මිගලුද‍්දකපෙතවත්‍ථු සත‍්තමං
3. 7.
3. 7.
487. නරනාරිපුරක‍්ඛතො යුවා රජනීයෙහි කාමගුණෙහි සොභසි, දිවසං අනුභොසි කාරණං කිමකාසි පුරිමාය ජාතියා.
487. දෙව්පුත් දෙව්දූන් විසින් පිරිවරන ලද තරුණ වූ තෙපි සිත්කලු වූ පස්කම් සැපතින් යුතු වැ (රාත්‍රියෙහි) බබළන්නහු ය. එහෙත් දවල් කාලයෙහි නොයෙක් කම්කටොලු විඳින්නහු ය. තෙපි පෙරදෑහි කිනම් පවක් කළහු ද?
488. අහං රාජගහෙ රම‍්මෙ රමණීයෙ ගිරිබ‍්බජෙ, මිගලුද‍්දො පුරෙ ආසිං ලොහිතපාණී දාරුණො.
488. මම අතීතජාතියෙහි රම්‍ය වූ සිත් පිනවන ගිරිවුජ නම් වූ රජගහ නුවර ලෙයින් තෙත් අත් ඇති දරුණු වූ මුවවැද්දෙක් වීමි.
489. අවිරොධකරෙසු පාණීසු පුථුසත‍්තෙසු පදුට‍්ඨමානසො, විචරිං අතිදාරුණො තදා පරහිංසාය රතො අසඤ‍්ඤතො.
489. එකල ඉතා දරුණු වූ පරහිංසාවෙහි ඇලුණු නො දැමුණු මම කිසිවකුට හිංසාවක් නැති ප්‍රාණීසංක්‍යාත වූ බොහෝ සාමුව ආදී සතුන් කෙරෙහි දුෂ්ට සිතින් යුක්ත වැ හැසුරුණෙමි.
490. තස‍්ස මෙ සහායො සුහදො සද‍්ධො ආසි උපාසකො, සොපි මං අනුකම‍්පන‍්නො නිවාරෙසි පුනප‍්පුනං.
490. ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උවසුවෙක් යහළු ව සිටියේ ය. හේ මට අනුකම්පා කෙරෙමින් පුන පුනා මා පවින් වැළැක්වී ය.
491. මාකාසි පාපකං කම‍්මං මා තාත දුග‍්ගතිං අගා, සචෙ ඉච‍්ඡසි පෙච‍්ච සුඛං විරම පාණවධා අසංයමා.
491. දරුව, පව්කම් නො කරව, දුගතියට නො යව, පරලොවෙහි දී සුව කැමැත්තෙහි නම් දුශ්ශීල්‍ය වූ ප්‍රාණවධයෙන් වෙන් වෙව.
492. තස‍්සාහං වචනං සුත්‍වා සුඛකාමිස‍්ස හිතානුකම‍්පිනො, නාකාසිං සකලානුසාසනිං චිරපාපාභිරතො අබුද‍්ධිමා.
492. බොහෝ කල් පවෙහි ඇලුණු බුද්ධි නැති මම සුව කැමැති හිතානුකම්පා ඇති ඔහුගේ වචනය අසා ඒ සියලු අනුශාසනය නො කෙළෙමි.
493. සො මං පුන භූරිසුමෙධසො අනුකම‍්පාය සංයමෙ නිවෙසයී, සචෙ දිවා හනසි පාණිනො අථ තෙ රත‍්තිං භවතු සඤ‍්ඤමො.
493. පුළුල් නුවණ ඇති ඒ උවසු තෙම යලිත් අනුකම්පායෙන් මා සුචරිතයෙහි පිහිටුවීය. “ඉදින් තෙපි දහවල්හි සතුන් මරන්නහු නම් වැළි රාත්‍රියෙහි තොපගේ සංවරය වේ වා”යි.
494. ස‍්වාහං දිවා හනිත්‍ව පාණිනො විරතො රත‍්තිමහොසිං සඤ‍්ඤතො, රත‍්තාහං පරිවාරෙමි දිවා ඛජ‍්ජාමි දුග‍්ගතො.
494. ඒ මම දහවල්හි සතුන් නසා රැයෙහි පණිවායෙන් වෙන් ව සංයත වීමි. එහෙයින් මම රැයෙහි දිවසැප විඳිමි. දහවල්හි දුකට පත් වැ දුකින් පෙළෙමි.
495. තස‍්ස කම‍්මස‍්ස කුසලස‍්ස අනුභොමි රත‍්තිං අමානුසිං, දිවා පටිහතාව කුක‍්කුරා උපධාවන‍්ති සමන‍්තා ඛාදිතුං.
495. ඒ කුශලකර්‍මයෙහි විපාකයෙන් රාත්‍රියෙහි දිවසැප වළඳමි. දහවල්හි සුනඛයෝ බද්ධ වෛර ඇත්තවුන් මෙන් මා සපා කෑමට හාත්පසින් දිවැ එත්.
496. යෙ ච තෙ සත‍්තානුයොගිනො ධුවං පයුත‍්තා සුගතස‍්ස සාසනෙ, මඤ‍්ඤාමි තෙ අමතමෙව කෙවලං අධිගච‍්ඡන‍්ති පදං අසඞ‍්ඛත’න‍්ති.
496. යම් පුරුෂ කෙනෙක් බුදු සස්නෙහි ස්ථිරවශයෙන් අධිශීලාදියෙහි යෙදී නිරතුරු භාවනාදියෙහි යුක්ත වෙත් ද, ඔහු හුදෙක් අසංස්කෘත පද නම් වූ නිවනට පැමිණෙති මම සිතමි.