යෙදුමෙන් කියවන්න

10. උත‍්තරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

10. උත‍්තරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා

10. උත්තරමාතෘ ප්‍රෙතවස්තු වර්ණනාව

දිවාවිහාරගතං භික‍්ඛුන‍්ති ඉදං උත‍්තරමාතුපෙතිවත්‍ථු. තත්‍රායං අත්‍ථවිභාවනා – සත්‍ථරි පරිනිබ‍්බුතෙ පඨමමහාසඞ‍්ගීතියා පවත‍්තිතාය ආයස‍්මා මහාකච‍්චායනො ද‍්වාදසහි භික‍්ඛූහි සද‍්ධිං කොසම‍්බියා අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤායතනෙ විහාසි. තෙන ච සමයෙන රඤ‍්ඤො උදෙනස‍්ස අඤ‍්ඤතරො අමච‍්චො කාලමකාසි, තෙන ච පුබ‍්බෙ නගරෙ කම‍්මන‍්තා අධිට‍්ඨිතා අහෙසුං. අථ රාජා තස‍්ස පුත‍්තං උත‍්තරං නාම මාණවං පක‍්කොසාපෙත්‍වා “ත්‍වඤ‍්ච පිතරා අධිට‍්ඨිතෙ කම‍්මන‍්තෙ සමනුසාසා”ති තෙන ඨිතට‍්ඨානෙ ඨපෙසි.

“දිවා විහාර ගතං භික්‍ඛුං” - යන මෙම උත්තරමාතු ප්‍රේතවත්‍ථු කථාවෙහි අර්ථ වර්ණනාව වන්නේය. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පළමු මහා සංගායනාව පවත්වා ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමග කොසැඹෑ නුවරුව එක්තරා අරණ්‍යායතනයක විසීය. එසමයෙහි උදේන රජුගේ එක්තරා ඇමතියෙක් මළේය. ඔහු විසින් පෙර නුවර කර්මාන්ත විධාන කරන ලද්දේය. එකල්හි රජතුමා ඔහුගේ පුත් උත්තර නම් තරුණයා කැඳවා ඔබ ද පියා විසින් පිහිටුවන ලද කර්මාන්තයන් විධාන කරවන්නැයි කියා පියා සිටි ඇමති තනතුරේම පිහිටුවීය.

සො ච සාධූති සම‍්පටිච‍්ඡිත්‍වා එකදිවසං නගරපටිසඞ‍්ඛරණියානං දාරූනං අත්‍ථාය වඩ‍්ඪකියො ගහෙත්‍වා අරඤ‍්ඤං ගතො. තත්‍ථ ආයස‍්මතො මහාකච‍්චායනත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං උපගන‍්ත්‍වා ථෙරං තත්‍ථ පංසුකූලචීවරධරං විවිත‍්තං නිසින‍්නං දිස‍්වා ඉරියාපථෙයෙව පසීදිත්‍වා කතපටිසන්‍ථාරො වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. ථෙරො තස‍්ස ධම‍්මං කථෙසි. සො ධම‍්මං සුත්‍වා රතනත‍්තයෙ සඤ‍්ජාතප‍්පසාදො සරණෙසු පතිට‍්ඨාය ථෙරං නිමන‍්තෙසි – “අධිවාසෙථ මෙ, භන‍්තෙ, ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛූහි අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි ථෙරො තුණ‍්හීභාවෙන. සො තතො නික‍්ඛමිත්‍වා නගරං ගන‍්ත්‍වා අඤ‍්ඤෙසං උපාසකානං ආචික‍්ඛි – “ථෙරො මයා ස‍්වාතනාය නිමන‍්තිතො, තුම‍්හෙහිපි මම දානග‍්ගං ආගන‍්තබ‍්බ”න‍්ති.

