3. රථකාරපෙතිවත්ථුවණ්ණනා අට්ඨකථා
3. රථකාරපෙතිවත්ථුවණ්ණනා
3. රථකාර ප්‍රෙතවස්තු වර්ණනාව
වෙළුරියථම්භං රුචිරං පභස්සරන්ති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ අඤ්ඤතරං පෙතිං ආරබ්භ වුත්තං. අතීතෙ කිර කස්සපස්ස භගවතො කාලෙ අඤ්ඤතරා ඉත්ථී සීලාචාරසම්පන්නා කල්යාණමිත්තසන්නිස්සයෙන සාසනෙ අභිප්පසන්නා සුවිභත්තවිචිත්රභිත්තිථම්භසොපානභූමිතලං අතිවිය දස්සනීයං එකං ආවාසං කත්වා තත්ථ භික්ඛූ නිසීදාපෙත්වා පණීතෙන ආහාරෙන පරිවිසිත්වා භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙසි. සා අපරෙන සමයෙන කාලං කත්වා අඤ්ඤස්ස පාපකම්මස්ස වසෙන හිමවති පබ්බතරාජෙ රථකාරදහං නිස්සාය විමානපෙතී හුත්වා නිබ්බත්ති. තස්සා සඞ්ඝස්ස ආවාසදානපුඤ්ඤානුභාවෙන සබ්බරතනමයං උළාරං අතිවිය සමන්තතො පාසාදිකං මනොහරං රමණීයං පොක්ඛරණියං නන්දනවනසදිසං උපසොභිතං විමානං නිබ්බත්ති, සයඤ්ච සුවණ්ණවණ්ණා අභිරූපා දස්සනීයා පාසාදිකා අහොසි.
“වෙළුරියථම්හං රුවිරං පභස්සරං” - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල්හි එක්තරා ප්‍රේතියක අරභයා වදාළහ. යටගිය දවස කාශ්‍යප බුදුරජුන්ගේ කාලයේ දී, එක්තරා ස්ත්‍රියක් සිල්වත් වූයේ ආචාර සම්පන්න වූයේ, කල්‍යාණ මිත්‍රයන් සමග හැසිරෙමින් ශාසනයෙහි ප්‍රසාදයට පැමිණියේ, මැනැවින් බෙදන ලද, විසිතුරු ටැම් හා හිණිපෙති පංතිවලින් යුත් භූමිතල ඇති ඉතා අලංකාර දැකුම්කළු, එක් සොල්දර තට්ටු ආවාසයක් කරවා එහි භික්ෂූන් පදිංචි කරවා ප්‍රණීත වූ ආහාර පානයන්ගෙන් වළදවා භික්ෂු සඞ්ඝයාට පවරා දුන්නීය. ඕ තොමෝ ඊට මෑත භාගයෙහි කළුරිය කොට, අනෙක් පාපකර්මයක හේතුවෙන් හිමවත් පර්වත රාජයා සමීපයේ රථකාර විල අසල විමාන ප්‍රේතියක් වී උපන්නීය. සඞ්ඝයාට ආවාස පූජාකළ පුණ්‍යානුභාවයෙන් සියල්ල රුවන් මුවා වූ මහත් වූ හාත්පස අතිශයින් ප්‍රසාදය එළවන්නා වූ මනහර වූ රමණීය වූ සිත්කළු වූ පොකුණු සහිත වූ, නන්දන වනය හා සමානව බබළන්නා වූ විමානයක් ඇයට පහළවිය.
සා තත්ථ පුරිසෙහි විනාව දිබ්බසම්පත්තිං අනුභවන්තී විහරති. තස්සා තත්ථ දීඝරත්තං නිප්පුරිසාය වසන්තියා අනභිරති උප්පන්නා. සා උක්කණ්ඨිතා හුත්වා “අත්ථෙසො උපායො”ති චින්තෙත්වා දිබ්බානි අම්බපක්කානි නදියං පක්ඛිපති. සබ්බං කණ්ණමුණ්ඩපෙතිවත්ථුස්මිං ආගතනයෙනෙව වෙදිතබ්බං. ඉධ පන බාරාණසිවාසී එකො මාණවො ගඞ්ගාය තෙසු එකං අම්බඵලං දිස්වා තස්ස පභවං ගවෙසන්තො අනුක්කමෙන තං ඨානං ගන්ත්වා නදිං දිස්වා තදනුසාරෙන තස්සා වසනට්ඨානං ගතො. සා තං දිස්වා අත්තනො වසනට්ඨානං නෙත්වා පටිසන්ථාරං කරොන්තී නිසීදි. සො තස්සා වසනට්ඨානසම්පත්තිං දිස්වා පුච්ඡන්තො –
ඕ තොමෝ ද රන්වන් පැහැ ඇති, සිත් ගන්නා රූ ඇති දැකුම්කළු වූ දුටු දුටුවන් පහදවන්නියක් වූවාය. ඕ තොමෝ පුරුෂයන්ගෙන් තොරව දිව සැප විදින්නා වූ ඈ තුළ කළකිරීමක් නො ඇල්මක් උපන්නේය. ඕ තොමෝ උකටලී බවෙන් යුතුව එක් උපායක් ඇතැයි සිතා දිව්‍යමය වූ අඹගෙඩි නදියෙහි පා කෙළේය. සියල්ල කණ්ණමුණ්ඩ ප්‍රේත වස්තුවේ ආ නයින්ම දතයුතුයි. මෙහි වනාහි බරණැස් වැසි එක් තරුණයෙක් ගඞ්ගාවෙහි පාවූ එක් අඹ ගෙඩියක් දැක ඒ අඹවල හටගැනීම සොයා පිළිවෙළින් ගොස්, ඒ නදිය දැක ඒ අනුව ඇය වසන තැනට ගියේය. ඕ තොමෝ ඔහු දැක තමන් වසන තැනට කැඳවාගෙන ගොස් පිළිසඳර කථාකරමින් හුන්නේය. හෙතෙමේ ඇය වසන තැන සම්පත් දැක ඒ පිළිබඳ තොරතුරු මේ ගාථා මගින් විමසීය.
