1. අම්බසක්කරපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
1. අම්බසක්කරපෙතවත්ථුවණ්ණනා
1. අම්බසක්ඛර ප්‍රෙතවස්තු වර්ණනාව
වෙසාලී නාම නගරත්ථි වජ්ජීනන්ති ඉදං අම්බසක්කරපෙතවත්ථු. තස්ස කා උප්පත්ති? භගවති ජෙතවනෙ විහරන්තෙ අම්බසක්කරො නාම ලිච්ඡවිරාජා මිච්ඡාදිට්ඨිකො නත්ථිකවාදො වෙසාලියං රජ්ජං කාරෙසි. තෙන ච සමයෙන වෙසාලිනගරෙ අඤ්ඤතරස්ස වාණිජස්ස ආපණසමීපෙ චික්ඛල්ලං හොති, තත්ථ බහූ ජනා උප්පතිත්වා අතික්කමන්තා කිලමන්ති, කෙචි කද්දමෙන ලිම්පන්ති. තං දිස්වා සො වාණිජො “මා ඉමෙ මනුස්සා කලලං අක්කමිංසූ”ති අපගතදුග්ගන්ධං සඞ්ඛවණ්ණපටිභාගං ගොසීසට්ඨිං ආහරාපෙත්වා නික්ඛිපාපෙසි. පකතියා ච සීලවා අහොසි අක්කොධනො සණ්හවාචො, පරෙසඤ්ච යථාභූතං ගුණං කිත්තෙති.
වෙසාලී නාම නගරත්ථි වජ්ජිනං මේ අම්බසක්ඛර ප්‍රේත වස්තු කථාවයි. එය කවුරුත් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි අම්බසක්ඛර නම් ලිච්ඡවී රජු විශාලා නුවර රාජ්‍යය කරවීය. හේ මිථ්‍යා දෘෂ්ටිකය. නාස්තිකවාදීය. එසමයෙහි විසාලා නුවර එක්තරා වෙළෙන්ඳකුගේ වෙළඳපල ඉදිරිපිට මඩ වලින් ගැවසුණු බිම් පෙදෙසක් විය. බොහෝ මිනිස්සු එහි වැටී කරදරයට පත්වෙති. ක්ලාන්ත වෙති. සමහරු මඩ තැවරීමෙන් පිඩා විඳිති. එය දුටු මේ වෙළෙන්දා මේ මිනිසුන් මඩ නො පාගාවා, කරදරයට පත් නොවෙත්වායි සිතා දුගඳ නැති සුදු පැහැයෙන් යුත් ගව හිස් ඇට කටු ගෙන්වා මඩ මතුපිට දැම්මවීය. හෙතෙම ස්වභාවයෙන්ම සිල්වත් වූයේය. ක්‍රෝධ නො කළේය. මොලොක් වචන ඇත්තේය. අනුන්ගේ ඇති පරිදි ගුණ කියන්නේය.
සො එකස්මිං දිවසෙ අත්තනො සහායස්ස න්හායන්තස්ස පමාදෙන අනොලොකෙන්තස්ස නිවාසනවත්ථං කීළාධිප්පායෙන අපනිධාය තං දුක්ඛාපෙත්වා අදාසි. භාගිනෙය්යො පනස්ස චොරිකාය පරගෙහතො භණ්ඩං ආහරිත්වා තස්සෙව ආපණෙ නික්ඛිපි. භණ්ඩසාමිකා වීමංසන්තා භණ්ඩෙන සද්ධිං තස්ස භාගිනෙය්‍යං තඤ්ච රඤ්ඤො දස්සෙසුං. රාජා “ඉමස්ස සීසං ඡින්දථ, භාගිනෙය්‍යං පනස්ස සූලෙ ආරොපෙථා”ති ආණාපෙසි. රාජපුරිසා තථා අකංසු. සො කාලං කත්වා භුම්මදෙවෙසු උප්පජ්ජි. සො ගොසීසෙන සෙතුනො කතත්තා සෙතවණ්ණං දිබ්බං මනොජවං අස්සාජානීයං පටිලභි, ගුණවන්තානං වණ්ණකථනෙන තස්ස ගත්තතො දිබ්බගන්ධො වායති, සාටකස්ස පන අපනිහිතත්තා නග්ගො අහොසි. සො අත්තනා පුබ්බෙ කතකම්මං ඔලොකෙන්තො තදනුසාරෙන අත්තනො භාගිනෙය්‍යං සූලෙ ආරොපිතං දිස්වා කරුණාය චොදියමානො මනොජවං අස්සං අභිරුහිත්වා අඩ්ඪරත්තිසමයෙ තස්ස සූලා රොපිතට්ඨානං ගන්ත්වා අවිදූරෙ ඨිතො “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති දිවසෙ දිවසෙ වදති.
හෙතෙම එක් දවසක් තම යහළුවකු දියනහන විට ප්‍රමාදයකින් හිමියාට නොපෙනී ඔහු හැඳි වස්ත්‍රය ක්‍රීඩා අදහසින් සඟවා තබා, ඔහුට දුක් උපදවා පසුව දුන්නේය. ඔහුගේ බෑණා කෙනෙක් අනුන්ගේ ගෙවල්වලින් බඩු සොරකම් කොට ඔහුගේ කඩේ තැබුවේය. බඩු හිමියෝ බඩු සොයා ගොස් කඩේ තිබුණු බඩු සමගම ඔහුත් ඔහුගේ බෑණත් අල්ලා ගෙන ගොස් රජුට භාරදුන්හ. රජු මොහුගේ හිස කපා දමව්, ඔහුගේ බෑණ උල තබවයි නියම කරවීය. රාජ භටයෝ එසේ කළහ. හෙතෙම කළුරිය කොට භූමාටු දෙවියෙක් වී උපන්නේය. හෙතෙම ගවහිස්වලින් මගතොට පිළිසකර කළ පිනෙන් සුදු පැහැවූ දිව්‍යමය මනෝ ජව සම්පන්න වූ ආජානීය අශ්වයකු ලැබීය. ගුණවතුන්ගේ ගුණ කීම් හේතුවෙන් ඔහුගේ ශරීරයෙන් දෙව් සුවද විහිදෙයි. වස්ත්‍රය සඟවා තැබු අකුශලයෙන් නග්න වූයේයි. හෙතෙම තමන් පෙර කළ කර්මය බලමින්, ඒ අනුසාරයෙන් උලතබන ලද තමන්ගේ බෑණා දැක කරුණාවෙන් චෝදනා කරන සිත් ඇතිව ශීඝ්‍රයෙන් යන අසු පිට නැගී අඩ රැයෙහි, උල සිටුවන තැනට ගොස් නුදුරෙහි සිට පින්වත ජීවත් වව ජීවත්වීමම ශ්‍රේෂ්ඨය යයි දවසින් දවස කියයි.
තෙන ච සමයෙන අම්බසක්කරො රාජා හත්ථික්ඛන්ධවරගතො නගරං පදක්ඛිණං කරොන්තො අඤ්ඤතරස්මිං ගෙහෙ වාතපානං විවරිත්වා රාජවිභූතිං පස්සන්තිං එකං ඉත්ථිං දිස්වා පටිබද්ධචිත්තො හුත්වා පච්ඡාසනෙ නිසින්නස්ස පුරිසස්ස “ඉමං ඝරං ඉමඤ්ච ඉත්ථිං උපධාරෙහී”ති සඤ්ඤං දත්වා අනුක්කමෙන අත්තනො රාජගෙහං පවිට්ඨො තං පුරිසං පෙසෙසි – “ගච්ඡ, භණෙ, තස්සා ඉත්ථියා සසාමිකභාවං වා අසාමිකභාවං වා ජානාහී”ති. සො ගන්ත්වා තස්සා සසාමිකභාවං ඤත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා තස්සා ඉත්ථියා පරිග්ගහණූපායං චින්තෙන්තො තස්සා සාමිකං පක්කොසාපෙත්වා “එහි, භණෙ, මං උපට්ඨාහී”ති ආහ. සො අනිච්ඡන්තොපි “රාජා අත්තනො වචනං අකරොන්තෙ මයි රාජදණ්ඩං කරෙය්යා”ති භයෙන රාජුපට්ඨානං සම්පටිච්ඡිත්වා දිවසෙ දිවසෙ රාජුපට්ඨානං ගච්ඡති. රාජාපි තස්ස භත්තවෙතනං දාපෙත්වා කතිපයදිවසාතික්කමෙන පාතොව උපට්ඨානං ආගතං එවමාහ – “ගච්ඡ, භණෙ, අමුම්හි ඨානෙ එකා පොක්ඛරණී අත්ථි, තතො අරුණවණ්ණමත්තිකං රත්තුප්පලානි ච ආනෙහි, සචෙ අජ්ජෙව නාගච්ඡෙය්යාසි, ජීවිතං තෙ නත්ථී”ති. තස්මිඤ්ච ගතෙ ද්වාරපාලං ආහ – “අජ්ජ අනත්ථඞ්ගතෙ එව සූරියෙ සබ්බද්වාරානි ථකෙතබ්බානී”ති.
එකල්හි අම්බසක්ඛර රජු ඇතු පිට නැගී නගර ප්රදක්ෂිණාවෙහි යෙදුනේ, එක්තරා ගෙයක ජනේලය හැර වා කවුලුවෙන් රජසිරි නරඹමින් එක් ස්ත්‍රියක් දැක පිළිබඳ සිත් ඇති වූයේ, පසු අසුනෙහි සිටි පුරුෂයාට මේ ගෙයත් මේ ස්ත්‍රියත් සිත්හි තබා ගනුවයි කියා, පිළිවෙලින් රජගෙට ගොස් රජගෙට ඇතුල් වූයේ (පසුපස අසුනේ සිටි) පුරුෂයා කැඳවීය. සගය යව! අසවල් ස්ත්‍රිය විවාහක ද අවිවාහක දැයි වහා දැනගෙන එනුයි යැවීය. හෙතෙමේ එහි ගොස් ඇය විවාහක බව දැන, රජුට කීයේය. රජු ඇය ලබා ගැනීමට උපායක් සිතා ඇගේ ස්වාමි පුරුෂයා කැඳවා! එම්බල පුරුෂය! ඔබ මට උපස්ථාන කරවයි කීය. හෙතෙම අකමැත්තේම විය. එහෙත් රජුගේ වචනය නියමය නො කරන තමන් කෙරෙහි රාජ දණ්ඩනය පසු පස එන බව සිතා බියෙන් රාජ උපස්ථානය පිළිගෙන දිනපතා රාජ සේවය පිණිස යයි. රජු ද ඔහුට බත් වැටුප් දී, කිහිප දවසක් ඉකුත් වූ කල්හි උදේම උවැටන් සදහා පැමිණි ඔහුට මෙසේ කීය. සගය! අසවල් තැන එක් පොකුණක් ඇත. ඒ පොකුණෙන් අරුණුවන් මැටි හා රතු උපුල් රැගෙන එව යව්! ඉදින් අදම නො පැමිණයහොත් තොගේ ජීවිතය නැත. ඔහු ගිය කල්හි දොරටු පල්ලාට කීයේය. අද හිරු බසින්නට පෙරම නුවර සියලු දොරවල් වසා දමනු මැනවි.
සා ච පොක්ඛරණී වෙසාලියා තියොජනමත්ථකෙ හොති, තථාපි සො පුරිසො මරණභයතජ්ජිතො වාතවෙගෙන පුබ්බණ්හෙයෙව තං පොක්ඛරණිං සම්පාපුණි. “සා ච පොක්ඛරණී අමනුස්සපරිග්ගහිතා”ති පගෙව සුතත්තා භයෙන සො “අත්ථි නු ඛො එත්ථ කොචි පරිස්සයො”ති සමන්තතො අනුපරියායති. තං දිස්වා පොක්ඛරණිපාලකො අමනුස්සො කරුණායමානරූපො මනුස්සරූපෙන උපසඞ්කමිත්වා “කිමත්ථං, භො පුරිස, ඉධාගතොසී”ති ආහ. සො තස්ස තං පවත්තිං කථෙසි. සො “යදි එවං යාවදත්ථං ගණ්හාහී”ති අත්තනො දිබ්බරූපං දස්සෙත්වා අන්තරධායි.
ඒ පොකුණ විශාලා මහ නුවර සිට තුන් යොදුනක් පමණ ඈතින් පිහිටියේය. එසේ වුවත් ඒ පුරුෂයා මරණ භයින් බියපත්ව ඉතා වේගයෙන් ගොස් පෙරවරුයේම ඒ පොකුණ වෙතට පැමිණියේය. ඒ පොකුණ ද අමනුෂ්‍යයකු විසින් ආරක්ෂා කරන බව කලින් අසා තිබුණු නිසා බිය වූ ඔහු, පොකුණට නො බැස, මේ පොකුණේ යම් කිසි උපද්‍රවයක් ඇත්දැයි හාත්පස බලමින් වල වටේ ඇවිදියි. පොකුණ අරක්ගත් තැනැත්තා අමනුෂ්‍යයා ඔහු දැක කරුණා සිතින් මිනිස් වෙසින් පැමිණ, ඇයිද පුරුෂය ඔබ කුමක් සදහා මෙහි ආයේදැයි ඇසීය. හෙතෙම පුරුෂයා තමන් ආ කරුණ හා සියලු ප්‍රවෘත්තිය කීය. හෙතෙම (අමනුෂ්‍යයා) එසේ නම් තොපට අවශ්‍ය දෙයක් ගෙන යන්නැයි කියා තමන්ගේ දිව්‍යරූපය දක්වා අතුරුදන් විය.
සො තත්ථ අරුණවණ්ණමත්තිකං රත්තුප්පලානි ච ගහෙත්වා අනත්ථඞ්ගතෙයෙව සූරියෙ නගරද්වාරං සම්පාපුණි. තං දිස්වා ද්වාරපාලො තස්ස විරවන්තස්සෙව ද්වාරං ථකෙසි. සො ථකිතෙ ද්වාරෙ පවෙසනං අලභන්තො ද්වාරසමීපෙ සූලෙ ආරොපිතං පුරිසං දිස්වා “එතෙ මයි අනත්ථඞ්ගතෙ එව සූරියෙ ආගතෙ විරවන්තෙ එවං ද්වාරං ථකෙසුං. ‘අහං කාලෙයෙව ආගතො, මම දොසො නත්ථී’ති තයාපි ඤාතං හොතූ”ති සක්ඛිමකාසි. තං සුත්වා සො ආහ “අහං සූලෙ ආවුතො වජ්ඣො මරණාභිමුඛො, කථං තව සක්ඛි හොමි. එකො පනෙත්ථ පෙතො මහිද්ධිකො මම සමීපං ආගමිස්සති, තං සක්ඛිං කරොහී”ති. “කථං පන සො මයා දට්ඨබ්බො”ති? ඉධෙව ත්වං තිට්ඨ, “සයමෙව දක්ඛිස්සසී”ති. සො තත්ථ ඨිතො මජ්ඣිමයාමෙ තං පෙතං ආගතං දිස්වා සක්ඛිං අකාසි. විභාතාය ච රත්තියා රඤ්ඤා “මම ආණා තයා අතික්කන්තා, තස්මා රාජදණ්ඩං තෙ කරිස්සාමී”ති වුත්තෙ, දෙව, මයා තව ආණා නාතික්කන්තා, අනත්ථඞ්ගතෙ එව සූරියෙ අහං ඉධාගතොති. තත්ථ කො තෙ සක්ඛීති? සො තස්ස සූලාවුතස්ස පුරිසස්ස සන්තිකෙ ආගච්ඡන්තං නග්ගපෙතං “සක්ඛී”ති නිද්දිසිත්වා “කථමෙතං අම්හෙහි සද්ධාතබ්බ”න්ති රඤ්ඤා වුත්තෙ “අජ්ජ රත්තියං තුම්හෙහි සද්ධාතබ්බං පුරිසං මයා සද්ධිං පෙසෙථා”ති ආහ. තං සුත්වා රාජා සයමෙව තෙන සද්ධිං තත්ථ ගන්ත්වා ඨිතො පෙතෙන ච තත්ථාගන්ත්වා “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති වුත්තෙ තං “සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථී”තිආදිනා පඤ්චහි ගාථාහි පටිපුච්ඡි. ඉදානි ආදිතො පන “වෙසාලි නාම නගරත්ථි වජ්ජීන”න්ති ගාථා තාසං සම්බන්ධදස්සනත්ථං සඞ්ගීතිකාරෙහි ඨපිතා –
ඒ පුරුෂයා අරුණුවන් මැටි ද රත් උපුල් ද ගෙන හිරු බැස යාමට කලින්ම නගරයේ දොරටුව වෙත පැමිණියේය. ඔහු දුටු ද්වාර පාලකයා ඔහු කෑ ගසද්දීම විවෘත කර තිබූ දොර වැසුවේය. ඒ පුරුෂයා දොර වැසූ නිසාම නගරයට ඇතුල්වීමට අවකාශ නො ලබා දොරටුව ළඟ උල තබා සිටි පුරුෂයා දැක, ඔහුට කියන්නේ හිරු බසින්නට පෙරම ආවා වූ මා කෑ ගසද්දීම දොරටුපාලයා දොර වැසුවේය. මම කල් ඇතුවම ආවෙමි. මා අත වරදක් නැත. නුඹ විසින් මේ කරුණු දැනගනු මැනවි, කියා ඔහු සාක්ෂිකරුවකු කළේය. ඒ අසා උල පිට සිටි පුරුෂයා මෙසේ කීය. මම හුල තබන ලදුව මරණයට කැප වූවෙක් වෙමි. මා කෙසේ නම් ඔබට සාක්කි කියන්න ද? මෙතැන එක් මහත් ඍද්ධි ඇති ප්‍රේතයෙක් මා සමීපයට එන්නේය. ඒ ප්‍රේතයා සාක්කිකරු කරවයි කීයේය. එවිට මා විසින් ඒ ප්‍රේතයා කෙසේ නම් බැලිය හැකිදැයි ඇසීය. ඒ පුරුෂයා එතැනම සිටියේ මැදියම් රෑ එතැනට පැමිණි ඒ ප්‍රේතයා දැක මේ පිළිබඳව ඔහු සාක්කිකරු කළේය. පසුවදා උදේ රජු කියන්නේ තා විසින් මගේ අණ ඉක්මවන ලදී. එබැවින් තම රාජ දඩුවම් පමුණුවන්නෙමි” එකල්හි ඒ පුරුෂයා, දේවයන් වහන්ස මා විසින් නුඹ වහන්සේගේ අණ නො ඉක්මවන ලද්දෙමි. හිරු බැස යන්නට කලින්ම මම මෙහි ආවෙමියි කීය. එකල ඊට තොපට සාක්ෂි කවරේදැයි රජු ඇසීය. මේ උල සිටුවා සිටින පුරුෂයා ලඟට රාත්‍රියේ නග්න ප්‍රේතයකු එයි. ඒ ප්‍රේතයා මට සාක්ෂි කියන්නේය. මේ කීම අප විසින් කෙසේ ඇදහිය යුතුදැයි රජු විසින් ඇසූ කල්හි අද රෑ නුඹ වහන්සේ විසින්, නුඹ වහන්සේට ඇදහිය හැකි පුරුෂයකු මා හා සමග එවනු මැනැවියි කීය. ඒ ඇසු රජු තමාමැ එතනට ගොස් ඒ පුරුෂයා සමග සිටිද්දී ප්‍රේතයා එතනට අවුත් “පින්වත ජීවත් වෙව ජීවිතයම ශ්‍රේෂ්ඨය” කියා කී කල්හි, රජු ඒ ප්‍රේතයාගෙන් කරුණු විචාළේය. රජු ගාථා පහකින් ප්‍රේතයාගෙන් කරුණු විමසීය. “සෙය්යා නිසජ්ජා නයි මස්ස අත්ථි” ආදී ගාථා රජු විසින් විචාළ ගාථාය. වෙසාලි නාම නගරත්ථි ආදී ගාථාව මෙහි සම්බන්ධය ඇති කිරීම සදහා සංගීතිකාරකයන් විසින් තබන ලදී.
