8. චූළසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
8. චූළසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා
8. චුල්ලසෙට්ඨි ප්‍රේතවස්තු වර්ණනාව
නග්ගො කිසො පබ්බජිතොසි, භන්තෙති ඉදං සත්ථරි වෙළුවනෙ විහරන්තෙ චූළසෙට්ඨිපෙතං ආරබ්භ වුත්තං.
“නග්ගො කිසො පබ්බජිතො සි භන්තෙ” - මේ (කථාවස්තුව) ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයේ වැඩ වසන්නේ චුල්ලසෙට්ඨි ප්‍රේතයා අරබයා දේශනා කළහ.
බාරාණසියං කිර එකො ගහපති අස්සද්ධො අප්පසන්නො මච්ඡරී කදරියො පුඤ්ඤකිරියාය අනාදරො චූළසෙට්ඨි නාම අහොසි. සො කාලං කත්වා පෙතෙසු නිබ්බත්ති, තස්ස කායො අපගතමංසලොහිතො අට්ඨින්හාරුචම්මමත්තො මුණ්ඩො අපෙතවත්ථො අහොසි. ධීතා පනස්ස අනුලා අන්ධකවින්දෙ සාමිකස්ස ගෙහෙ වසන්තී පිතරං උද්දිස්ස බ්රාහ්මණෙ භොජෙතුකාමා තණ්ඩුලාදීනි දානූපකරණානි සජ්ජෙසි. තං ඤත්වා පෙතො ආසාය ආකාසෙන තත්ථ ගච්ඡන්තො රාජගහං සම්පාපුණි. තෙන ච සමයෙන රාජා අජාතසත්තු දෙවදත්තෙන උය්යොජිතො පිතරං ජීවිතා වොරොපෙත්වා තෙන විප්පටිසාරෙන දුස්සුපිනෙන ච නිද්දං අනුපගච්ඡන්තො උපරිපාසාදවරගතො චඞ්කමන්තො තං පෙතං ආකාසෙන ගච්ඡන්තං දිස්වා ඉමාය ගාථාය පුච්ඡි –
බරණැස් නුවර එක් ගෘහපතියෙක් සැදැහැ නැත්තේ, (තෙරුවන් කෙරෙහි) ප්‍රසන්න නුවූයේ මසුරු වූයේ තද ලෝභී වූයේ පුණ්‍ය ක්‍රියාවන්ට කැමැත්තක් නො දැක්වූයේ විය. ඔහු නමින් චුල්ල සෙට්ඨි නම් විය. හෙතෙම කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නේය. ඔහුගේ ශරීරය පහව ගියා වූ මස් ලේ ඇත්තේ ඇට සම නහර පමණක් විය. හිස මුඩු විය. වස්ත්‍ර රහිත විය. ඔහුගේ දුව අනුලා අන්ධකවින්ද රට ස්වාමියාගේ ගෙයි වසමින් තම පියා උදෙසා බ්‍රාහ්මණයන් බුදිනු කැමති වූ හාල් ආදී දානෝපකරණ සම්පදනය කළේය. ප්‍රේත තෙමේ එය දැන ආහාර තෘෂ්ණාවෙන් අහසින් එහි ගොස් රජගහ නුවරට සැපත් විය. ඒ සමයෙහි අජාසත් තෙමේ දෙව්දතුන් විසින් මෙහෙයවන ලදුව පියා මරවා ඒ විපිලිසරින් හා නරක සිහින දැකිමෙන් නින්දට නො පැමිණියේ මතු පහයට නැගී සක්මන් කරද්දී අහසින් යන මේ ප්‍රේතයා දැක, මෙසේ විචාළේය.
“නග්ගො කිසො පබ්බජිතොසි භන්තෙ, රත්තිං කුහිං ගච්ඡසි කිස්සහෙතු; ආචික්ඛ මෙ තං අපි සක්කුණෙමු, සබ්බෙන විත්තං පටිපාදයෙ තුව”න්ති.
ස්වාමීනි! වස්ත්‍ර රහිත වූ කෘශ වූ පැවිද්දෙක් වූයෙහි ද? කවර හේතුවකින් රාත්‍රියෙහි කොහේ යන්නේ ද? ඒ කරුණ මට කියව! හැකිකමක් ඇත්තේ නම් නුඹට සියලු භෝගයෙන් හා උත්සාහයෙන් වස්තුව ලබාදෙන්නෙමි.