“වෙළුරියථම්භං රුචිරං පභස්සරං, විමානමාරුය්හ අනෙකචිත්තං; තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ, පථද්ධනි පන්නරසෙව චන්දො.
මහත් දිව්යනුභාව ඇති දෙවඟන! වයිරෝඩි මැණික්වලින් තැනූ කුළුණු ඇති, පැහැපත් වූ, රැස් විහිදුණු, නොයෙක් සිතියම් ඇති විමානයට නැගී අහස්තලයෙහි චන්ද්‍රයා මෙන් බබළමින් සිටින්නීය.
“වණ්ණො ච තෙ කනකස්ස සන්නිභො, උත්තත්තරූපො භුස දස්සනෙය්යො; පල්ලඞ්කසෙට්ඨෙ අතුලෙ නිසින්නා, එකා තුවං නත්ථි ච තුය්හ සාමිකො.
ඔබගේ ශරීරය රන්වන් පැහැ ඇත්තේය. රත් වී දිළිසෙන පැහැ ඇත්තීය. වාත්තුකළ වැනි වූ රූපය අතිශයින් දර්ශනීය වේ. අසමාන වූ රූපවත් දෙවඟන! ඔබ හුදෙකලාව වසන්නේ, ඔබට ස්වාමියෙක් නැත්තේ ද?
“ඉමා ච තෙ පොක්ඛරණී සමන්තා, පහූතමල්යා බහුපුණ්ඩරීකා; සුවණ්ණචුණ්ණෙහි සමන්තමොත්ථතා, න තත්ථ පඞ්කො පණකො ච විජ්ජති.
ඔබගේ මේ පොකුණු සමීපයේ හාත්පස බොහෝ මල් ඇත. බොහෝ හෙළ පියුම් ඇත. රුවන් වැල්ලෙන් හාත්පස ගැවසී ගත්තේය. එහි මඩ ද දියසෙවෙල් ද නැත.
“හංසා චිමෙ දස්සනීයා මනොරමා, උදකස්මිමනුපරියන්ති සබ්බදා; සමය්ය වග්ගූපනදන්ති සබ්බෙ, බින්දුස්සරා දුන්දුභීනංව ඝොසො.
දර්ශනීය වූ නෙත් පිනවන්නා වූ, මේ හංසයෝ ද ජලයෙහි හැමකල්හි හැසිරෙති. සියලු හංසයන් එක්ව නාද කරන්නේ නො විසුරුණු හඬ ඇත්තේ, මිහිඟු බෙර වාදනයෙහි මෙන් හඬ ඇත්තේය.
“දද්දල්ලමානා යසසා යසස්සිනී, නාවාය ච ත්වං අවලම්බ තිට්ඨසි; ආළාරපම්හෙ හසිතෙ පියංවදෙ, සබ්බඞ්ගකල්යාණි භුසං විරොචසි.
ඉසුරුමතිය! ඔබ දිව්‍යමය සෘද්ධියෙන්, ඉතාමත් දිලිසෙමින්, රුවන් නැවෙහි එල්ඹී සිටින්නෙහිය. දිගු නෙත්හි කළු වූ ඇහි බැම ඇත්තේය. නිතර සිනහවෙන් යුත් ඔබ ප්‍රියවදන් කියන්නීය. සියළු අඟ පසඟ ඉතා ශෝභනවත්ය. අතිශයින් බබළයි.
“ඉදං විමානං විරජං සමෙ ඨිතං, උය්යානවන්තං රතිනන්දිවඩ්ඪනං; ඉච්ඡාමහං නාරි අනොමදස්සනෙ, තයා සහ නන්දනෙ ඉධ මොදිතු”න්ති. –
මේ විමන රජස් රහිතය. සමභූමියෙහි පිහිටියේය. සිත්කළු වනය හිත සතුටු කරමින් සුවය හා ප්‍රීතිය වර්ධනය කරන්නේය. අළාමක දැකුම් ඇති ස්ත්‍රිය! මම ඔබ සමග මේ නන්දන වනයෙහි හෝ විමනෙහි ඇලෙන්නට කැමැත්තෙමි.
ඉමා ගාථා අභාසි.
තත්ථ තත්ථාති තස්මිං විමානෙ. අච්ඡසීති ඉච්ඡිතිච්ඡිතකාලෙ නිසීදසි. දෙවීති තං ආලපති. මහානුභාවෙති මහතා දිබ්බානුභාවෙන සමන්නාගතෙ. පථද්ධනීති අත්තනො පථභූතෙ අද්ධනි, ගගනතලමග්ගෙති අත්ථො. පන්නරසෙව චන්දොති පුණ්ණමාසියං පරිපුණ්ණමණ්ඩලො චන්දො විය විජ්ජොතමානාති අත්ථො.
එහි, තත්ථ එම විමානයෙහි, අපච්ඡසි, කැමති කැමති තාක් කල් හිඳියි වසයි, දෙවී! ඇයට අමතයි. මහානුභාවෙ - මහත් වූ දිව්‍යානුභාවයෙන් සමන්විත වූ, පථද්ධනී - තමන්ගේ ගමන් මාර්ගයෙහි බොහෝ කාලයක්, ගුවන් තල මතුයෙහි යන අර්ථයි. පණ්ණරසෙව චන්දිමා - වෙසක් මස පිරිපුන් සඳ මඬල මෙන් බැබළෙයි යන අර්ථයි.
