යෙදුමෙන් කියවන්න

9. අඞ‍්කුරපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

9. අඞ‍්කුරපෙතවත්‍ථුවණ‍්ණනා

9. අංකුර ප්‍රේතවස්තු වර්ණනාව

යස‍්ස අත්‍ථාය ගච‍්ඡාමාති ඉදං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො අඞ‍්කුරපෙතං ආරබ‍්භ කථෙසි. කාමඤ‍්චෙත්‍ථ අඞ‍්කුරො පෙතො න හොති, තස‍්ස පන චරිතං යස‍්මා පෙතසම‍්බන්‍ධං, තස‍්මා තං “අඞ‍්කුරපෙතවත්‍ථූ”ති වුත‍්තං.

“යස්ස අත්‍ථාය ගච්ඡාමි” - මෙම ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සේක් අඞ්කුර ප්‍රේතයා අරභයා වදාළ සේක. මෙහි අඞ්කුර තෙම ඒකාන්තයෙන් ප්‍රේතයෙක් නොවේ. යම් හෙයකින් ඔහුගේ චරිතය වනාහී ප්‍රේතයන් හා සම්බන්ධ වූයේ ද එහෙයින් අඞ්කුර ප්‍රේත වස්තුව යයි කියන ලදී.

තත්‍රායං සඞ‍්ඛෙපකථා – යෙ තෙ උත‍්තරමධුරාධිපතිනො රඤ‍්ඤො මහාසාගරස‍්ස පුත‍්තං උපසාගරං පටිච‍්ච උත‍්තරාපථෙ කංසභොගෙ අසිතඤ‍්ජනනගරෙ මහාකංසස‍්ස ධීතුයා දෙවගබ‍්භාය කුච‍්ඡියං උප‍්පන‍්නා අඤ‍්ජනදෙවී වාසුදෙවො බලදෙවො චන්‍දදෙවො සූරියදෙවො අග‍්ගිදෙවො වරුණදෙවො අජ‍්ජුනො පජ‍්ජුනො ඝටපණ‍්ඩිතො අඞ‍්කුරො චාති වාසුදෙවාදයො දස භාතිකාති එකාදස ඛත‍්තියා අහෙසුං, තෙසු වාසුදෙවාදයො භාතරො අසිතඤ‍්ජනනගරං ආදිං කත්‍වා ද‍්වාරවතීපරියොසානෙසු සකලජම‍්බුදීපෙ තෙසට‍්ඨියා නගරසහස‍්සෙසු සබ‍්බෙ රාජානො චක‍්කෙන ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ද‍්වාරවතියං වසමානා රජ‍්ජං දස කොට‍්ඨාසෙ කත්‍වා විභජිංසු. භගිනිං පන අඤ‍්ජනදෙවිං න සරිංසු. පුන සරිත්‍වා “එකාදස කොට‍්ඨාසෙ කරොමා”ති වුත‍්තෙ තෙසං සබ‍්බකනිට‍්ඨො අඞ‍්කුරො “මම කොට‍්ඨාසං තස‍්සා දෙථ, අහං වොහාරං කත්‍වා ජීවිස‍්සාමි, තුම‍්හෙ අත‍්තනො අත‍්තනො ජනපදෙසු සුඞ‍්කං මය‍්හං විස‍්සජ‍්ජෙථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්ස කොට‍්ඨායං භගිනියා දත්‍වා නව රාජානො ද‍්වාරවතියං වසිංසු.

මේ එහි කෙටි කථාවයි - උතුරු මධුරා නුවරට අධිපති වූ මහා සාගර රජුගේ පුත්‍ර වූ, උපසාගර නිසා උත්තරාපථයේ කංසභෝගයෙහි අසිතඤ්ජන නගරයේ මහාකංස රජුගේ දියණිය වූ, දේව ගර්භාගේ කුසයෙහි අඤ්ජන දේවිය, වාසුදේවය, බලදේවය, චන්ද දේව, සුරියදේව, අග්ගි දේව, වරුණ දේව, අර්ජුන, පර්ජුන, ඝත පණ්ඩිත, අඞ්කුර, කියා වාසුදේව ආදිකොට ඇති යම් දස සහෝදරයන් හා අඤ්ජන දේවිය සමග එකොළොස් ක්ෂත්‍රිය කෙනෙක් වූ ද? ඔවුන් අතුරෙන් වාසුදේව ආදිකොට ඇති සහෝදරයෝ අසිතඤ්ජන නුවර ආදිකොට ද්වාරවතී නුවර අවසන් කොට සියලු දඹදිව සැට තුන්දහසක් නුවරවල සියලු රජුන් චක්‍රයෙන් ජීවිතක්ෂයට පත්කොට ද්වාරවතී නුවර වසමින් රාජ්‍යය කොටස් දහයකට බෙදා රජ කරවන්නාහුය. සොහොයුරි අඤ්ජන දේවිය සිහි නො කළාහු වෙති. නැවත සිහි වී කොටස් එකොළහක් කරමු යයි කී කල්හි සියල්ලටම බාල වූ අඞ්කුර තෙමේ මගේ කොටස ඇයට දෙව්. මම වෙළදාම් කොට ජීවත් වන්නෙමි. තෙපි තම තමන්ගේ ජනපදවල මගෙන් බදු අය නොකොට මට බදු සහන දියව් යයි කීවේය. ඔහු මැනවැයි පිළිගෙන ඒ කොටස සහෝදරියට දුන්නාය. රජවරු නවදෙන ද්වාරවතී නුවර වසති.

අඞ‍්කුරො පන වණිජ‍්ජං කරොන‍්තො නිච‍්චකාලං මහාදානං දෙති. තස‍්ස පනෙකො දාසො භණ‍්ඩාගාරිකො අත්‍ථකාමො අහොසි. අඞ‍්කුරො පසන‍්නමානසො තස‍්ස එකං කුලධීතරං ගහෙත්‍වා අදාසි. සො පුත‍්තෙ ගබ‍්භගතෙයෙව කාලමකාසි. අඞ‍්කුරො තස‍්මිං ජාතෙ තස‍්ස පිතුනො දින‍්නං භත‍්තවෙතනං තස‍්ස අදාසි. අථ තස‍්මිං දාරකෙ වයප‍්පත‍්තෙ “දාසො න දාසො”ති රාජකුලෙ විනිච‍්ඡයො උප‍්පජ‍්ජි. තං සුත්‍වා අඤ‍්ජනදෙවී ධෙනූපමං වත්‍වා “මාතු භුජිස‍්සාය පුත‍්තොපි භුජිස‍්සො එවා”ති දාසබ්‍යතො මොචෙසි.

අඞ්කුර තෙමේ වෙළදාම් කරන්නේ නිතර මහා දන් පවත්වති. ඔහුට (අඞ්කුරට) වැඩ කැමති හිතවත් දාසයකු භාණ්ඩාගාරික වූයේය. අඞ්කුර තෙමේ ඔහු කෙරෙහි ප්‍රසන්න වූ සිතින් ඒ දාසයාට එක් කුලදුවක් ගෙනැවිත් දුනි. ඒ දාසයා (දාසියගේ කුසෙහි) දරු ගැබක් ඇති වූ කල්හිම මිය ගියේය. අඞ්කුර තෙමේ ඒ පුතා උපන් විට ඔහුගේ පියාට දුන් බත් වැටුප් ඔහුට දුන්නේය. ඒ දරුවා වැඩි වයස් වන විට මේ දරුවා දාසයෙක් වේ ද දාසයෙක් නො වේ ද යන ප්‍රශ්නයක් රජකුලයෙහි ඇති විය. එය අසා අඤ්ජන දේවිය දෙනක උපමා කොට ගෙන, මව් ස්වාමී දුවක් බැවින් පුත්‍රයා ද ස්වාමියෙක් යයි කියා දාස භාවයෙන් මිදවීය.

දාරකො පන ලජ‍්ජාය තත්‍ථ වසිතුං අවිසහන‍්තො රොරුවනගරං ගන‍්ත්‍වා තත්‍ථ අඤ‍්ඤතරස‍්ස තුන‍්නවායස‍්ස ධීතරං ගහෙත්‍වා තුන‍්නවායසිප‍්පෙන ජීවිකං කප‍්පෙසි. තෙන සමයෙන රොරුවනගරෙ අසය‍්හමහාසෙට‍්ඨි නාම අහොසි. සො සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකවනිබ‍්බකයාචකානං මහාදානං දෙති. සො තුන‍්නවායො සෙට‍්ඨිනො ඝරං අජානන‍්තානං පීතිසොමනස‍්සජාතො හුත්‍වා අසය‍්හසෙට‍්ඨිනො නිවෙසනං දක‍්ඛිණබාහුං පසාරෙත්‍වා දස‍්සෙසි “එත්‍ථ ගන‍්ත්‍වා ලද‍්ධබ‍්බං ලභන‍්තූ”ති. තස‍්ස කම‍්මං පාළියංයෙව ආගතං.

දරුවා ලජ්ජාවෙන් එහි විසීමට නො හැකිව භේරුව නගරයට ගොස් එක්තරා සන්නාලියකුගේ දුවක සරණකොට ගෙන සන්නාලි ශිල්පයෙන් ජීවත් විය. එකල්හි භේරුව නුවර අසය්හ නම් සිටුවරයෙක් විය. ඒ සිටුවරයා මහණ බමුණන්ට ද දුගී මගී වණිබ්බක යාචකයන්ට ද දන් දෙයි. ඒ සන්නාලි තෙමේ අසය්හ සිටුවරයාගේ ගේ නො දන්නවුනට සතුටු සිතින් යුක්තව, අසය්හ සිටුගේ ගෙදරට දකුණු අත දිගු කොට මෙතැනට ගොස් කැමති දෙයක් ලබාගන්නැයි පෙන්වයි. ඔහුගේ කර්මය පෙළෙහිම දැක්වෙයි.

සො අපරෙන සමයෙන කාලං කත්‍වා මරුභූමියං අඤ‍්ඤතරස‍්මිං නිග්‍රොධරුක‍්ඛෙ භුම‍්මදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස දක‍්ඛිණහත්‍ථො සබ‍්බකාමදදො අහොසි. තස‍්මිංයෙව ච රොරුවෙ අඤ‍්ඤතරො පුරිසො අසය‍්හසෙට‍්ඨිනො දානෙ බ්‍යාවටො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො මිච‍්ඡාදිට‍්ඨිකො පුඤ‍්ඤකිරියාය අනාදරො කාලං කත්‍වා තස‍්ස දෙවපුත‍්තස‍්ස වසනට‍්ඨානස‍්ස අවිදූරෙ පෙතො හුත්‍වා නිබ‍්බත‍්ති. තෙන ච කතකම‍්මං පාළියංයෙව ආගතං. අසය‍්හමහාසෙට‍්ඨි පන කාලං කත්‍වා තාවතිංසභවනෙ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො සහබ්‍යතං උපගතො.

හෙතෙම මෑතකාලයෙහි කළුරිය කොට කාන්තාරයක නුග ගසෙක භූමාටු දෙවියෙක් වී උපන්නේය. ඔහුගේ දකුණු අත කැමති කැමති සම්පත් දෙයි. එම භේරුව නගරයෙහි අසය්හ සිටුගේ දානයෙහි යෙදුණු සැදැහැ නැති අප්‍රසන්න වූ මිථ්‍යාදෘෂ්ටික වූ පින් කිරියවත්හි ආදර සිත් නැති එක්තරා පුරුෂයෙක් කළුරිය කොට ඒ දෙව්පුත් වසන තැනට නුදුරු තන්හී ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු විසින් කරන ලද කර්මය ද පෙළෙහි ආයේය. අසය්හ මහ සිටුතෙම කළුරිය කොට තව්තිසා දෙව්ලොව සක්දෙවිදුගේ පිරිවරෙහි කෙනෙකු බවට පත්විය.

අථ අපරෙන සමයෙන අඞ‍්කුරො පඤ‍්චහි සකටසතෙහි, අඤ‍්ඤතරො ච බ්‍රාහ‍්මණො පඤ‍්චහි සකටසතෙහීති ද‍්වෙපි ජනා සකටසහස‍්සෙන භණ‍්ඩං ආදාය මරුකන‍්තාරමග‍්ගං පටිපන‍්නා මග‍්ගමූළ‍්හා හුත්‍වා බහුං දිවසං තත්‍ථෙව විචරන‍්තා පරික‍්ඛීණතිණොදකාහාරා අහෙසුං. අඞ‍්කුරො අස‍්සදූතෙහි චතූසු දිසාසු පානියං මග‍්ගාපෙසි. අථ සො කාමදදහත්‍ථො යක‍්ඛො තං තෙසං බ්‍යසනප‍්පත‍්තිං දිස‍්වා අඞ‍්කුරෙන පුබ‍්බෙ අත‍්තනො කතං උපකාරං චින‍්තෙත්‍වා “හන්‍ද දානි ඉමස‍්ස මයා අවස‍්සයෙන භවිතබ‍්බ”න‍්ති අත‍්තනො වසනවටරුක‍්ඛං දස‍්සෙසි. සො කිර වටරුක‍්ඛො සාඛාවිටපසම‍්පන‍්නො ඝනපලාසො සන්‍දච‍්ඡායො අනෙකසහස‍්සපාරොහො ආයාමෙන විත්‍ථාරෙන උබ‍්බෙධෙන ච යොජනපරිමාණො අහොසි. තං දිස‍්වා අඞ‍්කුරො හට‍්ඨතුට‍්ඨො තස‍්ස හෙට‍්ඨා ඛන්‍ධාවාරං බන්‍ධාපෙසි. යක‍්ඛො අත‍්තනො දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා පඨමං තාව පානීයෙන සබ‍්බං ජනං සන‍්තප‍්පෙසි. තතො යො යො යං යං ඉච‍්ඡති, තස‍්ස තස‍්ස තං තං අදාසි.

පසු කලෙක අඞ්කුර තෙමේ ගැල් පන්සියයකින් ද, තවත් බමුණෙකුගේ ගැල් පන්සියයකින්දැයි ගැල් දහසකින් යුතුව භාණ්ඩ රැගෙන මරුකතර මහ මගට පිළිපන්නේය. එහිදී මග වැරදී මංමුලා වී බොහෝ දවසක් එහිම හැසිරෙන්නේ තණ ආහාර, දිය ආදිය සියල්ල අවසන් විය. අඞ්කුර තෙම සිය දූතයන් ලවා පැන් සොයවීය. ඉක්බිතිව ඒ කැමති සම්පත් දෙන අත් ඇති දෙවි තෙමේ ඔවුන්ගේ ඒ ව්‍යසනය දැක, අඞ්කුර විසින් තමන්ට පෙර කරන ලද උපකාර සිතා, ඒකාන්තයෙන් මොහුට මා විසින් මේ වෙලාවේ අවශ්‍යයෙන්ම පිහිට විය යුතු යයි සලකා තමන් වසන නුගරුක දැක්වීය. ඒ නුගරුක වනාහී විහිදී ගිය අතු පතර ඇත්තේය. ඝනට වැඩුණු කොළ ඇති, මනාව සෙවන ඇති, බොහෝ උඩින් ඇදුණු මුල් ඇති (පාරොහ), දිග පළලින් ද උසින් ද යොදුනක් පමණ විය. ඒ දුටු අඞ්කුර තුටු පහටුව ඒ ගස යට කඳවුරු බැන්ද වීය. දෙව්තෙම තමාගේ දකුණත දිගු කොට පළමුව පැන්වලින් ජනයා සෑහීමට පත් කළේය. ඉන්පසුව ඒ ඒ පුද්ගලයා යම් දෙයක් කැමති ද ඒ ඒ දෙය දුන්නේය.

එවං තස‍්මිං මහාජනෙ නානාවිධෙන අන‍්නපානාදිනා යථාකාමං සන‍්තප‍්පිතෙ පච‍්ඡා වූපසන‍්තෙ මග‍්ගපරිස‍්සමෙ සො බ්‍රාහ‍්මණවාණිජො අයොනිසො මනසිකරොන‍්තො එවං චින‍්තෙසි – “ධනලාභාය ඉතො කම‍්බොජං ගන‍්ත්‍වා මයං කිං කරිස‍්සාම, ඉමමෙව පන යක‍්ඛං යෙන කෙනචි උපායෙන ගහෙත්‍වා යානං ආරොපෙත්‍වා අම‍්හාකං නගරමෙව ගමිස‍්සාමා”ති. එවං චින‍්තෙත්‍වා තමත්‍ථං අඞ‍්කුරස‍්ස කථෙන‍්තො –

මෙසේ එකල්හි මහජනයා නොයෙක් ආකාර ආහාර පාන ආදියෙන් ඒ ජනයා කැමති පරිද්දෙන් සෑහීමට පත් වූ පසුව, වෙහෙස මහන්සිය නිවුණු කල්හි ඒ බමුණු වෙළද තෙමේ නුණුවනින් කල්පනා කරමින් මෙසේ සිතීය. ධන ලාභය සදහා මෙතැනින් කාම්බෝජයට ගොස් අපි කුමක් කරමු ද? මේ දෙවියා වනාහි යම්කිසි උපායකින් ගෙන යානාවට නංවා ගෙන අපේ නුවරටම යන්නෙමු යයි සිතීය. මෙසේ සිතා ඒ කාරණය අඞ්කුර වෙත කියන්නේ, ගාථා දෙකකින් කීහ.

“යස‍්ස අත්‍ථාය ගච‍්ඡාම, කම‍්බොජං ධනහාරකා; අයං කාමදදො යක‍්ඛො, ඉමං යක‍්ඛං නයාමසෙ.

භාණ්ඩ අලෙවි කොට ධනය උපයන්නෙමුය යන අර්ථය පිණිස, කාරණය පිණිස අපි කාම්බෝජ රටට යන්නෙමු ද, මේ දිව්‍ය පුත්‍රයා කැමති කැමති සම්පත් දෙන බැවින් මේ දිව්‍ය පුත්‍රයා අපි ගෙන යමු.

“ඉමං යක‍්ඛං ගහෙත්‍වාන, සාධුකෙන පසය‍්හ වා; යානං ආරොපයිත්‍වාන, ඛිප‍්පං ගච‍්ඡාම ද‍්වාරක”න‍්ති. –

මේ දිව්‍ය පුත්‍රයා මැනවින් යච්ඤා කිරීමෙන් හෝ, මර්දනය කොට බලහත්කාරයෙන් හෝ අල්ලා ගෙන සැප පහසු යානාවකට නංවාගෙන ද්වාරවති නුවරට වහාම යමු.

ගාථාද‍්වයමාහ. තත්‍ථ යස‍්ස අත්‍ථායාති යස‍්ස කාරණා. කම‍්බොජන‍්ති කම‍්බොජරට‍්ඨං. ධනහාරකාති භණ‍්ඩවික‍්කයෙන ලද‍්ධධනහාරිනො. කාමදදොති ඉච‍්ඡිතිච‍්ඡිතදායකො. යක‍්ඛොති දෙවපුත‍්තො. නයාමසෙති නයිස‍්සාම . සාධුකෙනාති යාචනෙන. පසය‍්හාති අභිභවිත්‍වා බලක‍්කාරෙන, යානන‍්ති සුඛයානං . ද‍්වාරකන‍්ති ද‍්වාරවතීනගරං. අයං හෙත්‍ථාධිප‍්පායො – යදත්‍ථං මයං ඉතො කම‍්බොජං ගන‍්තුකාමා, තෙන ගමනෙන සාධෙතබ‍්බො අත්‍ථො ඉධෙව සිජ‍්ඣති. අයඤ‍්හි යක‍්ඛො කාමදදො, තස‍්මා ඉමං යක‍්ඛං යාචිත්‍වා තස‍්ස අනුමතියා වා, සචෙ සඤ‍්ඤත‍්තිං න ගච‍්ඡති, බලක‍්කාරෙන වා යානං ආරොපෙත්‍වා යානෙ පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා තං ගහෙත්‍වා ඉතොයෙව ඛිප‍්පං ද‍්වාරවතීනගරං ගච‍්ඡාමාති.

එහි යස්ස අත්‍ථාය - යම්කිසි කාරණයක් සඳහා කාම්බොජං - කාම්බෝජ නම් රටට, ධනහාරක බඩු විකුණා ධනය ගෙන ඒම පිණිස, කාමදදො කැමති කැමති දේ ලබා දෙන්නා වූ, යක්‍ඛො දේව පුත්‍රයා නිය්‍යාමසෙ -කැඳවාගෙන යමු. පමුණුවාගෙන යමු. සාධුකෙන යපත් ලෙස ආයාචනා කොට, පසය්හා - මැඩ පවත්වා බලහත්කාරයෙන් හෝ යානං - සුවපහසු වාහනයකට (නංවා) ද්වාරකං - ද්වාරවතී නුවරට, මේ ඔහුගේ අදහස බලාපොරොත්තුවයි. යම් ප්‍රයෝජනයක් අර්ථයක් සඳහා අපි කාම්බෝජයට (යන්නට) යනු කැමැත්තේ ද, ඒ ගමනෙහි සංසිද්ධිය ප්‍රයෝජනය මෙහිදීම සිදුවිය. මේ දෙවියා කැමති කැමති දේ දෙන්නේය. එහෙයින් මේ දෙවියා ආරාධනා කොට, කැමැත්ත පරිදි හෝ ඉදින් එසේ නො යන්නේ නම් බලහත්කාරයෙන් හෝ යානයකට නංවා යානයේ දී දෙඅත් පිටුපසට බැඳ ඔහුද කැටුව වහා ද්වාරවතී නගරයට යමු.

එවං පන බ්‍රාහ‍්මණෙන වුත‍්තො අඞ‍්කුරො සප‍්පුරිසධම‍්මෙ ඨත්‍වා තස‍්ස වචනං පටික‍්ඛිපන‍්තො –

ඒ බ්‍රාහ්මණයා විසින් මෙසේ කියන ලද කල්හි අඞ්කුර තෙමේ සත්පුරුෂ ධර්මයෙහි පිහිටි ඔහුගේ වචනය කීම ප්‍රතික්ෂේප කරමින්

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො”ති. –

යම් රුක් සෙවනක හිඳිනේ හෝ හෝනේ හෝ වේද ඒ ගසේ අතු නො බිඳිය යුතුය. එසේ කිරීමෙන් මිත්‍ර ද්‍රෝහී ළාමකයකු වන හෙයිනි.

ගාථමාහ. තත්‍ථ න භඤ‍්ජෙය්‍යාති න ඡින්‍දෙය්‍ය. මිත‍්තදුබ‍්භොති මිත‍්තෙසු දුබ‍්භනං තෙසං අනත්‍ථුප‍්පාදනං. පාපකොති අභද‍්දකො මිත‍්තදුබ‍්භො. යො හි සීතච‍්ඡායො රුක‍්ඛො ඝම‍්මාභිතත‍්තස‍්ස පුරිසස‍්ස පරිස‍්සමවිනොදකො, තස‍්සාපි නාම පාපකං න චින‍්තෙතබ‍්බං, කිමඞ‍්කං පන සත‍්තභූතෙසු. අයං දෙවපුත‍්තො සප‍්පුරිසො පුබ‍්බකාරී අම‍්හාකං දුක‍්ඛපනූදකො බහූපකාරො, න තස‍්ස කිඤ‍්චි අනත්‍ථං චින‍්තෙතබ‍්බං, අඤ‍්ඤදත්‍ථු සො පූජෙතබ‍්බො එවාති දස‍්සෙති.

