යෙදුමෙන් කියවන්න

5. කුමාරපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

5. කුමාරපෙතවත්‍ථුවණ‍්ණනා

5. කුමාර ප්‍රෙතවස්තු වර්ණනාව

අච‍්ඡෙරරූපං සුගතස‍්ස ඤාණන‍්ති ඉදං කුමාරපෙතවත්‍ථු. තස‍්ස කා උප‍්පත‍්ති? සාවත්‍ථියං කිර බහූ උපාසකා ධම‍්මගණා හුත්‍වා නගරෙ මහන‍්තං මණ‍්ඩපං කාරෙත්‍වා තං නානාවණ‍්ණෙහි වත්‍ථෙහි අලඞ‍්කරිත්‍වා කාලස‍්සෙව සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච නිමන‍්තෙත්‍වා මහාරහවරපච‍්චත්‍ථරණත්‍ථතෙසු ආසනෙසු බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිසීදාපෙත්‍වා ගන්‍ධපුප‍්ඵාදීහි පූජෙත්‍වා මහාදානං පවත‍්තෙන‍්ති. තං දිස‍්වා අඤ‍්ඤතරො මච‍්ඡෙරමලපරියුට‍්ඨිතචිත‍්තො පුරිසො තං සක‍්කාරං අසහමානො එවමාහ – “වරමෙතං සබ‍්බං සඞ‍්කාරකූටෙ ඡඩ‍්ඩිතං, න ත්‍වෙව ඉමෙසං මුණ‍්ඩකානං දින‍්න”න‍්ති. තං සුත්‍වා උපාසකා සංවිග‍්ගමානසා “භාරියං වත ඉමිනා පුරිසෙන පාපං පසුතං, යෙන එවං බුද‍්ධප‍්පමුඛෙ භික‍්ඛුසඞ‍්ඝෙ අපරද‍්ධ”න‍්ති තමත්‍ථං තස‍්ස මාතුයා ආරොචෙත්‍වා “ගච‍්ඡ, ත්‍වං සසාවකසඞ‍්ඝං භගවන‍්තං ඛමාපෙහී”ති ආහංසු. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා පුත‍්තං සන‍්තජ‍්ජෙන‍්තී සඤ‍්ඤාපෙත්‍වා භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච උපසඞ‍්කමිත්‍වා පුත‍්තෙන කතඅච‍්චයං දෙසෙන‍්තී ඛමාපෙත්‍වා භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සත‍්තාහං යාගුදානෙන පූජං අකාසි. තස‍්සා පුත‍්තො නචිරස‍්සෙව කාලං කත්‍වා කිලිට‍්ඨකම‍්මූපජීවිනියා ගණිකාය කුච‍්ඡියං නිබ‍්බත‍්ති. සා ච නං ජාතමත‍්තංයෙව “දාරකො”ති ඤත්‍වා සුසානෙ ඡඩ‍්ඩාපෙසි. සො තත්‍ථ අත‍්තනො පුඤ‍්ඤබලෙනෙව ගහිතාරක‍්ඛො කෙනචි අනුපද‍්දුතො මාතු-අඞ‍්කෙ විය සුඛං සුපි. දෙවතා තස‍්ස ආරක‍්ඛං ගණ‍්හිංසූති ච වදන‍්ති.

“අච්ඡෙර රූපං සුගතස්ස ඤාණං” යනු කුමාර ප්‍රේත වස්තුවයි, එය කවරෙකු නිසා උපන්නේ ද? සැවැත් නුවර බොහෝ උපාසකයෝ දහම්හි හැසිරෙන්නන්ව නගරයෙහි මහත් මණ්ඩපයක් කරවා විවිධ පැහැයන්ගෙන් යුත් රෙදිවලින් අලංකාර කරවා කල් ඇතිවම බුදුරජාණන් වහන්සේට හා භික්ෂු සංඝයාට ආරාධනා කොට, මහා වටිනා පසතුරුණු අතුරා පිළියෙළ කළ අසුන්වල බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩා හිඳුවා සුවද මල් ආදියෙන් පුදා මහා දන් පවත්වති. ඒ දැක එක්තරා මසුරු මළයෙන් නැගී සිටින ලද සිත් ඇති එක් පුරුෂයෙක්, ඒ සත්කාර නො ඉවසන්නේ මෙසේ කීහ. මේ සියල්ල කසල ගොඩේ දැමුවේ නම් යහපත්ය. මේ හිස මුඩු මහණුන්ට දීම යහපත් නොවේ” යයි කීයේය. උපාසකවරු එය අසා කළකිරුණු සිත් ඇතිව, යම් හෙයකින් මේ පුරුෂයා විසින් බුද්ධ ප්‍රමුඛ මහා සඞ්ඝයා කෙරෙහි අපරාධයක් කොට, පාපයෙහි නියුක්ත වූයේ යයි, ඒ බව ඔහුගේ මවට දන්වා, “යව ශ්‍රාවක සඞ්ඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ ක්ෂමා කරවා ගන්නැයි කීහ. ඕ තොමෝ මැනවැයි පිළිගෙන පුත්‍රයා තැතිගන්වමින් වැරැද්ද හඟවා භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා වෙත එළඹ පුත්‍රයා විසින් කරන ලද වරද කියමින් ක්ෂමා කරවාගෙන භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට සත් දිනක් කැඳ දානයක් පූජා කළේය. ඇගේ පුත්‍රයා වැඩි කල් නොගොස්ම කළුරිය කොට, අපවිත්‍ර වූ ක්‍රියාවන්ගෙන් ජීවිතය රක්නා වෛශ්‍යාවකගේ කුසෙහි උපන්නේය. ඕ තොමෝ ද ඔහු උපන් කෙණෙහිම පිරිමි දරුවකු යයි දැන සොහොනෙහි දැම්මවීය. හෙතෙම තමන්ගේ කුසල ශක්තියෙන් ගන්නා ලද ආරක්ෂාව ඇත්තේ කිසිදු උවදුරකින් තොරව මවගේ ඇකයෙහි මෙන්ම සුවසේ නිදා ගත්තේය. දෙවියෝ ඔහුට අරක් ගත්තහු යයි කියති.

