යෙදුමෙන් කියවන්න

1. අභිජ‍්ජමානපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

1. අභිජ‍්ජමානපෙතවත්‍ථුවණ‍්ණනා

1. අභිජ්ජමාන ප්‍රෙතවස්තු වර්ණනාව

අභිජ‍්ජමානෙ වාරිම‍්හීති ඉදං සත්‍ථරි වෙළුවනෙ විහරන‍්තෙ අඤ‍්ඤතරං ලුද‍්දපෙතං ආරබ‍්භ වුත‍්තං. බාරාණසියං කිර අපරදිසාභාගෙ පාරගඞ‍්ගාය වාසභගාමං අතික‍්කමිත්‍වා චුන්‍දට‍්ඨිලනාමකෙ ගාමෙ එකො ලුද‍්දකො අහොසි. සො අරඤ‍්ඤෙ මිගෙ වධිත්‍වා වරමංසං අඞ‍්ගාරෙ පචිත්‍වා ඛාදිත්‍වා අවසෙසං පණ‍්ණපුටෙ බන්‍ධිත්‍වා කාජෙන ගහෙත්‍වා ගාමං ආගච‍්ඡති. තං බාලදාරකා ගාමද‍්වාරෙ දිස‍්වා “මංසං මෙ දෙහි, මංසං මෙ දෙහී”ති හත්‍ථෙ පසාරෙත්‍වා උපධාවන‍්ති. සො තෙසං ථොකං ථොකං මංසං දෙති. අථෙකදිවසං මංසං අලභිත්‍වා උද‍්දාලකපුප‍්ඵං පිළන්‍ධිත්‍වා බහුඤ‍්ච හත්‍ථෙන ගහෙත්‍වා ගාමං ගච‍්ඡන‍්තං තං දාරකා ගාමද‍්වාරෙ දිස‍්වා “මංසං මෙ දෙහි, මංසං මෙ දෙහී”ති හත්‍ථෙ පසාරෙත්‍වා උපධාවිංසු. සො තෙසං එකෙකං පුප‍්ඵමඤ‍්ජරිං අදාසි.

“අභිජ්ජමානෙ වාරිම්හා” - යන මේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වැඩ වසන කල්හි එක්තරා වැදි ප්‍රේතයකු අරභයා වදාරණ ලදී. බරණැස් නුවර බටහිර දිසාවෙහි ගඟින් එතෙර වාසභ නම් ගම ඉක්මවා චුන්දත්‍ථික නම් ගමෙහි එක් වැද්දෙක් විසීය. ඔහු කැලයෙහි මුවන් මරා යහපත් මස් අඟුරු මත පිස කා ඉතිරි ඒවා කොල ගොටුවල බහා බැඳ කඳින් ගෙන ගමට ආයේය. ඒ ගමැ බාල දරුවෝ ගම්දොර දී ඔහු දැක මට මස් දෙව, මට මස් දෙවයි අත් දිගු කොට ලඟට දිවයති. හෙතෙම ඔවුන්ට මස් ටික ටික දෙයි. ඉක්බිති එක් දවසක් මස් නොලැබ, කොබෝලීල මල් පැළද මල් බොහෝවක් අතින් ගෙන ගමට යන්නාවූ ඔහු ගම්දොර දී, මට දෙව මට දෙවයි අත් ඔසවා ළගට දිවගියාහුය. හෙතෙම ඔවුන්ට එක එක මල් පොකුර බැගින් දුන්හ.

අථ අපරෙන සමයෙන කාලං කත්‍වා පෙතෙසු නිබ‍්බත‍්තො නග‍්ගො විරූපරූපො භයානකදස‍්සනො සුපිනෙපි අන‍්නපානං අජානන‍්තො සීසෙ ආබන්‍ධිතඋද‍්දාලකකුසුමමාලාකලාපො “චුන්‍දට‍්ඨිලායං ඤාතකානං සන‍්තිකෙ කිඤ‍්චි ලභිස‍්සාමී”ති ගඞ‍්ගාය උදකෙ අභිජ‍්ජමානෙ පටිසොතං පදසා ගච‍්ඡති. තෙන ච සමයෙන කොලියො නාම රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස මහාමත‍්තො කුපිතං පච‍්චන‍්තං වූපසමෙත්‍වා පටිනිවත‍්තෙන‍්තො හත්‍ථිඅස‍්සාදිපරිවාරබලං ථලපථෙන පෙසෙත්‍වා සයං ගඞ‍්ගාය නදියා අනුසොතං නාවාය ආගච‍්ඡන‍්තො තං පෙතං තථා ගච‍්ඡන‍්තං දිස‍්වා පුච‍්ඡන‍්තො –

ඔහු මෑත කාලයෙක මැරී ගොස් ප්‍රේත යෝනියෙහි උපන්නේය. හේ විලිවැසුම් නැත්තේය. විරූප වූ ශරීර ඇත්තේය. බියකරු දැකුම් ඇත්තේය. සිහිනෙන්වත් ආහාර පාන නොලබන්නේය. හිසේ පැළඳගත් කොබෝලීල මල් කළඹ ඇත්තේය. ඔහු දිනක් චුන්දත්‍ථික නම් ගම නෑයින්ගෙන් කිසියම් ආහාරයක් ලබන්නෙමියි සිතා ගංගානම් ගඟ දියමත උඩුගං බලා යයි. එසමයෙහි බිම්බිසාර රජුගේ මහ ඇමති කෝලිය තෙම කුපිත වූ පිටිසර ගමක් සංසිදුවා ආපසු එන්නේ, ඇත් අස් ආදී බලසෙනඟ ගොඩ බිමින් යවා, ඔහු ගංගා නම් ගඟේ යටි ගං බලා එන්නේ ඒ ප්‍රේතයා දුටුවේය. දැක ඔහුගෙන් මෙසේ විචාළේය.

“අභිජ‍්ජමානෙ වාරිම‍්හි, ගඞ‍්ගාය ඉධ ගච‍්ඡසි; නග‍්ගො පුබ‍්බද‍්ධපෙතොව, මාලධාරී අලඞ‍්කතො; කුහිං ගමිස‍්සසි පෙත, කත්‍ථ වාසො භවිස‍්සතී”ති. –

1. ගඞ්ගා නදියේ දිය මත්තෙහි නග්නව, (එහෙත්) ශරීරයේ උඩ කොටස දෙවියකු වැනිව මල් පැළදි සරසන ලද හිස ඇතිව කොහේ යන්නේ ද? කොහේ වසන්නේ ද?

ගාථමාහ. තත්‍ථ අභිජ‍්ජමානෙති පදනික‍්ඛෙපෙන අභිජ‍්ජමානෙ සඞ‍්ඝාතෙ, වාරිම‍්හි ගඞ‍්ගායාති ගඞ‍්ගාය නදියා උදකෙ. ඉධාති ඉමස‍්මිං ඨානෙ. පුබ‍්බද‍්ධපෙතොවාති කායස‍්ස පුරිමද‍්ධෙන අපෙතො විය අපෙතයොනිකො දෙවපුත‍්තො විය. කථං? මාලධාරී අලඞ‍්කතොති, මාලාහි පිළන්‍ධිත්‍වා අලඞ‍්කතසීසග‍්ගොති අත්‍ථො. කත්‍ථ වාසො භවිස‍්සතීති කතරස‍්මිං ගාමෙ දෙසෙ වා තුය‍්හං නිවාසො භවිස‍්සති, තං කථෙහීති අත්‍ථො.