එහි නභඤ්ජෙය්‍යා - නො සිඳිය යුතුය. මිත්තදුබ්භො - මිත්‍රයන් අතුරෙහි ද්‍රෝහියෙක් වේමයි. ඔවුන්ට අනතුරු උපදවන්නෙක් වේ. යම් කිසිවෙක් වනාහි යම් සිහිල් සෙවන ඇති රුකක් ග්‍රීෂ්මයෙන් පීඩිත වූ පුද්ගලයාගේ විඩා දුරු කරන්නේ වේ ද? ඒ රුකට පවා නපුරක් නො සිතිය යුතුය. සත්ත්වයන් කෙරෙහි නපුරක් සිතීම ගැන කියනුම කවරේ ද? මේ දේවපුත්‍රයා සත්පුරුෂයෙකි. පෙරාතුවම අපට උපකාර කළේය. අපගේ දුක් දුරු කළ කෙනෙක. අපට බොහෝ උපකාර ඇත්තෙක. ඔහුට කිසි අවැඩක් නො සිතිය යුතුය. ඒකාන්තයෙන් ඒ දෙවිතෙම පුදනු ලැබිය යුත්තේම යයි දැක්වීය.

තං සුත්‍වා බ්‍රාහ‍්මණා “අත්‍ථස‍්ස මූලං නිකතිවිනයො”ති නීතිමග‍්ගං නිස‍්සාය අඞ‍්කුරස‍්ස පටිලොමපක‍්ඛෙ ඨත්‍වා –

එය ඇසු බ්‍රාහ්මණයා “අත්‍ථස්ස මූලං නිඛන්ති විනයො” යයි කියන ලද නීති මංගල්‍ය නිසා අඞ්කුරයාට විරුද්ධ පක්ෂයෙහි සිට, මේ ගාථාව කීහ.

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; ඛන්‍ධම‍්පි තස‍්ස ඡින්‍දෙය්‍ය, අත්‍ථො චෙ තාදිසො සියා”ති. –

යම් රුකක සෙවනෙහි හිඳිනේ ද, නිදන්නේ ද? ඉදින් එබඳු වූ ප්‍රයෝජනයක් වේ නම්, ඒ ගසේ කඳ පවා (සමහරු) කපන්නේය.

ගාථමාහ. තත්‍ථ අත්‍ථො චෙ තාදිසො සියාති තාදිසෙන දබ‍්බසම‍්භාරෙන සචෙ අත්‍ථො භවෙය්‍ය, තස‍්ස රුක‍්ඛස‍්ස ඛන්‍ධම‍්පි ඡින්‍දෙය්‍ය, කිමඞ‍්ගං පන සාඛාදයොති අධිප‍්පායො.

එහි අත්‍ථො චෙ තාදිසො සියා එබඳු වූ දැව සම්භාරයකින් ඉදින් ප්‍රයෝජනයක් වේ නම්, ඒ ගසේ කඳ පවා ගන්නේය. අතු ආදිය ගැන කියනුම කුමක් ද?

එවං බ්‍රාහ‍්මණෙන වුත‍්තෙ අඞ‍්කුරො සප‍්පුරිසධම‍්මංයෙව පග‍්ගණ‍්හන‍්තො –

මෙසේ බ්‍රාහ්මණයා කී කල්හි අඞ්කුර තෙමේ සත්පුරුෂ ධර්මයෙහි පිහිටා පිළිගනිමින් කියන්නේ,

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස පත‍්තං භින්‍දෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො”ති. –

යම් ගසෙක සෙවනයට හිඳින්නේ ද නිදන්නේ ද ඒ ගසේ කොළයක් වත් නො කැඩිය යුතුය. එසේ කඩන්නා මිත්‍රද්‍රෝහි පව්කාරයෙක් වේ යන්න කීහ.

ඉමං ගාථමාහ. තත්‍ථ න තස‍්ස පත‍්තං භින්‍දෙය්‍යාති තස‍්ස රුක‍්ඛස‍්ස එකපණ‍්ණමත‍්තම‍්පි න පාතෙය්‍ය, පගෙව සාඛාදිකෙති අධිප‍්පායො.

එහි න තස්ස පත්තං භින්‍දෙය්‍ය - ඒ ගසෙහි එක කොළයක් පමණවත් නො කඩන්නේය. අතු සිදීම ගැන කියනුම කවරේ ද?

පුනපි බ්‍රාහ‍්මණො අත‍්තනො වාදං පග‍්ගණ‍්හන‍්තො –

නැවත ද බ්‍රාහ්මණයා තමාගේ වාදයෙහිම හිටිමින් මේ ගාථාව කීහ.

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; සමූලම‍්පි තං අබ‍්බුහෙ, අත්‍ථො චෙ තාදිසො සියා”ති. –

යම් රුක් සෙවනෙක හිඳිනේ ද හෝනේ ද, එම ගස මුලුත් සමගම උදුරා දමන්නේය.

ගාථමාහ. තත්‍ථ සමූලම‍්පි තං අබ‍්බුහෙති තං තත්‍ථ සමූලම‍්පි සහ මූලෙනපි අබ‍්බුහෙය්‍ය, උද‍්ධරෙය්‍යාති අත්‍ථො.

එහි සමූලම්පි තං අබ්බුහෙය්‍ය මුල් සහිතවම සහමුලින් උදුරා දමන්නේය. (ලී වලින් ප්‍රයෝජන ඇති අය)

එවං බ්‍රාහ‍්මණෙන වුත‍්තෙ පුන අඞ‍්කුරො තං නීතිං නිරත්‍ථකං කාතුකාමො –

මෙසේ බමුණා විසින් කියන ලද්ද අසා නැවත අඞ්කුර තෙමේ ඔහු නිහඬ කරවනු නිරර්ථක කරවනු කැමතිව, මේ ගාථා තුන කීහ.

“යස‍්සෙකරත‍්තිම‍්පි ඝරෙ වසෙය්‍ය, යත්‍ථන‍්නපානං පුරිසො ලභෙථ; න තස‍්ස පාපං මනසාපි චින‍්තයෙ, කතඤ‍්ඤුතා සප‍්පුරිසෙහි වණ‍්ණිතා.

කිසියම් පුරුෂයෙක් තෙම යමෙකුගේ ගෙහි එක් රැයක් පමණවත් වසන්නේ ද යමෙකු සමීපයෙහි කෑම් බීම් ආදිය ලබන්නේ ද ඒ පුරුෂයාට සිතින් වත් නපුරක් නො සිතන්නේ යයි උසස් පුරුෂයන් විසින් කළගුණ සැළකීම වර්ණනා කරන ලදී.

“යස‍්සෙකරත‍්තිම‍්පි ඝරෙ වසෙය්‍ය, අන‍්නෙන පානෙන උපට‍්ඨිතො සියා; න තස‍්ස පාපං මනසාපි චින‍්තයෙ, අදුබ‍්භපාණී දහතෙ මිත‍්තදුබ‍්භිං.

යමෙකුගේ ගෙයි එක් රැයක පමණවත් යමෙක් වාසය කරන්නේ ද, කෑම් බීම් ආදියෙන් උපස්ථාන කළේ ද ඔහුට සිතින්වත් අයහපතක් සිතන්නේ ද මිත්‍රද්‍රෝහියා දවයි. අහිංසක අත් ඇත්තේ ඒ මිත්‍ර ද්‍රෝහියා විනාශ කරයි.

“යො පුබ‍්බෙ කතකල්‍යාණො, පච‍්ඡා පාපෙන හිංසති; අල‍්ලපාණිහතො පොසො, න සො භද්‍රානි පස‍්සතී”ති. –

යම්කිසි කෙනෙක් පෙරකාලයෙහි කරන ලද උපකාර ඇත්තේ, පසු කාලයෙහි නපුරකින් පෙළා ද, උපකාර කරණයෙහි සෝදන ලද අත් ඇත්තෙකු විසින් අකෘතඥ වූ ඒ පුද්ගල තෙමේ යහපත නො දකී. අහිංසක හස්තය ඒ පුද්ගලයා විනාශ කරයි.

ඉමා තිස‍්සො ගාථා අභාසි.

තත්‍ථ යස‍්සාති යස‍්ස පුග‍්ගලස‍්ස. එකරත‍්තිම‍්පීති එකරත‍්තිමත‍්තම‍්පි කෙවලං ගෙහෙ වසෙය්‍ය. යත්‍ථන‍්නපානං පුරිසො ලභෙථාති යස‍්ස සන‍්තිකෙ කොචි පුරිසො අන‍්නපානං වා යංකිඤ‍්චි භොජනං වා ලභෙය්‍ය. න තස‍්ස පාපං මනසාපි චින‍්තයෙති තස‍්ස පුග‍්ගලස‍්ස අභද‍්දකං අනත්‍ථං මනසාපි න චින‍්තෙය්‍ය න පිහෙය්‍ය, පගෙව කායවාචාහි. කස‍්මාති චෙ? කතඤ‍්ඤුතා සප‍්පුරිසෙහි වණ‍්ණිතාති කතඤ‍්ඤුතා නාම බුද‍්ධාදීහි උත‍්තමපුරිසෙහි පසංසිතා.

එහි යස්සා යම් පුද්ගලයකුගේ එකරත්තිම්පි එක් රැයක් පමණවත් විසුවේ ද? යත්‍ථන්න පානං පුරිසො යමෙකු සමීපයෙහි කිසියම් පුරුෂයෙක් ආහාර පාන හෝ කිසියම් භෝජනයක් ලැබුවේ ද? න තස්ස පාපං මනසාපි චෙතයෙ, ඒ පුද්ගලයාට අයහපතක් අනර්ථයක් (කිරීමට) සිතින් නො සිතුවේ ද කැමති නොවේ ද? කය වචනය දෙක ගැන කියනුම කවරේ ද? කතඤ්ඤුතා සප්පුරිසෙහි වණ්ණිතා කෘතොපකරණය බුද්ධාදී උතුමන් විසින් වර්ණනා කරන ලදී. ප්‍රසංසා කරන ලදී.

උපට‍්ඨිතොති පයිරුපාසිතො “ඉදං ගණ‍්හ ඉදං භුඤ‍්ජා”ති අන‍්නපානාදිනා උපට‍්ඨිතො. අදුබ‍්භපාණීති අහිංසකහත්‍ථො හත්‍ථසංයතො. දහතෙ මිත‍්තදුබ‍්භින‍්ති තං මිත‍්තදුබ‍්භිං පුග‍්ගලං දහති විනාසෙති, අප‍්පදුට‍්ඨෙ හිතජ‍්ඣාසයසම‍්පන‍්නෙ පුග‍්ගලෙ පරෙන කතො අපරාධො අවිසෙසෙන තස‍්සෙව අනත්‍ථාවහො, අප‍්පදුට‍්ඨො පුග‍්ගලො අත්‍ථතො තං දහති නාම. තෙනාහ භගවා –

උපට්ඨිතො සේවනය කරන්නේ මෙය වළදන්න, මෙය බොන්න ආදී වශයෙන් ගෙනැවිත් දෙයි. ලඟා කරයි. අදුබ්භපාණී නිවැරදි දෙ අත් සංයම වූ දෙ අත් දහතෙ මිත්තදුහී මිත්‍රද්‍රෝහි පුද්ගලයා දවයි. විනාශ කරයි. වැඩ කැමැති පුද්ගලයා කෙරෙහි අනෙකකු විසින් කරන ලද අපරාධය අවිශේෂයෙන් ඔහුටම අවැඩ ගෙන දෙන්නේය. දුෂ්‍ය නො වූ පුද්ගල තෙමේ අර්ථ වශයෙන් ඔහු දවන්නේ නම් වෙයි. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ.

“යො අප‍්පදුට‍්ඨස‍්ස නරස‍්ස දුස‍්සති, සුද‍්ධස‍්ස පොසස‍්ස අනඞ‍්ගණස‍්ස; තමෙව බාලං පච‍්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත‍්තො”ති. (ධ· ප· 125; ජා· 1.5.94; සං· නි· 1.22);

ක්ලේශයන් දුරුකළ පිරිසිදු සිත් ඇති පුරුෂෝත්තමයකුට, යම් කිසිවෙක් දූෂිත සිතින් නපුරක් කෙරේ ද? ඒ නපුර, නපුර කළ බාලයා වෙතම එයි වෙතම එයි කෙසේ ද උඩු සුළඟට දැවු සියුම් දුහුවිල්ල යටි සුළඟ කරා පැමිණෙන්නක් මෙනි.

යො පුබ‍්බෙ කතකල්‍යාණොති යො පුග‍්ගලො කෙනචි සාධුනා කතභද‍්දකො කතූපකාරො. පච‍්ඡා පාපෙන හිංසතීති තං පුබ‍්බකාරිනං අපරභාගෙ පාපෙන අභද‍්දකෙන අනත්‍ථකෙන බාධති. අල‍්ලපාණිහතො පොසොති අල‍්ලපාණිනා උපකාරකිරියාය අල‍්ලපාණිනා ධොතහත්‍ථෙන පුබ‍්බකාරිනා හෙට‍්ඨා වුත‍්තනයෙන හතො බාධිතො, තස‍්ස වා පුබ‍්බකාරිනො බාධනෙන හතො අල‍්ලපාණිහතො නාම, අකතඤ‍්ඤුපුග‍්ගලො. න සො භද්‍රානි පස‍්සතීති සො යථාවුත‍්තපුග‍්ගලො ඉධලොකෙ ච පරලොකෙ ච ඉට‍්ඨානි න පස‍්සති, න වින්‍දති, න ලභතීති අත්‍ථො.

යො පුබ්බෙ කත කල්‍යාණෙ - යම්කිසි පුද්ගලයෙක් හොඳ හිතින් කරන ලද පෙර උපකාර ඇති, පච්ඡා පාපෙන හිංසති - පෙර කරන ලද්දව පසුව පාපී අදහසින් (හිංසා කෙරේද? පීඩා කෙරේ ද) නපුරු වූ හිංසාකාරී වූ අනිටු වූ බාධා පමුණුවයිද? අල්ලපාණ හතො පොසො - අල්ලපාණි නම් උපකාර කිරීමෙන් පිරිසුදු වූ සෝදන ලද අත් ඇති පුරුෂයා යට කියන ලද පිළිවෙළින් නසන ලද්දා වූ හිංසා කළා වූ, ඔහුගේ හෝ පෙර කරන ලද්ද විසින් බාධාවන් හළ අල්ලපාණී හත නම් වේ. අකෘතඥ කළ ගුණ නොදත් පුද්ගලයා, න සා භද්‍රානි පස්සති - මෙසේ කියන ලද පුද්ගලයා මෙලොව ද පරලොව ද අර්ථ සිද්ධියක් නො දකී, නො විඳී නොලැබී යන අදහසයි.

එවං සප‍්පුරිසධම‍්මං පග‍්ගණ‍්හන‍්තෙන අඞ‍්කුරෙන අභිභවිත්‍වා වුත‍්තො සො බ්‍රාහ‍්මණො නිරුත‍්තරො තුණ‍්හී අහොසි. යක‍්ඛො පන තෙසං ද‍්වින‍්නං වචනපටිවචනානි සුත්‍වා බ්‍රාහ‍්මණස‍්ස කුජ‍්ඣිත්‍වාපි “හොතු ඉමස‍්ස දුට‍්ඨබ්‍රාහ‍්මණස‍්ස කත‍්තබ‍්බං පච‍්ඡා ජානිස‍්සාමී”ති අත‍්තනො කෙනචි අනභිභවනීයතමෙව තාව දස‍්සෙන‍්තො –

මෙසේ සත්පුරුෂ ධර්මයට උදව් දීමෙන් අඞ්කුරයා විසින් මැඩපවත්වා කියන ලද ඒ බමුණා නිරුත්තරව නිශ්ශබ්ද විය. දෙවි තෙමේ ඔවුන් දෙදෙනාගේ වචන හා ප්‍රතිවචන අසා බ්‍රාහ්මණයාට කිපී මේ දුෂ්ඨ බ්‍රාහ්මණයාට කටයුතු දේ පසුව දනිමියි සිතා තමා කිසිවකු විසින් මැඩ පැවැත්විය නො හැකි බව පළමු කොට දක්වමින්,

“නාහං දෙවෙන වා මනුස‍්සෙන වා, ඉස‍්සරියෙන වා හං සුප‍්පසය‍්හො; යක‍්ඛොහමස‍්මි පරමිද‍්ධිපත‍්තො, දූරඞ‍්ගමො වණ‍්ණබලූපපන‍්නො”ති. –

මම දෙවියෙකු විසින් හෝ මිනිසෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නො හැකිවෙමි. දිව්‍ය හෝ මනුෂ්‍ය ඓශ්චර්යකින් මැඩ පැවැත්විය නො හැකිවෙමි. මම උත්තම සෘද්ධියට පැමිණි දෙවියෙක් වෙමි. සැණෙකින්ම දුර යන්නේ ද වෙමි. (වර්ණ) රූප සම්පත්තියෙන් හා ශරිර ශක්තියෙන් යුක්ත වූයේ වෙමි.

ගාථමාහ. තත්‍ථ දෙවෙන වාති යෙන කෙනචි දෙවෙන වා. මනුස‍්සෙන වාති එත්‍ථාපි එසෙව නයො. ඉස‍්සරියෙන වාති දෙවිස‍්සරියෙන වා මනුස‍්සිස‍්සරියෙන වා. තත්‍ථ දෙවිස‍්සරියං නාම චතුමහාරාජිකසක‍්කසුයාමාදීනං දෙවිද‍්ධි, මනුස‍්සිස‍්සරියං නාම චක‍්කවත‍්තිආදීනං පුඤ‍්ඤිද‍්ධි. තස‍්මා ඉස‍්සරියග‍්ගහණෙන මහානුභාවෙ දෙවමනුස‍්සෙ සඞ‍්ගණ‍්හාති. මහානුභාවාපි හි දෙවා අත‍්තනො පුඤ‍්ඤඵලූපත්‍ථම‍්භිතෙ මනුස‍්සෙපි අසති පයොගවිපත‍්තියං අභිභවිතුං න සක‍්කොන‍්ති, පගෙව ඉතරෙ. හන‍්ති අසහනෙ නිපාතො. න සුප‍්පසය‍්හොති අප‍්පධංසියො. යක‍්ඛොහමස‍්මි පරමිද‍්ධිපත‍්තොති අත‍්තනො පුඤ‍්ඤඵලෙන අහං යක‍්ඛත‍්තං උපගතො අස‍්මි, යක‍්ඛොව සමානො න යො වා සො වා, අථ ඛො පරමිද‍්ධිපත‍්තො පරමාය උත‍්තමාය යක‍්ඛිද‍්ධියා සමන‍්නාගතො. දූරඞ‍්ගමොති ඛණෙනෙව දූරම‍්පි ඨානං ගන‍්තුං සමත්‍ථො. වණ‍්ණබලූපපන‍්නොති රූපසම‍්පත‍්තියා සරීරබලෙන ච උපපන‍්නො සමන‍්නාගතොති තීහිපි පදෙහි මන‍්තප‍්පයොගාදීහි අත‍්තනො අනභිභවනීයතංයෙව දස‍්සෙති. රූපසම‍්පන‍්නො හි පරෙසං බහුමානිතො හොති, රූපසම‍්පදං නිස‍්සාය විසභාගවත්‍ථුනාපි අනාකඩ‍්ඪනියොවාති වණ‍්ණසම‍්පදා අනභිභවනීයකාරණන‍්ති වුත‍්තා.

එහි දෙවෙන වා - යම්කිසි දෙවියෙකු විසින් හෝ මනුස්සෙන වා - මිනිසෙකු විසින් හෝ, මෙම වනයෙහි, ඉස්සරියෙන වා - දිව්‍ය ඓශ්චර්යයකින් හෝ මනුෂ්‍ය ඓශ්චයයකින් හෝ, එහි දේවිස්සරියං නාම - චාතුර් මහා රාජික, සුක්ක, සුයාම ආදින්ගේ දිව්‍ය සෘද්ධියෙන්, මනුස්සීස්සරියං - සක්විති රජුන් ආදීන්ගේ පුණ්‍ය සෘද්ධියෙන් එහෙයින් ඓශ්චර්යය ග්‍රහණයන් මහානුභාව දෙව් මිනිසුන් සංග්‍රහ කෙරෙයි. දෙවියෝ මහානුභාවයෝමය. තමන්ගේ පින් ඵලයෙන් රුකුල් ලත් මිනිසුන් පවා ප්‍රයෝග විපත්තියක් නැති කල්හි මැඩ පවත්වන්නට නො හැකි වෙත් අනෙක් දෙවියන් පිළිබදව කියනුම කවරේ ද? හ යනු අසහනයෙහි නිපාතයි. න සුප්ප ස යෙහා - විනාශ නො වන්නා වූ, යක්‍ඛො හමස්මි පරමද්ධිප්පත්තො තමගේ පින වශයෙන් මම දේවත්වයට පැමිණියෙමි. දෙවි වූයේ ද එසේ මෙසේ දෙවියෙක් නො වෙමි. යළිදු උතුම් දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙමි. දුරඞ්ගමො සැණෙකින් දුර ගමන් යාමට සමර්ථයෙමි. වණ්ණ ඛලුප පන්නො - රූප ශ්‍රීයෙන් ද ශරීර ශක්තියෙන් ද පැමිණියේ සමන්විත වෙමි. මේ පද තුනෙන් මන්ත්‍ර ප්‍රයෝගාදී බලයෙන් තමන් මැඩ පැවැත්විය නො හැකි බව දන්වයි. රූ සපුවෙන් යුත් තැනැත්තේ අනුන්ගෙන් බුහුමන් ලබයි. රූප සම්පත්තිය නිසා නො ගැලපෙන වස්තූන්ගෙන් හෘදය අවුල් විය යුතු නොවේ. වර්ණ සම්ප්‍රදායෙන් ද යටපත් කළ නො හැකිය.

ඉතො පරං අඞ‍්කුරස‍්ස ච දෙවපුත‍්තස‍්ස ච වචනපටිවචනකථා හොති –

මෙයින් පසුව අංකුර සහ දේව පුත්‍රයා අතර ගාථා පසළොසකින් සංවාදයක් විය.

“පාණි තෙ සබ‍්බසොවණ‍්ණො, පඤ‍්චධාරො මධුස‍්සවො; නානාරසා පග‍්ඝරන‍්ති, මඤ‍්ඤෙහං තං පුරින්‍දදං.

ඔබගේ දකුණු අත හැම ලෙසින්ම රන්වන් වෙයි. ඇඟිලි පසින් කැමති සම්පත් වැගිරෙන්නේය. විවිධ රස වැගිරෙත්. නුඹ ශක්‍රයායයි මම සිතමි.

“නාම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො, නාපි සක‍්කො පුරින්‍දදො; පෙතං මං අඞ‍්කුර ජානාහි, රොරුවම‍්හා ඉධාගතං.

මම ප්‍රකට දෙවියෙක් නොවෙමි. ගන්ධර්ව කායික දෙවියෙක් ද නො වෙමි. අඞ්කුරය සේරුව නුවරින් චුතව මෙහි පැමිණියා වූ ප්‍රේතයෙක් යයි මා දනුව,

“කිංසීලො කිංසමාචාරො, රොරුවස‍්මිං පුරෙ තුවං; කෙන තෙ බ්‍රහ‍්මචරියෙන, පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති.