අථ භගවා පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො තං දාරකං සිවථිකාය ඡඩ‍්ඩිතං දිස‍්වා සූරියුග‍්ගමනවෙලාය සිවථිකං අගමාසි. “සත්‍ථා ඉධාගතො, කාරණෙනෙත්‍ථ භවිතබ‍්බ”න‍්ති මහාජනො සන‍්නිපති. භගවා සන‍්නිපතිතපරිසාය “නායං දාරකො ඔඤ‍්ඤාතබ‍්බො, යදිපි ඉදානි සුසානෙ ඡඩ‍්ඩිතො අනාථො ඨිතො, ආයතිං පන දිට‍්ඨෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්ච උළාරසම‍්පත‍්තිං පටිලභිස‍්සතී”ති වත්‍වා තෙහි මනුස‍්සෙහි “කිං නු ඛො, භන‍්තෙ, ඉමිනා පුරිමජාතියං කතං කම‍්ම”න‍්ති පුට‍්ඨො –

එකල්හි භාග්‍යවතුන් වහන්සේ අළුයම් කාලයෙහි කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදු ඇසින් ලොව බලා වදාරන්නේ, සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවන වේලාවෙහි සොහොනට වැඩම කළේය. ශාස්තෲන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කාරණයක් සඳහාම විය යුතුයයි සිතු මහා ජනයා ද එහි රැස්වූහ. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ “මේ දරුවා ළාමක කෙනෙකැයි නො සිතිය යුතුය. යම්කිසි හෙයකින් දැන් සොහොන් බිම හැර දමන ලදුව අසරණව අනාථව සිටියි, මතු කාලයෙහි වනාහි මේ අත්බැව්හි ද, පරලොව අත්බැව්හි ද මහත් සම්පත් ලබන්නේ යයි වදාරා, රැස්ව සිටි මිනිසුන් විසින්, කුමක් ද ස්වාමීනි මේ ළදරුවා විසින් පෙර ජාතියේ කරන ලද කර්මය කවරේදැයි විචාරන ලදුව,

“බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස, පූජං අකාසි ජනතා උළාරං; තත්‍රස‍්ස චිත‍්තස‍්සහු අඤ‍්ඤථත‍්තං, වාචං අභාසි ඵරුසං අසබ‍්භ”න‍්ති. –

(සැවැත් නුවර) ජනයා විසින් බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහත් වූ පූජාවක් කළේය. එහිදී මේ ළමයාගේ සිතට අනාදරයක් අගෞරවයක් අන්‍යථාත්වයක් ඇති වී ඵරුස වූ අසභ්‍ය වූ වචන කීයේය.

ආදිනා නයෙන දාරකෙන කතකම‍්මං ආයතිං පත‍්තබ‍්බං සම‍්පත‍්තිඤ‍්ච පකාසෙත්‍වා සන‍්නිපතිතාය පරිසාය අජ‍්ඣාසයානුරූපං ධම‍්මං කථෙත්‍වා උපරි සාමුක‍්කංසිකං ධම‍්මදෙසනං අකාසි. සච‍්චපරියොසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, තඤ‍්ච දාරකං අසීතිකොටිවිභවො එකො කුටුම‍්බිකො භගවතො සම‍්මුඛාව “මය‍්හං පුත‍්තො”ති අග‍්ගහෙසි. භගවා “එත‍්තකෙන අයං දාරකො රක‍්ඛිතො, මහාජනස‍්ස ච අනුග‍්ගහො කතො”ති විහාරං අගමාසි.

ආදී වශයෙන් ඒ දරුවා විසින් කරන ලද කර්මය, අනාගත කාලයෙහි පැමිණිය යුතු සැප සම්පත් ද ප්‍රකාශකොට රැස් වූ පිරිසෙහි අදහස්වලට අනුරූප වූ ධර්මයක් කියා, මත්තෙහි චතුරාර්ය සත්‍යය ගැබ් වූ සාමුක්කංසික ධර්ම දේශනාවක් කෙළේය. සිව්සස් දේශනාවගේ කෙළවර අසූහාර දහසකට ධර්මය අවබෝධ වූයේය. අනතුරුව අසූකෙළක් ධනය ඇත්තා වූ එක් කෙළඹියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ දී ම ඒ දරුවා මගේ පුතා යයි භාර ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ මෙපමණකින් මේ දරුවා රක්නා ලද්දේය. මහා ජනයාට අනුග්‍රහ කරන ලද්දේ යයි සිතා විහාරයට වැඩමවීය.

