ධාතුවිවිණ‍්ණිකපෙතවත්‍ථු දසමං
3. 10.
3. 10.
516. අන‍්තලික‍්ඛස‍්මිං තිට‍්ඨන‍්තො දුග‍්ගන්‍ධො පූති වායසි, මුඛඤ‍්ච තෙ කිමයො පුතිගන්‍ධංඛාදන‍්ති කිං කම‍්මමකාසි පුබ‍්බෙ
516. අහසෙහි සිටින තෝ කුණු වූ දුගඳ හමහි. දුගඳැති තාගේ මුහුණ ද පණුවෝ කති. පෙර අත්බව්හි තෝ කිනම් පවක් කෙළෙහි ද?
517. තතො සත්‍ථං ගහෙත්‍වාන ඔක‍්කනතන‍්ති පුනප‍්පුනං, ඛරෙන පරිප‍්ඵොසිත්‍වා ඔක‍්කනතන‍්ති පුනප‍්පුනං.
517. එයින් මතු මුවාත් ඇති අවි ගෙන (පව්කමින් මෙහෙයවන ලද සත්ත්‍වයෝ) (තාගේ මුව) පුනපුනා කපත්. ක්‍ෂාර ජලයෙන් ඉස ඉස නැවත නැවතත් කපත්.
518. කින‍්නු කායෙන වාචාය මනසා දුක‍්කටං කතං, කිස‍්ස කම‍්මවිපාකෙන ඉදං දුක‍්ඛං නිගච‍්ඡසීති.
518. කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් මේ දුකට පැමිණියෙහි ද?
519. අහං රාජගහෙ රම‍්මෙ රමණීයෙ ගිරිබ‍්බජෙ, ඉස‍්සරො ධනධඤ‍්ඤස‍්ස සුපහූතස‍්ස මාරිස.
519. නිදුකාණන් වහන්ස, මම රම්‍ය වූ සිත්කලු වූ ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර ඉතා බොහෝ වූ ධනධාන්‍යයට අධිපතියෙක් වීමි.
520. තස‍්සායං මෙ භරියා ච ධීතා ච සුණිසා ච මෙ, තා මාලං උප‍්පලඤ‍්චාපි පච‍්චග‍්ඝඤ‍්ච විලෙපනං ථූපං හරන‍්තියො වාරෙසිං තං පාපං පකතං මයා.
520. ඒ මාගේ (පෙර අත්බැව්හි) මෝ බිරිඳ යැ මෝ දියණි යැ මෝ මාගේ යෙහෙළි යැ. ඔවුන් මල් ද උපුල් ද අලුත් විලෙවුන් ද සෑ පුදට ගෙන යනුවන් මම වැළැක්වීමි. මා විසින් ඒ පව්කම් කරන ලද.
521. ඡළාසීතිසහස‍්සානි මයං පච‍්චත‍්තවෙදනං, ථූපපූජං විවණ‍්ණෙත්‍වා පච‍්චාම නිරයෙ භුසං.
521. ගණනින් සයාසූදහසක් පමණ වූ අපි මෙසේ සෑපුදෙහි නුගුණ කියා වෙන් වෙන් වැ විඳිනු ලබන මහත් දුක් ඇති වැ නිරය වැනි ප්‍රේත ලෝකයෙහි දැඩි දුක් විඳිමු.
522. යෙ ච ඛො ථූපපූජාය වත‍්තන‍්තෙ අරහතො මහෙ. ආදීනවං පකාසෙන‍්ති විවෙචයථ නෙ තතො.
522. අර්‍හත් වූ සම්බුදුන්ගේ සෑපුද පිළිබඳ උළෙල පවත්නා කල්හි යම් කෙනෙක් එහි දොස් කියත්නම් ඔවුහු ඒ පිනෙන් බැහැර වෙත් යැ යි දැනගන්න.
523. ඉමා ච පස‍්ස ආයන‍්තියො මාලාධාරී අලඞ‍්කතා, මාලාවිපාකං අනුභොන‍්ති සමිද‍්ධා තා යසස‍්සිනියො.
523. දිවමල් දරමින්, මනා ලෙස සැරසුණු, මල් පිදීමේ විපාකය විඳිමින් අහසින් එන මේ දෙවඟනන් ද බලව. පිරිවර ඇති ඔහු දෙව් සැපතින් සමෘද්ධයහ.
524. තඤ‍්ච දිස‍්වාන අච‍්ඡෙරං අබ‍්භුතං ලොමහංසනං, නමො කරොන‍්ති සප‍්පඤ‍්ඤා වන්‍දන‍්ති තං මහාමුනිං.
524. ආශ්චර්‍ය්‍ය වූ අද්භූත වූ, ලොමුදහ ගන්වන ඒ මහත් විපාක විශේෂය දැක පැනවත්හූ ඒ මහාමුනිවරයා නමස්කාර කරති, වඳිති.
525. සො හි නූන ඉතො ගන‍්ත්‍වා යොනිං ලද‍්ධාන මානුසිං, ථූපපූජං කරිස‍්සාමි අප‍්පමත‍්තො පුනප‍්පුනන‍්ති’.
525. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ නො පමා වූයෙම් පුනපුනා සෑපුද කරන්නෙමි.
ධාතුවිවිණ‍්ණිකපෙතවත්‍ථු දසමං.
ධාතුවිවණ්ණක ප්‍රේතවස්තු යි.
චූළවග‍්ගො තතියො.
තුන්වැනි සුළුවග යි.
තස‍්සුද‍්දානං:-
එහි උද්දානය:
අභිජ‍්ජමානො කොණ‍්ඩඤ‍්ඤො රථකාරී භුසෙන ච, කුමාරො ගණිකා චෙව ද‍්වෙ ලුද‍්දා පිට‍්ඨපූජයො: වග‍්ගො තෙන පවුච‍්චතී’ති.
අභිජ්ජමාන ප්‍රේත වස්තුව ද, කුණ්ඩී නුවර විසූ සානුවාසී තෙරුන් දුටු ප්‍රේතයන්ගේ වස්තුව ද, රථකාර සහ භුස ප්‍රේත වස්තුව ද, සෙරිණි නම් ගණිකා ප්‍රේතියගේ වස්තුව ද, මිගලුද්දක ප්‍රේත වස්තු දෙක ද, පිටමස් කන කූට විනිශ්චයික ප්‍රේතයාගේ සහ චෛත්‍ය පූජාවෙහි දොස් කී ධාතුවිවණ්ණක ප්‍රේතයාගේ වස්තුව ද යන මෙයින් සමන්විත හෙයින් මෙය චූළගවග්ග යි කියනු ලැබේ.