නුඹ පෙර අත්බැව්හි භේරුව නගරයෙහි දී කෙබඳු සිල් ඇත්තෙක් වී ද? කෙබඳු සමාචාර ඇත්තෙක් වී ද? කෙබඳු ශ්‍රේෂ්ඨ චර්යාවක් හේතු කොට ගෙන යුෂ්මතාගේ අත්වල පුණ්‍ය ඵලය උපන්නේ ද?

“තුන‍්නවායො පුරෙ ආසිං, රොරුවස‍්මිං තදා අහං; සුකිච‍්ඡවුත‍්ති කපණො, න මෙ විජ‍්ජති දාතවෙ.

එකල්හි මම භේරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවි පැවැත්ම ඇති, දිළිදෙක් වීමි. දන් දීමට කිසිවක් මගේ අත නොවීය.

“නිවෙසනඤ‍්ච මෙ ආසි, අසය‍්හස‍්ස උපන‍්තිකෙ; සද‍්ධස‍්ස දානපතිනො, කතපුඤ‍්ඤස‍්ස ලජ‍්ජිනො.

කර්මඵල විශ්වාසයෙන් යුත්, දන් දීමෙහි ස්වාමී වූ පෙර පින් ඇති, පාපයට පිළිකුල් කරන සුළු අසය්හ සිටුවරයාගේ ගේ අසල කර්මාන්තශාලාව මැහුම්පල පිහිටියේය.

“තත්‍ථ යාචනකායන‍්ති, නානාගොත‍්තා වනිබ‍්බකා; තෙ ච මං තත්‍ථ පුච‍්ඡන‍්ති, අසය‍්හස‍්ස නිවෙසනං.

එතනට නොයෙක් ගෝත්‍ර ඇති, සිඟන්නෝ ද, ගුණකියා ඉල්ලන්නෝ ද, පැමිනෙත්, ඔව්හු ඒ අසය්හ සිටුතුමාගේ නිවෙස මගෙන් විමසත්.

“කත්‍ථ ගච‍්ඡාම භද‍්දං වො, කත්‍ථ දානං පදීයති; තෙසාහං පුට‍්ඨො අක‍්ඛාමි, අසය‍්හස‍්ස නිවෙසනං.

නුඹට යහපතක් වේවා! දානය කොතැනක දේ ද? කොතැනකට අපි යමුද ඔවුන් විසින් විමසන ලදුව මම අසය්හ සිටුතුමාගේ නිවස ඇති තැන පෙන්වමි.

“පග‍්ගය‍්හ දක‍්ඛිණං බාහුං, එත්‍ථ ගච‍්ඡථ භද‍්දං වො; එත්‍ථ දානං පදීයති, අසය‍්හස‍්ස නිවෙසනෙ.

අසය්හ සිටුතුමාගේ නිවසෙහි දන් දෙනු ලැබේ ද? එතනට යන්න. යුෂ්මතුන්ට සෙතක් වේ යයි දකුණු අත දිගුකොට පෙන්වීමි.

“තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස‍්සවො; තෙන මෙ බ්‍රහ‍්මචරියෙන, පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති.

ඒ හේතුවෙන් මගේ අත කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි. මිහිරි රස වෑහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් මගේ අතෙහි පුණ්‍ය විපාකය පහළ වෙයි.

“න කිර ත්‍වං අදා දානං, සකපාණීහි කස‍්සචි; පරස‍්ස දානං අනුමොදමානො, පාණිං පග‍්ගය‍්හ පාවදි.

නුඹ කිසිවෙකුට සිය අතින් දන් නුදුන්ලු. අනෙකකුගේ දානය අනුමෝදන් වෙමින් අත දිගුකොට පාර කීයේල.

“තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස‍්සවො; තෙන තෙ බ්‍රහ‍්මචරියෙන, පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති.

ඒ හේතුවෙන් නුඹේ අත කැමති සම්පත් දෙන්නේල. මිහිරි රස වෑහෙන්නේල, ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් අපේ පුණ්‍ය විපාක පහළ වූයේ.

“යො සො දානමදා භන‍්තෙ, පසන‍්නො සකපාණිභි; සො හිත්‍වා මානුසං දෙහං, කිං නු සො දිසතං ගතො.

[missing trans]

“නාහං පජානාමි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්ස ගතිං ආගතිං වා; සුතඤ‍්ච මෙ වෙස‍්සවණස‍්ස සන‍්තිකෙ, සක‍්කස‍්ස සහබ්‍යතං ගතො අසය‍්හො.

නො ඉවසිය හැකි දේ ඉවසන්නා වූ, ශරීරයේ රශ්මි නික්මෙන අසය්හ සිටුවරයාගේ උත්පත්ති ගමන හෝ නැවත පැමිණීම හෝ මම නො දනිමි. එහෙත් අසය්හ සිටුවරයා ශක්‍රයාගේ සහභාවයට පැමිණියේ යයි වෛශ්‍රවණ රජු හමුවේ දී මා අසා ඇත.

“අලමෙව කාතුං කල්‍යාණං, දානං දාතුං යථාරහං; පාණිං කාමදදං දිස‍්වා, කො පුඤ‍්ඤං න කරිස‍්සති.

හොඳ දේ කිරීම සුදුසුමැයි. සම්පත් ඇති පරිද්දෙන් දන් දීම සුදුසුමය. සම්පත් දෙන අත දැක කවුරුනම් පින්කම් නො කරන්නහු ද?

“සො හි නූන ඉතො ගන‍්ත්‍වා, අනුප‍්පත්‍වාන ද‍්වාරකං; දානං පට‍්ඨපයිස‍්සාමි, යං මමස‍්ස සුඛාවහං.

මම මේ වැලිකතරෙන් පහව ගොස් ද්වාරවතී නුවරට නැවත පැමිණ යම් පිනක් මට සැප ගෙන දෙන්නේද? දන් වැට එළවා තබන්නෙමි.

“දස‍්සාමන‍්නඤ‍්ච පානඤ‍්ච, වත්‍ථසෙනාසනානි ච; පපඤ‍්ච උදපානඤ‍්ච, දුග‍්ගෙ සඞ‍්කමනානි චා”ති. –

ආහාර වර්ග ද පාන වර්ග ද වස්ත්‍ර සේනාසන ද දෙන්නෙමි. පැන් හල් ද ළිං ද කරවන්නෙමි. දුර්ගම ස්ථානයන්හි ඒ දඬු (පිහිටවන්නෙමි)

පන‍්නරස වචනපටිවචනගාථා හොන‍්ති.

තත්‍ථ පාණි තෙති තව දක‍්ඛිණහත්‍ථො. සබ‍්බසොවණ‍්ණොති සබ‍්බසො සුවණ‍්ණවණ‍්ණො. පඤ‍්චධාරොති පඤ‍්චහි අඞ‍්ගුලීහි පරෙහි කාමිතවත්‍ථූනං ධාරා එතස‍්ස සන‍්තීති පඤ‍්චධාරො. මධුස‍්සවොති මධුරරසවිස‍්සන්‍දකො. තෙනාහ “නානාරසා පග‍්ඝරන‍්තී”ති, මධුරකටුකකසාවාදිභෙදා නානාවිධා රසා විස‍්සන්‍දන‍්තීති අත්‍ථො. යක‍්ඛස‍්ස හි කාමදදෙ මධුරාදිරසසම‍්පන‍්නානි විවිධානි ඛාදනීයභොජනීයානි හත්‍ථෙ විස‍්සජ‍්ජන‍්තෙ මධුරාදිරසා පග‍්ඝරන‍්තීති වුත‍්තං. මඤ‍්ඤෙහං තං පුරින්‍දදන‍්ති මඤ‍්ඤෙ අහං තං පුරින්‍දදං සක‍්කං, “එවංමහානුභාවො සක‍්කො දෙවරාජා”ති තං අහං මඤ‍්ඤාමීති අත්‍ථො.

එහි පාණි තෙ - යනු ඔබේ දකුණු අත. සබ්බසො වණ්ණෙ - සියල්ල ස්වර්ණ වර්ණයහ පඤ්චධාරො - ඇඟිලි පහෙන් අනුන් කැමති කැමති වස්තු ධාරාව එන්නේය යන අරුතින් පඤ්චධාරො මමුස්සවො - මිහිරි රස උතුරා යන්නේ - එහෙයින් කියන ලදී. නානා රසා පග්ඝරන්ති - මිහිරි කටුක - තීත්ත ආදී නානා විධ රස උතුරා යන්නේය. යක්ෂයාගේ කැමැත්ත පරිදි දෙන්නා වූ මිහිරි ආදී රසයන්ගෙන් යුත්, කෑ යුතු පිවයුතු අනුභව කළයුතු දේ අතින් විසිරෙන්නේ මිහිරි රස වැගිරෙත් කියන ලදී. මඤ්ඤෙහං තං පුරින්‍දදං ඔබ ශක්‍රයා යයි මම හඟිමි. මේ මහානුභාව සම්පන්න ශක්‍ර දිව්‍යරාජයා යයි මම සිතමියි යන අර්ථයි.

නාම‍්හි දෙවොති වෙස‍්සවණාදිකො පාකටදෙවො න හොමි. න ගන්‍ධබ‍්බොති ගන්‍ධබ‍්බකායිකදෙවොපි න හොමි. නාපි සක‍්කො පුරින්‍දදොති පුරිමත‍්තභාවෙ පුරෙ දානස‍්ස පට‍්ඨපිතත‍්තා “පුරින්‍දදො”ති ලද‍්ධනාමො සක‍්කො දෙවරාජාපි න හොමි. කතරො පන අහොසීති ආහ “පෙතං මං අඞ‍්කුර ජානාහී”තිආදි. අඞ‍්කුරපෙතූපපත‍්තිකං මං ජානාහි, “අඤ‍්ඤතරො පෙතමහිද‍්ධිකො”ති මං උපධාරෙහි. රොරුවම‍්හා ඉධාගතන‍්ති රොරුවනගරතො චවිත්‍වා මරුකන‍්තාරෙ ඉධ ඉමස‍්මිං නිග්‍රොධරුක‍්ඛෙ උපපජ‍්ජනවසෙන ආගතං, එත්‍ථ නිබ‍්බත‍්තන‍්ති අත්‍ථො.

තම්හි දෙවො වෛශ්‍රවණ ආදී ප්‍රකට වූ දෙවි කෙනෙක් නොවෙමි. න පි සක්කො පුරින්‍දදො පෙර ආත්ම භාවයෙහි දන්දීමෙහි පිහිටා පුරින්දද යයි නම් ලද ශක්‍ර දිව්‍යරාජයා නො වෙමි. න ගන්‍ධබ්බො - ගන්‍ධබ්බ කාරික දෙවියෙක් නො වෙමි. පෙතං මං අඞ්කුර ජානාහි - අඞ්කුර පුරුෂයාණි! මා යෝනියෙහි උපන් අයෙකු ලෙස දනුව මහාර්ධී ඇති එක් ප්‍රේතය යකු වසයෙන් දනුව! භෙරුවම්හා ඉධාගතා - භේරුව නුවර සිට මෙහි පැමිණියේ වෙමි. භේරුව නගරයෙන් චුත වී, මේ වාලුකා කාන්තාරයේ මෙම නුග රුකෙහි ඉපදීම් වසයෙන් ආවේ වෙමි. මෙහි ඉපදුනෙමි යන අර්ථයි.

කිංසීලො කිංසමාචාරො, රොරුවස‍්මිං පුරෙ තුවන‍්ති පුබ‍්බෙ පුරිමත‍්තභාවෙ රොරුවනගරෙ වසන‍්තො ත්‍වං කිංසීලො කිංසමාචාරො අහොසි, පාපතො නිවත‍්තනලක‍්ඛණං කීදිසං සීලං සමාදාය සංවත‍්තිතපුඤ‍්ඤකිරියාලක‍්ඛණෙන සමාචාරෙන කිංසමාචාරො, දානාදීසු කුසලසමාචාරෙසු කීදිසො සමාචාරො අහොසීති අත්‍ථො. කෙන තෙ බ්‍රහ‍්මචරියෙන , පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣතීති කීදිසෙන සෙට‍්ඨචරියෙන ඉදං එවරූපං තව හත්‍ථෙසු පුඤ‍්ඤඵලං ඉදානි සමිජ‍්ඣති නිප‍්ඵජ‍්ජති, තං කථෙහීති අත්‍ථො. පුඤ‍්ඤඵලඤ‍්හි ඉධ උත‍්තරපදලොපෙන “පුඤ‍්ඤ”න‍්ති අධිප‍්පෙතං. තත්‍ථා හි තං “කුසලානං, භික‍්ඛවෙ, ධම‍්මානං සමාදානහෙතු එවමිදං පුඤ‍්ඤං පවඩ‍්ඪතී”තිආදීසු (දී· නි· 3.80) පුඤ‍්ඤන‍්ති වුත‍්තං.

කිං සීලො කිං සමාචාරො භෙරුවස්මිං පුරෙ තුවං - පෙර පෙර ආත්මභාවයෙහි භේරුව නුවර වසන්නා වූ ඔබ කවර සීලයක් රැක්කේ ද? කවර සමාචාරයක් වූයේ ද? පවින් වැලකීම ලක්ෂණ කොට ඇති කෙබඳු සීලයක් සමාදන් වූයේ ද, ප්‍රාප්ති පුණ්‍ය ක්‍රියා ලක්ෂණ කොට ඇති කෙබඳු වූ සමාචාරයක නියුක්ත වූයේ ද? දන්දීම ආදී කුසල සමාචාර ඇසුරෙන් කිනම් සමාචාරයක නිරතවුයේ ද? යන අර්ථයි. තෙන තෙ බ්‍රහ්ම චරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති - කෙබඳු ශ්‍රේෂ්ඨ චර්යාවකින් ඔබගේ අත්වලින් දැක්වෙන පුණ්‍යඵලය මේ අයුරින් සමෘද්ධ වීද? උත්තර පද ලෝපයෙන් පින් යන්න අදහස් කරන ලදී. එහෙයින් “කුසලානං භික්‍ඛවෙ ධම්මානං සමාදාන හෙතු එවමි දං පුඤ්ඤං පවඩ්ඪති” යන අකාරයෙන් පුඤ්ඤං යන්න කියන ලදී.

තුන‍්නවායොති තුන‍්නකාරො. සුකිච‍්ඡවුත‍්තීති සුට‍්ඨු කිච‍්ඡපුත‍්තිකො අතිවිය දුක‍්ඛජීවිකො. කපණොති වරාකො, දීනොති අත්‍ථො. න මෙ විජ‍්ජති දාතවෙති අද‍්ධිකානං සමණබ්‍රාහ‍්මණානං දාතුං කිඤ‍්චි දාතබ‍්බයුත‍්තකං මය‍්හං නත්‍ථි, චිත‍්තං පන මෙ දානං දින‍්නන‍්ති අධිප‍්පායො.

තුන්නවායො - රෙදි මහන්නෙක් ඝුකිච්ඡ චුත්ති - ඉතාම දුක් සහිත ජීවිතයක් ගතකළෙමි. සැප පහසු ජීවිතයක් නො ලැබුවෙමි. කපණෙ - දිළින්දෙක් අසරණයා දීන වූ යන අර්ථයි. නමෙ විජ්ජති දාතවෙ - (මට දීමට කිසිවක් නොවීය. මගීන්ට, මහණ බමුණන්ට දීමට කිසිම දිය යුතු වස්තුවක් මට නැත්තේය. සිතින් පමණක් දන් දුන්නේය යන අදහසයි.

නිවෙසනන‍්ති ඝරං, කම‍්මකරණසාලා වා. අසය‍්හස‍්ස උපන‍්තිකෙති අසය‍්හස‍්ස මහාසෙට‍්ඨිනො ගෙහස‍්ස සමීපෙ. සද‍්ධස‍්සාති කම‍්මඵලසද‍්ධාය සමන‍්නාගතස‍්ස. දානපතිනොති දානෙ නිරන‍්තරප‍්පවත‍්තාය පරිච‍්චාගසම‍්පත‍්තියා ලොභස‍්ස ච අභිභවෙන පතිභූතස‍්ස. කතපුඤ‍්ඤස‍්සාති පුබ‍්බෙ කතසුචරිතකම‍්මස‍්ස. ලජ‍්ජිනොති පාපජිගුච‍්ඡනසභාවස‍්ස.

ආවෙසනං - ගෘහය කර්මාන්ත කරන ශාලාව අසය්හස්ස උපන්තිකෙ - අසය්හ මහා සිටුවරයාගේ ගෙය කිට්ටුව සද්ධස්සා - කර්මඵල ඇදහීමෙන් යුක්තවූවහුට, දානපතිනො - නිරන්තරයෙන් දන් දීමෙහි පවතිමින්, ලෝභය මැඩ පවත්වා පරිත්‍යාග සම්පත්තියෙන් අනූනව, ලජ්ජිතො පවට පිළිකුල් කරන ස්වභාවයෙන්

තත්‍ථාති තස‍්මිං මම නිවෙසනෙ. යාචනකායන‍්තීති යාචනකා ජනා අසය‍්හසෙට‍්ඨිං කිඤ‍්චි යාචිතුකාමා ආගච‍්ඡන‍්ති. නානාගොත‍්තාති නානාවිධගොත‍්තාපදෙසා. වනිබ‍්බකාති වණ‍්ණදීපකා, යෙ දායකස‍්ස පුඤ‍්ඤඵලාදිඤ‍්ච ගුණකිත‍්තනාදිමුඛෙන අත‍්තනො අත්‍ථිකභාවං පවෙදෙන‍්තා විචරන‍්ති. තෙ ච මං තත්‍ථ පුච‍්ඡන‍්තීති තත්‍ථාති නිපාතමත‍්තං, තෙ යාචකාදයො මං අසය‍්හසෙට‍්ඨිනො නිවෙසනං පුච‍්ඡන‍්ති. අක‍්ඛරචින‍්තකා හි ඊදිසෙසු ඨානෙසු කම‍්මද‍්වයං ඉච‍්ඡන‍්ති.

තත්‍ථා එහි මගේ නිවාසය. යාචනකායන්ති - යාචක ජනයෝ අසය්හ සිටුගෙන් යමක් ඉල්ලාගනු කැමැත්තෙන් පැමිණෙත්. නා නා ගොත්තා නොයෙක් ආකාරයේ ගෝත්‍රවලට සම්බන්ධ වූවෝ වණිබ්බකා - ගුණ කියමින් ඉල්ලන්නෝ. යම්කිසි දායකයකුගේ පින්ඵල ගුණ යහපත් බව ආදිය වර්ණනා කරමින්, තමන්ගේ නැති බැරි බව කියමින් හැසිරෙන්නෝ, තෙචමංතත්‍ථ පුච්ඡන්ති - තත්‍ථ යනු නිපාතයකි. ඒ යාචක වණිබ්බක ආදීහු මගෙන් අසය්හ සිටුවරයාගේ නිවාසය විමසත්. මෙබදු තන්හි දී කර්ම දෙකක් ඉවසත්.

කත්‍ථ ගච‍්ඡාම භද‍්දං වො, කත්‍ථ දානං පදීයතීති තෙසං පුච‍්ඡනාකාරදස‍්සනං. අයං පෙත්‍ථ අත්‍ථො – භද‍්දං තුම‍්හාකං හොතු, මයං “අසය‍්හමහාසෙට‍්ඨිනා දානං පදීයතී”ති සුත්‍වා ආගතා, කත්‍ථ දානං පදීයති, කත්‍ථ වා මයං ගච‍්ඡාම, කත්‍ථ ගතෙන දානං සක‍්කා ලද‍්ධුන‍්ති. තෙසාහං පුට‍්ඨො අක‍්ඛාමීති එවං තෙහි අද‍්ධිකජනෙහි ලභනට‍්ඨානං පුට‍්ඨො “අහං පුබ‍්බෙ අකතපුඤ‍්ඤතාය ඉදානි ඊදිසානං කිඤ‍්චි දාතුං අසමත්‍ථො ජාතො, දානග‍්ගං පන ඉමෙසං දස‍්සෙන‍්තො ලාභස‍්ස උපායාචික‍්ඛණෙන පීතිං උප‍්පාදෙන‍්තො එත‍්තකෙනපි බහුං පුඤ‍්ඤං පසවාමී”ති ගාරවං උප‍්පාදෙත්‍වා දක‍්ඛිණං බාහුං පසාරෙත්‍වා තෙසං අසය‍්හසෙට‍්ඨිස‍්ස නිවෙසනං අක‍්ඛාමි. තෙනාහ “පග‍්ගය‍්හ දක‍්ඛිණං බාහු”න‍්තිආදි.

කත්‍ථගච්ඡාම, භද්දං වො කත්‍ථ දානං පදියතෙ - ඔවුන් විචාරණ ආකාරය දැක්වීමට නිදසුනකි. ඔබට යහපතක්ම වේවා! අපි අසය්හ සිටු දන් පිරිනමන්නේ යයි අසා ආවෙමු. කත්‍ථ දා නං පදියතෙ - කෙසේ නම් අපි එහි යමු ද? කොතැන්හි ගිය කල්හි ඒ දානය ලැබිය හැකි ද? තෙසාහාං පුට්ඨො වක්‍ඛාමි - මෙසේ ඒ මාර්ගික ජනයා විසින් ලබන තැන් විචාරණ ලද මම, පෙර නො කළ පින් ඇති බැවින් මේ අන්දමින් කිසි දෙයක් දෙන්නට අපොහොසත් වූයේ, දන් දෙන තැන මොවුන්ට පෙන්වා මින් දාන වස්තු ලැබීමට උපාය කීමෙන්, ප්‍රීතිය උපදවා ගැනීමෙන්, මෙතෙකින්වත් බොහෝ පින් රැස් කර ගන්නෙමියි දයාව කරුණාව පෙරදැරි කොට දකුණු අත දිගුකොට අසය්හ සිටුවරයාගේ මන්දිරය කීවෙමි. පග්ගණ්හ දක්‍ඛිණං බාහුං ආදිය ඒ සඳහා කීය.

තෙන පාණි කාමදදොති තෙන පරදානපකාසනෙන පරෙන කතස‍්ස දානස‍්ස සක‍්කච‍්චං අනුමොදනමත‍්තෙන හෙතුනා ඉදානි මය‍්හං හත්‍ථො කප‍්පරුක‍්ඛො විය සන‍්තානකලතා විය ච කාමදුහො ඉච‍්ඡිතිච‍්ඡිතදායී කාමදදො හොති. කාමදදො ච හොන‍්තො තෙන පාණි මධුස‍්සවො ඉට‍්ඨවත්‍ථුවිස‍්සජ‍්ජනකො ජාතො.

තෙන පාණි කාමදදො - එසේ අනුන්ගේ දානය ප්‍රකාශ කිරීමෙන් අනුන් විසින් කරන ලද දානය මනාකොට අනුමෝදන් වීමේ හේතුවෙන් පමණක් දැන් මේ කාලයෙහි මගේ අත කප් රුකක් මෙන් ද කල්පලතාවක් මෙන් ද කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි. තෙන පාණී මධුස්ස වො - ඒ කුශල් හේතුවෙන් මගේ අතින් කැමති වස්තු වැහෙන්නෙ වෙයි.