තත්ථ පබ්බජිතොති සමණො. රාජා කිර තං නග්ගත්තා මුණ්ඩත්තා ච “නග්ගො සමණො අය”න්ති සඤ්ඤාය “නග්ගො කිසො පබ්බජිතොසී”තිආදිමාහ. කිස්සහෙතූති කින්නිමිත්තං. සබ්බෙන විත්තං පටිපාදයෙ තුවන්ති විත්තියා උපකරණභූතං විත්තං සබ්බෙන භොගෙන තුය්හං අජ්ඣාසයානුරූපං, සබ්බෙන වා උස්සාහෙන පටිපාදෙය්යං සම්පාදෙය්යං. තථා කාතුං මයං අප්පෙව නාම සක්කුණෙය්යාම, තස්මා ආචික්ඛ මෙ තං, එතං තව ආගමනකාරණං මය්හං කථෙහීති අත්ථො.
මෙහි පබ්බජිතො - ශ්‍රමණයා - රජු වනාහි ඔහුගේ නග්න බව නිසා ද, හිස මුඩු නිසා ද මොහු ශ්‍රමණයෙක් යන හැඟීමෙන් නග්ගො කිසො පබ්බජිතොසි ආදිය කීහ. කිස්ස හෙතු - කවර නිමිත්තක් ද? සබ්බෙන චිත්තං පටිපාදයෙ තුවං - ධනයෙන් හෝ උපකරණ වලින් හෝ සියලු භෝගයන්ගෙන් ඔබේ අදහස අනුව සියලු උත්සාහයෙන් අවශ්‍ය දේ සම්පදනය කරන්නෙමි. එසේ කරන්නට ලැබීම ඉතා යෙහෙකි. මට හැකිවන්නේය. එහෙයින් ආචික්ඛමෙතං - ඔබ මෙසේ යන ගමන මට කියව! යන අර්ථය.
එවං රඤ්ඤා පුට්ඨො පෙතො අත්තනො පවත්තිං කථෙන්තො තිස්සො ගාථා අභාසි –
මෙසේ රජු විචාරණ ලද්දේ, ප්‍රේතයා තමන්ගේ ප්‍රවෘත්තිය පැවැත්ම කියන්නේ
“බාරාණසී නගරං දූරඝුට්ඨං, තත්ථාහං ගහපති අඩ්ඪකො අහු දීනො; අදාතා ගෙධිතමනො ආමිසස්මිං, දුස්සීල්යෙන යමවිසයම්හි පත්තො.
සියලු තැන ප්‍රකට වූ බරණැස් නම් නුවරක් ඇත. ඒ නගරයෙහි මම මහත් ධන සම්පත් ඇති, නිහීන සිත් ඇති, දන් නො දෙන්නා වූ කාම සැපතෙහි ගිජු සිත් ඇති, ගෘහපතියෙක් වීමි. දුසිල් කර්මය නිසා ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
“සො සූචිකාය කිලමිතො තෙහි, තෙනෙව ඤාතීසු යාමි ආමිසකිඤ්චික්ඛහෙතු; අදානසීලා න ච සද්දහන්ති, ‘දානඵලං හොති පරම්හි ලොකෙ’.
ඒ මම කරන ලද පාපකර්ම හේතුකොට ගෙන සාගින්නෙන් පීඩිත වූයේ වෙමි. ඒ හෙයින්ම කිසියම් ආහාරයක් ප්‍රර්ථනා කොට නෑයන් සමීපයට යමි. දන් නො දෙන සුළු තැනැත්තෝ පරලොව දී දානයාගේ විපාක ලැබේ යයි නො අදහත්.
“ධීතා ච මය්හං ලපතෙ අභික්ඛණං, දස්සාමි දානං පිතූනං පිතාමහානං; තමුපක්ඛටං පරිවිසයන්ති බ්රාහ්මණා, යාමි අහං අන්ධකවින්දං භුත්තු”න්ති.
මගේ දියණිය තොමෝ මව්පියන් උදෙසා ද මුතුන් මී මුතුන් උදෙසා ද දන් දෙමියි නිතර කියයි. දාන වස්තු සකසා බමුණන් වළදවන්නී වෙයි. මම අන්ධක වින්ද නගරයට කෑමට යමි.
