට දනිත්. ඒ නිසාම අහං පුරෙ සංයමිස්සන්ති ආදිය කීහ. එහි සංයමිස්සන්ති - තෙමේම දානාදී පුණ්‍ය ක්‍රියාවෝ සංයමයෙන් කළ යුත්තේය. බහුකෙ ධනෙ - මහත් ධනය විද්‍යාමාන කල්හි
තන්ති තස්මා. වොති තුම්හෙ. භද්දං වොති භද්දං කල්‍යාණං සුන්දරං තුම්හාකං හොතූති වචනසෙසො. යාවන්තෙත්ථ සමාගතාති යාවන්තො යාවතකා එත්ථ සමාගතා, තෙ සබ්බෙ මම වචනං සුණාථාති අධිප්පායො. ආවීති පකාසනං පරෙසං පාකටවසෙන. රහොති පටිච්ඡන්නං අපාකටවසෙන. ආවි වා පාණාතිපාතාදිමුසාවාදාදිකායවචීපයොගවසෙන, යදි වා රහො අභිජ්ඣාදිවසෙන පාපකං ලාමකං අකුසලකම්මං මාකත්ථ මා කරිත්ථ.
ත යනු එහෙයින්, වො යනු තෙපි, භද්දංත්වා - යහපත් ශුභ වූ, මිහිරි වූ වචනයක්ම වේවා යාව නෙතත්ථ සමාගතා යම්තාක් දෙනා මෙහි රැස් වූවෝ ද ඒ සියලු දෙනා මගේ වචනය අසාවා යනු අභිප්‍රායයි. ආවී අනුන්ට ප්‍රකාශ කිරීම් වශයෙන් ප්‍රකට කිරීමයි. රහො රහසිගතව හෝ අප්‍රකට වශයෙන් හෝ ප්රාණපාත මුසාවාද ආදී අකුසල් කය වචන මගින් ද ඉදින් රහසිගතවවත් අභිධ්‍යාදී වසයෙන් වත් ළාමක වූ පාපකර්ම නො කරන්න. නො කරවන්න.
සචෙ තං පාපකං කම්මන්ති අථ පන තං පාපකම්මං ආයතිං කරිස්සථ, එතරහි වා කරොථ, නිරයාදීසු චතූසු අපායෙසු මනුස්සෙසු ච අප්පායුකතාදිවසෙන තස්ස ඵලභූතා දුක්ඛතො පමුත්ති පමොක්ඛො නාම නත්ථි. උප්පච්චාපි පලායතන්ති උප්පතිත්වා ආකාසෙන ගච්ඡන්තානම්පි මොක්ඛො නත්ථියෙවාති අත්ථො. “උපෙච්චා”තිපි පාළි, ඉතො වා එත්තො වා පලායන්තෙ තුම්හෙ අනුබන්ධිස්සතීති අධිප්පායෙන උපෙච්ච සඤ්චිච්ච පලායන්තානම්පි තුම්හාකං තතො මොක්ඛො නත්ථි, ගතිකාලාදිපච්චයන්තරසමවායෙ පන සති විපච්චතියෙවාති අත්ථො. අයඤ්ච අත්ථො –
සචෙතං පාපකං කම්මං - ඒ පව්කම් කරන්නා වූ හෝ කරවන්නා වූ අය සතර අපායවලින් ද නිරයෙන් ද එතරවීමක් නැත. මිනිසෙකුව උපන්නත් බොහෝ කෙටි ආයුෂ ඇත්තෙක්වැ ඒ අකුශල විපාකයත් විඳින්නේමය. මෝක්ෂයක් හෝ මිදීමක් හෝ නැත. උප්පච්චාපි පලායාතං - පියාඹා අහසෙහි ගමන් කළත් මිදීමක් නැතැයි යන අර්ථයි. මෙතැනින් හෝ එතැනින් පිටව යන්නා වූ තොප කරා කර්මය ලුහුබැඳ එන්නේ යයි දැන පහව යන්නා වූ තොපට ද ඒ කර්මයෙන් මීදීමක් නැත. ගති කාල ආදී ප්‍රත්‍යයන්හි එක්වීම ඇති වූ කල්හිම විපාක දෙන්නේමය. මෙම අදහස -
“න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස; න විජ්ජතී සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතො මුච්චෙය්ය පාපකම්මා”ති. (ධ· ප· 127; මි· ප· 4.2.4) –
අහසෙහි සිටියත් පාපකර්ම විපාකයෙන් මීදීමක් නැත. පර්වත ගුහාවකට ඇතුල් වූවත් මීනිමක් නැත. මුහුද මැද සිටියත් මිදීමක් නැත. යම් තැනක සිටියේ පාප කර්ම විපාකයෙන් මිදෙන්නේ නම් එබඳු ප්‍රදේශයක් ලෝකයෙහිම නැත.
ඉමාය ගාථාය දීපෙතබ්බො.
මේ ගාථාව ගෙනහැර දැක්වීය.
මත්තෙය්යාති මාතුහිතා. හොථාති තෙසං උපට්ඨානාදීනි කරොථ. තථා පෙත්තෙය්යාති වෙදිතබ්බා. කුලෙ ජෙට්ඨාපචායිකාති කුලෙ ජෙට්ඨකානං අපචායනකරා. සාමඤ්ඤාති සමණපූජකා. තථා බ්රහ්මඤ්ඤාති බාහිතපාපපූජකාති අත්ථො. එවං සග්ගං ගමිස්සථාති ඉමිනා මයා වුත්තනයෙන පුඤ්ඤානි කත්වා දෙවලොකං උපපජ්ජිස්සථාති අත්ථො. යං පනෙත්ථ අත්ථතො න විභත්තං, තං හෙට්ඨා ඛල්ලාටියපෙතවත්ථුආදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බං.
