යෙදුමෙන් කියවන්න

2. සාණවාසිත්‍ථෙරපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

2. සාණවාසිත්‍ථෙරපෙතවත්‍ථුවණ‍්ණනා

2. සානුවාසී ප්‍රෙතවස්තු වර්ණනාව

කුණ‍්ඩිනාගරියො ථෙරොති ඉදං සත්‍ථරි වෙළුවනෙ විහරන‍්තෙ ආයස‍්මතො සාණවාසිත්‍ථෙරස‍්ස ඤාතිපෙතෙ ආරබ‍්භ වුත‍්තං. අතීතෙ කිර බාරාණසියං කිතවස‍්ස නාම රඤ‍්ඤො පුත‍්තො උය්‍යානකීළං කීළිත්‍වා නිවත‍්තන‍්තො සුනෙත‍්තං නාම පච‍්චෙකබුද‍්ධං පිණ‍්ඩාය චරිත්‍වා නගරතො නික‍්ඛමන‍්තං දිස‍්වා ඉස‍්සරියමදමත‍්තො හුත්‍වා “කථඤ‍්හි නාම මය‍්හං අඤ‍්ජලිං අකත්‍වා අයං මුණ‍්ඩකො ගච‍්ඡතී”ති පදුට‍්ඨචිත‍්තො හත්‍ථික‍්ඛන්‍ධතො ඔතරිත්‍වා “කච‍්චි තෙ පිණ‍්ඩපාතො ලද‍්ධො”ති ආලපන‍්තො හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා පථවියං පාතෙත්‍වා භින්‍දි. අථ නං සබ‍්බත්‍ථ තාදිභාවප‍්පත‍්තියා නිබ‍්බිකාරං කරුණාවිප‍්ඵාරසොමනස‍්සනිපාතපසන‍්නචිත‍්තමෙව ඔලොකෙන‍්තං අට‍්ඨානාඝාතෙන දූසිතචිත‍්තො “කිං මං කිතවස‍්ස රඤ‍්ඤො පුත‍්තං න ජානාසි, ත්‍වං ඔලොකයන‍්තො මය‍්හං කිං කරිස‍්සසී”ති වත්‍වා අවහසන‍්තො පක‍්කාමි. පක‍්කන‍්තමත‍්තස‍්සෙව චස‍්ස නරකග‍්ගිදාහපටිභාගො බලවසරීරදාහො උප‍්පජ‍්ජි. සො තෙන මහාසන‍්තාපෙනාභිභූතකායො අතිබාළ‍්හං දුක‍්ඛවෙදනාභිතුන‍්නො කාලං කත්‍වා අවීචීමහානිරයෙ නිබ‍්බත‍්ති.

“කුණ්ඩිනගරියො ථෙරො” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ආයුෂ්මත් සානුවාසී ස්ථවීරයන්ගේ ඤාති ප්‍රේතයකු අරභයා දේශනා කළහ. යටගිය දවස බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුත්‍රයා උයන්කෙළි කෙළ නැවැත් වූයේ, සුනෙත්ත නම් පසේ බුදුන්වහන්සේ පිඬු පිණිස හැසිර නගරයෙන් නික්ම යනු දැක රාජ ඌෂ්ණයෙන් මත්වී “මේ හිස මුඩු තැනැත්තා මට ප්‍රණාමය නො කොට යන්නේ යයි ඉතා නපුරු සිතින් ඇතු පිටින් බැස, කිම ඔබ විසින් පිණ්ඩපාතය ලබන ලදදැයි, කියා කථා කරමින්ම අතින් පාත්‍රය ගෙන පොළවේ ගසා බින්දේය. එකල්හි උන්වහන්සේ සියලු තන්හි කම්පා නොවන අතින් වෙනසක් නොකොට කරුණාවෙන් පැතිරුණු සෞම්‍ය වූ සොම්නස් සහගතව නෙත් හෙලා පහන් සිත් ඇතිවම ඔහු දෙස බැලීය. එහෙත්, නිකරුණේ උපදවා ගත් ක්‍රෝධයෙන් යුත් සිත් ඇතිව “මා කිතවස්ස රජුගේ පුතා බව නො දන්නේ ද? ඔබ මා දෙස බලා කුමක් කරන්න ද? කියා අවමන් කරමින් ගියේය. ඔහු එතැනින් පිට වූ ඇසිල්ලේම ඔහුට නරකයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හටගත්තේය. හෙතෙම ඒ මහා සන්තාපයෙන් මැඩුණු ශරීරය ඇතිව ඉතා දැඩි දුක් වේදනාවන්ගෙන් මිරිකී කළුරිය කොට අවීචි මහා නරකයෙහි උපන්නේය.

සො තත්‍ථ දක‍්ඛිණපස‍්සෙන වාමපස‍්සෙන උත‍්තානො අවකුජ‍්ජොති බහූහි පකාරෙහි පරිවත‍්තිත්‍වා චතුරාසීති වස‍්සසහස‍්සානි පච‍්චිත්‍වා තතො චුතො පෙතෙසු අපිරිමිතකාලං ඛුප‍්පිපාසාදිදුක‍්ඛං අනුභවිත්‍වා තතො චුතො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුණ‍්ඩිනගරස‍්ස සමීපෙ කෙවට‍්ටගාමෙ නිබ‍්බත‍්ති. තස‍්ස ජාතිස‍්සරඤාණං උප‍්පජ‍්ජි, තෙන සො පුබ‍්බෙ අත‍්තනා අනුභූතපුබ‍්බං දුක‍්ඛං අනුස‍්සරන‍්තො වයප‍්පත‍්තොපි පාපභයෙන ඤාතකෙහිපි සද‍්ධිං මච‍්ඡබන්‍ධනත්‍ථං න ගච‍්ඡති. තෙසු ගච‍්ඡන‍්තෙසු මච‍්ඡෙ ඝාතෙතුං අනිච‍්ඡන‍්තො නිලීයති, ගතො ච ජාලං භින්‍දති, ජීවන‍්තෙ වා මච‍්ඡෙ ගහෙත්‍වා උදකෙ විස‍්සජ‍්ජෙති, තස‍්ස තං කිරියං අරොචන‍්තා ඤාතකා ගෙහතො තං නීහරිංසු. එකො පනස‍්ස භාතා සිනෙහබද‍්ධහදයො අහොසි.

