යෙදුමෙන් කියවන්න

අඞ‍්කුරපෙතවත්‍ථු නවමං

2. 9.

2. 9.

(වෙළඳ බමුණා අංකුර වෙළෙඳහට මෙසේ කියයි:)

258. යස‍්ස අත්‍ථාය ගච‍්ඡාම කම‍්බොජං ධනහාරාකා, අයං කාමදදො යක‍්ඛො ඉමං යක‍්ඛං නයාමසෙ.

258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝ ද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. (එහෙයින්) අපි මොහු ගෙන යමු.

259. ඉමං යක‍්ඛං ගහෙත්‍වාන සාධුකෙන පසය‍්හ වා, යානං ආරොපයිත්‍වාන ඛිප‍්පං ගච‍්ඡාම ද‍්වාරකන‍්ති.

259. කැමැත්තෙන් හෝ බලාත්කාරයෙන් හෝ මේ දෙවියා අල්වා යානයක නංවාගෙන වහා ද්වාරවතී නගරයට යමු.

260. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.

260. යම් ගසක සෙවණෙහි (යමෙක්) හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද (හේ) ඒ ගසේ අත්තක් නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහය ලාමක ය.

(බමුණා:)

261. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, ඛන්‍ධම‍්පි තස‍්ස ඡින්‍දෙය්‍ය අත්‍ථො චෙ තාදිසො සියා’ති.

261. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද, ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගසේ කඳ ද සිඳින්නේය.

(අංකුර:)

262. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා, න තස‍්ස පත‍්තං භින්‍දෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො’ති.

262. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් හේ ඒ ගසේ කොළයකුදු නො බිඳින්නේය. මිත්‍රද්‍රෝහය ලාමක ය.

(බමුණා:)

263. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, සමූලම‍්පි තං අබ‍්බූහෙය්‍ය අත්‍ථො චෙ තාදිසො සියා’ති.

263. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගස සහමුලින් ම උදුරන්නේ ය.

(අංකුර:)

264. යස‍්සෙකරත‍්තිම‍්පි ඝරෙ වසෙය්‍ය යත්‍ථන‍්නපානං පුරිසො ලභෙථ, න තස‍්ස පාපං මනසාපි චින‍්තයෙ කතඤ‍්ඤුතා සප‍්පුරිසෙහි වණ‍්ණිතා.

264. (යමෙක්) යම් පුද්ගලයකුගේ ගෙයි එක් රැයක් හෝ වෙසේ ද, යමකු සමීපයෙහි යම් පුරුෂයෙක් ආහාරපාන හෝ (යම්කිසි බොදුනක් හෝ) ලබන්නේ ද ඒ පුද්ගලයාට නපුරක් සිතිනුදු නො සිතන්නේ ය. කෘතඥභාවය වනාහි බුද්ධාදි උතුමන් විසින් වර්ණිත ද එහෙයිනි.

265. යස‍්සෙකරත‍්තිම‍්පි ඝරෙ වසෙය්‍ය අන‍්නෙන පානෙන උපට‍්ඨිතො සියා, න තස‍්ස පාපං මනසාපි චින‍්තයෙ අදූබ‍්භපාණී දහතෙ මිත‍්තදුබ‍්භිං.

265. (යමෙක්) එකරැයක් හෝ යමකුගේ ගෙහි වසන්නේ වේ ද, ආහාරයෙන් පානයෙන් උපස්ථාන හෝ කරන ලද වේ ද හේ ඔහුට සිතින් හෝ නපුරක් නො සිතන්නේය. අහිංසක අත් ඇත්තේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා වනසයි.

266. යො පුබ‍්බෙ කතකල්‍යාණො පච‍්ඡා පාපෙන හිංසති, අල‍්ලපාණිහතො පොසො න සො භද්‍රානි පස‍්සතී’ති

266. යමෙක් (යම් පුද්ගලයකු විසින්) පෙර කරන ලද උපකාර ඇත්තේ පසු කලෙක ඒ උපකාර කළහු නපුරු ක්‍රියාවකින් පෙළා නම් (අල්ලපාණි) උපකාරකයා නසනලද ඒ පුරුෂ තෙමේ යහපත නො දකී.

267. යො අප‍්පදුට‍්ඨස‍්ස නරස‍්ස දුස‍්සති සුද‍්ධස‍්ස පොසස‍්ස අනඞ‍්ගණස‍්ස, තමෙව බාලං පච‍්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත‍්තො’ති.

267. යමෙක් තමාට ද්වේෂ නො කරන ලද (රාගාදී) කෙලෙස් නැති පිරිසිදු සිත් ඇති මිනිසකුට ද්වේෂ කරයි ද ඒ පාප කර්‍මය (තෙමේ) උඩු සුළඟට දමනලද සියුම් රජස් මෙන් ඒ නුවණ නැති ඔහු වෙත ම (විපාක වශයෙන්) ආපසු එයි.