හෙතෙම මැනැවැයි පිළිගෙන එක් දවසක් නුවර ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලී ගෙන ඒම පිණිස තවත් වඩුවන් පිරිසක් සමග වනයට ගියහ. එහි ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වසන තැනට පැමිණ, තෙරුන් පාංශුකූල සිවුරු දරා විවේකව හිඳිනු දැක ඒ ඉරියව්හි පැහැද කරන ලද පිළිසඳර කථාවෙන් පසුව වැඳ එකත්පස්ව සිටියේය. එවිට තෙරුන් වහන්සේ ධර්ම දේශනා කළහ. ඔහු ධර්ම ශ්‍රවණය කොට රත්නත්‍රයෙහි හටගත් ප්‍රසාද ඇත්තේ සරණ සිල්හි පිහිටා ස්වාමීනි අනුකම්පා කොට හෙට දවස භික්ෂූන් වහන්සේලා සමග මගේ දානය පිළිගනු මැනවැයි තෙරුන්ට ආරාධනා කළේය. ස්ථවිරයෝ ද නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළහ. හෙතෙම එතැනින් නික්ම නගරයට ගොස් මා විසින් හෙට දවස දානය සදහා භික්ෂූන්ට ආරාධනා කරන ලදී. තොපත් මාගේ දන් දෙන තැනට ආ යුතුයයි අනෙක් උපාසකවරුන්ට කීයේය.

සො දුතියදිවසෙ කාලස‍්සෙව පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා කාලං ආරොචාපෙත්‍වා සද‍්ධිං භික‍්ඛූහි ආගච‍්ඡන‍්තස‍්ස ථෙරස‍්ස පච‍්චුග‍්ගමනං කත්‍වා වන්‍දිත්‍වා පුරක‍්ඛත්‍වා ගෙහං පවෙසෙසි. අථ මහාරහකප‍්පියපච‍්චත්‍ථරණඅත්‍ථතෙසු ආසනෙසු ථෙරෙ ච භික‍්ඛූසු ච නිසින‍්නෙසු ගන්‍ධපුප‍්ඵධූපෙහි පූජං කත්‍වා පණීතෙන අන‍්නපානෙන තෙ සන‍්තප‍්පෙත්‍වා සඤ‍්ජාතප‍්පසාදො කතඤ‍්ජලී අනුමොදනං සුණිත්‍වා කතභත‍්තානුමොදනෙ ථෙරෙ ගච‍්ඡන‍්තෙ පත‍්තං ගහෙත්‍වා අනුගච‍්ඡන‍්තො නගරතො නික‍්ඛමිත්‍වා පටිනිවත‍්තන‍්තො “භන‍්තෙ, තුම‍්හෙහි නිච‍්චං මම ගෙහං පවිසිතබ‍්බ”න‍්ති යාචිත්‍වා ථෙරස‍්ස අධිවාසනං ඤත්‍වා නිවත‍්ති. එවං සො ථෙරං උපට‍්ඨහන‍්තො තස‍්ස ඔවාදෙ පතිට‍්ඨාය සොතාපත‍්තිඵලං පාපුණි, විහාරඤ‍්ච කාරෙසි, සබ‍්බෙ ච අත‍්තනො ඤාතකෙ සාසනෙ අභිප‍්පසන‍්නෙ අකාසි.

හෙතෙම දෙවන දවස්හි උදෑසනම ප්‍රණීත වූ ආහාර පාන පිළියෙළ කොට කල් දන්වා, භික්ෂූන් සමග වැඩිය තෙරුන් වහන්සේට පෙර ගමන් කොට, වැඳ උන්වහන්සේ පෙරටු කොට ගෙට වැඩමවීය. ඉක්බිති මහා වටිනා කැප පලස් අතුළ ආසනයෙහි ස්ථවිරයන් හා භික්ෂූන් ද වැඩහුන් කල්හි ගඳදුම්, මල්, පහන් ආදියෙන් පුජා කොට ප්‍රණීත වූ ආහාර පානාදියෙන් වළඳවා පැහැදුණු සිතැත්තේ ඇඳිලිබැඳ අනුමෝදනාව අසා කරන ලද භුක්තානුමෝදනාවෙන් පසුව තෙරුන් ගිය කල්හි පාත්‍රය රැගෙන අනුව යන්නේ නගරයෙන් නික්මී, නැවතී කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේලා නිතර මගේ ගෙදරට වැඩිය යුතුයයි ආයාචනා කොට තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සෝවාන් ඵලයට පැමිණියේය. හෙතෙම විහාරයක් ද කරවීය. තමන්ගේ සියළු ඤාතීන් සසුන් කෙරෙහි පහන් සිත් ඇත්තවුන් කළහ.

