යෙදුමෙන් කියවන්න

අභිජ‍්ජමානපෙතවත්‍ථු පඨමං

3. 1.

3. 1.

(කෝලිය මහාමාත්‍ර:)

392. අභිජ‍්ජමානෙ වාරිම‍්හි ගඞ‍්ගාය ඉධ ගච‍්ඡසි, නග‍්ගො පුබ‍්බද‍්ධපෙතොව මාලාධාරී අලඞ‍්කතො. කුහිං ගමිස‍්සසි පෙත කත්‍ථ වාසො භවිස‍්සතී’ති.

392. ප්‍රේතය, තෝ මෙහි ගංගානදියෙහි නො බිඳෙන ජලයෙහි යෙහි. නග්න වූ තෝ ශරීරයෙහි පූර්‍වාර්ධයෙන් ප්‍රේත නො වන්නකු හෙවත් දෙවියකු මෙන් වෙහි. මල්මාලා දරමින් ලකළ හිස් ඇත්තෙහි. තෝ කොහි යෙහි ද? තාගේ වාසය කොහි ද?

393. චුන්‍දත්‍ථිකං ගමිස‍්සාමි පෙතො සො ඉති භාසති අන‍්තරෙ වාසභගාමං බාරාණසියා ච සන‍්තිකෙ.

393. ඒ ප්‍රේතයා මෙසේ කියයි: වාසභ ගමට ද බරණැසට ද අතරෙහි වූ බරණැස අසල චුන්‍දත්‍ථික නම් ගමට යන්නෙමි.

394. තඤ‍්ච දිස‍්වා මහාමත‍්තො කොලියො ඉති විස‍්සුතො, සත‍්තුං භත‍්තඤ‍්ච පෙතස‍්ස පීතකඤ‍්ච යුගං අදා.

394. කෝලිය යි ප්‍රසිද්ධ ඒ මහාමාත්‍රයා ඔහු දැක අත්සුණු ද, බත් ද රන්වන් පිළීසඟලක් ද ප්‍රේතයා උදෙසා දුන්නේ ය.

395. නාවාය තිට‍්ඨමානාය කප‍්පකස‍්ස අදාපයී, කප‍්පකස‍්ස පදින‍්නම‍්හි ඨානෙ පෙතස‍්සුදිස‍්සථ.

395. නැව නවතා තිබෙන කල්හි නැහැවි උවසුවකුහට හේ ඒවා දුන්නේ ය. කරනැවෑමියාට දුන් කල්හි එකෙණෙහි ම ප්‍රේත ශරීරයෙහි ද හඳනා පොරෝනා වස්ත්‍ර පහළ විය.

396. තතො සුවත්‍ථවසනො මාලාධාරී අලඞ‍්කතො, ඨානෙ ඨිතස‍්ස පෙතස‍්ස දක‍්ඛිණා උපකප‍්පථ, තස‍්මා දජ‍්ජෙථ පෙතානං අනුකම‍්පාය පුනප‍්පුනං.

396. ඉක්බිති ඒ ප්‍රේතයා මොනවට හැඳගත් පිළී ඇතියේ මල්දම් දරනුයේ අලංකෘත විය. දක්‍ෂිණාර්‍හ ස්ථානයෙහි සිටි මේ දක්‍ෂිණාව යම් හෙයෙකින් ඒ ප්‍රේතයාට ලැබුණේ ද එහෙයින් ප්‍රෙතයන් කෙරෙහි අනුකම්පායෙන් පුන පුනා පින්පෙත් දියයුතු ය.

397. සාතුන‍්න වසනා එකෙ අඤ‍්ඤෙ කෙසනිවාසනා. පෙතා භත‍්තාය ගච‍්ඡන‍්ති පක‍්කමන‍්ති දිසොදිසං.

397. සමහර ප්‍රෙතයෝ සුන්බුන් වැරහැලි ඇඳ සිටියහ. සමහරු කෙස්වලින් විළි වසා සිටියහ. ප්‍රෙතයෝ බත් සඳහා යති. එක් දිගෙකින් අනික් දිගකට යෙත්.