“වෙසාලී නාම නගරත්ථි වජ්ජීනං, තත්ථ අහු ලිච්ඡවි අම්බසක්කරො; දිස්වාන පෙතං නගරස්ස බාහිරං, තත්ථෙව පුච්ඡිත්ථ තං කාරණත්ථිකො.
වජ්ජි රජවරුන්ගේ විසාලා නම් නුවරක් විය. එහි “අම්බ සක්ඛර” නම් ලිච්ඡවී රජෙක් සිටියහ. ඔහු නගරයෙන් පිටත දී ප්‍රේතයකු දැක, කරුණු දැන ගැනීම සදහා එතැනදීම ඔහුගෙන් කරුණු විචාළේය.
“සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථි, අභික්කමො නත්ථි පටික්කමො ච; අසිතපීතඛායිතවත්ථභොගා, පරිචාරණා සාපි ඉමස්ස නත්ථි.
මොහුට නිදීමක් ද හිඳීමක් ද නැත ඉදිරි ගමනක් ද ආපසු ගමනක් ද නැත. ආහාරයක්, පානයක්, කුඩා කැමක්, වස්ත්‍රයක්, ඉන්ද්රියයන් පිනවීමක් මොහුට නැත.
“යෙ ඤාතකා දිට්ඨසුතා සුහජ්ජා, අනුකම්පකා යස්ස අහෙසුං පුබ්බෙ; දට්ඨුම්පි තෙ දානි න තං ලභන්ති, විරාජිතතො හි ජනෙන තෙන.
මේ අයට පෙර අනුකම්පා කළා වූ නෑයින් ද, පෙර සිටි මිත්‍රයෝ ද දැන් නැත. ඒ හැම දෙන විසින් අත්හැර දමන ලද ආත්මභාවයක් ඇත්තේය.
“න ඔග්ගතත්තස්ස භවන්ති මිත්තා, ජහන්ති මිත්තා විකලං විදිත්වා; අත්ථඤ්ච දිස්වා පරිවාරයන්ති, බහූ මිත්තා උග්ගතත්තස්ස හොන්ති.
මළවුන්ට මිත්‍රයෝ නැත. සම්පතින් හා වස්තුවෙන් පිරිහුණු අය මිත්‍රයන් විසින් හැර දමනු ලබත්, මිත්‍රයෝ ධනය දැකම පිරිවරා ගනිත්. භව සම්පත්වලින් සමෘද්ධ වූ අයටම බොහෝ මිත්‍රයෝ සිටිති.
“නිහීනත්තො සබ්බභොගෙහි කිච්ඡො, සම්මක්ඛිතො සම්පරිභින්නගත්තො; උස්සාවබින්දූව පලිම්පමානා, අජ්ජ සුවෙ ජීවිතස්සූපරොධො.
මොහු සියලු වස්තු සම්පතින් පිරිහුණේය. දුප්පත්ය ලෙයින් වැකුණු සිරුර ඇත්තේය. ඇතුළතින් පැළුණු ශරීර ඇත්තේය. තණ අග රැඳුණු පිනි බිඳුවක් මෙන් අද හෝ හෙට මොහු මිය යන්නේය.
“එතාදිසං උත්තමකිච්ඡප්පත්තං, උත්තාසිතං පුචිමන්දස්ස සූලෙ; අථ ත්වං කෙන වණ්ණෙන වදෙසි යක්ඛ, ‘ජීව භො ජීවිතමෙව සෙය්යො’”ති.
යක්ෂය! මෙබඳු වූ ඉතාමත් දුකට පත්ව කොසඹ හුලෙහි නංවන ලද්දහුට, ඔබ ජීවත් වෙව ජීවිතයම ශ්‍රේෂ්ඨයයි කවර කරුණක් නිසා නුඹ කියන්නේ ද?
තත්ථ තත්ථාති තස්සං වෙසාලියං. නගරස්ස බාහිරන්ති නගරස්ස බහි භවං, වෙසාලිනගරස්ස බහි එව ජාතං පවත්තං සම්බන්ධං. තත්ථෙවාති යත්ථ තං පස්සි, තත්ථෙව ඨානෙ. තන්ති තං පෙතං. කාරණත්ථිකොති “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති වුත්තඅත්ථස්ස කාරණෙන අත්ථිකො හුත්වා.
එහි තත්ථා යනු එහි විසාලා නුවරෙහි, නගරස්ස බාහිරං යනු නගරයෙන් පිටත වූ, විශාලා මහ නුවරට පිටතින්ම පවතින්නා වූ යන සම්බන්ධයි. තත්ථෙවා - යනු යම් තැනෙක්හි එය දක්නේ ද එම ස්ථානයෙහිම, තං යනු ඒ ප්‍රේතයා කාරණත්ථිකො - යනු ජීවත්වෙව ජීවිතයම, ජීවත් වීමම ශ්‍රේෂ්ඨය, යයි කියනු ලබන්නා වූ කාරණයෙන් අර්ථයක් වී,
සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථීති පිට්ඨිපසාරණලක්ඛණා සෙය්යා, පල්ලඞ්කාභුජනලක්ඛණා නිසජ්ජා ච ඉමස්ස සූලෙ ආරොපිතපුග්ගලස්ස නත්ථි. අභික්කමො නත්ථි පටික්කමො චාති අභික්කමාදිලක්ඛණං අප්පමත්තකම්පි ගමනං ඉමස්ස නත්ථි. පරිචාරිකා සාපීති යා අසිතපීතඛායිතවත්ථපරිභොගාදිලක්ඛණා ඉන්ද්රියානං පරිචාරණා, සාපි ඉමස්ස නත්ථි. “පරිහරණා සාපී”ති වා පාඨො, අසිතාදිපරිභොගවසෙන ඉන්ද්රියානං පරිහරණා, සාපි ඉමස්ස නත්ථි විගතජීවිතත්තාති අත්ථො. “පරිචාරණා සාපී”ති කෙචි පඨන්ති.
සෙය්යො නිසජ්ජා නයිමස්ස අත්ථි, යනු පිට පැලුණු ලක්ෂණ ඇතිව මේ හුලෙහි නංවා ඇති පුරුෂයාට නිදීමක් හෝ පර්‍යඞ්කයක් හෝ හිඳීමක් හෝ වෙනත් කිසිවක් නැත. අභික්කමො නත්ථි පටික්කමො - යනු ගමනක් යාමේ ලකුණක් හෝ ආපසු පැමිණිමක් හෝ කිසිදු ගමනක් මොහුට නැත්තේය. පරිචාරිකා සා පීති - යනු, කෑමක් බීමක්, කෑලි කෑලි කඩාගෙන කෑමක් නිදීමක් වස්ත්‍ර පරිභෝගයක් ආදී කිසි ලකුණක් හෝ, ඉන්ද්රිය පිරිවැරීමක් හෝ මොහුට නැත. (අත්හරින ලද ජීවිතාශා ඇත්තේ යන අර්ථයි) පරිහරණ සාපි - යනු ආහාර පරිභෝග වශයෙන් හෝ ඉන්ද්රිය පරිහරණ වසයෙන් හෝ කිසිවක් මේ තැනැත්තාට නැත. අත්හරින ලද ජීවිත ආශා ඇත්තේය. පරිචරණසාපී යනුවෙන් කිසි තැනක දැක්වේ.
දිට්ඨසුතා සුහජ්ජා, අනුකම්පකා යස්ස අහෙසුං පුබ්බෙති සන්දිට්ඨසහායා චෙව අදිට්ඨසහායා ච යස්ස මිත්තා අනුද්දයාවන්තො යෙ අස්ස ඉමස්ස පුබ්බෙ අහෙසුං. දට්ඨුම්පීති පස්සිතුම්පි න ලභන්ති, කුතො සහ වසිතුන්ති අත්ථො. විරාජිතත්තොති පරිච්චත්තසභාවො. ජනෙන තෙනාති තෙන ඤාතිආදිජනෙන.
දිට්ඨ සුතා, සුහජ්ජා, අනුකම්පකා යස්ස පුබ්බෙ අහෙසුං - යනු සමීපයෙහි සිටි සහායකයෝ, නොදුටු මිතුරෝත්, යම් යම් මිත්‍රයෝත්, දයාව කරුණාව දැක්වූ අයත් පෙර මොහුට සිටියහ. දට්ඨුම්පි - යනු ඒ අය දැන් දක්නට නැත. කොහේ වසන්නේ ද යන අර්ථයි. විරාධිතත්තො - යන අත්හැර දමන ලද බව, ජනෙන තෙන යනු ඒ ඤාති මිත්‍ර ආදී ජනයා,
න ඔග්ගතත්තස්ස භවන්ති මිත්තාති අපගතවිඤ්ඤාණස්ස මතස්ස මිත්තා නාම න හොන්ති තස්ස මිත්තෙහි කාතබ්බකිච්චස්ස අතික්කන්තත්තා. ජහන්ති මිත්තා විකලං විදිත්වාති මතො තාව තිට්ඨතු, ජීවන්තම්පි භොගවිකලං පුරිසං විදිත්වා “න ඉතො කිඤ්චි ගය්හූපග”න්ති මිත්තා පජහන්ති. අත්ථඤ්ච දිස්වා පරිවාරයන්තීති තස්ස පන සන්තකං අත්ථං ධනං දිස්වා පියවාදිනො මුඛුල්ලොකිකා හුත්වා තං පරිවාරෙන්ති. බහූ මිත්තා උග්ගතත්තස්ස හොන්තීති විභවසම්පත්තියා උග්ගතසභාවස්ස සමිද්ධස්ස බහූ අනෙකා මිත්තා හොන්ති, අයං ලොකියසභාවොති අත්ථො.
නඔග්ගතත්තස්ස භවන්ති මිත්තා - යනු පහ වූ විඤ්ඤාණය ඇති මළා වූ මිත්‍රයෝ නම් නැත. මොහුගේ මිත්‍රයන්ට කළයුතු කිසිවක් ඉතිරි වී නැත්තේය. ජහන්ති මිත්තා විකලං විදිත්වා -යනු මළ අය සිටීවා (අත්හැරේවා) ජීවත් වුවත් භෝග විනාශයට පත් වූ පුරුෂයා දැන මොහුගෙන් ගතයුතු කිසිවක් අපට නැතැයි දැන මිත්‍රයෝ දුරුකරති, අත්ථඤ්ච දිස්වා පරිවාරයන්ති - යනු ඔහු සන්තකව යම් සම්පත් හා ධනය ඇතැයි දැකම, ප්රියවාදීව සිනහසුණු මුහුණින් යුතුව ඔහු පිරිවරා ගනිත්. බහුමිත්තා උග්ග තත්තස්ස හොන්ති - යනු භවභෝග සම්පත්තියෙන් උසස් වූ, සමෘද්ධ වූ, අයට බොහෝ නොයෙක් විධියේ මිත්‍රයෝ ඇතිවෙත්, මේ ලෝකස්වභාවයයි යන අර්ථයි.
නිහීනත්තො සබ්බභොගෙහීති සබ්බෙහි උපභොගපරිභොගවත්ථූහි පරිහීනත්තො. කිච්ඡොති දුක්ඛිතො. සම්මක්ඛිතොති රුහිරෙහි සම්මක්ඛිතසරීරො. සම්පරිභින්නගත්තොති සූලෙන අබ්භන්තරෙ විදාලිතගත්තො. උස්සාවබින්දූව පලිම්පමානොති තිණග්ගෙ ලිම්පමානඋස්සාවබින්දුසදිසො. අජ්ජ සුවෙති අජ්ජ වා සුවෙ වා ඉමස්ස නාම පුරිසස්ස ජීවිතස්ස උපරොධො නිරොධො, තතො උද්ධං නප්පවත්තතීති අත්ථො.
නිහීනත්තො සබ්බ භොගෙහි - යනු සියලු උපභෝග පරිභෝග සම්පත්තීන්ගෙන් පිරිහීමට පත් වූ, කිච්ඡො යනු දුකට පත්, සම්මක්ඛිතො - යනු ලෙයින් වැකුණු සිරුරු ඇති, සම්පරිභින්නගත්තො - යනු හුල තැබීමෙන් සිරුර තුළ පැළුණු ස්වභාව ඇත්තේ, උස්සාව බින්දුව පලිම්පමානො - යනු තණ අග රැඳුණු පිනි බිඳුවක් හා සමාන වූ අජ්ජ සුවෙ - යනු අද හෝ හෙට මේ නම් වූ පුරුෂයාගේ ජීවිතයේ නිරුද්ධ වීම විනාශය සිදුවන්නේය. එයින් මතුවට නොපවතින්නේය යන අර්ථයි.
උත්තාසිතන්ති ආවුතං ආරොපිතං. පුචිමන්දස්ස සූලෙති නිම්බරුක්ඛස්ස දණ්ඩෙන කතසූලෙ . කෙන වණ්ණෙනාති කෙන කාරණෙන. ජීව, භො, ජීවිතමෙව සෙය්යොති, භො පුරිස, ජීව. කස්මා? සූලං ආරොපිතස්සාපි හි තෙ ඉධ ජීවිතමෙව ඉතො චුතස්ස ජීවිතතො සතභාගෙන සහස්සභාගෙන සෙය්යො සුන්දරතරොති.
උත්තාසිතං - යනු ආරෝපනය කළ වටකළ පුචිමන්දස්ස සුලෙ - යනු කොසඹ ගසක කදින් කරන ලද හුල කෙන වණ්ණෙන - යනු කවර කාරණයකින්, ජීව භො ජීවිතමෙව සෙය්යා යනු පින්වත ජීවත් වෙව! කුමක් හෙයින් ද? උලෙහි ඉන්දවන ලද මේ පුරුෂයාට ජීවත් වීමට වඩා මරණය සිය දහස් ගුණයකින් සුන්දරතර වේ. මිහිරි වේ.
එවං තෙන රඤ්ඤා පුච්ඡිතො සො පෙතො අත්තනො අධිප්පායං පකාසෙන්තො –
මෙසේ රජු විසින් විචාරණ ලදුව ඒ ප්‍රේත තෙමේ තමාගේ අදහස ප්‍රකාශ කරන්නේ ගාථා හතරක් කීයේය.
“සාලොහිතො එස අහොසි මය්හං, අහං සරාමි පුරිමාය ජාතියා; දිස්වා ච මෙ කාරුඤ්ඤමහොසි රාජ, මා පාපධම්මො නිරයං පතායං.
රජතුමනි! මේ පුරුෂ තෙම මගේ සහලේ නෑයෙකි. මම පූර්ව ආත්ම භාවය සිහි කරමි. ළාමක භාව ඇති මේ පුරුෂයා නිරයෙහි නොවැටේවායි මා තුළ කාරුණික සිතක් පහළ විය.
“ඉතො චුතො ලිච්ඡවි එස පොසො, සත්ථුස්සදං නිරයං ඝොරරූපං; උපපජ්ජති දුක්කටකම්මකාරී, මහාභිතාපං කටුකං භයානකං.
ලිච්ඡවී රජතුමනි! පව්කම් කළා වූ මේ පුරුෂයා මෙතැනින් චුත වී පව්කළ ජනයන්ගෙන් උත්සන්න වූ දරුණු ස්වභාව ඇති, මහත් දුක් ඇති, මහත් සන්තාප ඇති කටුක බිය උපදවන්නා වූ මහා නරකාදියෙහි උපදින්නේය.
“අනෙකභාගෙන ගුණෙන සෙය්යො, අයමෙව සූලො නිරයෙන තෙන; එකන්තදුක්ඛං කටුකං භයානකං, එකන්තතිබ්බං නිරයං පතායං.
මෙතෙම ඒකාන්තයෙන්ම දුක් වූ කටුක වූ, බිය ජනක වූ, ඒකාන්තයෙන්ම තියුණු දුක් ඇති, මහා නරකයෙහි නොවැටේවා එසේ මහා නරකයට නොවැටී මේ හුල උඩම සිටීම යහපත් වෙයි.
“ඉදඤ්ච සුත්වා වචනං මමෙසො, දුක්ඛූපනීතො විජහෙය්ය පාණං; තස්මා අහං සන්තිකෙ න භණාමි, මා මෙකතො ජීවිතස්සූපරොධො”ති. –
මේ තෙම මාගේ වචනය අසා නිරා දුකට පමුණුවන ලද්දෙකු සේ ප්‍රාණය හැරලන්නේය. එහෙයින් ඒ ජීවිතයේ නිරෝධය මා විසින් කරන ලද්දක් නො වේවා! ඔහු සමීපයේ (මෙයට වඩා) යමක් නො කියමි.
චතස්සො ගාථා අභාසි.
තත්ථ සාලොහිතො සමානලොහිතො යොනිසම්බන්ධෙන සම්බන්ධො, ඤාතකොති අත්ථො. පුරිමාය ජාතියාති පුරිමත්තභාවෙ. මා පාපධම්මො නිරයං පතායන්ති අයං පාපධම්මො පුරිසො නිරයං මා පති, මා නිරයං උපපජ්ජීති ඉමං දිස්වා මෙ කාරුඤ්ඤං අහොසීති යොජනා.