සො අපරෙන සමයෙන තස‍්මිං කුටුම‍්බිකෙ කාලකතෙ තෙන නිය්‍යාදිතං ධනං පටිපජ‍්ජිත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙන‍්තො තස‍්මිං නගරෙයෙව මහාවිභවො ගහපති හුත්‍වා දානාදිනිරතො අහොසි. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “අහො නූන සත්‍ථා සත‍්තෙසු අනුකම‍්පකො, සොපි නාම දාරකො තදා අනාථො ඨිතො එතරහි මහතිං සම‍්පත‍්තිං පච‍්චනුභවති, උළාරානි ච පුඤ‍්ඤානි කරොතී”ති. තං සුත්‍වා සත්‍ථා “න, භික‍්ඛවෙ, තස‍්ස එත‍්තකාව සම‍්පත‍්ති, අථ ඛො ආයුපරියොසානෙ තාවතිංසභවනෙ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තිස‍්සති, මහතිං දිබ‍්බසම‍්පත‍්තිඤ‍්ච පටිලභිස‍්සතී”ති බ්‍යාකාසි. තං සුත්‍වා භික‍්ඛූ ච මහාජනො ච “ඉදං කිර කාරණං දිස‍්වා දීඝදස‍්සී භගවා ජාතමත‍්තස‍්සෙවස‍්ස ආමකසුසානෙ ඡඩ‍්ඩිතස‍්ස තත්‍ථ ගන‍්ත්‍වා සඞ‍්ගහං අකාසී”ති සත්‍ථු ඤාණවිසෙසං ථොමෙත්‍වා තස‍්මිං අත‍්තභාවෙ තස‍්ස පවත‍්තිං කථෙසුං. තමත්‍ථං දීපෙන‍්තා සඞ‍්ගීතිකාරා –

හෙතෙම මෑත කාලයෙහි, ඒ කෙළෙඹියා කළුරිය කළ කල්හි, ඔහු විසින් උරුම කරන ලද ධනය පිළිපදිමින් කුල පරම්පරාව පිහිටුවමින්, එම නගරයෙහි මහත් සම්පත් ඇති ගෘහපතියකු වී දානාදී කුසල කර්මයන්හි නියුක්ත වූයේය. ඉක්බිතිව එක් දවසක් භික්ෂු සඞ්ඝයා දම් සභාවෙහි රැස්වී (මේ පිළිබඳ) කථාවක් ඉපිදවූහ. ආශ්චර්යයකි, ශාස්තෲන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්ත්වයන් කෙරෙහි අනුකම්පා ඇත්තේය. අද මහත් සැප සම්පත් අනුභව කරන, උදාර ලෙස මහත් වූ පින්කම් කරන මේ දරුවා (පුද්ගලයා) එදා අනාථව සොහොන් බිම සිටියේය. ඒ අසා ශාස්තෲන් වහන්සේ මහණෙනි! මෙහුගේ සම්පත් මෙපමණක්ම නොවේ. මොහුගේ ආයුකෙළවර තව්තිසා දෙව්ලොව සක් දෙවිරජුගේ පුත්‍රයා වී උපදින්නේය. මහත් වූ දිව සැපත් ද ලබන්නේ යයි ප්‍රකාශ කළහ. ඒ අසා භික්ෂූන් ද මහජනයා ද මේ කාරණය දැක උපන් ඇසිල්ලේ අමු සොහොනේ දමන ලද එකුමරුට එහි වැඩමවා සංග්‍රහ කළසේකැයි කියා ශාස්තෲන් වහන්සේගේ ඤාණ විෂයට ස්තුති කොට ඒ ආත්මයේ ඔහුගේ ප්‍රවෘත්තිය කථා කළාහුය. ඒ කාරණය ප්‍රකාශ කරන සංගීති කාරකයෝ මේ ගාථා සය කීහ.

“අච‍්ඡෙරරූපං සුගතස‍්ස ඤාණං, සත්‍ථා යථා පුග‍්ගලං බ්‍යාකාසි; උස‍්සන‍්නපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ, පරිත‍්තපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ.

ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයා ප්‍රකාශ කළ සේක් ද, සර්වඥයන් වහන්සේගේ සර්වඥතාඥාන ආශ්චර්යමත් වන්නේය. උත්සන්න කුසල ධර්ම ඇත්තා වූ සමහර පුද්ගලයෝ (උපතේදී) නිහීන වෙතී. ඉතා සුළු පින් ඇති සමහරු උසස්ව උපදිත්.

“අයං කුමාරො සීවථිකාය ඡඩ‍්ඩිතො, අඞ‍්ගුට‍්ඨස‍්නෙහෙන යාපෙති රත‍්තිං; න යක‍්ඛභූතා න සරීසපා වා, විහෙඨයෙය්‍යුං කතපුඤ‍්ඤං කුමාරං.