398. දූරෙ එකෙ පධාවිත්‍වා අලද‍්ධා විනිවත‍්තරෙ, ඡාතා පමුච‍්ඡිතා භන‍්තා භූමියං පටිසුම‍්භිතා.

398. ඇතැම්හු අහර සඳහා දුවැ ගොස් කිසි අහරක් හෝ පැනක් නො ලැබැ ම නවතිත්. ඔහු බඩසා ඇතියාහු මුසපත් වූවාහු භ්‍රාන්ත වැ බිමැ වියළී වැද හෙති.

399. කෙචි තත්‍ථ පපතිත්‍වා භූමියං පටිසුම‍්භිතා, පුබ‍්බෙ අකතකල්‍යාණා අග‍්ගිදඩ‍්ඪාව ආතපෙ.

399. සමහරු ඒ ගියතන්හි ප්‍රතිමුඛ කොට මෙහෙයන ලද්දවුන් මෙන් බිම වැටුණාහු වෙත්. ඔහු පෙර අත්බව්හි කුසල් නො කළාහු අව්වෙහි ලූ ගින්නෙන් දැවුණවුන් මෙන් බඩසයින් මහාදුක් විඳිත්.

400. මයං පුබ‍්බෙ පාපධම‍්මා ඝරණී කුලමාතරො, සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු දීපං නාකම‍්හ අත‍්තනො.

400. “අපි පෙර ඊර්‍ෂ්‍යාදි ලාමක ස්වභාවය ඇති ගෘහණියන් වැ කුලමවුවරු වීමු. එසේ වූ අපි දේයධර්‍මයන් ඇති කල්හි තමන්හට ප්‍රතිෂ්ඨාවක් නො කළම්හ.”

401. පහූතං අන‍්තපානම‍්පි අපිස‍්සු අවකිරීයති, සම‍්මග‍්ගතෙ පබ‍්බජිතෙ න ච කිඤ‍්චි අදම‍්හසෙ

401. බොහෝ වූ ආහාරපාන ද සඟවනු ලැබීය. සුපිළිපන් පැවිද්දන්ට ද කිසි දෙයක් නුදුනුම්හ.

402. අකම‍්මකාමා අලසා සාදුකාමා මහග‍්ඝසා, ආලොපපිණ‍්ඩදාතාරො පටිග‍්ගහෙ පරිභාසිම‍්හසෙ.

402. අපි කුසල් දහම් නො කටැටිවන්නමෝ අලසවූවමෝ මිහිරිදැය කැමැත්තමෝ බොහෝ අනුභව කරන්නමෝ බත් පිඬෙක් පමණ දෙන්නමෝ ප්‍රතිග්‍රාහකයනට අවමන් කෙළෙමු.

403. තෙ ඝරා තා ච දාසියො තානෙවාභරණානි නො, තෙ අඤ‍්ඤෙ පරිචාරෙන‍්ති මයං දුක‍්ඛස‍්ස භාගිනො.

403. අපගේ ඒ ගෙවල් ද ඒ දාසීහු ද ඒ ආභරණ ද දැන් අපට නැත. ඒ ගෘහාදිය අන්හු පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූම්හ.

404. වෙණී වා අවඤ‍්ඤා හොන‍්ති රථකාරී ච දුබ‍්භිකා, චණ‍්ඩාලී කපණා හොන‍්ති නහාපිකා ච පුනප‍්පුනං.

404. නින්දනීය වූ නළකරු වැ හෝ සොම්මර වැ හෝ උපදිත්. මිත්‍රද්‍රෝහී හෝ වෙත්. චණ්ඩාල කුල ඇති වැ හෝ ඉතා දිළිඳු වැ උපදිත්. නැහැවි වැ හෝ යළි යළි උපදිත්.

405. යානි යානි නිහීනානි කුලානි කපණානි ච, තෙසු තෙසෙව ව ජායන‍්ති එසා මච‍්ඡරිනො ගති.