එහි සාලොහිතො - යනු සමාන ලේ ඇත්තේ, උත්පත්ති සම්බන්ධයෙන් සම්බන්ධ වේ. ළඟ නෑයෙක් යන අර්ථයි. පුරිමාය ජාතියා - යනු පෙර ආත්ම භාවයෙහි, මා පාපධම්මො නිරයං පපායං යනු පාප ධර්මයෙන් යුත්වේ. පුරුෂයා නිරයෙහි නො වැටේවා! නිරයෙහි නූපදීවා මේ දැක මා තුළ කාරුණික බවක් ද උපන්නේය යනු යෝජනා යි
සත්තුස්සදන්ති පාපකාරීහි සත්තෙහි උස්සන්නං, අථ වා පඤ්චවිධබන්ධනං, මුඛෙ තත්තලොහසෙචනං, අඞ්ගාරපබ්බතාරොපනං, ලොහකුම්භිපක්ඛෙපනං, අසිපත්තවනප්පවෙසනං, වෙත්තරණියං සමොතරණං, මහානිරයෙ පක්ඛෙපොති. ඉමෙහි සත්තහි පඤ්චවිධබන්ධනාදීහි දාරුණකාරණෙහි උස්සන්නං, උපරූපරි නිචිතන්ති අත්ථො. මහාභිතාපන්ති මහාදුක්ඛං, මහාඅග්ගිසන්තාපං වා. කටුකන්ති අනිට්ඨං. භයානකන්ති භයජනකං.
සත්තුස්සදං - යනු පව්කරන ජනයාගෙන් උත්සන්න වූ, නොහොත් පස් වැදෑරුම් බැඳුම් ද, මුවෙහි පැසෙන්නා වූ ලොහෝදිය වැක්කිරීම ද, අඟුරු පර්වතයට නංවාලීම ද, ලොහෝ කටාරමෙහි බහාලීම ද, අසිපත්‍ර වනයට පමුණුවා ලීම ද, වේතරණී නදියෙහි පා කර හැරීම ද, මහා නිරයෙහි බහාලීම ද, මේ සත් ආකාරයෙන් හා පඤ්චවිධ බන්ධනාදි දරුණු දුක් කරදර වලින් ද, පිරී පවත්නා නිරයට ඇතුල්වෙති. මහාහිතාපං යනු මහාදුක් මහා ගිනියම් කිරීම් - රත් කිරීම්, කටුකං - යනු නොනිමි දුක, භයානකං - යනු බිය එළවන්නා වූ, බියජනක වූ,
අනෙකභාගෙන ගුණෙනාති අනෙකකොට්ඨාසෙන ආනිසංසෙන. අයමෙව සූලො නිරයෙන තෙනාති තතො ඉමස්ස උප්පත්තිට්ඨානභූතතො නිරයතො අයමෙව සූලො සෙය්යොති. නිස්සක්කෙ හි ඉදං කරණවචනං. එකන්ත තිබ්බන්ති එකන්තෙනෙව තිඛිණදුක්ඛං, නියතමහාදුක්ඛන්ති අත්ථො.
අනෙක භාගෙන ගුණෙනා - යනු නොයෙක් ආකාර ආනිසංසයන්ගෙන්, අයමෙව සුලො නිරයෙන තෙනා - යනු එබැවින් මීලඟ උත්පත්ති ස්ථාන වූ නිරයට වඩා මේ හුල පිට හිදීමම යහපත්ය. ශ්‍රේෂ්ඨය, නිස්සක්කෙ යන මෙය කරණ වචනයි. එකන්ත තිප්පං යනු ඒකාන්තයෙන්ම තියුණු වූ දුක් නියත වූ මහාදුක් යන අර්ථයි.
ඉදඤ්ච සුත්වා වචනං මමෙසොති “ඉතො චුතො”තිආදිනා වුත්තං මම වචනං සුත්වා එසො පුරිසො දුක්ඛූපනීතො මම වචනෙන නිරයදුක්ඛං උපනීතො විය හුත්වා. විජහෙය්ය පාණන්ති අත්තනො ජීවිතං පරිච්චජෙය්ය. තස්මාති තෙන කාරණෙන. මා මෙකතොති “මයා එකතො ඉමස්ස පුරිසස්ස ජීවිතස්ස උපරොධො මා හොතූ”ති ඉමස්ස සන්තිකෙ ඉදං වචනං අහං න භණාමි, අථ ඛො “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති ඉදමෙව භණාමීති අධිප්පායො.
ඉදං සුත්වා වචනං ම මෙසො - මෙසේ කියන්නා වූ මේ මගේ වචන අසා දුකට පත් වූ මේ පුරුෂයා මගේ වචනයෙන් නිරය දුකට පමුණුවන ලද්දෙකු (මෙන්) වී විජහෙය්ය පාණං - යනු තමාගේ ජීවිතය අත්හරින්නේ නම්, තස්මා ඒ කාරණයෙන්. මා මෙකතො යනු මොහුගේ මේ ජීවිත හරණය මා විසින් කරන ලද්දක් නොවේවායි සිතා මේ වචන මොහු ඉදිරියේ මම නො කියමි. එසේ හෙයින්ම “ජීවත් වෙව, ජීවිතයම ජීවත්වීමම ශ්‍රේෂ්ඨය යන මෙයම කියන්නේය යන අදහසයි.
එවං පෙතෙන අත්තනො අධිප්පායෙ පකාසිතෙ පුන රාජා පෙතස්ස පවත්තිං පුච්ඡිතුං ඔකාසං කරොන්තො ඉමං ගාථමාහ –
මෙසේ ප්‍රේතයා විසින් තමන්ගේ අදහස් පැවසීමෙන් පසු නුවර රජ තෙමේ ප්‍රේතයාගේ ප්‍රවෘත්තිය විචාරන්නට අවසර පතන්නේ මේ ගාථා කීහ.
“අඤ්ඤාතො එසො පුරිසස්ස අත්ථො, අඤ්ඤම්පි ඉච්ඡාමසෙ පුච්ඡිතුං තුවං; ඔකාසකම්මං සචෙ නො කරොසි, පුච්ඡාම තං නො න ච කුජ්ඣිතබ්බ”න්ති.
මේ පුරුෂයා පිළිබඳ මේ කාරණ මා විසින් දැන ගන්නා ලදී. තවදුරටත් ඔබ අපට අවකාශ දෙන්නේ නම් අනෙකක් ද විචාරන්නට කැමැත්තෙමි. එයත් විචාරමි. අප කෙරෙහි නොකිපෙනු මැනවි.
“අද්ධා පටිඤ්ඤා මෙ තදා අහු, නාචික්ඛණා අප්පසන්නස්ස හොති; අකාමා සද්ධෙය්යවචොති කත්වා, පුච්ඡස්සු මං කාමං යථා විසය්හ”න්ති. –
ඒකාන්තයෙන් මෙය මාගේ බලාපොරොත්තුව විය. අප්‍රසන්නයා හට නොකීවෙමි. අකමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙකැයි සිතා කැමති පරිද්දෙන් විචාරනු මැනැවි. මම හැකි පරිදි ඉවසිය හැකිනම් කියමි.
ඉමා රඤ්ඤො පෙතස්ස ච වචනපටිවචනගාථා.
තත්ථ අඤ්ඤාතොති අවගතො. ඉච්ඡාමසෙති ඉච්ඡාම. නොති අම්හාකං. න ච කුජ්ඣිතබ්බන්ති “ඉමෙ මනුස්සා යංකිඤ්චි පුච්ඡන්තී”ති කොධො න කාතබ්බො.
එහි අඤ්ඤාතො - යනු දැන ගන්නා ලදී, ඉච්ඡාමසෙ - යනු කැමැත්තෙමු. නො අපගේ, න ච කුජ්ඣිතබ්බං යනු මේ මිනිස්සු යම් කිසිවක් විචාරත්නුයි ඒ පිළිබඳව ක්‍රෝධ නොකළ යුතුය.
අද්ධාති එකංසෙන. පටිඤ්ඤා මෙති ඤාණවසෙන මය්හං “පුච්ඡස්සූ”ති පටිඤ්ඤා, ඔකාසදානන්ති අත්ථො. තදා අහූති තස්මිං කාලෙ පඨමදස්සනෙ අහොසි. නාචික්ඛණා අප්පසන්නස්ස හොතීති අකථනා අප්පසන්නස්ස හොති. පසන්නො එව හි පසන්නස්ස කිඤ්චි කථෙති. ත්වං පන තදා මයි අප්පසන්නො, අහඤ්ච තයි, තෙන පටිජානිත්වා කථෙතුකාමො නාහොසි. ඉදානි පනාහං තුය්හං අකාමා සද්ධෙය්යවචො අකාමො එව සද්ධාතබ්බවචනො ඉති කත්වා ඉමිනා කාරණෙන . පුච්ඡස්සු මං කාමං යථා විසය්හන්ති ත්වං යථා ඉච්ඡසි, තමත්ථං මං පුච්ඡස්සු. අහං පන යථා විසය්හං යථා මය්හං සහිතුං සක්කා, තථා අත්තනො ඤාණබලානුරූපං කථෙස්සාමීති අධිප්පායො.
අද්ධා - යනු ඒකාන්තයෙන්, පටිඤ්ඤා මෙ යනු දැන ගැනීම් වසයෙන් විචාරන්නේ නුයි අවසර ඇත්තේය යන අර්ථයි. තදා අහු - යනු ඒ කාලයෙහි ප්‍රථම දර්ශනයේදීම ඇති වූයේය. නාචික්ඛතා අප්ප සන්තස්ස හොති - යනු කරුණක් විචාළ කල්හි අප්රසන්නයාට කීමක් නැත. ප්‍රසන්න සිත් ඇත්තාම ප්‍රසන්නයාට කිසිවක් කියයි. එකල්හි ඔබ මා කෙරෙහි අප්‍රසන්න වූයේය. මම ද ඔබ කෙරෙහි අප්‍රසන්න වූවෙමි. ඒ කරුණෙන් මා දැන ගෙන කියනු කැමැත්තක් නොවීය. දැන් වනාහි මම නුඹගේ අකැමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙක් වීමි. ඒ කාරණයෙන් ඔබ කැමැත්තෙන් මගෙන් විචාරව! පුච්ඡස්සුං මං කාමං යථා විසය්හං යනු ඔබ විමසීමට තමන් කැමති යමක් වේ නම් එය විචාරනු යම් විධියකින් මට ඉවසිය හැකි දෙයක් නම්, එය මගේ නුවණේ ප්‍රමාණයෙන් මම කියන්නෙමි යන අදහසය
එවං පෙතෙන පුච්ඡනාය ඔකාසෙ කතෙ රාජා –
මෙසේ ප්‍රේතයා විසින් විමසීමට අවසර දුන් කල්හි රජු මේ ගාථාව කීයේය.
“යං කිඤ්චහං චක්ඛුනා පස්සිසාමි, සබ්බම්පි තාහං අභිසද්දහෙය්යං; දිස්වාව තං නොපි චෙ සද්දහෙය්යං, කරෙය්යාසි මෙ යක්ඛ නියස්සකම්ම”න්ති. –
යක්ෂය මම යම්කිසි දෙයක් දෑසින් දකින්නෙමි ද ඒ සියල්ල මම අදහන්නෙමි. ඉදින් එය දැක නො අදහන්නේ නම්, මට නිග්‍රහ කරව.
ගාථමාහ. තස්සත්ථො – අහං යං කිඤ්චිදෙව චක්ඛුනා පස්සිස්සාමි, තං සබ්බම්පි තථෙව අහං අභිසද්දහෙය්යං, තං පන දිස්වාව තං වචනං නොපි චෙ සද්දහෙය්යං. යක්ඛ, මය්හං නියස්සකම්මං නිග්ගහකම්මං කරෙය්යාසීති. අථ වා යං කිඤ්චහං චක්ඛුනා පස්සිස්සාමීති අහං යං කිඤ්චිදෙව චක්ඛුනා පස්සිස්සාමි අචක්ඛුගොචරස්ස අදස්සනතො. සබ්බම්පි තාහං අභිසද්දහෙය්යන්ති සබ්බම්පි තෙ අහං දිට්ඨං සුතං අඤ්ඤං වා අභිසද්දහෙය්යං. තාදිසො හි මය්හං තයි අභිප්පසාදොති අධිප්පායො. පච්ඡිමපදස්ස පන යථාවුත්තොව අත්ථො.
එහි අර්ථය මා යම් කිසි දෙයක් ඇසින් දකින්නේ නම් ඒ සියල්ල එසේ විශ්වාස කරන්නෙමි. එය දැක ඔබගේ වචනය මා නො අදහන්නේ නම් මට නිග්‍රහ කරනු මැනවි. නොහොත් යං කිඤ්චානං චක්ඛුනා පස්සිමී මම යම් කිසිවක් දිව්‍ය ඇසින් දකින්නෙම් නම්, නො දකින්නා වූ අනෙකාට සබ්බම්පි තාහං අභිසද්දෙහෙය්ය - නුඹ විසින් ඇසු දුටු දේ සියල්ල මම විශ්වාස කරමි. මා කෙරෙහි මගේ මනා පැහැදීම එබඳුම වේ යන අදහසයි. අවසාන පදයාගේ වනාහි අර්ථ කියන ලද පරිදිමය.
තං සුත්වා පෙතො –
එය අසා ප්‍රේත තෙම -
“සච්චප්පටිඤ්ඤා තව මෙසා හොතු, සුත්වාන ධම්මං ලභ සුප්පසාදං; අඤ්ඤත්ථිකො නො ච පදුට්ඨචිත්තො, යං තෙ සුතං අසුතඤ්චාපි ධම්මං; සබ්බම්පි අක්ඛිස්සං යථා පජාන”න්ති. – ගාථමාහ. ඉතො පරං –
ඔබගේ මේ ප්රතිඥාවම මට සැබෑ වේවා! ඔබට දැනගනු සඳහාම දූෂිත සිතින් තොරවම මේ ධර්මය කියමි. එය අසා පැහැදීමක් ලබව, ඔබ විසින් අසන ලද්දා වූ ද, නො අසන ලද්දා වූ ද, යම් ධර්මයක් යම් සේ දන්නා ලද්දේ ද ඒ සියල්ල ඔබට කියමි.
“සෙතෙන අස්සෙන අලඞ්කතෙන, උපයාසි සූලාවුතකස්ස සන්තිකෙ; යානං ඉදං අබ්භුතං දස්සනෙය්යං, කිස්සෙතං කම්මස්ස අයං විපාකොති.
දැකුම් කළු වූ සුදු අශ්වයන් යෙදු අශ්ව යානාවකින් මේ හුල ඉන්නා වූ අය සමීපයට මම එන්නෙමි. මේ යහන අද්භූතය. දැකුම්කළුය. මෙය කිනම් කර්මයක විපාකයෙන් ලබන ලද්දේ ද?
“වෙසාලියා නගරස්ස මජ්ඣෙ, චික්ඛල්ලමග්ගෙ නරකං අහොසි; ගොසීසමෙකාහං පසන්නචිත්තො, සෙතං ගහෙත්වා නරකස්මිං නික්ඛිපිං.
වේසාලී නම් නගරය මැද මාර්ගයෙහි මඩවලින් යුත් මහවළක් විය. මම පහන් සිතින් යුතුව සුදු වූ ගවහිස් ගෙන්වා ඒ මඩවළ පිරවීමි.
“එතස්මිං පාදානි පතිට්ඨපෙත්වා, මයඤ්ච අඤ්ඤෙ ච අතික්කමිම්හා; යානං ඉදං අබ්භුතං දස්සනෙය්යං, තස්සෙව කම්මස්ස අයං විපාකොති.
මේ ගවහිස් මතින් අපි ද අනික් අය ද, ගමන් කළෙමු. මේ අද්භූත වූ දර්ශනීය වූ අශ්ව රථය ඒ මඩවළ ගොඩ කළ පිනේ විපාකයයි.
“වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති, ගන්ධො ච තෙ සබ්බදිසා පවායති; යක්ඛිද්ධිපත්තොසි මහානුභාවො, නග්ගො චාසි කිස්ස අයං විපාකොති.
යක්ෂය! තොපගේ ශරීරය ද සියලු දිසාවන් බබළවයි. තොපගේ ශරීරයේ සුවඳ ද දස දෙස පැතිර යයි. සෘද්ධියට පැමිණියේ මහානුභාව ඇත්තේ, එහෙත් ඔබ නග්නයෙක් විය. ඒ කවර විපාකයකින් ද?
“අක්කොධනො නිච්චපසන්නචිත්තො, සණ්හාහි වාචාහි ජනං උපෙමි; තස්සෙව කම්මස්ස අයං විපාකො, දිබ්බො මෙ වණ්ණො සතතං පභාසති.
ක්‍රෝධ නැති නිති පහන් සිතින් ප්‍රිය මනාප සිළුටු වචනවලින් නිතරම මහ ජනයා ඇමතීමි. මේ කර්මයාගේ විපාකයෙන් දිව්‍යමය වූ ශරීර වර්ණයෙන් නිතර බබළයි.
“යසඤ්ච කිත්තිඤ්ච ධම්මෙ ඨිතානං, දිස්වාන මන්තෙමි පසන්නචිත්තො; තස්සෙව කම්මස්ස අයං විපාකො, දිබ්බො මෙ ගන්ධො සතතං පවායති.
ධර්මයෙහි පිහිටි යහපත් මිනිසුන්ගේ ගුණ වර්ණනාව මම කළෙමි. එය මම පහන් සිතින්ම කළෙමි - ඒ කුශල කර්මයේ විපාකයෙන්, මගේ ශරීරය දිව්‍යමය සුවඳ ඇත්තේය.
“සහායානං තිත්ථස්මිං න්හායන්තානං, ථලෙ ගහෙත්වා නිදහිස්ස දුස්සං; ඛිඩ්ඩත්ථිකො නො ච පදුට්ඨචිත්තො, තෙනම්හි නග්ගො කසිරා ච වුත්තීති.
දූෂිත සිත් නැතිව, කෙළි කවටකමක් කිරීමේ අදහසින් සිනහ මුහුණින් යුතුවම නාන තොටෙහි ජලස්නානය කරන යහළුවකුගේ ගොඩ තිබුණු වස්ත්‍රයක් ගෙන සැඟවීමි (පසුව දුනිමි) ඒ අකුසල විපාකයෙන් නග්න වීමි.
“යො කීළමානො පකරොති පාපං, තස්සෙදිසං කම්මවිපාකමාහු; අකීළමානො පන යො කරොති, කිං තස්ස කම්මස්ස විපාකමාහූති.
යමෙක් ක්‍රීඩා සඳහා හෝ මෙවැනි පවක් කෙරේ ද ඔහුට මෙබඳු වූ කර්ම විපාකයන් ලැබෙත් - යමෙක් වනාහි ක්‍රීඩා සිත් නැතිව සොර සිතින් මෙවැනි අකුසල කර්මයක් කළහොත් විපාක කෙබඳු වන්නේ ද?
“යෙ දුට්ඨසඞ්කප්පමනා මනුස්සා, කායෙන වාචාය ච සංකිලිට්ඨා; කායස්ස භෙදා අභිසම්පරායං, අසංසයං තෙ නිරයං උපෙන්ති.
යමෙක් දූෂිත මනෝ විතර්ක ඇතිව, කයින් ද වචනයෙන් ද කිලුටු වූවෝ වෙත් ද? ඒ සිත් අකුශල කර්ම කෙරේ ද? ඔවුහු මරණින් මත්තෙහි නිසැකවම නිරයෙහි උපදී.
