යෙදුමෙන් කියවන්න

12. කණ‍්ණමුණ‍්ඩපෙතිවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

12. කණ‍්ණමුණ‍්ඩපෙතිවත්‍ථුවණ‍්ණනා

12. කර්ණමුණ්ඩ ප්‍රේතවස්තු වර්ණනාව

සොණ‍්ණසොපානඵලකාති ඉදං සත්‍ථරි සාවත්‍ථියං විහරන‍්තෙ කණ‍්ණමුණ‍්ඩපෙතිං ආරබ‍්භ වුත‍්තං. අතීතෙ කිර කස‍්සපබුද‍්ධකාලෙ කිමිලනගරෙ අඤ‍්ඤතරො උපාසකො සොතාපන‍්නො පඤ‍්චහි උපාසකසතෙහි සද‍්ධිං සමානච‍්ඡන්‍දො හුත්‍වා ආරාමරොපනසෙතුබන්‍ධනචඞ‍්කමනකරණාදීසු පුඤ‍්ඤකම‍්මෙසු පසුතො හුත්‍වා විහරන‍්තො සඞ‍්ඝස‍්ස විහාරං කාරෙත්‍වා තෙහි සද‍්ධිං කාලෙන කාලං විහාරං ගච‍්ඡති. තෙසං භරියායොපි උපාසිකා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගා මාලාගන්‍ධවිලෙපනාදිහත්‍ථා කාලෙන කාලං විහාරං ගච‍්ඡන‍්තියො අන‍්තරාමග‍්ගෙ ආරාමසභාදීසු විස‍්සමිත්‍වා ගච‍්ඡන‍්ති.

“සොවණ්ණ සොපාන ඵලිකා” - යන මේ ප්‍රේතවත්‍ථු කථාව ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි කණ්ණ මුණ්ඩ ප්‍රේතියක (කන් සිදුනු) අරභයා වදාළ සේක. දුරාතීතයේ කාශ්‍යප බුදුන් දවස කිම්බිල නම් නුවර, එක්තරා සෝවාන් වූ උපාසකයෙක්, තවත් උපාසකවරුන් පස් දෙනෙකු සමග සමාන අදහස් ඇතිව භික්ෂූන් වසන තැන්, මල් වතු, ඒ දඬු දැමීම, සක්මන්මළු තැනීම ආදී පුණ්‍ය කර්මයන්හි නියැලී වසන්නේ. සංඝයාට විහාරයක් කරවා ඒ උපාසකයන් ද සමග කලින් කල විහාරයට යයි. ඔවුන්ගේ භාර්යාවෝ ද උවැසියන් වී ඔවුනොවුන් සමග තෙල් මල් පහන් සුවඳ ආදිය ගෙන කලින්කලට විහාරයට ගන්නා හු අතරමග ආරාම විශ්‍රාම ශාලාවන්හි නැවතී විහාරයට යති.

අථෙකදිවසං කතිපයා ධුත‍්තා එකිස‍්සා සභාය සන‍්නිසින‍්නා තාසු තත්‍ථ විස‍්සමිත්‍වා ගතාසු තාසං රූපසම‍්පත‍්තිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා තාසං සීලාචාරගුණසම‍්පන‍්නතං ඤත්‍වා කථං සමුට‍්ඨාපෙසුං “කො එතාසු එකිස‍්සාපි සීලභෙදං කාතුං සමත්‍ථො”ති. තත්‍ථ අඤ‍්ඤතරො “අහං සමත්‍ථො”ති ආහ. තෙ තෙන “සහස‍්සෙන අබ‍්භුතං කරොමා”ති අබ‍්භුතං අකංසු. සො අනෙකෙහි උපායෙහි වායමමානො තාසු සභං ආගතාසු සුමුඤ‍්චිතං සත‍්තතන‍්තිං මධුරස‍්සරං වීණං වාදෙන‍්තො මධුරෙනෙව සරෙන කාමපටිසංයුත‍්තගීතානි ගායන‍්තො ගීතසද‍්දෙන තාසු අඤ‍්ඤතරං ඉත්‍ථිං සීලභෙදං පාපෙන‍්තො අතිචාරිනිං කත්‍වා තෙ ධුත‍්තෙ සහස‍්සං පරාජෙසි. තෙ සහස‍්සපරාජිතා තස‍්සා සාමිකස‍්ස ආරොචෙසුං. සාමිකො තං පුච‍්ඡි – “කිං ත්‍වං එවරූපා, යථා තෙ පුරිසා අවොචු”න‍්ති. සා “නාහං ඊදිසං ජානාමී”ති පටික‍්ඛිපිත්‍වා තස‍්මිං අසද‍්දහන‍්තෙ සමීපෙ ඨිතං සුනඛං දස‍්සෙත්‍වා සපථං අකාසි “සචෙ මයා තාදිසං පාපකම‍්මං කතං, අයං ඡින‍්නකණ‍්ණො කාළසුනඛො තත්‍ථ තත්‍ථ භවෙ ජාතං මං ඛාදතූ”ති. ඉතරාපි පඤ‍්චසතා ඉත්‍ථියො තං ඉත්‍ථිං අතිචාරිනිං ජානන‍්තී කිං අයං තථාරූපං පාපං අකාසි, උදාහු නාකාසී”ති චොදිතා “න මයං එවරූපං ජානාමා”ති මුසා වත්‍වා “සචෙ මයං ජානාම, භවෙ භවෙ එතිස‍්සායෙව දාසියො භවෙය්‍යාමා”ති සපථං අකංසු.

ඉක්බිති එක්දවසක් ධූර්තයෝ කිහිප දෙනෙක් ඈගේ රූප සම්පත්තිය දැක පිළිබඳ සිත් ඇතිව, ඔවුන්ගේ ශීලාචාර ගුණසම්පන්න බව ද දැන, මේ එකියක් සමග හාද වී එකියකගේ සීල භේදය කරන්නට සමර්ථ කෙනෙක් ඇත්තේදැයි කථාවක් ඉපිද වූහ. එහිදී ඔවුනතුරෙන් එක් අයෙක් මම සමර්ථයෙමියි කීය. පුදුමයකි ඔබට එසේ කළ හැකි නම් අපි මසුරන් දහසක් දෙන්නෙමු යයි අනෙක් අය කීහ. පුදුම නොවෙනු මම එය කරමියි දහසක් ඔට්ටු තැබීය. නොකළහොත් තොප අපට දහසක් දිය යුතුයයි (ඔට්ටුව විය) හෙතෙම ලෝභයෙහි බැඳුණු බයෙන් ද නොයෙක් උපායෙන් ගායනා කරන්නේ ඒ උපාසිකාවන් ශාලාවට ආ කල්හි, මිහිරි හඬින් වීණා වාදනය කරමින්, මිහිරි ස්වරයෙන් පඤ්චකාම ගීත ගයමින්, ඒ ස්ත්‍රීන් අතුරෙන් එක් ස්ත්‍රියක් ගී හඬින් පොළඹවා, ඇය ශීලභේදයට පමුණුවා, ඈ සමග අසද්ධර්මයෙහි යෙදී, ඒ ධූර්තයන් දහසකින් පරාජය කරන ලදී. (මසුරන් දහස දිනා ගන්නා ලදී) ඔහු විසින් දහසකින් පරදන ලද අනෙක් ධූර්තයෝ මේ කාරණය ඒ ස්ත්‍රියගේ ස්වාමී පුරුෂයාට කීහ. ඔහු එය නො අදහන්නේ ඇගෙන් විමසීය. කිමෙක් ද මෙබඳු දෙයක් අසවල් පුරුෂයෝ කියති. එබඳු දෙයක් සිදුවූ දැයි ඒ පුරුෂයා ස්ත්‍රියගෙන් විචාළේය. ඇය මම එවැනි දෙයක් නො දනිමි, නො කෙළෙමියි ප්‍රතික්‍ෂේප කොට, ඔහු එය නො අදහන්නේ, ළග සිටි බල්ලෙකු පෙන්වා දිව්රීමක් කළාය. ඉදින් යම් විධියකින් මා එවැනි පාපකර්මයක් කළේ නම් මේ කන් කොට කළු බල්ලා ඒ ඒ භවයන්හි ඉපදුණු මා කා දමාවායි කියා බොරු දිවිරීමක් කළාය. අනෙක් පන්සියයක් ස්ත්‍රීහු ද ඒ ස්ත්‍රීයගේ අනාචාර හැසිරීම දන්නෝම, (ඇගේ ස්වාමි පුරුෂයා අනාචාරී ස්ත්‍රිය පිළිබදව ඔවුන්ගෙන්) කිම මෝ තොමෝ එවැනි පාප ක්‍රියාවක් කළෝ ද නො කොළෝදැයි ඇසූ කල්හි, අපි එවැන්නක් නො දනිමුයි බොරු කියා, ඉදින් අපි එසේ දන්නෙමු නම් සසර භවයක් භවයක් පාසා ඇගේම මෙහෙකාරියෝ වෙත්වායි දිවිරීමක් කළහ.