(යක්‍ෂයා:)

268. නාහං දෙවෙන වා මනුස‍්සෙන වා ඉස‍්සරියෙන වාහං න සුප‍්පසය‍්හො, යක‍්ඛොහමස‍්මි පරමිද‍්ධිපත‍්තො දූරඞ‍්ගමො වණ‍්ණබලූපපන‍්නො’ති.

268. මම දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ නො මැඩලිය හෙමි. ආධිපත්‍යයෙකින් හෝ නො මැඩලිය හෙමි. මම උතුම් ඍද්ධියට පැමිණි වහා ඉතා දුරයනු සමත් රූසපුවෙන් ද, සිරුරු බෙලෙන් ද යුතු යක්‍ෂයෙම් වෙමි.

269. පාණි තෙ සබ‍්බසොවණ‍්ණො පඤ‍්චධාරො මධුස‍්සවො, නානා රසා පග‍්ඝරන‍්ති මඤ‍්ඤෙහං තං පුරින්‍දදන‍්ති.

269. තොපගේ දකුණත හැමලෙසින් රන්වනැ. මිහිරිරස වැහෙන ධාරාපසක් ඇත්තේ ය. ඉන් නොයෙක් රස වැගිරෙයි. තොප සක් දෙවිඳු යයි මම සිතමි.

(දෙවිඳු:)

270. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නපි සක‍්කො පුරින්‍දදො පෙතං මං අඞ‍්කුර ජානාහි භෙරුවම‍්හා ඉධාගතන‍්ති.

270. මම ප්‍රසිද්ධ දෙවියෙක් ද නො වෙමි. ගඳඹෙක් ද පුරඳුරු නම් වූ සක්දෙවිඳු ද නො වෙමි. පින්වත් අංකුරය, “භේරුව නුවරින් මැරී අවුත් මෙහි උපන් ප්‍රේතයෙක්මි”යි මා දනුව.

(අංකුර:)

271. කිංසීලො කිංසමාචාරො භෙරුවස‍්මිං පුරෙ තුවං, කෙන තෙ බ්‍රහ‍්මචරියෙන පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣතී’ති

271. පෙර භේරුව නුවර දී තෙපි කෙබඳු සිල් ඇති වූහු ද? කෙබඳු දානසීලාදි කුසල පැවතුම් ඇති වූහු ද? කෙබඳු ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාවකින් තොපගේ අත්හි පින්පලය නිපයේ ද?

(දෙවිඳු:)

272. තුන‍්නවායො පුරෙ ආසිං භෙරුවස‍්මිං තදා අහං, සුකිච‍්ඡවුත‍්ති කපණො න මෙ විජ‍්ජති දාතවෙ.

272. පෙර මම් භේරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවිපැවැතුම් ඇති බැගෑපත් කෙනෙක් වීමි. දන්දීම සඳහා මට කිසිවක් නැති විය.

273. ආවෙසනඤ‍්ච මෙ ආසි අසය‍්හස‍්ස උපන‍්තිකෙ, සද‍්ධස‍්ස දානපතිනො කතපුඤ‍්ඤස‍්ස ලජ‍්ජිනො.

273. සැදැහැති දන්පතියකු වූ කළපින් ඇති පවට පිළිකුල් කරන අසය්හ සිටුහුගේ ගේ සමීපයෙහි මාගේ ගෙය ද විය.

274. තත්‍ථ යාචනකා යන‍්ති නානාගොත‍්තා වණිබ‍්බකා, තෙ ච මං තත්‍ථ පුච‍්ඡන‍්ති අසය‍්හස‍්ස නිවෙසනං.

274. නොයෙක් කුලවල උපන් සිඟන්නෝ ද ගුණ කියා ඉල්ලන්නෝ ද එතැනට පැමිණෙත්. ඔහු එහි දී අසය්හ සිටුහුගේ ගෙය මාගෙන් විචාරත්.

275. කත්‍ථ ගච‍්ඡාම භද‍්දං වො කත්‍ථ දානං පදීයතෙ, තෙසාහං පුට‍්ඨො වක‍්ඛාමි අසය‍්හස‍්ස නිවෙසනං.

275. තොපට යහපතක් වේවා. කොතැන්හි දන් දෙනු ලැබේ ද? අපි දන් ලැබීමට කොහි යමු ද? මෙසේ (ඔවුන් විසින්) විචාරන ලද මම අසය්හ සිටුහුගේ ගෙය ඔවුනට කියමි.

276. පග‍්ගය‍්හ දක‍්ඛිණං බාහුං එත්‍ථ ගච‍්ඡථ භද‍්දං වො, එත්‍ථ දානං පදීයතෙ අසය‍්හස‍්ස නිවෙසනෙ.