හෙතෙම එහි දකුණු පසින් ද වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුව ද බොහෝ ප්‍රකාරයෙන් පෙරළී සිට අසූහාරදහසක් අවුරුදු ගෙවා එයින් චුත වැ, ප්‍රේතයෙක් වී අසීමිත කාලයක් සාපිපාසා දී දුක් අනුභව කොට එයින් චුත වී මේ බුද්ධෝත්පාද කාලයෙහි කුණ්ඩි නුවර සමීපයේ ධීවර ගම්මානයක ඉපදුනේය. ඔහුට අතීත ජාතීන් සිහිකිරීමේ නුවණ පහළ විය. එහෙයින් හෙතෙම පෙර තමන් විසින්, පිළිවෙලින් අනුභව කළ දුක් සිහිකරමින් තරුණ වියට පැමිණියේ නමුත් පවට ඇති බිය නිසා නෑයන් සමග ද මසුන් ඇල්ලීමට නො යයි. නෑයන් යන කල්හි මසුන් මරන්නට අකමැත්තෙන් සැඟවෙයි. ඉක්බිතිව මසුන් අල්ලන දැල්කපා දමයි. ජීවත්වන මසුන් ගෙන ගොස් දියට දමයි. ඔහුගේ ඒ ක්‍රියාවන් නොරුස්නා නෑයෝ ගෙයින් එලවා දැමූහ. ඔහුගේ එක් සහෝදරයෙක් ස්නේහයෙන් සතුටු සිත් ඇත්තේ විය.

තෙන ච සමයෙන ආයස‍්මා ආනන්‍දො කුණ‍්ඩිනගරං උපනිස‍්සාය සාණපබ‍්බතෙ විහරති. අථ සො කෙවට‍්ටපුත‍්තො ඤාතකෙහි පරිච‍්චත‍්තො හුත්‍වා ඉතො චිතො ච පරිබ‍්භමන‍්තො තං පදෙසං පත‍්තො භොජනවෙලාය ථෙරස‍්ස සන‍්තිකං උපසඞ‍්කමි. ථෙරො තං පුච‍්ඡිත්‍වා භොජනෙන අත්‍ථිකභාවං ඤත්‍වා තස‍්ස භත‍්තං දත්‍වා කතභත‍්තකිච‍්චො සබ‍්බං තං පවත‍්තිං ඤත්‍වා ධම‍්මකථාය පසන‍්නමානසං ඤත්‍වා “පබ‍්බජිස‍්සසි, ආවුසො”ති? “ආම, භන‍්තෙ, පබ‍්බජිස‍්සාමී”ති. ථෙරො තං පබ‍්බාජෙත්‍වා තෙන සද‍්ධිං භගවතො සන‍්තිකං අගමාසි. අථ නං සත්‍ථා ආහ – “ආනන්‍ද, ඉමං සාමණෙරං අනුකම‍්පෙය්‍යාසී”ති. සො ච අකතකුසලත‍්තා අප‍්පලාභො අහොසි. අථ නං සත්‍ථා අනුග‍්ගණ‍්හන‍්තො භික‍්ඛූනං පරිභොගත්‍ථාය පානීයඝටානං පරිපූරණෙ නියොජෙසි. තං දිස‍්වා උපාසකා තස‍්ස බහූනි නිච‍්චභත‍්තානි පට‍්ඨපෙසුං.

එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කුණ්ඩ නගරය ඇසුරු කොට සානුවාසී පර්වතයෙහි වාසය කරයි. ඉක්බිති ඒ ධීවර පුත්‍රයා නෑයන් විසින් අත්හරින ලදුව ඔබ මොබ සැරිසරන්නේ ඒ ප්‍රදේශයට පැමිණියේ ආහාර වේලාවට තෙරුන් සමීපයට ගියේය. තෙරුන් වහන්සේ ඔහු විචාරා ආහාර අවශ්‍යව ඇතැයි දැන ඔහුට බත් දී, අනුභව කිරීමෙන් පසුව ඔහුගේ සියලු ප්‍රවෘත්තිය දැන, ධර්ම කථාවෙන් ඔහු පැහැදුන බව දැන පැවිදිවන්නට කැමැත්තේදැයි ඇසීය. එසේය ස්වාමීනි පැවිදි වන්නෙමියි කීයේය. ස්ථවිරයන් වහන්සේ ඔහු පැවිදි කොට ඔහු ද සමගින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. එවිට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ. ආනන්දය! මේ තෙරණට අනුකම්පා කරව! හේ නො කරන ලද කුසල් ඇති බැවින් අල්පලාභීය. ඉක්බිතිව ශාස්තෲන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරමින් භික්ෂූන්ගේ පරිභෝගය සදහා පැන් කළ පිරවීමෙහි යෙදුවේය. එය දැක උපාසකවරු ඔහුට නිති බත් එළවුහ.

සො අපරෙන සමයෙන ලද‍්ධූපසම‍්පදො අරහත‍්තං පත්‍වා ථෙරො හුත්‍වා ද‍්වාදසහි භික‍්ඛූහි සද‍්ධිං සාණපබ‍්බතෙ වසි. තස‍්ස පන ඤාතකා පඤ‍්චසතමත‍්තා අනුපචිතකුසලකම‍්මා උපචිතමච‍්ඡෙරාදිපාපධම‍්මා කාලං කත්‍වා පෙතෙසු නිබ‍්බත‍්තිංසු. තස‍්ස පන මාතාපිතරො “එස අම‍්හෙහි පුබ‍්බෙ ගෙහතො නික‍්කඩ‍්ඪිතො”ති සාරජ‍්ජමානා තං අනුපසඞ‍්කමිත්‍වා තස‍්මිං බද‍්ධසිනෙහං භාතිකං පෙසෙසුං. සො ථෙරස‍්ස ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨසමයෙ දක‍්ඛිණජාණුමණ‍්ඩලං පථවියං පතිට‍්ඨාපෙත්‍වා කතඤ‍්ජලී අත‍්තානං දස‍්සෙත්‍වා “මාතා පිතා ච තෙ, භන‍්තෙ”තිආදිගාථා අවොච. කුණ‍්ඩිනාගරියො ථෙරොතිආදයො පන ආදිතො පඤ‍්ච ගාථා තාසං සම‍්බන්‍ධදස‍්සනත්‍ථං ධම‍්මසඞ‍්ගාහකෙහි ඨපිතා.

ඒ සාමණේර නම ඉන්පසු කලෙකද උපසම්පදා ලැබ අර්හත්භාවයට පැමිණ භික්ෂූන් දොළොස් නමක් සමග සානුවාසී පර්වතයෙහි විසීය. ඔහුගේ නෑයෝ පන්සියයක් පමණ දෙනා නො කල කුසල් දහම් ඇතිව, මසුන් මැරීමාදියෙන් රැස්කළ පව් ඇතිව, කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. ඔහුගේ දෙමව්පියෝ අප විසින් මෙතෙම පෙර ගෙයින් නෙරපන ලද්දෙයයි කියා ලජ්ජාවෙන් ඔහු වෙත නො එළඹ, ඔහු වෙත සෙනෙහස දැක් වූ සහෝදරයා යැවූහ. හෙතෙමෙ තෙරුන් ගමට පිඬු පිණිස වැඩිය කල්හි දකුණු දණමඩල පොළවේ තබා කරන ලද ඇදිලි ඇතිව තමන් දක්වා “මාතා පිතාච වො භන්නෙ” ආදී ගාථා කීහ. “කුණ්ඩිනගරියො ථෙරො” යනාදී වශයෙන් මුලින්ම ගාථා පහක්, ඒ සම්බන්ධතාවය දැක්වීම පිණිස සඞ්ගීති කාරකයන් විසින් දක්වන ලදී.