එහි, අභිජ්ජමානෙ - යනු පා තැබීමෙන් නො කැඩෙන නො බිදෙන වාරිම්හි ගඞ්ගායං - යනු ගංගා නම් ගඟේ දිය මතුපිට, ඉධා යනු මෙතැන, පුබ්බද්ධ පෙතාවා - යනු ශරීරයෙහි උඩකොටස ප්‍රේතයකු නොවන්නාක් මෙන්, ප්‍රේත යෝනියෙන් පහවූවාක් මෙන්, දිව්‍ය පුත්‍රයෙක් මෙන්, කෙසේ මාලාධාරී අලඞ්කතො - යනු මල් පැළද. මල්වලින් හිස් මුදුන අලංකාර කරන ලද යන අර්ථයි. කත්‍ථ වා සො භවිස්සති - යනු කවර නම් ප්‍රදේශයක කවර නම් ගමක තොපගේ වාසස්ථානය වන්නේ ද කියව යන තේරුමයි.

ඉදානි යං තදා තෙන පෙතෙන කොලියෙන ච වුත‍්තං, තං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරා –

දැන් එකල්හි ඒ ප්‍රේතයා විසින් කෝලිය ඇමතියා සමග කියන ප්‍රවෘත්තිය සඞ්ගීතිකාරකයෝ මෙසේ දක්වති.

“චුන්‍දට‍්ඨිලං ගමිස‍්සාමි, පෙතො සො ඉති භාසති; අන‍්තරෙ වාසභගාමං, බාරාණසිඤ‍්ච සන‍්තිකෙ.

වාසභ ගමටත්, බරණැසටත් අතර පිහිටි චුන්දන්‍ථික නම් ගමට යන්නෙමියි ඒ ප්‍රේත තෙම කියයි.

“තඤ‍්ච දිස‍්වා මහාමත‍්තො, කොලියො ඉති විස‍්සුතො; සත‍්තුං භත‍්තඤ‍්ච පෙතස‍්ස, පීතකඤ‍්ච යුගං අදා.

කෝලිය නමින් ප්‍රකට වූ මහ ඇමති තෙමේ ඒ ප්‍රේතයා දැක ඔහුට අත්සුණු ද වස්ත්‍ර යුගලයක් ද දුන්නේය.

“නාවාය තිට‍්ඨමානාය, කප‍්පකස‍්ස අදාපයි; කප‍්පකස‍්ස පදින‍්නම‍්හි, ඨානෙ පෙතස‍්ස දිස‍්සථ.

නැව සිටි කල්හි කරනවෑමි උපාසකයකුට ඒ වස්ත්‍ර යුගල දෙව්වේය. කපුවාට දුන් කල්හි එකෙණෙහිම ප්‍රේතයාගේ ශරීරයෙහි (රෙදි) වස්ත්‍ර දක්නා ලදී.

“තතො සුවත්‍ථවසනො, මාලධාරී අලඞ‍්කතො; ඨානෙ ඨිතස‍්ස පෙතස‍්ස, දක‍්ඛිණා උපකප‍්පථ; තස‍්මා දජ‍්ජෙථ පෙතානං, අනුකම‍්පාය පුනප‍්පුන”න‍්ති. – ගාථායො අවොචුං;

ඉන්පසුව යහපත් දිවසළු හැඳ මල් පැළැඳ, සැරසුණේය. දියයුතු සුදුසු ස්ථානයෙහි (දක්ෂිණාර්භ ස්ථානය) පිහිටියාහු දක්ෂිණාව මේ ප්‍රේතයාට පැමිණියේය. එහෙයින් ප්‍රේතයන්ට අනුකම්පාවෙන් නැවත නැවත දක්ෂිණාව දියයුතු වන්නේය.

තත්‍ථ චුන්‍දට‍්ඨිලන‍්ති එවංනාමකං ගාමං. අන‍්තරෙ වාසභගාමං, බාරාණසිඤ‍්ච සන‍්තිකෙති වාසභගාමස‍්ස ච බාරාණසියා ච වෙමජ‍්ඣෙ. අන‍්තරා-සද‍්දයොගෙන හෙතං සාම්‍යත්‍ථෙ උපයොගවචනං. බාරාණසියා සන‍්තිකෙ හි සො ගාමොති. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – අන‍්තරෙ වාසභගාමස‍්ස ච බාරාණසියා ච යො චුන්‍දට‍්ඨිලනාමකො ගාමො බාරාණසියා අවිදූරෙ, තං ගාමං ගමිස‍්සාමීති.

එහි චුන්‍දත්‍ථිතං - යනු එනම් වූ ගමයි. අන්තරෙ වාසභ ගාමං බාරාණසියං ව සන්තිකෙ යනු වාසභ ගමට ද බරුණැස් නගරයට ද මැද මෙහි අන්තරා ශබ්ද යෝගය සාම්‍යත්‍ථයෙහි උපයෝග වචනයි. බරණැස් නුවර සමීපයෙහි ඒ ගම වේ. මෙහිද ඒ අර්ථය මැයි. වාසභ ගමට ද, බරණැසට ද අතර පිහිටි චුන්දත්‍ථික නම් ගම, බරණැසට නුදුරෙහි වූ ඒ ගමට යන්නෙමි.

කොලියො ඉති විස‍්සුතොති කොලියොති එවංපකාසිතනාමො. සත‍්තුං භත‍්තඤ‍්චාති සත‍්තුඤ‍්චෙව භත‍්තඤ‍්ච. පීතකඤ‍්ච යුගං අදාති පීතකං සුවණ‍්ණවණ‍්ණං එකං වත්‍ථයුගඤ‍්ච අදාසි.

කොලිකෙ ඉති විස්සුතො - යනු කෝලිය නම් වූ ප්‍රචලිත නමයි. සත්තුං භත්තඤ්චා යනු අත්සුණු, බැදපු පිට්ටු හා බත්, පීතකඤ්ච යුගං අදා යනු කහ පාට සහ රන්වන් පැහැ වස්ත්‍ර දෙකක්, දුන්නේය.

කදා අදාසීති චෙ ආහ නාවාය තිට‍්ඨමානාය. කප‍්පකස‍්ස අදාපයීති ගච‍්ඡන‍්තිං නාවං ඨපෙත්‍වා තත්‍ථ එකස‍්ස න‍්හාපිතස‍්ස උපාසකස‍්ස දාපෙසි , දින‍්නම‍්හි වත්‍ථයුගෙති යොජනා. ඨානෙති ඨානසො තඞ‍්ඛණඤ‍්ඤෙව. පෙතස‍්ස දිස‍්සථාති පෙතස‍්ස සරීරෙ පඤ‍්ඤායිත්‍ථ, තස‍්ස නිවාසනපාරුපනවත්‍ථං සම‍්පජ‍්ජි. තෙනාහ “තතො සුවත්‍ථවසනො, මාලධාරී අලඞ‍්කතො”ති, සුවත්‍ථවසනො මාලාභරණෙහි සුමණ‍්ඩිතපසාධිතො. ඨානෙ ඨිතස‍්ස පෙතස‍්ස, දක‍්ඛිණා උපකප‍්පථාති දක‍්ඛිණෙය්‍යට‍්ඨානෙ ඨිතා පනෙසා දක‍්ඛිණා තස‍්ස පෙතස‍්ස යස‍්මා උපකප‍්පති, විනියොගං අගමාසි. තස‍්මා දජ‍්ජෙථ පෙතානං, අනුකම‍්පාය පුනප‍්පුනන‍්ති පෙතානං අනුකම‍්පාය පෙතෙ උද‍්දිස‍්ස පුනප‍්පුනං දක‍්ඛිණං දදෙය්‍යාති අත්‍ථො.