276. “අසය්හ සිටුහුගේ මේ නිවසෙහි දන්දෙනු ලැබේ. මෙතැනට යවු, තොපට යහපතක් වේවා”යි මම දකුණ’ත දිගුකොට කීවෙමි.

277. තෙන පාණි කාමදදො තෙන පාණි මධුස‍්සවො, තෙන මෙ බ්‍රහ‍්මචරියෙන පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති’ති.

277. ඒ පුණ්‍ය කර්‍ම හේතුයෙන් මාගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් මාගේ අත ඉෂ්ටවස්තු ගුරුවන්නේ වෙයි. මාගේ ඒ උතුම් හැසිරීම් හේතුයෙන් මා අත්හි පින්පල පහළ වේ.

(අංකුර:)

278. න කිර ත්‍වං අදා දානං සකපාණිහි කස‍්සචි, පරස‍්ස දානං අනුමොදමානො පාණිං පග‍්ගය‍්හ පාවදි.

278. තෙපි වූ කලි සිය අතින් කිසිවකුට දනක් නුදුන්නාව. අනෙකකුගේ දානය අනුමෝදන් වෙමින් අත දිගු කොට කීවහු වනැ.

279. තෙන පාණි කාමදදො තෙන පාණි මධුස‍්සවො, තෙන තෙ බ්‍රහ‍්මචරියෙන පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති.

279. ඒ හේතුයෙන් තොපගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් තොප අත ඉෂ්ටවස්තු ප්‍රසව කරන්නේ වෙයි. තොපගේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යායෙන් අත්හි පුණ්‍ය ඵලය පහළ වෙයි.

280. යො සො දානමදා භන‍්තෙ පසන‍්නො සකපාණිහි, සො හිත්‍වා මානුසං දෙහං කින‍්නු සො දිසතං ගතො’ති

280. පින්වත. යම් අසය්හ නම් සිටුවරයෙක් පහන් සිතැතිව සියතින් දන් දුන්නේ ද, හේ මිනිස් සිරුර හැර පියා කවර දෙසකට ගියේ වේ ද?

281. නාහං පජානාමි අසය‍්හසාහිනො අඞ‍්ගීරසස‍්ස ගතිං ආගතිං වා සුතඤ‍්ච මෙ වෙස‍්සවණස‍්ස සන‍්තිකෙ සක‍්කස‍්ස සහව්‍යතං ගතො අසය‍්හො’ති.

281. අන්‍යයන් විසින් ඉවසිය නොහැකි පරිත්‍යාගාදිය ඉවසන, සිරුරින් රැස් විහිදෙන අසය්හ සිටුහුගේ පරලොව ගමන හෝ යළි මෙලොවට ආගමනය මම නොදනිමි. වැළිත් අසය්හ සිටුතුමා ශක්‍රයාගේ සහභාවයට ගියේ යැ යි මා විසින් වෙසවුණු සමීපයෙහි දී අසන ලද.

(අංකුර:)

282. අලමෙව කාතුං කල්‍යාණං දානං දාතුං යථාරහං, පාණිං කාමදදං දිස‍්වා කො පුඤ‍්ඤං න කරිස‍්සති.

282. කිසියම් පිනක් කරන්නට සුදුසු ම ය, ශක්ති පරිදි දනක් දෙන්නට සුදුසු ම ය. කැමති සම්පත් දෙන අත දැක (මා වැනි) කවරෙක් නම් පිනක් නො කරන්නේ ද?

283. සො හි නූන ඉතො ගන‍්ත්‍වා අනුප‍්පත්‍වාන ද‍්වාරකං, දානං පට‍්ඨාපයිස‍්සාමි යං මමස‍්ස සුඛාවහං.

283. ඒ මම මේ වලිකතරින් ඉවත් වැ ගොස් ද්වාරවතී නුවරට පැමිණ යම් පිනක් මට සැප ඵලවනුයේ වේ නම් ඒ දානමය පින පවත්වන්නෙමි.

284. දස‍්සාමන‍්නඤ‍්ච පානඤ‍්ච වත්‍ථසෙනාසනානි ච, පපඤ‍්ච උදපානඤ‍්ච දුග‍්ගෙ සඞ‍්කමනානි ච.

284. අහර හා පැන් ද පිළී සහ සෙනසුන් ද දෙමි. පැන්හල් හා ළිං ද දුර්‍ගයන්හි හේ දඬු ද පිහිටුවන්නෙමි.

(අංකුර වෙනත් ප්‍රේතයකු දැක මෙසේ විචාරයි:)

285. කෙන තෙ අඞ‍්ගුලී කුණ‍්ඨා මුඛඤ‍්ච කුණ‍්ඩලීකතං, අක‍්ඛිනී ච පග‍්ඝරන‍්ති කිං පාපං පකතං තයා’ති.

