යෙදුමෙන් කියවන්න

13. ඪුබ‍්බරිපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

13. ඪුබ‍්බරිපෙතවත්‍ථුවණ‍්ණනා

13. උබ්බරී ප්‍රේතවස්තු වර්ණනාව

අහු රාජා බ්‍රහ‍්මදත‍්තොති ඉදං උබ‍්බරිපෙතවත්‍ථුං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං උපාසිකං ආරබ‍්භ කථෙසි . සාවත්‍ථියං කිර අඤ‍්ඤතරාය උපාසිකාය සාමිකො කාලමකාසි. සා පතිවියොගදුක‍්ඛාතුරා සොචන‍්තී ආළාහනං ගන‍්ත්‍වා රොදති. භගවා තස‍්සා සොතාපත‍්තිඵලස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා කරුණාය සඤ‍්චොදිතමානසො හුත්‍වා තස‍්සා ගෙහං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. උපාසිකා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අථ නං සත්‍ථා “කිං, උපාසිකෙ, සොචසී”ති වත්‍වා “ආම, භගවා, පියවිප‍්පයොගෙන සොචාමී”ති වුත‍්තෙ තස‍්සා සොකං අපනෙතුකාමො අතීතං ආහරි.

“අහුරාජා බ්‍රහ්මදත්තො”- මේ උබ්බරී ප්‍රේත වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වාසය කරන කල්හි එක්තරා උපාසිකාවක් අරභයා දේශනා කළ සේක. සැවැත් නුවර එක්තරා උපාසිකාවකගේ ස්වාමිපුත්‍රයා කළුරිය කළේය. ඕ තොමෝ ස්වාමියාගේ වියෝගයෙන් දුකින් ආතුර වැ ශෝක කරන්නී ආදාහන කළ තැනට ගොස් හඬයි. භාග්‍යවතුන් වහන්සේ ඇයට සෝවාන් වීමේ හේතු සම්පත් ඇති බව දැක කරුණවෙන් තෙත් වූ මනසින් යුතුව ඇගේ ගෙට ගොස් පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. උපාසිකාව ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිතිවැ ශාස්තෲන් වහන්සේ ඇයිද උපාසිකාවෙනි ශෝක කරන්නේ ද ඇසීය. එසේය ස්වාමීනි! ප්‍රිය වියෝගය නිසා ශෝක වන්නෙමියි කී කල්හි ඇගේ ශෝකය පහකරනු කැමැත්තේ අතීත කථාව ගෙනහැර දැක්වීය.

අතීතෙ පඤ‍්චාලරට‍්ඨෙ කපිලනගරෙ චූළනීබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. සො අගතිගමනං පහාය අත‍්තනො විජිතෙ පජාය හිතකරණනිරතො දස රාජධම‍්මෙ අකොපෙත්‍වා රජ‍්ජං අනුසාසමානො කදාචි “අත‍්තනො රජ‍්ජෙ කිං වදන‍්තී”ති සොතුකාමො තුන‍්නවායවෙසං ගහෙත්‍වා එකො අදුතියො නගරතො නික‍්ඛමිත්‍වා ගාමතො ගාමං ජනපදතො ජනපදං විචරිත්‍වා සබ‍්බරජ‍්ජං අකණ‍්ටකං අනුපපීළං මනුස‍්සෙ සම‍්මොදමානෙ අපාරුතඝරෙ මඤ‍්ඤෙ විහරන‍්තෙ දිස‍්වා සොමනස‍්සජාතො නිවත‍්තිත්‍වා නගරාභිමුඛො ආගච‍්ඡන‍්තො අඤ‍්ඤතරස‍්මිං ගාමෙ එකිස‍්සා විධවාය දුග‍්ගතිත්‍ථියා ගෙහං පාවිසි. සා තං දිස‍්වා ආහ – “කො නු ත්‍වං, අය්‍යො, කුතො වා ආගතොසී”ති? “අහං තුන‍්නවායො, භද‍්දෙ, භතියා තුන‍්නවායකම‍්මං කරොන‍්තො විචරාමි. යදි තුම‍්හාකං තුන‍්නවායකම‍්මං අත්‍ථි, භත‍්තඤ‍්ච වෙතනඤ‍්ච දෙථ, තුම‍්හාකම‍්පි කම‍්මං කරොමී”ති. “නත්‍ථම‍්හාකං කම‍්මං භත‍්තවෙතනං වා, අඤ‍්ඤෙසං කරොහි, අය්‍යා”ති. සො තත්‍ථ කතිපාහං වසන‍්තො ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණසම‍්පන‍්නං තස‍්සා ධීතරං දිස‍්වා මාතරං ආහ – “අයං දාරිකා කිං කෙනචි කතපරිග‍්ගහා, උදාහු අකතපරිග‍්ගහා. සචෙ පන කෙනචි අකතපරිග‍්ගහා, ඉමං මය‍්හං දෙථ, අහං තුම‍්හාකං සුඛෙන ජීවනූපායං කාතුං සමත්‍ථො”ති. “සාධු, අය්‍යා”ති සා තස‍්ස තං අදාසි.