“අපරෙ පන සුගතිමාසමානා, දානෙ රතා සඞ්ගහිතත්තභාවා; කායස්ස භෙදා අභිසම්පරායං, අසංසයං තෙ සුගතිං උපෙන්තී”ති. –
සමහරු සුගතිය ප්‍රාර්ථනා කරමින් දන්දීමෙහි ඇළුනේ යහපත් ආත්මභාව ඇත්තාහු මිය පරලොව යාමෙන් පසුව නිසැකවම සුගතියට පැමිණෙති.
තෙසං උභින්නං වචනපටිවචනගාථා හොන්ති.
මේ ඒ දෙදෙනාගේ ප්‍රශ්න හා පිළිතුරු ගාථාවෝ වෙත්.
තත්ථ සච්චප්පටිඤ්ඤා තව මෙසා හොතූති “සබ්බම්පි තාහං අභිසද්දහෙය්ය”න්ති තව එසා පටිඤ්ඤා මය්හං සච්චං හොතු. සුත්වාන ධම්මං ලභ සුප්පසාදන්ති මයා වුච්චමානං ධම්මං සුත්වා සුන්දරං පසාදං ලභස්සු. අඤ්ඤත්ථිකොති ආජානනත්ථිකො. යථා පජානන්ති යථා අඤ්ඤොපි පජානන්තො, “යථාපි ඤාත”න්ති වා මයා යථා ඤාතන්ති අත්ථො.
එහි සච්චප්පටිඤ්ඤා තවමෙසා හොන්තු - යනු ඔබගේ මේ ප්‍රතිඥාව මට ඇත්තක්ම වේවා! සුත්වාන ධම්මං ලභස්සුප්පසාදං - යනු මා විසින් කියනු ලබන ධර්මය අසා මිහිරි ප්‍රසාදය ලබවු. අඤ්ඤත්ථිකො - යනු නො දන්නා දෙය දැනගනු කැමැත්තේ, යථා පජානං - යනු යම් සේ අනුන් විසින් ද දතයුතු
කිස්සෙතං කම්මස්ස අයං විපාකොති කිස්සෙතං කිස්ස නාම එතං, කිස්ස කම්මස්ස අයං විපාකො. එතන්ති වා නිපාතමත්තං, කිස්ස කම්මස්සාති යොජනා. “කිස්ස තෙ”ති ච කෙචි පඨන්ති.
කිස්සෙතං කම්මස්ස අයං විපාකො - යනු මේ සියල්ල කවර කර්මයක්හුගේ විපාක ද? එතං යනු නිපාතයක් පමණි. කවර කර්මයක්හුගේ යෙදීමක් ද පලදීමක් ද? ‘කිස්සතෙ’ යනු කිසිවක් කියත්,
චික්ඛල්ලමග්ගෙති චික්ඛල්ලවති පථම්හි. නරකන්ති ආවාටං. එකාහන්ති එකං අහං. නරකස්මිං නික්ඛිපින්ති යථා කද්දමො න අක්කමීයති, එවං තස්මිං චික්ඛල්ලාවාටෙ ඨපෙසිං. තස්සාති තස්ස ගොසීසෙන සෙතුකරණස්ස.
චික්ඛල්ල මග්ගෙ- යනු මඩවලින් ගැවසුණු මාර්ගයෙහි, නරකං යනු මහ වළක් එකාහං යනු මම එකක් (එක ගව හිසක්) නරකස්මිං නික්ඛිපිං - යනු යම්සේ මඩ නොපාගා යන්නේ ද? ඒ සඳහා ඒ මඩ වළෙහි බහාලීමි තස්ස - යනු සුදු පාට වූ ඒ ගොන් හිසෙහි - (මෙහි පාළි පෙළෙන් කියැවෙන්නේ සුදු ගවහිස් ගොඩක් දමා මඩවළ වැසූ ආකාරයකුයි. ගාථාවෙන් සහ අටුවාවෙන් කියවෙන්නේ එක ගවහිසක් මඩ වළට දැමූ ආකාරයකුයි)
ධම්මෙ ඨිතානන්ති ධම්මචාරීනං සමචාරීනං. මන්තෙමීති කථෙමි කිත්තයාමි. ඛිඩ්ඩත්ථිකොති හසාධිප්පායො. නො ච පදුට්ඨචිත්තොති දුස්සසාමිකෙ න දූසිතචිත්තො, න අවහරණාධිප්පායො නාපි විනාසාධිප්පායොති අත්ථො.
ධම්මෙඨිතානං - යනු ධර්මයෙහි හැසිරෙන, සමවායෙහි හැසිරෙන - මන්තෙමි - යනු කීර්තිය මනාකොට ප්‍රකාශ කරමි. ඛීඩ්ඩත්ථිකො - යනු සිනහව බලාපොරොත්තුවෙන් (සොරසිතකින් නොවේ) නොච පදුට්ඨ චිත්තො - යනු දුෂ්‍ය සිතකින්, සොර සිතකින්, ලෝභ සිතකින් තොරව, යහළුවාගේ වස්ත්‍රය සැඟවූයෙමි, සොරසිතින් ගෙනයාමක් නොවේ, විනාශ කිරීමේ අදහසකින් ද නොවේ යන අදහසයි.
අකීළමානොති අඛිඩ්ඩාධිප්පායො, ලොභාදීහි දූසිතචිත්තො. කිං තස්ස කම්මස්ස විපාකමාහූති තස්ස තථා කතස්ස පාපකම්මස්ස කීව කටුකං දුක්ඛවිපාකං පණ්ඩිතා ආහු.
අකිළමානො - යනු ක්‍රීඩා අදහසකින් තොරව, ලෝභාදියෙන් දූෂිත සිතින්, කිං තස්ස කම්මස්ස විපාක මාහු - යනු එවැනි වූ ප්‍රකෘති පාපකර්මයක කටුක වූ දුක් වූ දුක් විපාක නුවණැත්තෝ කෙසේ කියන්නාහු ද?
දුට්ඨසඞ්කප්පමනාති කාමසඞ්කප්පාදිවසෙන දූසිතමනොවිතක්කා, එතෙන මනොදුච්චරිතමාහ. කායෙන වාචාය ච සංකිලිට්ඨාති පාණාතිපාතාදිවසෙන කායවාචාහි මලිනා. ආසමානාති ආසීසමානා පත්ථයමානා.
දුට්ඨ සංකප්පමනා - යනු කාම, ව්‍යාපාද සංකල්පාදී වසයෙන් දූෂිත වූ මනො විතර්ක මෙයින් මනෝ දුශ්චරිතය කීහ. කායෙන වාචාය සං කිලිට්ඨා - යනු ප්‍රාණඝාත ආදී වශයෙන් කය වචනයන්හි කිලුටු වීම - ආසමානා - යනු ආශීර්වාද කරන ලබන, ප්‍රාර්ථනා කරනු ලබන,
එවං පෙතෙන සඞ්ඛෙපෙනෙව කම්මඵලෙසු විභජිත්වා දස්සිතෙසු තං අසද්දහන්තො රාජා –
මෙසේ ප්‍රේතයා විසින් කෙටියෙන් කර්ම ඵලය බෙදා දක්වනු ලැබු කල්හි, රජු එය නො අදහමින් මේ ගාථාව කීයේය.
“තං කින්ති ජානෙය්යමහං අවෙච්ච, කල්යාණපාපස්ස අයං විපාකො; කිං වාහං දිස්වා අභිසද්දහෙය්යං, කො වාපි මං සද්දහාපෙය්ය එත”න්ති. –
කුශලා කුශල කර්මයාගේ විපාකය, කවර ආකාරදැයි කියා ඔබගේ කීමෙන් මා අදහන්නෙමි ද? මම කවරක් දැක අදහන්නෙමි ද? කවර නම් නුවණැත්තෙක් මේ කාරණය මට විශ්වාස කරන්නේ ද?
ගාථමාහ. තත්ථ තං කින්ති ජානෙය්යමහං අවෙච්චාති යොයං තයා “යෙ දුට්ඨසඞ්කප්පමනා මනුස්සා, කායෙන වාචාය ච සංකිලිට්ඨා”තිආදිනා. “අපරෙ පන සුගතිමාසමානා”තිආදිනා ච කල්‍යාණස්ස පාපස්ස ච කම්මස්ස විපාකො විභජිත්වා වුත්තො, තං කින්ති කෙන කාරණෙන අහං අවෙච්ච අපරපච්චයභාවෙන සද්දහෙය්යං. කිං වාහං දිස්වා අභිසද්දහෙය්යන්ති කීදිසං වා පනාහං පච්චක්ඛභූතං නිදස්සනං දිස්වා පටිසද්දහෙය්යං. කො වාපි මං සද්දහාපෙය්ය එතන්ති කො වා විඤ්ඤූ පුරිසො පණ්ඩිතො එතමත්ථං මං සද්දහාපෙය්ය, තං කථෙහීති අත්ථො.
එහි - තං කිං ජානෙය්ය අහං අවෙච්චා - යනු යම් කිසි විධියකින් ඔබ විසින් යම් දූෂිත වූ දුෂ්ට වූ සංකල්පයකින් මිනිසකු කයින් වචනයෙන් පව්කම් ආදිය කෙරේ ද මතුයෙහි කල්‍යාණ වූ පාපයාගේ කර්ම විපාකය බෙදා දක්වන ලද්දේය. එය වෙනත් ආකාරයක හේතුවක් නිදසුනක් නැතිව මා විසින් කෙසේ අදහන්න ද? කිං චාහං දිස්වා අභිසද්දෙහෙ - යනු කෙබඳු හෝ වේවා ප්රත්යක්ෂ වූ නිදර්ශනයක් දැක පිළිගන්නෙමි. කොචාපි මං සද්දහා පෙය්‍ය එතං යනු කවර නම් දැනුමක් පුද්ගලයෙක්, නුවණැති පුද්ගලයෙක්, මේ කාරණය මට විශ්වාස කරවන්නේ ද? එය කියව යන අර්ථයි.
තං සුත්වා පෙතො කාරණෙන තමත්ථං තස්ස පකාසෙන්තො –
එය අසා ප්‍රේත තෙම තවත් කරුණකින් රජුට ප්‍රකාශ කරන්නේ මේ ගාථාවන් කීය.
“දිස්වා ච සුත්වා අභිසද්දහස්සු, කල්යාණපාපස්ස අයං විපාකො; කල්යාණපාපෙ උභයෙ අසන්තෙ, සියා නු සත්තා සුගතා දුග්ගතා වා.
මේ කුශලා කුශල කර්මයන්ගේ විපාකය මෙසේ ප්රත්යක්ෂ වසයෙන් දැකීමෙන් ද, ඇසීමෙන් ද අදහනු මැනැවි. කුසල අකුසල කියා දෙකක් නැත්තේ නම් සත්ත්වයන් සුගතියට හෝ දුගතියට යාම කෙසේ සිදු වන්නේ ද?
“නො චෙත්ථ කම්මානි කරෙය්යුං මච්චා, කල්යාණපාපානි මනුස්සලොකෙ; නාහෙසුං සත්තා සුගතා දුග්ගතා වා, හීනා පණීතා ච මනුස්සලොකෙ.
මේ මනුෂ්‍ය ලෝකයෙහි මිනිස්සු කුශලාකුශල කර්මයන් නො කරන්නේ නම් දෙව්ලොවට හෝ අපායට ගිය සත්ත්වයෝ කොහෙන් ද මිනිස්ලොව උපන්නන් අතර උසස් පහත් යයි මිනිස්සු නො වන්නාහ.
“යස්මා ච කම්මානි කරොන්ති මච්චා, කල්යාණපාපානි මනුස්සලොකෙ; තස්මා හි සත්තා සුගතා දුග්ගතා වා, හීනා පණීතා ච මනුස්සලොකෙ.
යම් හෙයකින් මිනිස් ලොව මිනිස්සු කුසල් හෝ අකුසල් කරන්නේ ද? එහෙයින්ම සත්ත්වයෝ දෙව්ලොවට ද නරකයට ද යත් මිනිස් ලොවේ ද උස් පහත් මිනිස්සු සිටිත්.
“ද්වයජ්ජ කම්මානං විපාකමාහු, සුඛස්ස දුක්ඛස්ස ච වෙදනීයං; තා දෙවතායො පරිචාරයන්ති, පච්චෙන්ති බාලා ද්වයතං අපස්සිනො”ති. –
දුක් සැප විඳීමට සුදුසු වූ අකුසල හා කුසල කර්මයන්ගේ විපාක දෙවදෑරුම් වේ. දෙවියෝ සැප විඳිමින් ඉඳුරන් හසුරුවත්. අඥානයෝ කර්මය කර්ම ඵලය නොපිළිගත්තාහු නොදක්නාහු දුකට පැමිණෙත්.
ගාථා අභාසි.
තත්ථ දිස්වා චාති පච්චක්ඛතො දිස්වාපි. සුත්වාති ධම්මං සුත්වා තදනුසාරෙන නයං නෙන්තො අනුමිනන්තො. කල්යාණපාපස්සාති කුසලස්ස අකුසලස්ස ච කම්මස්ස අයං සුඛො අයං දුක්ඛො ච විපාකොති අභිසද්දහස්සු. උභයෙ අසන්තෙති කල්‍යාණෙ පාපෙ චාති දුවිධෙ කම්මෙ අවිජ්ජමානෙ. සියා නු සත්තා සුගතා දුග්ගතා වාති “ඉමෙ සත්තා සුගතිං ගතා දුග්ගතිං ගතා වා, සුගතියං වා අඩ්ඪා දුග්ගතියං දලිද්දා වා”ති අයමත්ථො කිං නු සියා කථං සම්භවෙය්යාති අත්ථො.
එහි දිස්වා යනු ප්රත්යක්ෂ වශයෙන් දැකත්, සුත්වාව - යනු ධර්මය අසා ඒ අනුසාරයෙන් දැනගත්තේ අනුමාන කරන්නේ කල්‍යාණ පාපස්සා - යනු කල්‍යාණ වූ ද, පාපී වූ ද, කුසලයාගේත් අකුශලයාගේත්, මේ සැප විපාකය මේ දුක් විපාකයයි ඇදහිය යුත්තාහ. උභයෙ අසන්තෙ - යනු යහපත් වූ ද අයහපත් වූ ද දෙවදෑරුම් කර්මයන් අවිද්‍යාමාන කල්හි සියානු සත්තා සුගතා දුග්ගතා වා - යනු මේ සත්ත්වයන් දෙව්ලොව යන්නේ අපායට යන්නේ හෝ ඒකාන්තයෙන් දුගතියට යන්නේ දිළිඳු වන්නේ පොහොසත් වන්නේ කවර හේතූන් නිසාදැයි යන අර්ථය. .
ඉදානි යථාවුත්තමත්ථං “නො චෙත්ථ කම්මානී”ති ච “යස්මා ච කම්මානී”ති ච ගාථාද්වයෙන බ්යතිරෙකතො අන්වයතො ච විභාවෙති. තත්ථ හීනා පණීතාති කුලරූපාරොග්යපරිවාරාදීහි හීනා උළාරා ච.
දැන් යම් පරිද්දෙකින් කියන ලද්දේ ද එහි අර්ථය නොවෙත්ථ කම්මා නීති යස්මාච කම්මානීති මේ ගාථා දෙකින් අතිරේක අර්ථයම විභාග වේ. එහි හීණප්පණීතා - යනු කුල රූප ආරෝග්‍ය, පරිවාර ආදියේ හීන බව හෝ මහත් බව,
ද්වයජ්ජ කම්මානං විපාකමාහූති ද්වයං දුවිධං අජ්ජ ඉදානි කම්මානං සුචරිතදුච්චරිතානං විපාකං වදන්ති කථෙන්ති. කිං තන්ති ආහ “සුඛස්ස දුක්ඛස්ස ච වෙදනීය”න්ති, ඉට්ඨස්ස ච අනිට්ඨස්ස ච අනුභවනයොග්ගං. තා දෙවතායො පරිචාරයන්තීති යෙ උක්කංසවසෙන සුඛවෙදනීයං විපාකං පටිලභන්ති, තෙ දෙවලොකෙ තා දෙවතා හුත්වා දිබ්බසුඛසමප්පිතා ඉන්ද්රියානි පරිචාරෙන්ති. පච්චෙන්ති බාලා ද්වයතං අපස්සිනොති යෙ බාලා කම්මඤ්ච කම්මඵලඤ්චාති ද්වයං අපස්සන්තා අසද්දහන්තා, තෙ පාපප්පසුතා දුක්ඛවෙදනීයං විපාකං අනුභවන්තා නිරයාදීසු කම්මුනා පච්චෙන්ති දුක්ඛං පාපුණන්ති.
ද්වයජ්ජ කම්මානං විපාක මාහු යනු දෙක දෙපරිදිය. අද මේ කර්මයන්ගේ සුචරිත දුශ්චරිතයන්ගේ දෙවදෑරුම් විපාක දැන කියත් ඒ කෙසේ කියත් ද? සුඛස්සච දුක්ඛස්සඛ වෙදනීයං - යනු යහපත් හෝ අයහපත් ලෙස භුක්ති විදීමට යෙදේ. තා දෙවතායො පරිවාරයන්ති - යනු යමෙක් උසස් වශයෙන් සැප වේදනාවන් විඳිනු ලැබෙත්. ඔහු දෙව්ලොව දෙවියන් වී දිව්‍ය සැපයෙන් සන්තර්පනය වී පිරිවර සමග වෙසෙත්. පච්චෙන්ති බාලා ද්වයතං අපස්සිනො - යනු අඥානයෝ කර්මය ද කර්ම ඵලය ද දෙකම නොදක්නාහු නො අදහන්නාහු පාපයෙහි ගැලුණු ඔව්හු, දුක් වේදනාවන්ගේ විපාක භුක්ති විඳිමින් නිරයාදීන්හි කර්මානුරූපව දුකට පැමිණෙති.
එවං කම්මඵලං සද්දහන්තො පන ත්වං කස්මා එවරූපං දුක්ඛං පච්චනුභවසීති අනුයොගං සන්ධාය –
මෙසේ කර්මඵල විස්වාස කරන බව වනාහි කවර හෙයකින් මෙබඳු වූ දුකක් අනුභව කරන්නේ ද? කියා රජුගේ ප්රශ්නය අනුව යෙදීම සදහා මේ ගාථාව කීහ.
“න මත්ථි කම්මානි සයංකතානි, දත්වාපි මෙ නත්ථි යො ආදිසෙය්ය; අච්ඡාදනං සයනමථන්නපානං, තෙනම්හි නග්ගො කසිරා ච වුත්තී”ති. –
තමන් විසින් පෙර කරන ලද කර්මයෝ මට නැත්තේ ද? යළි වස්ත්‍ර ද සෙනසුන් ද ආහාර පාන ද දී පින් අනුමෝදන් කරන්නේ ද එබඳු කෙනෙක් මට නැත් ද? ඒ හේතුවෙන් මම නග්න වූයෙමි. දුක් පැවතුම් ඇත්තේ ද වෙමි.