අථ සා අතිචාරිනී ඉත්‍ථී තෙනෙව විප‍්පටිසාරෙන ඩය‍්හමානහදයා සුස‍්සිත්‍වා න චිරෙනෙව කාලං කත්‍වා හිමවති පබ‍්බතරාජෙ සත‍්තන‍්නං මහාසරානං අඤ‍්ඤතරස‍්ස කණ‍්ණමුණ‍්ඩදහස‍්ස තීරෙ විමානපෙතී හුත්‍වා නිබ‍්බත‍්ති. විමානසාමන‍්තා චස‍්සා කම‍්මවිපාකානුභවනයොග‍්ගා එකා පොක‍්ඛරණී නිබ‍්බත‍්ති. සෙසා ච පඤ‍්චසතා ඉත්‍ථියො කාලං කත්‍වා සපථකම‍්මවසෙන තස‍්සායෙව දාසියො හුත්‍වා නිබ‍්බත‍්තිංසු. සා තත්‍ථ පුබ‍්බෙ කතස‍්ස පුඤ‍්ඤකම‍්මස‍්ස ඵලෙන දිවසභාගං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අඩ‍්ඪරත‍්තෙ පාපකම‍්මබලසඤ‍්චොදිතා සයනතො උට‍්ඨහිත්‍වා පොක‍්ඛරණිතීරං ගච‍්ඡති. තත්‍ථ ගතං ගජපොතකප‍්පමාණො එකො කාළසුනඛො භෙරවරූපො ඡින‍්නකණ‍්ණො තිඛිණායතකථිනදාඨො සුවිප‍්ඵුලිතඛදිරඞ‍්ගාරපුඤ‍්ජසදිසනයනො නිරන‍්තරප‍්පවත‍්තවිජ‍්ජුලතාසඞ‍්ඝාතසදිසජිව‍්හො කථිනතිඛිණනඛො ඛරායතදුබ‍්බණ‍්ණලොමො තතො ආගන‍්ත්‍වා තං භූමියං නිපාතෙත්‍වා අතිසයජිඝච‍්ඡාභිභූතො විය පසය‍්හ ඛාදන‍්තො අට‍්ඨිසඞ‍්ඛලිකමත‍්තං කත්‍වා දන‍්තෙහි ගහෙත්‍වා පොක‍්ඛරණියං ඛිපිත්‍වා අන‍්තරධායති. සා ච තත්‍ථ පක‍්ඛිත‍්තසමනන‍්තරමෙව පකතිරූපධාරිනී හුත්‍වා විමානං අභිරුය‍්හ සයනෙ නිපජ‍්ජති. ඉතරා පන තස‍්සා දාසබ්‍යමෙව දුක‍්ඛං අනුභවන‍්ති. එවං තාසං තත්‍ථ වසන‍්තීනං පඤ‍්ඤාසාධිකානි පඤ‍්ච වස‍්සසතානි වීතිවත‍්තානි.

ඉක්බිති ඒ වරදෙහි බැඳුණු ගැහැණිය ඒ නිසාම විපිළිසරව, දවුණු හදින් යුතුව වියලී වැඩි කල් නොගොස්ම කළුරියකොට, හිමවත් පර්වතරාජයා සමීපයෙහි වූ සත්වැදෑරුම් මහවිල් අතුරෙන් එක්තරා කර්ණ මුණ්ඩ නම් විල්තෙර විමාන ප්‍රේතියක්ව උපන්නීය. ඇගේ විමන අසල කර්ම විපාක අනුසාවියට සුදුසු වූ එක් විලක් ද පහළ විය. සෙසු පන්සියයක් ස්ත්‍රීහු කළුරිය කොට දිවිරීම් වශයෙන් ඇගේම දාසියන් වී උපන්නාහුය. ඈ පෙර කරන ලද කුශල කර්මයන්ගේ විපාකයෙන් දවල් කාලයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට රාත්‍රි කාලයෙහි පාප කර්ම බලයෙන් චෝදනා කරන ලදුව යහනින් නැගිට පොකුණු තෙරට යයි. එතැනට ගිය ඒ ස්ත්‍රිය භයානක රූප ඇති සිඳුණු කන් ඇති තියුණු වූ දැඩි වු දත් ඇති දිලිසෙන කිහිරි අඟුරු මෙන් ඇස් ඇති නිතර පවත්නා වූ විදුලියක් හා සමාන දිව ඇති, තියුණු නියපොතු ඇති, රළු දික් දුර්වර්ණ ලෝම ඇති, ඇත් පැටවකු පමණ වූ කළු බල්ලෙක් ඒ පොකුණෙන් නික්ම අවුත් ඉතා බඩසයින් පෙළුණකු මෙන් බලහත්කාරයෙන් බිම හෙලා මස් කා ඇට සැකිල්ල පමණක් ඉතිරි කොට දත්වලින් ඇදගෙන ඇවිත් පොකුණෙහි දමා අතුරුදන් වෙයි. ඕ තොමෝ ද ඒ පොකුණෙහි බහාලු කෙනෙහි යළි ප්‍රකෘති රූපයෙන් විමනට පැමිණ යහනෙහි නිදන්නීය. අනෙක් ස්ත්‍රීහු ඇයට දාසියන් වී විවිධ දුක් විදිති. මෙසේ වසන්නා වූ ඔවුන්ට අවුරුදු පන්සිය පනහක් ගෙවිණි.

අථ තාසං පුරිසෙහි විනා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තීනං උක‍්කණ‍්ඨා අහෙසුං. තත්‍ථ ච කණ‍්ණමුණ‍්ඩදහතො නිග‍්ගතා පබ‍්බතවිවරෙන ආගන‍්ත්‍වා ගඞ‍්ගං නදිං අනුපවිට‍්ඨා එකා නදී අත්‍ථි. තාසඤ‍්ච වසනට‍්ඨානසමීපෙ එකො දිබ‍්බඵලෙහි අම‍්බරුක‍්ඛෙහි පනසලබුජාදීහි ච උපසොභිතො ආරාමසදිසො අරඤ‍්ඤප‍්පදෙසො අත්‍ථි. තා එවං සමචින‍්තෙසුං – “හන්‍ද, මයං ඉමානි අම‍්බඵලානි ඉමිස‍්සා නදියා පක‍්ඛිපිස‍්සාම, අප‍්පෙව නාම ඉමං ඵලං දිස‍්වා ඵලලොභෙන කොචිදෙව පුරිසො ඉධාගච‍්ඡෙය්‍ය, තෙන සද‍්ධිං රමිස‍්සාමාති. තා තථා අකංසු. තාහි පන පක‍්ඛිත‍්තානි අම‍්බඵලානි කානිචි තාපසා ගණ‍්හිංසු, කානිචි වනචරකා, කානිචි කාකා විලුජ‍්ජිංසු, කානිචි තීරෙ ලග‍්ගිංසු. එකං පන ගඞ‍්ගාය සොතං පත්‍වා අනුක‍්කමෙන බාරාණසිං සම‍්පාපුණි.