වණ්ණො ච තෙ කනකස්ස සන්නිභොති තව වණ්ණො ච උත්තත්තසිඞ්ගීසුවණ්ණෙන සදිසො අතිවිය මනොහරො. තෙනාහ “උත්තත්තරූපො භුස දස්සනෙය්යො”ති. අතුලෙති මහාරහෙ. අතුලෙති වා දෙවතාය ආලපනං, අසදිසරූපෙති අත්ථො. නත්ථි ච තුය්හ සාමිකොති තුය්හං සාමිකො ච නත්ථි.
වණ්ණෙපි තෙ කනකස්ස සන්නි භො - යනු ඔබගේ ශරීර පැහැය ද ගින්නෙන් රත් වූ රන්වන් රත්රන් හා සමානය, ඉතාමත් සිත් ගන්නා සුළුය. එහෙයින් කියන ලදී. “උත්තත්ත රූපො භූසදස්සනීයො” - මහාර්ග වූ අතුලෙ, යනු දෙවඟනට ඇමතීමයි. අසමාන රූප ශ්‍රී ඇත්තේ යන අර්ථයි. නත්ථිච තුය්හ සාමිකො - ඔබට සැමියෙක් නැත්ද?
පහූතමල්යාති කමලකුවලයාදිබහුවිධකුසුමවතියො . සුවණ්ණචුණ්ණෙහීති සුවණ්ණවාලුකාහි. සමන්තමොත්ථතාති සමන්තතො ඔකිණ්ණා. තත්ථාති තාසු පොක්ඛරණීසු. පඞ්කො පණකො චාති කද්දමො වා උදකපිච්ඡිල්ලො වා න විජ්ජති.
පහුතමාලා - යනු නෙළුම් මානෙල්, ආදී බොහෝ මල් වර්ග බහුල, සුවණ්ණා චුණ්ණෙ - යනු රන්වන් වැලි ඇති, සමන්ත මොත්තා - යනු හාත්පස විසුරුණා වූ, තත්ථා යනු ඒ පොකුණුවල, පඞ්කො පණකො ච යනු මඩ ද දියසෙවෙල් ද නොමැත. නොපෙනේ.
හංසා චිමෙ දස්සනීයා මනොරමාති ඉමෙ හංසා ච දස්සනසුඛා මනොරමා ච. අනුපරියන්තීති අනුවිචරන්ති. සබ්බදාති සබ්බෙසු උතූසු. සමය්යාති සඞ්ගම්ම. වග්ගූති මධුරං. උපනදන්තීති විකූජන්ති. බින්දුස්සරාති අවිසටස්සරා සම්පිණ්ඩිතස්සරා. දුන්දුභීනංව ඝොසොති වග්ගුබින්දුස්සරභාවෙන දුන්දුභීනං විය තව පොක්ඛරණියං හංසානං ඝොසොති අත්ථො.
හංසාපිමෙ දස්සනියා මනෙරමා - යනු මේ හංසයෝ ද මනරම්, සුබ දසුන් ඇත්තාහ. අනුපරියන්ති - යනු අනුව හැසිරෙත්. සබ්බදා - යනු සෑම සෘතුවකදීම, සමය්යා සාමුභිකව, වග්ගු යනු මිහිරි, උපනදන්ති - යනු හඬ නගත් බින්දුස්සරා - යනු නො විසුරුණු හඬ ඇති රාගී භූත වූ හඬ ඇති, දුන්දුභී තංච ඝොසො ඒ පොකුණෙහි හංසයන් විසින් පතුරුවන මිහිරිහඬ, මිහිඟු බෙරයක හඬ මෙන් පැතිරේ.
දද්දල්ලමානාති අතිවිය අභිජලන්තී. යසසාති දෙවිද්ධියා. නාවායාති දොණියං. පොක්ඛරණියඤ්හි පදුමිනියං සුවණ්ණනාවාය මහාරහෙ පල්ලඞ්කෙ නිසීදිත්වා උදකකීළං කීළන්තිං පෙතිං දිස්වා එවමාහ. අවලම්බාති අවලම්බිත්වා අපස්සෙනං අපස්සාය. තිට්ඨසීති ඉදං ඨානසද්දස්ස ගතිනිවත්ති අත්ථත්තා ගතියා පටික්ඛෙපවචනං. “නිසජ්ජසී”ති වා පාඨො, නිසීදසිච්චෙවස්ස අත්ථො දට්ඨබ්බො. ආළාරපම්හෙති වෙල්ලිතදීඝනීලපඛුමෙ. හසිතෙති හසිතමහාහසිතමුඛෙ. පියංවදෙති පියභාණිනී. සබ්බඞ්ගකල්යාණීති සබ්බෙහි අඞ්ගෙහි සුන්දරෙ, සොභනසබ්බඞ්ගපච්චඞ්ගීති අත්ථො. විරොචසීති විරාජෙසි.