ගාථමාහ. තත්ථ න මත්ථි කම්මානි සයංකතානීති යස්මා සයං අත්තනා පුබ්බෙ කතානි පුඤ්ඤකම්මානි මම නත්ථි න විජ්ජන්ති, යෙහි ඉදානි අච්ඡාදනාදීනි ලභෙය්යං. දත්වාපි මෙ නත්ථි යො ආදිසෙය්යාති යො සමණබ්රාහ්මණානං දානං දත්වා “අසුකස්ස පෙතස්ස හොතූ”ති මෙ ආදිසෙය්ය උද්දිසෙය්ය, සො නත්ථි. තෙනම්හි නග්ගො කසිරා ච වුත්තීති තෙන දුවිධෙනාපි කාරණෙන ඉදානි නග්ගො නිච්චොළො අම්හි, කසිරා දුක්ඛා ච වුත්ති ජීවිකා හොතීති.
එහි - නමත්ථි කම්මානි සයං කතානි - යනු යම් හෙයකින් වස්ත්‍ර ආදිය ලැබීමට හේතු වූ මා විසින්ම පෙර ආත්මයේ කරන ලද සිත්තම් මට නැත්තේය. දත්වාපි මෙ නත්ථි සො ආදිසෙය්යා - යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දී, අසවල් ප්‍රේතයාට මේ පින් අනුමෝදන් කරමියි අනුමෝදන් කරවන්නට ද කෙනෙක් මට නැත. තෙනම්හි නග්ගො කයිරාච වුත්ති යනු මේ කාරණා දෙකින් මම දැන් නග්නව ද සිටිමි. වස්ත්‍ර නැතිව සිටිමි. දුක් වූ ජීවිකා වෘත්තිය ඇත්තෙකු වීමියි කීය.
තං සුත්වා රාජා තස්ස අච්ඡාදනාදිලාභං ආකඞ්ඛන්තො –
ඒ අසා රජතෙමේ ඔහුට වස්ත්‍ර ආදිය ලබා දීමට කැමැත්තෙන් මේ ගාථාව කීහ.
“සියා නු ඛො කාරණං කිඤ්චි යක්ඛ, අච්ඡාදනං යෙන තුවං ලභෙථ; ආචික්ඛ මෙ ත්වං යදත්ථි හෙතු, සද්ධායිකං හෙතුවචො සුණොමා”ති. –
එම්බා ප්‍රේතය! යම් කිසි හේතුවකින් කාරණයකින් ඔබ වස්ත්‍ර ආදිය ලබන්නෙහි ද? කිසි හේතුවක් වන්නේ ද? එවැන්නක් ඇත්නම් ඇදහිය යුතු වූ මට එය කියව, හේතු සහිතව කියන වචනය මම අසමි.
ගාථමාහ. තත්ථ යෙනාති යෙන කාරණෙන ත්වං අච්ඡාදනං ලභෙථ ලභෙය්යාසි, කිඤ්චි තං කාරණං සියා නු ඛො භවෙය්ය නු ඛොති අත්ථො. යදත්ථීති යදි අත්ථි.
එහි යෙන යනු යම් කාරණයකින් ඔබ වස්ත්‍ර ලබන්නේ ද එබඳු යම් කාරණා ඇත්නම් එය මට කියව යන අර්ථයි. යදත්ථි යනු යමක් ඇත්තේය.
අථස්ස පෙතො තං කාරණං ආචික්ඛන්තො –
ඉක්බිති ඒ ප්‍රේත තෙමේ ඒ කාරණය කියන්නේ,
“කප්පිතකො නාම ඉධත්ථි භික්ඛු, ඣායී සුසීලො අරහා විමුත්තො; ගුත්තින්ද්රියො සංවුතපාතිමොක්ඛො, සීතිභූතො උත්තමදිට්ඨිපත්තො.
ධ්‍යාන වඩන්නා වූ, සුසිල්වත් වූ, අර්හත් වූ, ක්ලේශයන්ගෙන් මිදුණු ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූ, ප්රාතිමෝක්ෂ ශීලය ආරක්ෂා කරන්නා වූ, සිහිල් වූ, සම්‍යක් දෘෂ්ටිය වැළඳ ගත්තා වූ,
“සඛිලො වදඤ්ඤූ සුවචො සුමුඛො, ස්වාගමො සුප්පටිමුත්තකො ච; පුඤ්ඤස්ස ඛෙත්තං අරණවිහාරී, දෙවමනුස්සානඤ්ච දක්ඛිණෙය්යො.
මෘදු දානශීලි වූ, යහපත් වචන ඇති, යහපත් මුහුණු ඇති, මනාව දත් ආගම ධර්මය ඇති, පමණ දැන කතාකරන්නා වූ, පින් කෙත් වූ,
“සන්තො විධූමො අනීඝො නිරාසො, මුත්තො විසල්ලො අමමො අවඞ්කො; නිරූපධී සබ්බපපඤ්චඛීණො, තිස්සො විජ්ජා අනුප්පත්තො ජුතිමා.
මෛත්‍රී පැවතුම් ඇති, මිථ්‍යා විතර්කයගෙන් වෙන් වූ, නිදුක් වූ ආශා නැති, භවයෙන් මිදුණු, පහකරන ලද රාගාදී හුල් ඇති, අහංකාර රහිත වූ අවංක වූ, සතරවිධ උපධි රහිත වූ, ක්ෂය කරන ලද සියලු ප්රපංචයන් ඇති, ත්‍රිවිද්‍යාවන්ට පැමිණියා වූ, දීප්තිමත් වූ,
“අප්පඤ්ඤාතො දිස්වාපි න ච සුජානො, මුනීති නං වජ්ජිසු වොහරන්ති; ජානන්ති තං යක්ඛභූතා අනෙජං, කල්යාණධම්මං විචරන්තං ලොකෙ.
ප්‍රකට නො වූ, දුටුවද සුවසේ නො දත හැකි, “කප්පින” නම් වු, එක් භික්ෂු නමක් ඇත්තේය. වජ්ජීන් අතර උන්වහන්සේට මුනි යයි ප්‍රකාශ කරත්. යක්ෂයෝ හා භූතයෝ ද, ගුණවත් වූ සුන්දර වූ ශීලවන්ත වූ ඒ භික්ෂුව දනිති.
“තස්ස තුවං එකයුගං දුවෙ වා, මමුද්දිසිත්වාන සචෙ දදෙථ; පටිග්ගහීතානි ච තානි අස්සු, මමඤ්ච පස්සෙථ සන්නද්ධදුස්ස”න්ති. –
උන් වහන්සේට එක් වස්ත්‍ර යුගලක් හෝ වස්ත්‍ර යුගල දෙකක් මා උදෙසා පූජාකොට, ඒ වස්ත්‍ර පිළිගන්නා ලද්දේ ද එසේනම් ඒ පින් මට අනුමෝදන් කරනු මැනවි, (ඉක්බිතිව) හැඳ පෙර වූ වස්ත්‍ර ඇති මා ඉන්පසු ඔබට දැකිය හැක්කේය.
ගාථා අභාසි.
තත්ථ කප්පිතතො නාමාති ජටිලසහස්සස්ස අබ්භන්තරෙ ආයස්මතො උපාලිත්ථෙරස්ස උපජ්ඣායං සන්ධාය වදති. ඉධාති ඉමිස්සා වෙසාලියා සමීපෙ. ඣායීති අග්ගඵලඣානෙන ඣායී. සීතිභූතොති සබ්බකිලෙසදරථපරිළාහවූපසමෙන සීතිභාවප්පත්තො. උත්තමදිට්ඨිපත්තොති උත්තමං අග්ගඵලං සම්මාදිට්ඨිං පත්තො.
එහි කප්පිනකො නාමා යනු ජටිලයන් දහසක් අතුරෙන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන්ගේ උපාධ්‍යායන් සඳහා කියයි. ඉධා යනු මේ විසාලා නුවර සමීපයේ, ඣායී යනු අග්‍ර ඵල ධ්‍යාන වඩන්නා වු, සීතිභූතො යනු සියලු ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් සිහිල් බවට පැමිණි. උත්තම දිට්ඨිප්පත්තො උතුම් අග්‍ර ඵල වූ සම්මා දිට්ඨියට පැමිණි,
සඛිලොති මුදු. සුවචොති සුබ්බචො. ස්වාගමොති සුට්ඨු ආගතාගමො. සුප්පටිමුත්තකොති සුට්ඨු පටිමුත්තකවාචො, මුත්තභාණීති අත්ථො. අරණවිහාරීති මෙත්තාවිහාරී.
සබිලො - යනු මෘදු වූ, සුවචො යනු යහපත් වචන කථා කරන්නා වූ, ස්වාගමො - යනු මනාව දත් ආගම ධර්ම ඇති, සුප්පටිමුත්තකොච යනු යහපත් කථාවන් පමණ දැන කරන්නා වූ අරණ විහාරී, යනු මෛත්‍රි සහගත සිතින් දවසරින
සන්තොති උපසන්තකිලෙසො. විධූමොති විගතමිච්ඡාවිතක්කධූමො. අනීඝොති නිද්දුක්ඛො. නිරාසොති නිත්තණ්හො. මුත්තොති සබ්බභවෙහි විමුත්තො. විසල්ලොති වීතරාගාදිසල්ලො. අමමොති මමංකාරවිරහිතො. අවඞ්කොති කායවඞ්කාදිවඞ්කවිරහිතො. නිරූපධීති කිලෙසාභිසඞ්ඛාරාදිඋපධිප්පහායී. සබ්බපපඤ්චඛීණොති පරික්ඛීණතණ්හාදිපපඤ්චො. ජුතිමාති අනුත්තරාය ඤාණජුතියා ජුතිමා. අප්පඤ්ඤාතොති පරමප්පිච්ඡතාය පටිච්ඡන්නගුණතාය ච න පාකටො.
සන්තො යනු ක්ලේශයන්ගෙන් වෙන් වූ, ක්ලේශ ප්රහාණය කළ, විධුමො යනු පහකළ මිථ්‍යා විතර්ක දුම් ඇති අනීඝො - යනු නිදුක් වූ, නිරාසො යනු ආශාවන්ගෙන් දුරු වූ, මුත්තො - යනු සියලු භවයන්ගෙන් මිදුණේ, විසල්ලො යනු රාගාදී හුල් පහකරන ලද්දේ, අමමො - යනු අහඞ්කාර, ආඩම්බර විරහිත වූ, අවඞ්කො - යනු කය වචනය සිත ආදීන්හි අකුටිල වූ, නිරූපධී යනු ක්ලේශ අභිසංස්කාර ආදී උපධි රහිත වූ, සබ්බ පපඤ්ච ඛීණො - යනු ක්ෂය කරන ලද තණ්හාදී ප්‍රමාදයන් ඇති, ජුතිමා - යනු නිරුත්තර ඤාණ රශ්මියෙන් දීප්තිමත් වූ, අප්පඤ්ඤාතො - යනු මුළුමනින්ම අල්පේච්ඡ වූ, තම නැණ ගුණ උගත්කම් ප්‍රකට නො කරන්නා වූ,
දිස්වාපි න ච සුජානොති ගම්භීරභාවෙන දිස්වාපි “එවංසීලො, එවංධම්මො, එවංපඤ්ඤො”ති න සුවිඤ්ඤෙය්යො. ජානන්ති තං යක්ඛභූතා අනෙජන්ති යක්ඛභූතා ච අනෙජං නිත්තණ්හං “අරහා”ති තං ජානන්ති. කල්යාණධම්මන්ති සුන්දරසීලාදිගුණං.
නසුජානො - යනු ගැඹුරු බවින් දැක්කේ නමුදු මෙවන් ශීල සමාධි ප්‍රඥා ගුණ ඇත්තෙකැයි සිතා ගත නොහැකි. ජානන්ති තං යක්ඛභූතා අනෙජා යනු යක්ෂ භූත ආදී අමනුෂ්‍යයන් විසින් ද තෘෂ්ණ රහිත අර්හත් උතුමෙකැයි දත්, කල්‍යාණ ධම්මං යනු සොඳුරු සිල් ගුණයුත්,
තස්සාති තස්ස කප්පිතකමහාථෙරස්ස. එකයුගන්ති එකං වත්ථයුගං. දුවෙ වාති ද්වෙ වා වත්ථයුගානි. මමුද්දිසිත්වානාති මමං උද්දිසිත්වා. පටිග්ගහීතානි ච තානි අස්සූති තානි වත්ථයුගානි තෙන පටිග්ගහිතානි ච අස්සු භවෙය්යුං. සන්නද්ධදුස්සන්ති දුස්සෙන කතසන්නාහං, ලද්ධවත්ථං නිවත්ථපාරුතදුස්සන්ති අත්ථො.
තස්ස යනු ඒ කප්පින මහා ස්ථවිරයන්ට එක යුගං යනු වස්ත්‍ර යුගල එකක්, දුවෙ වා යනු වස්ත්‍ර යුගල දෙකක් හෝ, මමුද්දිසිත්වාන, යනු මා උදෙසා, පටිග්ගහිතානිච තානි අස්සූ - යනු ඒ වස්ත්‍ර යුගලයෝ උන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේ නම්, සන්නද්ධ දුස්සං යනු වස්ත්‍ර ලැබී හැඳ පොරවා ගෙන සැරසුණු යන අර්ථයි.
තතො රාජා –
ඉක්බිතිව රජතෙම තෙරුන් වසන තැන විචාරමින් මේ ගාථාව කීය.
“කස්මිං පදෙසෙ සමණං වසන්තං, ගන්ත්වාන පස්සෙමු මයං ඉදානි; යො මජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතඤ්ච, දිට්ඨීවිසූකානි විනොදයෙය්යා”ති. –
කවර පෙදෙසක වසන්නා වූ ඒ ශ්රමණයන් වහන්දෑ වෙත අපි දැන් ගොස් දක්නෙමු ද? ඒ කවරෙක්දැයි දැක අපගේ සැකය ද විචිකිච්ඡාව ද, මිථ්‍යා දෘෂ්ටි නමැති හුල් ද පහකරන්නේ ද?
ථෙරස්ස වසනට්ඨානං පුච්ඡි. තත්ථ කස්මිං පදෙසෙති කතරස්මිං පදෙසෙ. යො මජ්ජාති යො අජ්ජ, ම-කාරො පදසන්ධිකරො.
එහි කස්මිං පදෙසෙ - යනු කිසියම් ප්‍රදේශයෙක්හි, සමජ්ජා - යනු සො + අජ්ජ, හෙතෙම අද, “ම” කාරය පද සන්ධිය සඳහාය.
තතො පෙතො –
එවිට ප්‍රේත තෙමේ.
“එසො නිසින්නො කපිනච්චනායං, පරිවාරිතො දෙවතාහි බහූහි; ධම්මිං කථං භාසති සච්චනාමො, සකස්මිමාචෙරකෙ අප්පමත්තො”ති. –
කපිනච්චානා ප්‍රදේශයේ හුන්නා වූ සත්‍ය නාම ඇති, ආශ්චර්ය වූ තමාගේ කෘත්යයෙහිම නියැලෙන්නා වූ අප්රමාදී වූ ඒ කප්පින භික්ෂූන් වහන්සේ බොහෝ දෙවියන් විසින් පිරිවරන ලදුව, ධර්ම කථා වදාරමින් වැඩ සිටියහ.
ගාථමාහ. තත්ථ කපිනච්චනායන්ති කපීනං වානරානං නච්චනෙන “කපිනච්චනා”ති ලද්ධවොහාරෙ පදෙසෙ. සච්චනාමොති ඣායී සුසීලො අරහා විමුත්තොතිආදීහි ගුණනාමෙහි යාථාවනාමො අවිපරීතනාමො .
එහි කපිනච්චනායං - යනු වඳුරන් නටන බැවින් කපි නච්චන යන ව්‍යවහාරය ලත් පෙදෙස, සච්චනාමො - යනු ධ්‍යාන වඩන්නා වූ සීලවන්ත වූ අර්හත්වයට පත් වූ ආදී ගුණ නාමයෙන්හි ස්වාභාවික නාමයයි. වෙනස් නොවන නාමයයි.
එවං පෙතෙන වුත්තෙ රාජා තාවදෙව ථෙරස්ස සන්තිකං ගන්තුකාමො –
මෙසේ ප්‍රේතයා කී කල්හි රජු එකෙණෙහිම තෙරුන් සමීපයට යනු කැමැත්තේ,
“තථාහං කස්සාමි ගන්ත්වා ඉදානි, අච්ඡාදයිස්සං සමණං යුගෙන; පටිග්ගහීතානි ච තානි අස්සු, තුවඤ්ච පස්සෙමු සන්නද්ධදුස්ස”න්ති. –
මම එසේ කරන්නෙමි. දැන් ශ්රමණයන් වෙත ගොස් වස්ත්‍ර යුග්මයක් පූජා කරන්නෙමි. ඒ වස්ත්‍ර පිළිගන්නා ලද්දාහු, වස්ත්‍රයෙන් සැරසුණා වූ ඔබව ද දකිමු.
ගාථමාහ. තත්ථ කස්සාමීති කරිස්සාමි.
එහි කස්සාම - යනු කරන්නෙමි.
අථ පෙතො “දෙවතානං ථෙරො ධම්මං දෙසෙති, තස්මා නායං උපසඞ්කමනකාලො”ති දස්සෙන්තො –
ඉක්බිති ප්‍රේතයා, තෙරුන් වහන්සේ දෙවියන්ට ධර්මය දේශනා කරන කාලය බැවින් මේ වේලාව ගමනට නුසුදුසු බව දක්වන්නේ.
“මා අක්ඛණෙ පබ්බජිතං උපාගමි, සාධු වො ලිච්ඡවි නෙස ධම්මො; තතො ච කාලෙ උපසඞ්කමිත්වා, තත්ථෙව පස්සාහි රහො නිසින්න”න්ති. –
පින්වත් ලිච්ඡවී රජුනි! නොකල්හි පැවිද්දෙකු වෙත නො එළඹේවායි ආයාචනා කරමි. එය රජවරුන්ගේ ධර්මය නොවේ. එබැවින් සුදුසු කල්හි එහි ගොස් හුදෙකලාව උන්නා වූ ස්ථවිරයන් මුණගැසෙනු මැනව,
ගාථමාහ. තත්ථ සාධූති ආයාචනෙ නිපාතො. වො ලිච්ඡවි නෙස ධම්මොති, ලිච්ඡවිරාජ, තුම්හාකං රාජූනං එස ධම්මො න හොති, යං අකාලෙ උපසඞ්කමනං. තත්ථෙවාති තස්මිංයෙව ඨානෙ.