එසේ පුරුෂයන්ගෙන් වෙන්ව දිව සැප විඳින්නා වූ ඔව්හු කළකිරීමට, උකටලී බවට පත්වූහ. කර්ණ මුණ්ඩ විලෙන් ආරම්භව පර්වත සිදුරකින් නික්මී ගඞ්ගානම් ගඟට වැටෙන එක් ගඟක් ඇත. එසේම ඔවුන් වසන තැනට කිට්ටුව දිව්‍යමය ඵල ඇති අඹ දෙල් කොස් ආදී ගස්වලින් යුත් උයනක් හා සමාන කෑලෑ ප්‍රදේශයක් ද ඇත. ඒ ස්ත්‍රීහු මෙසේ සිතූහ. අපි මේ ඉදුණු අඹ ඵල ගෙන මේ ගඟට දමමු පාවී යන මේ අඹ ගෙඩි දැක, අඹ ලෝභයෙන් කිසියම් පුරුෂයෙක් මෙහි පැමිනියේ නම් අපි ඔහු සමග කම්සුව විදින්නෙමුයි කියා ඒ ස්ත්‍රීහු එසේ කළහ. ඔවුන් විසින් එසේ දමන ලද අඹ ගෙඩි වතුර පාරට ගසාගෙන ගිය අඹ සමහරක් තාපසයන්ට ලැබිණ. සමහරක් වැද්දන් අතට පත්විය. සමහරක් කවුඩෝ රැගෙන ගියහ. සමහරක් ජලයේ රුදුණහ. එක අඹ ගෙඩියක් ජලපහරට හසු වී බරණැසට ගියේය.

තෙන ච සමයෙන බාරාණසිරාජා ලොහජාලපරික‍්ඛිත‍්තෙ ගඞ‍්ගාජලෙ න‍්හායති. අථ තං ඵලං නදිසොතෙන වුය‍්හමානං අනුක‍්කමෙන ආගන‍්ත්‍වා ලොහජාලෙ ලග‍්ගි. තං වණ‍්ණගන්‍ධරසසම‍්පන‍්නං මහන‍්තං දිබ‍්බං අම‍්බඵලං දිස‍්වා රාජපුරිසා රඤ‍්ඤො උපනෙසුං. රාජා තස‍්ස එකදෙසං ගහෙත්‍වා වීමංසනත්‍ථාය එකස‍්ස බන්‍ධනාගාරෙ ඨපිතස‍්ස වජ‍්ඣචොරස‍්ස ඛාදිතුං අදාසි. සො තං ඛාදිත්‍වා “දෙව, මයා එවරූපං න ඛාදිතපුබ‍්බං, දිබ‍්බමිදං මඤ‍්ඤෙ අම‍්බඵල”න‍්ති ආහ. රාජා පුනපි තස‍්ස එකං ඛණ‍්ඩං අදාසි. සො තං ඛාදිත්‍වා විගතවලිතපලිතො අතිවිය මනොහරරූපො යොබ‍්බනෙ ඨිතො විය අහොසි. තං දිස‍්වා රාජා අච‍්ඡරියබ‍්භුතජාතො තං අම‍්බඵලං පරිභුඤ‍්ජිත්‍වා සරීරෙ විසෙසං ලභිත්‍වා මනුස‍්සෙ පුච‍්ඡි – “කත්‍ථ එවරූපානි දිබ‍්බඅම‍්බඵලානි සංවිජ‍්ජන‍්තී”ති? මනුස‍්සා එවමාහංසු – “හිමවන‍්තෙ කිර, දෙව, පබ‍්බතරාජෙ”ති. “සක‍්කා පන තානි ආනෙතු”න‍්ති? “වනචරකා, දෙව, ජානන‍්තී”ති.

බරණැස් රජු ලෝහ දැලකින් වට කරන ලද ගංගා ජලයට බැස දියනාන්නේ ගඟේ දියපරට ගසාගෙන ආ අඹ ගෙඩිය ලෝහ දැලේ රැදුණි. වර්ණ ගන්ධ රසයෙන් යුත් වූ ඒ අඹගෙඩිය රාජපුරුෂයෝ රජුට දුන්හ. රජු ඒ අඹ ගෙඩියෙන් එක් කෑල්ලක් ගෙන විමසීම පිණිස සිරගෙයි දඬුවම් විඳින එක් සොරෙකුට දුන්නේය. ඔහු එය කා, දේවයිනි! මා විසින් මේ හා සමාන අඹ මීට පෙර කා නැත. මේ දිව්‍යමය අඹ යයි මම සිතමියි කීය. රජු නැවත ද ඔහුට තව අඹ කෑල්ලක් දුන්නේය. හේ එය කා ශරීරයේ තිබු ඇඟ රැළි නැති වී, පැසුණු හිසකෙස් නැති වී අතිශය මනහර රූපයෙන් යුත් තරුණයෙක් මෙන් වූයේය. රජු එය දැක පුදුමයට පත්ව ඒ අඹ ගෙඩිය කා ශරිරයෙහි විශේෂත්වයක් ලබා මෙවැනි අඹ ගෙඩි කොහේ හැදෙන්නේදැයි මිනිසුන්ගෙන් විචාළහ. මිනිස්සු මෙසේ කීහ. දේවයන් වහන්ස! හිමවත් පර්වත ප්‍රාන්තයේ ඇත්තාහ. එය ගෙන එන්නට හැක්කේදැයි රජු විචාළේය. දේවයන් වහන්ස වැද්දෝ දනිතියි කීහ.

රාජා වනචරකෙ පක‍්කොසාපෙත්‍වා තෙසං තමත්‍ථං ආචික‍්ඛිත්‍වා තෙහි සම‍්මන‍්තෙත්‍වා දින‍්නස‍්ස එකස‍්ස වනචරකස‍්ස සහස‍්සං දත්‍වා තං විස‍්සජ‍්ජෙසි – “ගච‍්ඡ , සීඝං තං මෙ අම‍්බඵලං ආනෙහී”ති. සො තං කහාපණසහස‍්සං පුත‍්තදාරස‍්ස දත්‍වා පාථෙය්‍යං ගහෙත්‍වා පටිගඞ‍්ගං කණ‍්ණමුණ‍්ඩදහාභිමුඛො ගන‍්ත්‍වා මනුස‍්සපථං අතික‍්කමිත්‍වා කණ‍්ණමුණ‍්ඩදහතො ඔරං සට‍්ඨියොජනප‍්පමාණෙ පදෙසෙ එකං තාපසං දිස‍්වා තෙන ආචික‍්ඛිතමග‍්ගෙන ගච‍්ඡන‍්තො පුන තිංසයොජනප‍්පමාණෙ පදෙසෙ එකං තාපසං දිස‍්වා, තෙන ආචික‍්ඛිතමග‍්ගෙන ගච‍්ඡන‍්තො පුන පන‍්නරසයොජනප‍්පමාණෙ ඨානෙ අඤ‍්ඤං තාපසං දිස‍්වා, තස‍්ස අත‍්තනො ආගමනකාරණං කථෙසි. තාපසො තං අනුසාසි – “ඉතො පට‍්ඨාය ඉමං මහාගඞ‍්ගං පහාය ඉමං ඛුද‍්දකනදිං නිස‍්සාය පටිසොතං ගච‍්ඡන‍්තො යදා පබ‍්බතවිවරං පස‍්සසි, තදා රත‍්තියං උක‍්කං ගහෙත්‍වා පවිසෙය්‍යාසි. අයඤ‍්ච නදී රත‍්තියං නප‍්පවත‍්තති, තෙන තෙ ගමනයොග‍්ගා හොති, කතිපයයොජනාතික‍්කමෙන තෙ අම‍්බෙ පස‍්සිස‍්සසී”ති. සො තථා කත්‍වා උදයන‍්තෙ සූරියෙ විවිධරතනරංසිජාලපජ‍්ජොතිතභූමිභාගං ඵලභාරාවනතසාඛාවිතානතරුගණොපසොභිතං නානාවිධවිහඞ‍්ගගණූපකූජිතං අතිවිය මනොහරං අම‍්බවනං සම‍්පාපුණි.