න කිර ත්‍වං අදා දානන‍්ති කිරාති අනුස‍්සවනත්‍ථෙ නිපාතො, ත්‍වං කිර අත‍්තනො සන‍්තකං න පරිච‍්චජි, සකපාණීහි සහත්‍ථෙහි යස‍්ස කස‍්සචි සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා කිඤ‍්චි දානං න අදාසි. පරස‍්ස දානං අනුමොදමානොති කෙවලං පන පරෙන කතං පරස‍්ස දානං “අහො දානං පවත‍්තෙසී”ති අනුමොදමානොයෙව විහාසි.

නකිර ත්‍වං අදා දානං - අනුශවාන්ථයෙහි නිපාතය ඔබ වනාහි තමන් සතු දෙයක් පරිත්‍යග නො කළේ ය. කිසියම් මහණ බමුණෙකුට තමන් සතු කිසි දාන වස්තුවක් සියතින් නුදුන්නේ ය. පරස්ස දානං අනුමෝදමානො - හුදෙක් අනුන් විසින් කරන ලද අනුන්ගේ දානය ඉතා යහපත මහදන් පවත්වන්නේ ය යි අනුමෝදන් වීමෙන්ම බබළයි.

තෙන පාණි කාමදදොති තෙන තුය‍්හං පාණි එවං කාමදදො, අහො අච‍්ඡරියා වත පුඤ‍්ඤානං ගතීති අධිප‍්පායො.

තෙන පාණි කාම දදො - ඒ පිණින් ඔබගේ අත මෙසේ කැමති දේ දෙන්නක් වූයේය. ආශ්චර්යකි, ඒකාන්ත කුශල කර්මයන්හි ස්වභාවය පැවැත්ම පුදුමසහගතය යන අදහසයි.

යො සො දානමදා, භන‍්තෙ, පසන‍්නො සකපාණිභීති දෙවපුත‍්තං ගාරවෙන ආලපති. භන‍්තෙ, පරෙන කතස‍්ස දානානුමොදකස‍්ස තාව තුය‍්හං ඊදිසං ඵලං එවරූපො ආනුභාවො, යො පන සො අසය‍්හමහාසෙට‍්ඨි මහාදානං අදාසි, පසන‍්නචිත‍්තො හුත්‍වා සහත්‍ථෙහි තදා මහාදානං පවත‍්තෙසි. සො හිත්‍වා මානුසං දෙහන‍්ති සො ඉධ මනුස‍්සත‍්තභාවං පහාය. කින‍්ති කතරං. නු සොති නූති නිපාතමත‍්තං. දිසතං ගතොති දිසං ඨානං ගතො, කීදිසී තස‍්ස ගතො නිප‍්ඵත‍්තීති අසය‍්හසෙට‍්ඨිනො අභිසම‍්පරායං පුච‍්ඡි.

යො සො දානමදා භන්තෙ පස්සන්තො සක පාණිහි - දේවපුත්‍රයාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරයි. පින්වතුන් වහන්ස! අනුන් විසින් කරන ලද දානමය පින්කම් අනුමෝදන් වූ ඔබට මෙවැනි විපාකයක් මෙවැනි ආනුභාවයක් ලැබුණේ නම්, ඒ අසය්හ සිටුනම් කෙනෙක් ප්‍රසන්න සිත් ඇත්තේව සියතින් මහදන් පැවැත් වූ ඒ සිටුවරයා - සොහිත්‍වා මනුස්සං දෙහං - හෙතෙම මෙහි මනුෂ්‍යත්මභාවය හැර කිං කොහේ අනුසො - නිපාත මාත්‍රයකි. දීඝතං ගතො - කවර දිසාවකට ගියේ ද අසය්හ සිටුවරයාගේ ගති නිෂ්පත්තිය, මතු උත්පත්තිභවය කෙසේ වී දැයි විචාළේය.

අසය‍්හසාහිනොති අඤ‍්ඤෙහි මච‍්ඡරීහි ලොභාභිභූතෙහි සහිතුං වහිතුං අසක‍්කුණෙය්‍යස‍්ස පරිච‍්චාගාදිවිභාගස‍්ස සප‍්පුරිසධුරස‍්ස සහනතො අසය‍්හසාහිනො. අඞ‍්ගීරසස‍්සාති අඞ‍්ගතො නික‍්ඛමනකජුතිස‍්ස. රසොති හි ජුතියා අධිවචනං. තස‍්ස කිර යාචකෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා උළාරං පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජති, මුඛවණ‍්ණො විප‍්පසීදති, තං අත‍්තනො පච‍්චක‍්ඛං කත්‍වා එවමාහ. ගතිං ආගතිං වාති තස‍්ස “අසුකං නාම ගතිං, ඉතො ගතො”ති ගතිං වා “තතො වා පන අසුකස‍්මිං කාලෙ ඉධාගමිස‍්සතී”ති ආගතිං වා නාහං ජානාමි, අවිසයො එස මය‍්හං. සුතඤ‍්ච මෙ වෙස‍්සවණස‍්ස සන‍්තිකෙති අපිච ඛො උපට‍්ඨානං ගතෙන වෙස‍්සවණස‍්ස මහාරාජස‍්ස සන‍්තිකෙ සුතමෙතං මයා. සක‍්කස‍්ස සහබ්‍යතං ගතො අසය‍්හොති අසය‍්හසෙට‍්ඨි සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සහබ්‍යතං ගතො අහොසි, තාවතිංසභවනෙ නිබ‍්බත‍්තොති අත්‍ථො.

අසය්හසායි තො - ලෝහයෙන් මඩනා ලද්දා වූ අනුන්ගේ මසුරු මල විසින් ඉවසිය නො හැක්කා වූ, පරිත්‍යාගයන් නිසා සත්පුරුෂ ධර්මය සභව වසයෙන් ඉසුලු වා වූ බැවින් අසය්හ සහිත නම් වේ. අඞ්ගීරසස්සා - අඟ පසඟින් නික්මෙන්නා වූ බැබළීම, රසෙති ජුතියා යනු නාමාන්තරය වේ. තමන් වෙත එන්නා වූ යාචක පිරිස් දැක උදාර වූ සතුටට පත්ව සොම්නස උපදවා පැහැදුණ මුහුණු ඇතිව සිටි ඔහු ගැන ප්‍රත්‍යක්ෂ කොට, ගතිමාගතං වා - මේ ආත්මයෙන් චුත වී යාම ගතියයි. ඔහුගේ ගති ය. අසවල් නම් ස්වභාවයට ගියේ යයි කියා හෝ, අසවල් කාලයේ දී මෙහි එන්නේ යයි කියා හෝ කියන්නට මම නො දනිමි. එය වූ කල්හි මට විපාක වන්නක් අදාළ වන්නක් නොවේ. සුතඤ්ව ඛො වෙස්ස වණස්ස සන්තිකෙ - නැවත ද අපි වෛශ්‍රවණ රජුට උවැටන් සඳහා ගිය වේලේ ඔහුගේ සමීපයෙන් මෙසේ අසන ලදී. සක්ක සහව්‍යතං ගතො අසය්හො අසය්හ සිටුවරයා ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සහභාවයට ගොස් තාවතිංස දිව්‍ය ලෝකයේ උපන්නේය යන අර්ථයි.

අලමෙව කාතුං කල්‍යාණන‍්ති යංකිඤ‍්චි කල්‍යාණං කුසලං පුඤ‍්ඤං කාතුං යුත‍්තමෙව පතිරූපමෙව. තත්‍ථ පන යං සබ‍්බසාධාරණං සුකතතරං, තං දස‍්සෙතුං “දානං දාතුං යථාරහ”න‍්ති වුත‍්තං, අත‍්තනො විභවබලානුරූපං දානං දාතුං අලමෙව. තත්‍ථ කාරණමාහ “පාණිං කාමදදං දිස‍්වා”ති. යත්‍ර හි නාම පරකතපුඤ‍්ඤානුමොදනපුබ‍්බකෙන දානපතිනිවෙසනමග‍්ගාචික‍්ඛණමත‍්තෙන අයං හත්‍ථො කාමදදො දිට‍්ඨො, ඉමං දිස‍්වා. කො පුඤ‍්ඤං න කරිස‍්සතීති මාදිසො කො නාම අත‍්තනො පතිට‍්ඨානභූතං පුඤ‍්ඤං න කරිස‍්සතීති.

අලමෙව කාතුං කල්‍යාණං - යම් බදු වූ යහපත් කුසල් දහම් කිරීමට සුදුසු වන්නේමය. යුතුවන්නේමය. එහි වූ කලී සියලු අංගයන්ගෙන් යහපත් වූ පහසු වූ පින්කම් දැක්වීමට, දානදා තුං යථාරහං - තමන්ගේ සම්පත් ඇති පමණින් සුදුසු පරිදි දන්දීම සුදුසු වන්නේමය. එයට කාරණ කියමි. පාණිංකාම දදං දිස්වා යම්සේ අනුන් කරණ පින් අනුමෝදන් වීම් වශයෙන් දන් දෙන දානපතියාගේ නිවාසය අත දිගු කරමින් පෙන්වීම් පමණකින් මගේ අත් කැමති කැමති දේ දෙන අයුරු දුටුවේ නොවේ ද? මෙය දැක, කො පුඤ්ඤං න කරිස්සති - කවරෙක් නම් තමා පිහිට කොට පින් නො කරන්නේ ද?

එවං අනියමවසෙන පුඤ‍්ඤකිරියාය ආදරං දස‍්සෙත්‍වා ඉදානි අත‍්තනි තං නියමෙත්‍වා දස‍්සෙන‍්තො “සො හි නූනා”තිආදිගාථාද‍්වයමාහ. තත්‍ථ සොති සො අහං. හීති අවධාරණෙ නිපාතො, නූනාති පරිවිතක‍්කෙ. ඉතො ගන‍්ත්‍වාති ඉතො මරුභූමිතො අපගන‍්ත්‍වා. අනුප‍්පත්‍වාන ද‍්වාරකන‍්ති ද‍්වාරවතීනගරං අනුපාපුණිත්‍වා. පට‍්ඨපයිස‍්සාමීති පවත‍්තයිස‍්සාමි.

මෙසේ අනියම් වශයෙන් පුණ්‍ය ක්‍රියාවන්හි ආදර දක්වා දැන් තමා කෙරෙහි ඒ පින නියම කොට (දක්වන්නේ මේ ගාථා දෙක කීහ.) එහි සො අහං - ඒ මම හි අවධාරණයෙහි නිපාතයි. නූනා - අදහසෙහි, ඉතො ගනත්‍වා මෙම කාන්තාරයෙන් ආපසු ගොස්, අනුප්පත්‍වාන දාරකං - ද්වාරවතී නුවරට සම්ප්‍රාප්තව, පට්ඨපයිස්සාමි - දන් වැට පවත්වමි.

එවං අඞ‍්කුරෙන “දානං දස‍්සාමී”ති පටිඤ‍්ඤාය කතාය යක‍්ඛො තුට‍්ඨමානසො “මාරිස, ත්‍වං විස‍්සත්‍ථො දානං දෙහි, අහං පන තෙ සහායකිච‍්චං කරිස‍්සාමි, යෙන තෙ දෙය්‍යධම‍්මො න පරික‍්ඛයං ගමිස‍්සති, තෙන පකාරෙන කරිස‍්සාමී”ති තං දානකිරියාය සමුත‍්තෙජෙත්‍වා “බ්‍රාහ‍්මණ වාණිජ, ත්‍වං කිර මාදිසෙ බලක‍්කාරෙන නෙතුකාමො අත‍්තනො පමාණං න ජානාසී”ති තස‍්ස භණ‍්ඩමන‍්තරධාපෙත්‍වා තං යක‍්ඛවිභිංසකාය භිංසාපෙන‍්තො සන‍්තජ‍්ජෙසි. අථ නං අඞ‍්කුරො නානප‍්පකාරං යාචිත්‍වා බ්‍රාහ‍්මණෙන ඛමාපෙන‍්තො පසාදෙත්‍වා සබ‍්බභණ‍්ඩං පාකතිකං කාරාපෙත්‍වා රත‍්තියා උපගතාය යක‍්ඛං විස‍්සජ‍්ජෙත්‍වා ගච‍්ඡන‍්තො තස‍්ස අවිදූරෙ අඤ‍්ඤතරං අතිවිය බීභච‍්ඡදස‍්සනං පෙතං දිස‍්වා තෙන කතකම‍්මං පුච‍්ඡන‍්තො –

මෙසේ අඞ්කුර විසින් දන් දෙන්නෙමි යන ප්‍රතිඥාව කළෙන් යක්ෂයා තුටු පහටුව, පින්වත! ඔබ නිසැකවම දන් දෙනු මැනවි. මම ඔබට සහයෝගය දෙන්නෙමි. යම්හෙයකින් නුඹගේ දාන වස්තුව ක්ෂය නො වීමට මම කටයුතු කරමියි ඔහු දන් දීමෙහි උත්සාහ ගන්වා, නැවත බමුණාට කියනුයේ, එම්බල බමුණ! ඔබ වනාහි මා වැන්නෙකු බලාත්කාරයෙන් ගැලට නංවාගෙන යනු කැමති වූයේ තමාගේ ප්‍රමාණය නො දන්නෙහිද? කියා ඔහුගේ භාණ්ඩ අතුරුදන් කරවා යක්ෂ හිංසාවෙන් හිංසා කරවා ඔහු බිය ගැන්වීය. ඉක්බිති අඞ්කුර තෙමේ නොයෙක් ආකාරයෙන් යැද බ්‍රාහ්මණයා ලවා ක්ෂමා කරවා, ප්‍රසාදයට පත්කර සියලු භාණ්ඩ ප්‍රකෘති තත්ත්වයට පමුණුවා, රාත්‍රි කාලය පැමිණි කල්හි, යක්ෂයාගෙන් වෙන්වී (යක්ෂයා හැර) යන්නේ එයට නුදුරින් ඉතාම පිළිකුල් හා බියකරු පෙනුම් ඇති එක්තරා ප්‍රේතයකු දැක කරන ලද කර්ම විචාරමින්,

“කෙන තෙ අඞ‍්ගුලී කුණා, මුඛඤ‍්ච කුණලීකතං; අක‍්ඛීනි ච පග‍්ඝරන‍්ති, කිං පාපං පකතං තයා”ති. –

කවර හේතුවකින් තොපගේ ඇඟිලි කුණු වී වකුටු වී ද? කොඩොල් කළේ ද? ඇස්වලින් කඳුළු වගුරවත් ද? ඔබ විසින් කරන ලප පාපකර්මය කුමක් ද?

ගාථමාහ. තත්‍ථ කුණාති කුණිකා පටිකුණිකා අනුජුභූතා. කුණලීකතන‍්ති මුඛවිකාරෙන විකුණිතං සංකුණිතං. පග‍්ඝරන‍්තීති අසුචිං විස‍්සන්‍දන‍්ති.

එහි කුණ්ඨා - වක්වී ද, කුණ්ඩලි කතං - මුව විකාරයෙන්, හැකුළුනේ ද? විකාර වත් වී ද? පග්ඝරන්ති කදුළු නමැති අසූචි වැගිරෙත්

අථස‍්ස පෙතො –

ඉක්බිති ප්‍රේතයා -

“අඞ‍්ගීරසස‍්ස ගහපතිනො, සද‍්ධස‍්ස ඝරමෙසිනො; තස‍්සාහං දානවිස‍්සග‍්ගෙ, දානෙ අධිකතො අහුං.

සිරුරෙන් රැස් විහිදුණා වූ ගෘහපතියෙක් වූ ගෘහවාසී වූ ඒ අසය්හ සිටුවරයාගේ දන් දෙන තැන, දන් දීමෙහි මම ද අධ්‍යක්ෂවරයෙක් කරන ලද්දේ වීමි.

“තත්‍ථ යාචනකෙ දිස‍්වා, ආගතෙ භොජනත්‍ථිකෙ; එකමන‍්තං අපක‍්කම‍්ම, අකාසිං කුණලිං මුඛං.

එහි ආහාර සඳහා පැමිණියා වූ යාචකයන් දැක පැත්තකට වී මුව හකුලුවා ගතිමි.

“තෙන මෙ අඞ‍්ගුලී කුණා, මුඛඤ‍්ච කුණලීකතං; අක‍්ඛීනි මෙ පග‍්ඝරන‍්ති, තං පාපං පකතං මයා”ති. –

ඒ පාපකර්මයෙන් මගේ ඇඟිලි කුණු වී, මුහුණ ද කොඩොල් වී, ඇස්වලින් කදුළු වැගිරීම ද සිදුවේ. මා විසින් කරන ලද පාප කර්මය මෙයයි.

තිස‍්සො ගාථා අභාසි.

තත්‍ථ “අඞ‍්ගීරසස‍්සා”තිආදිනා අසය‍්හසෙට‍්ඨිං කිත‍්තෙති. ඝරමෙසිනොති ඝරමාවසන‍්තස‍්ස ගහට‍්ඨස‍්ස. දානවිස‍්සග‍්ගෙති දානග‍්ගෙ පරිච‍්චාගට‍්ඨානෙ. දානෙ අධිකතො අහුන‍්ති දෙය්‍යධම‍්මස‍්ස පරිච‍්චජනෙ දානාධිකාරෙ අධිකතො ඨපිතො අහොසිං.

එහි, අඞ්ගීරසස්සා යනාදිය අසය්හ සිටුවරයාගේ කීර්තියයි. ඝරමෙසිනො ගෘහයෙහි වසන්නා වූ ගෘහපතියාගේ, දානෙ අධිකතො අහං - දෙය්‍ය ධර්මයාගේ (දාන වස්තුවේ) ජනයාට දීමෙහි දානය පිළිබඳව මූලිකව ක්‍රියාකරන්නෙක්, වීමි.

එකමන‍්තං අපක‍්කම‍්මාති යාචනකෙ භොජනත්‍ථිකෙ ආගතෙ දිස‍්වා දානබ්‍යාවටෙන දානග‍්ගතො අනපක‍්කම‍්ම යථාඨානෙයෙව ඨත්‍වා සඤ‍්ජාතපීතිසොමනස‍්සෙන විප‍්පසන‍්නමුඛවණ‍්ණෙන සහත්‍ථෙන දානං දාතබ‍්බං, පරෙහි වා පතිරූපෙහි දාපෙතබ‍්බං, අහං පන තථා අකත්‍වා යාචනකෙ ආගච‍්ඡන‍්තෙ දූරතොව දිස‍්වා අත‍්තානං අදස‍්සෙන‍්තො එකමන‍්තං අපක‍්කම‍්ම අපක‍්කමිත්‍වා. අකාසිං කුණලිං මුඛන‍්ති විකුණිතං සඞ‍්කුචිතං මුඛං අකාසිං.

එකමන්තං අපක්කම්මා - ආහාර සඳහා පැමිණි යාචකයන් දැක දන්දීමෙහි නියුක්තව සිටින තැනැත්තා. දන් දෙන තැනින් ඉවත් නොවී නියමිත තන්හිම සිට හටගත් ප්‍රීති සහගත සිතින් යුතුව ප්‍රසාදයට පත් සිනහ සහගත මුවින් සිය අතින්ම දන් දිය යුතුය. නැතිනම් සුදුසු පරිදි සුදුස්සන් යෙදවීය යුතුය. මා වූ කලි එසේ නොකොට එන්නා වූ යදියන් දුරදීම දැක තමන් නොපෙනී එක්පසකට මුවා වී සිට මුහුණ හකුළුවා ගතිමි අකාසි කුණ්ඩලී මුඛං මුහුණ පුලුටු කරගෙන හකුළුවාගෙන සිටියෙමි.

තෙනාති යස‍්මා තදාහං සාමිනා දානාධිකාරෙ නියුත‍්තො සමානො දානකාලෙ උපට‍්ඨිතෙ මච‍්ඡරියාපකතො දානග‍්ගතො අපක‍්කමන‍්තො පාදෙහි සඞ‍්කොචං ආපජ‍්ජිං, සහත්‍ථෙහි දාතබ‍්බෙ තථා අකත්‍වා හත්‍ථසඞ‍්කොචං ආපජ‍්ජිං, පසන‍්නමුඛෙන භවිතබ‍්බෙ මුඛසඞ‍්කොචං ආපජ‍්ජිං, පියචක‍්ඛූහි ඔලොකෙතබ‍්බෙ චක‍්ඛුකාලුසියං උප‍්පාදෙසිං, තස‍්මා හත්‍ථඞ‍්ගුලියො ච පාදඞ‍්ගුලියො ච කුණිතා ජාතා, මුඛඤ‍්ච කුණලීකතං විරූපරූපං සඞ‍්කුචිතං, අක‍්ඛීනි අසුචීදුග‍්ගන්‍ධජෙගුච‍්ඡානි අස‍්සූනි පග‍්ඝරන‍්තීති අත්‍ථො. තෙන වුත‍්තං –

තෙන - එහෙයින් යම්හෙයකින් එකල මම ස්වාමීයා විසින් දානාධිකාරියෙහි යොදවන ලද්දේ දන් දෙන කාලය එළඹ කල්හි මසුරු සිතින් මඩනා ලදුව, දන් දෙන තැනින් ඉවත්වෙමින් පා හකුළුවාගෙන සිටියෙම් ද? මා අතින් දියයුතු දානය එසේ නො කොට දෙඅත් හකුළුවාගෙන සිටියෙම් ද? ප්‍රසන්න මුහුණින් සිටිය යුතු තැන මුහුණ හකුළුවා ගෙන පුලුටු කරගෙන සිටියෙම් ද? ප්‍රිය ඇසින් යහපත් ඇසින් බැලිය යුතු කල්හි. කළුකරගත් දෙනෙතින් බැලුයෙහි ද? එහෙයින් අතේ ඇඟිලි වකුටු විය. දෙපා ඇඟිලි වකුටු විය. මුහුණ ද කොඩොල් වී විරූප වී පුලුටු වීය. ඇස්වලින් ද අසූචි මෙන් දුගඳ වූ කඳුළු වැගිරෙන්නේය යන අර්ථයි. එහෙයින් කියන ලදී.

“තෙන මෙ අඞ‍්ගුලී කුණා, මුඛඤ‍්ච කුණලීකතං; අක‍්ඛීනි මෙ පග‍්ඝරන‍්ති, තං පාපං පකතං මයා”ති.

එහෙයින් මගේ ඇඟිලි කුණු වී වකුටු වීය. මුහුණ කොඩොල් වී විරූප වීය. ඇස් වලින් ද දුගඳ හමන කඳුලු වැගිරෙන්නේ ය.

තං සුත්‍වා අඞ‍්කුරො පෙතං ගරහන‍්තො –

එපවත් ඇසූ අඞ්කුර තෙමේ ප්‍රේතයාට ගරහමින්

“ධම‍්මෙන තෙ කාපුරිස, මුඛඤ‍්ච කුණලීකතං; අක‍්ඛීනි ච පග‍්ඝරන‍්ති, යං තං පරස‍්ස දානස‍්ස; අකාසි කුණලිං මුඛ”න‍්ති. –

නින්දිත පුරුෂය තෝ යම්හෙයකින් අනුන්ගේ දානයෙහි මුහුණ පුළුටු කර ගැනීම් හකුළුවා ගැනීම් ආදිය කළෙහි ද? ඒ නිසා ස්වභාවයෙන්ම, ධර්මානුකූලවම මුහුණ හැකිළී ගොස් ඇස්වලින් අසූචි මෙන් වූ කඳුළු වැගිරෙන්නේය.