කවර හෙයකින් දෙකක් දුන්නේ ද? නාවාය තිට්ඨමානාය කප්පකස්ස අදාපයී - යනු ගමන් කරන්නා වූ නැව නවත්වා එහි සිටි එක් උපාසක කරණවෑමියකුට දුන්නේය. වස්ත්‍ර දෙකක් දෙන ලදැයි දැක්වේ. ඨානෙ - යනු ස්ථානයෙහිම, එකෙණෙහිම, එතැන්දීම, පෙතස්සු දිස්සථා - යනු ප්‍රේතයාගේ ශරීරයෙහි වස්ත්‍ර එකක් හැඳ එකක් පෙරවා දැක්වීය. එහෙයින් කියන ලදී. තතො සුවත්‍ථවසනො මාලාධාරී අලඞ්කතො සුවත්‍ථවසනො - මල් පැළැද යහපත් වස්ත්‍ර හැඳ ප්‍රසාදයට සතුටට පත්වැ, ඨානෙ ඨිතස්ස පෙතස්ස දක්‍ඛිණා උපකප්පථා - දක්ෂිණාව පිරිනැමු මොහොතේම, එහි ඵල විපාක යම්හෙයකින් ප්‍රේතයා අනුමෝදන් වී ද, එකෙණෙහිම භුක්ති විදීමට පත්විය. තස්මා දජ්ජෙථ පෙතානං අනුකම්පාය පුනප්පුනං - යනු ප්‍රේතයන්ට අනුකම්පාකොට, ප්‍රේතයන් උදෙසා, නැවත නැවත දක්ෂිණාව දිය යුතුය යන අර්ථයි.

අථ සො කොලියමහාමත‍්තො තං පෙතං අනුකම‍්පමානො දානවිධිං සම‍්පාදෙත්‍වා අනුසොතං ආගන‍්ත්‍වා සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ බාරාණසිං සම‍්පාපුණි. භගවා ච තෙසං අනුග‍්ගහත්‍ථං ආකාසෙන ආගන‍්ත්‍වා ගඞ‍්ගාතීරෙ අට‍්ඨාසි. කොලියමහාමත‍්තොපි නාවාතො ඔතරිත්‍වා හට‍්ඨපහට‍්ඨො භගවන‍්තං නිමන‍්තෙසි – “අධිවාසෙථ මෙ, භන‍්තෙ, භගවා අජ‍්ජතනාය භත‍්තං අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. සො භගවතො අධිවාසනං විදිත්‍වා තාවදෙව රමණීයෙ භූමිභාගෙ මහන‍්තං සාඛාමණ‍්ඩපං උපරි චතූසු ච පස‍්සෙසු නානාවිරාගවණ‍්ණවිචිත‍්තවිවිධවසනසමලඞ‍්කතං කාරෙත්‍වා තත්‍ථ භගවතො ආසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ.

ඉක්බිති කෝලිය නම් මහාමාත්‍ය තෙම ප්‍රේතයාට අනුකම්පා කොට දන් වැට සම්පාදනය කොට ගඟ පහළට අවුත් සූර්යයා උදාවන කල්හි බරණැසට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන්ට අනුකම්පා පිණිස අහසින් අවුත් ගංතෙර වැඩසිටි සේක. කෝලිය මහ ඇමති නැවෙන් බැස, තුටු පහටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේය. ස්වාමීනි! අද මේ මගේ දානවස්තුව අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරණ සේක්වා! භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළහ. භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන, සිත්කළු භූමි භාගයක මහත් වූ අතුවලින් තැනූ මඩුවක නානාවිධ විරාග වර්ණයෙන් විසිතුරු වූ විවිධ වස්ත්‍ර වලින් අලංකාර ලෙස සරසා භාග්‍යවතුන් වහන්සේට අසුනක් පණවා පිරි නැමීය. පණවන ලද අසුනෙහි බුදුන් වහන්සේ වැඩ සිටි සේක.

අථ සො මහාමත‍්තො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ගන්‍ධපුප‍්ඵාදීහි පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො හෙට‍්ඨා අත‍්තනො වුත‍්තවචනං පෙතස‍්ස ච පටිවචනං භගවතො ආරොචෙසි. භගවා “භික‍්ඛුසඞ‍්ඝො ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. චින‍්තිතසමනන‍්තරමෙව බුද‍්ධානුභාවසඤ‍්චොදිතො සුවණ‍්ණහංසගණො විය ධතරට‍්ඨහංසරාජං භික‍්ඛුසඞ‍්ඝො ධම‍්මරාජං සම‍්පරිවාරෙසි. තාවදෙව මහාජනො සන‍්නිපති “උළාරා ධම‍්මදෙසනා භවිස‍්සතී”ති. තං දිස‍්වා පසන‍්නමානසො මහාමත‍්තො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සන‍්තප‍්පෙසි. භගවා කතභත‍්තකිච‍්චො මහාජනස‍්ස අනුකම‍්පාය “බාරාණසිසමීපගාමවාසිනො සන‍්නිපතන‍්තූ”ති අධිට‍්ඨාසි. සබ‍්බෙ ච තෙ ඉද‍්ධිබලෙන මහාජනා සන‍්නිපතිංසු, උළාරෙ චස‍්ස පෙතෙ පාකටෙ අකාසි. තෙසු කෙචි ඡින‍්නභින‍්නපිලොතිකඛණ‍්ඩධරා, කෙචි අත‍්තනො කෙසෙහෙව පටිච‍්ඡාදිතකොපිනා, කෙචි නග‍්ගා යථාජාතරූපා ඛුප‍්පිපාසාභිභූතා තචපරියොනද‍්ධා අට‍්ඨිමත‍්තසරීරා ඉතො චිතො ච පරිබ‍්භමන‍්තා මහාජනස‍්ස පච‍්චක‍්ඛතො පඤ‍්ඤායිංසු.

ඉක්බිති ඒ මහ ඇමති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සුවඳ ද්‍රව්‍ය හා මල් ආදියෙන් පුදා වැඳ එකත් පසෙක සිටියේ යට සදහන් තමන් විසින් ප්‍රේතයාට කී වචන ද, ප්‍රේතයා විසින් තමන්ට පිළිතුරු ද භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පැමිණේවායි සිතූ සේක. සිතීමට අනතුරුවම බුද්ධානුභාවයෙන් ආඥාකරන ලද ධෘතරාෂ්ට හංස රජු කරා එන ස්වර්ණ හංසයන් මෙන් භික්ෂු සඞ්ඝයා ධර්මරාජයන් පිරිවරා ගත්හ. එකල්හි මහත් වූ ධර්ම දේශනාවක් වන්නේයයි මහජනයා ද රැස්වූහ. එය දැක ප්‍රසාදයට පත් සිත් සතන් ඇති මහා ඇමති බුද්ධ පුමුඛ මහා සඞ්ඝයා ප්‍රණීත වූ වැළදිය යුතු දෙයින් ද පියයුතු දෙයින් ද සන්තර්පණය කළහ. භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා මහා ජනයා වෙත අනුකම්පාවෙන් බරණැස සමීප වාසීන් පැමිණේවායි අධිෂ්ඨාන කළේය. ඒ සියල්ලෝම මහාජනයා රැස් වූහ. බොහෝ වූ ප්‍රේතයන් ද මහාජනයාට පෙනෙන්ට සැළැස්වීය. ඔවුන් අතුරෙන් සමහරු ඉරි ගිය රෙදි වැරළි ඇන්දාහු වූහ. සමහරු තමන්ගේ කෙස් වලින්ම විලි වසා ගත්තෝ වූහ. තවත් කෙනෙක් නග්නවම සිටියාහ. සා පිපාසා දෙකින් මඩනා ලදුව, සමින් වසන ලද ඇට කටුවලින් යුතු ශරීර ඇතිව, ඔබ මොබ ඇවිදින්නාහු මහාජනයාට ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනුනාහ.