එහි සාධු යනු අයැදීමේ නිපාතයි. වොලිච්ඡවී නෙ ස ධම්මො - අකාලයෙහි යමෙකු වෙත එළඹීම ලිච්ඡවී රජුන් වන තොපගේ රාජ ධර්මය නොවේ. තත්ථෙවා - එම ස්ථානයෙහිම
එවං පෙතෙන වුත්තෙ රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා අත්තනො නිවෙසනමෙව ගන්ත්වා පුන යුත්තපත්තකාලෙ අට්ඨ වත්ථුයුගානි ගාහාපෙත්වා ථෙරං උපසඞ්කමිත්වා එකමන්තං නිසින්නො පටිසන්ථාරං කත්වා “ඉමානි, භන්තෙ, අට්ඨ වත්ථයුගානි පටිග්ගණ්හා”ති ආහ. තං සුත්වා ථෙරො කථාසමුට්ඨාපනත්ථං “මහාරාජ, පුබ්බෙ ත්වං අදානසීලො සමණබ්රාහ්මණානං විහෙඨනජාතිකොව කථං පණීතානි වත්ථානි දාතුකාමො ජාතො”ති ආහ. තං සුත්වා රාජා තස්ස කාරණං ආචික්ඛන්තො පෙතෙන සමාගමං, තෙන ච අත්තනා ච කථිතං සබ්බං ථෙරස්ස ආරොචෙත්වා වත්ථානි දත්වා පෙතස්ස උද්දිසි. තෙන පෙතො දිබ්බවත්ථධරො අලඞ්කතපටියත්තො අස්සාරුළ්හො ථෙරස්ස ච රඤ්ඤො ච පුරතො පාතුභවි. තං දිස්වා රාජා අත්තමනො පමුදිතො පීතිසොමනස්සජාතො “පච්චක්ඛතො වත මයා කම්මඵලං දිට්ඨං, න දානාහං පාපං කරිස්සාමි, පුඤ්ඤමෙව කරිස්සාමී”ති වත්වා තෙන පෙතෙන සක්ඛිං අකාසි. සො ච පෙතො “සචෙ, ත්වං ලිච්ඡවිරාජ, ඉතො පට්ඨාය අධම්මං පහාය ධම්මං චරසි, එවාහං තව සක්ඛිං කරිස්සාමි, සන්තිකඤ්ච තෙ ආගමිස්සාමි, සූලාවුතඤ්ච පුරිසං සීඝං සූලතො මොචෙහි, එවං සො ජීවිතං ලභිත්වා ධම්මං චරන්තො දුක්ඛතො මුච්චිස්සති, ථෙරඤ්ච කාලෙන කාලං උපසඞ්කමිත්වා ධම්මං සුණන්තො පුඤ්ඤානි කරොහී”ති වත්වා ගතො.
මෙසේ ප්‍රේතයා කී කල්හි රජු මැනවැයි පිළිගෙන තමාගේ නිවෙස්න වෙතම ගොස්, නැවත සුදුසු වේලාවෙහි වස්ත්‍ර යුගල අටක් ගෙන්වා ගෙන තෙරුන් වෙත එළඹ, එකත්පස්ව සිට පිළිසඳර කථා කොට, ස්වාමීනි! මගේ මේ වස්ත්‍ර යුගල අට පිළිගනු මැනවැයි ඉල්ලා සිටියේය. එය අසා ස්ථවිර තෙමේ කථාව ඉපිදවීම පිණිස මහරජතුමනි! පෙර ඔබ කිසිදු දෙයක් නොදෙන සුළු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙහෙස කරවන ස්වභාව ඇත්තෙකි. කෙසේ නම් මේ ප්‍රණීත වස්ත්‍ර දෙනු කැමැත්තේ වී ද? කීය. ඒ අසා රජු ඒ කාරණය කියමින් ප්‍රේතයා සමග එකතු වීම ප්‍රේතයා හා තමන් අතර ඇත්තා වූ කථා සල්ලාප සියල්ල තෙරුන්ට ප්‍රකාශ කොට වස්ත්‍ර පූජාකර ප්‍රේතයාට අනුමෝදන් කළේය. ඒ ප්‍රේතයා විසින් දිව්‍ය වස්ත්‍ර දරමින් ඉතා අලංකාරව සැරසී අශ්වයා පිට නැගී තෙරුන් වහන්සේගේ ද රජුගේ ද ඉදිරියෙහි පහළ විය. ඒ දුටු රජු සතුටු සිත් ඇතිව ප්රමුදිතවැ ප්‍රීති සොමනසින් යුතුව, ඒකාන්තයෙන්ම ප්රත්යක්ෂ වශයෙන්ම මා විසින් කර්ම විපාකය දක්නා ලදී. නැවත මම පාපකර්ම නොකරමි. පින්කම්ම කරමියි කියා ඒ ප්‍රේතයා සාක්ෂි කොට තැබීය. ඒ ප්‍රේතයා ද ඉදින් ලිච්ඡවි රජතුමනි! මෙතැන් පටන් අධර්මය අත්හැර ධර්මයෙහි හැසිරෙවයි මෙසේ කියා, එසේ ධර්මයේ හැසිරුනේ නම් මම නුඹට සාක්ෂි කරන්නෙමි. නුඹ සමීපයට මම ද එන්නෙමි. හුල සිටුවන ලද පුරුෂයා ද හුලෙන් ඉවත් කර වන්නැයි කීය. එසේ ඇති කල්හි ඔහු ජීවිතය ලබා ධර්මයෙහි හැසිරීමෙන් දුකින් මිදෙන්නේ යයි ද කීය. කලින් කළ තෙරුන් වහන්සේ වෙත ද පැමිණ ධර්මය අසමින් පින් කරවයි රජුට කියා ප්‍රේතයා ගියේය.
අථ රාජා ථෙරං වන්දිත්වා නගරං පවිසිත්වා සීඝං සීඝං ලිච්ඡවිපරිසං සන්නිපාතෙත්වා තෙ අනුජානාපෙත්වා තං පුරිසං සූලතො මොචෙත්වා “ඉමං අරොගං කරොථා”ති තිකිච්ඡකෙ ආණාපෙසි. ථෙරඤ්ච උපසඞ්කමිත්වා පුච්ඡි – “සියා නු ඛො, භන්තෙ, නිරයගාමිකම්මං කත්වා ඨිතස්ස නිරයතො මුත්තී”ති. සියා, මහාරාජ, සචෙ උළාරං පුඤ්ඤං කරොති, මුච්චතීති වත්වා ථෙරො රාජානං සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපෙසි. සො තත්ථ පතිට්ඨිතො ථෙරස්ස ඔවාදෙ ඨත්වා සොතාපන්නො අහොසි, සූලාවුතො පන පුරිසො අරොගො හුත්වා සංවෙගජාතො භික්ඛූසු පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තමත්ථං දස්සෙන්තා සඞ්ගීතිකාරා –
ඉක්බිති රජු තෙරුන් වැඳ නගරයට පිවිස වහ වහා ලිච්ඡවී රජ පිරිස කැඳවා ඔවුන්ගේ අනුමැතිය ලබා, මුල පිට උන් පුරුෂයා උලෙන් මුදවා මොහු සුවපත් කරව් යයි වෙදුන්ට අණ කළේය. ඉන්පසු තෙරුන් වෙත පැමිණ ස්වාමීනි! නිරයගාමී අකුසල් කර්ම කොට සිටින්නෙකුට නිරයෙන් මිදීමට පුළුවන් වන්නේදැයි විචාළේය. මහරජ උදාර වූ පින්කම් කළේ නම් නිරයෙන් මිදීම වන්නේ යයි කියා තෙරුන් වහන්සේ රජු සරණයෙහි ද පන්සිල්හි ද පිහිටුවීය. තෙරුන්ගේ අවවාදයෙහි පිහිටි හෙතෙම පසුව සෝවාන් විය. උල අවුණා සිටි පුරුෂයා ද නිරෝගී වී ගිහිගෙය කලකිරී භික්ෂූන් වෙත පැමිණ පැවිදි වී කෙටිකලකින් රහත් බවට පැමිණියේය. ඒ කාරණා දක්වමින් සඞ්ගීති කාරකයෝ මේ ගාථාවෝ කීහු.
“තථාති වත්වා අගමාසි තත්ථ, පරිවාරිතො දාසගණෙන ලිච්ඡවි; සො තං නගරං උපසඞ්කමිත්වා, වාසූපගච්ඡිත්ථ සකෙ නිවෙසනෙ.
ඒ ලිච්ඡවී රජු එසේ යයි කියා දාස සමුහයා විසින් පිරිවරණ ලදුව එහි ගියේය. ඒ නුවරට එළඹ සිය නිවසෙහි වාසයට පැමිණියේය.
“තතො ච කාලෙ ගිහිකිච්චානි කත්වා, න්හත්වා පිවිත්වා ච ඛණං ලභිත්වා; විචෙය්ය පෙළාතො ච යුගානි අට්ඨ, ගාහාපයී දාසගණෙන ලිච්ඡවි.
ලිච්ඡවී රජු සුදුසු කාලයෙහි රාජකාරි කටයුතු කොට නහා කා බී සුදුසු කාලය එළඹි කල්හි පෙට්ටියෙන් වස්ත්‍ර යුගල අටක් ගෙන්වීය.
“සො තං පදෙසං උපසඞ්කමිත්වා, තං අද්දස සමණං සන්තචිත්තං; පටික්කන්තං ගොචරතො නිවත්තං, සීතිභූතං රුක්ඛමූලෙ නිසින්නං.
ඒ රජු ඒ පෙදෙසට එළඹ, සන්සුන් සිත් ඇති, පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම වූ, සිහිල් සෙවණ ඇති රුක්මුල නැවතී වැඩ හුන්නා වූ ඒ ශ්රමණයන් වහන්සේ දුටුයේය.
“තමෙනමවොච උපසඞ්කමිත්වා, අප්පාබාධං ඵාසුවිහාරඤ්ච පුච්ඡි; වෙසාලියං ලිච්ඡවිහං භදන්තෙ, ජානන්ති මං ලිච්ඡවි අම්බසක්කරො.
උන්වහන්සේ වෙත පැමිණි රජු නිරෝගී බව ද, පහසු විහරණය ද විචාළේය. ස්වාමීනි මම විශාලා මහනුවර අම්බසක්ඹර නම් ලිච්ඡවී රජු වෙමියි (තමන් හැදින්වීය)
“ඉමානි මෙ අට්ඨ යුගා සුභානි, පටිග්ගණ්හ භන්තෙ පදදාමි තුය්හං; තෙනෙව අත්ථෙන ඉධාගතොස්මි, යථා අහං අත්තමනො භවෙය්යන්ති.
ස්වාමීනි! මගේ මේ යහපත් වූ වස්ත්‍ර යුග්ම අට ඔබ වහන්සේට පූජා කරමි. එය පිළිගනු මැනැවි යම්සේ මම සතුටු සිතින් යුක්තවම මේ කාරණය සඳහාම මෙහි පැමිණියෙමි.
“දූරතොව සමණා බ්රාහ්මණා ච, නිවෙසනං තෙ පරිවජ්ජයන්ති; පත්තානි භිජ්ජන්ති ච තෙ නිවෙසනෙ, සඞ්ඝාටියො චාපි විදාලයන්ති.
ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද ඔබගේ රජගෙය දුරින්ම දුරු කරති. ඔබගේ ගේ ඉදිරියේ දී භික්ෂූන්ගේ පාත්‍රා පොඩි කරත් සඟල සිවුරු ඉරා දමත්.
“අථාපරෙ පාදකුඨාරිකාහි, අවංසිරා සමණා පාතයන්ති; එතාදිසං පබ්බජිතා විහෙසං, තයා කතං සමණා පාපුණන්ති.
නැවත පා නමැති කෙටේරි වලින් ශ්‍රමණයන්ගේ හිස් යටිකුරුව හෙළති. පැවිදි වූ ශ්‍රමණයෝ ඔබ විසින් මේ අන්දමින් වෙහෙසට පත් කරනු ලැබෙති.
“තිණෙන තෙලම්පි න ත්වං අදාසි, මූළ්හස්ස මග්ගම්පි න පාවදාසි; අන්ධස්ස දණ්ඩං සයමාදියාසි, එතාදිසො කදරියො අසංවුතො තුවං; අථ ත්වං කෙන වණ්ණෙන කිමෙව දිස්වා, අම්හෙහි සහ සංවිභාගං කරොසීති.
ඔබ තණ අගින් තෙල් බිඳක් වත් (දන්) නුදුන්නෙහිය. මං මුළා වූවකු හට පාර තොට නොකීවෙහිය. අන්ධයාගේ සැරයටිය උදුරාගත්තේය. මෙබඳු වූ තද මසුරු වූ නොහික්මුණු ඔබ කුමක් දැක කවර ගුණයක් නිසා අප හා බෙදා දෙන ස්වභාවය ඇති වූයේ ද?
“පච්චෙමි භන්තෙ යං ත්වං වදෙසි, විහෙසයිං සමණෙ බ්රාහ්මණෙ ච; ඛිඩ්ඩත්ථිකො නො ච පදුට්ඨචිත්තො, එතම්පි මෙ දුක්කටමෙව භන්තෙ.
ස්වාමීනි! නුඹ වහන්සේ යමක් කියන සේක් ද? ඒ සියල්ල මම පිළිගනිමි. ක්‍රීඩා සිත් ඇතිව, දූෂිත සිත් ඇතිව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මම වෙහෙස කළෙමි. ස්වාමීනි ඒවා මට පව්ම වන බව දනිමි.
ඛිඩ්ඩාය යක්ඛො පසවිත්වා පාපං, වෙදෙති දුක්ඛං අසමත්තභොගී; දහරො යුවා නග්ගනියස්ස භාගී, කිං සු තතො දුක්ඛතරස්ස හොති.
ක්‍රීඩා සිතින් පව්කම් රැස් කළ ප්‍රේතයෙක් (මම දුටුවෙමි) අසම්පූර්ණ ආහාර පාන ඇතිව, නාඹර තරුණ වියේ වූ ඔහු නග්න භාවයම හිමි වීමෙන් දුක් විදියි. ඊට වඩා දුකක් මොහුට ඇත්තේ ද?
“තං දිස්වා සංවෙගමලත්ථං භන්තෙ, තප්පච්චයා වාපි දදාමි දානං; පටිග්ගණ්හ භන්තෙ වත්ථයුගානි අට්ඨ, යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායොති.
ස්වාමීනි! ඒ ප්‍රේතයා දැක සංවේගයට පත්වීමි. ඒ හේතුවෙන් මම ඔබ වහන්සේට වස්ත්‍ර දානය දෙමි. මේ වස්ත්‍ර ක්‍රම අට පිළිගනු මැනවි. මේ පින් ඒ ප්‍රේතයා අනුමෝදන් වේවා!
“අද්ධා හි දානං බහුධා පසත්ථං, දදතො ච තෙ අක්ඛයධම්මමත්ථු; පටිගණ්හාමි තෙ වත්ථයුගානි අට්ඨ, යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායොති.
දන් දීම ඒකාන්තයෙන් නොයෙක් ප්‍රකාරයෙන් ප්‍රශංසා කරන ලදී. දෙන්නා වූ නුඹට ක්ෂය නොවන ස්වභාවය ඇති වේවා! නුඹගේ වස්ත්‍ර යුගල අට පිළිගනිමි. ප්‍රේතයා හට මේ දානමය පුණ්‍යය පැමිණෙත්වා.
“තතො හි සො ආචමයිත්වා ලිච්ඡවි, ථෙරස්ස දත්වාන යුගානි අට්ඨ; පටිග්ගහීතානි ච තානි අස්සු, යක්ඛඤ්ච පස්සෙථ සන්නද්ධදුස්සං.
ඒ ලිච්ඡවී රජ තෙම ඉන්පසුව මුව සෝදාගෙන තෙරණුවන්ට වස්ත්‍ර යුගල අට පුදා, ඒ වස්ත්‍රයෝ පිළිගන්නා ලද්දෝ වෙත්වා වස්ත්රයන්ගෙන් සැරසුණු ප්‍රේතයා ද දකිත්වා.
“තමද්දසා චන්දනසාරලිත්තං, ආජඤ්ඤමාරූළ්හමුළාරවණ්ණං; අලඞ්කතං සාධුනිවත්ථදුස්සං, පරිවාරිතං යක්ඛමහිද්ධිපත්තං.
ආජානීය අශ්වයා පිට නැගී, සඳුන් සුණු ගල්වන ලද උතුම් රූ ඇතිව මනාකොට රෙදි හැද පොරවා සැරසුණු ඒ ප්‍රේතයා මහත් යක්ෂ සෘද්ධියට පැමිණි පිරිවර සහිතව පැමිණ ඔවුන් දුටුවේය.
“සො තං දිස්වා අත්තමනො උදග්ගො, පහට්ඨචිත්තො ච සුභග්ගරූපො; කම්මඤ්ච දිස්වාන මහාවිපාකං, සන්දිට්ඨිකං චක්ඛුනා සච්ඡිකත්වා.
ඒ ලිච්ඡවී රජතෙම ඔහු දැක සතුටු සිත් ඇතිව, ඔද වැඩි සිත් ඇතිව, තුටු පහටු සිත් ඇතිව, අතිශය භාග්‍ය සම්පන්න ශරීර ඇතිව (පැමිණි ඔහු නිසා) සාංදෘෂ්ටික වූ කර්මය ද කර්ම විපාකය ද සියැසින් ප්රත්යක්ෂ වශයෙන්ම දක.
“තමෙනමවොච උපසඞ්කමිත්වා, දස්සාමි දානං සමණබ්රාහ්මණානං; න චාපි මෙ කිඤ්චි අදෙය්යමත්ථි, තුවඤ්ච මෙ යක්ඛ බහූපකාරොති.
ඔහු වෙත පැමිණ මෙය කීයේය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නෙමි. නොදිය හැකි කිසිම වස්තුවක් මට නැත. යක්ෂය ඔබ මට බොහෝ උපකාර වූවෙහිය.
“තුවඤ්ච මෙ ලිච්ඡවි එකදෙසං, අදාසි දානානි අමොඝමෙතං; ස්වාහං කරිස්සාමි තයාව සක්ඛිං, අමානුසො මානුසකෙන සද්ධින්ති.
ලිච්ඡවි රජුනි! නුඹ මට ඒක දේසයක් වූ වස්ත්‍ර දානය දුන්නේය. මේ දානය හිස් නොවේමැයි අමනුෂ්‍ය වූ මම මනුෂ්‍ය වූ තොප සමග සාක්ෂි කරන්නෙමි.
“ගතී ච බන්ධූ ච පරායණඤ්ච, මිත්තො මමාසි අථ දෙවතා මෙ; යාචාමි තං පඤ්ජලිකො භවිත්වා, ඉච්ඡාමි තං යක්ඛ පුනපි දට්ඨුන්ති.
