යෙදුමෙන් කියවන්න

11. සුත‍්තපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

11. සුත‍්තපෙතවත්‍ථුවණ‍්ණනා

11. සූත්ත ප්‍රේතවස්තු වර්ණනාව

අහං පුරෙ පබ‍්බජිතස‍්ස භික‍්ඛුනොති ඉදං සුත‍්තපෙතවත්‍ථු. තස‍්ස කා උප‍්පත‍්ති? සාවත්‍ථියා කිර අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං ගාමකෙ අම‍්හාකං සත්‍ථරි අනුප‍්පන‍්නෙයෙව සත‍්තන‍්නං වස‍්සසතානං උපරි අඤ‍්ඤතරො දාරකො එකං පච‍්චෙකබුද‍්ධං උපට‍්ඨහි. තස‍්ස මාතා තස‍්මිං වයප‍්පත‍්තෙ තස‍්සත්‍ථාය සමානකුලතො අඤ‍්ඤතරං කුලධීතරං ආනෙසි. විවාහදිවසෙයෙව ච සො කුමාරො සහායෙහි සද‍්ධිං න‍්හායිතුං ගතො අහිනා දට‍්ඨො කාලමකාසි, “යක‍්ඛගාහෙනා”තිපි වදන‍්ති. සො පච‍්චෙකබුද‍්ධස‍්ස උපට‍්ඨානෙන බහුං කුසලකම‍්මං කත්‍වා ඨිතොපි තස‍්සා දාරිකාය පටිබද‍්ධචිත‍්තතාය විමානපෙතො හුත්‍වා නිබ‍්බත‍්ති, මහිද‍්ධිකො පන අහොසි මහානුභාවො.

“අහං පුරෙ පබ්බජිතස්ස භික්‍ඛුනො” යනු මේ සුත්ත ප්‍රේත වස්තුවයි. එය කා වෙනුවෙන් උපන්නේ ද? සැවැත් නුවර සමීප වූ එක්තරා ගමක, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ නොවූ කල්හිම අවුරුදු හත් සියයකට පෙර එක්තරා දරුවෙක් එක් පසේ බුදු නමකට උපස්ථාන කළේය. ඔහුගේ මව ඔහු තරුණ වයසට පැමිණි කල්හි, සමාන කුලයකින් ඔහුට එක්තරා කුල දියණියක් විවාහ කොට ගෙන ආවාය. විවාහ දවසෙහිම ඒ තරුණයා යහළුවන් සමග දිය නෑම සඳහා ගියේ සර්පයකු විසින් දෂ්ට කරන ලදුව මිය ගියේය. යකෙකු විසින් ගන්නා ලදයි සමහරු කියති. හෙතෙම පසේ බුදුවරයාට උපස්ථාන කරමින් බොහෝ කුශල කර්මයන් රැස් කළ සිටියත් (විවාහක) ඒ දැරිය කෙරෙහි පිළිබඳ සිත් ඇති බැවින් විමාන ප්‍රේතයෙක් වී උපනි. හේ මහාර්ධි සම්පන්නය. මහේසාක්‍යය මහානුභාව සම්පන්නය.

අථ සො තං දාරිකං අත‍්තනො විමානං නෙතුකාමො “කෙන නු ඛො උපායෙන එසා දිට‍්ඨධම‍්මවෙදනීයකම‍්මං කත්‍වා මයා සද‍්ධිං ඉධ අභිරමෙය්‍යා”ති තස‍්සා දිබ‍්බභොගසම‍්පත‍්තියා අනුභවනහෙතුං වීමංසන‍්තො පච‍්චෙකබුද‍්ධං චීවරකම‍්මං කරොන‍්තං දිස‍්වා මනුස‍්සරූපෙන ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, සුත‍්තකෙන අත්‍ථො අත්‍ථී”ති ආහ. “චීවරකම‍්මං කරොමි, උපාසකා”ති. “තෙන හි, භන‍්තෙ, අසුකස‍්මිං ඨානෙ සුත‍්තභික‍්ඛං චරථා”ති තස‍්සා දාරිකාය ගෙහං දස‍්සෙසි. පච‍්චෙකබුද‍්ධො තත්‍ථ ගන‍්ත්‍වා ඝරද‍්වාරෙ අට‍්ඨාසි. අථ සා පච‍්චෙකබුද‍්ධං තත්‍ථ ඨිතං දිස‍්වා පසන‍්නමානසා “සුත‍්තකෙන මෙ අය්‍යො අත්‍ථිකො”ති ඤත්‍වා එකං සුත‍්තගුළං අදාසි. අථ සො අමනුස‍්සො මනුස‍්සරූපෙන තස‍්ස දාරිකාය ඝරං ගන‍්ත්‍වා තස‍්සා මාතරං යාචිත්‍වා තාය සද‍්ධිං කතිපාහං වසිත්‍වා තස‍්සා මාතුයා අනුග‍්ගහත්‍ථං තස‍්මිං ගෙහෙ සබ‍්බභාජනානි හිරඤ‍්ඤසුවණ‍්ණස‍්ස පූරෙත්‍වා සබ‍්බත්‍ථ උපරි නාමං ලිඛි “ඉදං දෙවදත‍්තියං ධනං න කෙනචි ගහෙතබ‍්බ”න‍්ති, තඤ‍්ච දාරිකං ගහෙත්‍වා අත‍්තනො විමානං අගමාසි. තස‍්සා මාතා පහූතං ධනං ලභිත්‍වා අත‍්තනො ඤාතකානං කපණද‍්ධිකාදිනඤ‍්ච දත්‍වා අත‍්තනා ච පරිභුඤ‍්ජිත්‍වා කාලං කරොන‍්තී “මම ධීතා ආගච‍්ඡති චෙ, ඉදං ධනං දස‍්සෙථා”ති ඤාතකානං කථෙත්‍වා කාලමකාසි.