යටගිය දවස පඤ්චාල රට කපිල නුවර චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍යය කළහ. හෙතෙම අගතිගාමී නොවී තමාගේ විජිතයෙහි ප්‍රජාවට හිතකර වූ දශරාජ ධර්මය කඩ නොකොට රාජ්‍ය විචාරණ කල්හි, කිසියම් දවසක තමන්ගේ රාජ්‍යයේ රටවැසියන් කුමක් කියන්නේදැයි අසනු කැමතිව, සන්නාලියකුගේ වෙස් ගෙන දෙවැන්නෙක් නැතිව තනිවම නගරයෙන් නික්ම ගමින් ගමට ජනපදයෙන් ජනපදයට හැසිරෙමින් සමස්ත රාජ්‍යයම රාජද්‍රෝහීන් රහිත, පීඩා නැතිව, මිනිසුන් සතුටු වෙමින්, නොවැසූ දොරවල් ඇතිව වාසය කරනු දැක, සොම්නසින් යුතුව නැවත නගරයට අභිමුඛව එන්නේ එක්තරා ගමක එක් දුගී වැන්දඹු ස්ත්‍රියකගේ ගෙට ගියේය. ඕ තොමෝ ඔහු දැක ආර්යයෙනි! ඔබ කවරෙක් ද? කොහි සිට එන්නේ ද? ඇසීය. මම සන්නාලියෙක්මි. කුලී පිණිස සන්නාලිකම් කරමින් ඇවිදින්නෙමි. ඔබලාගේ ගෙදර සන්නාලි කර්මයක් ඇත්නම් බත් හා වැටුප් දෙව්, නුඹලාටත් සන්නාලි කර්මය කරමියි කීය. අපට එවැනි කර්මාන්තයක් හෝ බත් වැටුප් නැත. ආර්යයෙනි වෙනත් අයගේ කාර්යයක් කරනු මැනැවි හෙතෙම කිහිප දිනක් එහි වසමින් ධාන්‍ය පුණ්‍ය ලක්ෂණ ඇති ඇගේ දුව දැක, මෑණියනි! මේ දැරිය කිසිවකු විසින් විවාහ ගිවිසගන්නා ලද්දියක් ද නැතිනම් විවාහ ගිවිස නො ගන්නා ලද්දියක් ද, ඉදින් කිසිවකු විසින් විවාහ ගිවිස නො ගන්නා ලද්දියක් නම් මේ කුමරිය මට දෙව, මම නුඹලා සුවසේ ජීවත් කරවීමට පුළුවන් කෙනෙක් වෙමි කීයේය. ඕතොමෝ ආර්යයෙනි! යහපතැයි කියා ඔහුට කුමරිය දුන්නාය.

සො තාය සද‍්ධිං කතිපාහං වසිත්‍වා තස‍්සා කහාපණසහස‍්සං දත්‍වා “අහං කතිපාහෙනෙව නිවත‍්තිස‍්සාමි. භද‍්දෙ , ත්‍වං මා උක‍්කණ‍්ඨසී”ති වත්‍වා අත‍්තනො නගරං ගන‍්ත්‍වා, නගරස‍්ස ච තස‍්ස ගාමස‍්ස ච අන‍්තරෙ මග‍්ගං සමං කාරාපෙත්‍වා අලඞ‍්කාරාපෙත්‍වා මහතා රාජානුභාවෙන තත්‍ථ ගන‍්ත්‍වා තං දාරිකං කහාපණරාසිම‍්හි ඨපෙත්‍වා සුවණ‍්ණරජතකලසෙහි න‍්හාපෙත්‍වා “උබ‍්බරී”ති නාමං කාරාපෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙත්‍වා තඤ‍්ච ගාමං තස‍්සා ඤාතීනං දත්‍වා මහතා රාජානුභාවෙන තං නගරං ආනෙත්‍වා තාය සද‍්ධිං අභිරමමානො යාවජීවං රජ‍්ජසුඛං අනුභවිත්‍වා ආයුපරියොසානෙ කාලමකාසි. කාලකතෙ ච තස‍්මිං, කතෙ ච සරීරකිච‍්චෙ උබ‍්බරී පතිවියොගෙන සොකසල‍්ලසමප‍්පිතහදයා ආළාහනං ගන‍්ත්‍වා බහූ දිවසෙ ගන්‍ධපුප‍්ඵාදීහි පූජෙත්‍වා රඤ‍්ඤො ගුණෙ කිත‍්තෙත්‍වා උම‍්මාදප‍්පත‍්තා විය කන්‍දන‍්තී පරිදෙවන‍්තී ආළාහනං පදක‍්ඛිණං කරොති.

හෙතෙමේ ඈය සමග කිහිප දිනක් වැස ඇයට කහවණු දහසක් දී “මම කීප දවසකින්ම එන්නෙමි, සොඳුර තී කල නොකිරවයි කියා තමන්ගේ නුවරට ගොස් නුවර හා ඒ ගම අතරමග පාර සමතලා කරවා සරසවා මහත් රාජ්‍යානුභාවයෙන් ඒ ගෙදරට ගොස් ඒ කුමරිය කහවණු රැසක් මත සිටුවා රන් රිදී කළස්වලින් පැන් නහවා උබ්බරී යයි නම් කරවා අග මෙහෙසිය තනතුරෙහි තබා ඒ ගම ඇගේ නෑයන්ට දී මහත් රාජානුභාවයෙන් ඒ නුවරට ගෙනැවිත් ඈ සමග අභිරමණය කරමින් ජීවිතාන්තය දක්වා කල්යවා, රජ සුව විඳ ආයු කෙළවර කළුරිය කළේය. ඔහු කළුරිය කළ කල්හි ද, මළ සිරුර ආදාහන කළ කල්හි ද, උබ්බරී දේවිය ස්වාමියාගේ වියෝ දුකින් දැඩි ශෝකය නමැති හුල් ඇනුණු හදින් යුතුව ආදාහන ස්ථානයට ගොස් බොහෝ දවස්වල සුවඳ දුම් ආදිය පුදා රජුගේ ගුණ වර්ණනා කරමින් උමතු වූවාක් මෙන් හඬමින් විලාප කියමින් ආදාහන ස්ථානය පැදකුණු කරයි.

තෙන ච සමයෙන අම‍්හාකං භගවා බොධිසත‍්තභූතො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අධිගතජ‍්ඣානාභිඤ‍්ඤො හිමවන‍්තස‍්ස සාමන‍්තා අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤායතනෙ විහරන‍්තො සොකසල‍්ලසමප‍්පිතං උබ‍්බරිං දිබ‍්බෙන චක‍්ඛුනා දිස‍්වා ආකාසෙන ආගන‍්ත්‍වා දිස‍්සමානරූපො ආකාසෙ ඨත්‍වා තත්‍ථ ඨිතෙ මනුස‍්සෙ පුච‍්ඡි – “කස‍්සිදං ආළාහනං, කස‍්සත්‍ථාය චායං ඉත්‍ථී ‘බ්‍රහ‍්මදත‍්ත, බ්‍රහ‍්මදත‍්තා’ති කන්‍දන‍්තී පරිදෙවතී”ති. තං සුත්‍වා මනුස‍්සා “බ්‍රහ‍්මදත‍්තො නාම පඤ‍්චාලානං රාජා, සො ආයුපරියොසානෙ කාලමකාසි, තස‍්සිදං ආළාහනං, තස‍්ස අයං අග‍්ගමහෙසී උබ‍්බරී නාම ‘බ්‍රහ‍්මදත‍්ත, බ්‍රහ‍්මදත‍්තා’ති තස‍්ස නාමං ගහෙත්‍වා කන්‍දන‍්තී පරිදෙවතී”ති ආහංසු. තමත්‍ථං දීපෙන‍්තා සඞ‍්ගීතිකාරා –