අමු සොහොනට විසි කරන ලද මේ කුමාරයා ඇඟිල්ල උරමින් රාත්‍රියේ යැපිණ. කරන ලද පින් ඇති ළදරුවා යක්ෂ භූතයෝ ද නො පෙළුහ. සර්ප ජාතීහු ද හිංසා නො කළහ.

“සුනඛාපිමස‍්ස පලිහිංසු පාදෙ, ධඞ‍්කා සිඞ‍්ගාලා පරිවත‍්තයන‍්ති; ගබ‍්භාසයං පක‍්ඛිගණා හරන‍්ති, කාකා පන අක‍්ඛිමලං හරන‍්ති.

සුනඛයෝ ද, මේ කුමරුගේ පාදයන් පිරිමැද්දාහ. කවුඩෝ ද හිවල්ලු ද පෙරලූහ. පක්ෂි සමුහයා ගැබ්මල පහ කරත්. කවුඩෝ වනාහි ඇස්මල පහකරත්,

“නයිමස‍්ස රක‍්ඛං විදහිංසු කෙචි, න ඔසධං සාසපධූපනං වා; නක‍්ඛත‍්තයොගම‍්පි න අග‍්ගහෙසුං, න සබ‍්බධඤ‍්ඤානිපි ආකිරිංසු.

කිසිම මිනිසෙක් මේ ළදරුවා රැකීම නො කළහ. බෙහෙත් හෝ අබ දුම් ඇල්ලීම හෝ නො කළහ. නැකැත් යෝග ද නොගත්තහ. හාල් ආදී ධාන්‍ය වර්ග නො විසුරුවාහුය.

“එතාදිසං උත‍්තමකිච‍්ඡපත‍්තං, රත‍්තාභතං සීවථිකාය ඡඩ‍්ඩිතං; නොනීතපිණ‍්ඩංව පවෙධමානං, සසංසයං ජීවිතසාවසෙසං.

රාත්‍රියෙහි ගෙනැවිත් අමුසොහොනෙහි දමාගිය ඉතාම දුප්පත් වූ වෙඬරු පිඬක් බදු වූ වෙවුලන්නා වූ, ජීවත්වේදෝ නොවේදෝ සැක සහිත වූ, ළදරුවා

“තමද‍්දසා දෙවමනුස‍්සපූජිතො, දිස‍්වා ච තං බ්‍යාකරි භූරිපඤ‍්ඤො; ‘අයං කුමාරො නගරස‍්සිමස‍්ස, අග‍්ගකුලිකො භවිස‍්සති භොගතො ච’.

දෙව් මිනිසුන් විසින් පුද දෙන මහා ප්‍රාඥ වූ තථාගතයන් වහන්සේම දුටු සේක ඔහු දැකම මේ ළදරුවා මේ නගරයේම උසස් කුලීනයෙක් ද සම්පත් හිමි ස්වාමියෙක් ද වන්නේයයි ප්‍රකාශ කළ සේක.

“කිස‍්ස වතං කිං පන බ්‍රහ‍්මචරියං, කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො; එතාදිසං බ්‍යසනං පාපුණිත්‍වා, තං තාදිසං පච‍්චනුභොස‍්සතිද‍්ධි”න‍්ති. –

මේ අයගේ ව්‍රත සමාදානය කවරේ ද? බ්‍රහ්මචර්යාව කුමක් වීද? මනාව පුරුදු කරන ලද කෙබදු වූ ශ්‍රේෂ්ඨ චර්යාවක් නිසා මේ විපාක ලැබී ද? එබඳු වූ විපතට පැමිණ මෙබදු වූ සැප සම්පත් ද දිව සැපත් ද මතුයෙහි විඳින්නේ

ඡ ගාථා අවොචුං.

තත්‍ථ අච‍්ඡෙරරූපන‍්ති අච‍්ඡරියසභාවං. සුගතස‍්ස ඤාණන‍්ති අඤ‍්ඤෙහි අසාධාරණං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඤාණං, ආසයානුසයඤාණාදිසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමෙව සන්‍ධාය වුත‍්තං. තයිදං අඤ‍්ඤෙසං අවිසයභූතං කථං ඤාණන‍්ති ආහ “සත්‍ථා යථා පුග‍්ගලං බ්‍යාකාසී”ති. තෙන සත්‍ථු දෙසනාය එව ඤාණස‍්ස අච‍්ඡරියභාවො විඤ‍්ඤායතීති දස‍්සෙති.

එහි අච්ඡෙර රූපං - යනු ආශ්චර්ය ස්වභාවයයි. (පුදුම සහගත පැවැත්මයි) සුගතස්ස ඤාණං - යනු අන්‍යයන්ට අසාධාරණ වූ (නො පිහිටන්නා වූ) සම්මා සම්බුද්ධ ඤාණය, ආසයානුසය ඤාණය ආදී සර්වඥතාඥානය සඳහාම කියන ලදී. එය ද අන්‍යයන්ට අවිෂය වූ මේ ඤාණයෝ කෙසේ වූයේ ද? සත්‍ථා යථා පුග්ගලං ඛ්‍යාකාසි - යනු ශාස්තෲන් වහන්සේගේ දේශනාවන්ගෙන් මේ ඤාණයන්ගේ ආශ්චර්යභාවය දැනගත හැකි වන්නේය. දක්වන්නේය.