දද්දල්ලමානා - යනු අතිශයින් දිලිසෙත් යසසා - යනු දිව්‍ය සෘද්ධියෙන්, නාවායා - පොකුණු දෝණියෙහි පියුම්වලින් ගැවසී ගත්තා වූ, මහාර්ඝ වූ රන්වන් නැවක් බඳු වූ, පර්යඞ්කයෙහි හිඳ දිය කෙළි කෙළින්නා වූ විමාන ප්‍රේතිය දැක මෙසේ කීය. අවලම්බා - යනු එල්ඹී, හේත්තුවන පුවරුවෙහි හේත්තු වී, තිට්ඨසි - යනු පවතින ස්වභාවය, සිටින්නෙහිය යන මෙය ස්ථාන ශබ්දයාගේ ස්වරූපයයි. නවතීය යන අර්ථය දෙන, වෙනස් වීම ප්‍රතික්ෂේප කළ වචනයි. නිසජ්ජසී - යනු ද පාඨයකි. නිදා හුන්නේම යන අර්ථයි - දතයුතුයි. ආලාරපම්හෙ - යනු කළුවූ ද දික්වූ ද ඇහි බැම, හසිතෙ - සිනහසෙන්නී, සිනහවෙන් පිරුණු තැනැත්තී, සිනහවෙන් පිරුණු මුව ඇත්තී, ප්රියංවදෙහි - ප්‍රියවචන කථා කරන්නී, සබ්බඞ්ග කල්‍යාණී, (සියළු අඟ පසඟ සුන්දර වූ ද, ලස්සන වූ ද ප්‍රියමනාව වූ ද) සුන්දර වූ සිත්කළු වූ ලස්සන වූ සියලු අඟ පසඟින් යුක්ත වූ යන අර්ථයි. විරොචෙසි - බැබළෙයි.
විරජන්ති විගතරජං නිද්දොසං. සමෙ ඨිතන්ති සමෙ භූමිභාගෙ ඨිතං, චතුරස්සසොභිතතාය වා සමභාගෙ ඨිතං, සමන්තභද්දකන්ති අත්ථො. උය්යානවන්තන්ති නන්දනවනසහිතං. රතිනන්දිවඩ්ඪනන්ති රතිඤ්ච නන්දිඤ්ච වඩ්ඪෙතීති රතිනන්දිවඩ්ඪනං, සුඛස්ස ච පීතියා ච සංවඩ්ඪනන්ති අත්ථො. නාරීති තස්සා ආලපනං. අනොමදස්සනෙති පරිපුණ්ණඅඞ්ගපච්චඞ්ගතාය අනින්දිතදස්සනෙ. නන්දනෙති නන්දනකරෙ. ඉධාති නන්දනවනෙ, විමානෙ වා. මොදිතුන්ති අභිරමිතුං ඉච්ඡාමීති යොජනා.
විරජං - යනු කැත කුණු පහ වූ, නිර්දෝෂ වූ, සමෙඨිතන්ති, යනු සම තැනිතලා භූමි භාගයෙහි, සිටි සිව්රැස් වූ ශෝභමාන වූ, තැනිතලාවෙහි සිටි, හාත්පස උවදුරු වලින් තොර යන අර්ථයි. උය්යානවන්තං යනු සිත් සතන් තුටුකරන වනය සහිත, රතිනන්දවඩ්ඩනං -යනු ඇල්මද සතුට ද වඩන්නේය යන අරුතින් රතිනන්දි වඩ්ඩනං, සැපය ද ප්‍රීතිය ද වර්ධනය කරත් යන අර්ථයි. නාරී - යනු ඇයට ඇමතීමයි. අනොම දස්සනෙ - යනු සර්ව සම්පූර්ණ වූ අඟ පසඟින් සිත් සතුටු ද වඩන්නේය යන අරුතින් රතිනන්ද වඩ්ඩනං, සැපය ද ප්‍රීතිය ද වර්ධනය කරත් යන අර්ථයි. නාරී, යනු ඇයට ඇමතීමයි. අනොම දස්සනෙ යනු සර්ව සම්පුර්ණ වූ අඟ පසඟින් සිත් සතුටු කරන දැකුම් ඇති, නන්දනෙ යනු තුටු කරවන, ඉධා යනු නන්දන වනයෙහි හෝ විමානයෙහි හෝ, මොදිතුං - යනු සිත් ඇලවීමට කැමති යයි අදහස් කරයි.
එවං තෙන මාණවෙන වුත්තෙ සා විමානපෙතිදෙවතා තස්ස පටිවචනං දෙන්තී –
මෙසේ ඒ මාණවකයා විසින් කියන ලද කල්හී, ඕ විමාන දේවතාවිය ඔහුට පිළිතුරක් දෙමින් මෙසේ කීයේය.
“කරොහි කම්මං ඉධ වෙදනීයං, චිත්තඤ්ච තෙ ඉධ නිහිතං භවතු; කත්වාන කම්මං ඉධ වෙදනීයං, එවං මමං ලච්ඡසි කාමකාමිනි”න්ති. –
61. මෙහි විපාක වින්ද යුතු වූ කුශල කර්මයක් කරව, නුඹගේ සිත මෙහි පිහිටුවාවා. මෙහි විපාක වින්ද යුතු වූ කුශල කර්ම කිරීමෙන් කැමති විය යුතු කාමයෙන් යුක්ත වූ මා ලබන්නේය.
ගාථමාහ. තත්ථ කරොහි කම්මං ඉධ වෙදනීයන්ති ඉධ ඉමස්මිං දිබ්බට්ඨානෙ විපච්චනකං විපාකදායකං කුසලකම්මං කරොහි පසවෙය්යාසි. ඉධ නිහිතන්ති ඉධූපනීතං, “ඉධ නින්න”න්ති වා පාඨො, ඉමස්මිං ඨානෙ නින්නං පොණං පබ්භාරං තව චිත්තං භවතු හොතු. මමන්ති මං. ලච්ඡසීති ලභිස්සසි.