රජු වැද්දන් කැඳවා ඔවුන්ට මෙවන් කියා සාකච්ඡා කොට එක් වැද්දෙකුට කහවණු දහසක් දී, තෝ වහා ගොස් මේ අඹ ඵල ගෙන එවයි නියම කළේය. හෙතෙම ඒ කහවණු අඹු දරුවන්ට දී මග උපකරණ ගෙන ගඟ ඉහළ කර්ණමුණ්ඩ විලට අභිමුඛව ගොස් මනුෂ්‍ය පථය ද ඉක්මවා කර්ණ මුණ්ඩ විලෙන් මෙහා සැට යොදුනක් පමණ ප්‍රදේශයේ දි එක් තාපසයෙකු දැක, ඔහු විසින් කියන ලද මගින් ගොස් නැවත තිස් යොදුනක් ගිය තැන එක් තාපසයකු දැක, ඔහු විසින් කියන ලද මගින් යන්නේ, නැවත පසළොස් යොදුනක් පමන තැන් ගොස් තවත් තාපසයෙකු දැක, ඔහුට තමන් පැමිණි කාරණය කීයේය. තාපසයා ඔහුට අනුශාසනා කළේය. මෙතැන්පටන් මෙම මහා ගංගාව හැර, කුඩා ගඟක් හමුවේ එහි උඩු ගං බලා යන විට යම් තැනක පර්වත සිදුරක් දැක්කේ නම්, රාත්‍රියෙහි ගිනිහුළක් ගෙන ඇතුල් වෙනු. මේ ගංගාව රෑ කාලයෙහි නැත. එහෙයින් තොපගේ ගමනට සුදුසුය. යොදුන් කීපයක් ගිය තැන අඹ දක්නෙහි යයි කීයේය. හෙතෙම කී පරිද්දෙන් කොට උදයෙහි හිරු උදාවන කල්හි නානාවිධ රත්නයන්ගේ රශ්මි සමුහයෙන් බැබලුණු භූමියේ, ඵලබරින් නැමුණු අතු සමුහ ඇති නානාවිධ ගස් පෙළින් හෙබි, විවිධ පක්ෂි සමූහයා විසින් නාද කරන, ඉතා සිත්කළු වූ අඹවනයට පැමිණියේය.

අථ නං තා අමනුස‍්සිත්‍ථියො දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා “එස මම පරිග‍්ගහො, එස මම පරිග‍්ගහො”ති උපධාවිංසු. සො පන තාහි සද‍්ධිං තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිතුං යොග‍්ගස‍්ස පුඤ‍්ඤකම‍්මස‍්ස අකතත‍්තා තා දිස‍්වාව භීතො විරවන‍්තො පලායිත්‍වා අනුක‍්කමෙන බාරාණසිං පත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා තං සුත්‍වා තා ඉත්‍ථියො දට‍්ඨුං අම‍්බඵලානි ච පරිභුඤ‍්ජිතුං සඤ‍්ජාතාභිලාසො රජ‍්ජභාරං අමච‍්චෙසු ආරොපෙත්‍වා මිගවාපදෙසෙන සන‍්නද‍්ධධනුකලාපො ඛග‍්ගං බන්‍ධිත්‍වා කතිපයමනුස‍්සපරිවාරො තෙනෙව වනචරකෙන දස‍්සිතමග‍්ගෙන ගන‍්ත්‍වා කතිපයයොජනන‍්තරෙ ඨානෙ මනුස‍්සෙපි ඨපෙත්‍වා වනචරකමෙව ගහෙත්‍වා අනුක‍්කමෙන ගන‍්ත්‍වා තම‍්පි තතො නිවත‍්තාපෙත්‍වා උදයන‍්තෙ දිවාකරෙ අම‍්බවනං පාවිසි. අථ නං තා ඉත්‍ථියො අභිනවඋප‍්පන‍්නමිව දෙවපුත‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා “රාජා”ති ඤත්‍වා සඤ‍්ජාතසිනෙහබහුමානා සක‍්කච‍්චං න‍්හාපෙත්‍වා දිබ‍්බෙහි වත්‍ථාලඞ‍්කාරමාලාගන්‍ධවිලෙපනෙහි සුමණ‍්ඩිතපසාධිතං කත්‍වා විමානං ආරොපෙත්‍වා නානග‍්ගරසං දිබ‍්බභොජනං භොජෙත්‍වා තස‍්ස ඉච‍්ඡානුරූපං පයිරුපාසිංසු.

එකල්හි ඒ විමාන ප්‍රේතියෝ එන්නා වූ ඔහු දුරදීම දැක මොහු මට අයිතිය මොහු මට අයිති යයි කියමින් ලඟට දුව ආවාහුය. ඒ පුරුෂයා, වනාහි ඈලා සමග එහි දිව සැපත් වීදීමට සුදුසු වූ පිනක් සිදු කර නොතිබූ බැවින් ඒ ස්ත්‍රීන් දැක බිය වී, හඬ තලමින් දුව ගොස්, බරණැසට පැමිණ මේ ප්‍රවෘත්තිය රජුට සැල කළේය. එය ඇසූ රජු ඒ ස්ත්‍රීන් දැකීමට හා අඹ කෑමට හටගත් ආශා ඇතිව රාජ්‍යය ඇමතියන්ට භාර කොට මුව දඩයමේ යන අයෙකු මෙන් දුනු හීතල රැගෙන, කඩුව බැඳගෙන මිනිසුන් කීපදෙනෙකු පිරිවරා එම වැද්දා විසින් පෙන්වන ලද මග ඔස්සේ ගොස් දින කීපයකින් අතර තන්හි තන්හි මිනිසුන් නවතා වැද්දා පමණක් රැගෙන පිළිවෙලින් ගොස් වැද්දාත් එතැනින් නවත්වා හිරු උදාවන කල්හි අඹවනයට පැමිණියේය. ඒ ඒ ස්ත්‍රීහු අලුත උපන් දෙව් පුතෙකු වැනි වූ ඒ රජු දැක පෙරගමන් කොට රජ යයි දැන හටගත් ආදර බුහුමන් ඇතිව, මනාකොට නහවා දිව සළු හැද පළදවා මල් ගද විලවුන්වලින් මැනැවින් සරසා විමනට කැඳවාගෙන ගොස් නොයෙක් නොයෙක් මිහිරි රස දිව බොජුන් වළදවා ඒ රජුට කැමති පරිද්දෙන් සේවනය කළාහුය.

අථ දියඩ‍්ඪවස‍්සසතෙ අතික‍්කන‍්තෙ රාජා අඩ‍්ඪරත‍්තිසමයෙ උට‍්ඨහිත්‍වා නිසින‍්නො තං අතිචාරිනිං පෙතිං පොක‍්ඛරණිතීරං ගච‍්ඡන‍්තිං දිස‍්වා “කිං නු ඛො එසා ඉමාය වෙලාය ගච‍්ඡතී”ති වීමංසිතුකාමො අනුබන්‍ධි. අථ නං තත්‍ථ ගතං සුනඛෙන ඛජ‍්ජමානං දිස‍්වා “කිං නු ඛො ඉද”න‍්ති අජානන‍්තො තයො ච දිවසෙ වීමංසිත්‍වා “එසො එතිස‍්සා පච‍්චාමිත‍්තො භවිස‍්සතී”ති නිසිතෙන උසුනා විජ‍්ඣිත්‍වා ජීවිතා වොරොපෙත්‍වා තඤ‍්ච ඉත්‍ථිං පොථෙත්‍වා පොක‍්ඛරණිං ඔතාරෙත්‍වා පටිලද‍්ධපුරිමරූපං දිස‍්වා –

මෙසේ අවුරුදු එකසිය පණහක් ඉක්ම ගිය කල්හි, ඒ රජු අර්ධ රාත්‍රියෙහි නැගී සිටියේ පරපුරුෂ සේවනය කොට ප්‍රේතී වූ ස්ත්‍රිය පොකුණු තෙරට යනු දැක කුමක් පිණිස මේ තැනැත්තිය මේ වේලේ යන්නේදෝයි බලනුයේ විමසනු කැමතිව ලුහු බැඳ ගියේය. එකල්හි ඒ පොකුණු තෙරට ගිය ඈ බල්ලෙකු විසින් ගනු ලබනු දැක මේ කුමක්දැයි නො දන්නේ තුන් දවසක්ම විමසා බලා මෙතෙක් මැගේ සතුරෙක් වන්නේ යයි සිතා විෂ පොවන ලද හීයකින් විද ඒ සුනඛයා මරා ඒ ස්ත්‍රිය පොකුණට බස්වා නැවත පළමු රූපය ලැබීමෙන් පසුව ගාථා දහයකින් ඇගෙන් ඒ ප්‍රවෘත්තිය විමසුවේය.