මාතා පනස‍්ස මච‍්ඡෙරමලපරියුට‍්ඨිතචිත‍්තා හුත්‍වා එවං පරිභාසි – “යං ත්‍වං මම අනිච‍්ඡන‍්තියා එව සමණානං අන‍්නපානං දෙසි, තං තෙ පරලොකෙ ලොහිතං සම‍්පජ‍්ජතූ”ති. එකං පන මොරපිඤ‍්ඡකලාපං විහාරමහදිවසෙ දිය්‍යමානං අනුජානි. සා කාලං කත්‍වා පෙතයොනියං උප‍්පජ‍්ජි, මොරපිඤ‍්ඡකලාපදානානුමොදනෙන පනස‍්සා කෙසා නීලා සිනිද‍්ධා වෙල‍්ලිතග‍්ගා සුඛුමා දීඝා ච අහෙසුං. සා යදා ගඞ‍්ගානදිං “පානීයං පිවිස‍්සාමී”ති ඔතරති, තදා නදී ලොහිතපූරා හොති. සා පඤ‍්චපණ‍්ණාස වස‍්සානි ඛුප‍්පිපාසාභිභූතා විචරිත්‍වා එකදිවසං කඞ‍්ඛාරෙවතත්‍ථෙරං ගඞ‍්ගාය තීරෙ දිවාවිහාරං නිසින‍්නං දිස‍්වා අත‍්තානං අත‍්තනො කෙසෙහි පටිච‍්ඡාදෙත්‍වා උපසඞ‍්කමිත්‍වා පානීයං යාචි. තං සන්‍ධාය වුත‍්තං –

එහෙත් ඔහුගේ මව වනාහි මසුරු මලයෙන් පීඩිත වූ සිත් ඇත්තීව මෙසේ පරිභව කළාය. යම්හෙයකින් නුඹ මා අකමැති කල්හිම මහණුන්ට කෑම් බීම් දෙයි. ඒ ආහාර පාන නුඹට පරලොවදී ලේ වී ඉපදේවා. විහාර පුජා දවසෙහි එක් මොනර පිල් මිටියක් දීමට අවසර දුන්නේය. ඕ තොමෝ කළුරිය කොට ප්‍රේත යෝනියෙහි උපන්නේය. මොනර පිල් මිටියක් දන් දුන් පින අනුමෝදන් වීමෙන්, ඒ ප්‍රේතියගේ කේශයෝ නිල් වූයේ සිනිදු වූයේ වෙළුණු අග ඇතිව සියුම්ව දිගට වැඩුණි. ඕ තොමෝ යම් විටක ගංගා නම් ගඟට පැන් බීම පිණිස බැස්සේ ද? එකල්හි නදිය ලෙයින් පිරේ. ඕ පණස් පස් වසක් සා පිපාසාවෙන් හැසිර එක් දවසක් කඞ්ඛාරේවත ස්ථවිරයන් ගංගා තීරයෙහි දිවා විහරණයෙහි වැඩ හිඳිනු දැක තමන්ගේ කෙස්වලින් ශරීරය වසාගෙන තෙරුන් වෙත එළඹ බීමට පැන් ඉල්ලුවාය.

“දිවාවිහාරගතං භික‍්ඛුං, ගඞ‍්ගාතීරෙ නිසින‍්නකං; තං පෙතී උපසඞ‍්කම‍්ම, දුබ‍්බණ‍්ණා භීරුදස‍්සනා.

දුර්වර්ණ වූ බියකරු දැකුම් ඇති, ඒ ප්‍රේතිය, ගං තෙරෙහි දිවා විහරණයට පැමිණි ඒ භික්ෂුව වෙත එළඹියාය.

“කෙසා චස‍්සා අතිදීඝා, යාවභූමාවලම‍්බරෙ; කෙසෙහි සා පටිච‍්ඡන‍්නා, සමණං එතදබ්‍රවී”ති. –

ඉතා දික් වූ හිසකෙස් බිම දක්වා එල්බෙත්. ඒ කේශයන්ගෙන් විළි වසාගත් ප්‍රේතිය භික්ෂුවට මෙසේ කීවාය.