මත්තෙය්යා - මවට හිතවත්, හොථා - ඇයට උපස්ථානාදිය කරව්. එසේම පෙත්තෙය්යාති - දතයුතුයි. කුලෙ ජෙට්ඨාප චායකා - කුල ජ්‍යෙෂ්ඨ ගෞරව කිරිම බුහුමන් කිරීම් කරව්. සාමඤ්ඤා මහණ ශ්‍රවණ ආදී පිදිය යුත්තන්, බ්රහ්මඤ්ඤා - බාහිර පාප පූජකයා යන අර්ථයි. එවං සග්ගං ගමිස්සථා - මෙසේ මා විසින් කියන ලද ආකාරයෙන් පින් කොට දෙව්ලොව උපදීවා යනු අර්ථයි. මෙහි යම් කිසි අර්ථයක බෙදීමක් වේ නම් යට කියන ලද ඛල්ලාටිය ප්‍රේත වස්තුවෙහි කියන ලද ක්‍රමයෙන්ම දත යුත්තේය.
තෙ වාණිජා තස්ස වචනං සුත්වා සංවෙගජාතා තං අනුකම්පමානා භාජනෙහි පානීයං ගහෙත්වා තං සයාපෙත්වා මුඛෙ ආසිඤ්චිංසු. තතො මහාජනෙන බහුවෙලං ආසිත්තං උදකං තස්ස පෙතස්ස පාපබලෙන අධොගළං න ඔතිණ්ණං, කුතො පිපාසං පටිවිනෙස්සති. තෙ තං පුච්ඡිංසු – “අපි තෙ කාචි අස්සාසමත්තා ලද්ධා”ති. සො ආහ – “යදි මෙ එත්තකෙහි ජනෙහි එත්තකං වෙලං ආසිඤ්චමානං උදකං එකබින්දුමත්තම්පි පරගළං පවිට්ඨං, ඉතො පෙතයොනිතො මොක්ඛො මා හොතූ”ති. අථ තෙ වාණිජා තං සුත්වා අතිවිය සංවෙගජාතා “අත්ථි පන කොචි උපායො පිපාසාවූපසමායා”ති ආහංසු. සො ආහ – “ඉමස්මිං පාපකම්මෙ ඛීණෙ තථාගතස්ස වා තථාගතසාවකානං වා දානෙ දින්නෙ මම දානමුද්දිසිස්සති, අහං ඉතො පෙතත්තතො මුච්චිස්සාමී”ති. තං සුත්වා වාණිජා සාවත්ථිං ගන්ත්වා භගවන්තං උපසඞ්කමිත්වා තං පවත්තිං ආරොචෙත්වා සරණානි සීලානි ච ගහෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්තාහං දානං දත්වා තස්ස පෙතස්ස දක්ඛිණං ආදිසිංසු. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා චතුන්නං පරිසානං ධම්මං දෙසෙසි. මහාජනො ච ලොභාදිමච්ඡෙරමලං පහාය දානාදිපුඤ්ඤාභිරතො අහොසීති.
ඒ වෙළෙන්දෝ ඔහුගේ කීම අසා සංවේගයට පැමිණියේ ඔහුට අනුකම්පා කරමින් වතුර භාජනයක් ගෙනැවිත් ඔහු නිදිකරවා කටට වත්කළේය. ඉක්බිති මහා ජනයා විසින් බොහෝ වේලාවක් වත්කළ වතුර ඒ ප්‍රේතයාගේ පාපකර්ම බලයෙන් යටි උගුරට නො බැස්සේය. පිපාසය කෙසේ සන්සිඳෙන්නේ ද? ඒ වෙළෙන්දෝ ඒ ප්‍රේතයාගෙන් කිමෙක් ද තොප විසින් කිසියම් ආශ්වාස මාත්‍රයක් ලබන ලද්දේයි ඇසූහ. හෙතෙම මෙපමණ ජනයා විසින් මෙපමණ වෙලාවක් මගේ මුවට වත්කරන ලද ජලයෙන් එක බින්දු මාත්‍රයක් වත් උගුර තුළට ඇතුල් වුයේ නම් මේ ප්‍රේත යෝනියෙන් මිදීමක් නො වේවායි කීය. එහිදී ඒ වෙළෙන්දෝ එය අසා සංවේගයට පැමිණියේ පිපාසය සංසිදවීමට කිසියම් උපායක් ඇත්දැයි ඇසූහ. ඔහු කියන්නේ මේ පාපකර්මය ක්ෂය වීමට නම් තථාගතයන්ට හෝ තථාගත ශ්‍රාවකයන්ට දන් දී ඒ පින් මට අනුමෝදන් කළයුතු වන්නේය. එවිට මම මේ ප්‍රේත ලෝකයෙන් චුත වීම ලබන්නෙමි. ඒ ඇසූ වෙළෙන්දෝ සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මේ ප්‍රවෘත්තිය කියා සරණ සල්හි පිහිටා බුදු පාමොක් මහා සඞ්ඝයාට සතියක් මහ දන් දී ඒ ප්‍රේතයාට පින්පෙත් අනුමෝදන් කළහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථොත්පත්ති කොට ගෙන සිව් පිරිසට ධර්ම දේශනා කළ සේක. මහා ජනයා ද තණ්හාව මසුරු මල පහ කොට දානාදී පින්කම්වල යෙදුනහ.
ධනපාලසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
ධනපාල ප්‍රේත වස්තුව නිමියේය.