කණ්ණමුණ්ඩපෙතවත්ථු ද්වාදසමං
2. 12.
2. 12.
351. සොවණ්ණ සොපානඵලකා සොවණ්ණ වාලුකසන්ථතා තත්ථ සොගන්ධියා වග්ගූ සුචිගන්ධා මනොරමා.
351. ඒ පොකුණෙහි රනින් කළ හිණිපෙති හා පෝරු ද ඇත්තේ ය. රන්මුවා වැල්ලෙන් යුක්ත ය. මනහර වූ සුවඳැති සිත්කලු වූ හෙල්මැලි අත.
352. නානා රුක්ඛෙහි සඤ්ඡන්නා නානාගන්ධසමෙරිතා, නානාපදුමසඤ්ඡන්නා පුණ්ඩරීකසමොතතා.
352. ඒ පොකුණ වටින් නොයෙක් රුක්වලින් ගැවසීගත්තේ ය. අවට නන්වැදෑරුම් සුවඳ සුළං හමන්නේ ය. නොයෙක් රතුපුල්වලින් වැසුණු දියතලා ඇත්තේ ය. හෙළපියුමින් ද මොනොවට වැසී පවතී.
353. සුරභී සම්පවායන්තී මනුඤ්ඤා මාලුතෙරිතා, හංසා කොඤ්චාභිරුදා චක්කවාකාභිකූජිතා.
353. මනහර සුළඟින් සෙලවුණු සුවඳ හමයි හංසයන් සහ කොස්ලිහිණියන් විසින් කරන ලද මනහර නාද ඇත්තේ ය. සක්වාලිහිණියන් විසින් කරන ලද ශබ්ද ඇත්තේ ය.
354. නානා දිජගණාකිණ්ණා නානාඝරගණායුතා, නානාඵලධරා රුක්ඛා නානාපුප්ඵධරා වනා
354. නොයෙක් පක්ෂිසමූහයාගෙන් ගැවසීගත්තේ ය. නානාවිධ වූ පක්ෂිනාද සමූහයෙන් යුක්ත ය. නොයෙක් ඵල දරනගස් අවට ඇත්තේ ය. නොයෙක් සුවඳින් යුත් මල්දරන වනයෝ ද ඇත.
355. න මනුස්සෙසු ඊදිසං නගරං යාදිසං ඉදං පාසාදා බහුකා තුය්හං සොවණ්ණරූපියාමයා
355-356-357-358. මේ නුවර යම්බඳු වී නම් මෙබඳු නුවරක් මිනිසුන් කෙරෙහි නැත. තිගේ රන්රිදීමුවා බොහෝ ප්රාසාදයෝ අවට සිවුදික්හි ඉතාම බබළමින් හොබවත්. තිට වත්පිළිවෙත් කරන යම් මේ පන්සියයක් දාසියෝ වෙත් ද, ඔහු සක්වළලුවලින්හා අඟුපලඳනාවෙන් සැරසුණාහු ය. රන්මුවා මුදුන්මල්කඩින් සැරසුණු කෙස් ඇත්තාහු ය. සියලු කම්සැපතින් සපිරුණු තෝ යම් යහනක විසීමට යවු නම් කෙසෙල්මුව සම් හා දික් ලොම් කොඳුපිළී අතුරා සරසන ලද එබඳු වූ රන්රිදී මුවා වූ අසුන් තිට බොහෝ වෙයි.
356. දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා, පඤ්චදාසිසතා තුය්හං යා තෙමා පරිචාරිකා.
357. තා කම්බුකෙයූරධරා කඤ්චනාවෙළ භූසිතා, පල්ලඞ්කා බහුකා තුය්හං සොවණ්ණරූපියාමයා.
358. කාදලිමිගසඤ්ඡන්නා සජ්ජා ගොනකසන්ථතා, යත්ථ ත්වං වාසූපගතා සබ්බකාමසමිද්ධිනී
359. සම්පත්තායඩ්ඪරත්තාය තතො උට්ඨාය ගච්ඡසි, උය්යානභූමිං ගන්ත්වාන පොක්ඛරඤ්ඤා සමන්තතො.
359-360. අඩරැය පැමිණිකල තෝ ඒ පලඟින් නැගිට උයන් බිමට යවු, එසේ ගොස් හාත්පසැ නිල් වූ ළාතණ ඇති මනහර වූ ඒ පොකුණු තෙරැ තෙපි සිටිවු. එයට පසු කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කාදමයි.
360. තස්සා තීරෙ තුවං ඨාසි හරිතෙ සද්දලෙ සුභෙ, තතො තෙ කණ්ණමුණ්ඩො සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදති.