“කුණ‍්ඩිනාගරියො ථෙරො, සාණවාසිනිවාසිකො; පොට‍්ඨපාදොති නාමෙන, සමණො භාවිතින්‍ද්‍රියො.

කුණ්ඩී නම් නුවර, උපන් සානුවාසී පර්වතයෙහි වසන්නා වූ පොට්ඨපාද නමින් හඳුන්වන වඩනා ලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇති එක් ස්ථවිර නමක් වූයේය.

“තස‍්ස මාතා පිතා භාතා, දුග‍්ගතා යමලොකිකා; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා.

ඒ තෙරුන්ගේ මව් ද පියා ද සහෝදරයා ද දුගතියට පත්ව ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. මෙලොව දී පව්කම් කොට මෙයින් චුත වී ප්‍රේත ලෝකයට ගියාහුය.

“තෙ දුග‍්ගතා සූචිකට‍්ටා, කිලන‍්තා නග‍්ගිනො කිසා; උත‍්තසන‍්තා මහත‍්තාසා, න දස‍්සෙන‍්ති කුරූරිනො.

දුප්පත් වූ ඉදිකටු මූණ බඳු රූක්ෂ වස්ත්‍රාදිය ඇති ක්ලාන්ත වූ ශරීරයෙන් හා සිතින් යුතුව, නග්නව ඒ තෙරුන්ට බියෙන් තැති ගත් නොහොත් නිතර මහත් බිය ඇති දරුණු පව්කම් කළා වූ ඒ ප්‍රේතයෝ නොදක්වත්.

“තස‍්ස භාතා විතරිත්‍වා, නග‍්ගො එකපථෙකකො; චතුකුණ‍්ඩිකො භවිත්‍වාන, ථෙරස‍්ස දස‍්සයීතුමං.

ඒ තෙරුන්ගේ සහෝදරයා බියෙන් දුරුව නිර්වස්ත්‍රව එක් පදික මාර්ගයක තනිව චතුරඞ්ගයෙන් යන්නෙක්ව, අත්දෙකින් හා දණහිස් දෙකින් තෙරුන් වහන්සේට තමන් දැක්වීය.

“ථෙරො චාමනසිකත්‍වා, තුණ‍්හීභූතො අතික‍්කමි; සො ච විඤ‍්ඤාපයී ථෙරං, ‘භාතා පෙතගතො අහං’.

තෙරුන් වහන්සේ ද මෙනෙහි නොකොට නිශ්ශබ්දව වැඩියේය. එවිට ඒ ප්‍රේත තෙමේ මම සහෝදරයා වෙමි. ප්‍රේත ආත්මයට පැමිණියෙමියි තෙරුන්ට කීය.

“මාතා පිතා ච තෙ භන‍්තෙ, දුග‍්ගතා යමලොකිකා; පාපකම‍්මං කරිත්‍වාන, පෙතලොකං ඉතො ගතා.

ස්වාමීනි! ඔබගේ මව්පියෝ පෙර මිනිසත් බවේ දී පව්කම් කොට, දුගතිය වූ යමලෝකයයි වහරන ප්‍රේතලෝකයේ උත්පත්තියට ගියහ.

“තෙන දුග‍්ගතා සූචිකට‍්ටා, කිලන‍්තා නග‍්ගිනො කිසා; උත‍්තසන‍්තා මහත‍්තාසා, න දස‍්සෙන‍්ති කුරූරිනො.

ඔව්හු දුප්පත් වූහ. ඉදිකටු මෙන් රළු වස්ත්‍ර හදිති. නග්න වූහ. බඩගින්න නිසා ක්ලාන්ත වූ වෝය. ක්‍රෑර වූ කර්ම ඇත්තෝය. ඔබ කෙරෙහි මහත් බියක් ඇති හෙයින් ඔබ දක්නට නො එන්නාහ.

“අනුකම‍්පස‍්සු කාරුණිකො, දත්‍වා අන්‍වාදිසාහි නො; තව දින‍්නෙන දානෙන, යාපෙස‍්සන‍්ති කුරූරිනො”ති.

කාරුණික වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරනු මැනව. දන් දී අපට අනුමෝදන් කළ මැනව. ඔබ විසින් දෙනු ලබන දානයෙන් ක්‍රෑර කර්ම ඇති අප යැපෙන්නාහුය. මිදෙන්නාහුය.

තත්‍ථ කුණ‍්ඩිනාගරියො ථෙරොති එවංනාමකෙ නගරෙ ජාතසංවඩ‍්ඪත්‍ථෙරො, “කුණ‍්ඩිකනගරො ථෙරො”තිපි පාඨො, සො එවත්‍ථො. සාණවාසිනිවාසිකොති සාණපබ‍්බතවාසී. පොට‍්ඨපාදොති නාමෙනාති නාමෙන පොට‍්ඨපාදො නාම. සමණොති සමිතපාපො. භාවිතින්‍ද්‍රියොති අරියමග‍්ගභාවනාය භාවිතසද‍්ධාදිඉන්‍ද්‍රියො, අරහාති අත්‍ථො. තස‍්සාති තස‍්ස සාණවාසිත්‍ථෙරස‍්ස. දුග‍්ගතාති දුග‍්ගතිගතා.

එහි කුණ්ඩි නගරියො ථෙරො - මේ නම් නගරයෙහි උපන්, නගරයට සම්බන්ධ ස්ථවිරයන් වහන්සේ, කුණ්ඩිත නගරො ථෙරො - කියාද සඳහන් වේ. එය එම අර්ථමැයි සානුවාසි නිවාසි තො - යනු සානුවාසී පර්වතයේ වසන පොට්ඨපාදෙති නාමෙනා - නමින් පොට්ඨපාද වූයේය. සමණො - බහා තබන ලද දුරුකරන ලද පව් ඇති, භාවිතින්‍ද්‍රියො ආර්ය මාර්ග භාවනා වඩා, ඒ මගින් වඩන ලද ශුද්ධාදී ඉන්ද්‍රියයන් ඇති රහත්වූයේ යන අර්ථයි. තස්සා - ඒ සානුවාසී තෙරුන්ට, දුග්ගතා - දුගතියට ගියා වූ,

සූචිකට‍්ටාති පූතිනා ලූඛගත‍්තා අට‍්ටකා, සූචිකාති ලද‍්ධනාමාය ඛුප‍්පිපාසාය අට‍්ටා පීළිතා. “සූචිකණ‍්ඨා”ති කෙචි පඨන‍්ති, සූචිඡිද‍්දසදිසමුඛද‍්වාරාති අත්‍ථො. කිලන‍්තාති කිලන‍්තකායචිත‍්තා. නග‍්ගිනොති නග‍්ගරූපා නිච‍්චොළා. කිසාති අට‍්ඨිත‍්තචමත‍්තසරීරතාය කිසදෙහා. උත‍්තසන‍්තාති “අයං සමණො අම‍්හාකං පුත‍්තො”ති ඔත‍්තප‍්පෙන උත්‍රාසං ආපජ‍්ජන‍්තා . මහත‍්තාසාති අත‍්තනා පුබ‍්බෙ කතකම‍්මං පටිච‍්ච සඤ‍්ජාතමහාභයා. න දස‍්සෙන‍්තීති අත‍්තානං න දස‍්සෙන‍්ති, සම‍්මුඛීභාවං න ගච‍්ඡන‍්ති. කුරූරිනොති දාරුණකම‍්මන‍්තා.