එකල්හි ඒ විමාන ප්‍රේත තෙමේ ඒ තරුණිය තමාගේ විමනට ගෙන එනු කැමැත්තේ කවර උපායකින් මෑ ඉහාත්මයෙහිම විපාක දෙන්නා වූ කුශල කර්මයක් කොට මා හා සමාන මේ විමන්හි සිත් අලවන්නේදැයි කියා ඇයට දිව්‍ය සම්පත් විඳීමට හේතු විමසමින්, පසේ බුදුන් සිවුරක් මසනු දැක මිනිස් වෙසින් එහි ගොස් වැඳ ස්වාමීනි නූල් වලින් ප්‍රයෝජන ඇත්තේදැයි ඇසීය. උපාසකය මම සිවුරක් මහමියි පසේ බුදුන් වදාළහ. එසේ නම් ස්වාමීනි අසවල් තැනට නූල් සඳහා පිඬු සිඟා වඩිනු මැනවැයි ඒ කුමරියගේ ගෙය පෙන්වීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩමවා ගෙදොර වැඩසිටි සේක. එකල්හි එහි වැඩ සිටිය පසේ බුදුන් දැක ඒ තරුණිය මාගේ ආර්යයන් වහන්සේට නූල්වලින් වැඩ ඇතැයි සිතා දැන පහන් සිතින් එක් නූල් ගුලියක් පූජා කළාය. එවිට ඒ විමාන ප්‍රේතයා, මිනිස් වෙසින් ඒ ගෙට ගොස් ඇගේ මවට යාඥා කොට ඈ සමග කීප දවසක් වාසය කොට, ඇගේ මවට අනුග්‍රහ පිණිස ඒ ගෙයි සියලු භාජනයන් රන් රුවන්වලින් පුරවා “මේ දෙවියන් විසින් දුන් ධනය කිසිවකු විසින් නොගතයුතු යයි කියා සියලු භාජනවල මතුපිට ලියා, ඒ තරුණිය රැගෙන තම විමානයට ගියහ. ඇගේ මව බොහෝ ධන සම්පත් ලබා තම නෑදැයින්ට ද දුගී මගී යාචකාදීන්ට ද දී තමන් ද අනුභව කොට කළුරිය කරන්නී, ඉදින් මගේ දියණිය ආයේ නම්, ආ දිනක මේ ධනය ඇයට පෙන්වන්නැයි කියා කළුරිය කළාය.

තතො සත‍්තන‍්නං වස‍්සසතානං අච‍්චයෙන අම‍්හාකං භගවති ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුක‍්කමෙන සාවත්‍ථියං විහරන‍්තෙ තස‍්සා ඉත්‍ථියා තෙන අමනුස‍්සෙන සද‍්ධිං වසන‍්තියා උක‍්කණ‍්ඨා උප‍්පජ‍්ජි. සා තං “සාධු, අය්‍යපුත‍්ත, මං සකඤ‍්ඤෙව ගෙහං පටිනෙහී”ති වදන‍්තී –

ඉක්බිතිව අවුරුදු සත් සියයක් ඇවෑමෙන්, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දත් ඇතිව, අනුපිළිවෙලින් සැවැත් නුවර වාසය කරන කල්හි, ඒ විමාන ප්‍රේතයා සමග විසූ ඒ ස්ත්‍රියට කළකිරීමක් ඇති විය. ඕ ඔහුට කීවාය. ආර්ය පුත්‍රය මා මගේ (උපන්) නිවසට නැවත පමුණුවනු මැනවි.