මෙහි කරොභි කම්මං ඉධ වෙදනීයං - යනු මේ මෙහි දිව්‍ය විමානයෙහි විපාක විදීමට සුදුසු පින්කමක් කරව, රැස් කරව, ඉධ නිහිතං - යනු මෙහි පැමිණෙන්නට ඉධනිත්නන්ති යනුවෙන් ද පාඨකයක් වේ. මේ ස්ථානයෙහි ඉපදීමට පුනර්භවයට ඔබගේ හිත නැමේවා, මමං - යනු මා ලච්ඡසී - යනු ලබන්නෙහිය.
සො මාණවො තස්සා විමානපෙතියා වචනං සුත්වා තතො මනුස්සපථං ගතො තත්ථ චිත්තං පණිධාය තජ්ජං පුඤ්ඤකම්මං කත්වා නචිරස්සෙව කාලං කත්වා තත්ථ නිබ්බත්ති තස්සා පෙතියා සහබ්යතං. තමත්ථං පකාසෙන්තා සඞ්ගීතිකාරා –
ඒ මාණවකයා ඒ විමාන ප්‍රේතියගේ වචනය අසා එහි මනුෂ්‍ය වාසයට ගියේ, එහි සිත පිහිටුවා, එයට සුදුසු පින්කම් කොට, නොබෝ දිනකින්ම කළුරිය කොට එහි උපන්නේය. එම විමාන ප්‍රේතියගේ ස්භාවයට පැමිණියේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් සංගීති කාරකයෝ මේ අවසාන ගාථාව කීහු.
“සාධූති සො තස්සා පටිස්සුණිත්වා, අකාසි කම්මං තහිං වෙදනීයං; කත්වාන කම්මං තහිං වෙදනීයං, උපපජ්ජි සො මාණවො තස්සා සහබ්යත”න්ති. –
හෙතෙම මැනවැයි ඇගේ වචනය පිළිගෙන එහි විපාක විඳීමට සුදුසු වූ කුශල කර්ම කළේය. මාණවකයා එසේ කුශල කර්මයන් කොට ඇගේ සහභාවයට පැමිණියේය.
ඔසානගාථමාහංසු. තත්ථ සාධූති සම්පටිච්ඡනෙ නිපාතො. තස්සාති තස්සා විමානපෙතියා. පටිස්සුණිත්වාති තස්සා වචනං සම්පටිච්ඡිත්වා. තහිං වෙදනීයන්ති තස්මිං විමානෙ තාය සද්ධිං වෙදිතබ්බසුඛවිපාකං කුසලකම්මං. සහබ්යතන්ති සහභාවං. සො මාණවො තස්සා සහබ්යතං උපපජ්ජීති යොජනා. සෙසං උත්තානමෙව.
එහි සාධු - යනු පිළිගැනීම් අර්ථයෙහි නිපාතයි. තස්සා - යනු ඒ විමාන ප්රේතියයි. පටිස්සුණීත්වා - යනු ඇගේ වචනය පිළිගෙන තහිං වෙදනීයං - ඇගේ විමානයෙහි ඇය සමග විඳීය යුතු සුඛ විපාක විඳීමට සුදුසු කුසල කර්ම, සහව්යතං යනු සහභාවයට එක්ව විසීමට, ඒ මාණවකයා ඇය සමඟ එක්ව විසීමට උපන්නේය යන යෙදීමයි.
එවං තෙසු තත්ථ චිරකාලං දිබ්බසම්පත්තිං අනුභවන්තෙසු පුරිසො කම්මස්ස පරික්ඛයෙන කාලමකාසි, ඉත්ථී පන අත්තනො පුඤ්ඤකම්මස්ස ඛෙත්තඞ්ගතභාවෙන එකං බුද්ධන්තරං තත්ථ පරිපුණ්ණං කත්වා වසි. අථ අම්හාකං භගවති ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුක්කමෙන ජෙතවනෙ විහරන්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො එකදිවසං පබ්බතචාරිකං චරමානො තං විමානඤ්ච විමානපෙතිඤ්ච දිස්වා “වෙළුරියථම්භං රුචිරං පභස්සර”න්තිආදිකාහි ගාථාහි පුච්ඡි. සා චස්ස ආදිතො පට්ඨාය සබ්බං අත්තනො පවත්තිං ආරොචෙසි. තං සුත්වා ථෙරො සාවත්ථිං ආගන්ත්වා භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො දානාදිපුඤ්ඤධම්මනිරතො අහොසීති.
මෙසේ ඔවුන් දෙදෙනා බොහෝකල් දිව්‍ය සම්පත් අනුභව කරන්නාහු පුරුෂයා කර්මය ක්ෂය වීමෙන් කළුරිය කළේය. ස්ත්‍රිය වනාහි තමගේ කුශල කර්මය ක්ෂේත්රගත බැවින් එක් බුද්ධාන්තරයක් එහි සම්පුර්ණ වසයෙන් විසීය. ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වී පවත්නා ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් දෙව්රම් වෙහෙර වැඩ වසන කල්හි ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිර තෙමේ එක් දවසක් පර්වත චාරිකාවෙහි හැසිරෙන්නේ එකී විමානය ද විමාන ප්‍රේතිය ද දැක “වෙළුරියථම්හං රුචිරං පභස්සරං” ආදී ගාථාවෙන් විචාළේය. ඕ තොමෝ උන්වහන්සේට මුල පටන් තමාගේ කථා ප්‍රවෘත්තිය කීවාය. එය අසා ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවරට පැමිණ භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන එකතු වූ පිරිසට දහම් දෙසූහ. ඒ අසා මහජනයා දන් දීම් ආදී පින්කම් කරමින් ධර්මයෙහි නිරත වූවෝය.
රථකාරපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
රථකාර ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.