405. ඉතා දිළිඳු යම් යම් පහත් කුලයෝ වෙත් නම් ඒ ඒ කුලයන්හි මැ උපදිත්. මේ මසුරුසිතැතියහුගේ ස්වභාවයයි.

406. පුබ‍්බෙව කතකල්‍යාණා දායකා වීතමච‍්ඡරා, සග‍්ගං තෙ පරිපූරෙන‍්ති ඔභාසෙන‍්ති ච නන්‍දනං.

406. පූර්‍වයෙහි වූකලි කළ කුසල් ඇති දුරුකළ මසුරු මල ඇති දායකයෝ වෙත් නම් ඔහු ස්වර්‍ග ලෝකය පුරවති. නඳුනුයන ද බබුළුවත්.

407. වෙජයන‍්තෙ ච පාසාදෙ රමිත්‍වා කාමකාමිනො. උච‍්චාකුලෙසු ජායන‍්ති සභොගෙසු තතො චුතා.

407. විජයොත් පහයෙහි රමණය කොට කැමැති පරිදි කම් සැප විඳින ඔහූ ඉන් සැවැ මහසැපත් ඇති උසස් කුලයන්හි උපදිත්.

408. කූටාගාරෙ ච පාසාදෙ පල‍්ලඞ‍්කෙ ගොණකත්‍ථතෙ, වීජිතඞ‍්ගා මොරහත්‍ථෙහි කුලෙ ජාතා යසස‍්සිනො.

408. මෙසේ උසස් කුලයන්හි උපන්නාහු කුළුගෙහි ද, පහයෙහි ද දික්ලොම් ඇති කොඳු පලස් අතුළ පලඟෙහි ද මොනරපිළින් යුත් වල්විදුනා වෙන් පවන් සලනුලබන සිරුරින් යුතු ව යසපිරිවරින් රමණය කරත්.

409. අඞ‍්කතො අඞ‍්කං ගච‍්ඡන‍්ති මාලාධාරී අලඞ‍්කතා, ධාතියො උපතිට‍්ඨන‍්ති සායං පාතං සුඛෙසිනො.

409. ඔහූ මල්මාලා දරන්නාහු අලංකෘත වූවෝ ඇකයෙන් ඇකයට යත්. සැප පතන්නා වූ කිරිමවුවරු උදේ සවස ඔවුනට උවැටන් කරත්.

410. නයිදං අකතපුඤ‍්ඤානං කතපුඤ‍්ඤානමෙවිදං, අසොකං නන්‍දනං රම‍්මං තිදසානං මහාවනං.

410. ශෝකරහිත වූ රම්‍ය වූ දෙවියන්ගේ මහවනය වූ මේ නඳුනුයන, පින් නො කළවුනට නො වේ. මෙය පින්කළවුනට ම ලැබිය හැකි ය.

411. සුඛං අකතපුඤ‍්ඤානං ඉධ නත්‍ථි පරත්‍ථ ච, සුඛඤ‍්ච කතපුඤ‍්ඤානං ඉධ චෙව පරත්‍ථ ච,

411. පින් නොකළවුන්ට මෙලොව ද පරලොව ද සැපයක් නැත. පින් කළවුන්ට මෙලොවත් පරලොවත් සැප ම ලැබේ.

412. තෙසං සහව්‍යකාමානං කත‍්තබ‍්බං කුසලං බහුං, කතපුඤ‍්ඤා හි මොදන‍්ති සග‍්ගෙ භොගසමඞ‍්ගිනො’ති.

412. ඒ දෙවියන් හා සහභාවය කැමැතියන් විසින් බොහෝ කුසල් කළයුතුයි. කළ පින් ඇතියාහු කම්සැපතින් යුතු වැ ස්වර්‍ගයෙහි සතුටු වෙති.

අභිජ‍්ජමානපෙතවත්‍ථු පඨමං.

අභිජ්ජමාන ප්‍රේතවස්තු යි.