එ සමයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත්වැ ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ධ්‍යාන ප්‍රව්‍රජ්‍යා අභිඥා උපදවා හිමවත සමීපයෙහි එක්තරා වන පෙදෙසක වසන්නේ, සෝක තැවුලින් තැවෙන්නා වූ උබ්බරිය දිවැසින් දැක අහසින් අවුත් දෘශ්‍යමානරූපීව අහසෙහි ඒ ඒ තන්හි සිට මේ ආදාහන භූමිය කවරෙකුගේ ද? මේ ස්ත්‍රීය බ්‍රහ්මදත්ත යයි කියමින් කවරෙකු සඳහා විලාප කියමින් හඬන්නේදැයි මිනිසුන්ගෙන් ඇසීය. එය අසා මිනිස්සු ස්වාමීනි! මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරී නම් දේවිය වෙයි. ඕ තොමෝ රජු කළුරිය කළ තැන් පටන් මළ සිරුර දැවු තැනට අවුත් බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත යයි ඔහුගේ නම කියමින් හඬමින් විලාප කියයි කීවාහුය, ඒ කරුණ පවසන සංගිති කාරකයෝ මෙම ගාථා සය තැබූහ.

“අහු රාජා බ්‍රහ‍්මදත‍්තො, පඤ‍්චාලානං රථෙසභො; අහොරත‍්තානමච‍්චයා, රාජා කාලමක්‍රුබ‍්බථ.

පඤ්චාල රට වැස්සන්ගේ මහාරථ නම් යෝධ වූ බඹදත් නම් රජෙක් විය. ඒ රජතෙම දිවා රාත්‍රින්ගේ ඇවෑමෙන් කළුරිය කළේය.

“තස‍්ස ආළාහනං ගන‍්ත්‍වා, භරියා කන්‍දති උබ‍්බරි; බ්‍රහ‍්මදත‍්තං අපස‍්සන‍්තී, බ්‍රහ‍්මදත‍්තාති කන්‍දති.

එකල්හි ඒ රජුගේ උබ්බරී නම් දේවිය ආදාහන ස්ථානයට ගොස් හඬයි. බඹදත් රජු නොදකින්නේ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යයි කියමින් හඬයි.

“ඉසි ච තත්‍ථ ආගච‍්ඡි, සම‍්පන‍්නචරණො මුනි; සො ච තත්‍ථ අපුච‍්ඡිත්‍ථ, යෙ තත්‍ථ සු සමාගතා.

ඒ සොහොනට පසළොස් චරණ ධර්මයෙන් යුක්ත වූ, සෘෂි වූ තාපසයෙක් පැමිණියේය. එතැනට යම් මිනිස්සු සමුහයක් රැස් වූවාහු ද, ඒ ඍෂිවරයා ඔවුන්ගෙන් විචාළේය.

“‘කස‍්ස ඉදං ආළාහනං, නානාගන්‍ධසමෙරිතං; කස‍්සායං කන්‍දති භරියා, ඉතො දූරගතං පතිං; බ්‍රහ‍්මදත‍්තං අපස‍්සන‍්තී, බ්‍රහ‍්මදත‍්තාති කන්‍දති’.

හාත්පස නන් වැදෑරුම් සුවඳ හමන්නා වූ, මේ සොහොන කවරෙකුගේ ද? මේ කාගේ භාර්යාවක් ද කවරෙකු සඳහා අඬන්නී ද? මේ මිනිස් ලොවින් වෙන් වූ, තම ස්වාමියා වූ බ්‍රහ්මදත්ත රජු නො දැකීමෙනි. බ්‍රහ්මදත්ත

“තෙ ච තත්‍ථ වියාකංසු, යෙ තත්‍ථ සු සමාගතා; බ්‍රහ‍්මදත‍්තස‍්ස භද‍්දන‍්තෙ, බ්‍රහ‍්මදත‍්තස‍්ස මාරිස.

බ්‍රහ්මදත්ත යයි කියමින් හඬන්නී බ්‍රහ්මදත්ත රජුගේ භාර්යාවය යයි ඒ රැස්ව සිටි මිනිස්සු කීහ. නිදුකාණනි, බ්‍රහ්මදත්ත රජුට යහපතක්ම වේවා!

“තස‍්ස ඉදං ආළාහනං, නානාගන්‍ධසමෙරිතං; තස‍්සායං කන්‍දති භරියා, ඉතො දූරගතං පතිං; බ්‍රහ‍්මදත‍්තං අපස‍්සන‍්තී, බ්‍රහ‍්මදත‍්තාති කන්‍දතී”ති. – ඡ ගාථා ඨපෙසුං;

නානා විධ සුවඳ හමන මේ සොහොන ඒ බ්‍රහ්මදත්ත රජුගේය. මේ ඔහුගේ බිරිඳ ඉතා දුර ගියා වූ ස්වමියා නොදකින්නේ, බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යයි කියමින් හඬන්නීය.

තත්‍ථ අහූති අහොසි. පඤ‍්චාලානන‍්ති පඤ‍්චාලරට‍්ඨවාසීනං, පඤ‍්චාලරට‍්ඨස‍්සෙව වා. එකොපි හි ජනපදො ජනපදිකානං රාජකුමාරානං වසෙන රුළ‍්හියා “පඤ‍්චාලාන”න‍්ති බහුවචනෙන නිද‍්දිසීයති. රථෙසභොති රථෙසු උසභසදිසො, මහාරථොති අත්‍ථො. තස‍්ස ආළාහනන‍්ති තස‍්ස රඤ‍්ඤො සරීරස‍්ස දඩ‍්ඪට‍්ඨානං.