ඉමා ද‍්වෙ ගාථා සඞ‍්ගීතිකාරකෙහි ඉධ ආදිතො ඨපිතා.

මේ ගාථා දෙක සංගිති කාරකයන් විසින් මෙහි යොදන ලද්දේය.

තත්‍ථ භීරුදස‍්සනාති භයානකදස‍්සනා. “රුද‍්දදස‍්සනා”ති වා පාඨො, බීභච‍්ඡභාරියදස‍්සනාති අත්‍ථො. යාවභූමාවලම‍්බරෙති යාව භූමි, තාව ඔලම‍්බන‍්ති. පුබ‍්බෙ “භික‍්ඛු”න‍්ති ච පච‍්ඡා “සමණ”න‍්ති ච කඞ‍්ඛාරෙවතත්‍ථෙරමෙව සන්‍ධාය වුත‍්තං.

එහි භීරුදස්සනා භයානක දැකුම් ඇති, කිපුණු පෙනීම් ඇති, රුද්දදස්සනා යනුවෙන් ද පාඨයකි. පිළිකුල් සහගත දකුම් ඇති. යාවභුමාච ලම්බරෙ - පොළව දක්වා දිගට එල්බ පුබ්බෙ භික්‍ඛුන්ති - ච පච්ඡා සමණා කඞ්ඛාරේවත ස්ථවිරයන් සදහා කියන ලදී.

සා පන පෙතී ථෙරං උපසඞ‍්කමිත්‍වා පානීයං යාචන‍්තී –

ඒ ප්‍රේතී තොමෝ තෙරුන් වෙත පැමිණ පැන් ඉල්වත්.

“පඤ‍්චපණ‍්ණාස වස‍්සානි, යතො කාලකතා අහං; නාභිජානාමි භුත‍්තං වා, පීතං වා පන පානියං; දෙහි ත්‍වං පානියං භන‍්තෙ, තසිතා පානියාය මෙ”ති. – ඉමං ගාථමාහ;

ස්වාමීනි! මම යම් දවසක කළුරිය කළෙමි ද? එතැන්පටන් වසර පනස් පහක් මුළුල්ලෙහි, කෑමක් හෝ බීමක් හෝ නො දනිමි. නො ලදිමි. පිපාසයෙන් මිරිකෙමි පැන් ටිකක් සොයා ඇවිදින මට ස්වාමීනි පැන් ටිකක් දුනමැනවි.

තත්‍ථ නාභිජානාමි භුත‍්තං වාති එවං දීඝමන‍්තරෙ කාලෙ භොජනං භුත‍්තං වා පානීයං පීතං වා නාභිජානාමි, න භුත‍්තං න පීතන‍්ති අත්‍ථො. තසිතාති පිපාසිතා. පානියායාති පානීයත්‍ථාය ආහිණ‍්ඩන‍්තියා මෙ පානීයං දෙහි, භන‍්තෙති යොජනා.

[missing trans] තසිතා යනු පිපාසිත බවයි. පානියායා - යනු වතුර ටිකක් බීම පිණිස ඇවිදින්නා වූ මට පැන් ටිකක් දෙන්න හාමුදුරුවනේ!

ඉතො පරං –

මෙයින් පසු -

“අයං සීතොදිකා ගඞ‍්ගා, හිමවන‍්තතො සන්‍දති; පිව එත‍්තො ගහෙත්‍වාන, කිං මං යාචසි පානියං.

සිහිල් දිය ඇති මේ ගංගාව හිමාලයේ සිට ගලා එයි. මේ ගඞ්ගා නම් ගඟෙන් වතුර ගෙන බොව! මගෙන් කුමකට ඉල්ලන්නේ ද?

“සචාහං භන‍්තෙ ගඞ‍්ගාය, සයං ගණ‍්හාමි පානියං; ලොහිතං මෙ පරිවත‍්තති, තස‍්මා යාචාමි පානියං.

ස්වාමීනි! ඉදින් මම ගංගා නම් ගඟෙන් මමම පැන් ගන්නේ නම්, එවිට මේ ගඟේ වතුර ලේ බවට පෙරලේ. එහෙයින් මම පැන් ඉල්ලා සිටිමි.

