6. සෙරිණීපෙතිවත්ථුවණ්ණනා අට්ඨකථා
6. සෙරිණීපෙතිවත්ථුවණ්ණනා
6. සෙරණි ප්‍රෙතවස්තු වර්ණනාව
නග්ගා දුබ්බණ්ණරූපාසීති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ සෙරිණීපෙතිං ආරබ්භ වුත්තං. කුරුරට්ඨෙ කිර හත්ථිනිපුරෙ සෙරිණී නාම එකා රූපූපජීවිනී අහොසි. තත්ථ ච උපොසථකරණත්ථාය තතො තතො භික්ඛූ සන්නිපතිංසු. පුන මහාභික්ඛුසන්නිපාතො අහොසි. තං දිස්වා මනුස්සා තිලතණ්ඩුලාදිං සප්පිනවනීතමධුආදිඤ්ච බහුං දානූපකරණං සජ්ජෙත්වා මහාදානං පවත්තෙසුං. තෙන ච සමයෙන සා ගණිකා අස්සද්ධා අප්පසන්නා මච්ඡෙරමලපරියුට්ඨිතචිත්තා තෙහි මනුස්සෙහි “එහි තාව ඉදං දානං අනුමොදාහී”ති උස්සාහිතාපි “කිං තෙන මුණ්ඩකානං සමණානං දින්නෙනා”ති අප්පසාදමෙව නෙසං සම්පවෙදෙසි, කුතො අප්පමත්තකස්ස පරිච්චාගො.
“නග්ගා දුබ්බණ්ණ රූපාසි” යන ප්‍රේත කතාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි “සේරිණී” නම් ප්‍රේතියක් අරභයා වදාළ සේක. කුරුරට හත්ථිනී පුරයෙහි සේරිණී නම් වූ එක්තරා වෙසඟනක් වූවාය. එකල භික්ෂූන් වහන්සේලා වරින් වර උපෝසථ විනය කර්ම කිරීම සදහා හත්ථිනා පුරයට වැඩම කරවති. එක්වරක් එහි මහා භික්ෂු රැස්වීමක් විය. ඒ දුටු මිනිස්සු තල, සහල්, ගිතෙල් වෙඬරු, මී පැණි ආදී දානෝපකරණ පිළියෙළ කොට මහදන් පැවැත්වූහ. එසමයෙහි සැදැහැ නැති වූ, පැහැදීම් නැත්තාවූ, මසුරු මළයෙන් යුක්ත වූ සිත් ඇති ඒ ගණිකාව වෙත, මෙහි එව! මේ දාන වස්තුවට තීත් අනුමෝදන් වවයි කියා ඒ මිනිසුන් විසින් පොළඹවන ලද්දේ උත්සාහ කරන ලද්දේ නමුත් “මේ හිස මුඩු මහණුන්ට දන් දීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා අප්‍රසාදයම ඔවුන්ට ප්‍රකාශ කළාය. පරිත්‍යාගමය වූ දානවස්තුවක අල්පයක් නම් කොයින් ද?
සා අපරෙන සමයෙන කාලං කත්වා අඤ්ඤතරස්ස පච්චන්තනගරස්ස පරිඛාපිට්ඨෙ පෙතී හුත්වා නිබ්බත්ති. අථ හත්ථිනිපුරවාසී අඤ්ඤතරො උපාසකො වණිජ්ජාය තං නගරං ගන්ත්වා රත්තියා පච්චූසසමයෙ පරිඛාපිට්ඨං ගතො තාදිසෙන පයොජනෙන. සා තත්ථ තං දිස්වා සඤ්ජානිත්වා නග්ගා අට්ඨිත්තචමත්තාවසෙසසරීරා අතිවිය බීභච්ඡදස්සනා අවිදූරෙ ඨත්වා අත්තානං දස්සෙසි. සො තං දිස්වා –
ඕ තොමෝ මෑත කාලයෙහි කළුරිය කොට එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක අගලක් මත්තෙහි ප්‍රේතියක්ව උපන්නීය. ඉක්බිත්තෙන් හස්තිනී පුර වාසී එක්තරා වෙළෙන්දෙක් වෙළදාම පිණිස ඒ ප්‍රත්‍යන්ත ජනපදයට ගොස් රෑ අළුයම් වේලේ යම්කිසි ප්‍රයෝජනයක් සදහා අගල මත්තට ගියේය. ඒ ප්‍රේතිය ඔහු දැක හැදින ගෙන නිර්වස්ත්‍රව ඇට සම් පමණක් ඉතිරි වූ වස්ත්‍ර ඇතිව, ඉතාමත් බියකරු දැකුම් ඇතිව, නුදුරෙහි සිට තමන් දැක්වීමය. ඒ උවසු වෙළෙන්දා ඇය දැක,
“නග්ගා දුබ්බණ්ණරූපාසි, කිසා ධමනිසන්ථතා; උප්ඵාසුලිකෙ කිසිකෙ, කා නු ත්වං ඉධ තිට්ඨසී”ති. –
80. නිර්වස්ත්‍රව විරූප වූ බියකරු දැකුම් ඇති, කෘශ වී මස් ලේ නැති බැවින් ඉල්පී ගිය නහර වැල් ඇති, උස්ව ගිය ඉල ඇට ඇතිව මෙහි සිටින්නා වූ තී කවරී ද? යයි විමසීය.
ගාථාය පුච්ඡි. සාපිස්ස –
ඒ ප්‍රේතිය ද?
“අහං භදන්තෙ පෙතීම්හි, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා”ති. –
ස්වාමීනි! මම ප්‍රේතියක් වෙමි. පෙර පාප කර්ම කරන ලදුව යම ලෝකය යයි හඳුන්වන ප්‍රේත ලෝකයෙහි ඉපදී, ඉතා දුකට පත් ප්‍රේතියක් වෙමි.
ගාථාය අත්තානං පකාසෙසි. පුන තෙන –
ගාථාවෙන් තමන් හැඳින්වූවාය. නැවත වෙළෙන්දා විසින්
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතා”ති. –
එම්බල ප්‍රේතිය තී කයින් වචනයෙන් සිතින් කිනම් අකුශලයක් කරන ලද්දේ ද? කවර වූ කර්මයක විපාක වශයෙන් මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයේ උපන්නී ද?
ගාථාය කතකම්මං පුච්ඡිතා –
යනුවෙන් ඇය විසින් කරන ලද අකුසල් ගැන විමසීය.
“අනාවටෙසු තිත්ථෙසු, විචිනිං අඩ්ඪමාසකං; සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකාසිමත්තනො.
නොවළක්වන ලද (සසර සයුරෙන් එතෙර වීමට තොටුපළක් බඳු වූ) තීර්ථ නම් වූ මහණ බමුණන් ඇති කල්හි, කිසිම දෙයක් නොදී, අඩමස්සක් පවා විශේෂයෙන් රැස් කළෙමි. දානවස්තු ගෙදර තිබියදීත් තමන්ට පිහිටක් සඳහා එය නොයෙදුවෙමි.
“නදිං උපෙමි තසිතා, රිත්තකා පරිවත්තති; ඡායං උපෙමි උණ්හෙසු, ආතපො පරිවත්තති.
දිය තිබහ ඇතිව නදිය කරා ආ විට නදියේ දිය හිස් වේ. ඌෂ්ණ වේලාවක ගහක් යටට පැමිණිය හොත් එතැනට අව්ව පැමිණේ.
“අග්ගිවණ්ණො ච මෙ වාතො, ඩහන්තො උපවායති; එතඤ්ච භන්තෙ අරහාමි, අඤ්ඤඤ්ච පාපකං තතො.
වාතය ද ගිනි සමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස! මේ දුක් ද ඊට වඩා දරුණු වූ අනෙක් දුකටත් සුදුසු වෙමි.
“ගන්ත්වාන හත්ථිනිං පුරං, වජ්ජෙසි මය්හ මාතරං; ‘ධීතා ච තෙ මයා දිට්ඨා, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා’.
ඔබ හත්ථිනා පුරයට ගොස් මගේ මවට මෙසේ කියන්න. යම ලෝකයයි හඳුන්වන ප්‍රේත ලෝකයේ ප්‍රේතියක්ව ඉපදී සිටින ඔබේ දියණිය මා විසින් දක්නා ලදී. මට හමුවීය. මෙලොව දී පව්කම් කොට, මෙලොවින් චුතව දැන් ප්‍රේතියක්ව ඉපදී සිටී.
“අත්ථි මෙ එත්ථ නික්ඛිත්තං, අනක්ඛාතඤ්ච තං මයා; චත්තාරි සතසහස්සානි, පල්ලඞ්කස්ස ච හෙට්ඨතො.
කිසිවකුට නො කියා, නො දන්වා මා විසින් එකතු කර තබන ලද වස්තුවක් ඇත්තේය. (මා නිදාගන්නා ලද) පර්යඞ්කයාගේ (ඇඳේ) යටින් සාරලක්ෂයක ධනයක් තබන ලද්දේය.
“තතො මෙ දානං දදතු, තස්සා ච හොතු ජීවිකා; දානං දත්වා ච මෙ මාතා, දක්ඛිණං අනුදිච්ඡතු; තදාහං සුඛිතා හෙස්සං, සබ්බකාමසමිද්ධිනී”ති. –
ඒ වස්තුව ගෙන මා උදෙසා දන් දෙන ලෙස ද, මවගේ ජීවිකාව කරගන්නා ලෙස ද කියව! 89. මාගේ මව් තොමෝ දන් දී මට පින් අනුමෝදන් කෙරේවා එකල්හි මම සියලු සම්පත් වලින් සමෘද්ධ වී සුවපත් වන්නෙමි.
ඉමාහි ඡහි ගාථාහි අත්තනා කතකම්මඤ්චෙව පුන තෙන අත්තනො කාතබ්බං අත්ථඤ්ච ආචික්ඛි.
මේ ගාථා හයෙන් තමන් විසින් කරන ලද කර්මයන් ද, ඒ උපාසකයා විසින් හා මව විසින් කළ යුතු ක්‍රියාවන් ද කියන ලද්දේය.