එහි අනු - යනු වූයේය. පඤ්චාලා නං - යනු පඤ්චාල රටවාසීන්ගේ, පඤ්චාල රට නම් වූ එක් ජනපදයෙක් විය. ජනපදයන්ට අධිපති වූ රජ කුමාරයා වශයෙනී ආරූඨ වශයෙන් පඤ්චාලානං යයි බහුවචනයෙන් දැවේ. රථෙසහො - රථයන්හි වෘෂභ සමාන - මහාරථ යන අර්ථයි. තස්ස ආළාහනං යනු ඒ රජුගේ මළ සිරුර දැවූ තැන,

ඉසීති ඣානාදීනං ගුණානං එසනට‍්ඨෙන ඉසි. තත්‍ථාති තස‍්මිං උබ‍්බරියා ඨිතට‍්ඨානෙ, සුසානෙති අත්‍ථො. ආගච‍්ඡීති අගමාසි. සම‍්පන‍්නචරණොති සීලසම‍්පදා, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, ජාගරියානුයොගො, සද‍්ධාදයො සත‍්ත සද‍්ධම‍්මා, චත‍්තාරි රූපාවචරඣානානීති ඉමෙහි පන‍්නරසහි චරණසඞ‍්ඛාතෙහි ගුණෙහි සම‍්පන‍්නො සමන‍්නාගතො, චරණසම‍්පන‍්නොති අත්‍ථො. මුනීති අත‍්තහිතඤ‍්ච පරහිතඤ‍්ච මුනාති ජානාතීති මුනි. සො ච තත්‍ථ අපුච‍්ඡිත්‍ථාති සො තස‍්මිං ඨානෙ ඨිතෙ ජනෙ පටිපුච‍්ඡි. යෙ තත්‍ථ සු සමාගතාති යෙ මනුස‍්සා තත්‍ථ සුසානෙ සමාගතා. සූති නිපාතමත‍්තං. “යෙ තත්‍ථාසුං සමාගතා”ති වා පාඨො. ආසුන‍්ති අහෙසුන‍්ති අත්‍ථො.

ඉසි යනු ධ්‍යානාදී ගුණ මොහුට ඇත්තේනුයි ඉසිනම් තත්‍ථා - යනු ඒ උබ්බරි දේවිය සිටි තැන - සුසාන භූමිය යන අර්ථයි. ආගඤ්ඡි - ගියේය. සම්පන්න චරණෙ - සීල සම්පන්නබව, ඉන්ද්‍රියයන්හි දමනය, භෝජනයෙහි පමණ දැන වැළදීම, නිදිවැරීම, ශ්‍රද්ධා දී සප්ත සද්ධර්මයෝ, සතර රූපාචචර ධ්‍යාන, මේ පසළොස් චරණ ධර්ම සඞ්ඛ්‍යාත ගුණයන්හි සමන්විත වූයේ, චරණ සම්පන්න යන අර්ථයි. මුනි යනු තමන්ගේ හිත පිණිස ද අනුන්ගේ හිත පිණිස ද කළ යුතු දේ දනී යයි මුනි නම් වේ. තෙ ච තත්‍ථ අපුච්ඡිත්‍වා - එහි තැන් තැන්වල සිටි මිනිසුන්ගෙන් විචාළේය. යෙ තත්‍ථ සුසමාගතා - යම් මිනිස් පිරිසක් ඒ සොහොන් බිම තැන් තැන්වල රැස්ව සිටියාහු ද? සු - යනු නිපාතයකි. යෙ තත්‍ථා සුං සමාහිතා යනුවෙන් ද සමහර තැනෙක සඳහන් වේ. ආසු යනු වූයේය යන අර්ථයි.

නානාගන්‍ධසමෙරිතන‍්ති නානාවිධෙහි ගන්‍ධෙහි සමන‍්තතො එරිතං උපවාසිතං. ඉතොති මනුස‍්සලොකතො. දූරගතන‍්ති පරලොකං ගතත‍්තා වදති. බ්‍රහ‍්මදත‍්තාති කන්‍දතීති බ්‍රහ‍්මදත‍්තාති එවං නාමසංකිත‍්තනං කත්‍වා පරිදෙවනවසෙන අව‍්හායති.

නානාගන්‍ධ ස මෙරිතං - නොයෙක් සුවඳ ජාතිවලින් හාත්පස සුවඳවත් කර සිටී. ඉතො මිනිස් ලොවින්, දූරංගතං - පරලොවට ගියේ යයි කියයි. බ්‍රහ්මදත්ත තී කන්‍දති - බ්‍රහ්මදත්ත යන නම සංකේතවත් කොට වැළපීම් වශයෙන් කවරෙක් කැඳවයි ද?

බ්‍රහ‍්මදත‍්තස‍්ස භද‍්දන‍්තෙ, බ්‍රහ‍්මදත‍්තස‍්ස මාරිසාති මාරිස, නිරාමයකායචිත‍්ත මහාමුනි බ්‍රහ‍්මදත‍්තස‍්ස රඤ‍්ඤො ඉදං ආළාහනං, තස‍්සෙව බ්‍රහ‍්මදත‍්තස‍්ස රඤ‍්ඤො අයං භරියා, භද‍්දං තෙ තස‍්ස ච බ්‍රහ‍්මදත‍්තස‍්ස භද‍්දං හොතු, තාදිසානං මහෙසීනං හිතානුචින‍්තනෙන පරලොකෙ ඨිතානම‍්පි හිතසුඛං හොතියෙවාති අධිප‍්පායො.

බ්‍රහ්මදත්තස්ස භද්දන්නෙ බ්‍රහ්මදත්තස්ස මාරිසා - යනු නිදුකාණනි! නොයෙක් සුවඳ හමන්නා වූ මේ සොහොන බ්‍රහ්මදත්ත රජුගේය. ඒ බ්‍රහ්මදත්ත රජුගේ දේවිය ඒ බ්‍රහ්මදත්ත රජුම සිහිකරමින් වැළපෙයි. එබඳු වූ මහේසිකාවට අනුකම්පා පූර්වක හිතවත් සිතින් මුදවන්නේ නම් පරලොව සිටින්නහුට ද නිතර සැපයක්ම වේ යයි යන අදහසයි.