ඉදානි බ්‍යාකරණං දස‍්සෙන‍්තො “උස‍්සන‍්නපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ, පරිත‍්තපුඤ‍්ඤාපි භවන‍්ති හෙකෙ”ති ආහ. තස‍්සත්‍ථො – උස‍්සන‍්නකුසලධම‍්මාපි ඉධෙකච‍්චෙ පුග‍්ගලා ලද‍්ධපච‍්චයස‍්ස අපුඤ‍්ඤස‍්ස වසෙන ජාතිආදිනා නිහීනා භවන‍්ති, පරිත‍්තපුඤ‍්ඤාපි අප‍්පතරපුඤ‍්ඤධම‍්මාපි එකෙ සත‍්තා ඛෙත‍්තසම‍්පත‍්තිආදිනා තස‍්ස පුඤ‍්ඤස‍්ස මහාජුතිකතාය උළාරා භවන‍්තීති.

දැන් එහි ව්‍යාකරණ දක්වන්නේ උස්සන්න පුඤ්ඤාපි භවන්ති හෙකෙ පරිත්ත පඤ්ඤාපි භවන්ති හෙකෙ - යනාදිය කීයේය. එහි අර්ථය, ශක්ති සම්පන්න කුශල කර්මයෝ පෙරදැරි වූ කල්හි ද සමහර පුද්ගලයෝ ලබන ලද හේතු ඇති එබදු කුශලයාගේ වශයෙන් ජාති ආදියෙන් නිහීනව උත්පත්ති වශයෙන් නිහීනව උපදිති. ඉතා අල්ප වූ ද කුශලධර්ම ඇති සමහර සත්ත්වයෝ ක්ෂේත්‍ර සම්පත් ආදී හේතුවෙන්, ඒ පින් මහත් ආලෝක ඇති බැවින් උදාර ලෙස උපදිත්

සීවථිකායාති සුසානෙ. අඞ‍්ගුට‍්ඨස‍්නෙහෙනාති අඞ‍්ගුට‍්ඨතො පවත‍්තස‍්නෙහෙන, දෙවතාය අඞ‍්ගුට‍්ඨතො පග‍්ඝරිතඛීරෙනාති අත්‍ථො. න යක‍්ඛභූතා න සරීසපා වාති පිසාචභූතා වා යක‍්ඛභූතා වා සරීසපා වා යෙ කෙචි සරන‍්තා ගච‍්ඡන‍්තා වා න විහෙඨයෙය්‍යුං න බාධෙය්‍යුං.

සීවථිකාය - යනු සොහොන් බිමෙහි, අඞ්ගුට්ඨස්නෙභෙනා - යනු ඇඟිල්ලෙන් දක්වන ලද ස්නේහයෙන්, දෙවියන් විසින් ඇඟිලිවලින් වත්කරන ලද කිරිවලින් යන අර්ථයි. න යක්‍ඛ භූතා න සිරිංසපා - යනු පිශාචාදීන්ගෙන් ද, යක්ෂ ආදීන්ගෙන් ද බඩ ගා යන සර්ප ජාතීන්ගෙන් ද, වෙනත් යන එන්නා වූ ද හැසිරෙන්නා වූ ද කිසිවෙකුගෙන්, න විහෙඨයෙය්‍යුං - යනු කිසි බාධාවක් නොවීය.

පලිහිංසු පාදෙති අත‍්තනො ජිව‍්හාය පාදෙ ලිහිසුං. ධඞ‍්කාති කාකා. පරිවත‍්තයන‍්තීති “මා නං කුමාරං කෙචි විහෙඨෙය්‍යු”න‍්ති රක‍්ඛන‍්තා නිරොගභාවජානනත්‍ථං අපරාපරං පරිවත‍්තන‍්ති. ගබ‍්භාසයන‍්ති ගබ‍්භමලං. පක‍්ඛිගණාති ගිජ‍්ඣකුලලාදයො සකුණගණා. හරන‍්තීති අපනෙන‍්ති. අක‍්ඛිමලන‍්ති අක‍්ඛිගූථං.

පලිහිංසු පාදෙ - යනු (සුනඛයෝ) තමන්ගේ දිවෙන් ළදරුවාගේ පාදයෝ ලෙව කෑවාහුය. ධඞ්කා - යනු කවුඩෝ සිගාලා පරිවත්තයන්ති - යනු මේ කුමාරයාට කිසිදු විපත්තියක් නැතිව ආරක්ෂා කරන්නෝ සිවල්ලු ජීවත්ව නිරෝගීව ඇති බව දැනගනු පිණිස එහා මෙහා පෙරළත්, ගබ්භායං - යනු ගැබ්මල, පක්‍ඛිගණා - ගිජු ලිහිණි උකුසු ආදී පක්ෂී සමූහයා - භරන්ති - යනු පහකරති, අක්‍ඛිමලං යනු ඇස්වල කබ,