තත්ථ දූරඝුට්ඨන්ති දූරතො එව ගුණකිත්තනවසෙන ඝොසිතං, සබ්බත්ථ විස්සුතං පාකටන්ති අත්ථො. අඩ්ඪකොති අඩ්ඪො මහාවිභවො. දීනොති නිහීනචිත්තො අදානජ්ඣාසයො. තෙනාහ “අදාතා”ති. ගෙධිතමනො ආමිසස්මින්ති කාමාමිසෙ ලග්ගචිත්තො ගෙධං ආපන්නො. දුස්සීල්යෙන යමවිසයම්හි පත්තොති අත්තනා කතෙන දුස්සීලකම්මුනා යමවිසයං පෙතලොකං පත්තො අම්හි.
එහි දුරඝුට්ඨං යනු දුර සිටම ගුණ කීම් වසයෙන් කීර්තිය ප්‍රකාශ කෙරෙමින් ඝෝෂා කරන ලද කීර්තිය පැතිර යාද සියලු තන්හි ප්‍රකට වූ යන අර්ථයි. අඩ්ඪකො - ආඪ්‍ය වූ, මහත් වූ භෝග සම්පත් ඇති, දීනො නිහීන සිත් ඇති, නො දෙන අදහස් ඇති, එහෙයින් කීහ. අදාතා ගෙධිත මනො ආමිස්මිං - පඤ්චකාම සම්පත්තියෙහි ගිජු වූ බලවත් සේ ඇලුණු සිත් ඇත්තෙක් වීම්. දුස්සීල්යෙන සම විසයම්හි පත්තො - තමන් විසින් කරන ලද දූස්සීල කර්මයෙන් ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
සො සූචිකාය කිලමිතොති සො අහං විජ්ඣනට්ඨෙන සූචිසදිසතාය “සූචිකා”ති ලද්ධනාමාය ජිඝච්ඡාය කිලමිතො නිරන්තරං විජ්ඣමානො. “කිලමථො”ති ඉච්චෙව වා පාඨො. තෙහීති “දීනො”තිආදිනා වුත්තෙහි පාපකම්මෙහි කාරණභූතෙහි. තස්ස හි පෙතස්ස තානි පාපකම්මානි අනුස්සරන්තස්ස අතිවිය දොමනස්සං උප්පජ්ජි, තස්මා එවමාහ. තෙනෙවාති තෙනෙව ජිඝච්ඡාදුක්ඛෙන. ඤාතීසු යාමීති ඤාතීනං සමීපං යාමි ගච්ඡාමි. ආමිසකිඤ්චික්ඛහෙතූති ආමිසස්ස කිඤ්චික්ඛනිමිත්තං, කිඤ්චි ආමිසං පත්ථෙන්තොති අත්ථො. අදානසීලා න ච සද්දහන්ති, ‘දානඵලං හොති පරම්හි ලොකෙ’ති යථා අහං, තථා එවං අඤ්ඤෙපි මනුස්සා අදානසීලා “දානස්ස ඵලං එකංසෙන පරලොකෙ හොතී”ති න ච සද්දහන්ති. යතො අහං විය තෙපි පෙතා හුත්වා මහාදුක්ඛං පච්චනුභවන්තීති අධිප්පායො.
සො සූචිකාය කිලමතො - ඒ මම ඉදිකටුවලින් විදින්නාක් මෙන් සා පිපාසා දෙකින් විදුන ලදුයේ නිරතුරුවම බඩගින්නෙන් ක්ලාන්ත බවට පැමිණියේ වෙමි. කිලමථො යනු ද මෙසේ ද පාඨයක් වේ. තෙහි මෙසේ දන් නො දීම් ආදී කියන ලද පාපකර්ම හේතුවෙන් ඒ ප්‍රේතයාට එම පාප කර්මයන් සිහි කරති. කර්ම ඉතා තියුණු දොම්නසක්ම උපදී. එහෙයින් මෙසේ කීහ. තෙනෙවා - ඒ හෙයින්ම ඇති වූ සාගිති දුකින්, ඤාතීසු යාමි ඤාතීන් සමීපයට යමි. ආමිසකිඤ්චි හේතු යනු කිසියම් ආමිසයක් නිමිතිකොට, කිසියම් ආහාරයක් අපේක්ෂා කොට යන අර්ථයි. අදානසීලා නව සද්දහන්ති දානඵලං හොති පරම්හි ලොකෙ - මා යම්සේ ද එමෙන්ම අනෙක් මිනිස්සු ද දන් නො දෙන සුළු වන්නේ ද ඔව්හු දානවිපාකය ඒකාන්තයෙන් පරලොවහිදී මට පිහිට වේයයි නො අදහත් ද? මා මෙන්ම ප්‍රේතයෙකු වී මහා දුක් අනුභව කරන්නේය යන අදහසයි.