සුචිකට්ටා - ඉදිකටු වැනි රූක්‍ෂ වස්ත්‍රාදියෙන් පීඩාවට පැමිණ සුචිගත්තා යනු ද පාඨයකි. විදින කලක් මෙනි, සුචිකා - යනු බඩගින්නෙන් හා දිය පිපාසයෙන් පීඩාවට පැමිණ පෙලෙනා සුචි කණ්ඨා කියාද ඒ පාඨයයි. ඉදිකටු සිදුරක් වැනි කටක් ඇති, සමාණ මුහුණ ඇති කිලන්තා - ක්ලාන්ත වූ කය හා සිත් ඇති නග්ගිනො - නග්න වූ රූ ඇති වස්ත්‍ර නැති, කිසා - යනු ඇට හා සම පමණක් ඉතිරි වූ කෘශ වූ දේහය ඇති, උත්ත සත්තා - යනු මේ ශ්‍රමණයා අපගේ පුත්‍රයා තැති ගැනීමෙන් භයට පැමිණීමෙන්, මහාතාසා - යනු අප විසින් පෙර කරන ලද ක්‍රියාවන් නිසා හටගත් බිය ඇතිව නදස්සෙන්ති - යනු අපට පෙනී සිටිනු නොහැකිය. සමීපයට නොයත් කුරූරිනො යනු දරුණු වූ කර්මාන්ත

තස‍්ස භාතාති සාණවාසිත්‍ථෙරස‍්ස භාතා. විතරිත්‍වාති විතිණ‍්ණො හුත්‍වා, ඔත‍්තප‍්පසන‍්තාසභයාති අත්‍ථො. විතුරිත්‍වාති වා පාඨො, තුරිතො හුත්‍වා, තරමානරූපො හුත්‍වාති වුත‍්තං හොති. එකපථෙති එකපදිකමග‍්ගෙ. එකකොති එකිකො අදුතියො. චතුකුණ‍්ඩිකො භවිත්‍වානාති චතූහි අඞ‍්ගෙහි කුණ‍්ඩෙති අත‍්තභාවං පවත‍්තෙතීති චතුකුණ‍්ඩිකො, ද‍්වීහි ජාණූහි ද‍්වීහි හත්‍ථෙහි ගච‍්ඡන‍්තො තිට‍්ඨන‍්තො ච, එවංභූතො හුත්‍වාති අත්‍ථො. සො හි එවං පුරතො කොපීනපටිච‍්ඡාදනා හොතීති තථා අකාසි. ථෙරස‍්ස දස‍්සයීතුමන‍්ති ථෙරස‍්ස අත‍්තානං උද‍්දිසයි දස‍්සෙසි.

තස්ස භාතා - යනු සානුවාසී ස්ථවිරයන්ගේ සහෝදරයා විචරිත්‍වා - යනු එතෙර වී, බියවීම සන්ත්‍රාසය හැර යන අර්ථයයි. “විතුරිත්‍වා” කියා ද පාඨයක් වේ. එතර වි සමාන වී, යුහුසුළු ස්වභාවය ඇති වී යයි කියන ලදී. එකපථෙ - එක් පදික මාර්ගයක එකකො - තනිවම, දෙවැන්නෙක් නැතිව, චතුකුණ්ඩිකො භවිත්‍වා නා සතර අංගයකින්, සතර තැනෙකින් නැමුණු ආත්ම භාවයක් පවත්නේනුයි චතු කුණ්ඩික නම් වේ. දෙදණින් හා අත් දෙකින් ගමන් කරන්නේ, සිටින්නේ, මෙසේ වූයේය යන අර්ථයි. හෙතෙමේ වනාහි පෙර සහාය දුන් තැනැත්තා (ක්‍රෝධ නොකළ තැනැත්තා) වශයෙන් මෙසේ කළේය. ථෙරස්ස දස්සයීතු මං - යනු තෙරුන් වහන්සේට තමන් උදෙසා යමක් කරන්නට දැක්වීය.

අමනසිකත්‍වාති “අයං නාම එසො”ති එවං මනසි අකරිත්‍වා අනාවජ‍්ජෙත්‍වා. සො චාති සො පෙතො. භාතා පෙතගතො අහන‍්ති “අහං අතීතත‍්තභාවෙ භාතා, ඉදානි පෙතභූතො ඉධාගතො”ති වත්‍වා විඤ‍්ඤාපයි ථෙරන‍්ති යොජනා.

අමනසී කත්‍වා - මේ තෙමේ කවරෙක්දැයි සිහි නොකොට ආවර්ජනා නොකොට, සො චා ඒ ප්‍රේත තෙමේ ද, තා තා පෙතගතො අහං - යනු මම අතීත ආත්ම භාවයෙහි ඔබගේ සහෝදරයාය. දැන් ප්‍රේතයකු වී මෙහි ආවේ යයි කියා දැක්වීය. (තෙරුන් දක්වයි)

යථා පන විඤ‍්ඤාපයි, තං දස‍්සෙතුං “මාතා පිතා චා”තිආදිනා තිස‍්සො ගාථා වුත‍්තා. තත්‍ථ මාතා පිතා ච තෙති තව මාතා ච පිතා ච. අනුකම‍්පස‍්සූති අනුග‍්ගණ‍්හ අනුදයං කරොහි. අන්‍වාදිසාහීති ආදිස. නොති අම‍්හාකං. තව දින‍්නෙනාති තයා දින‍්නෙන.

යම් සේ වනාහි හැඟවීමට දැක්වීමට, මාතාපිතාච යනු ආදී වසයෙන් ගාථා තුනක් කීහ. එහි මාතා පිතා ච තෙ - යනු ඔබගේ මව්පියන් ද, අනුකම්පමස්සු - අනුකම්පා පූර්වකව අනුග්‍රහ දක්වනු මැනව, අන්‍වාදිසහි - යනු බලව! නො අපදෙස අපගේ, තව දින්නෙනා - යනු ඔබ විසින් දෙනු ලබන -

තං සුත්‍වා ථෙරො යථා පටිපජ‍්ජි, තං දස‍්සෙතුං –

එය අසා ස්ථවිර තෙමේ යම්සේ පිළිපදින්නට සුදුසු පිළිවෙත දක්වමින්,

“ථෙරො චරිත්‍වා පිණ‍්ඩාය, භික‍්ඛූ අඤ‍්ඤෙ ච ද‍්වාදස; එකජ‍්ඣං සන‍්නිපතිංසු, භත‍්තවිස‍්සග‍්ගකාරණා.