ගාථමාහ. තත්‍ථ ධම‍්මෙනාති යුත‍්තෙනෙව කාරණෙන. තෙති තව. කාපුරිසාති ලාමකපුරිස. යන‍්ති යස‍්මා. පරස‍්ස දානස‍්සාති පරස‍්ස දානස‍්මිං. අයමෙව වා පාඨො.

එහි ධම්මෙන යුක්ති සහගතවම, යථා කාරණයෙන්ම, තෙ නුඹ, කාපුරිසා ලාමක පුරුෂය, පහත් වූ පුරුෂය! ය යම් හෙයකින්, පරස්ස දානස්ස අනුන්ගේ දානයෙහි, මේ පෙළයි.

පුන අඞ‍්කුරො තං දානපතිං සෙට‍්ඨිං ගරහන‍්තො –

නැවත ඒ අඞ්කුර තෙමේ දානපති වූ ඒ සිටාණන්ට ගරහමින්, මේ ගාථාව කීහ.

“කථඤ‍්හි දානං දදමානො, කරෙය්‍ය පරපත‍්තියං; අන‍්නපානං ඛාදනීයං, වත්‍ථසෙනාසනානි චා”ති. –

ආහාර පාන, කෑ යුතු දේ, වස්ත්‍ර හා සේනාසන දන් දෙන්නා වූ පුද්ගලයා ඒවා අනුන් විසින් සිදු කළ යුත්තක් කොට කෙසේ පිළියෙළ කරන්නේ ද?

ගාථමාහ. තස‍්සත්‍ථො – දානං දදන‍්තො පුරිසො කථඤ‍්හි නාම තං පරපත‍්තියං පරෙන පාපෙතබ‍්බං සාධෙතබ‍්බං කරෙය්‍ය, අත‍්තපච‍්චක‍්ඛමෙව කත්‍වා සහත්‍ථෙනෙව දදෙය්‍ය, සයං වා තත්‍ථ බ්‍යාවටො භවෙය්‍ය, අඤ‍්ඤථා අත‍්තනො දෙය්‍යධම‍්මො අට‍්ඨානෙ විද‍්ධංසියෙථ, දක‍්ඛිණෙය්‍යා ච දානෙන පරිහායෙය්‍යුන‍්ති.

දන් දෙන්නා වූ පුද්ගලයා කෙසේ නම් අනුන් ලවා සිදුකරවන්නේ ද? තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන තමන් අතින්ම දිය යුතු වන්නේය. එහි තමන්ම ව්‍යාවෘත විය යුත්තේය. අන් පරිද්දෙකින්, අනුන් විසින් කරන කල්හි තමන්ගේ දිය යුතු දාන වස්තු නිකරුණේ විනාශ වන්නේය. දක්ෂිණාර්හයෝ බඩගින්නෙන් පෙළෙන්නාහුය.

එවං තං ගරහිත්‍වා ඉදානි අත‍්තනා පටිපජ‍්ජිතබ‍්බවිධිං දස‍්සෙන‍්තො –

මෙසේ සිටාණන්ට ගර්හා කොට දැන තමා පිළිපැදිය යුතු ආකාරය දක්වමින් ගාථා දෙකක් කීහ.

“සො හි නූන ඉතො ගන‍්ත්‍වා, අනුප‍්පත්‍වාන ද‍්වාරකං; දානං පට‍්ඨපයිස‍්සාමි, යං මමස‍්ස සුඛාවහං.

මම මෙහෙන් ගොස් ද්වාරවතී නුවරට පැමිණ මට පරලොව දී සුව එළවන අන්දමට දන් වැට පිහිටුවන්නෙමි.

“දස‍්සාමන‍්නඤ‍්ච පානඤ‍්ච, වත්‍ථසෙනාසනානි ච; පපඤ‍්ච උදපානඤ‍්ච, දුග‍්ගෙ සඞ‍්කමනානි චා”ති. –

ආහාර පාන ද වස්ත්‍ර හා සෙනසුන් ද දෙන්නෙමි. පැන්හල් හා පොකුණු පිහිටු වන්නෙමි. දුර්ගම ස්ථානයන්හි ඒ දඬු පාලම් බෝක්කු ආදිය ද තනවන්නෙමි.

ගාථාද‍්වයමාහ, තං වුත‍්තත්‍ථමෙව.

ඒ නිසාම කියන ලදී.

“තතො හි සො නිවත‍්තිත්‍වා, අනුප‍්පත්‍වාන ද‍්වාරකං; දානං පට‍්ඨපයි අඞ‍්කුරො, යංතුමස‍්ස සුඛාවහං.

ඒ අඞ්කුර තෙමේ ඒ මරු කතරින් නික්මී ද්වාරවතී නුවරට පැමිණ තමන්ට සුව ගෙන දෙන්නා වූ යම් දිනයක් වී නම් ඒ දානය පිහිටු වීය.

“අදා අන‍්නඤ‍්ච පානඤ‍්ච, වත්‍ථසෙනාසනානි ච; පපඤ‍්ච උදපානඤ‍්ච, විප‍්පසන‍්නෙන චෙතසා.

පැහැදුණු සිතින් ආහාර ද බීම වර්ග ද, වස්ත්‍ර හා සෙනසුන් ද දන් දුන්නේය. පැන් තාලි හා ළිං ද පිහිටුවීය.

“කො ඡාතො කො ච තසිතො, කො වත්‍ථං පරිදහිස‍්සති; කස‍්ස සන‍්තානි යොග‍්ගානි, ඉතො යොජෙන‍්තු වාහනං.

කවරෙක් සාගිනි ඇත්තේ ද කවරෙක් පිපාසා ඇත්තේ ද, කවරෙකුට වස්ත්‍ර අවශ්‍ය ද (ඔව්හු අවශ්‍ය දේ ලබාගනිත්වා) කවරකුගේ රථවාහන අනතුරට පැමිණියෝ වෙද්ද? මේ වාහන සමුහයෙන් කැමති වාහනයක් යොදා ගනිත්වා.

“කො ඡත‍්තිච‍්ඡති ගන්‍ධඤ‍්ච, කො මාලං කො උපාහනං; ඉතිස‍්සු තත්‍ථ ඝොසෙන‍්ති, කප‍්පකා සූදමාගධා; සදා සායඤ‍්ච පාතො ච, අඞ‍්ගුරස‍්ස නිවෙසනෙ”ති. –

කවරෙකුට කුඩ අවශ්‍ය ද? කවරෙක් සුවඳ මල්මාලා කවරෙක් පාවහන් කැමති වේ ද? මෙසේ ඒ අඞ්කුරයාගේ නිවසෙහි කපුවෝ ද සුදු හැදගත් අරක්කැමියෝ ද, සුවඳ දෙන්නෝ ද උදයේ ද සවස ද හැමදාකම ඝෝෂා කෙරෙත්.

චතස‍්සො ගාථා අඞ‍්ගුරස‍්ස පටිපත‍්තිං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරෙහි ඨපිතා.

මේ සිව් ගාථාවෝ අඞ්කුරගේ දාන පිළිවෙත පැහැදිලි කිරීමට සඞ්ගීතිකාරකයන් විසින් තබන ලදී.

තත්‍ථ තතොති මරුකන‍්තාරතො. නිවත‍්තිත්‍වාති පටිනිවත‍්තිත්‍වා. අනුප‍්පත්‍වාන ද‍්වාරකන‍්ති ද‍්වාරවතීනගරං අනුපාපුණිත්‍වා. දානං පට‍්ඨපයි අඞ‍්ගුරොති යක‍්ඛෙන පරිපූරිතසකලකොට‍්ඨාගාරො සබ‍්බපාථෙය්‍යකං මහාදානං සො අඞ‍්ගුරො පට‍්ඨපෙසි. යංතුමස‍්ස සුඛාවහන‍්ති යං අත‍්තනො සම‍්පති ආයතිඤ‍්ච සුඛනිබ‍්බත‍්තකං.

එහි තතො හි යනු මරු කතරින්, නිවත්තිත්‍වා - යනු ආපසු නික්මී, අනුප්පත්‍වාන ද්වාරකං - ද්වාරවතී නගරයට සේන්දු වී, දානං පට්ඨපයී අඞ්කුරො යනු දෙවියා විසින් සම්පුර්ණයෙන් පුරවන ලද දානෝපකරණ ගබඩා ඇත්තේ ඒ අඞ්කුර තෙමේ මහා දානශාලා පිහිටු වීය. යං තුමස්ස සුඛාවහං - යනු යම් දානයක් තමන්ට මෙලොව හා පරලොව සුව එළවන්නේ ද

කො ඡාතොති කො ජිඝච‍්ඡිතො, සො ආගන‍්ත්‍වා යථාරුචි භුඤ‍්ජතූති අධිප‍්පායො. එසෙව නයො සෙසෙසුපි. තසිතොති පිපාසිතො. පරිදහිස‍්සතීති නිවාසෙස‍්සති පාරුපිස‍්සති චාති අත්‍ථො. සන‍්තානීති පරිස‍්සමප‍්පත‍්තානි. යොග‍්ගානීති රථවාහනානි. ඉතො යොජෙන‍්තු වාහනන‍්ති ඉතො යොග‍්ගසමූහතො යථාරුචිතං ගහෙත්‍වා වාහනං යොජෙන‍්තු.

කො ඡා තො - යනු කවරෙකුට බඩගින් ඇත්තේ ද හෙතෙම ඇවිත් කැමති පරිද්දෙන් ආහාර අනුභව කෙරේවා යන අදහසයි. සෙසු තන්හි ද මේ ක්‍රමය මැයි තසිතො - යනු පිපාසිත වූ, පරිවස්සතී යනු වස්ත්‍ර හැඳගන්නේය, වාසය කරන්නේය, පොරවා ගන්නේය යන අර්ථය. සන්තානි - විඩාවට පැමිණි. අබලන් වූ යොග්ගානි - රිය වාහන ඉතො යොජෙන්තු වාහනං යනු (වියගහ ආදිය අනතුරට පත් රථ වාහන ) - මේ වියගස් වලින් කැමති එකක් ගෙන වාහනවලට යොදුගනු

කො ඡත‍්තිච‍්ඡතීති කො කිලඤ‍්ජඡත‍්තාදිභෙදං ඡත‍්තං ඉච‍්ඡති, සො ගණ‍්හාතූති අධිප‍්පායො. සෙසෙසුපි එසෙව නයො. ගන්‍ධන‍්ති චතුජ‍්ජාතියගන්‍ධාදිකං ගන්‍ධං. මාලන‍්ති ගන්‍ථිතාගන්‍ථිතභෙදං පුප‍්ඵං. උපාහනන‍්ති ඛල‍්ලබද‍්ධාදිභෙදං උපාහනං. ඉතිස‍්සූති එත්‍ථ සූති නිපාතමත‍්තං, ඉති එවං “කො ඡාතො, කො තසිතො”තිආදිනාති අත්‍ථො. කප‍්පකාති න‍්හාපිතකා. සූදාති භත‍්තකාරකා. මාගධාති ගන්‍ධිනො. සදාති සබ‍්බකාලං දිවසෙ දිවසෙ සායඤ‍්ච පාතො ච තත්‍ථ අඞ‍්ගුරස‍්ස නිවෙසනෙ ඝොසෙන‍්ති උග‍්ඝොසෙන‍්තීති යොජනා.

කො ඡත්තිච්ඡතී - යනු කොළ ආදි විවිධ ද්‍රව්‍යයන්ගෙන් තැනූ කුඩ යමෙක් කැමති වේ නම් ඔහු කැමති පරිද්දෙන් කුඩ ගනීවා යන අදහසයි. සෙසුතැන්වල ද මේ ක්‍රමයමය. ගන්‍ධං යනු සිව් දෑගද ආදී සුවඳ ද්‍රව්‍යයි. මාලං යනු ගෙතූ නො ගෙතූ මල් උපාහනං - යනු අඩිය වැසූ හෝ නො ඇසූ පාවහන් ඉතිස්සු - යනු නිපාතයකි. මෙසේ කිසිවෙක් බඩගිනි වූයේ ද කිසි පිපාසිත වූයේ ද ආදී අර්ථයි. කප්පකා - යනු කපුවෝ, ඇම්බැට්ටයෝ සුදා - යනු කෝකියෝ, මාගධා - යනු සුවඳ ද්‍රව්‍ය දෙන අය සදා - යනු මුළු කාලයම, දිනපතා උදයේ ද සවස ද ඒ අඞ්කුරගේ වාසස්ථානයෙහි එව කව බොව යනාදියෙන් ඝෝෂා කරයි. හඬ නගයි.

එවං මහාදානං පවත‍්තෙන‍්තස‍්ස ගච‍්ඡන‍්තෙ කාලෙ තිත‍්තිභාවතො අත්‍ථිකජනෙහි පවිවිත‍්තං විරළං දානග‍්ගං අහොසි. තං දිස‍්වා අඞ‍්කුරො දානෙ උළාරජ‍්ඣාසයතාය අතුට‍්ඨමානසො හුත්‍වා අත‍්තනො දානෙ නියුත‍්තං සින්‍ධකං නාම මාණවං ආමන‍්තෙත්‍වා –

මෙසේ මහදන් පවත්වන්නා වූ (අඞ්කුරගේ දාන ශාලාව) කල් යත් යත්ම යාචකයන්ගේ තෘප්තියට පැමිණි හෙයින් යාචක ජනයගෙන් හිස්විය. විරල විය. (දාන කෙළවර විය) එය දැක අඞ්කුර තෙමේ දානය පිළිබඳව උදාර අදහස් ඇතිව නො සතුටු සිතින් යුතුව, තමාගේ දානමය ක්‍රියාවලියෙහි නියුක්ත සින්දක නම් තරුණයා අමතා මේ ගාථා දෙක කීහ.

“සුඛං සුපති අඞ‍්කුරො, ඉති ජානාති මං ජනො; දුක‍්ඛං සුපාමි සින්‍ධක, යං න පස‍්සාමි යාචකෙ.

අඞ්කුර රජු සුවසේ සයනය කෙරේ යයි ජනයා දනියි. සින්ධකය යම් හෙයකින් යාචකයන් නො දක්නෙම් ද එවිට මම දුකසේ නිදමි.

“සුඛං සුපති අඞ‍්කුරො, ඉති ජානාති මං ජනො; දුක‍්ඛං සුපාමි සින්‍ධක, අප‍්පකෙ සු වනිබ‍්බකෙ”ති. –

178. සින්ධකය! ස්වල්ප වූ හෝ ගුණ කියා ඉල්ලන ජනයා ඇති කල්හි මම සුවසේ නිදමි. එසේ ඉල්ලන්නා වූ පුද්ගලයන් නැති කල්හි මම දුකසේ නිදමි.

ගාථාද‍්වයමාහ. තත්‍ථ සුඛං සුපති අඞ‍්කුරො, ඉති ජානාති මං ජනොති “අඞ‍්කුරො රාජා යසභොගසමප‍්පිතො දානපති අත‍්තනො භොගසම‍්පත‍්තියා දානසම‍්පත‍්තියා ච සුඛං සුපති, සුඛෙනෙව නිද‍්දං උපගච‍්ඡති, සුඛං පටිබුජ‍්ඣතී”ති එවං මං ජනො සම‍්භාවෙති. දුක‍්ඛං සුපාමි සින්‍ධකාති අහං පන සින්‍ධක දුක‍්ඛමෙව සුපාමි. කස‍්මා? යං න පස‍්සාමි යාචකෙති, යස‍්මා මම අජ‍්ඣාසයානුරූපං දෙය්‍යධම‍්මපටිග‍්ගාහකෙ බහූ යාචකෙ න පස‍්සාමි, තස‍්මාති අත්‍ථො. අප‍්පකෙ සු වනිබ‍්බකෙති වනිබ‍්බකජනෙ අප‍්පකෙ කතිපයෙ ජාතෙ දුක‍්ඛං සුපාමීති යොජනා. සූති ච නිපාතමත‍්තං, අප‍්පකෙ වනිබ‍්බකජනෙ සතීති අත්‍ථො.

එහි සුඛං සුපති අඞ්කුරො අඞ්කුර රජතෙම කීර්තියෙන් ද, භෝග සම්පත්තියෙන් ද, අනූනව දානපතියෙක්ව, තම සම්පත්වලින් ද, දාන සම්පත්තියෙන් ද සතුටුව සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. මේ අන්දමින් ජනයා මා ගැන සිතයි. දුක්‍ඛං සුපාමි සින්‍ධකා - සින්ධකය! මම වනාහි දුකින්ම නිදාගනිමි. කවර හෙයින් ද? යං න පස්සාමි යාචකෙ - යාචකයන් නො දකින නිසා - යම් හෙයකින් මගේ අදහසේ හැටියට දාන වස්තුව පිරිනැමීමට බොහෝ යාචකයන් නො එන්නේ ද නො දන්නේ ද යන අර්ථයි. අප්පකෙසු වණිබ්බකෙ - යාචක ජනයා ස්වල්ප දෙනෙකු ඇති කල්හි දුකසේ නිදමි යන අදහසයි. සූ යනු නිපාත මාත්‍රයකි. යාචකයන් ටිකදෙනෙක් ඇති කල්හි යන අර්ථයි.

තං සුත්‍වා සින්‍ධකො තස‍්ස උළාරං දානාධිමුත‍්තිං පාකටතරං කාතුකාමො –

ඒ අසා සින්ධක තෙමේ ඔහුගේ උදාර වූ දන්දීමේ කැමැත්ත ප්‍රකට කිරීමට කැමැත්තේ මෙසේ කීහ.

“සක‍්කො චෙ තෙ වරං දජ‍්ජා, තාවතිංසානමිස‍්සරො; කිස‍්ස සබ‍්බස‍්ස ලොකස‍්ස, වරමානො වරං වරෙ”ති. –

තව්තිසා දෙව්ලොවට හා සියලු ලෝකයාට ඊශ්වර වූ සක් දෙවි රජුන් ඔබට වරයක් දෙන්නේ නම්, ඔබ කෙබඳු වරයක් ඉල්ලන්නේ ද?

ගාථමාහ. තස‍්සත්‍ථො – තාවතිංසානං දෙවානං සබ‍්බස‍්ස ච ලොකස‍්ස ඉස‍්සරො සක‍්කො “වරං වරස‍්සු, අඞ‍්කුර, යංකිඤ‍්චි මනසිච‍්ඡිත”න‍්ති තුය‍්හං වරං දජ‍්ජා දදෙය්‍ය චෙ, වරමානො පත්‍ථයමානො කිස‍්ස කීදිසං වරං වරෙය්‍යාසීති අත්‍ථො.

සියලු ලෝකයාට අධිපති වූ ද, තව්තිසා දෙව්ලොව අධිපති වූ ද ශක්‍රයා ඔබ කැමති වරයක් ගන්නැයි ඔබට වරයක් දෙන්නේ නම්, අඞ්කුර රජුනි කිනම් වරයක් ඔබ පතන්නේ ද ඉල්ලන්නේ ද?

අථ අඞ‍්කුරො අත‍්තනො අජ‍්ඣාසයං යාථාවතො පවෙදෙන‍්තො –

අඞ්කුර රජු තමාගේ අදහස තත් වූ පරිදි අගවා කියන්නේ

“සක‍්කො චෙ මෙ වරං දජ‍්ජා, තාවතිංසානමිස‍්සරො; කාලුට‍්ඨිතස‍්ස මෙ සතො, සූරියුග‍්ගමනං පති; දිබ‍්බා භක‍්ඛා පාතුභවෙය්‍යුං, සීලවන‍්තො ච යාචකා.

තව්තිසා වාසීන්ට අධිපති වූ සක් දෙවි රජු ඉදින් මට වරයක් දෙන්නේ නම්, උදය කාලයෙහි පිබිදුනා වූ මට, හිරු උදාවන කල්හි දෙව් ලොවට ඇතුළත් වූ ආහාරයෝ උපදින්නාහු නම්, යාචක ජනයා සිල්වත් වන්නාහු නම්,

“දදතො මෙ න ඛීයෙථ, දත්‍වා නානුතපෙය්‍යහං; දදං චිත‍්තං පසාදෙය්‍යං, එතං සක‍්කං වරං වරෙ”ති. – ද‍්වෙ ගාථා අභාසි;

දන් දෙන්නාවූ මගේ දාන වස්තුව අවසන් නො වන්නේ ද? මම දන් දී පසුතැවිලි නො වේනම්, දන් දෙමින් සිත පහදවන්නෙම් නම්, එබදු වරයක් ශක්‍රයාගෙන් මම ඉල්ලා සිටිමි.

තත්‍ථ කාලුට‍්ඨිතස‍්ස මෙ සතොති කාලෙ පාතො වුට‍්ඨිතස‍්ස අත්‍ථිකානං දක‍්ඛිණෙය්‍යානං අපචායනපාරිචරියාදිවසෙන උට‍්ඨානවීරියසම‍්පන‍්නස‍්ස මෙ සමානස‍්ස. සූරියුග‍්ගමනං පතීති සූරියුග‍්ගමනවෙලායං. දිබ‍්බා භක‍්ඛා පාතුභවෙය්‍යුන‍්ති දෙවලොකපරියාපන‍්නා ආහාරා උප‍්පජ‍්ජෙය්‍යුං. සීලවන‍්තො ච යාචකාති යාචකා ච සීලවන‍්තො කල්‍යාණධම‍්මා භවෙය්‍යුං.

එහි කාලුට්ඨිතස්ස මෙ සතො - උදය කාලයෙහි නැගිටීම, යාචකයන්ට දියයුතු දෙය්‍ය ධර්මය ගෞරව කීරිම් පිළිදැගුම් කිරීම්, වීර්ය සම්පන්න වීම් ආදියට සමානය. සුරියුග්ගමනම්පති - හිරු උදාවන වේලාවෙහි. දිබ්බා භක්‍ඛා පාතු භවෙය්‍ය - දිව්‍යලෝකයෙහි ආහාර පහළවීම - සීලවන්තොච යාචකා - යාචකයන්ගේ සිල්වත් වීම හා ඔවුන්ගේ යහපත් චර්යාධර්ම ඇති බව

දදතො මෙ න ඛීයෙථාති ආගතාගතානං දානං දදතො ච මෙ දෙය්‍යධම‍්මො න ඛීයෙථ, න පරික‍්ඛයං ගච‍්ඡෙය්‍ය. දත්‍වා නානුතපෙය්‍යහන‍්ති තඤ‍්ච දානං දත්‍වා කිඤ‍්චිදෙව අප‍්පසාදකං දිස‍්වා තෙන අහං පච‍්ඡා නානුතපෙය්‍යං. දදං චිත‍්තං පසාදෙය්‍යන‍්ති දදමානො චිත‍්තං පසාදෙය්‍යං, පසන‍්නචිත‍්තොයෙව හුත්‍වා දදෙය්‍යං. එතං සක‍්කං වරං වරෙති සක‍්කං දෙවානමින්‍දං ආරොග්‍යසම‍්පදා, දෙය්‍යධම‍්මසම‍්පදා, දක‍්ඛිණෙය්‍යසම‍්පදා, දෙය්‍යධම‍්මස‍්ස අපරිමිතසම‍්පදා, දායකසම‍්පදාති එතං පඤ‍්චවිධං වරං වරෙය්‍යං. එත්‍ථ ච “කාලුට‍්ඨිතස‍්ස මෙ සතො”ති එතෙන ආරොග්‍යසම‍්පදා, “දිබ‍්බා භක‍්ඛා පාතුභවෙය්‍යු”න‍්ති එතෙන දෙය්‍යධම‍්මසම‍්පදා, “සීලවන‍්තො ච යාචකා”ති එතෙන දක‍්ඛිණෙය්‍යසම‍්පදා, “දදතො මෙ න ඛීයෙථා”ති එතෙන දෙය්‍යධම‍්මස‍්ස අපරිමිතසම‍්පදා, “දත්‍වා නානුතපෙය්‍යහං, දදං චිත‍්තං පසාදෙය්‍ය”න‍්ති එතෙහි දායකසම‍්පදාති ඉමෙ පඤ‍්ච අත්‍ථා වරභාවෙන ඉච‍්ඡිතා. තෙ ච ඛො දානමයපුඤ‍්ඤස‍්ස යාවදෙව උළාරභාවායාති වෙදිතබ‍්බා.