“අහං පුරෙ පබ‍්බජිතස‍්ස භික‍්ඛුනො, සුත‍්තං අදාසිං උපසඞ‍්කම‍්ම යාචිතා; තස‍්ස විපාකො විපුලඵලූපලබ‍්භති, බහුකා ච මෙ උප‍්පජ‍්ජරෙ වත්‍ථකොටියො.

මම පෙර මා වෙත පිඬු සිඟා පැමිණි ප්‍රව්‍රජිත නම් වූ, භික්ෂු වූ පසේ බුදුන්ට නූල් ගුටියක් පිදීම්. ඒ දානයාගේ මහත්ඵල විපාකය දැන් ලබමි. බොහෝ වූ කෝටි ගණන් වස්ත්‍රයෝ මට උපදිති.

“පුප‍්ඵාභිකිණ‍්ණං රමිතං විමානං, අනෙකචිත‍්තං නරනාරිසෙවිතං; සාහං භුඤ‍්ජාමි ච පාරුපාමි ච, පහූතවිත‍්තා න ච තාව ඛීයති.

මලින් ගැවසුනා වූ සිත් අලවන නොයෙක් චිත්‍රකර්ම ඇති නොයෙක් විසිතුරින් බබලන ස්ත්‍රී පුරුෂයන් විසින් සෙවුනා ලද, මේ විමන මම පරිභෝග කරමි. පොරවා ගනිමි (කැමති සළුවක්) බොහෝ වස්තු උපකරණ ඇත. ඒවා ක්ෂය නොවේ.

“තස‍්සෙව කම‍්මස‍්ස විපාකමන්‍වයා, සුඛඤ‍්ච සාතඤ‍්ච ඉධූපලබ‍්භති; සාහං ගන‍්ත්‍වා පුනදෙව මානුසං, කාහාමි පුඤ‍්ඤානි නයය්‍යපුත‍්ත ම”න‍්ති. –

ඒ කුසල කර්මයේ හේතුවෙන් සැප විපාක වූ සැපය මේ විමානයෙහි දී ලැබේ. ඒ මම නැවත ද මිනිස් ලොවට ගොස් කුසල් දහම් කරන්නෙමි ආර්ය පුත්‍රය මා මගේ නිවසට පමුණුවනු මැනවි.

ඉමා ගාථා අභාසි.

මේ අදහස් පහළ කළහ.

තත්‍ථ “පබ‍්බජිතස‍්ස භික‍්ඛුනො”ති ඉදං පච‍්චෙකබුද‍්ධං සද‍්ධාය වුත‍්තං. සො හි කාමාදිමලානං අත‍්තනො සන‍්තානතො අනවසෙසතො පබ‍්බාජිතත‍්තා පහීනත‍්තා පරමත්‍ථතො “පබ‍්බජිතො”ති, භින‍්නකිලෙසත‍්තා “භික‍්ඛූ”ති ච වත‍්තබ‍්බතං අරහති. සුත‍්තන‍්ති කප‍්පාසියසුත‍්තං. උපසඞ‍්කම‍්මාති මය‍්හං ගෙහං උපසඞ‍්කමිත්‍වා. යාචිතාති “උද‍්දිස‍්ස අරියා තිට‍්ඨන‍්ති, එසා අරියාන යාචනා”ති (ජා· 1.7.59) එවං වුත‍්තාය කායවිඤ‍්ඤත‍්තිපයොගසඞ‍්ඛාතාය භික‍්ඛාචරියාය යාචිතා. තස‍්සාති තස‍්ස සුත‍්තදානස‍්ස. විපාකො විපුලඵලූපලබ‍්භතීති විපුලඵලො උළාරඋදයො මහාඋදයො විපාකො එතරහි උපලබ‍්භති පච‍්චනුභවීයති. බහුකාති අනෙකා. වත්‍ථකොටියොති වත්‍ථානං කොටියො, අනෙකසතසහස‍්සපභෙදානි වත්‍ථානීති අත්‍ථො.

එහි පබ්බජිතස්ස භික්‍ඛුනො - යනු මෙය පසේ බුදුන් සඳහා කියන ලදී. හෙතෙම තමාගේ කාමාදී වූ ක්ලේශ පරම්පරාව ඉතිරි නොකොට විනාශ කළ බැවින්, ප්‍රව්‍රජිතයෙක් වූ බැවින් පරමාර්ථ වශයෙන් ප්‍රව්‍රජිත යයි කියයි. බිඳුනු කෙළෙස් ඇති බැවින් භික්ඛු යයි කීමට සුදුසුයි. සුත්තං - යනු කපු පුළුනෙන් තැනූ නූල්, උපගම්මා යනු මගේ ගෙට පැමිණ, යාචිතා - යනු ආර්යයෝ උදෙසා සිටිත් මේ ආර්යයන්ගේ ඉල්ලීමයි. මෙසේ කියා ඇත. කාය විඤ්ඤත්ති ප්‍රයෝග වශයෙන් - කයින් කරන හැඟවිම් වශයෙන් භික්ෂාවෙහි යෙදීම ඉල්ලීම, තස්සා - යනු ඇගේ නූල් දානයේ, විපාකො විපුල ඵලුප ලබ්හති - යනු මහත්ඵල මහා විපාක ලබයි. භුක්ති විඳියි. බහු යනු නොයෙක් වත්‍ථ කොටියො - නොයෙක් දහදහස් ගණන් විවිධ වූ වර්ණවත් වූ වස්ත්‍ර යන අර්ථයි.

