යෙදුමෙන් කියවන්න

චුල‍්ලසෙට‍්ඨිපෙතවත්‍ථු අට‍්ඨමං

2. 8.

2. 8.

(අජාසත් රජ ප්‍රේතයා දැක:)

247. නග‍්ගො කිසො පබ‍්බජිතොසි භන‍්තෙ, රත‍්තිං කුහිං ගච‍්ඡසි කිස‍්ස හෙතු, ආචික‍්ඛ මෙ තං අපි සක‍්කුණෙමු සබ‍්බෙන චිත‍්තං පටිපාදයෙ තුවං.

247. වහන්ස, තෙපි නග්න වූ කෘශ වූ පැවිද්දෙක් වවු. කුමක් සඳහා මේ රෑ කොහි යවු ද? ඒ කරුණ මට කියවු. මට හැකි නම් තොපට හැමදෙයින් වස්තුව සපයමි.

(ප්‍රේතයා:)

248. බාරාණසීනගරං දූරඝුට‍්ඨං තත්‍ථාහං ගහපති අඩ‍්ඪකො දීනො, අදාතා ගෙධිතමනො ආමිසස‍්මිං දුස‍්සීල්‍යෙන යමවිසයම‍්හී පත‍්තො.

248. සියලුතන්හි පතළ බරණැස් නම් නුවරෙක් ඇත. එහි මම මහත් සම්පත් ඇති, පහත් සිත් ඇති, දන් නොදෙනසුලු කාමාමිෂයෙහි ගිජුසිත් ඇති ගැහැවියෙක් වීමි. දුසිල්බව නිසා ප්‍රේතලෝකයට පැමිණියෙමි.

249. සො සූචිකාය කිලමිතො තෙහි තෙනෙව ඤාතීසු යාමි ආමිසහෙතුං, අදානසීලා න ච සද‍්දහන‍්ති දානඵලං හොති පරම‍්හි ලොකෙ.

249. ඒ මම ඒ පව්කම් නිසා ඉදිකටුවලින් විදින්නාක් වැනි සාගින්නෙන් පෙළුණෙම් වෙමි. එහෙයින් ම අහරක් පතා නෑයන් වෙත යමි. දන් නො දෙන සුලු අය (මා මෙන්) පරලොවැදී දානයෙහි විපාකයෙක් ඇතැ යි නො අදහත්.

250. ධීතා ච මය‍්හං ලපතෙ අභික‍්ඛණං දස‍්සාමි දානං පිතුනං පිතාමහානං, උපක‍්ඛටං පරිවිසයන‍්ති බ්‍රාහ‍්මණෙ යාම්‍යහං අන්‍ධකවින්‍දං භොත‍්තුන‍්ති.

250. මාගේ දියැණියෝ ද “මවුපියනට හා මුතුන් මීමුතුනට ද දන් දෙමි”යි නිතර කථා කරති. පිළියෙළ කරන ලද්ද බමුණන් වළඳවති.

251. තමවොච රාජා අනුභවියාන තම‍්පි එය්‍යාසි ඛිප‍්පං අහම‍්පි කරිස‍්සං පූජං, ආචික‍්ඛ මෙ තං යදි අත්‍ථි හෙතු සද‍්ධායිතං හෙතුවචො සුණොමි.

251. රජ තෙමේ ඒ ප්‍රේතයාට මෙසේ කීය. ඒ අහර ද වළඳා වහා එව. මම ද පූජාවක් කරමි. ඉඳින් යම් කරුණක් ඇත් නම්, ඇදහිය යුතු වූ ඒ සහේතුක වචනය මට කියව. මම එය අසමි.