“සොණ‍්ණසොපානඵලකා , සොණ‍්ණවාලුකසන්‍ථතා; තත්‍ථ සොගන්‍ධියා වග‍්ගූ, සුචිගන්‍ධා මනොරමා.

ඒ පොකුණෙහි රනින් කළ පඩි පෙළවල් හා පුවරු ද වෙති. රන්වන් වැල්ලෙන් යුක්ත විය. රුචිකර වූ පිරිසිදු සුවඳ ඇති සිත්කළු හෙල්මැල් පිපී තිබේ.

“නානාරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නා, නානාගන්‍ධසමෙරිතා; නානාපදුමසඤ‍්ඡන‍්නා, පුණ‍්ඩරීකසමොතතා.

නොයෙක් රුක්වලින් ගැවසී ගත්තේය. අවට හාත්පසින් හමන සුළග නන්විධ සුවඳින් යුක්තය. රත් නෙළුම් දියෙහි හැම තැන පිපී ඇත. සුදු නෙළුම් ද ඒ හා සමානව ඇත්තේය.

“සුරභිං සම‍්පවායන‍්ති, මනුඤ‍්ඤා මාලුතෙරිතා; හංසකොඤ‍්චාභිරුදා ච, චක‍්කවක‍්කාභිකූජිතා.

සිසිල් වූ ද, සුවඳවත් වූ ද මද සුළං හමයි. හංස කොක්වාළිහිණි සහ සක්වා ළිහිණියන් හඬින් අවට ප්‍රදේශ ගිගුම් ගනී.

“නානාදිජගණාකිණ‍්ණා, නානාසරගණායුතා; නානාඵලධරා රුක‍්ඛා, නානාපුප‍්ඵධරා වනා.

විවිධ වර්ණවත් පක්ෂී සමූහයාගෙන් ගැවසී ගත්තේය. නන් වැදෑරුම් පක්ෂීන්ගේ රාවයෙන් යුක්තය. බොහෝ සෙයින් ඵලදරණ ගස් ඇත්තාහ. අවට වනයේ විවිධ ජාති - සුවඳ මල් පිපී ඇත.

“න මනුස‍්සෙසු ඊදිසං, නගරං යාදිසං ඉදං; පාසාදා බහුකා තුය‍්හං, සොවණ‍්ණරූපියාමයා; දද‍්දල‍්ලමානා ආභෙන‍්ති, සමන‍්තා චතුරො දිසා.

මෙබඳු වූ නුවරක් මිනිසුන් අතර මිනිස් ලොව නැත. රන් පැහැ රිදී පැහැ ඇති බොහෝ ප්‍රාසාදයෝ, වෙති. සිව් දිසාවන්හි හාත්පස ඉතාමත් දැකුම්කළුව බබළන්නාහ.

“පඤ‍්ච දාසිසතා තුය‍්හං, යා තෙමා පරිචාරිකා; තා කම‍්බුකායූරධරා, කඤ‍්චනාවෙළභූසිතා.

ඔබගේ වතාවත් කිරීම සදහා පන්සියයක් දාස ස්ත්‍රීහු ද වෙත්. ඒ ස්ත්‍රිහු ද සක්වළලු, අඟුපළදනා - (අතේ වැළමිටෙන් ඉහල බාහුවෙහි පළදින ආභරණ) වන්ගෙන් සැරසී සිටිති.

“පල‍්ලඞ‍්කා බහුකා තුය‍්හං, සොවණ‍්ණරූපියාමයා; කදලිමිගසඤ‍්ඡන‍්නා, සජ‍්ජා ගොනකසන්‍ථතා.

විවිධ වර්ණ හා සුවඳ මල් ගසා සරසණ ලද දිගු කේශ කලාපයෝ ඔවුන්ට තිබේ. සියළු කාමයන්ගෙන් ඒ ස්ත්‍රීහු සම්පූර්ණ වෙත්

“යත්‍ථ තුවං වාසූපගතා, සබ‍්බකාමසමිද‍්ධිනී; සම‍්පත‍්තායඩ‍්ඪරත‍්තාය, තතො උට‍්ඨාය ගච‍්ඡසි.

කෙහෙල් මුවසම් පස තුරුණු අතුරණ ලද හා දික් ලොම් වලින් ගහණ කොදු පලස් අතුරණ ලද ස්වර්ණමය වූ බොහෝ ආසන ඔබට ඇත්තේය.

“උය්‍යානභූමිං ගන‍්ත්‍වාන, පොක‍්ඛරඤ‍්ඤා සමන‍්තතො; තස‍්සා තීරෙ තුවං ඨාසි, හරිතෙ සද‍්දලෙ සුභෙ.

(මෙවැනි සම්පත් ඇති ඔබ) අර්ධ රාත්‍රිය මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම ඒ ආසනයෙන් නැගිටින ඔබ උයන් වත්තට යන්නීය. (එසේ යන ඔබ) ලා තණ සමූහයෙන් නිල්වන් වූ, ශුද්ධ වූ පොකුණු තෙරට ගොස් සිටී.

“තතො තෙ කණ‍්ණමුණ‍්ඩො සුනඛො, අඞ‍්ගමඞ‍්ගානි ඛාදති; යදා ච ඛායිතා ආසි, අට‍්ඨිසඞ‍්ඛලිකා කතා; ඔගාහසි පොක‍්ඛරණිං, හොති කායො යථා පුරෙ.

(එසේ සිටින්නා වූ) ඔබව සිදුණු කර ඇති බලෙකු විසින් කා දමනු ලබන්නේය. යම් කලෙක සුනඛයා විසින් කා ඉතිරි වූ ඇට සැකිල්ල පොකුණට බසිනෙහිය. ඉක්බිතිව පෙර මෙන්ම යළි ශරීරය ඇති වේ.

“තතො ත්‍වං අඞ‍්ගපච‍්චඞ‍්ගී, සුචාරු පියදස‍්සනා; වත්‍ථෙන පාරුපිත්‍වාන, ආයාසි මම සන‍්තිකං.

ඉන්පසුව මනරම් වූ ප්‍රිය දැකුම් ඇත්තා වූ සියලු අඟ පසඟින් යුතුව ඔබ වස්ත්‍රයක් පොරවාගෙන මා හමුවට එන්නී ය.

“කිං නු කායෙන වාචාය, මනසා දුක‍්කටං කතං; කිස‍්සකම‍්මවිපාකෙන, කණ‍්ණමුණ‍්ඩො සුනඛො තව; අඞ‍්ගමඞ‍්ගානි ඛාදතී”ති. –

කන් සිඳුනා වූ සුනඛ තෙම මුළුමනින්ම ශරීර අවයවයන් කයි ද? මෙය කිනම් කර්ම විපාකයකින් සිදුවන්නේ ද? ඔබ කයින් වචනයෙන් සිතෙන් කවර ආකාරයක අකුශල කර්මයක් කරන ලද්දේ ද?

ද‍්වාදසහි ගාථාහි තං තස‍්ස පවත‍්තිං පටිපුච‍්ඡි.