අනෙකචිත‍්තන‍්ති නානාවිධචිත‍්තකම‍්මං, අනෙකෙහි වා මුත‍්තාමණිආදීහි රතනෙහි විචිත‍්තරූපං. නරනාරිසෙවිතන‍්ති පරිචාරකභූතෙහි නරෙහි නාරීහි ච උපසෙවිතං. සාහං භුඤ‍්ජාමීති සා අහං තං විමානං පරිභුඤ‍්ජාමි. පාරුපාමීති අනෙකාසු වත්‍ථකොටීසු ඉච‍්ඡිතිච‍්ඡිතං නිවාසෙමි චෙව පරිදහාමි ච. පහූතවිත‍්තාති පහූතවිත‍්තූපකරණා මහද‍්ධනා මහාභොගා. න ච තාව ඛීයතීති තඤ‍්ච විත‍්තං න ඛීයති, න පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡති.

අනෙක චිත්තං - යනු නොයෙක් චිත්‍ර කර්ම නොයෙක් මුතු මැණික් රුවන් ආදියෙන් විසිතුරු රූප, නරනාරි සෙවිතං යනු ස්ත්‍රීන් හා පුරුෂයන් වූ පිරිවර ඇසුරු කරමින් සාහං භුඤ්ජාමි යනු ඒ මම විමානය පරිභෝග කරමි. පාරුපාමි යනු කැමති කැමති පරිද්දෙන් නොයෙක් කෙළගණන් වස්ත්‍ර හඳිමි, පොරවමි පහුත චිත්තා - යනු බොහෝ වූ පුළුල් වූ ගෘහෝපකරණ මහා වස්තුව මහත් සම්පත් තාව ඛීයති - යනු ඒ වස්තුව ක්ෂය නොවේ. ගෙවීයාමක් විනාශ වීමත් නොවේ.

තස‍්සෙව කම‍්මස‍්ස විපාකමන්‍වයාති තස‍්සෙව සුත‍්තදානමයපුඤ‍්ඤකම‍්මස‍්ස අන්‍වයා පච‍්චයා හෙතුභාවෙන විපාකභූතං සුඛං, ඉට‍්ඨමධුරසඞ‍්ඛාතං සාතඤ‍්ච ඉධ ඉමස‍්මිං විමානෙ උපලබ‍්භති. ගන‍්ත්‍වා පුනදෙව මානුසන‍්ති පුන එව මනුස‍්සලොකං උපගන‍්ත්‍වා. කාහාමි පුඤ‍්ඤානීති මය‍්හං සුඛවිසෙසනිප‍්ඵාදකානි පුඤ‍්ඤානි කරිස‍්සාමි, යෙසං වා මයා අයං සම‍්පත‍්ති ලද‍්ධාති අධිප‍්පායො. නයය්‍යපුත‍්ත මන‍්ති, අය්‍යපුත‍්ත, මං මනුස‍්සලොකං නය, නෙහීති අත්‍ථො.

තස්සෙව කම්මස්ස විපාකමන්‍වයා ඒ නූල් දීම නම් වූ පුණ්‍ය කර්මයේ මෙලොවදීම විපාක දීමේ හේතුවෙන් ලද විපාකය වූ කලී සුවයි. මිහිරියි මනෝඥයි සිත්කළුයි ඒ සියලු සුවයන් මේ විමානයේ ලැබෙයි. ගනත්‍වා පුනරෙව මානුසං - යනු නැවත මිනිස් ලොවට ගොස්, කාහාමි පුඤ්ඤානි යනු මාගේ සුඛ විශේෂයන් වැඩි දියුණු කර ගැනීම සඳහා පින් කරන්නෙමි. මේ සා සම්පත් ලැබීමේ අදහසයි. නයය්‍ය පුත්ත මං - යනු ආර්ය පුත්‍රය මා මිනිස් ලොවට පමුණුවව ගෙනයව යන අර්ථයි.