කෙචීති කෙචි මනුස‍්සා, අමනුස‍්සා පන රක‍්ඛං සංවිදහිංසු. ඔසධන‍්ති තදා ආයතිඤ‍්ච ආරොග්‍යාවහං අගදං. සාසපධූපනං වාති යං ජාතස‍්ස දාරකස‍්ස රක‍්ඛණත්‍ථං සාසපෙන ධූපනං කරොන‍්ති, තම‍්පි තස‍්ස කරොන‍්තා නාහෙසුන‍්ති දීපෙන‍්ති. නක‍්ඛත‍්තයොගම‍්පි න අග‍්ගහෙසුන‍්ති නක‍්ඛත‍්තයුත‍්තම‍්පි න ගණ‍්හිංසු. “අසුකම‍්හි නක‍්ඛත‍්තෙ තිථිම‍්හි මුහුත‍්තෙ අයං ජාතො”ති එවං ජාතකම‍්මම‍්පිස‍්ස න කෙචි අකංසූති අත්‍ථො. න සබ‍්බධඤ‍්ඤානිපි ආකිරිංසූති මඞ‍්ගලං කරොන‍්තා අගදවසෙන යං සාසපතෙලමිස‍්සිතං සාලිආදිධඤ‍්ඤං ආකිරන‍්ති, තම‍්පිස‍්ස නාකංසූති අත්‍ථො.

කෙචී යනු සමහර මිනිස්සු හා අමනුෂ්‍යයෝ වනාහි ආරක්ෂාව සංවිධානය කළහ. ඔසධං - යනු ඒ අවස්ථාවේ හා මතු ජීවිතයේ ද නිරෝගීභාවය සඳහා බෙහෙත්, ඖෂධ සාසපධූපනං ව - යනු යම් දරුවෙකු උපන් කල්හි දරුවාගේ ආරක්ෂාව සඳහා අබවලින් දුම් ඇල්ලීම කරයි ද එය ද මේ දරුවාට කළ කෙනෙක් නොවූහ. නක්‍ඛත්ත යොගම්පි න අග්ගහෙසු යනු උපන් වේලාව බැලීමක් ද නොගත්හ අසවල් රාශියේ, අසවල් නැකතේ, අසවල් තිථියේ, මේ මොහොතේ මෙතෙම උපන්නේ යයි මෙසේ ජාතකර්මයකුත් මේ ළදරුවාට නොකළේය යන අර්ථයි. න සබ්බ ධඤ්ඤා නිපි ආකිරිංසු - යනු උපන් දරුවා පිළිබඳව මඞ්ගල විධි කරන්නේ අබ තෙල් මිශ්‍රකර හාල් ආදී ධාන්‍ය වර්ග විසුරුවද්ද එවැන්නක් ද මේ දරුවා වෙනුවෙන් නොකළේය යන අර්ථයි.

එතාදිසන‍්ති එවරූපං . උත‍්තමකිච‍්ඡපත‍්තන‍්ති පරමකිච‍්ඡං ආපන‍්නං අතිවිය දුක‍්ඛප‍්පත‍්තං. රත‍්තාභතන‍්ති රත‍්තියං ආභතං. නොනීතපිණ‍්ඩං වියාති නවනීතපිණ‍්ඩසදිසං, මංසපෙසිමත‍්තතා එවං වුත‍්තං. පවෙධමානන‍්ති දුබ‍්බලභාවෙන පකම‍්පමානං. සසංසයන‍්ති “ජීවති නු ඛො න නු ඛො ජීවතී”ති සංසයිතතාය සංසයවන‍්තං. ජීවිතසාවසෙසන‍්ති ජීවිතට‍්ඨිතියා හෙතුභූතානං සාධනානං අභාවෙන කෙවලං ජීවිතමත‍්තාවසෙසකං.

එතාදිසං යනු මෙබඳු වූ, උත්තම කිච්ඡ පත්තං - යනු අවශ්‍යයෙන්ම කළ යුතු කිසිවක් සිදු නොවූ බැවින් අතිශයින් දුකට පත්, රත්තානහතං - යනු රාත්‍රියෙහි ගෙනැවිත් දැමූ බැවින්, නොනීත පිණ්ඩංවිය - යනු වෙඬරු පිඬක් හා සමාන වූ, මස් වැදැල්ලක් පමණක් යයි කියන ලදී. පචෙධමානං යනු දුබල බැවින් කම්පා වන්නා වූ සසංසයං - යනු ජීවත් වේ ද? ජීවත් නොවේ ද? සැකසහිත වූ, ජීවිතාවසෙසං - යනු ජීවත් වීමට හේතු වන සාධක කරුණු කිසිවක් නැති හුදෙක් ප්‍රාණය පමණක්ම ඉතිරි වූ,

අග‍්ගකුලිකො භවිස‍්සති භොගතො චාති භොගනිමිත‍්තං භොගස‍්ස වසෙන අග‍්ගකුලිකො සෙට‍්ඨකුලිකො භවිස‍්සතීති අත්‍ථො.