තත්ථ අනාවටෙසු තිත්ථෙසූති කෙනචි අනිවාරිතෙසු නදීතළාකාදීනං තිත්ථපදෙසෙසු, යත්ථ මනුස්සා න්හායන්ති, උදකකිච්චං කරොන්ති, තාදිසෙසු ඨානෙසු. විචිනිං අඩ්ඪමාසකන්ති “මනුස්සෙහි ඨපෙත්වා විස්සරිතං අපිනාමෙත්ථ කිඤ්චි ලභෙය්ය”න්ති ලොභාභිභූතා අඩ්ඪමාසකමත්තම්පි විචිනිං ගවෙසිං. අථ වා අනාවටෙසු තිත්ථෙසූති උපසඞ්කමනෙන කෙනචි අනිවාරිතෙසු සත්තානං පයොගාසයසුද්ධියා කාරණභාවෙන තිත්ථභූතෙසු සමණබ්රාහ්මණෙසු විජ්ජමානෙසු. විචිනිං අඩ්ඪමාසකන්ති මච්ඡෙරමලපරියුට්ඨිතචිත්තා කස්සචි කිඤ්චි අදෙන්තී අඩ්ඪමාසකම්පි විසෙසෙන චිනිං, න සඤ්චිනිං පුඤ්ඤං. තෙනාහ “සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකාසිමත්තනො”ති.
එහි - අනාවටෙසු තිත්ථෙසු - යනු කිසිවෙකු විසින් නො නවත්වන ලද ගංගා පොකුණු ආදී තොටුපලවල දී මිනිස්සු නහත් ද? දිය කිස කරද්ද එබඳු තැන් වලදී, විචිණිං අද්ධමාසකං - යනු මිනිසුන් සිහිනැතිව අමතකව තබාගිය යම් කිසි දෙයක් ලබන්නෙමි නම් මැනවැයි සිතා ආශාවෙන් මඩනා ලදුව අඩමසක් පමණ, නොහොත් අනාවටෙසු තිත්ථෙසු - යනු එළඹීමෙන් කිසිවෙකු විසින් නො නවත්වන ලද සත්ත්වයන්ගේ යහපත් ව්‍යාපාරයන්ගේ ශුද්ධියට ඉවහල්වන නිසා තීර්ථ නම් වූ, ශ්‍රමණ බමුණන් ඇති කල්හි විචිණිං අද්ධමාසකං - යනු තද මසුරු මළයෙන් යුක්ත වූ සිත් ඇති බැවින් කිසිවක් කිසිවකුට නො දෙමින් විශේෂයෙන් අඩමසක් තණ්හාවෙන් එකතු කළෙමි. පිනක් රැස් නොකෙළෙමි. එහෙයින් කියන ලදී. සන්තෙසු දෙය්ය ධම්මෙසු දීපං නාකාසි මත්තහොති
තසිතාති පිපාසිතා. රිත්තකාති කාකපෙය්යා සන්දමානාපි නදී මම පාපකම්මෙන උදකෙන රිත්තා තුච්ඡා වාලිකමත්තා හුත්වා පරිවත්තති. උණ්හෙසූති උණ්හසමයෙසු. ආතපො පරිවත්තතීති ඡායාට්ඨානං මයි උපගතාය ආතපො සම්පජ්ජති.
තසිතා පිපාසයෙන්, රිත්තකා - යනු කවුඩන් විසින් බොන තරමට පිරී ඉතිරී ගලන්නා වූ ගඟ පාපකර්මයෙන් දිය සිඳී හිස්ව වැලි පමණක් බවට පත්වේ. උණෙහසු - යනු උෂ්ණ කාලයෙහි ආතපො පරිවත්තතී යනු සෙවණ ඇති තැනකට මා එළඹි කල්හි එතැනට තද අව්ව වැටේ.
අග්ගිවණ්ණොති සම්ඵස්සෙන අග්ගිසදිසො. තෙන වුත්තං “ඩහන්තො උපවායතී”ති. එතඤ්ච, භන්තෙ, අරහාමීති, භන්තෙති තං උපාසකං ගරුකාරෙන වදති. භන්තෙ, එතඤ්ච යථාවුත්තං පිපාසාදිදුක්ඛං, අඤ්ඤඤ්ච තතො පාපකං දාරුණං දුක්ඛං අනුභවිතුං අරහාමි තජ්ජස්ස පාපස්ස කතත්තාති අධිප්පායො. වජ්ජෙසීති වදෙය්යාසි.
අග්ගිවණ්ණෙ - යනු සුළග ස්පර්ශයෙන් (ඇඟ) ගිනි ගන්නා සමාන වේ. දහන්ති උපචායති යනු එහෙයින් කියන ලදී, එතඤ්ච භන්තෙ අරහාමි - යනු භනෙත යනු ඒ උපාසක වෙළෙන්දාට ගරු කිරීම් සදහා කියයි. හිමියනි මෙපරිදි වූ යං කියන ලද පිපාසාදී දුක් හා මෙයටත් වඩා දරුණු වූ තවත් දුක්ද විදීමට මම සුදුසු වෙමි. නින්දිත වූ පාපකර්මයන් කළ හෙයින් යන අදහසයි. වජ්ජෙසි - යනු කියන්න කියව!
එත්ථ නික්ඛිත්තං, අනක්ඛාතන්ති “එත්තකං එත්ථ නික්ඛිත්ත”න්ති අනාචික්ඛිතං. ඉදානි තස්ස පරිමාණං ඨපිතට්ඨානඤ්ච දස්සෙන්තී “චත්තාරි සතසහස්සානි, පල්ලඞ්කස්ස ච හෙට්ඨතො”ති ආහ. තත්ථ පල්ලඞ්කස්සාති පුබ්බෙ අත්තනො සයනපල්ලඞ්කස්ස. තතොති නිහිතධනතො එකදෙසං ගහෙත්වා මමං උද්දිස්ස දානං දෙතු. තස්සාති මය්හං මාතුයා.
ඵත්ථ නික්ඛිත්තං අනක්ඛාතං - යනු මෙපමණකින් මෙහෙන් නික්ම යන්නේ ද (ගොස්) කිව යුතුමය. දැන් ඇගේ ප්‍රමාණයෙන් තැන්පත් කරන ලද දේ දක්වන්නී - චත්තාරි සහස්සානි පල්ලඞ්කස්ස ච හෙට්ඨතො ආදිය කීවාය. එහි පල්ලඞ්කස්සා යනු පෙර තමන් විසින් නිදීම සදහා පරිහරණය කරන ලද පර්යඞ්කයේ (ඇඳේ) තතො යනු තැන්පත් කරන ලද ධනයෙන් එක් කොටසක් ගෙන මා උදෙසා දන් දේවා, තස්සා යනු ඉතිරිවා මගේ මවටය.
එවං තාය පෙතියා වුත්තෙ සො උපාසකො තස්සා වචනං සම්පටිච්ඡිත්වා තත්ථ අත්තනො කරණීයං තීරෙත්වා හත්ථිනිපුරං ගන්ත්වා තස්සා මාතුයා තමත්ථං ආරොචෙසි. තමත්ථං දස්සෙතුං –
මෙසේ ඒ ප්‍රේතිය විසින් කී කල්හි ඒ උපාසක තෙමේ ඇගේ වචනය පිළිගෙන තමන් පැමිණි කාර්යයන් ඉටුකරගෙන අවසන හත්ථිනා පුරයට ගොස් ඇගේ මව සමග ඒ කතා පුවත කීවේය. එහි අර්ථය දැක්වීමට, සංගීති කාරකයෝ
සාධූති සො පටිස්සුත්වා, ගන්ත්වාන හත්ථිනිං පුරං, අවොච තස්සා මාතරං –
ඒ උපාසක තෙමේ යහපතැයි එය පිළිගෙන හත්ථිනා පුරයට ගොස් ඇගේ මවට සියල්ල කීයේය.
“ධීතා ච තෙ මයා දිට්ඨා, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා.
පාප කර්මයක් සිදුකොට, මෙලොවින් චුත වී ගිය ඔබගේ දුව, කරන ලද පව්කම්වල හේතුවෙන් යම ලෝකයයි කියනු ලබන ප්‍රේත ලෝකයෙහි ඉපිද ඉතා දුක්ඛිත තත්ත්වයේ සිටිනු මා විසින් දක්නා ලදී.
“සා මං තත්ථ සමාදපෙසි, වජ්ජෙසි මය්හ මාතරං; ‘ධීතා ච තෙ මයා දිට්ඨා, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා.
මෙහිදී අකුශල කර්මයන්හි හැසිර මෙලොවින් චුත වී, ප්‍රේත ලෝකයෙහි ඉපිද, දුකට පත්ව සිටින ඔබගේ දුව මා විසින් දක්නා ලදුව, මේ පුවත මගේ මවට කියන්නැයි මා සමාදන් කරවුවාය.
“‘අත්ථි ච මෙ එත්ථ නික්ඛිත්තං, අනක්ඛාතඤ්ච තං මයා; චත්තාරි සතසහස්සානි, පල්ලඞ්කස්ස ච හෙට්ඨතො.
මා විසින් කිසිවකුට නො කියා රැස්කළ ලක්ෂ හතරක්, මා නිදි ගත් ඇඳේ පර්යඞ්කය යට ඇත.
“‘තතො මෙ දානං දදතු, තස්සා ච හොතු ජීවිකා; දානං දත්වා ච මෙ මාතා, දක්ඛිණං අනුදිච්ඡතු; තදාහං සුඛිතා හෙස්සං, සබ්බකාමසමිද්ධිනී’.
එය ගෙන මා වෙනුවෙන් දන් දී පින් අනුමෝදන් කරව! ඉතිරි කොටස් මවගේ ජීවත් වීමට ගන්න. මගේ මව දන් දී ඒ පින් මට අනුමෝදන් කෙරේවා එවිට මම සියලු කාමයන්ගෙන් සමෘද්ධියට පත් වූ මේ දුකින් මිදී සුවපත් වන්නෙමි.
“තතො හි සා දානමදා, තස්සා දක්ඛිණමාදිසී; පෙතී ච සුඛිතා ආසි, තස්සා චාසි සුජීවිකා”ති. –
එහෙයින් ඕ තොමෝ දන් දුන්නීය. දී ඒ ප්‍රේතියට පින් පැමිණවීය. ප්‍රේතිය ද සුවපත් වී මනහර දැකුම් ඇති විය.
සඞ්ගීතිකාරා ආහංසු. තා සුවිඤ්ඤෙය්යාව.
මේ ගාථා කීහ.
තං සුත්වා තස්සා මාතා භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා තස්සා ආදිසි. තෙන සා පටිලද්ධූපකරණසම්පත්තියං ඨිතා මාතු අත්තානං දස්සෙත්වා තං කාරණං ආචික්ඛි, මාතා භික්ඛූනං ආරොචෙසි, භික්ඛූ තං පවත්තිං භගවතො ආරොචෙසුං. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
එසේ කී කල්හි ඇගේ මව එය අසා භික්ෂු සඞ්ඝයාට දන් දී ඇයට පින් අනුමෝදන් කළාය. ප්‍රේතිය සුවපත් ශරීර ඇත්තෝ වූවාය. ශරීරය මනා දැකුම් ඇත්තේ විය. ඉක්බිති වස්ත්‍ර හැඳ ලබන ලද සැපත්හි පිහිටා තම මවට තමන් දක්වා ඒ කරුණු කීය. මව භික්ෂූන්ට මේ කරුණු දැන්වීය. භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය බුදුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව මහාජනයාට ඵලදායි වූයේය.
සෙරිණීපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
සේරිණී ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
7. මිගලුද්දකපෙතවත්ථුවණ්ණනා
7. මිගලුද්දක ප්‍රෙතවස්තු වර්ණනාව
නරනාරිපුරක්ඛතො යුවාති ඉදං භගවති වෙළුවනෙ විහරන්තෙ මිගලුද්දකපෙතං ආරබ්භ වුත්තං. රාජගහෙ කිර අඤ්ඤතරො ලුද්දකො රත්තින්දිවං මිගෙ වධිත්වා ජීවිකං කප්පෙසි. තස්සෙකො උපාසකො මිත්තො අහොසි, සො තං සබ්බකාලං පාපතො නිවත්තෙතුං අසක්කොන්තො “එහි, සම්ම, රත්තියං පාණාතිපාතා විරමාහී”ති රත්තියං පුඤ්ඤෙ සමාදපෙසි. සො රත්තියං විරමිත්වා දිවා එව පාණාතිපාතං කරොති.
“නරනාරි පුරක්ඛතො යුවා” ආදී මේ ප්‍රේතවත්ථු දේසනාව භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයෙහි වාසය කරද්දී මිගලුද්ද නම් ප්‍රේතයා අරභයා වදාළ සේක. රජගහනුවර එක්තරා වැද්දෙක් රෑ දාවල් දෙකෙහි මුවන් විද බැඳ මරා ජීවිකාව කරයි. ඔහුට එක් උපාසකයෙක් මිත්‍රව සිටියේය. ඒ උපාසක තෙමේ ඔහු සියලු අයුරින් පව්කම්වලින් වලක්වා ලීමට නො හැකිව, යහළුව මෙහි එව රාත්‍රි කාලයෙහි වළකුවයි රාත්‍රි කාලයෙහි පින්කම්හි යෙදවීය. ඒ වැද්දා රාත්‍රියෙහි ප්‍රාණඝාතයෙන් වැළකී දහවල් දවසේ ප්‍රාණඝාතය කරයි.
සො අපරෙන සමයෙන කාලං කත්වා රාජගහසමීපෙ වෙමානිකපෙතො හුත්වා නිබ්බත්තො, දිවසභාගං මහාදුක්ඛං අනුභවිත්වා රත්තියං පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතො පරිචාරෙසි. තං දිස්වා ආයස්මා නාරදො –
හෙතෙම ටික කලකින් කළුරිය කොට රජගහ නුවර සමීපයේ විමාන ප්‍රේතයෙක්ව ඉපදී දහවල් කාලයෙහි මහත් දුක් විඳ, රාත්‍රි කාලයෙහි දිව්‍යමය පඤ්චකාම සම්පත් විඳියි. ඔහු දැක ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ගාථාව කියා මෙය පිළිවිසීය.
“නරනාරිපුරක්ඛතො යුවා, රජනීයෙහි කාමගුණෙහි සොභසි; දිවසං අනුභොසි කාරණං, කිමකාසි පුරිමාය ජාතියා”ති. –
දිව්‍ය පුත්‍රයන් හා දෙව් දූවරුන් විසින් පිරිවරන ලදුව, තරුණ වූ ඔබ රාත්‍රි කාලයේ සිත්කලු වූ කාම ගුණයන්ගෙන් යුක්තව හොබී. දවල් දවස නොයෙක් කම්කටොළු අනුභව කරයි. ඔබ පෙර අත් බැවිහි දී කවර නම් අකුශල කර්මයක් කළේ ද?
ඉමාය ගාථාය පටිපුච්ඡි. තත්ථ නරනාරිපුරක්ඛතොති පරිචාරකභූතෙහි දෙවපුත්තෙහි දෙවධීතාහි ච පුරක්ඛතො පයිරුපාසිතො. යුවාති තරුණො. රජනීයෙහීති කමනීයෙහි රාගුප්පත්තිහෙතුභූතෙහි. කාමගුණෙහීති කාමකොට්ඨාසෙහි. සොභසීති සමඞ්ගිභාවෙන විරොචසි රත්තියන්ති අධිප්පායො. තෙනාහ “දිවසං අනුභොසි කාරණ”න්ති, දිවසභාගෙ පන නානප්පකාරං කාරණං ඝාතනං පච්චනුභවසි. රජනීති වා රත්තීසු. යෙහීති නිපාතමත්තං. කිමකාසි පුරිමාය ජාතියාති එවං සුඛදුක්ඛසංවත්තනියං කිං නාම කම්මං ඉතො පුරිමාය ජාතියා ත්වං අකත්ථ, තං කථෙහීති අත්ථො .
එහි - “නරනාරී පුරක්ඛතො” යනු පිරිවර සහිතව, දිව්‍ය පුත්‍රයන් විසින් ද දිව්‍ය දුහිතෲන් විසින් ද පෙරටු කරගනිමින් ඇසුරු කරමින්, යුවා, තරුණ වූ, රජනීයෙහි යනු කැමති විය යුතු රාගාදිය උපදින්න හේතු වන්නා වූ, කාමගුණෙහි, කාම කොට්ඨාසයන්හි, සොභසි සමගි බවින් බබළයි. රාත්‍රි කාලයෙහි බබළයි යන අදහසයි. දිවසං අනුහොසි කාරණං - යනු දවල් කාලයෙහි නොයෙක් ආකාරයේ දුක් මරණ (අනුභව කරයි) පීඩා ආදිය විඳියි. රජනී යනු රාත්‍රියෙහි යනු නිපාතය පමණි. කිං අකාසි පුරිමාය ජාතියා - යනු මෙසේ සුව දුක් දෙක මේ අන්දමින් පැවතීමට මෙයින් පෙර ජාතියෙහි කුමන කර්මයක් ඔබ කළෙහි ද? එය විස්තරව කියනු මැනැවි.
තං සුත්වා පෙතො ථෙරස්ස අත්තනා කතකම්මං ආචික්ඛන්තො –
එය අසා ප්‍රේතයා තමන් විසින් කරන ලද කර්මය කියන්නේ,
“අහං රාජගහෙ රම්මෙ, රමණීයෙ ගිරිබ්බජෙ; මිගලුද්දො පුරෙ ආසිං, ලොහිතපාණි දාරුණො.
මම රම්‍ය වූ සිත් අලවන්නා වූ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර පෙර ආත්මයෙහි අත්වල ලේ වැකුණු දරුණු වූ මුව වැද්දෙක් වීමි.
“අවිරොධකරෙසු පාණිසු, පුථුසත්තෙසු පදුට්ඨමානසො; විචරිං අතිදාරුණො සදා, පරහිංසාය රතො අසඤ්ඤතො.
එකල්හි ඉතා දරුණු වූ, අනුන්ට හිංසා කිරීමෙහිම ඇලුණු, නොහික්මුණු මම කිසිවකු සමග විරුද්ධත්වයක් නැති බොහෝ තිරිසන් සතුන් කෙරෙහි ඉතා නපුරු සිත් ඇතිව හැසිරුණෙමි.
“තස්ස මෙ සහායො සුහදයො, සද්ධො ආසි උපාසකො; සොපි මං අනුකම්පන්තො, නිවාරෙසි පුනප්පුනං.
ඒ මට එක්තරා සහාය වු කුළුපග වූ උපාසක මිත්රයක් සිටියේය. ඔහු යහපත් සිත් ඇතිව, මා කෙරෙහි අනුකම්පා කරමින් මා පවින් වළක්වාලීමට නැවත නැවත උත්සාහ කළේය.
“‘මාකාසි පාපකං කම්මං, මා තාත දුග්ගතිං අගා; සචෙ ඉච්ඡසි පෙච්ච සුඛං, විරම පාණවධා අසංයමා.
සහෝදරය! ළාමක අකුසල කර්ම නො කරව, දුගතියට නොයව, පරලොව දී සැප විදීමට නම් ප්‍රාණඝාත අකුසල කර්මයන්ගෙන් වෙන්වව!
“තස්සාහං වචනං සුත්වා, සුඛකාමස්ස හිතානුකම්පිනො; නාකාසිං සකලානුසාසනිං, චිරපාපාභිරතො අබුද්ධිමා.
පරලොව සැප කැමති වූ, අනුකම්පක වූ ඔහුගේ වචනය අසා, නුවණ නැතිව බොහෝ කලක් පවෙහි ඇලුණා වූ මම ඔහුගේ අනුශාසනාව නොපිළි පැද්දෙමි.
“සො මං පුන භූරිසුමෙධසො, අනුකම්පාය සංයමෙ නිවෙසයි; සචෙ දිවා හනසි පාණිනො, අථ තෙ රත්තිං භවතු සංයමො.
ගුණ යහපත් නුවණැති ඒ උපාසකයා නැවත නැවතත් මා වෙත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටුවීය. දහවල් කාලයෙහි සතුන් මරන්නේ නම් රාත්‍රි කාලයෙහි පව්කම්වලින් වලක්වා!
“ස්වාහං දිවා හනිත්වා පාණිනො, විරතො රත්තිමහොසි සඤ්ඤතො; රත්තාහං පරිචාරෙමි, දිවා ඛජ්ජාමි දුග්ගතො.
මම ඒ අනුව දහවල් දවස සතුන් මරා රාත්‍රි කාලයෙහි වෙන්වූයේ සංවර ඇත්තෙක් වීමි. මම රාත්‍රි කාලයෙහි දිව්‍ය සම්පත් විඳිමි. දවල් දවස දුගතිගාමීව දුක් විඳිමි.
“තස්ස කම්මස්ස කුසලස්ස, අනුභොමි රත්තිං අමානුසිං; දිවා පටිහතාව කුක්කුරා, උපධාවන්ති සමන්තා ඛාදිතුං.
ඒ කුශල කර්ම හේතුවෙන් රාත්‍රියෙහි දෙවි සැප විඳිමි. දවල් කාලයහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් හාත්පසින්ම සුනඛයෝ සපා කෑමට එළවාගෙන එති.
“යෙ ච තෙ සතතානුයොගිනො, ධුවං පයුත්තා සුගතස්ස සාසනෙ; මඤ්ඤාමි තෙ අමතමෙව කෙවලං, අධිගච්ඡන්ති පදං අසඞ්ඛත”න්ති. –
යම් පුරුෂයෝ ස්ථිර වශයෙන් තථාගත ශාසනයෙහි දහම්හි හැසුරුණේ ද නිතර නිතර පින්කම්හි අනුගත වේ ද? ඒ පින්වත්හු ඒකාන්තයෙන් අසඞ්ඛත වූ නිවන් මගට පැමිණෙන්නේ යයි සිතමියි.