තං සුත්‍වා සො අමනුස‍්සො තස‍්සා පටිබද‍්ධචිත‍්තතාය අනුකම‍්පාය ගමනං අනිච‍්ඡන‍්තො –

එය අසා ඒ විමාන ප්‍රේතයා ඈ පිළිබඳ සිතින් හා අනුකම්පායෙන් ගමන පිළිබදව අකමැත්තේ,

“සත‍්ත තුවං වස‍්සසතා ඉධාගතා, ජිණ‍්ණා ච වුඩ‍්ඪා ච තහිං භවිස‍්සසි; සබ‍්බෙව තෙ කාලකතා ච ඤාතකා, කිං තත්‍ථ ගන‍්ත්‍වාන ඉතො කරිස‍්සසී”ති. –

තී අවුරුදු සත්සියයකට පෙර මෙහි පැමිණියාය. මිනිස් ලොව දී ජරාවටත් වයෝවෘද්ධ බවටත් පැමිණෙන්නීය. තීගේ සියළුම නෑයෝ ද කළුරිය කළාහුය. මෙතැනින් එහි ගොස් තී කුමක් කරන්නී ද?

ගාථමාහ. තත්‍ථ සත‍්තාති විභත‍්තිලොපෙන නිද‍්දෙසො, නිස‍්සක‍්කෙ වා එතං පච‍්චත‍්තවචනං. වස‍්සසතාති වස‍්සසතතො, සත‍්තහි වස‍්සසතෙහි උද‍්ධං තුවං ඉධාගතා ඉමං විමානං ආගතා, ඉධාගතාය තුය‍්හං සත‍්ත වස‍්සසතානි හොන‍්තීති අත්‍ථො. ජිණ‍්ණා ච වුඩ‍්ඪා ච තහිං භවිස‍්සසීති ඉධ දිබ‍්බෙහි උතුආහාරෙහි උපථම‍්භිතත‍්තභාවා කම‍්මානුභාවෙන එත‍්තකං කාලං දහරාකාරෙනෙව ඨිතා. ඉතො පන ගතා කම‍්මස‍්ස ච පරික‍්ඛීණත‍්තා මනුස‍්සානඤ‍්ච උතුආහාරවසෙන ජරාජිණ‍්ණා වයොවුඩ‍්ඪා ච තහිං මනුස‍්සලොකෙ භවිස‍්සසි. කින‍්ති? සබ‍්බෙව තෙ කාලකතා ච ඤාතකාති දීඝස‍්ස අද‍්ධුනො ගතත‍්තා තව ඤාතයොපි සබ‍්බෙ එව මතා, තස‍්මා ඉතො දෙවලොකතො තත්‍ථ මනුස‍්සලොකං ගන‍්ත්‍වා කිං කරිස‍්සසි, අවසෙසම‍්පි ආයුඤ‍්ච ඉධෙව ඛෙපෙහි, ඉධ වසාහීති අධිප‍්පායො.

එහි සත්තා - යනු විභත්ති ලෝපයෙන් දක්වයි. පලායාමෙහි ඉවත්ව යාමෙහි පවත්නා (වර්තමාන) වචනයි. වස්සසතා - යනු අවුරුදු සත් සියයකින් අවුරුදු සත් සියයකට පෙර ඔබ මේ විමානයට ආවාය. ඔබගේ පැමිණීමෙන් දැන් අවුරුදු සත් සියයක් ගෙවී ඇත යන අර්ථයි. ජිණ්ණාච වුද්ධාච තනිං හවිස්සසි - යනු මේ දිව්‍යමය වූ ආහාර නිසා සෘතු නිසා එළඹුනු තත්ත්වයන් අනුව මෙපමණ කල් කර්මානුභාවයෙන් තරුණියක වශයෙන් සිටියාය. මෙයින් වෙන්ව ගිය කල්හි කර්ම පිරිහී යාම නිසා මනුෂ්‍යයන්ගේ සෘතු හා ආහාර නිසා ජරාජීර්ණ වී, වයසට පැමිණ මිනිස් ලොව සිටින්නේය. කිමෙක් ද? සබ්බෙව තෙ කාලකතා ඤාතකා යනු දීර්ඝ කාලයක් ගතවීම නිසා ඔබගේ සියලුම ඤාතීහු මිය ගියහ. එහෙයින් මේ දෙව්ලොවින් මිනිස් ලොවට ගොස් ඔබ කුමක් කරන්නෙහි ද? ඉතිරි ආයුෂ ප්‍රමාණය ද මෙහිම ගෙවව, මෙහිම වසව යන අදහසයි.

එවං තෙන වුත‍්තා සා තස‍්ස වචනං අසද‍්දහන‍්තී පුනදෙව –

මෙසේ ඔහු විසින් කියන ලද ද ඔහුගේ වචන නො අසා ඇය නැවත කියන්නේ.