285. කුමක් නිසා තොපගේ ඇඟිලි කුණුව වකුටු වී ද? මුහුණ කොඬොලක් මෙන් විකාර වූයේ ද? ඇසින් කබ වැහෙන්නේ ද? තොප විසින් කිනම් පවක් කරන ලද ද?

286. අඞ‍්ගීරසස‍්ස ගහපතිනො සද‍්ධස‍්ස ඝරමෙසිනො, තස‍්සාහං දානවිස‍්සග‍්ගෙ දානෙ අධිකතො අහුං.

286. සිරුරෙන් රැස් විහිදෙන, ගැහැවියෙක් වූ, සැදැහැති, ගිහිගෙයි වසන, ඒ අසය්හ සිටුහුගේ දන්දෙන තැන දන් දීමෙහි අධිකාරි වශයෙන් මම පත්කරන ලද වෙමි.

287. තත්‍ථ යාචනකෙ දිස‍්වා ආගතෙ භොජනත්‍ථිකෙ, එකමන‍්තං අපක‍්කම‍්ම අකාසිං කුණ‍්ඩලීමුඛං.

287. එහි අහර පිණිස පැමිණි යදියන් දැක මම එකත් පසෙකට ඉවත් වැ මුහුණ හැකිළවූයෙමි.

288. තෙන මෙ අඞ‍්ගුලී කුණ‍්ඨා මුඛඤ‍්ච කුණ‍්ඩලීකතං, අක‍්ඛිනී ච පග‍්ඝරන‍්ති තං පාපං පකතං මයා’ති.

288. එහෙයින් මාගේ ඇඟිලි වකුටු විය. මුහුණ ද හැකුළුණේ විය. ඇසින් කඳුළු වැගිරේ. ඒ පව මා විසින් කරන ලද.

(අංකුර:)

289. ධම‍්මෙන තෙ කාපුරිස මුඛඤ‍්ච කුණ‍්ඩලීකතං, අක‍්ඛීනි ච පග‍්ඝරන‍්ති, යං ත්‍වං පරස‍්ස දානස‍්ස අකාසි කුණ‍්ඩලීමුඛන‍්ති.

289. නින්‍දිත පුරුෂය, තොපි යම් හෙයෙකින් මෙරමා ගේ දනට මුව හැකිළවීම් කළහු ද, එහෙයින් ධර්‍මය අනුව තොපගේ මුහුණ හැකිළිණි. ඇස් ද කඳුළු වගුරයි.

290. කථං හි දානං දදමානො කරෙය්‍ය පරපත‍්තියං, අන‍්නං පානං ඛාදනීයං වත්‍ථසෙනාසනානි චා’ති.

290. ආහාර පාන ද කෑයුතු දෑ ද පිළී හා සෙනසුන් ද දෙන පුරුෂ කෙසෙයින් මෙරමා ලවා සිදු කටයුත්තක් කරන්නේ ද.

291. සො හි නූන ඉතො ගන‍්ත්‍වා අනුප‍්පත්‍වාන ද‍්වාරකං, දානං පට‍්ඨාපයිස‍්සාමි යං මමස‍්ස සුඛාවහං.

291. ඒ මම මෙයින් ගොස් ද්වාරවතී නුවරට පැමිණ මෙලොව පරලොව සැප උපදවන මහදන් පවත්වන්නෙමි.

292. දස‍්සාමනනඤ‍්ච පානඤ‍්ච වත්‍ථසෙනාසනානි ච, පපඤ‍්ච උදපානඤ‍්ච දුග‍්ගෙ සඞ‍්කමනානි චා’ති.

292. ආහාර පාන ද පිළී හා සෙනසුන් ද පැන්සල් සහ දිය පොකුණු ද දුර්‍ගමස්ථානයෙහි හේ දඬු පාලම් ද කරවා දෙන්නෙමි.

293. තතො හි සො නිවත‍්තිත්‍වා අනුප‍්පත්‍වාන ද‍්වාරකං, දානං පට‍්ඨාපයි අඞ‍්කුරො යං තුමස‍්ස සුඛාවහං.

293. ඒ අංකුර තෙමේ ඒ මරුකතරින් පෙරළා නික්මැ ද්වාරවතී නුවරට පැමිණ යම් දනක් තමහට සැප එළවා නම් ඒ මහදන් පැවැත්වී ය.

294. අදා අන‍්නඤ‍්ච පානඤ‍්ච වත්‍ථසෙනාසනානි ච, පපඤ‍්ච උදපානඤ‍්ච විප‍්පසන‍්නෙන චෙතසා.

294. පහන් සිතින් යුතු වැ අහර හා පැන් ද, පිළී සහ සෙනසුන් ද පැන්හල් සහ දියපොකුණු ද දුන්නේ ය.

295. කො ඡාතො කො ච තසිතො කො වත්‍ථං පරිවස‍්සති, කස‍්ස සන‍්තානි යොග‍්ගානි ඉතො යොජෙන‍්තු වාහනං.

295. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පවස් ඇත්තේ ද කවරෙක් පිළී වැළඳගන්නේ වේ ද කවරෙකු ගේ රියෙහි ගොන්නු විඩාවට පැමිණියාහු ද මේ වාහන සමූහයෙන් කැමැති වාහනයක් යොදා ගනිත්වා.

296. කො ඡත‍්තිච‍්ඡති ගන්‍ධඤ‍්ච කො මාලං කො උපාහනං, ඉතිස‍්සු තත්‍ථ ඝොසෙන‍්ති කප‍්පකා සූදමාගධා: සදා සායඤ‍්ච පාතො ච අඞ‍්කුරස‍්ස නිවෙසනෙ’ති.

296. කවරෙක් කුඩ කැමැත්තේ ද කවරෙක් ගඳ - මල් කැමැත්තේ ද කවරෙක් වහන් කැමැත්තේ දෑ යි මෙසේ කියමින් ඒ අංකුරගේ නිවසෙහි කපුවෝ ද අරක්කැමියෝ ද සුවඳ දෙන්නෝ ද හැම දා උදයසවස ඝෝෂා කෙරෙති.

(අංකුර සින්‍ධකට කියයි)

297. සුඛං සුපති අඞ‍්කුරො ඉති ජානාති මං ජනො, දුක‍්ඛං සුපාමි සින්‍ධක යං න පස‍්සාමි යාචකෙ.

297. අංකුර සැපසේ නිදති යි මහජන තෙමේ මා (ගැන) දනියි. සින්‍ධකය, යම් හෙයෙකින් මම යදියන් නො දක්නෙම් ද, එහෙයින් (මම) දුකසේ නිදමි.

298. සුඛං සුපති අඞ‍්කුරො ඉති ජානාති මං ජනො, දුක‍්ඛං සුපාමි සින්‍ධක අප‍්පකෙසු වණිබ‍්බකෙ.

298. අංකුර සැපසේ නිදති යි ජන තෙමේ මා දනියි. ගුණ කියමින් යදිනවුන් (දන්සැලෙහි) මද වූකල්හි සින්‍ධකය මම දුකසේ නිදමි.

(සින්‍ධක:)

299. සක‍්කො චෙ තෙ වරං දජ‍්ජා තාවතිංසානමිස‍්සරො, කිස‍්ස සබ‍්බස‍්ස ලොකස‍්ස වරමානො වරං වරෙ’ති.

299. තව්තිසා වැසි දෙවියන්ට ද සියලු ලෝකයාට ද ප්‍රධාන වූ ශක්‍ර තෙමේ තොපට වරයක් දෙන්නේ නම් වර කැමැති වූ තෙපි කිනම් වරයක් අයදිනහු ද?

300. සක‍්කො චෙ මෙ වරං දජ‍්ජා තාවතිංසානමිස‍්සරො, කාලුට‍්ඨිතස‍්ස මෙ සතො සුරියස‍්සුග‍්ගමනං පති. දිබ‍්බා භක‍්ඛා පාතූභවෙය්‍යුං සීලවන‍්තො ච යාචකා,

300-301. ඉඳින් තව්තිසා වැසියනට ඉසුරුවූ සක්දෙවිඳු මට වරයක් දෙන්නේ නම් මෙබඳු වරයක් සක්දෙවිඳුගෙන් පතමි. එනම්: අලුයම නගී සිටි මට හිරු උදාවන වේලෙහි ම දිව්‍යමය ආහාරයෝ පහළ වෙත්වා. යදියෝ සිල්වත් වෙත්වා. දන්දෙන මාගේ දානවස්තුව නො ගෙවේවා. දන් දී මම පසුතැවිලි නො වෙම්වා. දන්දෙමින් සිත පහදවම්වා යනු යි.

301. දදතො මෙ න ඛීයෙථ දත්‍වා නානුතපෙය්‍යහං, දදං චිත‍්තං පසාදෙය්‍යං එවං සක‍්කං වරං වරෙ’ති.

(නීති ශාස්ත්‍රයෙහි නිපුණ සෝණක:)

302. න සබ‍්බවිත‍්තානි පරෙ පවෙච‍්ඡෙ දදෙය්‍ය දානඤ‍්ච ධනඤ‍්ච රක‍්ඛෙ, තස‍්මා හි දානා ධනමෙව සෙය්‍යො අතිප‍්පදානෙන කුලා න හොන‍්ති.

302. සියලු වස්තූපකරණයෙන් අන්හට නො දෙන්නේය. දන් ද දෙන්නේ ය, ධනය ද රක්නේ ය. එහෙයින් දන් දීමට වඩා ධනය ම උතුම් වෙයි. අධික දානයෙන් කුලයෝ නො පවතිත්.

303. අදානමතිදානඤ‍්ච නප‍්පසංසන‍්ති පණ‍්ඩිතා තස‍්මා හි දානා ධනමෙව සෙය්‍යො, සමෙන වත‍්තෙය්‍ය සධීරධම‍්මො’ති.

