කන්‍ථක විමානං
7. 7.
7. 7.
1172. පුණ‍්ණමාසෙ යථා චන්‍දො නක‍්ඛත‍්තපරිවාරිතො, සමන‍්තා අනුපරියාති තාරකාධිපතී සසී.
1172. තාරකාවන්ට අධිපති වූ සස ලකුණු ඇත්තා වූ තාරකාවන් විසින් පිරිවරන ලද පුරපසළොස්වක් හි චන්‍ද්‍රයා යම්සේ හාත්පස වටා ඇවිදී ද,
1173. තථූපමං ඉදං ව්‍යම‍්හං දිබ‍්බං දෙවපුරම‍්භි ච. අතිරොචති වණ‍්ණෙන උදයන‍්තොව රංසිමා.
1173. එබඳු වූ මේ දිව්‍යවිමානය ද උදාහිරුමෙන් දෙව්ලොවැ පැහැයෙන් අතිශයින් බබළයි.
1174. වෙළුරියසුවණ‍්ණස‍්ස ඵලිකා රූපියස‍්ස ච. මසාරගල‍්ලමුත‍්තාහි ලොහිතඞ‍්කමණීහි ච.
1174-1175. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදීයෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. වෙරළුමිණියෙන් අතුරන ලද වෙයි. සිත්කලු වූ යහපත් වූ කුළු ගෙවල් ද වෙයි. මෙසෙයින් තාගේ පහය මැනවින් මැවුණේ වේ.
1175. චිත්‍රා මනොරමා භූමි වෙළුරියස‍්ස සන්‍ථතා, කූටාගාරා සුභා රම‍්මා පාසාදො තෙ සුමාපිතො.
1176. රම‍්මා ච තෙ පොක‍්ඛරණී පුථුලොමනිසෙවිතා, අච‍්ඡොදිකා විප‍්පසන‍්නා සොණ‍්ණවාලුකසන්‍ථතා.
1176-77. දිවමසුන් විසින් සෙවුනා ලද නිර්‍මල ජලය ඇති වෙසෙසින් පහන් වූ රුවන්වැලි ඇතුරූ නොයෙක් පියුමෙන් ගැවැසීගත් හෙළ පියුමෙන් හාත්පස පැතුරුණු පවනින් කම්පිත වූ මනරම් වූ තාගේ පොකුණු මනා සුවඳ වහනය කෙරේ.
1177. නානාපදුම සඤ‍්ඡන‍්නා පුණ‍්ඩරීකසමොතතා සුරභිං සම‍්පවායන‍්ති මනුඤ‍්ඤා මාළුතෙරිතා.
1178. තස‍්සා තෙ උභතො පස‍්සෙ වනගුම‍්බා සුමාපිතා, උපෙතා පුප‍්ඵරුක‍්ඛෙහි ඵලරුක‍්ඛෙහි චූභයං.
1178. තාගේ ඒ පොකුණු දෙපස මල්රුකින් හා පලරුකින් යුක්ත වූ වනලැහැබ්හු මවනලදහ.
1179. සොවණ‍්ණපාදෙ පල‍්ලඞ‍්කෙ මුදුකෙ චොලසන්‍ථතෙ, නිසින‍්නං දෙවරාජංව උපතිට‍්ඨන‍්ති අච‍්ඡරා.
1179. රන්වන් පා ඇති දිවසළු අතුළ මොළොක් වූ පලඟෙහි සක්දෙව් රජු මෙන් හුන්නා වූ තා වෙත දිව්‍යාප්සරාවෝ එළඹ සිටිත්.
1180. සබ‍්බාභරණසඤ‍්ඡන‍්නා නානාමාලා විභූසිතා, රමන‍්ති තං මහිද‍්ධිකං වසවත‍්තීව මොදසි.
1180. සියලු අබරණින් වැසුණු නන්වන් මලින් සැරැහුණු ඒ දිව්‍යාප්සරාවෝ මහත් ඍද්ධි ඇති තා සතුටු කරවත්. (ඒ තෝ) වසවත් දෙව්රජහු මෙන් සතුටු වෙහි.
1181. භෙරිසඞ‍්ඛමුදිඞ‍්ගාහි වීණාහි පණවෙහි ච, රමසි රතිසම‍්පන‍්නො නච‍්චගීතෙ සුවාදිතෙ.
1181. දේවරතියෙන් යුක්ත වූ (තෝ) බෙර සක් මිහිඟුයෙන් ද වීණායෙන් හා පණාබෙරින් ද නැටුම් ගැයුම් මැනවින් පවත්නා කල්හි සිත් අලවා වෙසෙහි.
1182. දිබ‍්බා තෙ විවිධා රූපා දිබ‍්බා සද‍්දා අථො රසා, ගන්‍ධා ච තෙ අධිප‍්පෙතා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා.
1182. තා විසින් කැමතිවන ලද මනරම් වූ නන්වැදෑරුම් වූ දිව්‍යමය රූපයෝ ද දිව්‍යමය ශබ්දයෝ ද නැවැත දිව්‍යමය රසයෝ ද දිව්‍යමය සුගන්‍ධයෝ ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෝ ද තට ඇත්තාහ.
1183. තස‍්මිං විමානෙ පවරෙ දෙවපුත‍්ත මහප‍්පභො, අතිරොචසි වණ‍්ණෙන උදයන‍්තොව භානුමා.
1183. (එම්බා) දේව පුත්‍රය, (තෝ) ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇති වැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.