අථ සො තාපසො තෙසං වචනං සුත්‍වා අනුකම‍්පං උපාදාය උබ‍්බරියා සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්සා සොකවිනොදනත්‍ථං –

එවිට ඒ තාපස තෙමේ ඔවුන්ගේ වචන අසා අනුකම්පාව උපදවා, උබ්බරී සමීපයට ගොස් ඇගේ සෝකය පහකිරීම සදහා

“ඡළාසීතිසහස‍්සානි, බ්‍රහ‍්මදත‍්තස‍්සනාමකා; ඉමස‍්මිං ආළාහනෙ දඩ‍්ඪා, තෙසං කමනුසොචසී”ති. –

බ්‍රහ්මදත්තය යන නම් ඇති අසූහයදහසක් මේ සොහොනෙහි දක්වා ඇත. ඔවුන් අතුරෙන් කවර නම් බ්‍රහ්මදත්ත කෙරේ ඔබ ශෝක කරන්නී ද? යන ගාථාව කීහ.

ගාථමාහ . තත්‍ථ ඡළාසීතිසහස‍්සානීති ඡසහස‍්සාධිකඅසීතිසහස‍්සසඞ‍්ඛා. බ්‍රහ‍්මදත‍්තස‍්සනාමකාති බ්‍රහ‍්මදත‍්තොති එවංනාමකා. තෙසං කමනුසොචසීති තෙසං ඡළාසීතිසහස‍්සසඞ‍්ඛාතානං බ්‍රහ‍්මදත‍්තානං කතමං බ්‍රහ‍්මදත‍්තං ත්‍වං අනුසොචසි, කතමං පටිච‍්ච තෙ සොකො උප‍්පන‍්නොති පුච‍්ඡි.

එහි ඡළා සීති ඝහස්සානි - සයදහසකට අධික අසූදාහක් බ්‍රහ්මදත්තස්ස නාමකා - බ්‍රහ්මදත්ත යයි මේ නම දැරූ - තෙසං කං අනුසොචති ඔවුන් අතුරෙන් කවරෙක්, ඒ අසූ හයදහසක් වූ බ්‍රහ්මදත්තවරුන් අතරෙන්, කීවෙනි කවර බ්‍රහ්මදත්ත සඳහා ඔබ වැළපෙන්නේ ද? කවරෙකු උදෙසා ඔබට සෝකය පහළ වූයේ ද? යනුවෙන් විචාළේය.

එවං පන තෙන ඉසිනා පුච‍්ඡිතා උබ‍්බරී අත‍්තනා අධිප‍්පෙතං බ්‍රහ‍්මදත‍්තං ආචික‍්ඛන‍්තී –

මෙසේ ඔහු විසින් විමසන ලද උබ්බරී දේවි තමන් අදහස් කරන බ්‍රහ්මදත්තයන් ගැන කියන්නී, මේ ගාථාව කීහ.

“යො රාජා චූළනීපුත‍්තො, පඤ‍්චාලානං රථෙසභො; තං භන‍්තෙ අනුසොචාමි, භත‍්තාරං සබ‍්බකාමද”න‍්ති. –

ස්වාමීනි! චූලනී නම් රජුගේ පුත් වූ, මහාරථ නම් යෝධයෙක් වූ පඤ්චාල රට වාසීන්ගේ යම් රජෙක් වී ද? සියලු කැමති දේ දෙන්නා වූ ඒ ස්වාමියා සොයමින් ශෝක කරමි.

ගාථමාහ. තත්‍ථ චූළනීපුත‍්තොති එවංනාමස‍්ස රඤ‍්ඤො පුත‍්තො. සබ‍්බකාමදන‍්ති මය‍්හං සබ‍්බස‍්ස ඉච‍්ඡිතිච‍්ඡිතස‍්ස දාතාරං, සබ‍්බෙසං වා සත‍්තානං ඉච‍්ඡිතදායකං.

එහි චූලනී පුත්තො - චූලනී නම් ඇති රජුගේ පුත්‍ර වූ, සබ්බ කාම දදං යනු මගේ කැමති නොකැමැති දේ විමසා සියලු දේ දුන්නා වූ, සියලුම සත්ත්වයන්ට කැමති දේ දුන්නා වූ

එවං උබ‍්බරියා වුත‍්තෙ පුන තාපසො –

මෙසේ උබ්බරී දේවිය කීමෙන් පසුව නැවත තාපස තෙමේ.

“සබ‍්බෙවාහෙසුං රාජානො, බ්‍රහ‍්මදත‍්තස‍්සනාමකා; සබ‍්බෙව චූළනීපුත‍්තා, පඤ‍්චාලානං රථෙසභා.

සියළු රජවරු බ්‍රහ්මදත්ත නැමැත්තෝ වූහ. ඒ සියලු රජවරු පඤ්චාල රට වැසියගේ රථික ශ්‍රේෂ්ඨ වූ ද, චූලනී පුත්‍රයෝම වූහ.

“සබ‍්බෙසං අනුපුබ‍්බෙන, මහෙසිත‍්තමකාරයි; කස‍්මා පුරිමකෙ හිත්‍වා, පච‍්ඡිමං අනුසොචසී”ති. – ගාථාද‍්වයමාහ;

මේ සියලුම රජවරුන්ට තී අග මෙහෙසුන්ව වූහ. එසේ නම් පළමු රජුන් අමතක කර හැර පසු වූ රජු සඳහා වැලපෙන්නී ද? යන ගාථා දෙක කීහ.

තත්‍ථ සබ‍්බෙවාහෙසුන‍්ති සබ‍්බෙව තෙ ඡළාසීතිසහස‍්සසඞ‍්ඛා රාජානො බ්‍රහ‍්මදත‍්තස‍්ස නාමකා චූළනීපුත‍්තා පඤ‍්චාලානං රථෙසභාව අහෙසුං. ඉමෙ රාජභාවාදයො විසෙසා තෙසු එකස‍්සාපි නාහෙසුං.

එහි සබ්බෙවහෙසුං - යනු ඒ අසූහය දහසක් සියලුම රජවරු බ්‍රහ්මදත්ත නම් ඇත්තෝ වූහ. පඤ්චාල රටවැස්සන්ගේ ශ්‍රේෂ්ඨ රථික වූ චූලනී රජුගේ ප්‍රත්‍රයෝම වූහ. මේ ඔවුන් අතුරෙන් එකෙකුටවත් රාජභාවාදී විශේෂයෝ නොවූහ.