303. නුවණැත්තෝ අදානයත් අතිදානයත් නො පසසත්, එහෙයින් දානයට වඩා ධනය ම උතුම් වෙයි. දීම් නො දීම් දෙක්හි සම ලෙස පවත්නේ ය, එය වූ කලි නැණැතියන් ගිය මග යි.

304. අහො වතාරෙ අහමෙව දජ‍්ජං සන‍්තො හි මං සප‍්පුරිසා භජෙය්‍යුං, මෙඝොව නින‍්නානභිපූරයන‍්තො සන‍්තප‍්පයෙ සබ‍්බවණිබ‍්බකානං.

304. (අංකුර:) භවත, සෝනකය, මම දන් දෙන්නෙම් ම යැ. සන්හුන් තිදොර ඇති සත්පුරුෂයෝ මා ඇසුරු කෙරෙත්වා. පහත්බිම් මනා ලෙස පුරවමින් වසින මහාමේඝයක් මෙන් සියලු යදිදනන්ගේ මන දොළ සන්තර්‍පණය කෙරෙම්වා.

305. යස‍්ස යාචනකෙ දිස‍්වා මුඛවණ‍්ණො පසීදති, දත්‍වා අත‍්තමනො හොති තං ඝරං වසතො සුඛං.

305. යදියන් දැක යමෙකුගේ මුඛවර්‍ණය පැහැපත් වේ ද, යමෙක් දන් දී සතුටු සිතැති වේ ද, ඒ ගෙය (එහි) වසන්නහුට සැප වේ.

306. යස‍්ස යාචනකෙ දිස‍්වා මුඛවණ‍්ණො පසීදති, දත්‍වා අත‍්තමනො හොති එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා.

306. යදියන් දැක යමකුගේ මුඛවර්‍ණය පහදී ද, දන් දී යමෙක් තුටු සිත් ඇති වේ ද, මෝ දානය පිළිබඳ සම්පත්තියි.

307. පුබ‍්බෙව දානා සුමනො දදං චිත‍්තං පසාදයෙ, දත්‍වා චත‍්තමනො හොති එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා’ති.

307. දන් දීමෙන් පෙර ම සතුටු සිත් ඇත්තේ වේ ද, දන් දෙන විටත් සිත පහදවන්නේ වේ ද, දන් දී අවසන්හිත් සතුටු සිත් ඇත්තේ වේ ද, මෝ දානයාගේ සම්පත් වේ.

308. සට‍්ඨිවාහසහස‍්සානි අඞ‍්කුරස‍්ස නිවෙසනෙ, භොජනං දීයතෙ නිච‍්චං යඤ‍්ඤපෙක‍්ඛස‍්ස ජන‍්තුනො.

308. දන් දීමෙහි ම අදහස් ඇති අංකුර රජුගේ නිවෙසෙහි ගැල් සැටදහසක අහර නිතර සත්ත්‍වවර්‍ගයාට දෙනුලැබේ.

309. තිසහස‍්සානි සූදා හි ආමුත‍්තමණිකුණ‍්ඩලා, අඞ‍්කුරං උපජීවන‍්ති දානෙ යඤ‍්ඤස‍්ස ව්‍යාවටා.

309. මහායාග යැ යි නම් කරනු ලැබූ මේ දානයෙහි යෙදී සිටි නොයෙක් මිණිකොඬොල් පැළඳි තුන්දහසක් පමණ අරක්කැමියෝ අංකුර රජු නිසා ජීවත් වෙත්.

310. සට‍්ඨිපුරිසසහස‍්සානි ආමුත‍්තමණිකුණ‍්ඩලා, අඞ‍්කුරස‍්ස මහාදානෙ කට‍්ඨං ඵාලෙන‍්ති මාණවා.

310. පළන් මිණි කොඬොල් ඇති සැට දහසක් තරුණ පුරුෂයෝ ඒ අංකුර රජුගේ මහාදානයෙහි දර පළත්.

311. සොළසිත්‍ථිසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, අඞ‍්කුරස‍්ස මහාදානෙ විධා පිණ‍්ඩෙන‍්ති නාරියො.

311. අංකුර රජුගේ මහාදානයෙහි සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ කුළුබඩු අඹරා පිඬු කරත්.

312. සොළසිත්‍ථිසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, අඞ‍්කුරස‍්ස මහාදානෙ දබ‍්බිගාහා උපට‍්ඨිතා.

312. අංකුර රජුගේ මහදනගැ සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ හැඳිගත් අත් ඇතිව එළඹ සිටියෝ වෙත්.

313. බහුං බහුන‍්නං පාදාසි චිරං පාදාසි ඛත‍්තියො, සක‍්කච‍්චඤ‍්ච සහත්‍ථා ච චිත‍්තීකත්‍වා පුනප‍්පුනං.