“සත‍්තෙව වස‍්සානි ඉධාගතාය මෙ, දිබ‍්බඤ‍්ච සුඛඤ‍්ච සමප‍්පිතාය; සාහං ගන‍්ත්‍වා පුනදෙව මානුසං, කාහාමි පුඤ‍්ඤානි නයය්‍යපුත‍්ත ම”න‍්ති. –

හිමියනි! මෙතනට පැමිණ දිව්‍ය සම්පත් වින්දා වූ මං අවුරුදු සතක්ම ගෙවුණි. ඒ මම නැවත මිනිස් ලොවට ගොස් පින් දහම් කරන්නෙමි. එබැවින් ආර්ය පුත්‍රය මා මගේ නිවසට ඇරලනු මැනැවි.

ගාථමාහ. තත්‍ථ සත‍්තෙව වස‍්සානි ඉධාගතාය මෙති, අය්‍යපුත‍්ත, මය‍්හං ඉධාගතාය සත‍්තෙව වස‍්සානි මඤ‍්ඤෙ වීතිවත‍්තානි. සත‍්ත වස‍්සසතානි දිබ‍්බසුඛසමප‍්පිතාය බහුම‍්පි කාලං ගතං අසල‍්ලක‍්ඛෙන‍්තී එවමාහ.

එහි සත්තෙව වස්සානි ඉධාගතාය - ස්වමී පුත්‍රය! මගේ මෙහි පැමිණීමෙන් වර්ෂ සත් සියක් ඉක්මගියේ යයි හඟිමි. කල් යැවීය. වසර සත්සියයක්. දිව්‍ය සම්පත්තියන් දීර්ඝ කාලයක් තුළ විඳීම නිසා කල් ගතවීම නො සලකමින් මෙසේ කීහ.

එවං පන තාය වුත‍්තො සො විමානපෙතො නානප‍්පකාරං තං අනුසාසිත්‍වා “ත්‍වං ඉදානි සත‍්තාහතො උත‍්තරි තත්‍ථ න ජීවිස‍්සසි, මාතුයා තෙ නික‍්ඛිත‍්තං මයා දින‍්නං ධනං අත්‍ථි, තං සමණබ්‍රාහ‍්මණානං දත්‍වා ඉධෙව උප‍්පත‍්තිං පත්‍ථෙහී”ති වත්‍වා තං බාහායං ගහෙත්‍වා ගාමමජ‍්ඣෙ ඨපෙත්‍වා “ඉධාගතෙ අඤ‍්ඤෙපි ජනෙ ‘යථාබලං පුඤ‍්ඤානි කරොථා’ති ඔවදෙය්‍යාසී”ති වත්‍වා ගතො. තෙන වුත‍්තං –

මෙසේ ඈ විසින් ඇවිටිලි කරන ලද්දා වූ විමාන ප්‍රේත තෙමේ නොයෙක් ආකාරයෙන් ඇයට කරුණු කියාත්, තී මෙයින් සත් දිනකට වැඩිය ජීවත් නොවෙයි. තීගේ මැණියන් විසින් තබන ලද මා විසින් දුන් ධනය ඇත්තේය. ඒ ධනය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දී මේ විමනෙහිම ඉපදීමට ප්‍රාර්ථනා කරවයි කියා, ඈ අතින් අල්ලාගෙන පැමිණ ගම මැද තබා මෙතැනට පැමිණි අනෙක් ජනයන්ට ද ශක්ති පමණින් පින් කරවයි අවවාද කරවයි කියා ගියේය. එහෙයින් කියන ලදී.

“සො තං ගහෙත්‍වාන පසය‍්හ බාහායං, පච‍්චානයිත්‍වාන ථෙරිං සුදුබ‍්බලං; වජ‍්ජෙසි ‘අඤ‍්ඤම‍්පි ජනං ඉධාගතං, කරොථ පුඤ‍්ඤානි සුඛූපලබ‍්භතී’”ති.

ඒ විමාන ප්‍රේත තෙම, වයසට පත් අතිශයින් දුර්වල වූ ඒ ස්ත්‍රිය බලහත්කාරයෙන් අතින් අල්වාගෙන නැවත ගමට පමුණුවා මෙතැනට පැමිණියා වූ අනිත් ජනයාටත් පින් කරව් සැප ලැබේ යයි කීය.