අග්ගකුලි කො භවිස්සති භොගතො - යනු සම්පත් ඇත්තා වූ ද, සම්පත් ලබන්නා වූ ද අග්‍ර වූ කෙළඹියෙක් ද අග්‍ර වූ කුලිකයෙක් ද වන්නේය යන අර්ථයි.

“කිස‍්ස වත”න‍්ති අයං ගාථා සත්‍ථු සන‍්තිකෙ ඨිතෙහි උපාසකෙහි තෙන කතකම‍්මස‍්ස පුච‍්ඡාවසෙන වුත‍්තා. සා ච ඛො සිවථිකාය සන‍්නිපතිතෙහීති වෙදිතබ‍්බා. තත්‍ථ කිස‍්සාති කිං අස‍්ස. වතන‍්ති වතසමාදානං. පුන කිස‍්සාති කීදිසස‍්ස සුචිණ‍්ණස‍්ස වතස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස චාති විභත‍්තිං විපරිණාමෙත්‍වා යොජනා. එතාදිසන‍්ති ගණිකාය කුච‍්ඡියා නිබ‍්බත‍්තනං, සුසානෙ ඡඩ‍්ඩනන‍්ති එවරූපං. බ්‍යසනන‍්ති අනත්‍ථං. තාදිසන‍්ති තථාරූපං, “අඞ‍්ගුට‍්ඨස‍්නෙහෙන යාපෙති රත‍්ති”න‍්තිආදිනා, “අයං කුමාරො නගරස‍්සිමස‍්ස අග‍්ගකුලිකො භවිස‍්සතී”තිආදිනා ච වුත‍්තප‍්පකාරන‍්ති අත්‍ථො. ඉද‍්ධින‍්ති දෙවිද‍්ධිං, දිබ‍්බසම‍්පත‍්තින‍්ති වුත‍්තං හොති.

කිස්ස වතං - යනු මේ ගාථා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටි උපාසකයන් විසින්, ඔහු විසින් කරන ලද කර්මය විමසීම් වශයෙන් කියන ලදී. අමු සොහොනෙහි රැස්ව සිටි අයගේ දැනගැනීම පිණිස, කිස්සා - කුමක් ද මොහුගේ වතං යනු ව්‍රත සමාදානය, නැවත කිස්සා - යනු මොහුගේ පුරණ ලද වත සමාදානය, බඹසර හැසිරීම, එසේ යමක් කර ඇත්තේදැයි විමසීමය. එතාදිසං - යනු මෙබඳු ගණිකාවගේ කුසෙහි ඉපිද මෙබඳු වූ අමුසොහොනෙහි හැර දමන ලද ඛ්‍යාසනං - යනු අනර්ථය, තථාරූපං යනු මෙසේ වූ මෙබඳු වූ අඞ්ගුට්ඨස්නෙභෙනි යාපෙති රත්තින්ති දෙවියන් තුළ ඇති වූ ස්නේහය නිසා ඇඟිලිවලින් කිරි එරෙන්නට පටන්ගත්හ - ආදියෙන් අයඞ්කුමාරො නගරස්සිමස්ස අග්ග කුලීනො භවිස්සතීති ආදී කියන ලද ප්‍රකාරයෙන්ම අර්ථ වේ. ඉද්ධිං - යනු දිව්‍ය සෘද්ධි, දිව්‍ය සම්පත් කියන ලද්දේමය.

ඉදානි තෙහි උපාසකෙහි පුට‍්ඨො භගවා යථා තදා බ්‍යාකාසි, තං දස‍්සෙන‍්තා සඞ‍්ගීතිකාරා –

දැන් මෙසේ ඒ උපාසකයන් විසින් විචාරණ ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ දෙන ලද පිළිතුරු සංගීති කාරකයෝ ගාථා සතරකින් මෙසේ දැක්වූහ.

“බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස, පූජං අකාසි ජනතා උළාරං; තත්‍රස‍්ස චිත‍්තස‍්සහු අඤ‍්ඤථත‍්තං, වාචං අභාසි ඵරුසං අසබ‍්භං.

ජනසමූහයා බුදුන් පෙරදැරිකරගත් භික්ෂු සංඝයාට මහත් පූජාවක් කළේය. එහිදී මොහුගේ සිතට අගෞරව අදහසක් ඉපදිණි. අසත්‍ය වූ නොකිය යුතු වූ රළු වචනයක් කීය.

“සො තං විතක‍්කං පවිනොදයිත්‍වා, පීතිං පසාදං පටිලද‍්ධා පච‍්ඡා; තථාගතං ජෙතවනෙ වසන‍්තං, යාගුයා උපට‍්ඨාසි සත‍්තරත‍්තං.

පසුව ඒ ළාමක විතර්කය පහකොට ප්‍රීතිය ද පැහැදීම ද ලැබ ජේතවනාරාමයේ වැඩ සිටි තථාගතයන්ට සත් දිනක් කැඳ දානයක් දුනි. ඒ මඟින් උවැටන් කළේය.

“තස‍්ස වතං තං පන බ්‍රහ‍්මචරියං, තස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො; එතාදිසං බ්‍යසනං පාපුණිත්‍වා, තං තාදිසං පච‍්චනුභොස‍්සතිද‍්ධිං.