දදතො මෙ නඛීයෙථ - එන්නා වූ සියල්ලන්ට දන් දෙනවිට දෙය්‍ය ධර්මයාගේ (දාන වස්තුවේ) අවසන් වීමක් නො මැතිවීම - දත්‍වා නානු පතෙය්‍ය - දිය යුතු දන් දී කිසි විටෙක අපැහැදීමක් දැක පසුතැවිල්ලකට පත් නො වීම, ද දං චිත්තං පසා දායෙ - දෙන දේ සිතේ ප්‍රසාදයෙන්ම දීමට, පහන් සිතින් යුතුවම දන් දීමට, එවං සක්කං වරං වරෙ - ශක්‍ර දේවේන්‍ද්‍රයාගෙන් නීරෝගී බව, දිය යුතු දාන වස්තු ලැබීම, ප්‍රතිග්‍රාහක සම්පත්තිය (දීමට සුදුස්සන්ම) ලැබීම දාන වස්තුවේ ක්‍ෂය නොවන තත්ත්වය, දායක සම්පත්තිය, වර ඉල්ලන්නෙමි. මෙහි කාලුට්ඨිතස්ස මෙ සතො - උදය කාලයෙහි නැගිටීම යන්නෙන් නීරෝගී සම්පත්තිය, දිබ්බා භක්‍ඛා පාතු භවෙය්‍යං - දිව්‍යාහාර පහළ වීම, සීලව නෙතා ච යාචකා - යාචකයෝ සිල්වත්හු වෙත්වා යන්නෙන් දක්ෂිණාර්භ සම්ප්‍රදාව, දදතො මෙ නඛීයෙථ, මෙයින් දෙය්‍ය ධර්මයාගේ දාන වස්තුවේ අසීමිත බව ක්‍ෂය නොවන බව. දත්‍වා නානු තපෙය්‍යහං දදංචිත්තං පසා දෙය්‍ය - දන් දී පසුතැවිලි නොවීම යන්නෙන් දායක සම්පත්තිය, මේ පස්වදෑරුම් සම්පත් කැමති වෙමි. ඒ සම්පත්වලින් දානමය පුණ්‍ය කර්මයාගේ උසස් බව උදාර බව පවතින්නේය යන්නයි.

එවං අඞ‍්කුරෙන අත‍්තනො අජ‍්ඣාසයෙ පවෙදිතෙ තත්‍ථ නිසින‍්නො නීතිසත්‍ථෙ කතපරිචයො සොනකො නාම එකො පුරිසො තං අතිදානතො විච‍්ඡින්‍දිතුකාමො –

මෙසේ අඞ්කුර තෙමේ තමාගේ අදහස පළ කිරීමෙන් පසු එහි සිටි නීති ශාස්ත්‍රය පුහුණු කළ සෝණක නම් එක් පුරුෂයෙක් ඒ අඞ්කුරයන් බොහෝ කොට දන් දීමෙන් මුදවනු කැමතිව, මේ ගාථා දෙක කීහ.

“න සබ‍්බවිත‍්තානි පරෙ පවෙච‍්ඡෙ, දදෙය්‍ය දානඤ‍්ච ධනඤ‍්ච රක‍්ඛෙ; තස‍්මා හි දානා ධනමෙව සෙය්‍යො, අතිප‍්පදානෙන කුලා න හොන‍්ති.

182. සියළු ධනය අනුන්හට නො දිය යුතුය. දන් දිය යුතුය. ධනය ද රැකිය යුතුය. දීමට වඩා ධනයම ශ්‍රේෂ්ඨය. අධික කොට දීමෙන් පරපුර නො පවතිත්.

“අදානමතිදානඤ‍්ච නප‍්පසංසන‍්ති පණ‍්ඩිතා, තස‍්මා හි දානා ධනමෙව සෙය්‍යො, සමෙන වත‍්තෙය්‍ය ස ධීරධම‍්මො”ති. –

183. නුවණැත්තෝ නොදීම ද, පමණ ඉක්මවා දීම ද නො පසසතී. එහෙයින් දීමට වඩා වස්තුව රැකීමම උසස් වේ. සම විධියෙහි පැවතිය යුතුය. එය බුද්ධිමතුන්ගේ ධර්මයයි.

ද‍්වෙ ගාථා අභාසි. සින්‍ධකො එවං පුනපි වීමංසිතුකාමො “න සබ‍්බවිත‍්තානී”තිආදිමාහාති අපරෙ.

[missing trans]

තත්‍ථ සබ‍්බවිත‍්තානීති සවිඤ‍්ඤාණකඅවිඤ‍්ඤාණකප‍්පභෙදානි සබ‍්බානි විත‍්තූපකරණානි, ධනානීති අත්‍ථො. පරෙති පරම‍්හි, පරස‍්සාති අත්‍ථො . න පවෙච‍්ඡෙති න දදෙය්‍ය, “දක‍්ඛිණෙය්‍යා ලද‍්ධා”ති කත්‍වා කිඤ‍්චි අසෙසෙත්‍වා සබ‍්බසාපතෙය්‍යපරිච‍්චාගො න කාතබ‍්බොති අත්‍ථො. දදෙය්‍ය දානඤ‍්චාති සබ‍්බෙන සබ‍්බං දානධම‍්මො න කාතබ‍්බො, අථ ඛො අත‍්තනො ආයඤ‍්ච වයඤ‍්ච ජානිත්‍වා විභවානුරූපං දානඤ‍්ච දදෙය්‍ය. ධනඤ‍්ච රක‍්ඛෙති අලද‍්ධලාභලද‍්ධපරිරක‍්ඛණරක‍්ඛිතසම‍්බන්‍ධවසෙන ධනං පරිපාලෙය්‍ය.

මෙහි සබ්බ විත්තානි - සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වශයෙන් සියලු වස්තු උපකරණ ධනය යන අදහසයි. පරෙ - අනුන් කෙරෙහි, පිටස්තර උදවිය යන අර්ථයි. නප්ප වෙච්ඡෙ නො දිය යුතු ය. දක්ෂිණාර්හයන් ලැබුනේ යයි කියා කිසිවක් ඉතිරි නොකොට සියලු ධනය පරිත්‍යාග නො කළ යුතුය යන අර්ථයි. දදෙය්‍ය දානඤ්චා - සියලු දේ ම සියල්ලන් විසින් දාන ධර්මය නො කළ යුතුය. තමන්ට ලැබෙන සම්පත් දැන, එය බෙදා වෙන්කොට ගෙන සුදුසු දේ දන්දිය යුතුය. නො ලත් දෙය ලැබීම හා ලත් දෙය රැක ගැනීම හා ආරක්ෂා කිරීම සමතුලිත බවින් රැක්ක යුතුය.

“එකෙන භොගෙ භුඤ‍්ජෙය්‍ය, ද‍්වීහි කම‍්මං පයොජයෙ; චතුත්‍ථඤ‍්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස‍්සතී”ති. (දී· නි· 3.265) –

වස්තුවෙන් එක් කොටසක් අනුභවය සඳහා ද කොටස් දෙකක් කර්මාන්ත සංවර්ධනය සඳහා ද, සතර වැනි කොටස විපතක දී ගැනීමට තැත්පත් කර තැබීම ද කළ යුතුය

වුත‍්තවිධිනා වා ධනං රක‍්ඛෙය්‍ය තම‍්මූලකත‍්තා දානස‍්ස. තයොපි මග‍්ගා අඤ‍්ඤමඤ‍්ඤවිසොධනෙන පටිසෙවිතබ‍්බාති හි නීතිචින‍්තකා. තස‍්මා හීති යස‍්මා ධනඤ‍්ච රක‍්ඛන‍්තො දානඤ‍්ච කරොන‍්තො උභයලොකහිතාය පටිපන‍්නො හොති ධනමූලකඤ‍්ච දානං, තස‍්මා දානතො ධනමෙව සෙය්‍යො සුන්‍දරතරොති අතිදානං න කාතබ‍්බන‍්ති අධිප‍්පායො. තෙනාහ “අතිප‍්පදානෙන කුලා න හොන‍්තී”ති, ධනස‍්ස පමාණං අජානිත්‍වා දානස‍්ස තං නිස‍්සාය අතිප‍්පදානපසඞ‍්ගෙන කුලානි න හොන‍්ති නප‍්පවත‍්තන‍්ති, උච‍්ඡිජ‍්ජන‍්තීති අත්‍ථො.

යනු කියන ලද ආකාරයෙන් ධනය රැක්ක යුතුය. දාන වස්තුව එය මුල්කොට ඇති බැවින් මාත්‍රා තුනම ඔවුනොවුන් පිරිසිදු කිරීමෙන් සෙවිය යුතුය කියා නීති චින්තකයෝ කියති, තස්මා - යම් පරිද්දෙකින් ධනය රකිමින්ම දන් දීම ද කළ යුතුය. දෙලොව හිත සුව පිණිස පිළිපැදිය යුතුය. (සියල්ලට) ධනය මුල්කොට ඇති නිසා දීමට වඩා ධනයම ශ්‍රේෂ්ඨ වෙයි. සුන්දරතර වෙයි. අධික වසයෙන් දීම නො කළ යුතුයි යන අදහසයි. එහෙයින් කියන ලදී. අතිප්පදා නෙන කුලා න හොන්ති - ධනයෙහි ප්‍රමාණය නො දැන දන් දීම අධිකව කිරීමෙන් කුල පරම්පරාව නො පවතිත් කුල පරපුර සිඳ දමත්

ඉදානි විඤ‍්ඤූනං පසංසිතමෙවත්‍ථං පතිට‍්ඨපෙන‍්තො “අදානමතිදානඤ‍්චා”ති ගාථමාහ. තත්‍ථ අදානමතිදානඤ‍්චාති සබ‍්බෙන සබ‍්බං කටච‍්ඡුභික‍්ඛායපි තණ‍්ඩුලමුට‍්ඨියාපි අදානං, පමාණං අතික‍්කමිත්‍වා පරිච‍්චාගසඞ‍්ඛාතං අතිදානඤ‍්ච පණ‍්ඩිතා බුද‍්ධිමන‍්තො සපඤ‍්ඤජාතිකා නප‍්පසංසන‍්ති න වණ‍්ණයන‍්ති. සබ‍්බෙන සබ‍්බං අදානෙන හි සම‍්පරායිකතො අත්‍ථතො පරිබාහිරො හොති. අතිදානෙන දිට‍්ඨධම‍්මිකපවෙණී න පවත‍්තති. සමෙන වත‍්තෙය්‍යාති අවිසමෙන ලොකියසරික‍්ඛකෙන සමාහිතෙන මජ‍්ඣිමෙන ඤායෙන පවත‍්තෙය්‍ය. ස ධීරධම‍්මොති යා යථාවුත‍්තා දානාදානප‍්පවත‍්ති, සො ධීරානං ධිතිසම‍්පන‍්නානං නීතිනයකුසලානං ධම‍්මො, තෙහි ගතමග‍්ගොති දීපෙති.

දැන් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද අදහස්හි පිහිටුවමින් අදානමති දානඤ්ච යන ගාථාව කීහ. එහි අදානමති දානඤ්චා - යනු බත් හැන්දක් වත් හාල් මිටක් වත් නො දීම ද ප්‍රමාණය ඉක්මවා පරිත්‍යාග නම් වූ අති දානය ද නුවණැති බුද්ධිමතුන් විසින් ප්‍රසංසා නො කරති. වර්ණනා නො කරති. සම්පූර්ණයෙන් නො දීමෙන් පරලොව සැපතින් පිරිහෙයි. අති දානයෙන් මේ ආත්මයෙහි කුල පරපුර පිරිහේ. සමෙන වත්තෙය්‍යා - විසම නොවූ ද ලෞකික උගතුන් විසින් නො ගැරහිය යුතු ද මැදුම් පැවැත්මෙන් පැවතිය යුතුය. සමීර ධම්මො - මෙසේ කියන ලද පරිදි දීම - නොදීම යන ප්‍රතිපත්තියක් වේද? එය නුවණැත්තන්ගේ ප්‍රඥාව දරන්නන්ගේ නීති න්‍යායයෙහි දක්ෂ වූවන්ගේ ද ධර්මය වේ. ඔවුන් විසින් ගිය මාර්ගය දක්වයි.

තං සුත්‍වා අඞ‍්කුරො තස‍්ස අධිප‍්පායං පරිවත‍්තෙන‍්තො –

ඒ අසා අඞ්කුර තෙමේ ඔහුගේ අදහස වෙනස් කරමින් කියන්නේ

“අහො වත රෙ අහමෙව දජ‍්ජං, සන‍්තො ච මං සප‍්පුරිසා භජෙය්‍යුං; මෙඝොව නින‍්නානි පරිපූරයන‍්තො, සන‍්තප‍්පයෙ සබ‍්බවනිබ‍්බකානං.

පින්වත් මාණවකය! මම දෙන්නෙම්මය. සන්සුන් සත්පුරුෂයෝම මා ඇසුරු කරති. නියමිත ස්ථානයන් පුරවමින් මහා වැස්සක් වසින්නක් මෙන් සියලු යාචක ජනයන් සතුටු කරවන්නේ නම් යෙහෙකි.

“යස‍්ස යාචනකෙ දිස‍්වා, මුඛවණ‍්ණො පසීදති; දත්‍වා අත‍්තමනො හොති, තං ඝරං වසතො සුඛං.

සිඟන්නන් දැක යම් කිසිවකුගේ මුහුණ ප්‍රසන්න වේද? පහදී ද? දන් දී සතුටු වන්නේද ඒ ගෙයි වසන්නවුනට සැප ගෙන දේ.

“යස‍්ස යාචනකෙ දිස‍්වා, මුඛවණ‍්ණො පසීදති; දත්‍වා අත‍්තමනො හොති, එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා.

යමෙක් යාචකයන් දැක පහදී ද මුව මඬල පැහැදේ ද? දන් දී සතුටු සිත් ඇති වේද? මෝ තොමෝ කුසලයාගේ සම්පත්තිය පිරීම වේ.

“පුබ‍්බෙව දානා සුමනො, දදං චිත‍්තං පසාදයෙ; දත්‍වා අත‍්තමනො හොති, එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා”ති. –

දන් දිමට පෙර සතුටු සිත් ඇත්තේ වේ ද? දන් දෙමින් සිත පහදවන්නේ ද දන් දී අවසානයේ සිත සොම්නස් වේද? මේ පුණ්‍යයාගේ සම්පත්තියයි.

චතූහි ගාථාහි අත‍්තනා පටිපජ‍්ජිතබ‍්බවිධිං පකාසෙසි.

මේ ගාථා සතරින් තමාගේ පිළිපැදිය යුතු විධිය ආකාරය පැහැදිලි කළේය.

තත්‍ථ අහො වතාති සාධු වත. රෙති ආලපනං. අහමෙව දජ‍්ජන‍්ති අහං දජ‍්ජමෙව. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – මාණව, “දානා ධනමෙව සෙය්‍යො”ති යදි අයං නීතිකුසලානං වාදො තව හොතු, කාමං අහං දජ‍්ජමෙව. සන‍්තො ච මං සප‍්පුරිසා භජෙය්‍යුන‍්ති තස‍්මිඤ‍්ච දානෙ සන‍්තො උපසන‍්තකායවචීමනොසමාචාරා සප‍්පුරිසා සාධවො මං භජෙය්‍යුං උපගච‍්ඡෙය්‍යුං. මෙඝොව නින‍්නානි පරිපූරයන‍්තොති අහං අභිප‍්පවස‍්සන‍්තො මහාමෙඝො විය නින‍්නානි නින‍්නට‍්ඨානානි සබ‍්බෙසං වනිබ‍්බකානං අධිප‍්පායෙ පරිපූරයන‍්තො අහො වත තෙ සන‍්තප‍්පෙය්‍යන‍්ති.

එහි අහො වතා - ඉතා යෙහෙකි, අරෙ ඇමතීමයි, අහමෙව දජ්ජන්ති - මම දෙන්නේම වෙමි. මේ සංක්ෂේපාර්ථයයි. තරුණය! දීමට වඩා ධනයම ශ්‍රේෂ්ඨ යයි යම්කිසි නීති ශාස්ත්‍රඥයෝ මෙසේ යමක් කීව ද මම දෙන්නෙම්මය. සන්තො මෙ සප්පුරිසා භජෙය්‍යුං - එසේ දන් දෙන කල්හි කය වචනය සිත සන්සුන් කරගත් සත්පුරුෂයෝ මා ආශ්‍රය සඳහා ඉදිරිපත් වනු ඇත. මෙඝොච නින්නා තභි පූරයන්තො - පහත් බිම් පුරවමින් වසින්නා වූ මහ වැස්සක් මෙන් සියලු යාචකයන්ගේ මන දොළ පුරවමින් ඔවුන් සන්තර්පනය කරන්නෙමි. එය ඉතා යහපත් වන්නේය.

යස‍්ස යාචනකෙ දිස‍්වාති යස‍්ස පුග‍්ගලස‍්ස ඝරමෙසිනො යාචනකෙ දිස‍්වා “පඨමං තාව උපට‍්ඨිතං වත මෙ පුඤ‍්ඤක‍්ඛෙත‍්ත”න‍්ති සද‍්ධාජාතස‍්ස මුඛවණ‍්ණො පසීදති, යථාවිභවං පන තෙසං දානං දත්‍වා අත‍්තමනො පීතිසොමනස‍්සෙහි ගහිතචිත‍්තො හොති. තන‍්ති යදෙත්‍ථ යාචකානං දස‍්සනං , තෙන ච දිස‍්වා චිත‍්තස‍්ස පසාදනං, යථාරහං දානං දත්‍වා ච අත‍්තමනතා.

යස්ස යාචනකෙ දිස්සවා - ගෘහවාසී වූ යම් පුද්ගලයෙක්, යදියන් දැක පළමුව තමන් වෙත එළඹී පින්කෙත යයි ශ්‍රද්ධාව හට ගැනීමෙන් මුහුණේ පැහැය දීප්තිමත් වේ ද, සතුටුවේ ද? ඒ යදියන්ට සුදුසු දේ දන් දෙමින් ප්‍රීති සොම්නසින් යුක්ත වේද? සිත්තේ ප්‍රසාදය ඇති ව ඔවුන් කැමති පරිද්දෙන් ඔවුන්ට දන් දී අනතුරු ව සතුටු වන්නේ ද?

එසා යඤ‍්ඤස‍්ස සම‍්පදාති එසා යඤ‍්ඤස‍්ස සම‍්පත‍්ති පාරිපූරි, නිප‍්ඵත‍්තීති අත්‍ථො.

එසා පුඤ්ඤස්ස සම්පදා මේ පුණ්‍ය සම්පත්තිය සම්පූර්ණ වූයේය, හටගත්තේය යන අර්ථයි.

පුබ‍්බෙව දානා සුමනොති “සම‍්පත‍්තීනං නිදානං අනුගාමිකං නිධානං නිධෙස‍්සාමී”ති මුඤ‍්චනචෙතනාය පුබ‍්බෙ එව දානූපකරණස‍්ස සම‍්පාදනතො පට‍්ඨාය සුමනො සොමනස‍්සජාතො භවෙය්‍ය. දදං චිත‍්තං පසාදයෙති දදන‍්තො දෙය්‍යධම‍්මං දක‍්ඛිණෙය්‍යහත්‍ථෙ පතිට‍්ඨාපෙන‍්තො “අසාරතො ධනතො සාරාදානං කරොමී”ති අත‍්තනො චිත‍්තං පසාදෙය්‍ය. දත්‍වා අත‍්තමනො හොතීති දක‍්ඛිණෙය්‍යානං දෙය්‍යධම‍්මං පරිච‍්චජිත්‍වා “පණ‍්ඩිතපඤ‍්ඤත‍්තං නාම මයා අනුට‍්ඨිතං, අහො සාධු සුට‍්ඨූ”ති අත‍්තමනො පමුදිතමනො පීතිසොමනස‍්සජාතො හොති. එසා යඤ‍්ඤස‍්ස සම‍්පදාති යා අයං පුබ‍්බචෙතනා මුඤ‍්ජචෙතනා අපරචෙතනාති ඉමෙසං කම‍්මඵලසද‍්ධානුගතානං සොමනස‍්සපරිග‍්ගහිතානං තිස‍්සන‍්නං චෙතනානං පාරිපූරි, එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා දානස‍්ස සම‍්පත‍්ති, න ඉතො අඤ‍්ඤථාති අධිප‍්පායො.

පුබ්බෙව දානා සුමනො පුණ්‍ය සම්පත් නිධානය අනුගාමික නිධානයක් තැන්පත් කරන්නේ යයි පෙර මෙන්ම, දාන උපකරණ සකස් කිරීමේ පටන්ම යහපත් සිතැත්තේ, සතුටු සිත් ඇත්තේ වන්නේ ද? දදං චිත්තං පසාදයෙ දෙන්නා වූ දාන වස්තුව දක්ෂිණාර්හයන්ගේ අත්හි තබත්ම අසාර වූ අනිත්‍ය වූ ධනයෙන් සාරවත් වූ දානය පින්කමක් කරන්නේ යයි තමාගෙ සිත පහදවා ගනීද? දත්‍වා අත්තමනො හොතීති දක්ෂිණාර්හයන් වෙත දෙය්‍ය ධර්මය පරිත්‍යාග කොට නුවණැත්තෙක් නම් මා විසින් නො උපදනා පිනක් උපදවා ගත්තේ යයි අනේ මැනැවි යහපතියි සතුටු සිත් ඇත්තේ ප්‍රමුදිත මනස ඇත්තේ, ප්‍රීතිය සොම්නස හටගත්තේ වේ. එසා පුඤ්ඤස්ස සම්පදා - යම් කිසිවෙක් මෙපරිද්දෙන් පූර්ව චේතනාවය, මධ්‍යම චේතනාවය, අපර චේතනාවය, යන මොවුන්ගේ කර්මපල ඇදහීමෙන් සොම්නසින් යුතු වූ චේතනා සම්පූර්ණ කරන්නේය. මෝ තොමෝ පුණ්‍ය සම්පදා සම්පත්තියයි. වෙනත් අදහසක් නැත්තේය.