මහෙසිත‍්තමකාරයීති ත්‍වඤ‍්ච තෙසං සබ‍්බෙසම‍්පි අනුපුබ‍්බෙන අග‍්ගමහෙසිභාවං අකාසි, අනුප‍්පත‍්තාති අත්‍ථො. කස‍්මාති ගුණතො ච සාමිකභාවතො ච අවිසිට‍්ඨෙසු එත‍්තකෙසු ජනෙසු පුරිමකෙ රාජානො පහාය පච‍්ඡිමං එකංමෙව කස‍්මා කෙන කාරණෙන අනුසොචසීති පුච‍්ඡි.

මහෙසිත්තමාකාරයී - ඔබ ද ඒ සියලු රජවරුන්ගේ පිළිවෙලින් අගමෙහෙසුන් වූහ. අනුපිළිවෙළින් පැමිණියේ යන අර්ථයි. කස්මා - ගුණයෙන් හා ස්වාමී බවිනුත් වෙනසක් නැති මෙපමණ පළමු රජවරුන් සිටිය දී, ඒ රජවරුන් හැර පසුව වූ එක් රජෙකුටම කවර කරුණකින් ඔබ ශෝක කරන්නේ දැයි විචාළේය.

තං සුත්‍වා උබ‍්බරී සංවෙගජාතා පුන තාපසං –

ඒ අසා හටගත් සංවේග ඇති උබ්බරී තෙමෝ තාපසයාට මෙසේ කීය.

“ආතුමෙ ඉත්‍ථිභූතාය, දීඝරත‍්තාය මාරිස; යස‍්සා මෙ ඉත්‍ථිභූතාය, සංසාරෙ බහුභාසසී”ති. –

263. නිදුකාණනි! යම් බඳු ස්ත්‍රීභාවයට පැමිණියා වූ මට, සසර බොහෝ ජාතීන් කියන සේක් ද? මා ස්ත්‍රීභාවයට පැමිණ බොහෝ කල් වන්නේ ද?

ගාථමාහ. තත්‍ථ ආතුමෙති අත‍්තනි. ඉත්‍ථිභූතායාති ඉත්‍ථිභාවං උපගතාය. දීඝරත‍්තායාති දීඝරත‍්තං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – ඉත්‍ථිභූතාය අත‍්තනි සබ‍්බකාලං ඉත්‍ථීයෙව හොති, උදාහු පුරිසභාවම‍්පි උපගච‍්ඡතීති. යස‍්සා මෙ ඉත්‍ථිභූතායාති යස‍්සා මය‍්හං ඉත්‍ථිභූතාය එවං තාව බහුසංසාරෙ මහෙසිභාවං මහාමුනි ත්‍වං භාසසි කථෙසීති අත්‍ථො. “ආහු මෙ ඉත්‍ථිභූතායා”ති වා පාඨො. තත්‍ථ ආති අනුස‍්සරණත්‍ථෙ නිපාතො. ආහු මෙති සයං අනුස‍්සරිතං අඤ‍්ඤාතමිදං මයා, ඉත්‍ථිභූතාය ඉත්‍ථිභාවං උපගතාය එවං මය‍්හං එත‍්තකං කාලං අපරාපරුප‍්පත‍්ති අහොසි. කස‍්මා? යස‍්මා යස‍්සා මෙ ඉත්‍ථිභූතාය සබ‍්බෙසං අනුපුබ‍්බෙන මහෙසිත‍්තමකාරයි, කිං ත්‍වං, මහාමුනි, සංසාරෙ බහුං භාසසීති යොජනා.

එහි ආතුමෙ - යනු තමන් කෙරෙහි ඉත්‍ථ භූතායා යනු ස්ත්‍රිභාවයට පැමිණ දීඝරත්තායා - බොහෝ කලක් වන්නේ ද? ස්ත්‍රිභාවයට පැමිණ බොහෝ කල් ස්ත්‍රියක්ම වූයේ ද? කෙනෙක් පුරිසභාවයටත් පැමිණියේ වේද? යස්සා මෙ ඉත්‍ථි භූතායා - යම්බඳු ඒ ස්ත්‍රියක් වූ මා ඒ සියලුම රජවරුන්ට මෙහෙසීන් වූයේ යයි කියන්නේ ද? ආහු මේ ඉත්‍ථි භූතවා යනු ද පාඨයි. එහි ආති යනු අනුස්සරණ (සිහි කිරීම්) අර්ථයෙහි පාඨයි. හුමෙ - තෙමේම සිහිකරමින් මා විසින් ස්ත්‍රිභාවයක් ලබා ස්ත්‍රියක් වසයෙන්ම මෙතෙක් කල් පැමිණ ස්ත්‍රීභාවය නොවෙනස්ව පැවැත්තේ ද? එසේ හෙයින් යම් මගේ මේ ස්ත්‍රිභාවය නිසා සියල්ලන්ටම පිළිවෙලින් මෙහෙසියන් වූයේමද? මේ මහාමුනි තෙමේ හැමදාම සසරෙහි ස්ත්‍රියක්ම වී යයි ප්‍රකාශ කරන්නේ ද?

තං සුත්‍වා තාපසො අයං නියමො සංසාරෙ නත්‍ථි “ඉත්‍ථී ඉත්‍ථීයෙව හොති, පුරිසො පුරිසො එවා”ති දස‍්සෙන‍්තො –

ඒ වචන අසා තාපස තෙමේ එහෙම නියමයක් සංසාරයේ නැත. ස්ත්‍රියක් ස්ත්‍රීම වන්නේය පුරුෂයෙක් පුරුෂ වන්නේමය යන නියමයක් නැතිබව දක්වමින්, මේ ගාථාව කීහ.

“අහු ඉත්‍ථී අහු පුරිසො, පසුයොනිම‍්පි ආගමා; එවමෙතං අතීතානං, පරියන‍්තො න දිස‍්සතී”ති. –

264. ඔබ (සමහර කලෙක) ස්ත්‍රියක් වූවාය. (සමහර කලෙක) පුරුෂයෙක් වූයේය. සමහර විට තිරිසන් යෝනියෙහි ද ඉපදුනේය. මෙසේ කියන ලද පරිද්දෙන් අතීත ආත්මභාවයන්ගේ කෙළවරක් නො දක්නා ලැබෙයි.