තත්‍ථ සොණ‍්ණසොපානඵලකාති සුවණ‍්ණමයසොපානඵලකා. සොණ‍්ණවාලුකසන්‍ථතාති සමන‍්තතො සුවණ‍්ණමයාහි වාලුකාහි සන්‍ථතා. තත්‍ථාති පොක‍්ඛරණියං. සොගන්‍ධියාති සොගන්‍ධිකා. වග‍්ගූති සුන්‍දරා රුචිරා. සුචිගන්‍ධාති මනුඤ‍්ඤගන්‍ධා.

එහි සොවණ්ණ සොපාන ඵලකා - රනින් සෑදු පියගැට පෙළ - සොවණ්ණ වාලුක සණ්ඨිතා - හාත්පස අවට රන්වන් වූ වැලිවලින් යුක්ත වේ. කත්‍වා යනු පොකුණහි සොගන්‍ධියා - හෙල්මැලි, සුදු මානෙල්, වග්ගු යනු සිත්කළු, රුචිකර, සුචිගන්‍ධා - යනු සිත් පිණායන සුවඳ

නානාගන්‍ධසමෙරිතාති නානාවිධසුරභිගන්‍ධවසෙන ගන්‍ධවායුනා සමන‍්තතො එරිතා. නානාපදුමසඤ‍්ඡන‍්නාති නානාවිධරත‍්තපදුමසඤ‍්ඡාදිතසලිලතලා. පුණ‍්ඩරීකසමොතතාති සෙතපදුමෙහි ච සමොකිණ‍්ණා.

නා ගන්‍ධසමීරිතා යනු නොයෙක් ආකාරයේ මනෝඥ සුවඳින් යුත් වාතයෙන් අවට පරිසරය සුවඳවත් වූ, නානා පදුම සඤ්ඡන්නානි - යනු සිය දහස් ගණන් වූ රත් පැහැ පිපුණු නෙළුම්වලින් සැදුණු ජල තලාව පුණ්ඩරීක සමොගතා - යනු සුදු නෙළුම්වලින් ආකීර්ණ වූ,

සුරභිං සම‍්පවායන‍්තීති සම‍්මදෙව සුගන්‍ධං වායති පොක‍්ඛරණීති අධිප‍්පායො. හංසකොඤ‍්චාභිරුදාති හංසෙහි ච කොඤ‍්චෙහි ච අභිනාදිතා.

සුරභි සම්පවායන්ති - යනු දිව්‍ය සුවඳ පොකුණෙන් හමායයි යන අදහසයි. හංස කොඤ්චාභිරුදා - යනු හංසයන් විසින් ද කොස්වාලිහිණියන් විසින් ද හඬ නගන නාදකරන -

නානාදිජගණාකිණ‍්ණාති නානාදිජගණාකිණ‍්ණා. නානාසරගණායුතාති නානාවිධවිහඞ‍්ගමාභිරුදසමූහයුත‍්තා. නානාඵලධරාති නානාවිධඵලධාරිනො සබ‍්බකාලං විවිධඵලභාරනමිතසාඛත‍්තා. නානාපුප‍්ඵධරා වනාති නානාවිධසුරභිකුසුමදායිකානි වනානීති අත්‍ථො. ලිඞ‍්ගවිපල‍්ලාසෙන හි “වනා”ති වුත‍්තං.

නානාදිජගණායුතා - යනු විවිධ වර්ග පක්ෂීන් ගැවසී වසන්නා වූ, නානාසර ගණායුතා - යනු නොයෙක් වර්ගවල පක්ෂීන්ගෙන් සමන්විත වූ, නානා ඵල ධරා - නොයෙක් ආකාර ඵල දරන්නා වූ, සියලු කල්හිම මල් ගෙඩි දරණ අතුපතර ඇති නානා පුප්‍ඵධරාවනා - යනු නොයෙක් වර්ගවල දිව්‍ය පුෂ්පයන් දිවමල් දෙන්නා වූ, පිපෙන්නා වූ වනරොද යන අර්ථයි. ලිංග විපර්යාසයෙන් වනා යයි කියන ලදී,

න මනුස‍්සෙසු ඊදිසං නගරන‍්ති යාදිසං තව ඉදං නගරං, ඊදිසං මනුස‍්සෙසු නත්‍ථි, මනුස‍්සලොකෙ න උපලබ‍්භතීති අත්‍ථො. රූපියමයාති රජතමයා. දද‍්දල‍්ලමානාති අතිවිය විරොචමානා. ආභෙන‍්තීති සොභයන‍්ති. සමන‍්තා චතුරො දිසාති සමන‍්තතො චතස‍්සොපි දිසායො.

න මනුස්සෙසූ ඊදිසං නගරං - යනු යම්බදු වූ මෙවැනි නගරයක් වේ ද මෙවැනි නගරයක් මිනිසුන් අතරෙහි නැත. මනුෂ්‍ය ලෝකයේ පහළ වී නැත යන අදහසයි රූපියාමයා - රිදීයෙන් කළ, දද්දල්ලමානා - අතිශයින් බබළන්නා වූ, ආහෙන්ති බබළතී ශෝභමාන වෙත් සමන්තා චතුරො දිසා - අවට හාත්පස සතර දිසාවන්හි

යා තෙමාති යා තෙ ඉමා. පරිචාරිකාති වෙය්‍යාවච‍්චකාරිනියො. තාති තා පරිචාරිකායො. කම‍්බුකායූරධරාති සඞ‍්ඛවලයකායූරවිභූසිතා. කඤ‍්චනාවෙළභූසිතාති සුවණ‍්ණවටංසකසමලඞ‍්කතකෙසහත්‍ථා.

යා තෙමා - යම් මේ ඔබ, පරිචාරිතා - වතාවත් කරන්නා වූ උවැටන් කරන්නා වූ, නා යනු පිරිවරජනයා - කාකම්බූ කෙයුරධරා - යනු සක්වළලු අගුපලදනාවන්ගෙන් අතේ මැණික් කටුවේ දමන වළලු හා, වැලමිටෙන් උඩ බාහුවේ පළදින රන් අභරණ අලංකාරව බබළන - කඤ්චනාවෙල භූසිතා - රන්වන් වූ හිස පළදින මල්දම්වලින් මුදුන් මල්කඩ අලංකාර කළ කේශකලාප ඇති,

කදලිමිගසඤ‍්ඡන‍්නාති කදලිමිගචම‍්මපච‍්චත්‍ථරණත්‍ථතා. සජ‍්ජාති සජ‍්ජිතා සයිතුං යුත‍්තරූපා. ගොනකසන්‍ථතාති දීඝලොමකෙන කොජවෙන සන්‍ථතා.

කාදලිමිග සඤ්ජන්නා - යනු කෙසෙල් මුවන් සමින් කළ ඇතිරිලි ඇතුරූ සජ්ජා - යනු නිදීමට සුදුසු සේ සාදන ලද ගොණක සත්‍ථතා - යනු දික් ලොම්වලින් සාදන ලද සුවදායක කොඳුපලස් -

යත්‍ථාති යස‍්මිං පල‍්ලඞ‍්කෙ. වාසූපගතාති වාසං උපගතා, සයිතාති අත්‍ථො. සම‍්පත‍්තායඩ‍්ඪරත‍්තායාති අඩ‍්ඪරත‍්තියා උපගතාය. තතොති පල‍්ලඞ‍්කතො.

යත්‍ථා යනු යම් ආසනයෙක්හී, වාසුපගතා - වාසයට පැමිණි නිදිගත් යන අර්ථයි. සම්පත්තා යඩ්ඩරත්තිය - මධ්‍යම රාත්‍රිය පැමිණි කල්හි, තතො - යනු ඒ නිදාගත් සයනයෙන්,

පොක‍්ඛරඤ‍්ඤාති පොක‍්ඛරණියා. හරිතෙති නීලෙ. සද‍්දලෙති තරුණතිණසඤ‍්ඡන‍්නෙ. සුභෙති සුද‍්ධෙ. සුභෙති වා තස‍්සා ආලපනං. භද‍්දෙ, සමන‍්තතො හරිතෙ සද‍්දලෙ තස‍්සා පොක‍්ඛරණියා තීරෙ ත්‍වං ගන‍්ත්‍වාන ඨාසි තිට‍්ඨසීති යොජනා.