1184. දානස‍්ස තෙ ඉදං ඵලං අථො සීලස‍්ස වා පන, අථො අඤ‍්ජලිකම‍්මස‍්ස තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති.
1184. (එම්බා දේවපුත්‍රය,) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද? නැතහොත් සීලයක්හුගේ ද නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
1185. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.
1185. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසී ය.
1186. අහං කපිලවත්‍ථුස‍්මිං සාකියානං පුරුත‍්තමෙ, සුද‍්ධොදනස‍්ස පුත‍්තස‍්ස කන්‍ථකො සහජො අහං.
1186. (වහන්ස) මම (පෙරැ) ශාක්‍යයන්ගේ උතුම් වූ පුරය වූ කපිල වස්තුයෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජ වූ කන්‍ථක අශ්වයා වීමි.
1187. යදා සො අඩ‍්ඪරත‍්තායං බොධාය මභිනික‍්ඛමි, සො මං මුදූහි පාණීහි ජාලතම‍්බනඛෙහි ච.
1187-88. යම් කලෙක ඒ සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේ ද එකල්හි හෙතෙමේ ජාලහත්‍ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යව යි කී ය.
1188. සත්‍ථිං ආකොටයිත්‍වාන වහ සම‍්මාති ච බ්‍රවී, අහං ලොකං තාරයිස‍්සං පත‍්තො සම‍්බොධිමුත‍්තමං.
1189. තං මෙ ගිරං සුණන‍්තස‍්ස හාසො මෙ විපුලො අහු, උදග‍්ගචිත‍්තො සුමනො අභිසිංසිං තදා අහං.
1189. මා ඒ වචනය අසත් ම මට මහත් වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තා වූ එසේ ම සතුටුසිත් ඇත්තා වූ මම එය ආදරයෙන් පිළිගතිමි.
1190. අභිරූළ‍්හඤ‍්ච මං ඤත්‍වා සක්‍යපුත‍්තං මහායසං, උදග‍්ගචිත‍්තො මුදිතො වහිස‍්සං පුරිසුත‍්තමං
1190. මහායසස් ඇති ශාක්‍යපුත්‍ර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැති වැ සොම්නස් වැ ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියෙමි.
1191. පරෙසං විජිතං ගන‍්ත්‍වා උග‍්ගතස‍්මිං දිවාකරෙ, මමං ඡන‍්නඤ‍්ච ඔහාය අනපෙක‍්ඛො සො අපක‍්කමි.
1191. ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදා වූ කල්හි මා ද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිත ව බැහැර ගියේ ය.
1192. තස‍්ස තම‍්බනඛෙ පාදෙ ජිව‍්හාය පරිලෙහිසං, ගච‍්ඡන‍්තඤ‍්ච මහාවීරං රුදමානො උදික‍්ඛිසං.
1192. (මම) ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙවීමි. යන්නා වූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි.
1193. අදස‍්සනෙනහං තස‍්ස සක්‍යපුත‍්තස‍්ස සිරීමතො, අලත්‍ථං ගරුකාබාධං ඛිප‍්පං මෙ මරණං අහු.
1193. ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නො දැක්මෙන් (මම) මරණාන්තික රෝගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.
1194. තස‍්සෙව අනුභාවෙන විමානං ආවසාමිදං, සබ‍්බකාමගුණොපෙතං දිබ‍්බං දෙවපුරම‍්භි ච
1194. ඒ පුණ්‍යකර්‍මයාගේ අනුභාවයෙන් (මම) තව්තිසා භවනයෙහි සියලු කම් සැපතින් යුක්ත වූ මේ විමානයෙහි වසමි.
1195. යඤ‍්ච මෙ අහුවා හාසො සද‍්දං සුත්‍වාන බොධියා, තෙනෙව කුසලමූලෙන ඵුසිස‍්සං ආසවක‍්ඛයං.
1195. බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්‍ෂයෙක් වී ද, ඒ කුසලමූලයෙන් ම නිවනට ද පැමිණෙන්නෙමි.
1196. සචෙ හි භන‍්තෙ ගච‍්ඡෙය්‍යාසි සත්‍ථු බුද‍්ධස‍්ස සන‍්තිකෙ, මමා පි නං වචනෙන සිරසා වජ‍්ජාසි වන්‍දනං.
1196. වහන්ස, ඉදින් ශාස්තෘ වූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන් ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.
1197. අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං ජිනං අප‍්පටිපුග‍්ගලං, දුල‍්ලභං දස‍්සනං හොති ලොකනාථාන තාදිනන‍්ති.
1197. සමාන පුද්ගලයෙක් නැත්තා වූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි. තාදී ගුණ ඇති ලොවට පිහිට වූ බුදුවරුන්ගේ දැකීම දුර්‍ලභ වෙයි.
1198. සො කතඤ‍්ඤූ කතවෙදී සත්‍ථාරං උපසඞ‍්කමි, සුත්‍වා ගිරං චක‍්ඛුමතො ධම‍්මචක‍්ඛුං විසොධයි.
1198. කළ ගුණ දන්නා වූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේ ය. හෙ තෙමේ පැනැස් ඇති බුදුන්ගේ ධර්‍මය අසා දහම් ඇස (සෝවාන් මග) පිරිසිදු කෙළේ ය.
1199. විසොධෙත්‍වා දිට‍්ඨිගතං විචිකිච‍්ඡං වතානි ච වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ තත්‍ථෙවන‍්තරධායථාති.
1199. ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයෝජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහි ම අතුරුදහන් වී ය.