අථ භගවා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි, යථා තෙ එකජ‍්ඣං සන‍්නිපතිත්‍වා අත‍්තනා කතං පාපකම‍්මං මහාජනස‍්ස පවෙදෙසුං. තමත්‍ථං දීපෙන‍්තා සඞ‍්ගීතිකාරා –

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රේතයන් එක් තැනකට රැස් වී තමතමන් පෙර කළ පාප කර්මයන් මහා ජනයාට ප්‍රකාශ කරන්නෝ ද එබඳු වූ ඉධ්‍යභි සංස්කාරයක් ඉටු වදාළහ. ඒ කරුණු විස්තර කරණ සඞ්ගීති කාරකයෝ මේ ගාථා කීහු

“සාතුන‍්නවසනා එකෙ, අඤ‍්ඤෙ කෙසනිවාසනා; පෙතා භත‍්තාය ගච‍්ඡන‍්ති, පක‍්කමන‍්ති දිසොදිසං.

සමහර ප්‍රේතයෝ ඉරී වැහැරගිය රෙදි කැබලි හැන්දෝ ද, තවත් සමහරු තමන්ගේ කෙස්වලින්ම ලජ්ජා ස්ථාන වසාගත්තෝ ද ආහාර පිණිස දිගින් දිගට යති.

“දූරෙ එකෙ පධාවිත්‍වා, අලද‍්ධාව නිවත‍්තරෙ; ඡාතා පමුච‍්ඡිතා භන‍්තා, භූමියං පටිසුම‍්භිතා.

ඇතැම් ප්‍රේතයෝ දුරතැන් කරා දුව ගොස් කිසිවක් නො ලබාම නතර වෙත්. සාගිනි ඇත්තෝ මුලාවෙන් යුතුව කරකැවෙමින් බිම වැටෙති.

“කෙචි තත්‍ථ පපතිත්‍වා, භූමියං පටිසුම‍්භිතා; පුබ‍්බෙ අකතකල්‍යාණා, අග‍්ගිදඩ‍්ඪාව ආතපෙ.

තවත් සමහරු තැන් තැන්හි වැටී, පෙර ජාතියෙහි කුසල් නො කොට අව්වෙහි ගින්නෙන් දැවුණාහු වෙති.

“මයං පුබ‍්බෙ පාපධම‍්මා, ඝරණී කුලමාතරො; සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු, දීපං නාකම‍්හ අත‍්තනො.

අපි පෙර ආත්මවල දී පාපධර්ම ඇති ළාමක ස්වරූප ඇති ගෘහපතියෝ කුල මව්වරු වීමු. දිය යුතු වස්තූන් තිබියදීත් දන් දී අපට පිහිටක් කර නො ගත්තෙමු. .

“පහූතං අන‍්නපානම‍්පි, අපිස‍්සු අවකිරීයති; සම‍්මග‍්ගතෙ පබ‍්බජිතෙ, න ච කිඤ‍්චි අදම‍්හසෙ.

බොහෝ වූ ආහාර පාන ද විසි කළෙමු. යහපත් ප්‍රතිපදා ඇති පැවිද්දන්ට කිසිවක් නො දුන්නෙමු.

“අකම‍්මකාමා අලසා, සාදුකාමා මහග‍්ඝසා; ආලොපපිණ‍්ඩදාතාරො, පටිග‍්ගහෙ පරිභාසිම‍්හසෙ.

නො කළ යුතු පව්කම් කැමැත්තෝ වීමු. කුසල්හි අලසයෝ වීමු. බොහෝ කෑවෝ වෙමු. මිහිරි වස්තුවට ප්‍රිය වීමු. බත් පිඬක්වත් නො දුන්නෙමු. ප්‍රතිග්‍රාහකයන්ට පරිභව කළෙමු.

“තෙ ඝරා තා ච දාසියො, තානෙවාභරණානි නො; තෙ අඤ‍්ඤෙ පරිචාරෙන‍්ති, මයං දුක‍්ඛස‍්ස භාගිනො.

ඒ ගෙවල් දොරවල් ද, දැසි දස්සු ද ආභරණ ද අද අපට නැත. අනෙක් අය ඒවා පරිභෝග කෙරෙති.

“වෙණී වා අවඤ‍්ඤා හොන‍්ති, රථකාරී ච දුබ‍්භිකා; චණ‍්ඩාලී කපණා හොන‍්ති, කප‍්පකා ච පුනප‍්පුනං.

අවමන් කටයුතු පහත් කුල ඇත්තෝ වෙමු. සම්කරු කුල ඇත්තෝ, සැඬොල් කුල ඇත්තෝ, මිත්‍ර දෝහී වූවෝ, ඉතා අකරුණාවට පැමිණියෝ, නැවත නැවත කපු කුලවත්හු ද වෙති.

“යානි යානි නිහීනානි, කුලානි කපණානි ච; තෙසු තෙස‍්වෙව ජායන‍්ති, එසා මච‍්ඡරිනො ගති.

ඉතා දුප්පත් වූ හීන කුලයෝ වෙත් ද? ඒ ඒ හීන කුලයන්හිම උපදිත් මෙය දැඩි ලෝභකමේ විපාකයි.

“පුබ‍්බෙ ච කතකල්‍යාණා, දායකා වීතමච‍්ඡරා; සග‍්ගං තෙ පරිපූරෙන‍්ති, ඔභාසෙන‍්ති ච නන්‍දනං.

පෙර පහකළ මසුරු මළ ඇතිව කළ කුසල් ඇතිවම, දායකයෝ වෙත් ද ඔව්හු ස්වර්ග ලෝකය පුරවති. නන්දන වනය බබුළුවත්.

“වෙජයන‍්තෙ ච පාසාදෙ, රමිත්‍වා කාමකාමිනො; උච‍්චාකුලෙසු ජායන‍්ති, සභොගෙසු තතො චුතා.

වෛජයන්ත ප්‍රාසාදයේ ඇලී කැමති පරිද්දෙන් කාම සම්පත් පරිභෝග කෙරෙත්. එයින් චුතව (මිනිස් ලොවදී) මහත් සම්පත් ඇති උසස් කුලවල උපදිති.

“කූටාගාරෙ ච පාසාදෙ, පල‍්ලඞ‍්කෙ පොනකත්‍ථතෙ; බීජිතඞ‍්ගා මොරහත්‍ථෙහි, කුලෙ ජාතා යසස‍්සිනො.

උසස් කුලවල උපන්නෝ කුළු ගෙවල් ද, ප්‍රාසාද ද, දික් ලොම් ඇති කොඳු පලස් අතුරණ ලද සයනාසන ද ලබති. දිනු සිරුරු ඇතිව මොනර පිල්වලින් සැදුණු විජිනි පත් (ඒවායින් ලබන සිහිල් පවන්) ලබති. පිරිවර ජනයා ඇත්තෝ වේ.