ස්ථවිරයන් වහන්සේ ද අනෙක් භික්ෂූන් දොළොස් නම ද පිඬු පිණිස හැසිර, දන් වැළදීම නිමිති කොට එකට රැස්වූහ.

“ථෙරො සබ‍්බෙව තෙ ආහ, යථාලද‍්ධං දදාථ මෙ; සඞ‍්ඝභත‍්තං කරිස‍්සාමි, අනුකම‍්පාය ඤාතිනං.

ස්ථවිරයන් වහන්සේ යම් යම් ලද දානය මට දෙනු මැනැවි. නෑයින්ට අනුකම්පා පිණිස සංඝික බතක් කරන්නෙමියි අනෙක් සියල්ලන්ටම කීහ.

“නිය්‍යාදයිංසු ථෙරස‍්ස, ථෙරො සඞ‍්ඝං නිමන‍්තයි; දත්‍වා අන්‍වාදිසි ථෙරො, මාතු පිතු ච භාතුනො; ‘ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො’.

අනෙක් තෙරවරු ස්ථවිරයන්ට භෝජන බාර කළහ. ස්ථවිර තෙම සඞ්ඝයාට ආරාධනා කළේය. ස්ථවිර තෙම සඞ්ඝයාට දන් දී මවට ද පියාට ද සහෝදරයාට ද, මාගේ නෑයින්ට මේ පින අත්වේවා! නෑයෝ සුවපත් වෙත්වායි පින් පැමිණවීය.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, භොජනං උදපජ‍්ජථ; සුචිං පණීතං සම‍්පන‍්නං, අනෙකරසබ්‍යඤ‍්ජනං.

පින් පැමිණවීමට අනතුරුව පවිත්‍ර වූ ප්‍රණීත වූ මිහිරි වූ නොයෙක් රස මසවුලෙන් යුත් දිව බොජුන් පහළවීය. ඉන්පසුව සහෝදරයා වර්ණවත් වූයේ, ශක්තිමත් වූය,. සුවපත් වූයේ තමන් දැක්වීය.

“තතො උද‍්දස‍්සයී භාතා, වණ‍්ණවා බලවා සුඛී; පහූතං භොජනං භන‍්තෙ, පස‍්ස නග‍්ගාම‍්හසෙ මයං; තථා භන‍්තෙ පරක‍්කම, යථා වත්‍ථං ලභාමසෙ.

ස්වාමීනි! පිටිපස බලනු මැනැවි. බොහෝ වූ දිව්‍ය භෝජන ලදී. එහෙත් අපි නග්නයෝ වෙමු. ස්වාමීනි යම් කිසි අයුරකින් අප වස්ත්‍ර ලබමු ද? එසේ උත්සාහ වඩනු මැනැවි.

“ථෙරො සඞ‍්කාරකූටම‍්හා, උච‍්චිනිත්‍වාන නන‍්තකෙ; පිලොතිකං පටං කත්‍වා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා.

ස්ථවිර තෙමේ ඉවත දමන ලද රෙදි කැබලි කුණු ගොඩින් අහුලාගෙන විත් වස්ත්‍රයක් කොට සිව් දිගින් වඩින මහා සංඝයාට සාඞ්ඝිකව පිරිනැමීය.

“දත්‍වා අන්‍වාදිසී ථෙරො, මාතු පිතු ච භාතුනො; ‘ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො’.

ස්ථවිර තෙමේ රෙදි දන් දී, මවට ද පියාට ද සහෝදරයාට ද මේ පින් මගේ නෑයින්ට අත්වේවා! ඔව්හු සුවපත් බවට පැමිණේවායි (පින් දුන්හ).

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, වත්‍ථානි උදපජ‍්ජිසුං; තතො සුවත්‍ථවසනො, ථෙරස‍්ස දස‍්සයීතුමං.

පින් පැමිණවිමට අනතුරුව වස්ත්‍රයෝ ලැබුණහ. ඉන්පසුව යහපත් වස්ත්‍ර හැඳ තමන් තෙරුන් වහන්සේ ඉදිරිපිට දැක්වීය.

“යාවතා නන්‍දරාජස‍්ස, විජිතස‍්මිං පටිච‍්ඡදා; තතො බහුතරා භන‍්තෙ, වත්‍ථානච‍්ඡාදනානි නො.

නන්දරාජ රජුගේ රටෙහි යම් පමණ වස්ත්‍රයෝ වේ ද? ඊට වඩා බොහෝ වස්ත්‍රයෝ ස්වාමීනි! අපට ඇත්තාහ.

“කොසෙය්‍යකම‍්බලීයානි, ඛොමකප‍්පාසිකානි ච; විපුලා ච මහග‍්ඝා ච, තෙපාකාසෙවලම‍්බරෙ.

කෝසෙය්‍ය වස්ත්‍ර කම්බිලි ද, කොමු පිළි හා කපු පිළි ද, දිග පලලින් මහත් වූ වස්ත්‍රයෝ අහසෙහිම එල්බෙත්

“තෙ මයං පරිදහාම, යං යඤ‍්හි මනසො පියං; තථා භන‍්තෙ පරක‍්කම, යථා ගෙහං ලභාමසෙ.

අපි ඒවා පරිහරණය කරමින්, අපේ හිතට යම් වස්ත්‍රයක් ප්‍රිය මනාප වේ ද අපි එය හැඳ පොරවන්නෙමු. ස්වාමීනි අපට යම් අන්දමකින් ගෙයක් ලැබේ නම් ඒ සඳහා උත්සාහ කරනු මැනවි.

“ථෙරො පණ‍්ණකුටිං කත්‍වා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා; දත්‍වා ච අන්‍වාදිසී ථෙරො, මාතු පිතු ච භාතුනො; ‘ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො’.

ස්ථවිර තෙමේ කොළවලින් ගෙයක් කොට සිව් දිගින් වඩින මහා සඞ්ඝයාට පූජා කළේය. එසේ පූජා කර මවට පියාට හා සහෝදරයාට පින් අනුමෝදන් කළේය. මා විසින් කරන ලද මේ පුණ්‍යකර්මය මගේ ඤාතීන්ට අනුමෝදන් කරමි. මගේ ඤාතීහු සුඛී සුවපත් වෙත්වා.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, ඝරානි උදපජ‍්ජිසුං; කූටාගාරනිවෙසනා, විභත‍්තා භාගසො මිතා.