ලපතෙති කථෙති. අභික්ඛණන්ති අභිණ්හං බහුසො. කින්ති ලපතීති ආහ “දස්සාමි දානං පිතූනං පිතාමහාන”න්ති. තත්ථ පිතූනන්ති මාතාපිතූනං, චූළපිතුමහාපිතූනං වා. පිතාමහානන්ති අය්යකපය්යකානං. උපක්ඛටන්ති සජ්ජිතං. පරිවිසයන්තීති භොජයන්ති. අන්ධකවින්දන්ති එවංනාමකං නගරං. භුත්තුන්ති භුඤ්ජිතුං. තතො පරා සඞ්ගීතිකාරකෙහි වුත්තා –
ලපතෙ කියයි. අභික්ඛණං - නැවත නැවත, බොහෝ සෙයින්, කිම කියන්නේ ද වේ. දස්සාමි දානං පිතුනං පිතාමහං - එහි “පිතුනං” යන්නෙන් මවුපියන් බාප්පා හා මහප්පා - (සුළු පියා හා මහ පියා) ගැනේ. පිතාමහං යන්නෙන් - සීය, මුත්තා, මීමුත්තා පියාගේ පියාගේ පියාගේ පියා ද ගැනේ. උපක්ඛට - සැදුණු - සාදන ලද, පරිවිසයන්ති - වළඳවත් අන්ධකවින්දං - අන්ධක වින්ධ නම් නගරයට භොත්තුං - අනුභව කරන්ට - මෙයින් මතු
“තමවොච රාජා ‘අනුභවියාන තම්පි, එය්යාසි ඛිප්පං අහමපි කස්සං පූජං; ආචික්ඛ මෙ තං යදි අත්ථි හෙතු, සද්ධායිතං හෙතුවචො සුණොම’.
අජාසත් රජු ඒ ප්‍රේතයාට මෙසේ කීය. ඒ දානය ද අනුභව කොට වහා එනු මැනවී, මමත් පූජාවක් කරන්නෙමි. ඉදින් යම් කරුණක් ඇත්නම් ඇදහිය යුතු වූ ඒ හේතු යුත්ත වචනය මට කියව මම අසමි.
“තථාති වත්වා අගමාසි තත්ථ, භුඤ්ජිංසු භත්තං න ච දක්ඛිණාරහා; පච්චාගමි රාජගහං පුනාපරං, පාතුරහොසි පුරතො ජනාධිපස්ස.
එසේ යයි කියා එතැනට ගියේය. බත බමුණෝ වැළඳුවාහුය. දක්ෂිණාර්භයෝ නො වැළඳුහ. නැවත අනික්වර රජගහ නුවරට පෙරළා ආයේය. අජාසත් රජුගේ ඉදිරියෙහි පහළ විය.
“දිස්වාන පෙතං පුනදෙව ආගතං, රාජා අවොච ‘අහමපි කිං දදාමි; ආචික්ඛ මෙ තං යදි අත්ථි හෙතු, යෙන තුවං චිරතරං පීණිතො සියා’.
රජු නැවත ද පැමිණි ප්‍රේතයා දැක මමත් දානයක් දෙන්නම් ද ඇසීය. යම් කරුණකින් ඔබ බොහෝ කලක් මුළුල්ලෙහි සෑසිමකට පත්වන්නේ ද? එයට යම් කිසි හේතු කාරණ ඇත්තේ ද එය මට කියව.
“බුද්ධඤ්ච සඞ්ඝං පරිවිසියාන රාජ, අන්නෙන පානෙන ච චීවරෙන; තං දක්ඛිණං ආදිස මෙ හිතාය, එවං අහං චිරතරං පීණිතො සියා.
පින්වත් රජතුමනි බුදුන් ද සඞ්ඝයා ද ආහාරයෙන් වළඳවා පාන වර්ගයන් ද වළඳවා, සිවුරු ද පුජාකොට ඒ පින මට හිත වැඩ පිණිස පින් අනුමෝදන් කරනු මැනවි. එසේ කළ කල්හි මම බොහෝ කලක් එයින් සැනසීම ලබමි.