“අඞ‍්කතො අඞ‍්කං ගච‍්ඡන‍්ති, මාලධාරී අලඞ‍්කතා; ධාතියො උපතිට‍්ඨන‍්ති, සායං පාතං සුඛෙසිනො.

මල් මාලා දරති. (කුඩාවියේ දී) ඇකයෙන් ඇකයට මාරු වෙමින් සුවසේ වැඩෙත් කිරිමව්වරු උදේ සවස දෙකෙහි උපස්ථාන කරත්.

“නයිදං අකතපුඤ‍්ඤානං, කතපුඤ‍්ඤානමෙවිදං; අසොකං නන්‍දනං රම‍්මං, තිදසානං මහාවනං.

ශෝක රහිත වූ, මනරම් වූ, දෙවියන්ගේ මහා වනය වූ නන්දන වනයෙහි (හැසිරීම ස්පර්ශය) පින් නොකළවුන්ට නොලැබේ. පින් කළවුන්ටම ලැබේ.

“සුඛං අකතපුඤ‍්ඤානං, ඉධ නත්‍ථි පරත්‍ථ ච; සුඛඤ‍්ච කතපුඤ‍්ඤානං, ඉධ චෙව පරත්‍ථ ච.

පින් නොකළවුන්ට මෙලොව ද පරලොව ද සැපතක් නැත. පින් කළවුන්ට මේ ආත්මයේ දී ද පරලොව දී ද සැපම ලැබේ.

“තෙසං සහබ්‍යකාමානං, කත‍්තබ‍්බං කුසලං බහුං; කතපුඤ‍්ඤා හි මොදන‍්ති, සග‍්ගෙ භොගසමඞ‍්ගිනො”ති. – ගාථායො අවොචුං;

දෙවියන් හා සහවාසයට යනු කැමැත්තෝ බොහෝ පින් කළ යුතුය. කරන ලද පින් ඇත්තෝම දිව්‍ය පඤ්චකාම සම්පත්තියෙන් සතුටු වෙත්.

තත්‍ථ සාතුන‍්නවසනාති ඡින‍්නභින‍්නපිලොතිකඛණ‍්ඩනිවාසනා. එකෙති එකච‍්චෙ. කෙසනිවාසනාති කෙසෙහෙව පටිච‍්ඡාදිතකොපිනා. භත‍්තාය ගච‍්ඡන‍්තීති “අප‍්පෙව නාම ඉතො ගතා යත්‍ථ වා තත්‍ථ වා කිඤ‍්චි උච‍්ඡිට‍්ඨභත‍්තං වා වමිතභත‍්තං වා ගබ‍්භමලාදිකං වා ලභෙය්‍යාමා”ති කත්‍ථචිදෙව අට‍්ඨත්‍වා ඝාසත්‍ථාය ගච‍්ඡන‍්ති. පක‍්කමන‍්ති දිසොදිසන‍්ති දිසතො දිසං අනෙකයොජනන‍්තරිකං ඨානං පක‍්කමන‍්ති.

එහි සාතුන්නවසනා - ඉරුණු වැරහැලි වූ රෙදි කැබලි හැඳගත්, එකෙ - සමහරු කෙස නිවාසතා - තමන්ගේම හිසකෙස්වලින් ලජ්ජා ස්ථාන වසාගතී, භත්තාය ගච්ඡන්ති - මෙහි ගොස් එහේදි හෝ මෙහේ දී ඉඳුල් බතක්, වමනය කරන ලද බතක්, ගැබ්මල ආදියක් ලබන්නේ නම් යෙහෙකැයි කිසිදෙසක නොගොස් ආහාර පිණිසම යති. පක්කමන්ති දිසො දිසං - දිසාවෙන් දිසාවට නොයෙක් යොදුන් ගණන් එහා මෙහා ගමන් කරති

දූරෙති දූරෙව ඨානෙ. එකෙති එකච‍්චෙ පෙතා. පධාවිත්‍වාති ඝාසත්‍ථාය උපධාවිත්‍වා. අලද‍්ධාව නිවත‍්තරෙති කිඤ‍්චි ඝාසං වා පානීයං වා අලභිත්‍වා එව නිවත‍්තන‍්ති. පමුච‍්ඡිතාති ඛුප‍්පිපාසාදිදුක‍්ඛෙන සඤ‍්ජාතමුච‍්ඡා. භන‍්තාති පරිබ‍්භමන‍්තා. භූමියං පටිසුම‍්භිතාති තාය එව මුච‍්ඡාය උප‍්පත‍්තියා ඨත්‍වා අවක‍්ඛිත‍්තමත‍්තිකාපිණ‍්ඩා විය විස‍්සුස‍්සිත්‍වා පථවියං පතිතා.

දුරෙ දුර ඈත තැන්වල, එකා - එක් ප්‍රේතයෙක්, පධා විත්‍වා - බොහෝදුර දිවගොස්, අලද්ධාව නිවත්තරෙ - කිසිත් කෑමක් හෝ බීමක් නොලැබ නවතී, පමුච්ඡිතා - සා පිපාසා දෙකින් හටගත් මූර්ඡා ඇතිව, භන්තා කරකැවෙමින්, භූමියං පටිසුම්හි තා - මෙසේ මුර්ඡාවට පත්ව සිටගෙනම සිට බිම හෙළු මැටි ගුලිසේ බිම ඇද වැටෙති.

තත්‍ථාති ගතට‍්ඨානෙ. භූමියං පටිසුම‍්භිතාති පපාතෙ පතිතා විය ජිඝච‍්ඡාදිදුක‍්ඛෙන ඨාතුං අසමත්‍ථභාවෙන භූමියං පතිතා, තත්‍ථ වා ගතට‍්ඨානෙ ඝාසාදීනං අලාභෙන ඡින‍්නාසා හුත්‍වා කෙනචි පටිමුඛං සුම‍්භිතා පොථිතා විය භූමියං පතිතා හොන‍්තීති අත්‍ථො. පුබ‍්බෙ අකතකල්‍යාණාති පුරිමභවෙ අකතකුසලා. අග‍්ගිදඩ‍්ඪාව ආතපෙති නිදාඝකාලෙ ආතපට‍්ඨානෙ අග‍්ගිනා දඩ‍්ඪා විය, ඛුප‍්පිපාසග‍්ගිනා ඩය‍්හමානා මහාදුක‍්ඛං අනුභවන‍්තීති අත්‍ථො.

තත්‍ථා - ගිය තැන, භූමියං පටිසුම්හිතා - ප්‍රපාතයෙහි වැටුණක් මෙන්, සා පිපාසා දුකින්, සිටින්නට අසමර්ථ වීමෙන් බිම වැටෙත් එහි ඒ ගිය ගිය තැන්වල කෑමක් බීමක් නොලැබේම, සිඳුණු ආසා ඇතිව, කිසිවකු විසින් පිටු පසින් සිට තල්ලු කලාක් මෙන් බිම වැටෙන් යන අර්ථයි. පුබ්බෙ අකත කල්‍යාණා, පෙර ආත්මයෙහි නොකරන ලද කුසල් ඇති. අග්ගිදඩ්ඪාව ආතපෙ ග්‍රීෂ්ම කාලයෙහි අව්ව ඇති ස්ථානයක ගින්නෙක් දවන්නාක් මෙන් සාගින්නෙන් හා දිය පිපාසාවෙන් දැවෙමින් මහා දුක් අනුභව කරත් යන තේරුමයි.