පොක්‍ඛරඤ්ඤා තීරෙ - ඔබ පොකුණු තෙරට යන්නිය. හරිතෙ යනු නිල් වූ, සද්දලෙ - යනු තුරුණු තණ කොළවලින් ගැවසී ගත් සුභෙ - යනු පිරිසිදු වූ, සුහෙති වා - ඇයට ඇමතීමයි. සොඳුරු නිල්පාට ලා තණකොළවලින් ගැවසීගත් පොකුණු තෙරට ඔබ ගොස්, ඨාසි - සිටී යන අර්ථයි. යෙදීමයි.

කණ‍්ණමුණ‍්ඩොති ඛණ‍්ඩිතකණ‍්ණො ඡින‍්නකණ‍්ණො. ඛායිතා ආසීති ඛාදිතා අහොසි. අට‍්ඨිසඞ‍්ඛලිකා කතාති අට‍්ඨිසඞ‍්ඛලිකමත‍්තා කතා. යථා පුරෙති සුනඛෙන ඛාදනතො පුබ‍්බෙ විය.

කුණ්ණ මුණ්ඩො - යනු කැඩුණු කන් ඇති, සියුණු කන් ඇති, ඛායිතා ආසි - යනු කනු ලබන්නේ වේ. අට්ඨිසංඡලිකා කතා - යනු ඇටසැකිල්ල පමණක් ඉතිරි කරයි. යථා පුරෙ යනු සුනඛයා විසින් කෑමට පෙර, මෙන්,

තතොති පොක‍්ඛරණිං ඔගාහනතො පච‍්ඡා. අඞ‍්ගපච‍්චඞ‍්ගීති පරිපුණ‍්ණසබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගවතී. සුචාරූති සුට‍්ඨු මනොරමා. පියදස‍්සනාති දස‍්සනීයා. ආයාසීති ආගච‍්ඡසි.

තතො යනු පොකුණට බැසීමෙන් පසුව, අඞ්ග පච්චඞ්ගී යනු සම්පුර්ණ වූ සියලු අඟ පසඟ ඇතිවෙයි. සුවාරු - යනු අතිශය යහපත් සිත් වසීකරන, පියදස්සනා - යනු දර්ශනීය, පියකරු - මනාප) ආයාසී - එන්නෙහිය.

එවං තෙන රඤ‍්ඤා පුච‍්ඡිතා සා පෙතී ආදිතො පට‍්ඨාය අත‍්තනො පවත‍්තිං තස‍්ස කථෙන‍්තී –

මෙසේ ඒ රජු විසින් විචාරණ ලද්දා වූ ඒ ප්‍රේතිය ආදියෙහි පටන් තමා පිළිබඳ ප්‍රවෘත්තිය රජුට කියන්නී, මේ ගාථා පහ කීවාය.

“කිමිලායං ගහපති, සද‍්ධො ආසි උපාසකො; තස‍්සාහං භරියා ආසිං, දුස‍්සීලා අතිචාරිනී.

(යටගිය දවස) කිම්බිලා නුවර ශ්‍රද්ධාවත් වූ උපාසක ගෘහපතියෙක් වූයේය. මම ඔහුගේ බිරිඳ වීමි. ස්වාමියා ඉක්මවා හැසිරෙන සිල් නැත්තියක් වීමි.

“සො මං අතිචරමානාය, සාමිකො එතදබ්‍රවි; ‘නෙතං තං ඡන‍්නං පතිරූපං, යං ත්‍වං අතිචරාසි මං’.

මෙසේ ස්වාමියා ඉක්මවා හැසිරෙන මට මගේ ස්වාමියා (දිනක්) මෙසේ කීය. යම්හෙයකින් තී මා ඉක්මවා හැසිරෙයි ද මෙය සුදුසු නොවේ, යහපත් නොවේ.

“සාහං ඝොරඤ‍්ච සපථං, මුසාවාදඤ‍්ච භාසිසං; ‘නාහං තං අතිචරාමි, කායෙන උද චෙතසා.

එහි දී මම කයින් තෝ සිතින් ඔබ ඉක්මවා නොහැසිරෙමියි බොරු කීමි. එසේ කියා දරුණුම වූ දිවිරීමකින් දිවුරුවෙමි.

“‘සචාහං තං අතිචරාමි, කායෙන උද චෙතසා; කණ‍්ණමුණ‍්ඩොයං සුනඛො, අඞ‍්ගමඞ‍්ගානි ඛාදතු’.

ඉදින් මම කයින් හෝ වචනයෙන් ඔබ ඉක්මවා හැසිරෙන්නේ නම් කන් කොට වූ මේ බල්ලා මගේ අවයවයන් කා දමාවා - (මෙසේ දිවුලෙමි)

“තස‍්ස කම‍්මස‍්ස විපාකං, මුසාවාදස‍්ස චූභයං; සත‍්තෙව වස‍්සසතානි, අනුභූතං යතො හි මෙ; කණ‍්ණමුණ‍්ඩො ච සුනඛො, අඞ‍්ගමඞ‍්ගානි ඛාදතී”ති. – පඤ‍්ච ගාථා ආහ;

ඒ අනාචාර අකුශලයාගේ ද බොරු කී අකුශලයේ ද, කර්ම විපාක අවුරුදු පන්සීයක් මුළුල්ලේ විදින ලද්දෙමි. මේ කර්ම හේතුවෙන්ම මගේ ශරීර අවයව මේ කන් නැති බල්ලා අනුභව කරයි.

තත්‍ථ කිමිලායන‍්ති එවංනාමකෙ නගරෙ. අතිචාරිනීති භරියා හි පතිං අතික‍්කම‍්ම චරණතො “අතිචාරිනී”ති වුච‍්චති. අතිචරමානාය මයි සො සාමිකො මං එතදබ්‍රවීති යොජනා. නෙතං ඡන‍්නන‍්තිආදි වුත‍්තාකාරදස‍්සනං. තත්‍ථ නෙතං ඡන‍්නන‍්ති න එතං යුත‍්තං. න පතිරූපන‍්ති තස‍්සෙව වෙවචනං. යන‍්ති කිරියාපරාමසනං. අතිචරාසීති අතිචරසි, අයමෙව වා පාඨො. යං මං ත්‍වං අතිචරසි, තත්‍ථ යං අතිචරණං, නෙතං ඡන‍්නං නෙතං පතිරූපන‍්ති අත්‍ථො.

එහි කිම්බිලාය - යනු කිම්බිල නම් නම් ඇති නගරයෙහි, අතිචාරිණී - යනු භාර්යාව හෝ ස්වාමියා හෝ ඉක්මවා හැසිරීම අතිචාරිණී යයි කියයි. එසේ ස්වාමියා ඉක්මවා හැසිරුණා වූ මා කෙරෙහි, ඒ මාගේ ස්වාමියා මෙසේ කීවේය, යන යෙදීමය. නෙතං ඡන්නං යනු ආදී වශයෙන් දැක්වූ ආකාරයයි. එතං ජන්නං - එය යුතු නොවේ. නප්පති රූපං - යනු සමාන අර්ථ ඇති වචනමයි. යං - යනු ක්‍රියාව පරාමර්ෂනය කිරීමයි. අතිචරාසි - යනු ඉක්මවා හැසිරෙයි. මෙයම පෙළයි. යමෙක් ඔබ හෝ මා ඉක්මවා හැසිරේ ද? එය සුදුසු නොවේ යන අර්ථයි.

ඝොරන‍්ති දාරුණං. සපථන‍්ති සපනං. භාසිසන‍්ති අභාසිං. සචාහන‍්ති සචෙ අහං. තන‍්ති ත්‍වං. තස‍්ස කම‍්මස‍්සාති තස‍්ස පාපකම‍්මස‍්ස දුස‍්සීල්‍යකම‍්මස‍්ස. මුසාවාදස‍්ස චාති “නාහං තං අතිචරාමී”ති වුත‍්තමුසාවාදස‍්ස ච. උභයන‍්ති උභයස‍්ස විපාකං. අනුභූතන‍්ති අනුභූයමානං මයාති අත්‍ථො. යතොති යතො පාපකම‍්මතො.