“කිං නු කායෙන වාචාය, මනසා දුක‍්කටං කතං; කිස‍්සකම‍්මවිපාකෙන, ගඞ‍්ගා තෙ හොති ලොහිතං.

ඔබ කය වචනය සිත යන තුන් දොරින් කිනම් අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් ගඞ්ගා නදියේ ජලය තිට ලේ වන්නේ ද?

“පුත‍්තො මෙ උත‍්තරො නාම, සද‍්ධො ආසි උපාසකො; සො ච මය‍්හං අකාමාය, සමණානං පවෙච‍්ඡති.

මාගේ පුතා උත්තර නම් විය. ඔහු මහත් ශ්‍රද්ධා ඇති උපාසකයෙක් වූයේය. ඔහු භික්ෂූන්ට දන් දෙද්දී මගේ අකමැත්ත විරුද්ධත්වය පළ කෙළෙමි.

“චීවරං පිණ‍්ඩපාතඤ‍්ච, පච‍්චයං සයනාසනං; තමහං පරිභාසාමි, මච‍්ඡෙරෙන උපද‍්දුතා.

ඔහු භික්ෂූන්ට සිවුරු ද පිණ්ඩපාතය ද, ගිලන්පස ද, සෙනසුන් ද දුන්නේය. මසුරු මළයෙන් පිඩිත වී ඒ පින්කම් කෙරෙහි පරිභව කළෙමි අපහාස කළෙමි.

“යං ත්‍වං මය‍්හං අකාමාය, සමණානං පවෙච‍්ඡසි; චීවරං පිණ‍්ඩපාතඤ‍්ච, පච‍්චයං සයනාසනං.

මා අකමැත්තෙන් නුඹ ශ්‍රමණයන්ට ආහාර, සිවුරු, ගිලන්පස, සේනාසන දෙන්නේ ද?

“එතං තෙ පරලොකස‍්මිං, ලොහිතං හොතු උත‍්තර; තස‍්සකම‍්මවිපාකෙන, ගඞ‍්ගා මෙ හොති ලොහිත”න‍්ති. –

උත්තර (නම් පුත්‍රය) මේ සියලු පූජාවන්ම සංසාරයේ දී ඔබට ලේ වේවායි (මම පරිභව කළෙමි) ඒ අකුසල කර්මයෙන් මට ගඞ්ගා නදියේ ජලය ද ලේ වන්නේය.

ඉමා ථෙරස‍්ස ච පෙතියා ච වචනපටිවචනගාථා.

මේ තෙරුන්ගේ හා ප්‍රේතියගේ වචන හා ප්‍රතිවචන වෙයි.

තත්‍ථ හිමවන‍්තතොති මහතො හිමස‍්ස අත්‍ථිතාය “හිමවා”ති ලද‍්ධනාමතො පබ‍්බතරාජතො. සන්‍දතීති පවත‍්තති. එත‍්තොති ඉතො මහාගඞ‍්ගාතො. කින‍්ති කස‍්මා මං යාචසි පානීයං, ගඞ‍්ගානදිං ඔතරිත්‍වා යථාරුචි පිවාති දස‍්සෙති.

එහි හිමවන්තතො - විශාල වශයෙන් හිම ඇති බැවින් හිමවන්ත වේ. හිමවත් යයි නම් ලද පර්වත රාජයායි. සන්‍දති - ගලාබසී, පවතී එත්තො යනු මේ මහා ගංගාවෙන්, කිං යනු කුමක් හෙයින් මගෙන් පැන් ඉල්ලන්නෙ ද මේ ගඞ්ගා නදියට බැස කැමති පරිද්දෙන් බීමට හැකිනේදැයි දක්වයි.

ලොහිතං මෙ පරිවත‍්තතීති උදකං සන්‍දමානං මය‍්හං පාපකම‍්මඵලෙන ලොහිතං හුත්‍වා පරිවත‍්තති පරිණමති, තාය ගහිතමත‍්තං උදකං ලොහිතං ජායති.

ලොහිතං මෙ පරිවත්තතී යනු ගලායන ජලය මගේ පාප කර්ම වසයෙන් ලේ බවට පරිවර්තනය වෙයි. එයින් අතට ගන්නා වූ ජලයත් ලේ ම වන්නේය.