පුබ‍්බෙති අතීතභවෙ. පාපධම‍්මාති ඉස‍්සුකීමච‍්ඡරීආදිභාවෙන ලාමකසභාවා. ඝරණීති ඝරසාමිනියො. කුලමාතරොති කුලදාරකානං මාතරො, කුලපුරිසානං වා මාතරො. දීපන‍්ති පතිට‍්ඨං, පුඤ‍්ඤන‍්ති අත්‍ථො. තඤ‍්හි සත‍්තානං සුගතීසු පතිට‍්ඨාභාවතො “පතිට‍්ඨා”ති වුච‍්චති. නාකම‍්හාති න කරිම‍්හ.

පුබ්බෙ, අතීත ආත්මභාවයෙහි පාපධම්මා - යනු ඊර්ෂ්‍යාව, මසුරුබව, ආදී ලාමක භාවයන් සරණීයො යනු ගෘහ මූලිකාවන්, ගෘහ ස්වාමීනීන්, කුලමාතරො - කුල දරුවන්ට මව්වරු වීමු. කුල පිරිසට මව්වරුවීමු. දීපං යනු පින්කම්හි පිහිටියේ යන අර්ථයි. ඒ හේතුවෙන් සත්ත්වයෝ සුගතීන්හි පිහිටි බව පතිට්ඨා යයි කියයි. නා කම්භා නොකෙළෙමු.

පහූතන‍්ති බහුං. අන‍්නපානම‍්පීති අන‍්නඤ‍්ච පානඤ‍්ච. අපිස‍්සු අවකිරීයතීති සූති නිපාතමත‍්තං, අපි අවකිරීයති ඡට‍්ටීයති. සම‍්මග‍්ගතෙති සම‍්මා ගතෙ සම‍්මා පටිපන‍්නෙ සම‍්මා පටිපන‍්නාය. පබ‍්බජිතෙති පබ‍්බජිතාය. සම‍්පදානෙ හි ඉදං භුම‍්මවචනං. සම‍්මග‍්ගතෙ වා පබ‍්බජිතෙ සති ලබ‍්භමානෙති අත්‍ථො. න ච කිඤ‍්චි අදම‍්හසෙති “කිඤ‍්චිමත‍්තම‍්පි දෙය්‍යධම‍්මං නාදම‍්හා”ති විප‍්පටිසාරාභිභූතා වදන‍්ති.

පහුතං යනු බොහෝ, අන්නපානම්පි - යනු ආහාර වර්ග බීම වර්ග අපිස්සු අවකිරියතී යනු “සු” යන්න නිපාතයක් පමණි. නො විසුරුවයි. වසාතබයි. සම්මග්ග තෙ - යහපතට පැමිණි, මනා පිළිපැදිව, මනා පිලිපැදීම් ඇති, පබ්බජිතො - යනු පැවිදි වූ, මේ සම්ප්‍රදානාර්ථයෙහි භුම්ම වචනයි. මනාව පිලිපැදි ප්‍රවෘජ්‍යාව ඇති කල්හි මනාව පිළිපැදි භික්ෂූන් වහන්සේලා ඇති කල්හි, න ච කිඤ්චි අදම්භසෙ ස්වල්ප දෙයක්වත් දෙය්‍ය ධර්ම වශයෙන් නුදුන්නෙමුයි පසුතැවිල්ලෙන් කියති.

අකම‍්මකාමාති සාධූති අකත‍්තබ‍්බං කම‍්මං අකුසලං කාමෙන‍්තීති අකම‍්මකාමා, සාධූහි වා කත‍්තබ‍්බං කුසලං කාමෙන‍්තීති කම‍්මකාමා, න කම‍්මකාමාති අකම‍්මකාමා , කුසලධම‍්මෙසු අච‍්ඡන්‍දිකාති අත්‍ථො. අලසාති කුසීතා කුසලකම‍්මකරණෙ නිබ‍්බීරියා. සාදුකාමාති සාතමධුරවත්‍ථුපියා. මහග‍්ඝසාති මහාභොජනා, උභයෙනාපි සුන්‍දරඤ‍්ච මධුරඤ‍්ච භොජනං ලභිත්‍වා අත්‍ථිකානං කිඤ‍්චි අදත්‍වා සයමෙව භුඤ‍්ජිතාරොති දස‍්සෙති. ආලොපපිණ‍්ඩදාතාරොති ආලොපමත‍්තස‍්සපි භොජනපිණ‍්ඩස‍්ස දායකා. පටිග‍්ගහෙති තස‍්ස පටිග‍්ගණ‍්හනකෙ. පරිභාසිම‍්හසෙති පරිභවං කරොන‍්තා භාසිම‍්හ, අවමඤ‍්ඤිම‍්හ උප‍්පණ‍්ඩිම‍්හා චාති අත්‍ථො.

අකම්මකාමා - නො කළයුතු කර්ම අකුසල් කැමති වෙතියි අකම්මෙකාම නම් වේ. මැනවින් කළයුතු කුසල් දහම් අකමැතිවීනුයි - අකම්මකාම නම් වේ. නොකළ යුතු දේ අකම්මකාමා නම් වේ. කුසල ධර්මයන්හි නො කැමති වෙයි යන අර්ථයි. අලසා - කම්මැලි වීම, කුසල කර්මයන්හි උත්සාහ නැති බව, සාදුකාමා - සැප මිහිරි වස්තුවලට ප්‍රිය වීම. මහග්ඝසා - බොහෝවක් කෑම, පරිභෝග කිරීම, දිවා රෑ යහපත් වූ ද මිහිරි වූ ද බොජුන් ලැබ දුගී මගී යාචකාදීන්ට කිසිත් නො දී තමන් විසින්ම පරිභෝග කිරිම දක්වයි. ආලෝප පිණ්ඩදාතාරො - බත් පිඬක් පමණවත්, ආහාර ටිකක් දෙන තැනැත්තා, පටිග්ගාහ කෙ - යනු ඒ දාන වස්තුව දෙය්‍ය ධර්මය පිළිගත්ත තැනැත්තා, පරිභාසිම්හ සෙ - යනු ඒ ප්‍රතිග්‍රාහකයන්ට පරිභව කළෙමු. අවඥා කළෙමු. කවට කම් කළෙමු, විහිළු කළෙමු.

තෙ ඝරාති යත්‍ථ මයං පුබ‍්බෙ “අම‍්හාකං ඝර”න‍්ති මමත‍්තං අකරිම‍්හා, තානි ඝරානි යථාඨිතානි, ඉදානි නො න කිඤ‍්චි උපකප‍්පතීති අධිප‍්පායො. තා ච දාසියො තානෙවාභරණානි නොති එත්‍ථාපි එසෙව නයො. තත්‍ථ නොති අම‍්හාකං. තෙති තෙ ඝරාදිකෙ. අඤ‍්ඤෙ පරිචාරෙන‍්ති, පරිභොගාදිවසෙන විනියොගං කරොන‍්තීති අත්‍ථො. මයං දුක‍්ඛස‍්ස භාගිනොති මයං පන පුබ‍්බෙ කෙවලං කීළනප‍්පසුතා හුත්‍වා සාපතෙය්‍යං පහාය ගමනීයං අනුගාමිකං කාතුං අජානන‍්තා ඉදානි ඛුප‍්පිපාසාදිදුක‍්ඛස‍්ස භාගිනො භවාමාති අත‍්තානං ගරහන‍්තා වදන‍්ති.