ඉමා ගාථා අභාසි.
මේ ගාථා කීහ.
තත්ථ ලුද්දොති දාරුණො. ලොහිතපාණීති අභිණ්හං පාණඝාතෙන ලොහිතමක්ඛිතපාණී. දාරුණොති ඛරො, සත්තානං හිංසනකොති අත්ථො. අවිරොධකරෙසූති කෙනචි විරොධං අකරොන්තෙසු මිගසකුණාදීසු.
සඤ්ඤක එහි ලුද්දො - යනු දරුණු වූ ලොහිතපාණී යනු නිතර නිතර සත්ත්ව ඝාතනයෙන් පිපාසයෙන් පෙළුණේ, දාරුණෙ - යනු දරුණු ලෙස සත්ත්වයන්ට හිංසා කළේය යන අර්ථයි. අවිරොධ කරෙසු - යනු කිසිම විරුද්ධත්වයක් නොකරන්නා වූ මුව - සා ආදී සතුන්,
අසංයමාති අසංවරා දුස්සීල්යා. සකලානුසාසනින්ති සබ්බං අනුසාසනිං, සබ්බකාලං පාණාතිපාතතො පටිවිරතින්ති අත්ථො. චිරපාපාභිරතොති චිරකාලං පාපෙ අභිරතො.
අසංයමා - යනු අසංවර ශීල, සකලානු සාසති, සර්වප්රකාරයෙන් අනුශාසනා කළේය. හැම කල්හිම ප්‍රාණඝාතයෙන් වෙන් වෙනු යනු අර්ථයි. චිර පාපාභිරතො - යනු බොහෝ කාලයක් පාපයෙහි නියැලුනේ,
සංයමෙති සුචරිතෙ. නිවෙසයීහි නිවෙසෙසි. සචෙ දිවා හනසි පාණිනො, අථ තෙ රත්තිං භවතු සංයමොති නිවෙසිතාකාරදස්සනං. සො කිර සල්ලපාසසජ්ජනාදිනා රත්තියම්පි පාණවධං අනුයුත්තො අහොසි.
සංයමෙ හැසිරිමෙහි, නිවෙසයී - යනු යෙදෙන්නේය. සචෙ දිවා හන්සි පාණිනො අථ තෙ රත්තිං භවතු සංයමො - යනු කටයුතු කරන ලද ආකාරය දැක්වීමයි. හුල් උගුල් සෑදීම ආදියෙන් රාත්‍රියෙහි ද ප්‍රාණවධ කිරීමෙහි අනුයුක්ත වූයෙමි.
දිවා ඛජ්ජාමි දුග්ගතොති ඉදානි දුග්ගතිං ගතො මහාදුක්ඛප්පත්තො දිවසභාගෙ ඛාදියාමි. තස්ස කිර දිවා සුනඛෙහි මිගානං ඛාදාපිතත්තා කම්මසරික්ඛකං ඵලං හොති, දිවසභාගෙ මහන්තා සුනඛා උපධාවිත්වා අට්ඨිසඞ්ඝාතමත්තාවසෙසං සරීරං කරොන්ති. රත්තියා පන උපගතාය තං පාකතිකමෙව හොති, දිබ්බසම්පත්තිං අනුභවති. තෙන වුත්තං –
දිවා ඛජ්ජාමි දුග්ගතො - යනු දැන් දුගතියට ගියේ මහා දුකට පැමිණියේ දවල් කාලයෙහි කනු ලබන්නෙමි. ඔහුගේ වනාහි දවල් කාලයෙහි බල්ලන් විසින් මුවන් කනු ලබන්නාක් මෙන් කර්මයට සරිලන විපාක වශයෙන් දවල් කාලයෙහි මහත් මහත් වූ බල්ලන් දුවවිත් මොහු වෙත පැමිණ ඇට පමණක් ඉතිරිකොට ශරීරයේ අන් සියල්ල කා දමයි. රාත්‍රි කාලය පැමිණි කල්හි ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් වේ. දිව්‍ය සම්පත් විදියි. එසේ හෙයින් කියන ලදී.
“තස්ස කම්මස්ස කුසලස්ස, අනුභොමි රත්තිං අමානුසිං; දිවා පටිහතාව කුක්කුරා, උපධාවන්ති සමන්තා ඛාදිතු”න්ති.
ඒ කුශල කර්මයාගේ විපාකයෙන් රාත්‍රියෙහි දිව්‍ය සම්පත් වළදමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් කෑමට දිව එති.
තත්ථ පටිහතාති පටිහතචිත්තා බද්ධාඝාතා විය හුත්වා. සමන්තා ඛාදිතුන්ති මම සරීරං සමන්තතො ඛාදිතුං උපධාවන්ති. ඉදඤ්ච නෙසං අතිවිය අත්තනො භයාවහං උපගමනකාලං ගහෙත්වා වුත්තං. තෙ පන උපධාවිත්වා අට්ඨිමත්තාවසෙසං සරීරං කත්වා ගච්ඡන්ති.
එහි - පටිහතා - යනු බද්ධ වෛරයකින් බැඳුනු සිත් ඇත්තාක් මෙන් වී, සමන්තා ඛාදිතුං යනු මගේ ශරීරය කෑමට හාත්පසින් දිව එත්. මෙය තමන්ට අතිශය භය උපදවන්නා වූ කාලය - ගෙන දක්වන ලදී. ඔවුන් පැමිණ ශරීරයේ ඇට පමණක් ඉතිරිකොට කා දමා යති.
යෙ ච තෙ සතතානුයොගිනොති ඔසානගාථාය අයං සඞ්ඛෙපත්ථො – අහම්පි නාම රත්තියං පාණවධමත්තතො විරතො එවරූපං සම්පත්තිං අනුභවාමි. යෙ පන තෙ පුරිසා සුගතස්ස බුද්ධස්ස භගවතො සාසනෙ අධිසීලාදිකෙ ධුවං පයුත්තා දළ්හං පයුත්තා සතතං සබ්බකාලං අනුයොගවන්තා, තෙ පුඤ්ඤවන්තො කෙවලං ලොකියසුඛෙන අසම්මිස්සං “අසඞ්ඛතං පද”න්ති ලද්ධනාමං අමතමෙව අධිගච්ඡන්ති මඤ්ඤෙ, නත්ථි තෙසං තදධිගමෙ කොචි විබන්ධොති.
යෙච තෙ සත්තානුයොගිනො - යනු මේ අවසාන ගාථාවේ සංක්ෂේපාර්ථයයි. මම වනාහි රාත්‍රි කාලයෙහි ප්‍රාණවධයෙන් වෙන්වූ පමණකින් මෙබඳු වූ සම්පත් භුක්ති විඳිමි. යම්කිසි පුරුෂයෙක් සුගත වූ බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අධිශීල සංඛ්‍යාත ධූරයන්හි යෙදෙන්නෝ නම්, දැඩිකොට යෙදෙන්නේ නම්, නිරන්තරයෙන් සැම කල්හිම ඒ පුණ්‍යවන්තයන් අනුව යෙදෙමින් හුදෙක් ලෞකික සැප ද, අසම්මිශ්‍ර වූ නිර්වාණ පදය ද ලබා අමෘත පදයට පැමිණෙන්නේ යයි හඟිමි. ඔවුන් කිසිදු බැඳීමකින් තොරව අධිගමයට පැමිණේ. එහි අධිගමය ද නැත. වෙන්වීමක් අදහස් කරයි.
එවං තෙන පෙතෙන වුත්තෙ ථෙරො තං පවත්තිං සත්ථු ආරොචෙසි. සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සබ්බම්පි වුත්තනයමෙව.
ඔහු විසින් මෙසේ කියන ලද කල්හි ස්ථවිර තෙමේ ඒ ප්‍රවෘත්තිය ශාස්තෲන් වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට එන පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. අනෙක් සියල්ල පෙර කී පරිදි දත යුත්තේය.
මිගලුද්දකපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
මිගලුද්දක ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.
8. දුතියමිගලුද්දකපෙතවත්ථුවණ්ණනා
8. දෙවැනි මිගලුද්දක ප්‍රෙතවස්තු වර්ණනාව
කූටාගාරෙ ච පාසාදෙති ඉදං භගවති වෙළුවනෙ විහරන්තෙ අපරං මිගලුද්දකපෙතං ආරබ්භ වුත්තං. රාජගහෙ කිර අඤ්ඤතරො මාගවිකො මාණවො විභවසම්පන්නොපි සමානො භොගසුඛං පහාය රත්තින්දිවං මිගෙ හනන්තො විචරති. තස්ස සහායභූතො එකො උපාසකො අනුද්දයං පටිච්ච – “සාධු, සම්ම, පාණාතිපාතතො විරමාහි, මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති ඔවාදං අදාසි. සො තං අනාදියි. අථ සො උපාසකො අඤ්ඤතරං අත්තනො මනොභාවනීයං ඛීණාසවත්ථෙරං යාචි – “සාධු, භන්තෙ, අසුකපුරිසස්ස තථා ධම්මං දෙසෙථ, යථා සො පාණාතිපාතතො විරමෙය්යා”ති.
“කූටගාරෙ ච පාසාදෙ” ආදී මෙම ප්‍රේත වස්තු දේශනාව භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි වෙනත් මිගලුද්දක ප්‍රේතයකු අරභයා වදාරණ ලදහ. රජගහනුවර වනාහි මුවන් මරා ජීවත්වන එක්තරා මාණවකයෙක් මහත් සම්පත් ඇත්තේ වී නමුත් ඒ භෝග සම්පත් හැර දමා රෑ දවල් දෙකෙහි මුවන් මරමින් ජීවත් වේ. ඔහුගේ එක් යහළු උපාසකයෙක් දයානුකම්පාව නිසා “යහළුව” ප්‍රාණඝාතයෙන් වෙන් වෙව, මේ අකුශලය නුඹට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යයි අවවාද දුන්නේය. හෙතෙම එය නො පිළිගත්තේය. ඉක්බිත්තෙන් ඒ උපාසක තෙමේ තමන්ගේ සිත් ඇදගන්නා වූ එක්තරා රහතන් වහන්සේ නමකගෙන්, ස්වාමීනි! අසවල් පුරුෂයා වෙත, ඔහු ප්‍රාණඝාත අකුසලයෙන් යම්සේ මිදේද? එසේ ඒ සඳහා ඔහුට ධර්ම දේශනා කළ මැනවැයි ඉල්ලීමක් කළේය.