4. භුසපෙතවත්ථුවණ්ණනා
4. භුස ප්‍රෙතවස්තු වර්ණනාව
භුසානි එකො සාලිං පුනාපරොති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ චත්තාරො පෙතෙ ආරබ්භ වුත්තං. සාවත්ථියා කිර අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකෙ එකො කූටවාණිජො කූටමානාදීහි ජීවිකං කප්පෙසි. සො සාලිපලාපෙ ගහෙත්වා තම්බමත්තිකාය පරිභාවෙත්වා ගරුතරෙ කත්වා රත්තසාලිහි සද්ධිං මිස්සෙත්වා වික්කිණි. තස්ස පුත්තො “ඝරං ආගතානං මම මිත්තසුහජ්ජානං සම්මානං න කරොතී”ති කුපිතො යුගචම්මං ගහෙත්වා මාතුසීසෙ පහාරමදාසි. තස්ස සුණිසා සබ්බෙසං අත්ථාය ඨපිතමංසං චොරිකාය ඛාදිත්වා පුන තෙහි අනුයුඤ්ජියමානා “සචෙ මයා තං මංසං ඛාදිතං, භවෙ භවෙ අත්තනො පිට්ඨිමංසං කන්තිත්වා ඛාදෙය්ය”න්ති සපථමකාසි. භරියා පනස්ස කිඤ්චිදෙව උපකරණං යාචන්තානං “නත්ථී”ති වත්වා තෙහි නිප්පීළියමානා “සචෙ සන්තං නත්ථීති වදාමි, ජාතජාතට්ඨානෙ ගූථභක්ඛා භවෙය්ය”න්ති මුසාවාදෙන සපථමකාසි.
“භූසානි එකො සාලිං පුනාපරො” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ප්‍රේතයන් සතර දෙනෙකු අරභයා වදාළහ. සැවැත් නුවරට නුදුරු එක්තරා ගමක එක් කූට වෙළෙන්දෙක් හොරට කිරීම් මැනීම් ආදියෙන් ජීවිකාව කළේය. හෙතෙම හැල් වී වල බොල් රැගෙන, තඹ පැහැති මැටි තවරා ඉතා බරකොට රත්හැල් හා කලවම් කොට විකුණුවේය. ඔහුගේ පුතා ගෙට ආවා වූ මගේ මිත්‍ර සහෘදයන්ට ආගන්තුක සත්කාර නොකළේ යයි කිපී වියගහ ගෙන මව්ගේ හිසට ගැසුවේය. ඒ වෙළෙන්දාගේ යෙහෙළිය, සියල්ලන්ගේම ප්‍රයෝජනය පිණිස තබන ලද මස් සොරෙන් කා, නැවත ගෙදර අය විසින් විචාරණ ලදුව “ඉදින් මා විසින් මස් කන ලද්දේ නම් සසර උපදින භවයක් පාසා තමාගේ පිටමස් කඩාගෙන කන්නියක් වෙම්වා” දිව්රුම් කළාය. ඒ වෙළෙන්දාගේ භාර්යාව වනාහි යම්කිසි උපකරණයක් ඉල්වන අයට නැතැයි කියන ඉදින් ඔවුන් විසින් නැවතත් ඉල්ලමින් පීඩා කරන ලදුව, “ඉදින් තිබෙන දේ නැතැයි කියා මා කියන්නේ නම් උපන් උපන් තන්හි අසූචි කන්නියක් වෙම්වායි මුසාවාදයෙන් දිව්ළාය.
තෙ චත්තාරොපි ජනා අපරෙන සමයෙන කාලං කත්වා විඤ්ඣාටවියං පෙතා හුත්වා නිබ්බත්තිංසු. තත්ථ කූටවාණිජො කම්මඵලෙන පජ්ජලන්තං භුසං උභොහි හත්ථෙහි ගහෙත්වා අත්තනො මත්ථකෙ ආකිරිත්වා මහාදුක්ඛං අනුභවති, තස්ස පුත්තො අයොමයෙහි මුග්ගරෙහි සයමෙව අත්තනො සීසං භින්දිත්වා අනප්පකං දුක්ඛං පච්චනුභොති. තස්ස සුණිසා කම්මඵලෙන සුනිසිතෙහි අතිවිය විපුලායතෙහි නඛෙහි අත්තනො පිට්ඨිමංසානි කන්තිත්වා ඛාදන්තී අපරිමිතං දුක්ඛං අනුභවති, තස්ස භරියාය සුගන්ධං සුවිසුද්ධං අපගතකාළකං සාලිභත්තං උපනීතමත්තමෙව නානාවිධකිමිකුලාකුලං පරමදුග්ගන්ධජෙගුච්ඡං ගූථං සම්පජ්ජති, තං සා උභොහි හත්ථෙහි පරිග්ගහෙත්වා භුඤ්ජන්තී මහාදුක්ඛං පටිසංවෙදෙති.
ඒ සතර දෙනාම මෑත කාලයක කළුරිය කොට වින්ධ්‍යා වනයෙහි ප්‍රේතයන් වී උපන්නාහුය. එහි සොර වෙළඳ තෙමේ කර්ම ඵලයෙන් දිලිසෙන්නා වූ රත්හැල් බොල් දෙ අතින් හැරගෙන තමන් හිස් මුදුනේ විසුරුවා ගනිමින් මහා දුක් අනුභව කරයි. ඔහුගේ පුතා යකඩ පොල්ලකින් තමාගේම හිසට ගසා හිස පොඩි කරගනිමින් මහත් වූ දුක් අනුභව කරයි. වෙළෙන්දාගේ යෙහෙළිය කර්ම විපාකයෙන් ඉතා මුවහත් ඇති පුළුල් වූ දික් වූ තමාගේම නියවලින් තම පිටමස් ඇද කඩ කඩා කඩා කමින් අප්‍රමාණ දුක් විදියි. ඔහුගේ බිරිඳට සුවදැති, සුපිරිසිදු, පහකළ කළු සහල් ඇති හැල් සහල් බත් ලඟට ලැබුණු කල්හිම නොයෙක් මැස්සන් ආදී කෘමි සමූහයාගෙන් ගැවසීගත් අතිශයින් පිළිකුල් වූ දුගඳ වූ අසූචි බවට පැමිණේ. ඒ අසූචි ඇය දෙ අතින් ගෙන කමින් මහා දුකක් විදියි.