පින් අනුමෝදන් කිරිමට අනතුරුවම ගෙයක් ලැබිණ. බෙදන ලද කොටස් වශයෙන් (කාමර වශයෙන්) කුළු ගෙවල් සහිත ගෙවල් පහළ වූහ.

“න මනුස‍්සෙසු ඊදිසා, යාදිසා නො ඝරා ඉධ; අපි දිබ‍්බෙසු යාදිසා, තාදිසා නො ඝරා ඉධ.

මේ ප්‍රේත ලෝකයෙහි අපගේ ගෙවල් යම්බදු වේ ද එවැනි ගෙවල් මිනිසුන් අතර ද නොවෙතී. දෙව්ලොව ප්‍රාසාදයෝ යම් බදු වීද?

“දද‍්දල‍්ලමානා ආභෙන‍්ති, සමන‍්තා චතුරො දිසා; තථා භන‍්තෙ පරක‍්කම, යථා පානීයං ලභාමසෙ.

එමෙන්ම අස් ගෙවල් ඉතාමත් දිලිසෙමින් හාත්පස සිව් දිශා බබළවති. ස්වාමීනි! යම් කිසි විධියකින් අපට පැන් ලැබෙන්නේ ද ඒ සඳහා උත්සාහ ගන්නා මෙන් අයැද සිටියහ.

“ථෙරො කරණං පූරෙත්‍වා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා; දත්‍වා අන්‍වාදිසී ථෙරො, මාතු පිතු ච භාතුනො; ‘ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො’.

ස්ථවිර තෙමේ ඩබරාව පුරවා සිව්දිගින් වඩින මහා සඞ්ඝයාට පූජා කළේය. ස්ථවිර තෙමේ පැන් පූජා කොට මවට පියාට හා සහෝදරයාට ඒ පින් අනුමෝදන් කළේය. මගේ ඤාතීහු මේ පින් අනුමෝදන්ව සැපවත් බවට පැමිණේවා.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ, පානීයං උදපජ‍්ජථ; ගම‍්භීරා චතුරස‍්සා ච, පොක‍්ඛරඤ‍්ඤො සුනිම‍්මිතා.

පින් දීමෙන් අනතුරුව පැන් පොකුණු පහළ විය. ගැඹුරු වූ සතරැස් පොකුණු පහළ විය.

“සීතොදිකා සුප‍්පතිත්‍ථා, සීතා අප‍්පටිගන්‍ධියා; පදුමුප‍්පලසඤ‍්ඡන‍්නා, වාරිකිඤ‍්ජක‍්ඛපූරිතා.

පොකුණු සුදු වැලි තලායෙන් හා සිහිල් ජලයෙන් යුක්ත විය. යහපත් තොටුපළවල් ඇත. එහි සිහිල් ජලය මනා සුවඳින් යුක්ත වූ අතර ජල මත්තෙහි හෙල පියුම් ආදී මල රේණු ඉසිරී පැවතුනි.

“තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා ච, ථෙරස‍්ස පටිදස‍්සයුං; පහූතං පානීයං භන‍්තෙ, පාදා දුක‍්ඛා ඵලන‍්ති නො.

එහි නා පැන් බී තෙරුන්ට දැක්වූහ. ස්වාමීනි! බොහෝ වූ පැන් පහළ විය. අපගේ පාදයෝ දුකින් පැලෙති.

“ආහිණ‍්ඩමානා ඛඤ‍්ජාම, සක‍්ඛරෙ කුසකණ‍්ටකෙ; තථා භන‍්තෙ පරක‍්කම, යථා යානං ලභාමසෙ.

ගල් කැට ඇත්තා වූ ද කටු ඇත්තා වූ ද ප්‍රදේශයන්හි ඇවිදින්නාහු කොරගසමින් යමු. ස්වාමීනි! යම්සේ වාහනයක් ලබමුද එයට උත්සාහ කරනු මැනවි.

“ථෙරො සිපාටිකං ලද‍්ධා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා; දත්‍වා අන්‍වාදිසී ථෙරො, මාතු පිතු ච භාතුනො; ‘ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො’.

ස්ථවිර තෙමේ එක්තට වහන් සඟලක් ලැබී එය සිව් දිගින් වඩින මහා සඞ්ඝයාට පූජා කොට ඒ පින් අනුමෝදන් කළහ.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ , පෙතා රථෙන මාගමුං; අනුකම‍්පිතම‍්හ භදන‍්තෙ, භත‍්තෙනච‍්ඡාදනෙන ච.

පින් අනුමෝදන් කිරිමෙන් පසුව එම ප්‍රේතයන්ට රථයක් පැමිණියේය. ස්වාමීනි! ඔබ වහන්සේට යහපතක් වේවා!

“ඝරෙන පානීයදානෙන, යානදානෙන චූභයං; මුනිං කාරුණිකං ලොකෙ, භන‍්තෙ වන්‍දිතුමාගතා”ති. – ගාථායො ආහංසු;

ආහාර දීමෙන් ද? වස්ත්‍ර දීමෙන් ද? පැන් දීමෙන් ද, ගෙවල් දීමෙන් ද, වාහන දීමෙන් ද, අපට අනුකම්පා කරන ලදහ. ස්වාමීනි! ලෝකයෙහි කරුණා සම්පන්න වූ භික්ෂු වූ ඔබ වහසේ වැදීමට පැමිණියෝ වෙමු - යන ගාථාවෝ පැවසුහ.

තත්‍ථ ථෙරො චරිත්‍වා පිණ‍්ඩායාති ථෙරො පිණ‍්ඩාපාතචාරිකාය චරිත්‍වා. භික‍්ඛූ අඤ‍්ඤෙ ච ද‍්වාදසාති ථෙරෙන සහ වසන‍්තා අඤ‍්ඤෙ ච ද‍්වාදස භික‍්ඛූ එකජ‍්ඣං එකතො සන‍්නිපතිංසු. කස‍්මාති චෙ? භත‍්තවිස‍්සග‍්ගකාරණාති භත‍්තකිච‍්චකාරණා භුඤ‍්ජනනිමිත‍්තං. තෙති තෙ භික‍්ඛූ. යථාලද‍්ධන‍්ති යං යං ලද‍්ධං. දදාථාති දෙථ.