මොහුගේ ව්‍රත සමාදානය ද, ශ්‍රේෂ්ඨ චර්යාව ද එය වේ. මනා සේ කරන ලද ඒ කර්මයාගේ විපාකය මෙසේ වන්නේය.

“ඨත්‍වාන සො වස‍්සසතං ඉධෙව, සබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතො; කායස‍්ස භෙදා අභිසම‍්පරායං, සහබ්‍යතං ගච‍්ඡති වාසවස‍්සා”ති. –

ඒ කුමාරයා මේ මිනිස් ලොව වසර සියයක් මුළුල්ලෙහි සියලු කාම සම්පත්තීන් විඳ, මරණයෙන් පසු පුනර්භවයෙහි ශක්‍රයාගේ සහභාවයට යන්නේය.

චතස‍්සො ගාථා අවොචුං.

තත්‍ථ ජනතාති ජනසමූහො, උපාසකගණොති අධිප‍්පායො. තත්‍රාති තස‍්සං පූජායං. අස‍්සාති තස‍්ස දාරකස‍්ස. චිත‍්තස‍්සහු අඤ‍්ඤථත‍්තන‍්ති පුරිමභවස‍්මිං චිත‍්තස‍්ස අඤ‍්ඤථාභාවො අනාදරො අගාරවො අපච‍්චයො අහොසි. අසබ‍්භන‍්ති සාධුසභාය සාවෙතුං අයුත‍්තං ඵරුසං වාචං අභාසි.

එහි ජනතා - යනු ජන සමූහයා උපාසක සමුහයා යන අදහසයි. නත්‍රා යනු ඒ පූජාවන්ගේ, අස්සා - යනු මේ දරුවාට, චිත්තස්ස අහු අඤ්ඤථත්ත යනු පෙර භවයෙහි සිතේ අන්‍යථාභාවයක්, අනාදරයක්, අගෞරවයක්, හේතු රහිත බවක් වූයේය. අඝබ්හං - යනු සත්පුරුෂ බවට ශ්‍රැත්‍ර වූ අයුතු වූ ඵරුෂ වචනයක් කීයේය.

සොති සො අයං. තං විතක‍්කන‍්ති තං පාපකං විතක‍්කං. පවිනොදයිත්‍වාති මාතරා කතාය සඤ‍්ඤත‍්තියා වූපසමෙත්‍වා. පීතිං පසාදං පටිලද‍්ධාති පීතිං පසාදඤ‍්ච පටිලභිත්‍වා උප‍්පාදෙත්‍වා. යාගුයා උපට‍්ඨාසීති යාගුදානෙන උපට‍්ඨහි. සත‍්තරත‍්තන‍්ති සත‍්තදිවසං.

සො යනු මෙතෙම, තංවිතක්කං - යනු ඒ පව්කාර විතර්කය පටවිනොදයිත්‍වා - යනු මවගේ කථාවෙන් ඒත්තු ගැනීමෙන් පසුව සංසිඳුවා, පීති පසාදං පටිලද්ධා - යනු ප්‍රීති ප්‍රසාදය උපදවා. යාගුයා උපට්ඨාහි - යනු කැඳ දානයෙන් උපස්ථාන කළේය. සත්තරත්ත යනු සත් දවසක්,

තස‍්ස වතං තං පන බ්‍රහ‍්මචරියන‍්ති තං මයා හෙට‍්ඨා වුත‍්තප‍්පකාරං අත‍්තනො චිත‍්තස‍්ස පසාදනං දානඤ‍්ච ඉමස‍්ස පුග‍්ගලස‍්ස වතං තං බ්‍රහ‍්මචරියඤ‍්ච, අඤ‍්ඤං කිඤ‍්චි නත්‍ථීති අත්‍ථො.

තස්ස වතං තම්පන බ්‍රහ්මචරියං - යනු එය මා විසින් යට කියන ලද ආකාරයෙන් තමන්ගේ සිත පහදවා දෙන ලද දානය මේ පුද්ගලයාගේ ව්‍රතය වේ. යහපත් හැසිරිම ද එයම වේ. වෙනත් කිසිවක් නැත යන අර්ථයි.

ඨත්‍වානාති යාව ආයුපරියොසානා ඉධෙව මනුස‍්සලොකෙ ඨත්‍වා. අභිසම‍්පරායන‍්ති පුනබ‍්භවෙ. සහබ්‍යතං ගච‍්ඡති වාසවස‍්සාති සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පුත‍්තභාවෙන සහභාවං ගමිස‍්සති. අනාගතත්‍ථෙ හි ඉදං පච‍්චුප‍්පන‍්නකාලවචනං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඨත්‍වාන යනු මේ මිනිස් ලොව ආයු පරිමාණයෙන් සිට, අභිසම්පරායං යනු මීලඟ භවයෙහි සභව්‍යතං ගච්ඡති වාසවස්සා - යනු ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ පුත්‍රයා වෙමින් ඔහුගේ සහවාසයට යන්නේය. අනාගතාර්ථයෙහි ද මේ වර්තමාන කාල වචනයි. අනෙක් සියල්ල කියන ලද පරිදිමය.

කුමාරපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

කුමාර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.