අථෙකදිවසං සො ථෙරො රාජගහෙ පිණ්ඩාය චරන්තො තස්ස ගෙහද්වාරෙ අට්ඨාසි. තං දිස්වා සො මාගවිකො සඤ්ජාතබහුමානො පච්චුග්ගන්ත්වා ගෙහං පවෙසෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා අදාසි. නිසීදි ථෙරො පඤ්ඤත්තෙ ආසනෙ, සොපි ථෙරං උපසඞ්කමිත්වා නිසීදි. තස්ස ථෙරො පාණාතිපාතෙ ආදීනවං, තතො විරතියා ආනිසංසඤ්ච පකාසෙසි. සො තං සුත්වාපි තතො විරමිතුං න ඉච්ඡි. අථ නං ථෙරො ආහ – “සචෙ, ත්වං ආවුසො, සබ්බෙන සබ්බං විරමිතුං න සක්කොසි, රත්තිම්පි තාව විරමස්සූ”ති, සො “සාධු, භන්තෙ, විරමාමි රත්ති”න්ති තතො විරමි. සෙසං අනන්තරවත්ථුසදිසං. ගාථාසු පන –
අනතුරුව එක් දවසක් ඒ ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර පිඬු සිඟමින් හැසිරෙන්නේ ඔහුගේ ගේ දොරකඩ වැඩ සිටිසේක. එය දුටු ඒ වැදි තෙම ගරු බුහුමන් පෙරදැරිව පෙරගමන් කොට, ගෙට වඩමවා ආසනයක් පනවා පිරිනැමීය. පණවන ලද අසුනෙහි උන්වහන්සේ වැඩ සිටියහ. ඔහු ද තෙරුන් වෙත එළඹ හිඳගත්තේය. ඒ තෙරුන් වහන්සේ ප්‍රාණඝාතයෙහි ආදීනව පවසා, එයින් වෙන්වීමේ ආනිසංස ද වදාළ සේක. හෙතෙම එය අසා එයින් මිදෙන්නට නොකැමැති විය. ඉක්බිති තෙරණුවෝ ඔහුට මෙසේ කීය. මාණවකය! ඉදින් තොපට සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් මිදෙන්නට නො හැක්කේ නම් අවම වසයෙන් රාත්‍රි කාලයෙහිවත් එයින් මිදෙනු මැනැවි. හෙතෙම යහපති ස්වාමීනි, රාත්‍රි කාලයෙහි මිදෙමියි පොරොන්දු විය. සෙස්ස පෙර කී වස්තුව හා සමාන වේ. ගාථාවෝ වනාහි.
“කූටාගාරෙ ච පාසාදෙ, පල්ලඞ්කෙ ගොනකත්ථතෙ; පඤ්චඞ්ගිකෙන තුරියෙන, රමසි සුප්පවාදිතෙ.
දිව්‍යමය වූ, කූටාගාරයෙහි ද ප්‍රාසාදයෙහි ද, දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද යහන්හි සැතපෙමින්, මනාව වාදනය කරන පඤ්චාඞ්ගික තූර්ය වාදනයෙන් සිත් අලවමින් සිටියි. (කූටාගාරය නම් එක් කැණිමඬලක් යොදා තැනු වටගෙයයි.)
“තතො රත්යා විවසානෙ, සූරියුග්ගමනං පති; අපවිද්ධො සුසානස්මිං, බහුදුක්ඛං නිගච්ඡසි.
ඉන්පසු රැය පහන් වූ කල්හි හිරු උදා වූ කල්හි සොහොනෙහි දමන ලදුව බොහෝ දුක් විදින්නෙහිය.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡසී”ති. –
ඔබ පෙර ආත්මයේ කයින් වචනයෙන් සිතෙන් කවරාකාර පාපකර්ම කළේ ද?
තීහි ගාථාහි නාරදත්ථෙරො නං පටිපුච්ඡි. අථස්ස පෙතො –
“අහං රාජගහෙ රම්මෙ, රමණීයෙ ගිරිබ්බජෙ; මිගලුද්දො පුරෙ ආසිං, ලුද්දො චාසිමසඤ්ඤතො.
මම රමණීය වූ, සිත් පිනවන්නා වූ ගිරිබ්රජ නම් වු රජගහ නුවර, පෙර ඉපදී අසංවර වූ රෞද්‍ර වූ, මුව වැද්දෙක් වීමි.
“තස්ස මෙ සහායො සුහදයො, සද්ධො ආසි උපාසකො; තස්ස කුලූපකො භික්ඛු, ආසි ගොතමසාවකො; සොපි මං අනුකම්පන්තො, නිවාරෙසි පුනප්පුනං.
එහිදී ශ්රද්ධාවන්ත උපාසකයෙක් මගේ සමීපම සුහද වූ මිත්‍රයෙක් විය. ගෞතම බුද්ධ ශාසනයේ එක් භික්ෂුවක් මගේ කුලුපග භික්ෂුවක් විය. ඒ අය මා කෙරෙහි අනුකම්පාවෙන් මා ප්‍රාණඝාතයෙන් වැළැක්වීමට නැවත නැවත උත්සාහ කළේය.
“‘මාකාසි පාපකං කම්මං, මා තාත දුග්ගතිං අගා; සචෙ ඉච්ඡසි පෙච්ච සුඛං, විරම පාණවධා අසංයමා’.
ප්‍රාණඝාත අකුසල කර්ම නොකරව! මතු භවයෙහි දුගතියකට නො යවා ඉදින් පරලොව දී සැප කැමැත්තේ නම් සංවර නොවූ ප්‍රාණඝාතයෙන් වෙන්වව,
“තස්සාහං වචනං සුත්වා, සුඛකාමස්ස හිතානුකම්පිනො; නාකාසිං සකලානුසාසනිං, චිරපාපාභිරතො අබුද්ධිමා.
මම හිතානුකම්පී වූ ඔවුන්ගේ වචන සුව කැමති වූ මා නොඅසා, බොහෝ කලක් පවෙහි ඇලුනා වු, අනුවණ වූ මම ඔවුන්ගේ වචනය පිළි නොගත්තෙමි.
“සො මං පුන භූරිසුමෙධසො, අනුකම්පාය සංයමෙ නිවෙසයි; ‘සචෙ දිවා හනසි පාණිනො, අථ තෙ රත්තිං භවතු සංයමො’.
බොහෝ යහපත් නුවණැති හෙතෙම මා කෙරෙහි දයාවෙන් සංවරයෙහි පිහිටුවීය. ඉදින් ඔබ දවල් කාලයෙහි සතුන් මරන්නේ නම් - රාත්‍රි කාලයෙහි සංයමයෙන් යුතුව ප්‍රාණඝාතයෙන් වෙන්වීමි.
“ස්වාහං දිවා හනිත්වා පාණිනො, විරතො රත්තිමහොසි සඤ්ඤතො; රත්තාහං පරිචාරෙමි, දිවා ඛජ්ජාමි දුග්ගතො.
මම රාත්‍රි කාලයෙහි දෙව් සැප විදිමි. දවල් කාලයෙහි දුකට පැමිණෙන්නෙමි.
“තස්ස කම්මස්ස කුසලස්ස, අනුභොමි රත්තිං අමානුසිං; දිවා පටිහතාව කුක්කුරා, උපධාවන්ති සමන්තා ඛාදිතුං.
ඒ කුශල කර්මයාගේ විපාකයෙන් අමානුෂික වූ දිව්‍ය සැප වළදමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් මා කෑමට පැමිණෙති.
“යෙ ච තෙ සතතානුයොගිනො, ධුවං පයුත්තා සුගතස්ස සාසනෙ; මඤ්ඤාමි තෙ අමතමෙව කෙවලං, අධිගච්ඡන්ති පදං අසඞ්ඛත”න්ති. –
ඒ පුරුෂයෝ වනාහි තථාගත ශාසනයෙහි ස්ථිර වශයෙන්ම ශීලාදී කුශල ධර්මයන්හි යෙදුණේ ද? ඒ පින්වත්හු හුදෙක් නිවණටම පැමිණෙන්නේ යයි හඟිමි.
තමත්ථං ආචික්ඛි. තාසං අත්ථො හෙට්ඨා වුත්තනයොව.
මේ ගාථාවල අටුවාව පෙර කියන ලද පරිදිමය.
දුතියමිගලුද්දකපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
දෙවන මිගලුද්දක ප්‍රේතවත්ථු වර්ණනාව නිමියේය.
9. කූටවිනිච්ඡයිකපෙතවත්ථුවණ්ණනා
9. නවවැනි කූටවිනිජයික ප්‍රෙතවස්තු වර්ණනාව
මාලී කිරිටී කායූරීති ඉදං සත්ථරි වෙළුවනෙ විහරන්තෙ කූටවිනිච්ඡයිකපෙතං ආරබ්භ වුත්තං. තදා බිම්බිසාරො රාජා මාසස්ස ඡසු දිවසෙසු උපොසථං උපවසති, තං අනුවත්තන්තා බහූ මනුස්සා උපොසථං උපවසන්ති. රාජා අත්තනො සන්තිකං ආගතාගතෙ මනුස්සෙ පුච්ඡති – “කිං තුම්හෙහි උපොසථො උපවුත්ථො, උදාහු න උපවුත්ථො”ති? තත්රෙකො අධිකරණෙ නියුත්තකපුරිසො පිසුණවාචො නෙකතිකො ලඤ්ජගාහකො “න උපවුත්ථොම්හී”ති වත්තුං අසහන්තො “උපවුත්ථොම්හි, දෙවා”ති ආහ. අථ නං රාජසමීපතො නික්ඛන්තං සහායො ආහ – “කිං, සම්ම, අජ්ජ තයා උපවුත්ථො”ති? “භයෙනාහං, සම්ම, රඤ්ඤො සම්මුඛා එවං අවොචං, නාහං උපොසථිකො”ති.
“මාලි කිරීටි කෙයුරී” ආදී වූ මෙම ප්‍රේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසන කල්හි එක් වංචනික ලෙස නඩු ඇසූ ප්‍රේතයකු අරභයා වදාළහ. එකල්හි බිම්බිසාර මහ රජු මාසයකට සය දිනක් පෙහෙවස් සමාදන් වේ. ඒ රජුට අනුව බොහෝ මිනිස්සු ද පෙහෙවස් සමාදන් වෙති. රජතුමා තමන් ලඟට පැමිණි අයගෙන්, කිම ඔබ විසින් පෙහෙවස් සමාදන් වන ලද්දේ ද? නැතිනම් පෙහෙවස් සමාදන් නොවන ලද්දේදැයි විමසයි. ඒ මිනිසුන් අතරෙහි එක්තරා අධිකරණ නායකයෙක් විය. හේ කේලාම් කියන, කෛරාටික, අල්ලස් ගන්නා දරුණු ක්‍රියා ඇත්තෙකි. ඔහු පෙහෙවස් සමාදන් නො වූයෙමියි රජුට කියන්ට බියවෙමින් දේවයිනි පෙහෙවස් සමාදන් වෙමියි කීයේය. ඉක්බිති ඔහු රජු සමීපයෙන් නික්මුණු විට, යහළුව කිම ඔබ අද පෙහෙවස් සමාදන් වූයේ ද කියා යහළුවෙක් ඇසීය. මම රජුට බියෙන් රජු ඉදිරියේ දී මෙසේ කීවෙමි. මම පෙහෙවස් සමාදන් නුවූයෙමියි කීයේය.