එවං අඞ‍්කුරො අත‍්තනො පටිපජ‍්ජනවිධිං පකාසෙත්‍වා භිය්‍යොසොමත‍්තාය අභිවඩ‍්ඪමානදානජ‍්ඣාසයො දිවසෙ දිවසෙ මහාදානං පවත‍්තෙසි. තෙන තදා සබ‍්බරජ‍්ජානි උන‍්නඞ‍්ගලානි කත්‍වා මහාදානෙ දිය්‍යමානෙ පටිලද‍්ධසබ‍්බූපකරණා මනුස‍්සා අත‍්තනො අත‍්තනො කම‍්මන‍්තෙ පහාය යථාසුඛං විචරිංසු, තෙන රාජූනං කොට‍්ඨාගාරානි පරික‍්ඛයං අගමංසු. තතො රාජානො අඞ‍්කුරස‍්ස දූතං පාහෙසුං – “භොතො දානං නිස‍්සාය අම‍්හාකං ආයස‍්ස විනාසො අහොසි, කොට‍්ඨාගාරානි පරික‍්ඛයං ගතානි, තත්‍ථ යුත‍්තමත‍්තං ඤාතබ‍්බ”න‍්ති.

මෙසේ අඞ්කුර තෙමේ තමාගේ පිළීපැදීමේ ක්‍රමය ප්‍රකාශ කොට බොහෝ සෙයින් සතුට පැමිණ, දන් දීමේ අදහසෙහි අභිවෘද්ධියට පැමිණ, දවස් පතා මහ දන් පැවැත්විය. එකල්හි සියලු රාජ්‍යවල නඟුල් උඩතබා මහා දන් පවත්වන කල්හි සියලු උපකරණ ඇති මනුෂ්‍යයෝ තම තමන්ගේ කර්මාන්ත අත්හැර සුවසේ හැසිරුණාහුය. එකල්හි රජවරුන්ගේ කොටුගෙවල් හිස්වූහ. ඉක්බිති රජවරු අඞ්කුර වෙත දුතයන් යැවූහ. සහෝදරය! ඔබගේ දන් දීම නිසා අපගේ ආදායම් මාර්ග විනාශ වුයේය. කොටු ගෙවල් හිස් වූහ. මෙහි කළයුතු යුතු කම් හා අර්ථ දැනගනීවා.

තං සුත්‍වා අඞ‍්කුරො දක‍්ඛිණාපථං ගන‍්ත්‍වා දමිළවිසයෙ සමුද‍්දස‍්ස අවිදූරට‍්ඨානෙ මහතියො අනෙකදානසාලායො කාරාපෙත්‍වා මහාදානානි පවත‍්තෙන‍්තො යාවතායුකං ඨත්‍වා කායස‍්ස භෙදා පරං මරණා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. තස‍්ස දානවිභූතිඤ‍්ච සග‍්ගූපපත‍්තිඤ‍්ච දස‍්සෙන‍්තො සඞ‍්ගීතිකාරා –

එය අසා අඞ්කුර තෙමේ දක්ෂිණාපථයට ගොස්, ද්‍රවිඩ ප්‍රදේශයේ මුහුදට නුදුරු තන්හි මහා දන්හල් කරවා, මහා දන් වැට පවත්වා ආයු ප්‍රමාණය ගෙවා කා බුන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ දාන ඓශ්චර්ය ද, ස්වර්ගෝප්තිය ද විස්තර කරන සඞ්ගීති කාරකයෝ මේ ගාථා ලීහ.

“සට‍්ඨි වාහසහස‍්සානි, අඞ‍්කුරස‍්ස නිවෙසනෙ; භොජනං දීයතෙ නිච‍්චං, පුඤ‍්ඤපෙක‍්ඛස‍්ස ජන‍්තුනො.

දන්දීමේ අදහස ඇති අඞ්කුර රජුගේ ගෙදරදොර සහලින් පුරවන ලද කරත්ත හැටදහසක් ආහාර සදහා සත්ත්වයන්ට නිතර දෙති.

“තිසහස‍්සානි සූදා හි, ආමුත‍්තමණිකුණ‍්ඩලා; අඞ‍්කුරං උපජීවන‍්ති, දානෙ යඤ‍්ඤස‍්ස වාවටා.

මහා යාගය යයි හැඳින් වූ දාන විධියෙහි යෙදුනා වූ තුන් දහසක් පමණ සේවකයෝ නොයෙක් අබරණින් සැදී, අඞ්කුර රජු නිසා ජීවත් වෙති.

“සට‍්ඨි පුරිසසහස‍්සානි, ආමුත‍්තමණිකුණ‍්ඩලා; අඞ‍්කුරස‍්ස මහාදානෙ, කට‍්ඨං ඵාලෙන‍්ති මාණවා.

මැණික් එබ්බූ කුණ්ඩලාභරණ පැළඳ ගත් සැට දහසක් තරුණ මාණවකයෝ අඞ්කුර රජුගේ නිවසෙහි දර පලත්.

“සොළසිත්‍ථිසහස‍්සානි , සබ‍්බාලඞ‍්කාරභූසිතා; අඞ‍්කුරස‍්ස මහාදානෙ, විධා පිණ‍්ඩෙන‍්ති නාරියො.

අඞ්කුර රජුගේ මහා දානයෙහි සර්වාභරණයෙන් සැරසුණු තරුණියෝ සොළොස් දහසක් කුළු බඩු කුඩු කරත් අඹරත්.

“සොළසිත්‍ථිසහස‍්සානි, සබ‍්බාලඞ‍්කාරභූසිතා; අඞ‍්කුරස‍්ස මහාදානෙ, දබ‍්බිගාහා උපට‍්ඨිතා.

සර්වාලඞ්කාරයෙන් සැරසුණු තරුණියෝ දොළොස් දහසක්, අඞ්කුර රජුගේ දාන ශාලාවේ හැඳිගත් අත් ඇතිව ඉවීම් හා බෙදීම් කටයුතු කරත්.

“බහුං බහූනං පාදාසි, චිරං පාදාසි ඛත‍්තියො; සක‍්කච‍්චඤ‍්ච සහත්‍ථා ච, චිත‍්තීකත්‍වා පුනප‍්පුනං.

අඞ්කුර රජු බොහෝ දාන වස්තු, බොහෝ ජනයන්ට බොහෝකලක් මුළුල්ලෙහි විශේෂයෙන් සකස් කොට ගරු බුහුමන් සහිතව නැවත නැවත සියතින්ම දන් දුන්නේය.

“බහූ මාසෙ ච පක‍්ඛෙ ච, උතුසංවච‍්ඡරානි ච; මහාදානං පවත‍්තෙසි, අඞ‍්කුරො දීඝමන‍්තරං.

අඞ්කුර තෙම බොහෝ මාස ගණනක්, බොහෝ පක්ෂ ගණනක්, නොයෙක් සෘතු ගණනක්, බොහෝ වසර ගණනක් වසයෙන් දීර්ඝ කාලාන්තරයක් මහා දන් පැවැත්වීය.

“එවං දත්‍වා යජිත්‍වා ච, අඞ‍්කුරො දීඝමන‍්තරං; සො හිත්‍වා මානුසං දෙහං, තාවතිංසූපගො අහූ”ති. – ගාථා ආහංසු;

මෙසේ ඒ අඞ්කුර රජු දිගු කලක් දන් දී මහත් යාග කොට මිනිස් සිරුර හැර පියා තව්තිසා දෙව්ලොවට පැමිණියේය.

තථ සට‍්ඨි වාහසහස‍්සානීති වාහානං සට‍්ඨිසහස‍්සානි ගන්‍ධසාලිතණ‍්ඩුලාදිපූරිතවාහානං සට‍්ඨිසහස‍්සානි. පුඤ‍්ඤපෙක‍්ඛස‍්ස දානජ‍්ඣාසයස‍්ස දානාධිමුත‍්තස‍්ස අඞ‍්කුරස‍්ස නිවෙසනෙ නිච‍්චං දිවසෙ දිවසෙ ජන‍්තුනො සත‍්තකායස‍්ස භොජනං දීයතෙති යොජනා.

මෙහි සට්ඨි වාහ සහස්සානි - කරත්ත හැටදාහක්, සහල් ආදී ද්‍රව්‍ය පුරවන ලද ගැල් හැට දහසක්, පුඤ්ඤපෙක්‍ඛස්සා - අධික ලෙස යෙදුණු දන්දීමේ අදහස අඞ්කුර රජුගේ නිවසෙහි නිතර දවස්පතා, ජන්තුනො - සත්ත්වයන්ට ආහාර දීමේ යෙදීම.

තිසහස‍්සානි සූදා හීති තිසහස‍්සමත‍්තා සූදා භත‍්තකාරකා. තෙ ච ඛො පන පධානභූතා අධිප‍්පෙතා, තෙසු එකමෙකස‍්ස පන වචනකරා අනෙකාති වෙදිතබ‍්බා. “තිසහස‍්සානි සූදාන”න‍්ති ච පඨන‍්ති. ආමුත‍්තමණිකුණ‍්ඩලාති නානාමණිවිචිත‍්තකුණ‍්ඩලධරා. නිදස‍්සනමත‍්තඤ‍්චෙතං, ආමුත‍්තකටකකටිසුත‍්තාදිආභරණාපි තෙ අහෙසුං. අඞ‍්කුරං උපජීවන‍්තීති තං උපනිස‍්සාය ජීවන‍්ති, තප‍්පටිබද‍්ධජීවිකා හොන‍්තීති අත්‍ථො. දානෙ යඤ‍්ඤස‍්ස වාවටාති මහායාගසඤ‍්ඤිතස‍්ස යඤ‍්ඤස‍්ස දානෙ යජනෙ වාවටා උස‍්සුක‍්කං ආපන‍්නා. කට‍්ඨං ඵාලෙන‍්ති මාණවාති නානප‍්පකාරානං ඛජ‍්ජභොජ‍්ජාදිආහාරවිසෙසානං පචනාය අලඞ‍්කතපටියත‍්තා තරුණමනුස‍්සා කට‍්ඨානි ඵාලෙන‍්ති විදාලෙන‍්ති.

තිසහස්සානි සුදා - යනු තුන් දහසක් පමණ අරක්කැමියෝ බත් පිසන්නෝ, ඔව්හු ප්‍රධානයෝය. ඔවුන් අතර එකිනෙකාගේ විධාන අනුව වැඩ කරන බොහෝ දෙනෙකි. සුදානන්ති - ඉගෙනගනිත්, හදාරත්. ආමුක්ත මණි කුණ්ඩලා - නොයෙක් ආකාර මැණික් ඔබ්බවන ලද කුණ්ඩලාභරණ දරමින්, නිදර්ශනයක් පමණි. මැණික් ඔබ්බවන ලද හිණ බැඳි පටි, වළලු, මාල ආදී ආභරණ ඔවුන්ට වූහ. අඞ්කුරං උපනජීවන්ති, අඞ්කුර නිසා ජීවත් වෙති. අඞ්කුර රජු පිහිටකොට ඇතිව ජීවත් වෙති. දානෙ යඤ්ඤස්ස ව්‍යාවටා - මහා යාගය යයි හඳුන්වන ලද යාගය නම් වූ දානය සකස් කිරිමෙහි යෙදුනා වූ උත්සාහයට පැමිණියා වූ කට්ඨං ඵාලෙන්ති මාණවා - නොයෙක් විධියේ ඛාද්‍ය භෝජ්‍ය ආහාර විශේෂ පිසීම සඳහා ලස්සණට සැරසුණු තරුණ මිනිස්සු දර පලත්, බෙදා වෙන්කරත්

විධාති විධාතබ‍්බානි භොජනයොග‍්ගානි කටුකභණ‍්ඩානි. පිණ‍්ඩෙන‍්තීති පිසනවසෙන පයොජෙන‍්ති.

විධා - ආහාර පාන පිසීම් බෙදීම් ආදිය විධාන කටයුතු පිණ්ඩෙන්ති - කුඩු කිරිම් ඇඹරීම් ගලගෑම් ආදී කටයුතුවල යොදත්.

දබ‍්බිගාහාති කටච‍්ඡුගාහිකා. උපට‍්ඨිතාති පරිවෙසනට‍්ඨානං උපගන‍්ත්‍වා ඨිතා හොන‍්ති.

දබ්බිගාහා - හැඳිගත් අත් ඇත්තෝ, උපට්ඨිතා - වසන තැන්වලට එළඹ සිටියෝ වෙත්.

බහුන‍්ති මහන‍්තං පහූතිකං. බහූනන‍්ති අනෙකෙසං. පාදාසීති පකාරෙහි අදාසි. චීරන‍්ති චිරකාලං. වීසතිවස‍්සසහස‍්සායුකෙසු හි මනුස‍්සෙසු සො උප‍්පන‍්නො. බහුං බහූනං චිරකාලඤ‍්ච දෙන‍්තො යථා අදාසි, තං දස‍්සෙතුං “සක‍්කච‍්චඤ‍්චා”තිආදි වුත‍්තං. තත්‍ථ සක‍්කච‍්චන‍්ති සාදරං, අනපවිද‍්ධං අනවඤ‍්ඤාතං කත්‍වා. සහත්‍ථාති සහත්‍ථෙන, න ආණාපනමත‍්තෙන. චිත‍්තීකත්‍වාති ගාරවබහුමානයොගෙන චිත‍්තෙන කරිත්‍වා පූජෙත්‍වා. පුනප‍්පුනන‍්ති බහුසො න එකවාරං, කතිපයවාරෙ වා අකත්‍වා අනෙකවාරං පාදාසීති යොජනා.

බහුං - මහත්, බොහෝ, පුළුල් වූ, බහුන්නං - යනු බොහෝ විවිධ, පාදාසි - ප්‍රභර්ෂයෙන් තුටු සිතින් දුන්හ. චිරං යනු බොහෝ කල්. විසි දහසක් අවුරුදු ආයුෂ ඇතිව ඔහු උපන්නේ බොහෝ කාලයක් දන් දෙන්නේ එපරිදි දුන්නේය. එය දැක්වීමට සක්කච්චඤ්චා යනාදිය කීහ. සක්කච්චං යනු සාදරයෙන් විධාන නොකොට, අවමන් නො කොට, සහත්‍ථා - කෑම බීමාදිය සියතින් ගෙන, චිත්තීකත්‍වා - ගරුබුහුමන් පෙරදැරිව, පුජාකොට, පුනප්පුනං - බොහෝ වාරයක්, එක වරායක් නොවේ නැවත කීපවිටක් පෙරැත්ත කරමින් දුන්නේය යන යෙදුමයි.

ඉදානි තමෙව පුනප‍්පුනං කරණං විභාවෙතුං “බහූ මාසෙ චා”ති ගාථමාහංසු. තත්‍ථ බහූ මාසෙති චිත‍්තමාසාදිකෙ බහූ අනෙකෙ මාසෙ. පක‍්ඛෙති කණ‍්හසුක‍්කභෙදෙ බහූ පක‍්ඛෙ. උතුසංවච‍්ඡරානි චාති වසන‍්තගිම‍්හාදිකෙ බහූ උතූ ච සංවච‍්ඡරානි ච, සබ‍්බත්‍ථ අච‍්චන‍්තසංයොගෙ උපයොගවචනං. දීඝමන‍්තරන‍්ති දීඝකාලමන‍්තරං. එත්‍ථ ච “චිරං පාදාසී”ති චිරකාලං දානස‍්ස පවත‍්තිතභාවං වත්‍වා පුන තස‍්ස නිරන‍්තරමෙව පවත‍්තිතභාවං දස‍්සෙතුං “බහූ මාසෙ”තිආදි වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං.

දැන් ඒ කාරණයම නැවත නැවත විස්තර කරන්නට බහුමාසෙ ආදී ගාථා කීහ. එහි බහුමාසෙ - බක්මාසයේ සිට බොහෝ අනෙක් මාසවල පක්‍ඛෙ - මාසේ පෝය පක්ෂයෙහි හා පසළොස්වක පක්ෂයේ. (සඳ නැති කල සහ ඇතිකල) උතු සංවච්ඡරානි - වසන්ත ගිම්හාන ආදී සෘතුන්හි, බොහෝ අවුරුදුවල වසර ගණනක් පුරා අත්‍යන්ත සංයෝගයේ යෙදිම වචනයි. දීඝමන්තරං - අතරක් නැතිව දිගුකලක්, මෙහිද චිරංපාදාසි - බොහෝ කල් දන් වැට පැවැත්වූ බව කියා නැවත දානය නිරතුරුවම පැවැත් වූ බව දක්වන්නට. බහුමාසෙහි ආදිය කී බව දත යුතුයි.

එවන‍්ති වුත‍්තප‍්පකාරෙන. දත්‍වා යජිත්‍වා චාති අත්‍ථතො එකමෙව, කෙසඤ‍්චි දක‍්ඛිණෙය්‍යානං එකච‍්චස‍්ස දෙය්‍යධම‍්මස‍්ස පරිච‍්චජනවසෙන දත්‍වා, පුන “බහුං බහූනං පාදාසී”ති වුත‍්තනයෙන අත්‍ථිකානං සබ‍්බෙසං යථාකාමං දෙන‍්තො මහායාගවසෙන යජිත්‍වා. සො හිත්‍වා මානුසං දෙහං , තාවතිංසූපගො අහූති සො අඞ‍්කුරො ආයුපරියොසානෙ මනුස‍්සත්‍ථභාවං පහාය පටිසන්‍ධිග‍්ගහණවසෙන තාවතිංසදෙවනිකායූපගො අහොසි.

එවං යනු කියන ලද ආකාරයෙනි, දත්‍වා යජිත්‍වා - අර්ථ වශයෙන් එකමය. සමහර දක්ෂිණාර්හයන්ට සමහර දාන වස්තු පරිත්‍යග වශයෙන් දී, නැවත නොයෙක් දාන වස්තු බොහෝ කාලයක් මුළුල්ලෙහි සියලු යාචකයන්ට කැමති පරිද්දෙන් දන් දෙමින් මහායාග වශයෙන් පූජාකොට සො හිත්‍වා මානුසං දෙහං තාව තිං සුප ගො අහොසි ඒ අඞ්කුර තෙමේ ආයුෂ කෙළවර මිනිසත් බව හැර ප්‍රතිසන්ධි ගැනීම් වශයෙන් තව්තිසා දෙව්ලොව දේව නිකායෙහි උපන්නේය.

එවං තස‍්මිං තාවතිංසෙසු නිබ‍්බත‍්තිත්‍වා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තෙ අම‍්හාකං භගවතො කාලෙ ඉන්‍දකො නාම මාණවො ආයස‍්මතො අනුරුද‍්ධත්‍ථෙරස‍්ස පිණ‍්ඩාය චරන‍්තස‍්ස පසන‍්නමානසො කටච‍්ඡුභික‍්ඛං දාපෙසි. සො අපරෙන සමයෙන කාලං කත්‍වා ඛෙත‍්තගතස‍්ස පුඤ‍්ඤස‍්ස ආනුභාවෙන තාවතිංසෙසු මහිද‍්ධිකො මහානුභාවො දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො දිබ‍්බෙහි රූපාදීහි දසහි ඨානෙහි අඞ‍්කුරං දෙවපුත‍්තං අභිභවිත්‍වා විරොචති. තෙන වුත‍්තං –

මෙසේ ඒ අඞ්කුර තෙමේ තව්තිසාවෙහි ඉපිද දිව්‍ය සම්පත් විඳින කල්හි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඉන්දක නම් මාණවකයෙක් පිඬු පිණිස වැඩම වූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවීරයන් වහන්සේට පැහැදුනු සිතින් බත් හැන්දක් පිදීය. හෙතෙම මෑත කලෙක කළුරිය කොට ක්‍ෂේත්‍රගත පින්කමේ ආනුභාවයෙන් තව්තිසාවේ මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයකු වී ඉපිද දිව්‍යමය රූප සම්පත් ආදී දස ආකාරයකින් අඞ්කුර දේව පුත්‍රයා අභිභවා බබළයි. එහෙයින් කියන ලදී.

“කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන, අනුරුද‍්ධස‍්ස ඉන්‍දකො; සො හිත්‍වා මානුසං දෙහං, තාවතිංසූපගො අහු.

ඒ ඉන්දක දෙව් තෙමේ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ බත් දන් දී, මිනිසත් බව හැර පියා තව්තිසා දෙව්ලොවට පැමිණියේ විය.

“දසහි ඨානෙහි අඞ‍්කුරං, ඉන්‍දකො අතිරොචති; රූපෙ සද‍්දෙ රසෙ ගන්‍ධෙ, ඵොට‍්ඨබ‍්බෙ ච මනොරමෙ.

ඉන්දක දිව්‍ය පුත්‍රයා සම්පත් කරුණු දහයකින් අඞ්කුර දිව්‍ය පුත්‍රයා අභිබවා බබළයි. සිත්කළු වූ රූප සම්පත්තියෙන් ද, ශබ්දයෙන් ද, රසයෙන් ද, සුවඳින් ද, ස්පර්ශයෙන් ද,

“ආයුනා යසසා චෙව, වණ‍්ණෙන ච සුඛෙන ච; ආධිපච‍්චෙන අඞ‍්කුරං, ඉන්‍දකො අතිරොචතී”ති.

ආයු සම්පත්තියෙන් ද පිරිවර සම්පත්තියෙන් ද, ලස්සණ සම්පත්තියෙන් ද, සැප සම්පත්තියෙන් ද, ඓශ්වර්ය සම්පත්තියෙන් ද, ඉන්දික දෙවියා අඞ්කුර දෙවි මැඩ බබළයි.

තත්‍ථ රූපෙති රූපහෙතු, අත‍්තනො රූපසම‍්පත‍්තිනිමිත‍්තන‍්ති අත්‍ථො. සද‍්දෙතිආදීසුපි එසෙව නයො. ආයුනාති ජීවිතෙන. නනු ච දෙවානං ජීවිතං පරිච‍්ඡින‍්නප‍්පමාණං වුත‍්තං. සච‍්චං වුත‍්තං, තං පන යෙභුය්‍යවසෙන. තථා හි එකච‍්චානං දෙවානං යොගවිපත‍්තිආදිනා අන‍්තරාමරණං හොතියෙව. ඉන්‍දකො පන තිස‍්සො වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසහස‍්සානි පරිපූරෙතියෙව. තෙන වුත‍්තං “ආයුනා අතිරොචතී”ති. යසසාති මහතියා පරිවාරසම‍්පත‍්තියා . වණ‍්ණෙනාති සණ‍්ඨානසම‍්පත‍්තියා. වණ‍්ණධාතුසම‍්පදා පන “රූපෙ”ති ඉමිනා වුත‍්තායෙව. ආධිපච‍්චෙනාති ඉස‍්සරියෙන.

එහි රූපෙ - තමන්ගේ රූපසම්පත්තිය නිමිතිකොට යන අර්ථයි. රූපයේ හේතුව සද්දෙ - ශබ්ද අනිත් තැන්වල ද එම ක්‍රමයමයි. ආයුනා - දෙවියන්ගේ ආයුෂ පිරිසිදින ලද ප්‍රමාණයයි කියන ලද්දේ වේ ද? ඇත්තය එසේ කියන ලදී. එය වූ කලි බොහෝ වශයෙන් කියන කල (සාමාන්‍ය සම්ප්‍රදායයි) ප්‍රයෝග විපත්ති ආදියෙන් සමහර දෙවිවරුන්ගේ මරණය අතරතුර වන්නේය. ඉන්දික දෙවියා තුන් කෝටි හැට දහසක් අවුරුදු දෙව්ලොව ජීවත් විය. එහෙයින් ආයුනා අතිරොචතී - යයි කියන ලදී. යස්සා - මහත් වූ පිරිවර සම්පත්තිය. වණ්ණෙන - වර්ණ සම්පත්තිය, ලස්සන පෙනීම (රූපය හා පාට) මෙය රූපය සදහා කියන ලදී. ආධිපච්චෙතා - ඓශ්වර්යය.