313. ඒ රජ නන් දනහට බොහෝ කලක් බොහෝ දන් දුන්නේ ය. සකස් කොට ද සියතින් ද ගරුබුහුමන් පෙරදැරි කොට පුනපුනා දුන්නේය.

314. බහූ මාසෙ ච පක‍්ඛෙ ච උතුසංවච‍්ඡරානි ච, මහාදානං පවත‍්තෙසි අඞ‍්කුරො දීඝමන‍්තරං.

314. අංකුර තෙමේ බොහෝ මාසගණනක් මුළුල්ලෙහි ද බොහෝ පක්‍ෂ ගණනක් මුළුල්ලෙහි ද බොහෝ ඍතු මුළුල්ලෙහි ද බොහෝ අවුරුදු මුළුල්ලෙහි ද දිගුකලක් මහදන් දුන්නේ ය.

315. එවං දත්‍වා යජිත්‍වා ච අඞ‍්කුරො දීඝමන‍්තරං, සො හිත්‍වා මානුසං දෙහං තාවතිංසූපගො අහූ’ති.

315. මෙසේ අංකුර දිගුකලක් දන් දී මහායාග කොට මිනිස් සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.

316. කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන අනුරුද‍්ධස‍්ස ඉන්‍දකො, සො හිත්‍වා මානුසං දෙහං තාවතිංසූපගො අහූ.

316. ඒ ඉන්‍දක තරුණයා අනුරුත් තෙරුන්හට සැන්දක් පමණ බත් දී මිනිසත් බව හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.

317. දසහි ඨානෙහි අඞ‍්කුරං ඉන්‍දකො අතිරොචති, රූපෙ සද‍්දෙ රසෙ ගන්‍ධෙ ඵොට‍්ඨබ‍්බෙ ච මනොරමෙ.

317-318. ඉන්‍දක දෙවිඳු අංකුර දෙව්පුතුට වඩා දස කරුණෙකින් අධික වැ බබළයි. මනහර වූ රූපයෙන් ද ශබ්දයෙන් ද රසයෙන් ද සුවඳින් ද පහසින් ද ආයුෂයෙන් ද පරිවාර සම්පත්තියෙන් ද සිරුරු පැහැයෙන් ද සැපයෙන් ද ඉසුරෙන් ද ඉන්‍දක අංකුර පසුබා බබළයි.

318. ආයුනා යසසා චෙව වණ‍්ණෙන ච සුඛෙන ච, ආධිපච‍්චෙන අඞ‍්කුරං ඉන්‍දකො අතිරොචතී’ති.

(බුදුහු:)

319. මහාදානං තයා දින‍්නං අඞ‍්කුරො දීඝමන‍්තරං, අතිදූරෙ නිසින‍්නොසි ආගච‍්ඡ මම සන‍්තිකෙ’ති.

319. අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි දැන් ඉතා දුර සිටිනහු, මා වෙත එවු.

320. තාවතිංසෙ යදා බුද‍්ධො සිලායං පණ‍්ඩුකම‍්බලෙ, පාරිච‍්ඡත‍්තකමූලම‍්හී විහාසි පුරිසුත‍්තමො.

320. යම් කලෙක පුරුෂෝත්තම වූ බුදුහු තව්තිසා දෙව්ලොවැ පරසතුරුක්මුලැ පඬු ඇඹුල් සලස්නේහි වුසූහු ද,

321. දසසු ලොකධාතූසු සන‍්නිපතිත්‍වාන දෙවතා, පයිරුපාසන‍්ති සම‍්බුද‍්ධං වසන‍්තං නගමුද‍්ධනි.

321. දසදහසක් ලෝධාහි දෙවියෝ රැස් වැ මෙර මුදුනෙහි වසන සම්බුදුන් ඇසුරු කෙරෙත්.

322. න කොචි දෙවො වණ‍්ණෙන සම‍්බුද‍්ධං අතිරොචති, සබ‍්බෙ දෙවෙ අධිගය‍්හ සම‍්බුද‍්ධොව විරොචති.

322. කිසි දෙවිකෙනෙක් සිරුරු පැහැයෙන් බුදුනට වඩා නො බබළති. බුදුහු ම සියලු දෙවියන් අබිබවා බබළති.

323. යොජනානි දස ද‍්වෙ ච අඞ‍්කුරොයං තදා අහු, අවිදූරෙව බුද‍්ධස‍්ස ඉන්‍දකො අතිරොචති.

323. මේ අංකුර එකලැ දොළොස් යොදනක් පමණ දුරැ විය. ඉන්‍දක වූකලි බුදුන්හට නුදුරු තැන ම අධික වැ බබළයි.