ඝොරක - දරුණු සපථං යනු දිවිරීම, අභාසිසං - යනු කීයේය. ස්වාහං - ඉදින් මම, තං - ඔබ තස්ස කම්මස්සා යනු ඒ පාප කර්මයාගේ දුශ්ශීල කර්මයාගේ, මුසාවාදස්සා චා යනු මම එසේ ඉක්මවා නො හැසිරුණෙමි යනුවෙන් බොරු කී කර්මයෝ ද උභයං යනු විපාක දෙකක්, අනුභූතං - මා විසින් වළදන්නෙමි, භුක්ති විදින්නෙමි යන අර්ථයි. යතො - යනු ඒ පාප කර්මයෝ,

එවඤ‍්ච පන වත්‍වා තෙන අත‍්තනො කතං උපකාරං කිත‍්තෙන‍්තී –

මෙසේ කියා රජු විසින් තමන්ට කරන ලද උපකාරය ගැන ප්‍රශංසා කරන්නේ,

“ත්‍වඤ‍්ච දෙව බහුකාරො, අත්‍ථාය මෙ ඉධාගතො; සුමුත‍්තාහං කණ‍්ණමුණ‍්ඩස‍්ස, අසොකා අකුතොභයා.

දේවයන් වහන්ස! ඔබ මට වැඩ පිණිස මෙතැනට ආයේය. ඔබ මට බොහෝ උපකාර වූයේය. මම කන් සුන් බල්ලාගෙන් මිදුනේ වීමි. ශෝක නැත්තියක් ද බිය නැත්තියක් ද වූයෙමි.

“තාහං දෙව නමස‍්සාමි, යාචාමි පඤ‍්ජලීකතා; භුඤ‍්ජ අමානුසෙ කාමෙ, රම දෙව මයා සහා”ති. –

දේවයන් වහන්ස! මම ඔබ වඳිමි. ඇඳිලි බැඳ යාඥා කරමි. දේවයන් වහන්ස දිව්‍යමය වූ කාම සම්පත් වළඳනු මැනැවි. මා හා සමග ඇලෙනු මැනැවි. මේ අදහස් පැවසීය.

ද‍්වෙ ගාථා ආහ. තත්‍ථ දෙවාති රාජානං ආලපති. කණ‍්ණමුණ‍්ඩස‍්සාති කණ‍්ණමුණ‍්ඩතො. නිස‍්සක‍්කෙ හි ඉදං සාමිවචනං. අථ රාජා තත්‍ථ වාසෙන නිබ‍්බින‍්නමානසො ගමනජ‍්ඣාසයං පකාසෙසි. තං සුත්‍වා පෙතී රඤ‍්ඤො පටිබද‍්ධචිත‍්තා තත්‍ථෙවස‍්ස වාසං යාචන‍්තී “තාහං, දෙව, නමස‍්සාමී”ති ගාථමාහ.

එහි දේවා යනු රජුට ඇමතීමයි. කණ්ණමුණ්ඩස්සා - යනු කර්ණ මුණ්ඩ ප්‍රේතිය කෙරෙන් වෙන්ව යාමේ මේ රජුගේ වචනයයි - ඉක්බිති රජු එහි වාසයෙන් නික්ම යනු කැමැත්තේ තම අදහස ප්‍රකාශ කළේය. එය අසා විමාන දෙව් දූ රජු කෙරෙහි පිළිබඳව සිත් ඇතිව එහිම වසන ලෙස ආයාචනා කළය. ඒ සඳහා තාහං දෙවනමස්සාමී ගාථා කීහ.

පුන රාජා එකංසෙන නගරං ගන‍්තුකාමොව හුත්‍වා අත‍්තනො අජ‍්ඣාසයං පවෙදෙන‍්තො –

නැවත රජු එක් අදහසින්ම යනු කැමැත්තේ තමන්ගේ අදහස පවසමින් අවසාන ගාථාව කීයේය.

“භුත‍්තා අමානුසා කාමා, රමිතොම‍්හි තයා සහ; තාහං සුභගෙ යාචාමි, ඛිප‍්පං පටිනයාහි ම”න‍්ති. –

තී හා සමග දිව්‍ය සම්පත් අනුභවකොට ඇලුණේ වීමි. සුපින්වතිය. වහා මා නැවත මගේ නුවරට පමුණුවාලවයි මම තී යදිමි.

ඔසානගාථමාහ. තත්‍ථ තාහන‍්ති තං අහං. සුභගෙති සුභගයුත‍්තෙ. පටිනයාහි මන‍්ති මය‍්හං නගරමෙව මං පටිනෙහි. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

එහි තාහං - ඒ මම, සුභගෙ - පිනෙන් යුත් තැනැත්තිය, පතිතයාහිමං - මගේ නුවරට මා ඇරලව, පමුණුවව, අනෙක් සියල්ල ප්‍රකටය.

අථ සා විමානපෙතී රඤ‍්ඤො වචනං සුත්‍වා වියොගං අසහමානා සොකාතුරතාය බ්‍යාකුලහදයා වෙධමානසරීරා නානාවිධෙහි උපායෙහි ආයාචිත්‍වාපි තං තත්‍ථ වාසෙතුං අසක‍්කොන‍්තී බහූහි මහාරහෙහි රතනෙහි සද‍්ධිං රාජානං නගරං නෙත්‍වා පාසාදං ආරොපෙත්‍වා කන්‍දිත්‍වා පරිදෙවිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතා. රාජා පන තං දිස‍්වා සඤ‍්ජාතසංවෙගො දානාදීනි පුඤ‍්ඤකම‍්මානි කත්‍වා සග‍්ගපරායණො අහොසි.

එවිට ඒ විමාන ප්‍රේතිය රජුගේ කීම අසා වියෝ දුක නොඉවසන්නී ශෝක වී වියවුල් සිත් ඇතිව වෙවුලන ශරීර ඇතිව, නොයෙක් උපායවලින් ආයාචනය කොටත් ඒ රජ එහි නවත්වා ගැනීමට නොහැකි වන්නී, මහත් වටිනා බොහෝ රත්නයන් හා සමග රජ්ජුරුවන් නුවරට පමුණුවා, පහයට නංවා, හඬා වැළපී තමන් වසන තැනටම ගියාය. [missing trans]

අථ අම‍්හාකං භගවති ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුක‍්කමෙන සාවත්‍ථියං විහරන‍්තෙ එකදිවසං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පබ‍්බතචාරිකං චරමානො තං ඉත්‍ථිං සපරිවාරං දිස‍්වා තාය කතකම‍්මං පුච‍්ඡි. සා ආදිතො පට‍්ඨාය සබ‍්බං ථෙරස‍්ස කථෙසි. ථෙරො තාසං ධම‍්මං දෙසෙසි. තං පවත‍්තිං ථෙරො භගවතො ආරොචෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. මහාජනො පටිලද‍්ධසංවෙගො පාපතො ඔරමිත්‍වා දානාදීනි පුඤ‍්ඤකම‍්මානි කත්‍වා සග‍්ගපරායණො අහොසීති.

ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපදී පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ පිළිවෙලින් සැවැත් නුවර වසන කල්හි එක් දවසක් මහ මුගලන් තෙරණුවෝ පර්වතයන්හි හැසිරෙන්නේ ඒ පිරිවර සහිත ස්ත්‍රිය දැක ඇය විසින් කරන ලද කර්මය විචාළේය. ඇය ආදියේ පටන් සියලු ප්‍රවෘත්තිය තෙරුන්ට කීය. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළහ. ඒ පුවත මුගලන් තෙරුන් විසින් භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. උන්වහන්සේ එය. අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. මහාජනයා සංවේගයට පත්ව පව්වලින් මිදී දානාදී පින්කම් කොට ස්වර්ග පරායණ වූයේය.

කණ‍්ණමුණ‍්ඩපෙතිවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

කණ්ණ මුණ්ඩ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.