ගාථමාහ. තත්‍ථ අහු ඉත්‍ථී අහු පුරිසොති ත්‍වං කදාචි ඉත්‍ථීපි අහොසි, කදාචි පුරිසොපි අහොසි. න කෙවලං ඉත්‍ථිපුරිසභාවමෙව, අථ ඛො පසු යොනිම‍්පි අගමාසි, කදාචි පසුභාවම‍්පි අගමාසි, තිරච‍්ඡානයොනිම‍්පි උපගතා අහොසි. එවමෙතං අතීතානං, පරියන‍්තො න දිස‍්සතීති එවං යථාවුත‍්තං එතං ඉත්‍ථිභාවං පුරිසභාවං තිරච‍්ඡානාදිභාවඤ‍්ච උපගතානං අතීතානං අත‍්තභාවානං පරියන‍්තො ඤාණචක‍්ඛුනා මහතා උස‍්සාහෙන පස‍්සන‍්තානම‍්පි න දිස‍්සති. න කෙවලං තවෙව, අථ ඛො සබ‍්බෙසම‍්පි සංසාරෙ පරිබ‍්භමන‍්තානං සත‍්තානං අත‍්තභාවස‍්ස පරියන‍්තො න දිස‍්සතෙව න පඤ‍්ඤායතෙව. තෙනාහ භගවා –

එහි - අහු ඉත්‍ථි අහු පුරිසො - ඔබ කිසියම් කලෙක ස්ත්‍රීයක වූවාය. කිසිකලක පුරුෂයෙක් වූයේය. හුදෙක් ස්ත්‍රී පුරිස බව පමණක්ම නොවේ. සමහර විටක තිරිසන් යෝනිවලට ද පැමිණියේය. කිසිදාක මෘගාදී සිවුපා බවට ද වෙනත් තිරිසන් යෝනිවලට ද පැමිණියේ වෙයි. එවමෙතං අතීතානං පරියන්තො න දිස්සති - යනු මෙසේ කියන ලද පරිදි ස්ත්‍රීභාවයට, පුරිසභාවයට හා තිරිසන් ආත්මභාවවලට පැමිණියා වූ අතීත ආත්ම භාවමයන් පිළිබඳව නුවණැසින් මහත් උත්සාහයෙන් බලන්නේ ද නො පෙනෙන්නේමය. හුදෙක් එකක්ම නොවේ. මේ සියල්ල සසරෙහි සැරිසරන්නා වූ සත්ත්වයන්ගේ ආත්ම භාවයන්ගේ කෙළවරක් නො දක්නේමය. නො පෙනෙන්නේමය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ

“අනමතග‍්ගොයං, භික‍්ඛවෙ, සංසාරො, පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරත”න‍්ති (සං· නි· 2.124).

“අනමතග්ගොයං භික්‍ඛවෙ සංසාරො පුබ්බො කොටි න පඤ්ඤායති. අවිජ්ජා නීවරණ නං, සත්තානං තණ්හා සංයොජනානං සන්‍ධාවතං සංසර තං” යනාදිය වදාරණ ලදී.

එවං තෙන තාපසෙන සංසාරස‍්ස අපරියන‍්තතං කම‍්මස‍්සකතඤ‍්ච විභාවෙන‍්තෙන දෙසිතං ධම‍්මං සුත්‍වා සංසාරෙ සංවිග‍්ගහදයා ධම‍්මෙ ච පසන‍්නමානසා විගතසොකසල‍්ලා හුත්‍වා අත‍්තනො පසාදං සොකවිගමනඤ‍්ච පකාසෙන‍්තී –

මෙසේ ඒ තාපසයා විසින් කෙළවරක් නොපෙනෙන සසරෙහි කරණ ලද කර්මයාගේ බේදීම් ආකාරයෙන් දක්වමින් දේශනා කරන ලද ධර්මය අසා සංසාරය පිළිබඳව කළකිරුණු සිත් ඇතිව, ධර්මයෙහි පැහැදුණු මනසින් යුතුව, පහකරන ලද සෝක නමැති හුල් ඇතිව, තමාගේ පැහැදීම හා ශෝකය පහවීම ප්‍රකාශ කරමින් ගාථා තුනක් කීහ.

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

ගිතෙල් ඉසිනා ලද ගින්නක් මෙන්, ශෝක නමැති ගින්නෙන් ගිනි ගන්නා වූ මා ජලය වත් කරන්නකු මෙන් සියලු දාහය නිවන්නේය.

“අබ‍්බහී වත මෙ සල‍්ලං, සොකං හදයනිස‍්සිතං; යො මෙ සොකපරෙතාය, පතිසොකං අපානුදි.

හදවත ඇසුරේ පැවති ශෝක නමැති හුල උදුරන ලදී. ස්වාමියා කෙරෙහි හටගත් ශෝකය කිසියම් කෙනෙකු විසින් පහ කළේ ද?

“සාහං අබ‍්බූළ‍්හසල‍්ලාස‍්මි, සීතිභූතාස‍්මි නිබ‍්බුතා; න සොචාමි න රොදාමි, තව සුත්‍වා මහාමුනී”ති. –

ඒ මම ඉදිරුණු ශෝක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුණේ වෙමි. මහා තාපසයාණන් වහන්ස! ඔබේ වචනය අසා ශෝක නොකරමි. නොහඬමි.

තිස‍්සො ගාථා අභාසි. තාසං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

මේ ගාථාවන්ගේ අර්ථය යට කියන ලද්දේමය.

ඉදානි සංවිග‍්ගහදයාය උබ‍්බරියා පටිපත‍්තිං දස‍්සෙන‍්තො සත්‍ථා –

දැන් කළකිරුණු හදවතින් යුත් උබ්බරී දේවියගේ ප්‍රතිපත්තිය පිළිවෙත දක්වමින් ශාස්තෲන් වහන්සේ ගාථා සතරක් වදාළහ.

“තස‍්ස තං වචනං සුත්‍වා, සමණස‍්ස සුභාසිතං; පත‍්තචීවරමාදාය, පබ‍්බජි අනගාරියං.

ඒ තාපසයාගේ යහපත් වූ ධර්මය අසා (ඒ උබ්බරී දේවිය) පා සිවුරු ආදිය රැගෙන ගිහිගෙයින් වෙන් වී පැවිදි වූවාය.

“සා ච පබ‍්බජිතා සන‍්තා, අගාරස‍්මා අනගාරියං; මෙත‍්තචිත‍්තං ආභාවෙසි, බ්‍රහ‍්මලොකූපපත‍්තියා.