එවං තෙසු චතූසු ජනෙසු පෙතෙසු නිබ්බත්තිත්වා මහාදුක්ඛං අනුභවන්තෙසු ආයස්මා මහාමොග්ගලානො පබ්බතචාරිකං චරන්තො එකදිවසං තං ඨානං ගතො. තෙ පෙතෙ දිස්වා –
මෙසේ ඒ සතරදෙනා ප්රේතාත්මභවයෙහි ඉපිද මහා දුක් අනුභව කරන කල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ පර්වත චාරිකාවෙහි යෙදෙන කල්හි එක් දවසක් එතැනට වැඩියේ මේ ප්‍රේතයන් දැක - මේ ගාථාවෙන් ඔවුන් විසින් කරන ලද කර්මයන් විචාළේය.
“භුසානි එකො සාලිං පුනාපරො, අයඤ්ච නාරී සකමංසලොහිතං; තුවඤ්ච ගූථං අසුචිං අකන්තං, පරිභුඤ්ජසි කිස්ස අයං විපාකො”ති. –
එකෙක් හැල් වී තම හිස විසුරුවා ගනියි. නැවත තවත් කෙනෙක් (ඔළුවට ගසාගනියි) මේ ස්ත්‍රිය ද තම පිටිමස් කඩාගෙන කයි. තී ද අපවිත්‍ර වූ අමනාප වූ පිළිකුල් කටයුතු වූ අසුචි අනුභව කෙරෙයි මේ කවර අකුශල කර්මයක්හුගේ විපාක ද?
ඉමාය ගාථාය තෙහි කතකම්මං පුච්ඡි. තත්ථ භුසානීති පලාපානි. එකොති එකකො. සාලින්ති සාලිනො. සාමිඅත්ථෙ හෙතං උපයොගවචනං, සාලිනො පලාපානි පජ්ජලන්තානි අත්තනො සීසෙ අවකිරතීති අධිප්පායො. පුනාපරොති පුන අපරො. යො හි සො මාතුසීසං පහරි, සො අයොමුග්ගරෙහි අත්තනො සීසං පහරිත්වා සීසභෙදං පාපුණාති, තං සන්ධාය වදති. සකමංසලොහිතන්ති අත්තනො පිට්ඨිමංසං ලොහිතඤ්ච පරිභුඤ්ජතීති යොජනා. අකන්තන්ති අමනාපං ජෙගුච්ඡං. කිස්ස අයං විපාකොති කතමස්ස පාපකම්මස්ස ඉදං ඵලං, යං ඉදානි තුම්හෙහි පච්චනුභවීයතීති අත්ථො.
එහි භුසානි - යනු බොල් වී, එකො - යනු එකෙක්, සාලිං යනු සහල්, මෙය සාමි අර්ථයෙහි උපයෝග වචනයි. හැල් බොල් වී තමන්ගේ හිසෙහි විසුරුවා ගනී යන අදහසයි. පුනාපරො - යනු නැවත අනිකෙක්, යම් කිසිවෙක් තම මවගේ හිසට පහර දුන්නේ ද? හෙතෙම යකඩ මුගුරකින් තමාගේම හිසට පහර දී හිස දෙකඩ වීමට පැමිණෙයි. ඒ සඳහා කියන ලදී. සකමංස ලෝහිතං - යනු තමාගේම පිට මස් ද ලේ ද පරිභෝග කරත්, කති යන යෙදීමයි. අකන්තිකං - යනු කැමති නො වන, මනාප නො වන පිළිකුල් කිස්ස අයං විපාකො - මේ ප්‍රතිඵල කවර පාප කර්මයන්ගේ ද? මේ කොළ විදින්නේ කවර කර්මයන්ගේ විපාක ද?
එවං ථෙරෙන තෙහි කතකම්මෙ පුච්ඡිතෙ කූටවාණිජස්ස භරියා සබ්බෙහි තෙහි කතකම්මං ආචික්ඛන්තී –
මෙසේ තෙරුන් වහන්සේ විසින් කරන ලද කර්මයන් විචාරණ ලදුව කුට වෙළෙන්දා භාර්යාව ද, අනෙක් සියල්ලෝ ද, තමන් විසින් කරන ලද කර්ම කියති.
“අයං පුරෙ මාතරං හිංසති, අයං පන කූටවාණිජො; අයං මංසානි ඛාදිත්වා, මුසාවාදෙන වඤ්චෙති.
මෙතෙම පෙර ආත්ම භාවයේ දී මවට පීඩා කළේය. මෙතෙම වනාහි කූට වෙළෙන්දෙකි. මැය මස් කා බොරු කීමෙන් වඤ්චා කළාය.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා; සන්තෙසු පරිගුහාමි, මා ච කිඤ්චි ඉතො අදං.
මම මිනිස් ලොව ඉපදී සියලු කුලයන් අතර පොහොසත් වූ ගෘහපතිනියක් වීමි. යම් යම් ගෘහ භාණ්ඩ තබාගෙනම සැඟවෙමි. කිසිවකුත් නොදුන්නෙමි.