එහි ථෙරො චරිත්‍වා පිණ්ඩාය - යනු ස්ථවිර තෙමේ පිඬු සිඟීමෙහි හැසිර භික්‍ඛු අඤ්ඤෙ චද්වාදස - යනු තෙරුන් සමග වසන්නා වූ අනෙක් භික්ෂූහු, එකජ්ඣන්ති යනු එක්තැනටම රැස්වූහ. කුමක් සදහා ද? භත්ත පිස්සග්ග කාරණා - යනු ආහාර ගැනීම නිමිති කොට බත් කිස පරිභෝග කිරීම සඳහා තෙ යනු ඒ භික්ෂූහු යථා ලද්ධං - යම් යම් දෙයක් ලැබුවේ නම්, දදාථ - යනු දෙනු මැනව, දෙව්,

නිය්‍යාදයිංසූති අදංසු. සඞ‍්ඝං නිමන‍්තයීති තෙ එව ද‍්වාදස භික‍්ඛූ සඞ‍්ඝුද‍්දෙසවසෙන තං භත‍්තං දාතුං නිමන‍්තෙසි. අන්‍වාදිසීති ආදිසි. තත්‍ථ යෙසං අන්‍වාදිසි, තෙ දස‍්සෙතුං “මාතු පිතු ච භාතුනො, ඉදං මෙ ඤාතීනං හොතු, සුඛිතා හොන‍්තු ඤාතයො”ති වුත‍්තං.

නීයාතයංසු යනු දුන්නාහුය. සංඝං නිමත්තායී යනු ඒ භික්ෂූන් දොළොස්නමට සාංඝික වසයෙන් ඒ බත් දීමට ආමන්ත්‍රණය කළහ. අන්‍වාදිසී - යනු යම් කෙනෙකුන්ට දෙන්නේ ද එය දැක්වීමට. මාතා පිතුච්භා තුනො ඉදමෙම ඤාතී නං හොතු සුඛිතා හොන්තු ඤාතයො ආදිය කියන ලදී.

සමනන‍්තරානුද‍්දිට‍්ඨෙති උද‍්දිට‍්ඨසමනන‍්තරමෙව. භොජනං උදපජ‍්ජථාති තෙසං පෙතානං භොජනං උප‍්පජ‍්ජි. කීදිසන‍්ති ආහ “සුචි”න‍්තිආදි. තත්‍ථ අනෙකරසබ්‍යඤ‍්ජනන‍්ති නානාරසෙහි බ්‍යඤ‍්ජනෙහි යුත‍්තං, අථ වා අනෙකරසං අනෙකබ්‍යඤ‍්ජනඤ‍්ච. තතොති භොජනලාභතො පච‍්ඡා.

සමනන්තරානුද්දිට්ඨෙ - යනු උදෙසා දීමෙන් අනතුරුව, භොජන උප්පජ්ජථා - යනු ඒ ප්‍රේතයන්ට ආහාර ලැබුනේය. කොයි ආකාරයෙන් ද? කීයේය. සුචී යනු පවිත්‍ර වූ ආකාරයෙන් සැපවත් වූ ආකාරයෙන්. එහි අනෙක රස බ්‍යඤ්ජනං - යනු නොයෙක් රසවලින් යුක්ත වෑංජනයන්ගෙන් යුතුව, නොහොත් නොයෙක් රස නානාවිධ එළවළු මාළු පිනි ආදිය, තතො - යනු ආහාර ලැබීමෙන් පසුව

උද‍්දස‍්සයී භාතාති භාතිකභූතො පෙතො ථෙරස‍්ස අත‍්තානං දස‍්සෙසි. වණ‍්ණවා බලවා සුඛීති තෙන භොජනලාභෙන තාවදෙව රූපසම‍්පන‍්නො බලසම‍්පන‍්නො සුඛිතොව හුත්‍වා. පහූතං භොජනං, භන‍්තෙති, භන‍්තෙ, තව දානානුභාවෙන පහූතං අනප‍්පකං භොජනං අම‍්හෙහි ලද‍්ධං. පස‍්ස නග‍්ගාම‍්හසෙති ඔලොකෙහි, නග‍්ගිකා පන අම‍්හ, තස‍්මා තථා, භන‍්තෙ, පරක‍්කම පයොගං කරොහි. යථා වත්‍ථං ලභාමසෙති යෙන පකාරෙන යාදිසෙන පයොගෙන සබ‍්බෙව මයං වත්‍ථානි ලභෙය්‍යාම, තථා වායමථාති අත්‍ථො.

උද්දිස්සයී භාතා - සහෝදරයා වූ ප්‍රේතයා තෙරුන්ට තමන් දැක්වීය. වණ්ණවා බලවා සුඛී - යනු ඒ ආහාර ලැබීමෙන් එකෙණෙහිම රූප සම්පත්තිව බල සම්පන්නව, සැපවත් වී, පහුතං භොජනම්හන්තෙ - යනු ස්වාමීනි ඔබගේ දන් දීමෙහි ආනුභාවයෙන් පුලුල් වූ, බොහෝ වූ භෝජන අප විසින් ලද්දෙමු. පස්ස නග්ගා මහසෙ යනු බලනු මැන අප වනාහි නග්න වූවෝ වෙමු. එහෙයින් වස්ත්‍ර ලැබීම සඳහා උනන්දු වනු මැනවි. උත්සාහයක යෙදෙනු මැනැවි. යථා වත්‍ථං ලභාමසෙ - යනු යම් ප්‍රකාරයක යම්කිසි උත්සාහකින් අපි සියල්ලන් වස්ත්‍ර ලබමු ද එසේ උත්සාහ කරනු යන අර්ථයි.

සඞ‍්කාරකූටම‍්හාති තත්‍ථ තත්‍ථ සඞ‍්කාරට‍්ඨානතො. උච‍්චිනිත්‍වානාති ගවෙසනවසෙන ගහෙත්‍වා. නන‍්තකෙති ඡින‍්නපරියන‍්තෙ ඡඩ‍්ඩිතදුස‍්සඛණ‍්ඩෙ . තෙ පන යස‍්මා ඛණ‍්ඩභූතා පිලොතිකා නාම හොන‍්ති, තාහි ච ථෙරො චීවරං කත්‍වා සඞ‍්ඝස‍්ස අදාසි, තස‍්මා ආහ “පිලොතිකං පටං කත්‍වා, සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදා”ති. තත්‍ථ සඞ‍්ඝෙ චාතුද‍්දිසෙ අදාති චතූහිපි දිසාහි ආගතභික‍්ඛුසඞ‍්ඝස‍්ස අදාසි. සම‍්පදානත්‍ථෙ හි ඉදං භුම‍්මවචනං.

සඞ්කාර කුටම්හා -යනු ඒ ඒ තන්හි තැබූ කසළ ගොඩවලින්, උච්චිණීත්‍වාන යනු එකතු කිරිම් වශයෙන් විමසීම් වශයෙන් ගෙන, නත්තකෙ - යනු අසුලා ගත් කෑලි කෑලි වූ රෙදි කැබලි ඉවත දැමූ රෙදි කැබලි පිලොතික නම් වේ. ස්ථවිරයන් වහන්සේ ඒවායින් සිවුරක් කොට සඞ්ගයාට පිරිනැමීය. එහෙයින් කීහ. පිලොතිකං පටං කත්‍වා සඞ්ඝෙ චාතුද්දසෙ අදා - යනු රෙදි කැබලිවලින් වස්ත්‍රයක් කොට සිව්දිගින් වඩින මහ සඟනට දුන්නේය. එහි සඞ්ඝෙ චාතුද්දසෙ අදා - යනු සතර දිගින් වැඩියා වූ භික්ෂු සංඝයාට - මෙය සම්ප්‍රදාන අර්ථයෙහි භුම්ම වචනයි -

සුවත්‍ථවසනොති සුන්‍දරවත්‍ථවසනො. ථෙරස‍්ස දස‍්සයීතුමන‍්ති ථෙරස‍්ස අත‍්තානං දස‍්සයි දස‍්සෙසි, පාකටො අහොසි. පටිච‍්ඡාදයති එත්‍ථාති පටිච‍්ඡදා.