252. තථාති වත්‍වා අගමාසි තත්‍ථ භුංඤ‍්ජිසු භත‍්තං න ච පන දක‍්ඛිණාරහා, පච‍්චාගමි රාජගහං පුනාපරං පාතුරහොසි පුරතො ජනාධිපස‍්ස

252. “එසේයැ”යි කියා (හේ) දන්දෙන තැනට ගියේය. බමුණෝ බත් වැළඳූහ. නැවත හේ දෙවන වර රජගහ නුවරට පෙරළා පැමිණියේ ය. රජු ඉදිරියෙහි පහළ විය.

253. දිස‍්වාන පෙතං පුනරෙව ආගතං රාජා අවොච අහම‍්පි කිං දදාමි, ආචික‍්ඛ මෙ තං යදි අත්‍ථි හෙතු යෙන තුවං චිරතරං පීණිතො සියාති.

253. රජ තෙමේ නැවත පැමිණි ඒ ප්‍රේතයා දැක “යම් හේතුවකින් තෙපි ඉතා දිගුකලක් තෘප්ත වවු ද. ඉදින් එබඳු හේතුවක් ඇත් නම් එය මට කියවු මම ද කිසිවක් දෙමි”යි කී ය.

(ප්‍රේතයා:)

254. බුද‍්ධඤ‍්ච සඞ‍්ඝං පරිවිසියාන රාජ අන‍්නෙන පානෙනපි චීවරෙන. තං දක‍්ඛිණං ආදිස මෙ හිතාය එවං අහං චිරතරං පීණිතො සියා.

254. රජතුමනි, බුදුන් ද සඟන ද ආහාරයෙන් හා පානයෙන් ද වළඳවා සිවුරින් පුදා ඒ පින මට හිත පිණිස දුන මැනවි. එසේ කළ කලැ මම චිරකලක් තෘප්ත වෙමි.

255. තතො ච රාජා නිපතිත්‍වා තාවදෙ දානං සහත්‍ථා අතුලං දදිත්‍වා සඞ‍්ඝෙ, ආරොචයී පකතිං තථාගතස‍්ස තස‍්ස ච පෙතස‍්ස දක‍්ඛිණං ආදිසිත්‍ථ.

255. එබසට අනතුරුව රජ තෙමේ එකෙණෙහි ම පහයෙන් නික්මැ මහත් දනක් සියතින් සඟනට දී ඒ සියලු පුවත බුදුන්ට කී ය. ඒ ප්‍රේතයාට ද පින් දුන්නේ ය.

256. සො පූජිතො අතිවිය සොභමානො පාතුරහොසි පුරතො ජනාධිපස‍්ස, යක‍්ඛොහමස‍්මි පරිමිද‍්ධිප‍්පත‍්තො න මය‍්හමිද‍්ධිසමසදිසා මනුස‍්සා.

256. මෙසේ පුදන ලද ඒ ප්‍රේතයා දෙව්සිරින් අතිශයින් වොරජමින් රජු ඉදිරියෙහි පහළ විය. (මෙසේද කී ය:) මම පරමිසුරට පත් දෙවියෙක්මි මගේ ඉසුරට සම ඉසුරු ඇති මිනිස්සු නැත්තාහ.

257. පස‍්සානුභාවං අපරිමිතං මමෙදං තයානුද‍්දිට‍්ඨං අතුලං දදිත්‍වා සඞ‍්ඝෙ, සන‍්තප‍්පිතො සතතං සදා බහූහි යාම්‍යහං සුඛිතො මනුස‍්සදෙවා’ති.

257. මාගේ මේ අපරිමිත අනුභාවය බලන්න. තොප විසින් සඟනට මහදන් දී මට පින් දෙන ලද. නරදේවය, හැම කල්හි බොහෝ දානවස්තුයෙන් නිතර තෘප්ත කරන ලද මම සුවපත් වූයෙම් යන්නෙමි.

චුල‍්ලසෙට‍්ඨිපෙතවත්‍ථු අට‍්ඨමං.

චුල්ලසෙට්ඨි ප්‍රේතවස්තු යි.

භාණවාරං පඨමං.

පළමුවන බණවර නිමි.