“මුසාවාදෙන ඡාදෙමි, නත්ථි එතං මම ගෙහෙ; සචෙ සන්තං නිගුහාමි, ගූථො මෙ හොතු භොජනං.
මෙය මාගේ ගෙයි නැතැයි කීමෙන් බොරු කීමෙන් වසාලීම් ද මාගේ ගෙයි තිබියදීම සැඟවූයේ ද මගේ ආහාරය අශූචි වේවා.
“තස්ස කම්මස්ස විපාකෙන, මුසාවාදස්ස චූභයං; සුගන්ධං සාලිනො භත්තං, ගූථං මෙ පරිවත්තති.
ඒ අකුශල කර්මයාගේ ද මුසාවාද අකුසලයේ ද, කර්ම දෙදෙනාගේ විපාකයෙන් සුවඳසැල් හාලේ බත් ද මා හට අසූචි බවට පෙරළෙයි.
“අවඤ්ඣානි ච කම්මානි, න හි කම්මං විනස්සති; දුග්ගන්ධං කිමිනං මීළ්හං, භුඤ්ජාමි ච පිවාමි චා”ති. – ගාථා අභාසි;
68. කුශල කර්මයෝ හිස් නො වෙත්මැයි. කරන ලද කර්මය (විපාක නොදී) නො වැනසේමය. දුගඳ වූ හටගත් පණුවන් ඇති අශුචි මම දැන් අනුභව කරමි. පානය ද කරමි.
තත්ථ අයන්ති පුත්තං දස්සෙන්ති වදති. හිංසතීති ථාමෙන පරිබාධෙති, මුග්ගරෙන පහරතීති අත්ථො. කූටවාණිජොති ඛලවාණිජො, වඤ්චනාය වණිජ්ජකාරකොති අත්ථො . මංසානි ඛාදිත්වාති පරෙහි සාධාරණමංසං ඛාදිත්වා “න ඛාදාමී”ති මුසාවාදෙන තෙ වඤ්චෙති.
එහි, අයං - යන්නෙන් පුතා දැක්වීයයි කියයි. හිංසති - යනු උත්සාහයෙන් පීඩා කරයි. මුගුරෙන් පහර දුන්නේය යන අර්ථයි. කූට වාණිජො - යනු වඤ්චාවෙන් වෙළදාම් කරයි යන අර්ථයි. මංසානි ඛාදිත්වා - යනු අනුන්ට සාධාරණ වූ මස් තමන්ම කා කෑවේ නැතැයි මුසාවාදයෙන් වඤ්චා කළේය.
අගාරිනීති ගෙහසාමිනී. සන්තෙසූති විජ්ජමානෙස්වෙව පරෙහි යාචිතඋපකරණෙසු. පරිගුහාමීති පටිච්ඡාදෙසිං. කාලවිපල්ලාසෙන හෙතං වුත්තං. මා ච කිඤ්චි ඉතො අදන්ති ඉතො මම සන්තකතො කිඤ්චිමත්තම්පි අත්ථිකස්ස පරස්ස න අදාසිං. ඡාදෙමිති “නත්ථි එතං මම ගෙහෙ”ති මුසාවාදෙන ඡාදෙසිං.
අගාරිණී - යනු ගෙයි ස්වාමී දුව - සන්තෙසු යනු අනුන් විසින් ඉල්ලනු ලබන ගෘහෝපකරණ පෙනී පෙනීම, පරිගුය්හාමි - යනු සැඟවීම් කාල විපර්යාසයෙන් මෙය කියන ලදී. මාව කිඤ්චි ඉතො අදං - යනු මා සන්තක වූ කිසිවක් ඉල්ලන්නන්ට හෝ අනුන්ට නොදුන්නෙමි. ඡාදෙමි - යනු මේ ගෙයි නැතැයි බොරු කීවේය.
ගූථං මෙ පරිවත්තතීති සුගන්ධං සාලිභත්තං මය්හං කම්මවසෙන ගූථභාවෙන පරිවත්තති පරිණමති. අවඤ්ඣානීති අමොඝානි අනිප්ඵලානි. න හි කම්මං විනස්සතීති යථූපචිතං කම්මං ඵලං අදත්වා න හි විනස්සති. කිමිනන්ති කිමිවන්තං සඤ්ජාතකිමිකුලං. මීළ්හන්ති ගූථං. සෙසං හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙව.
ගුථංමෙ පරිවත්තන්ති - යනු සුවඳ හැල් සාලේ බත් ද, මගේ කර්ම විපාකයෙන් අසූචි බවට පරිවර්තනය වේ. පෙරළේ. අවඤ්ඣා යනු හිස් නොවන්නේය. ප්‍රතිඵල රහිතය. නහි කම්මං විනස්සති - යනු හේතු සහිත වූ කර්ම ඵල විපාක නොදී විනාශ නො වන්නේය. කිමිජං යනු පණුවන් උපන්, පණුවන් හටගත් කෘමි කුල, මීළහං - යනු අසූචි, සෙස්ස යට සදහන් කරන ලද සත්ත්වයන් පිළිබඳව කී ආකාරය මැයි.
එවං ථෙරො තස්සා පෙතියා වචනං සුත්වා තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ තෙරුන් වහන්සේ ඒ ප්‍රේතියගේ වචන අසා ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. ඒ අර්ථෝත්පත්ති කොටගෙන භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දේසනා මහා ජනයාට ඵලදායී වූයේය.
භුසපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
භූසප්රේත වස්තුව නිමියේය.