යක්ෂය! ඔබ මට යහපත් ගමන් ඇත්තෙක්, මග පෙන්වන්නෙක් විය. නෑයෙක් ද පිහිටක් ද මිත්‍රයෙක් ද වෙයි. නැවත දෙවියෙක් වෙයි. ඔබ නැවත නැවතත් දැකීමට මම කැමැත්තෙමි. එය එසේම වේවායි යාඥා කරමි.
“සචෙ තුවං අස්සද්ධො භවිස්සසි, කදරියරූපො විප්පටිපන්නචිත්තො; ත්වං නෙව මං ලච්ඡසි දස්සනාය, දිස්වා ච තං නොපි ච ආලපිස්සං.
ඉදින් ඔබ අශ්රද්ධාවත් වන්නේ නම්, තද මසුරු කෙනෙක් වන්නේ නම්, මිථ්‍යා ප්‍රතිපත්ති සිත් ඇති වන්නේ නම්, ඒ හේතුවෙන්ම මා දකින්නට නොලබන්නෙහිය. නුඹ දුටුව ද කථා නොකරන්නෙමි.
“සචෙ පන ත්වං භවිස්සසි ධම්මගාරවො, දානෙ රතො සඞ්ගහිතත්තභාවො; ඔපානභූතො සමණබ්රාහ්මණානං, එවං මමං ලච්ඡසි දස්සනාය.
ඉදින් ඔබ කුශල ධර්ම කෙරෙහි ගෞරව ඇත්තේ නම්, දන් දීමෙහි ඇලුණේ වී නම්, සංග්‍රහ කිරීමෙහි කැමැත්ත දක්වන්නේ නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පැන් හලක් මෙන් වන්නේ නම්, එසේ ඇති කල්හි මා දක්නට ලබන්නෙහිය.
“දිස්වා ච තං ආලපිස්සං භදන්තෙ, ඉමඤ්ච සූලතො ලහුං පමුඤ්ච; යතොනිදානං අකරිම්හ සක්ඛිං, මඤ්ඤාමි සූලාවුතකස්ස කාරණා.
නුඹ දැක ද කථා කරන්නෙමි. ඔබට යහපතක්ම වේවා! යමෙකු නිමිති කොට මම සාක්ෂි කළෙමි ද මුල සිට පුරුෂයා නිසා යයි සිතමි. මේ පුරුෂයා වහාම හුලෙන් මුදවනු මැනවි.
“තෙ අඤ්ඤමඤ්ඤං අකරිම්හ සක්ඛිං, අයඤ්ච සූලතො ලහුං පමුත්තො; සක්කච්ච ධම්මානි සමාචරන්තො, මුච්චෙය්ය සො නිරයා ච තම්හා; කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයං.
අපි එකිනෙකා සාක්ෂි කළෙමු ද? හුල සිටි මේ තැනැත්තා එයින් මිදුනේ නම් ඔහු මැනැවින් කුසල ධර්මයන්හි හැසිරෙමින් අපාදුකින් මිදෙන්නේය. අන් තැනෙක වින්ද යුතු වූ අකුශල කර්මයක් වන්නේ ද?
“කප්පිතකඤ්ච උපසඞ්කමිත්වා, තෙනෙව සහ සංවිභජිත්වා කාලෙ; සයං මුඛෙනූපනිසජ්ජ පුච්ඡ, සො තෙ අක්ඛිස්සති එතමත්ථං.
(ඒ සඳහා) සුදුසු කාලයෙහි කප්පින තෙරණුවන් වෙත එළඹ උන්වහන්සේ හා සාකච්ඡා කොට උන්වහන්සේගෙන් විචාරව! හෙතෙම ඔබට අර්ථානර්ථ කියන්නේය.
“තමෙව භික්ඛුං උපසඞ්කමිත්වා, පුච්ඡස්සු අඤ්ඤත්ථිකො නො ච පදුට්ඨචිත්තො; සො තෙ සුතං අසුතඤ්චාපි ධම්මං, සබ්බම්පි අක්ඛිස්සති යථා පජානන්ති.
ඒ භික්ෂුව වෙතම එළඹ දූෂිත සිතින් තොරව විචාරව! බහුශ්‍රැත වූ හෙතෙම ඔබ විසින් අසන ලද්දා වූ ද නො අසන ලද්දාවු ද සියලු කුශල ධර්මයෝ දත් පරිදි කියන්නේය. සුගතිගාමී වූ ධර්මය අවබෝධ කර දෙන්නේය.
“සො තත්ථ රහස්සං සමුල්ලපිත්වා, සක්ඛිං කරිත්වාන අමානුසෙන; පක්කාමි සො ලිච්ඡවිනං සකාසං, අථ බ්රවි පරිසං සන්නිසින්නං.
ඒ රජු එහිදී අමනුෂ්‍යයා සමග රහසින් කථාකොට ඔහු සාක්ෂි කොට ලිච්ඡවීන්ගේ සමීපයට ගියේය. එහි රැස් වූ පිරිසට මෙසේ කීයේය.
“‘සුණන්තු භොන්තො මම එකවාක්යං, වරං වරිස්සං ලභිස්සාමි අත්ථං; සූලාවුතො පුරිසො ලුද්දකම්මො, පණිහිතදණ්ඩො අනුසත්තරූපො.
පින්වතුනි! මගේ වචනය අසත්වා! වරයක් ඉල්ලන්නෙමි. කැමති වන අර්ථය ලබන්නෙමි. රෞද්‍ර ක්‍රියා නිසා කරන ලද ශරීර දඬුවම් ඇති, උල තැබූ පුරුෂයා, ඇලුණු ස්වභාව ඇත්තේය.
“‘එත්තාවතා වීසතිරත්තිමත්තා, යතො ආවුතො නෙව ජීවති න මතො; තාහං මොචයිස්සාමි දානි, යථාමතිං අනුජානාතු සඞ්ඝො’ති.
යම් දිනක හුල හිදුවන ලද්දේ ද මේ තාක් විසි රැයක් පමණ ජීවත් ද නොවේ. මළේ ද නැත. දැන් මම ඔහු ඒ දඬුවමින් මුදවන්නෙමි. සමූහයා කැමති පරිද්දෙන් එය අනු දනීවා.
“‘එතඤ්ච අඤ්ඤඤ්ච ලහුං පමුඤ්ච, කො තං වදෙථ තථා කරොන්තං; යථා පජානාසි තථා කරොහි, යථාමතිං අනුජානාති සඞ්ඝො’ති.
මොහු ද, රාජාඥා කළ අනික් තැනැත්තා ද වහාම මුදවනු මැනැවි. එසේ කරන්නා වූ ඔබට කවරෙක් නම් (එපා) කියන්නේ ද? රුචි පරිද්දෙන් සමූහයා අනුදනියි.
“සො තං පදෙසං උපසඞ්කමිත්වා, සූලාවුතං මොචයි ඛිප්පමෙව; මා භායි සම්මාති ච තං අවොච, තිකිච්ඡකානඤ්ච උපට්ඨපෙසි.
ඒ රජු මුල සිටුවා ඇති තැනට ගොස්, හුල සිටි පුරුෂයා වහාම මුදවා යහළුව බිය නොවෙව යයි ඔහුට කීයේය. වෙදුන් ද ඒ තැනට කැඳවීය.
“කප්පිතකඤ්ච උපසඞ්කමිත්වා, තෙනෙව සහ සංවිභජිත්වා කාලෙ; සයං මුඛෙනූපනිසජ්ජ ලිච්ඡවි, තථෙව පුච්ඡිත්ථ නං කාරණත්ථිකො.
කරුණු දැනගනු කැමති වූ ලිච්ඡවී රජු සුදුසු කාලයෙහි ඔහු හා සමග කප්පින තෙරුන් වෙත එළඹ දාන සංවිභාග කොට ඉදිරියෙහි ඉද උන්වහන්සේගෙන් මෙසේ විචාළේය.
“සූලාවුතො පුරිසො ලුද්දකම්මො, පණීතදණ්ඩො අනුසත්තරූපො; එත්තාවතා වීසතිරත්තිමත්තා, යතො ආවුතො නෙව ජීවති න මතො.
රෞද්‍ර වූ ක්‍රියා නිසා හුල හිදුවන ලද පුරුෂයා (රජු කෙරෙහි) ඇලුණු ස්වභාව ඇත්තේය. යම් දිනක හුල හිදුවන ලද්දේ ද? මේ වන විට විසි රැයක් පමණ ඉක්ම ගියේය. ජීවත් ද නොවෙයි. මළේ ද නැත.
“සො මොචිතො ගන්ත්වා මයා ඉදානි, එතස්ස යක්ඛස්ස වචො හි භන්තෙ; සියා නු ඛො කාරණං කිඤ්චිදෙව, යෙන සො නිරයං නො වජෙය්ය.
ස්වාමීනි! මා විසින් එහි ගොස් ඒ පුරුෂයා මුදවන ලදී. මේ යක්ෂයාගේ වචනයමයි. යම් හේතුවකින් හෙතෙම නරකයට නො යන්නේ ද කිසියම් වෙන යමක් සිදු වන්නේ ද?
“ආචික්ඛ භන්තෙ යදි අත්ථි හෙතු, සද්ධායිකං හෙතුවචො සුණොම; න තෙසං කම්මානං විනාසමත්ථි, අවෙදයිත්වා ඉධ බ්යන්තිභාවොති.
ස්වාමීනි! හේතු කරුණක් ඇත්නම් කියනු මැනැවි. ඇදහිය යුතු හේතු යුක්ත වචනය අසමි. මෙහිදී ඒ කර්මයන්ගේ විපාක නොවිඳ සැනසීමක් හෝ ගෙවී යාමක් ඇත්තේ ද?
“සචෙ ස ධම්මානි සමාචරෙය්ය, සක්කච්ච රත්තින්දිවමප්පමත්තො; මුච්චෙය්ය සො නිරයා ච තම්හා, කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයන්ති.
ඉදින් ඒ පුරුෂයා කුසල කර්මයන්හි මනාව හැසිරෙන්නේ නම් සකස් කොට දිවා රෑ දෙකෙහි අප්‍රමාදීව (පින්) කටයුතු කරන්නේ නම් හෙතෙම නිරා දුකින් මිදෙන්නේය. අකුශල කර්මය අන්තැනකදී විපාක දෙන්නේය.
“අඤ්ඤාතො එසො පුරිසස්ස අත්ථො, මමම්පි දානි අනුකම්ප භන්තෙ; අනුසාස මං ඔවද භූරිපඤ්ඤ, යථා අහං නො නිරයං වජෙය්යන්ති.
ස්වාමීනි! ඒ පුරුෂයා පිළිබඳ අර්ථය දැනගන්නා ලදිමි. දැන් මට ද අනුකම්පා කළ මැනව. මහා ප්‍රාඥයන් වහන්ස, යම්සේ මා නිරයට නොයන්නෙමි ද? ඒ සඳහා මට අනුශාසනා කරනු මැනවි. අවවාද කරනු මැනැවි.
“අජ්ජෙව බුද්ධං සරණං උපෙහි, ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො; තථෙව සික්ඛාය පදානි පඤ්ච, අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු.
පහන් සිත් ඇතිව අදම බුදුන් දහම් සඟුන් සරණ යව! එසේම ශික්ෂා පද පස සමාදන්ව කඩ නොකොට ආරක්ෂා කරව්!
“පාණාතිපාතා විරමස්සු ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු; අමජ්ජපො මා ච මුසා අභාණී, සකෙන දාරෙන ච හොති තුට්ඨො; ඉමඤ්ච අරියං අට්ඨඞ්ගවරෙනුපෙතං, සමාදියාහි කුසලං සුඛුද්රයං.
වහාම ප්‍රාණඝාතයෙන් වෙන්වෙව! අනුන් විසින් නුදුන් දෙයක් දුරු කරව! (නො ගනුව) මත්පැන් බොන්නෙක් නොවව බොරු නො කියව! ස්වකීය භාර්යාවගෙන්ම සතුටු වෙව! නිවැරදි වූ සැප විපාක දෙන්නා වූ මේ ආර්ය වූ උත්තම අංග අටෙන් යුක්ත වූ උපොශතය රකුව!
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අන්නං පානං ඛාදනීයං, වත්ථසෙනාසනානි ච; දදාහි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
සිවුරු ද පිණ්ඩපාතය ද ගිලාන ප්‍රත්‍යය ද සේනාසන ද, වස්ත්‍ර ද සෙනසුන් ද ආහාර ද, පාන වර්ග ද, කෑ යුතු දේද (යනාදියෙන්) විශේෂයෙන් ප්‍රසන්න වූ සිතින්, සෘජුව පිළිපන්නවුන් විෂයෙහි, දෙව,
“භික්ඛූපි සීලසම්පන්නෙ, වීතරාගෙ බහුස්සුතෙ; තප්පෙහි අන්නපානෙන, සදා පුඤ්ඤං පවඩ්ඪති.
සිල්වත් වූ වීතරාගී වූ බහුශ්‍රැත වූ භික්ෂූන් සන්තර්පනය කරව, එය සදාකල්හි පින් වැඩෙනු පිණිස හේතු වේ.
“එවඤ්ච ධම්මානි සමාචරන්තො, සක්කච්ච රත්තින්දිවමප්පමත්තො; මුඤ්ච තුවං නිරයා ච තම්හා, කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයන්ති.
එසේම මනාව කුශල කර්මයන් කරමින්, සකස්ව රෑ දවල්හි අප්‍රමාදීව කටයුතු කරන්නා වූ තොප අපාය දුකින් මිදේ. අකුශල කර්ම අන්තැනක දී විපාක දේ.
“අජ්ජෙව බුද්ධං සරණං උපෙමි, ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො; තථෙව සික්ඛාය පදානි පඤ්ච, අඛණ්ඩඵුල්ලානි සමාදියාමි.
අදම ප්‍රසන්න සිතින් යුතුව බුදුන්, දහම්, සඟුන් සරණ යමි. එසේම ශික්ෂා පද පහ ද සමාදන්ව කඩ නොකර ආරක්ෂා කරන්නෙමි.
“පාණාතිපාතා විරමාමි ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයාමි; අමජ්ජපො නො ච මුසා භණාමි, සකෙන දාරෙන ච හොමි තුට්ඨො; ඉමඤ්ච අරියං අට්ඨඞ්ගවරෙනුපෙතං, සමාදියාමි කුසලං සුඛුද්රයං.
වහාම ප්‍රාණඝාතයෙන් වෙන්වෙමි. නුදුන් දෙය ගැනීමෙන් දුරුවෙමි. මත්පැන් නොබොමි. බොරු නොකියමි. සිය භාර්යාවගෙන්ම සතුටු වෙමි. මේ පන්සිල් රකිමින් අඞ්ග අටකින් යුත් ශීලයන් ද සමාදන්ව මනාකොට පැහැදුනු සිතින් කුශලයන්හි නිරත වෙමි.
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අන්නං පානං ඛාදනීයං, වත්ථසෙනාසනානි ච.
සිවුරු ද පිණ්ඩපාතය ද, ප්‍රත්‍යයන් ද, සයනාසන ද, ආහාර පාන වර්ග ද කෑ යුතු දේ ද, වස්ත්‍ර ද, සෙනසුන් ද,
“භික්ඛූ ච සීලසම්පන්නෙ, වීතරාගෙ බහුස්සුතෙ; දදාමි න විකම්පාමි, බුද්ධානං සාසනෙ රතොති.
බුද්ධ ශාසනයෙහි ඇලුණා වූ. සිල්වත් වූ, බහුශ්‍රැත වූ, රහත් වූ, භික්ෂූන්ට පුජා කරමි. සිව්පසය දීම කඩ නො කරමි.
“එතාදිසො ලිච්ඡවි අම්බසක්කරො, වෙසාලියං අඤ්ඤතරො උපාසකො; සද්ධො මුදූ කාරකරො ච භික්ඛු, සඞ්ඝඤ්ච සක්කච්ච තදා උපට්ඨහි.
මේ අන්දමින් අම්බසක්ඛර ලිච්ඡවී රජතෙම විශාලා මහනුවර සැදැහැවත් බුදු සිත් ඇති, උපාසකයෙකු වී ජනයාට උපකාරී වූයේ භික්ෂු සංඝයාට ද සකස් කොට උපස්ථාන කළේය.
“සූලාවුතො ච අරොගො හුත්වා, සෙරී සුඛී පබ්බජ්ජං උපාගමි; භික්ඛුඤ්ච ආගම්ම කප්පිතකුත්තමං, උභොපි සාමඤ්ඤඵලානි අජ්ඣගුං.
හුල ඉන්ද වූ පුරුෂයා නිරෝගීව සුවපත් වී, තනිව හැසිරෙන්නේ උතුම් කප්පින නම් වූ ස්ථවිරයන් වෙත අවුත් පැවිදි වූයේය. දෙදෙනම සුදුසු ලෙස ශ්‍රාමණ්‍ය ඵලයන්ට පැමිණියහ.
“එතාදිසා සප්පුරිසාන සෙවනා, මහප්ඵලා හොති සතං විජානතං; සූලාවුතො අග්ගඵලං අඵස්සයි, ඵලං කනිට්ඨං පන අම්බසක්කරො”ති. –
කරුණු දක්නා වූ සත්පුරුෂයන්ට සත්පුරුෂයන්ගේ ආශ්‍රය මෙබඳු වූ මහත් ප්‍රතිඵල ඇති කරයි. මහත් ආනිසංස ගෙන දෙයි. හුල සිටි පුරුෂයා රහත් ඵලයට ද, අම්බසක්ඛර රජු සෝවාන් ඵලයට ද පැමිණියහ.
ගාථායො අවොචුං.
තත්ථ වාසූපගච්ඡිත්ථාති වාසං උපගච්ඡි. ගිහිකිච්චානීති ගෙහං ආවසන්තෙන කාතබ්බකුටුම්බකිච්චානි. විචෙය්යාති සුන්දරවත්ථගහණත්ථං විචිනිත්වා. පටික්කන්තන්ති පිණ්ඩපාතතො පටික්කන්තං. තෙනාහ “ගොචරතො නිවත්ත”න්ති. අවොචාති “වෙසාලියං ලිච්ඡවිහං, භදන්තෙ”තිආදිකං අවොච.
මෙහි වාසුප ගඤ්ඡිත්ථා යනු නිවාසයට පැමිණියේය, ගිහි කිච්චා යනු ගෙදර දොර අවශ්‍ය වූ දරුපවුල් ආරක්ෂා කිරීමේ කටයුතු විචෙය්යා - යනු සුන්දර වූ වස්ත්රයන්ගෙන් සැරසී පටික්කමන්ති - යනු පිණ්ඩපාතය අවසන් කොට පෙරළා පැමිණියේ, එහෙයින් කීය. ගොචරතො නිවත්තන්ත , අවොච යනු විශාලා මහනුවර ලිච්ඡවී රජවරු එසේය ස්වාමීනි ආදිය කීය.
විදාලයන්තීති විඵාලයන්ති. පාදකුඨාරිකාහීති පාදසඞ්ඛාතාහි කුඨාරීහි. පාතයන්තීති පරිපාතයන්ති.