අථ නං සහායො ආහ – “යදි එවං උපඩ්ඪුපොසථොපි තාව තෙ අජ්ජ හොතු, උපොසථඞ්ගානි සමාදියාහී”ති. සො තස්ස වචනං “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගෙහං ගන්ත්වා අභුත්වාව මුඛං වික්ඛාලෙත්වා උපොසථං අධිට්ඨාය රත්තියං වාසූපගතො රිත්තාසයසම්භූතෙන බලවවාතහෙතුකෙන සූලෙන උපච්ඡින්නායුසඞ්ඛාරො චුතිඅනන්තරං පබ්බතකුච්ඡියං වෙමානිකපෙතො හුත්වා නිබ්බත්ති. සො හි එකරත්තිං උපොසථරක්ඛණමත්තෙන විමානං පටිලභි දසකඤ්ඤාසහස්සපරිවාරං මහතිඤ්ච දිබ්බසම්පත්තිං. කූටවිනිච්ඡයිකතාය පන පෙසුණිකතාය ච අත්තනො පිට්ඨිමංසානි සයමෙව ඔක්කන්තිත්වා ඛාදති. තං ආයස්මා නාරදො ගිජ්ජකූටතො ඔතරන්තො දිස්වා –
එවිට යහළුවා කියන්නේ, ඉදින් එසේ වී නම් ඔබට අද අර්ධ උපෝසථය සමාදන් විය හැකිය. ඔබට අර්ධ උපෝසථය වේවා! අර්ධ උපෝසථාඞ්ගයන් සමාදන් වෙවය, කීයේය. හෙතෙම ඔහුගේ වචනය මැනැවැයි පිළිගෙන ගෙදර ගොස් ආහාර නොගෙනම, මුව සෝදා උපෝසථ ශීලය ඉටා රාත්‍රියෙහි වාසයට පැමිණියේ ආහාරයෙන් හිස් වූ කුස තුළ බලවත් වාතය හේතුවෙන් හටගත් උදර රෝගයකින් සිඳින ලද ආයුසංස්කාර ඇත්තේ මිය ගියේය. මරණයට අනතුරුව පර්වත කුහරයෙක විමාන ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු එක් රැයක් අර්ධ උපෝසථය රැකීම් පමණකින් දිව්‍ය විමානයක් ලැබීය දෙවඟනන් දස දහසක් පිරිවර ඇතිවිය. දිව සැප ලැබීය. චඤ්චනික ලෙස විනිශ්චය කළ විපාකයෙන් ද පිසුණු බස් කීමේ විපාකයෙන් ද තමන්ගේ පිටේ මස් තමන්ම කඩාගෙන කයි. ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නා වූ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ මේ ප්‍රේතයා දැක,
“මාලී කිරිටී කායූරී, ගත්තා තෙ චන්දනුස්සදා; පසන්නමුඛවණ්ණොසි, සූරියවණ්ණොව සොභසි.
දිවමල් දරන්නා වූ, හිස් වෙළුම් ඇති, බාහු වළලු ඇති ඔබගේ ශරීරයේ සඳුන් ගල්වන ලදහ. මුවෙහි වර්ණය ප්‍රසන්නයහ. ළහිරු වර්ණයෙන් බබළයි.
“අමානුසා පාරිසජ්ජා, යෙ තෙමෙ පරිචාරකා; දස කඤ්ඤාසහස්සානි, යා තෙමා පරිචාරිකා; තා කම්බුකායූරධරා, කඤ්චනාවෙළභූසිතා.
ඔබට අත් පා මෙහෙවර කරන දෙවි වූ පරිචාරිකාවෝ මේ පිරිසෙහි ඇත් ද ඒ පරිචාරිකාවෝ දස දහසක් දෙවඟනෝම වෙති. සක්වළලු හා අඟු පළඳනා දරන්නාහ. ස්වර්ණමය වූ මුදුන් මල්කඩින් සැරසුණාහ.
“මහානුභාවොසි තුවං, ලොමහංසනරූපවා; පිට්ඨිමංසානි අත්තනො, සාමං උක්කච්ච ඛාදසි.
ලොමු දැහැගන්වන සුළු මහානුභාව ඇත්තෙහිය. එහෙත් තමාගේ අතින්ම තමන්ගේම පිටේ මස් කඩාගෙන කයි.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පිට්ඨිමංසානි අත්තනො; සාමං උක්කච්ච ඛාදසීති.
කයින් වදනින් සිතින් කරන ලද අකුශල කර්මය කුමක් ද? කවර වූ කර්ම විපාකයකින් තමාගේම පිටේ මස් තමාම කඩා ගෙන කන්නේද?
“අත්තනොහං අනත්ථාය, ජීවලොකෙ අචාරිසං; පෙසුඤ්ඤමුසාවාදෙන, නිකතිවඤ්චනාය ච.
මම මිනිස් ලොව දී මුසාවාදයෙන් හිස් වචන වලින් ශඨ බවින් හා වඤ්චාවෙන් ද තමන්ට අයත් රාජකාරි කටයුතුවල දී අවැඩ පිණිස හැසිරුණෙමි.
“තත්ථාහං පරිසං ගන්ත්වා, සච්චකාලෙ උපට්ඨිතෙ; අත්ථං ධම්මං නිරාකත්වා, අධම්මමනුවත්තිසං.
එහිදී මම පිරිස් මැදට ගොස් ඇත්ත කිවයුතු තන්හි දී, න්‍යාය යුක්ති ධර්මය හැර දමා අධර්මය අනුව පැවතියේය.
“එවං සො ඛාදතත්තානං, යො හොති පිට්ඨිමංසිකො; යථාහං අජ්ජ ඛාදාමි, පිට්ඨිමංසානි අත්තනො.
යම්සේ මම අද මගේ පිටමස් කමි ද? යමෙක් අනුන්ගේ පිටමස් කන්නේ ද යුක්තිය අයුක්තිය කරන්නේ ද හෙතෙමේ ද මා සේම තමා විසින්ම තමන් කා දමයි.
“තයිදං තයා නාරද සාමං දිට්ඨං, අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං; මා පෙසුණං මා ච මුසා අභාණි, මා ඛොසි පිට්ඨිමංසිකො තුව”න්ති. –
පින්වත් නාරදයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මගේ රූපය දක්නා ලදී. අනුකම්පා පූර්වකව යමෙක් යම් යහපතක් හොඳක් කියන්නේ ද? පිසුණු බස් හා බොරු නොකියනු මැනැවි. කේලාම් නොකියනු මැනවි. නුඹලා ද බොරු හා කේලාම් කියා මා සේ පිටමස් කන්නෙක් නොවෙනු මැනවි.
ථෙරො චතූහි ගාථාහි පුච්ඡි, සොපි තස්ස චතූහි ගාථාහි එතමත්ථං විස්සජ්ජෙසි.
තෙරුන් වහන්සේ ගාථා සතරකින් ඇසීය. ඔහු ද ගාථා සතරකින් එහි අර්ථය විසඳීය.
තත්ථ මාලීති මාලධාරී, දිබ්බපුප්ඵෙහි පටිමණ්ඩිතොති අධිප්පායො. කිරිටීති වෙඨිතසීසො. කායූරීති කෙයූරවා, බාහාලඞ්කාරපටිමණ්ඩිතොති අත්ථො. ගත්තාති සරීරාවයවා. චන්දනුස්සදාති චන්දනසාරානුලිත්තා. සූරියවණ්ණොව සොභසීති බාලසූරියසදිසවණ්ණො එව හුත්වා විරොචසි. “අරණවණ්ණී පභාසසී”තිපි පාළි, අරණන්ති අරණියෙහි දෙවෙහි සදිසවණ්ණො අරියාවකාසොති අත්ථො.
එහි - මාලි. මල්දම් දරන්නා - දිව්‍ය පුෂ්පයන්ගෙන් සැදුම්ලද යන අදහසයි. කිරීටි - හිස් වෙළුම, තලප්පාව, කෙයුරී වළලු අත් සැරසීම සඳහා යන අර්ථයි. ගත්තා - යනු ශරීර අවයව, චන්දනුස්සදා යනු සඳුන් රස (සුවද ආලේප) ගැල් වූ සුරිය වණ්ණාව සොහසි - යනු ළහිරු පාටින් බබළන්නෙක් වී, අරණ සදිසි වණ්ණවා යනු ද පෙළේ සඳහනි. අරණනති අරණ යනු අරණ දෙවියන් කෙරෙන් පෙනෙන වර්ණයට සමාන යනුයි. එය ආර්ය කාශ්‍යප වර්ණයයි. දෙවියන් සමාන වර්ණ ඇති.
පාරිසජ්ජාති පරිසපරියාපන්නා, උපට්ඨාකාති අත්ථො. තුවන්ති ත්වං. ලොමහංසනරූපවාති පස්සන්තානං ලොමහංසජනනරූපයුත්තො. මහානුභාවතාසමඞ්ගිතාය හෙතං වුත්තං. උක්කච්චාති උක්කන්තිත්වා, ඡින්දිත්වාති අත්ථො.
පාරිසජ්ජා - යනු පිරිස් පිරිවරා ගෙන, උපස්ථායකයින් යන අර්ථයි. තුවං යනු ඔබ, ලොමහංසන රූපවා - යනු බලන්නන් ලොමු දැහැ ගන්වන සුළු රූපයන් යුත්, මහානුභාවයෙන් යුත් බව කියන ලදී. උක්කඩ්ඪා - යනු උගුල්ලා උදුරා කපා යන අර්ථයි.
අචාරිසන්ති අචරිං පටිපජ්ජිං. පෙසුඤ්ඤමුසාවාදෙනාති පෙසුඤ්ඤෙන චෙව මුසාවාදෙන ච. නිකතිවඤ්චනාය චාති නිකතියා වඤ්චනාය ච පතිරූපදස්සනෙන පරෙසං විකාරෙන වඤ්චනාය ච.
අවාරිසං - යනු හැසිරුණෙමි. පිළිපැද්දෙමි, පෙසුඤ්ඤ මුසාවාදෙන - හිස්වචන, කේලාම් හා බොරු කීමෙන්, නිකතී වඤ්චනාය වා - යනු කෛරාටික කමින්, වඤ්චා කිරීමෙන්, නියම ප්‍රතිරූපය දක්වන්නේ යයි අනුන්ට පෙන්වා වෙනස් විධියකින් වංචා කිරීම.