324. ඔලොකෙත්‍වාන සම‍්බුද‍්ධො අඞ‍්කුරඤ‍්චාපි ඉන්‍දිකං, දක‍්ඛිණෙය්‍යං පභාවෙන‍්තො ඉදං වචනමබ්‍රුවී.

324-325. බුදුහු අංකුර ද ඉන්‍දක ද බලා දන් පිළිගැනීමට සුදුස්සා පැහැදිලි කෙරෙමින් මේ වචන කීහු: අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි ඉතා දුරැ සිටිනහු. මා වෙත ඒවු.

325. මහාදානං තයා දින‍්නං අඞ‍්කුරො දීඝමන‍්තරං, අතිදූරෙ නිසින‍්නොසි ආගච‍්ඡ මම සන‍්තිකෙ.

326. චොදිතො භාවිතත‍්තෙන අඞ‍්කුරො ඉදමබ්‍රුවි, කිං මය‍්හං තෙන දානෙන දක‍්ඛිණෙය්‍යෙන සුඤ‍්ඤතං.

326. භාවිත සිත් ඇති බුදුන් විසින් මෙහෙයුම් ලද අංකුර මේ වචනය කී ය: දක්‍ෂිණාර්‍හයන්ගෙන් හිස් වූ මාගේ දානයෙන් කවර ප්‍රයෝජන ද?

327. අයං සො ඉන්‍දකො යක‍්ඛො දජ‍්ජා දානං පරිත‍්තකං, අතිරොචති අම‍්හෙහි චන්‍දො තාරාගණෙ යථා.

327. ඒ මේ ඉන්‍දක දෙව්පිත් සුලු දනක් දී තරුගණ මැද සඳ මෙන් අප අබිබවා බබළයි.

328. උජ‍්ජඞ‍්ගලෙ යථා ඛෙත‍්තෙ බීජං බහුකම‍්පි රොපිතං, න විපුලං ඵලං හොති නපි තොසෙති කස‍්සකං.

328. යම් සේ ඉතා තදබිම ඇති කෙතෙහි වපුළ බිජුවට බොහෝ වුව ද මහත්ඵල නො වේ ද, එය කස්සකයා නො ම සතුටු කෙරේ ද,

329. තථෙව දානං බහුකං දුස‍්සීලෙසු පතිට‍්ඨිතං, න විපුලං ඵලං හොති නපි තොසෙති දායකං.

329. එසේ ම දුශ්ශීලයන් කෙරෙහි පිහිටුවන ලද මහාදානය මහඟු ඵල දෙන්නේ නො වේ. එය කස්සකයා නො ම සතුටු කෙරේ.

330. යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ බීජං අප‍්පම‍්පි රොපිතං, සම‍්මා ධාරං පවෙච‍්ඡන‍්තෙ ඵලං තොසෙති කස‍්සකං.

330. යම්සේ යහපත් කෙතෙකැ වපුළ බිජුවට අල්ප වුව ද වැසි දහර මොනොවට පවත්නා කලැ ඵලය (අස්වැන්න) ගොවියා සතුටු කෙරේ ද?

331. තථෙව සීලවන‍්තෙසු ගුණවන‍්තෙසු තාදිසු, අප‍්පකම‍්පි කතං කාරං පුඤ‍්ඤං හොති මහප‍්ඵල’න‍්ති.

331. එසේ ම ධ්‍යානාදි ගුණවත් තාදී (නොසෙල්වෙන) ලක්‍ෂණයෙන් යුත් සිල්වතුන් කෙරෙහි කරන ලද පුණ්‍යෝපකාරය ස්වල්ප වුව ද මහත් ඵල ඇත්තේ වෙයි.

332. විචෙය්‍ය දානං දාතබ‍්බං යත්‍ථ දින‍්නං මහප‍්ඵලං, විචෙය්‍ය දානං දත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා.

332. යමකු විෂයෙහි දෙන දන මහත්ඵල වේ නම් එබඳු පින්කෙත නුවණින් පිරික්සා දියයුතු ය. දායකයෝ නුවණින් පිරික්සා දන් දී සුගතියට යෙති.

333. විචෙය්‍ය දානං සුගතප‍්පසත්‍ථං යෙ දක‍්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ, එතෙසු දින‍්නානි මහප‍්ඵලානි බීජානි වුත‍්තානි යථා සුඛෙත‍්තෙ’ති.

333. මේ මිනිස් ලොවැ දන් පිළිගැනීමට සුදුසු යම් පුද්ගලයෝ වෙත් ද ඔවුන් නුවණින් පිරික්සා දන් දීම බුදුන් විසින් පසස්නා ලද. යහපත් කෙතෙහි වපුළ බිජුවට යම්සේ ද, එසේ ම මේ දක්‍ෂිණාර්‍හයන් විෂයෙහි දුන් දන ද මහත්ඵල වේ.

අඞ‍්කුරපෙතවත්‍ථු නවමං.

අංකුර ප්‍රේතවස්තු යි.