තෙඝරා අපි පෙර අපගේ ගෘහය යයි යමක් කෙරෙහි මමත්වය කළ ඒ ගෙවල් යම් සේ සිටී ද තිබේ ද දැන් ඒවායින් කිසිම පිළිසරණක් නො ලැබේය යන අදහසයි. තා ච දාසියො තාණොවා භරණානි නො යනු, මෙහිද එම ක්‍රමය මැයි. එහි නො යනු අපගේ, තෙ යනු ගෙවල් ආදිය අඤ්ඤෙ යනු වෙනත් අය, පරිභාරෙන්ති - යනු පරිභෝග කරත්, පරිභෝග වශයෙන් භුක්තිවිදීම කරති යන අර්ථයි. මයං දුක්‍ඛස්ස භාගි නො - අප වනාහි පෙර ජාතියෙහි හුදෙක් ක්‍රීඩාවෙන් විනෝදයෙන් කල්යවා සම්පත් හැර යා යුතු ගමනට අනුගාමිකව යන්නා වූ කිසිවක් නො කොට නො දැන, දැන් සා පිපාසාදී දුකට භාජනය වෙමින් සිටින්නෙමු යයි තමන්ට අවලාද කියගනිත්.

ඉදානි යස‍්මා පෙතයොනිතො චවිත්‍වා මනුස‍්සෙසු උප‍්පජ‍්ජන‍්තාපි සත‍්තා යෙභුය්‍යෙන තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන හීනජාතිකා කපණවුත‍්තිනොව හොන‍්ති, තස‍්මා තමත්‍ථං දස‍්සෙතුං “වෙණිවා”තිආදිනා ද‍්වෙ ගාථා වුත‍්තා. තත්‍ථ වෙණිවාති වෙනජාතිකා, විලීවකාරා නළකාරා හොන‍්තීති අත්‍ථො. වා-සද‍්දො අනියමත්‍ථො. අවඤ‍්ඤාති අවඤ‍්ඤෙය්‍යා, අවජානිතබ‍්බාති වුත‍්තං හොති. “වම‍්භනා”ති වා පාඨො, පරෙහි බාධනීයාති අත්‍ථො. රථකාරීති චම‍්මකාරිනො. දුබ‍්භිකාති මිත‍්තදුබ‍්භිකා මිත‍්තානං බාධිකා. චණ‍්ඩාලීති චණ‍්ඩාලජාතිකා. කපණාති වනිබ‍්බකා අතිවිය කාරුඤ‍්ඤප‍්පත‍්තා . කප‍්පකාති කප‍්පකජාතිකා, සබ‍්බත්‍ථ “හොන‍්ති පුනප‍්පුන”න‍්ති යොජනා, අපරාපරම‍්පි ඉමෙසු නිහීනකුලෙසු උප‍්පජ‍්ජන‍්තීති වුත‍්තං හොති.

දැන් යම් හෙයකින් මේ ප්‍රේත යෝනියෙන් චුතව මිනිස් ලොව උපදින්නේ නම්, බොහෝ සෙයින් මේ කර්ම විපාක හේතුවෙන්, විපාක වශයෙන් හීන කුලවල දුගී දුප්පත්ව ඉපදීමට සිදු වේ. එහෙයින් ඒ අර්ථය දක්වන්නට වෙණිවා ආදී ගාථාවන් දෙක කියන ලදී. එහි - වෙණිවා - යනු කුළු පොතු කුලයෙහි, නළකාර කුලයෙහි උපදී යන අර්ථයි. ‘වා’ ශබ්දය අනියමාර්ථයේය. අවඤ්ඤා - අවඥාවට හේතුවේ භාජන වේ. නින්දා කිරීම්, ගැරහීම්වලට භාජන වේ. වම්භනාති යනුවෙන් ද පාඨයක් පෙනේ. අනුන් විසින් බාධා කෙරේ යන අර්ථයි. රථකාරී - සම්වලින් වැඩ කරන්නා, දුබ්හිකා, මිත්‍රදෝහී, මිත්‍රයන්ගෙන් බාධා ඇතිවන, චණ්ඩාලී - සැඬොල් කුලය, කපණ - අසරණ, දුක්‍ඛිත, අතිශයින්ම අකරුණාවට පත්ව නහාපික - ඇඳුම් අන්දවන්නා, කපුවා, පනික්කිය මේ සියලු තත්ත්වයන් තැන්තැන්වල (ඇතිවන්නේය නැවත නැවත උපදින්නේය යන යෙදීමයි. වරින් වර, මේ නිහීන කුලයන්හි ඉපදෙත් යනුවෙන් කීය.

තෙසු තෙස‍්වෙව ජායන‍්තීති යානි යානි අඤ‍්ඤානිපි නෙසාදපුක‍්කුසකුලාදීනි කපණානි අතිවිය වම‍්භනියානි පරමදුග‍්ගතානි ච, තෙසු තෙසු එව නිහීනකුලෙසු මච‍්ඡරියමලෙන පෙතෙසු නිබ‍්බත‍්තිත්‍වා තතො චුතා නිබ‍්බත‍්තන‍්ති. තෙනාහ “එසා මච‍්ඡරිනො ගතී”ති.

තෙසු තෙස්වෙම ජායන්ති - යම් යම් වෙනස් වෙනස් වූ නේසාද, පුක්කු ආදී පහත් කුලයහි (ඉපිදීම් ද, අතිශයින් හෙළා දකින්නා වූ, දුර්ගතිවල ඉපදීම ඒ ඒ නිහීන කුලයන්හි ඉපද මසුරු මළයෙන් යුතු වූ අයගේ උත්පත්තිය මෙසේ වේ. එහෙයින් එසා මච්ඡිරිනො ගති යන්න කියන ලදී,

එවං අකතපුඤ‍්ඤානං සත‍්තානං ගතිං දස‍්සෙත්‍වා ඉදානි කතපුඤ‍්ඤානං ගතිං දස‍්සෙතුං “පුබ‍්බෙ ච කතකල්‍යාණා”ති සත‍්ත ගාථා වුත‍්තා. තත්‍ථ සග‍්ගං තෙ පරිපූරෙන‍්තීති යෙ පුබ‍්බෙ පුරිමජාතියං කතකල්‍යාණා දායකා දානපුඤ‍්ඤාභිරතා විගතමලමච‍්ඡෙරා, තෙ අත‍්තනො රූපසම‍්පත‍්තියා චෙව පරිවාරසම‍්පත‍්තියා ච සග‍්ගං දෙවලොකං පරිපූරෙන‍්ති පරිපුණ‍්ණං කරොන‍්ති. ඔභාසෙන‍්ති ච නන්‍දනන‍්ති න කෙවලං පරිපූරෙන‍්තියෙව, අථ ඛො කප‍්පරුක‍්ඛාදීනං පභාහි සභාවෙනෙව ඔභාසමානම‍්පි නන්‍දනවනං අත‍්තනො වත්‍ථාභරණජුතීහි සරීරප‍්පභාය ච අභිභවිත්‍වා චෙව ඔභාසෙත්‍වා ච ජොතෙන‍්ති.

