යෙදුමෙන් කියවන්න

උත‍්තරමාතුපෙතවත්‍ථු දසමං

2. 10.

2. 10.

334. දිවාවිහාරගතං භික‍්ඛුං ගඞ‍්ගාතීරෙ නිසින‍්නකං, තං පෙතී උපසඞ‍්කම‍්ම දුබ‍්බණ‍්ණා භීරුදස‍්සනා.

334.විවරණ වූ බියකරු දැකුම් ඇති ප්‍රෙති දිවාවිහරණයේ යෙදී ගංතෙර හුන් ඒ භික්‍ෂූහු වෙත එළඹියා.

335. කෙසා චස‍්සා අතිදීඝා යාව භූමාවලම‍්බරෙ, කෙසෙහි සා පටිච‍්ඡන‍්නා සමණං එතදබ්‍රවී.

335. ඇගේ කෙස් වැටිය ද ඉතා දිග ය. බිම දක්වා එල්බෙයි. කෙහෙයෙන් පිළිසන් වූ ඕ මහණහට මේ වචනය කීවා.

336. පඤ‍්චපණ‍්ණාසවස‍්සානි යතො කාලකතා අහං, නාභිජානාමි භුත‍්තං වා පීතං වා පන පානීයං: දෙහි ත්‍වං පානීයං භන‍්තෙ තසිතා පානීයාය මෙ’ති.

336. වහන්ස, මම යම්දවසක කලුරිය කළා වෙම් නම් එතැන් සිට පස්පනස් වසරක් මුළුල්ලෙහි අනුභව කළ අහරක් හෝ පූ පැනක් නො දනිමි. පවසින් පෙළුණෙමි. පැන් පිණිස (ඇවිදිනා) මට තෙපි පැනක් දෙවු.

(භික්‍ෂු:)

337. අයං සීතොදිකා ගඞ‍්ගා හිමවන‍්නතො සන්‍දති, පිව එත‍්තො ගහෙත්‍වාන කිං මං යාචසි ජානීයං.

337. සිහිල් දිය ඇති මේ ගඟ හිමවත් පව්වෙන් ගලා බසී. මේ ගඟින් දිය ගෙන පානය කරව, කුමක් හෙයින් මා (ගෙන්) පැන් යදිහි ද?

(ප්‍රේතී:)

338. සචාහං භන‍්තෙ ගඞ‍්ගාය සයං ගණ‍්හාමි පානීයං, ලොහිතං මෙ පරිවත‍්තති තස‍්මා යාචාමි පානීයං.

338. වහන්ස, ඉඳින් මම ගඟෙහි පැන් තොමෝ ම ගන්නෙම් නම් එය මට ලෙයට පෙරළෙයි. එහෙයින් (තොප) පැන් යදිමි.

(භික්‍ෂු:)

339. කින‍්නු කායෙන වාචාය මනසා දුක‍්කටං කතං, කිස‍්ස කම‍්මවිපාකෙන ගඞ‍්ගා තෙ හොති ලොහිතන‍්ති.

339. කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් ගඟ (දිය) තිට ලේ වෙයි ද?

(ප්‍රේතී:)

340. පුත‍්තො මෙ උත‍්තරො නාම සද‍්ධො ආසි උපාසකො, සො මය‍්හං අකාමාය සමණානං පවෙච‍්ඡති.

340-341. මාගේ උත්තර නම් පුත් සැදැහැවත් උපාසකයෙක් විය. හේ මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු ද පිණ්ඩපාතය ද සෙනසුන් සහ ගිලන් පස ද දෙයි. මසුරුකමින් පෙළුණු මම ඔහුට මෙසේ පරිභව කෙරෙමි:

341. චීවරං පිණ‍්ඩපාතඤ‍්ච පච‍්චයං සයනාසනං, තමහං පරිභාසාමි මච‍්ඡෙරෙන උපද‍්දුතා.

342. යං ත්‍වං මය‍්හං අකාමාය සමණානං පවෙච‍්ඡසි, චීවරං පිණ‍්ඩපාතඤ‍්ච පච‍්චයං සයනාසනං.

342. යම් හෙයෙකින් තෙපි මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු පිණ්ඩපාත ප්‍රත්‍යය සෙනසුන් දෙවු ද?

343. එතං තෙ පරලොකස‍්මිං ලොහිතං හොතු උත‍්තරං තස‍්ස කම‍්ම විපාකෙන ගඞ‍්ගා මෙ හොති ලොහිත’න‍්ති.

343. “උත්තරය, මේ සියල්ල ම තොපට පරලොව දී ලේ වේවා” යනුයි. ඒ පව්කම්හි විපාකයෙන් ගඟ දිය මට ලේ වෙයි.

උත‍්තරමාතුපෙතවත්‍ථු දසමං.

උත්තරමාතෘ ප්‍රේතවස්තු යි.