විපාටයන්ති - යනු ගලවා දමත් පාද කුට්ඨාරිකාහි, යනු පා නමැති කෙටේරි වලිනි, පාතයන්ති, යනු පහතට හෙලන ලදී.
තිණෙනාති තිණග්ගෙනාපි. මූළ්හස්ස මග්ගම්පි න පාවදාසීති මග්ගමූළ්හස්ස මග්ගම්පි ත්වං න කථයසි “එවායං පුරිසා ඉතො චිතො ච පරිබ්භමතූ”ති. කෙළීසීලො හි අයං රාජා. සයමාදියාසීති අන්ධස්ස හත්ථතො යට්ඨිං සයමෙව අච්ඡින්දිත්වා ගණ්හසි. සංවිභාගං කරොසීති අත්තනා පරිභුඤ්ජිතබ්බවත්ථුතො එකච්චානි දත්වා සංවිභජසි.
තිණෙනාපි යනු තණ අගින්වත්, මුළ්හස්ස මග්ගම්පි නපාවදාසි - යනු මං මුළා වූ මිනිසකුට මාර්ගයවත් නො පෙන්වීය. නො කීයේය. මෙසේ සිටි පුද්ගලයෙක් කෙසේ නම් මේ අන්දමට වෙනස් වූයේ ද? ක්‍රීඩාශීලි වූ රජු. සයමාදියා සි යනු අන්ධයාගේ අතින් සැරයටිය තමන් විසින්ම සිඳගනී. සංවිභාගං කරොසි තමන් විසින් පරිභෝග කරන ලද වස්ත්‍රවලින් එකක් බෙදන්නේය. කොටස් කරන්නෙහිය.
පච්චෙමි, භන්තෙ, යං ත්වං වදෙසීති “භන්තෙ, ත්වං පත්තානි භිජ්ජන්තී”තිආදිනා යං වදෙසි, තං පටිජානාමි, සබ්බමෙවෙතං මයා කතං කාරාපිතඤ්චාති දස්සෙති. එතම්පීති එතං ඛිඩ්ඩාධිප්පායෙන කතම්පි.
පච්චෙමි භන්තෙ යං ත්වං වදෙසි - යනු ස්වාමිනි ඔබ බින්දේය ආදී යමක් කියයි ද එය මම දනිමි. මේ සියල්ල මා විසින් කරන ලද්දේ යයි දකිමි. එතම්පි - යනු මේ සියල්ල ක්‍රීඩා අදහසින් කරන ලදී.
ඛිඩ්ඩාති ඛිඩ්ඩාය. පසවිත්වාති උපචිනිත්වා. වෙදෙතීති අනුභවති. අසමත්තභොගීති අපරිපුණ්ණභොගො. තමෙව අපරිපුණ්ණභොගතං දස්සෙතුං “දහරො යුවා”තිආදි වුත්තං. නග්ගනියස්සාති නග්ගභාවස්ස. කිං සු තතො දුක්ඛතරස්ස හොතීති කිං සු නාම තතො නග්ගභාවතො දුක්ඛතරං අස්ස පෙතස්ස හොති. යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායොති ඉමා මයා දිය්යමානවත්ථදක්ඛිණායො පෙතස්ස උපකප්පන්තු.
ඛිඩ්ඩා - ක්‍රිඩා පිණිස, පසවිත්වා - යනු රැස්කොට, වෙදෙති යනු භුක්ති විදී, අසමත්තභොගී - යනු සම්පුර්ණ නොවූ භෝග ඇති, එයම අසම්පුර්ණ වූ භෝග ඇතිවම දැක්වීමට, දහරො යුවා ආදිය කියන ලදී. නග්ගනියස්සා - යනු නග්න භාවය, නිර්වස්ත්‍ර බව, කිංසු තතො දුක්ඛ තරස්ස හොති, යනු එයින් නිර්වස්ත්‍රව භාවයෙන් දුකට පත් අසවල් නම් වූ අශ්ව ප්‍රේතයා යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායො - යනු මේ මා විසින් දෙනු ලබන වස්ත්‍ර දානයේ පින් ප්‍රේත තෙමේ අනුමෝදන් වේවා!
බහුධා පසත්ථන්ති බහූහි පකාරෙහි බුද්ධාදීහි වණ්ණිතං. අක්ඛයධම්මමත්ථූති අපරික්ඛයධම්මං හොතු. ආචමයිත්වාති හත්ථපාදධොවනපුබ්බකං මුඛං වික්ඛාලෙත්වා. චන්දනසාරලිත්තන්ති සාරභූතචන්දනලිත්තං. උළාරවණ්ණන්ති සෙට්ඨරූපං. පරිවාරිතන්ති අනුකුලවුත්තිනා පරිජනෙන පරිවාරිතං. යක්ඛමහිද්ධිපත්තන්ති මහතිං යක්ඛිද්ධිං, දෙවිද්ධිං පත්වා ඨිතං. තමෙනමවොචාති තමෙනං අවොච.
බහුධා පසත්ථං යනු නොයෙක් ආකාරයෙන් බුද්ධාදීන් වර්ණනා කිරීමයි. අක්ඛය ධම්ම මත්ථු යනු ක්ෂය නොවන ධර්මය වේවා ආචමයිත්වා - යනු අත් පා සේදීමට පෙර මුව සෝදා, චන්දන සාරලිත්තං - යනු සාරවත් සඳුන් සුණු අතුළ, උළාර වණ්ණ යනු දැකුම් කළු රූපය, පරිවාරිතං - යනු අනුව පවත්නා වූ පිරිවර ජනයා පිරිවරා, යක්ඛමහිද්ධි පත්තං - යනු මහත් වූ යක්ෂ සෘද්ධිය දිව්‍ය සෘද්ධිය පතුරුවා සිට, තමෙනමවොච යනු මෙසේ කීය.
එකදෙසං අදාසීති චතූසු පච්චයෙසු එකදෙසභූතං වත්ථදානං සන්ධාය වදති. සක්ඛින්ති සක්ඛිභාවං.
එකෙදෙසං අදාසි - යනු සිව්පසයෙන් එක් කොටසක් වූ වස්ත්‍ර දානය සඳහා කියන ලදී. සක්ඛිං යනු හැකි බව,
මමාසීති මෙ ආසි. දෙවතා මෙති මය්හං දෙවතා ආසීති යොජනා.
මමාසී යනු මට කීය, දෙවතාසී යනු මගේ දෙවියා ඔබ වන්නේය යන යෙදුමයි.
විප්පටිපන්නචිත්තොති මිච්ඡාදිට්ඨිං පටිපන්නමානසො, ධම්මියං පටිපදං පහාය අධම්මියං පටිපදං පටිපන්නොති අත්ථො. යතොනිදානන්ති යන්නිමිත්තං යස්ස සන්තිකං ආගමනහෙතු.
විප්පටිපන්න චිත්තො - යනු මිථ්‍යා දෘෂ්ටිය වැළද ගත් සිතින් යුත්, ධාර්මික ප්‍රතිපදාව හැර අධාර්මික ප්‍රතිපදාවට පිළිපන් යන අර්ථයි. යතො නිදානං යනු යම් නිමිත්තක් හේතුවක් යමෙකු සමීපයට පැමිණීමට හේතු කාරණ -
සංවිභජිත්වාති දානසංවිභාගං කත්වා. සයං මුඛෙනූපනිසජ්ජ පුච්ඡාති අඤ්ඤෙ පුරිසෙ අපෙසෙත්වා උපිනිසීදිත්වා සම්මුඛෙනෙව පුච්ඡ.
සංවිභජිත්වා - යනු දාන කටයුතු සංවිධානය කොට බෙදා වෙන් කොට, සයම්මුඛෙනුපනිසජ්ජ පුච්ඡි යනු අනෙක් පුරුෂයන් නොයවා ඉදිරියේ ඉඳගෙන විචාළේය.
සන්නිසින්නන්ති සන්නිපතිතවසෙන නිසින්නං. ලභිස්සාමි අත්‍ථන්ති මයා ඉච්ඡිතම්පි අත්ථං ලභිස්සාමි. පණිහිතදණ්ඩොති ඨපිතසරීරදණ්ඩො. අනුසත්තරූපොති රාජිනි අනුසත්තසභාවො. වීසතිරත්තිමත්තාති වීසතිමත්තා රත්තියො අතිවත්තාති අත්ථො. තාහන්ති තං අහං. යථාමතින්ති මය්හං යථාරුචි.
සන්නිසිතං - යනු රැස්වීම් වශයෙන් සිටියාහු ලහිස්සාමි අත්ථං යනු කැමති වූ දේ ලබන්නෙමි පණිහිත දණ්ඩො, තබන ලද ශරීර දඬුවම, අනුසත්තරූපො - යනු රජු කෙරෙහි ඇලුණු ස්වභාවය, වීසති රත්ති මත්තා - යනු රාත්‍රි විස්සක් පමණ ඉක්ම ගියේය යන අර්ථයි. තාහං යනු ඒ මම. යථාමතී යනු මගේ කැමැත්ත පරිදි,
එතඤ්ච අඤ්ඤඤ්චාති එතං සූලෙ ආවුතං පුරිසං අඤ්ඤඤ්ච යස්ස රාජාණා පණිහිතා, තඤ්ච. ලහුං පමුඤ්චාති සීඝං මොචෙහි. කො තං වදෙථ තථා කරොන්තන්ති තථා ධම්මියකම්මං කරොන්තං තං ඉමස්මිං වජ්ජිරට්ඨෙ කො නාම “න පමොචෙහී”ති වදෙය්ය, එවං වත්තුං කොචිපි න ලභතීති අත්ථො.
එතං ච අඤ්ඤංවා - යනු මේ හුල ඉන්දවන ලද තැනැත්තා එහි රජ අණ පරිදි (අරුණුවන් මැටි ගෙන එනු සඳහා) යවන ලද තැනැත්තා ලහු පමුඤ්චා - යනු වහා මුදා හරව, කොතං වදෙථා යනු ධාර්මික කර්මය කරන්නා වු මේ වජ්ජි රටෙහි කවරෙක් නම් මෙය එපා කියද්ද? මෙය නැවැත්වීමට කිසිවක් නොවේ යන අර්ථයි.
තිකිච්ඡකානඤ්චාති තිකිච්ඡකෙ ච.
තිකිච්ඡකානඤ්චා - යනු වෛද්‍යවරුන්
යක්ඛස්ස වචොති පෙතස්ස වචනං, තස්ස, භන්තෙ, පෙතස්ස වචනෙන එවමකාසින්ති දස්සෙති.
යක්ඛස්ස වචො - යනු ප්‍රේතයාගේ වචන, ස්වාමීනි ප්‍රේතයාගේ වචනයෙන් මෙය කරන ලද්දේ යයි දක්වයි.
ධම්මානීති පුබ්බෙ කතං පාපකම්මං අභිභවිතුං සමත්ථෙ පුඤ්ඤධම්මෙ. කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයන්ති යං තස්මිං පාපකම්මෙ උපපජ්ජවෙදනීයං, තං අහොසිකම්මං නාම හොති. යං පන අපරපරියායවෙදනීයං, තං අඤ්ඤත්ර අපරපරියායෙ වෙදයිතබ්බඵලං හොති සති සංසාරප්පවත්තියන්ති අත්ථො.
ධම්මානී - යනු පෙර කරන ලද පාපකර්මයන් මැඩ පවත්වන්නට සමත් පින්කම්, කම්මං සියා අඤ්ඤත වෙදනීයං - යනු ඒ පාපකර්මයන් උපපජ්ජ වේදනීය වූ ඒ පාප කර්මයන් අහෝසි කර්ම නම් වේ. යම්කිසි අපරාපරිය වේදනීය කර්ම වනාහී විඳිය යුතු විපාක වන්නේය. සංසාරයේ හැසිරෙන්නා වූ යම් අවස්ථාවක යන අර්ථයි.
ඉමඤ්චාති අත්තනා වුච්චමානං තාය ආසන්නං පච්චක්ඛං වාති කත්වා වුත්තං. අරියං අට්ඨඞ්ගවරෙනුපෙතන්ති පරිසුද්ධට්ඨෙන අරියං, පාණාතිපාතාවෙරමණිආදීහි අට්ඨහි අඞ්ගෙහි උපෙතං යුත්තං උත්තමං උපොසථසීලං. කුසලන්ති අනවජ්ජං. සුඛුද්රයන්ති සුඛවිපාකං.
ඉමංවා - යනු තමා විසින් කියන ලද ආසන්න වූ. ප්රත්යක්ෂම වූවකැයි කියන ලදී. අරියං අට්ඨංගුවරෙනූ පෙතං - යනු පිරිසිදු අර්ථයෙන් ආර්ය වූ ප්‍රාණඝාතයෙන් වෙන්වීම ආදී, අඞ්ග අටකින් යුක්ත වූ උතුම් වූ උපෝසථ ශීලයයි. කුසලං - යනු නිවැරදි වූ සුඛුද්දයං - යනු සැප විපාක,
සදා පුඤ්ඤං පවඩ්ඪතීති සකිදෙව පුඤ්ඤං කත්වා “අලමෙත්තාවතා”ති අපරිතුට්ඨො හුත්වා අපරාපරං සුචරිතං පූරෙන්තස්ස සබ්බකාලං පුඤ්ඤං අභිවඩ්ඪති, අපරාපරං වා සුචරිතං පූරෙන්තස්ස පුඤ්ඤසඞ්ඛාතං පුඤ්ඤඵලං උපරූපරි වඩ්ඪති පරිපූරෙතීති අත්ථො.
සදා පුඤ්ඤං පවඩ්ඩතී, යනු පුණ්‍ය කර්ම කොට මෙපමණක් ප්‍රමාණවත් යයි සතුටට පත් නොවී වරින් වර සුචරිත ධර්ම පුරන්නා හට සියලු කල්හිම පින් වැඩේ. වරින් වර සුචරිත ක්‍රියාවන්හි යෙදෙන්නන්ට පින් සංඛ්‍යාත වූ සිත්වල උපරිම මට්ටමෙන් වැඩේ උතුරා යයි යන අර්ථයි.
එවං ථෙරෙන වුත්තෙ රාජා අපායදුක්ඛතො උත්රස්තචිත්තො රතනත්තයෙ පුඤ්ඤධම්මෙ ච අභිවඩ්ඪමානපසාදො තතො පට්ඨාය සරණානි සීලානි ච සමාදියන්තො “අජ්ජෙව බුද්ධං සරණං උපෙමී”තිආදිමාහ.
මෙසේ තෙරුන් විසින් කියන ලද කල්හි රජු අපාය දුකින් බිය පත්වූ සිත් ඇතිව, තුණුරුවන් කෙරෙහි හා කුසල ධර්මයන් කෙරෙහි මනාව වැඩුණු ප්‍රසාද සිත් ඇතිව, එතැන් පටන් සරණ ශීලාදිය සමාදන් වී, අදම බුදුන් සරණ යෙමියි ආදිය කීහ.
තත්ථ එතාදිසොති එදිසො යථාවුත්තරූපො. වෙසාලියං අඤ්ඤතරො උපාසකොති වෙසාලියං අනෙකසහස්සෙසු උපාසකෙසු අඤ්ඤතරො උපාසකො හුත්වා. සද්ධොතිආදි කල්යාණමිත්තසන්නිස්සයෙන තස්ස පුරිමභාවතො අඤ්ඤාදිසතං දස්සෙතුං වුත්තං. පුබ්බෙ හි සො අස්සද්ධො කක්ඛළො භික්ඛූනං අක්කොසකාරකො සඞ්ඝස්ස ච අනුපට්ඨාකො අහොසි. ඉදානි පන සද්ධො මුදුකො හුත්වා භික්ඛුසඞ්ඝඤ්ච සක්කච්චං තදා උපට්ඨහීති. තත්ත කාරකරොති උපකාරකාරී.
එහි එතාදිසො - යනු කියන ලද පරිද්දෙන්, වෙසාලියං අඤ්ඤතරො උපාසකො - යනු විශාලා මහනුවර දහ දහස් ගණන් උපාසකයන් අතර එක්තරා උපාසකයෙකු වී, සද්ධොති - කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් ඔහුගේ පෙර භවයන් පිළිබඳව වෙනත් සිය ගණන් ආත්ම භාවයන් දැක්වීමට යයි කියන ලදී. පෙර හෝ ශ්‍රද්ධා නැති වූයේ කර්කශ වූයේ භික්ෂූන්ට ආක්‍රෝශ කළේ සඞ්ඝයාට ද සැහැසිකම් කළේ වූයේය. දැන් වනාහි ශ්රද්ධාවත් වූයේ මෘදු පැවැතුම් ඇත්තේ භික්ෂු සංඝයාට සකස් කොට උපස්ථාන කළේය. එහි කාරකරො - යනු උපකාර කරන්නෙක් වී,
උභොපීති ද්වෙපි සූලාවුතො රාජා ච. සාමඤ්ඤඵලානි අජ්ඣගුන්ති යථාරහං සාමඤ්ඤඵලානි අධිගච්ඡිංසු. තයිදං යථාරහං දස්සෙතුං “සූලාවුතො අග්ගඵලං අඵස්සයි, ඵලං කනිට්ඨං පන අම්බසක්කරො”ති වුත්තං. තත්ථ ඵලං කනිට්ඨන්ති සොතාපත්තිඵලං සන්ධායාහ. යං පනෙත්ථ අත්ථතො අවිභත්තං, තං සුවිඤ්ඤෙය්යමෙව.
උභො යනු උලතැබූ පුද්ගලයා ද, රජු ද, සාමඤ්ඤඵලානි අජ්ඣගු - යනු සුදුසු සේ ශ්රමණ්ය ඵලවලට පැමිණියාහුය. ඒ අර්ථය දැක්වීම සඳහා සුලාවුතො අග්ගඵලං අඵස්ස, ඵලං කනිට්ඨම්පන අම්බ සක්ඛරො ආදිය කියන ලදී. එහි ඵලං කනිට්ඨං යනු සෝවාන් ඵලය සඳහා කියන ලදී. යමක් වනාහි අර්ථයෙන් විභාග නොකෙළේ ද එය අවබෝධයට පහසු වේ මැයි.
එවං රඤ්ඤා පෙතෙන අත්තනා ච වුත්තමත්ථං ආයස්මා කප්පිතකො සත්ථාරං වන්දිතුං සාවත්ථිං ගතො භගවතො ආරොචෙසි . සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ රජු හා ප්‍රේතයා තමන් විසිනුත් කියන ලද කථා ප්‍රවෘත්තිය ආයුෂ්මත් මහා කප්පින තෙරුන් වහන්සේ, බුදුන් වහන්සේ වැඳීමට සැවැත් නුවරට පැමිණ විට බුදුන්ට සැළ කළෝය. ශාස්තෲන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට මේ ධර්ම දේශනාව කළහ. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
අම්බසක්කරපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
අම්බසක්ඛර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.