තත්‍ථ සොති සො විමානපෙතො. තන‍්ති තං ඉත්‍ථිං. ගහෙත්‍වාන පසය‍්හ බාහායන‍්ති පසය‍්හ නෙතා විය බාහායං තං ගහෙත්‍වා. පච‍්චානයිත්‍වානාති තස‍්සා ජාතසංවුඩ‍්ඪගාමං පුනදෙව ආනයිත්‍වා. ථෙරින‍්ති ථාවරිං, ජිණ‍්ණං වුඩ‍්ඪන‍්ති අත්‍ථො. සුදුබ‍්බලන‍්ති ජරාජිණ‍්ණතාය එව සුට‍්ඨු දුබ‍්බලං. සා කිර තතො විමානතො අපගමනසමනන‍්තරමෙව ජිණ‍්ණා වුඩ‍්ඪා මහල‍්ලිකා අද‍්ධගතා වයොඅනුප‍්පත‍්තා අහොසි. වජ‍්ජෙසීති වදෙය්‍යාසි. වත‍්තබ‍්බවචනාකාරඤ‍්ච දස‍්සෙතුං “අඤ‍්ඤම‍්පි ජන”න‍්තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – භද‍්දෙ, ත්‍වම‍්පි පුඤ‍්ඤං කරෙය්‍යාසි, අඤ‍්ඤම‍්පි ජනං ඉධ තව දස‍්සනත්‍ථාය ආගතං “භද්‍රමුඛා, ආදිත‍්තං සීසං වා චෙලං වා අජ‍්ඣුපෙක‍්ඛිත්‍වාපි දානසීලාදීනි පුඤ‍්ඤානි කරොථාති, කතෙ ච පුඤ‍්ඤෙ එකංසෙනෙව තස‍්ස ඵලභූතං සුඛං උපලබ‍්භති, න එත්‍ථ සංසයො කාතබ‍්බො”ති වදෙය්‍යාසි ඔවදෙය්‍යාසීති.

එහි සො යනු ඒ විමාන ප්‍රේතයායි තං යනු ඒ ගැමි ළදයි, ගහෙත්‍වාන පසය්හ බා හාය යනු බලහත්කාරයෙන් පමුණුවන්නෙකු මෙන් ඇගේ අතින් අල්ලා ගෙන, පච්චානයිත්‍වාන ඈ ඉපදී හැදුණු වැඩුණු ගමට නැවත පමුණුවා, ථෙරිං - මහළු වූ, දිරීමට පත් වූ, වයෝවෘද්ධ වූ, සුදුබ්බලං ජරාවෙන් දිරීමට පත්වූයේම අතිශය දුබල බවට පැමිණ, ඕ තොමෝ වනාහි එම විමානයෙන් ඉවත් වී ආපසු පැමිණීමට සැරසෙත්ම දිරාගිය වෘද්ධ වූ, මහළු වූ, වයසට ගියා වූ, තැත්තියක් වූවාය. වදෙසි - යනු කියන ලද වචන ඒ අනුවට දැක්වීමට අඤ්ඤම්පි ජනනති - ආදිය කීය. එහි අර්ථය, සොඳුර නුඹත් පින්කරව! තී දැක්මට පැමිණෙන. මට ද එන අනිත් අයට ද හිස ගිණිගත් අයෙකු වස්ත්‍රය ද නොබලා ගින්න නිවීමට උත්සාහ ගන්නාක් මෙන් යහපත් මුහුණින් යුතුව පින් කරවයි කියව දාන සීලා දී පින් කරවයි කීය. පින ඒකාන්තයෙන්ම සිත්වල සැප විපාක ලබන්නේමය. එහි සැකයක් නොකරව! යනු වෙන් අවවාද දුනි.

එවඤ‍්ච වත්‍වා තස‍්මිං ගතෙ සා ඉත්‍ථී අත‍්තනො ඤාතකානං වසනට‍්ඨානං ගන‍්ත්‍වා තෙසං අත‍්තානං ජානාපෙත්‍වා තෙහි නිය්‍යාදිතධනං ගහෙත්‍වා සමණබ්‍රාහ‍්මණානං දානං දෙන‍්තී අත‍්තනො සන‍්තිකං ආගතාගතානං –

මෙසේ කියා ඔහු ගිය කල්හි ඒ ස්ත්‍රිය තමන්ගේ නෑයින් වසන තැනට ගොස් ඔවුන්ට තමන් හඳුන්වා දී ඔවුන් ළග තබා තිබු ධනය ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙමින් තමන් සමීපයට වරින්වර එන්නා වූ ජනයන්ට මෙසේ කීවාය.

“දිට‍්ඨා මයා අකතෙන සාධුනා, පෙතා විහඤ‍්ඤන‍්ති තථෙව මනුස‍්සා; කම‍්මඤ‍්ච කත්‍වා සුඛවෙදනීයං, දෙවා මනුස‍්සා ච සුඛෙ ඨිතා පජා”ති. –

කුසල් නො කිරීමෙන් ප්‍රේතයෝ ද මිනිස්සු ද වැනසෙත් සැප විපාක දෙන්නා වූ කුසල් දහම්හි හැසිර (පින්කර) සැපතෙහි පිහිටියා වූ දෙවි වූ ද මිනිස් වූ ද ප්‍රජාව මා විසින් දක්නා ලදී.