සච්චකාලෙති සච්චං වත්තුං යුත්තකාලෙ. අත්‍ථන්ති දිට්ඨධම්මිකාදිභෙදං හිතං. ධම්මන්ති කාරණං ඤායං. නිරාකත්වාති ඡඩ්ඩෙත්වා පහාය. සොති යො පෙසුඤ්ඤාදිං ආචරති, සො සත්තො. සෙසං සබ්බං හෙට්ඨා වුත්තනයමෙව.
සච්චකාලෙ - යනු සත්‍යය පැහැදිලි කළයුතු කාලයෙහි, අත්ථං - යනු මෙලොවදීම විපාක දීම් ආදියට හිතවත් වූ, ධම්මං - යනු කාරණය, න්‍යාය, නිරාකත්වා - යනු හැරදමා අත්හැර. සො - යනු යමෙක් පිසුනාවාචාදියෙහි යෙදේද එවැනි සත්ත්වයෝ අනෙක් සියල්ල යට කියන ලද පරිදිමය.
කූටවිනිච්ඡයිකපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
කූට විනිච්ඡයික ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
10. ධාතුවිවණ්ණපෙතවත්ථුවණ්ණනා
10. ධාතුවිවණ්ණක ප්‍රෙතවස්තු වර්ණනාව
අන්තලික්ඛස්මිං තිට්ඨන්තොති ඉදං ධාතුවිවණ්ණපෙතවත්ථු. භගවති කුසිනාරායං උපවත්තනෙ මල්ලානං සාලවනෙ යමකසාලානමන්තරෙ පරිනිබ්බුතෙ ධාතුවිභාගෙ ච කතෙ රාජා අජාතසත්තු අත්තනා ලද්ධධාතුභාගං ගහෙත්වා සත්ත වස්සානි සත්ත ච මාසෙ සත්ත ච දිවසෙ බුද්ධගුණෙ අනුස්සරන්තො උළාරපූජං පවත්තෙසි. තත්ථ අසඞ්ඛෙය්යා අප්පමෙය්යා මනුස්සා චිත්තානි පසාදෙත්වා සග්ගූපගා අහෙසුං, ඡළාසීතිමත්තානි පන පුරිසසහස්සානි චිරකාලභාවිතෙන අස්සද්ධියෙන මිච්ඡාදස්සනෙන ච විපල්ලත්ථචිත්තා පසාදනීයෙපි ඨානෙ අත්තනො චිත්තානි පදොසෙත්වා පෙතෙසු උප්පජ්ජිංසු. තස්මිංයෙව රාජගහෙ අඤ්ඤතරස්ස විභවසම්පන්නස්ස කුටුම්බිකස්ස භරියා ධීතා සුණිසා ච පසන්නචිත්තා “ධාතුපූජං කරිස්සාමා”ති ගන්ධපුප්ඵාදීනි ගහෙත්වා ධාතුට්ඨානං ගන්තුං ආරද්ධා. සො කුටුම්බිකො “කිං අට්ඨිකානං පූජනෙනා”ති තා පරිභාසෙත්වා ධාතුපූජං විවණ්ණෙසි. තාපි තස්ස වචනං අනාදියිත්වා තත්ථ ගන්ත්වා ධාතුපූජං කත්වා ගෙහං ආගතා තාදිසෙන රොගෙන අභිභූතා නචිරස්සෙව කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තිංසු. සො පන කොධෙන අභිභූතො නචිරස්සෙව කාලං කත්වා තෙන පාපකම්මෙන පෙතෙසු නිබ්බත්ති.
“අන්තළික්ඛස්මිං තිට්ඨන්නෙ” යනුවෙන් දැක්වෙන්නේ ධාතු විවණ්ණක ප්‍රේත වස්තු කථාවයි. භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම් මල්ල රජවරුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතර (පනවන ලද ආසනයේ) පිරිනිවන් පෑ වදාළ කල්හි, ධාතු බෙදීම ද කළ කල්හි අජාසත් රජු තමන් විසින් ලත් ධාතු කොටස ගෙන සත් හවුරුදු සත්මස් සත් දිනක් මුළුල්ලෙහි බුදුගුණ සිහිකරමින් මහත් පූජා පැවැත්වීය. ඒ ධාතු පුජෝත්සවයේ දී, අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය ගණන් මිනිස්සු සිත් පහදවාගෙන ස්වර්ග ලෝකවල ඉපදුනාහු වෙති. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කලක් පුරුදු පුහුණු කළ අශ්‍රද්ධාවෙන් හා මිථ්‍යා දර්ශනයෙන් ද වරදවා ගනු ලැබු සිත් ඇතිව, පැහැදිය යුතු තන්හි තමන්ගේ සිත් දූෂිත කරගෙන ප්‍රේතයන් වී උපන්නාහුය. එකල්හි රජගහ නුවර ධන සම්පත් ඇති එක්තරා කෙළඹියක්හුගේ බිරින්ඳ, දුවණිය හා යෙහෙළිය පහන් සිතින් යුතුව ධාතු පූජාවන් කරන්නෙමු යයි සුවඳ ද්‍රව්‍ය මල් ආදිය ගෙන ධාතු තැන්පත් කළ ස්ථානයට යාමට පිටත් වූහ. එවිට ඒ කෙළඹි තෙම “ඇටවලට පූජා කිරිමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා ඔවුන්ට බැණ නින්දා කොට ධාතු පූජාවේ නුගුණ කීවේය. පවුලේ උදවිය ඒ කීම භාර නොගෙන ධාතු පූජාව සඳහා ගොස් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගෙට ආහ. ඔවුහු හදිසි අසනීපයකින් මඩනා ලදුව ටික දිනකින් මිය ගොස් දෙව්ලොව උපන්හ. ගෘහපතියා වනාහි ක්‍රෝධයෙන් මඩනා ලදු ව, නොබෝ කලකින් මිය ගොස් ඒ පාප කර්මයෙන් ප්‍රේතයකු වී උපනි.
අථෙකදිවසං ආයස්මා මහාකස්සපො සත්තෙසු අනුකම්පාය තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි, යථා මනුස්සා තෙ පෙතෙ තා ච දෙවතායො පස්සන්ති. තථා පන කත්වා චෙතියඞ්ගණෙ ඨිතො තං ධාතුවිවණ්ණකං පෙතං තීහි ගාථාහි පුච්ඡි. තස්ස සො පෙතො බ්යාකාසි –
එක් දවසක් ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෝ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් යම්සේ මනුෂ්‍යයෝ ඒ දේවතාවන් හා ප්‍රේතයන් දක්නා කැමැත්තෝය. එබඳු වූ ඍද්ධ්යභිසංස්කාරයක් අධිෂ්ඨාන කළහ. එසේ කොට මළුවෙහි සිටි (ඉහත කී) ධාතු පූජාවේ නුගුණ කී ප්‍රේතයාගෙන් ගාථා තුනකින් කරුණු විමසීය.
“අන්තලික්ඛස්මිං තිට්ඨන්තො, දුග්ගන්ධො පූති වායසි; මුඛඤ්ච තෙ කිමයො පූතිගන්ධං, ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙ.
අහසෙහි සිටින්නා වූ ඔබගේ ශරීරයෙන් කුණු ගඳ හමන්නේය. දුගඳම හමා යන්නේය. තොපගේ කුණු ගඳ හමන්නා වූ මුඛය කෘමීහු කති. පූර්ව ජාතියෙහි කිනම් පාප කර්මයක් කළෙහි ද?
“තතො සත්ථං ගහෙත්වාන, ඔක්කන්තන්ති පුනප්පුනං; ඛාරෙන පරිප්ඵොසිත්වා, ඔක්කන්තන්ති පුනප්පුනං.
එහෙයින් තියුණු මුවහත් ඇති ශස්ත්‍රයක් ආයුධයක් ගෙන නැවත නැවත කට කපත් ලුණු ජලය ඉසිමින් නැවත නැවත කට කපන්නේය.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡසී”ති.
ඔබ කයින්, වචනයෙන් මනසින් කවර නම් අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර කර්මයක විපාකයකින් මෙවන් දුකකට පැමිණියේ ද? දුකක් විඳින්නේ ද?
“අහං රාජගහෙ රම්මෙ, රමණීයෙ ගිරිබ්බජෙ; ඉස්සරො ධනධඤ්ඤස්ස, සුපහූතස්ස මාරිස.
නිදුකාණනි මම පෙර ආත්මයේ, සිත් අලවන්නා වූ අලංකාර වූ, ගිරිබ්බජ යන නම් ඇති රජගහනුවර බොහෝ යස ඉසුරු සම්පත් ඇති ඓශ්චර්යයෙන් යුත් කෙළඹියෙක් වීමි.
“තස්සායං මෙ භරියා ච, ධීතා ච සුණිසා ච මෙ; තා මාලං උප්පලඤ්චාපි, පච්චග්ඝඤ්ච විලෙපනං; ථූපං හරන්තියො වාරෙසිං, තං පාපං පකතං මයා.
එකල්හි (පෙර ආත්මයේ) මෝ තොමෝ මගේ බිරිඳ වූවාය. මෑ දියණිය ද, මෑ යෙහෙළිය ද වූහ. ඔවුන් මල් ද, උපුල් ද අලුත් වූ සුවඳ විලෙවුන් ද ගෙන, චෛත්‍ය පූජාවට යන්නියෝ මම වැළැක්වීමි. ඒ පාප කර්මය මා විසින් කරන ලදී.
“ඡළාසීතිසහස්සානි , මයං පච්චත්තවෙදනා; ථූපපූජං විවණ්ණෙත්වා, පච්චාම නිරයෙ භුසං.
සයාසු දහසක් පමණ වූ අපි, ස්ථූප පූජාවන් පවත්වන කල්හි, ඒ පිළිබඳව දොස් කීවෝ ද? ඒ නිසාම වෙන් වෙන් වශයෙන් තමන් විඳිනු ලබන මහ දුක් වේදනා ඇතිව අතිශයින් නරකය හා සමාන ප්‍රේත අපායෙහි පැසෙමි. දුක් විදිමි.
“යෙ ච ඛො ථූපපූජාය, වත්තන්තෙ අරහතො මහෙ; ආදීනවං පකාසෙන්ති, විවෙචයෙථ නෙ තතො.
බුදුන්ගේ චෛත්‍ය පූජාව පිළිබඳව උත්සවය පවත්වන කල්හි යමෙක් දොස් කියයි ද ඔවුන් ඒ පිනෙන් බැහැරව යයි.