එවං අඞ‍්කුරෙ ච ඉන්‍දකෙ ච තාවතිංසෙසු නිබ‍්බත‍්තිත්‍වා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තෙසු අම‍්හාකං භගවා අභිසම‍්බොධිතො සත‍්තමෙ සංවච‍්ඡරෙ ආසාළ‍්හිපුණ‍්ණමායං සාවත්‍ථිනගරද‍්වාරෙ කණ‍්ඩම‍්බරුක‍්ඛමූලෙ යමකපාටිහාරියං කත්‍වා අනුක‍්කමෙන තිපදවික‍්කමෙන තාවතිංසභවනං ගන‍්ත්‍වා පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං යුගන්‍ධරපබ‍්බතෙ බාලසූරියො විය විරොචමානො දසහි ලොකධාතූහි සන‍්නිපතිතාය දෙවබ්‍රහ‍්මපරිසාය ජුතිං අත‍්තනො සරීරප‍්පභාය අභිභවන‍්තො අභිධම‍්මං දෙසෙතුං නිසින‍්නො අවිදූරෙ නිසින‍්නං ඉන්‍දකං, ද‍්වාදසයොජනන‍්තරෙ නිසින‍්නං අඞ‍්කුරඤ‍්ච දිස‍්වා දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තිවිභාවනත්‍ථං –

මෙසේ අඞ්කුර හා ඉන්දක තව්තිසා දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් වළදන කල්හි, අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වන අවුරුද්දේ ඇසළ මස සැවැත්පුර ගණ්ඩබ්බ රුක් මුල්හි යමක ප්‍රාතිහාර්ය කොට අනුක්‍රමයෙන් තුන් පියවරින් තව්තිසා භවනයට ගොස් පරසතු රුක මුල පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩ හිඳ යුගන්‍ධර පර්වතයේ දෙවැනි සූර්යා මෙන් බබළමින් දශවිධ ලෝකධාතුවෙන් රැස් වූ දිව්‍ය බ්‍රහ්ම පිරිසගේ ආලෝකය තමන්ගේ ශරීරාලෝකයේ මැඩ පවත්වා, අභිධර්ම දේශනාව දෙසීමට වැඩහුන් වේලේ, ලඟ සිටි ඉන්දක දිව්‍ය පුත්‍රයා ද, දොළොස් යොදුනක් ඈත සිටි අඞ්කුර දිව්‍ය පුත්‍රයා ද දැක දක්ෂිණාර්හ සම්පත්තිය වර්ණනා කරනු පිණිස, මේ ගාථාව වදාළහ.

“මහාදානං තයා දින‍්නං, අඞ‍්කුර දීඝමන‍්තරං; අතිදූරෙ නිසින‍්නොසි, ආගච‍්ඡ මම සන‍්තිකෙ”ති. –

අඞ්කුරය තොප විසින් දීර්ඝ කාලයක් මහදන් දෙන ලදී. (එහෙත්) ඉතා දුරින් සිටින්නෙහිය. මාගේ හමුවට සමීපයට එව!

ගාථමාහ. තං සුත්‍වා අඞ‍්කුරො “භගවා මයා චිරකාලං බහුං දෙය්‍යධම‍්මං පරිච‍්චජිත්‍වා පවත‍්තිතම‍්පි මහාදානං දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තිවිරහෙන අඛෙත‍්තෙ වුත‍්තබීජං විය න උළාරඵලං අහොසි, ඉන්‍දකස‍්ස පන කටච‍්ඡුභික‍්ඛාදානම‍්පි දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තියා සුඛෙත‍්තෙ වුත‍්තබීජං විය අතිවිය උළාරඵලං ජාත”න‍්ති ආහ. තමත්‍ථං දස‍්සෙන‍්තෙ සඞ‍්ගීතිකාරා –

එය අසා අඞ්කුර තෙමේ, කියන්නේ, මා විසින් දීර්ඝකාලයක් බොහෝ දාන වස්තු පරිත්‍යාග කොට පවත්වන ලද මහා දන් දක්ෂිණාර්භ සම්පත්තිය නො ලැබීම නිසා කුඹුරක් නුවූ තැනෙක වපුරන ලද බීජ මෙන් මහත් ඵල නොලැබුනේය. ඉන්දක වනාහි එකම බත් හැන්දක් භික්ෂාව වසයෙන් පිදීම, දක්ෂිණාර්හ සම්පත්තියෙන් යුක්ත වූ බැවින් යහපත් කුඹුරක වපුල බීජ මෙන් මහත්ඵල මහානිසංස වූයේයයි කීය. එහි අර්ථය පහදන සඞ්ගීති කාරකයෝ.

“තාවතිංසෙ යදා බුද‍්ධො, සිලායං පණ‍්ඩුකම‍්බලෙ; පාරිච‍්ඡත‍්තයමූලම‍්හි, විහාසි පුරිසුත‍්තමො.

පුරුෂෝත්තම වූ බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොව පරසතු රුක්මුල පාණ්ඩුකම්බල ගල් අස්නෙහි යම් කලෙක වැඩ හුන්නේ ද?

“දසසු ලොකධාතූසු, සන‍්නිපතිත්‍වාන දෙවතා; පයිරුපාසන‍්ති සම‍්බුද‍්ධං, වසන‍්තං නගමුද‍්ධනි.

දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු රැස්ව මෙර මුදුනෙහි වසන්නා වූ බුදුහාමුදුරුවන් ඇසුරු කරති.

“න කොචි දෙවො වණ‍්ණෙන, සම‍්බුද‍්ධං අතිරොචති; සබ‍්බෙ දෙවෙ අතික‍්කම‍්ම, සම‍්බුද‍්ධොව විරොචති.

[missing trans]

“යොජනානි දස ද‍්වෙ ච, අඞ‍්කුරොයං තදා අහු; අවිදූරෙව බුද‍්ධස‍්ස, ඉන්‍දකො අතිරොචති.

අඞ්කුර දෙවි එකල්හි දොළොස් යොදුනක් ඈතින් සිටියේය. ඉන්දක දෙවියා බුදුරදුන්ට නුදුරින්ම බබළමින් සිටී.

“ඔලොකෙත්‍වාන සම‍්බුද‍්ධො, අඞ‍්කුරඤ‍්චාපි ඉන්‍දකං; දක‍්ඛිණෙය්‍යං සම‍්භාවෙන‍්තො, ඉදං වචනමබ්‍රවි.

බුදුහාමුදුරුවෝ අඞ්කුර ද, ඉන්‍දක ද දෙවිවරුන් බලා, දීමෙහි සුදුස්සා පිළිබඳව ප්‍රකාශ කරමි මෙසේ වදාළහ.

“මහාදානං තයා දින‍්නං, අඞ‍්කුරං දීඝමන‍්තරං; අතිදූරෙ නිසින‍්නොසි, ආගච‍්ඡ මම සන‍්තිකෙ.

[missing trans]

“චොදිතො භාවිතත‍්තෙන, අඞ‍්කුරො ඉදමබ්‍රවි; කිං මය‍්හං තෙන දානෙන, දක‍්ඛිණෙය්‍යෙන සුඤ‍්ඤතං.

බුදුහාමුදුරුවන් විසින් මෙහෙයවන ලද අඞ්කුර දිව්‍ය පුත්‍රයා මෙසේ කීයේය. මගේ දානය පිළිගැනීමට ඒ සඳහා සුදුස්සෝ නොසිටියහ. එවැනි දානයකින් කවර ප්‍රයෝජන ද?

“අයං සො ඉන්‍දකො යක‍්ඛො, දජ‍්ජා දානං පරිත‍්තකං; අතිරොචති අම‍්හෙහි, චන්‍දො තාරගණෙ යථා.

මේ ඉන්දක දෙවි තෙම ඉතා සුළු දානයක් දී තාරකා සමුහයක් මැද පුන්සඳ මෙන් අතිශයින් බබළයි.

“උජ‍්ජඞ‍්ගලෙ යථා ඛෙත‍්තෙ, බීජං බහුම‍්පි රොපිතං; න විපුලං ඵලං හොති, නපි තොසෙති කස‍්සකං.

යම්සේ තද භූමි භාගය ඇති පොළවෙහි (බොරළු පොළවක) බොහෝ කොට වපුරන බීජවලින් මහත් ප්‍රතිඵල නොලැබේ. ගොවියා සතුටු නොකෙරේ.

“තථෙව දානං බහුකං, දුස‍්සීලෙසු පතිට‍්ඨිතං; න විපුලං ඵලං හොති, නපි තොසෙති දායකං.

එසේම දුශ්ශීලයන් විෂයයෙහි පිහිටුවන ලද මහා දානය උදාර විපාක ඵල ලබා නොදේ. දායකයා සතුටට පත් නොවේ.

“යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ, බීජං අප‍්පම‍්පි රොපිතං; සම‍්මා ධාරං පවෙච‍්ඡන‍්තෙ, ඵලං තොසෙසි කස‍්සකං.

යම්සේ සරුසාර කෙතක වපුරන ලද බීජ ස්වල්ප වුවත්, මනාකොට වැසි ලද කල්හි ශස්‍ය ඵලය මහත් වී ගොවියා සතුටු කරවයි.

“තථෙව සීලවන‍්තෙසු, ගුණවන‍්තෙසු තාදිසු; අප‍්පකම‍්පි කතං කාරං, පුඤ‍්ඤං හොති මහප‍්ඵල”න‍්ති. – ගාථායො අවොචුං;

එසේම වූ ගුණවන්ත වූ, සිල්වතුන් කෙරෙහි, (විෂයයෙහි) කරන ලද ඉතා ස්වල්ප වූවත්, මහත් විපාක ඵල ලබා දෙයි.

තත්‍ථ තාවතිංසෙති තාවතිංසභවනෙ. සිලායං පණ‍්ඩුකම‍්බලෙති පණ‍්ඩුකම‍්බලනාමකෙ සිලාසනෙ පුරිසුත‍්තමො බුද‍්ධො යදා විහාසීති යොජනා.

එහි තාවතිංසෙ - තව්තිසා දෙව්ලොව, සිලාය පණ්ඩු කම්බලෙ - පාණ්ඩු කම්බල නම් වූ ගල් ආසනයෙහි, පුරිසුත්ත මො - බුදුන් වහන්සේ බබළන්නේය යන යෙදීමයි.

දසසු ලොකධාතූසු, සන‍්නිපතිත්‍වාන දෙවතාති ජාතිඛෙත‍්තසඤ‍්ඤිතෙසු දසසු චක‍්කවාළසහස‍්සෙසු කාමාවචරදෙවතා බ්‍රහ‍්මදෙවතා ච බුද‍්ධස‍්ස භගවතො පයිරුපාසනාය ධම‍්මස‍්සවනත්‍ථඤ‍්ච එකතො සන‍්නිපතිත්‍වා. තෙනාහ “පයිරුපාසන‍්ති සම‍්බුද‍්ධං, වසන‍්තං නගමුද‍්ධනී”ති, සිනෙරුමුද‍්ධනීති අත්‍ථො.

දස්සු ලොක ධාතුසු සන්තිපතිත්‍වාන දෙසනා - ජාති ක්ෂේත්‍ර වසයෙන් හඳුන්වන සක්වල දස දහසක කාමාවචර දෙවියෝ, බ්‍රහ්ම දෙවියෝ, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කිරීම, උන්වහන්සේගෙන් බණ ඇසීම සදහා රැස්වී, පයිරුපාසන්ති සම්බුද්ධං වසන්තං නග මුද්ධනි - මහමෙර මුදුනේ යන අර්ථයි.

යොජනානි දස ද‍්වෙ ච, අඞ‍්කුරොයං තදා අහූති අයං යථාවුත‍්තචරිතො අඞ‍්කුරො තදා සත්‍ථු සම‍්මුඛකාලෙ දස ද‍්වෙ යොජනානි අන‍්තරං කත්‍වා අහු. සත්‍ථු නිසින‍්නට‍්ඨානතො ද‍්වාදසයොජනන‍්තරෙ ඨානෙ නිසින‍්නො අහොසීති අත්‍ථො.

යොජනාති දස ද්වෙච අඞ්කුරොයං තදා අහු මේ යථා ලෙසින් කියන චරිතයකි. එකල අඞ්කුර දෙවියා බුදුන් හමුවන විට දොළොස් යොදුනක් ඈතින් සිටියෙහිය. ශාස්තෲන් වහන්සේ සිටි තැන සිට දොළොස් යොදුනක් ඈතින් සිටියේය යන අර්ථයි.

චොදිතො භාවිතත‍්තෙනාති පාරමිපරිභාවිතාය අරියමග‍්ගභාවනාය භාවිතත‍්තෙන සම‍්මාසම‍්බුද‍්ධෙන චොදිතො. කිං මය‍්හං තෙනාතිආදිකා සත්‍ථු පටිවචනවසෙන අඞ‍්කුරෙන වුත‍්තගාථා. දක‍්ඛිණෙය්‍යෙන සුඤ‍්ඤතන‍්ති යං දක‍්ඛිණෙය්‍යෙන සුඤ‍්ඤතං රිත‍්තකං විරහිතං තදා මම දානං, තස‍්මා “කිං මය‍්හං තෙනා”ති අත‍්තනො දානපුඤ‍්ඤං හීළෙන‍්තො වදති.

චොදිතො භාවිතන්තෙනා - පාරමිතා පූරණයෙන් ද, ආර්ය මාර්ග භාවනා වැඩීමෙන් ද යුක්ත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන්නේ. කිං මය්හං තෙනාති - ආදිය ශාස්තෲන් වහන්සේ පිළිතුරු වශයෙන් අඞ්කුර දෙවියන් විසින් කියන ලද ගාථා. එහි දක්‍ඛිණෙය්‍යෙන සුඤ්ඤතං - ශුන්‍ය වූ, හිස් වූ, විරහිත වූ දක්ෂිණාර්හ ගුණ ඇත්තන් විසින් එදා මගේ දානය පිළිගන්නා ලද හෙයින්, මාගෙ දානයාගේ පුණ්‍ය ඵල විපාකය නින්දාවට පැමිණියේය. (හීන, අල්ප, වූයේය)

යක‍්ඛොති දෙවපුත‍්තො. දජ‍්ජාති දත්‍වා. අතිරොචති අම‍්හෙහීති අත‍්තනා මාදිසෙහි අතිවිය විරොචති. හීති වා නිපාතමත‍්තං, අම‍්හෙ අතික‍්කමිත්‍වා අභිභවිත්‍වා විරොචතීති අත්‍ථො. යථා කින‍්ති ආහ “චන්‍දො තාරගණෙ යථා”ති.

යක්‍ඛො - දේව පුත්‍රයා - දජ්ජා යනු දී, අතීරොචති අම්හෙහි - මා හමුවෙහිම අතිශයින් බබළයි. හි යනු නිපාතයකි. අප ඉක්මවා මැඩපවත්වා බබළයි යන අර්ථයි. යම් සේ ද, චන්‍දො තාරගණො යථා තාරුකා සමූහයා අතර චන්ද්‍රයා මෙනී,

උජ‍්ජඞ‍්ගලෙති අතිවිය ථද‍්ධභූමිභාගෙ. “ඌසරෙ”ති කෙචි වදන‍්ති. රොපිතන‍්ති වුත‍්තං, වපිත්‍වා වා උද‍්ධරිත්‍වා වා පුන රොපිතං. නපි තොසෙතීති න නන්‍දයති, අප‍්පඵලතාය වා තුට‍්ඨිං න ජනෙති. තථෙවාති යථා උජ‍්ජඞ‍්ගලෙ ඛෙත‍්තෙ බහුම‍්පි බීජං රොපිතං විපුලඵලං උළාරඵලං න හොති, තතො එව කස‍්සකං න තොසෙති, තථා දුස‍්සීලෙසු සීලවිරහිතෙසු බහුකම‍්පි දානං පතිට‍්ඨාපිතං විපුලඵලං මහප‍්ඵලං න හොති, තතො එව දායකං න තොසෙතීති අත්‍ථො.

උජ්ජඞ්ගලෙ - අතිශය තද විෂම පොළවෙහි, කරමැටි බිමෙහි, සමහරු කියයි. රොපිත - කියන ලදී, වපුරා, උදුරා නැවත වැපිරීම. නපි තොසෙති - සතුටු නොවේ. ස්වල්ප පලදාව ඇති බැවින් සතුට නූපදී - තථෙවා යම් සේ කරමැටි බිමෙහි බොහෝ බීජ වපුරා මහත් වූ ඵල, උසස් වූ ඵල නොලැබෙන්නේ ද එවිට ගොවියා සතුටු නො වන්නේ ද, එසේම දුසිලුන් කෙරෙහි, සිල් නැත්තවුන් කෙරෙහි බොහෝ දාන වස්තූන් පිරිනැමුව ද, මහත් ප්‍රතිඵල, පැතුරුණු ප්‍රතිඵල නොලැබෙන්නේය, එයින් දායකයෝ සතුටු නොවෙති යන අර්ථයි.

යථාපි භද‍්දකෙති ගාථාද‍්වයස‍්ස වත‍්තවිපරියායෙන අත්‍ථයොජනා වෙදිතබ‍්බා. තත්‍ථ සම‍්මා ධාරං පවෙච‍්ඡන‍්තෙති වුට‍්ඨිධාරං සම‍්මදෙව පවත‍්තෙන‍්තෙ, අන්‍වඩ‍්ඪමාසං අනුදසාහං අනුපඤ‍්චාහං දෙවෙ වස‍්සන‍්තෙති අත්‍ථො. ගුණවන‍්තෙසූති ඣානාදිගුණයුත‍්තෙසු. තාදිසූති ඉට‍්ඨාදීසු තාදිලක‍්ඛණප‍්පත‍්තෙසු. කාරන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, උපකාරොති අත්‍ථො. කීදිසො උපකාරොති ආහ “පුඤ‍්ඤ”න‍්ති.

යථාපි භද්දකෙ - ගාථා දෙකෙහි කියන ලද විපර්යාස අර්ථ දත යුතුයි. එහි සම්මාධාරං පවෙච්ඡන්තෙ - යනු වැසි දහර යහපත්ව පවත්නා කල්හි, අඩ මසකින්, දස දිනකින්, පස් දිනකින් වර්ෂා ජලය ලද කල්හි යන අර්ථයි. ගුණවන්තෙසු යනු ධ්‍යානාදී ගුණ සම්පන්න වූ, තාදිසු - ඉෂ්ටාදී ආරම්මණයන්හි අකම්ප සමාන ලක්ෂණයට පැමිණියා වූ, තාරනති - ලිඞ්ග විපර්යාසය විසින් කියන ලදී. උපකාරය යන අර්ථයි. කෙබඳු උපකාරයක් ද? පුණ්‍ය උපකාර යයි කීයේය.

“විචෙය්‍ය දානං දාතබ‍්බං, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං; විචෙය්‍ය දානං දත්‍වාන, සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා.

යම් පුද්ගලයකු විෂයෙහි දෙන ලද දානය මහත්ඵල වේ ද? (පින්කෙත නුවණින්) සොයා දන් දිය යුතුය. නුවණින් සොයා දන් දෙන දායකයො ස්වර්ගයට යත්.

“විචෙය්‍ය දානං සුගතප‍්පසට‍්ඨං, යෙ දක‍්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ; එතෙසු දින‍්නානි මහප‍්ඵලානි, බීජානි වුත‍්තානි යථා සුඛෙත‍්තෙ”ති. –

මේ මිනිස් ලොවේ යම් දක්ෂිණාර්හයෝ වෙත් ද ඔවුන් පරීක්ෂා කොට දීම බුදුන් වහන්සේ විසින් පසස්නා ලදී. යහපත් කෙතෙහි වපුරන ලද බීජ යම් සේ (ඵල දරා ද) දක්ෂිණාර්හයන් විෂයෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තාහු වෙත්.

අයං සඞ‍්ගීතිකාරෙහි ඨපිතා ගාථා.

සංගීති කාරකයන් විසින් තබන ලද ගාථා.

තත්‍ථ විචෙය්‍යාති විචිනිත්‍වා, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං පඤ‍්ඤාය උපපරික‍්ඛිත්‍වා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි විචෙය්‍යා - පරීක්ෂාකර බලා - දක්ෂිණාව පිළිගැනීමට සුදුසු සිල්වත්හුම, ප්‍රඥාවෙන් පරීක්ෂාකර බලා. සෙසු සියල්ල කියන ලද්දේමය.

තයිදං අඞ‍්කුරපෙතවත්‍ථු සත්‍ථාරා තාවතිංසභවනෙ දසසහස‍්සචක‍්කවාළදෙවතානං පුරතො දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තිවිභාවනත්‍ථං “මහාදානං තයා දින‍්න”න‍්තිආදිනා අත‍්තනා සමුට‍්ඨාපිතං, තත්‍ථ තයො මාසෙ අභිධම‍්මං දෙසෙත්‍වා මහාපවාරණාය දෙවගණපරිවුතො දෙවදෙවො දෙවලොකතො සඞ‍්කස‍්සනගරං ඔතරිත්‍වා අනුක‍්කමෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනෙ විහරන‍්තො චතුපරිසමජ‍්ඣෙ දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තිවිභාවනත්‍ථමෙව “යස‍්ස අත්‍ථාය ගච‍්ඡාමා”තිආදිනා විත්‍ථාරතො දෙසෙත්‍වා චතුසච‍්චකථාය දෙසනාය කූටං ගණ‍්හි. දෙසනාවසානෙ තෙසං අනෙකකොටිපාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසීති.

මෙම අඞ්කුර වස්තුව ශාස්තෲන් වහන්සේ විසින් තව්තිසා දෙව්ලොව දී දස දහසක් සක්වළ දෙවියන් ඉදිරියේ දී දක්ෂිණාර්හයන්ගේ ප්‍රතිග්‍රාහ සම්පත්තිය වර්ණනා කරනු පිණිස මෙම දේශනා කරන ලදහ. මහාදානං තයා දින්නං - ආදිය තමන් වහන්සේ විසින්ම උපදවන ලදී. එහිදී තුන් මසක් අභිධර්මය දේශනා කොට මහා පවාරණ දිනයෙහි දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව, සර්වඥයන් වහන්සේ දෙව්ලොවින් නික්ම සංකස්ස නුවරට බැස අනු පිළිවෙළින් දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් සිව් පිරිස මැද දක්ෂිණාර්භ සම්පත් ප්‍රකාශ කරනු පිණිසම යස්ස අත්‍ථාය ගච්ඡමා ආදියෙන් විස්තර වශයෙන් දේශනා කොට, චතුරාර්ය සත්‍ය දේශනාව මුදුන් පැමිණවීය. දේශනාවන්ගේ කෙළවර නොයෙක් කෙළ දහස් ගණනකට ධර්මාභිසමය පහළ වූයේය.

අඞ‍්කුරපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

අඞ්කුර ප්‍රේත වස්තුව නිමියේය.