ඕ තොමේ ගිහිගෙයින් නික්ම තපසට සුදුසු තන්හිම පැවිදි වූයේම බඹලොව ඉපදීම පිණිස මෛත්‍රී ධ්‍යානය වැඩුවාය.

“ගාමා ගාමං විචරන‍්තී, නිගමෙ රාජධානියො; උරුවෙළා නාම සො ගාමො, යත්‍ථ කාලමක්‍රුබ‍්බථ.

ගමක් පාසා නියම් ගමක් පාසා ජනපදයක් රාජධානියක් පාසා හැසිරෙමින් උරුවේලා නම් ගම දී කළුරිය කළාය.

“මෙත‍්තචිත‍්තං ආභාවෙත්‍වා, බ්‍රහ‍්මලොකූපපත‍්තියා; ඉත්‍ථිචිත‍්තං විරාජෙත්‍වා, බ්‍රහ‍්මලොකූපගා අහූ”ති. – චතස‍්සො ගාථා අභාසි;

බඹලොව ඉපදීම පිණිස මෛත්‍රී භාවනාව වඩා ස්ත්‍රී භාවයෙහි සිත දුරුකොට බඹලොව උපන්නේ විය.

තත්‍ථ තස‍්සාති තස‍්ස තාපසස‍්ස. සුභාසිතන‍්ති සුට‍්ඨු භාසිතං, ධම‍්මන‍්ති අත්‍ථො. පබ‍්බජිතා සන‍්තාති පබ‍්බජ‍්ජං උපගතා සමානා, පබ‍්බජිත්‍වා වා හුත්‍වා සන‍්තකායවාචා. මෙත‍්තචිත‍්තන‍්ති මෙත‍්තාසහගතං චිත‍්තං. චිත‍්තසීසෙන මෙත‍්තජ‍්ඣානං වදති. බ්‍රහ‍්මලොකූපපත‍්තියාති තඤ‍්ච සා මෙත‍්තචිත‍්තං භාවෙන‍්තී බ්‍රහ‍්මලොකූපපත‍්තියා අභාවෙසි, න විපස‍්සනාපාදකාදිඅත්‍ථං. අනුප‍්පන‍්නෙ හි බුද‍්ධෙ බ්‍රහ‍්මවිහාරාදිකෙ භාවෙන‍්තා තාපසපරිබ‍්බාජකා යාවදෙව භවසම‍්පත‍්තිඅත්‍ථමෙව භාවෙසුං.

එහි තස්සා - යනු ඒ තාපසයාගේ සුභාසිතං - යනු අතිශය ප්‍රශස්ත වූ, ධර්මය යන අර්ථයි. පබ්බජිතා සන්තා - යනු ප්‍රව්‍රජ්‍යාවට පැමිණ, පැවිද්දට සමාන වී, කය වචනය දමනය කොට, මෙත්ත චිත්තං - යනු මෛත්‍රී සහගත සිත මෛත්‍රී ධ්‍යානයම කියයි. බ්‍රහ්ම ලොකූපපත්තියා - යනු එසේ මෙත් සිත් වඩන්නේ ද? බඹලොව උපදීම පිණිසම වන්නේය. විදර්ශනා වැඩීමේ අර්ථ නොවේ. සිව්සස් ඤාණයට නොපැමිණ, බඹ විහරණ වඩමින්, තාපස ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව යම්තාක් භව සම්පත්තියටම පැමිණෙන්නාහු යනුයි.

ගාමා ගාමන‍්ති ගාමතො අඤ‍්ඤං ගාමං. ආභාවෙත්‍වාති වඩ‍්ඪෙත්‍වා බ්‍රූහෙත්‍වා. “අභාවෙත්‍වා”ති කෙචි පඨන‍්ති, තෙසං අ-කාරො නිපාතමත‍්තං. ඉත්‍ථිචිත‍්තං විරාජෙත්‍වාති ඉත්‍ථිභාවෙ චිත‍්තං අජ‍්ඣාසයං අභිරුචිං විරාජෙත්‍වා ඉත්‍ථිභාවෙ විරත‍්තචිත‍්තා හුත්‍වා. බ්‍රහ‍්මලොකූපගාති පටිසන්‍ධිග‍්ගහණවසෙන බ්‍රහ‍්මලොකං උපගමනකා අහොසි. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

ගාමා ගාමං යනු ගමින් ගමට, අංහාවෙත්‍වා - වඩා - නැවත නැවත වඩා, “අභාවෙත්‍වා” යනු ද කිසිතැනක සඳහනි. එහි අකාරය නිපාත මාත්‍රයකි. ඉත්‍ථි භාවෙ විරත්ත චිත්තා ස්ත්‍රීභාවය පිළිබද අදහස, අභිරුචිය, කැමැත්ත අත්හැර ස්ත්‍රී භාවයෙන් වෙනස් වූ සිත් ඇතිව, බ්‍රහ්ම ලොකුපගා - යනු පිළිසිඳ ගැනීම් වශයෙන් ඔබ ලොවට පැමිණියේය. සෙස්ස යට කියන ලද පරිදි දෙති.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා තස‍්සා උපාසිකාය සොකං විනොදෙත්‍වා උපරි චතුසච‍්චදෙසනං අකාසි. සච‍්චපරියොසානෙ සා උපාසිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සම‍්පත‍්තපරිසාය ච දෙසනා සාත්‍ථිකා අහොසීති.

ශාස්තෲන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ඒ උපාසිකාවගේ ශෝකය දුරු කොට මත්තෙහි සිව්සස් දේශනා කළ සේක. සත්‍ය දේශනාවසානයේ ඒ උපාසිකා තොමෝ සෝවාන් ඵලයෙහි පිහිටියාය. එතැන්හි රැස් වූ පිරිසට ද ධර්මදේශනාව සාර්ථක වූයේය.

උබ‍්බරිපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

උබ්බරී කථා වස්තුව නිමියේය.

ඉති ඛුද‍්දක-අට‍්ඨකථාය පෙතවත්‍ථුස‍්මිං තෙරසවත්‍ථුපටිමණ‍්ඩිතස‍්ස දුතියස‍්ස උබ‍්බරිවග‍්ගස‍්ස අත්‍ථසංවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි උබ්බරී වර්ගය සමාප්තයි.