“ඉමා ච පස්ස අයන්තියො, මාලධාරී අලඞ්කතා; මාලාවිපාකංනුභොන්තියො, සමිද්ධා ච තා යසස්සිනියො.
දිව මල් මාලා දරමින් අලඞ්කාර ලෙස සැරසුණු, මල් පූජා කිරීමේ විපාකය භුක්ති විඳින්නා වූ, සම්පතින් සමෘද්ධ වූ පිරිවර සමග එන්නා වූ මේ දෙවඟනුන් දෙස බලව,
“තඤ්ච දිස්වාන අච්ඡෙරං, අබ්භුතං ලොමහංසනං; නමො කරොන්ති සප්පඤ්ඤා, වන්දන්ති තං මහාමුනිං.
ආශ්චර්යමත් වූ, අද්භූත වූ, ලොමු දැහැ ගන්වන සුළු, මේ විපාක දැක නුවණැත්තෝ ඒ තථාගතයන් කෙරෙහි නමස්කාර කෙරෙත්.
“සොහං නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; ථූපපූජං කරිස්සාමි, අප්පමත්තො පුනප්පුන”න්ති.
ඒ එසේය. මම මෙයින් චුතව ගොස් නැවත මිනිසත් බව ලබා ප්‍රමාද නොවී නැවත නැවතත් ස්ථූප වන්දනාව කරමි.
තත්ථ දුග්ගන්ධොති අනිට්ඨගන්ධො, කුණපගන්ධගන්ධීති අත්ථො. තෙනාහ “පූති වායසී”ති. තතොති දුග්ගන්ධවායනතො කිමීහි ඛායිතබ්බතො ච උපරි. සත්තං ගහෙත්වාන, ඔක්කන්තන්ති පුනප්පුනන්ති කම්මසඤ්චොදිතා සත්තා නිසිතධාරං සත්ථං ගහෙත්වා පුනප්පුනං තං වණමුඛං අවකන්තන්ති. ඛාරෙන පරිප්ඵොසිත්වා, ඔක්කන්තන්ති පුනප්පුනන්ති අවකන්තිතට්ඨානෙ ඛාරොදකෙන ආසිඤ්චිත්වා පුනප්පුනම්පි අවකන්තන්ති.
මෙහි - දුග්ගන්ධො යනු ප්‍රිය නොවූ ගඳ, මිණී කුණු වූ ගඳ ඇති යන අර්ථයි. පූතිවායසී - යන්න එහෙයින් කියන ලදී. තතො - යනු දුර්ගන්ධය වහනය වන්නේ මත්තෙහි කෘමීන්, පණුවන් විසින් කණු ලබන්නේ, සත්ථං ගහෙත්වාන ඔක්කන්තන්ති පුනප්පුනං - යනු කර්මය විසින් මෙහෙයවන ලද සත්ත්වයෝ තියුණු මුවහත් ඇති ආයුධ ගෙන, නැවත නැවත ඔබගේ මුඛය කපයි. ඛාරෙන පරිපෙථාසිත්වා ඔක්කන්තන්ති පුනප්පුනං - කැපු කැපු කෙණෙහි කරදිය ඉසීමෙන් නැවත නැවත කපත්.
ඉස්සරො ධනධඤ්ඤස්ස, සුපහූතස්සාති අතිවිය පහූතස්ස ධනස්ස ධඤ්ඤස්ස ච ඉස්සරො සාමී, අඩ්ඪො මහද්ධනොති අත්ථො.
ඉස්සරො ධන ධඤ්ඤස්ස සුපහුතස්සා - යනු අතිශය බොහෝ වූ ධන ධාන්‍යයන්ගෙන් ඓශ්චර්යයෙන් යුත් කෙනෙක් වීමි. ආඪ්‍ය වූ මහා ධන ඇති යන අර්ථයි.
තස්සායං මෙ භරියා ච, ධීතා ච සුණිසා චාති තස්ස මය්හං අයං පුරිමත්තභාවෙ භරියා, අයං ධීතා, අයං සුණිසා. තා දෙවභූතා ආකාසෙ ඨිතාති දස්සෙන්තො වදති. පච්චග්ඝන්ති අභිනවං. ථූපං හරන්තියො වාරෙසින්ති ථූපං පූජෙතුං උපනෙන්තියො ධාතුං විවණ්ණෙන්තො පටික්ඛිපිං. තං පාපං පකතං මයාති තං ධාතුවිවණ්ණනපාපං කතං සමාචරිතං මයාති විප්පටිසාරප්පත්තො වදති.
තස්සායං මෙ භරියා ච ධීතාච සුණීසා වා - යනු ඇය මගේ පෙර අත්බැව්හි භාර්යාවය. මෝ දියණියයි. මැ පෙර යෙහෙළිය වන නිසා මෙහිද යෙහෙළියම විය යුතුය. නැතහොත් මුලින් හමුවන දෙතැනම ලේළිය කළ යුතුයයි ඔව්හු දෙවියන් වී අහසේ සිටියවුන් දක්වමින් කියයි. පච්චඞ්ග යනු අළුත්, ථූපං හරන්තියො වාරෙසි යනු ස්තූප පූජාවට පිටත්වන්නේ ධාතු වන්දනාව හරහා ප්‍රතික්ෂේප කළෙමි. තං පාපං පකතං මයා - යන ඒ පාප කර්මය මා විසින් කරන ලදී. ඒ ධාතු පූජාවේ නුගුණ කීමේ පාපය, විඳවමි. මා විසින් විපිළිසරට පැමිණ කීය.
ඡළාසීතිසහස්සානීති ඡසහස්සාධිකා අසීතිසහස්සමත්තා. මයන්ති තෙ පෙතෙ අත්තනා සද්ධිං සඞ්ගහෙත්වා වදති. පච්චත්තවෙදනාති විසුං විසුං අනුභුය්යමානදුක්ඛවෙදනා. නිරයෙති බලදුක්ඛතාය පෙත්තිවිසයං නිරයසදිසං කත්වා ආහ.
ඡළාසීති සහස්සානි - යනු අසූහයදාහක් පමණ, මයං යනු ඒ ප්‍රේත තෙමේ තමන් හා වසන පිරිස ගැන කියයි. පච්චත්ත වෙදනා - යනු වෙන වෙනම තමන් විසින් විඳිනු ලබන මහා දුක් වේදනා දකියි. නිරයං - යනු බලවත් දුක් වේදනා ගෙන දෙන ප්‍රේත විෂය නිරයට සමානකොට කීයේය.
යෙ ච ඛො ථූපපූජාය, වත්තන්තෙ අරහතො මහෙති අරහතො සම්මාසම්බුද්ධස්ස ථූපං උද්දිස්ස පූජාමහෙ පවත්තමානෙ අහං විය යෙ ථූපපූජාය ආදීනවං දොසං පකාසෙන්ති. තෙ පුග්ගලෙ තතො පුඤ්ඤතො විවෙචයෙථ විවෙචාපයෙථ, පරිබාහිරෙ ජනයෙථාති අඤ්ඤාපදෙසෙන අත්තනො මහාජානියතං විභාවෙති.
යෙච ඛො ථූප පූජාය වත්තන්තො අරහතො මහෙ, යනු අර්හත් වූ සම්‍යක් සම්බුදුන් වහන්සේගේ ස්ථූපය උදෙසා පූජා පවත්වන කල්හි, මා මෙන් ථූප වන්දනාව පිළිබඳව ආදීනව දෝස ප්‍රකාශ කරන්නා වූ කළා වූ අය ඒ පින්කමෙන් වෙන් වේ. ඒ පිනෙන් බැහැර වූවාහු වෙති.
ආයන්තියොති ආකාසෙන ආගච්ඡන්තියො. මාලාවිපාකන්ති ථූපෙ කතමාලාපූජාය විපාකං ඵලං. සමිද්ධාති දිබ්බසම්පත්තියා සමිද්ධා. තා යසස්සිනියොති තා පරිවාරවන්තියො.
ආයන්තියො යනු අහසින් පැමිණියාහු - මාලවිපාකං යනු ථූපය පිණිස කරණ ලද මල් පූජාවේ විපාක ඵලය, සමිද්ධා - යනු දිව්‍ය සම්පත්තීන් සමෘද්ධ වූහ. යසස්සි නියො - යනු පිරිවර ඇත්තාහු,
තඤ්ච දිස්වානාති තස්ස අතිපරිත්තස්ස පූජාපුඤ්ඤස්ස අච්ඡරියං අබ්භුතං ලොමහංසනං අතිඋළාරං විපාකවිසෙසං දිස්වා. නමො කරොන්ති සප්පඤ්ඤා, වන්දන්ති තං මහාමුනින්ති, භන්තෙ කස්සප, ඉමා ඉත්ථියො තං උත්තමපුඤ්ඤක්ඛෙත්තභූතං වන්දන්ති අභිවාදෙන්ති, නමො කරොන්ති නමක්කාරඤ්ච කරොන්තීති අත්ථො.
තඤ්ච දිස්වානං - යන ඔවුන් විසින් කරන ලද පුණ්‍යයාගේ විපාක වසයෙන් ආශ්චර්ය වූ අද්භූත වූ ලොමු දැහැගන්වන සුළු ඉතා මහත් වූ විපාක විශේෂය දැක, නමො කරොන්ති සප්පඤ්ඤා වන්දන්ති තං මහාමුනිං යනු ස්වාමිනී! කාශ්‍යපයන් වහන්ස මේ ස්ත්‍රීහු උතුම් වූ පුණ්‍ය ක්ෂේත්‍ර තත්ත්වයට පත්වූයේ වදිති අභිවාදනය කරත්, නමස්කාර කරත් යන අර්ථයි.
අථ සො පෙතො සංවිග්ගමානසො සංවෙගානුරූපං ආයතිං අත්තනා කාතබ්බං දස්සෙන්තො “සොහං නූනා”ති ගාථමාහ. තං උත්තානත්ථමෙව.
ඉක්බිති ඒ ප්‍රේතයා හටගත් සංවේග ඇත්තේ, සංවේගාත්මකව තමන් විසින් කරන ලද්ද දක්වන්නේ, සොහිනුනා - ආදී ගාථාව කීහ.
එවං පෙතෙන වුත්තො මහාකස්සපො තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි.
එය ඉස්මතු කර දැක්වීම් වශයෙන් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ.
ධාතුවිවණ්ණපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
ධාතු විවණ්ණක ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.
ඉති ඛුද්දක-අට්ඨකථාය පෙතවත්ථුස්මිං දසවත්ථුපටිමණ්ඩිතස්ස තතියස්ස චූළවග්ගස්ස අත්ථසංවණ්ණනා නිට්ඨිතා.
තුන්වෙනි චූල වර්ග වත්ථු වර්ණනාව නිමයි.