“තතො ච රාජා නිපතිත්වා තාවදෙ, දානං සහත්ථා අතුලං දදිත්වා සඞ්ඝෙ; ආරොචෙසි පකතං තථාගතස්ස, තස්ස ච පෙතස්ස දක්ඛිණං ආදිසිත්ථ.
එය අසා එකෙණෙහිම ප්‍රාසාදයෙන් නික්ම උදාර වූ නොහොත් ප්‍රණීත වූ දානය සියතින්ම සංඝයාට දී තථාගතයන් වහන්සේට ඒ ප්‍රවෘත්තිය කීය. ඒ ප්රේකයාට ද පින් අනුමෝදන් කළේය.
“සො පූජිතො අතිවිය සොභමානො, පාතුරහොසි පුරතො ජනාධිපස්ස; යක්ඛොහමස්මි පරමිද්ධිපත්තො, න මය්හමත්ථි සමා සදිසා මානුසා.
පින් ලද්දා වූ ඒ ප්‍රේත තෙමේ ඉතාමත් බබළමින් රජුගේ ඉදිරියෙහි පහළ විය. මම උත්තම ඉර්ධියට පැමිණි දෙවියෙක් වෙමි. මගේ ආනුභාව සම්පත්තියට සමව හෝ භෝග සම්පත්තියට සම වූ කිසිම මනුෂ්‍යයෙක් නො වෙති.
“පස්සානුභාවං අපරිමිතං මමයිදං, තයානුදිට්ඨං අතුලං දත්වා සඞ්ඝෙ; සන්තප්පිතො සතතං සදා බහූහි, යාමි අහං සුඛිතො මනුස්සදෙවා”ති.
මාගේ අප්‍රමාණ වූ දිව්‍ය ආනුභාවය බලනු මැනවි. නුඹ විසින් ආර්ය සඞ්ඝයාට මහදන් පවත්වා මට පින් පමුණුවන ලදී. මිනිස් දෙව් වූ මහරජ! හැමකල්හිම නිරන්තරයෙන් බොහෝ දාන වස්තුවෙන් පිණවන ලද සුවපත් වූයේ වෙමි.
තත්ථ තමවොච රාජාති තං පෙතං තථා වත්වා ඨිතං රාජා අජාතසත්තු අවොච. අනුභවියාන තම්පීති තං තව ධීතුයා උපක්ඛටං දානම්පි අනුභවිත්වා. එය්යාසීති ආගච්ඡෙය්යාසි. කස්සන්ති කරිස්සාමි. ආචික්ඛ මෙ තං යදි අත්ථි හෙතූති සචෙ කිඤ්චි කාරණං අත්ථි, තං කාරණං මය්හං ආචික්ඛ කථෙහි. සද්ධායිතන්ති සද්ධායිතබ්බං. හෙතුවචොති හෙතුයුත්තවචනං, “අමුකස්මිං ඨානෙ අසුකෙන පකාරෙන දානෙ කතෙ මය්හං උපකප්පතී”ති සකාරණං වචනං වදාති අත්ථො.
එහි - තමවොච රාජා - ඒ ප්‍රේතයාගේ එම වචන අසා සිටී අජාසත්ත රජතෙම කීයේය. අනුභවියානු තම්පි - ඔබ ඔබගේ දුව විසින් දෙනු ලබන දානයට ගොස් එය අනුභව කොට, එය්යාසි - එනු මැනවි. කරිස්සන්ති - කරන්නෙමි. ආචික්ඛ මෙ තං යදි අත්ථි හොතු - ඉදින් කිසියම් කරුණක් ඇත්නම් ඒ කාරණය මට නො වළහා කියව, සද්ධායිතං - ශ්‍රද්ධාවෙන් කළයුතුය. හෙතුවචො - හේතු යුක්ති වචන, අසවල් තැන, අසවල් ප්‍රකාරයෙන් අසවල් ආකාරයට දන් දීම කිරිමෙන් මට ලැබේයයි කියා කරුණු සහිත වූ වචනයෙන් මට කියව යන අර්ථයි.
තථාති වත්වාති සාධූති වත්වා. තත්ථාති තස්මිං අන්ධකවින්දෙ පරිවෙසනට්ඨානෙ. භුඤ්ජිංසු භත්තං න ච දක්ඛිණාරහාති භත්තං භුඤ්ජිංසු දුස්සීලබ්රාහ්මණා, න ච පන දක්ඛිණාරහා සීලවන්තො භුඤ්ජිංසූති අත්ථො. පුනාපරන්ති පුන අපරං වාරං රාජගහං පච්චාගමි.