361. යදා ච ඛායිතා ආසි අට්ඨිසඞ්ඛලිකා කතා, ඔගාහසි පොක්ඛරණිං හොති කායො යථා පුරෙ.
361. යම් කලෙකැ සුනඛයා විසින් කන ලද්දී ඇටසැකිල්ල පමණක් ඉතිරි කරන ලද්දී තෙපි පොකුණට බස්නවූ. අසිරියෙකි! ශරීරය පෙර මෙන් ඇති වෙයි.
362. තතො ත්වං අඞ්ගපච්චඞ්ගී සුචාරුපියදස්සනා, වත්ථෙන පාරුපිත්වාන ආයාසි මම සන්තිකං.
362. ඉන් පසු පිරිපුන් අඟපසඟ ඇති මනරම් පියකරුදැකුම් ඇති තෙපි පිළියක් පෙරවගෙන මා ළඟට එන්නවු ය.
363. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන කණ්ණමුණ්ඩො ච සුනඛො. අඞ්ගමඞ්ගානි ඛාදති.
363. කයින් වචනයෙන් සිතින් කවර පාපයක් කරන ලද ද? කිනම් පවක විපාකයෙන් කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කා ද?
364. කිම්බිලායං ගහපති සද්ධො ආසි උපාසකො, තස්සාහං භරියා ආසිං දුස්සීලා අතිචාරිනී.
364. කිම්බිලා නුවර ගැහැවියෙක් සැදැහැවත් උවසුවෙක් විය. ඔහුට මම බිරිය වීමි. හිමියා ඉක්මැ පවත්නී දුසිල් වීමි.
365. සො මං අතිචරමානාය සාමිකො එතදබ්රවී, නෙතං ඡන්නං නප්පතිරූපං යං ත්වං අතිචරාසි මං.
365. මෙසේ හිමියා ඉක්මැ හැසිරෙන මට ඒ හිමි මෙබස් කී ය. යම් හෙයෙකින් තෝ මා ඉක්මැ හැසිරෙහි නම් එය යුතු නො වේ. සුදුසු නො වේ.
366. සාහං ඝොරඤ්ච සපථං මුසාවාදමභාසිසං, නාහන්තං අතිචරාමි කායෙන උද චෙතසා.
366. ඒ මම දරුණු ලෙස දිවුරා මෙසේ බොරු කීවෙමි. “මම කයින් හෝ සිතින් හෝ තොප ඉක්මවා නො හැසිරෙමි.”
367. ස්වාහං තං අතිචරාමි කායෙන උද චෙතසා, අයං කණ්ණමුණ්ඩො සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදතු.
367. ඉදින් මම කයින් හෝ සිතින් හෝ තොප ඉකුම්වා හැසිරෙම් නම් කන් මුඩු මේ බල්ලා මා අඟ පසඟ කා දමාවා.
368. තස්ස කම්මස්ස විපාකං මුසාවාදස්ස චූභයං, සත්තවස්සසතානි ච අනුභූතං යතො හි මෙ, කණ්ණමුණ්ඩො ච සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදති.
368. ඒ දරුණු දිවිරීම් කර්මයාගේ ද මෘෂාවාද කර්මයාගේ ද විපාකය අවුරුදු හත්සියයක් මුළුල්ලෙහි විඳින ලද. ඒ පවින් ම මගේ අඟපසඟ කන්සුන් බල්ලා කාදමයි.
369. ත්වඤ්ච දෙව බහුකාරො අත්ථාය මෙ ඉධාගතො, සුමුත්තාහං කණ්ඩමුණ්ඩස්ස අසොකා අකුතොභයා.
369. රජතුමනි, තෙපි මට බොහෝ උපකාර වූවහු ය. මට හිත පිණිස මෙහි ආවහු ය. කන් මුඩු බලුගෙන් මම මිදුණි වෙමි. මම දැන් ශෝක නැත්තී බිය නැත්තී වෙමි.
370. තාහං දෙව නමස්සාමි යාචාමි පඤ්ජලීකතා, භුඤ්ජ අමානුසෙ කාමෙ රම දෙව මයා සහ.
370. දේවයිනි, මම තොප වඳිමි. බදැඳිලි ව තොපගෙන් මෙසේ යදිමි. “රජතුමනි, නොමිනිස් වූ පස්කම් සැප විඳින්න. මා හා රමණය කරන්න.”
371. භුත්වා අමානුසෙ කාමෙ රමිතොම්හි තයා සහ, තාහං සුභගෙ යාචාමි ඛිප්පං පටිනයාහි ම’න්ති.
371. සොඳුර, තී හා නොමිනිස් සැප විඳ රමණය කෙළෙම් වෙමි. දැන් මා මගේ නුවරට ම වහා පමුණුවා ලවයි මම තිගෙන් යදිමි.