සුත‍්තපෙතවත්‍ථු එකාදසමං
2. 11.
2. 11.
344. අහං පුරෙ පබ‍්බජිතස‍්ස භික‍්ඛුනො සුත‍්තං අදාසිං උපගම‍්ම යාචිතා, තස‍්ස විපාකො විපුලඵලූපලබ‍්භති බහූ ච මෙ උපපජ‍්ජරෙ වත්‍ථකොටියො.
344. පෙර මා වෙත අවුත් (නූල්) ඉල්ලූ පැවිදි වූ කෙලෙසුන් සුන් (එක් පසේ බුදුවරයකුට) මම නූල් දිනිමි. ඒ දන්හි මහත් ඵලය දැන් ලැබේ. බොහෝ වූ වස්ත්‍ර යුගළයෝ මට උපදිති.
345. පුප‍්ඵාභිකිණ‍්ණං රමිතං විමානං අනෙකචිත‍්තං නරනාරිසෙවිතං, සාහං භුඤ‍්ජාමි ච පාරුපාමි ච පහූතචිත‍්තා න ච තාව ඛීයති.
345. මලින් ගැවසුණු මනහර, නොයෙක් චිත්‍ර ඇති, නරනාරීන් විසින් සෙවුනා ලද දෙව්විමන ඒ මම පරිභෝග කරමි. කැමැති පිළියක් පොරොවාගනිමි. බොහෝ සම්පත් ඇත්තී වෙමි. ඒ ධනය ද නො පිරිහෙයි.
346. තස‍්සෙව කම‍්මස‍්ස විපාකමන්‍වයා සුඛඤ‍්ච සාතඤ‍්ච ඉධූපලබ‍්භති, සාහං ගන‍්ත්‍වා පුනරෙව මානුසං කාහාමි පුඤ‍්ඤානි නයය්‍යපුත‍්ත මං.
346. ඒ සූත්‍රදානමය පිනෙහි හේතුවෙන් සුබ විපාක වූ මේ මිහිරි සුවය මේ විමනෙහි දී ලැබේ. නැවතත් මිනිස් ලොවට ගොස් ඒ මම පින් කරන්නෙමි. ස්වාමිපුත්‍රය, මා එහි පමුණුවන්න.
347. සත‍්ත තුවං වස‍්සසතා ඉධාගතා ජිණ‍්ණා ච වුද‍්ධා ච තහිං භවිස‍්සසි, සබ‍්බෙව තෙ කාලකතා ච ඤාතකා කිං තත්‍ථ ගන‍්ත්‍වාන ඉතො කරිස‍්සසි.
347. තෙපි සත්සියවසෙකින් මතුයෙහි මෙහි ආවවු ය. (කර්‍මානුභාවයෙන් තරුණ ලෙසින් මෙතෙක් කල් සිටි තොප මිනිස් ලොවට ගියහොත්) ජරායෙන් දැදුරු වැ එහි දී මහලු වන්නවු ය. තොපගේ සියලු ම නෑයෝ ද කලුරිය කළහ. මෙතැනින් එහි ගොස් තෙපි කුමක් කරන්න වු ද?
348. සත‍්තෙව වස‍්සානි ඉධාගතාය මෙ දිබ‍්බඤ‍්ච සුඛඤ‍්ච සමප‍්පිතාය, සාහං ගන‍්ත්‍වා පුනරෙව මානුසං කාහාමි පුඤ‍්ඤානි නයය්‍යපුත‍්ත මන‍්ති.
348. ස්වාමිපුත්‍රය, මෙහි පැමිණි දෙව් සැපත් වැළඳූ මට සත්වසක් ඉක්මියේ යයි හඟිමි. ඒ මම නැවතත් මිනිස් ලොවට ගොස් පින් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්න.
349. සො තං ගහෙත්‍වාන පසය‍්හ බාහායං පච‍්චානයිත්‍වාන ථෙරිං සුදුබ‍්බලං, වදෙසි අඤ‍්ඤම‍්පි ජනං ඉධාගතං කරොථ පුඤ‍්ඤානි සුඛූපලබ‍්භති.
349. ඒ විමාන ප්‍රේත තෙමේ මහලු වූ ඉතා දුබල වූ ඒ ස්ත්‍රිය අතින් අල්වාගෙන බලාත්කාරයෙන් මෙන් ගමට පමුණුවා මෙසේ කී ය; “පින් කරවු සුව ලැබේ”යී මෙතැන පැමිණි අනෙක් ජනයාට ද කියව.
350. දිට‍්ඨා මහා අකතෙන සාධුනා පෙතා විහඤ‍්ඤන‍්ති තථෙව මානුසා, කම‍්මඤ‍්ච කත්‍වා සුඛවෙදනීයං දෙවා මනුස‍්සා ච සුඛෙ ඨිතා පජාති.
350. රැස් නො කළ කුශලකර්‍මයන් හේතුකොට ගෙන, ප්‍රෙතයෝ ද එසේම මනුෂ්‍යයෝ ද වෙහෙසෙත්. සුව විපාක දෙන පින්කම් කොට සැපතෙහි පිහිටි දෙවි වූත් මනුෂ්‍ය වූත් ප්‍රජා තොමෝ මා විසින් දක්නා ලදු.