තථාති වත්වා - මැනවැයි කියා, තත්ථා - ඒ අන්ධක වනයෙහි බමුණන් වළඳවන තැනට, භුඤ්ජිංසු භත්තං න ච පන දක්ඛිණාරහා - දුශ්ශීල බ්‍රාහ්මණයන්ට දන් වැළඳුවුහ. ඔව්හු වනාහි දක්ෂිණර්භ වූ සීලවන්තයෝ නොවූහ. සිල්වත්හු වැළඳුවේ නැත යන අර්ථයි. පුනාපරන්ති - නැවත ආපසු පෙරලා රජගහනුවරට ආවෙමි.
කිං දදාමීති “කීදිසං තෙ දානං දස්සාමී”ති රාජා පෙතං පුච්ඡි. යෙන තුවන්ති යෙන කාරණෙන ත්වං. චිරතරන්ති චිරකාලං. පීණිතොති තිත්තො සියා, තං කථෙහීති අත්ථො.
කිං දදාමි කෙබඳු අතකින් දානය දෙන්නෙමි දැයි රජු ප්‍රේතයාගෙන් විචාළේය. යෙන තුවං - යම් කාරණයකින් ඔබට, චිරතරං - බොහෝ කල් පීණිතො සෑහීමට පත්වේ ද? එය කියව යන අර්ථයි
පරිවිසියානාති භොජෙත්වා. රාජාති අජාතසත්තුං ආලපති. මෙ හිතායාති මය්හං හිතත්ථාය පෙතත්තභාවතො පරිමුත්තියා.
පරිවිසියානා වළඳවා රාජා අජාසත් රජු අමතයි. මෙ හිතායා මට හිතසුව පිණිස ප්‍රේත ආත්මභාවයෙන් මිදවීමට,
තතොති තස්මා තෙන වචනෙන, තතො වා පාසාදතො. නිපතිත්වාති නික්ඛමිත්වා. තාවදෙති තදා එව අරුණුග්ගමනවෙලාය. යම්හි පෙතො පච්චාගන්ත්වා රඤ්ඤො අත්තානං දස්සෙසි, තස්මිං පුරෙභත්තෙ එව දානං අදාසි . සහත්ථාති සහත්ථෙන. අතුලන්ති අප්පමාණං උළාරං පණීතං. දත්වා සඞ්ඝෙති සඞ්ඝස්ස දත්වා. ආරොචෙසි පකතං තථාගතස්සාති “ඉදං, භන්තෙ, දානං අඤ්ඤතරං පෙතං සන්ධාය පකත”න්ති තං පවත්තිං භගවතො ආරොචෙසි. ආරොචෙත්වා ච යථා තං දානං තස්ස උපකප්පති, එවං තස්ස ච පෙතස්ස දක්ඛිණං ආදිසිත්ථ ආදිසි.
තතො - එහෙයින් එම වචනයෙන් පසුව එම ප්‍රාසාදයෙන්, නිපතිත්වා නික්මී තාවදෙ වරුවෙහි (බතින් පෙර) මේ දානය දුන්නේය. සහත්ථා තමන්ගේ අතින්ම, අතුලං - ප්‍රමාණ නොකළ හැකි, මහත් වූ, ප්‍රණීත වූ (මිහිරි වූ) දදිත්වා සඞෙස - සඞ්ඝයාට ද ආරොචයිං ප කතිං තථාගතස්ස - ස්වාමීනි! මේ දානය වූ කලි එක්තරා ප්‍රේතයකු සදහා පුජා කරන ලදැයි ඒ ස්වාභාවික ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළේය. පවසා ඒ දානයෙන් උපන් කුසල් ඔහු වෙතට පැමිණේවායි ඒ ප්‍රේතයාට පිං අනුමෝදන් කළේය.
සොති සො පෙතො. පූජිතොති දක්ඛිණාය දිය්යමානාය පූජිතො. අතිවිය සොභමානොති දිබ්බානුභාවෙන අතිවිය විරොචමානො. පාතුරහොසීති පාතුභවි, රඤ්ඤො පුරතො අත්තානං දස්සෙසි. යක්ඛොහමස්මීති පෙතත්තභාවතො මුත්තො යක්ඛො අහං ජාතො දෙවභාවං පත්තොස්මි. න මය්හමත්ථි සමා සදිසා මානුසාති මය්හං ආනුභාවසම්පත්තියා සමා වා භොගසම්පත්තියා සදිසා වා මනුස්සා න සන්ති.