මෙසේ පින්කම් නොකරන ලද පුද්ගලයන්ගේ උත්පත්ති ස්වභාවය දක්වා දැන් පින් කරන ලද්දන්ගේ උත්පත්ති ස්වභාවය දැක්වීමට - පුබ්බෙච කත කල්‍යාණෙ - ආදී ගාථා සතක් කියන ලදි. සග්ගන්තෙ පරපූරෙන්ති - යමෙක් පෙර පූර්ව ජාතියෙහි කරන ලද යහපත් වූ දන්දීමාදි පින්කම්හි ඇලුනේ ද, පහකරන ලද මසුරු මළ ඇත්තේ ද, ඔව්හු තමන්ගේ රූප සම්පත්තියෙන් ද, පරිවාර සම්පත්තියෙන් ද සම්පුර්ණ වැ දිව්‍ය ලෝකය පුරවත් පරිපූර්ණ කරත් ඔහාසෙන්ති ච නන්‍දනං - තනිවම සම්පූර්ණ නො කරත්මැයි. ඉක්බිති කල්පවෘක්ෂ ආදීන්ගේ පැහැයෙන් බබළන්නා වූ, නන්දන වනය තමන්ගේ වස්ත්‍රාභරණාදියේ හා ශරීරයේ ප්‍රභාවයෙන් මැඩ පවත්වා තමන්ම බබළවා දිලිසෙත්.

කාමකාමිනොති යථිච‍්ඡිතෙසු කාමගුණෙසු යථාකාමං පරිභොගවන‍්තො. උච‍්චාකුලෙසූති උච‍්චෙසු ඛත‍්තියකුලාදීසු කුලෙසු. සභොගෙසූති මහාවිභවෙසු. තතො චුතාති තතො දෙවලොකතො චුතා.

කාම කාමිනො - යම් පරිද්දෙකින් තමන් කැමති වන්නා වූ කාමගුණයන්හි සම්පත් පරිභෝග කරමින් බැබලෙත් - උච්චා කුලෙසු - උසස් වූ ක්ෂත්‍රිය කුලය ආදී කුලයන්හි සභොගෙසු - මහා සම්පත්හි, තතො චුතා - ඒ දිව්‍ය ලෝකයෙන් චුත වී,

කූටාගාරෙ ච පාසාදෙති කූටාගාරෙ ච පාසාදෙ ච. බීජිතඞ‍්ගාති බීජියමානදෙහා. මොරහත්‍ථෙහීති මොරපිඤ‍්ඡපටිමණ‍්ඩිතබීජනීහත්‍ථෙහි. යසස‍්සිනොති පරිවාරවන‍්තො රමන‍්තීති අධිප‍්පායො.

කූටාගාරෙව පාසාදො - කුළු ගෙවල් සහිත වූ ප්‍රාසාදයන්හි. විජිතඞ්ගා - යනු ජයගත් ශරීර ඇතිව, මොර හත්‍ථෙ හි - යනු මොනරපිලි වලින් යුක්ත වූ විජිනි පත් ගත් අත් ඇතිව, යස්සසිනො - පිරිවර ඇතිව කීර්තිමත්ව වාසය කරයි යන අදහසයි.

අඞ‍්කතො අඞ‍්කං ගච‍්ඡන‍්තීති දාරකකාලෙපි ඤාතීනං ධාතීනඤ‍්ච අඞ‍්කට‍්ඨානතො අඞ‍්කට‍්ඨානමෙව ගච‍්ඡන‍්ති, න භූමිතලන‍්ති අධිප‍්පායො. උපතිට‍්ඨන‍්තීති උපට‍්ඨානං කරොන‍්ති. සුඛෙසිනොති සුඛමිච‍්ඡන‍්තා, “මා සීතං වා උණ‍්හං වා”ති අප‍්පකම‍්පි දුක‍්ඛං පරිහරන‍්තා උපතිට‍්ඨන‍්තීති අධිප‍්පායො.

අඞ්කතො අඞ්කං ගච්ඡන්ති - යනු ළදරු කාලයෙහි ද ඤාතීන්ගේ ද, කිරිමව්වරුන්ගේ ද ඇකයෙන් ඇකයට යති. බිමට නො බසිත් යන අදහසයි. උපතිට්ඨන්ති, උපස්ථාන කරත්. සුණෙසිනො - සැප කැමති වෙත්. මා සීතංවා උණහං වා, අල්ප වූ ද දුකක් පරිහරණය කරන්නට විඳින්නට නො ලැබෙත් යන අදහසයි.

නයිදං අකතපුඤ‍්ඤානන‍්ති ඉදං සොකවත්‍ථුඅභාවතො අසොකං රම‍්මං රමණීයං තිදසානං තාවතිංසදෙවානං මහාවනං මහාඋපවනභූතං නන්‍දනං නන්‍දනවනං අකතපුඤ‍්ඤානං න හොති, තෙහි ලද‍්ධුං න සක‍්කාති අත්‍ථො.

නයිදං අකත පුඤ්ඤං - යනු මෙසේ ශෝක වස්තු ඇති නොවන්නේ ශෝක වස්තු අහිත බැවින් නිශ්ශෝක වූ මිහිරි වූ, සුන්දර වූ තිදස් පුර තාවතිංස දෙව්ලොව මහා වන උපවනය වූ නන්දන වනය කුසල් නොකළ සත්ත්වයන්ට නොලැබේ.

ඉධාති ඉමස‍්මිං මනුස‍්සලොකෙ විසෙසතො පුඤ‍්ඤං කරීයති, තං සන්‍ධායාහ. ඉධාති වා දිට‍්ඨධම‍්මෙ. පරත්‍ථාති සම‍්පරායෙ.

ඉධා - යනු මේ මිනිස් ලොවෙහි විශේෂයෙන් පින් කළ යුතු වන්නේය. එය සඳහාම පවතී. ඉධා - යනු ඉහාත්මයෙහිම පරත්‍ථා - මතු භවයෙහි,

තෙසන‍්ති තෙහි යථාවුත‍්තෙහි දෙවෙහි. සහබ්‍යකාමානන‍්ති සහභාවං ඉච‍්ඡන‍්තෙහි. භොගසමඞ‍්ගිනොති භොගෙහි සමන‍්නාගතා, දිබ‍්බෙහි පඤ‍්චකාමගුණෙහි සමප‍්පිතා මොදන‍්තීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙව.

තෙසං යනු එහි කියන ලද පරිදි දෙවියන් කෙරෙහි, සහව්‍ය කාමානං - යනු සහභාවයට යනු කැමති වෙත්. භොග සමඞ්ගිනො - යනු සම්පත්වලින් යුක්ත වූ දිව්‍යමය වූ පස්කම් ගුණයෙහි යොදෙමින් සතුටු වෙත් යන අර්ථයි. සෙස්ස කියන ලද පරිදිමය.

එවං තෙහි පෙතෙහි සාධාරණතො අත‍්තනා කතකම‍්මස‍්ස ච ගතියා පුඤ‍්ඤකම‍්මස‍්ස ච ගතියා පවෙදිතාය සංවිග‍්ගමනස‍්ස කොළියාමච‍්චපමුඛස‍්ස තත්‍ථ සන‍්නිපතිතස‍්ස මහාජනස‍්ස අජ‍්ඣාසයානුරූපං භගවා විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසීති.

ඒ ප්‍රේතයන් විසින් තමන් විසින් කරන ලද කර්මයන්ගේ ස්වභාවය ද, පින්කම්වල ස්වභාවය ද ප්‍රකාශ කිරීමෙන් පසුව සංවේගපත් සිත් ඇති කෝලිය ඇමතිවරයා ප්‍රමුඛ එතැනට පැමිණ මහජනයාගේ අදහස්වලට අනුව භාග්‍යවතුන් වහන්සේ සවිස්තර ධර්ම දේශනාවන් දෙසූ සේක. දේශනාවසානයේ අසූ හාරදහසක් ප්‍රාණින්ට ධර්මාභිසමය වූයේය.

අභිජ‍්ජමානපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

අභිජ්ජමාන ප්‍රේත වස්තුව නිමියේය.