ගාථාය ඔවාදමදාසි.

තත්‍ථ අකතෙනාති අනිබ‍්බත‍්තිතෙන අත‍්තනා අනුපචිතෙන. සාධුනාති කුසලකම‍්මෙන, ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං. විහඤ‍්ඤන‍්තීති විඝාතං ආපජ‍්ජන‍්ති. සුඛවෙදනීයන‍්ති සුඛවිපාකං පුඤ‍්ඤකම‍්මං. සුඛෙ ඨිතාති සුඛෙ පතිට‍්ඨිතා. “සුඛෙධිතා”ති වා පාඨො, සුඛෙන අභිවුඩ‍්ඪා ඵීතාති අත්‍ථො. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – යථා පෙතා තථෙව මනුස‍්සා අකතෙන කුසලෙන, කතෙන ච අකුසලෙන විහඤ‍්ඤමානා ඛුප‍්පිපාසාදිනා විඝාතං ආපජ‍්ජන‍්තා මහාදුක‍්ඛං අනුභවන‍්තා දිට‍්ඨා මයා. සුඛවෙදනීයං පන කම‍්මං කත්‍වා තෙන කතෙන කුසලකම‍්මෙන, අකතෙන ච අකුසලකම‍්මෙන දෙවමනුස‍්සපරියාපන‍්නා පජා සුඛෙ ඨිතා දිට‍්ඨා මයා, අත‍්තපච‍්චක‍්ඛමෙතං, තස‍්මා පාපං දූරතොව පරිවජ‍්ජෙන‍්තා පුඤ‍්ඤකිරියාය යුත‍්තපයුත‍්තා හොථාති.

එහි - අකතෙන යනු තමන් විසින් නො උපදවන ලද්දා වූ ද, රැස් නො කරන ලද්දා වූ ද, සාධුනා කුසල කර්මයෙන්, ඉත්ථම්භුතාර්ථයෙහි කරණ විභක්තිය. විහඤ්ඤන්ති - විනාශයට පැමිණෙන්නේය. සුඛ වෙදනීයං සැප විපාක එළවන පින්කම්, සුඛෙ ඨිතානි, සැපතෙහි පිහිටා සුසෙධිතා යනුවෙන් ද පාඨයකි. සැපයෙන් දියුණුවට පත්, ප්‍රීතිමත් - පිනාගිය යන අර්ථයි. මෙය ද එහි අදහස වන්නේය. යම්සේ වනාහි ප්‍රේතයෝ ද, එසේම මිනිස්සු ද, නො කරන ලද්දා වූ කුසල් නිසා ද, කරන ලද අකුසල් නිසා ද, වෙහෙසෙනු ලබන සා පිපාසා දී අනේක දුක්වලට පැමිණෙන්නා වූ මහා දුක් අනුභව කරන්නා වූ අය මා විසින් දක්නා ලද්දෙමි. සැප විපාක දෙන්නා වූ කර්මයන් කුසල් කොට ඒ කළා වූ කුසල කර්ම නිසා ද, නො කරන ලද අකුශල කර්ම නිසා ද දෙව් මිනිසුන් ඇතුළත් වූ ප්‍රජාව සුවයෙන් පසුවනු මා විසින් දක්නා ලදි. මා විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. එහෙයින් පව්කම් දුරින් දුරුකොට පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම නැවත නැවත යෙදීම සිදුකළ යුතුය.

එවං පන ඔවාදං දෙන‍්තී සමණබ්‍රාහ‍්මණාදීනං සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ කාලං කත්‍වා තාවතිංසෙසු නිබ‍්බත‍්ති. භික‍්ඛූ තං පවත‍්තිං භගවතො ආරොචෙසුං. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි, විසෙසතො ච පච‍්චෙකබුද‍්ධෙසු පවත‍්තිතදානස‍්ස මහප‍්ඵලතං මහානිසංසතඤ‍්ච පකාසෙසි. තං සුත්‍වා මහාජනො විගතමලමච‍්ඡෙරො දානාදිපුඤ‍්ඤාභිරතො අහොසීති.

මෙසේ අවවාද දෙන්නී ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට සත්දිනක් මහදන් පවත්වා, සත්වෙනි දවසේ කළුරිය කොට, තව්තිසා දෙව්ලොව උපන්නීය. භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට කීහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළහ. විශේෂයෙන් පසේ බුදුවරයන් කෙරෙහි දුන් දානයාගේ මහත් ඵල මහානිසංස බව වදාළේය. ඒ අසා මහජනයා මසුරුමල පහකොට දානාදී පින්කම්හි යෙදුනාහු වෙති.

සුත‍්තපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

සූත්‍ර ප්‍රේතවස්තු වර්ණාව නිමියේය.