සුවත්‍ථ වසනො - යනු යහපත් වූ වස්ත්‍ර ලැබීය. ථෙරස්ස දස්සයී තුමං යනු තෙරුන්ට තමන් දක්වමියි දැක්වූයේය. ප්‍රකට වූයේය. මෙහි විලි වැසුණේ යයි පටිච්ඡදා - වේ.

කූටාගාරනිවෙසනාති කූටාගාරභූතා තදඤ‍්ඤනිවෙසනසඞ‍්ඛාතා ච ඝරා. ලිඞ‍්ගවිපල‍්ලාසවසෙන හෙතං වුත‍්තං. විභත‍්තාති සමචතුරස‍්සආයතවට‍්ටසණ‍්ඨානාදිවසෙන විභත‍්තා. භාගසො මිතාති භාගෙන පරිච‍්ඡින‍්නා. නොති අම‍්හාකං. ඉධාති ඉමස‍්මිං පෙතලොකෙ. අපි දිබ‍්බෙසූති අපීති නිපාතමත‍්තං, දෙවලොකෙසූති අත්‍ථො.

කූටාගාර නිවෙසනා - යනු කුළු ගෙවල් ඇති අනෙක් නිවාසවලට සමාන වූ ගෙවල්, මෙය ලිඞ්ග විපර්යාස වශයෙන් කියන ලදී. විභත්තා - යනු සම සතරැස් දිග පළල ඇති සම සටහන් ඇති. (කාමර වෙන්කරන ලද) බෙදන ලද භාගසො මිතා - යනු කොටස් වශයෙන් වෙන්කළ - නො -යන අපගේ, ඉධා - යනු මේ ප්‍රේත ලෝකයෙහි, අපි දිබ්බෙසු - යනු අපි යනු නිපාතයකි. දිව්‍ය භවනයන්හි, දෙව් ලොවෙහි යන අර්ථයි.

කරණන‍්ති ධමකරණං. පූරෙත්‍වාති උදකස‍්ස පූරෙත්‍වා. වාරිකිඤ‍්ජක‍්ඛපූරිතාති තත්‍ථ තත්‍ථ වාරිමත්‍ථකෙ පදුමුප‍්පලාදීනං කෙසරභාරෙහි සඤ‍්ඡාදිතවසෙන පූරිතා. ඵලන‍්තීති පුප‍්ඵන‍්ති, පණ‍්හිකපරියන‍්තාදීසු විදාලෙන‍්තීති අත්‍ථො.

කරකං යනු ධර්ම කරකය, පුරෙත්‍වා - දියෙන් පුරවා වාරිකිඤ්ජක්ක පූරිතා - යනු එහි දිය මතුපිට පියුම් උපුල් ආදී මල රේණුවලින් සමූහ වසයෙන් පිරෙන ලදී. ඵලන්ති - මල් ඵල කොළ ආදියෙන් විහිදුනේය යන අර්ථයි.

ආහිණ‍්ඩමානාති විචරමානා. ඛඤ‍්ජාමාති ඛඤ‍්ජනවසෙන ගච‍්ඡාම. සක‍්ඛරෙ කුසකණ‍්ටකෙති සක‍්ඛරවති කුසකණ‍්ටකවති ච භූමිභාගෙ, සක‍්ඛරෙ කුසකණ‍්ටකෙ ච අක‍්කමන‍්තාති අත්‍ථො. යානන‍්ති රථවය‍්හාදිකං යංකිඤ‍්චි යානං. සිපාටිකන‍්ති එකපටලඋපාහනං.

ආහිණ්ඩමානා - යනු හැසිරෙන්නේ ගමන් කරන්නේ, ඛඤ්ජාමා - යනු කොර ගැසීම් වශයෙන් යමු. සක්‍ඛරෙ කුසකණ්ටකෙ - යනු බොරළු ගකැට සහිත භූමියෙහි, ගල් කැට සහ කටු පෑගෙන්නාහ යන අර්ථයි. යානං - යනු රිය ආදී කිසියම් වාහනයකි, සපාටිකං - එක් පටක් ඇති වහන් සඟලක්

රථෙන මාගමුන‍්ති මකාරො පදසන්‍ධිකරො, රථෙන ආගමංසු. උභයන‍්ති උභයෙන දානෙන, යානදානෙන චෙව භත‍්තාදිචතුපච‍්චයදානෙන ච. පානීයදානෙන හෙත්‍ථ භෙසජ‍්ජදානම‍්පි සඞ‍්ගහිතං. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානමෙවාති.

රථෙන මාගමුං යන, මකාරය පද සන්‍ධි කිරීමෙහිය. රියෙන් පැමිණියාහුය. උභයං යනු වාහන දීමෙන්, බත් ආදී සිව්පස දානයෙන්, ජල දානයෙන් බෙහෙත් දීමෙන් ද සඞ්ග්‍රහ කරන ලදී, ඉතිරි දෙය පළමු කියන ලද පරිද්දෙන්ම දත යුතුය.

ථෙරො තං පවත‍්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්‍ථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා “යථා ඉමෙ එතරහි, එවං ත්‍වම‍්පි ඉතො අනන‍්තරාතීතෙ අත‍්තභාවෙ පෙතො හුත්‍වා මහාදුක‍්ඛං අනුභවී”ති වත්‍වා ථෙරෙන යාචිතො සුත‍්තපෙතවත්‍ථුං කථෙත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. තං සුත්‍වා මහාජනො සඤ‍්ජාතසංවෙගො දානසීලාදිපුඤ‍්ඤකම‍්මනිරතො අහොසීති.

ස්ථවිරයෝ මේ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මෙයින් පෙර ඔබ ද ඉතා ඈත අතීතයේ ආත්ම භාවයෙක්හි ප්‍රේතයකු වී මහා දුක් අනුභව කළේ යයි වදාරා තෙරුන් විසින් යාඥා කළ කල්හි සුත්ත ප්‍රේත වස්තුව වදාරා පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. එය අසා මහා ජනයා හටගත් සංවේග ඇත්තේ දාන ශීල ආදී පින්කම්වල නිරත වූයේය.

සාණවාසිත්‍ථෙරපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

සානුවාසික ප්‍රේත වත්‍ථු වර්ණනාව නිමියේය.