මය‍්හං අකාමායාති මම අනිච‍්ඡන‍්තියා. පවෙච‍්ඡතීති දෙති. පච‍්චයන‍්ති ගිලානපච‍්චයං. එතන‍්ති යං එතං චීවරාදිකං පච‍්චයජාතං සමණානං පවෙච‍්ඡසි දෙසි, එතං තෙ පරලොකස‍්මිං ලොහිතං හොතු උත‍්තරාති අභිසපනවසෙන කතං පාපකම‍්මං, තස‍්ස විපාකෙනාති යොජනා.

මය්හං අකාමායා - මගේ නොකැමැත්ත පිට, (විරුද්ධත්වය පිට) පචෙච්චති - දෙයි පච්චයං - යනු ගිලන්පස යමෙතං යනු ශ්‍රමණයන්ගේ මේ චීවරාදී සිව්පසය, පචෙච්ඡසී - දෙයි. එතං තෙ පරලොකස්මිං ලොහිතං හොතු උත්තර යනු ශාප කිරීම් වශයෙන් කරන ලද පාප කර්මය. ඒ පාප කර්මයේ විපාක ඵල දීමයි.

අථායස‍්මා රෙවතො තං පෙතිං උද‍්දිස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පානීයං අදාසි, පිණ‍්ඩාය චරිත්‍වා භත‍්තං ගහෙත්‍වා භික‍්ඛූනමදාසි, සඞ‍්කාරකූටාදිතො පංසුකූලං ගහෙත්‍වා ධොවිත්‍වා භිසිඤ‍්ච චිමිලිකඤ‍්ච කත්‍වා භික‍්ඛූනං අදාසි, තෙන චස‍්සා පෙතියා දිබ‍්බසම‍්පත‍්තියො අහෙසුං. සා ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අත‍්තනා ලද‍්ධදිබ‍්බසම‍්පත‍්තිං ථෙරස‍්ස දස‍්සෙසි. ථෙරො තං පවත‍්තිං අත‍්තනො සන‍්තිකං උපගතානං චතුන‍්නං පරිසානං පකාසෙත්‍වා ධම‍්මකථං කථෙසි. තෙන මහාජනො සඤ‍්ජාතසංවෙගො විගතමලමච‍්ඡෙරො හුත්‍වා දානසීලාදිකුසලධම‍්මාභිරතො අහොසීති. ඉදං පන පෙතවත්‍ථු දුතියසඞ‍්ගීතියං සඞ‍්ගහං ආරුළ‍්හන‍්ති දට‍්ඨබ‍්බං.

එකල්හි ආයුෂ්මත් කඞ්ඛා රේවත ස්ථවිරයෝ ඒ ප්‍රේතිය උදෙසා භික්ෂු සංඝයා වෙත පැන් පිරිනැමීය. පිඬු පිණිස හැසිර බත් ගෙන භික්ෂු සංඝයාට පූජා කළේය. කසළ ගොඩවල් වැනි තැන්වලින් පාංසුකූල රෙදි ගෙන සෝදා බිම ඇතිරිම සඳහා ද කොට්ටඋර ආදිය සඳහා ද භික්ෂූන්ට පුජා කළේය. ඒ හේතුවෙන් ඒ ප්‍රේතිය දිව්‍ය සම්පත් ලදහ. ඈ ස්ථවිරයන් වෙත පැමිණ තමන් විසින් ලද දිව්‍ය සම්පත්තිය තෙරුන්ට දැක්වීය. ස්ථවිරයන් වහන්සේ ඒ පුවත තමන් සමීපයට පැමිණි සිව් පිරිසට ප්‍රකාශකොට ධර්ම කථාව වදාළේය. ඒ මහජනයා හටගත් සංවේග ඇතිව මසුරු මළ දුරුකොට දශකුශල ක්‍රියාවන්හි ද ධර්මයෙහි ද ඇලුණේ වූහ. මේ ප්‍රේත වස්තු දෙවැනි සංගායනාවේ දී සඞ්ගායනා කරන ලද බව දතයුතුයි.

උත‍්තරමාතුපෙතිවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තර මාතා පේතවත්‍ථු වර්ණනාව නිමියේය.