සො - ඒ ප්‍රේත තෙමේ පුජිතො - පින් අනුමෝදන් කිරිමෙන් පසුව අතිවිය - සොහමානො - දිව්‍යානුභාවයෙන් අතිශයින් බබළමින් පාතුරහොසි පහළ විය. රජු ඉදිරියේ තමන් දැක්වීය. යක්ඛොහමස්මි, ප්‍රේත ආත්මභාවයෙන් මිදෙන ලද්දෙමි දෙවි බවට පත් වීමි. න මය්හමිද්ධි සමසදිසා මනුස්සා - මගේ ආනුභාව සම්පත්තියට හෝ භවභෝග සම්පත්තියට සමාන මනුෂ්‍යයෙක් නැත.
පස්සානුභාවං අපරිමිතං මමයිදන්ති “මම ඉදං අපරිමාණං දිබ්බානුභාවං පස්සා”ති අත්තනො සම්පත්තිං පච්චක්ඛතො රඤ්ඤො දස්සෙන්තො වදති. තයානුදිට්ඨං අතුලං දත්වා සඞ්ඝෙති අරියසඞ්ඝස්ස අතුලං උළාරං දානං දත්වා මය්හං අනුකම්පාය තයා අනුදිට්ඨං. සන්තප්පිතො සතතං සදා බහූහීති අන්නපානවත්ථාදීහි බහූහි දෙය්යධම්මෙහි අරියසඞ්ඝං සන්තප්පෙන්තෙන තයා සදා සබ්බකාලං යාවජීවං තත්ථාපි සතතං නිරන්තරං අහං සන්තප්පිතො පීණිතො. යාමි අහං සුඛිතො මනුස්සදෙවාති “තස්මා අහං ඉදානි සුඛිතො මනුස්සදෙව මහාරාජ යථිච්ඡිතට්ඨානං යාමී”ති රාජානං ආපුච්ඡි.
පස්සානුභාවං අපරිමිතං ම මයිදං - යනු මම අපරිමාණ වූ දිව්යානුභාවයන් දැක මගේ සම්පත් ප්රත්යක්ෂ වශයෙන් රජුට දක්වන්නේ යයි කියයි. තයානුද්දිට්ඨං අතුලං දදිත්වා සඞ්ඝෙ - ආර්ය සඞ්ඝයාට අසමාන වූ, මහත් වූ දන් දී මා කෙරෙහි අනුකම්පාවෙන් ඔබ විසින් දැන පමුණුවන ලද සන්තප්පිතො සත්තං සදා බහු - ආහාර පාන වර්ග වස්ත්‍ර ආදී බොහෝ දිය යුතු දාන වස්තූන්ගෙන් ආර්ය සඞ්ඝයා සන්තර්පනය කළ හෙයින් හැමදා දිවි ඇති තෙක් නිරන්තරයෙන් මම සන්තර්පනය වූයේ ප්‍රීතිමත් වූයේ වෙමි. යාම්යහං සුඛිතො මනුස්ස දෙවා - එහෙයින් මම දැන් සුවපත් වීමි. මිනිස්දෙවි මහරජ කැමති පරිද්දෙන් කැමති තැනට යෙමියි රජුගෙන් විචාළේය. අවසර ගත්තේය.
එවං පෙතෙ ආපුච්ඡිත්වා ගතෙ රාජා අජාතසත්තු තමත්ථං භික්ඛූනං ආරොචෙසි, භික්ඛූ භගවතො සන්තිකං උපසඞ්කමිත්වා ආරොචෙසුං. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො මච්ඡෙරමලං පහාය දානාදිපුඤ්ඤාභිරතො අහොසීති.
මෙසේ රජුගෙන් අවසර ගෙන ප්‍රේතයා ගිය කල්හි අජාසත් ඒ කාරණය භික්ෂූන්ට කීය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සැළ කළාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි සිටි පිරිසට ධර්ම දේශනා කළහ. එය අසා මහා ජනයා මසුරු මළ පහකොට දන් දිම් ආදී පින්කම් කටයුතුවල ඇලුණීහු වූහ.
චූළාසෙට්ඨිපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
චුල්ලසෙට්ඨි ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.